අජ්ඣත්තිකවග්ගො අට්ඨකථා
අජ්ඣත්තිකවග්ගො
ආධ්‍යාත්මික වර්ගය
දසමෙ අජ්ඣත්තිකන්ති නියකජ්ඣත්තවසෙන අජ්ඣත්තිකං. අඞ්ගන්ති කාරණං. ඉති කරිත්වාති එවං කත්වා. ඉදං වුත්තං හොති – භික්ඛවෙ, අජ්ඣත්තං පච්චත්තං අත්තනො සන්තානෙ සමුට්ඨිතං කාරණන්ති කත්වා න අඤ්ඤං එකං කාරණම්පි සමනුපස්සාමීති.
දසවෙනි වර්ගයෙහි අජ්ක්ධත්තිකං යනු ස්වකීය අධ්‍යාත්ම වශයෙන් ආධ්‍යාත්මික වූ යනුයි. අඞ්ගං යනු කාරණයයි. ‘ඉති කරිත්වා’ යනු මෙසේ කොට යනුයි. ‘මහණෙනි තමා අයත්වූ පුද්ගලයන්ට වෙන් වශයෙන් අයත්වූ, තමාගේ සිතෙහි හටගත් කාරණයකැයි කොට වෙනත් එක් කාරණයකුදු නොදකිම්’ යන මෙය කියනලද්දේවෙයි.
බාහිරන්ති අජ්ඣත්තසන්තානතො බහි භවං. සද්ධම්මස්සාති සුද්ධම්මස්ස, සාසනස්සාති අත්ථො. සම්මොසායාති විනාසාය. අන්තරධානායාති අපඤ්ඤාණත්ථාය.
බාහිරං යනු තමා අයත් සන්තානයෙන් පිටත හටගත්තේයි. ‘සද්ධම්මස්ස’ යනු මනාදහම් ඇති ශාසනයාගේ යනාර්‍ත්‍ථයි. ‘සමේමාසාය’ යනු විනාශය සඳහායි. අන්තරධානාය යනු අප්රකටව වීමටයි.
ඨිතියාති චිරට්ඨිතත්ථං. අසම්මොසාය අනන්තරධානායාති වුත්තපටිපක්ඛනයෙනෙව වෙදිතබ්බං. සෙසමෙත්ථ චතුක්කොටිකෙ වුත්තනයමෙව.
ඨිතියා යනු චිරස්ථිතිය සඳහායි. ‘අසමේමාසාය අනන්තරධානාය’ යනු කියනලද දෙයට විරුද්ධ නයින් දතයුතුයි. මෙහි සෙස්ස චතුකෝකයෙහි කියනලද ක්‍රමය ඇත්තෙමයි.
ඉතො පරෙසු අධම්මං ධම්මොති දීපෙන්තීතිආදීසු සුත්තන්තපරියායෙන තාව දස කුසලකම්මපථා ධම්මො, දස අකුසලකම්මපථා අධම්මො. තථා චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගොති සත්තතිංස බොධිපක්ඛියධම්මා ධම්මො නාම; තයො සතිපට්ඨානා තයො සම්මප්පධානා තයො ඉද්ධිපාදා ඡ ඉන්ද්රියානි ඡ බලානි අට්ඨ බොජ්ඣඞ්ගා නවඞ්ගිකො මග්ගොති ච චත්තාරො උපාදානා පඤ්ච නීවරණානි සත්ත අනුසයා අට්ඨ මිච්ඡත්තානි ච අයං අධම්මො.
මින් මත්තෙහි වූ ‘අධම්මං ධමේමාති දීපෙනති’ යනාදියෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් වනාහී දශකුශලකර්මපථ ධර්මයයි. දශ අකුශලකර්මපථ අධර්මයයි. එසේම සතර සතිපට්ඨන සතර සම්‍යක්ප්‍රධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්රිය, පංචබල, සප්ත බෝධ්‍යංග ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්‍ෂිකයෝ ධර්මයයි. සතිපට්ඨාන තුන, සම්‍යක් ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉන්ද්රියසය, බලසය, බෝධ්‍යංග අට, නවාංගික මාර්ගය යනු ද මේ අධර්මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිථ්‍යා අටද යන මෙය ධර්මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිත්‍යා අටද යන මෙය අධර්මයයි.
තත්ථ යංකිඤ්චි එකං අධම්මකොට්ඨාසං ගහෙත්වා “ඉමං අධම්මං ධම්මොති කරිස්සාම, එවං අම්හාකං ආචරියකුලං නිය්යානිකං භවිස්සති, මයං ච ලොකෙ පාකටා භවිස්සාමා”ති තං අධම්මං “ධම්මො අය”න්ති කථයන්තා අධම්මං ධම්මොති දීපෙන්ති නාම. තථෙව ධම්මකොට්ඨාසෙසු එකං ගහෙත්වා “අයං අධම්මො”ති කථෙන්තා ධම්මං අධම්මොති දීපෙන්ති නාම. විනයපරියායෙන පන භූතෙන වත්ථුනා චොදෙත්වා සාරෙත්වා යථාපටිඤ්ඤාය කත්තබ්බං කම්මං ධම්මො නාම, අභූතෙන වත්ථුනා අචොදෙත්වා අසාරෙත්වා අපටිඤ්ඤාය කත්තබ්බං කම්මං අධම්මො නාම.
එහි යම්කිසි එක් අධර්ම කොටසක් ගෙන මේ අධර්මය ධර්මයයි කරමු. මෙසේ අපගේ ගුරැකුලය නෛර්ය්යානිකවෙයි. අපිද ලෝකයෙහි ප්‍රකට වන්නෙමුයයි ඒ අධර්මය මේ ධර්මයයි කියන්නාහු අධම්මං ධමේමාති දීපෙන්ති (අධර්මය ධර්මයයි දක්වත්) නම් වෙයි. එසේම ධර්ම කොට්ඨාසයන් අතුරින් එකක් ගෙන මේ අධර්මයයි කියන්නාහු ධම්මාං අධමේමාති දීපෙන්ති නම්වෙයි. විනය ක්‍රමයෙන් වනාහි, සිදුවූ (සත්‍යවූ) වස්තුවකින් (මූලාධාරයකින්) චෝදනාකොට සිහිගන්වා ප්‍රතිඥාව පරිදි කළයුතු කර්මය ධර්මය නමි. අතථ්යවූ වස්තුවකින් චෝදනා නොකොට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්මය අධර්මය නමි. අතථ්යවූ වස්තුවකින් චෝදනා නොකට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්මය අධර්මය නමි.
සුත්තන්තපරියායෙන රාගවිනයො දොසවිනයො මොහවිනයො සංවරො පහානං පටිසඞ්ඛාති අයං විනයො නාම, රාගාදීනං අවිනයො අසංවරො අප්පහානං අපටිසඞ්ඛාති අයං අවිනයො නාම. විනයපරියායෙන වත්ථුසම්පත්ති, ඤත්තිසම්පත්ති, අනුස්සාවනසම්පත්ති, සීමාසම්පත්ති, පරිසසම්පත්තීති අයං විනයො නාම. වත්ථුවිපත්ති, ඤත්තිවිපත්ති, අනුස්සාවනවිපත්ති, සීමාවිපත්ති පරිසවිපත්තීති අයං අවිනයො නාම.
සූත්‍රාන්ත ක්‍රමයෙන් නුවණින් බලා රාගය දුරු කිරීම, දේවෂය දුරුකිරීම, මෝහය දුරුකිරීම, සංවරය, අත්හැරීම, යන මෙය විනයෝ නම්වෙයි. නුනුවණින් බලා රාගාදීන්ගේ දුරු නොකිරීම, අසංවරය, අත්නොහැරීම යන මෙය අවිනයො නම් වෙයි. විනයක්රමයෙන් වත්ථුසම්පත්ති, ඤත්තිසම්පතති, අනුසාවන සම්පත්ති, සීමා සම්පත්ති, පරිස්සම්පත්ති යන මෙය විනයෝ නම් වෙයි. වත්ථුවිපත්ති -පෙ- පරිසවිපත්ති යන මෙය අවිනයො නමි වෙයි.
සුත්තන්තපරියායෙන චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා…පෙ… අරියො අට්ඨඞ්ගිකො මග්ගොති ඉදං භාසිතං ලපිතං තථාගතෙන; තයො සතිපට්ඨානා තයො සම්මප්පධානා තයො ඉද්ධිපාදා ඡ ඉන්ද්රියානි ඡ බලානි අට්ඨ බොජ්ඣඞ්ගා නවඞ්ගිකො මග්ගොති ඉදං අභාසිතං අලපිතං තථාගතෙන. විනයපරියායෙන චත්තාරො පාරාජිකා තෙරස සඞ්ඝාදිසෙසා ද්වෙ අනියතා තිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං භාසිතං ලපිතං තථාගතෙන; තයො පාරාජිකා චුද්දස සඞ්ඝාදිසෙසා තයො අනියතා එකතිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං අභාසිතං අලපිතං තථාගතෙන.
සූත්‍රාන්ත ක්‍රමයෙන් සතරසතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මෙය (භාසිතං ලපිතං තථාගතෙන) තථාගතයන්වහන්සේ විසින් දෙසනලදී. කියනලදී. සතිපට්ඨාන තුන, සම්‍යක් ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉනද්රියසය, බලසය බොධ්‍යංග අට, නවාංගික මාර්ගය යන මෙය (අභාසිතං අලපිතං තතාගතෙන) තථාගතයන්වහන්සේ විසින් නොදෙසෙනලදි නොකියනලදී. විනය ක්‍රමයෙන් පාරාජිත සතර, සඟවෙසෙස් තෙළෙස, අනියත දෙක නිසගි පචිති තිස යන මෙය ‘භාසිතං ලපිතං තථාගතෙන’ තථාගතයන්වහන්සේ විසින් දෙසන ලදී. කියනලදී පරිජිතුන, සඟවෙසෙස් තුදුස, අනියත තුන, නිසගිපචිති තිස් එක යන මෙය අභාසිතං ලපිතං තථාගතෙන’ තථාගතයන්වහන්සේ විසින් නොපවසනලදී. නොකියනලදී.
සුත්තන්තපරියායෙන දෙවසිකං ඵලසමාපත්තිසමාපජ්ජනං මහාකරුණාසමාපත්තිසමාපජ්ජනං බුද්ධචක්ඛුනා ලොකවොලොකනං අට්ඨුප්පත්තිවසෙන සුත්තන්තදෙසනා ජාතකකථාති ඉදං ආචිණ්ණං, න දෙවසිකං ඵලසමාපත්තිසමාපජ්ජනං…පෙ… න ජාතකකථාති ඉදං අනාචිණ්ණං. විනයපරියායෙන නිමන්තිතස්ස වස්සාවාසං වසිත්වා අපලොකෙත්වා චාරිකාපක්කමනං පවාරෙත්වා චාරිකාපක්කමනං, ආගන්තුකෙහි සද්ධිං පඨමං පටිසන්ථාරකරණන්ති ඉදං ආචිණ්ණං, තස්සෙව ආචිණ්ණස්ස අකරණං අනාචිණ්ණං නාම.
සූත්‍රාන්ත ක්‍රමයෙන් දිනපතා ඵලසමාපත්තීන්ට සමවැදීම, මහාකරුණා සමාපත්තියට සමවැදීම, බුදු ඇසින් ලොවැබැලීම, අර්ත්ථත්පත්ති වශයෙන් සූත්රාන්තදේශනාව, ජතාකකථා යන මෙය ආචිණ්ණං පුරුදුකරනලදී. දිනපතා පලසමවතට සමනොවැදීම, -පෙ- ජාතක නොදෙසීම යන මෙය අනාචිණ්ණං පුරුදු නොකරණලදී. විනය ක්‍රමයෙන් ආරාධනා කරන ලදුව වස්වැස, විමසා බලා චාරිකාවෙහි හැසිරීම, වස් පවරා සැරි සැරීම, ආගන්තුකයන් සමඟ පළමුව පිළිසඳර පැවැත්වීම යන මෙය ආචිණ්ණං පුරුදු කරනලදී. ඒ පුරුදුකරනලද්දේම නොකිරීම අනාචිණ්ණං අනාචිණි නමි. (පුරුදු නොකරන ලද්දෙමි.)
සුත්තන්තපරියායෙන චත්තාරො සතිපට්ඨානා…පෙ… අට්ඨඞ්ගිකො මග්ගොති ඉදං පඤ්ඤත්තං නාම; තයො සතිපට්ඨානා…පෙ… නවඞ්ගිකො මග්ගොති ඉදං අපඤ්ඤත්තං නාම. විනයපරියායෙන චත්තාරො පාරාජිකා…පෙ… තිංසනිස්සග්ගියා පාචිත්තියාති ඉදං පඤ්ඤත්තං නාම; තයො පාරාජිකා…පෙ… එකතිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං අපඤ්ඤත්තං නාම.
සූත්රානත් ක්‍රමයෙන් සතර සතිපට්ඨාන -පො- අටගි මග යන මෙය ‘පඤ්ඤත්තං’ පනවන ලද්දේනම් වෙයි. සතිපට්ඨාන තුන -යන- නවාංගික මාර්ගය යන මෙය ‘අපඤ්ඤත්තං’ නොපනවනලද්දේනම්වෙයි. විනය ක්‍රමයෙන් පරිජි සතර -පෙ- නිසගි පචිති තිස යන මෙය පඤ්ඤත්තං පනවනලද්දේ නම්වෙයි. පරිජි තුන නිසඟි පචිති එක්තිස යන මෙය අපඤ්ඤත්තං නොපනවනලද්දේ නම් වෙයි.
යං පනෙතං සබ්බසුත්තානං පරියොසානෙ තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති වුත්තං, තත්ථ පඤ්ච අන්තරධානානි නාම අධිගමඅන්තරධානං, පටිපත්තිඅන්තරධානං, පරියත්තිඅන්තරධානං, ලිඞ්ගඅන්තරධානං, ධාතුඅන්තරධානන්ති. තත්ථ අධිගමොති චත්තාරො මග්ගා, චත්තාරි ඵලානි, චතස්සො පටිසම්භිදා, තිස්සො විජ්ජා, ඡ අභිඤ්ඤාති. සො පරිහායමානො පටිසම්භිදාතො පට්ඨාය පරිහායති. බුද්ධානං හි පරිනිබ්බානතො වස්සසහස්සමෙව පටිසම්භිදා නිබ්බත්තෙතුං සක්කොන්ති, තතො පරං ඡ අභිඤ්ඤා, තතො තාපි නිබ්බත්තෙතුං අසක්කොන්තා තිස්සො විජ්ජා නිබ්බත්තෙන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ තාපි නිබ්බත්තෙතුං අසක්කොන්තා සුක්ඛවිපස්සකා හොන්ති. එතෙනෙව උපායෙන අනාගාමිනො සකදාගාමිනො සොතාපන්නාති. තෙසු ධරන්තෙසු අධිගමො අනන්තරහිතො නාම න හොති. පච්ඡිමකස්ස පන සොතාපන්නස්ස ජීවිතක්ඛයෙන අධිගමො අන්තරහිතො නාම හොති. ඉදං අධිගමඅන්තරධානං නාම.
සියලු සූත්රදේශනාවන්ගේ අවසානයෙහි යම් මේ ‘තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්ති’යි කියනලද්දක්වේද, එහි අධිගම අන්තරධානය, පටිපත්ති අන්තරධානය, පරියත්ති අන්තරධානය, ලිඞ්ගඅන්තරධානය ධාතු අන්තරධානයයි අතුරුදහන්වීම් පසක් නම්වෙයි. එහි අධිගමය යනු සතර මග සතරපල සිවුපිළිසිඹියා ත්‍රිවිද්‍යාව ජඅභිඤ්ඤායි. එය පිරිහෙනු ලබන්නේ පිළිසිඹියාවෙයි පටන් පිරිහෙයි. බුදුන්වහන්සේලාගේ පිරිනිවනින් අවුරුදු දහසක්ම පිළිසිඹියාවෝ ඉපදවීමට හැකිවෙත්. ඉන් මත්තෙහි අභිඥා සයයි. ඉන්පසු ඒවාද නොහැකි වන්නේ ත්‍රිවිද්‍යා උපදවයි. කල්යාමේදී ඒවාද ඉපදවීමට නොහැක්කාහු ශුෂ්කවිදර්ශකයෝ වෙත්. මේ ක්‍රමයෙන්ම අනුගාමීහු, සකෘදාගාමීහු සෝතාපන්නයෝ වෙත්, ඔවුන් ජීවමානකල්හි අධිගමය අතුරුදහන් නොවූයේ නම්වෙයි. අන්තිම සෝවාන් පුද්ගලයාගේ මියයාමෙන් අධිගමය අතුරුදහන්වූයේ නම්වෙයි. මේ අධිගම අන්තරධානයයි.
පටිපත්තිඅන්තරධානං නාම ඣානවිපස්සනාමග්ගඵලානි නිබ්බත්තෙතුං අසක්කොන්තා චතුපාරිසුද්ධිසීලමත්තං රක්ඛන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ “සීලං පරිපුණ්ණං කත්වා රක්ඛාම, පධානඤ්ච අනුයුඤ්ජාම, න ච මග්ගං වා ඵලං වා සච්ඡිකාතුං සක්කොම, නත්ථි ඉදානි අරියධම්මපටිවෙධො”ති වොසානං ආපජ්ජිත්වා කොසජ්ජබහුලා අඤ්ඤමඤ්ඤං න චොදෙන්ති න සාරෙන්ති අකුක්කුච්චකා හොන්ති, තතො පට්ඨාය ඛුද්දානුඛුද්දකානි මද්දන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ පාචිත්තියථුල්ලච්චයානි ආපජ්ජන්ති, තතො ගරුකාපත්තිං. පාරාජිකමත්තමෙව තිට්ඨති. චත්තාරි පාරාජිකානි රක්ඛන්තානං භික්ඛූනං සතෙපි සහස්සෙපි ධරමානෙ පටිපත්ති අනන්තරහිතා නාම න හොති. පච්ඡිමකස්ස පන භික්ඛුනො සීලභෙදෙන වා ජීවිතක්ඛයෙන වා අන්තරහිතා හොතීති ඉදං පටිපත්තිඅන්තරධානං නාම.
පටිපත්ති අන්තරධානය නම්: ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නිපදවන්නට නොහැක්කාහු සිවුපිරිසිදු සිල් පමණක්ම රකිති. කල් යන විට ශීලය සම්පූර්ණකොට රකිමු. කෙලෙසුන් තැවීමේ වීර්‍ය්‍යයෙහි යෙදෙමු. මාර්ගයක් හෝ ඵලයක් හෝ පසක්කරන්නට නොහැකිවෙමු. දැන් ආර්ය්යධර්මප්රතිවේධයක් නැතැයි නිශ්චයකට එළඹ මැලිකම් බහුලවූවාහු ඔවුනොවුනට චෝදනා නොකරත්, සිහි නොගන්වත්, කුකුස් නැත්තෝ වෙත්. එතැන්පටන් කුඩා අණුකුඩාසිකපද යටපත් කරත්. කල්යන විට පචිති තුලැසිවලට එළඹෙත්, එයින් ගරුකාපත්තීන්ටද එළැඹෙත්. පාරාජික පමණක්ම පවතියි. සිවු පරිජි රක්නා භික්ෂූන්වහන්සේලා සියයක් හෝ දහසක් හෝ ජීවමාන කල්හි පටිපත්ති අතුරුදහන් නොවූයේ නම්වෙයි. අන්තිම භික්ෂුවගේ සිල්බිඳීයාමෙන් හෝ දිවිගෙවී යාමෙන් හෝ අතුරුදහන් වේය යන මෙය පටිපත්ති අන්තරධානය නමි.
පරියත්තීති තෙපිටකං බුද්ධවචනං සාට්ඨකථා පාළි. යාව සා තිට්ඨති, තාව පරියත්ති පරිපුණ්ණා නාම හොති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ රාජයුවරාජානො අධම්මිකා හොන්ති, තෙසු අධම්මිකෙසු රාජාමච්චාදයො අධම්මිකා හොන්ති, තතො රට්ඨජනපදවාසිනොති. එතෙසං අධම්මිකතාය දෙවො න සම්මා වස්සති, තතො සස්සානි න සම්පජ්ජන්ති. තෙසු අසම්පජ්ජන්තෙසු පච්චයදායකා භික්ඛුසඞ්ඝස්ස පච්චයෙ දාතුං න සක්කොන්ති, භික්ඛූ පච්චයෙහි කිලමන්තා අන්තෙවාසිකෙ සඞ්ගහෙතුං න සක්කොන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ පරියත්ති පරිහායති, අත්ථවසෙන ධාරෙතුං න සක්කොන්ති, පාළිවසෙනෙව ධාරෙන්ති. තතො ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ පාළිම්පි සකලං ධාරෙතුං න සක්කොන්ති, පඨමං අභිධම්මපිටකං පරිහායති. පරිහායමානං මත්ථකතො පට්ඨාය පරිහායති. පඨමමෙව හි පට්ඨානමහාපකරණං පරිහායති, තස්මිං පරිහීනෙ යමකං, කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, විභඞ්ගො, ධම්මසඞ්ගහොති.
පරියත්ති යනු අට්ඨකථා පාළි සහිත ත්‍රිපිටකයට අයත් බුද්ධවචනයයි. යම්තාක් එය පවතීද ඒ පර්ය්යාප්තියද පිරිපුන්වූයේ නම්වෙයි. කල්ගතවන කලහ් කලියුගයෙහි රජවරු අධාර්මිකයෝ වෙත්. ඉන්පසු රටවැසියෝද දනවුවැසියෝද අධාර්මික වෙත්. මොවුන්ගේ නොදැහැමිබවින් වැසි මනාව නොවසී. එයින් ශශ්‍යයෝ නොසැපයෙත්. ඒවා නොසැපයෙනකල්හි ප්රත්යයදායකයෝ භික්ෂු සංඝයාට ප්‍රත්‍යය දීමට නොහැකි වෙත්. භික්ෂූහු ප්රත්යයන්ගෙන් ක්ලාන්ත වන්නාහු අතැවැසියන් ගැනීමට නොහැකිවෙත්. කල්ගත වනවිට පර්‍ය්‍යාප්තිය පිරිහෙයි. අර්ත්ථ වශයෙන් දැරීමට නොහැකි වෙත්. පෙළවශයෙන්ම දරත්, එයින් කල්ගතවනවිට සියලු පෙළද දැරිමට නොහැකි වෙත්. පළමුව අභිධර්මපිටකය පිරිහෙයි. පිරිහෙනු ලබන්නේ මත්තෙහි පටන් පිරිහෙයි. පළමුවම වනාහි මහාප්‍රකරණය පිරිහෙයි. එය පිරිහුණුවිට යමකය, කථාවස්තුව, පුද්ගල ප්රඥප්තිය, විහඞ්ගය, ධර්ම සංග්‍රහය (යනු විසින් පිරිහෙයි)
එවං අභිධම්මපිටකෙ පරිහීනෙ මත්ථකතො පට්ඨාය සුත්තන්තපිටකං පරිහායති. පඨමඤ්හි අඞ්ගුත්තරනිකායො පරිහායති, තස්මිම්පි පඨමං එකාදසකනිපාතො, තතො දසකනිපාතො…පෙ… තතො එකකනිපාතොති. එවං අඞ්ගුත්තරෙ පරිහීනෙ මත්ථකතො පට්ඨාය සංයුත්තනිකායො පරිහායති. පඨමං හි මහාවග්ගො පරිහායති, තතො සළායතනවග්ගො, ඛන්ධවග්ගො, නිදානවග්ගො, සගාථාවග්ගොති. එවං සංයුත්තනිකායෙ පරිහීනෙ මත්ථකතො පට්ඨාය මජ්ඣිමනිකායො පරිහායති. පඨමං හි උපරිපණ්ණාසකො පරිහායති, තතො මජ්ඣිමපණ්ණාසකො, තතො මූලපණ්ණාසකොති. එවං මජ්ඣිමනිකායෙ පරිහීනෙ මත්ථකතො පට්ඨාය දීඝනිකායො පරිහායති. පඨමඤ්හි පාථිකවග්ගො පරිහායති, තතො මහාවග්ගො, තතො සීලක්ඛන්ධවග්ගොති. එවං දීඝනිකායෙ පරිහීනෙ සුත්තන්තපිටකං පරිහීනං නාම හොති. විනයපිටකෙන සද්ධිං ජාතකමෙව ධාරෙන්ති. විනයපිටකං ලජ්ජිනොව ධාරෙන්ති, ලාභකාමා පන “සුත්තන්තෙ කථිතෙපි සල්ලක්ඛෙන්තා නත්ථී”ති ජාතකමෙව ධාරෙන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ ජාතකම්පි ධාරෙතුං න සක්කොන්ති. අථ තෙසං පඨමං වෙස්සන්තරජාතකං පරිහායති, තතො පටිලොමක්කමෙන පුණ්ණකජාතකං, මහානාරදජාතකන්ති පරියොසානෙ අපණ්ණකජාතකං පරිහායති. එවං ජාතකෙ පරිහීනෙ විනයපිටකමෙව ධාරෙන්ති.
මෙසේ අභිධර්ම පිටකය පිරිහුණුකල්හි මත්තෙහි සිට සූත්‍රාන්ත පිටකය පිරිහෙයි. පළමුව වනාහි අඞ්ගුත්තරනිකාය පිරිහෙයි. එහිද පළමුව ඒකාදස නිපාතයයි -පෙ- එයින් එකක නිපාතයයි. මෙසේ අංගුත්තරය පිරිහුණුකල්හි මත්තෙහි පටන් සංයුත්තනිකාය පිරිහෙයි. පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සළායතන වග්ගය, බන්ධකවග්ගය, නිදානවග්ගය සගාථවග්ගයයි. සංයුත්තනිකාය පිරිහුණුකල්හි මත්තෙහි පටන් මජ්ක්‍ධිමනිකාය පිරිහෙයි. පළමුව උපරිපණ්ණාසකය පිරිහෙයි. ඉක්බිති මජ්ක්ධිමපණ්ණාසකයයි. අනතුරුව මූලපණ්ණාසකයයි. මෙසේ මජ්ක්‍ධිමනිකාය පිරිහුනුකල්හි මත්තෙහි පටන් දීඝනිකාය පිරිහෙයි. පළමුව පාටියවග්ගය පිරිහෙයි. එයින් මහාවග්ගයයි. අනතුරුව සීලක්ඛන්ධ වග්ගයයි. දීඝනිකාය පිරිහුණු කල්හි සූත්‍රාන්ත පිටකය පිරිහුනේ නම්වෙයි. විනය පිටකය සමඟ ජාතක පමණක්ම දරති. විනය පිටකය ලජ්ජීහුම දරති. ලාභකැමැත්තෝ වනාහි සූත්‍රාන්තය කියනලදකල්හිද සලකන්නෝ නැතැයි ජාතකයම දරත්. කල්ගතවනවිට ජාතකයද දැරීමට නොහැකි වෙත්, ඉක්බිති ඔවුනට පළමුව වෙස්සන්තර ජාතකය පිරිහෙයි, අනතුරුව ප්‍රතිලෝම ක්‍රමයෙන් පුණ්ණක ජාතකයද මහා නාරද කස්සප ජාතකයද පිරිහෙයි. අවසානයෙහි අපණ්ණක ජාතකය පිරිහෙයි. මෙසේ ජාතකය පිරිහුණුකල්හි විනය පිටකය පමණක්ම දරති.
ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ විනයපිටකම්පි මත්ථකතො පට්ඨාය පරිහායති. පඨමඤ්හි පරිවාරො පරිහායති, තතො ඛන්ධකො, භික්ඛුනීවිභඞ්ගො, මහාවිභඞ්ගොති අනුක්කමෙන උපොසථක්ඛන්ධකමත්තමෙව ධාරෙන්ති. තදාපි පරියත්ති අන්තරහිතා න හොති. යාව පන මනුස්සෙසු චාතුප්පදිකගාථාපි පවත්තති, තාව පරියත්ති අනන්තරහිතාව හොති. යදා සද්ධො පසන්නො රාජා හත්ථික්ඛන්ධෙ සුවණ්ණචඞ්කොටකම්හි සහස්සත්ථවිකං ඨපාපෙත්වා “බුද්ධෙහි කථිතං චාතුප්පදිකගාථං ජානන්තො ඉමං සහස්සං ගණ්හතූ”ති නගරෙ භෙරිං චරාපෙත්වා ගණ්හනකං අලභිත්වා “එකවාරං චරාපිතෙ නාම සුණන්තාපි හොන්ති අස්සුණන්තාපී”ති යාවතතියං චරාපෙත්වා ගණ්හනකං අලභිත්වා රාජපුරිසා තං සහස්සත්ථවිකං පුන රාජකුලං පවෙසෙන්ති, තදා පරියත්ති අන්තරහිතා නාම හොති. ඉදං පරියත්තිඅන්තරධානං නාම.
කල්ගතවනවිට එයද මත්තෙහි පටන් පිරිහෙයි. පළමුව වනාහි පරිවාරය පිරිහෙයි. අනතුරුව බන්ධකයද භික්ඛුනී විභංගයද මහාවිභංගයද පිරිහෙයි. අනුපිළිවෙළින් උපොසථකණ්ඩය පමණක්ම දරති. එකල්හිද පරියත්තිය අතුරුදහන් නොවූයේම වෙයි. යම්තාක් මිනිසුන් අතුරෙහි සිවුපද ඇති ගාථාවකුදු පවතීද ඒතාක් පරියත්තිය අතුරුදහන් නොවූයේ වෙයි. යම්කලෙක ශ්‍රද්ධා ඇති පැහැදුණු රජෙක් ඇතකු මත්තෙහි රන්කරඬුවක දහසින් බැඳි පසුම්බියක් තබ්බවා බුදුවරුන් විසින් දෙසනලද සිවුපදැති ගාථාවක් දන්නා තැනැත්තේ මේ දහස ගනීවායි නුවර බෙර හසුරුවයි. ගන්නෙකු නොලැබ එක්වරක් හැසිරවුණුකල්හි අසන්නෝද නොඅසන්නෝද වෙතැයි තුන්වරක් දක්වා බෙර හසුරුවා ගන්නෙකු නොලැබ, රාජ පුරුෂයෝ දහසින් බැඳි පසුම්බිය නැවත රජ ගෙටම පිවිසුවත්. එකල්හි පරියත්තිය අතුරුදහන්වූයේ නම්වෙයි. මෙය පරියත්ති අන්තරධානය නමි.
ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ චීවරග්ගහණං පත්තග්ගහණං සම්මිඤ්ජනපසාරණං ආලොකිතවිලොකිතං න පාසාදිකං හොති. නිගණ්ඨසමණා විය අලාබුපත්තං භික්ඛූ පත්තං අග්ගබාහාය පක්ඛිපිත්වා ආදාය විචරන්ති, එත්තාවතාපි ලිඞ්ගං අනන්තරහිතමෙව හොති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ පන කාලෙ අග්ගබාහතො ඔතාරෙත්වා හත්ථෙන වා සික්කාය වා ඔලම්බිත්වා විචරන්ති, චීවරම්පි රජනසාරුප්පං අකත්වා ඔට්ඨට්ඨිවණ්ණං කත්වා විචරන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ රජනම්පි න හොති දසච්ඡින්දනම්පි ඔවට්ටිකවිජ්ඣනම්පි, කප්පමත්තං කත්වා වළඤ්ජෙන්ති. පුන ඔවට්ටිකං විජ්ඣිත්වා කප්පං න කරොන්ති. තතො උභයම්පි අකත්වා දසා ඡෙත්වා පරිබ්බාජකා විය චරන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ “කො ඉමිනා අම්හාකං අත්ථො”ති ඛුද්දකං කාසාවඛණ්ඩං හත්ථෙ වා ගීවාය වා බන්ධන්ති, කෙසෙසු වා අල්ලීයාපෙන්ති, දාරභරණං වා කරොන්තා කසිත්වා වපිත්වා ජීවිකං කප්පෙත්වා විචරන්ති. තදා දක්ඛිණං දෙන්තා සඞ්ඝං උද්දිස්ස එතෙසං දෙන්ති. ඉදං සන්ධාය භගවතා වුත්තං – “භවිස්සන්ති ඛො, පනානන්ද, අනාගතමද්ධානං ගොත්රභුනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්ති, තදාපාහං, ආනන්ද, සඞ්ඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමී”ති (ම· නි· 3.380). තතො ගච්ඡන්තෙ කාලෙ නානාවිධානි කම්මානි කරොන්තා “පපඤ්චො එස, කිං ඉමිනා අම්හාක”න්ති කාසාවඛණ්ඩං ඡින්දිත්වා අරඤ්ඤෙ ඛිපන්ති. එතස්මිං කාලෙ ලිඞ්ගං අන්තරහිතං නාම හොති. කස්සපදසබලස්ස කිර කාලතො පට්ඨාය යොනකානං සෙතවත්ථං පාරුපිත්වා චරණං චාරිත්තං ජාතන්ති. ඉදං ලිඞ්ගඅන්තරධානං නාම.
කල්ගතවනකල්හි සිවුරුගැනීම පාත්‍ර ගැනීම (අත්පා) හැකිළීම දිගහැරීම ඉදිරිබැලීම වටපිට බැලීම පහදවන්නේ නොවෙයි. නිගණ්ඨ මෙහෙණන් ලබුකැටයෙන් කළ පාත්‍රයක් මෙන් භික්ෂූහු පාත්‍රය අග්බාහුවෙහි බහා රැගෙන හැසිරෙති. මෙපමණකිනුද (ශ්‍රමණ) ලිංගය අතුරුදහන් නොවූයේ වෙයි. කල්ගතවන විට අග්බාහුවෙන් බස්වා අතින් හෝ කත්කොණෙහි හෝ එල්වා ගෙන හැසිරෙත්. සිවුරද පඬු පෙවීමෙන් යෝග්‍යබව ඇති නොකොට ඔටුඇටවන්කොට හැසිරෙත්, කල් යනවිට පඬුපෙවීමද නොවෙයි. දහවලුසිඳීමද බඳපටිය විදීමද නොවෙයි. කප් බින්දුව පමණක් කොට පරිහරණය කරත්, නැවත බඳපටිය විද කප නොකරත්, ඉක්බිති දෙකම නොකොට දහවල්ල සිඳ පිරිවැජියන් මෙන් හැසිරෙත්. කල් යනවිට, මෙයින් අපට කවර වැඩක්දැයි කුඩා කසාවත් කඩක් අතෙහි හෝ ගෙලෙහි හෝ බඳිත්. කෙස්හි හෝ අලවත්, අඹුදරුවන් පෝෂණය කරන්නාහු සී සා වපුරා දිවිගෙවමින් හැසිරෙත්, එකල්හි දක්ෂිණාව දෙන්නාවූ ජනයා සංඝයා උදෙසා ඔවුනට දෙයි. මේ සඳහා භාග්‍යවතුන්වහන්සේ විසින් ‘ආනන්දය, අනාගත කාලයෙහි දුසිල්වත්වූ පවිටුදහම් ඇති ගොත්‍රය වනසන්නාවූ කාසාවකණ්ඨකයෝ වන්නාහුය. ඒ දුසිල් ඇත්තන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය, මම සංඝගත දක්ෂිණාව එකල්හිවුවද ගිණිය නොහැකි පමණ කළනොහැකි එකකැයි පවසමි’යි දෙසනලදි. අනතුරුව කල් ඉක්මෙනවිට නොයෙක් ආකාර කටයුතු කරන්නාහූ ‘මෙය බාධාවකි. මෙයින් අපට කවර වැඩක්දැ’යි කසාවත්කඩ සිඳ වනයෙහි හෙළති. මෙකල්හි ලිංගය (සලකුණ) අතුරදහන්වූයේ නම් වෙයි. කාශ්‍යප බුදුරජුන්ගේ කාලයෙහි සිට සුදුවත් පෙරවා යෝනකයින්ගේ හැසිරීම චාරිත්‍රයක් වීය. මේ කාලයෙහි වනාහි ලිංගය අතුරුදන් වූයේනමි. මෙය ලිංගඅන්තරධානය නමි.
ධාතුඅන්තරධානං පන එවං වෙදිතබ්බං – තීණි පරිනිබ්බානානි, කිලෙසපරිනිබ්බානං – ඛන්ධපරිනිබ්බානං, ධාතුපරිනිබ්බානන්ති. තත්ථ කිලෙසපරිනිබ්බානං බොධිපල්ලඞ්කෙ අහොසි, ඛන්ධපරිනිබ්බානං කුසිනාරායං, ධාතුපරිනිබ්බානං අනාගතෙ භවිස්සති. කථං? තතො තත්ථ තත්ථ සක්කාරසම්මානං අලභමානා ධාතුයො බුද්ධානං අධිට්ඨානබලෙන සක්කාරසම්මානලභනකට්ඨානං ගච්ඡන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ සබ්බට්ඨානෙසු සක්කාරසම්මානො න හොති. සාසනස්ස හි ඔසක්කනකාලෙ ඉමස්මිං තම්බපණ්ණිදීපෙ සබ්බා ධාතුයො සන්නිපතිත්වා මහාචෙතියං, තතො නාගදීපෙ රාජායතනචෙතියං, තතො බොධිපල්ලඞ්කං ගමිස්සන්ති. නාගභවනතොපි දෙවලොකතොපි බ්රහ්මලොකතොපි ධාතුයො මහාබොධිපල්ලඞ්කමෙව ගමිස්සන්ති. සාසපමත්තාපි ධාතු අන්තරා න නස්සිස්සති. සබ්බා ධාතුයො මහාබොධිමණ්ඩෙ සන්නිපතිත්වා බුද්ධරූපං ගහෙත්වා බොධිමණ්ඩෙ පල්ලඞ්කෙන නිසින්නබුද්ධසරීරසිරිං දස්සෙන්ති. ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි අසීති අනුබ්යඤ්ජනානි බ්යාමප්පභාති සබ්බං පරිපුණ්ණමෙව හොති. තතො යමකපාටිහාරියදිවසෙ විය පාටිහාරියං කත්වා දස්සෙන්ති. තදා මනුස්සභූතසත්තො නාම තත්ථ ගතො නත්ථි, දසසහස්සචක්කවාළෙ පන දෙවතා සබ්බාව සන්නිපතිත්වා “අජ්ජ දසබලො පරිනිබ්බායති, ඉතොදානි පට්ඨාය අන්ධකාරං භවිස්සතී”ති පරිදෙවන්ති. අථ ධාතුසරීරතො තෙජො සමුට්ඨාය තං සරීරං අපණ්ණත්තිකභාවං ගමෙති. ධාතුසරීරතො සමුට්ඨිතා ජාලා යාව බ්රහ්මලොකා උග්ගච්ඡිස්සති, සාසපමත්තාය සෙසායපි ධාතුයා සති එකජාලාව භවිස්සති. ධාතූසු පරියාදානං ගතාසු පච්ඡිජ්ජිස්සති. එවං මහන්තං ආනුභාවං දස්සෙත්වා ධාතුයො අන්තරධායන්ති. තදා සන්නිපතිතා දෙවසඞ්ඝා බුද්ධානං පරිනිබ්බුතදිවසෙ විය දිබ්බගන්ධමාලාතූරියාදීහි සක්කාරං කත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා වන්දිත්වා “අනාගතෙ උප්පජ්ජනකං බුද්ධං පස්සිතුං ලභිස්සාම භගවා”ති වත්වා සකසකට්ඨානමෙව ගච්ඡන්ති. ඉදං ධාතුඅන්තරධානං නාම.
[missing trans] ඉක්බිති ඒ ඒ තන්හි සත්කාරසම්මාන නොලබන්නාවූ ධාතූන්වහන්සේලා බුදුන්වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාරසම්මාන ලබන තැනකට යති. කල්යනවිට සියලු තන්හි සත්කාර සම්මාන නොවෙයි. සියලු ධාතූහු බෝමැඬෙහි රැස්වී බුදුරුවක් ගෙන බෝමැඬෙහි පළඟකින් හුන් බුදු සිරුරක අසිරිය දක්වත්. දෙතිස් මහපුරිස්ලකුණු, අසූඅනුලකුණු බඹයක් පමණවූ රැස් දහර යන සියල්ල සපිරුණේම වෙයි. ඉක්බිති යමාමහපෙළහර දිනයෙහි මෙන් පෙළහර කොට දක්වත්. එතැනට යන්නාවූ මනුෂ්යභූතවූ සත්වයෙක් නම් එහි නැත. දසදහසක් සක්වළෙහි වනාහි දේවතාවෝ සියල්ලෝම රැස්වී ‘අද දශබලයන්වහන්සේ පිරිනිවන්පාති. දැන් මෙතැන් සිට අඳුර වන්නේයයි වැළපෙත්. ඉක්බිති ධාතුශරීරයෙන් තේජසක් හටගෙන ඒ සිරුර නොපෙනෙනබවට යෙයි. එකල්හි දේවසමූහයා බුදුවරුන්ගේ පිරිනිවන් පෑ දිනයෙහි මෙන් දිව ගඳමල් වැයීම් ආදියෙන් සත්කාරකොට තෙවරක් පැදකුණුකොට වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, අනාගතයෙහි පහළවන බුදුන් දැක්මට ලබන්නෙමුයයි කියා තමතමන්ගේ තැන්වලටම යති. මේ ධාතුඅන්තරධානය නමි.
ඉමස්ස පඤ්චවිධස්ස අන්තරධානස්ස පරියත්තිඅන්තරධානමෙව මූලං. පරියත්තියා හි අන්තරහිතාය පටිපත්ති අන්තරධායති, පරියත්තියා ඨිතාය පටිපත්ති පතිට්ඨාති. තෙනෙව ඉමස්මිං දීපෙ චණ්ඩාලතිස්සමහාභයෙ සක්කො දෙවරාජා මහාඋළුම්පං මාපෙත්වා භික්ඛූනං ආරොචාපෙසි “මහන්තං භයං භවිස්සති, න සම්මා දෙවො වස්සිස්සති, භික්ඛූ පච්චයෙහි කිලමන්තා පරියත්තිං සන්ධාරෙතුං න සක්ඛිස්සන්ති, පරතීරං ගන්ත්වා අය්යෙහි ජීවිතං රක්ඛිතුං වට්ටති. ඉමං මහාඋළුම්පං ආරුය්හ ගච්ඡථ, භන්තෙ. යෙසං එත්ථ නිසජ්ජට්ඨානං නප්පහොති, තෙ කට්ඨඛණ්ඩෙපි උරං ඨපෙත්වා ගච්ඡන්තු, සබ්බෙසම්පි භයං න භවිස්සතී”ති. තදා සමුද්දතීරං පත්වා සට්ඨි භික්ඛූ කතිකං කත්වා “අම්හාකං එත්ථ ගමනකිච්චං නත්ථි, මයං ඉධෙව හුත්වා තෙපිටකං රක්ඛිස්සාමා”ති තතො නිවත්තිත්වා දක්ඛිණමලයජනපදං ගන්ත්වා කන්දමූලපණ්ණෙහි ජීවිකං කප්පෙන්තා වසිංසු. කායෙ වහන්තෙ නිසීදිත්වා සජ්ඣායං කරොන්ති, අවහන්තෙ වාලිකං උස්සාරෙත්වා පරිවාරෙත්වා සීසානි එකට්ඨානෙ කත්වා පරියත්තිං සම්මසන්ති. ඉමිනා නියාමෙන ද්වාදස සංවච්ඡරානි සාට්ඨකථං තෙපිටකං පරිපුණ්ණං කත්වා ධාරයිංසු.
මේ පස් ආකාරවූ අන්තරධානයන්ගේ මූලය පරියත්ති අන්තරධානයමය. පර්‍ය්‍යාප්තිය අතුරුදහන් වූ කල්හි ප්‍රතිපත්තිය අතුරුදහන් වෙයි. පර්‍ය්‍යාප්තිය පවත්නා විට (ප්‍රතිපත්තිය) පවතියි. එහෙයින්ම මේ දිවයිනෙහි චණ්ඩාලතිස්ස මහා භයෙහිදී සක්දෙව් රජතෙමේ මහ පහුරක් මවා, ‘මහබියක් වන්නේය. මනාව වැසි නොවසින්නෝය. භික්ෂූන්වහන්සේලා ප්රත්යයන්ගෙන් ක්ලාන්ත වන්නාහු පර්‍ය්‍යාප්තිය දරන්නට නොහැකි වන්නාහුය. පරතෙරට (විදේශයකට) ගොස් ආර්‍ය්‍යයන්වහන්සේලා විසින් දිවිරැකීමට වටී. ස්වාමීනි, මේ පහපහුරට නැඟ වඩිනු මැනව. යමෙකුට මෙහි වැඩහිඳීමට තැනක් නොපොහෝනේද උන්වහන්සේලා දරකඬක හෝ උර තබා වඩින සේක්වා සියලු දෙනාටම බියක් නොවන්නේය’යි භික්ෂූන්වහන්සේට සැළකරවීය. එකල්හි මුහුදු තෙරට පැමිණ භික්ෂූන්වහන්සෙලා සැට නමක් කතිකාකොට අපට මෙහි යාමක් නොමැත. අපි මෙහිම සිට ත්‍රිපිටකය ආරක්ෂා කරන්නෙමුයයි එයින් පෙරළා පැමිණ දකුණු මලය දනව්වට ගොස් අලමුල් කොලවලින් දිවි රකින්නාහු විසුවාහුය. කය උසුලනකල්හි හිඳ සජ්ක්ධායනය කරත්. නොඋසුලන කල්හි වැළි ඔසවා පිරිවරා හිස් එක් තැනකට පර්‍ය්‍යාප්තිය විමසා බලත්. මේ ක්‍රමයෙන් අවුරුදු දොළසක් අර්ත්ථකථා සහිත ත්‍රිපිටකය සම්පූර්ණකොට දැරුවාහුය.
භයෙ වූපසන්තෙ සත්තසතා භික්ඛූ අත්තනො ගතට්ඨානෙ සාට්ඨකථෙ තෙපිටකෙ එකක්ඛරම්පි එකබ්යඤ්ජනම්පි අනාසෙත්වා ඉමමෙව දීපමාගම්ම කල්ලගාමජනපදෙ මණ්ඩලාරාමවිහාරං පවිසිංසු. ථෙරානං ආගමනප්පවත්තිං සුත්වා ඉමස්මිං දීපෙ ඔහීනා සට්ඨි භික්ඛූ “ථෙරෙ පස්සිස්සාමා”ති ගන්ත්වා ථෙරෙහි සද්ධිං තෙපිටකං සොධෙන්තා එකක්ඛරම්පි එකබ්යඤ්ජනම්පි අසමෙන්තං නාම න පස්සිංසු. තස්මිං ඨානෙ ථෙරානං අයං කථා උදපාදි “පරියත්ති නු ඛො සාසනස්ස මූලං, උදාහු පටිපත්තී”ති. පංසුකූලිකත්ථෙරා “පටිපත්තිමූල”න්ති ආහංසු, ධම්මකථිකා “පරියත්තී”ති. අථ නෙ ථෙරා “තුම්හාකං ද්වින්නම්පි ජනානං වචනමත්තෙනෙව න කරොම, ජිනභාසිතං සුත්තං ආහරථා”ති ආහංසු. සුත්තං ආහරිතුං න භාරොති “ඉමෙ ච, සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්යුං, අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සාති (දී· නි· 2.214). පටිපත්තිමූලකං, මහාරාජ, සත්ථුසාසනං පටිපත්තිසාරකං. පටිපත්තියා ධරන්තාය තිට්ඨතී”ති (මි· ප· 4.1.7) සුත්තං ආහරිංසු. ඉමං සුත්තං සුත්වා ධම්මකථිකා අත්තනො වාදඨපනත්ථාය ඉමං සුත්තං ආහරිංසු –
බිය සන්හුන් කල්හි සත්සියයක් භික්ෂූන්වහන්සේලා තමන් ගිය තැන්හි අර්ත්ථකථා සහිත ත්‍රිපිටකයෙහි එක අකුරකුදු එක ව්‍යංජනයකුදු නොනසා මේ දිවයිනටම පැමිණ කල්ලගාම දනව්වෙහි මණ්ඩලාරාම විහාරයට පිවිසියාහුය. තොරුන්වහන්සේලා පැමිණි පුවත අසා මේ දිවයිනෙහි නොගොස් නැවතුණු භික්ෂූන්වහන්සේලා සැට නම තෙරුන්වහන්සේලා දක්නෙමුයි වැඩමවා (ඒ) තෙරවරුන් සමඟ ත්‍රිපිටකය පිරිසුදු කරන්නාහු එක් අකුරකුදු එක් ව්‍යංජනයකුදු නොගැලපෙන්නක් නම් නොදුටුවාහුය. ඒ ස්ථානයෙහි තෙරවරුන් අතර ‘සසුනේ මුල පර්ය්යප්තියද නැතහොත් ප්රතිපත්තියද’ යන මේ කථාව හටගත්තේය. පාංශුකූලික ස්ථවිරයන්වහන්සේලා ප්‍රතිපත්තිය මුලයයි කීවාහුය. ධර්මකථික භික්ෂූහු පර්ය්යාප්තියයයි කීවාහුය. ඉක්බිති ඔවුනට තෙරුන්වහන්සේලා ඔබවහන්සේලා දෙපිරසේම වචන පමණකින්ම නොපිළිගනිමු. බුද්ධභාෂිතවූ සූත්‍රයක් ගෙන හැර දක්වන්නැයි කීවාහුය. සූත්‍රයක් ගෙනහැර දැක්වීම උගහට නොවේයයි ‘ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මාවිහරෙය්යුං අසුඤෙඤා ලොකො අරහන්තෙහි අස්ස’ යනුවෙන්ද, ‘පටිපත්ති මූලකං මහාරාජ සත්ථුසාසනං පටිපත්තිසාරකං පටිපත්තියං ධරන්තං තිට්ඨති’ යනුවෙන්ද සූත්‍රයක් ගෙන හැර දැක්වූවාහුය. මෙම සූත්‍රය අසා ධර්මකථික ස්ථවිරයන්වහන්සේලා තමන්ගේ වාදය තැබීම පිණිස මේ සූත්‍රය ගෙනහැර දැක්වූවාහුය.
“යාව තිට්ඨන්ති සුත්තන්තා, විනයො යාව දිප්පති; තාව දක්ඛන්ති ආලොකං, සූරියෙ අබ්භුට්ඨිතෙ යථා.
යාව තිට්ඨන්ති සුත්තන්තා විනයො යාව දිප්පති තාව දක්ඛින්ති ආලොකං - සුරියෙ අබ්භුට්ඨිතෙ යථා
“සුත්තන්තෙසු අසන්තෙසු, පමුට්ඨෙ විනයම්හි ච; තමො භවිස්සති ලොකෙ, සූරියෙ අත්ථඞ්ගතෙ යථා.
සුත්තන්තෙසු අසන්තෙසු - පම්මුට්ඨෙ විනයම්භිච තමො භවිස්සති ලොකෙ - සුරියෙ අත්ථංගතෙ යථා
“සුත්තන්තෙ රක්ඛිතෙ සන්තෙ, පටිපත්ති හොති රක්ඛිතා; පටිපත්තියං ඨිතො ධීරො, යොගක්ඛෙමා න ධංසතී”ති.
සුත්තන්තෙ රක්ඛිතෙ සන්තෙ - පටිපත්ති හොති රක්ඛිතා පටිපත්තියං ඨිතො ධීරො - යොගක්ඛෙමා න ධංසති
ඉමස්මිං සුත්තෙ ආහටෙ පංසුකූලිකත්ථෙරා තුණ්හී අහෙසුං, ධම්මකථිකත්ථෙරානංයෙව වචනං පුරතො අහොසි. යථා හි ගවසතස්ස වා ගවසහස්සස්ස වා අන්තරෙ පවෙණිපාලිකාය ධෙනුයා අසති සො වංසො සා පවෙණි න ඝටීයති, එවමෙවං ආරද්ධවිපස්සකානං භික්ඛූනං සතෙපි සහස්සෙපි සංවිජ්ජමානෙ පරියත්තියා අසති අරියමග්ගපටිවෙධො නාම න හොති. යථා ච නිධිකුම්භියා ජානනත්ථාය පාසාණපිට්ඨෙ අක්ඛරෙසු ඨපිතෙසු යාව අක්ඛරානි ධරන්ති, තාව නිධිකුම්භි නට්ඨා නාම න හොති. එවමෙවං පරියත්තියා ධරමානාය සාසනං අන්තරහිතං නාම න හොතීති.
මේ සූත්‍රය ගෙනහැර දැක්වූකල්හි පාංශුකූලික ස්ථවිරයන්වහන්සේලා නිශ්ශබ්ද වූවාහුය. ධර්මකථිකස්ථවිරයන්ගේම වචනය පෙරටුවිය. යම් සේ ගවයන් සියයක හෝ ගවයන් දහසක හෝ අතරෙහි ප්‍රවෙණිය පාලනය කරන්නාවූ දෙනක නොමැති කල්හි ඒ වංශය ඒ පරපුර නොගැලපෙයිද එසේම අරඹන ලද විදර්ශනා ඇති භික්ෂූන්වහන්සේලා සියයක් හෝ දහසක් විද්‍යාමාන කල්හිවුවද පර්‍ය්‍යාප්තිය නොමැතිකල්හි ආර්ය්යමාර්ග ප්රතිවේධයක් නම් නොවෙයි. තවද යම්සේ නිදන්කළය (ධනය පුරවා නිධන්ගත කරනලද කළය) ක් දැන ගැනීම (හඳුනා ගැනීම) සඳහා ගලක් මත්තෙහි අකුරු පිහිටවූ කල්හි යම්තාක් අකුරු පවතීද ඒතාක් නිදන් කළය නැසුනේ නම් නොවේ. එසේම පර්‍ය්‍යාප්තිය පවත්නාකල්හි සසුන අතුරුදහන් වූයේනම් නොවේ.
දුතියපමාදාදිවග්ගවණ්ණනා.
දසවෙනි වර්ගයයි.