උප‍්පන‍්නුප‍්පාදවාරො
31. යස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
31. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං චිත‍්තං උප‍්පන‍්නං, චිත‍්තසමඞ‍්ගීනං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ චෙව උප‍්පන‍්නඤ‍්ච.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත ඉපැද සිටුනෙ යැ යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ ද ඉපැද සිටුනෙ ද වේ.
32. යස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්: උපන.
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: නත්‍ථි.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත ඉපැද සිටුනෙ නො වෙයි යත්: නැති.
33. යස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං චිත‍්තං උප‍්පන‍්නං, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, ඉතරෙසං චිත‍්තසමඞ‍්ගීනං තෙසං චිත‍්තං උප‍්පන‍්නඤ‍්චෙව උප‍්පජ‍්ජිස‍්සති ච.
33. යමක්හට සිත ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත (මතු) උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ යැ, ඔවුනට සිත නො ද (මතු) උපදනෙ යැ, සෙසු චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ ද (මතු) උපදනෙ ද වෙයි.
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තං උප‍්පන‍්නං, චිත‍්තසමඞ‍්ගීනං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති චෙව උප‍්පන‍්නඤ‍්ච.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත උත්පන්න වී ද යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත (මතු) උපදනෙ යැ, ඔවුනට සිත නො ද උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපදනෙ ද ඉපැදැ සිටුනෙ ද වේ.
34. යස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: උප‍්පජ‍්ජිස‍්සති.
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: උප‍්පන‍්නං.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වේ යත්: උත්පන්න වේ.