අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභාජනීයෙ ලොකුත්තරසතිපට්ඨානවසෙන දෙසනාය ආරද්ධත්තා යථා කායාදිආරම්මණෙසු ලොකියසතිපට්ඨානෙසු තන්ති ඨපිතා, එවං අට්ඨපෙත්වා සබ්බානිපි කායානුපස්සාදීනි සතිපට්ඨානානි ධම්මසඞ්ගණියං (ධ· ස· 355 ආදයො) විභත්තස්ස දෙසනානයස්ස මුඛමත්තමෙව දස්සෙන්තෙන නිද්දිට්ඨානි.
අභිධර්ම භාජනයෙහි සතිපට්ඨානය ලෝකෝත්තර වශයෙන් අරඹන ලද බැවින් කායාදි අරමුණුවල ලෞකික සතිපට්ඨානයෙහි පෙල තබන ලදි. සියළුම කායානුපස්සනාදි සතිපට්ඨාන ධම්ම සංගනියේ බෙදන ලද්දේ මුඛමාත්ර වශයෙන් දක්වා කියන ලදි.
තත්ථ නයභෙදො වෙදිතබ්බො. කථං? කායානුපස්සනාය තාව සොතාපත්තිමග්ගෙ ඣානාභිනිවෙසෙ සුද්ධිකපටිපදා, සුද්ධිකසුඤ්ඤතා, සුඤ්ඤතපටිපදා, සුද්ධිකඅප්පණිහිතං, අප්පණිහිතපටිපදාති ඉමෙසු පඤ්චසු ඨානෙසු ද්වින්නං ද්වින්නං චතුක්කපඤ්චකනයානං වසෙන දස නයා හොන්ති. එවං සෙසෙසුපීති වීසතියා අභිනිවෙසෙසු ද්වෙ නයසතානි. තානි චතූහි අධිපතීහි චතුගුණිතානි අට්ඨ. ඉති සුද්ධිකානි ද්වෙ සාධිපතීනි අට්ඨාති සබ්බම්පි නයසහස්සං හොති. තථා වෙදනානුපස්සනාදීසු සුද්ධිකසතිපට්ඨානෙ චාති සොතාපත්තිමග්ගෙ පඤ්ච නයසහස්සානි. යථා ච සොතාපත්තිමග්ගෙ, එවං සෙසමග්ගෙසුපීති කුසලෙ වීසති නයසහස්සානි; සුඤ්ඤතාපණිහිතානිමිත්තාදිභෙදෙසු පන තතො තිගුණෙ විපාකෙ සට්ඨි නයසහස්සානීති. එවමෙව සකිච්චසාධකානඤ්චෙව සංසිද්ධිකකිච්චානඤ්ච කුසලවිපාකසතිපට්ඨානානං නිද්දෙසවසෙන දුවිධො කායානුපස්සනාදිවසෙන ච සුද්ධිකවසෙන ච කුසලෙ පඤ්චන්නං විපාකෙ පඤ්චන්නන්ති දසන්නං නිද්දෙසවාරානං වසෙන දසප්පභෙදො අසීතිනයසහස්සපතිමණ්ඩිතො අභිධම්මභාජනීයනිද්දෙසො.
එය නය භේදය දතයුතුය. කෙසේද? පළමුවෙන් කායානුපස්සනාව සෝවාන් මාර්ගයේ ධ්‍යාන අභිනිවේෂයෙහි :- සුද්ධිකපටිපදා, සුද්ධික සුඤ්ඤතා, සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිතං, අප්පණිහිත පටිපදා යයි මේ ස්ථාන පහේ දෙක දෙක චතුක්ක පංචක නය වශයෙන් නය දහයක් වේ. සෙසු ඒවායෙහි වීසති අභිනිවේසවල නය දෙසීයක්ද ඒවා සතර අධිපතීන්ගේ වශයෙන් සතරෙන් ගුණකර අටක්ද මෙසේ ශුද්ධික දෙකය. අධිපති සමග අටදැයි සියල්ල නය දහසක් වේ. වේදනානුපස්සනාදියෙහිද ශුද්ධික ස්ථානයේදැයි සෝවාන් මාර්ගයෙහි නය පන්දහසක් වෙයි. සෝවාන් මාර්ගයෙහි මෙන් මෙසේ සෙසු මාර්ගවලද කුසලයෙහි නය විසිදහසක්ද සුඤ්ඤතඅප්පණිහිත අනිමිත්ත භේදයෙන් තුනෙන් ගුණකර නය සැටදහසක්ද එසේම සකිච්චසාධක සංසිද්ධික කිච්ච (ක්රියාහේතුව, සිදුවීමක ක්‍රියාව) කුසල විපාක වශයෙන් දෙයාකාරය. කායානුපස්සනාදි වශයෙන් ද සුද්ධික වශයෙන් කුසලයෙහි පහක්ද, විපාකයෙහි පහක්දැයි විස්තර වාර දහයකින් දසප්රභේද වූ නය අසූදහසකින් ප්‍රතිමණ්ඩිත වූ අභිධම්ම භාජනීය නිර්දේශයයි.
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව සතිපට්ඨානානං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සබ්බානිපි එතානි අප්පමාණං නිබ්බානං ආරබ්භ පවත්තනතො අප්පමාණාරම්මණානෙව, න මග්ගාරම්මණානි; සහජාතහෙතුවසෙන පන මග්ගහෙතුකානි; වීරියං වා වීමංසං වා ජෙට්ඨකං කත්වා මග්ගභාවනාකාලෙ මග්ගාධිපතීනි; ඡන්දචිත්තජෙට්ඨකාය මග්ගභාවනාය නවත්තබ්බානි මග්ගාධිපතීනීති ඵලකාලෙපි නවත්තබ්බානෙව; අතීතාදීසු එකාරම්මණභාවෙනපි නවත්තබ්බානි; නිබ්බානස්ස පන බහිද්ධාධම්මත්තා බහිද්ධාරම්මණානි නාම හොන්තීති. එවමෙතස්මිං පඤ්හාපුච්ඡකෙ නිබ්බත්තිතලොකුත්තරානෙව සතිපට්ඨානානි කථිතානි. සම්මාසම්බුද්ධෙන හි සුත්තන්තභාජනීයස්මිංයෙව ලොකියලොකුත්තරමිස්සකා සතිපට්ඨානා කථිතා; අභිධම්මභාජනීයපඤ්හාපුච්ඡකෙසු පන ලොකුත්තරායෙවාති. එවමයං සතිපට්ඨානවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වා භාජෙත්වා දස්සිතොති.
ප්‍රශ්න විචාරයෙහි සතිපට්ඨානවල කුසලාදි භාවය පෙල ඇසුරෙන්ම දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි සියල්ලම නිවන් අරමුණු කරන හෙයින් අප්පමාන අරමුණු වේ. මාර්ග අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් මග්ගහේතුක වේ. විරිය හෝ වීමංසය හෝ ප්‍රධානව මාර්ග භාවනා කාලයෙහි මාර්‍ගාධිපති වේ. ඡන්ද, චිත්ත ප්‍රධානව මාර්ග භාවනා කාලයේ මාර්‍ගාධිපති යයි කිවහැකි නොවේ. ඵල කාලයද එසේය. අතීතාදියෙහිද එක් අරමුණක් ඇතැයි කිවහැකි නොවේ. නිවන බාහිර ධර්මයක් බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්‍රශ්න විචාරයෙහි නිපදවන ලද ලෝකෝත්රයෙහිම සතිපට්ඨානයයි කියන ලදි. සම්මා සම්බුදුන් විසින් සූත්‍රාන්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව සතිපට්ඨාන කියන ලදි. අභිධර්ම භාජනියෙහිද ප්‍රශ්න විචාරයෙහිද ලෝකෝත්තර වශයෙන් සතිපට්ඨාන කියන ලදි. මෙසේ සතිපට්ඨාන විභංගයද තිපරිවෘතය ගෙනහැර දක්වා බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය සතිපට්ඨානවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ හත්වන සතිපට්ඨාන විභංග නිර්දේශයයි.