අතීතානාගතවාරො
35. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
35. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ වී නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ වී යත්: එසේ යි.
36. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ නො ච තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: නත්‍ථි.
36. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ නො වී නම් ඕහට සිත නො ද නොත්පන්න වී නම් ඕහට සිත නූපදනෙ යැ යත්: නැත.
යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති නො ච තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද නොත්පන්න වේ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ නො වී යත්: ඉපැදැ නිරුද්ධ වී.
අතීතානාගතවාරො.
අතීතානාගතවාර යි.
37. උප‍්පන‍්නං උප‍්පජ‍්ජමානන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නං නො ච උප‍්පජ‍්ජමානං උප‍්පාදක‍්ඛණෙ උප‍්පන‍්නංචෙව උප‍්පජ‍්ජමානඤ‍්ච.
37. උත්පන්න වූයෙ උත්පද්‍යමාන වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පන්න වෙයි. නො ද උත්පද්‍යමාන වෙයි. උත්පාදක්‍ෂණයෙහි උත්පන්න ද උත්පද්‍යමාන ද වේ.
උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.
උත්පද්‍යමාන වූයේ උත්පන්න වෙයි යත්: එසේ යි.
38. න උප‍්පන‍්නං න උප‍්පජ‍්ජමානන‍්ති: ආමන‍්තා.
38. උත්පන්න නො වූයෙ උත්පද්‍යමාන නො වෙයි යත්: එසේ යි.
න උප‍්පජ‍්ජමානං න උප‍්පන‍්නන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ න උප‍්පජ‍්ජමානං නො ච න උප‍්පන‍්නං අතීතානාගතචිත‍්තං න චෙව උප‍්පජ‍්ජමානං න ච උප‍්පන‍්නං.
උත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පද්‍යමාන නො වෙයි, නො ද නොත්පන්න වෙයි, අතීතානාගත සිත නො ද උත්පද්‍යමාන යැ, නො ද උත්පන්න යි.
උප‍්පන‍්නුප‍්පජ‍්ජමානවාරො.
උත්පන්නොත්පද්‍යමානවාර යි.
39. නිරුද‍්ධං නිරුජ‍්ඣමානන‍්ති: නො
39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්: නැත.
නිරුජ‍්ඣමානං නිරුද‍්ධන‍්ති: නො.
නිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වෙයි යත්: නැත.
40. න නිරුද‍්ධං න නිරුජ‍්ඣමානන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ න නිරුද‍්ධං නො ච න නිරුජ‍්ඣමානං. උප‍්පාදක‍්ඛණෙ අනාගතඤ‍්ච චිත‍්තං නං චෙව නිරුද‍්ධං, න ච නිරුජ‍්ඣමානං.
40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි නිරුද්ධ වූයේ නො වෙයි. නො ද නිරුධ්‍යමාන නො වූයේ වෙයි. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ යැ, නො ද නිරුධ්‍යමාන යි.
න නිරුජ‍්ඣමානං, න නිරුද‍්ධන‍්ති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣමානං, නො ච න නිරුද‍්ධං, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣමානං න ච නිරුද‍්ධං.
නිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වෙයි යත්: අතීත චිත්තය නිරුධ්‍යමාන නො වෙයි, නො ද නිරුද්ධ නො වූයෙ වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුධ්‍යමාන යැ, නො ද නිරුද්ධ යි.