යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා

සූත්‍රාන්ත භාජනීය වර්ණනාව

ඉදානි තදනන‍්තරෙ සම‍්මප‍්පධානවිභඞ‍්ගෙ චත‍්තාරොති ගණනපරිච‍්ඡෙදො. තෙන න තතො හෙට‍්ඨා න උද‍්ධන‍්ති සම‍්මප‍්පධානපරිච‍්ඡෙදං දීපෙති. සම‍්මප‍්පධානාති කාරණප‍්පධානා උපායප‍්පධානා යොනිසොපධානා. ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ පටිපන‍්නකො භික‍්ඛු. අනුප‍්පන‍්නානන‍්ති අනිබ‍්බත‍්තානං. පාපකානන‍්ති ලාමකානං. අකුසලානං ධම‍්මානන‍්ති අකොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. අනුප‍්පාදායාති න උප‍්පාදනත්‍ථාය. ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාසඞ‍්ඛාතං කුසලච‍්ඡන්‍දං ජනෙති උප‍්පාදෙති. වායමතීති පයොගං පරක‍්කමං කරොති. වීරියං ආරභතීති කායිකචෙතසිකං වීරියං කරොති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති තෙනෙව සහජාතවීරියෙන චිත‍්තං උක‍්ඛිපති. පදහතීති පධානවීරියං කරොති. පටිපාටියා පනෙතානි චත‍්තාරිපි පදානි ආසෙවනාභාවනාබහුලීකම‍්මසාතච‍්චකිරියාහි යොජෙතබ‍්බානි.

ඊට අනතුරු දැන් සම්මප්පධාන විභංගයේ චත්තාරො යනු ගණන දැක්වීමය. එනිසා උඩ හෝ යට නොවන සම්මප්පධාන සීමා පෙන්වීමයි. සම්මප්පධාන යන කරුණු වශයෙන් ප්‍රධාන, උපාය වශයෙන් ප්‍රධාන, නුවණ වශයෙන් ප්‍රධාන බව දැක්වීමය. ඉධ භික්ඛු ශාසනයෙහි පිළිපන් භික්‍ෂුව. අනුප්පන්නානං නොඉපදුනා වූ පාපකානං ලාමක වූ අකුසලානං ධම්මානං අදක්‍ෂ බවින් යුත් දහම්. අනුප්පාදනය - නොඉපදීම සඳහා. ඡන්දං ජනෙති කරනු කැමති බව සංඛ්‍යාත කුසල කැමැත්ත උපදවයි. වායන්ති, ප්‍රයෝගය උත්සාහකරයි. චිත්තං පග්ගණ්හාති. ඒ සමග උපදින වීර්යයෙන් සිත ඔසවා තබයි. පදහති ප්‍රධන්වීර්ය කරයි. පිළිවෙලින් ඒ පද සතරම ඇසුරුකිරීම, වැඩීම, බහුලව යෙදීම, නිතර යෙදීම යනුවෙන් යෙදිය යුතුයි.

උප‍්පන‍්නානං පාපකානන‍්ති අනුප‍්පන‍්නන‍්ති අවත‍්තබ‍්බතං ආපන‍්නානං පාපධම‍්මානං. පහානායාති පජහනත්‍ථාය. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානන‍්ති අනිබ‍්බත‍්තානං කොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. උප‍්පාදායාති උප‍්පාදනත්‍ථාය. උප‍්පන‍්නානන‍්ති නිබ‍්බත‍්තානං. ඨිතියාති ඨිතත්‍ථාය. අසම‍්මොසායාති අනස‍්සනත්‍ථං. භිය්‍යොභාවායාති පුනප‍්පුනං භාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. භාවනායාති වඩ‍්ඪියා. පාරිපූරියාති පරිපූරණත්‍ථාය. අයං තාව චතුන‍්නං සම‍්මප‍්පධානානං උද‍්දෙසවාරවසෙන එකපදිකො අත්‍ථුද‍්ධාරො.

උප්පන්නං පාපකානං නූපන්නේ යයි නොකිවයුතු පැමිණ පාප ධර්මයන්ගේ පහාණය දුරුකිරීම සඳහා. අනුප්පන්නානං කුසලානං ධම්මානං නොඉපදුණු කුසල සංඛ්‍යාත ධර්ම. උප්පාදානය - ඉපදීම සඳහා. උප්පන්නං - ඉපදවවූ ඨිතියා සිටීම සඳහා. අසම්මොසාය නුමුළාවීම සඳහා. භීය්‍යොභාවාය නැවත නැවත වැඩීම සඳහා. වෙපුල්ලාය - මහත් බව සඳහා. භාවනාය - වැඩීම. පාරිපූරියා - පරිපූර්ණ වීම. සතර සම්‍යක් ප්‍රධානවල උද්දෙසවාර වශයෙන් මෙය ඒකපදික වශයෙන් අර්ථ දැක්වීමයි.

ඉදානි පටිපාටියා තානි පදානි භාජෙත්‍වා දස‍්සෙතුං කථඤ‍්ච භික‍්ඛු අනුප‍්පන‍්නානන‍්තිආදිනා නයෙන නිද‍්දෙසවාරො ආරද‍්ධො. තත්‍ථ යං හෙට‍්ඨා ධම‍්මසඞ‍්ගහෙ ආගතසදිසං, තං තස‍්ස වණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. යං පන තස‍්මිං අනාගතං, තත්‍ථ ඡන්‍දනිද‍්දෙසෙ තාව යො ඡන්‍දොති යො ඡන්‍දනියවසෙන ඡන්‍දො. ඡන්‍දිකතාති ඡන්‍දිකභාවො, ඡන්‍දකරණාකාරො වා. කත‍්තුකම්‍යතාති කත‍්තුකාමතා. කුසලොති ඡෙකො. ධම‍්මච‍්ඡන්‍දොති සභාවච‍්ඡන්‍දො. අයඤ‍්හි ඡන්‍දො නාම තණ‍්හාඡන්‍දො, දිට‍්ඨිඡන්‍දො, වීරියඡන්‍දො, ධම‍්මච‍්ඡන්‍දොති බහුවිධො නානප‍්පකාරකො. තෙසු ධම‍්මච‍්ඡන්‍දොති ඉමස‍්මිං ඨානෙ කත‍්තුකම්‍යතාකුසලධම‍්මච‍්ඡන්‍දො අධිප‍්පෙතො.

දැන් ඒ පද බෙදා දැක්වීමට කථඤ්ච භික්ඛූ අනුප්පන්නානං ආදි නයින් නිද්දේසවාරය ආරම්භ කළහ. එහි යට ධර්ම සංග්‍රහය ආවා වූ ලෙස එහි වර්ණනාව කියන ලද නයින් දතයුතුය. එහි නොපැමිණි. නිද්දේසයෙහි යො ඡන්‍දො යමක් කැමැත්ත වශයෙන්. ඡන්‍දය. ඡන්‍දිකතා රුචිය ඇති බව. කැමැත්ත ඇතිවන ආකාරය හෝ වේ. කත්තුකම්‍යතා කරනු කැමති බව. කුසලො - දක්‍ෂ. ධම්මඡන්‍දො ස්වභාව කැමැත්ත මේ කැමැත්ත නම් තණ්හා ඡන්‍දො දිට්ඨි ඡන්‍ද විරිය ඡන්‍ද ධම්ම ඡන්‍ද වශයෙන් විවිධය. නානාප්‍රකාරය. ඒවා අතරෙන් ධම්ම ඡන්‍දය යයි මෙතැන කුසල් කරනු කැමති බව අදහස් කරයි.

ඉමං ඡන්‍දං ජනෙතීති ඡන්‍දං කුරුමානොව ඡන්‍දං ජනෙති නාම. සඤ‍්ජනෙතීති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. උට‍්ඨපෙතීති ඡන්‍දං කුරුමානොව තං උට‍්ඨපෙති නාම. සමුට‍්ඨපෙතීති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. නිබ‍්බත‍්තෙතීති ඡන්‍දං කුරුමානොව තං නිබ‍්බත‍්තෙති නාම. අභිනිබ‍්බත‍්තෙතීති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. අපිච ඡන්‍දං කරොන‍්තොව ඡන්‍දං ජනෙති නාම. තමෙව සතතං කරොන‍්තො සඤ‍්ජනෙති නාම. කෙනචිදෙව අන‍්තරායෙන පතිතං පුන උක‍්ඛිපන‍්තො උට‍්ඨපෙති නාම. පබන්‍ධට‍්ඨිතිං පාපෙන‍්තො සමුට‍්ඨපෙති නාම. තං පාකටං කරොන‍්තො නිබ‍්බත‍්තෙති නාම. අනොසක‍්කනතාය අලීනවුත‍්තිතාය අනොලීනවුත‍්තිතාය අභිමුඛභාවෙන නිබ‍්බත‍්තෙන‍්තො අභිනිබ‍්බත‍්තෙති නාම.

ඉමං ඡන්‍දං ජනෙති කැමැත්තෙන් කරන්නේය යන්නය. සඤ්ජනෙති උපසර්ගයෙන් පදාර්ථය වැඩිදියුණු කරයි. උට්ඨපෙති කැමැත්ත කරයි. සමුට්ඨපෙති - උපසර්ගයෙන් අර්ථය වඩයි. නිබ්බත්තෙති කැමැත්ත කරන්නේම ඉපිදවීම නම් වේ. අභිනිබ්බත්තෙති උපසර්ගයේ අර්ථය වඩයි. තවද කැමැත්ත කරන්නේම ඡන්‍දං ජනෙති වේ. එය නිතර කරන්නේ සංජනෙති නම් වේ. කිසියම් අනතුරකට පැමිණ එයින් ඔසවන්නේ උට්ඨපෙති වේ. නොසිඳී පැවැත්මට පමුණුවන්නේ සමුට්ඨපෙති වේ. එය ප්‍රකට කරන්නේ තිබ්බත්තෙති නමි. නොපසුබැසීමෙන් නොසැඟවීමෙන් ඉදිරියට පැමිණවීමෙන් උපදවන්නේ අභිනිබ්බත්තෙති නමි.

වීරියනිද‍්දෙසෙ වීරියං කරොන‍්තොව වීරියං ආරභති නාම. දුතියපදං උපසග‍්ගෙන වඩ‍්ඪිතං. වීරියං කරොන‍්තොයෙව ච ආසෙවති භාවෙති නාම. පුනප‍්පුනං කරොන‍්තො වහුලීකරොති. ආදිතොව කරොන‍්තො ආරභති. පුනප‍්පුනං කරොන‍්තො සමාරභති. භාවනාවසෙන භජන‍්තො ආසෙවති. වඩ‍්ඪෙන‍්තො භාවෙති. සබ‍්බකිච‍්චෙසු තදෙව බහුලීකරොන‍්තො බහුලීකරොතීති වෙදිතබ‍්බො.

විරිය නිද්දේසයෙහි වීර්ය කරන්නේම විරියං ආරභති නම් වේ. ආසෙවති භාවෙති නැවත නැවත කරන්නේ. බහුලීකරොති මුලින්ම කරන්නේ. ආරහති, නැවත නැවත කරන්නේ. සමාරභති භාවනා වශයෙන් භජනය කරන්නේ ආසේවති වේ. වඩන්නේ භාවෙති වේ. සියළු කටයුතුවල එයම බහුලව කරන්නේ බහුලී කරොති යයි දතයුතුය.

චිත‍්තපග‍්ගහනිද‍්දෙසෙ වීරියපග‍්ගහෙන යොජෙන‍්තො චිත‍්තං පග‍්ගණ‍්හාති, උක‍්ඛිපතීති අත්‍ථො. පුනප‍්පුනං පග‍්ගණ‍්හන‍්තො සම‍්පග‍්ගණ‍්හාති. එවං සම‍්පග‍්ගහිතං යථා න පතති තථා නං වීරියුපත්‍ථම‍්භෙන උපත්‍ථම‍්භෙන‍්තො උපත්‍ථම‍්භෙති. උපත්‍ථම‍්භිතම‍්පි ථිරභාවත්‍ථාය පුනප‍්පුනං උපත්‍ථම‍්භෙන‍්තො පච‍්චුපත්‍ථම‍්භෙති නාම.

චිත්ත පග්ගහ නිර්දේශයෙහි වීර්යයෙන් උපකාර කරන්නේ. චිත්තං පග්ගණ්හාති උක්ඛිපති වේ. නැවත නැවත උත්සාහවත් කරන්නේ සම්පග්ගණ්හාති වේ. මෙසේ සම්පග්ගහිත වීම නිසා නොවැටහෙයි. එසේ ඊට වීර්ය උපස්ථම්භ වීමෙන් උපස්ථම්භ වන්නේ උපත්ථම්භ වේ. උපස්ථම්භ වී ස්ථිරවීමට නැවත නැවත උපස්ථම්භ වීම පච්චුපත්‍ථම්භ නමි.

ඨිතියාතිපදස‍්ස නිද‍්දෙසෙ සබ‍්බෙසම‍්පි අසම‍්මොසාදීනං ඨිතිවෙවචනභාවං දස‍්සෙතුං යා ඨිති සො අසම‍්මොසොතිආදි වුත‍්තං. එත්‍ථ හි හෙට‍්ඨිමං හෙට‍්ඨිමං පදං උපරිමස‍්ස උපරිමස‍්ස පදස‍්ස අත්‍ථො, උපරිමං උපරිමං පදං හෙට‍්ඨිමස‍්ස හෙට‍්ඨිමස‍්ස අත්‍ථොතිපි වත‍්තුං වට‍්ටති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති. අයං තාව පාළිවණ‍්ණනා.

සියළු අසම්මොහාදියේ සිටි සමාන වචන දැක්වීමට යා ඨිති සො අසම්මොසො ආදිය කියන ලදි. [missing trans]

අයං පනෙත්‍ථ විනිච‍්ඡයකථා. අයඤ‍්හි සම‍්මප‍්පධානකථා නාම දුවිධා – ලොකියා ලොකුත‍්තරා ච. තත්‍ථ ලොකියා සබ‍්බපුබ‍්බභාගෙ හොති. සා කස‍්සපසංයුත‍්තපරියායෙන ලොකියමග‍්ගක‍්ඛණෙ වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හි තත්‍ථ –

මෙහි මෙය විනිශ්චය කථාවයි. ලෝකිය ලෝකුත්තර වශයෙන් සම්මප්පධාන කථා දෙයාකාරය. එහි ලෞකිකය සියල්ලට පළමු භාගයෙහි වේ. එය කස්සප සංයුත්තයෙහි ලෞකික මාර්ග ඤාණයෙන් දතයුතුය. කියන ලද්දේමය. එහි

“චත‍්තාරො මෙ, ආවුසො, සම‍්මප‍්පධානා. කතමෙ චත‍්තාරො?

“ඇවැත්නි, සම්මප්පධාන සතරෙකි. කවර සතරක්ද?

ඉධාවුසො, භික‍්ඛු ‘අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති; ‘උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති; ‘අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා අනුප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති. ‘උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොතී”ති (සං· නි· 2.145).

මෙහි ඇවැත්නි, භික්‍ෂුව නූපන්නා වූ මගේ පාප අකුසල දහම් ඉපදීමෙන් අනර්ථය පිණිස පවතී යයි නොඉපදීමට උත්සාහ කරයි. උපන් අකුසල් ප්‍රහීන නොවීමෙන් අනර්ථය පිණිස පවතීයයි ප්‍රහීන කිරීමට උත්සාහ කරයි. නූපන් කුසල දහම් නොඉඳීමෙන් අනර්ථය පිණිස පවතීයයි ඉපිදවීමට උත්සාහ කරයි. උපන් කුසල් දහම් නිරුද්ධ වීමෙන් අනර්ථය පිණිස වේයයි රැකගැනීමට උත්සාහ කරයි.

එත්‍ථ ච ‘අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා’ති සමථවිපස‍්සනා චෙව මග‍්ගො ච. උප‍්පන‍්නා කුසලා නාම සමථවිපස‍්සනාව. මග‍්ගො පන සකිං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣමානො අනත්‍ථාය සංවත‍්තනකො නාම නත්‍ථි. සො හි ඵලස‍්ස පච‍්චයං දත්‍වාව නිරුජ‍්ඣති. පුරිමස‍්මිං වා සමථවිපස‍්සනාව ගහෙතබ‍්බාති වුත‍්තං, තං පන න යුත‍්තං.

මෙහි මාගේ නූපන් කුසල දහම් නම් සමථ විපස්සනාද මාර්ගයද වේ. උපන් කුසල් නම් සමථය සහ විපස්සනාවය. මාර්ගය වනාහි වරක් ඉපිද නිරුද්ධවීමක් නැත. එය ඵලයට හේතුවී නිරුද්ධ වේ. පූර්වයෙහිද සමථ විපස්සනය ගතයුතුයයි කියන ලදි. එය වනාහි යුතු නොවේ. එ

තත්‍ථ “උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්තී”ති අත්‍ථස‍්ස ආවිභාවත්‍ථං ඉදං වත්‍ථු – එකො කිර ඛීණාසවත්‍ථෙරො ‘මහාචෙතියඤ‍්ච මහාබොධිඤ‍්ච වන්‍දිස‍්සාමී’ති සමාපත‍්තිලාභිනා භණ‍්ඩගාහකසාමණෙරෙන සද‍්ධිං ජනපදතො මහාවිහාරං ආගන‍්ත්‍වා විහාරපරිවෙණං පාවිසි; සායන‍්හසමයෙ මහාභික‍්ඛුසඞ‍්ඝෙ චෙතියං වන්‍දමානෙ චෙතියං වන්‍දනත්‍ථාය න නික‍්ඛමි. කස‍්මා? ඛීණාසවානඤ‍්හි තීසු රතනෙසු මහන‍්තං ගාරවං හොති. තස‍්මා භික‍්ඛුසඞ‍්ඝෙ වන්‍දිත්‍වා පටික‍්කන‍්තෙ මනුස‍්සානං සායමාසභුත‍්තවෙලාය සාමණෙරම‍්පි අජානාපෙත්‍වා ‘චෙතියං වන්‍දිස‍්සාමී’ති එකකොව නික‍්ඛමි. සාමණෙරො ‘කිං නු ඛො ථෙරො අවෙලාය එකකොව ගච‍්ඡති, ජානිස‍්සාමී’ති උපජ‍්ඣායස‍්ස පදානුපදිකොව නික‍්ඛමි. ථෙරො අනාවජ‍්ජනෙන තස‍්ස ආගමනං අජානන‍්තො දක‍්ඛිණද‍්වාරෙන මහාචෙතියඞ‍්ගණං ආරුළ‍්හො. සාමණෙරොපි අනුපදංයෙව ආරුළ‍්හො.

හි උපන් සමථ විපස්සනා නිරුද්ධ වෙමින් අනර්ථය පිණිස පවතීය යන අර්ථය පැහැදිලි කිරීමට මේ කථාවස්තුව වේ. එක් රහත් තෙර නමක් මහාසෑය ද මහා බෝධියද වඳින්නෙමි යයි සමාපත්තිලාභී පා සිවුරු ගෙනයන සාමණේර කෙනෙකු සමග වැඩසිටි ජනපදයෙන් මහා විහාරයට පැමිණ විහාර කාමරයට වැඩියහ. සවස් කාලයෙහි බොහෝ භික්‍ෂූන් වහන්සේ චේතිය වඳින නිසා මහාසෑය වැඳීමට නොවැඩියහ. කුමක් හෙයින්ද? රහතන් වහන්සේලාට තෙරුවන් කෙරෙහි මහත් ගෞරවයක් ඇත. එනිසා භික්‍ෂූන් වහන්සේලා වැඳ අවසන් වූ පසු මිනිසුන්ගේ සවස බත් වේලාවෙහි සාමණේරයන්ටද නොදන්වා සෑය වඳිමියි තනිවම වැඩියහ. සාමණේරයන් වහන්සේද තෙරුන් වහන්සේ අවේලාවේ තනියම වඩින්නේ කුම්ක නිසාදැයි දැනගනු කැමතිව උන්වහන්සේ පසුපසින් නික්මුණහ.

මහාථෙරො මහාචෙතියං උල‍්ලොකෙත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා හට‍්ඨපහට‍්ඨො මහාචෙතියං වන්‍දති. සාමණෙරො ථෙරස‍්ස වන්‍දනාකාරං දිස‍්වා ‘උපජ‍්ඣායො මෙ අතිවිය පසන‍්නචිත‍්තො වන්‍දති; කිං නු ඛො පුප‍්ඵානි ලභිත්‍වා පූජං කරෙය්‍යා’ති චින‍්තෙසි. ථෙරෙ වන්‍දිත්‍වා උට‍්ඨාය සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වා මහාචෙතියං උල‍්ලොකෙත්‍වා ඨිතෙ සාමණෙරො උක‍්කාසිත්‍වා අත‍්තනො ආගතභාවං ජානාපෙසි. ථෙරො පරිවත‍්තෙත්‍වා ඔලොකෙන‍්තො “කදා ආගතොසී”ති පුච‍්ඡි. “තුම‍්හාකං චෙතියං වන්‍දනකාලෙ, භන‍්තෙ; අතිවිය පසන‍්නා චෙතියං වන්‍දිත්‍ථ; කින‍්නු ඛො පුප‍්ඵානි ලභිත්‍වා පූජෙය්‍යාථා”ති? “ආම, සාමණෙර, ඉමස‍්මිං චෙතියෙ විය අඤ‍්ඤත්‍ර එත‍්තකං ධාතුනිධානං නාම නත්‍ථි. එවරූපං අසදිසං මහාථූපං පුප‍්ඵානි ලභිත්‍වා කො න පූජෙය්‍යා”ති? “තෙන හි, භන‍්තෙ, අධිවාසෙථ, ආහරිස‍්සාමී”ති තාවදෙව ඣානං සමාපජ‍්ජිත්‍වා ඉද‍්ධියා හිමවන‍්තං ගන‍්ත්‍වා වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ගහෙත්‍වා පරිස‍්සාවනං පූරෙත්‍වා මහාථෙරෙ දක‍්ඛිණමුඛතො පච‍්ඡිමමුඛෙ අසම‍්පත‍්තෙයෙව ආගන‍්ත්‍වා පුප‍්ඵපරිස‍්සාවනං හත්‍ථෙ ඨපෙත්‍වා “පූජෙථ භන‍්තෙ”ති ආහ. ථෙරො “අතිමන්‍දානි නො, සාමණෙර, පුප‍්ඵානී”ති ආහ. “ගච‍්ඡථ, භන‍්තෙ, භගවතො ගුණෙ ආවජ‍්ජෙත්‍වා පූජෙථා”ති.

තෙරුන් වහන්සේ ආවර්ජනා නොකිරීමෙන් සාමණේරයන් එන බව නොදැන දකුණු දොරටුවෙන් මහසෑ මලුවට පිවිසියහ. සාමණේරයෝද පැමිණියහ. මහතෙරුන් වහන්සේ මහාසෑය බලා බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගෙන සියළු සිත් සමනය කොට තුටු පහටුව සෑය වඳියි. සාමණේරයෝ තෙරුන් වහන්සේ පෙර වන්දනා කරන ආකාරය දැක මාගේ උපාධ්‍යායන් වහන්සේ අතිශයින්ම පහන් සිතින් වඳිති. මල් ලැබුණොත් පූජා කරන්නේ යයි සිතූහ. තෙරුන් වහන්සේ වැඳ නැගිට මුදුනෙහි ඇඳිලි බැඳ මහසෑය දෙස බලාගෙන සිටි කල්හි සාමණේරයන් උගුර පාදා තමා ආ බව දැන්වූහ. තෙරුන් වහන්සේ හැරී බලමින් කොයි වේලාවේ ආවේදැයි විචාළහ. ඔබවහන්සේ සෑය වඳින වේලාවේ. ස්වාමීන් වහන්ස, අතිශයින් ප්‍රසන්නව සෑය වැන්දහ. මල් ලැබුණෙත් පූජා කරනවාද? ඔව්, සාමණේරය. මෙම සෑයෙහි මෙන් වෙන තැනක මෙපමණ ධාතු නිදන්කර නැත. මෙබඳු වූ අසදෘශ මහා සෑයට මල් ලැබුණොත් කවුද පූජා නොකරන්නෙ? එසේනම් ස්වාමීන් වහන්ස ඉවසනු මැනවි. ගෙන එන්නෙමි. එකෙණෙහිම ධ්‍යානයට සමවැදී සෘද්ධියෙන් හිමවතට ගොස් වර්ණ ගන්ධ සම්පන්න මල්ගෙන පෙරහන්කඩය පුරවා මහතෙරුන් වහන්සේ දකුණු දොරටුවෙන් බටහිර දොරටුවට ඒමට පෙරම පැමිණ මල් පෙරහන අතේ තබා ස්වාමීන් වහන්ස, පූජාකරනු මැනවි කීහ. තෙරුන්වහන්සේ සාමණේරය, මල් ඉතා මදය කීහ. වඩින්න ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකර පූජාකරනු මැනවි.

ථෙරො පච‍්ඡිමමුඛනිස‍්සිතෙන සොපානෙන ආරුය‍්හ කුච‍්ඡිවෙදිකාභූමියං පුප‍්ඵපූජං කාතුං ආරද‍්ධො. වෙදිකාභූමි පරිපුණ‍්ණා; පුප‍්ඵානි පතිත්‍වා දුතියභූමියං ජණ‍්ණුප‍්පමාණෙන ඔධිනා පූරයිංසු. තතො ඔතරිත්‍වා පාදපිට‍්ඨිකපන‍්තිං පූජෙසි; සාපි පරිපූරි; පරිපුණ‍්ණභාවං ඤත්‍වා හෙට‍්ඨිමතලෙ විකිරන‍්තො අගමාසි; සබ‍්බං චෙතියඞ‍්ගණං පරිපූරි; තස‍්මිං පරිපුණ‍්ණෙ “සාමණෙර, පුප‍්ඵානි න ඛීයන‍්තී”ති ආහ. “පරිස‍්සාවනං, භන‍්තෙ, අධොමුඛං කරොථා”ති. අධොමුඛං කත්‍වා චාලෙසි. තදා පුප‍්ඵානි ඛීණානි. ථෙරො පරිස‍්සාවනං සාමණෙරස‍්ස දත්‍වා සද‍්ධිං හත්‍ථිපාකාරෙන චෙතියං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා පරිවෙණං ගච‍්ඡන‍්තො චින‍්තෙසි – ‘යාව මහිද‍්ධිකො වතායං සාමණෙරො; සක‍්ඛිස‍්සති නු ඛො ඉමං ඉද‍්ධානුභාවං රක‍්ඛිතුන‍්ති? තතො ‘න සක‍්ඛිස‍්සතී’ති දිස‍්වා සාමණෙරං ආහ – “සාමණෙර, ත්‍වං ඉදානි මහිද‍්ධිකො; එවරූපං පන ඉද‍්ධිං නාසෙත්‍වා පච‍්ඡිමකාලෙ කාණපෙසකාරියා හත්‍ථෙන මද‍්දිතංකඤ‍්ජියං පිවිස‍්සසී”ති. දහරකභාවස‍්ස නාමෙස දොසො යං සො උපජ‍්ඣායස‍්ස කථාය සංවෙජෙත්‍වා ‘කම‍්මට‍්ඨානං මෙ, භන‍්තෙ, ආචික‍්ඛථා’ති න යාචි; ‘අම‍්හාකං උපජ‍්ඣායො කිං වදතී’ති තං පන අසුණන‍්තො විය අගමාසි.

තෙරුන් වහන්සේ බටහිර දොරටුව ආශ්‍රිත සෝපානයෙන් නැගී ගර්භ වේදිකා මලුවෙහි මල්පූජා කරන්නට ආරම්භ කළහ. වේදිකා භූමිය පිරී මල් වැටී දෙවන වේදකාවේද දණක් පමණ සීමාව පිරවීය. එයින් බැස පාමුල පේලියේ පූජා කළහ. එයද පිරී ගියේය. පිරුණු බව දැන යට තලයෙහි විසිරවූහ. සියළු සෑමලුව පිරුණේය. එය පිරුණු පසු, සාමණේරය මල් ඉවර නොවේයයි කීහ. ස්වාමීන් වහන්ස, පෙරහන යටට නමන්න. යටිකුරු කර ගසා දැමූහ. එවිට මල් අවසන් විය. තෙරුන් වහන්සේ පෙරහන සාමණේරයන් වහන්සේට දී හත්‍ථිපාකාරය සමග, චේතිය තුන්වරක් පැදකුණුකොට සතර තැනක නැවතී වැඳ කාමරයට වඩින්නේ සිතූහ. සාමණේරයන් වහන්සේ මහා සෘද්ධිවන්තයහ. මේ සෘද්ධිය ආරක්ෂා කිරීමට හැකිවේදැයි නොහැකි වේදැයි බලා නොහැකි වන්නේ යයි දැක සාමණේරයන්ට කීහ. සාමණේරය, දැන් ඔබ මහා සෘද්ධි ඇති කෙනෙකි. මෙබඳු රූප වූ සෘද්ධිය විනාශ කරගෙන පසුකාලයේදී කණ පෙහෙකාරියගේ අතින් මැඩුණු කැඳ බොන්නෙහියයි කීහ. තරුණකම නිසා ඔහුගේ දෝෂයයි. හෙතෙම උපාධ්‍යායන් වහන්සේගේ කථාවට සංවේග උපදවා ස්වාමීන් වහන්ස, මට කමටහන් දෙනු මැනවයි නො ඉල්වීය. අපගේ උපාධ්‍යායන් වහන්සේ මොනවා කියනවාදැයි එය නො ඇසුනක් මෙන් ගියේය.

ථෙරො මහාචෙතියඤ‍්ච මහාබොධිඤ‍්ච වන්‍දිත්‍වා සාමණෙරං පත‍්තචීවරං ගාහාපෙත්‍වා අනුපුබ‍්බෙන කුටෙළිතිස‍්සමහාවිහාරං අගමාසි. සාමණෙරො උපජ‍්ඣායස‍්ස පදානුපදිකො හුත්‍වා භික‍්ඛාචාරං න ගච‍්ඡති. “කතරං ගාමං පවිසථ, භන‍්තෙ”ති පුච‍්ඡිත්‍වා පන ‘ඉදානි මෙ උපජ‍්ඣායො ගාමද‍්වාරං සම‍්පත‍්තො භවිස‍්සතී’ති ඤත්‍වා අත‍්තනො ච උපජ‍්ඣායස‍්ස ච පත‍්තචීවරං ගහෙත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා ථෙරස‍්ස පත‍්තචීවරං දත්‍වා පිණ‍්ඩාය පවිසති. ථෙරො සබ‍්බකාලං ඔවදති – “සාමණෙර, මා එවමකාසි; පුථුජ‍්ජනිද‍්ධි නාම චලා අනිබද‍්ධා; අසප‍්පායං රූපාදිආරම‍්මණං ලභිත්‍වා අප‍්පමත‍්තකෙනෙව භිජ‍්ජති; සන‍්තාය සමාපත‍්තියා පරිහීනා බ්‍රහ‍්මචරියවාසෙ සන්‍ථම‍්භිතුං න සක‍්කොන‍්තී”ති. සාමණෙරො ‘කිං කථෙති මය‍්හං උපජ‍්ඣායො’ති සොතුං න ඉච‍්ඡති, තථෙව කරොති. ථෙරො අනුපුබ‍්බෙන චෙතියවන්‍දනං කරොන‍්තො කම‍්මුපෙන්‍දවිහාරං නාම ගතො. තත්‍ථ වසන‍්තෙපි ථෙරෙ සාමණෙරො තථෙව කරොති.

තෙරුන් වහන්සේ මහාසෑයද මහාබෝධිය ද වැඳ සාමණේරයන් ලවා පාසිවුරු ගෙන්වාගෙන පිළිවෙලින් කුටෙළිතිස්ස මහා විහාරයට වැඩියහ. සාමණේරයෝ උපාධ්‍යායන් වහන්සේගේ පාදානුපදිකව පිණ්ඩපාතයේ නොයති. ස්වාමීන් වහන්ස, කුමන ගමකට වඩින්නේදැයි විමසා දැන මගේ උපාධ්‍යායන් වහන්සේ ගම් සීමාවට පැමිණියේ වන්නේ යයි දැන තමාගේද උපාධ්‍යායන් වහන්සේද පාසිවුරු ගෙන ආකාශයෙන් පැමිණ තෙරුන් වහන්සේගේ පාසිවුරු දී පිඬු පිණිස වැඩියහ. තෙරුන් වහන්සේ සියළු කාලයෙහි අවවාද දෙති. “සාමණේරය මෙසේ නොකරන්න”යි. පෘථග්ජන සෘද්ධි නම් සසලය. අනිස්ථිරය. අසප්පාය රූපාදි අරමුණු ලැබ අප්‍රමාදව බිඳ වැටේ. පැවති සමාපත්තියෙන් පිරිහී බඹසර වාසයෙහි ස්ථිර වූ සිටීමට නොහැකි වේ. සාමණේරයෝ මාගේ උපාධ්‍යායන් වහන්සේ කුමක් කියන්නේදැයි ඇසීමට කැමති නොවෙති. එසේම කරති. තෙරුන් වහන්සේ අනුපිළිවෙලින් චේතිය වන්දනා කරමින් කම්පුපේලන්ද නම් විහාරයට වැඩියහ. උන්වහන්සේ එහි වැඩ සිටිනවිට සාමණේරයෝ එසේම කරති.

අථෙකදිවසං එකා පෙසකාරධීතා අභිරූපා පඨමවයෙ ඨිතා කම‍්මුපෙන්‍දගාමතො නික‍්ඛමිත්‍වා පදුමස‍්සරං ඔරුය‍්හ ගායමානා පුප‍්ඵානි භඤ‍්ජති. තස‍්මිං සමයෙ සාමණෙරො පදුමස‍්සරමත්‍ථකෙන ගච‍්ඡති ගච‍්ඡන‍්තො පන, සක‍්කරලසිකාය කාණමක‍්ඛිකා විය, තස‍්සා ගීතසද‍්දෙ බජ‍්ඣි; තාවදෙව ඉද‍්ධි අන‍්තරහිතා, ඡින‍්නපක‍්ඛො කාකො විය අහොසි. සන‍්තසමාපත‍්තිබලෙන පන තත්‍ථෙව උදකපිට‍්ඨෙ අපතිත්‍වා සිම‍්බලිතූලං විය පතමානං අනුපුබ‍්බෙන පදුමස‍්සරතීරෙ අට‍්ඨාසි. සො වෙගෙන ගන‍්ත්‍වා උපජ‍්ඣායස‍්ස පත‍්තචීවරං දත්‍වා නිවත‍්ති. මහාථෙරො ‘පගෙවෙතං මයා දිට‍්ඨං, නිවාරියමානොපි න නිවත‍්තිස‍්සතී’ති කිඤ‍්චි අවත්‍වා පිණ‍්ඩාය පාවිසි.

ඉක්බිති දිනක තරුණ වයසෙහි සිටි ලස්සන පේෂකාර දුවක් කම්පුපේලන්ද ගමින් නික්මී නෙලුම් විලක බැස ගී ගයමින් මල් නෙලයි. ඒ අවස්ථාවේ සාමණේරයෝ නෙළුම්විල ඉහළින් යන්නේ සකුරෙහි ඇළුණු කණමැස්සකු මෙන් ඇගේ ගීහඬින් බැඳුණාහ. එකෙණෙහිම සෘද්ධිය අතුරුදහන් විය. පියාපත් සිඳුණු කවුඩකු මෙන් විය. පැවති සමාපත්ති බලයෙන් දියපිට නොවැටී හිඹුල් පුළුනක් මෙන් වැටෙන්නේ පිළිවෙලින් පියුම්විල් ඉවුරේ සිටියහ. හේ වේගයෙන් ගොස් උපාධ්‍යායන් වහන්සේට පාසිවුරු දී නැවතුනේය. මහතෙරුන් වහන්සේ මුලින්ම මා එය දැක්කේ යයි වලක්වන්නේ නමුත් නො නවතින්නේ යයි කිසිවක් නොකියා පිණ්ඩපාතයේ වැඩියහ.

සාමණෙරො ගන‍්ත්‍වා පදුමස‍්සරතීරෙ අට‍්ඨාසි තස‍්සා පච‍්චුත‍්තරණං ආගමයමානො. සාපි සාමණෙරං ආකාසෙන ගච‍්ඡන‍්තඤ‍්ච පුනාගන‍්ත්‍වා ඨිතඤ‍්ච දිස‍්වා ‘අද‍්ධා එස මං නිස‍්සාය උක‍්කණ‍්ඨිතො’ති ඤත්‍වා ‘පටික‍්කම සාමණෙරා’ති ආහ. සොපි පටිපක‍්කමි. ඉතරා පච‍්චුත‍්තරිත්‍වා සාටකං නිවාසෙත්‍වා තං උපසඞ‍්කමිත්‍වා ‘කිං, භන‍්තෙ’ති පුච‍්ඡි. සො තමත්‍ථං ආරොචෙසි. සා බහූහි කාරණෙහි ඝරාවාසෙ ආදීනවං බ්‍රහ‍්මචරියවාසෙ ආනිසංසඤ‍්ච දස‍්සෙත්‍වා ඔවදමානාපි තස‍්ස උක‍්කණ‍්ඨං විනොදෙතුං අසක‍්කොන‍්තී ‘අයං මම කාරණා එවරූපාය ඉද‍්ධියා පරිහීනො; න දානි යුත‍්තං පරිච‍්චජිතු’න‍්ති. ‘ඉධෙව තිට‍්ඨා’ති වත්‍වා ඝරං ගන‍්ත්‍වා මාතාපිතූනං තං පවත‍්තිං ආරොචෙසි. තෙපි ආගන‍්ත්‍වා නානප‍්පකාරං ඔවදමානා වචනං අග‍්ගණ‍්හන‍්තං ආහංසු – “ත්‍වං අම‍්හෙ උච‍්චාකුලාති මා සල‍්ලක‍්ඛෙසි. මයං පෙසකාරා. සක‍්ඛිස‍්සසි පෙසකාරකම‍්මං කාතු”න‍්ති? සාමණෙරො ආහ – “උපාසක, ගිහීභූතො නාම පෙසකාරකම‍්මං වා කරෙය්‍ය නළකාරකම‍්මං වා, කිං ඉමිනා, මා සාටකමත‍්තෙ ලොභං කරොථා”ති . පෙසකාරකො උදරෙ බද‍්ධසාටකං දත්‍වා ඝරං නෙත්‍වා ධීතරං අදාසි.

සාමණේරයෝ ගොස් ඇය පෙරළා එන්නේ යයි පියුම්විල් තෙර සිටියහ. ඕතොමෝද සාමණේරයන් අහසින් යන බවද නැවත අවුත් සිටි බවද දැක, ඒකාන්තයෙන් මොහු මා නිසා උකටලී වූයේ යයි දැන සාමණේරය ඉවත්වෙවයි කීවාය. හේ ඉවත් විය. ඇය විලින් නැඟී වස්ත්‍රය හැඳ ඔහු වෙතට ගොස් මොකද ස්වාමීන් වහන්ස යයි විචාළාය. හේ එපවත් දැන්වීය. ඕතොමෝ බොහෝ කරුණුවලින් ගිහිගෙයි ආදීනව සහ බඹසර විසුමෙහි ආනිශංසයද දක්වා අවවාද දෙන්නී නමුත් ඔහුගේ කලකිරීම දුරුකිරීමට නොහැකි වූවාය. මේ තෙමේ මා නිසා මෙබඳු සෘද්ධියකින් පිරිහුනේ දැන් ප්‍රතික්‍ෂේප කිරීම අසාධාරණ යයි සිතා, මෙහිම ඉන්න කියා ගෙට ගොස් මාපියන්ට එම පුවත සැලකර සිටියාය. ඔවුහුද පැමිණ නොයෙක් ආකාරයෙන් අවවාද දුන්නත් ඒවාට කන් නුදුන්විට මෙසේ කීහ. ඔබ අප උසස් කුලිකයෝ යයි නොසලකන්න. අපි පේෂකාරයෝ වෙමු. පෙහෙරකම් කිරීමට හැකිද? සාමණේර තැන කීය. උපාසකය, ගිහි වූයේ නම් පෙහෙරකම් හෝ බටපොතු කර්මාන්තය හෝ කරන්නේය. කිම මා ගැන සාටක මාත්‍රයෙහි ලෝභ කරවුද? පෙහෙකරුවා බඩබැඳි සලුව දී ගෙට පමුණුවා දියණිය දුන්නේය.

සො පෙසකාරකම‍්මං උග‍්ගණ‍්හිත්‍වා පෙසකාරෙහි සද‍්ධිං සාලාය කම‍්මං කරොති. අඤ‍්ඤෙසං ඉත්‍ථියො පාතොව භත‍්තං සම‍්පාදෙත්‍වා ආහරිංසු. තස‍්ස භරියා න තාව ආගච‍්ඡති. සො ඉතරෙසු කම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා භුඤ‍්ජමානෙසු තසරං වට‍්ටෙන‍්තො නිසීදි. සා පච‍්ඡා ආගමාසි. අථ නං සො ‘අතිචිරෙන ආගතාසී’ති තජ‍්ජෙසි. මාතුගාමො ච නාම අපි චක‍්කවත‍්තිරාජානං අත‍්තනි පටිබද‍්ධචිත‍්තං ඤත්‍වා දාසං විය සල‍්ලක‍්ඛෙති. තස‍්මා සා එවමාහ – “අඤ‍්ඤෙසං ඝරෙ දාරුපණ‍්ණලොණාදීනි සන‍්නිහිතානි; බාහිරතො ආහරිත්‍වා දායකා පෙසකාරකාපි අත්‍ථි. අහං පන එකිකා; ත්‍වම‍්පි ‘මය‍්හං ඝරෙ ඉදං අත්‍ථි, ඉදං නත්‍ථී’ති න ජානාසි. සචෙ ඉච‍්ඡසි භුඤ‍්ජ, නො චෙ ඉච‍්ඡසි මා භුඤ‍්ජා”ති. සො ‘න කෙවලං උස‍්සූරෙ භත‍්තං ආහරසි, වාචායපි මං ඝට‍්ටෙසී’ති කුජ‍්ඣිත්‍වා අඤ‍්ඤං පහරණං අපස‍්සන‍්තො තමෙව තසරදණ‍්ඩකං තසරතො ලුඤ‍්චිත්‍වා ඛිපි. සා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා ඊසකං පරිවත‍්ති. තසරදණ‍්ඩකස‍්ස ච කොටි නාම තිඛිණා හොති. සා තස‍්සා පරිවත‍්තමානාය අක‍්ඛිකොටියං පවිසිත්‍වා අට‍්ඨාසි. සා උභොහි හත්‍ථෙහි වෙගෙන අක‍්ඛිං අග‍්ගහෙසි. භින‍්නට‍්ඨානතො ලොහිතං පග‍්ඝරති.

හේ පෙහෙරකම් ඉගෙන පෙහෙකරුවන් සමග සාලාවක වැඩ කරයි. සෙසු ස්ත්‍රීහු කලින්ම බත් සපයා ගෙනාහ. ඔහුගේ බිරිය තවම නොපැමිණියාය. අන් අය වැඩ නවත්වා ආහාර අනුභව කරන කල්හි හේ නූල් ඔතන දණ්ඩ පන්නවා හුන්නේය. ඕ පසුව පැමිණියාය. ඉක්බිති හේ ඇයට බොහෝ පමාවී පැමිණියහ යයි තර්ජනය කළේය. මාගම්මු නම් සක්විති රජද තමා කෙරෙහි පිළිබඳ සිත් ඇතැයි දැන දාසයකුට මෙන් සලකති. ඒ නිසා ඕ මෙසේ කීවාය. “අනිත් ගෙවල්වල දර කොල ලුණු ආදිය රැස්කර ඇත. බැහැරින් ගෙනදෙන පෙහෙකරුවෝද ඇත. මමද එක්කෙනෙක. ඔබ මගේ ගෙයි මෙය ඇත. මෙය නැතැයි නොදන්නෙහිය. කැමති නම් කාපන්. කැමති නැත්නම් නොකා ඉඳින්.” හේ දවල්වෙලා බත් ගෙනාවා මදිව තව කටගහණ්ඩත් එන්නේ යයි කිපී පහරදීමට අනිකක් නොදක්නේ ඒ නූල් ඔතන දණ්ඩ ගෙන දමා ගැසීය. ඕ එය එනවා දැක මදක් අයින් වූවාය. දඬු කෙළවර තියුණුය. අයින් වෙනවාත් සමගම ඇස් කෙළවර වැදී සිටියේය. ඕ දෑතින් ඇස වසා ගත්තාය. ඇනුණු තැනින් ලේ ගැලීය.

සො තස‍්මිං කාලෙ උපජ‍්ඣායස‍්ස වචනං අනුස‍්සරි ‘ඉදං සන්‍ධාය මං උපජ‍්ඣායො “අනාගතෙ කාලෙ කාණපෙසකාරියා හත්‍ථෙන මද‍්දිතං කඤ‍්ජියං පිවිස‍්සසී”ති ආහ. ඉදං ථෙරෙන දිට‍්ඨං භවිස‍්සති. අහො දීඝදස‍්සී අය්‍යො’ති මහාසද‍්දෙන රොදිතුං ආරභි. තමෙනං අඤ‍්ඤෙ “අලං, ආවුසො, මා රොදි; අක‍්ඛි නාම භින‍්නං න සක‍්කා රොදනෙන පටිපාකතිකං කාතු”න‍්ති ආහංසු. සො “නාහං එතමත්‍ථං රොදාමි; අපිච ඛො ඉදං සන්‍ධාය රොදාමී”ති සබ‍්බං පවත‍්තිං පටිපාටියා කථෙසි. එවං උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්ති.

හේ එවිට උපාධ්‍යායන් වහන්සේගේ වචන සිහි කළේය. මේ නිසා මගේ උපාධ්‍යායන් වහන්සේ අනාගතයෙහි කණ පේසකාරියගේ අතින් මැඩුණු කැඳ බොන්නේ යයි කීහ. මෙය තෙරුන් වහන්සේ දකින ලදි. අහෝ දුර දක්නා ආර්යයන් වහන්සේ යයි මහ හඬින් අඬන්නට පටන් ගත්තේය. අනිත් අය ඔහුට ඕකෙන් කමක් නෑ. අඬන්න එපා. ඇසනම් බිඳුණා. ඇඬීමෙන් ප්‍රකෘතිමත් කරන්ට නොහැකියයි කීවාහුය. හේ ඒ නිසා නෙමේ මං අඬන්නෙ. මේ නිසා අඬමියි සියළු පුවත් පිළිවෙලින් කීවේය. මෙසේ උපන් සමථ විපස්සනා නිරුද්ධ වන්නේ අනර්ථය පිණිස පවතී.

අපරම‍්පි වත්‍ථු – තිංසමත‍්තා භික‍්ඛූ කල්‍යාණියං මහාචෙතියං වන්‍දිත්‍වා අටවිමග‍්ගෙන මහාමග‍්ගං ඔතරමානා අන‍්තරාමග‍්ගෙ ඣාමක‍්ඛෙත‍්තෙ කම‍්මං කත්‍වා ආගච‍්ඡන‍්තං එකං මනුස‍්සං අද‍්දසංසු. තස‍්ස සරීරං මසිමක‍්ඛිතං හොති, මසිමක‍්ඛිතමෙව ච එකං කාසාවං කච‍්ඡං පීළෙත්‍වා නිවත්‍ථං. ඔලොකියමානො ඣාමඛාණුකො විය ඛායති. සො දිවසභාගෙ කම‍්මං කත්‍වා උපඩ‍්ඪඣායමානානං දාරූනං කලාපං උක‍්ඛිපිත්‍වා පිට‍්ඨියං විප‍්පකිණ‍්ණෙහි කෙසෙහි කුම‍්මග‍්ගෙන ආගන‍්ත්‍වා භික‍්ඛූනං සම‍්මුඛෙ අට‍්ඨාසි. සාමණෙරා දිස‍්වා අඤ‍්ඤමඤ‍්ඤං ඔලොකයමානා “ආවුසො, තුය‍්හං පිතා, තුය‍්හං මහාපිතා, තුය‍්හං මාතුලො”ති හසමානා ගන‍්ත්‍වා “කො නාමොසි ත්‍වං, උපාසකා”ති නාමං පුච‍්ඡිංසු. සො නාමං පුච‍්ඡිතො විප‍්පටිසාරී හුත්‍වා දාරුකලාපං ඡඩ‍්ඩෙත්‍වා වත්‍ථං සංවිධාය නිවාසෙත්‍වා මහාථෙරෙ වන්‍දිත්‍වා “තිට‍්ඨථ තාව, භන‍්තෙ”ති ආහ. මහාථෙරා අට‍්ඨංසු.

තවත් කථා වස්තුවක්:- භික්‍ෂූන් වහන්සේලා තිස්නමක් පමණ කැලණි මහා සෑය වැඳ කැලෑ මාර්ගයකින් මහා මාර්ගයට වඩින්නේ අතරමග දැවුණු කෙතක වැඩකොට එන එක් මිනිසෙකු දුටහ. ඔහුගේ සිරුර දැලි වැකුණේ වෙයි. දැලිවැකුණු එක් කහ රෙදිකඩක් කැසපට කවා හැඳසිටි ඔහු දෙස බලනවිට දැලි කණුවක් මෙන් හැඟෙයි. හේ දවස මුළුල්ලේ වැඩකර බාගෙට දැවුණු දරමිටියක් ඔසවාගෙන පිටට කඩාහැළුණු කෙස්වැටියෙන් යුක්තව කුඩා පාරකින් අවුත් භික්‍ෂූන් වහන්සේ ඉදිරියෙහි සිටියේය. සාමණේරවරු ඔහු දැක ඔවුනොවුන් දෙස බලමින් ඇවැත්නි, ඔබේ පියා, ඔබේ මහප්පා, ඔබේ මාමා යයි සිනහසෙමින් කියා උපාසකතුමනි, ඔබේ නම කුමක්දැයි නම ඇසූහ. නම අසන ලද හේ විපිළිසරව දරමිටිය දමා වස්ත්‍රය සකසා හැඳ මහතෙරුන් වැඳ ස්වාමීන් වහන්ස ටිකකට නවතිනු මැනවැයි කීය. මහතෙරහු සිටියහ.

දහරසාමණෙරා ආගන‍්ත්‍වා මහාථෙරානං සම‍්මුඛාපි පරිහාසං කරොන‍්ති. උපාසකො ආහ – “භන‍්තෙ, තුම‍්හෙ මං පස‍්සිත්‍වා පරිහසථ; එත‍්තකෙනෙව මත්‍ථකං පත‍්තම‍්හාති සල‍්ලක‍්ඛෙථ. අහම‍්පි පුබ‍්බෙ තුම‍්හාදිසොව සමණො අහොසිං. තුම‍්හාකං පන චිත‍්තෙකග‍්ගතාමත‍්තම‍්පි නත්‍ථි. අහං ඉමස‍්මිං සාසනෙ මහිද‍්ධිකො මහානුභාවො අහොසිං; ආකාසං ගහෙත්‍වා පථවිං කරොමි, පථවිං ආකාසං; දූරං ගණ‍්හිත්‍වා සන‍්තිකං කරොමි, සන‍්තිකං දූරං; චක‍්කවාළසහස‍්සං ඛණෙන විනිවිජ‍්ඣාමි. හත්‍ථෙ මෙ පස‍්සථ; ඉදානි පන මක‍්කටහත්‍ථසදිසා. අහං ඉමෙහෙව හත්‍ථෙහි ඉධ නිසින‍්නොව චන්‍දිමසූරියෙ පරාමසිං. ඉමෙසංයෙව පාදානං චන්‍දිමසූරියෙ පාදකථලිකං කත්‍වා නිසීදිං. එවරූපා මෙ ඉද‍්ධි පමාදෙන අන‍්තරහිතා. තුම‍්හෙ මා පමජ‍්ජිත්‍ථ. පමාදෙන හි එවරූපං බ්‍යසනං පාපුණන‍්ති. අප‍්පමත‍්තා විහරන‍්තා ජාතිජරාමරණස‍්ස අන‍්තං කරොන‍්ති. තස‍්මා තුම‍්හෙ මඤ‍්ඤෙව ආරම‍්මණං කරිත්‍වා අප‍්පමත‍්තා හොථ, භන‍්තෙ”ති තජ‍්ජෙත්‍වා ඔවාදමදාසි. තෙ තස‍්ස කථෙන‍්තස‍්සෙව සංවෙගං ආපජ‍්ජිත්‍වා විපස‍්සමානා තිංස ජනා තත්‍ථෙව අරහත‍්තං පාපුණිංසූති. එවම‍්පි උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්තීති වෙදිතබ‍්බා. අයං තාව ලොකියසම‍්මප‍්පධානකථාය විනිච‍්ඡයො.

තරුණ සාමණේරවරු පැමිණ මහතෙරුන් ඉදිරියෙහිද උපහාස කරති. උපාසක කීය. ස්වාමීනි, මා දැක පරිභාස කරවුද? මෙපමණින් මුදුනට පැමිණියෙමුයි සලකවුද මමද පෙර ඔබවහන්සේලා වගේ ශ්‍රමණයෙකු වීමි. තමුන්නාන්සේලා ගේ සිතේ එකඟකමක්වත් නැත. මම මේ සාසනයෙහි මනා සෘද්ධි ඇති මහානුභාව ඇත්තකු වීමි. අහස පොළොව ළඟට ගෙනෙමි. පොළොව අහස ළඟට ගෙනෙමි. දුර ළඟ කරමි. ළඟ දුර කරමි. සක්වල දහසක් ඇසිල්ලකින් විනිවිද යමි. මගේ අත බලන්න. දැන්නම් වඳුරු අතක් වගේ. මම මේ අත්වලින් මෙහි ඉඳගෙනම සඳහිරු අතගෑවෙමි. මේ පාවලින්ම සඳහිරු පා ලෑල්ලක් කොට හිඳ සිටියෙමි. මෙබඳු වූ මගේ සෘද්ධිය ප්‍රමාදයෙන් පිරිහුණේය. ඔබවහන්සේලා පමා නොවන්න. පමාවීමෙන් මෙබඳු වූ ව්‍යසනයට පැමිණෙති. අප්‍රමාදව වාසය කරන්නෝ ජාති ජරා මරණ අවසන් කරති. ඒ නිසා ඔබවහන්සේලා මාව අරමුණුකොට අප්‍රමාද වනු මැනවැයි තර්ජනය කොට අවවාද දුන්නේය. උන්වහන්සේලා ඔහු කියද්දීම සංවේගයට පැමිණ විදර්ශනා වඩන්නේ තිස්දෙනා වහන්සේම එහිම සිට රහත්බවට පැමිණියහ. මෙසේද උපන් සමථ විපස්සනාව නිරුද්ධ වන්නේ අනර්ථය පිණිස පවතීයයි දතයුතුය. මෙය ලෞකික සම්මප්පධාන කථා විනිසයි.

ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පනෙතං එකමෙව වීරියං චතුකිච‍්චසාධනවසෙන චත‍්තාරි නාමානි ලභති. තත්‍ථ අනුප‍්පන‍්නානන‍්ති අසමුදාචාරවසෙන වා අනනුභූතාරම‍්මණවසෙන වා අනුප‍්පන‍්නානං; අඤ‍්ඤථා හි අනමතග‍්ගෙ සංසාරෙ අනුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා නාම නත්‍ථි. අනුප‍්පන‍්නා පන උප‍්පජ‍්ජමානාපි එතෙයෙව උප‍්පජ‍්ජන‍්ති , පහීයමානාපි එතෙයෙව පහීයන‍්ති.

ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි එකම වීර්ය කෘත්‍ය හතරක් නිසා සතරක් යන නම ලබයි. එහි අනුප්පන්නා යනු නොහැසිරීම වශයෙන් හෝ අරමුණු නොගැනීම් වශයෙන් හෝ නොඋපන්නා වූ යන තේරුමයි. වෙනත් අයුරකින් කියනවා නම් මුලක් නැති සසර නොඋපන් පාප අකුසල දහම් නම් නැත. අනුප්පන්නයෝ වනාහි උපදිනුයේ මේවා සමගම උපදිති. ප්‍රහීණ වන්නේද මේවා සමගය.

තත්‍ථ එකච‍්චස‍්ස වත‍්තවසෙන කිලෙසා න සමුදාචරන‍්ති. එකච‍්චස‍්ස ගන්‍ථධුතඞ‍්ගසමාධිවිපස‍්සනා නවකම‍්මිකානං අඤ‍්ඤතරවසෙන. කථං? එකච‍්චො හි වත‍්තසම‍්පන‍්නො හොති. තස‍්ස ද‍්වාසීතිඛුද‍්දකවත‍්තානි (චූළව· 243 ආදයො), චුද‍්දස මහාවත‍්තානි (චූළව· 356 ආදයො), චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණපානීයමාළඋපොසථාගාරආගන‍්තුකගමිකවත‍්තානි ච කරොන‍්තස‍්සෙව කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස වත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා භින‍්නවත‍්තස‍්ස විචරතො අයොනිසොමනසිකාරඤ‍්චෙව සතිවොස‍්සග‍්ගඤ‍්ච ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවං අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහර කෙනෙකුට වත් වශයෙන් කෙලෙස් නොඋපදියි. සමහර කෙනෙකුට ග්‍රන්‍ථ ධුතංග සමාධි විපස්සනා නවකම්ම වීම් වශයෙන් එක්තරා ආකාරයකින් කෙසේද? සමහරෙක් වත් සම්පන්න වෙති. ඔහු දෙඅසූ කුදුවත් තුදුස් මහවත් සෑමලු බෝමලු පැන් මාලක පොහොය ගේ ආගන්තුක ගමික වත් කරනවිට කෙලෙස් අවකාශ නොලබයි. පසුකලක වතාවත් අත්හැර බිඳුණු වත් ඇතිව හැසිරෙනවිට නුනුවණින් මෙනෙහි කිරීමද සිහිය නොමැතිවීමද නිසා කෙලෙස් උපදියි. මෙසේ වත්වල නොහැසිරීමේ නූපන් කෙලෙස් උපදියි.

එකච‍්චො ගන්‍ථයුත‍්තො හොති; එකම‍්පි නිකායං ගණ‍්හාති, ද‍්වෙපි, තයොපි, චත‍්තාරොපි, පඤ‍්චපි. තස‍්සෙව තෙපිටකං බුද‍්ධවචනං අත්‍ථවසෙන පාළිවසෙන අනුසන්‍ධිවසෙන පුබ‍්බාපරවසෙන ගණ‍්හන‍්තස‍්ස සජ‍්ඣායන‍්තස‍්ස චින‍්තෙන‍්තස‍්ස වාචෙන‍්තස‍්ස දෙසෙන‍්තස‍්ස පකාසෙන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස ගන්‍ථකම‍්මං පහාය කුසීතස‍්ස විචරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහරෙක් ග්‍රන්ථකරණයෙහි යෙදුනේ වෙති. එක් නිකායක් ගනියි. දෙකක් තුනක් හතරක් පහක් ගනියි. එසේම ත්‍රිපිටක බුද්ධ වචනය අර්ථ වශයෙන් පෙල වශයෙන් අනුසන්ධි වශයෙන් පූර්ව අපර වශයෙන් ගන්නාට සජ්ඣායනය කරනවිට සිතන්නාට කියන්නාට දේශනා කරන්නාට ප්‍රකාශ කරන්නාට කෙලෙස් අවකාශ නොලබයි. පසුකාලයක ග්‍රන්ථකරණය හැර කම්මැලිව හැසිරීමෙන් නුනුවණින් මෙනෙහි කිරීමෙන් සිහිය අත්හැරීමෙන් කෙලෙස් උපදියි. මෙසේ අසමුදාචාරයෙන් අනුප්පන්න කෙලෙස් උපදියි.

එකච‍්චො පන ධුතඞ‍්ගධරො හොති, තෙරස ධුතඞ‍්ගගුණෙ සමාදාය වත‍්තති. තස‍්ස ධුතඞ‍්ගගුණෙ පරිහරන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස ධුතඞ‍්ගානි විස‍්සජ‍්ජෙත්‍වා බාහුල‍්ලාය ආවට‍්ටස‍්ස විචරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහර කෙනෙක් ධුතංගධර වෙති. තෙලෙස් දුහඟ සමාදන්ව පවත්වති. ඔහුට ධුත ගුණ පරිහරණය නිසා කෙලෙස් අවකාශ නොලබයි. පසුව ධුතංග අත්හැර බොහෝ බවට පෙරළී හැසිරීමෙන් නුනුවණින් මෙනෙහි කිරීම සිහිය නැතිවීම නිසා උපදී. මෙසේ නොහැසිරීම නිසා නූපන් කෙලෙස් උපදී නම් වේ.

එකච‍්චො පන අට‍්ඨසු සමාපත‍්තීසු චිණ‍්ණවසී හොති. තස‍්ස පඨමජ‍්ඣානාදීසු ආවජ‍්ජනවසීආදීනං වසෙන විහරන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස පරිහීනජ‍්ඣානස‍්ස වා විස‍්සට‍්ඨජ‍්ඣානස‍්ස වා භස‍්සාදීසු අනුයුත‍්තස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා කිලෙසා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහරෙක් අෂ්ට සමාපත්තිවල පුරුදු කරන ලද වසීබව ඇත්තෝ වෙති. ඔවුන්ට ප්‍රථමධ්‍යානාදියෙහි ආවර්ජන වසීතාව වශයෙන් වාසය කිරීම නිසා කෙලෙස් අවකාස නොලබයි. පසුව පිරිහුණු ධ්‍යාන ඇත්තාට හෝ ධ්‍යානය අත්හැර දැමූවහුට හෝ නිරර්ථක කථාවල යෙදී වාසය කිරීමෙන් නුනුවණින් මෙනෙහි කිරීම සිහිය නොමැති වීම නිසා නූපන් කෙලෙස් උපදී. මෙසේ නොහැසිරීමෙන් නූපන් ක්ලේශ හෝ උපදියි නම් වේ.

එකච‍්චො පන විපස‍්සකො හොති; සත‍්තසු වා විපස‍්සනාසු අට‍්ඨාරසසු වා මහාවිපස‍්සනාසු කම‍්මං කරොන‍්තො විහරති. තස‍්සෙවං විහරතො කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස විපස‍්සනාකම‍්මං පහාය කායදළ‍්හීබහුලස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා කිලෙසා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහර කෙනෙක් විදර්ශනා වඩති. අනුපස්සනා සතෙහි හෝ මහා විපස්සනා දහඅටෙහි හෝ යෙදී වාසය කරති. එසේ වාසය කරන ඔහුට කෙලෙස් අවකාශ නොලබයි. පසුව විපස්සනාව හැර කය දැඩිකොට ගැනීම් බහුලව විසීමෙන් නුනුවණින් මෙනෙහි කිරීම සිහිය නැතිවිට පැමිණ උපදී. මෙසේ නොහැසිරීමෙන් නූපන් කෙලෙස් උපදී.

එකච‍්චො පන නවකම‍්මිකො හොති, උපොසථාගාරභොජනසාලාදීනි කරොති. තස‍්ස තෙසං උපකරණානි චින‍්තෙන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස නවකම‍්මෙ නිට‍්ඨිතෙ වා විස‍්සට‍්ඨෙ වා අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා කිලෙසා උප‍්පජ‍්ජන‍්ති නාම.

සමහරෙක් නව කර්මාන්ත කරන්නෝ වෙති. පොහොය ගෙවල් දාන ශාලා ආදිය කරති. ඔහු ඒ සඳහා උපකරණ ගැන සිතනවිට කෙලෙස්වලට අවකාශ නොලැබෙති. පසුකලෙක නව කර්මාන්ත අවසන්වූ පසු හෝ අත්හැර දැමූවිට හෝ නුනුවණින් මෙනෙහි කිරීම සිහිය අත්හැරීම නිසා පැමිණ උපදී. මෙසේ නොහැසිරීමෙන් නූපන් කෙලෙස් ඉපදීම වේ.

එකච‍්චො පන බ්‍රහ‍්මලොකා ආගතො සුද‍්ධසත‍්තො හොති. තස‍්ස අනාසෙවනාය කිලෙසා ඔකාසං න ලභන‍්ති; අපරභාගෙ පනස‍්ස ලද‍්ධාසෙවනස‍්ස අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා කිලෙසා උප‍්පජ‍්ජන‍්ති නාම. එවං තාව අසමුචාරවසෙන අනුප‍්පන‍්නතා වෙදිතබ‍්බා.

සමහරෙක් බඹලොවින් ආ සුද්ධ සත්ත්වයෝ වෙති. ඔහු සේවනය නොකිරීමෙන් කෙලෙස් අවකාශ නොලබයි. සේවනය ලැබීමෙන් නුනුවණින් මෙනෙහි කිරීම සිහිය හැරීම නිසා උපදියි. මෙසේ නොහැසිරීමෙන් නූපන් කෙලෙස් උපදී. මෙය නොහැසිරීමෙන් අනුප්පන්නො නූපන් යනුයි යයි දැනගත යුතුය.

කථං අනනුභූතාරම‍්මණවසෙන? ඉධෙකච‍්චො අනනුභූතපුබ‍්බං මනාපියාදිභෙදං ආරම‍්මණං ලභති. තස‍්ස තත්‍ථ අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම රාගාදයො කිලෙසා උප‍්පජ‍්ජන‍්ති. එවං අනනුභූතාරම‍්මණවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකමෙව වීරියං.

අනනුභූතාරම්මණා වශයෙන් කෙසේද? මෙහි සමහරෙක් පෙර නොවිඳින ලද මනස ආදි අරමුණු ලබති. ඔහුට එහි නුනුවණින් මෙනෙහි කිරීම සිහිය අතහැරීම නිසා රාගාදී කෙලෙස් උපදියි. මෙසේ පෙර නොවිඳින ලද වශයෙන් අනුප්පන්නා උප්පජ්ජති නම් වේ. ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි වනාහි එකම වීර්ය වේ.

යෙ ච එවං අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජෙය්‍යුං, තෙ යථා නෙව උප‍්පජ‍්ජන‍්ති, එවං නෙසං අනුප‍්පාදකිච‍්චං උප‍්පන‍්නානඤ‍්ච පහානකිච‍්චං සාධෙති. තස‍්මා උප‍්පන‍්නානං පාපකානන‍්ති එත්‍ථ පන චතුබ‍්බිධං උප‍්පන‍්නං – වත‍්තමානුප‍්පන‍්නං, භුත්‍වා විගතුප‍්පන‍්නං, ඔකාසකතුප‍්පන‍්නං, භූමිලද‍්ධුප‍්පන‍්නන‍්ති. තත්‍ථ යෙ කිලෙසා විජ‍්ජමානා උප‍්පාදාදිසමඞ‍්ගිනො – ඉදං වත‍්තමානුප‍්පන‍්නං නාම. කම‍්මෙ පන ජවිතෙ ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධවිපාකො භුත්‍වා විගතං නාම. කම‍්මං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධං භුත්‍වා විගතං නාම. තදුභයම‍්පි භුත්‍වා විගතුප‍්පන‍්නන‍්ති සඞ‍්ඛං ගච‍්ඡති. කුසලාකුසලකම‍්මං අඤ‍්ඤස‍්ස කම‍්මස‍්ස විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කරොති. එවං කතෙ ඔකාසෙ විපාකො උප‍්පජ‍්ජමානො ඔකාසකරණතො පට‍්ඨාය උප‍්පන‍්නොති වුච‍්චති. ඉදං ඔකාසකතුප‍්පන‍්නං නාම.

නූපන්නා වූ ඉපදීද ඒවා නොඉපදීම සඳහා ඒවායේ නොඉපදීම් කෘත්‍යයද ඉපදුනවුන්ගේ ප්‍රහාණ කෘත්‍යයද සිදුකරයි. එහෙයින් උප්පන්නානං පාපකානං යයි මෙහි ඉපදීම සතරාකාරය. වර්තමාන ඉපදීම භුත්‍වා විගත ඉපදීම, අවකාශ ඉපදීම, භූමිලද්ධ ඉපදීම යනුවෙනි. එහි යට විද්‍යමාන වූ කෙලෙස් ඉපදීම සමග වූයේද එය වර්තමාන ඉපදීම වේ. ක්‍රියාව කිරීමේදී අරමුණු රස විඳ අවසන් වූ විපාකය භුත්‍වා විගත නම් වේ. කර්මය ඉපදී නිරුද්ධවීම භුත්‍වා විගත නම් වේ. දෙයාකාරයම භුත්‍ථවිගත නම් වේ. කර්මය ඉපදී නිරුද්ධවීම භුත්‍වාවිගත නම් වේ. දෙයාකාරයම භුත්‍වාවිගත උප්පන්න සංඛ්‍යාවට යයි. කුසලාකුසල කර්මය අනිත් කර්මයක විපාක වලකා තමාගේ විපාකයට ඉඩදීම අවකාශ ඉපදීම වේ.

පඤ‍්චක‍්ඛන්‍ධා පන විපස‍්සනාය භූමි නාම. තෙ අතීතාදිභෙදා හොන‍්ති. තෙසු අනුසයිතකිලෙසා පන අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. අතීතක‍්ඛන්‍ධෙසු අනුසයිතාපි හි අප‍්පහීනාව හොන‍්ති. අනාගතක‍්ඛන්‍ධෙසු, පච‍්චුප‍්පන‍්නක‍්ඛන්‍ධෙසු අනුසයිතාපි අප‍්පහීනාව හොන‍්ති. ඉදං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම. තෙනාහු පොරාණා – “තාසු තාසු භූමීසු අසමුග‍්ඝාතිතා කිලෙසා භූමිලද‍්ධුප‍්පන‍්නාති සඞ‍්ඛං ගච‍්ඡන‍්තී”ති.

පංචස්කන්ධය විපස්සනාවට භූමි වේ. ඒවා අතීතාදි භේදයෙන් යුක්තය. ඒවා අතර අනුසය වශයෙන් නිදාගත් කෙලෙස් අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යයි නොකිව යුතුය. අතීත ස්කන්ධවල අනුව නිදා සිටියෝද ප්‍රහීණ නොවූවෝය. අනාගත වර්තමාන ස්කන්ධ අනුව නිදාසිටියෝද අප්‍රහීණය. මෙය භූමිලද්ධ ඉපදීම නම් වේ. එයින් කීහ පුරාණයෝ “ඒ ඒ භූමිවල නොඉදුරු කෙලෙස් භූමිලද්ධ උප්පන්න සංඛ්‍යාවට යයි”

අපරම‍්පි චතුබ‍්බිධං උප‍්පන‍්නං – සමුදාචාරුප‍්පන‍්නං, ආරම‍්මණාධිගහිතුප‍්පන‍්නං, අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං, අසමුග‍්ධාතිතුප‍්පන‍්නන‍්ති. තත්‍ථ සම‍්පති වත‍්තමානංයෙව ‘සමුදාචාරුප‍්පන‍්නං’ නාම. සකිං චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා ආරම‍්මණෙ නිමිත‍්තෙ ගහිතෙ අනුස‍්සරිතානුස‍්සරිතක‍්ඛණෙ කිලෙසා නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? ආරම‍්මණස‍්ස අධිගහිතත‍්තා. යථා කිං? යථා ඛීරරුක‍්ඛස‍්ස කුඨාරියා ආහතාහතට‍්ඨානෙ ඛීරං න නික‍්ඛමිස‍්සතීති න වත‍්තබ‍්බං, එවං. ඉදං ‘ආරම‍්මණාධිගහිතුප‍්පන‍්නං’ නාම. සමාපත‍්තියා අවික‍්ඛම‍්භිතකිලෙසා පන ඉමස‍්මිං නාම ඨානෙ නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? අවික‍්ඛම‍්භිතත‍්තා. යථා කිං? යථා සචෙ ඛීරරුක‍්ඛං කුඨාරියා ආහනෙය්‍යුං, ‘ඉමස‍්මිං නාම ඨානෙ ඛීරං න නික‍්ඛමෙය්‍යා’ති න වත‍්තබ‍්බං, එවං. ඉදං ‘අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං’ නාම. මග‍්ගෙන අසමුග‍්ඝාතිතකිලෙසා පන භවග‍්ගෙ නිබ‍්බත‍්තස‍්සාපි නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති පුරිමනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. ඉදං ‘අසමුග‍්ඝාතිතුප‍්පන‍්නං’ නාම.

තවද සතරාකාර ඉපදීමක් සමුදාචාර උප්පන්න, ආරම්මණ අධිග්ගහහිත උප්පන්න, අවික්ඛම්භිත උප්පන්න, අසමුග්ඝාටිත උප්පන්න යනුවෙනි. සමුදාචාර උප්පන්න නම් වර්තමානය වේ. සත්වරක් ඇස් දල්වා අරමුණෙහි නිමිති ගෙන සිහිකරන හැමවිටම කෙලෙස් නො උපදින්නේ යයි නොකිව යුතුය. කුමක් හෙයින්ද? අරමුණේ අධිගෘහිත බැවිනි. කුමක් වාගේද? කිරිගහ කෙටේරියෙන් කොටන හැමවිටම කිරි නික්මෙන්නේ නැතැයි නොකිව යුතුය. මෙසේ මෙය ආරම්මණ අධිගෘහිත සම්පන්න වේ. සමාපත්තියෙන් විෂ්කම්භනය නොකළ කෙලෙස් මෙම ස්ථානයෙහි නූපදින්නේ යයි නොකිව යුතුය. මෙය අවික්ඛම්හික උප්පන්න නම් වේ. මාර්ගයෙන් (පෙරාපර) උදුරා නොදැමූ කෙලෙස් භවාග්‍රය දක්වා නූපදිතියි නොකිව යුතුය. මෙය අසමුග්ඝාටිත උප්පන්න නම් වේ.

ඉමෙසු උප‍්පන‍්නෙසු වත‍්තමානුප‍්පන‍්නං, භුත්‍වාවිගතුප‍්පන‍්නං, ඔකාසකතුප‍්පන‍්නං, සමුදාචාරුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං උප‍්පන‍්නං න මග‍්ගවජ‍්ඣං; භූමිලද‍්ධුප‍්පන‍්නං, ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නං, අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං, අසමුග‍්ඝාතිතුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං මග‍්ගවජ‍්ඣං. මග‍්ගො හි උප‍්පජ‍්ජමානො එතෙ කිලෙසෙ පජහති. සො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. වුත‍්තම‍්පි චෙතං –

මෙම උපත් අතුරෙන් වත්තමාන, භූත්‍ථාවිගත අවකාස, සමුදාචාර සතර මාර්ග නැතිකළ හැකි නොවේ. භූමිලද්ධ, ආරම්මණ, අවිගෘහිත, අවිකම්භිත, අසමුග්ඝාටිත සතර මාර්ගයේ නැතිකළ යුතුය. මාර්ගය උපදිනවිට මේ කෙලෙස් දුරුකරයි. ඒ දුරුකරන කෙලෙස් අතීත අනාගත වර්තමානය යයි නොකිව යුතුය. පුදුමය මෙය කියන ලද්දේ වෙයි.

“හඤ‍්චි අතීතෙ කිලෙසෙ පජහති, තෙන හි ඛීණං ඛෙපෙති, නිරුද‍්ධං නිරොධෙති, විගතං විගමෙති, අත්‍ථඞ‍්ගතං අත්‍ථං ගමෙති, අතීතං යං නත්‍ථි තං පජහති. හඤ‍්චි අනාගතෙ කිලෙසෙ පජහති, තෙන හි අජාතං පජහති, අනිබ‍්බත‍්තං අනුප‍්පන‍්නං අපාතුභූතං පජහති, අනාගතං යං නත්‍ථි තං පජහති. හඤ‍්චි පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති, තෙන හි රත‍්තො රාගං පජහති, දුට‍්ඨො දොසං, මූළ‍්හො මොහං, විනිබද‍්ධො මානං, පරාමට‍්ඨො දිට‍්ඨිං, වික‍්ඛෙපගතො උද‍්ධච‍්චං, අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡං, ථාමගතො අනුසයං පජහති; කණ‍්හසුක‍්කධම‍්මා යුගනද‍්ධා සමමෙව වත‍්තන‍්ති; සංකිලෙසිකා මග‍්ගභාවනා හොති…පෙ… තෙන හි නත්‍ථි මග‍්ගභාවනා, නත්‍ථි ඵලසච‍්ඡිකිරියා, නත්‍ථි කිලෙසප‍්පහානං, නත්‍ථි ධම‍්මාභිසමයො’ති. ‘අත්‍ථි මග‍්ගභාවනා…පෙ… අත්‍ථි ධම‍්මාභිසමයො’ති. යථා කථං විය? සෙය්‍යථාපි තරුණො රුක‍්ඛො…පෙ… අපාතුභූතානෙව න පාතුභවන‍්ති”ති (පටි· ම· 3.21).

අතීතයෙහි කෙලෙස් පහකරයි. එනම් ක්‍ෂීණා වූවම ක්‍ෂීණ කරයි. නිරුද්ධ වූවම නිරුද්ධ කරයි. ඉවත්වූවම ඉවත් කරයි. අසත්‍ය ගියදේම අසත්‍යයට යවයි. අතීතයේ යමක් නැද්ද එය පහකරයි. අනාගතයෙහි කෙලෙස් පහකරයි. නොඋපන් දේ පහකරයි. නොනිපන් දේ පහකරයි. නොඋපන් නොහටගත් දේ පහ කරයි. අනාගතයේ යමක් නැද්ද එය පහකරයි. වර්තමානයේ කෙලෙස් පහකරයි. එයින් රත්වූයේ රාගය පහකරයි. දූෂ්‍ය වූ ද්වේශය පහකරයි. මුළාවූ මෝහය පහකරයි. විනිබද්ධ වූ මානය පහකරයි. සිතින් දැඩිසේ ගත් දෘෂ්ටිය පහකරයි. වික්‍ෂිප්ත වූ උද්ධච්චය නිමාවට නොපැමිණ විචිකිච්ඡාව පහකරයි. බලවත් වූ අනුසය පහකරයි. කළු සුදු දහම් යුගනද්ධව පවතී. කිලුටට පමුණුවන මාර්ග භාවනා වේ. එය නැත්නම් මාර්ග භාවනා නැත. ඵල සාක්‍ෂාත් කිරීම නැත. කෙලෙස් ප්‍රහාණය නැත. ධර්මාභිසමය නැත. භාවනා ඇත. මග්ගභාවනා ඇත. ඵල සච්ඡිකිරියා ඇත. කෙලෙස් ප්‍රහානය ඇත. ධර්මාභිසමය ඇත. කුමක් වැනිද? ලපටි ගසක් නැති නිසාම පහ නොවේ.

ඉති පාළියං අජාතඵලරුක‍්ඛො ආගතො; ජාතඵලරුක‍්ඛෙන පන දීපෙතබ‍්බං. යථා හි සඵලො තරුණඅම‍්බරුක‍්ඛො. තස‍්ස ඵලානි මනුස‍්සා පරිභුඤ‍්ජෙය්‍යුං, සෙසානි පාතෙත්‍වා පච‍්ඡියො පූරෙය්‍යුං. අථඤ‍්ඤො පුරිසො තං ඵරසුනා ඡින්‍දෙය්‍ය. තෙනස‍්ස නෙව අතීතානි ඵලානි නාසිතානි හොන‍්ති, න අනාගතපච‍්චුප‍්පන‍්නානි ච නාසිතානි; අතීතානි හි මනුස‍්සෙහි පරිභුත‍්තානි, අනාගතානි අනිබ‍්බත‍්තානි න සක‍්කා නාසෙතුං . යස‍්මිං පන සමයෙ සො ඡින‍්නො තදා ඵලානියෙව නත්‍ථීති පච‍්චුප‍්පන‍්නානිපි අනාසිතානි. සචෙ පන රුක‍්ඛො අච‍්ඡින‍්නො අස‍්ස, අථස‍්ස පථවීරසඤ‍්ච ආපොරසඤ‍්ච ආගම‍්ම යානි ඵලානි නිබ‍්බත‍්තෙය්‍යුං, තානි නාසිතානි හොන‍්ති. තානි හි අජාතානෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තානෙව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතානෙව න පාතුභවන‍්ති. එවමෙව මග‍්ගො නාපි අතීතාදිභෙදෙ කිලෙසෙ පජහති, නාපි න පජහති. යෙසඤ‍්හි කිලෙසානං මග‍්ගෙන ඛන්‍ධෙසු අපරිඤ‍්ඤාතෙසු උප‍්පත‍්ති සියා, මග‍්ගෙන උප‍්පජ‍්ජිත්‍වා ඛන්‍ධානං පරිඤ‍්ඤාතත‍්තා තෙ කිලෙසා අජාතාව න ජායන‍්ති, අනිබ‍්බත‍්තාව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතාව න පාතුභවන‍්ති. තරුණපුත‍්තාය ඉත්‍ථියා පුන අවිජායනත්‍ථං බ්‍යාධිතානං රොගවූපසමත්‍ථං පීතභෙසජ‍්ජෙහි චාපි අයමත්‍ථො විභාවෙතබ‍්බො. එවං මග‍්ගො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. න ච මග‍්ගො කිලෙසෙ න පජහති. යෙ පන මග‍්ගො කිලෙසෙ පජහති, තෙ සන්‍ධාය ‘උප‍්පන‍්නානං පාපකාන’න‍්තිආදි වුත‍්තං.

ගසේ පෙලෙහි නොහටගත් ඵල ඇති රුකක් පැමිණියේය. එහි ඵල මිනිස්සු අනුභව කරන්නාහු සෙසු ගෙඩි කඩා පැස් පුරවන්නාහු ඉක්බිති අනිත් පුරුෂයෙක් එය පොරොවෙන් කපන්නේය. එයින් එහි අතීත පල නැසුම් නොවේ. අනාගත ඵල වත්මන් පල නැසුම් නොවේ. අතීත ඵල මිනිසුන් වළඳන ලදි. අනාගත ඵල නොනිපන් නිසා නැසිය නොහැක. යම්කලෙක එය කපන ලද්දේ නම් එකල්හි පල නැතැයි අනාශ්‍රිතය. ගස නොකැපූයේ නම් එය පොළව ආපෝ රසගෙන ඵල උපදවන්නේය. ඒවා කඩන ලද්දේ වේ. ඒවා නොහටගත් නිසා හට නොගනී. නොනිපන් නිසා නූපදී. නොපහළ වූ නිසා පහළ නොවේ. එසේම මාර්ගය අතීතාදී භේදයෙන් කෙලෙස් පහ නොකරයි. දුරු නොකරයි. කෙලෙස් මාර්ගයෙන් ස්කන්ධ පරිඤ්ඤාත හෝ නිසා උපදී. ඉපදී මාර්ගයේ ස්කන්ධ දැනගන්නා ලද කල්හි කෙලෙස් නොඋපන්නේම නූපදී. නොපහළ වූ නිසා පහළ නොවේ. තරුණ පුතකු ඇති ස්ත්‍රිය නැවත නොවැදීම සඳහා බාධිත වූ රෝග ව්‍යපසමනය සඳහා බීපු බේත්වලින් ද මෙහි අර්ථය විස්තර කළ යුතුය. මෙසේ මාර්ගය කෙලෙස් පහ කරයි. ඒවා අතීත හෝ අනාගත හෝ වර්තමානය නොකිව යුතුය. මාර්ගය කෙලෙස් දුරු නොකරන්නේ නොවේ. මාර්ගය කෙලෙස් දුරුකරයි. ඒ සඳහා උප්පන්නානං පාපකානං ආදිය කියන ලදි.

න කෙවලඤ‍්ච මග‍්ගො කිලෙසෙයෙව පජහති, කිලෙසානං පන අප‍්පහීනත‍්තා යෙ උප‍්පජ‍්ජෙය්‍යුං උපාදින‍්නක‍්ඛන්‍ධා, තෙපි පජහතියෙව. වුත‍්තම‍්පි චෙතං “සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන සත‍්ත භවෙ ඨපෙත්‍වා අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච එත්‍ථෙතෙ නිරුජ‍්ඣන‍්තී”ති (චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 6) විත්‍ථාරො. ඉති මග‍්ගො උපාදින‍්නතො අනුපාදින‍්නතො ච වුට‍්ඨාති. භවවසෙන පන සොතාපත‍්තිමග‍්ගො අපායභවතො වුට‍්ඨාති . සකදාගාමිමග‍්ගො සුගතිභවෙකදෙසතො; අනාගාමිමග‍්ගො සුගතිකාමභවතො; වුට‍්ඨාති අරහත‍්තමග‍්ගො රූපාරූපභවතො වුට‍්ඨාති, සබ‍්බභවෙහි වුට‍්ඨාතියෙවාතිපි වදන‍්ති.

මාර්ගය කේවලවූ කෙලෙස් පමණක් නැති නොකරයි. කෙලෙස් අප්‍රහීණ බැවින් උපදින්නේය. උපාදින්න ස්කන්ධ යන ඒවාද දුරු කරන්නේමය. මෙය කියන ලදි. සෝවාන් මග නුවණින් අභිසංඛාර විඤ්ඤාණ නිරෝධයෙන් භව හතක් හැර මුලක් නැති සසරෙහි උපන් නාමරූප මෙහි නිරුද්ධ වේ. විස්තර වශයෙන් මාර්ගය උපාදින්න අනුපාදින්න දෙකින්ම නැගී සිටී. භව වශයෙන් සෝවාන්මග අපාය භවයෙන් නැගී සිටී. සකෘදාගාමී මග්ගය සුගතභව ඒකදේශයකින් අනාගාමී මග්ග සුගතිකාම භවවලින් අරහන්ත මග්ගය රූපාරූප භවවලින් නැගී සිටී. සියළු භවවලින් නැගී සිටී යයිද කියති.

අථ මග‍්ගක‍්ඛණෙ කථං අනුප‍්පන‍්නානං උප‍්පාදාය භාවනා හොති? කථං වා උප‍්පන‍්නානං ඨිතියාති? මග‍්ගප‍්පවත‍්තියා එව. මග‍්ගො හි පවත‍්තමානො පුබ‍්බෙ අනුප‍්පන‍්නපුබ‍්බත‍්තා අනුප‍්පන‍්නො නාම වුච‍්චති. අනාගතපුබ‍්බඤ‍්හි ඨානං ගන‍්ත්‍වා අනනුභූතපුබ‍්බං වා ආරම‍්මණං අනුභවිත්‍වා වත‍්තාරො භවන‍්ති – ‘අනාගතට‍්ඨානං ආගතම‍්හ, අනනුභූතං ආරම‍්මණං අනුභවාමා’ති. යා චස‍්ස පවත‍්ති, අයමෙව ඨිති නාමාති ඨිතියා භාවෙතීති වත‍්තුං වට‍්ටති. එවමෙතස‍්ස භික‍්ඛුනො ඉදං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ වීරියං “අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදායා”තිආදීනි චත‍්තාරි නාමානි ලභති. අයං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ සම‍්මප‍්පධානකථා. එවමෙත්‍ථ ලොකියලොකුත‍්තරමිස‍්සකා සම‍්මප‍්පධානා නිද‍්දිට‍්ඨාති.

ඉක්බිති, මාර්ග ක්‍ෂණයෙහි නූපන් ඒවායේ ඉපදීමට භාවනා වඩන්නේ කෙසේද? උපන් නමුත් සිටීම කෙසේද? මාර්ගයේ පැවතීමමය. මාර්ගය පැවතීමට පෙර අනුප්පන්න පූර්ව වූ බවට අනුප්පන්න නම් වේ. අනාගත පෙර ස්ථානයට ගොස් පෙර නොවූවිරූ අරමුණක් ගෙන කියනු ලබයි. අනාගත ස්ථානයට පැමිණියෙමු. නොවූවිරූ අරමුණක් වින්දෙමු. යමක් ඔහුගේ පවතීද මෙය ඨිති නමැයි ඨිති අභාවයෙන් කීම වටී. එසේම මේ භික්‍ෂුවට මේ ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයේ, විරිය නූපන් පාප අකුසල ධර්මයන්ගේ නො ඉපදීම යයි ආදි නම ලබයි. මෙය ලෝකෝත්තර මාර්ගක්‍ෂණයේ සම්මප්පධාන කථාවය. මෙසේ මෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව සම්මප්පධාන දක්වන ලද්දේ වේ.

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.

සූත්‍රාන්ත භාජනියයි.