සුත්තන්තභාජනියං
489. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
489. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි පිළිපන්මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, කායික චෛතසික වීර්‍ය්‍ය කෙරෙයි, (එ ම සහජාත වීර්‍ය්‍යයෙන්) සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපැදීම පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස සම්පූර්ණ වීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
490. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
490. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වීර්‍ය්‍ය කෙරේ ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ ද යත්:
තත්ථ කතමෙ අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා: තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා.
එහි නූපන් අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, තදේකස්ථ වූ ක්ලේශයෝ යැ, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ, තත්සමුත්ථාන වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය යන මොහු ‘නූපන් අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්.
ඉති ඉමෙසං අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
මෙසේ මේ නූපන් ලාමක අකුශලධර්මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති, තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යකතාකුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො. ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති උට්ඨපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ඡන්දං ජනෙතී’ති
ඡන්දං ජනෙති යනු: එහි ‘ඡන්දය’ කවරෙ යත්: යම් ඡන්දයෙක් ඡන්දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්ද’ යි කියනු ලැබේ. මේ ඡන්දය උපදවයි. නිරතුරු කෙරෙයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්දං ජනෙති’ යි කියනු ලැබේ.
‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති වායාමො, ඉමිනා වායාමෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සම්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ‘වායමතී’ති.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති විරියං. ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍ය කෙරෙයි, (අරඹයි) පුනපුනා කෙරෙයි, ඇසුරු කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං, ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති, තෙන වුච්චති ‘චිත්තං පග්ගණ්හාතී’ති.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්තය’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල්දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති පදහතී’ති.
පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
491. කථඤ්ච භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
491. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුසලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
තත්ථ කතමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා: තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති උප්පන්නා පාපකා අකුසලා ධම්මා. ඉති ඉමෙසං උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
එහි උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ යැ තදේකස්ථ වූ ක්ලේශයෝ යැ තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්ථාන වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම යන මොහු ‘උපන් ලාමක අකුශල ධර්මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
ඡන්දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
492. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
492. කිසෙයින් මහණ නූපන් කුශලධර්මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
තත්ථ කතමෙ අනුප්පන්නා කුසලා ධම්මා: තීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති අනුප්පන්නා කුසලා ධම්මා, ඉති ඉමෙසං අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
එහි නූපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ යැ. තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්ථාන වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය යන මොහු ‘නූපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ නූපන් කුශලධර්මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
ඡන්දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තය පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
493. කථඤ්ච භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
493. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ වීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි යත්:
තත්ථ කතමෙ උප්පන්නා කුසලා ධම්මා: තීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති උප්පන්නා කුසලා ධම්මා, ඉති ඉමෙසං උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
එහි උපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්ථාන වූ කායකර්ම වාක්කර්ම මනඃකර්ම යන මොහු ‘උපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ වීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
‘ඨිතියා’ති යා ඨිති සො අසම්මොසො, යො අසම්මොසො සො භිය්යොභාවො, යො භිය්යොභාවො තං වෙපුල්ලං, යං වෙපුල්ලං සා භාවනා, යා භාවනා සා පාරිපූරී.
ඨිතියා යනු: යමක් ‘ඨිති’ නම් හේ ‘අසම්මෝස’ ය, යමෙක් ‘අසම්මෝස’ නම් හේ ‘භිය්‍යොභාව’ ය, යමෙක් ‘භිය්‍යොභාව’ නම් ඒ ‘වේපුල්ල’ ය, යමක් ‘වේපුල්ල’ නම් ඕ ‘භාවනා’ ය, යමක් ‘භාවනා’ නම් ඕ පාරිපූරී ය.
‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියංආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
ඡන්දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.