එකපුග්ගලවග්ගො අට්ඨකථා
එකපුග්ගලවග්ගො
ඒකපුග්ගල වර්ගය
එකපුග්ගලවග්ගස්ස පඨමෙ එකපුග්ගලොති එකො පුග්ගලො. එත්ථ එකොති දුතියාදිපටික්ඛෙපත්ථො ගණනපරිච්ඡෙදො. පුග්ගලොති සම්මුතිකථා, න පරමත්ථකථා. බුද්ධස්ස හි භගවතො දුවිධා දෙසනා – සම්මුතිදෙසනා, පරමත්ථදෙසනා චාති. තත්ථ “පුග්ගලො සත්තො ඉත්ථී පුරිසො ඛත්තියො බ්රාහ්මණො දෙවො මාරො”ති එවරූපා සම්මුතිදෙසනා, “අනිච්චං දුක්ඛං අනත්තා ඛන්ධා ධාතූ ආයතනානි සතිපට්ඨානා”ති එවරූපා පරමත්ථදෙසනා. තත්ථ භගවා යෙ සම්මුතිවසෙන දෙසනං සුත්වා අත්ථං පටිවිජ්ඣිත්වා මොහං පහාය විසෙසං අධිගන්තුං සමත්ථා, තෙසං සම්මුතිදෙසනං දෙසෙති. යෙ පන පරමත්ථවසෙන දෙසනං සුත්වා අත්ථං පටිවිජ්ඣිත්වා මොහං පහාය විසෙසමධිගන්තුං සමත්ථා, තෙසං පරමත්ථදෙසනං දෙසෙති.
එකපුද්ගලවර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ‘එකපුග්ගලො’ යනු එක් පුද්ගයෙකියි. මෙහි ‘එකො’ යනු දෙවැනි ආදිය ප්රතික්ෂෙප කිරීම් අර්‍ත්‍ථයෙහි සංඛ්‍යා පරිච්ඡේදයයි. ‘පුග්ගලො’ යනු ව්‍යවහාර කථාවකි. පරමාර්‍ත්‍ථ කථාවක් නොවේ. භාග්‍යවත් බුදුරජානන්වහන්සේගේ වනාහි සම්මුති දෙසනා පරමත්ථදෙසනායි ද්විවිධ දේශනාවක් වෙයි. එහි පුද්ගලයා, සත්වයා, ස්ත්‍රිය, පුරුෂයා, ක්ෂත්රියයා, බ්‍රාහ්මණයා, දෙවියා, මාරයා යනුවෙන් මෙබඳු වූයේ සම්මුති (ව්‍යවහාර) දෙසනානමි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන යනුවෙන් මෙබඳුවූයේ පරමත්ථ (පරමාර්‍ත්‍ථ) දෙසනා නමි. එහි භාග්‍යවතුන්වහන්සේ යමෙක් සම්මුති වශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂ (මාර්ගඵලාදි) යක් ලැබීමට හැකිවෙත්ද ඔවුනට සම්මුති දෙසනාව දෙසනසේක. යමෙක් වනාහි පරමාර්ත්ථවශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂයක් ලැබීමට සමත්වෙත්ද ඔවුනට පරමාර්ත්ථදේශනාව දෙසනසේක.
තත්රායං උපමා – යථා හි දෙසභාසාකුසලො තිණ්ණං වෙදානං අත්ථසංවණ්ණනකො ආචරියො යෙ දමිළභාසාය වුත්තෙ අත්ථං ජානන්ති, තෙසං දමිළභාසාය ආචික්ඛති. යෙ අන්ධභාසාදීසු අඤ්ඤතරාය භාසාය, තෙසං තාය තාය භාසාය. එවං තෙ මාණවකා ඡෙකං බ්යත්තං ආචරියමාගම්ම ඛිප්පමෙව සිප්පං උග්ගණ්හන්ති. තත්ථ ආචරියො විය බුද්ධො භගවා, තයො වෙදා විය කථෙතබ්බභාවෙ ඨිතානි තීණි පිටකානි, දෙසභාසාකොසල්ලමිව සම්මුතිපරමත්ථකොසල්ලං, නානාදෙසභාසා මාණවකා විය සම්මුතිපරමත්ථවසෙන පටිවිජ්ඣනසමත්ථා වෙනෙය්යසත්තා, ආචරියස්ස දමිළභාසාදිආචික්ඛනං විය භගවතො සම්මුතිපරමත්ථවසෙන දෙසනා වෙදිතබ්බා. ආහ චෙත්ථ –
එහි මේ උපමායි. යම්සේ වනාහි දේශභාෂාවන්හි දක්ෂවූ ත්‍රිවිධ වේදයන්ගේ අර්ත්ථසංවර්ණනා’ ක්රමයන් දන්නාවූ ආචාර්ය්යවරයෙක්, යමෙක් දමිළ භාෂාවෙන් කීකල්හි අර්ත්ථය දනිත්ද ඔවුනට දමිළ භාෂාවෙන් ප්‍රකාශකරයි. යමෙක් අන්ධභාෂාදිය අතුරෙන් යම් භාෂාවකින් (කී කල්හි අර්ත්ථය දනිත්ද) ඔවුනට ඒ ඒ භාෂාවෙන් (ප්‍රකාශකරයි.) මෙසේ ඒ මානවකයෝ භාෂා ප්‍රයෝගයෙන් දක්ෂවූ ව්‍යක්තවූ ආචාර්ය්යවරයෙකු වෙත එළඹ ඉක්මණින්ම ශිල්පය උගණිත්. එහි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ආචාර්ය්යවරයා මෙනි. කිවයුතුබවෙහි පිහිටි තුන් පිටකය ත්රිවේදය මෙනි. පරමාර්ත්ථසම්මුති දේශනාවන්හි දක්ෂතාව දෙශභාෂාවන්හි දක්ෂතාව මෙනි. සම්මුති පරමත්ථ වශයෙන් වටහාගැනීමට සමත් විනෙයජනයෝ නොයෙක් දේශභාෂාවන්ට අයත් මානවකයන් මෙනි. භාග්‍යවතුන්වහන්සේගේ සම්මුති පරමාත්ථවශයෙන්වූ දේශනාව ආචාර්ය්යවරයා දමිළ භාෂාදියෙන් ප්‍රකාශකිරීම මෙනැයි දතයුතුය. මෙහි කියනලද්දේදවෙයි.
“දුවෙ සච්චානි අක්ඛාසි, සම්බුද්ධො වදතං වරො; සම්මුතිං පරමත්ථඤ්ච, තතියං නුපලබ්භති.
‘දේශකයන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ බුදුරජාණන්වහන්සේ සම්මුතියද පරමාර්ත්ථයදැයි සත්යදෙකක් ප්‍රකාශකළසේක. තෙවැනි සත්‍යයක් නොලැබෙයි.
“සඞ්කෙතවචනං සච්චං, ලොකසම්මුතිකාරණා; පරමත්ථවචනං සච්චං, ධම්මානං භූතකාරණා.
ලෝකයෙහි පිළිගැනීම හේතුවෙන් සංකේත වචනය සත්‍යය. ධර්මයන් හටගත් ආකාරය හේතුවෙන් පරමාර්‍ත්‍ථ වචනය සත්‍යය.
“තස්මා වොහාරකුසලස්ස, ලොකනාථස්ස සත්ථුනො; සම්මුතිං වොහරන්තස්ස, මුසාවාදො න ජායතී”ති.
එහෙයින් ව්‍යවහාරයෙහි දක්ෂවූ ලෝකයාට ස්වාමීවූ සම්මුතිය ව්‍යවහාර කරන ශාස්තෘන්වහන්සේට මුසාවාදයක් හටනොගනී.
අපිච අට්ඨහි කාරණෙහි භගවා පුග්ගලකථං කථෙති – හිරොත්තප්පදීපනත්ථං, කම්මස්සකතාදීපනත්ථං, පච්චත්තපුරිසකාරදීපනත්ථං, ආනන්තරියදීපනත්ථං, බ්රහ්මවිහාරදීපනත්ථං, පුබ්බෙනිවාසදීපනත්ථං, දක්ඛිණාවිසුද්ධිදීපනත්ථං, ලොකසම්මුතියා අප්පහානත්ථඤ්චාති. “ඛන්ධධාතුආයතනානි හිරියන්ති ඔත්තප්පන්තී”ති හි වුත්තෙ මහාජනො න ජානාති, සම්මොහමාපජ්ජති, පටිසත්තු හොති “කිමිදං ඛන්ධධාතුආයතනානි හිරියන්ති ඔත්තප්පන්ති නාමා”ති? “ඉත්ථී හිරියති ඔත්තප්පති, පුරිසො ඛත්තියො බ්රාහ්මණො දෙවො මාරො”ති වුත්තෙ පන ජානාති, න සම්මොහමාපජ්ජති, න පටිසත්තු හොති. තස්මා භගවා හිරොත්තප්පදීපනත්ථං පුග්ගලකථං කථෙති.
තවද: භාග්‍යවතුන්වහන්සේ කරැණු අටකින් පුද්ගල කථාව කරනසේක. විලිබිය පළටකරනු සඳහා, කර්මය අයත් කොට ඇතිබව පළට කිරීම සඳහා, එක්එක් පුද්ගලයා අයත් ක්‍රියා පළටකරනු සඳහා, පෙරවිසූ කඳපිළිවෙළ පළටකරනු සඳහා, දානයේ පිරිසුදුකම පළටකරනු සඳහා, ලෝකසම්මතය අත්නොහැරීම සඳහාත් යනුවෙනි. ස්කන්ධ ධාතු ආයතනයෝ ලජ්ජාවෙති බිය වෙතියි කීකල්හි මහජනයා නොදනියි. මුළාවට පැමිණෙයි. ස්කන්ධධාතු ආයතනයෝ ලජ්ජාවෙති බියවෙති. යනු මේ කිමෙක්දැයි විරුද්ධ වෙයි. ස්ත්‍රිය, පුරුෂයා, ක්ෂත්රියයා, බ්‍රාහ්මණයා, දෙවියා, මාරයා ලජ්ජාවෙයි බියවේයයි කීවිට දනියි. මුළාවට නොපැමිණෙයි. විදරුද්ධ නොවෙයි. එබැවින් භාග්‍යවතුන්වහන්සේ ලජ්ජා බිය ප්රකටකිරීම සඳහා පුද්ගලකථාව කරනසේක.
“ඛන්ධා කම්මස්සකා, ධාතුයො ආයතනානී”ති වුත්තෙපි එසෙව නයො. තස්මා භගවා කම්මස්සකතාදීපනත්ථං පුග්ගලකථං කථෙති.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ කර්මය අයත්කොට ඇත්තෝයයි කීවිටද මේ ක්‍රමයමැයි. එබැවින් භාග්‍යවතුන්වහන්සේ කර්මය ස්වකීයකොට ඇතිබව ප්‍රකට කරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
“වෙළුවනාදයො මහාවිහාරා ඛන්ධෙහි කාරාපිතා, ධාතූහි ආයතනෙහී”ති වුත්තෙපි එසෙව නයො. තස්මා භගවා පච්චත්තපුරිසකාරදීපනත්ථං පුග්ගලකථං කථෙති.
වෙළුවනාදී මහාවිහාරයෝ ස්කන්ධයන් විසින් ධාතූන් විසින් ආයතනයන් විසින් කරවනලද්දෝයි කීකල්හිද මේ ක්‍රමයමයි. මේ නිසා භාග්‍යවතුන්වහන්සේ එක් එක් පුද්ගලයාට අයත් ක්‍රියා ප්‍රකටකරනු සඳහාද පුද්ගල කථාව කරනසේක.
“ඛන්ධා මාතරං ජීවිතා වොරොපෙන්ති, පිතරං, අරහන්තං, රුහිරුප්පාදකම්මං, සඞ්ඝභෙදකම්මං කරොන්ති, ධාතුයො ආයතනානී”ති වුත්තෙපි එසෙව නයො. තස්මා භගවා ආනන්තරියදීපනත්ථං පුග්ගලකථං කථෙති.
ස්කන්ධයෝ ධාතූහු, ආයතනයෝ මව, පියා රහතුන්වහන්සේ ජීවිතයෙන් තොර කිරති, ලෝහිතුප්පාදකර්මය කරති, සංඝභේද කර්මය කරතියි කීවිටද මේ ක්‍රමයමයි. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ ආනන්තර්ය්යකර්ම ප්‍රකට කරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
“ඛන්ධා මෙත්තායන්ති, ධාතුයො ආයතනානී”ති වුත්තෙපි එසෙව නයො. තස්මා භගවා බ්රහ්මවිහාරදීපනත්ථං පුග්ගලකථං කථෙති.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ මෛත්‍රී කරතියි කීවිටද මේ ක්‍රමයමයි. එබැවින් භාග්‍යවතුන්වහන්සේ බ්‍රහ්මවිහාර ප්‍රකටකරනු සඳහා පුද්ගලකථාව කරනසේක.
“ඛන්ධා පුබ්බෙනිවාසමනුස්සරන්ති, ධාතුයො ආයතනානී”ති වුත්තෙපි එසෙව නයො. තස්මා භගවා පුබ්බෙනිවාසදීපනත්ථං පුග්ගලකථං කථෙති.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරතියි කීවිටද මේ ක්‍රමයමයි. එබැවින් භාග්‍යවතුන්වහන්සේ පෙරවිසූ කඳපිළිවෙළ ප්‍රකටකරනු සඳහා ද පුද්ගලකථාව කරනසේක.
“ඛන්ධා දානං පටිග්ගණ්හන්ති, ධාතුයො ආයතනානී”ති වුත්තෙපි මහාජනො න ජානාති, සම්මොහං ආපජ්ජති, පටිසත්තු හොති “කිමිදං ඛන්ධධාතුආයතනානි පටිග්ගණ්හන්ති නාමා”ති? “පුග්ගලා පටිග්ගණ්හන්ති සීලවන්තො කල්යාණධම්මො”ති වුත්තෙ පන ජානාති, න සම්මොහං ආපජ්ජති, න පටිසත්තු හොති. තස්මා භගවා දක්ඛිණාවිසුද්ධිදීපනත්ථං පුග්ගලකථං කථෙති.
ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ දානය පිළිගනිති. කීකල්හිද ස්කන්ධයෝ ධාතූහු ආයතනයෝ පිළිගනිති යනු මේ කිමෙක්දැයි මහජනයා නොදනියි. මුළාවට පැමිණෙයි, විරුද්ධවෙයි. පුද්ගලයෝ සිල්වත්තු යහදම් ඇත්තෝ පිළිගනිතියි කීකල්හි මහජනයා දනියි. මුළාවට නොපැමිණෙයි. විරුද්ධ නොවෙයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ දානයෙහි පිරිසුදු බව දැක්වීමට පුද්ගලකථාව කරනසේක.
ලොකසම්මුතිඤ්ච බුද්ධා භගවන්තො නප්පජහන්ති, ලොකසමඤ්ඤාය ලොකනිරුත්තියා ලොකාභිලාපෙ ඨිතායෙව ධම්මං දෙසෙන්ති. තස්මා භගවා ලොකසම්මුතියා අප්පහානත්ථම්පි පුග්ගලකථං කථෙති.
භාග්‍යවත් බුදුරජානන්වහන්සේලා ලෝකසම්මතය අත් නොහරිති. ලෝකව්‍යවහාරයෙහි ලෝකනිරුක්තියෙහි ලෝකසංවාදයෙහි පිහිටියෝම දහම් දෙසති. එබැවින් භාග්‍යවතුන්වහන්සේ ලෝකසම්මුතිය අත්නොහැරීම සඳහාද පුද්ගලකථාව කරනසේක.
ඉති එකො ච සො පුග්ගලො චාති එකපුග්ගලො. කෙනට්ඨෙන එකපුග්ගලො? අසදිසට්ඨෙන ගුණවිසිට්ඨට්ඨෙන අසමසමට්ඨෙනාති. සො හි දසන්නං පාරමීනං පටිපාටියා ආවජ්ජනං ආදිං කත්වා බොධිසම්භාරගුණෙහි චෙව බුද්ධගුණෙහි ච සෙසමහාජනෙන අසදිසොති අසදිසට්ඨෙනපි එකපුග්ගලො. යෙ චස්ස තෙ ගුණා, තෙ සෙසසත්තානං ගුණෙහි විසිට්ඨාති ගුණවිසිට්ඨට්ඨෙනපි එකපුග්ගලො. පුරිමකා සම්මාසම්බුද්ධා සබ්බසත්තෙහි අසමා, තෙහි සද්ධිං අයමෙව එකො රූපකායගුණෙහි චෙව නාමකායගුණෙහි ච සමොති අසමසමට්ඨෙනපි එකපුග්ගලො.
මෙසේ එකෙක්වූයේද එම පුද්ගලවූයේද ඒමැයි එකපුග්ගල නම්වේ. කවර අර්ත්ථයෙන් ඒක පුද්ගල වේද යත්? අසමානාර්ත්ථයෙන්, ගුණවිශිෂ්ටාර්ත්ථයෙන් හා අසමසමාර්ත්ථයෙනි. හෙතෙමේ වනාහි දශපාරමිතාවන්ගේ පිළිවෙළින් ආවර්ජනාදිය කොට බෝධිසම්භාර ගුණයන් හා බුද්ධගුණයන් මගින්ද සෙසු මහජනයාගෙන් අසමානයයි අසමානාර්ත්ථයෙන්ද ඒකපුද්ගලවෙයි. මොහුගේ යම් ඒ ගුණයෝ වෙත්ද එම ගුණයෝ සෙසු සත්වයන්ගේ ගුණයන්ගෙන් විශිෂ්ට වෙතැයි ගුණ විශිෂ්ටාන්ථර්යෙන්ද ඒකපුද්ගල වෙයි. පෙරවිසූ සම්මාසම්බුදුවරු සියලු සත්වයන්ගෙන් අසමාන වෙති. ඒ අසමයන් සමඟ මේ එක් පුද්ගලයා රූපකාය ගුණයන්ගෙන් මෙන්ම නාමකාය ගුණයන්ගෙන් ද සමවේයයි අසමසමානාර්ත්ථයෙන් ඒකපුද්ගල නම් වෙයි.
ලොකෙති තයො ලොකා – සත්තලොකො, ඔකාසලොකො, සඞ්ඛාරලොකොති. තෙසං විත්ථාරකථා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.135-136) වුත්තා. තෙසු ඉධ සත්තලොකො අධිප්පෙතො. සත්තලොකෙ උප්පජ්ජමානොපි චෙස න දෙවලොකෙ, න බ්රහ්මලොකෙ, මනුස්සලොකෙයෙව උප්පජ්ජති. මනුස‍්සලොකෙපි න අඤ්ඤස්මිං චක්කවාළෙ, ඉමස්මිංයෙව චක්කවාළෙ උප්පජ්ජති. තත්රාපි න සබ්බට්ඨානෙසු.
‘ලොකෙ’ යනු අවකාශ ලෝකය, සත්වලෝකය, සංසකාර ලෝකයයි ලෝක තුනකි. ඒවායේ විස්තර කථාව විශුද්ධිමාර්ගයෙහි කියනලදි. ඒවා අතරින් මෙහි සත්වලෝකය අදහස් කරනලදි. සත්වලෝකයෙහි උපදිනුලබන්නාවූද මෙතෙම දිව්‍යලෝකයෙහි නොඋපදියි. බ්රහ්මලෝකයෙහිද නොඋපදියි. මිනිස් ලොවෙහිම උපදියි. මිනිස් ලොවෙහිද අන් සක්වළක නොව මේ සක්වළම උපදියි. එහිද හැම තන්හිම නොවේ,
“පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො, තස්ස පරෙන මහාසාලා, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ”ති (මහාව· 259) එවං පරිච්ඡින්නෙ ආයාමතො තියොජනසතෙ විත්ථාරතො අඩ්ඪතෙය්යයොජනසතෙ පරික්ඛෙපතො නවයොජනසතෙ මජ්ඣිමදෙසෙ උප්පජ්ජති. න කෙවලඤ්ච තථාගතොව, පච්චෙකබුද්ධා අග්ගසාවකා අසීති මහාථෙරා බුද්ධමාතා බුද්ධපිතා චක්කවත්තී රාජා අඤ්ඤෙ ච සාරප්පත්තා බ්රාහ්මණගහපතිකා එත්ථෙව උප්පජ්ජන්ති.
පෙරදිගින් කජංගල නම් නියම්ගමෙකි. එයට අන්යව මහාසාලයෝයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයි. ගිනිකොන දිගින් සලලවතී නම් නදියයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයි. දකුණු දිගින් සෙතකණ්ණික නම් නියම්ගමයි. ඉන් මත්තෙන් මෙපිටින් මැද ප්රත්යන්තජනපදයෝයි. පැසුළුදිගින් ථුනනම්වූ බමුණුගමයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදෙයෝයි. උතුරැ දෙසින් උසීරද්ධජ නම්වූ පර්වතයයි. ඉන්මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයයි මෙසේ පිරිසිඳුණු, දිගින් යොදුන් තුන්සියයක් ඇති, පළලින් යොදුන් දෙසියපණසක් ඇති, වටින් යොදුන් නවසියයක් ඇති මධ්‍යම දේශයෙහි උපදියි. හුදෙක් තථාගතයන්වහන්සේ පමණක් නොවෙත්. පසේබුදුවරු, අගසව්වරු, අසූමහ තෙරවරු බුදුබව, බුදුපියා, සක්විති රජ හා වෙනත් හරවත් (ධනවත්) වූ බමුණු ගැහැවියෝ ද මෙහිම උපදිත්,
උප්පජ්ජමානො උප්පජ්ජතීති ඉදං පන උභයම්පි විප්පකතවචනමෙව. උප්පජ්ජමානො බහුජනහිතාය උප්පජ්ජති, න අඤ්ඤෙන කාරණෙනාති එවං පනෙත්ථ අත්ථො වෙදිතබ්බො. එවරූපඤ්චෙත්ථ ලක්ඛණං න සක්කා එතං අඤ්ඤෙන සද්දලක්ඛණෙන පටිබාහිතුං.
‘උප්පජ්ජමානො උපපජ්ජති’ යන මෙය වනාහි දෙකම නිමනොකළ වචනයි. පහළ වන්නේ බොහෝ දෙනාගේ හිතවැඩ සඳහා පහළවෙයි. වෙනත් කරුණකින් නොවේයයි මෙසේ මෙහි අර්ත්ථය දතයුතුයි. මෙහි ලක්ෂණය මෙබඳුමය. මෙය වෙනත් ශබ්දලක්ෂණයකින් මැඩලන්නට නොහැකිය.
අපිච උප්පජ්ජමානො නාම, උප්පජ්ජති නාම, උප්පන්නො නාමාති අයමෙත්ථ භෙදො වෙදිතබ්බො. එස හි දීපඞ්කරපාදමූලතො පට්ඨාය ලද්ධබ්යාකරණො බුද්ධකාරකෙ ධම්මෙ පරියෙසන්තො දස පාරමියො දිස්වා “ඉමෙ ධම්මා මයා පූරෙතබ්බා”ති කතසන්නිට්ඨානො දානපාරමිං පූරෙන්තොපි උප්පජ්ජමානො නාම. සීලපාරමී…පෙ… උපෙක්ඛාපාරමීති ඉමා දස පාරමියො පූරෙන්තොපි, දස උපපාරමියො පූරෙන්තොපි උප්පජ්ජමානො නාම. දස පරමත්ථපාරමියො පූරෙන්තොපි උප්පජ්ජමානොව නාම. පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජන්තොපි උප්පජ්ජමානො නාම. අත්තත්ථචරියං ඤාතත්ථචරියං ලොකත්ථචරියං පූරයමානොපි උප්පජ්ජමානො නාම. කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි බුද්ධකාරකෙ ධම්මෙ මත්ථකං පාපෙන්තොපි උප්පජ්ජමානො නාම. වෙස්සන්තරත්තභාවං පහාය තුසිතපුරෙ පටිසන්ධිං ගහෙත්වා සට්ඨිවස්සසතසහස්සාධිකා සත්තපණ්ණාසවස්සකොටියො තිට්ඨන්තොපි උප්පජ්ජමානො නාම. දෙවතාහි යාචිතො පඤ්චමහාවිලොකිතං විලොකෙත්වා මහාමායාදෙවියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හන්තොපි, අනූනාධිකෙ දස මාසෙ ගබ්භවාසං වසන්තොපි උප්පජ්ජමානො නාම. එකූනතිංස වස්සානි අගාරමජ්ඣෙ තිට්ඨන්තොපි උප්පජ්ජමානො නාම. කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා රාහුලභද්දස්ස ජාතදිවසෙ ඡන්නසහායො කණ්ඩකං වාහනවරං ආරුය්හ නික්ඛමන්තොපි උප්පජ්ජමානොව නාම. තීණි රජ්ජානි අතික්කමන්තොපි අනොමානදීතීරෙ පබ්බජන්තොපි උප්පජ්ජමානො නාම. ඡබ්බස්සානි මහාපධානං කරොන්තොපි උප්පජ්ජමානො නාම. පරිපක්කගතෙ ඤාණෙ ඔළාරිකාහාරං ආහරන්තොපි උප්පජ්ජමානොව නාම. සායන්හසමයෙ විසාඛපුණ්ණමාය මහාබොධිමණ්ඩං ආරුය්හ මාරබලං විධමෙත්වා පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං පරිසොධෙත්වා පච්ඡිමයාමසමනන්තරෙ ද්වාදසඞ්ගං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමතො සම්මසිත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣන්තොපි උප්පජ්ජමානොව නාම. සොතාපත්තිඵලක්ඛණෙපි සකදාගාමිමග්ගක්ඛණෙපි සකදාගාමිඵලක්ඛණෙපි අනාගාමිමග්ගක්ඛණෙපි අනාගාමිඵලක්ඛණෙපි උප්පජ්ජමානොව නාම. අරහත්තමග්ගක්ඛණෙ පන උප්පජ්ජති නාම. අරහත්තඵලක්ඛණෙ උප්පන්නො නාම. බුද්ධානං හි සාවකානං විය න පටිපාටියා ඉද්ධිවිධඤාණාදීනි උප්පජ්ජන්ති, සහෙව පන අරහත්තමග්ගෙන සකලොපි සබ්බඤ්ඤුතඤ්ඤාණාදි ගුණරාසි ආගතොව නාම හොති. තස්මා තෙ නිප්ඵත්තසබ්බකිච්චත්තා අරහත්තඵලක්ඛණෙ උප්පන්නා නාම හොන්ති. ඉමස්මිම්පි සුත්තෙ අරහත්තඵලක්ඛණංයෙව සන්ධාය “උප්පජ්ජතී”ති වෙදිතබ්බො, උප්පන්නො හොතීති අයඤ්හෙත්ථ අත්ථො.
තවද උපදිනුලබන්නේනම් උපදියිනම් උපන්නේ නම්යි මෙහි මේ භේදය දතයුතුයි. මෙතෙම වනාහි දීපඞ්කර පාදමූලයෙහි ලබනලද විවරණ ඇත්තේ බුද්ධකාරක ධර්මයන් සොයන්නේ දසපාරමිතාවන් දැක මේ ධර්මයෝ මාවිසින් පිරියයුත්තාහයි කරනලද සනිටුහන් ඇත්තේ දානපාරමිතාව පුරන්නේද උපදිනුලබන්නේ නමි. ශීලපාරමිතාව -පෙ- උපෙක්ෂා පාරමිතාවය යන මේ දශපාරමිතාවන් පුරන්නේද දශඋපපාරමිතාවන් පුරන්නේද, උපදිනුලබන්නේනමි. පංචමහා පරිත්‍යාගයන් පරිත්යාගකරන්නේද, උපදිනුලබන්නේ ඥාති අර්‍ත්‍ථචර්‍ය්‍යාව, ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව හා බුද්ධචර්ය්යාව සම්පූර්ණ කරන්නේද උපදිනුලබන්නේ නමි. කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්යසතරක් බුද්ධකාරකධර්මයන් මුදුන්පමුණුවන්නේද, උපදිනුලබන්නේ නමි. වෙසතුරු අත්බව හැර තුසිත දෙව්පුරයෙහි පිළිසිඳ ගෙන අවුරුදු සැටලක්ෂයක් අධිකකොට ඇති අවුරුදු පණස්හත්කෝටියක් සිටින්නේද උපදිනුලබන්නේ නමි. දෙවියන් විසින් අයදිනලද්දේ පස්මහ බැලුම් බලා මායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගන්නේද නොඅඩු නොවැඩි දසමසක් ගැබහි වසන්නේද උපදිනු ලබන්නේ නමි. එකුන්තිස් වසක් ගිහිගෙහි සිටින්නේද උපදිනුලබන්නේ නමි. කාමයෙහි ආදීනවද නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංශද දැක රාහුලභද්‍රයන් උපන්දිනයෙහි ඡන්නසහායකොට ඇත්තේ කත්ථක නම් උතුම් අසුපිට නැඟ නික්මෙන්නේද උපදිනුලබන්නේ නමි. රාජ්යතුනක් ඉක්මවන්නේද අනෝමා නදීතීරයෙහි පැවිදි වන්නේද උපදිනුලබන්නේ නමි. අවුරුදුසයක් මහා ප්‍රධන් වීර්‍ය්‍ය කරන්නේද උපදිනුලබන්නේම නමි. නුවණ මුහුකුරා ගිය කල්හි ඕලාරික ආහාර වළඳන්නේද උපදිනුලබන්නේනමි. සවස්කල්හි වෙසක් පුන් පොහොයෙහි බෝමැඬට නැඟ මාරබලය පරදා පළමු යාමයෙහි පුබ්බෙනිවාසානුස්සති ඤාණය සිහිකොට මැදුම්යමෙහි දිබ්බචක්ඛුඤාණය පිරිසුදුකොට පශ්චිමයාමයට සමනන්තරව අංගදොළසක් සහිත ප්‍රතීත්‍යසමුප්පාදය අනුලොම් පිළිලොම් වශයෙන් සම්මර්ශනයකොට සෝතාපත්ති මාර්ගය අවබෝධ කරන්නේද උපදිනුලබන්නේම නමි. සොතාපත්ති ඵලක්ෂණයෙහිද සකෘදාගාමි මාර්ගක්ෂණයෙහිද අනාගාමිඵලක්ණණයෙහිද උපදිනුලබන්නේම නමි. අර්හත්මාර්ගක්ෂණයෙහිවනාහි උපදියි නමි. අර්හත් ඵලක්ෂණයෙහි උපන්නේ නමි. බුදුවරුන්ගේ වනාහි ශ්‍රාවකයන්ගේ මෙන් ඉද්ධිවිධඤාණාදිය පිළිවෙළින් නූපදියි. අර්හත්මාර්ගය සමගම සියලුම සර්වඥතාඥානාදී ගුණ සමූහය ආයේමනම් වෙයි. එබැවින් ඔහුහු උපන් සියලු කෘත්‍ය ඇතිබැවින් අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන්නෝනම් වෙත්. මේසූත්රයෙහිද අර්හත්ඵල ක්ෂණයම උදෙසා උපදීයයි දතයුතුයි. උපන්නේ වේය යන මෙය මෙහි අර්ත්ථයයි.
බහුජනහිතායාති මහාජනස්ස හිතත්ථාය උප්පජ්ජති. බහුජනසුඛායාති මහාජනස්ස සුඛත්ථාය උප්පජ්ජති. ලොකානුකම්පායාති සත්තලොකස්ස අනුකම්පං පටිච්ච උප්පජ්ජති. කතරසත්තලොකස්සාති? යො තථාගතස්ස ධම්මදෙසනං සුත්වා අමතපානං පිවිත්වා ධම්මං පටිවිජ්ඣි, තස්ස. භගවතා හි මහාබොධිමණ්ඩෙ සත්තසත්තාහං වීතිනාමෙත්වා බොධිමණ්ඩා ඉසිපතනං ආගම්ම “ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා”ති ධම්මචක්කප්පවත්තනසුත්තෙ (මහාව· 13; සං· නි· 5.1081) දෙසිතෙ ආයස්මතා අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරෙන සද්ධිං අට්ඨාරසකොටිසඞ්ඛා බ්රහ්මානො අමතපානං පිවිංසු, එතස්ස සත්තලොකස්ස අනුකම්පාය උප්පන්නො. පඤ්චමදිවසෙ අනත්තලක්ඛණසුත්තන්තපරියොසානෙ (මහාව· 20; සං· නි· 3.59) පඤ්චවග්ගියා ථෙරා අරහත්තෙ පතිට්ඨහිංසු, එතස්සපි සත්තලොකස්ස අනුකම්පාය උප්පන්නො. තතො යසදාරකප්පමුඛෙ පඤ්චපණ්ණාස පුරිසෙ අරහත්තෙ පතිට්ඨාපෙසි, තතො කප්පාසිකවනසණ්ඩෙ තිංස භද්දවග්ගියෙ තයො මග්ගෙ ච තීණි ඵලානි ච සම්පාපෙසි, එතස්සපි සත්තලොකස්ස අනුකම්පාය උප්පන්නො. ගයාසීසෙ ආදිත්තපරියායසුත්තපරියොසානෙ (මහාව· 54) ජටිලසහස්සං අරහත්තෙ පතිට්ඨාපෙසි, තාලට්ඨිවනෙ බිම්බිසාරප්පමුඛා එකාදස නහුතා බ්රාහ්මණගහපතිකා සත්ථු ධම්මදෙසනං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, එකං නහුතං සරණෙසු පතිට්ඨිතං. තිරොකුට්ටඅනුමොදනාවසානෙ චතුරාසීතියා පාණසහස්සෙහි අමතපානං පීතං. සුමනමාලාකාරසමාගමෙ චතුරාසීතියා ච. ධනපාලකසමාගමෙ දසහි පාණසහස්සෙහි, ඛදිරඞ්ගාරජාතකසමාගමෙ චතුරාසීතියා පාණසහස්සෙහි, ජම්බුකආජීවකසමාගමෙ චතුරාසීතියා ච. ආනන්දසෙට්ඨිසමාගමෙ චතුරාසීතියා ච පාණසහස්සෙහි අමතපානං පීතං. පාසාණකචෙතියෙ පාරායනසුත්තන්තකථාදිවසෙ චුද්දස කොටියො අමතපානං පිවිංසු. යමකපාටිහාරියදිවසෙ වීසති පාණකොටියො, තාවතිංසභවනෙ පණ්ඩුකම්බලසිලාය නිසීදිත්වා මාතරං කායසක්ඛිං කත්වා සත්තප්පකරණං අභිධම්මං දෙසෙන්තස්ස අසීති පාණකොටියො, දෙවොරොහනෙ තිංස පාණකොටියො, සක්කපඤ්හසුත්තන්තෙ අසීති දෙවතාසහස්සානි අමතපානං පිවිංසු. මහාසමයසුත්තන්තෙ මඞ්ගලසුත්තන්තෙ චූළරාහුලොවාදෙ සමචිත්තපටිපදායාති ඉමෙසු චතූසු ඨානෙසු අභිසමයං පත්තසත්තානං පරිච්ඡෙදො නත්ථි. එතස්සපි සත්තලොකස්ස අනුකම්පාය උප්පන්නොති. යාවජ්ජදිවසා ඉතො පරං අනාගතෙ ච සාසනං නිස්සාය සග්ගමොක්ඛමග්ගෙ පතිට්ඨහන්තානං වසෙනාපි අයමත්ථො වෙදිතබ්බො.
බහුජනහිතාය යනු මහජනයාගේ හිතවැඩ සඳහා උපදියි. බහුජනසුඛාය යනු මහජනයාගේ සුවය සඳහා උපදියි. ‘ලොකානුකම්පකාය’ යනු සත්වලෝකයාට අනුකම්පාව සඳහා උපදියි. කවර සත්වලෝකයාටද යත්? යමෙක් තථාගතයන්වහන්සේගේ ධර්මදේශනය අසා අමාපැන් බීවේද, ධර්මය අවබෝධ කළේද ඔහුටයි. භාග්‍යවතුන්වහන්සේ විසින් බෝමැඬෙහි සත්සතියක් ගෙවා බෝමැඬින් ඉසිපතනයට වැඩමවා, ‘දේව මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා’ යනුවෙන් ධර්මචක්රප්රවර්තනසූත්රාන්තය දෙසනලද කල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් සමඟ ගණනින් අටළොස් කෙළක්වූ බ්‍රහ්මයෝ අමාපැන් බීවාහුය. මේ සත්වලෝකයට අනුකම්පාවෙන් උපන්නේය. පස්වැනි දිනයෙහි අනත්තලක්ඛණ සූත්‍රාන්තය අවසානයෙහි පස්වග තෙරහු රහත්බවෙහි පිහිටියාහුය. මේ සත්වලෝකයාටද අනුකම්පාවෙන් උපන්නේය. ඉන්පසුව යසදරුමුල්කොටඇති පස්පනස් දෙනෙකු රහත්බවෙහි පිහිටවූසේක. ඉන්පසු කප්පාසිය වනයෙහිදී භද්දවග්ගියයන් තිස්දෙනා තුන්මඟටද තුන්පලයටද පැමිණවූසේක. මේ සත්වලෝකයටද අනුකම්පාවෙන් උපන්නේය. ගයා ශීර්ෂයෙහි ආදිත්තපරියාය සූත්රවසානයෙහි ජටිලන් දහසක් රහත්බවෙහි පිහිටවූසේක. එසේම ලට්ඨි වනයෙහිදී බිම්බිසාර ප්‍රමුඛවූ එකොළොස්නහුතයක් බමුණුගැහැවියෝ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා සෝවාන් පෙලෙහි පිහිටියාහුය. එක් නහුතයක් තිසරණයෙහි පිහිටියේය. තිරොකුඩ්ඪසූත්ර අනුමෝදනාවසානයෙහි අසූසාරදහසක් ප්‍රාණීන් විසින් අමාපැන් බොනලදි. සුමනමාලාකාරසමාගමෙහි අසූසාරදහසක් දෙනාවිසින්ද ධනපාලක සමාගමෙහි දසදහසක් ප්‍රාණීන් විසින්ද ඛදිරඞ්ගාරජාතක සමාගමෙහිදී අසූසාරදහසක් ප්‍රාණීන් විසින්ද ජම්බුකාජීවක සමාගමෙහි අසූසාරදහසක් දෙනාවිසින්ද ආනන්ද සෙට්ඨිසමාගමෙහිදී අසූසාරදහසක් ප්‍රාණීන් විසින්ද අමාපැන් බොනලදි. පාෂාණක චෛත්‍යයෙහි පාරායණ සූත්රකථා දිනයෙහි තුදුස් කෙළක් අමාපැන් පානය කළහ. යමා මහපෙළහර දිනයෙහි විසි කෙළෙක් ප්‍රාණීහුද තාවතිංස භවනයෙහි පඬුපුල් සලස්නෙහි හිඳ මව කායසාක්ෂි කොට සප්තප්රකරණවූ අභිධර්මය දෙසන විට අසූකෙළක් ප්රණීහුද සක්කපඤ්හසූත්රාන්තයෙහිදී අසූදහසක් දෙවියෝද අමාපැන් බීවාහුය. මහාසමය සූත්‍රාන්තය, මංගලසූතය, චූලරාහුලොවාද සූත්‍රය, සමචිත්තපටිපදා යන සතර තන්හි ධර්මාභිසමයට පත් සත්වයන්ගේ සීමාවක් නැත. මේ සත්වලෝකයාටද අනුකම්පාව සඳහා උපන්නේයි. අදපටන් අනාගතයෙහිද සසුන නිසා සගමොක් මගෙහි පිහිටන්නන්ගේ වශයෙන්ද මේ අර්ත්ථය දතයුතුයි.
දෙවමනුස්සානන්ති න කෙවලං දෙවමනුස්සානංයෙව, අවසෙසානං නාගසුපණ්ණාදීනම්පි අත්ථාය හිතාය සුඛායෙව උප්පන්නො. සහෙතුකපටිසන්ධිකෙ පන මග්ගඵලසච්ඡිකිරියාය භබ්බෙ පුග්ගලෙ දස්සෙතුං එතං වුත්තං. තස්මා එතෙසම්පි අත්ථාය හිතාය සුඛායෙව උප්පන්නොති වෙදිතබ්බො.
දෙවමනුස්සානං යනු හුදෙක් දෙවිමිනිසුන්ගේ පමණක් නොව සෙසු නාගගුරුළු ආදීන්ගේද හිතවැඩසුව සඳහාම උපන්නේය. සහෙතුක ප්‍රතිසන්ධියක් ඇති මාර්ගඵලයන් පසක්කිරීමට හැකියාව ඇති පුද්ගලයන් දැක්වීමට මෙය කියනලදි. එබැවින් මොවුන්ගේද හිතවැඩසුව සඳහාම උපන්නේයයි දතයුතුයි.
කතමො එකපුග්ගලොති අයං පුච්ඡා. පුච්ඡා ච නාමෙසා පඤ්චවිධා හොති – අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්යතාපුච්ඡාති.
කතමො එකපුග්ගලො යන මෙය පුච්ඡාවයි. (ප්රශ්නයයි). මේ පුච්ඡාව නම් පස් ආකාරවෙයි. අදිට්ඨජොතනා (නොදුටුදෙය ප්රකටකරන) පුච්ඡාව, දිට්ඨසංසන්දනා (දුටුදෙය සසඳාදැක්වීමේ) පුච්ඡාව, විමතිච්ඡෙදනා (සැකදුරුකිරීමේ) පුච්ඡාව, අනුමති (එකඟවීමේ) පුච්ඡාව, කථෙතුකම්‍යතා (කියනුකැමැත්ත දැක්වීමේ) පුච්ඡාව යනුවෙනි.
තාසං ඉදං නානත්තං – කතමා අදිට්ඨජොතනා පුච්ඡා? පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අභාවිතං. තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභූතත්ථාය විභාවනත්ථාය පඤ්හං පුච්ඡති, අයං අදිට්ඨජොතනා පුච්ඡා.
මේ ඔවුන්ගේ විවිධත්වයයි. අදිට්ඨජොතනා පුච්ඡාව කවරේදයත්? ප්‍රකෘතියෙන් (ස්වභාවයෙන්) ලක්ෂණය නොදන්නේවෙයිද නොදක්නාලද්දේද තුලනය නොකරනලද්දේද නිශ්චය නොකරනලද්දේද ප්‍රකට නොවේද? නොපැහැදිලි වූයේද එහි දැනුම සඳහා දැකීම සඳහා, සමානකිරීම සඳහා, නිශ්චය කිරීම සඳහා, ප්රකටවීම සඳහා පැහැදිලිවීම සඳහා, ප්‍රශ්නයක් අසයි. මේ අදිට්ඨජොතනා පුච්ඡාවයි.
කතමා දිට්ඨසංසන්දනා පුච්ඡා? පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං. සො අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති, අයං දිට්ඨසංසන්දනා පුච්ඡා.
දිට්ඨසංසන්දනා පුච්ඡාව කවරේදයත්? ප්‍රකෘතියෙන් ලක්ෂණය දන්නේ වෙයිද දක්නාලද්දේද, තුලනය කරනලද්දේද, නිශ්චය කරනලද්දේද, ප්රකටවූයේද පැහැදිලිවූයේද, හෙතෙම අනෙක් පඬිවරුන් සමඟ සැසඳීම සඳහා ප්‍රශ්න අසයි. මේ දිට්ඨසංසන්දනා පුච්ඡාවයි.
කතමා විමතිච්ඡෙදනා පුච්ඡා? පකතියා සංසයපක්ඛන්තො හොති විමතිපක්ඛන්තො ද්වෙළ්හකජාතො “එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛො”ති. සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති, අයං විමතිච්ඡෙදනා පුච්ඡා.
විමතිච්ඡෙදනා පුච්ඡාව කවරේද යත්? ප්‍රකෘතියෙන් සැකයෙන් පැකුළුනේ වෙයිද විමතියෙන් පැකුළුනේ වෙයිද මෙසේ වේද මෙසේ නොවේද කුමක්ද කෙසේදැයි සැකසහිත වූයේ වෙයිද හෙතෙම සැකදුරුකිරීම සඳහා ප්‍රශ්න අසයි. මෙය විමතිච්ඡෙදනා පුච්ඡානමි.
කතමා අනුමතිපුච්ඡා? භගවා හි භික්ඛූනං අනුමතියා පඤ්හං පුච්ඡති – “තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති? “අනිච්චං, භන්තෙ”. “යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා”ති? “දුක්ඛං, භන්තෙ”. “යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු ඛො තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං, භන්තෙ”ති, අයං අනුමතිපුච්ඡා.
අනුමතිපුච්ඡා කවරේදයත්? භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ගේ එකඟතාව සඳහා ප්‍රශ්න අසනසේක. තං කිං මඤ්ඤථ භික්ඛවෙ රූපං නිච්චං වා අනිච්චංවාති. අනිච්චං භනතෙ යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම එසොහමස්මි එසො මෙ අත්තාති. නොහෙතං භන්තෙ’ යනුවෙනි. මේ අනුමති පුච්ඡාවයි.
කතමා කථෙතුකම්යතාපුච්ඡා? භගවා භික්ඛූනං කථෙතුකම්යතාය පඤ්හං පුච්ඡති – “චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො”ති? අයං කථෙතුකම්යතාපුච්ඡාති.
කථෙතුකම්‍යතා පුච්ඡාව කවරේදයත්? භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට කථාකරනු කැමැත්තෙන් ප්‍රශ්න අසනසේක. ‘චත්තාරො මෙ භික්ඛවෙ සතිපට්ඨානා කතමෙ චත්තාරො’ යනුවෙනි. මෙ කථෙතුකම්යතාපුච්ඡානමි.
තත්ථ බුද්ධානං පුරිමා තිස්සො පුච්ඡා නත්ථි. කස්මා? බුද්ධානං හි තීසු අද්ධාසු කිඤ්චි සඞ්ඛතං අද්ධාවිමුත්තං වා අසඞ්ඛතං අදිට්ඨං අජානිතං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං නාම නත්ථි, තස්මා තෙසං අදිට්ඨජොතනාපුච්ඡා නත්ථි. යං පන භගවතා අත්තනො ඤාණෙන පටිවිද්ධං, තස්ස අඤ්ඤෙන සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා සද්ධිං සංසන්දනකිච්චං නත්ථි. තෙනස්ස දිට්ඨසංසන්දනාපුච්ඡා නත්ථි. යස්මා පනෙස අකථංකථී තිණ්ණවිචිකිච්ඡො සබ්බධම්මෙසු විහතසංසයො, තෙනස්ස විමතිච්ඡෙදනාපුච්ඡා නත්ථි. ඉතරා පන ද්වෙ පුච්ඡා භගවතො අත්ථි, තාසු අයං කථෙතුකම්යතාපුච්ඡාති වෙදිතබ්බා.
එහි බුදුවරුන්ගේ පළමු පුච්ඡාතුන නොමැත. කුමක් නිසාදයත්? බුදුරජාණන්වහන්සේලාට වනාහි තුන්කල්හි අවබෝධ නොකළ කිසි සංඛතයක් හෝ නොදුටු නොදත් තුලනය නොකළ නිශ්චය නොකළ, නොපැහැදිලි, ප්රකටනොවූ අසංඛතයයක් හෝ නොමැත. එබැවින් ඔවුනට අදිට්ඨජොතනා පුච්ඡාව නැත. භාග්‍යවතුන්වහන්සේ විසින් තම නුවණින් යමක් අවබෝධකරනලද්දේද උන්වහන්සේට අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ මාරයෙකු හෝ බ්රහ්මයෙකුහෝ සමඟ සැසදීමේ කිසක් නැත. එහෙයින් උන්වහන්සේට දිට්ඨසංසන්දනා පුච්ඡාවක් නැත. යම්හෙයකින් වනාහි උන්වහන්සේ සැකනොමැත්තේද පහකළ විචිකිච්ඡා ඇත්තේද සියලුධර්මයන්හි නැසූ සැක ඇත්තේද එහෙයින් උන්වහන්සේට විමතිච්ඡෙදනා පුච්ඡාවක් නැත. සෙසු පුච්ඡාදෙක භාග්‍යවතුන්වහන්සේට ඇත. ඒ අතුරෙන් මෙය කථෙතුකම්‍යතා පුච්ඡාවයයි දතයුතුය.
ඉදානි තාය පුච්ඡාය පුට්ඨං එකපුග්ගලං විභාවෙන්තො තථාගතො අරහං සම්මාසම්බුද්ධොති ආහ. තත්ථ තථාගතොති අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
දැන් ඒ පුච්ඡාවෙන් විමසන ලද්දේ එක් පුද්ගලයකු ප්‍රකට කරනසේක් තථාගතො අරහං සම්මාසම්බුද්ධොයි ප්‍රකාශකළසේක. එහි තථාගතො යනු භාග්‍යවතුන්වහන්සේ කරුණු අටකින් තථාගතනම් වනසේක. එසේ ආයේයි තථාගතනමි. එසේ ගියේයි තථාගතනමි. තථලක්ෂණයට පැමිණියේයි තථාගතනමි. තථධර්මයන් තත්වූ පරිද්දෙන් අවබෝධ කළේයි තථාගතනමි. තථය දක්වූ බැවින් තථාගතනමි. තථාවාදී ගුණයෙන් තථාගතනමි. තථාකාරීගුණයෙන් තථාගතනමි. මැඬපැවැත්වීම් අර්ත්ථයෙන් තථාගත නමි.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතා, යථා විපස්සී භගවා ආගතො, යථා සිඛී භගවා, යථා වෙස්සභූ භගවා, යථා කකුසන්ධො භගවා, යථා කොණාගමනො භගවා, යථා කස්සපො භගවා ආගතොති. කිං වුත්තං හොති? යෙන අභිනීහාරෙන එතෙ භගවන්තො ආගතා, තෙනෙව අම්හාකම්පි භගවා ආගතො. අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා දානපාරමිං පූරෙත්වා, සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චාධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමිං පූරෙත්වා ඉමා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො පූරෙත්වා, අඞ්ගපරිච්චාගං නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා, පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා බුද්ධිචරියාය කොටිං පත්වා ආගතො, තථා අම්හාකම්පි භගවා ආගතො. යථා ච විපස්සී භගවා …පෙ… කස්සපො භගවා චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා බ්රූහෙත්වා ආගතො, තථා අම්හාකම්පි භගවා ආගතොති තථාගතො.
කෙසේනම් භාග්‍යවතුන්වහන්සේ එසේ ආයේයි තථාගතනම්වේද? යම්සේ සියලු ලෝකයට හිත සඳහා උද්යොගයට පැමිණියාහු පෙර සම්මාසම්බුදුවරු පැමිණියාහුද යම්සේ විපස්සි භාග්‍යවතුන්වහන්සේ පැමිණිසේක්ද සිඛීභාක්යවතුන්වහන්සේ යම් සේද වෙස්සභුභාග්යවතුන්වහන්සේ යම්සේද කකුසන්ධ භාග්‍යවතුන්වහන්සේ යම්සේද කෝණාගමන භාග්‍යවතුන්වහන්සේ යම්සේද කස්සප භාග්‍යවතුන්වහන්සේ යම්සේද, එසේ ආයේදැයි කුමක් කියනලද්දේද? යම් ප්රාර්ත්ථනාවකින් මේ භාග්යවතුන්වහන්සේලා පැමිණියාහුද එසේම අපගේ භාග්‍යවතුන් වහන්සේද ආයේයි. තවද යම්සේ විපස්සි භාග්‍යවතුන්වහන්සේ -පෙ- යම්සේ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ දානපාරමිතාව පුරා ශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්ෂාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපෙක්ෂා පාරමිතාවන් පුරා මේ දශපාරමිතාවන් දශ උපපාරමිතාවන් හා දශ පාරමාර්ත්ථපාරමිතාවන්ද යන සමතිසක් පාරමිතාවන් පුරා අවයව, ඇස්, ධනය, රාජ්‍යය, පුත්‍රදාර පරිත්‍යාගය යන පංචමහා පරිත්‍යාගයන් පරිත්‍යාග කොට පූර්වයොග පූර්වචර්ය්යා ඥාත්යර්ත්ථචාර්ය්යා ආදිය සම්පූර්ණකොට බුද්ධිචර්ය්යාවෙහි කෙළවරට පැමිණිසේක්ද එසේ අපගේ භාග්‍යවතුන්වහන්සේද පැමිණිසේක. යම්සේ විපස්සී භාග්‍යවතුන්වහන්සේ -පෙ- කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ සතිපට්ඨාන සතර, සම්මප්පධාන සතර, ඉද්ධිපාද සතර, ඉන්ද්රිය පස, බලපස, බොජ්ක්ධංග සත, අරිඅටගි මග වඩා වර්ධනයකොට පැමිණිසේත්ද එසේ අපගේ භාග්‍යවතුන්වහන්සේද පැමිණිසේක. මෙපරිද්දෙන් එසේ පැමිණියේයි තථාගත නමි.
“යථෙව ලොකම්හි විපස්සිආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති.
මේ ලෝකයෙහි විපස්සි ආදීවූ මුනිවරු යම්සේ සර්වවඥභාවයට පැමිණියෝද එසේ මේ ශාක්යමුනිවරයාද පැමිණියේයි. එහෙයින් නුවණැස ඇති භාග්‍යවතුන්වහන්සේ තථාගතයයි කියනුලැබේ.
එවං තථා ආගතොති තථාගතො.
මෙසේ එසේ පැමිණියේයි, තථාගත වෙයි.
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතො විපස්සී භගවා ගතො…පෙ… කස්සපො භගවා ගතො. කථඤ්ච සො ගතොති? සො හි සම්පතිජාතොව සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගතො. යථාහ – “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ, සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති ‘අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’”ති (ම· නි· 3.207). තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. යඤ්හි සො සම්පතිජාතොව සමෙහි පාදෙහි පතිට්ඨහි, ඉදමස්ස චතුරිද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං, උත්තරාභිමුඛභාවො පන සබ්බලොකුත්තරභාවස්ස පුබ්බනිමිත්තං, සත්තපදවීතිහාරො සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස, “සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා”ති (සු· නි· 693) එත්ථ වුත්තචාමරුක්ඛෙපො පන සබ්බතිත්ථියනිම්මථනස්ස පුබ්බනිමිත්තං, සෙතච්ඡත්තධාරණං අරහත්තඵලවිමුත්තිවරවිමලසෙතච්ඡත්තපටිලාභස්ස පුබ්බනිමිත්තං, සබ්බදිසානුවිලොකනං සබ්බඤ්ඤුතානාවරණඤාණපටිලාභස්ස පුබ්බනිමිත්තං, ආසභිවාචාභාසනං අප්පටිවත්තියවරධම්මචක්කප්පවත්තනස්ස පුබ්බනිමිත්තං. තථා අයං භගවාපි ගතො. තඤ්චස්ස ගමනං කථං අහොසි අවිතථං තෙසංයෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. තෙනාහු පොරාණා –
කෙසේනම් එසේ ගියේයි. තථාගත වේද යත්? යම්සේ එකෙණෙහි උපන් විපස්සි භාග්‍යවතුන්වහන්සේ -පෙ- කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ යම් සේ ගිය සේක්ද එසේ ඒ භාග්‍යවතුන්වහන්සේද එකෙණෙහි උපන්නේම සම පාදයන්ගෙන් පොළොවෙහි පිහිටා උතුරුදෙසට අභිමුඛව සත් පියවරක් තැබීමෙන් ගියසේක. ‘සම්පති ජාතො ආනන්ද බොධිසත්තො සමෙහි පාදෙහි පඨවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති සෙතම්හි ඡත්නෙ අනූහීරමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති ආසහිං ච වාචං භාසති අග්ගොහමස්මි ලොකස්ස ජෙට්ඨොහමස්මි ලොකස්ස සෙට්ඨොහමස්මි ලොකස්ස අයමත්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො’ යනුවෙන් කියනලද පරිද්දෙනි. උන්වහන්සේගේ ඒ ගමනද අනෙකවිධවූ විශේෂාධිගමයන්ට පෙරනිමිතිබවින් තථද අවිතථද වූයේය. උන්වහන්සේ එකෙණෙහි උපන්නේම සමපාදයන්ගෙන් (පොළොවෙහි) පිහිටිසේක යන යමක්වේද එය සතර සෘද්ධිපාද පටිලාභයාගේ පෙර නිමිත්තයි. උතුරුදෙසට අභිමුඛවීම වනාහි සියලු ලෝකෝත්තර භාවයාගේ පෙරනිමිත්තයි. සත්පියවර තැබීම සප්තබෝධ්‍යංග රත්න ප්රතිලාභයාගේ (පෙරනිමිත්තයි), සුවණ්ණදණ්ඩා වීතිපතන්තිචාමරා (රන්දඬු ඇති සෙමර සෙලවේ) යන මෙහි කයනලද සෙමර (විජනි) සෙලවීම වනාහී සියලු තීර්ථකයන් මථනය කිරීමේ පෙර නිමිත්තයි. සේසත් දැරීම අර්භත්ඵල විමුක්ති නමැති උතුම් පිරිසුදු සේසත ලැබීමේ පෙරනිමිත්තයි. සියලු දිශාවන් දෙස බැලීම සර්වඥතාඅනාවරණඥාන ප්රතිලාභයාගේ පෙරනිමිත්තයි. ශේෂ්ඨවූ වචන පැවසීම වනාහි අප්රතිවර්තනීයවූ උතුම් ධර්මචක්රය පැවැත්වීමේ පෙර නිමිත්තයි. එසේ මේ භාග්‍යවතුන් වහන්සේද ගියසේක. උන්වහන්සේගේ ඒ ගමන ඒඒ විශේෂාධිගමයන්ට පෙරනිමිති වීමෙන් තථද අවිතථද වූයේය. එහෙයින් පෝරාණයෝ (මෙසේ) කීහ:
“මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
ඒමොහොතෙහි උපන්නේම ශ්‍රේෂ්ඨ ගවයකු මෙන් සමපාදයන්ගෙන් පොළොව පැහැසීය. ඒ ගෞතම තෙමේ සත්පියවරක් ගමන් කළේය. දෙවිවරු සේසතද දැරුවාහුය.
“ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති.
ඒ ගෞතමයෝ සත්පියවරක් ගොස් හාත්පසින් සමානව දිශාවන් බැලූහ. පර්වතමුදුනක සිටි සිංහයකුමෙන් අංග අටකින් යුක්තවූ ප්‍රකාශයක් කළහ.
එවං තථා ගතොති තථාගතො.
මෙසේ එසේ ගියේයි තථාගත නමි.
අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා, අයම්පි භගවා තථෙව නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පහාය ගතො, අබ්යාපාදෙන බ්යාපාදං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං, අවික්ඛෙපෙන උද්ධච්චකුක්කුච්චං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පහාය ගතො, ඤාණෙන අවිජ්ජං පදාලෙත්වා ගතො, පාමොජ්ජෙන අරතිං විනොදෙත්වා, පඨමජ්ඣානෙන නීවරණකවාටං උග්ඝාටෙත්වා, දුතියජ්ඣානෙන විතක්කවිචාරං වූපසමෙත්වා, තතියජ්ඣානෙන පීතිං විරාජෙත්වා, චතුත්ථජ්ඣානෙන සුඛදුක්ඛං පහාය, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාපටිඝසඤ්ඤානානත්තසඤ්ඤායො සමතික්කමිත්වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං සමතික්කමිත්වා ගතො.
නැතහොත් විපස්සි භාග්‍යවතුන්වහන්සේ -පෙ- කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ යම්සේද එසේම අපගේ භාග්‍යවතුන්වහන්සේද නෛෂ්ක්රය්යයෙන් කාමාච්ඡන්දය අතහැර ගියසේක. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයද ආලොකසංඥාවෙන් ථිනමිද්ධයද අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයද ධර්මය නිශ්චයකිරීමෙන් විචිකිච්ඡාවද අතහැර ගියසේක. ඥානයෙන් අවිද්‍යාව බිඳහැර ගියසේක. ප්‍රමුදිත බවින් අරතිය දුරුකොට, ප්‍රථමද්ධ්‍යානයෙන් නීවරණ කවුළුව හැර ද්විතීය ධ්‍යානයෙන් විතක්ක විචාර ධූමය ව්යපසමනයකොට, තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය බබුළුවා, චතුර්ථධ්‍යානයෙන් සුඛදුක්ඛයන් අතහැර ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥා ප්‍රතිඝසංඥා නානත්තසංඥාවන් ඉක්මවා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සංඥාවද ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාවද නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාවද ඉක්මවා ගියසේක.
අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං පහාය, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤං, අනත්තානුපස්සනාය අත්තසඤ්ඤං, නිබ්බිදානුපස්සනාය නන්දිං, විරාගානුපස්සනාය රාගං, නිරොධානුපස්සනාය සමුදයං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානං, ඛයානුපස්සනාය ඝනසඤ්ඤං, වයානුපස්සනාය ආයූහනං, විපරිණාමානුපස්සනාය ධුවසඤ්ඤං, අනිමිත්තානුපස්සනාය නිමිත්තසඤ්ඤං, අප්පණිහිතානුපස්සනාය පණිධිං, සුඤ්ඤතානුපස්සනාය අභිනිවෙසං, අධිපඤ්ඤාධම්මවිපස්සනාය සාරාදානාභිනිවෙසං, යථාභූතඤාණදස්සනෙන සම්මොහාභිනිවෙසං, ආදීනවානුපස්සනාය ආලයාභිනිවෙසං, පටිසඞ්ඛානුපස්සනාය අප්පටිසඞ්ඛං, විවට්ටානුපස්සනාය සංයොගාභිනිවෙසං, සොතාපත්තිමග්ගෙන දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ භඤ්ජිත්වා, සකදාගාමිමග්ගෙන ඔළාරිකෙ කිලෙසෙ පහාය, අනාගාමිමග්ගෙන අණුසහගතෙ කිලෙසෙ සමුග්ඝාතෙත්වා, අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සමුච්ඡින්දිත්වා ගතො. එවම්පි තථා ගතොති තථාගතො.
අනිච්චානුපස්සනාවෙන් නිත්‍යසංඥාව දුරුකොට දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාවද අනත්තානුපස්සනාවෙන් ආත්මසංඥාවද නිබ්බිදානුපස්සනාවෙන් නන්දිය ද විරාගානුපස්සනාවෙන් රාගයද නිරෝධානුපස්සනාවෙන් සමුදයද උපසමානුපස්සනාවෙන් ආදානය (අල්වාගැන්ම)ද ඛයානුපස්සනාවෙන් ඝනසංඥාවද වයානුපස්සනාවෙන් ආයූහනය (ඒකරාශීවීම)ද විපරිනාමානුපස්සනාවෙන් ධුව (ස්ථිර) සංඥාවද අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්ත සංඥාවද අප්පණිහිතානුපස්සනාවෙන් ප්‍රණිධිය (ප්‍රාර්‍ත්‍ථනාව)ද සුඤ්ඤතානුපස්සනාවෙන් අභිනිවෙශය (ඇලීම)ද අධිප්‍රඥ ධර්මවිදර්ශනාවෙන් සාරාදානාභිනිවෙශය (හරයයිගැනීමේඇලීම)ද යථාභූතඥානදශර්නයෙන් සම්මොහාභිනිවෙශය (මුළාවෙන්ඇලීම)ද ආදීනවානුපස්සනාවෙන් ආලයාභිනිවෙශයද පටිසංඛ්යානුපස්සනාවෙන් අප්රතිසංඛ්යාද විවට්ටානුපස්සනාවෙන් සංයොගාභිනිවේශයද ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් දක්නාලද ඇතැම් කෙලශයන්ද සකෘදාගාමී මාර්ගයෙන් ඔළාරික කෙලශයන්ද අනාගාමි මාර්ගයෙන් අනුශයගත කෙලශයන්ද විනාශකොට අහර්ත්මාර්ගයෙන් සියලු කෙලෙසුන් මුල්සුන්කොට ගියසේක. මෙසේද එසේ ගියේනුයි තථාගත නම්වේ.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො? පථවීධාතුයා කක්ඛළත්තලක්ඛණං තථං අවිතථං, ආපොධාතුයා පග්ඝරණලක්ඛණං, තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං, වායොධාතුයා විත්ථම්භනලක්ඛණං, ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං, විඤ්ඤාණධාතුයා විජානනලක්ඛණං.
කෙසේ තථලක්ෂණයට පැමිණියේයි තථාගත නම් වේද යත්? පෘථිවිධාතුවේ කර්කශ ලක්ෂණය නොවෙනස්ය. ස්ථිරය. ආපොධාතුවේ වැගිරෙන ලක්ෂණය, තෙජොධාතුවේ උණුසුම් ලක්ෂණය, වායෝධාතුවේ පැතිරෙන ලක්ෂණය, ආකාශධාතුවේ නොපැහැසෙන ලක්ෂණය, විඥානධාතුවේ විජානන ලක්ෂණය,
රූපස්ස රුප්පනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං, සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං.
රෑපයේ වෙනස්වන ලක්ෂණය, වේදනාවේ විඳීමේ ලක්ෂණය, සංඥාවේ සඤ්ජානන ලක්ෂණය, සංස්කාරයන්ගේ සකස්කිරීමේ ලක්ෂණය, විඥානයොගේ විජානන ලක්ෂණය,
විතක්කස්ස අභිනිරොපනලක්ඛණං, විචාරස්ස අනුමජ්ජනලක්ඛණං, පීතියා ඵරණලක්ඛණං, සුඛස්ස සාතලක්ඛණං, චිත්තෙකග්ගතාය අවික්ඛෙපලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං.
විතර්කයේ අභිනිරොපන (නැංවීමේ) ලක්ෂණය, විචාරයේ පිරිමැදීමේ ලක්ෂණය, ප්‍රීතියෙහි පැතිරෙන ලක්ෂණය, සුඛයේ සිසිල් ලක්ෂණය, චිත්තෙකාග්රතාවෙහි අවික්ෂෙප (නොවිසිරීමේ) ලක්ෂණය, ස්පර්ශයේ පැහැසෙන ලක්ෂණය,
සද්ධින්ද්රියස්ස අධිමොක්ඛලක්ඛණං, වීරියින්ද්රියස්ස පග්ගහලක්ඛණං, සතින්ද්රියස්ස උපට්ඨානලක්ඛණං, සමාධින්ද්රියස්ස අවික්ඛෙපලක්ඛණං, පඤ්ඤින්ද්රියස්ස පජානනලක්ඛණං.
සද්ධින්ද්‍රියෙහි අධිමොක්ෂය ලක්ෂණය, විරියින්ද්රියෙහි එසවීමේ ලක්ෂණය, සතින්ද්රියෙහි එළඹසිටීමේ ලක්ෂණය, සමාධින්ද්රියෙහි නොවිසිරීමේ ලක්ෂණය, ප්රඥෙන්ද්රියෙහි ප්රජානන ලක්ෂණය,
සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියලක්ඛණං, වීරියබලස්ස කොසජ්ජෙ, සතිබලස්ස මුට්ඨස්සච්චෙ, සමාධිබලස්ස උද්ධච්චෙ, පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියලක්ඛණං.
ශ්‍රද්ධා බලයාගේ ශ්රද්ධානැතිබවෙහි කම්පානොවන ලක්ෂණය, වීර්‍ය්‍යබලයාගේ කුසීතබවෙහි, සතිබලයාගේ සිහිමුලාවෙහි, සමාධිබලයාගේ නොසන්සුන් බවෙහි ප්‍රඥාබලයාගේ විද්‍යාවෙහි කම්පානොවන ලක්ෂණය
සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානලක්ඛණං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයලක්ඛණං, වීරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහලක්ඛණං, පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණලක්ඛණං, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස වූපසමලක්ඛණං, සමාධිසම්බොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපලක්ඛණං, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානලක්ඛණං.
සමෘති සම්බොධ්යංගයාගේ එළඹසිටීමේ ලක්ෂණය, ධර්මවිචය සම්බොධ්යංගයාගේ පිරික්සීමේ ලක්ෂණය, වීර්ය්යසම්බොධ්යංගයාගේ එසවීමේ ලක්ෂණය, ප්රීතිසම්බොධ්යංගයාගේ පැතිර සිටීමේ ලක්ෂණය, ප්රශ්රබ්ධිසම්බොධ්යංගයාගේ සන්සිඳීමේ ලක්ෂණය, සමාධසම්බොධ්යංගයාගේ නොවිසිරීමේ ලක්ෂණය, උපෙක්ෂා සම්බොධ්යංගයාගේ නුවණින් සලකා බැලීමේ ලක්ෂණය,
සම්මාදිට්ඨියා දස්සනලක්ඛණං, සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනලක්ඛණං, සම්මාවාචාය පරිග්ගහලක්ඛණං, සම්මාකම්මන්තස්ස සමුට්ඨානලක්ඛණං, සම්මාආජීවස්ස වොදානලක්ඛණං, සම්මාවායාමස්ස පග්ගහලක්ඛණං, සම්මාසතියා උපට්ඨානලක්ඛණං, සම්මාසමාධිස්ස අවික්ඛෙපලක්ඛණං.
සම්‍යක්දෘෂ්ටියෙහි දර්ශනලක්ෂණය, සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපන ලක්ෂණය, සම්යක්වචනයෙහි පිළිගැනීමේ ලක්ෂණය, සම්‍යක් කර්මාන්තයාගේ හටගැනීමේ ලක්ෂණය, සම්‍යක් ආජීවයාගේ පිරිසුදුවීමේ ලක්ෂණය, සම්යක්ව්යායාමයාගේ උත්සාහවත්වීමේ ලක්ෂණය, සම්‍යක් සමෘතියෙහි එළඹ සිටීමේ ලක්ෂණය, සම්‍යක් සමාධියෙහි නොවිසිරීමේ ලක්ෂණය,
අවිජ්ජාය අඤ්ඤාණලක්ඛණං, සඞ්ඛාරානං චෙතනාලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං, නාමස්ස නමනලක්ඛණං, රූපස්ස රුප්පනලක්ඛණං, සළායතනස්ස ආයතනලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, තණ්හාය හෙතුලක්ඛණං, උපාදානස්ස ගහණලක්ඛණං, භවස්ස ආයූහනලක්ඛණං, ජාතියා නිබ්බත්තිලක්ඛණං, ජරාය ජීරණලක්ඛණං, මරණස්ස චුතිලක්ඛණං.
අවිද්‍යාවෙහි නොදැනීමේ ලක්ෂණය, සංස්කාරයන්ගේ සිතීමේ ලක්ෂණය, විඥානයාගේ විජානන ලක්ෂණය, නාමයාගේ නැමෙන ලක්ෂණය, රූපයාගේ වෙනස්වන ලක්ෂණය, සළායතනයන්ගේ ආයතන (රැස්වීම) ලක්ෂණය, ස්පර්ශයාගෙ පැහැසෙන ලක්ෂණය, වේදනාවේ විඳීමේ ලක්ෂණය, තෘෂ්ණාවේ හේතු ලක්ෂණය, උපාදානයාගේ ගැනීමේ ලක්ෂණය, භවයාගේ රැස්කිරීමේ ලක්ෂණය, ජාතියේ උත්පත්ති ලක්ෂණය, ජරාවෙහි දිරීමේ ලක්ෂණය, මරණයාගේ චුතවීමේ ලක්ෂණය,
ධාතූනං සුඤ්ඤතාලක්ඛණං, ආයතනානං ආයතනලක්ඛණං, සතිපට්ඨානානං උපට්ඨානලක්ඛණං, සම්මප්පධානානං පදහනලක්ඛණං, ඉද්ධිපාදානං ඉජ්ඣනලක්ඛණං, ඉන්ද්රියානං අධිපතිලක්ඛණං, බලානං අකම්පියලක්ඛණං, බොජ්ඣඞ්ගානං නිය්යානලක්ඛණං, මග්ගස්ස හෙතුලක්ඛණං.
ධාතූන්ගේ ශුන්‍ය ලක්ෂණය, ආයතනයන්ගේ ආයතන ලක්ෂණය, සතිපට්ඨානයන්ගේ එළඹිටීමේ ලක්ෂණය, සම්‍යක්ප්‍රධානයන්ගේ බලවත්සේ උත්සාහ කිරීමේ ලක්ෂණය, සෘද්ධිපාදයන්ගේ ස්මෘද්ධවීමේ ලක්ෂණය, ඉන්ද්රියයන්ගේ අධිපති ලක්ෂණය, බලයන්ගේ අකමප්‍ය ලක්ෂණය, බොධ්‍යංගයන්ගේ නික්මයාමේ ලක්ෂණය මාර්ගයාගේ හේතු ලක්ෂණය,
සච්චානං තථලක්ඛණං, සමථස්ස අවික්ඛෙපලක්ඛණං, විපස්සනාය අනුපස්සනාලක්ඛණං, සමථවිපස්සනානං එකරසලක්ඛණං, යුගනද්ධානං අනතිවත්තනලක්ඛණං.
සත්‍යයන්ගේ නොවෙනස්වීමේ ලක්ෂණය, සමථයාගේ අවික්ෂෙප ලක්ෂණය, විදර්ශනාවන්ගේ නුවණින් බැලීමේ ලක්ෂණය, සමථ විදර්ශනාවගේ එකරස ලක්ෂණය, යුගනද්ධයන්ගේ (එකට වෙළී පවත්නා ධර්මයන්ගේ) නොයික්මවීමේ ලක්ෂණය,
සීලවිසුද්ධියා සංවරණලක්ඛණං, චිත්තවිසුද්ධියා අවික්ඛෙපලක්ඛණං, දිට්ඨිවිසුද්ධියා දස්සනලක්ඛණං.
ශීලවිශුද්ධියෙහි සංවර ලක්ෂණය, චිත්තවිශුද්ධියෙහි නොවිසිරීමේ ලක්ෂණය, දෘෂ්ටි විශුද්ධියෙහි දර්ශන ලක්ෂණය,
ඛයෙ ඤාණස්ස සමුච්ඡෙදලක්ඛණං, අනුප්පාදෙ ඤාණස්ස පස්සද්ධිලක්ඛණං.
ක්ෂයඥානයාගේ මුල්සුන්වීමේ ලක්ෂණය, අනුත්පාදඥානයාගේ සංසිඳීමේ ලක්ෂණය,
ඡන්දස්ස මූලලක්ඛණං, මනසිකාරස්ස සමුට්ඨානලක්ඛණං, ඵස්සස්ස සමොධානලක්ඛණං, වෙදනාය සමොසරණලක්ඛණං, සමාධිස්ස පමුඛලක්ඛණං, සතියා ආධිපතෙය්යලක්ඛණං, පඤ්ඤාය තතුත්තරියලක්ඛණං, විමුත්තියා සාරලක්ඛණං, අමතොගධස්ස නිබ්බානස්ස පරියොසානලක්ඛණං තථං අවිතථං. එවං තථලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුප්පත්තොති තථාගතො. එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
ඡන්දයේ මුල්වීමේ ලක්ෂණය, මනසිකාරයාගේ හටගැනීමේ ලක්ෂණය, ස්පර්ශයාගේ සමොධාන (එක්තැන් වීමේ) ලක්ෂණය, වේදනාවේ රැස්වීමේ ලක්ෂණය සමාධියේ ප්රමුඛ ලක්ෂණය, ස්මෘතියෙහි අධිපති ලක්ෂණය, ප්‍රඥාවේ ප්රකටවීමේ ලක්ෂණය, විමුක්තියේ සාරලක්ෂණය, අමෘතය බැසගත් නිර්වාණයාගේ අවසාන ලක්ෂණය තථය. අවිතථය -පෙ- මෙසේ ඥානාවබෝධයෙන් තථලක්ෂණයට පැමිණියේයි තථාගතවේ.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ – “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මා තථානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. අභිසම්බොධත්ථො හි එත්ථ ගතසද්දො.
කෙසේ නම් තථධර්මයෙහි පවත්නා ආකාරයෙන් අවබෝධ කල සේකැයි තථාගත වේදයත්? තථධර්මයෝ නම් සතර ආර්ය්යසත්යයෝයි. ‘චත්තරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤථානි කතමානි චත්තාරි ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං’ විස්තරය කියනලදබැවිනි. එම සතර ආර්‍ය්‍ය සත්‍යයන්ද භාග්‍යවතුන්වහන්සේ අවබෝධ කළසේක. එබැවින් තථයන් අවබෝධ කළ බැනින් තථාගතයයි කියනුලැබේ. මෙහි ගත ශබ්දය අභිසම්බොධාර්ත්ථය ඇත්තේයි.
අපිච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො, සඞ්ඛාරානං විඤ්ඤාණස්ස පච්චයට්ඨො…පෙ… ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තං සබ්බං භගවා අභිසම්බුද්ධො. තස්මාපි තථානං ධම්මානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
තවද ජරාමරණයාගේ ජාති ප්‍රත්‍යයෙන් හටගත් උදාවූ අර්ත්ථ ඇත්තේ තථය; අවිතථය; වෙනස් ආකාරයකට නොවන්නේය -පෙ- සංස්කාරයන්ගේ අවිද්‍යාප්‍රත්‍යයෙන් හටගත් උදාවූ අර්ත්ථ ඇත්තේ තථය, අවිතථය, වෙනස් ආකාරයකට නොවන්නේය. එසේම අවිද්‍යාවට සංස්කාරයන්ගේ ප්රත්යයාර්ත්ථය, සංස්කාරයන්ට විඥානයේ ප්රත්යයාර්ත්ථය -පෙ- ජාතියට ජරාමරණයන්ගේ ප්රත්යයාර්ත්ථය තථය, අවිතථය, අනඤ්ඤථය. ඒ සියල්ල භාග්‍යවතුන්වහන්සේ අවබෝධ කළසේක. එබැවිනුදු තථයන් අවබෝධ කළබැවින් තථාගතයයි කියනුලැබේ. මෙසේ තථධර්මයන්හි පවත්නා සැටියෙන් අවබෝධ කළසේකැයි තථාගතනම් වෙයි.
කථං තථදස්සිතාය තථාගතො? භගවා යං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං සබ්බාකාරතො ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්වෙපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසුපි ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තඤ්හෙතං භගවතා – “යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24). එවං තථදස්සිතාය තථාගතො. තත්ථ තථදස්සීඅත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
කෙසේ නම් තථය දක්වනලදබැවින් තථාගත වේද යත්? භාග්‍යවතුන්වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවියන් සහිත මිනිසුන්ට අප්‍රමාණවූ ලෝකධාතූන්හි අප්‍රමාණවූ සත්වයන්ගේ චක්ෂුද්වාරයෙහි ආපාථයට එන්නාවූ රූපාරම්මණයක් නම් ඇතැයි යමක් වේද එය සියලු ආකාරයෙන් දන්නාසේක. මෙසේ දන්නාවූ දකින්නාවූ උන්වහන්සේ විසින් එය ඉෂ්ට අනිෂ්ට වශයෙන් හෝ දිට්ඨසුත මුත විඤ්ඤාතයන්හි ලැබෙන පද වශයෙන් හෝ කතමං තං රූපං රූපායතනං යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිහං සනිදස්සනං සප්පටිඝං නීලං පීතකං’ යනාදී ක්‍රමයෙන් විවිධනාමයන්ගෙන් තෙළෙස් වරකින් දෙපනස්නයෙන් බෙදනුලබන්නේ තථයමවෙයි. වෙනස් ආකාරයකට පත් වීමක් නැත. ශ්රොතද්වාරාදීන්හි ආපාථයට පැමිණෙන්නාවූ ශබ්දාදීන්හිද මේ ක්‍රමයයි. මෙයද භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රකාශ කරනලදි: ‘යං භික්ඛවේ සදෙවකස්ස ලොකස්ස -පෙ- සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි තමහං අබ්භඤ්ඤාසිං තං තථාගතස්ස විදිතං තං තථාගතො නඋපට්ඨාසි’ යනුවෙනි. මෙසේ තථය දක්වන ලද බැවින් තථාගතයි. එහි තථය දිටීය යන අර්‍ත්‍ථයෙහි තථාගතයයි පද නිෂ්පත්තිය දතයුතුය.
කථං තථවාදිතාය තථාගතො? යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානං අන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියාපි මජ්ඣිමබොධියාපි පච්ඡිමබොධියාපි යං භගවතා භාසිතං සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං, සබ්බං තං අත්ථතො ච බ්යඤ්ජනතො ච අනුපවජ්ජං අනූනං අනධිකං සබ්බාකාරපරිපුණ්ණං රාගමදනිම්මදනං දොසමොහමදනිම්මදනං, නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි අවක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය එකනාළිකාය මිතං විය එකතුලාය තුලිතං විය ච තථමෙව හොති අවිතථං. තෙනාහ – “යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා. තස්මා තථාගතොති වුච්චතී”ති (දී· නි· 3.188). ගදත්ථො හි එත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො.
කෙසේනම් තථාවාදීබැවින් තථාගතවේද යත්? භාග්‍යවතුන්වහන්සේ යම් රාත්‍රියක බෝධිමණ්ඩපයෙහි අපරාජිත පර්ය්යංකයෙහි වැඩහුන්සේක් තුන්මරුන් මුදුන් මැඬ අනුත්තරවූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද යම් රාත්‍රියක සල්ගස් දෙකක් අතරෙහි අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවිසේක්ද මේ අතරතුර පන්සාළිස්වසකට සීමාවූ කාලයෙහි ප්රථමබෝධියෙහිද මධ්යමබෝධියෙහිද පශ්චිම බෝධියෙහිද භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද සුත්ත ගෙය්ය -පෙ- වෙදල්ල යන යමක් වේද ඒ සියල්ල අර්ත්ථවශයෙන්ද බ්යංජනවශයෙන්ද උපවාද රහිතය. නොඩු නොවැඩිය. සියලු අයුරින් පිරිපුන්ය. රාගමදය මඬණේය. දොසමොහමද මඬනේය. එහි කෙස් අගක් පමණකුදු පලුද්දක් නැත්තේය. ඒ සියල්ල එක් මුද්‍රාවකින් සලකුණු කරනලද්දාක් මෙන්ද එක් නැළියකින් මනිනලද්දාක් මෙන්ද එක් තුලාවකින් කිරනලද්දාක් මෙන්ද තථයම අවිතථයම විය. එහෙයින් ‘යඤ්ච චුන්ද රත්තිං ගථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජක්ධති යඤ්ච රත්තිං අනුපාදිස්සොය නිබ්බාණධාතුයා පරිනිබ්බායති. යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති සබ්බං තං තථෙව හොත නො අඤ්ඤථා තස්මා තථාගතොති වුච්චති’යි කියනලදි. මෙහි ගත ශබ්දය පැවසීම් අරුත් ඇත්තේයි. මෙසේ තථාවාදීබැවින් තථාගතවෙයි.
අපිච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති එවම්පෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
තවද කීම ආගද නමි. වචන යන අර්‍ත්‍ථයි. එයින් නොවෙනස්වූ වචන ඇත්තේ මොහුටයි දකාරයට තකාරය කොට තථාගතයයි මෙසේ මේ අර්ත්ථයෙහිද පදසිද්ධිද දතයුතුයි.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති කායස්සපි වාචා, තස්මා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ච හොති. එවං භූතස්ස චස්ස යථා වාචා, කායොපි තථා ගතො, පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතාති තථාගතො. තෙනෙවාහ – “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23). එවං තථාකාරිතාය තථාගතො.
කෙසේ නම් තථාකාරීබැවින් තථාගතවේදයත්? භග්යවතුන්වහන්සේගේ වනාහි කය වචනයට අනුලොම් වෙයි. වචනය කයට අනුලොම් වෙයි. එහෙයින් යම්සේ කියන්නේ එසේ කරන්නේද යම් සේ කරන්නේ එසේ කියන්නේද වෙයි. එබඳුවූ උන්වහන්සේගේ වචනය යම්සේ කයද එසේ ගියේය පැවතියේයි අර්‍ත්‍ථයි. කය යම්සේද වචනයද එසේ ගියේයි තථාගත වේ. එහෙයින්ම යථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී යථාකාරී තථාවාදී ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී තස්මා තථාගතොති වුච්චතියි කියනලදි. මෙසේ කියන සේ කරනබැවින් තථාගතවෙයි.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජරාජො දෙවදෙවො සක්කානමතිසක්කො බ්රහ්මානමතිබ්රහ්මා. තෙනාහ – “සදෙවකෙ ලොකෙ, භික්ඛවෙ…පෙ… සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
කෙසේනම් මැඬපැවැත්වීමේ අර්ත්ථයෙන් තථාගත වේදයත්? මත්තෙහි භවාග්‍රයද යටින් අවීචියද සීමාකොට සරසින් අප්‍රමාණවූ ලෝකධාතූන්හි සියලු සත්වයන් ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද යටපත් කරයි. උන්වහන්සේට තුලාවක් හෝ ප්‍රමාණයක් හෝ නැත. පමණකළ නොහැක්කෙකි. ශේෂ්ඨවූවෙකි. රාජරාජය. දේවදේවය. ශක්‍රයන්ට ශ්‍රෙෂ්ඨ ශක්රයාය. බ්‍රහ්මයන්ට ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයාය. එහෙයින්, ‘සදෙවකෙ භික්ඛවෙ ලොකෙ -පෙ- සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනධිභූතො අඤ්ඤාදත්ථු දසො වසවත්තී තස්මා තථාගතොති වුච්චතියි කියනලදි.
තත්රෙවං පදසිද්ධි වෙදිතබ්බා – අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච අගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
එහි මෙසේ පදසිද්ධිය දතයුතුයි. බෙහෙත මෙන්වූ වචන ඇත්තේයි. මේ කවරෙක්ද යත්? දේශනවිලාසය හා පුණ්යමහත්වයයි. එයින් මේ මහානුභාව ඇති භාග්‍යවතුන්වහන්සේ වෛද්‍යවරයෙක් දිව බෙහෙදින් සර්පයන් මෙන් සියලු විරුද්ධමතවාදීන්ද දෙවියන් සහිත ලෝකයාද යටපත් කරනසේක. මෙසේ සියලු ලොව යටපත් කිරීමෙහිලා තථවූ නොවෙනස්වූ දේශනා විලාසය මෙන්ම පුණ්යමහත්වයද යන අගදය (වචනය හා බෙහෙත) මොහුටයයි දකාරයට තකාරයකොට තථාගතයයි දතයුතුයි. මෙසේ අභිභවනාර්ත්ථයෙන් තථාගත වේ.
අපිච තථාය ගතොතිපි තථාගතො, තථං ගතොතිපි තථාගතො, ගතොති අවගතො අතීතො පත්තො පටිපන්නොති අත්ථො. තත්ථ සකලලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො. ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො, ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො පත්තොති තථාගතො, ලොකනිරොධගාමිනිං පටිපදං තථාය ගතො පටිපන්නොති තථාගතො. තෙන යං වුත්තං භගවතා –
තවද ඒ ආකාරයෙන් ගියේ (අවබෝධ කළේ) යයිද තථාගතවේ. තථයට ගියේයයිද තථාගතවේ. අවබෝධ කළේය, ඉක්මීය, පැමිණියේය. පිළිපන්නේය යන අර්‍ත්‍ථයි. එහි සියලුලොව තීරණ ප්‍රඥාවෙන් අවබෝධයට ගියේය. වටහාගත්තේයි තථාගත වේ. ලෝකසමුදය ප්රහාණය පිළිබඳ මනාදැනීමෙන් තථයට ගියේය ඉක්මවීයයි තථාගතවේ. ලෝකනිරෝධය පසක් කිරීමෙන් තථයට ගියේය. පැමිණියේයි තථාගතවේ. ලොකනිරොධ ගාමිනී පටිපදාවට එළඹියේය, පිළිපන්නේයි තථාගතවේ. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ විසින් යමක් ප්‍රකාශ කරනලද්දේද (එය මෙසේයි):
“ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
ලොකො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමදයො තථාගතස්ස පහීණො. ලොකනිරොධො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො. ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො ලොකනිරොධගාමිනීපටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධා. ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස -පෙ- සබ්බන්තං තථාගතෙන අභිසම්බුද්ධං තස්මා තථාගතොති වුච්චති.’
තස්සපි එවං අත්ථො වෙදිතබ්බො. ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තමෙව. සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය.
එහි අර්ත්ථය මෙසේද දතයුතුය: මෙයද තථාගතයන්වහන්සේගේ තථාගතභාවය දැක්වීමෙහි මුඛමාත්රයම පමණි. තථාගතයන්වහන්සේම සර්වප්රකාරයෙන් තථාගතයන්වහන්සේගේ තථාගතභාවය වර්ණනාකරනනාහුය.
අරහං සම්මාසම්බුද්ධොති පදද්වයෙ පන ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි අරහන්ති වෙදිතබ්බො. සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධොති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතං පදද්වයං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.123 ආදයො) බුද්ධානුස්සතිවණ්ණනායං පකාසිතන්ති.
‘අරහං සම්මාසම්බුද්ධො’ යන පද දෙකෙහි වනාහි සතුරන්ගෙන් දුරුබව, භව අරයන් විනාශ කළ බව, ප්රත්යයාදියට සුදුසුබව, පවුකිරීමෙහි රහසක් නොමැති බව, යන මේ කරුණින් අරහංයි දතයුතුය. මානව තෙමේම සියලු ධර්මයන් අවබෝධකළ බැවින් ‘සම්මාසම්බුද්ධය’ යන මෙය මෙහි සංක්ෂෙපාර්ත්ථයයි. මේ පදද්වය විස්තර වශයෙන් විසුද්ධි මග්ගයෙහි බුද්ධානුස්සති වර්ණනාවෙහිදී ප්‍රකාශ කරනලදි.
දුතියෙ පාතුභාවොති උප්පත්ති නිප්ඵත්ති. දුල්ලභො ලොකස්මින්ති ඉමස්මිං සත්තලොකෙ දුල්ලභො සුදුල්ලභො පරමදුල්ලභො. කස්මා දුල්ලභොති? එකවාරං දානපාරමිං පූරෙත්වා බුද්ධෙන භවිතුං න සක්කා, ද්වෙ වාරෙ දස වාරෙ වීසති වාරෙ පඤ්ඤාස වාරෙ වාරසතං වාරසහස්සං වාරසතසහස්සං වාරකොටිසතසහස්සම්පි දානපාරමිං පූරෙත්වා බුද්ධෙන භවිතුං න සක්කා, තථා එකදිවසං ද්වෙ දිවසෙ දස දිවසෙ වීසති දිවසෙ පඤ්ඤාස දිවසෙ දිවසසතං දිවසසහස්සං දිවසසතසහස්සං දිවසකොටිසතසහස්සං. එකමාසං ද්වෙ මාසෙ…පෙ… මාසකොටිසතසහස්සං. එකසංවච්ඡරං ද්වෙ සංවච්ඡරෙ…පෙ… සංවච්ඡරකොටිසතසහස්සං. එකකප්පං ද්වෙ කප්පෙ…පෙ… කප්පකොටිසතසහස්සං. කප්පානං එකං අසඞ්ඛ්යෙය්යං ද්වෙ අසඞ්ඛ්යෙය්යානි තීණි අසඞ්ඛ්යෙය්යානි දානපාරමිං පූරෙත්වා බුද්ධෙන භවිතුං න සක්කා. සීලපාරමීනෙක්ඛම්මපාරමී…පෙ… උපෙක්ඛාපාරමීසුපි එසෙව නයො. පච්ඡිමකොටියා පන කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි දස පාරමියො පූරෙත්වා බුද්ධෙන භවිතුං සක්කාති ඉමිනා කාරණෙන දුල්ලභො.
දෙවෙනි සූත්‍රයෙහි ‘පාතුභාවො’ යනු උත්පත්තියයි, නිෂ්පත්තියයි. ‘දුල්ලභො ලොකස්මිං’ යනු මේ සත්වලෝකයෙහි දුර්ලභය; සුදුර්ලභය, අතිශයින්ම දුර්ලභය යනුය. කවරහෙයින් දුර්ලභද යත්? එක්වරක් දානපාරමිතාව පුරා බුදුවීමට නොහැකිය, දෙවරක් දසවරක් විසිවරක් පනස්වරක් සියවරක් දහස්වරක් වාර ලක්ෂයක් හෝ කෝටිලක්ෂවාරයකුදු දානපාරමිතාව පුරා බුදුවීමට නොහැකිය; එසේම එක් දවසක්, දෙදවසක්, දසදිනක් විසි දිනක්, පනස්දිනක්, සියදිනක්, දහස්දිනක්, දිනලක්ෂයක්, දිනකෝටිලක්ෂයක්, එක් මසක්, දෙමසක් -පෙ- මාසකෝටි ලක්ෂයක් එක් අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු කෝටිලක්ෂයක්, එක් කල්පයක් කල්පදෙකක්, කල්පකෝටි ලක්ෂයක් කල්ප අසංඛ්‍යයක්, කල්ප අසංඛ්යදෙකක්, කල්ප අසංඛ්‍ය තුනක් දානපාරමිතාව පුරා බුදුවීමට නොහැකිය. ශීලපාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව -පෙ- උපෙක්ෂා පාරමිතාව යන පාරමිතාවන්හිද මේ ක්‍රමයමැයි. පැසුළු කෙළවරින් (අඩුමතරමින්) කල්ප ලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍ය සතරක් දසපාරමිතාවන් පුරා බුදුවීමට හැකිය යන මේ කරුණින් දුර්ලභය.
තතියෙ අච්ඡරියමනුස්සොති අච්ඡරියො මනුස්සො. අච්ඡරියොති අන්ධස්ස පබ්බතාරොහණං විය නිච්චං න හොතීති අත්ථො. අයං තාව සද්දනයො. අයං පන අට්ඨකථානයො – අච්ඡරායොග්ගොති අච්ඡරියො, අච්ඡරං පහරිත්වා පස්සිතබ්බොති අත්ථො. අපිච “තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තී”ති (අ· නි· 4.127) එවමාදීහි අනෙකෙහි අච්ඡරියබ්භුතධම්මෙහි සමන්නාගතත්තාපි අච්ඡරියමනුස්සො. ආචිණ්ණමනුස්සොතිපි අච්ඡරියමනුස්සො.
තෙවැනි සූත්‍රයෙහි අච්ඡාරියමනුස්සො යනු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙකි. අච්ඡරියො යනු අන්ධයකු පර්වතයකට නැගීමක් මෙන් නිරතුරු නොවේය යන අර්‍ත්‍ථයි. මේ වනාහි ශබ්දනයයි. අර්ත්ථකථානයවූකලි මෙසේය: අසුරුසණට යෝග්යවූයේයි අච්ඡරිය නමි. අසුරුසණක් ගසා බැලියයුතුයයි අර්‍ත්‍ථයි. තවද, ‘තථාගතස්ස භික්ඛවෙ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භූතාධම්මා පාතුභවන්ති’ යන මේ ආදීවූ නොයෙක් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයන්ගෙන් යුක්තවූ බැවින්ද ආශ්චර්ය්යමනුෂ්යවෙයි. පුරුදුකළ මිනිසෙකි යන්නෙන් හෝ අච්ඡරියමනුස්ස නම්වෙයි.
අභිනීහාරස්ස හි සම්පාදකෙ අට්ඨ ධම්මෙ සමොධානෙත්වා එකබුද්ධස්ස සම්මුඛෙ මහාබොධිමණ්ඩෙ මානසං බන්ධිත්වා නිසජ්ජනං නාම න අඤ්ඤස්ස කස්සචි ආචිණ්ණං, සබ්බඤ්ඤුබොධිසත්තස්සෙව ආචිණ්ණං. තථා බුද්ධානං සන්තිකෙ බ්‍යාකරණං ලභිත්වා අනිවත්තකෙන හුත්වා වීරියාධිට්ඨානං අධිට්ඨාය බුද්ධකාරකධම්මානං පූරණම්පි න අඤ්ඤස්ස කස්සචි ආචිණ්ණං, සබ්බඤ්ඤුබොධිසත්තස්සෙව ආචිණ්ණං. තථා පාරමියො ගබ්භං ගණ්හාපෙත්වා වෙස්සන්තරත්තභාවසදිසෙ අත්තභාවෙ ඨත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතානං හත්ථීනං සත්තසතානි අස්සානං සත්තසතානීති එවං සත්තසතකමහාදානං දත්වා ජාලිකුමාරසදිසං පුත්තං, කණ්හාජිනාසදිසං ධීතරං, මද්දීදෙවිසදිසං භරියඤ්ච දානමුඛෙ නිය්යාතෙත්වා යාවතායුකං ඨත්වා දුතියෙ අත්තභාවෙ තුසිතභවනෙ පටිසන්ධිග්ගහණම්පි න අඤ්ඤස්ස කස්සචි ආචිණ්ණං, සබ්බඤ්ඤුබොධිසත්තස්සෙව ආචිණ්ණං. තුසිතපුරෙ යාවතායුකං ඨත්වා දෙවතානං ආයාචනං සම්පටිච්ඡිත්වා පඤ්චමහාවිලොකනං විලොකෙත්වා සතස්ස සම්පජානස්ස තුසිතපුරා චවිත්වා මහාභොගකුලෙ පටිසන්ධිග්ගහණම්පි න අඤ්ඤස්ස කස්සචි ආචිණ්ණං, සබ්බඤ්ඤුබොධිසත්තස්සෙව ආචිණ්ණං. තථා පටිසන්ධිග්ගහණදිවසෙ දසසහස්සිලොකධාතුකම්පනම්පි, සතස්ස සම්පජානස්ස මාතුකුච්ඡියං නිවාසොපි, සතස්ස සම්පජානස්ස මාතුකුච්ඡිතො නික්ඛමනදිවසෙ දසසහස්සිලොකධාතුකම්පනම්පි, සම්පතිජාතස්ස සත්තපදවීතිහාරගමනම්පි, දිබ්බසෙතච්ඡත්ත· ධාරණම්පි, දිබ්බවාළබීජනුක්ඛෙපොපි, සබ්බදිසාසු සීහවිලොකනං විලොකෙත්වා අත්තනා පටිසමං කඤ්චි සත්තං අදිස්වා “අග්ගොහමස්මි ලොකස්සා”ති එවං සීහනාදනදනම්පි, පරිපාකගතෙ ඤාණෙ මහාසම්පත්තිං පහාය මහාභිනික්ඛමනම්පි, මහාබොධිමණ්ඩෙ පල්ලඞ්කෙන නිසින්නස්ස මාරවිජයං ආදිං කත්වා පුබ්බෙනිවාසානුස්සතිදිබ්බචක්ඛුවිසොධනානි කත්වා පච්චූසසමයෙ සබ්බඤ්ඤුතඤ්ඤාණගුණරාසිපටිවිද්ධක්ඛණෙ දසසහස්සිලොකධාතුකම්පනම්පි, පඨමධම්මදෙසනාය අනුත්තරං තිපරිවට්ටං ධම්මචක්කප්පවත්තනම්පීති එවමාදි සබ්බං න අඤ්ඤස්ස කස්සචි ආචිණ්ණං, සබ්බඤ්ඤුබුද්ධස්සෙව ආචිණ්ණං. එවං ආචිණ්ණමනුස්සොතිපි අච්ඡරියමනුස්සො.
අභිනීහාරය (බුදුබවපැතීම) ඉටුකර දෙන්නාවූ අෂ්ටධර්මයන් ගලපා එක් බුදුවරයකු හමුවෙහි මහබෝමැඩ පිළිබඳව මනස බැඳ (අදිටන් කොට) වැදහෙවීම නම් අන් කිසිවකු විසින් පුරුදු කරන ලද්දක් නොවේ. සර්වඥ බෝධිසත්වයන් වහන්සේ විසින්ම පුරුදු කරන ලද්දකි. එසේ බුදුන්වහන්සේලා සමීපයෙහි විවරණ ලැබ නොනැවතෙන්නකු වී වීර්ය්යාධිස්ඨානය අධිෂ්ඨාන කොට බුද්ධකාරක ධර්මයන් පිරීමද අන් කිසිවකුට පුරුදුවූවක් නොවේ. සර්වඥබෝධිසත්වයන්වහන්සේටම පුරුදුවූවකි. එසේ පාරමීන් ගැබ් ගන්වා වෙසතුරුඅත්බව සමාන අත්බැව්හි සිට සර්වාලංකාරයෙන් ප්‍රතිමණ්ඩිතවූ ඇතුන් සත් සියයක් අසුන් සත්සියයක්දැයි මෙසේ සත්තසතක මහදන් දී ජාලිය කුමරු සමාන පුතෙකු කෘෂණාජින සමානවූ දුවක මද්‍රිදේවිය සමානවූ බිරිදක දානමුකයෙහි පාවාදී දිවි ඇති තෙක් සිට දෙවැනි අත්බැව්හි තුසීපුරෙහි පිළිසිඳ ගැනීමද අන්කිසිවකුට පුරුදු නැත. සර්වඥබෝධිසත්වයන්ටම පුරුදුවූවකි. තුසී පුරෙහි දිවිඇතිතෙක් සිට දෙවියන්ගේ අයැදුම පිළිගෙන පස්මහ බැලුම් බලා සිහිනුවණින් යෙදී තුසී පුරෙන් සැව මහත්භෝග ඇති කුලයක පිළිසිඳ ගැනීමද අන් කිසිවෙකුට පුරුදුවූවක් නොවේ. සර්වඥ බෝධිසත්වයන්ටම පුරුදුවූවකි. එසේම පිළිසඳගන්නා දිනයෙහි දසදහසක් ලෝකධාතූන් කම්පාවීමද සිහිනුවණින් යෙදුනහුගේ මවු කුසෙහි විසීමද සිහිනුවණින් යෙදුනහුගේ මවුකුසින් නික්මෙන දිනයෙහි දසදහසක් ලෝකධාතූන්ගේ කම්පාවීමද එකෙණෙහි උපන්නහුගේ සත්පියවරක් යාමද දෙව්සේසත් දැරීමද දෙව්වල්විදුනා එසවීමද සියලු දිශාවන්හි සිංහාවලෝකනයෙන් බලා තමාට සමානවූ කිසිදු සත්වයෙකු නොදැක මම ලොවට අග්රවෙමැයි මෙසේ සිංහනාද නැඟීමද නුවණ මුහුකුරා ගියකල්හි මහසැපත් අත්හැර බහබිනික්මණෙහි යෙදීමද මහබෝමැඩ පළඟින් හුන්නහුගේ මරුන් පැරදීම ආදිකොටඇති පුබ්බෙනිවාසානුස්සති දිබ්බචක්ඛු පිරිසුදුකොට උදෑසන සමයෙහි සර්වඥතාඥාන සමූහය අවබෝධ කළ කෙණෙහි දසදහසක් ලෝකධාතුන් කම්පාවීමද ප්රථමධර්මදේශනාවේදී අනුත්තරවූ ත්රිපරිවෘත්තවූ ධර්මචක්රප්රවර්තනයද යන මේ ආදී සියල්ල අන්කිසිවකුට පුරුදු නොවේ. සර්වඥ බුදුරජාණන්වහන්සේටම පුරුදුවූවකි. මෙසේ පුරුදු කළ මනුෂ්යයෙකැයිද අච්ඡරියමනුස්ස නම්වේ.
චතුත්ථෙ කාලකිරියාති එකස්මිං කාලෙ පාකටා කිරියාති කාලකිරියා. තථාගතො හි පඤ්චචත්තාලීස වස්සානි ඨත්වා තීණි පිටකානි පඤ්ච නිකායෙ නවඞ්ගං සත්ථුසාසනං චතුරාසීති ධම්මක්ඛන්ධසහස්සානි පකාසෙත්වා මහාජනං නිබ්බානනින්නං නිබ්බානපොණං කත්වා යමකසාලානමන්තරෙ නිපන්නො භික්ඛුසඞ්ඝං ආමන්තෙත්වා අප්පමාදෙන ඔවදිත්වා සතො සම්පජානො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි. අයමස්ස කිරියා යාවජ්ජතනා පාකටාති එකස්මිං කාලෙ පාකටා කිරියාති කාලකිරියා. අනුතප්පා හොතීති අනුතාපකරා හොති. තත්ථ චක්කවත්තිරඤ්ඤො කාලකිරියා එකචක්කවාළෙ දෙවමනුස්සානං අනුතාපකරා හොති. බුද්ධානං කාලකිරියා දසසහස්සචක්කවාළෙසු දෙවමනුස්සානං අනුතාපකරා හොති. තෙන වුත්තං – “බහුනො ජනස්ස අනුතප්පා හොතී”ති.
සතරවෙනි සූත්‍රයෙහි කාලකිරියා යනු එක් කලෙක ප්‍රකට ක්‍රියාව යන්නෙන් කාලකිරියා නමි. තථාගතයන්වහන්සේ වනාහි පන්සාළිස් වසක් සිට තුන්පිටකය, නිකාය පස, නවාංගශාස්තෘශාසනය, යන අසූසාරදහසක් ධර්මස්කන්ධයන් ප්‍රකාශකොට මහජනයා නිවනට යොමුකොට නිවනට නැඹුරුකොට සල්ගස් දෙකක් අතුරෙහි වැදහුන්සේක් භික්ෂුසංඝයා අමතා අප්‍රමාදයෙන් අවවාද කොට සිහිනුවණ ඇත්තේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවන්පෑසේක. මේ උන්වහන්සේගේ ක්‍රියාව අද දක්වා ප්රකටය යනුවෙන් එක් කලෙක ප්‍රකටවන ක්‍රියායි කාලකිරියා නමි. ‘ආනුතප්පා හොති’ යනු පසුතැවිලි ඇති කරන්නේවෙයි. එහි සක්විති රජුගේ කාලක්‍රියාව එක් සක්වළක දෙවිමිනිසුන්ට පසුතැවිලි ඇතිකරවන්නේවෙයි. බුදුවරුන්ගේ කාලක්‍රියාව දසදහසක් සක්වළෙහි දෙවිමිනිසුන්ට පසුතැවිලි ඇතිකරවන්නේවෙයි. එහෙයින් ‘බහුනො ජනස්ස ආනතප්පා හොති’ (බොහෝ දෙනාට පසුතැවිලි ඇතිකරවන්නේ වේය) යි කියනලදි.
පඤ්චමෙ අදුතියොති දුතියස්ස බුද්ධස්ස අභාවා අදුතියො. චත්තාරො හි බුද්ධා සුතබුද්ධො, චතුසච්චබුද්ධො, පච්චෙකබුද්ධො, සබ්බඤ්ඤුබුද්ධොති. තත්ථ බහුස්සුතො භික්ඛු සුතබුද්ධො නාම. ඛීණාසවො චතුසච්චබුද්ධො නාම. කප්පසතසහස්සාධිකානි ද්වෙ අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙත්වා සාමං පටිවිද්ධපච්චෙකබොධිඤාණො පච්චෙකබුද්ධො නාම. කප්පසතසහස්සාධිකානි චත්තාරි වා අට්ඨ වා සොළස වා අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙත්වා තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා පටිවිද්ධසබ්බඤ්ඤුතඤ්ඤාණො සබ්බඤ්ඤුබුද්ධො නාම. ඉමෙසු චතූසු බුද්ධෙසු සබ්බඤ්ඤුබුද්ධොව අදුතියො නාම. න හි තෙන සද්ධිං අඤ්ඤො සබ්බඤ්ඤුබුද්ධො නාම උප්පජ්ජති.
පස්වෙනි සූත්‍රයෙහි අදුතියො යනු දෙවැනි බුදුකෙනකු නොමැති බැවින් අද්විතීයයි. සුතබුද්ධ චතුසච්චබුද්ධ පච්චෙකබුද්ධ සබ්බඤ්ඤූබුද්ධයයි බුදුවරයෝ සිවු දෙනෙකි. එහි බොහෝ ඇසූපිරූ තැන් ඇති භික්ෂුව සුතබුද්ධනමි. ක්ෂීණාශ්රවයන්වහන්සේ චතුසච්චබුද්ධ නමි. කල්ප ලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍ය දෙකක් පාරමිතාවන් සපුරා තමා විසින්ම අවබෝධකරනලද ප්‍රත්‍යෙකබෝධිඥානය ඇත්තේ පච්චෙකබුද්ධනමි. කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍ය සතරක් හෝ අටක් හෝ සොළසක් හෝ පාරමිතාවන් සපුරා තුන්මරුන්ගේ මුදුන මැඩ අවබෝධකරනලද සර්වඥතාදඥානය ඇත්තේ සබ්බඤ්ඤූබුද්ධනමි. මේ සතර බුදුවරුන් අතුරෙන් සර්වඥබුදුරජාණන්හන්සේම අද්විතීයනම් වෙයි. උන්වහන්සේ සමඟ අනෙක් සර්වඥ බුදුවරයෙක් නොඋපදියි.
අසහායොති අත්තභාවෙන වා පටිවිද්ධධම්මෙහි වා සදිසො සහායො නාම අස්ස නත්ථීති අසහායො. “ලද්ධසහායො ඛො පන සො භගවා සෙඛානඤ්චෙව පටිපදාන”න්ති ඉමිනා පන පරියායෙන සෙඛාසෙඛා බුද්ධානං සහායා නාම හොන්ති. අප්පටිමොති පටිමා වුච්චති අත්තභාවො, තස්ස අත්තභාවසදිසා අඤ්ඤා පටිමා නත්ථීති අප්පටිමො. යාපි ච මනුස්සා සුවණ්ණරජතාදිමයා පටිමා කරොන්ති, තාසු වාලග්ගමත්තම්පි ඔකාසං තථාගතස්ස අත්තභාවසදිසං කාතුං සමත්ථො නාම නත්ථීති සබ්බථාපි අප්පටිමො.
‘අසහායො’ යනු ආත්මභාවයෙන් හෝ අවබෝධය කළ ධර්මයන්ගෙන් හෝ සමාන සහායයෙක්නම් මොහුට නැත්තේනුයි අසහායවෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ශෛක්ෂාශෛක්ෂයන්ගේද ප්රතිපදාවන්ගේද ලබනලද සහාය ඇත්තේ යන මේ ක්‍රමයෙන් ශෛක්ෂ අශෛක්ෂයෝ බුදුවරුන්ගේ සහායයෝනම් වෙති. ‘අප්පටිමො’ යනු ආත්මභාවය පටිමා (ප්‍රතිමා)යි කියනු ලැබේ. උන්වහන්සේගේ ආත්මභාවය සමානවූ අන්‍යවූ ප්‍රතිමාවක් නැතැයි අප්පටිම නමි. මිනිස්සු යම්බඳුවූ රන්රිදීමුවා ප්රතිමාකරත්ද ඒවා අතුරෙහි කෙසඟක් පමණවූද තැනක් තථාගතයන්වහන්සේගේ ආත්මභාවයට සමානව තැනීමට සමතෙක්නම් නැතැයි සර්වප්‍රකාරයෙන්ම අප්පටිමවෙයි.
අප්පටිසමොති අත්තභාවෙනෙවස්ස පටිසමො නාම කොචි නත්ථීති අප්පටිසමො. අප්පටිභාගොති යෙ තථාගතෙන “චත්තාරො සතිපට්ඨානා”තිආදිනා නයෙන ධම්මා දෙසිතා, තෙසු “න චත්තාරො සතිපට්ඨානා, තයො වා පඤ්ච වා”තිආදිනා නයෙන පටිභාගං කාතුං සමත්ථො නාම නත්ථීති අප්පටිභාගො. අප්පටිපුග්ගලොති අඤ්ඤො කොචි “අහං බුද්ධො”ති එවං පටිඤ්ඤං කාතුං සමත්ථො පුග්ගලො නත්ථීති අප්පටිපුග්ගලො. අසමොති අප්පටිපුග්ගලත්තාව සබ්බසත්තෙහි අසමො. අසමසමොති අසමා වුච්චන්ති අතීතානාගතා සබ්බඤ්ඤුබුද්ධා, තෙහි අසමෙහි සමොති අසමසමො.
‘අප්පටිසමො’ යනු උන්වහන්සේගේ ආත්මභාවය සමඟ ප්රතිසමවූ කිසිවෙක් නම් නැතැයි අප්පටිසමවෙයි. ‘අප්පටිභාගො’ යනු තථාගතයන්වහන්සේ විසින් සතර සතිපට්ඨාන ආදී ක්‍රමයෙන් යම් ධර්මයෝ දෙසනලද්දාහුද ඒවා අතුරෙහි සතරසතිපට්ඨානයෝ නොවෙති, තුනක් හෝ පහක් හෝ වෙතියි ආදී ක්‍රමයෙන් (එම ධර්මයෝ දෙසනලද්දාහුද ඒවා අතුරෙහි සතරසතිපට්ඨානයෝ නොවෙති, තුනක් හෝ පහක් හෝ වෙතියි ආදී ක්‍රමයෙන් (එම ධර්මයට) සමානවූවක් දීමට (ඉදිරිපත් කිරීමට) සමතෙක් නම්නැතැයි අප්පටිභාගවෙයි. අප්පටිපුග්ගලො යනු මම බුදුවෙමැයි පිළින දීමට සමත්වූ අන් කිසිවෙක් උන්වහන්සේට නැතැයි අප්පටිපුග්ගලනමි. අසමො යනු අප්පටිපුග්ගල බැවින්ම සියලුසත්වයන්ගෙන් අසමානවෙයි. අසමසමො යනු අතීත අනාගත බුදුවරු අසමයයි කියනුලැබෙති. ඒ අසමයන් සමඟ සමානයයි අසමසම වේ.
ද්විපදානං අග්ගොති සම්මාසම්බුද්ධො අපදානං ද්විපදානං චතුප්පදානං බහුප්පදානං රූපීනං අරූපීනං සඤ්ඤීනං අසඤ්ඤීනං නෙවසඤ්ඤීනාසඤ්ඤීනං සත්තානං අග්ගොව. කස්මා ඉධ ද්විපදානං අග්ගොති වුත්තො? සෙට්ඨතරවසෙන. ඉමස්මිඤ්හි ලොකෙ සෙට්ඨො නාම උප්පජ්ජමානො අපදචතුප්පදබහුප්පදෙසු න උප්පජ්ජති, ද්විපදෙසුයෙව උප්පජ්ජති. කතරද්විපද්වෙසූති? මනුස්සෙසු චෙව දෙවෙසු ච. මනුස්සෙසු උප්පජ්ජමානො තිසහස්සිමහාසහස්සිලොකධාතුං වසෙ වත්තෙතුං සමත්ථො බුද්ධො හුත්වා උප්පජ්ජති. දෙවෙසු උප්පජ්ජමානො දසසහස්සිලොකධාතුං වසවත්තී මහාබ්රහ්මා හුත්වා උප්පජ්ජති. සො තස්ස කප්පියකාරකො වා ආරාමිකො වා සම්පජ්ජති. ඉති තතොපි සෙට්ඨතරවසෙනෙස ද්විපදානං අග්ගොති වුත්තො.
‘දිපදානං අග්ගො’ යනු සම්මාසම්බුදුන්වහන්සේ පානැති, දෙපාඇති, සිවුපා ඇති, බහුපා ඇති, රූපීවූ, අරූපීවූ, සංඥා ඇති, සංඥා නැති, නෙවසඤ්ඤානාසඤ්ඤීවු සත්වයන් අතුරෙන් අග්රමය. මෙහි කුමක් හෙයින් දෙපා ඇත්තන්ට අග්‍රයයි කියන ලද්දේදයත්? ශ්‍රේෂ්ඨතර වශයෙනි. මේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෙක් උපදිනු ලබන්නේ අපද චතුප්පද බහුප්පද සත්වයන් අතුරෙහි නූපදියි. දෙපා ඇත්තවුන් අතුරෙහිම උපදියි. කවරනම් දෙපා ඇත්තවුන් අතුරෙහිද යත්? මිනිසුන් අතුරෙහි මෙන්ම දෙවියන් අතුරෙහිදවේ. මිනිසුන් අතුරෙහි උපදිනු ලබන්නේ ත්රිසහස්රීමහා ලොකධාතුව වශඟයෙහි පවත්වන්නට සමත්වූ බුදුව උපදියි. දෙවියන් අතුරෙහි උපදිනු ලබන්නේ දශසහස්‍රී ලොකධාතුව වශඟයෙහි පවත්වන මහාබ්රහ්මවී උපදියි. හෙතෙම උන්වහන්සේට කැප කරුවෙකු හෝ ආරාමිකයෙකුබවට පත්වෙයි. මෙසේ එයින්ද ශ්රෙෂ්ඨතරවශයෙන් මෙතෙම දෙපා ඇත්වුන්ට අග්රයයිකියනලදි.
ඡට්ඨාදීසු එකපුග්ගලස්ස, භික්ඛවෙ, පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොතීති, භික්ඛවෙ, එකපුග්ගලස්ස තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවෙන මහන්තස්ස චක්ඛුස්ස පාතුභාවො හොති. තස්මිං පුග්ගලෙ පාතුභූතෙ තං පාතුභූතමෙව හොති, න විනා තස්ස පාතුභාවෙන පාතුභවති. පාතුභාවොති උප්පත්ති නිප්ඵත්ති. කතමස්ස චක්ඛුස්සාති? පඤ්ඤාචක්ඛුස්ස. කීවරූපස්සාති? සාරිපුත්තත්ථෙරස්ස විපස්සනාපඤ්ඤාසදිසස්ස මහාමොග්ගල්ලානත්ථෙරස්ස සමාධිපඤ්ඤාසදිසස්සාති. ආලොකාදීසුපි එසෙව නයො. උභින්නං අග්ගසාවකානං පඤ්ඤාආලොකසදිසොයෙව හි එත්ථ ආලොකො, පඤ්ඤාඔභාසසදිසොයෙව ඔභාසො අධිප්පෙතො. “මහතො චක්ඛුස්ස, මහතො ආලොකස්ස, මහතො ඔභාසස්සා”ති ඉමානි ච පන තීණිපි ලොකියලොකුත්තරමිස්සකානි කථිතානීති වෙදිතබ්බානි.
සවෙනි සූත්‍රාදියෙහි ‘ඒකපුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති’ යනු මහණෙනි, ඒක පුද්ගලවූ තථාගතවූ අර්හත්වූ සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ පහළවීමෙන් මහත්වූ ඇසක පහළවීම වෙයි. එම පුද්ගලයා පහළවූ කල්හි එය පහළවූයේමවෙයි. ඔහුගේ පහළ වීමෙන් තොරව පහළනොවෙයි. පාතුභාවො යනු උපතයි. නිෂ්පත්තියයි. කවර ඇසකද යත්! පැණැසේයි. කෙබඳු වූවකදයත්? සැරියුත් තෙරුන්ගේ විදර්ශනා ප්‍රඥාවට සමානවූ, මුගලන් තෙරුන්ගේ සමාධි ප්‍රඥාවට සමානවූයි. ආලෝකාදියෙහිද මේ ක්‍රමයමයි. මෙහි ආලෝකය අග සව්වන් දෙදෙනාගේ ප්රඥාආලෝකයට සමාන වූයේමයි. ප්‍රඥා ආලෝකයට සමානත්වයෙන්ම අවහාසය (ආලෝකය-බැබළීම) දතයුතුයි. මහත් ඇසක, මහත් ආලෝකයක, මහත් බැබළීමකයයි ලෞකික ලෝකෝත්තර භාවයෙන් මිශ්‍රවූ මේ තුනම කියන ලදැයි දතයුතුයි.
ඡන්නං අනුත්තරියානන්ති උත්තරිතරවිරහිතානං ඡන්නං උත්තමධම්මානං. තත්ථ දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියන්ති ඉමානි ඡ අනුත්තරියානි. ඉමෙසං පාතුභාවො හොතීති අත්ථො. ආයස්මා හි ආනන්දත්ථෙරො සායංපාතං තථාගතං චක්ඛුවිඤ්ඤාණෙන දට්ඨුං ලභති, ඉදං දස්සනානුත්තරියං. අඤ්ඤොපි සොතාපන්නො වා සකදාගාමී වා අනාගාමී වා ආනන්දත්ථෙරො විය තථාගතං දස්සනාය ලභති, ඉදම්පි දස්සනානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය දසබලං දස්සනාය ලභිත්වා තං දස්සනං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති. ඉදං දස්සනමෙව නාම, මූලදස්සනං පන දස්සනානුත්තරියං නාම.
‘ඡන්නං අනුත්තරීයානං’ යනු (මීටවඩා) උත්තරීතරත්වයක් නොමැති උත්තම ධර්මයන් සහදෙනාගේයි. එහි දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය, අනුස්සතානුත්තරිය යන මේ අනුත්තරීය (ශ්‍රේෂ්ඨත්ව) සයයි. මේවායේ පහළවීම වේයයි අර්‍ත්‍ථයි. ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්වහන්සේ සවසද උදෑසනද තථාගතයන්වහන්සේ චක්ෂුර්විඥානයෙන් දකිති. මෙය දස්සනානුත්තරීයයි. (දර්ශනශ්රෙෂ්ඨත්වයයි). අන්‍යවූද සෝවාන්වූවෙක් හෝ සකෘදාගාමීවූවෙක් හෝ අනාගාමී වූවෙක් හෝ අනඳ තෙරුන් මෙන් තථාගතයන් වහන්සේගේ දැකීම ලබයිද මෙයද දස්සනානුත්තරියයි. වෙනත් කල්‍යාණ පෘථග්ජන වූවෙක් අනඳතෙරුන් මෙන් තථාගතයන්වහන්සේ දැකීමට ලැබ දර්ශනය වඩා සෝවාන් මගට පැමිණෙයිද මෙය දර්ශනයම නමි. මූල දර්ශනය (මුලින් සඳහන් කළ දර්ශනය)ම දස්සනානුත්තරීය නමි.
ආනන්දත්ථෙරොයෙව ච අභික්ඛණං දසබලස්ස වචනං සොතවිඤ්ඤාණෙන සොතුං ලභති, ඉදං සවනානුත්තරියං. අඤ්ඤෙපි සොතාපන්නාදයො ආනන්දත්ථෙරො විය තථාගතස්ස වචනං සවනාය ලභන්ති, ඉදම්පි සවනානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය තථාගතස්ස වචනං සොතුං ලභිත්වා තං සවනං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති. ඉදං සවනමෙව නාම, මූලසවනං පන සවනානුත්තරියං නාම.
ආනන්දස්ථවිරයන්වහන්සේම තථාගත වචනය නිතර ශ්රොතවිඥානයෙන් ඇසීමටලබති. මෙය සවනානුත්තරීයයි. අන්යවුද සෝවාන්බවට පත්වූවන් ආදීහුද අනඳතෙරුන් මෙන් තථාගතයන්වහන්සෙගේ වචනය ඇසීමටලබත්ද මෙයද සවනානුත්තරීයයි. අන්‍යවූ කල්‍යාණ පෘථග්ජනයෙක් අනඳතෙරුන් මෙන් තථාගත වචනය ඇසීමටලැබ ඒ ඇසීම වඩා සෝවාන් මගට පැමිණෙයිද මෙය ශ්රවණයම නමි. මුලින් කී ශ්රවණයම සවනානුත්තරීය නමි.
ආනන්දත්ථෙරොයෙව ච දසබලෙ සද්ධං පටිලභති, ඉදං ලාභානුත්තරියං. අඤ්ඤෙපි සොතාපන්නාදයො ආනන්දත්ථෙරො විය දසබලෙ සද්ධාපටිලාභං ලභන්ති, ඉදම්පි ලාභානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය දසබලෙ සද්ධාපටිලාභං ලභිත්වා තං ලාභං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති, අයං ලාභොයෙව නාම, මූලලාභො පන ලාභානුත්තරියං නාම.
අනඳතෙරුන් වහන්සේම දශබලවූ තථාගතයන්වහන්සේ කෙරෙහි ශ්රද්ධාවලබති. මෙය ලාභානුත්තරීයයි. අන්‍යවූද ශ්රොතාපන්නාදීහු අනඳතෙරුන්මෙන් දශබලයන්වහන්සේ කෙරෙහි ශ්රස්ධාප්රතිලාභයලබත්ද මෙයද ලාභානුත්තරීයයි. වෙනත් කල්යාන පෘථග්ජනයෙක් අනඳතෙරුන් මෙන් දශබලයන් කෙරෙහි ශ්රද්ධාප්රතිලාභය ලැබ එය වර්ධනය කොට සෝවාන් මගට පැමිණෙයිද මෙය ලාභයම නමි. මුලින් කීලාභයම ලාභානුත්තරීය නමි.
ආනන්දත්ථෙරොයෙව ච දසබලස්ස සාසනෙ තිස්සො සික්ඛා සික්ඛති, ඉදං සික්ඛානුත්තරියං. අඤ්ඤෙපි සොතාපන්නාදයො ආනන්දත්ථෙරො විය දසබලස්ස සාසනෙ තිස්සො සික්ඛා සික්ඛන්ති, ඉදම්පි සික්ඛානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය දසබලස්ස සාසනෙ තිස්සො සික්ඛා සික්ඛිත්වා තා සික්ඛා වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති. අයං සික්ඛායෙව නාම, මූලසික්ඛා පන සික්ඛානුත්තරියං නාම.
ආනන්ද ස්ථවිරයන්වහන්සේම දශබලවූ තථාගතශාසනයෙහි ත්රිශික්ෂාවෙහි හැසිරෙති. මෙය සික්ඛානුත්තරියයි. අන්‍යවූද සොතාපන්නාදීහුද අනඳතෙරුන් මෙන් දශබලයන්වහන්සේගේ සසුනෙහි ත්රිවිධශික්ෂාවෙහි හැසිරෙත්ද මෙයද සික්ඛානුත්තරියයි. අන්‍යවූ කල්‍යාණ පෘථග්ජනයෙක් දශබලයන්වහන්සේගේ සසුනෙහි ත්රිශික්ෂාවෙහි හැසිර ඒ ශික්ෂාවන් වඩා සෝවාන් මගට පැමිණෙයිද මෙය ශික්ෂාවම නමි. මුලින් කී ශික්ෂාවම සික්ඛානුත්තරියනමි.
ආනන්දත්ථෙරොයෙව ච අභිණ්හං දසබලං පරිචරති, ඉදං පාරිචරියානුත්තරියං. අඤ්ඤෙපි සොතාපන්නාදයො ආනන්දත්ථෙරො විය අභිණ්හං දසබලං පරිචරන්ති, ඉදම්පි පාරිචරියානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය දසබලං පරිචරිත්වා තං පාරිචරියං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති, අයං පාරිචරියායෙව නාම, මූලපාරිචරියා පන පාරිචරියානුත්තරියං නාම.
අනඳ තෙරුන්වහන්සේම නිතර දශබලයන්වහන්සේට සේවය කරති. මෙය පාරිචරියානුත්තරියයි. අන්‍යවූද සොතාපන්නාදීහු අනඳතෙරුන් මෙන් නිබඳ දශබලයන්වහන්සේට සේවය කරත්ද, මෙයද පාරිචරියානුත්තරියයි. අන්‍යවූ කල්‍යාණ පෘථග්ජනයෙක් අනඳ තෙරුන් මෙන් දශබලයන්වහන්සේට සේවයකොට ඒ සේවය වඩා සෝවාන් මගට පැමිණෙයිද මෙය පාරිචර්ය්යාවමනමි. මුලින් සඳහන් කළ පාරිචර්ය්යාවම පාරචරියානුත්තරිය නමි.
ආනන්දත්ථෙරොයෙව ච දසබලස්ස ලොකියලොකුත්තරෙ ගුණෙ අනුස්සරති, ඉදං අනුස්සතානුත්තරියං. අඤ්ඤෙපි සොතාපන්නාදයො ආනන්දත්ථෙරො විය දසබලස්ස ලොකියලොකුත්තරෙ ගුණෙ අනුස්සරන්ති, ඉදම්පි අනුස්සතානුත්තරියං. අපරො පන පුථුජ්ජනකල්යාණකො ආනන්දත්ථෙරො විය දසබලස්ස ලොකියලොකුත්තරෙ ගුණෙ අනුස්සරිත්වා තං අනුස්සතිං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පාපෙති, අයං අනුස්සතියෙව නාම, මූලානුස්සති පන අනුස්සතානුත්තරියං නාම. ඉමානි ඡ අනුත්තරියානි, ඉමෙසං පාතුභාවො හොති. ඉමානි ච පන ඡ අනුත්තරියානි ලොකියලොකුත්තරමිස්සකානි කථිතානීති වෙදිතබ්බානි.
අනඳ තෙරුන් වහන්සේම දශබලයන්වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුනයන් සිහිකරති. මෙය අනුස්සතානුත්තරියයි. අන්‍යවූ සෝතාපන්නාදීහුද අනඳ තෙරුන්මෙන් දශබලයන්වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණයන් සිහිකරත්ද මෙයද අනුස්සතානුත්තරියයි. වෙනත් කල්‍යාණ පෘථග්ජනයෙක් අනඳතෙරුන් මෙන් දශබලයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණ සිහිකොට ඒ සිහිකිරීම වඩා සෝවාන් මගට පැමිණෙයිද මෙය අනුස්සතිය (සිහිකිරීම)ම නමි. මුලින් කී අනුස්සතිය වනාහි අනුස්සතානුත්තරියනමි. මේ අනුත්තරිය සයයි. මේවායේ පහළවීමවෙයි. ලෞකිකලෝකෝත්තරත්වයෙන් මිශ්‍රවූ මෙම අනුත්තරියසය ප්රකාශකරනලදැයි දතයුතුයි.
චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොතීති චතස්සො හි පටිසම්භිදායො අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදාති. තත්ථ අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, අත්ථධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පනෙතාසං අභිධම්මෙ (විභ· 718 ආදයො) ආගතොයෙව. ඉමාසං චතස්සන්නං පටිසම්භිදානං බුද්ධුප්පාදෙ පච්චක්ඛකිරියා හොති, න විනා බුද්ධුප්පාදා. එතාසං සච්ඡිකිරියාති අත්ථො. ඉමාපි ලොකියලොකුත්තරාව කථිතාති වෙදිතබ්බා.
‘චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති’ යනු පටිසම්භිදා සතරෙකි. අත්ථපටිසම්භාදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිහානපටිසම්භිදා යනුවෙනි. එහි අර්‍ත්‍ථයන්හි ඥානය අත්ථපටිසම්භිදායි. ධර්මයන්හි ඥානය ධම්මපටිසම්භිදායි. අර්ත්ථධර්මයන්හි නිරුක්තිකථනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදායි. ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදායි. මේ මෙහි සංක්‍ෂෙපයයි. මොවුන්ගේ විස්තරය අභිධර්මයෙහි ආයේමය. මේ සතර පටිසම්භිදාවන්ගේ පසක්කිරීම බුද්ධොත්පාදයෙහි ඇතිවෙයි. බුද්ධොත්පාදයකින් තොරව මේවා පසක්කරනු නොලැබේයයි අර්‍ත්‍ථයි. ලෞකිකලෝකෝත්තරවූම මේවා කියනලදැයි දතයුතුය.
අනෙකධාතුපටිවෙධොති “චක්ඛුධාතු රූපධාතූ”තිආදීනං අට්ඨාරසන්නං ධාතූනං බුද්ධුප්පාදෙයෙව පටිවෙධො හොති, න විනා බුද්ධුප්පාදෙනාති අත්ථො. නානාධාතුපටිවෙධොති එත්ථ ඉමාව අට්ඨාරස ධාතුයො නානාසභාවතො නානාධාතුයොති වෙදිතබ්බා. යො පනෙතාසං “නානාසභාවා එතා”ති එවං නානාකරණතො පටිවෙධො, අයං නානාධාතුපටිවෙධො නාම. විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාති එත්ථ විජ්ජාති ඵලෙ ඤාණං, විමුත්තීති තදවසෙසා ඵලසම්පයුත්තා ධම්මා. සොතාපත්තිඵලසච්ඡිකිරියාති සොතොති පඨමමග්ගො, තෙන සොතෙන පත්තබ්බං ඵලන්ති සොතාපත්තිඵලං. සකදාගාමිඵලාදීනි පාකටානෙව.
‘අනෙකධාතුපටිවෙධො’ යනු චක්ඛුධාතු රූපධාතු ආදීවූ අටළොස්ධාතුන්ගේ අවබෝධය බුද්ධොත්පාදයෙහිමවෙයි. බුද්ධොත්පාදයකින් තොරව සිදු නොවේය යන අර්‍ත්‍ථයි. ‘නානාධාතුපටිවෙධො’ යනු මෙහි මේ අටළොස් ධාතූහු නොයෙක් ස්වභාව වශයෙන් නානාධාතූහුයයි දතයුතුය. නොයෙක් ස්වභාවයෝ මේවායි මෙසේ වෙන්කිරීම් වශයෙන් මේ ධාතූන්ගේ යම් අවබෝධයක් වේද මෙය නානාධාතූපටිවෙධය නමි. ‘විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා’ යන මෙහි විජ්ජා යනු ඵලයෙහි ඥානයයි. විමුත්ති යනු එයින් අවශිෂ්ටවූ ඵලසම්ප්රයුක්තක ධර්මයෝයි. ‘සොතාපත්තිඵලසච්ඡිකිරියා’ යනු සොත නම් ප්රථමමාර්ගයයි. ඒ ශ්රොතසින් පැවතුණු ඵලය යනුවෙන් සොතාපත්තිඵල යනුවෙනි. සකෘදාගාමිඵලාදිය ප්‍රකටමය.
අනුත්තරන්ති නිරුත්තරං. ධම්මචක්කන්ති සෙට්ඨචක්කං. චක්කසද්දො හෙස –
අනුත්තරං යනු නිරුත්තරවූයි. ධම්මචක්කං යනු ශ්රෙෂ්ඨචක්රයයි. මේ චක්රශබ්දය වනාහි,
“චතුබ්භි අට්ඨජ්ඣගමා, අට්ඨාහිපි ච සොළස; සොළසාහි ච බාත්තිංස, අත්රිච්ඡං චක්කමාසදො; ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ”ති. (ජා· 1.1.104; 1.5.103) –
‘චතුබ්හි අට්ඨජ්ක්ධගමා අට්ඨාහි ච සොළස සොළසාහි ච බත්තිංස අත්රිචඡං චක්කමාසදො ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමතිමත්ථකෙ’
එත්ථ උරචක්කෙ ආගතො. “චක්කසමාරුළ්හා ජානපදා පරියායන්තී”ති (අ· නි· 3.63; 5.54) එත්ථ ඉරියාපථචක්කෙ. “අථ ඛො සො, භික්ඛවෙ, රථකාරො යං තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං, තං පවත්තෙසී”ති (අ· නි· 3.15) එත්ථ දාරුචක්කෙ. “අද්දසා ඛො දොණො බ්රාහ්මණො භගවතො පාදෙසු චක්කානි සහස්සාරානී”ති (අ· නි· 4.36) එත්ථ ලක්ඛණචක්කෙ. “චත්තාරිමානි, භික්ඛවෙ, චක්කානි, යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං චතුචක්කං වත්තතී”ති (අ· නි· 4.31) එත්ථ සම්පත්තිචක්කෙ. “දිබ්බං චක්කරතනං පාතුභවතී”ති (දී· නි· 2.243; ම· නි· 3.256) එත්ථ රතනචක්කෙ. ඉධ පන ධම්මචක්කෙ ආගතො.
යන මෙහි උරචක්රයෙහි ආයේය. ‘චක්කසමාරූල්හා ජානපදා පරියායන්ති’ යන මෙහි ඉරියාපථ (ඉරියව්) චක්රයෙහිය. ‘අථ ඛො සො භික්ඛවෙ රථකාරො යන්තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං තං පවත්තෙසී’ යන මෙහි දැව සකෙහිය. ‘අද්දසා ඛො දොණො බ්රාහ්මණො භාගවතො පාදෙසු චක්කානි සහස්සාරානි’ යන මෙහි ලක්ෂණ චක්රයෙහිය. ‘චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දේවමනුස්සානං චතුචක්කං වත්තති’ යන මෙහි සම්පත්තිචක්රයෙහිය. ‘දිබ්බං චක්කරතනං පාතුභවති’ යන මෙහි රත්නචක්රයෙහිය. මෙහි වනාහි ධර්මචක්‍රයෙහි ආයේයි.
පවත්තිතන්ති එත්ථ ධම්මචක්කං අභිනීහරති නාම, අභිනීහටං නාම, උප්පාදෙති නාම, උප්පාදිතං නාම, පවත්තෙති නාම, පවත්තිතං නාමාති අයං පභෙදො වෙදිතබ්බො. කුතො පට්ඨාය ධම්මචක්කං අභිනීහරති නාමාති? යදා සුමෙධබ්රාහ්මණො හුත්වා කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා සත්තසතකමහාදානං දත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්ච අභිඤ්ඤා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙති, තතො පට්ඨාය ධම්මචක්කං අභිනීහරති නාම.
‘පවත්තිතං’ යන මෙහිද ධර්මචක්රය ප්‍රාර්‍ත්‍ථනා කරයි නම්ද ප්‍රාර්‍ත්‍ථනා කළේය නම්ද උපදවයි නම්ද උපදවනලදි නම්ද, පවත්වයි නම්ද පවත්වනලදනම්ද යනමේප්රභේදය දතයුතුය. කෙදිනක සිට ධර්මචක්රය ප්රාර්ත්ථනාකරයිද නම් යත්? යම් දිනෙක සුමෙධ බමුණාවී කාමයන්හි ආදීනවද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්ද දැක සත්දිනක් මහදන්දී සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවී පංච අභිඥා අෂ්ටසමාපත්ති ඉපදවීද එතැන් පටන් ධර්මචක්රය ප්‍රාර්‍ත්‍ථනා කරයි නමි.
කුතො පට්ඨාය අභිනීහටං නාමාති? යදා අට්ඨ ධම්මෙ සමොධානෙත්වා දීපඞ්කරපාදමූලෙ මහාබොධිමණ්ඩත්ථාය මානසං බන්ධිත්වා “බ්‍යාකරණං අලද්ධා න වුට්ඨහිස්සාමී”ති වීරියාධිට්ඨානං අධිට්ඨාය නිපන්නො දසබලස්ස සන්තිකා බ්‍යාකරණං ලභි, තතො පට්ඨාය ධම්මචක්කං අභිනීහටං නාම.
කෙදිනක සිට ප්‍රාර්‍ත්‍ථනා කරනලදදයත්? යම් දිනෙක අෂ්ටධර්මයන් කුළුගන්වා දීපඞ්කර පාදමූලයෙහි මහබෝමැඩ සඳහා මනස බැඳ විවරණ නොලැබ නොනැගිටිමැයි වීර්ය්යාධිෂ්ඨානයෙන් ඉටා වැදහොත්තේ බුදුරජාණන්වහන්සේ සමීපයෙන් විවරණ ලැබීද එතැන් පටන් ධර්මචක්රය ප්‍රාර්‍ත්‍ථනා කරනලද්දේනම්වෙයි.
කුතො පට්ඨාය උප්පාදෙති නාමාති? තතො පට්ඨාය දානපාරමිං පූරෙන්තොපි ධම්මචක්කං උප්පාදෙති නාම. සීලපාරමිං පූරෙන්තොපි…පෙ… උපෙක්ඛාපාරමිං පූරෙන්තොපි ධම්මචක්කං උප්පාදෙති නාම. දස පාරමියො දස උපපාරමියො දස පරමත්ථපාරමියො පූරෙන්තොපි, පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජන්තොපි, ඤාතත්ථචරියං පූරෙන්තොපි ධම්මචක්කං උප්පාදෙති නාම. වෙස්සන්තරත්තභාවෙ ඨත්වා සත්තසතකමහාදානං දත්වා පුත්තදාරං දානමුඛෙ නිය්යාතෙත්වා පාරමිකූටං ගහෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං ඨත්වා දෙවතාහි ආයාචිතො පටිඤ්ඤං දත්වා පඤ්චමහාවිලොකනං විලොකෙන්තොපි ධම්මචක්කං උප්පාදෙතියෙව නාම. මාතුකුච්ඡියං පටිසන්ධිං ගණ්හන්තොපි, පටිසන්ධික්ඛණෙ දසසහස්සචක්කවාළං කම්පෙන්තොපි, මාතුකුච්ඡිතො නික්ඛන්තදිවසෙ තථෙව ලොකං කම්පෙන්තොපි, සම්පතිජාතො සත්ත පදානි ගන්ත්වා “අග්ගොමහස්මී”ති සීහනාදං නදන්තොපි, එකූනතිංස සංවච්ඡරානි අගාරමජ්ඣෙ වසන්තොපි, මහාභිනික්ඛමනං නික්ඛමන්තොපි, අනොමානදීතීරෙ පබ්බජන්තොපි, මහාපධානෙ ඡබ්බස්සානි වීරියං කරොන්තොපි, සුජාතාය දින්නං මධුපායාසං භුඤ්ජිත්වා සුවණ්ණපාතිං නදියා පවාහෙත්වා සායන්හසමයෙ බොධිමණ්ඩවරගතො පුරත්ථිමං ලොකධාතුං ඔලොකෙන්තො නිසීදිත්වා සූරියෙ ධරමානෙයෙව මාරබලං විධමෙත්වා පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරන්තොපි, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙන්තොපි, පච්චූසකාලසමනන්තරෙ පච්චයාකාරං සම්මසිත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣන්තොපි, සොතාපත්තිඵලං සච්ඡිකරොන්තොපි, සකදාගාමිමග්ගං සකදාගාමිඵලං අනාගාමිමග්ගං අනාගාමිඵලං සච්ඡිකරොන්තොපි, අරහත්තමග්ගං පටිවිජ්ඣන්තොපි ධම්මචක්කං උප්පාදෙතියෙව නාම.
කෙදිනකපටන් උපදවයිනම්දයත්? එතැන් පටන්ම දානපාරමිතාව පුරමින්ද ධර්මචක්රය උපදවයිනමි. ශීලපාරමිතාව -පෙ- උපෙක්ෂා පාරමිතාව පුරන්නේද ධර්මචක්රය උපදවයිනමි. දශපාරමිතාවන් දශඋපපාරමිතාවන් දශපරමාර්ත්ථ පාරමිතාවන් පුරන්නේද පංචමහා පරිත්‍යාගයන් පරිත්‍යාග කරන්නේද ඥාතීන් කෙරෙහි අර්‍ත්‍ථචර්‍ය්‍යාව පුරන්නේද ධර්මචක්රය උපදවයි නමි. වෙසතුරු අත්බැව්හි සිට සප්තසතක මහා දානයන්දී අඹුදරුවන් දානමුඛයෙහි පවරා පාරමීන් කුළුගැන්වී, තුසීපුරෙහි ඉපිද, එහි දිවිඇතිතෙක් සිට දෙවියන් විසින් අයදිනලද්දේ පිළිණ දී පස්මහ බැලුම් බලන්නේද ධර්මචක්රය උපදවයි නමි. මවුකුසෙහි පිළිසඳ ගන්නේද පිළිසිඳ ගන්නා කෙණෙහි අදසදහසක් සක්වළ කම්පාකරවන්නේද මවුකුසින් නික්මෙන දිනෙහි එසේම ලෝකය කම්පාකරවන්නේද උපන්කෙණෙහි සත්පියවරක් ගොස් මම අග්රවෙමැයි සිංහනාද දෙන්නේද එකුන්තිස් වසරක් ගිහිගෙහි වසන්නේද මහබිනික්මණ නික්මෙන්නේද අනෝමා නදී තෙර පැවිදිවන්නේද මහා ප්රධානයෙන් (දුෂ්කරක්රියාවෙහි) සවසරක් වීර්ය්යකරන්නේද සුජාතාව විසින් දෙනලද මධු පායාසය වළදා ස්වර්ණ පාත්‍රය නදියෙහි පාකොටයවා සවස් කාලයෙහි උතුම් බෝමැඩට සැපත්වූයේ පෙරදිග ලෝකධාතුව බලන්නේ වැඩහිඳ, හිරු බැස නොයා සිටියදීම මාරබලය සොලවා පෙරයමෙහි පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නේද මැඳුම් යමෙහි දිවැස පිරිසුදුකරන්නේද උදෑසන කාලය අතරෙහිම ප්රත්යායාකාරයන් සම්මර්ශනය කොට සෝවාන් මග අවබෝධ කරන්නේද සෝවාන්පල පසක්කරන්නේද ... රහත්මග අවබෝධකරන්නේද ධර්මචක්රය උපදවයිම නමි.
අරහත්තඵලක්ඛණෙ පන තෙන ධම්මචක්කං උප්පාදිතං නාම. බුද්ධානඤ්හි සකලලොකියලොකුත්තරගුණරාසි අරහත්තඵලෙනෙව සද්ධිං ඉජ්ඣති. තස්මා තෙන තස්මිං ඛණෙ ධම්මචක්කං උප්පාදිතං නාම හොති.
රහත්පලයට පත් කෙණෙහි ඔහු විසින් ධර්මචක්රය උපදවනලදි නමි. බුදුවරුන්ගේ සියලු ගුණ සමූහය රහත්පලය සමඟම සමෘද්ධවෙයි. එහෙයින් උන්වහන්සේ විසින් එකෙණෙහි ධර්මචක්රය උපදවනලද්දේ නම් වෙයි.
කදා පවත්තෙති නාම? බොධිමණ්ඩෙ සත්තසත්තාහං වීතිනාමෙත්වා ඉසිපතනෙ මිගදායෙ අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරං කායසක්ඛිං කත්වා ධම්මචක්කප්පවත්තනසුත්තන්තං දෙසෙන්තො ධම්මචක්කං පවත්තෙති නාම.
කෙදිනක පවත්වයි නම්දයත්? බෝමැඩ සත්සතියක් ගෙවා මුවන්ට අභයභූමියක්වූ ඉසිපතනාරාමයෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන්වහන්සේ කාය සාක්ෂ්යකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තය දේශනාකරන්නේ ධර්මචක්රය පවත්වයිනමි.
යදා පන අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරෙන දසබලස්ස දෙසනාඤාණානුභාවනිබ්බත්තං සවනං ලභිත්වා සබ්බපඨමං ධම්මො අධිගතො, තතො පට්ඨාය ධම්මචක්කං පවත්තිතං නාම හොතීති වෙදිතබ්බං. ධම්මචක්කන්ති චෙතං දෙසනාඤාණස්සපි නාමං පටිවෙධඤාණස්සපි. තෙසු දෙසනාඤාණං ලොකියං, පටිවෙධඤාණං ලොකුත්තරං. කස්ස දෙසනාපටිවෙධඤාණන්ති? න අඤ්ඤස්ස කස්සචි, සම්මාසම්බුද්ධස්සෙව දෙසනාඤාණඤ්ච පටිවෙධඤාණඤ්චාති වෙදිතබ්බං.
යම් දිනක අඤ්ඤාකොණ්ඩඤ්ඤස්ථවිරයන් විසින් ධහබලයන්වහන්සේගේ දේශනා ඥානානුභාවයෙන් හටගත් ශ්‍රවණය ලැබ සියල්ලන්ට පළමුව ධර්මය අවබෝධ කරනලද්දේද එතැන්පටන් ධර්මචක්රය පවත්වනලද්දේනම් වේයයි දතයුතුයි. මේ ධර්මචක්රය යනු දේශනාඥානයටද ප්රතිවේධඥානයටද නමකි. ඒවා අතුරෙන් දේශනාඥානය ලෞකිකය. ප්රතිවෙධඥානය ලෝකෝත්තරය. කවරකුගේ දේශනාප්රතිවේධ ඥානයදයත්? අන් කිසිවකුගේ නොව සම්මාසම්බුදුන්වහන්සේගේම දේශනා ඥානය හා ප්රතිවේධඥානයයි දතයුතුයි.
සම්මදෙවාති හෙතුනා නයෙන කාරණෙනෙව. අනුප්පවත්තෙතීති යථා පුරතො ගච්ඡන්තස්ස පච්ඡතො ගච්ඡන්තො තං අනුගච්ඡති නාම, එවං පඨමතරං සත්ථාරා පවත්තිතං ථෙරො අනුප්පවත්තෙති නාම. කථං? සත්ථා හි “චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො”ති කථෙන්තො ධම්මචක්කං පවත්තෙති නාම, ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරොපි “චත්තාරොමෙ, ආවුසො, සතිපට්ඨානා”ති කථෙන්තො ධම්මචක්කං අනුප්පවත්තෙති නාම. සම්මප්පධානාදීසුපි එසෙව නයො. න කෙවලඤ්ච බොධිපක්ඛියධම්මෙසු, “චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. චත්තාරොමෙ, භික්ඛවෙ, අරියවංසා”තිආදීසුපි අයං නයො නෙතබ්බොව. එවං සම්මාසම්බුද්ධො ධම්මචක්කං පවත්තෙති නාම, ථෙරො දසබලෙන පවත්තිතං ධම්මචක්කං අනුප්පවත්තෙති නාම.
‘සම්මදෙව’ යනු හේතුවෙන්, පිළිවෙළින් කාරණයෙන්ම යනුයි. ‘අනුප්පවත්තෙති’ යනු යම්සේ පෙරටුව යන්නහුට පසුව යන්නා ඔහු අනුගමනය කරයිද එසේ පළමුව ශාස්තෘන්වහන්සේ විසින් පවත්වනලද්ද තෙරුන්වහන්සේ අනුව පවත්වයි නම්වේ. කෙසේදයත්? ශාස්තෘන්වහන්සේ වනාහි, ‘චත්තාරොමෙ භික්ඛවෙ සතිපට්ඨෘනා කතමෙ චත්තාරො’යි කියනසේක් ධර්මචක්රය පවත්වයි නමි. දම් සෙනෙවි සැරියුත් තෙරුන්වහන්සේද ඒ සතර සතිපට්ඨානයන්හිම ‘චත්තාරොමෙ ආවුසො සතිපට්ඨානා’යි කියන්නේ ධර්මචක්රය අනුපවත්වයි නමි. සම්‍යක් ප්රධානාදියෙහිද මේ ක්‍රමයමයි. හුදෙක් බෝධිපාක්ෂික ධර්මයන්හි පමණක් නොවේ. ‘චත්තාරිමානි භික්ඛවෙ අරියසච්චානි,’ ‘චත්තාරොමෙ භික්ඛවෙ අරියවංසො’ යනාදියෙහිද මේ ක්රමයම එළඹිය යුත්තේමය. මෙසේ සම්බුදුන්වහන්සේ ධර්මචක්රය පවත්වති නමි. තෙරුන්වහන්සේ බුදුන්වහන්සේ විසින් පවත්වනලද ධර්මචක්රය අනුපවත්වති නමි.
එවං ධම්මචක්කං අනුප්පවත්තෙන්තෙන පන ථෙරෙන ධම්මො දෙසිතොපි පකාසිතොපි සත්ථාරාව දෙසිතො පකාසිතො හොති. යො හි කොචි භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා දෙවො වා සක්කො වා මාරො වා බ්රහ්මා වා ධම්මං දෙසෙතු පකාසෙතු, සබ්බො සො සත්ථාරා දෙසිතො පකාසිතොව නාම හොති, සෙසජනො පන ලෙඛහාරකපක්ඛෙ ඨිතොව නාම හොති. කථං? යථා හි රඤ්ඤා දින්නං පණ්ණං වාචෙත්වා යං යං කම්මං කරොන්ති, තං තං කම්මං යෙන කෙනචි කතම්පි කාරිතම්පි රඤ්ඤා කාරිතන්තෙව වුච්චති. මහාරාජා විය හි සම්මාසම්බුද්ධො. රාජපණ්ණං විය තෙපිටකං බුද්ධවචනං. පණ්ණදානං විය තෙපිටකෙ නයමුඛදානං පණ්ණං වාචෙත්වා තංතංකම්මානං කරණං විය චතුන්නං පරිසානං අත්තනො බලෙන බුද්ධවචනං උග්ගණ්හිත්වා පරෙසං දෙසනා පකාසනා. තත්ථ යථා පණ්ණං වාචෙත්වා යෙන කෙනචි කතම්පි කාරිතම්පි තං කම්මං රඤ්ඤා කාරිතමෙව හොති, එවමෙව යෙන කෙනචි දෙසිතොපි පකාසිතොපි ධම්මො සත්ථාරා දෙසිතො පකාසිතොව නාම හොතීති වෙදිතබ්බො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
මෙසේ ධර්මචක්රය අනුපවත්වන්නාවූ තෙරුන්වහන්සේ විසින් ධර්මය දෙසනලද්දේද පවසනලද්දේද ශාස්තෘන්වහන්සේ විසින්ම දෙසනලද්දේ පවසනලද්දේවෙයි. යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුනියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ දෙවියෙක් හෝ ශක්‍රයෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ කවරෙක් හෝ ධර්මය දෙසාවා, පවසාවා, ඒ සියල්ල ශෘස්තෘන්වහන්සේ විසින් දෙසනලද්දේ පවසනලද්දේම වෙයි. සෙසු ජනයා ලේඛහාරක පක්ෂයෙහි නයමුඛ දීමෙහි සිටියේම නම්වෙයි. කෙසේද යත්? රජුවිසින් දෙනලද ප්‍රමාණ පත්‍රිකාව කියවකියවා කර්මයද කරවත්ද ඒ කර්මය යම්කිසිවෙකු විසින් එසේ කරවනලද්දේවුවත් රජුවිසින් කරන ලද්දක්මයයි කියනුලැබේද එසේය. සම්මාසම්බුදුන්වහන්සේ රජුමෙනි. ත්‍රිපිටක බුද්ධවචනය රාජපත්රිකාව මෙනි. ත්‍රිපිටකයෙහි නයමුඛදානය පත්‍රිකාව දීමමෙනි. තම ශක්තියෙන් බුද්ධවචනය උගෙන සිව්පිරිසට අයත්වූවන්ගේ අනුන්ට දෙසීම පැවසීම පත්‍රිකාව කියවකියවා කර්මය කිරීම මෙනි. එහි යම්සේ පත්‍රිකාව කියවා යම් කිසිවකු විසින් කරනලද හෝ කරවනලද කර්මය රජු විසින් කරනලද්දක්ම වේද එසේම යම් කිසිවකු විසින් දෙසනලද හෝ පවසනලද ධර්මය ශාස්තෘන්වහන්සේ විසින්ම දෙසනලද්දේ පවසනලද්දේ නම් වේයයි දතයුතුය. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
එකපුග්ගලවග්ගවණ්ණනා.
ඒකපුද්ගල වර්ණනාව නිමියේයි.