එතදග්ගපදවණ්ණනා අට්ඨකථා
එතදග්ගපදවණ්ණනා
එතදග්ගපදවණ්ණනා
එතදග්ගෙසු පඨමවග්ගස්ස පඨමෙ එතදග්ගන්ති එතං අග්ගං. එත්ථ ච අයං අග්ගසද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨෙසු දිස්සති. “අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීන”න්තිආදීසු (ම· නි· 2.70) හි ආදිම්හි දිස්සති. “තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය (කථා· 441), උච්ඡග්ගං වෙළග්ග”න්තිආදීසු කොටියං. “අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා (සං· නි· 5.374), අනුජානාමි, භික්ඛවෙ, විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්තිආදීසු (චූළව· 318) කොට්ඨාසෙ. “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදීසු (අ· නි· 4.34; ඉතිවු· 90) සෙට්ඨෙ. ස්වායමිධ කොටියම්පි වට්ටති සෙට්ඨෙපි. තෙ හි ථෙරා අත්තනො අත්තනො ඨානෙ කොටිභූතාතිපි අග්ගා, සෙට්ඨභූතාතිපි. තස්මා එතදග්ගන්ති එසා කොටි එසො සෙට්ඨොති අයමෙත්ථ අත්ථො. එසෙව නයො සබ්බසුත්තෙසු.
එතදග්ගසූත්රයන්හි ප්‍රථම වර්ගයෙහි පළමුවැන්නෙහි ‘එතදග්ගං’ යනු මේ ශ්‍රේෂ්ඨය යනුයි. මෙහිද මේ අග්ගශබ්දය ආදිය (ආරම්භය) කෙළවර, කොසට, ශ්‍රේෂ්ඨ යන අර්‍ත්‍ථයන්හි දක්නාලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං’ යනාදියෙහි ආදියෙහි (ආරම්භයෙහි) දක්නාලැබෙයි. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය,’ ‘උච්ඡග්ගං වෙළග්ගං’ යනාදියෙහි කොළවරෙහිය. ‘අනුජානාමි භික්ඛවෙ අම්භිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු’ යනාදියෙහි කොටසෙහිය. යාවතා භික්ඛවේ සත්තං අපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යනාදියෙහි ශ්රේෂ්ඨාර්ත්ථයෙහිය. ඒ මේ අග්ග ශබ්දය මෙහි කෙළවරෙහිද ශ්රේෂ්ඨත්වයෙහිද වටී. ඒ තෙරවරු තමතමන්ගේ තැනෙහි කෙළවරට පත්වූවෝද ශ්රෙෂ්ඨවූවෝදැයි අග්‍රවෙති. එබැවින් එතදග්ගං යනු මේ කෙළවරය, මේ ශ්‍රේෂ්ඨය යන මෙය මෙහි අර්ත්ථයයි. සියලු සූත්‍රයන්හි මේ ක්‍රමයයි.
අයඤ්ච එතදග්ගසන්නික්ඛෙපො නාම චතූහි කාරණෙහි ලබ්භති අට්ඨුප්පත්තිතො ආගමනතො චිණ්ණවසිතො ගුණාතිරෙකතොති. තත්ථ කොචි ථෙරො එකෙන කාරණෙන එතදග්ගට්ඨානං ලභති, කොචි ද්වීහි, කොචි තීහි, කොචි සබ්බෙහෙව චතූහිපි ආයස්මා සාරිපුත්තත්ථෙරො විය. සො හි අට්ඨුප්පත්තිතොපි මහාපඤ්ඤතාය එතදග්ගට්ඨානං ලභි ආගමනාදීහිපි. කථං? එකස්මිං හි සමයෙ සත්ථා ජෙතවනමහාවිහාරෙ විහරන්තො කණ්ඩම්බරුක්ඛමූලෙ තිත්ථියමද්දනං යමකපාටිහාරියං දස්සෙත්වා “කහං නු ඛො පුරිමබුද්ධා යමකපාටිහාරියං කත්වා වස්සං උපගච්ඡන්තී”ති ආවජ්ජෙන්තො “තාවතිංසභවනෙ”ති ඤත්වා ද්වෙ පදන්තරානි දස්සෙත්වා තතියෙන පදෙන තාවතිංසභවනෙ පච්චුට්ඨාසි. සක්කො දෙවරාජා භගවන්තං දිස්වා පණ්ඩුකම්බලසිලාතො උට්ඨාය සද්ධිං දෙවගණෙන පච්චුග්ගමනං අගමාසි. දෙවා චින්තයිංසු – “සක්කො දෙවරාජා දෙවගණපරිවුතො සට්ඨියොජනායාමාය පණ්ඩුකම්බලසිලාය නිසීදිත්වා සම්පත්තිං අනුභවති, බුද්ධානං නාම නිසින්නකාලතො පට්ඨාය න සක්කා අඤ්ඤෙන එත්ථ හත්ථම්පි ඨපෙතු”න්ති. සත්ථාපි තත්ථ නිසින්නො තෙසං චිත්තාචාරං ඤත්වා මහාපංසුකූලිකො විය මුණ්ඩපීඨකං සබ්බමෙව පණ්ඩුකම්බලසිලං අවත්ථරිත්වා නිසීදි. එවං නිසීදන්තො පන අත්තනො වා සරීරං මහන්තං කත්වා මාපෙසි, පණ්ඩුකම්බලසිලං වා ඛුද්දකං අකාසීති න සල්ලක්ඛෙතබ්බං. අචින්තෙය්යො හි බුද්ධවිසයො. එවං නිසින්නො පන මාතරං කායසක්ඛිං කත්වා දසසහස්සචක්කවාළදෙවතානං “කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්යාකතා ධම්මා”ති අභිධම්මපිටකං දෙසෙසි.
මේ එතදග්ග සන්නික්ඛෙපය (එතදග්ගය දෙශනාකිරීම) නම් කරුනු සතරකින් ලබයි. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්, පැමිණීම් වශයෙන්, පුරුදුකිරීමේ බලවත් බැවින් හා ගුණමහත්වයෙන්ද යනුයි. එහි කිසියම් තෙරුන්වහන්සේ නමක් එක් කරුණකින් එතදග්‍රස්ථානය ලබති. කිසිවෙක් දෙකකින් කිසිවෙක් තුනකින් කිසිවෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ මෙන් සියලු සතරින්ම අග්‍රස්ථානය ලබති. උන්වහන්සේ අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්ද මහ පැනවත් බැවින් එතදග්‍රස්ථානය ලැබූහ. ආගමනාදියෙන්ද ලැබූහ. කෙසේදයත්? එක් සමයෙක්හි ශාස්තෘන්වහන්සේ දෙව්රම් මහ වෙහෙරෙහි වසන සේක් ගණ්ඩම්බ වෘක්ෂ මූලයෙහි තීර්ථකමථනය කෙරෙන යමක ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා පෙරබුදුවරු යමාපෙළහරකොට කොහි වස්එළඹෙත්දැයි සිහිකරන්නේ තාවතිංසභවනයෙහියයි දැන පියවර දෙකක් දක්වා තෙවැනි පියවරින් තාවතිංසභවනයෙහි පෙනීසිටිසේක. සක්දෙවිරජතෙමේ භාග්‍යවතුන්වහන්සේ දැක පඬුපුල් සලස්නෙන් නැගිට දේව සමූහයා සමඟ පෙරගමන් කළේය. ‘සක් දෙවිරජතෙමේ දෙවිසමූහයා විසින් පිරිවරණලදුයේ සැට යොදුනක්වූ පඬුපුල්සලස්නෙහි හිඳ සැපවිදියි. බුදුන්වහන්සේ හුන්කල්හි පටන් අනෙකෙකු විසින් එහි අත තැබීමටවත් නොහැකි’යි දෙවිවරු සිතූහ. ශාස්තෘන්වහන්සේද එහි හිඳින්නේම ඔවුන්ගේ සිත්හසර දැන කුඩාපුටුවක මහාපංසුකූලිකයෙකු සේ සියලු පඬුපුල් සලස්නම වසාසිට වැඩහුන්සේක. මෙසේ වැඩහිඳිනසේක් තම සිරුර මහත්කොට මැවූසේකැයි හෝ පඬුපුල්සලස්න කුඩාකළසේකැයි හෝ නොසැලකියයුතුය. බුද්ධවිෂය අචින්ත්‍යය. මෙසේ වැඩහුන්නාහුවනාහි මව කායසාක්ෂ්යකොට දසදහසක් සක්වළ දෙවියන්ට ‘කුසලා ධම්මා අකුසලා ධම්මා අඛ්‍යාකතා ධම්මා’ යනුවෙන් අභිධර්ම පිටකය දේශනාකළසේක.
පාටිහාරියට්ඨානෙපි සබ්බාපි ද්වාදසයොජනිකා පරිසා අනුරුද්ධත්ථෙරං උපසඞ්කමිත්වා “කහං, භන්තෙ, දසබලො ගතො”ති පුච්ඡි. තාවතිංසභවනෙ පණ්ඩුකම්බලසිලායං වස්සං උපගන්ත්වා අභිධම්මකථං දෙසෙතුං ගතොති. භන්තෙ, න මයං සත්ථාරං අදිස්වා ගමිස්සාම. කදා සත්ථා ආගමිස්සතීති සත්ථු ආගමනකාලං ජානාථාති? මහාමොග්ගල්ලානත්ථෙරස්ස භාරං කරොථ, සො බුද්ධානං සන්තිකං ගන්ත්වා සාසනං ආහරිස්සතීති. කිං පන ථෙරස්ස තත්ථ ගන්තුං බලං නත්ථීති? අත්ථි, විසෙසවන්තානං පන විසෙසං පස්සන්තූති එවමාහ. මහාජනො මහාමොග්ගල්ලානත්ථෙරං උපසඞ්කමිත්වා සත්ථු සාසනං ගහෙත්වා ආගමනත්ථාය යාචි. ථෙරො පස්සන්තෙයෙව මහාජනෙ පථවියං නිමුජ්ජිත්වා අන්තොසිනෙරුනා ගන්ත්වා සත්ථාරං වන්දිත්වා ආහ – “භන්තෙ, මහාජනො තුම්හාකං දස්සනකාමො, ආගමනදිවසං වො ජානිතුං ඉච්ඡතී”ති. තෙන හි “ඉතො තෙමාසච්චයෙන සඞ්කස්සනගරද්වාරෙ පස්සථා”තිස්ස වදෙහීති. ථෙරො භගවතො සාසනං ආහරිත්වා මහාජනස්ස කථෙසි. මහාජනො තත්ථෙව තෙමාසං ඛන්ධාවාරං බන්ධිත්වා වසි. චූළඅනාථපිණ්ඩිකො ද්වාදසයොජනාය පරිසාය තෙමාසං යාගුභත්තං ආදාසි.
පෙළහැර පෑ තන්හිද දොළොස් යොදුනකවූ සියලු පිරිස අනුරුද්ධ තෙරුන්වෙත එළඹ ‘ස්වාමීනි, දශබලයන්වහන්සේ කොහි වැඩිසේක්දැ’යි පිළිවිසීය. ‘තව්තිසා භාවනයෙහි පඬුපුල්සලස්නෙහි වස් එළඹ අභිධර්මපිටකය දෙසීමට පටන්ගත්සේකැ’යි (තෙරුන්වහන්සේ පිළිතුරු දුන්හ.) ‘ස්වාමීනි, අපි ශාස්තෘන්වහන්සේ නොදැක නොයන්නෙමු. ශාස්තෘන්වහන්සේ කවදා ආපසු පැමිණෙත්දැයි බුදුන්වහන්සේ පැමිණෙන කාලය දන්නහුදැ’යි ඇසීය. ‘මහමුගලන්තෙරුනට භාර කරන්න. උන්වහන්සේ බුදුන් සමීපයට ගොස් හසුනක් (පණිවිඩයක්) ගෙන එන්නාහුය’යි කීහ. ‘කිමෙක්ද තෙරුන් වහන්සේට එහි යාමට බලයක් නැද්දැ’යි ඇසීය. ‘ඇත. (එහෙත්) වෙසෙස් හැකියාවක් ඇත්තවුන්ගේ වෙසෙස බලත්වා’යි කීහ. මහජනයා මුගලන්තෙරුන්වෙත එළඹ ශාස්තෘන්වහන්සේගේ හසුනක් ගෙන එනු පිණිස ඇයැදීය. තෙරුන්වහන්සේ මහජනයා බලා සිටියදීම මහපොළොවෙහි කිමිදී මහමෙර තුළින් ගොස් ශාස්තෘන්වහන්සේ වැඳ, ස්වාමීනි, මහජනයා නුඹවහන්සේ දකිනු කැමැත්තේ නුඹ වහන්සේ පැමිණෙන දිනය දැන ගැනීමට කැමැත්තේය’යි කීහ. එසේනම් මෙයින් තෙමසක අවෑමෙන් සංකස්ස නුවර දොරටුවෙහි බලවුයයි උන්වහන්සේට පැවසූසේක. තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ හසුන ගෙනවුත් මහජනයාට පැවසූහ. මහජනයා එහිම තෙමසක් කඳවුරු බැඳ විසීය. සුළු අනෙපිඬු තෙමේ දොළොස් යොදුනෙක්හිවූ පිරිසට තෙමසක් කැඳබත් දුන්නේය.
සත්ථාපි සත්තප්පකරණානි දෙසෙත්වා මනුස්සලොකං ආගමනත්ථාය ආකප්පං දස්සෙසි. සක්කො දෙවරාජා විස්සකම්මං ආමන්තෙත්වා තථාගතස්ස ඔතරණත්ථාය සොපානං මාපෙතුං ආණාපෙසි. සො එකතො සොවණ්ණමයං එකතො රජතමයං සොපානං මාපෙත්වා මජ්ඣෙ මණිමයං මාපෙසි. සත්ථා මණිමයෙ සොපානෙ ඨත්වා “මහාජනො මං පස්සතූ”ති අධිට්ඨාසි. අත්තනො ආනුභාවෙනෙව “මහාජනො අවීචිමහානිරයං පස්සතූ”තිපි අධිට්ඨාසි. නිරයදස්සනෙන චස්ස උප්පන්නසංවෙගතං ඤත්වා දෙවලොකං දස්සෙසි. අථස්ස ඔතරන්තස්ස මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි, සක්කො දෙවරාජා පත්තං ගණ්හි, සුයාමො දෙවරාජා දිබ්බං වාළබීජනිං බීජි, පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො බෙලුවපණ්ඩුවීණං සමපඤ්ඤාසාය මුච්ඡනාහි මුච්ඡිත්වා වාදෙන්තො පුරතො ඔතරි. බුද්ධානං පථවියං පතිට්ඨිතකාලෙ “අහං පඨමං වන්දිස්සාමි, අහං පඨමං වන්දිස්සාමී”ති මහාජනො අට්ඨාසි. සහ මහාපථවීඅක්කමනෙන පන භගවතො නෙව මහාජනො න අසීතිමහාසාවකා පඨමකවන්දනං සම්පාපුණිංසු, ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරොයෙව පන සම්පාපුණි.
ශාස්තෘන්වහන්සේද සප්තප්‍රකරණයන් දෙසා මිනිස් ලොවට එනු පිණිස අදහස දැක්වූසේක. සක්දෙවිරජතෙමේ විස්කම් දෙවි අමතා තථාගතයන්වහන්සේට බැසීම සඳහා හිණිමඟක් මැවීමට ඇණවීය. හෙතෙම එක්පසෙකින් රන්මුවාවූද අනෙක් පසින් රිදීමුවාවූද හිණිමඟක් මවා මැදින් මිණිමුවා හිණිමඟක් මැවීය. ශාස්තෘන්වහන්සේ මිණිමුවා හිණෙහි සිට මහජනයා මා දකීවායි ඉටූසේක. තමාගේ ආනුභාවයෙන්ම මහජනයා අවීචිමහනිරය දකීවායිද ඉටුසේක. නිරය දැකීමෙන් මහජනයාට උපන්සංවේගය දැන දෙව්ලොව දැක්වූසේක. ඉක්බිති බසින්නාවූ උන්වහන්සේට මහබඹු සත දැරීය. සක්දෙවි රජතෙමේ පාසිවුරු ගත්තේය. සුයාම දෙව්රජතෙමේ දිව වල්විදුනා සෙලවීය. පන්සිළු ගදැඔ පුත්තෙමේ බෙලුවපණ්ඩුවෙණ සමපනස් තත්වලින් ගටා වයමින් ඉදිරියෙන් ඉදිරියෙන් බැස්සේය. බුදුරජානන්වහන්සේ පොළොවෙහි පිහිටි කල්හි ‘මම පළමුව වඳිමි, මම පළමුව වඳිමි’යි මහජනයා සිටියේය. මහපොළොව ඇක්මීමත් සමඟ භාග්‍යවතුන්වහන්සේට පළමුව වැඳීම මහජනයා හෝ අසූමහසව්වෝ අත්කරනොගත්හ. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝම අත්කරගත්හ.
අථ සත්ථා ද්වාදසයොජනාය පරිසාය අන්තරෙ “ථෙරස්ස පඤ්ඤානුභාවං ජානන්තූ”ති පුථුජ්ජනපඤ්චකං පඤ්හං ආරභි. පඨමං ලොකියමහාජනො සල්ලක්ඛෙස්සතීති පුථුජ්ජනපඤ්හං පුච්ඡි. යෙ යෙ සල්ලක්ඛිංසු, තෙ තෙ කථයිංසු. දුතියං පුථුජ්ජනවිසයං අතික්කමිත්වා සොතාපත්තිමග්ගෙ පඤ්හං පුච්ඡි. පුථුජ්ජනා තුණ්හී අහෙසුං, සොතාපන්නාව කථයිංසු. තතො සොතාපන්නානං විසයං අතික්කමිත්වා සකදාගාමිමග්ගෙ පඤ්හං පුච්ඡි. සොතාපන්නා තුණ්හී අහෙසුං, සකදාගාමිනොව කථයිංසු. තෙසම්පි විසයං අතික්කමිත්වා අනාගාමිමග්ගෙ පඤ්හං පුච්ඡි. සකදාගාමිනො තුණ්හී අහෙසුං, අනාගාමිනොව කථයිංසු. තෙසම්පි විසයං අතික්කමිත්වා අරහත්තමග්ගෙ පඤ්හං පුච්ඡි. අනාගාමිනො තුණ්හී අහෙසුං, අරහන්තාව කථයිංසු. තතො හෙට්ඨිමකොටිතො පට්ඨාය අභිඤ්ඤාතෙ අභිඤ්ඤාතෙ සාවකෙ පුච්ඡි, තෙ අත්තනො අත්තනො පටිසම්භිදාවිසයෙ ඨත්වා කථයිංසු. අථ මහාමොග්ගල්ලානං පුච්ඡි, සෙසසාවකා තුණ්හී අහෙසුං, ථෙරොව කථෙසි. තස්සාපි විසයං අතික්කමිත්වා සාරිපුත්තත්ථෙරස්ස විසයෙ පඤ්හං පුච්ඡි. මහාමොග්ගල්ලානො තුණ්හී අහොසි, සාරිපුත්තත්ථෙරොව කථෙසි. ථෙරස්සාපි විසයං අතික්කමිත්වා බුද්ධවිසයෙ පඤ්හං පුච්ඡි. ධම්මසෙනාපති ආවජ්ජෙන්තොපි පස්සිතුං න සක්කොති, පුරත්ථිමපච්ඡිමුත්තරදක්ඛිණා චතස්සො දිසා චතස්සො අනුදිසාති ඉතො චිතො ච ඔලොකෙන්තො පඤ්හුප්පත්තිට්ඨානං සල්ලක්ඛෙතුං නාසක්ඛි.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ දොළොස් යොදුනක්හිවූ පිරිස අතුරෙහි තෙරුන්වහන්සේගේ ප්‍රඥානුභාවය දැනගනිත්වායි පෘථග්ජන පංචක ප්‍රශ්න ඇසීම ඇරඹූසේක. පළමුව ලෞකික මහජනයා සලකාබලනු ඇතැයි පෘථග්ජන ප්‍රශ්නයක් ඇසූසේක. යමෙක් යමෙක් සලකා බැලුවාහුද ඔවුහු පිළිතුරු දුන්හ. දෙවනුව පෘථග්ජනවිෂය ඉක්මවා සෝවාන් මාර්ගයෙහි ප්‍රශ්නයක් විමසූසේක. පෘථග්ජනයෝ නිහඬවූහ. සෝවාන්වූවෝම පිළිතුරු දුන්හ. ඉක්බිති සෝවාන්වූවන්ගේ විෂයය ඉක්මවා සකෘදාගාමී මාර්ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. සෝවාන්වූවෝ නිහඬවූහ. සකෘදාගාමීවූවෝම පිළිතුරු දුන්හ. ඔවුන්ගේද විෂයය ඉක්මවා අනාගාමිමාර්ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. සකෘදාගාමිවූවෝ නිහඬවූහ. අනාගාමි වූවෝම පිළිතුරුදුන්හ. ඔවුන්ගේද විෂය ඉක්මවා අර්හත්මාර්ගයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. අනාගාමිවූවෝ නිහඬවූහ. රහත්වූවෝම පිළිතුරුදුන්හ. එයින් අවම කෙළවරේ සිට ප්‍රකට ප්‍රකට ශ්‍රාවකයන්ගෙන් ප්රශ්නවිමසූ සේක. ඔවුහු තමතමන්ගේ ප්‍රතිසම්භිදා විෂයෙහි සිට පිළිතුරු දුන්හ. ඉක්බිති මහමුගලන් තෙරුන් විමසූසේක. (එම) තෙරුන්වහන්සේම පිළිතුරු දුන්හ. උන්වහන්සේගේද ගෝචරය ඉක්මවා සැරියුත් තෙරුන්වහන්සේගේ විෂයයෙහි විමසූසේක. මහමුගලන් තෙරණුවෝ නිහඬවූහ. සැරියුත් තෙරණුවෝම පිළිතුරු දුන්හ. තෙරුන්වහන්සේගේද විෂය ඉක්මවා බුද්ධවිෂයයෙහි ප්‍රශ්නයක් ඇසූසේක. දම්සෙනෙවි සැරියුත්තෙරණුවෝ සිහි කරන්නාහුද (පිළිතුරු) දැකීමට අපොහොසත් වූහ. පෙරදිග, පෑළදිග, උතුරුදිග හා දකුණුදිග යන සතර දිසා සහ සතර අනුදිසාද යන ඔබිමොබ සලකා බලන්නාහු ප්රශ්නය උපන්තැන සලකා ගන්නට නොහැකිවූහ.
සත්ථා ථෙරස්ස කිලමනභාවං ජානිත්වා “සාරිපුත්තො කිලමති, නයමුඛමස්ස දස්සෙස්සාමී”ති “ආගමෙහි ත්වං, සාරිපුත්තා”ති වත්වා “නායං තුය්හං විසයො පඤ්හො, බුද්ධානං එස විසයො සබ්බඤ්ඤූනං යසස්සීන”න්ති බුද්ධවිසයභාවං ආචික්ඛිත්වා “භූතමිදන්ති, සාරිපුත්ත, සමනුපස්සසී”ති ආහ. ථෙරො “චතුමහාභූතිකකායපරිග්ගහං මෙ භගවා ආචික්ඛතී”ති ඤත්වා “අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා”ති ආහ. එතස්මිං ඨානෙ අයං කථා උදපාදි – මහාපඤ්ඤො වත, භො, සාරිපුත්තත්ථෙරො, යත්ර හි නාම සබ්බෙහි අනඤ්ඤාතං පඤ්හං කථෙසි, බුද්ධෙහි ච දින්නනයෙ ඨත්වා බුද්ධවිසයෙ පඤ්හං කථෙසි, ඉති ථෙරස්ස පඤ්ඤානුභාවො යත්තකං ඨානං බුද්ධානං කිත්තිසද්දෙන ඔත්ථටං, සබ්බං අජ්ඣොත්ථරිත්වා ගතොති එවං තාව ථෙරො අට්ඨුප්පත්තිතො මහාපඤ්ඤතාය එතදග්ගට්ඨානං ලභි.
ශාස්තෘන්වහන්සේ තෙරුන් වෙහෙසෙන බැව් දැන, ‘ශාරිපුත්‍රයෝ වෙහෙසෙති, මොහුට නයමුඛය දක්වන්නෙමැ’යි ‘ශාරිපුත්‍රය,මෙහි එන්නැයි පවසා මෙය ඔබට විෂය වන්නක් නොවේ. සියල්ලදත් යශස් ඇති බුදුවරුන්ටම මෙය විෂයය වේය’යි බුද්ධවිෂයක භාවය සැලකොට ‘ශාරිපුත්‍රය, මෙය වීයයි දකිහියි වදාළසේක. තෙරණුවෝ, භාග්‍යවතුන්වහන්සේ මට සතර මහාභූතයන්ගෙන් හටගත්ශරීරයට අයත් දෙයක් සැලකරන සේකැයි දැන, ‘භාග්‍යවතුන්වහන්ස, වැටහුණි, සුගතයන් වහන්ස, වැටහුණියි පැවසූහ. මේ කරුණ අරභයා, මේ කථාව හටගත්තේය: සැරියුත්තෙරුන්වහන්සේ නම් මහ පැනවතෙකි. සියල්ලන් විසින් නොදත් ප්‍රශ්නයකට පිළිතුරු දුන්හ. බුදුන්වහන්සේ විසින් දෙනලද නයෙහි සිට බුද්ධවිෂයෙහි ප්‍රශ්නයක් විසඳූහ. මෙසේ තෙරුන්වහන්සේගේ ප්‍රඥානුභාවය, බුදුන්වහන්සේගේ කීර්ති ශබ්දයෙන් යම්තැනක පැතිරගියේද ඒ සියල්ල වසා පැතිරගියේයයි මෙසේ තෙරුන්වහන්සේ අර්ත්ථොත්පත්තිවශයෙන් මහාප්රඥාවත්භාවයෙන් එතදග්‍රස්ථානය ලැබූහ.
කථං ආගමනතො? ඉමිස්සායෙව හි අට්ඨුප්පත්තියා සත්ථා ආහ – සාරිපුත්තො න ඉදානෙව පඤ්ඤවා, අතීතෙ පඤ්ච ජාතිසතානි ඉසිපබ්බජ්ජං පබ්බජිත්වාපි මහාපඤ්ඤොව අහොසි –
පැමිණීම්වශයෙන් කෙසේදයත්? සැරියුත්තෙරණුවෝ පැනවත්වූවෝ දැන් පසණක් නොවෙති. අතීතයෙහි ජාතිපන්සියයක් තවුස් පැවිද්දෙන් පැවිදිවද මහපැනවත්වූවෝමයයි පැවසූසේක.
“යො පබ්බජී ජාතිසතානි පඤ්ච, පහාය කාමානි මනොරමානි; තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං, පරිනිබ්බුතං වන්දථ සාරිපුත්ත”න්ති.
‘යමෙක් ජාති පන්සියයකදී මියුරු කාමයන් අත්හැර පැවිදිවූයේද ඒ පහකළ රාග ඇති මනාව දැමුණු ඉඳුරන් ඇති පිරිනිවන් පෑ සැරියුත් තෙරුන් වඳිවු’
එවං පබ්බජ්ජං උපබ්රූහයමානො එකස්මිං සමයෙ බාරාණසියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තො. තයො වෙදෙ උග්ගණ්හිත්වා තත්ථ සාරං අපස්සන්තො “පබ්බජිත්වා එකං මොක්ඛධම්මං ගවෙසිතුං වට්ටතී”ති චිත්තං උප්පාදෙසි. තස්මිං කාලෙ බොධිසත්තොපි කාසිරට්ඨෙ උදිච්චබ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය උග්ගහිතසිප්පො කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා ඝරාවාසං පහාය හිමවන්තං පවිසිත්වා කසිණපරිකම්මං කත්වා පඤ්ච අභිඤ්ඤා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා වනමූලඵලාහාරො හිමවන්තප්පදෙසෙ වසති. සොපි මාණවො නික්ඛමිත්වා තස්සෙව සන්තිකෙ පබ්බජි. පරිවාරො මහා අහොසි පඤ්චසතමත්තා ඉසයො.
මෙසේ පැවිද්ද වඩමින් එක් කලෙක බරණැස බමුණුකුලයෙක්හි උපන්නේ ත්රිවේදය උගෙන, එහි හරයක් නොදකින්නේ පැවිදිව එක් මොක්ෂ ධර්මයක් සෙවීමට වටනේයයි සිතක් පහළ කළේය. එකල්හි බෝසත් තමේද කසීරටෙහි උසස් බ්‍රාහ්මණමහාසාර කුලයෙක උපන්නේ වැඩිවියට පැමිණ උගත්සිල්ප ඇත්තේ, කාමයන්හි ආදීනවද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්ද දැක ගිහිගෙයිවාසය අත්හැර හිමවතට පිවිස කසිණ පරිකර්මය කොට පංචාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා වනමුල්පල ආහාරකොට ඇත්තේ හිමවත පසෙක විසීය. ඒ මාණවකයාද නික්ම ඒ බෝසතුන්ගේම සමීපයෙහි පැවිදිවිය. පිරිවර මහත්විය. පන්සියයක් පමණවූ සෘෂීහුවුහ.
අථස්ස සො ජෙට්ඨන්තෙවාසිකො එකදෙසං පරිසං ගහෙත්වා ලොණම්බිලසෙවනත්ථං මනුස්සපථං අගමාසි. තස්මිං සමයෙ බොධිසත්තො තස්මිංයෙව හිමවන්තප්පදෙසෙ කාලං අකාසි. කාලකිරියසමයෙව නං අන්තෙවාසිකා සන්නිපතිත්වා පුච්ඡිංසු – “අත්ථි තුම්හෙහි කොචි විසෙසො අධිගතො”ති. බොධිසත්තො “නත්ථි කිඤ්චී”ති වත්වා අපරිහීනජ්ඣානො ආභස්සරබ්රහ්මලොකෙ නිබ්බත්තො. සො කිඤ්චාපි ආකිඤ්චඤ්ඤායතනස්ස ලාභී, බොධිසත්තානං පන අරූපාවචරෙ පටිසන්ධි නාම න හොති. කස්මා? අභබ්බට්ඨානත්තා. ඉති සො අරූපසමාපත්තිලාභී සමානොපි රූපාවචරෙ නිබ්බත්ති. අන්තෙවාසිකාපිස්ස “ආචරියො ‘නත්ථි කිඤ්චී’ති ආහ, මොඝා තස්ස කාලකිරියා”ති න කිඤ්චි සක්කාරසම්මානං අකංසු. අථ සො ජෙට්ඨන්තෙවාසිකො අතික්කන්තෙ වස්සාවාසෙ ආගන්ත්වා “කහං ආචරියො”ති පුච්ඡි. කාලං කතොති. අපි නු ආචරියෙන ලද්ධගුණං පුච්ඡිත්ථාති? ආම පුච්ඡිම්හාති. කිං වදෙතීති? නත්ථි කිඤ්චීති. මයම්පි “ආචරියෙන ලද්ධගුණො නාම නත්ථී”ති නාස්ස සක්කාරසම්මානං කරිම්හාති. තුම්හෙ භාසිතස්ස අත්ථං න ජානිත්ථ, ආචරියො ආකිඤ්චඤ්ඤායතනස්ස ලාභීති.
ඉක්බිති ඒ බෝසතුන්ගේ දෙටුඅතවැසිවූ හෙතෙම පිරිසෙන් කොටසක් ගෙන ලුණුඇඹුල් සෙවුනා පිණිස මිනිස් පියසට ගියේය. එකල්හි බෝසත් තෙමේ ඒ හිමවූ පෙදෙසෙහිම කළුරිය කළේය. කළුරිය කරන වේලාවෙහි අතවැස්සෝ ඔහු වෙත එළඹ නුඹවහන්සේ විසින් කිසියම් විශේෂාධිගමක් කරනලද්දේදැයි ඇසූහ. බෝසත් තෙමේ නත්ථිකිඤ්චි (කිසිවක් නැත) යි කියා නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. හෙතෙම කිසියම් ආකිඤ්චඤ්ඤයතන ලාභියෙකි. බෝසතුන්ට වනාහි අරූපවචරයෙහි පිළිසිඳ ගැනීමක් නම් නැත. කුමක් හෙයින්දයත්, අභව්‍යස්ථාන බැවිනි. මෙසේ හෙතෙම අරූපසමාපත්ති ලාභියෙකුවුවද රූපාවචරයෙහි උපන්නේය. මොහුගේ අතවැසියෝද ‘ඇදුරුතුමා කිසිවක් නැතැයි කීවේය. ඔහුගේ කළුරිය කිරීම නිසරුය’යි කිසිදු ගරුබුහුමනක් නෙකළාහුය. ඉක්බිති ඒ දෙටු අතවැසිතෙමේ වස්විසීම ගෙවීගියකල්හි අවුත්, ‘ඇදුරුතුමා කොහිදැ’යි පිළිවිසීය. කළුරිය කළේයයි කීහ. ‘ඇදුරුතුමන් විසින් ලදගුණයන් විමසූහුදැ’යි ඇසීය. ‘එසේය විමසුවෙමු’යි කීහ. ‘කුමක් කීවේදැ’යි ඇසීය. ‘කිසිවක් නැතැයි කිවේය. අපිදු ඇදුරුතුමන් විසින් ලද ගුණයක්නම් නැතැයි ඔහුට ගරුබුහුමන් නොකෙළෙම්හ’යි කීහ. ‘ඔබලා කියනලද්දෙහි අරුත නොදන්නහුය. ඇදුරුතුමා ආකිඤ්චඤ්ඤායතන ලාභියෙකි’යි කීවේය.
අථ තෙ ජෙට්ඨන්තෙවාසිකස්ස කථං න සද්දහිංසු. සො පුනප්පුනං කථෙන්තොපි සද්දහාපෙතුං නාසක්ඛි. අථ බොධිසත්තො ආවජ්ජමානො “අන්ධබාලො මහාජනො මය්හං ජෙට්ඨන්තෙවාසිකස්ස කථං න ගණ්හාති, ඉමං කාරණං පාකටං කරිස්සාමී”ති බ්රහ්මලොකතො ඔතරිත්වා අස්සමපදමත්ථකෙ ඨිතො ආකාසගතොව ජෙට්ඨන්තෙවාසිකස්ස පඤ්ඤානුභාවං වණ්ණෙත්වා ඉමං ගාථං අභාසි –
සෙස්සෝ දෙටු අතවැස්සාගේ කීම නොපිළිගත්හ. හෙතෙම යලියළිත් කියන්නේද පිළිගැන්වීමට නොහැකි විය. ඉක්බිති බෝසත් තෙමේ සිහිකරන්නේ අඳබොළඳ මහජනයා මගේ දෙටු ඇතවැසියාගේ කීම නොපිළිගනියි. මේ කරුණ පළටකරමැයි බඹලොවින් බැස අසපුපියස මත්තෙහි සිටියේ අහසෙහි වූයේම දෙටු අතවැසියාගේ ප්‍රඥාබලය වර්ණනාකොට මේ ගාථාව කීවේය:-
“පරොසහස්සම්පි සමාගතානං, කන්දෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා; එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්ථ”න්ති. (ජා· 1.1.101);
‘රැස්වුවන් අතුරෙන් නුවණ නැත්තෝ දහසකට අධිකවූවත් ඔවුහු අවුරුදුසියයක් හඬන්නාහුය. යමෙක් කියනලද්දෙහි අර්ත්ථය දනීද ප්‍රඥාවත්වූ ඒ එකම පුරුෂයාම වටනේය.
එවං ඉසිගණං සඤ්ඤාපෙත්වා බොධිසත්තො බ්රහ්මලොකමෙව ගතො. සෙසඉසිගණොපි අපරිහීනජ්ඣානො හුත්වා කාලං කත්වා බ්රහ්මලොකපරායණො ජාතො. තත්ථ බොධිසත්තො සබ්බඤ්ඤුතං පත්තො, ජෙට්ඨන්තෙවාසිකො සාරිපුත්තත්ථෙරො ජාතො, සෙසා ඉසයො බුද්ධපරිසා ජාතාති එවං අතීතෙපි සාරිපුත්තො මහාපඤ්ඤොව සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානිතුං සමත්ථොති වෙදිතබ්බො.
මෙසේ සෘෂි සමූහයාට හඟවා බෝසත් තෙමේ බඹලොවටම ගියේය. සෙසු සෘෂිසමූහයාද නොපිරිහුන් ධ්‍යාන ඇත්තාහු කළුරියකොට බඹලොව පිහිටකොට ඇත්තෝම වූහ. එහි බෝසත් තෙමේ සර්වඥබවට පත්වූයේය. දෙටු අතවැසිතෙමේ සැරියුත් තෙරණුවෝ වූහ. සෙසු සෘෂිහු බුදුපිරිස වූවාහුය. මෙසේ අතීතයෙහිද සැරියුත් තෙරණුවෝ මහ පැණවත්වූවෝම සැකෙවින් කීදෙයෙහි විස්තරවශයෙන් අර්ත්ථය දැනීමට සමත්වූවාහුයයි දතයුතුයි.
ඉදමෙව ච පුථුජ්ජනපඤ්චකං අට්ඨුප්පත්තිං කත්වා –
මේ පෘථග්ජන පංචකයම අර්ත්ථොත්පත්තිකොට:-
“පරොසතඤ්චෙපි සමාගතානං, ඣායෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා; එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො, සො භාසිතස්ස විජානාති අත්ථ”න්ති. (ජා· 1.1.101) –
‘රැස්වූවන් අතුරෙන් සියයකට අධිකවූද නුවණ නැත්තෝ අවුරුදු සියයක් ධ්‍යාන වඩන්නාහුවූවත් යමෙක් කියන ලද දෙයෙහි අර්ත්ථය දනීද ඒ ප්‍රඥාවත්වූ එක් පුද්ගලයාම වටනේයි.
ඉමම්පි ජාතකං කථෙසි. තස්ස පුරිමජාතකෙ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
මේ ජාතකයද පැවසීය, එහි අර්ත්ථය මුල්ජාතකයෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
අපරම්පි ඉදමෙව පුථුජ්ජනපඤ්චකං අට්ඨුප්පත්තිං කත්වා –
අන්‍යවූද මේ පෘථග්ජන පංචකය අර්ත්ථොත්පත්තිකොට:-
“යෙ සඤ්ඤිනො තෙපි දුග්ගතා, යෙපි අසඤ්ඤිනො තෙපි දුග්ගතා; එතං උභයං විවජ්ජය, තං සමාපත්තිසුඛං අනඞ්ගණ”න්ති. (ජා· 1.1.134) –
‘මෙක් සංඥා ඇත්තෝ වෙත්ද ඔවුහුද දුගතියට ගියාහුය. යමෙක් සංඥා නැත්තෝ වෙත්ද ඔවුහුද දුගතියට ගියාහුය. මේ දෙකම අතහැර ඒ සමවත් සුවය කෙලෙස් රහිතයි.
ඉමං අනඞ්ගණජාතකං කථෙසි. එත්ථ ච ආචරියො කාලං කරොන්තො අන්තෙවාසිකෙහි පුච්ඡිතො “නෙවසඤ්ඤී නාසඤ්ඤී”ති ආහ. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
මේ අනඞ්ගන ජාතකය පැවසීය. මෙහිද ආචාර්ය්යවරයා කළුරියකරන්නේ අතවැස්සන් විසින් විමසනලද්දේ නෙවසඤ්ඤානාසඤ්ඤායයි කීවේය. සෙස්ස කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
අපරම්පි ඉදමෙව පුථුජ්ජනපඤ්චකං අට්ඨුප්පත්තිං කත්වා –
අන්යවූවක්ද මේ පෘථග්ජන පංචකය අර්ත්ථොත්පත්තිකොට:-
“චන්දාභං සූරියාභඤ්ච, යොධ පඤ්ඤාය ගාධති; අවිතක්කෙන ඣානෙන, හොති ආභස්සරූපගො”ති. (ජා· 1.1.135) –
මෙලොව යමෙක් ඕදාතකසිණයද පීත කසිණයද නුවණින් වඩයිද මේ (දෙයාකාරවූ) විතර්ක රහිත ධ්‍යානයෙන් ආභස්සර බඹලොවට යන්නේවෙයි.
ඉදං චන්දාභජාතකං කථෙසි. එත්ථාපි ආචරියො කාලං කරොන්තො අන්තෙවාසිකෙහි පුච්ඡිතො “ඔදාතකසිණං චන්දාභං නාම, පීතකසිණං සූරියාභං නාමාති තං උභයං යො පඤ්ඤාය ගාධති පවිසති පක්ඛන්දති, සො අවිතක්කෙන දුතියජ්ඣානෙන ආභස්සරූපගො හොති, තාදිසො අහ”න්ති සන්ධාය – “චන්දාභං සූරියාභ”න්ති ආහ. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
යන මේ චන්දාභාජාතකය දෙසූසේක. මෙහිද ආචාර්ය්ය තෙමේ කළුරියකරන්නේ අතවැස්සන් විසින් විමසනලද්දේ ‘ඕදාතකසිණය චන්දාභ නමුදු පීතකසීණය සූරියාහ නමුදු වේය’යි මේ දෙකටම යමෙක් නුවණින් බැසගනීද, පිවිසේද ගැලේද හෙතෙම විතර්කරහිතවූ දූතීයධ්යානයෙන් ආභස්සර බඹලොව පැමිණියේ වෙයි. මමද එසේ වෙමැයි දක්වනු සඳහා ‘චන්දාභං සුරියාහං’ යනුවෙන් කීය. සෙස්ස පෙර ක්‍රමයෙන්ම දත යුතුය.
ඉදමෙව ච පුථුජ්ජනපඤ්චකං අට්ඨුප්පත්තිං කත්වා –
මේ පෘථග්ජන පංචකයම අර්ත්ථොත්පත්තිකොට,
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේමය. නොකළකිරෙන්නේය. යම්සේ කැමැති වීම්ද එසේවිය. මම (එහිලා) තමා (නිදසුන් කොට) දකිමි.
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
නැණවත් පුරුෂයා බලාපොරොත්තු වන්නේමය. නොකළකිරෙන්නේය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
“වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
‘නැණවත් පුරුෂයා වෑයම් කරන්නේමය. නොකළකිරෙන්නේය. මම යම්සේ කැමැති වීම්ද එසේ සිදුවිය. මම තමා දකිමි’
“වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
‘නැණවත් පුරුෂයා වෑයම් කරන්නේමය. නොකළකිරෙන්නේය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි’
“දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො, ආසං න ඡින්දෙය්ය සුඛාගමාය; බහූ හි ඵස්සා අහිතා හිතා ච, අවිතක්කිතා මච්චමුපබ්බජන්ති.
නැණවත් පුරුෂයා දුකට පැමිණියේ නමුදු සැපතට පැමිණීමේ කැමැත්ත නොසිඳින්නේය. නොසිතූ හිතාහිතවූ බොහෝ ස්පර්ශයෝ සත්ත්වයා වෙත පැමිණෙත්’
“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති; න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා.
‘නොසිතූ දෙයම සිදුවෙයි. සිතූදෙය නොසිදුවෙයි. ස්ත්‍රියට හෝ පුරුෂයාට සිතන පරිදිවූ වස්තුව නොලැබේ.’
“සරභං ගිරිදුග්ගස්මිං, යං ත්වං අනුසරී පුරෙ; අලීනචිත්තස්ස තුවං, වික්කන්තමනුජීවසි.
‘පෙර ඔබ ගිරිදුර්ගයක යම් රසහ මුවකු ලුහුබැඳ ගියෙහිද කරුණා සිතැති උගේ වෑයම නිසා ඔබ ජීවත්වෙහි.’
“යො තං විදුග්ගා නරකා සමුද්ධරි, සිලාය යොග්ගං සරභො කරිත්වා; දුක්ඛූපනීතං මච්චුමුඛා පමොචයි, අලීනචිත්තං ත මිගං වදෙසි.
‘යම් සරහමුවෙක් ගලෙන් වෑයම් කොට එතෙරවිය නොහැකි නරාවලෙන් තොප ගොඩ ගත්තේද දුකටපත්වූ තොප මරුමුවෙන් මිදුවේද? නොපසුබට සිතැති ඒ මුවාගේ (ගුණ) කීහුය.’
“කිං ත්වං නු තත්ථෙව තදා අහොසි, උදාහු තෙ කොචි නං එතදක්ඛා; විවට්ටච්ඡද්දො නුසි සබ්බදස්සී, ඤාණං නු තෙ බ්‍රාහ්මණ භිංසරූපං.
‘බමුණ, තෙපි එදා එහි සිටියහුද? නැතහොත් කිසිවෙක් එය ඔබට කීවේද? (නැතහොත්) දුරුකළ කෙලෙස් ඇති සියල්ල දක්නා කෙනෙක්වූහුද? තොපගේ නුවණ බලවත් පැවතුම් ඇත්තේය.’
“න චෙවහං තත්ථ තදා අහොසිං, න චාපි මෙ කොචි නං එතදක්ඛා; ගාථාපදානඤ්ච සුභාසිතානං, අත්ථං තදානෙන්ති ජනින්ද ධීරා”ති. (ජා· 1.13.134-143) –
‘ජනනායකය, මම එදින එහි නොවීමි. කිසිවෙකුත් එය මට නොකීය. (එහෙත්) නුවණැත්තෝ මනාකොට කියනලද ගාථා පදයන්ගේ අර්ත්ථය පමුණුවා ගනිත් (සොයාගනිත්)’
ඉමං තෙරසනිපාතෙ සරභජාතකඤ්ච කථෙසි. ඉමානි පන පඤ්චපි ජාතකානි අතීතෙපි සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං මය්හං පුත්තො ජානාතීති සත්ථාරා ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරස්ස පඤ්ඤානුභාවප්පකාසනත්ථමෙව කථිතානීති එවං ආගමනතොපි ථෙරො මහාපඤ්ඤතාය එතදග්ගට්ඨානං ලභි.
තෙළෙස් නිපාතයෙහි මේ සරභජාතකය පැවසීය. අතීතයෙහිද සැකෙවින් කියනලද්දෙහි අර්ත්ථය මගේ පුත්තෙමේ දනීයයි ශාස්තෘන්වහන්සේ විසින් ධම්සෙනෙවි සැරියුත් තෙරුන්ගේ ප්‍රඥානුභාවය පැවසීම සඳහාම මේ ජාතක පසම දෙසන ලදි. මෙසේ වැටහීමෙන්ද තෙරුන්වහන්සේ මහපැනවත් බවින් එතදග්‍රස්ථානය ලැබූහ.
කථං චිණ්ණවසිතොති? චිණ්ණං කිරෙතං ථෙරස්ස චතුපරිසමජ්ඣෙ ධම්මං කථෙන්තො චත්තාරි සච්චානි අමුඤ්චිත්වා කථෙතීති එවං චිණ්ණවසිතොපි ථෙරො මහාපඤ්ඤතාය එතදග්ගට්ඨානං ලභි.
පුරුදුකරනලද දක්ෂභාවයෙන් කෙසේදයත්? සිව්පිරිස් මැද ධර්මය ප්රකාශකරන්නේ සිව්සස් නොමුදා පවසයි යන මෙය තෙරුන්වහන්සේ විසින් පුරුදුකරනලදි. මෙසේ පුරුදුකරනලද දක්ෂ බැවින්ද තෙරුන්වහන්සේ එතදග්‍රස්ථානය ලැබූහ.
කථං ගුණාතිරෙකතොති? ඨපෙත්වා හි දසබලං අඤ්ඤො කොචි එකසාවකොපි මහාපඤ්ඤතාය ධම්මසෙනාපතිනා සදිසො නාම නත්ථීති එවං ගුණාතිරෙකතොපි ථෙරො මහාපඤ්ඤතාය එතදග්ගට්ඨානං ලභි.
ගුණවිශිෂ්ටත්වයෙන් කෙසේද යත්? බුදුන්වහන්සේ හැර මහපැනවත් බැවින් ධම්සෙනෙවි සැරියුත්තෙරුන් සමානවූ අන් එකද සව්වෙක් හෝ නැතැයි මෙසේ ගුණ විශිෂ්ටත්වයෙන්ද තෙරුන්වහන්සේ මහපැනවත් බැවින් එතදග්‍රස්ථානය ලැබූහ.
යථා ච සාරිපුත්තත්ථෙරො, එවං මහාමොග්ගල්ලානත්ථෙරොපි සබ්බෙහෙව චතූහිපි ඉමෙහි කාරණෙහි එතදග්ගට්ඨානං ලභි. කථං? ථෙරො හි මහිද්ධිකො මහානුභාවො නන්දොපනන්දසදිසම්පි නාගරාජානං දමෙසීති එවං තාව අට්ඨුප්පත්තිතො ලභි. න පනෙස ඉදානෙව මහිද්ධිකො මහානුභාවො, අතීතෙ පඤ්ච ජාතිසතානි ඉසිපබ්බජ්ජං පබ්බජිතොපි මහිද්ධිකො මහානුභාවො අහොසීති.
සැරියුත් තෙරුන්වහන්සේ යම්සේද එසේ මහ මුගලන් තෙරුන්වහන්සේද සියලුම මේ සිවු කරුණින් එතදග්‍රස්ථානය ලැබූහ. කෙසේදයත්? තෙරුන්වහන්සේද මහත්සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. නන්දොපනන්ද සමානවූ නාරජුන්ද දමනය කළහයි මෙසේ වනාහි අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් ලැබූහ. මේ තෙරුන්වහන්සේ දැන් පමණක් මහත් සෘද්ධි මහත් ආනුභාව ඇත්තෝ නොවූහ. අතීතයෙහි ජාති පන්සියයක තවුස් පැවිද්දෙන් පැවිදිවූවෝ මහත්සෘද්ධි මහත් ආනුභාව ඇත්තෝම වූහ.
“යො පබ්බජී ජාතිසතානි පඤ්ච, පහාය කාමානි මනොරමානි; තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං, පරිනිබ්බුතං වන්දථ මොග්ගල්ලාන”න්ති. –
‘යමෙක් මනරම්වූ කම්සැප අතැර ජාති පන්සියයක් පැවිදිවූයේද වීතරාගවූ මානව දැමුණු ඉඳුරන් ඇති පිරිනිවුණු ඒ මුගලන් තෙරුන් වදිවු.’
එවං ආගමනතොපි ලභි. චිණ්ණං චෙතං ථෙරස්ස නිරයං ගන්ත්වා අත්තනො ඉද්ධිබලෙන නිරයසත්තානං අස්සාසජනනත්ථං සීතං අධිට්ඨාය චක්කමත්තං පදුමං මාපෙත්වා පදුමකණ්ණිකායං නිසීදිත්වා ධම්මකථං කථෙති, දෙවලොකං ගන්ත්වා දෙවසඞ්ඝං කම්මගතිං ජානාපෙත්වා සච්චකථං කථෙතීති එවං චිණ්ණවසිතො ලභි. ඨපෙත්වා ච සම්මාසම්බුද්ධං අඤ්ඤො සාවකො මහාමොග්ගල්ලානො විය මහිද්ධිකො මහානුභාවො නත්ථීති එවං ගුණාතිරෙකතො ලභි.
මෙසේ පැමිණීමෙන්ද (අවබොධ කිරීමෙන්) ලැබූහ. නිරයට ගොස් තමාගේ සෘද්ධිබලයෙන් නිරාසතුන්ට සැනසිලිදනවනු සඳහා සිසිල ඉටා රියක් පමණවු නෙළුමක් මවා නෙළුම් කෙමියෙහි වැඩහිඳ ධර්මකථා කරයි යන මෙය තෙරුන්වහන්සේට පුරුදුය. මෙසේ පුරුදුකරනලද දක්ෂතායෙන්ද ලැබූහ. සම්මාසම්බුදුන්වහන්සේ හැර මහ මුගලන් තෙරුන්මෙන් මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති අන් සව්වෙක් නැතැයි මෙසේ ගුණවිශිෂ්ටත්වයෙන්ද ලැබූහ.
යථා චෙස, එවං මහාකස්සපත්ථෙරොපි සබ්බෙහෙවිමෙහි කාරණෙහි එතදග්ගට්ඨානං ලභි. කථං? සම්මාසම්බුද්ධො හි ථෙරස්ස තිගාවුතං මග්ගං පච්චුග්ගමනං කත්වා තීහි ඔවාදෙහි උපසම්පාදෙත්වා චීවරං පරිවත්තෙත්වා අදාසි. තස්මිං සමයෙ මහාපථවී උදකපරියන්තං කත්වා කම්පි, මහාජනස්ස අබ්භන්තරෙ ථෙරස්ස කිත්තිසද්දො අජ්ඣොත්ථරිත්වා ගතො. එවං අට්ඨුප්පත්තිතො ලභි. න චෙස ඉදානෙව ධුතධරො, අතීතෙ පඤ්ච ජාතිසතානි ඉසිපබ්බජ්ජං පබ්බජිතොපි ධුතධරොව අහොසි.
මුන්වහන්සේ යම්සේද එසේ මහකසුප් තෙරුන්වහන්සේද මේ සියලුම කරුණින් එතදග්‍රස්ථානය ලැබූහ. කෙසේදයත්? සම්මාසම්බුදුන්වහන්සේ වනාහි තෙරුන්වහන්සේට තුන්ගව්වක් පමණ පෙර ගමන් කොට අවවාද තුනකින් උපසපන්කරවා සිවුර මාරුකොට දුන්සේක. එසමයෙහි මහපොළව දිය කෙළවර දක්වා කම්පාවූයේය. මහජනයාගේ සිත්තුළ තෙරුන්වහන්සේගේ කිත්ගොස වසා පැතිරගියේය. මෙසේ අර්‍ත්‍ථොත්පත්ති වශයෙන්ලැබූහ. මුන්වහන්සේ දැන් පමණක් ධුතවාදී නොවූහ. අතීතයෙහි ජාති පන්සියයක තවුස් පැවිද්දෙන් පැවිදිවද ධුතවාදීම වූවාහුය:
“යො පබ්බජී ජාතිසතානි පඤ්ච, පහාය කාමානි මනොරමානි; තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං, පරිනිබ්බුතං වන්දථ මහාකස්සප”න්ති. –
‘මනරම්වූ කාමයන් අතහැර යමෙක් ජාති පන්සියයක් පැවිදිවීද පහකළරාග ඇති මනාව දැමුණු ඉදුරන් ඇති පිරිනුවුණු ඒ මහකසුප් තෙරුන් වදිවු’යි
එවං ආගමනතොපි ලභි. චිණ්ණං චෙතං ථෙරස්ස චතුපරිසමජ්ඣගතො ධම්මං කථෙන්තො දස කථාවත්ථූනි අවිජහිත්වාව කථෙතීති එවං චිණ්ණවසිතො ලභි. ඨපෙත්වා ච සම්මාසම්බුද්ධං අඤ්ඤො සාවකො තෙරසහි ධුතගුණෙහි මහාකස්සපසදිසො නත්ථීති එවං ගුණාතිරෙකතො ලභි. ඉමිනාව නියාමෙන තෙසං තෙසං ථෙරානං යථාලාභතො ගුණෙ කිත්තෙතුං වට්ටති.
මෙසේ පැමිණීම් වශයෙන් ලැබූහ. සිවුපිරිස මැදට ගියේ ධර්මය ප්රකාශකරන්නේ දසකථාවස්තූන් නොහැරම ප්‍රකාශකරන්නේය යන මෙය තෙරුන්වහන්සේ විසින් පුරුදුකරනලදී. මෙසේ පුරුදුකරනලද දක්ෂභාවයෙන් ලැබුහ. සම්මාසම්බුදුන්වහන්සේ හැර තෙළෙස් ධුතගුණයන්ගෙන් මහ කසුප් සමානවූ අන් සව්වෙක් නැතැයි මෙසේ ගුණ විශිෂ්ටත්වයෙන් ලැබූහ. මේ ක්‍රමයෙන්ම ඒ ඒ තෙරවරුන්ගේ ලැබීම් අනුව ගුණයන් ප්‍රකාශකිරීමට වටනේයි.
ගුණවසෙනෙව හි සම්මාසම්බුද්ධො යථා නාම රාජා චක්කවත්තී චක්කරතනානුභාවෙන චක්කවාළගබ්භෙ රජ්ජසිරිං පත්වා “පත්තබ්බං මෙ පත්තං, කිං මෙ ඉදානි මහාජනෙන ඔලොකිතෙනා”ති න අප්පොස්සුක්කො හුත්වා රජ්ජසිරිංයෙව අනුභොති, කාලෙන පන කාලං විනිච්ඡයට්ඨානෙ නිසීදිත්වා නිග්ගහෙතබ්බෙ නිග්ගණ්හාති, පග්ගහෙතබ්බෙ පග්ගණ්හාති, ඨානන්තරෙසු ච ඨපෙතබ්බයුත්තකෙ ඨානන්තරෙසු ඨපෙති, එවමෙවං මහාබොධිමණ්ඩෙ අධිගතස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස ආනුභාවෙන අනුප්පත්තධම්මරජ්ජො ධම්මරාජාපි “කිං මෙ ඉදානි ලොකෙන ඔලොකිතෙන, අනුත්තරං ඵලසමාපත්තිසුඛං අනුභවිස්සාමී”ති අප්පොස්සුක්කතං අනාපජ්ජිත්වා චතුපරිසමජ්ඣෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො අට්ඨඞ්ගසමන්නාගතං බ්‍රහ්මස්සරං නිච්ඡාරෙත්වා ධම්මං දෙසයමානො නිග්ගහෙතබ්බයුත්තෙ කණ්හධම්මෙ පුග්ගලෙ සිනෙරුපාදෙ පක්ඛිපන්තො විය අපායභයසන්තජ්ජනෙන නිග්ගහෙත්වා පග්ගහෙතබ්බයුත්තෙ කල්යාණධම්මෙ පුග්ගලෙ උක්ඛිපිත්වා භවග්ගෙ නිසීදාපෙන්තො විය පග්ගණ්හිත්‍වා ඨානන්තරෙසු ඨපෙතබ්බයුත්තකෙ අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරාදයො සාවකෙ යාථාවසරසගුණවසෙනෙව ඨානන්තරෙසු ඨපෙන්තො එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤූනං, යදිදං අඤ්ඤාසිකොණ්ඩඤ්ඤොතිආදිමාහ.
යම්සේ නම් සක්විති රජතෙමේ චක්රරත්නයේ ආනුභාවයෙන් සක්වළගැබෙහි සක්විති සිරියට පැමිණ, ‘පැමිණියයුත්තටම පැමිණිණ. දැන් මට බලන්නාවූ මහජනයාගෙන් කවරවැඩක්දැ’යි අල්පොත්සාහීවී රාජ්යශ්රීයම අනුභව නොකරයිද කලින්කලට විනිශචයස්ථානයෙහි සිට නිග්රහකළයුත්තන්ට නිග්රහකරයිද උපකාර කළයුත්තන්ට උපකාරකරයිද, තනතුරුවල තැබියයුත්තන් තනතුරුවල තබයිද මෙසේම ගුණවශයෙන්ම බුදුරජාණන්වහන්සේ මහබෝමැඬහි අවබෝධකල සර්වඥතාඥානයේ ආනුභාවයෙන් සපැමිණි ධර්මරාජ්‍යය ඇත්තේ, ධර්මරාජ වූයේද බලන්නාවූ ලෝකයාගෙන් දැන් මට කවර වැඩෙක්දැයි අනුත්තරවූ ඵලසමාපත්ති සුඛය අනුභව කරන්නෙමැයි අල්පොත්සුක භාවයට නොපැමිණ සිවුපිරිස් මැද පනවනලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්සේක. අටඟකින් යුත් බඹසර විහිදුවා දහම් දෙසනසේක් නිග්රහකළයුතු පාපස්වභාවය ඇති පුද්ගලයන් මහමෙර හෙලෙහි හෙලන්නාක් මෙන් අපාබිය පිළිබඳ තැතිගැන්වීමෙන් නිග්‍රහකොට උපකාර කළයුතු කළණබව ඇති පුද්ගලයන් ඔසවා භවාග්‍රයෙහි හිඳුවන්නාක් මෙන් උපකාරකොට තනතුරෙහි තැබියයුතු අඤ්ඤකොණ්ඩඤ්ඤ ආදී සව්වන් ස්වභාවයට අනුකූල කෘත්‍යය හා ගුණවශයෙන්ම තනතුරුවල තබනසේක්, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං රත්තඤ්ඤූනං යදිදං අඤ්ඤකොණ්ඩඤ්ඤ’’ යනාදිය පැවූසේක.