නීවරණපබ්බවණ්ණනා අට්ඨකථා
නීවරණපබ්බවණ්ණනා
නීවරණපබ්බවණ්ණනා
එත්තාවතා යස්මා කායානුපස්සනාය රූපක්ඛන්ධපරිග්ගහොව කථිතො, වෙදනානුපස්සනාය වෙදනාක්ඛන්ධපරිග්ගහොව චිත්තානුපස්සනාය විඤ්ඤාණක්ඛන්ධපරිග්ගහොව තස්මා ඉදානි සම්පයුත්තධම්මසීසෙන සඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධපරිග්ගහම්පි කථෙතුං ධම්මානුපස්සනං දස්සෙන්තො කථඤ්ච භික්ඛූතිආදිමාහ. තත්ථ සන්තන්ති අභිණ්හසමුදාචාරවසෙන සංවිජ්ජමානං. අසන්තන්ති අසමුදාචාරවසෙන වා පහීනත්තා වා අවිජ්ජමානං. යථා චාති යෙන කාරණෙන කාමච්ඡන්දස්ස උප්පාදො හොති. තඤ්ච පජානාතීති තඤ්ච කාරණං පජානාති. ඉමිනා නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො.
මෙපමණකින් කායානුපස්සනාවේ රූපස්කන්ධ විමසීමද වේදනානුපස්සනාවේ වේදනාස්කන්ධය විමසීමද චිත්තානුපස්සනාවේ විඤ්ඤාණ ස්කන්ධ විමසීමද කියන ලදි. එහෙයින් දැන් සම්ප්‍රයුක්ත ධර්ම ශීර්ෂයෙන් සඤ්ඤා සංඛාර ස්කන්ධ විමර්ශනයද කීමට ධම්මානුපස්සනය දක්වන්නේ කථඤ්ච භික්ඛු ආදිය කීහ. එහි සන්ත යනු නිතර හැසිරීම් වශයෙන් විද්‍යමාන වූ. අසන්තං යනු නොහැසිරීම් වශයෙන් ප්‍රහීණ වූ හෝ අවිද්‍යමාන වූ. යථා චාති යම් කරුණකින් කාමච්ඡන්දය ඉපදුනේ වේ. තඤ්ච පජානාති යනු ඒ කරුණ දනීයයි යනුයි. මෙම නයින් සියළු පදවල අර්ථ දතයුතුය.
තත්ථ සුභනිමිත්තෙ අයොනිසොමනසිකාරෙන කාමච්ඡන්දස්ස උප්පාදො හොති. සුභනිමිත්තං නාම සුභම්පි සුභනිමිත්තං, සුභාරම්මණම්පි සුභනිමිත්තං. අයොනිසොමනසිකාරො නාම අනුපායමනසිකාරො උප්පථමනසිකාරො, අනිච්චෙ නිච්චන්ති වා දුක්ඛෙ සුඛන්ති වා අනත්තනි අත්තාති වා අසුභෙ සුභන්ති වා මනසිකාරො. තං තත්ථ බහුලං පවත්තයතො කාමච්ඡන්දො උප්පජ්ජති. තෙනාහ භගවා –
එහි සුභ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් කාමච්ඡන්දය ඉපදුනේ වේ. සුභ නිමිත්ත නම් සුභ දේද සුභ අරමුණද සුභ නිමිත්තය. නුනුවණින් මෙනෙහි කිරීම නම් උපාය රහිත සිහිකිරීමය. අමාර්ගයෙන් සිහිකිරීමය. අනිත්‍යයෙහි නිත්‍යයයි හෝ දුකෙහි සැපයයි හෝ අනාත්මයෙහි ආත්ම යයි හෝ අසුභයෙහි සුභයයි හෝ මෙනෙහි කිරීමය. එය එහි බහුල වශයෙන් පවතිනවිට කාමච්ඡන්දය උපදී. එහෙයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, සුභනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, සුභ නිමිත්තක් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දයේ ඉපදීම සඳහාද උපන් කාමච්ඡන්දයේ අධික වීම මහත්වීම සඳහා එයම හේතුවේ.”
අසුභනිමිත්තෙ පන යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. අසුභනිමිත්තං නාම අසුභම්පි අසුභනිමිත්තං, අසුභාරම්මණම්පි අසුභනිමිත්තං. යොනිසොමනසිකාරො නාම උපායමනසිකාරො පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා දුක්ඛෙ දුක්ඛන්ති වා අනත්තනි අනත්තාති වා අසුභෙ අසුභන්ති වා මනසිකාරො. තං තත්ථ බහුලං පවත්තයතො කාමච්ඡන්දො පහීයති. තෙනාහ භගවා –
අසුභ නිමිත්තෙහි නුවණින් මෙනෙහි කරන්නාට කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. අසුභ නිමිත්ත නම් අසුභ දේද අසුභ අරමුණද වේ. නුවණින් මෙනෙහි කිරීම නම් උපායෙන් හා මාර්ගයෙන් කරන මෙනෙහි කිරීමය. අනිත්‍යයෙහි අනිත්‍ය යයි හෝ දුකෙහි දුකයයි හෝ අනාත්මයෙහි අනාත්මයයි හෝ අසුභයෙහි අසුභය හෝ මෙනෙහි කිරීමය. එය එහි බහුල වශයෙන් පවතිනවිට කාමච්ඡන්දය ප්‍රහීණ වේ. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, අසුභනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය, වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දයේ නොඉපදීම් සඳහා උපන් කාමච්ඡන්දයේ ප්රහාණය සඳහා අධික නොවීම් සඳහා මහත් නොවීම සඳහා එයම හේතුවේ.”
අපිච ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්ති – අසුභනිමිත්තස්ස උග්ගහො, අසුභභාවනානුයොගො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, කල්යාණමිත්තතා, සප්පායකථාති. දසවිධඤ්හි අසුභනිමිත්තං උග්ගණ්හන්තස්සාපි කාමච්ඡන්දො පහීයති, භාවෙන්තස්සාපි; ඉන්ද්රියෙසු පිහිතද්වාරස්සාපි ; චතුන්නං පඤ්චන්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්වා යාපනසීලතාය භොජනෙ මත්තඤ්ඤුනොපි. තෙන වුත්තං –
තවද කරුණු සයක් කාමච්ඡන්දයේ ප්රහාණය පිණිස පවතී. අසුභ නිමිත්ත ඉගෙනීම, අසුභ භාවනාවෙහි යෙදීම, ඉන්ද්රියයන් සංවර කරගැනීම, භෝජනයෙහි පමණ දැනීම, කලණ මිතුරන් ඇති බව, සප්පාය කථා යන සයයි. දස ආකාරයකින් අසුභ නිමිත්ත ඉගෙන ගන්නාට ද කාමච්ඡන්දය ප්‍රහීන වේ. අසුභ භාවනාව වඩන්නාටද ඉඳුරන් හෝ දොරවල් වැසූ තැනැත්තාටද ප්‍රහීන වේ. සතර පස් පිඬක් කෑමට ඉඩ තබා පැන් පානය කොට යැපෙන පමණක් ආහාරයෙහි පමණ දැනීමද එයින් කියන ලදි.
“චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 983);
සතර පස් කටකට - ඉඩ තබා පැන්බීමෙන් විහරණය පහසුය - දුරුකළ මුනිපුත් තමා
අසුභකම්මිකතිස්සත්ථෙරසදිසෙ අසුභභාවනාරතෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි කාමච්ඡන්දො පහීයති; ඨානනිසජ්ජාදීසු දසඅසුභනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්තී”ති. ඉමෙහි පන ඡහි ධම්මෙහි පහීනස්ස කාමච්ඡන්දස්ස අරහත්තමග්ගෙන ආයතිං අනුප්පාදො හොතීති පජානාති.
අසුභකම්මික තිස්ස තෙරුන් සමාන වූ කල්‍යාණ මිත්‍රයකු ආශ්‍රය කරන්නාට ද කාමච්ඡන්දය ප්‍රහීන වේ. සිටින ස්ථානවලද දස අසුභ ආශ්රිත සත්පාය කථාවලින්ද ප්‍රහීන වේ. එයින් කියන ලදි. “ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහාණාය සංවත්තත්ති” මේ කරුණු සයෙන් ප්‍රහීන වූ කාමච්ඡන්දය අර්හත් මගින් ඉදිරියේ. නොඉපදීම වේයයි දැනගනී.
පටිඝනිමිත්තෙ අයොනිසොමනසිකාරෙන පන බ්යාපාදස්ස උප්පාදො හොති. තත්ථ පටිඝම්පි පටිඝනිමිත්තං නාම; පටිඝාරම්මණම්පි පටිඝනිමිත්තං. අයොනිසොමනසිකාරො සබ්බත්ථ එකලක්ඛණොව. තං තස්මිං නිමිත්තෙ බහුලං පවත්තයතො බ්යාපාදො උප්පජ්ජති. තෙනාහ භගවා –
පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය උපදී. එහි ගැටීමම පටිඝ නිමිත්තය. පටිඝ අරමුණ ද පටිඝ නිමිත්තය. නුනුවණින් මෙනෙහි කිරීම සියළු තන්හි එකම ලක්ෂණය වේ. එය එම නිමිත්තෙහි බහුලව පවත්වනවිට ව්‍යාපාදය උපදී. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, පටිඝනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් ව්‍යාපාදය ඉපදීමට උපන් ව්‍යාපාදය අධික වීම මහත් වීමට එයම හේතු වේ.”
මෙත්තාය පන චෙතොවිමුත්තියා යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. තත්ථ මෙත්තාති වුත්තෙ අප්පනාපි උපචාරොපි වට්ටති; චෙතොවිමුත්තීති අප්පනාව. යොනිසොමනසිකාරො වුත්තලක්ඛණොව. තං තත්ථ බහුලං පවත්තයතො බ්යාපාදො පහීයති. තෙනාහ භගවා –
චේතෝ විමුක්තියට මෛත්‍රිය හේතු වේ. නුවණින් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය ප්‍රහීන වේ. එහි මෙත්තා යයි කී කල අර්පණාවද උපචාරයද වටී. චේතෝ විමුක්ති යයි යන අර්පණාව නුවණින් මෙනෙහි කිරීමෙහි කියන ලද ලක්ෂණ එහි බහුලව පැවැත්වීමෙන් ව්‍යාපාදය ප්‍රහීන වේ. එයින් භගවත්හු කීහ.
“අත්ථි , භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය, වෙපුල්ලායා”ති (සං· නි· 5.232 ථොකං විසදිසං).
“මහණෙනි, මෙත්තා චෙතො විමුක්තියක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් ව්‍යාපාදයේ නොඉපදීම සඳහා උපන් ව්‍යාපාදයේ ප්රහාණය සඳහා අධික නොවීමට මහත් නොවීමට එයම හේතු වේ.”
අපිච ඡ ධම්මා බ්යාපාදස්ස පහානාය සංවත්තන්ති – මෙත්තානිමිත්තස්ස උග්ගහො, මෙත්තාභාවනානුයොගො, කම්මස්සකතාපච්චවෙක්ඛණා, පටිසඞ්ඛානබහුලීකතා , කල්යාණමිත්තතා, සප්පායකථාති. ඔදිස්සකානොදිස්සකදිසාඵරණානඤ්හි අඤ්ඤතරවසෙන මෙත්තං උග්ගණ්හන්තස්සාපි බ්යාපාදො පහීයති. ඔධිසො අනොධිසො දිසාඵරණවසෙන මෙත්තං භාවෙන්තස්සාපි. ‘ත්වං එතස්ස කුද්ධො කිං කරිස්සසි, කිමස්ස සීලාදීනි විනාසෙතුං සක්ඛිස්සසි? නනු ත්වං අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනො කම්මෙනෙව ගමිස්සසි? පරස්ස කුජ්ඣනං නාම වීතච්චිතඞ්ගාරතත්තඅයොසලාකගූථාදීනි ගහෙත්වා පරස්ස පහරිතුකාමතාසදිසං හොති. එසොපි තව කුද්ධො කිං කරිස්සති? කිං තෙ සීලාදීනි විනාසෙතුං සක්ඛිස්සති? එස අත්තනො කම්මෙනාගන්ත්වා අත්තනො කම්මෙනෙව ගමිස්සති; අප්පටිච්ඡිතපහෙණකං විය පටිවාතඛිත්තරජොමුට්ඨි විය ච එතස්සෙවෙස කොධො මත්ථකෙ පතිස්සතී’ති. එවං අත්තනො ච පරස්ස ච කම්මස්සකතං පච්චවෙක්ඛතොපි, උභයකම්මස්සකතං පච්චවෙක්ඛිත්වා පටිසඞ්ඛානෙ ඨිතස්සාපි, අස්සගුත්තත්ථෙරසදිසෙ මෙත්තාභාවනාරතෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි බ්යාපාදො පහීයති; ඨානනිසජ්ජාදීසු මෙත්තානිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා බ්යාපාදස්ස පහානාය සංවත්තන්තී”ති. ඉමෙහි පන ඡහි ධම්මෙහි පහීනස්ස බ්යාපාදස්ස අනාගාමිමග්ගෙන ආයතිං අනුප්පාදො හොතීති පජානාති.
තවද කරුණු සයක් ව්‍යාපාද ප්රහාණය පිණිස පවතී. මෛත්‍රී නිමිත්ත ඉගෙනීම, මෛත්‍රී භාවනාවෙහි යෙදීම, කරනු ලබන ක්‍රියාව ප්රත්යවේක්ෂා කිරීම, නැවත ප්රත්යවේක්ෂා කිරීම බහුලවීම, කල්‍යාණ මිත්රභාවය, ඊට ගැලපෙන කථා යන සයය. නියමය පරිදි හෝ අනියමින් දිසා පැතිරවීමෙහි එක්තරා ආකාරයකින් මෛත්‍රිය ඉගෙන ගන්නාටද ව්‍යාපාදය දුරුවෙයි. සීමාකොට පැතිරවීම සීමාරහිත පැතිරවීම දිසා වශයෙන් පැතිරවීම වශයෙන් මෛත්‍රිය වඩන්නාට ව්‍යාපාදය දුරුවෙයි. ඔබ මෙයට කිපී කුමක් කරන්නේද? කිම ඔහුගේ සීලාදිය විනාශ කිරීමට හැකිවන්නෙහිද? ඔබ තමාගේ කර්මයෙන් ඇවිත් තමාගේ කර්මයෙන් නොයන්නෙහිද? පරහට කිපීම නම් ගිනිදැල් සහ ගිනිඅඟුරු රත්වූ යකඩකූරු අසූචි ආදිය ගෙන අනුන් පහරදෙනු කැමැත්තට සමාන වේ. මේ තැනැත්තේ ඔබට කිපීමෙන් කුමක් කරන්නේද? කිම ඔබගේ සීලාදිය විනාශ කිරීමට හැකි වන්නේද? මේ තෙමේ තමාගේ කර්මයෙන් පැමිණ තමාගේ කර්මයෙන්ම යන්නේය. නොපිළිගත් පඬුරක් මෙන් උඩු සුළඟට දමන ලද දූවිලි මිටක් මෙන්ද ඔහු මතම ඒ ක්‍රෝධය වැටෙන්නේය. මෙසේ තමාගේද අනුන්ගේද කරනු ලබන ක්‍රියාව ප්රත්යවේක්ෂා කරන්නාටද උභය කම්මසස්කතය ප්රත්යවේක්ෂා කොට නැවත නැවත ප්රත්යවේක්ෂා කිරීමෙහි සිටියහුට ව්‍යාපාදය පහවෙයි. අස්සගුත්ත තෙරුන් සමාන මෙත්තා භාවනාවෙහි ඇළුණු කල්‍යාණ මිත්‍රයකු ආශ්‍රය කරන්නාටද ව්‍යාපාදය ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වලද සත්පාය කථා ඇත්තාටද ව්‍යාපාදය දුරුවේ. එයින් කියන ලදි. කරුණු හයක් ව්‍යාපාද ප්‍රහානය පිණිස පවතී. මේ කරුණු සයෙන් ප්‍රහීන වූ ව්‍යාපාදය අනාගාමී මාර්ගයෙන් ඉදිරියෙහි ඉපදීම් නොවේ යයි දැනගනී.
අරතීතිආදීසු අයොනිසොමනසිකාරෙන ථිනමිද්ධස්ස උප්පාදො හොති. අරති නාම උක්කණ්ඨිතතා. තන්දී නාම කායාලසියතා. විජම්භිකා නාම කායවිනාමනා. භත්තසම්මදො නාම භත්තමුච්ඡා භත්තපරිළාහො. චෙතසො ලීනත්තං නාම චිත්තස්ස ලීනාකාරො. ඉමෙසු අරතිආදීසු අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො ථිනමිද්ධං උප්පජ්ජති. තෙනාහ භගවා –
අරති ආදියෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් ථීනමිද්ධ ඇතිවේ. අරති නම් කලකිරුණු බවයි. තන්දි නම් කයෙහි අලසබවයි. විජ්ජම්භිකා නම් කය හැකිලීමයි. භත්ත සම්මද නම් බතින් මූර්ඡා වීමය. බතේ දැවිල්ලය. චේතසො ලීනබව නම් සිතේ මැලිබවයි. මෙම අරති ආදියෙහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව පැවැත්වීමෙන් ථීනමිද්ධ උපදී. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, අරති තන්දී විජම්භිකා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය , උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, අරති, තෙන්දි විජ්ජම්භිකා භත්ත සම්පදො චෙතසො ලීනත්තං ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලාකාර වූයේ, නූපන් ථීනමිද්ධ ඉපදීම සඳහා උපන් ථීනමිද්ධ අධිකවීමට මහත්වීමට එය හේතු වේ.”
ආරම්භධාතුආදීසු පන යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. ආරම්භධාතු නාම පඨමාරම්භවීරියං. නික්කමධාතු නාම කොසජ්ජතො නික්ඛන්තත්තා තතො බලවතරං. පරක්කමධාතු නාම පරං පරං ඨානං අක්කමනතො තතොපි බලවතරං. ඉමස්මිං තිප්පභෙදෙ වීරියෙ යොනිසොමනසිකාරං බහුලං පවත්තයතො ථිනමිද්ධං පහීයති. තෙනාහ භගවා –
ආරම්භ ධාතු ආදියෙහි නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රහීන වේ. ආරම්භ ධාතු නම් ප්‍රථමයෙන් ආරම්භ කරන වීර්යයි. නික්කම ධාතු තමා කුසීතබවින් නික්මී ඇති හෙයින් ඊට වඩා බලවත් වේ. පරක්කම ධාතු නම් වෙනත් වෙනත් තැන් ආක්‍රමණය කරන නිසා ඊට වඩා බලවත් වේ. මේ තැන් ප්‍රභේද වූ වීර්යයෙන් නුවණින් මෙනෙහි කිරීම බහුලව පැවැත්වීමෙන් ථීනමිද්ධ ප්‍රහීන වේ. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය, වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, ආරම්භ ධාතු තික්කම ධාතු පරක්කම ධාතු ඇත. එහි නුවණින් මෙනෙහි කිරීමෙන් නූපන් ථීන මිද්ධ නොඉපදීම සඳහා උපන් ථීනමිද්ධ ප්‍රහාණයට අධික නොවීමට මහත් බවට නොයෑමට එයම හේතුවේ.”
අපිච ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්ති – අතිභොජනෙ නිමිත්තග්ගාහො, ඉරියාපථසම්පරිවත්තනතා, ආලොකසඤ්ඤාමනසිකාරො, අබ්භොකාසවාසො, කල්යාණමිත්තතා, සප්පායකථාති. ආහරහත්ථක භුත්තවමිතක තත්‍රවට්ටක අලංසාටක කාකමාසකභොජනං භුඤ්ජිත්වා රත්තිට්ඨානදිවාට්ඨානෙ නිසින්නස්ස හි සමණධම්මං කරොතො ථිනමිද්ධං මහාහත්ථී විය ඔත්ථරන්තං ආගච්ඡති. චතුපඤ්චආලොපඔකාසං පන ඨපෙත්වා පානීයං පිවිත්වා යාපනසීලස්ස භික්ඛුනො තං න හොතීති අතිභොජනෙ නිමිත්තං ගණ්හන්තස්සාපි ථිනමිද්ධං පහීයති. යස්මිං ඉරියාපථෙ ථිනමිද්ධං ඔක්කමති තතො අඤ්ඤං පරිවත්තෙන්තස්සාපි, රත්තිං චන්දාලොකදීපාලොකඋක්කාලොකෙ දිවා සූරියාලොකං මනසිකරොන්තස්සාපි, අබ්භොකාසෙ වසන්තස්සාපි, මහාකස්සපත්ථෙරසදිසෙ පහීනථිනමිද්ධෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි ථිනමිද්ධං පහීයති; ඨානනිසජ්ජාදීසු ධුතඞ්ගනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්තී”ති. ඉමෙහි පන ඡහි ධම්මෙහි පහීනස්ස ථිනමිද්ධස්ස අරහත්තමග්ගෙන ආයතිං අනුප්පාදො හොතීති පජානාති.
තවද ථීනමිද්ධ ප්රහාණය සඳහා කරුණු 6ක් පවතී. අති භෝජනයෙහි නිමිති ගැනීම, ඉරියව් මාරුකිරීම ආලෝක සංඥා මෙනෙහි කිරීම අභ්‍යවකාශයෙහි වාසය කිරීම, කළණමිතුරු බව, සත්පාය කථා කරයි. ආහාර හත්ථක (නැගිටීමට බැරිතරම් ආහාරගැනීම අනිකකුගේ උදව්වෙන් නැගීම) භුත්ත වමිතක (කන ලද්ද වමනය යන) තත්‍රවට්ටක (කෑ තැනම පෙරලෙන) අලංසාටක (කයේ ඇඳුමක් තබාගන්ට බැරිතරම් කෑම) කාකමාසන (කවුඩන් විත් කටින් අහර ඇද කන තරම් ආහාර ගැනීම) වනතරම් ආහාර ගෙන රෑ දිවා ස්ථානවල සිට මහණදම් පුරනවිට ථීනමිද්ධ මහා ඇතකු මෙන් මැඩගෙන එයි. සතර පස් පිඩකට ඉඩ තබා පැන්බී යැපෙනසුළු භික්ෂුවට එය නොවේයයි අධික භෝජනයෙහි නිමිති ගන්නාට ථීනමිද්ධ ප්‍රහීන වේ. යම් ඉරියව්වකදී ථීනමිද්ධ පැමිණෙන්නේ නම් ඉරියව් වෙනස් කිරීමෙන්, රාත්‍රියේ සඳ පහන් හුළු එලි ද දිව හිරු එළියද මෙනෙහි කරන්නාටද, අභ්‍යවකාශයෙහි වසන්නාටද, මහකසුප් මහතෙරුන් සමාන ථීනමිද්ධ ප්‍රහීන වූ කලණ මිතුරන් ඇසුරු කරන්නාටද ථීනමිද්ධ ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල ධුතංග ආශ්රිත වූ සප්පාය කථාවලින් ප්‍රහීන වේ. එයින් කියන ලදි. “ඡ ධම්මා ථීනමිද්ධස්ස පහාණාය සංවත්තන්ති” මෙම කරුණුවලින් ප්‍රහීන වූ ථීනමිද්ධය අරහත් මාර්ගයෙන් ඉදිරියේ නොඉපදීම වේයයි දැනගනී.
චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරෙන උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති. අවූපසමො නාම අවූපසන්තාකාරො; උද්ධච්චකුක්කුච්චමෙවෙතං අත්ථතො. තත්ථ අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති. තෙනාහ භගවා –
සිතේ සංසිඳීමක් නැති නුනුවණින් මෙනෙහි කිරීමෙන් උද්ධච්ච කුක්කුච්චයේ ඉපදීම වේ. අවූපසම නම් නොසංසිඳීමයි. උද්ධච්ච කුක්කුච්චයම එහි අර්ථයයි. එහි අයොනිසො නුනුවණින් මෙනෙහි කිරීම බහුලව පවත්වන්නාට උද්ධච්චකුක්කුච්ච උපදී. එයින් භගවත්හු කීහ.
“අත්ථි , භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, සිතෙහි නොසංසිඳීමක් ඇත. නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් උද්ධච්ච කුක්කුච්චයේ ඉපදීම සඳහා උපන්නා වූ එහි අධික බවට මහත් බවට එයම හේතුවේ.”
සමාධිසඞ්ඛාතෙ පන චෙතසො වූපසමෙ යොනිසොමනසිකාරෙනස්ස පහානං හොති. තෙනාහ භගවා –
සමාධි සංඛ්‍යාත වූ සිතේ සංසිඳීම නුවණින් මෙනෙහි කරන්නාට එය ප්‍රහීන වේ. එහෙයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය, වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, සිතේ සංසිඳීමක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් උද්ධච්ච කුක්කුච්ච නොඉපදීම් සඳහා උපන් එහි ප්‍රහීනවීම සඳහා අධික නොවීම සඳහා මහත් නොවීම සඳහා එයම හේතුවේ.”
අපිච ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්ති – බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, වුඩ්ඪසෙවිතා , කල්යාණමිත්තතා, සප්පායකථාති. බාහුසච්චෙනපි හි එකං වා ද්වෙ වා තයො වා චත්තාරො වා පඤ්ච වා නිකායෙ පාළිවසෙන ච අත්ථවසෙන ච උග්ගණ්හන්තස්සාපි උද්ධච්චකුක්කුච්චං පහීයති. කප්පියාකප්පියපරිපුච්ඡාබහුලස්සාපි, විනයපඤ්ඤත්තියං චිණ්ණවසීභාවතාය පකතඤ්ඤුනොපි, වුඩ්ඪෙ මහල්ලකත්ථෙරෙ උපසඞ්කමන්තස්සාපි, උපාලිත්ථෙරසදිසෙ විනයධරෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සපි උද්ධච්චකුක්කුච්චං පහීයති; ඨානනිසජ්ජාදීසු කප්පියාකප්පියනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්තී”ති. ඉමෙහි පන ඡහි ධම්මෙහි පහීනෙ උද්ධච්චකුක්කුච්චෙ උද්ධච්චස්ස අරහත්තමග්ගෙන කුක්කුච්චස්ස අනාගාමිමග්ගෙන ආයතිං අනුප්පාදො හොතීති පජානාති.
තවද කරුණු සයක් උද්ධච්ච කුක්කුච්චයේ ප්රහාණය පිණිස පවතී. බොහෝ ඇසූපිරූ තැන් ඇති බව, (උගත්කම) විමසීම් ප්‍රශ්න කිරීම, විනයෙහි පුරුදුකළ නුවණ ඇති බව, වැඩිහිටියන් ඇසුරු කිරීම, කලණ මිතුරන් ඇසුර, සප්පාය කථා යන මේවාය. බහුශ්‍රැතයා විසින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පහක් හෝ නිකාය ග්‍රන්ථවල පෙර වශයෙන් ද අර්ථ වශයෙන් ද ඉගෙන ගන්නාට උද්ධච්ච කුක්කුච්ච දුරුවෙයි. කැප අකැප දේ ගැන බහුලව ප්‍රශ්න කරන්නාටද විනය ශික්ෂා පදවල නිතර ප්‍රගුණ කිරීමෙන් වසී භවය පත්වූ විනයේ පුරුදු කළ නුවණ ඇත්තාටද වැඩිහිටි මහළු තෙරවරුන් කරා පැමිණෙන්නාටද උපාලි මහරහතුන් සමග කලණ මිතුරන් ඇසුරු කරන්නාටද උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීන වේ. හිඳින සිටින තැන්වල කැප අකැප දේ සම්බන්ධ සප්පාය කථා නිසාද දුරුවේ. කරුණු සයක් උද්ධච්ච කුක්කුච්චයේ ප්රහාණය පිණිස පවතී යයි එයින් කියන ලදි. මේ කරුණු සයෙන් ප්‍රහීන වූ උද්ධච්ච කුක්කුච්චයේ උද්ධච්ච බව රහත් මගින්ද කුක්කුච්චය අනාගාමි මගින්ද ඉදිරියේ නොඉපදීම වේ යයි දැන ගනී.
විචිකිච්ඡාඨානීයෙසු ධම්මෙසු අයොනිසොමනසිකාරෙන විචිකිච්ඡාය උප්පාදො හොති. විචිකිච්ඡාඨානීයා ධම්මා නාම පුනප්පුනං විචිකිච්ඡාය කාරණත්තා විචිකිච්ඡාව. තත්ථ අයොනිසොමනසිකාරං බහුලං පවත්තයතො විචිකිච්ඡා උප්පජ්ජති. තෙනාහ භගවා –
සැක ඇති ධර්මයේ කරුණුවල නුනුවණින් මෙනෙහි කිරීමෙන් විචිකිච්ඡා උපදී. සැක ඇති දහම් සම්බන්ධයෙන් නැවත නැවත සැක ඇති කිරීම විචිකිච්ඡාවයි. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව පැවැත්වීමෙන් විචිකිච්ඡාව උපදී. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, විචිකිච්ඡාඨානීයා ධම්මා. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, සැක ඇති දහම් කරුණු තිබේ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් විචිකිච්ඡාව ඉපදීම් සඳහා උපන් විචිකිච්ඡාව අධික වීම, මහත්බවට පත්වීම සඳහා එයම හේතුවේ”
කුසලාදිධම්මෙසු යොනිසොමනසිකාරෙන පනස්සා පහානං හොති. තෙනාහ භගවා –
කුසලාදි ධර්ම නුවණින් මෙනෙහි කිරීමෙන් විචිකිච්ඡාව දුරු වේ. එයින් භගවත්හු කීහ.
“අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, හීනප්පණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය, වෙපුල්ලායා”ති (සං· නි· 5.232).
“මහණෙනි, කුසල් අකුසල් දහම් සාවජ්ජ අනවජ්ජ දහම් සේවනය කළයුතු නොකළ යුතු දහම් හීන ප්‍රණීත දහම් කළු සුදු දහම් ඊට සමාන දහම් ඇත. ඒවායෙහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් විචිකිච්ඡාව නොඉපදවීම සඳහා උපන් විචිකිච්ඡාව ප්රහාණය සඳහා අධික නොවීමට මහත් නොවීමට එයම හේතුවේ.”
අපිච ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති – බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයෙ පකතඤ්ඤුතා, අධිමොක්ඛබහුලතා, කල්යාණමිත්තතා, සප්පායකථාති. බාහුසච්චෙනපි හි එකං වා…පෙ… පඤ්ච වා නිකායෙ පාළිවසෙන ච අත්ථවසෙන ච උග්ගණ්හන්තස්සාපි විචිකිච්ඡා පහීයති. තීණි රතනානි ආරබ්භ පරිපුච්ඡාබහුලස්සාපි, විනයෙ චිණ්ණවසීභාවස්සාපි, තීසු රතනෙසු ඔකප්පනියසද්ධාසඞ්ඛාතඅධිමොක්ඛබහුලස්සාපි , සද්ධාධිමුත්තෙ වක්කලිත්ථෙරසදිසෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි විචිකිච්ඡා පහීයති. ඨානනිස්සජ්ජාදීසු තිණ්ණං රතනානං ගුණනිස්සිතසප්පායකථායපි පහීයති. තෙන වුත්තං “ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්තී”ති. ඉමෙහි පන ඡහි ධම්මෙහි පහීනාය විචිකිච්ඡාය සොතාපත්තිමග්ගෙන ආයතිං අනුප්පාදො හොතීති පජානාති.
තවද කරුණු සයක් විචිකිච්ඡාව ප්රහාණය පිණිස පවතී. උගත්කම, ප්‍රශ්න කිරීම, විනය නය නුවණ, සිතේ ස්ථීරත්වය, කළණ මිතුරන් ඇති බව, සප්පායකථා ඒ හය, නිකාය ග්රන්ථ 1-5 දක්වා පෙළ හා අර්ථ සිහියෙන් ඉගෙනීම තෙරුවන් අරබයා ප්‍රශ්න කිරීම විනයෙහි වසී භාවයට පත්වීම. තෙරුවන් විශ්වාස කළයුතු ශ්‍රද්ධාව සංඛ්‍යාත සිතේ ස්ථීරත්වය ශ්‍රද්ධා සම්පන්න වක්කලි තෙරුන් සමාන කළණ මිතුරන් ඇසුර යන මේවා නිසා විචිකිච්ඡාව ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල තුණුරුවන් ගුණ ආශ්රිත සප්පාය කතා නිසාද විචිකිච්ඡාව දුරුවේ. එනිසා කරුණු සයක් විචිකිච්ඡා ප්රහාණය පිණිස පවතීයයි කියන ලදි. මේ කරුණු සයෙන් ප්රහීනවන විචිකිච්ඡාව සෝවාන් මාර්ගයෙන් ඉදිරියෙන් නොඉපදීම වේ යයි දැනගනී.
නීවරණපබ්බවණ්ණනා.
නීවරණ පබ්බය.