යෙදුමෙන් කියවන්න

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

25. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං න නිරුජ‍්ඣති චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ නො වේ, ඔවුනට සිත නො ද උපදී, සිත උපන් කෙණෙහි ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ද උපදනේ ද වේ.

26. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣතීති: නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣති, චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච.

26. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදිමින් සිටුනෙ ද නිරුද්ධ වෙමින් සිටුනෙ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො.

උත්පද්‍යමාන න නිරෝධවාර යි.

27. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානං තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

27. යමක්හට සිත උපදිමින් පවතී නම් ඕහට සිත උපනි ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජමානන‍්ති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජමානං, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං චෙව උප‍්පජ‍්ජමානඤ‍්ච.

තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදිමින් පවතී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි, ඔවුනට සිත නො ද උපදිමින් පවතී. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.

28. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානං තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජමානං, නො ච තෙසං චිත‍්තං න උප‍්පන‍්නං, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජමානං න ච උප‍්පන‍්නං.

28. යමක්හට සිත උපදිමින් නො පවතී නම් ඕහට සිත නො උපනි යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපදිමින් සිටුනෙ නො වෙයි, සිත නො ද නූපන්නෙ යැ, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදිමින් සිටුනෙ යැ නො ද උපන්නේ යැ.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජමානන‍්ති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත උපදිමින් සිටුනෙ නො වෙයි යත්: එසේ යි.

උප‍්පජ‍්ජමානුප‍්පන‍්නවාරො.

උත්පද්‍යමානෝත්පන්නවාර යි.

29. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣමානං තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

29. යමක්හට සිත නිරුධ්‍යමාන (නිරුද්ධ වෙමින් සිටුනෙ) නම් ඕහට සිත උත්පන්න (ඉපැදැසිටියෙ) වෙයි යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣමානන‍්ති: චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣමානං, චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං චෙව නිරුජ‍්ඣමානඤ‍්ච.

තව ද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න වෙයි, ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න ද නිරුධ්‍යමාන ද වේ.

30. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣමානං තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං න නිරුජ‍්ඣමානං, නො ච තෙසං චිත‍්තං න උප‍්පන‍්නං, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න චෙව නිරුජ‍්ඣමානං, න ච උප‍්පන‍්නං.

30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුධ්‍යමාන නො වෙයි, ඔවුනට සිත නො ද නොත්පන්න වෙයි, නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, නො ද උත්පන්න වෙයි.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣමානන‍්ති: ආමන‍්තා.

තව ද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වෙයි යත්: එසේ යැ.

නිරුජ‍්ඣමානුප‍්පන‍්නවාරො.

නිරුධ්‍යමානොත්පන්නවාර යි.