යෙදුමෙන් කියවන්න

අතික‍්කන‍්තකාලවාරො

41. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පාදක‍්ඛණං වීතික‍්කන‍්තං භඞ‍්ගක‍්ඛණං අවීතික‍්කන‍්තං, අතීතං චිත‍්තං උප‍්පාදක‍්ඛණං ච වීතික‍්කන‍්තං භඞ‍්ගක‍්ඛණං ච වීතික‍්කන‍්තං.

41. යමක්හට සිත උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීතකාල වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උත්පාදක්‍ෂණය ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය නො ඉක්මැගියෙ යැ, අතීත චිත්තය උත්පාදක්‍ෂණය ද ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය ද ඉක්මැගියෙ යි.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තන‍්ති: අතීතං චිත‍්තං.

තවද යමක්හට සිත නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීත වෙයි යත්: අතීත සිත වෙයි.

42. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තන‍්ති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං චිත‍්තං.

42. යමක්හුගේ සිත උපදිමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තස‍්ස චිත‍්තන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං භඞ‍්ගක‍්ඛණං අවීතික‍්කන‍්තං, නො ච උප‍්පාදක‍්ඛණං අවීතික‍්කන‍්තං, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං. භඞ‍්ගක‍්ඛණං ච අවීතික‍්කන‍්තං, උප‍්පාදක‍්ඛණං ච අවීතික‍්කන‍්තං.

තව ද යමක්හුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්ම ගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත උපදමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්ම වී යැ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්ම වී යැ. උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද වෙයි. භඞ්ගක්‍ෂණය ද නො ඉක්ම වී ය, උත්පාදක්‍ෂණය ද නො ඉක්ම වී යැ.

අතික‍්කන‍්තකාලවාරො.

අතික්‍රාන්තකාලවාර යි.