යෙදුමෙන් කියවන්න

අතීතානාගතවාරො

169. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

169. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.

170-180. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

170-180. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය උපන්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය ද නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. -පෙ-

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි. … (අනුලෝමපුද්ගල යි)

(යථා නිරොධවාරෙ අතීතානාගතා පුච‍්ඡා අනුලොමම‍්පි පච‍්චනීකම‍්පි විත‍්තා එවං උප‍්පාදනිරොධවාරෙපි අතීතානාගතා පුච‍්ඡා අනුලොමම‍්පි පච‍්චනීකම‍්පි විභජිතබ‍්බා අසම‍්මොහන‍්තෙන, නිරොධවාරෙන සදිසං, නත්‍ථි නානාකරණං.) (අනුලොමපුග‍්ගල)

(නිරෝධවාරයෙහි අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් නො මුළා වැ බෙදිය යුත්තාහ. නිරෝධවාරය හා සම යි. වෙනසෙක් නැති.)

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

උප‍්පාදනිරොධවාරො නිට‍්ඨිතො.

උත්පාදනිරෝධවාර නිමි.