බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා අට්ඨකථා
බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා
බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා
බොජ්ඣඞ්ගපබ්බෙ සන්තන්ති පටිලාභවසෙන විජ්ජමානං. අසන්තන්ති අප්පටිලාභවසෙන අවිජ්ජමානං. යථා ච අනුප්පන්නස්සාතිආදීසු පන සතිසම්බොජ්ඣඞ්ගස්ස තාව –
බොජ්ඣංග පබ්බයෙහි සන්තං යනු ලැබීම් වශයෙන් විද්‍යමාන. අසන්තං නොලැබීම් වශයෙන් අවිද්‍යමාන. යථාච අනුප්පන්නස්සා යනාදියෙහි වනාහි පළමුව සති බොජ්ඣංගයේ
“අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.183) – එවං උප්පාදො හොති. තත්ථ සතියෙව සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. යොනිසොමනසිකාරො වුත්තලක්ඛණොයෙව. තං තත්ථ බහුලං පවත්තයතො සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති.
“මහණෙනි, සතිසම්බොජ්ඣංගයට හේතුවූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ නූපන් සතිසම්බොජ්ඣංගයේ ඉපදීම් සඳහා උපන් සති සම්බොජ්ඣංගයේ අධික බව මහත් බවට එයම භාවනාවෙන් සම්පූර්ණවීම පවතී. මෙසේ ඉපදීම වේ. එහි සිහියට සතිසම්බොජ්ඣංග ඨානීය ධර්ම වේ. යෝනිසෝමනසිකාර කියන ලද ලක්ෂණවලින් යුක්ත වේයයි. එහි බහුලව යෙදෙනවිට සතිසම්බොජ්ඣංගය උපදී.
අපිච චත්තාරො ධම්මා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – සතිසම්පජඤ්ඤං, මුට්ඨස්සතිපුග්ගලපරිවජ්ජනතා, උපට්ඨිතස්සතිපුග්ගලසෙවනතා, තදධිමුත්තතාති. අභික්කන්තාදීසු හි සත්තසු ඨානෙසු සතිසම්පජඤ්ඤෙන, භත්තනික්ඛිත්තකාකසදිසෙ මුට්ඨස්සතිපුග්ගලෙ පරිවජ්ජනෙන, තිස්සදත්තත්ථෙරඅභයත්ථෙරසදිසෙ උපට්ඨිතස්සතිපුග්ගලෙ සෙවනෙන, ඨානනිසජ්ජාදීසු සතිසමුට්ඨාපනත්ථං නින්නපොණපබ්භාරචිත්තතාය ච සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති. එවං චතූහි කාරණෙහි උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
තවද කරුණු සතරක් සතිසම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. සිහිය පිළිබඳ දැනීම, සිහිමුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම, එළඹසිටි සිහි ඇති පුද්ගලයින් ඇසුර, එයින් මිදීම යන සතරය. ඉදිරියට යෑම ආදි ස්ථාන සතෙහි සිහියෙන් යුක්ත බව දැනීමෙන් ආහාර තැබූ අය මෙන් සිහි මුළා වූ පුද්ගලයන් වර්ජනය කිරීමෙන් තිස්සදත්ත තෙරුන් අභය තෙරුන් සමාන එළඹසිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරෙන් සිටින හිඳින තැන්වල සිහිය පිහිටුවා ගැනීමට ගැඹුරට බරවූ පර්වත කුහරයක් මෙන් සතිසම්බොජ්ඣංගය උපදී. මෙසේ කරුණු සතරින් උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේයයි දැන ගනී.
ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පන –
ධම්මවිචය සම්බොජ්ඣංගයේ
“අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා…පෙ… කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
“මහණෙනි, කුසල අකුසල ධර්ම, කළු සුදු ප්‍රතිභාග ධර්ම ඇත. ඒවා නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් ධර්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම් සඳහා උපන් එහි අධික භාවයට මත්බවට භාවනාව සම්පූර්ණවීමට එයම හේතුවේ.
එවං උප්පාදො හොති.
මෙසේ ඉපදීම වේ.
අපිච සත්ත ධම්මා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – පරිපුච්ඡකතා, වත්ථුවිසදකිරියා, ඉන්ද්‍රියසමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤවන්තපුග්ගලසෙවනා, ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතාති. තත්ථ පරිපුච්ඡකතාති ඛන්ධධාතුආයතනඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානසමථවිපස්සනානං අත්ථසන්නිස්සිතපරිපුච්ඡාබහුලතා. වත්ථුවිසදකිරියාති අජ්ඣත්තිකබාහිරානං වත්ථූනං විසදභාවකරණං. යදා හිස්ස කෙසනඛලොමානි දීඝානි හොන්ති, සරීරං වා උස්සන්නදොසඤ්චෙව සෙදමලමක්ඛිතඤ්ච, තදා අජ්ඣත්තිකං වත්ථු අවිසදං හොති අපරිසුද්ධං. යදා පන චීවරං ජිණ්ණං කිලිට්ඨං දුග්ගන්ධං හොති, සෙනාසනං වා උක්ලාපං, තදා බාහිරං වත්ථු අවිසදං හොති අපරිසුද්ධං. තස්මා කෙසාදිඡෙදනෙන උද්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි සරීරසල්ලහුකභාවකරණෙන, උච්ඡාදනන්හාපනෙන ච අජ්ඣත්තිකවත්ථු විසදං කාතබ්බං. සූචිකම්මධොවනරජනපරිභණ්ඩකරණාදීහි බාහිරවත්ථු විසදං කාතබ්බං. එතස්මිඤ්හි අජ්ඣත්තිකබාහිරවත්ථුම්හි අවිසදෙ උප්පන්නෙසු චිත්තචෙතසිකෙසු ඤාණම්පි අවිසදං හොති අපරිසුද්ධං; අපරිසුද්ධානි දීපකපල්ලකවට්ටිතෙලානි නිස්සාය උප්පන්නදීපසිඛාය ඔභාසො විය. විසදෙ පන අජ්ඣත්තිකබාහිරවත්ථුම්හි උප්පන්නෙසු චිත්තචෙතසිකෙසු ඤාණම්පි විසදං හොති පරිසුද්ධානි දීපකපල්ලකවට්ටිතෙලානි නිස්සාය උප්පන්නදීපසිඛාය ඔභාසො විය. තෙන වුත්තං “වත්ථුවිසදකිරියා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තතී”ති.
තවද කරුණු හතක් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. ප්‍රශ්න විමසීම්, වස්තු පිරිසිදු කරගැනීම, ඉන්ද්රිය සම්භාවකරණය, ධර්මඥානය නැති පුද්ගලයන් දුරුකිරීම, ප්‍රඥාවන්තයන් ඇසුරුකිරීම, ගැඹුරු නුවණැසින් ප්‍රභේද ප්රත්යවේක්ෂා කිරීම, තදධිමුත්තො යන සතය. එහි පරිපුච්ඡකතා යනු ඛන්ධ, ධාතු, ආයතන, ඉන්ද්රිය බල, බොජ්ඣංග, මග්ගංග, ඣාන, සමථ, විපස්සනාවන්ගේ අර්ථ ආශ්රිත විමසීම් බහුලවීම වත්ථු විසද කිරියා යනු අජ්ඣත්තික බාහිර වස්තුවල පිරිසිදු කිරීමයි. කෙස් නිය ලොම් දික්වේද ශරීරයේ තුන්දොස් උත්සන්න වේද දහඩිය මලවලින් වැසී ඇත්තේද එවිට අජ්ඣත්තික වස්තු අපිරිසිදු වේ. සිවුරු දිරාගොස් කිලිටි වී දුගඳ හමයිද සෙනසුන කුණු කසලින් ගහණවීද එවිට බාහිර වස්තු අපිරිසිදු වේ. එහෙයින් කෙස් නිය කපා උද්ධ ආධෝ විරේචනවලින් ශරීරය සැහැල්ලුකර ඇඟ උලා ස්නානයෙන් අජ්ඣත්තික වස්තු පිරිසිදු කළ යුතුය. ඉරුණු සිවුරු මසා සෝදා පඬු පොවා හා සෙනසුනේ ගොමගෑම් ආදියෙන් බාහිර වස්තු පිරිසිදු කළ යුතුය. මේ කරුණෙහි අජ්ඣත්තික බාහිර වස්තු අපිරිසිදු වන විට උපදින චිත්ත චෛතසික ඤාණයද අපිරිසිදු වේ. අපිරිසිදු පහන්වැටි තෙල් අපිරිසිදු වීමෙන් ඇතිවන පහන්දැල්ල මෙනි. පිරිසිදුව අජ්ඣත්තික බාහිර වස්තු තබාගැනීමෙන් පිරිසිදු පහනකින් ලැබෙන දීප්තිමත් ආලෝකය මෙන් ඤාණයද පිරිසිදු වේ. ඒ නිසා වත්ථු විසද කිරියා ධම්මවිචය සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී,
ඉන්ද්‍රියසමත්තපටිපාදනා නාම සද්ධාදීනං ඉන්ද්රියානං සමභාවකරණං. සචෙ හිස්ස සද්ධින්ද්රියං බලවං හොති, ඉතරානි මන්දානි, තතො වීරියින්ද්‍රියං පග්ගහකිච්චං, සතින්ද්රියං උපට්ඨානකිච්චං, සමාධින්ද්රියං අවික්ඛෙපකිච්චං, පඤ්ඤින්ද්රියං දස්සනකිච්චං කාතුං න සක්කොති. තස්මා තං ධම්මසභාවපච්චවෙක්ඛණෙන වා යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකාරෙන හාපෙතබ්බං. වක්කලිත්ථෙරවත්ථු චෙත්ථ නිදස්සනං. සචෙ පන වීරියින්ද්‍රියං බලවං හොති, අථ නෙව සද්ධින්ද්රියං අධිමොක්ඛකිච්චං කාතුං සක්කොති, න ඉතරානි ඉතරකිච්චභෙදං. තස්මා තං පස්සද්ධාදිභාවනාය හාපෙතබ්බං. තත්රාපි සොණත්ථෙරවත්ථු දස්සෙතබ්බං. එවං සෙසෙසුපි එකස්ස බලවභාවෙ සති ඉතරෙසං අත්තනො කිච්චෙසු අසමත්‍ථතා වෙදිතබ්බා.
ඉන්ද්රිය සමත්ත පටිපාදනය නම් සද්ධාදි ඉන්ද්රියයන්ගේ සමභාවි කරණයයි. ශ්‍රද්ධා ඉන්ද්රිය බලවත් වී සෙසු ඉන්ද්රිය දුබල වුවහොත් ඒ නිසා විරිය ඉන්ද්රිය විරිය ලබාදීමද සති ඉන්ද්‍රියේ සිහිය ලබාදීමද සමාධි ඉන්ද්රියයේ එකඟබව ලබාදීමද පඤ්ඤාන්ද්රියේ දර්ශන කෘත්‍යයද කිරීමට නොහැකි වේ. ඒ නිසා ධර්ම ස්වභාවය ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ යම් මෙනෙහි කිරීමක් බලවත් සේ තබා එය අඩුකළ යුතුය. වක්කලිථෙර වස්තුව ඊට නිදර්ශනය. විරියින්ද්රිය බලවත් වේනම් ශ්‍රද්ධ ඉන්ද්රියව ස්ථිරව පැවතීමට නොහැකි වේ. සෙසු ඒවාටද කෘත්‍ය කළහැකි නොවේ. ඒ නිසා එය පස්සද්ධි භාවනාවෙන් අඩුකළ යුතුය. සෙසු ඒවායේද මෙසේය.
විසෙසතො පනෙත්ථ සද්ධාපඤ්ඤානං සමාධිවීරියානඤ්ච සමතං පසංසන්ති. බලවසද්ධො හි මන්දපඤ්ඤො මුද්ධප්පසන්නො හොති, අවත්ථුස්මිං පසීදති. බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටිකපක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති ‘චිත්තුප්පාදමත්තෙනෙව කුසලං හොතී’ති අතිධාවිත්වා දානාදීනි පුඤ්ඤානි අකරොන්තො නිරයෙ උප්පජ්ජති. උභින්නං පන සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්දවීරියං, සමාධිස්ස කොසජ්ජපක්ඛත්තා, කොසජ්ජං අධිභවති. බලවවීරියං මන්දසමාධිං, වීරියස්ස උද්ධච්චපක්ඛත්තා, උද්ධච්චං අධිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ්ජෙ පතිතුං න ලභති. වීරියං සමාධිනා සංයොජිතං උද්ධච්චෙ පතිතුං න ලභති. තස්මා තදුභයම්පි සමං කාතබ්බං. උභයසමතාය හි අප්පනා හොති . අපිච සමාධිකම්මිකස්ස බලවතීපි සද්ධා වට්ටති. එවං සො සද්දහන්තො ඔකප්පෙන්තො අප්පනං පාපුණිස්සති.
විශේෂ වශයෙන් මෙහි සද්ධ පඤ්ඤා හා සමාධි විරියබල සමානව ප්‍රශංසා කරති. ශ්‍රද්ධාව බහුල වී ප්‍රඥාව මද වුවහොත් මෝඩ පැහැදීමක් ඇතිවේ. නොපැහැදිය යුතු තැන පහදී. ප්‍රඥාව බලවත් වී ශ්‍රද්ධාව මද වුවහොත් කෛරාටික වේ. බෙහෙතින් සුවකළ හැකි රෝගය අසාධ්‍ය බවට පැමිණේ. සිතිවිල්ලෙන් පමණක් පින් සිදුවේ යයි අතිධාවනය කොට දානාදි පින්කම් නොකරන්නේ නිරයේ උපදී. දෙකේම සමතාවෙන් පැහැදිය යුතු තැනම පහදී. සමාධිය බලවත් වී විරිය මද වුවහොත් සමාධි කම්මැලිකමින් යටපත් වේ. විරිය බලවත් වී සමාධිය මද වුවහොත් සිත විසිරීමෙන් උද්ධච්චයෙන් යටපත් වේ. සමාධිය විරියෙන් යුක්ත වනවිට කම්මැලිකම ඇති නොවේ. විරිය සමාධියෙන් යුක්ත වනවිට උද්ධච්චය ඇති නොවේ. ඒ නිසා ඒ දෙකම සමාන කළ යුතුය. දෙකම සමාන වූ විට අර්පණා ඇති වේ. එසේවුවද සමාධි කම්මිකයාට බලවත් ශ්‍රද්ධාව වටී. මෙසේ විශ්වාස කරන්නේ අර්පණාවට පැමිණෙන්නේය.
සමාධිපඤ්ඤාසු පන සමාධිකම්මිකස්ස එකග්ගතා බලවතී වට්ටති. එවඤ්හි සො අප්පනං පාපුණාති. විපස්සනාකම්මිකස්ස පඤ්ඤා බලවතී වට්ටති. එවඤ්හි සො ලක්ඛණපටිවෙධං පාපුණාති. උභින්නං පන සමතාය අප්පනා හොතියෙව. සති පන සබ්බත්ථ බලවතී වට්ටති. සති හි චිත්තං උද්ධච්චපක්ඛිකානං සද්ධාවීරියපඤ්ඤානං වසෙන උද්ධච්චපාතතො, කොසජ්ජපක්ඛිකෙන ච සමාධිනා කොසජ්ජපාතතො රක්ඛති. තස්මා සා, ලොණධූපනං විය සබ්බබ්යඤ්ජනෙසු, සබ්බකම්මිකඅමච්චො විය ච සබ්බරාජකිච්චෙසු, සබ්බත්ථ ඉච්ඡිතබ්බා. තෙනාහ “සති ච පන සබ්බත්ථිකා වුත්තා භගවතා. කිං කාරණා? චිත්තඤ්හි සතිපටිසරණං, ආරක්ඛපච්චුපට්ඨානා ච සති; න විනා සතියා චිත්තස්ස පග්ගහනිග්ගහො හොතී”ති.
සමාධි පඤ්ඤාවෙහි වනාහි සමාධි කම්මිකයාට ඒකග්ගතා බලවත්වීම වටී. මෙසේ හේ අර්පණාවට පැමිණේ. විපස්සනා කම්මිකයාට පඤ්ඤා බලවත්වීම වටී, මෙසේ ඔහු ලක්ෂණ ප්‍රතිවේදයට පැමිණේ. සතිය වනාහි සියළු තැන බලවත්වීම වටී. සතිය උද්ධච්ච පාක්ෂිකයන්ට ශ්‍රද්ධා ප්‍රඥා වශයෙන් උද්ධච්චය පහත හෙළීමට සහ කොසජ්ජ පාක්ෂිකයන්ට කම්මැලිකමින් සමාධිය රකී. සියළු ව්යඤ්ජනවලට ලුණු දමා රසවත් කරනවා මෙනි. සියළු රාජ කටයුතුවල සබ්බ කම්මික ඇමතිවරයා මෙනි. සියල්ලක්ම ඔහු බලාපොරොත්තු විය යුතුය. එයින් කීහ. “සති ච පන සබ්බත්ථිකා මුත්තා භගවතා කිං කාරණා, චිත්තංහි සති පටිසරණං ආරක්ඛ පච්චු පට්ඨානංච සති” සතිය නැතිව සිතේ පග්ගහ නිග්ගහ නැති වේ.
දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා නාම ඛන්ධාදිභෙදෙ අනොගාළ්හපඤ්ඤානං දුම්මෙධපුග්ගලානං ආරකා පරිවජ්ජනං. පඤ්ඤවන්තපුග්ගලසෙවනා නාම සමපඤ්ඤාසලක්ඛණපරිග්ගාහිකාය උදයබ්බයපඤ්ඤාය සමන්නාගතපුග්ගලසෙවනා. ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණා නාම ගම්භීරෙසු ඛන්ධාදීසු පවත්තාය ගම්භීරපඤ්ඤාය පභෙදපච්චවෙක්ඛණා. තදධිමුත්තතා නාම ඨානනිසජ්ජාදීසු ධම්මවිචයසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනත්ථං නින්නපොණපබ්භාරචිත්තතා. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනය නම් ස්කන්ධ විභාගයෙහි බැස නොගත් මෝඩ පුග්ගලයන් දුරින්ම දුරුකළ යුතුය. පඤ්ඤාවන්ත පුද්ගල සේවනය සම්පන්න ලක්ෂණ විමසීමෙන් උදයබ්බය ප්‍රඥාවේ ස්කන්ධාදියෙහි ගැඹුරු නුවණ ගම්භීර ඤාණ විරිය පච්චවෙක්ඛන වේ. තදධිමුත්තො නම් සිටින හිඳින තැන්වල ධම්මවිචය සම්බොජ්ඣංගය පහළකර ගැනීම සඳහා ඒ දෙකට නැඹුරු වූ සිත් ඇතිවීමය. මෙය අරහත් මාර්ගයෙන් සම්පූර්ණ වේයයි දැනගනී.
වීරියසම්බොජ්ඣඞ්ගස්ස –
විරිය සම්බොජ්ඣංගයේ
“අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
“මහණෛනි, ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ, නූපන් විරිය සම්බොජ්ඣංගයේ ඉපදීම සඳහා උපන් විරිය සම්බොජ්ඣංගයේ අධික බවට මහත් බවට භාවනාව පූර්ණවීමට එයම හේතුවේ.
එවං උප්පාදො හොති.
මෙසේ ඉපදීම වේ.
අපිච එකාදස ධම්මා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – අපායභයපච්චවෙක්ඛණතා, ආනිසංසදස්සාවිතා, ගමනවීථිපච්චවෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා , දායජ්ජමහත්තපච්චවෙක්ඛණතා, සත්ථුමහත්තපච්චවෙක්ඛණතා, ජාතිමහත්තපච්චවෙක්ඛණතා, සබ්රහ්මචාරිමහත්තපච්චවෙක්ඛණතා, කුසීතපුග්ගලපරිවජ්ජනතා, ආරද්ධවීරියපුග්ගලසෙවනතා, තදධිමුත්තතාති.
තවද කරුණු එකොළහක් විරිය සම්බොජ්ඣංගයේ ඉපදීම සඳහා පවතී. අපාය භය ප්රත්යවේක්ෂා කිරීම, ආනිසංස දැකීම, චිත්තවීථි ප්රත්යවේක්ෂා කිරීම, පිණ්ඩපාත පචායනය, දායාද මහත් බව ප්රත්යවේක්ෂා කිරීම, ශාස්තෲන් වහන්සේ ගරුත්වය ප්රත්යවේක්ෂා කිරීම, ජාතිමහත්වය, සබ්‍රහ්මචාරි මහත්මය, කුසීත පුද්ගල පරිවර්ජණය, වීර්ය පුද්ගලයන් සේවනය, තදධිමුත්තතා යන මේවාය.
තත්ථ නිරයෙසු පඤ්චවිධබන්ධනකම්මකාරණතො පට්ඨාය මහාදුක්ඛං අනුභවනකාලෙපි, තිරච්ඡානයොනියං ජාලක්ඛිපකුමීනාදීහි ගහිතකාලෙපි, පාචනකණ්ටකාදිප්පහාරාවිතුන්නස්ස පන සකටවහනාදිකාලෙපි, පෙත්තිවිසයෙ අනෙකානිපි වස්සසහස්සානි එකං බුද්ධන්තරම්පි ඛුප්පිපාසාහි ආතුරීභූතකාලෙපි, කාලකඤ්ජිකඅසුරෙසු සට්ඨිහත්ථඅසීතිහත්ථප්පමාණෙන අට්ඨිචම්මමත්තෙනෙව අත්තභාවෙන වාතාතපාදිදුක්ඛානුභවනකාලෙපි න සක්කා වීරියසම්බොජ්ඣඞ්ගං උප්පාදෙතුං. ‘අයමෙව තෙ, භික්ඛු, කාලො වීරියකරණායා’ති එවං අපායභයං පච්චවෙක්ඛන්තස්සාපි වීරියසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති. ‘න සක්කා කුසීතෙන නව ලොකුත්තරධම්මා ලද්ධුං; ආරද්ධවීරියෙනෙව සක්කා; අයමානිසංසො වීරියස්සා’ති එවං ආනිසංසදස්සාවිනොපි උප්පජ්ජති. ‘සබ්බබුද්ධපච්චෙකබුද්ධමහාසාවකෙහෙව තෙ ගතමග්ගො ගන්තබ්බො; සො ච න සක්කා කුසීතෙන ගන්තු’න්ති එවං ගමනවීථිං පච්චවෙක්ඛන්තස්සාපි උප්පජ්ජති. ‘යෙ තං පිණ්ඩපාතාදීහි උපට්ඨහන්ති, ඉමෙ තෙ මනුස්සා නෙව ඤාතකා, න දාසකම්මකරා, නාපි තං නිස්සාය ‘ජීවිස්සාමා’ති තෙ පණීතානි පිණ්ඩපාතාදීනි දෙන්ති; අථ ඛො අත්තනො කාරානං මහප්ඵලතං පච්චාසිංසමානා දෙන්ති. සත්ථාරාපි ‘අයං ඉමෙ පච්චයෙ පරිභුඤ්ජිත්වා කායදළ්හීබහුලො සුඛං විහරිස්සතී’ති න එවඤ්ච සම්පස්සතා තුය්හං පච්චයා අනුඤ්ඤතා; අථ ඛො ‘අයං ඉමෙ පරිභුඤ්ජමානො සමණධම්මං කත්වා වට්ටදුක්ඛතො මුච්චිස්සතී’ති තෙ පච්චයා අනුඤ්ඤාතා. සො දානි ත්වං කුසීතො විහරන්තො න තං පිණ්ඩපාතං අපචායිස්සසි. ආරද්ධවීරියස්සෙව හි පිණ්ඩපාතාපචායනං නාම හොතී’ති එවං පිණ්ඩපාතාපචායනං පච්චවෙක්ඛන්තස්සාපි උප්පජ්ජති, මහාමිත්තත්ථෙරස්ස විය.
එහි නිරයවල පස්විධ බැඳුම් කරන කාලයේ සිට මහදුක් විඳින කාලයෙහිද තිරිසන් යෝනියෙහි දැල් කරක්ගෙඩි කෙමන් ආදියෙන් ගන්නා කාලයෙහිද කෙවිටි කටු සැමිටි පහරින් මඩින ලද කරත්ත අදින කාලයේද (විය උසුලන) ප්‍රේත විෂයෙහි නොයෙක් වර්ෂ ලක්ෂ ගණන් එක් බුද්ධාන්තරයක් ද සාපිපාසාවෙන් ආතුර වූ කාලයෙහිද කාලකඤ්ජක අසුර යෝනියෙහි හැට අසූරියන් ප්‍රමාණයෙන් ඇටසම් පමණක් වූ ආත්ම භවයෙන් අවි සුලං ආදී දුක්විඳින කාලයෙහිද විරිය සම්බොජ්ඣංගය ඉපදවිමට නොහැකිය. භික්ෂුව, ඔබට වීර්ය කිරීමට මේ කාලයයි අපාය භය සිහිකරන්නාටද විරිය සම්බොජ්ඣංගය උපදී. කම්මැලිකමින් නවලෝකෝත්තර ධර්මය ලැබියහැකි නොවේ. ආරම්භ කරන ලද වීර්යයෙන්ම හැකි වේ. වීර්යයේම මේ ආනිසංස යයි ආනිසංස දකින්නාට ද උපදී. සියළු බුදු පසේබුදු මහා ශ්‍රාවකයන් විසින් ගමන් කළ මාර්ගයෙහි යායුතුයි. එහි කුසීතකමින් යා නොහැකිය. මෙසේ ගමන්වීථිය (මාර්ගය) සිහිකරන්නාටද උපදී. යමෙක් ඒ භික්ෂුවට පිණ්ඩපාත ආදියෙන් උපස්ථාන කරති. මේ මිනිස්සු ඔබේ නෑයෝ නොවෙති. දාස කම්කරුවෝද නොවෙති. ඔහු නිසා ජීවත්වෙමුයි ප්‍රණීත වූ පිණ්ඩපාතාදිය නොදෙති. තමන්ගේ ක්‍රියාවන්ගේ මහත්ඵල බලාපොරොත්තු වෙමින් දෙති. ශාස්තෲන් වහන්සේ විසින්ද මේ පුණ්‍ය අනුභවකොට කය බොහෝසෙයින් සුඛෝපභෝගීව වාසය කරන්නේ යයි මෙසේ දකිමින් නැවත ප්‍රත්‍ය්‍ය අනුදැන වදාරන ලද්දේ නොවෙයි. මේ තෙමේ එය වළඳන්නේ මහණ දම්කොට සසර දුකින් මිදෙන්නේ යයි ඒ ප්‍රත්‍යය අනුමත කරන ලදි. දැන් සිට කුසීතව වාසය කරන්නේ නම් ඒ පිණ්ඩපාතය පූජා නොකරන්නේය. ආරම්භ කරන ලද වීර්යවන්තයාටම පිණ්ඩපාත පිදීම වේයයි මෙසේ පිණ්ඩපාත අපචායනය සිහිකරන්නාටද උපදී, මහාමිත්ත තෙරුන් මෙන්,
ථෙරො කිර කස්සකලෙණෙ නාම පටිවසති. තස්ස ච ගොචරගාමෙ එකා මහාඋපාසිකා ථෙරං පුත්තං කත්වා පටිජග්ගති. සා එකදිවසං අරඤ්ඤං ගච්ඡන්තී ධීතරං ආහ – “අම්ම, අසුකස්මිං ඨානෙ පුරාණතණ්ඩුලා, අසුකස්මිං ඛීරං, අසුකස්මිං සප්පි, අසුකස්මිං ඵාණිතං. තව භාතිකස්ස අය්යමිත්තස්ස ආගතකාලෙ භත්තං පචිත්වා ඛීරසප්පිඵාණිතෙහි සද්ධිං දෙහි , ත්වඤ්ච භුඤ්ජෙය්යාසී”ති. “ත්වං පන කිං භුඤ්ජිස්සසි, අම්මා”ති? “අහං පන හිය්යො පක්කං පාරිවාසිකභත්තං කඤ්ජියෙන භුත්තම්හී”ති. “දිවා කිං භුඤ්ජිස්සසි, අම්මා”ති? “සාකපණ්ණං පක්ඛිපිත්වා කණතණ්ඩුලෙහි අම්බිලයාගුං පචිත්වා ඨපෙහි, අම්මා”ති.
තෙරුන් වහන්සේ වනාහි කස්සප ලෙණෙහි වාසය කරති. ඒ ගොදුරු ගමෙහි එක් මහා උපාසිකාවක් තෙරුන් පුතෙකු කොට සලකා පෝෂණය කරති. ඒ එක්දිනක් වනයට යන්නී දුවට කීහ. දරුව, අසවල්තැන පරණ හාල්, අසවල් තැන කිරි, අසවල් තැන ගිතෙල්, අසවල් තැන පැණි, ඔබේ සොයුරු ආර්ය මිත්ත පැමිණි කාලයේ බත් උයා කිරිපැණි සමග දෙන්න. ඔබත් ආහාර ගන්න. ‘අම්මේ, ඔබ මොනවද කන්නෙ?’ යයි දුව ඇසීය. මම ඊයේ උයපු පිරිවෙස් බතක් කැඳ සමග බීවෙමි. අම්මේ, දවල්ට මොනවද කන්නෙ? අතුකොල බහා සුනුසහල්වලින් ඇඹුල් කැඳක් පිස තබන්න දරුවයි කීහ.
ථෙරො චීවරං පාරුපිත්වා පත්තං නීහරන්තොව තං සද්දං සුත්වා අත්තානං ඔවදි – ‘මහාඋපාසිකා කිර කඤ්ජියෙන පාරිවාසිකභත්තං භුඤ්ජි; දිවාපි කණපණ්ණම්බිලයාගුං භුඤ්ජිස්සති; තුය්හං අත්ථාය පන පුරාණතණ්ඩුලාදීනි ආචික්ඛති. තං නිස්සාය ඛො පනෙසා නෙව ඛෙත්තං, න වත්ථුං, න භත්තං, න වත්ථං පච්චාසීසති; තිස්සො පන සම්පත්තියො පත්ථයමානා දෙති. ත්වං එතිස්සා තා සම්පත්තියො දාතුං සක්ඛිස්සසි, න සක්ඛිස්සසීති? අයං ඛො පන පිණ්ඩපාතො තයා සරාගෙන සදොසෙන සමොහෙන න සක්කා භුඤ්ජිතු’න්ති පත්තං ථවිකාය පක්ඛිපිත්වා ගණ්ඨිකං මුඤ්චිත්වා නිවත්තිත්වා කස්සකලෙණමෙව ගන්ත්වා පත්තං හෙට්ඨාමඤ්චෙ චීවරං චීවරවංසෙ ඨපෙත්වා ‘අරහත්තං අපාපුණිත්වා න නික්ඛමිස්සාමී’ති වීරියං අධිට්ඨහිත්වා නිසීදි. දීඝරත්තං අප්පමත්තො හුත්වා නිවුත්ථභික්ඛු විපස්සනං වඩ්ඪෙත්වා පුරෙභත්තමෙව අරහත්තං පත්වා විකසමානමිව පදුමං මහාඛීණාසවො සිතං කරොන්තොව නිසීදි. ලෙණද්වාරෙ රුක්ඛම්හි අධිවත්ථා දෙවතා –
තෙරුන්වහන්සේ සිවුරු පොරවා පාත්‍රය බැහැර කරන්නේ ඒ ශබ්දය අසා තමාට අවවාද දුන්හ. මහ උවැසිය පිරිවෙස් බත කැඳ සමග අනුභව කළහ. දවල්ට සුණුසහල් කොළ ඇඹුල් කැඳක් බොන්නීය. ඔබේ ප්‍රයෝජනය සඳහා පරණ සහල් ආදිය කියයි. ඒ සඳහා කුඹුරු වස්තු බත් වස්ත්‍ර බලාපොරොත්තු නොවේ. තුන් සම්පත් ප්‍රාර්ථනා කරමින් දෙයි. ඔබ ඇයට ඒ සම්පත් දීමට හැකිවන්නෙහිද? නොහැකිවන්නෙහිද? මේ පිණ්ඩපාතය ඔබ විසින් රාග සහිතව දෝස සහිතව මුළා සහිතව වැළඳීමට නොහැකියයි පාත්‍රය පාත්‍ර පසුම්බියෙහි බහා ගැට මුදා නැවතී කස්සප ලෙණටම ගොස් පාත්‍රය ඇඳයට සිවුර සිවුරු වැලෙහි තබා රහත් නොවී නොනික්මෙමියි වීර්ය අධිෂ්ඨාන කොටගෙන හිඳගත්හ. දීර්ඝ කාලයක් අප්‍රමාදව වැසි භික්ෂුව විදර්ශනා වඩා පෙරබතෙහිම රහත්වී නෙලුම්මලක් පිබිදෙන්නාක් මෙන් මහා ක්ෂීණාශ්රව මද සිනාවෙන් හුන්හ. ලෙණදොර අධිගෘහිත දෙවියා
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්යොසි මාරිසා”ති.
උසස් පැවතුම් ඇති - උතුම් පුරිස මගෙ වැඳුම ඔබටය නිකෙලෙස් වූ - පින්වත දැකිණි’රහ වේ
උදානං උදානෙත්වා – ‘භන්තෙ, පිණ්ඩාය පවිට්ඨානං තුම්හාදිසානං අරහන්තානං භික්ඛං දත්වා මහල්ලකිත්ථියො දුක්ඛා මුච්චිස්සන්තී’ති ආහ.
උදන් අනා, ස්වාමීන් වහන්ස, පිඬු පිණිස පිවිසෙන ඔබවහන්සේ වැනි රහතුන්ට භික්ෂාව දී මහළු ස්ත්‍රීහු දුකින් මිදෙන්නෝ යයි කීවේය.
ථෙරො උට්ඨහිත්වා ද්වාරං විවරිත්වා කාලං ඔලොකෙන්තො ‘පාතොයෙවා’ති ඤත්වා පත්තචීවරමාදාය ගාමං පාවිසි. දාරිකාපි භත්තං සම්පාදෙත්වා ‘ඉදානි මෙ භාතා ආගමිස්සති, ඉදානි මෙ භාතා ආගමිස්සතීති ද්වාරං විවරිත්වා ඔලොකයමානා නිසීදි. සා, ථෙරෙ ඝරද්වාරං සම්පත්තෙ, පත්තං ගහෙත්වා සප්පිඵාණිතයොජිතස්ස ඛීරපිණ්ඩපාතස්ස පූරෙත්වා හත්ථෙ ඨපෙසි. ථෙරො ‘සුඛං හොතූ’ති අනුමොදනං කත්වා පක්කාමි. සාපි තං ඔලොකයමානා අට්ඨාසි.
තෙරහු නැගිට දොර ඇර වෙලාව බලන්නේ වේලාසනම යයි දැන පාසිවුරු ගෙන ගමට පිවිසියහ. දැරියද දානය සපයා දැන් මගේ සොහොයුරා පිණිස දොර ඇර බලමින් උන්නාය. තෙරුන් දොර ළඟට වැඩියවිට ඕතොමෝ පාත්‍රය ගෙන ගිතෙල් පැණි යෙදූ කිරි පිණ්ඩපාතය පුරවා අතේ තැබීය. තෙරහු සුවපත් වේවායි අනුමෝදනා කොට වැඩියහ. ඕතොමෝද උන්වහන්සේ බලමින් සිටියාය.
ථෙරස්ස හි තදා අතිවිය පරිසුද්ධො ඡවිවණ්ණො අහොසි, විප්පසන්නානි ඉන්ද්රියානි, මුඛං බන්ධනා මුත්තතාලපක්කං විය අතිවිය විරොචිත්ථ. මහාඋපාසිකා අරඤ්ඤා ආගන්ත්වා – “කිං, අම්ම, භාතිකො තෙ ආගතො”ති පුච්ඡි. සා සබ්බං තං පවත්තිං ආරොචෙසි. උපාසිකා ‘අජ්ජ මෙ පුත්තස්ස පබ්බජිතකිච්චං මත්ථකං පත්ත’න්ති ඤත්වා “අභිරමති තෙ, අම්ම, භාතා බුද්ධසාසනෙ, න උක්කණ්ඨතී”ති ආහ.
තෙරුන් වහන්සේගේ ඡවි වර්ණය එදා අතිශයින් පිරිසිදු විය. ඉඳුරෝ ප්‍රසන්නයහ. මුහුණ බැම්මෙන් මිදුණු ඉදුණු තල්ගෙඩියක් මෙන් අතිශයින් බැබළුණේය. මහා උපාසිකාව වනයේ අවුත් කිම දරුව, ඔබේ සෝයුරා පැමිණියේ දැයි ඇසීය. ඕ සියලු පවත් දැන්වූවාය. උපාසිකාව අද මගේ පුතාගේ පැවිදි කිස මුදුන් පැමිණියේ යයි දැන ඔබේ සෝයුරා බුදුසසුනේ නොකලකිරෙතැයි සතුටුවන්න දරුව යයි කීය.
මහන්තං ඛො පනෙතං සත්ථු දායජ්ජං යදිදං සත්ත අරියධනානි නාම. තං න සක්කා කුසීතෙන ගහෙතුං. යථා හි විප්පටිපන්නං පුත්තං මාතාපිතරො ‘අයං අම්හාකං අපුත්තො’ති පරිබාහිරං කරොන්ති; සො තෙසං අච්චයෙන දායජ්ජං න ලභති; එවං කුසීතොපි ඉදං අරියධනදායජ්ජං න ලභති, ආරද්ධවීරියොව ලභතීති දායජ්ජමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති. ‘මහා ඛො පන තෙ සත්ථා. සත්ථුනො හි තෙ මාතුකුච්ඡිස්මිං පටිසන්ධිගණ්හනකාලෙපි අභිනික්ඛමනෙපි අභිසම්බොධියම්පි ධම්මචක්කපවත්තනයමකපාටිහාරියදෙවොරොහනආයුසඞ්ඛාරවොස්සජ්ජනෙසුපි පරිනිබ්බානකාලෙපි දසසහස්සිලොකධාතු කම්පිත්ථ. යුත්තං නු තෙ එවරූපස්ස සත්ථුනො සාසනෙ පබ්බජිත්වා කුසීතෙන භවිතු’න්ති එවං සත්ථුමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
මේ ශාස්තෲ දායාදය ඉතා මහත්ය. එනම් සප්ත ආර්ය ධනය වේ. එය කම්මැලිකමින් ගත නොහැකිය. යම්සේ වැරදියට පිළිපන් පුතකු මේ අපේ පුතා නොවේ යයි බැහැර කරන මව්පියන්ගේ ධනය ඔහුට නොලැබේ. එසේම කුසීතකමෙන් මේ ආර්ය ධන දායාදය නොලබයි. වීර්යවන්තයාටම ලැබේ යයි දායාද මහත්වය මෙනෙහි කරන්නාටද උපදී. ශාස්තෲන් වහන්සේ පිළිපැදිය යුතුය. ශාස්තෲන් මව්කුස පිළිසිඳ ගන්නා කාලයෙහිද අභිනිෂ්ක්‍රමණය කරන විටද සම්බෝධිය පැමිණි කල්හිද දම්සක් පවත්වන විටද යමක ප්රාතිහාර්ය පානවිටද දෙවාරෝහණය ආයු සංස්කාරය අත්හරිනවිට පිරිනිවන් පාන කාලයේද දස සහශ්‍රී ලෝකධාතුව කම්පා විය. මෙබඳු වූ ශෘස්තෲන් වහන්සේ කෙනෙකුන්ගේ ශාසනයෙහි පැවිදි වී කුසීතව සිටීම යුතු නොවේයයි මෙසේ ශාස්තෲ මහත්වය මෙනෙහි කරන්නාටද උපදී.
‘ජාතියාපි ත්වං ඉදානි න ලාමකජාතිකොසි; අසම්භින්නාය මහාසම්මතපවෙණියා ආගතෙ ඔක්කාකරාජවංසෙ ජාතො; සිරිසුද්ධොදනමහාරාජස්ස ච මහාමායාදෙවියා ච නත්තා; රාහුලභද්දස්ස කනිට්ඨො. තයා නාම එවරූපෙන ජිනපුත්තෙන හුත්වා න යුත්තං කුසීතෙන විහරිතු’න්ති එවං ජාතිමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති. ‘සාරිපුත්තමොග්ගල්ලානා චෙව අසීතිමහාසාවකා ච වීරියෙනෙව ලොකුත්තරධම්මං පටිවිජ්ඣිංසු. ත්වං එතෙසං සබ්රහ්මචාරීනං මග්ගං පටිපජ්ජසි, නප්පටිපජ්ජසී’ති එවං සබ්රහ්මචාරිමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
ජාතියෙන් ඔබ දැන ලාමක ජාතිකයෙකි. අසම්භින්නව මහා සම්මත පරපුරෙන් පැමිණි ඔක්කාක රාජවංශයේ ඉපදුනේය. සිරිසුදොවුන් මහ රජුද මහාමායා දේවියගේද මුණුබුරාය. රාහුල භද්‍රයන්ගේ සෝයුරාය. ඔබ මෙබඳු ජින පුත්‍රයකු වී කුසීතව සිටීම යුතු නොවේය. මෙසේ ජාති මහත්වය සිහි කරන්නාටද උපදී. සැරියුත් මහමුගලන් මෙන්ම අසූ මහ ශ්‍රාවකයෝද වීර්යයෙන්ම ලෝකෝත්තර ධර්මය අවබෝධ කළහ. ඔබ ලවා සබ්රහ්මසරුන්ගේ මාර්ගය පිළිපදුව. පිළි නොපදින්නේ දැයි සබ්‍රම්සරුන්ගේ මහත්වය මෙනෙහි කරන්නාටද උපදී.
කුච්ඡිං පූරෙත්වා ඨිතඅජගරසදිසෙ විස්සට්ඨකායිකචෙතසිකවීරියෙ කුසීතපුග්ගලෙ පරිවජ්ජෙන්තස්සාපි ආරද්ධවීරියෙ පහිතත්තෙ පුග්ගලෙ සෙවන්තස්සාපි ඨානනිසජ්ජාදීසු විරියුප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
කුස පුරවා පිඹුරකු සේ අත්හරින ලද කායික චේතනා විරිය ඇති කුසීත පුද්ගලයන් දුරුකරන්නාටද ආරද්ධ වීර්ය ඇති පුද්ගලයන් ආශ්‍රය කරන්නාටද සිටින හිඳින තැන්වල වීර්ය උත්පාදනය සඳහා නැඹුරු වූ සිත් ඇත්තාටද උපදී. මෙසේ උපන් විරිය සම්බොජ්ඣංගය අරහත් මගින් භාවනාව සම්පූර්ණ වේ යයි දැනගනී.
පීතිසම්බොජ්ඣඞ්ගස්ස –
පීති සම්බොජ්ඣංගයේ
“අත්ථි , භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
“මහණෙනි, පීති සම්බොජ්ඣංගයට පදනම් වූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ නූපන් පීති සම්බොජ්ඣංගය ඉපදීම සඳහා උපන් එය අධිකවීමට මහත්වීමට භාවභාව සම්පූර්ණ වීම පිණිස එයම හේතුවී පවතී.
එවං උප්පාදො හොති. තත්ථ පීතියෙව පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා නාම. තස්සා උප්පාදකමනසිකාරො යොනිසොමනසිකාරො නාම.
එසේ ඉපදීම වේ. එහි ප්‍රීතියම පීති සම්බොජ්ඣංග පදනමින් ධර්ම නම් වේ. [missing trans]
අපිච එකාදස ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – බුද්ධානුස්සති, ධම්මසඞ්ඝසීලචාගදෙවතානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගලපරිවජ්ජනතා, සිනිද්ධපුග්ගලසෙවනතා, පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා, තදධිමුත්තතාති.
තවද කරුණු එකොළසක් පීති සම්බෝජ්ඣංගය ඉපදීම පිණිස පවතී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීල, චාග, දේවතානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගල පරිවජ්ජනතා සිනිද්ධ පුග්ගල සෙවනතා, පසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා, තදධිමුත්තතා යන එකොලස වේ.
බුද්ධගුණෙ අනුස්සරන්තස්සාපි හි යාව උපචාරා සකලසරීරං ඵරමානො පීතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති; ධම්මසඞ්ඝගුණෙ අනුස්සරන්තස්සාපි, දීඝරත්තං අක්ඛණ්ඩං කත්වා රක්ඛිතං චතුපාරිසුද්ධිසීලං පච්චවෙක්ඛන්තස්සාපි, ගිහිනො දසසීලං පඤ්චසීලං පච්චවෙක්ඛන්තස්සාපි, දුබ්භික්ඛභයාදීසු පණීතං භොජනං සබ්රහ්මචාරීනං දත්වා ‘එවං නාම අදම්හා’ති චාගං පච්චවෙක්ඛන්තස්සාපි, ගිහිනොපි එවරූපෙ කාලෙ සීලවන්තානං දින්නදානං පච්චවෙක්ඛන්තස්සාපි, යෙහි ගුණෙහි සමන්නාගතා දෙවතා දෙවත්තං පත්තා තථාරූපානං ගුණානං අත්තනි අත්ථිතං පච්චවෙක්ඛන්තස්සාපි, සමාපත්තියා වික්ඛම්භිතෙ කිලෙසෙ සට්ඨිපි සත්තතිපි වස්සානි න සමුදාචරන්තීති පච්චවෙක්ඛන්තස්සාපි, චෙතියදස්සනබොධිදස්සනථෙරදස්සනෙසු අසක්කච්චකිරියාය සංසූචිතලූඛභාවෙ බුද්ධාදීසු පසාදසිනෙහාභාවෙන ගද්රභපිට්ඨෙ රජසදිසෙ ලූඛපුග්ගලෙ පරිවජ්ජෙන්තස්සාපි, බුද්ධාදීසු පසාදබහුලෙ මුදුචිත්තෙ සිනිද්ධපුග්ගලෙ සෙවන්තස්සාපි, රතනත්තයගුණපරිදීපකෙ පසාදනීයසුත්තන්තෙ පච්චවෙක්ඛන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු පීතිඋප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
බුදුගුණ සිහි කරන්නාගේ ඒකන්තයෙන් උපචාර සමාධිය දක්වා සියළු ශරීරයේ පැතිරෙමින් පීති සම්බොජ්ඣංගය උපදී. ධම්ම සංඝ ගුණ සිහි කරන්නාටද දිගු කලක් නොකඩවා රක්ෂා කරන ලද සිව්පිරිසිදු සිල් ප්රත්යවෙක්ෂා කරන්නාටද ගිහියාගේ දස සීලය පන්සිල් ප්රත්යවේක්ෂා කරන්නාටද දුක් බිය ආදියෙහි ප්‍රණීත භෝජන සබ්‍රහ්මචාරීන්ට දී මෙසේ දුන්නෙමියි ත්‍යාගය ප්රත්යවේක්ෂා කරන්නාටද ගිහියාගේ මෙබඳු කාලයෙහි සීලවන්තයන්ට දුන් දානය ප්රත්යවේක්ෂා කරන්නාගේද යම් ගුණයකින් යුක්ත වූ දෙවියෝ දේවත්වයට පත්වූහයි එබඳු ගුණ තමා කෙරෙහි ඇතැයි ප්රත්යවේක්ෂා කරන්නාටද සමාපත්තියෙන් මැඩපැවැත්වූ කෙලෙස් හැටහැත්තෑ වසරකින් පහළ නොවේ යයි ප්රත්යවේක්ෂා කරන්නාටද දාගැබ් දසුන් බොධි දසුන් සංසාර දර්ශනවල අගෞරව සහිත ක්‍රියාවෙන් රැස්කරන ලද රළු බවේ බුද්ධාදීන් කෙරෙහි පැහැදුණු සොභාමත් නැති බැවින් කොටලුවාගේ පිටේ රජස් (දූවිලි) මෙන් රළු පුද්ගලයින් දුරු කරන්නාගේ ද බුද්ධාදීන් කෙරෙහි පැහැදීම් බහුල වූ මුදු සිතැති සිනිදු පුද්ගලයන් සේවනය කරන්නාගේද රත්නත්‍රයෙහි ගුණ විස්තර කරන්නා වූ ප්‍රසාදනීය සූත්‍රාන්ත ප්රත්යවේක්ෂා කරන්නාගේද සිටින හිඳින තැන්වල ප්‍රීතිය ඉපිදවීම සඳහා නැමුණු ගැඹුරු සිත් ඇත්තාගේ ද පීති සම්බොජ්ඣංගය උපදී. මෙසේ උපන් පීති සම්බොජ්ඣංගය අරහත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේයයි දැනගනී.
පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස –
පස්සද්ධි සම්බොජ්ඣංගයේ
“අත්ථි , භික්ඛවෙ, කායපස්සද්ධි චිත්තපස්සද්ධි. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
“මහණෙනි, කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ නූපන් පස්සද්ධි සම්බොජ්ඣංගයේ ඉපදීම සඳහා උපන් එහි අධිකවීමට මහත්වීමට භාවනාව සම්පූර්ණ වීමට එය හේතුවී පවතී.”
එවං උප්පාදො හොති. අපිච සත්ත ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා , ඉරියාපථසුඛසෙවනතා, මජ්ඣත්තපයොගතා, සාරද්ධකායපුග්ගලපරිවජ්ජනතා, පස්සද්ධිකායපුග්ගලසෙවනතා, තදධිමුත්තතාති. පණීතඤ්හි සිනිද්ධං සප්පායභොජනං භුඤ්ජන්තස්සාපි, සීතුණ්හෙසු උතූසු ඨානාදීසු ච ඉරියාපථෙසු සප්පායං උතුඤ්ච ඉරියාපථඤ්ච සෙවන්තස්සාපි පස්සද්ධි උප්පජ්ජති. යො පන මහාපුරිසජාතිකො සබ්බඋතුඉරියාපථක්ඛමොව හොති, න තං සන්ධායෙතං වුත්තං. යස්ස සභාගවිසභාගතා අත්ථි, තස්සෙව විසභාගෙ උතුඉරියාපථෙ වජ්ජෙත්වා සභාගෙ සෙවන්තස්සාපි උප්පජ්ජති. මජ්ඣත්තපයොගො වුච්චති අත්තනො ච පරස්ස ච කම්මස්සකතපච්චවෙක්ඛණා; ඉමිනා මජ්ඣත්තපයොගෙන උප්පජ්ජති. යො ලෙඩ්ඩුදණ්ඩාදීහි පරං විහෙඨයමානොව විචරති, එවරූපං සාරද්ධකායං පුග්ගලං පරිවජ්ජෙන්තස්සාපි, සංයතපාදපාණිං පස්සද්ධකායං පුග්ගලං සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු පස්සද්ධිඋප්පාදනත්ථාය නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
මෙසේ ඉපදීම වේ. තවද කරුණු සතක් පස්සද්ධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. පණීත භෝජන සෙවනතා, උතුසුඛ සෙවනතා, ඉරියාපථ සුඛ සෙවනතා, මජ්ඣත්ත පයොගතා, සාරද්ධකාය පුග්ගල පරිවජ්ජනතා, පස්සද්ධිකාය පුග්ගල සෙවනතා, තදධිමුත්තතා යන සතයි. ප්‍රණීත වූ සිනිඳු වූ සප්පාය භෝජන වළඳන්නාටද සෘතුවල සීත උෂ්ණ ස්ථානවල ඉරියව්වල සප්පාය සෘතු ඉරියව් සේවනය කරන්නාටද පස්සද්ධිය උපදී. යම් මහා පුරුෂයෙකුට සියළු සෘතු ඉරියාපථ සමනය වේ. ඒ සඳහා මෙසේ නොකියන ලදි. යමෙකුට සභාග විසභාග ඇත්නම් එහි විසභාග සෘතු ඉරියව් අත්හැර සභාගය සේවනය කරන්නට උපදී. තමාටද අනුන්ටද කරන ලද ක්‍රියා ප්රත්යවේක්ෂා කිරීමට මජ්ඣත්ත පයොගයයි කියනු ලැබේ. මෙම මධ්‍යස්ථ ප්‍රයෝගයෙන් උපදී. යමෙක් කැටදඬු ආදියේ අනුන් පෙළමින් හැසිරෙයි. එබඳු රූප වූ සාරද්ධකාය පුද්ගලයින් වර්ජනය කරන්නාටද දමනය වූ අත් පා ඇති පස්සද්ධකාය පුද්ගලයින් ඇසුරු කරන්නාටද සිටින හිඳින තැන්වල පස්සද්ධි ඉපිදවීම පිණිස ගැඹුරු නැමුණු සිත් ඇත්තාටද පස්සද්ධිය උපදී. මෙසේ ඉපදුණු පස්සද්ධිය අරහත් මගින් භාවනාව සම්පූර්ණ වේයයි දැනගනී.
සමාධිසම්බොජ්ඣඞ්ගස්ස –
සමාධි සම්බොජ්ඣංගයේ
“අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
මහණෙනි, සමථ නිමිත්ත අව්‍යග්ග නිමිත්ත ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ, නූපන් සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස උපන් එහි අධිකවීමට මහත්වීමට භාවනාව සම්පූර්ණවීම සඳහා හේතුවී පවතී.
එවං උප්පාදො හොති. තත්ථ සමථොව සමථනිමිත්තං, අවික්ඛෙපට්ඨෙන ච අබ්යග්ගනිමිත්තන්ති.
මෙසේ ඉපදීම වේ. එහි සමථයද සමථ නිමිත්තද වෙන් නොවීම් අර්ථයෙන්ද අබ්‍යග්ග නිමිත්ත වේ.
අපිච එකාදස ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – වත්ථුවිසදකිරියතා , ඉන්ද්‍රියසමත්තපටිපාදනතා, නිමිත්තකුසලතා, සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා, සමයෙ චිත්තස්ස නිග්ගහණනතා, සමයෙ සම්පහංසනතා, සමයෙ අජ්ඣුපෙක්ඛණතා, අසමාහිතපුග්ගලපරිවජ්ජනතා, සමාහිතපුග්ගලසෙවනතා, ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා, තදධිමුත්තතාති. තත්ථ වත්ථුවිසදකිරියතා ච ඉන්ද්‍රියසමත්තපටිපාදනතා ච වුත්තනයෙනෙව වෙදිතබ්බා.
තවද කරුණු එකොළහක් සමාධි සම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. වත්ථු විසද කිරියතා ඉන්ද්රිය සමත්ත පටිපාදනතා, නිමිත්ත කුසලතා, සමයේ චිත්තස්ස පග්ගණ්හනතා, සමයේ චිත්තස්ස නිග්ගණ්හනතා, සමයෙ සම්බහංසනතා, සමයෙ අජ්ජුපෙක්ඛණතා, අසමාහිත පුග්ගල පරිවජ්ජනතා, සමාහිත පුද්ගල සෙවනතා, ඣානවිමොක්ඛ පච්චවෙක්ඛණතා, තදධිමුත්තතා යන එකොළොස වේ. එහි වත්ථුවිසද කිරියතාව සහ ඉන්ද්රිය සමත්තපටිපාදනතාද කියන ලද නයින්ම දතයුතුය.
නිමිත්තකුසලතා නාම කසිණනිමිත්තස්ස උග්ගහණකුසලතා. සමයෙ චිත්තස්ස පග්ගහණනතාති යස්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත්තං හොති, තස්මිං සමයෙ ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තස්ස පග්ගණ්හනං. සමයෙ චිත්තස්ස නිග්ගහණනතාති යස්මිං සමයෙ අච්චාරද්ධවීරියතාදීහි උද්ධටං චිත්තං හොති, තස්මිං සමයෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තස්ස නිග්ගණ්හනං. සමයෙ සම්පහංසනතාති යස්මිං සමයෙ චිත්තං පඤ්ඤාපයොගමන්දතාය වා උපසමසුඛානධිගමෙන වා නිරස්සාදං හොති, තස්මිං සමයෙ අට්ඨසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන සංවෙජෙති. අට්ඨ සංවෙගවත්ථූනි නාම ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛන්ති. රතනත්තයගුණානුස්සරණෙන ච පසාදං ජනෙති. අයං වුච්චති සමයෙ සම්පහංසනතාති.
නිමිත්ත කුසල නම් කසිණ නිමිත්ත ඉගෙන ගන්නා දක්ෂතාව වේ. සුදුසු කාලයෙහි සිත උනන්දු කිරීම නම් යම් වෙලාවක ඉතා ලිහිල් විරියෙන් හැකිලේ. ඒ අවස්ථාවේ ධම්ම විචය, විරිය පීති, සම්බොජ්ඣංග උපදවමින් එය උනන්දු කිරීම. යස්මිං සමධි මන්තං නිස්සන්ති යම් වෙලාවක අධික වීරියෙන් සිත විසිරේ. ඒ අවස්ථාවේ පස්සද්ධි සමාධි උපෙක්ඛා සම්බොජ්ඣංග උපදවා ගැනීමෙන් එය අඩු කිරීම වේ. සබ්බේ සමුට්ඨාපන්නෙ යනු යම් අවස්ථාවක සිත ප්‍රඥා ප්‍රභේද අඩු බැවින් හෝ උපසම සැප නොලැබීමෙන් හෝ ආශ්වාද රහිත වේ. ඒ අවස්ථාවේ සංවේග වස්තු අට ප්රත්යවේක්ෂා කිරීමෙන් සංවේගයට පැමිණවීම. සංවේග වස්තු අටනම් ජාති ජරා ව්‍යාධි මරණ සතර අපා දුක අතීත සංසාර දුක අනාගත සංසාරයට හේතුවන දුක වර්තමානයේ ආහාර සෙවීමේ දුක යන මේවාය. රත්නත්‍රයෙහි ගුණ සිහිකිරීමෙන් පැහැදීම් ඇතිකරයි. සුදුසු කාලයෙහි උනන්දු කරවීම යනු මෙය වේ.
සමයෙ අජ්ඣුපෙක්ඛනතා නාම යස්මිං සමයෙ සම්මාපටිපත්තිං ආගම්ම අලීනං අනුද්ධටං අනිරස්සාදං ආරම්මණෙ සමප්පවත්තං සමථවීථිපටිපන්නං චිත්තං හොති, තදායං පග්ගහනිග්ගහසම්පහංසනෙසු න බ්යාපාරං ආපජ්ජති සාරථී විය සමප්පවත්තෙසු අස්සෙසු. අයං වුච්චති සමයෙ අජ්ඣුපෙක්ඛනතාති. අසමාහිතපුග්ගලපරිවජ්ජනතා නාම උපචාරං වා අප්පනං වා අප්පත්තානං වික්ඛිත්තචිත්තානං පුග්ගලානං ආරකා පරිවජ්ජනං. සමාහිතපුග්ගලසෙවනතා නාම උපචාරෙන වා අප්පනාය වා සමාහිතචිත්තානං සෙවනා භජනා පයිරුපාසනා. තදධිමුත්තතා නාම ඨානනිසජ්ජාදීසු සමාධිඋප්පාදනත්ථංයෙව නින්නපොණපබ්භාරචිත්තතා. එවඤ්හි පටිපජ්ජතො එස උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.
සමයෙ අජ්ජුපෙක්ඛතා නම් යම් අවස්ථාවක මනා පිළිවෙතට පැමිණ නොහැකිලී විසිරීමක් නැතිව දුරු නොකළ ආශ්වාද ඇති අරමුණෙහි සමව පැවති සමථ මාර්ගයට පිළිපන් සිත වේ. ඒ අවස්ථාවේ පග්ගහ නිමිත්ත සම්පහංසනවලට නොපැමිණේ. රියැදුරා මෙන් සමව පැවතීම වේ. අසමාහිත පුග්ගල පරිවජ්ජනා නම් උපචාරවලට හෝ අර්පණාවලට නොපැමිණ වික්ෂිප්ත පුද්ගලයින් දුරින්ම දුරුකිරීම, සමාහිත පුද්ගල සෙවනතා නම් උපචාරයෙන් හෝ අර්පණාවෙන් හෝ සමාහිත සිත් ඇත්තන් සේවනය කිරීම, භජනය කිරීම, පයිරුපාසනය කිරීම වේ. තදධිමුත්තතා නම් සිටින හිඳින තැන්වල සමාධි ඉපිදවීම සඳහාම නැමුණු ගැඹුරු පබ්භාර සිතක් ඇති බවය. මෙසේ පිළිපදින්නාට සමාධිය උපදී. මෙසේ උපන් සමාධිය අර්හත් මාර්ගයෙන් සම්පූර්ණ වේයයි දැනගනී.
උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස –
උපෙක්ඛා සම්බොජ්ඣංගයෙන්
“අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) –
“මහණෙනි, උපේක්ඛා සම්බොජ්ඣංගය පදනම් වූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ. නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ඉපදීම සඳහා උපන් එය අධිකවීමට මහත්වීමට භාවනාව සම්පූර්ණවීමට එයම හේතුවී පවතී.”
එවං උප්පාදො හොති. තත්ථ උපෙක්ඛාව උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා නාම. අපිච පඤ්ච ධම්මා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති – සත්තමජ්ඣත්තතා, සඞ්ඛාරමජ්ඣත්තතා, සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතා, සත්තසඞ්ඛාරමජ්ඣත්තපුග්ගලසෙවනතා, තදධිමුත්තතාති.
මෙසේ ඉපදීම වේ. එහි උපේක්ෂාවම උපේක්ඛාඨානීය ධම්ම නම් වේ. තවද කරුණු පහක් උපේක්ඛා සම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. සත්ත මජ්ඣත්තතා, සංඛාර මජ්ඣත්ත සත්ත සංඛාර කෙලායන පුග්ගල පරිවජ්ජනතා, සත්ත සංඛාර මජ්ඣත්ත පුග්ගල සෙවනතා, තදධිමුත්තතා.
තත්ථ ද්වීහාකාරෙහි සත්තමජ්ඣත්තතං සමුට්ඨාපෙති – ‘ත්වං අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනොව කම්මෙන ගමිස්සසි. එසොපි අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනොව කම්මෙන ගමිස්සති. ත්වං කං කෙලායසී’ති එවං කම්මස්සකතපච්චවෙක්ඛණෙන ච ‘පරමත්ථතො සත්තොයෙව නත්ථි. සො ත්වං කං කෙලායසී’ති එවං නිස්සත්තපච්චවෙක්ඛණෙන ච. ද්වීහෙවාකාරෙහි සඞ්ඛාරමජ්ඣත්තතං සමුට්ඨාපෙති – ‘ඉදං චීවරං අනුපුබ්බෙන වණ්ණවිකාරඤ්චෙව ජිණ්ණභාවඤ්ච උපගන්ත්වා පාදපුඤ්ඡනචොළකං හුත්වා යට්ඨිකොටියා ඡඩ්ඩනීයං භවිස්සති. සචෙ පනස්ස සාමිකො භවෙය්ය, නාස්ස එවං විනස්සිතුං දදෙය්යා’ති එවං අස්සාමිකභාවපච්චවෙක්ඛණෙන ච. ‘අනද්ධනියං ඉදං තාවකාලික’න්ති එවං තාවකාලිකභාවපච්චවෙක්ඛණෙන ච. යථා ච චීවරෙ, එවං පත්තාදීසුපි යොජනා කාතබ්බා.
එහි ආකාර දෙකකින් සත්ව මධ්‍යස්ථ භාවය උපදවයි. ඔබ තමාගේ කර්මයෙන් පැමිණ තමාගේ කර්මයෙන් යන්නේය. ඔබ කවරකු තමාගේ කියා යන්නෙහිද? මෙසේ කම්මස්ස තුන ප්‍රත්‍ය වේද පරමාර්ථ වශයෙන් සත්වයෙක් නැත. ඒ නිසා ඔබ කවරෙකු තමාගේ කියා පෙන්නන්නෙහිදැයි මෙසේ සත්වයෙක් නැත යන ප්රත්යවේක්ෂාවෙන්ද දෙයාකාරයකින් සංඛාර මධ්‍යස්ථභාවය උපදවයි. මේ සිවුර අනුක්රමයෙන් වර්ණය වෙනස්වීමද දිරුණු බවටද එළඹ පාපිස්න රෙදිකඩක්වා කෙවිටක අගින් ඉවත්කිරීම වන්නේය. ඉදින් මෙහි ස්වාමියා වෙනම් මෙසේ විනාශවීමට නොදෙන්නේය. මෙසේ අස්වාමිකව ප්රත්යවේක්ෂා කරමින්ද ස්ථිර නොවේයයි තාවකාලික නම් මෙසේ තාවකාලික බව ප්රත්යවේක්ෂා කිරීමෙන්ද සිවුරෙහි මෙන්ම පාත්‍ර ආදියෙහිද මෙය යොදාගත යුතුය.
සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතාති එත්ථ යො පුග්ගලො ගිහී වා අත්තනො පුත්තධීතාදිකෙ, පබ්බජිතො වා අත්තනො අන්තෙවාසිකසමානුපජ්ඣායකාදිකෙ මමායති, සහත්ථෙනෙව නෙසං කෙසච්ඡෙදනසූචිකම්මචීවරධොවනරජනපත්තපචනාදීනි කරොති, මුහුත්තම්පි අපස්සන්තො ‘අසුකො සාමණෙරො කුහිං? අසුකො දහරො කුහි’න්ති? භන්තමිගො විය ඉතො චිතො ච ආලොකෙති; අඤ්ඤෙන කෙසච්ඡෙදනාදීනං අත්ථාය ‘මුහුත්තං තාව අසුකං පෙසෙථා’ති යාචියමානොපි ‘අම්හෙපි තං අත්තනො කම්මං න කාරෙම, තුම්හෙ නං ගහෙත්වා කිලමෙස්සථා’ති න දෙති – අයං සත්තකෙලායනො නාම.
සත්ත සංඛාර කෙලසන පුග්ගල පරිවජ්ජිනතා යනු මෙහි යම් පුද්ගලයෙක් ගිහිව හෝ තමාගේ දූපුතුන් කෙරෙහි පැවිදිව තමාගේ අන්තේවාසික සමාන උපජ්ඣායකයා කෙරෙහි මමායනය කරයි. සියතින්ම ඔවුන්ගේ කෙස්කැපීම්, මැසීම්, සිවුරු සේදීම්, පඬුපෙවීම්, පාත්‍ර පිසීම් (පාත්‍ර ගින්නෙන් දවා ඔපකිරීමක්) ආදිය කරයි. මොහොතක් හෝ නොදක්නේ අසවල් සාමණේරයා කොහිද අසවල් දරුවා කොහිදැයි භ්‍රන්ත වූ මුවකු මෙන් එහෙ මෙහෙ බලයි. අනෙකෙකුගේ කෙස් කැපීම් ආදිය සඳහා මොහොතකට අසවලා එවන්නැයි ඉල්ලන්නේද, අපිද ඔහු නොවේ වැඩ නොකරවමු. මින් ඔහු ගෙන ක්ලාන්ත කරවතියි නොදේ. මෙය සත්ත කෙලායන (සත්ව මමත්වය) නම් වේ.
යො පන චීවරපත්තථාලකකත්තරයට්ඨිආදීනි මමායති, අඤ්ඤස්ස හත්ථෙන පරාමසිතුම්පි න දෙති, තාවකාලිකං යාචිතොපි ‘මයම්පි ඉමං මමායන්තා න පරිභුඤ්ජාම, තුම්හාකං කිං දස්සාමා’ති වදති – අයං සඞ්ඛාරකෙලායනො නාම. යො පන තෙසු ද්වීසුපි වත්ථූසු මජ්ඣත්තො උදාසීනො – අයං සත්තසඞ්ඛාරමජ්ඣත්තො නාම. ඉති අයං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො එවරූපෙ සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලෙ ආරකා පරිවජ්ජෙන්තස්සාපි, සත්තසඞ්ඛාරමජ්ඣත්තපුග්ගලෙ සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු තදුප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
යමෙක් සිවුරු පාත්‍ර තැටිය, සැරයටි ආදියට මමායනය කෙරේ. අනිකෙකුට අල්ලන්නවත් නොදේ. තාවකාලිකව ඉල්ලුවත් අපිත් මෙය ඇල්ම නිසා පරිභෝග නොකරමු. නුඹට කෙසේ දෙන්නෙම්දැයි කියති. මෙය සංඛාර මමායනය වේ. යමෙක් ඒ වස්තු දෙකෙහිම මධ්‍යස්ථ වූයේ උදාසීන වේ. මෙය සත්ත සංඛාර මධ්‍යස්ථභාවයයි. මෙසේ මේ උපේක්ඛා සම්බොජ්ඣංගය මෙන් වූ සත්ත සංඛාර මමායන පුද්ගලයන් දුරින්ම දුරු කරන්නටද එය උපදවීම් සඳහා නැමුණු ගැඹුරු පබ්භාර සිතක් ඇත්තාටද උපේක්ඛා සම්බොජ්ඣංගය උපදී. එසේ උපන් එය අරහත් මගින් වැඩීම සම්පූර්ණ වේයයි දැනගනී. සෙසු සියල්ල කියන ලද අර්ථ ඇතිය.
බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා.
බොජ්ඣංග පබ්බයයි.
ඉමෙසුපි ද්වීසු පබ්බෙසු සුද්ධවිපස්සනාව කථිතා. ඉති ඉමෙ චත්තාරො සතිපට්ඨානා පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භන්ති. අඤ්ඤෙනෙව හි චිත්තෙන කායං පරිග්ගණ්හාති, අඤ්ඤෙන වෙදනං, අඤ්ඤෙන චිත්තං, අඤ්ඤෙන ධම්මෙ පරිග්ගණ්හාති; ලොකුත්තරමග්ගක්ඛණෙ පන එකචිත්තෙයෙව ලබ්භන්ති. ආදිතො හි කායං පරිග්ගණ්හිත්වා ආගතස්ස විපස්සනාසම්පයුත්තා සති කායානුපස්සනා නාම. තාය සතියා සමන්නාගතො පුග්ගලො කායානුපස්සී නාම. විපස්සනං උස්සුක්කාපෙත්වා අරියමග්ගං පත්තස්ස මග්ගක්ඛණෙ මග්ගසම්පයුත්තා සති කායනුපස්සනා නාම. තාය සතියා සමන්නාගතො පුග්ගලො කායානුපස්සී නාම. වෙදනං පරිග්ගණ්හිත්වා…. චිත්තං පරිග්ගණ්හිත්වා…. ධම්මෙ පරිග්ගණ්හිත්වා ආගතස්ස විපස්සනාසම්පයුත්තා සති ධම්මානුපස්සනා නාම. තාය සතියා සමන්නාගතො පුග්ගලො ධම්මානුපස්සී නාම. විපස්සනං උස්සුක්කාපෙත්වා අරියමග්ගං පත්තස්ස මග්ගක්ඛණෙ මග්ගසම්පයුත්තා සති ධම්මානුපස්සනා නාම. තාය සතියා සමන්නාගතො පුග්ගලො ධම්මානුපස්සී නාම. එවං තාව දෙසනා පුග්ගලෙ තිට්ඨති. කායෙ පන ‘සුභ’න්ති විපල්ලාසප්පහානා කායපරිග්ගාහිකා සති මග්ගෙන සමිජ්ඣතීති කායානුපස්සනා නාම. වෙදනාය ‘සුඛ’න්ති විපල්ලාසප්පහානා වෙදනාපරිග්ගාහිකා සති මග්ගෙන සමිජ්ඣතීති වෙදනානුපස්සනා නාම. චිත්තෙ ‘නිච්ච’න්ති විපල්ලාසප්පහානා චිත්තපරිග්ගාහිකා සති මග්ගෙන සමිජ්ඣතීති චිත්තානුපස්සනා නාම. ධම්මෙසු ‘අත්තා’ති විපල්ලාසප්පහානා ධම්මපරිග්ගාහිකා සති මග්ගෙන සමිජ්ඣතීති ධම්මානුපස්සනා නාම. ඉති එකාව මග්ගසම්පයුත්තා සති චතුකිච්චසාධනට්ඨෙන චත්තාරි නාමානි ලභති. තෙන වුත්තං – ‘ලොකුත්තරමග්ගක්ඛණෙ පන එකචිත්තෙයෙව ලබ්භන්තී’ති.
මෙම කොටස් දෙකෙහිම සුද්ධ විපස්සනාවම කියන ලදි. මෙසේ මෙම සතර සතිපට්ඨානය පූර්ව භාගයෙහි නොයෙක් සිත්වල ලැබේ. වෙනත් සිතකින් කය විමසයි. වෙනත් සිතින් වේදනාව විමසයි. වෙනත් සිතකින් සිත විමසයි. වෙනත් සිතකින් ධර්මය විමසයි. ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි එකම සිතක සතිපට්ඨාන සතරම ලැබේ. මුලින්ම කය පිළිබඳ සිහිකර විමසා පැමිණි තැනැත්තාට විදර්ශනා සම්පයුත්ත සිහිය කායානුපස්සනාවය. ඒ සිහියෙන් යුක්ත පුද්ගලයා කායානුපස්සී නම් වේ. විදර්ශනාව උත්සාහවත් කරවා ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තාට මාර්ග ක්ෂණයෙහි මාර්ගය සම්ප්‍රයුක්ත සිහිය කායානුපස්සනා නම් වේ. ඒ සිහියෙන් යුක්ත පුද්ගලයා කායානුපස්සී නම් වේ. වේදනාව මෙනෙහිකර විමසා සිත මෙනෙහිකර විමසා ධර්මය මෙනෙහිකර විමසා පැමිණි තැනැත්තා විපස්සනා සම්ප්‍රයුක්ත සිහිය ධම්මානුපස්සනා නම් වේ. ඒ සිහියෙන් යුක්ත පුද්ගලයා ධම්මානුපස්සී නම් වේ. විපස්සනාව උත්සාහවත් කරවා ආර්ය මාර්ගය පැමිණි තැනැත්තාට මාර්ග ක්ෂණයෙහි මාර්ගය සම්ප්‍රයුක්ත සිහිය ධම්මානුපස්සනා නම් වේ. ඒ සිහියෙන් යුක්ත පුද්ගලයා ධම්මානුපස්සී නම් වේ. මෙසේ දේශනාව පුද්ගලයන් ඇත. කයෙහි සුභ යයි යන වැරදි අදහස දුරුකරන කය විමසන සිහිය මාර්ගයෙන් සිද්ධවේය යනු කායානුපස්සනා නම් වේ. වේදනාව සැපයයි යන විපර්යාසය ප්‍රහාණ වේදනාව විමසන සිහිය මාර්ගයේ සිද්ධ වේයයි වේදනානුපස්සනා වේ. සිතේ නිත්‍ය යයි යනු විපර්යාසය ප්රහාණය කරන සිත විමසන සිහිය මාර්ගයෙන් සිදුවේය යනු චිත්තානුපස්සනා වේ. ධර්මයෙහි ආත්මයය යන වැරදි විශ්වාසය දුරුකරන සිහිය මාර්ගයෙන් සම්පූර්ණ වේයයි යනු ධම්මානුපස්සනා නම් වේ. මෙසේ එකම මාර්ගය සම්ප්‍රයුක්ත සිහිය සතර කිසක් සාදන අර්ථයෙන් චත්තාරි නම ලබයි. එයින් කියන ලදි. “ලෝකුත්තර මග්ග කසිණො, පන එක චිත්තෙයෙව ලබ්භන්ති” යන ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි එකම සිතකම ලැබේ යයි.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සූත්තන්ත භජනියයි.