යෙදුමෙන් කියවන්න

උප‍්පාදවාරො

49. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.

යං වා න චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: නො.

තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.

50. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ අනාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පජ‍්ජිත්‍ථ.

50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද උපදී, නො ද උපන්නේ යි.

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජති. භඞ‍්ගක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච උප‍්පජ‍්ජති.

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යි. නො ද උපදී.

51. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: නො.

තවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.

52. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, භඞ‍්ගක‍්ඛණෙ අතීතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පජ‍්ජිස‍්සති.

52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපදින්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද උපදී යි. නො ද උපදින්නේ යි.

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජති, භඞ‍්ගක‍්ඛණෙ අතීතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති, න ච උප‍්පජ‍්ජති.

තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද නො උපදින්නේ යි. නො උපදී ද වේ.

53. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

තවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.

54. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති. පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච උප‍්පජ‍්ජිස‍්සති.

54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං නං උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති, න ච උප‍්පජ‍්ජිත්‍ථ.

තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ. නො ද උපන්නේ යි.

උප‍්පාදවාරො.

උත්පාදවාර යි.