යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නවාරො

109. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: නො.

109. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: නො.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.

110. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: නො.

110. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: නො.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.

111. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: නො.

111. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.

යස‍්ස වා පන -පෙ- (අනුලොමපුග‍්ගල)

තවද යමකුට ... නැති. (අනුලෝමපුද්ගල යි)

112-114. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ තත්‍ථ -පෙ-

112-114. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: ද්විතීයධ්‍යාන වූ තෘතීයධ්‍යාන වූ එහි ... (අනුලෝමාවකාශ යි)

(ඉතරෙසං යත්‍ථකානං සදිසං) (අනුලොමඔකාස)

(සෙසු යත්‍ථකයන්ගේ බෙදීම හා සමාන යි.)

115-117. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති -පෙ-

115-117. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)

(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං) (අනුලොමපුග‍්ගලොකාස)

(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)

118. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

118. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.

තවද යමකුට යම් වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.

119. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

119. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස කාය සඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නො උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.

120. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

120. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

121-123. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති -පෙ- (පච‍්චනීකඔකාස)

121-123. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)

124-126. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති -පෙ-

124-126. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං, යස‍්ස යත්‍ථකෙ නිරොධසමාපන‍්නානංති න ලබ‍්භති.) (පච‍්චනීකපුග‍්ගලොකාස)

(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි, යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො ලැබේ.

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාර යි.