යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරවත්‍ථු

අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ

තත්‍ථ එතදග‍්ගන‍්ති පදං වුත‍්තත්‍ථමෙව. රත‍්තඤ‍්ඤූනන‍්ති රත‍්තියො ජානන‍්තානං. ඨපෙත්‍වා හි සම‍්මාසම‍්බුද‍්ධං අඤ‍්ඤො සාවකො අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරතො පඨමතරං පබ‍්බජිතො නාම නත්‍ථීති පබ‍්බජිතකාලතො පට‍්ඨාය ථෙරො චිරකාලං රත‍්තියො ජානාතීති රත‍්තඤ‍්ඤූ. සබ‍්බපඨමං ධම‍්මස‍්ස පටිවිද‍්ධත‍්තා යදා තෙන ධම‍්මො පටිවිද‍්ධො, චිරකාලතො පට‍්ඨාය තං රත‍්තිං ජානාතීතිපි රත‍්තඤ‍්ඤූ. අපිච ඛීණාසවානං රත‍්තිදිවසපරිච‍්ඡෙදො පාකටොව හොති, අයඤ‍්ච පඨමඛීණාසවොති එවම‍්පි රත‍්තඤ‍්ඤූනං සාවකානං අයමෙව අග‍්ගො පුරිමකොටිභූතො සෙට‍්ඨො. තෙන වුත‍්තං – “රත‍්තඤ‍්ඤූනං යදිදං අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤො”ති.

එහි ‘එතදග්ග’ පදය කියනලද අර්‍ත්‍ථ ඇත්තේමය. ‘රත්තඤ්ඤුනං’ යනු රාත්‍රීන් දනනවුන් අතුරෙන් යනුයි. සම්බුදුන්වහන්සේ හැර අඤ්ඤකොණ්ඩඤ්ඤ තෙරුන පළමුව පැවිදිවූ අන් සව්වෙක් නම් නැතැයි පැවිදිවූ කාලයෙහි පටන් තෙරුන්වහන්සේ බොහෝ කලක් රාත්‍රීන් දනිතැයි රත්තඤ්ඤූ වෙති. සියල්ලන්ට පළමුව ධර්‍මය අවබෝධකළ බැවින්, යම් විටෙක ඒ තෙරුන්වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරනලද්දේද බොහෝ කලකසිට එම රාත්‍රි දනිතියි රත්තඤ්ඤු නමි. තවද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ රෑදාවල් පිරිසිඳීම ප්‍රකටවෙයිද මේ තෙරුන්වහන්සේද පළමුවැනි ක්‍ෂීණාශ්‍රවයායි. මෙසේද රාත්‍රීන් දන්නා ශ්‍රාවකයන් අතුරෙන් මේ තෙරුන්වහන්සේම අග්‍රය, පූර්ව කෙළවරෙහි වූයේය: ශේෂ්ඨය. එහෙයින්, රත්ත්ඤ්ඤූනං යදිදං අඤ්ඤාකොණ්ඩඤඤෙ’යි කියනලදී.

එත්‍ථ ච යදිදන‍්ති නිපාතො, තස‍්ස ථෙරං අවෙක‍්ඛිත්‍වා යො එසොති, අග‍්ගසද‍්දං අවෙක‍්ඛිත්‍වා යං එතන‍්ති අත්‍ථො. අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤොති ඤාතකොණ‍්ඩඤ‍්ඤො පටිවිද‍්ධකොණ‍්ඩඤ‍්ඤො. තෙනෙවාහ – “අඤ‍්ඤාසි වත, භො, කොණ‍්ඩඤ‍්ඤො, අඤ‍්ඤාසි වත, භො, කොණ‍්ඩඤ‍්ඤොති. ඉති හිදං ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤො ත්‍වෙව නාමං අහොසී”ති (සං· නි· 5.1081; මහාව· 17).

මෙහිද ‘යදිදං’ යනු නිපාතයකිය. ඊට තෙරුන් බලා ‘යෙ එසො’යි ද අග්ගශබ්දය බලා ‘යං එතං”යිද අර්‍ත්‍ථයි. ‘අඤ්ඤාකොණ්ඩඤඤො’ යනු දැනගත් කොණඩඤ්ඤයි, අවබෝද කළ කොණ්ඩඤ්ඤයි. එහෙයින්ම, අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤසි වත හො කොණ්ඩඤ්ඤො ඉතිහිදං ආයසමතො කොණ්ඩඤ්ඤද්ද අඤ්ඤාකොණඩඤ්ඤොත්‍වෙව නාමං අහොසි’ (භවත් කොණ්ඩඤ්ඤ තෙමේ දත්තේය: භවත් කොණ්ඩඤ්ඤතෙමේ දත්තේයයි මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාකොණඩඤ්ඤයයි මේ නම වූයේය’යි කියනලදී.

අයං පන ථෙරො කතරබුද‍්ධකාලෙ පුබ‍්බපත්‍ථනං අභිනීහාරං අකාසි, කදා පබ‍්බජිතො, කදානෙන පඨමං ධම‍්මො අධිගතො, කදා ඨානන‍්තරෙ ඨපිතොති ඉමිනා නයෙන සබ‍්බෙසුපි එතදග‍්ගෙසු පඤ‍්හකම‍්මං වෙදිතබ‍්බං.

මේ තෙරුන්වහන්සේ වනාහි කවරබුද්ධකාලයක පූර්‍වප්‍රාර්‍ත්‍ථනයවූ අභිනීහාරය කළේද? කෙදිනක පැවිදිවූයේද? කෙදිනක මොහු විසින් ධර්‍මය අවබෝධ කළේද? කෙදිනක තනතුරෙහි තබන ලද්දේදැයි මේ ක්‍රමයෙන් සියලුම එතදග්‍රස්ථානයන්හි ප්‍රශ්නඇසීම දත යුතුය.

තත්‍ථ ඉමස‍්ස තාව ථෙරස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ පදුමුත‍්තරො නාම බුද‍්ධො ලොකෙ උදපාදි, තස‍්ස පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස මහාබොධිපල‍්ලඞ‍්කතො උට‍්ඨහන‍්තස‍්ස මහාපථවියං ඨපෙතුං පාදෙ උක‍්ඛිත‍්තමත‍්තෙ පාදසම‍්පටිච‍්ඡනත්‍ථං මහන‍්තං පදුමපුප‍්ඵං උග‍්ගඤ‍්ඡි, තස‍්ස ධුරපත‍්තානි නවුතිහත්‍ථානි හොන‍්ති, කෙසරං තිංසහත්‍ථං, කණ‍්ණිකා ද‍්වාදසහත්‍ථා, පාදෙන පතිට‍්ඨිතට‍්ඨානං එකාදසහත්‍ථං. තස‍්ස පන භගවතො සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි. තස‍්ස පදුමකණ‍්ණිකාය දක‍්ඛිණපාදෙ පතිට‍්ඨහන‍්තෙ මහාතුම‍්බමත‍්තා රෙණු උග‍්ගන‍්ත්‍වා සරීරං ඔකිරමානා ඔතරි, වාමපාදස‍්ස ඨපනකාලෙපි තථාරූපංයෙව පදුමං උග‍්ගන‍්ත්‍වා පාදං සම‍්පටිච‍්ඡි. තතොපි උග‍්ගන‍්ත්‍වා වුත‍්තප‍්පමාණාව රෙණු සරීරං ඔකිරි. තං පන රෙණුං අභිභවමානා තස‍්ස භගවතො සරීරප‍්පභා නික‍්ඛමිත්‍වා යන‍්තනාළිකාය විස‍්සට‍්ඨසුවණ‍්ණරසධාරා විය සමන‍්තා ද‍්වාදසයොජනට‍්ඨානං එකොභාසං අකාසි. තතියපාදුද‍්ධරණකාලෙ පථමුග‍්ගතං පදුමං අන‍්තරධායි, පාදසම‍්පටිච‍්ඡනත්‍ථං අඤ‍්ඤං නවං පදුමං උග‍්ගඤ‍්ඡි. ඉමිනාව නියාමෙන යත්‍ථ යත්‍ථ ගන‍්තුකාමො හොති, තත්‍ථ තත්‍ථාපි මහාපදුමං උග‍්ගච‍්ඡති. තෙනෙවස‍්ස “පදුමුත‍්තරසම‍්මාසම‍්බුද‍්ධො”ති නාමං අහොසි.

ඒ මේ තෙරුන්වහන්සේ පිළිබඳ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා නම් බුදුකෙනෙක් පහළවූහ. අවබෝධකළ සර්‍වඥතාඥාන ඇති මහ බෝ පළඟින් නැගීසිටින්නාවූ උන්වහන්සේට මහපොළොවෙහි තැබීමට පා එසවූ කෙණෙහි පාපිළිගැනීම සඳහා මහත් නෙළුම් මලක් පැන නැංගේය. ඒමලේ පෙති රියන් අනූවක් වෙයි. මල් කෙසරැ තිස්රියනකි. කෙමිය දොළොස්රියනකි. පා පිහිටි තැන එකොළොස්රියනකි. ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය අටපනස් රියනක් උස්වූයේය. ඒ මල් කෙමියෙහි දකුණුපස පිහිටන කල්හි මහත් තිඹපමණවූ රේණු නැඟී සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන්වහන්සේගේ සිරුරු පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කළේය. තෙවැනි පය ඔසවන කල්හි පළමුව නැඟුණු පියුම අතුරුදහන් විය. පා පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් පැන නැංඟේය. මේ ක්‍රමයෙන්ම යම්යම් තැනකට යනු කැමැත්තේද පියෙන් පියට මහ පියුමක් නැඟෙයි. එහෙයින්ම උන්වහන්සේට පියුමුතුරා (පදුමුත්තර) සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය.

එවං සො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා භික‍්ඛුසතසහස‍්සපරිවාරො මහාජනස‍්ස සඞ‍්ගහත්‍ථාය ගාමනිගමරාජධානීසු භික‍්ඛාය චරන‍්තො හංසවතීනගරං සම‍්පාපුණි. තස‍්ස ආගතභාවං සුත්‍වා පිතා මහාරාජා පච‍්චුග‍්ගමනං අකාසි. සත්‍ථා තස‍්ස ධම‍්මකථං කථෙසි. දෙසනාපරියොසානෙ කෙචි සොතාපන‍්නා කෙචි සකදාගාමී කෙචි අනාගාමී කෙචි අරහත‍්තං පාපුණිංසු. රාජා ස‍්වාතනාය දසබලං නිමන‍්තෙත්‍වා පුනදිවසෙ කාලං ආරොචාපෙත්‍වා භික‍්ඛුසතසහස‍්සපරිවාරස‍්ස භගවතො සකනිවෙසනෙ මහාදානං අදාසි. සත්‍ථා භත‍්තානුමොදනං කත්‍වා විහාරමෙව ගතො. තෙනෙව නියාමෙන පුනදිවසෙ නාගරා, පුනදිවසෙ රාජාති දීඝමද‍්ධානං දානං අදංසු.

මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ ලොව ඉපිද භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොටඇතිසේක් මහජනයාට සංග්‍රහ පිණිස ගම්නියම් රජදහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු හංසවතී නගරයට සැපැමිණිසේක. ඉක්බිති උන්වහන්සේ පැමිණිබව අසා පියමහරජතෙමේ පෙරගමන්කළේය. ශාසතෘන්වහන්සේ ඔහුට ධර්‍මය ප්‍රකාශකළසේක. දේශනාවසානයෙහි ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමී අනාගාමී භූමීන්ට පැමිණියාහුය. ඇතැම්හු රහත්බවට පත්වූවාහුය. රජතෙමේ හෙට දිනයට බුදුරදුන්ට ආරාධනාකොට දෙවන දිනයෙහි කල් දන්වා භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇති භාග්‍යවතුන්වහන්සේට සියනිවසෙහි මහදන් දුන්නේය. ශාස්තෘන්වහන්සේ භුත්තානුමොදනාවකොට විහාරයටම වැඩිසේක. එ ක්‍රමයෙන්ම දෙවන දිනයෙහි නුවරුද ඊලඟ දිනයෙහි රජ ද වශයෙන් දිගුකලක් මහදන් දුන්නාහුය.

තස‍්මිං කාලෙ අයං ථෙරො හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තො. එකදිවසං බුද‍්ධානං ධම‍්මදෙසනාකාලෙ හංසවතීනගරවාසිනො ගන්‍ධමාලාදිහත්‍ථෙ යෙන බුද‍්ධො, යෙන ධම‍්මො, යෙන සඞ‍්ඝො, තන‍්නින‍්නෙ තප‍්පොණෙ තප‍්පබ‍්භාරෙ ගච‍්ඡන‍්තෙ දිස‍්වා තෙන මහාජනෙන සද‍්ධිං ධම‍්මදෙසනට‍්ඨානං අගමාසි. තස‍්මිඤ‍්ච සමයෙ පදුමුත‍්තරො භගවා අත‍්තනො සාසනෙ පඨමං පටිවිද‍්ධධම‍්මං එකං භික‍්ඛුං එතදග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො කුලපුත‍්තො තං කාරණං සුත්‍වා “මහා වතායං භික‍්ඛු, ඨපෙත්‍වා කිර බුද‍්ධං අඤ‍්ඤො ඉමිනා පඨමතරං පටිවිද‍්ධධම‍්මො නාම නත්‍ථි. අහො වතාහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ පඨමං ධම‍්මං පටිවිජ‍්ඣනසමත්‍ථො භවෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා දෙසනාපරියොසානෙ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා “ස‍්වෙ මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති නිමන‍්තෙසි. සත්‍ථා අධිවාසෙසි.

එකල්හි මේ තෙරුන්වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නේ එක්දිනක් බුදුරදුන් දහම් දෙසනකල්හි, ගඳමල් ආදිය අතැතිව බුදුන්වහන්සේ යම්තැනකද ධර්‍මය යම්තැනකද සංඝයා යම් තැනකද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නාවූ, හංසවතී නුවරවැසියන් දැක ඒ මහජනයා සමඟම දම්දෙසනතැනට ගියේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්‍මය ඇති එක් භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ කුලපුත්‍රයා එකරුණ අසා, මේ භික්‍ෂුව වනාහි ආශ්චර්‍ය්‍යයකි. බුදුන්වහන්සේ හැර මොහුවිසින් පළමුව අවබෝධ කළ ධර්‍මය ඇති අන් භික්‍ෂුවක් නැත. මමද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්‍මය අවබෝධකිරීමෙහි සමර්‍ත්‍ථයෙක් වන්නෙනම් අහෝ යෙහෙකැයි සිතා දෙසුම අවසන භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ හෙට මගේ භික්‍ෂාව ගනුමැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන්වහන්සේ ඉවසූසේක.

සො භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා සකනිවෙසනං ගන‍්ත්‍වා සබ‍්බරත‍්තිං බුද‍්ධානං නිසජ‍්ජනට‍්ඨානං ගන්‍ධදාමමාලාදාමාදීහි අලඞ‍්කරිත්‍වා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකනිවෙසනෙ භික‍්ඛුසතසහස‍්සපරිවාරස‍්ස භගවතො විචිත්‍රයාගුඛජ‍්ජකපරිවාරං නානාරසසූපබ්‍යඤ‍්ජනං ගන්‍ධසාලිභොජනං දත්‍වා භත‍්තකිච‍්චපරියොසානෙ තිචීවරපහොනකෙ වඞ‍්ගපට‍්ටෙ තථාගතස‍්ස පාදමූලෙ ඨපෙත්‍වා චින‍්තෙසි – “නාහං පරිත‍්තකස‍්ස ඨානස‍්සත්‍ථාය චරාමි, මහන‍්තං ඨානං පත්‍ථෙන‍්තො චරාමි, න ඛො පන සක‍්කා එකමෙව දිවසං දානං දත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙතු”න‍්ති “අනුපටිපාටියා සත‍්ත දිවසානි මහාදානං දත්‍වා පත්‍ථෙස‍්සාමී”ති. සො තෙනෙව නියාමෙන සත‍්ත දිවසානි මහාදානං දත්‍වා භත‍්තකිච‍්චපරියොසානෙ දුස‍්සකොට‍්ඨාගාරං විවරාපෙත්‍වා උත‍්තමසුඛුමවත්‍ථං බුද‍්ධානං පාදමූලෙ ඨපෙත්‍වා භික‍්ඛුසතසහස‍්සං තිචීවරෙන අච‍්ඡාදෙත්‍වා තථාගතං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, යො තුම‍්හෙහි ඉතො සත‍්තදිවසමත්‍ථකෙ භික‍්ඛු එතදග‍්ගෙ ඨපිතො, අහම‍්පි සො භික‍්ඛු විය අනාගතෙ උප‍්පජ‍්ජනකබුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා පඨමං ධම‍්මං පටිවිජ‍්ඣිතුං සමත්‍ථො භවෙය්‍ය”න‍්ති වත්‍වා සත්‍ථු පාදමූලෙ සීසං කත්‍වා නිපජ‍්ජි.

හෙතෙම භාග්‍යවතුන් වැඳ පැදකුණුකොට සිය නිවසට ගොස් සියලු රැය බුදුන් හිඳින තැන ගඳමල්දම් ආදියෙන් සරසා මිහිරි කෑයුතු බිදියයුතු දෙය පිළියෙළ කරවා ඒ රාත්‍රියෙහි අවෑමෙන් සිය නිවසෙහි භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවරනලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදිවැංජන සහිත සුවඳැහැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන්සිවුරකට පොහෝනා වංගරෙදි තථාගයන්වහන්සේගේ පාමුල තබා සිතුවේය: ‘මම සුළු තනතුරක් සඳහා නොහැසිරෙමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක්දිනක් පමණක් දනක්දී ඒ තනතුර පැතීමට නොහැකිය’යි අනුපිළිවෙළික් සත්දිනක් මහදන්දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුපාමුල තබා භික්‍ෂූන් ලක්‍ෂය තුන් සිවුරෙන් හඳවා තථාගතයන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් දිනහතකට මතුයෙහි යම් ඒ භික්‍ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබනලද්දේද මමත් ඒ භික්‍ෂුව මෙන් අනාගතයෙහි උපදින බුදුවරයකුගේ සසුන්හි පැවිදිව පළමුව ධර්‍මය අවබෝධ කිරීමෙහි සමත් වෙම්වා’යි කියා බුදු පාමුල හිස තබා වැද හොත්තේය.

සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා “ඉමිනා කුලපුත‍්තෙන මහාඅධිකාරො කතො, සමිජ‍්ඣිස‍්සති නු ඛො එතස‍්ස අයං පත්‍ථනා නො”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා ආවජ‍්ජෙන‍්තො “සමිජ‍්ඣිස‍්සතී”ති පස‍්සි. බුද‍්ධානඤ‍්හි අතීතං වා අනාගතං වා පච‍්චුප‍්පන‍්නං වා ආරබ‍්භ ආවජ‍්ජෙන‍්තානං ආවරණං නාම නත්‍ථි, අනෙකකප‍්පකොටිසතසහස‍්සන‍්තරම‍්පි ච අතීතං වා අනාගතං වා චක‍්කවාළසහස‍්සන‍්තරම‍්පි ච පච‍්චුප‍්පන‍්නං වා ආවජ‍්ජනපටිබද‍්ධමෙව මනසිකාරපටිබද‍්ධමෙව හොති. එවං අප‍්පටිවත‍්තියෙන ඤාණෙන සො භගවා ඉදං අද‍්දස – “අනාගතෙ සතසහස‍්සකප‍්පපරියොසානෙ ගොතමො නාම බුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිස‍්සති, තදා ඉමස‍්ස පත්‍ථනා සමිජ‍්ඣිස‍්සතී”ති. අථ නං එවමාහ – “අම‍්භො, කුලපුත‍්ත, අනාගතෙ සතසහස‍්සකප‍්පපරියොසානෙ ගොතමො නාම බුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං තස‍්ස පඨමකධම‍්මදෙසනාය තෙපරිවට‍්ටධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තපරියොසානෙ අට‍්ඨාරසහි බ්‍රහ‍්මකොටීහි සද‍්ධිං සහස‍්සනයසම‍්පන‍්නෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිස‍්සසී”ති.

ශාස්තෘන් වහන්සේ ඔහුගේ වචනය අසා මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාර්‍ත්‍ථනයක් කරනලදී. මොහුගේ මේ ප්‍රාර්‍ත්‍ථනාව ඉටුවන්නේද නැද්දැයි අනාගතංසඥානය යොමා ආවර්ජනයකරනසේක් ඉටුවන බව දුටුසේක. අතීතය හෝ අනාගතය හෝ වර්‍තමානය අරභයා ආවර්ජනයකරන්නාවූ බුදුන්වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැත. නොයෙක් කල්ප කෝටිලක්‍ෂයක් අතුරෙහිවූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වළ අතුරෙහිවුවද වර්‍තමානය හෝ ආවර්ජනයට පිළිබැඳීයේම මෙනෙහි කිරීමට පිළිබඳීයේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන්වහන්සේ, ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. එකල්හි මොහුගේ පැතුම ඉටුවේය’ යන මෙය දුටුසේක. ඉක්බිති ඔහුට ‘පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් උපදිත්, නුඹ ඒ බුදුන්ගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සුතුර කෙළවර අටළොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් පෙලෙහි පිහිටන්නේය’යි මෙසේ වදාළසේක.

ඉති සත්‍ථා තං කුලපුත‍්තං බ්‍යාකරිත්‍වා චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි දෙසෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. තස‍්ස පරිනිබ‍්බුතස‍්ස සරීරං සුවණ‍්ණක‍්ඛන්‍ධො විය එකග‍්ඝනං අහොසි, සරීරචෙතියං පනස‍්සුබ‍්බෙධෙන සත‍්තයොජනිකං අකංසු. ඉට‍්ඨකා සුවණ‍්ණමයා අහෙසුං, හරිතාලමනොසිලාය මත‍්තිකාකිච‍්චං, තෙලෙන උදකකිච‍්චං සාධයිංසු. බුද‍්ධානං ධරමානකාලෙ සරීරප‍්පභා ද‍්වාදසයොජනිකං ඵරි, පරිනිබ‍්බුතානං පන තෙසං රස‍්මි නික‍්ඛමිත්‍වා සමන‍්තා යොජනසතං අවත්‍ථරි.

මෙසේ ශාස්තෘන්වහන්සේ කුලපුතුට විවරණදී අසූසාර දහසක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නීර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්‍ණස්කන්‍ධයක් මෙන් ඒකඝනවිය. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව තැනූහ. ගඩොල් රනින් කරනලද්දේවිය. හිරියල් මනෝසිලාවලින් මැටිකිසද තෙලෙන් දියකිසද කළාහුය. බුදුන්වහන්සේ ජීවමාන කාලයෙහි ශරීරප්‍රභාව දොළොස් යොදුනක් පැතුරුනේය. පිරිනිවන්පෑ උන්වහන්සේගේ (සිරුරෙන්) රශ්මිය නික්මී හාත්පසින් යොදුන් සියයක් පැතුරුණේය.

අයං සෙට‍්ඨි බුද‍්ධානං සරීරචෙතියං පරිවාරෙත්‍වා සහස‍්සරතනග‍්ඝියානි කාරෙසි. චෙතියපතිට‍්ඨාපනදිවසෙ අන‍්තොචෙතියෙ රතනඝරං කාරෙසි. සො වස‍්සසතසහස‍්සං මහන‍්තං දානාදිමයං කල්‍යාණකම‍්මං කත්‍වා තතො චුතො දෙවපුරෙ නිබ‍්බත‍්ති. තස‍්ස දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තස‍්සෙව නවනවුති කප‍්පසහස‍්සානි නව කප‍්පසතානි නව ච කප‍්පා සමතික‍්කන‍්තා. එත‍්තකස‍්ස කාලස‍්ස අච‍්චයෙන ඉතො එකනවුතිකප‍්පමත්‍ථකෙ අයං කුලපුත‍්තො බන්‍ධුමතීනගරස‍්ස ද‍්වාරසමීපෙ ගාමෙ කුටුම‍්බියගෙහෙ නිබ‍්බත‍්තො. තස‍්ස මහාකාලොති නාමං අහොසි, කනිට‍්ඨභාතා පනස‍්ස චූළකාලො නාම.

මේ සිටුතෙමේ බුදුන්වහන්සේගේ ශරීර චෛත්‍යය වටකොට දහසක් රන් ඇගෑ කරවූයේය. චෛත්‍යය පිහිටුවන දිනයෙහි චෛත්‍යය තුළ රන් ගෙයක් කරවූයේය. හෙතෙම අවුරුදු ලක්‍ෂයක් මහත් දානාදිමයවූ යහපත් කටයුතුකොට එයින් සැව දෙව්ලොව උපන්නේයි. දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නාවූ ඔහුට කල්ප අනූනවදහස් නවසිය නවයක් ඉක්මිණි. මෙපමණ කලක් ඇවෑමෙන් මෙයින් අනූඑක් කල්පයකට මත්තෙහි මේ කුලපුත් තෙමේ බන්‍ධුමතී නගර ද්වාරයෙහිවූ ගමක කෙළෙඹි ගෙයක උපන්නේය. ඔහුට මහාකාළයයි නම්විය. ඔහුගේ කනිටු සොහොයුරා චූලකාළ නම්විය.

තස‍්මිං සමයෙ විපස‍්සී බොධිසත‍්තො තුසිතපුරා චවිත්‍වා බන්‍ධුමතීනගරෙ බන්‍ධුමස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තො. අනුක‍්කමෙන සබ‍්බඤ‍්ඤුතං පත්‍වා ධම‍්මදෙසනත්‍ථාය මහාබ්‍රහ‍්මුනා ආයාචිතො “කස‍්ස නු ඛො පඨමං ධම‍්මං දෙසෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා අත‍්තනො කනිට‍්ඨං ඛණ‍්ඩං නාම රාජකුමාරං තිස‍්සඤ‍්ච පුරොහිතපුත‍්තං “පඨමං ධම‍්මං පටිවිජ‍්ඣිතුං සමත්‍ථා”ති දිස‍්වා “තෙසඤ‍්ච ධම‍්මං දෙසෙස‍්සාමි, පිතු ච සඞ‍්ගහං කරිස‍්සාමී”ති බොධිමණ‍්ඩතො ආකාසෙනෙව ආගන‍්ත්‍වා ඛෙමෙ මිගදායෙ ඔතිණ‍්ණො තෙ පක‍්කොසාපෙත්‍වා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ තෙ ද‍්වෙපි ජනා චතුරාසීතියා පාණසහස‍්සෙහි සද‍්ධිං අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු.

එකල්හි විපස්සී බෝසතුන්වහන්සේ තුසීපුරෙන් සැව බන්‍ධුමතී නගරයෙහි බන්‍ධුම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ අනුක්‍රමයෙන් සර්‍වඥබවට පත්ව දම්දෙසුම සඳහා මහබඹුවිසින් අයදින ලද්දාහු කවරකුට නම් පළමුව දහම් දෙසන්නේමිදැයි සිතා තමාගේ කනිටු ඛණ්ඩ නම් කුමරුද තිස්ස නම්වූ පුරෝහිත පුතුද පළමුව ධර්‍මය අවබෝධ කිරීමට සම ර්‍ත්‍ථයයි. දැක ඔවුන්ටද දම් දෙසන්නෙමි පියාටද සංග්‍රහ කරන්නෙමියි බෝමැඩ සිටම අහසින්ම අවුත් ඛෙමනම්වූ මිගදායෙහි (අභයභූමියෙහි) බටවාහු ඔවුන් කැඳවා ධර්‍මදේශනා කළසේක. දෙසුම් කෙළවර ඒ දෙදෙනාද අසූසාරදහසක් ප්‍රාණීන් සමඟ රහත්පෙළෙහි පිහිටියාහුය.

අථාපරෙපි බොධිසත‍්තකාලෙ අනුපබ‍්බජිතා චතුරාසීතිසහස‍්සා කුලපුත‍්තා තං පවත‍්තිං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ආගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු. සත්‍ථා තං තත්‍ථෙව ඛණ‍්ඩත්‍ථෙරං අග‍්ගසාවකට‍්ඨානෙ, තිස‍්සත්‍ථෙරං දුතියසාවකට‍්ඨානෙ ඨපෙසි. රාජාපි තං පවත‍්තිං සුත්‍වා “පුත‍්තං පස‍්සිස‍්සාමී”ති උය්‍යානං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා තීසු සරණෙසු පතිට‍්ඨාය සත්‍ථාරං ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

බෝසත්කල්හි අනුව පැවිදිවූ වෙනත් අසූසාරදහසක් කුලපුත්‍රයෝ එපුවත අසා ශාස්තෘන් සමීපයට ආවාහු ධර්‍මදේශනය අසා රහත් බවෙහි පිහිටියාහුය. ශාස්තෘන්වහන්සේ එහිදීම ඒ ඛණ්ඩස්ථවිරයන් අගසව් තන්හිද තිස්සස්ථවිරයන් දෙවැනිසව්තන්හිද තැබූසේක. රජතෙමේද එපුවත අසා පුතු දකින්නෙමැයි උයනට ගොස් දම්දෙසුම අසා තිසරණයෙහි පිහිටා බුදුන්වහන්සේ හෙට දිනයට ඇරයුම්කොට වැඳ පැදකුණුකොට පිටත්ව ගියේය.

සො පාසාදවරගතො නිසීදිත්‍වා චින‍්තෙසි – “මය‍්හං ජෙට‍්ඨපුත‍්තො නික‍්ඛමිත්‍වා බුද‍්ධො ජාතො, දුතියපුත‍්තො මෙ අග‍්ගසාවකො, පුරොහිතපුත‍්තො දුතියසාවකො. ඉමෙ ච අවසෙසභික‍්ඛූ ගිහිකාලෙපි මය‍්හං පුත‍්තමෙව පරිවාරෙත්‍වා විචරිංසු, ඉමෙ පුබ‍්බෙපි දානිපි මය‍්හමෙව භාරා, අහමෙව තෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමි, අඤ‍්ඤෙසං ඔකාසං න දස‍්සාමී”ති. විහාරද‍්වාරකොට‍්ඨකතො පට‍්ඨාය යාව රාජගෙහද‍්වාරා උභොසු පස‍්සෙසු ඛදිරපාකාරං කාරෙත්‍වා වත්‍ථෙහි පටිච‍්ඡාදාපෙත්‍වා උපරි සුවණ‍්ණතාරකවිචිත‍්තං සමොලම‍්බිතතාලක‍්ඛන්‍ධමත‍්තවිවිධපුප‍්ඵදාමවිතානං කාරෙත්‍වා හෙට‍්ඨාභූමිං විචිත‍්තත්‍ථරණෙහි සන්‍ථරාපෙත්‍වා අන‍්තො උභොසු පස‍්සෙසු මාලාගච‍්ඡකෙසු පුණ‍්ණඝටෙ සකලමග‍්ගවාසත්‍ථාය ච ගන්‍ධන‍්තරෙසු පුප‍්ඵානි පුප‍්ඵන‍්තරෙසු ගන්‍ධෙ ච ඨපාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි. භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අන‍්තොසාණියාව රාජගෙහං ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා විහාරං පච‍්චාගච‍්ඡති. අඤ‍්ඤො කොචි දට‍්ඨුම‍්පි න ලභති, කුතො පන භික‍්ඛං වා දාතුං පූජං වා කාතුං.

හෙතෙම ප්‍රාසාදගත වූයේ, හිඳ මෙසේ සිතීය. ‘මගේ දෙටුපුත් (ගිහිගෙන්) නික්ම ගොස් බුදුවූයේය. මගේ දෙවැනි පුත් අගසව් වූයේය. පෙරෙවිපුත් දෙවැනි සව්වූයේය. මේ සෙසු භික්‍ෂූහුද ගිහිකල්හිද මගේ පුතුම පිරිවරා හැසුරුණාහුය. පෙරද දැනුදු මොවුහු මටම භාරයහ. මමම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි. අනුනට ඉඩක් නොදෙන්නෙමි’ යනුයි. වෙහෙර දොර කොටුවෙහි සිට රජගෙහි දොරටුව තෙක් දෙපසින් කිහිරි පවුරක් කරවා වස්ත්‍රයෙන් වස්වා මත්තෙහි රන්තරුවලින් විසිතුරුවූ එල්ඹෙන තල්කඳක් පමණවූ නොයෙක් මල්දම් විතානයන් කරවා යට පොළොව විසිතුරු ඇතිරිලිවලින් අතුරුවා කෙළවර මල්පැලෑටි ඇති දෙපසෙහි පුන් කලසද සියලු මඟ සුවඳ කරනු සඳහා සුවඳ අතුරෙහි මල්ද මල් අතුරෙහි සුවඳද තබවා භාග්‍යවතුන්වහන්සේට කල් දැනුවූයේය. භාග්‍යවතුන්වහන්සේ බික්සඟන පිරිවරණලදසේක කඩතුරා තුලින්ම රජගෙට පිවිස බත්කිසකොට වෙහෙරට පෙරළා වඩිනසේක. අනකිසිවෙක් (බුදුන්) දැකීමටවත් නොලබති. හික්‍ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ කෙසේනම් ලැබේද?

නාගරා චින‍්තෙසුං – “අජ‍්ජ සත්‍ථු ලොකෙ උප‍්පන‍්නස‍්ස සත‍්තමාසාධිකානි සත‍්ත සංවච‍්ඡරානි, මයඤ‍්ච දට‍්ඨුම‍්පි න ලභාම, පගෙව භික‍්ඛං වා දාතුං පූජං වා කාතුං ධම‍්මං වා සොතුං. රාජා ‘මය‍්හං එව බුද‍්ධො, මය‍්හං ධම‍්මො, මය‍්හං සඞ‍්ඝො’ති මමායිත්‍වා සයමෙව උපට‍්ඨහති. සත්‍ථා ච උප‍්පජ‍්ජමානො සදෙවකස‍්ස ලොකස‍්ස අත්‍ථාය උප‍්පන‍්නො, න රඤ‍්ඤොයෙව අත්‍ථාය. න හි රඤ‍්ඤොයෙව නිරයො උණ‍්හො, අඤ‍්ඤෙසං නීලුප‍්පලවනසදිසො. තස‍්මා රාජානං එවං වදාම ‘සචෙ නො සත්‍ථාරං දෙති, ඉච‍්චෙතං කුසලං. නො චෙ දෙති, රඤ‍්ඤා සද‍්ධිං යුජ‍්ඣිත්‍වා සඞ‍්ඝං ගහෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කරොම. න සක‍්කා ඛො පන සුද‍්ධනාගරෙහෙව එවං කාතුං, එකං ජෙට‍්ඨකපුරිසම‍්පි ගණ‍්හාමා’”ති සෙනාපතිං උපසඞ‍්කමිත්‍වා තස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා “සාමි කිං අම‍්හාකං පක‍්ඛො හොහිසි, උදාහු රඤ‍්ඤො”ති ආහංසු. සො ආහ – “තුම‍්හාකං පක‍්ඛො හොමි, අපිච ඛො පන පඨමදිවසො මය‍්හං දාතබ‍්බො”ති. තෙ සම‍්පටිච‍්ඡිංසු.

‘අදට ශාස්තෘන්වහන්සේ ලොව පහළ වී සත් අවුරුදු සත්මසක් විය. අපිදු (උන්වහන්සේ) දක්නට නොලබම්හ. හික්‍ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ දහමක් ඇසීමට හෝ (ලැබීම ගැන) කියනුම කිම? රජතුමා බුදුන්වහන්සේ මගේමය, ධර්‍මය මගේය, සංඝයා මගේයයි මමායනය කොට තෙමේම උවටැන් කරයි. ශාස්තෘන්වහන්සේ පහළවනසේක් දෙවියන් සහිත ලෝකයට වැඩ සඳහා පහළවූසේක. රජුට පමණක්ම නිරය උණුසුමු වූයේත් අනෙකුන්ට නිලුපුල්වනයක් සමානවූයේත් නොවේ. එබැවින් රජුට කියමු. ඉදින් අපට ශාස්තෘන්වහන්සේ දෙයිනම් යෙනෙක. නොදේනම් රජුසමඟ යුදකොට හෝ සංඝයා ගෙන දානදී පින් කරමු. හුදු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු පුරුෂයකුද ගනිමි’යි නුවර වැසියෝ සිතූහ. (මෙසේ සිතා) සෙන්පති වෙත එළඹ ඔහුට එම අදහස දන්වා ‘ස්වාමීනි අපට පක්‍ෂවූවෙක් වෙමි. එතකුදුවූවත් පළමුදිනය මට දිය යුතුය”යි හෙතෙම කීවේය. ඔවුහු පිළිගත්හ.

සො රාජානං උපසඞ‍්කමිත්‍වා “නාගරා, දෙව, තුම‍්හාකං කුපිතා”ති ආහ. කිමත්‍ථං තාතාති? සත්‍ථාරං කිර තුම‍්හෙව උපට‍්ඨහථ, අම‍්හෙ න ලභාමාති. සචෙ ඉදානිපි ලභන‍්ති, න කුප‍්පන‍්ති. අලභන‍්තා තුම‍්හෙහි සද‍්ධිං යුජ‍්ඣිතුකාමා, දෙවාති. යුජ‍්ඣාමි, තාත, න භික‍්ඛුසඞ‍්ඝං දෙමීති. දෙව, තුම‍්හාකං දාසා තුම‍්හෙහි සද‍්ධිං යුජ‍්ඣාමාති වදන‍්ති, තුම‍්හෙ කං ගණ‍්හිත්‍වා යුජ‍්ඣිස‍්සථාති? නනු ත්‍වං සෙනාපතීති? නාගරෙහි විනා අසමත්‍ථො අහං, දෙවාති. තතො රාජා “බලවන‍්තො නාගරා, සෙනාපතිපි තෙසංයෙව පක‍්ඛො”ති ඤත්‍වා “අඤ‍්ඤානි සත‍්තමාසාධිකානි සත‍්ත සංවච‍්ඡරානි මය‍්හං භික‍්ඛුසඞ‍්ඝං දෙන‍්තූ”ති ආහ. නාගරා න සම‍්පටිච‍්ඡිංසු. රාජා “ඡබ‍්බස‍්සානි පඤ‍්චවස‍්සානී”ති එවං හාපෙත්‍වා අඤ‍්ඤෙ සත‍්ත දිවසෙ යාචි. නාගරා “අතිකක‍්ඛළං දානි රඤ‍්ඤා සද‍්ධිං කාතුං න වට‍්ටතී”ති අනුජානිංසු. රාජා සත‍්තමාසාධිකානං සත‍්තන‍්නං සංවච‍්ඡරානං සජ‍්ජිතං දානමුඛං සත‍්තන‍්නමෙව දිවසානං සජ‍්ජෙත්‍වා ඡ දිවසෙ කෙසඤ‍්චි අපස‍්සන‍්තානංයෙව දානං දත්‍වා සත‍්තමෙ දිවසෙ නාගරෙ පක‍්කොසාපෙත්‍වා “සක‍්ඛිස‍්සථ, තාතා, එවරූපං දානං දාතු”න‍්ති ආහ. තෙපි “නනු අම‍්හෙයෙව නිස‍්සායෙතං දෙවස‍්ස උප‍්පන‍්න”න‍්ති වත්‍වා “සක‍්ඛිස‍්සාමා”ති ආහංසු. රාජා පිට‍්ඨිහත්‍ථෙන අස‍්සූනි පුඤ‍්ඡමානො භගවන‍්තං වන්‍දිත්‍වා, “භන‍්තෙ, අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්සං අඤ‍්ඤස‍්සු භාරං අකත්‍වා යාවජීවං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමීති චින‍්තෙසිං, නාගරානං දානි මෙ අනුඤ‍්ඤාතං, නාගරා හි ‘මයං දානං දාතුං න ලභාමා’ති භගවා කුප‍්පන‍්ති. ස‍්වෙව පට‍්ඨාය තෙසං අනුග‍්ගහං කරොථා”ති ආහ.

හෙතෙම රජුවෙත එළඹ ‘දේවයන්වහන්ස, නුවරු ඔබට කිපුණාහැයි කීවේය. දරුව කුමක් නිසාදැයි රජ ඇසීය. නුඹවහන්සේම ශාස්තෘන්වහන්සේට උවටැන්කරන්නහුය. අපි නොලබම්හ’ කියායි සෙන්පති කීවේය. ඉදින් දැන්වත් ලබත්නම් නොකිපෙත්, නොලබන්නාහු නුඹ සමඟ යුදකරනු කැමැත්තෝ’යිද පැවසීය. ‘දරුව යුදකරමි, භික්‍ෂුසංඝයා නොදෙමි’යි කීය. දේවයිනි, නුඹගේ දාසයෝ නුඹ සමඟ යුද කරමැයි කියත් නුඹවහන්සේ කවරකු ගෙන යුද කරන්නහුදැ’යි සෙනෙවි ඇසීය. සෙන්පත් නුඹ නේදැයි රජ ඇසීය. නුවරුන්ගෙන් තොරව මම සමත් නොවෙමි, දේවයිනි’යි හෙතෙම පැවසීය. ඉක්බිති රජතෙමේ නුවරැ බලවත්, සෙන්පතිද ඔවුනටම පක්‍ෂවූවෙකැයි දැන අන්‍යවූ සත් අවුරුදු සත්මසක් මට භික්‍ෂූසංඝයා දෙත්වායි කීවේය. නුවරු නොපිළිගත්හ. රජතෙමේ හයවසක් පස්වසක්යයි මෙසේ අඩු කරන්නේ අනෙක් සත් දිනක් අයැදීය. නුවරු දැන් රජු සමඟ ඉතා රළු දෙයක් කිරීම නොසුදුසුයයි සිතා අනුදත්හ. රජතුමා සත්අවුරුදු සත්මසකට පිළියෙළ කළ දානමුඛය දින සතකටම පිළියෙළ කොට සදිනක් කිසිවකු නොදකිත්ම දන් දී සත්වැනි දිනයෙහි නුවරුන් කැඳවා, ‘දරුවනි, මෙසේ දන්දීමට හැකි වන්නාහුදැ’යි ඇසීය. ඔවුහුද අප නිසාම මෙය දේවයන්වහන්සේට උපන්නේ නොවේදැයි කියා හැකියයි කීවාහුය. රජතෙමේ පිටිඅතින් කඳුළු පිසිමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ, ‘ස්වාමීනි සැට අටලකෂයක් භික්‍ෂූන් වහන්සේ අනෙකකුට නොපවරා දිවි ඇති තෙක් සිවුපසයෙන් උවටැන් කරමැයි සිතීමි. දැන් මවින් නුවරුන්ට අනුදනිමි. භාග්‍යවතුන්වහන්ස, නුවරු, අපි දන්දීමට නොලම්භයි කිපෙත්. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරනු මැනවැ’යි කීවේය.

අථ දුතියදිවසෙ සෙනාපති මහාදානං අදාසි. තතො නාගරා රඤ‍්ඤා කතසක‍්කාරතො උත‍්තරිතරං සක‍්කාරසම‍්මානං කත්‍වා දානං අදංසු. එතෙනෙව නියාමෙන සකලනගරස‍්ස පටිපාටියා ගතාය ද‍්වාරගාමවාසිනො සක‍්කාරසම‍්මානං සජ‍්ජයිංසු. මහාකාලකුටුම‍්බිකො චූළකාලං ආහ – “දසබලස‍්ස සක‍්කාරසම‍්මානං ස‍්වෙව අම‍්හාකං පාපුණාති, කිං සක‍්කාරං කරිස‍්සාමා”ති? ත්‍වමෙව භාතික ජානාහීති. සචෙ මය‍්හං රුචියා කරොසි, අම‍්හාකං සොළසකරීසමත‍්තෙසු ඛෙත‍්තෙසු ගහිතගබ‍්භා සාලියො අත්‍ථි. සාලිගබ‍්භං ඵාලෙත්‍වා ආදාය බුද‍්ධානං අනුච‍්ඡවිකං පචාපෙමාති. එවං කයිරමානෙ කස‍්සචි උපකාරො න හොති, තස‍්මා නෙතං මය‍්හං රුච‍්චතීති. සචෙ ත්‍වං එවං න කරොසි, අහං මය‍්හං සන‍්තකං මමායිතුං ලභාමීති සොළසකරීසමත‍්තං ඛෙත‍්තං මජ‍්ඣෙ භින්‍දිත්‍වා අට‍්ඨකරීසට‍්ඨානෙ සීමං ඨපෙත්‍වා සාලිගබ‍්භං ඵාලෙත්‍වා ආදාය අසම‍්භින‍්නෙ ඛීරෙ පචාපෙත්‍වා චතුමධුරං පක‍්ඛිපිත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස අදාසි. කුටුම‍්බිකස‍්ස ඛො ගබ‍්භං ඵාලෙත්‍වා ගහිතගහිතට‍්ඨානං පුන පූරති. පුථුකකාලෙ පුථුකග‍්ගං නාම අදාසි, ගාමවාසීහි සද‍්ධිං අග‍්ගසස‍්සං නාම අදාසි, ලායනෙ ලායනග‍්ගං, වෙණිකරණෙ වෙණග‍්ගං, කලාපාදීසු කලාපග‍්ගං ඛලග‍්ගං ඛලභණ‍්ඩග‍්ගං කොට‍්ඨග‍්ගන‍්ති. එවං සො එකසස‍්සෙව නව වාරෙ අග‍්ගදානං අදාසි. තම‍්පි සස‍්සං අතිරෙකං උට‍්ඨානසම‍්පන‍්නං අහොසි.

ඉක්බිති දෙවැනි දිනයෙහි සෙන්පති තෙමේ මහදන් දුන්නේය. අනතුරුව නුවරු රජුවිසින් කළ සත්කාරයන්ට වඩා උසස්වූ සත්කාරසම්මාන කොට දන්දුන්නාහු. මේ ක්‍රමයෙන්ම සියලු නගරයට පිළිවෙළින් ආවිට දොරගම්වැසියෝ සත්කාරසම්මාන පිළියෙළකළහ. මහාකාළ කෙළෙඹි තෙමේ, ‘බුදුන්වහන්සේට සත්කාර කිරීම හෙට අපට පැමිණෙයි. කිම සත්කාර කරමුදැ’යි චූලකාළට කීවේය. ‘සොයුර. ඔබම දන්නෙහිය’යි හෙතෙම කීවේය. ‘එසේ නම් මා කැමැත්තක් කරව, අපගේ සොළොස්කිරියක් පමණ වූ කෙතෙහි ගැබ්ගත් හැල් ඇත. හැල් ගැබ් පලවා ගෙන බුදුන්වහන්සේට සුදුසු පරිදි පිසවමු’යි (මහාකාළ කීවේය). මෙසේ කරනු ලබන කල්හි කිසිවකුට උපකාරයක් නොවේ. එහෙයින් එය මට රුචි නොවේය’යි (චූලකාළ) කීවේය. ‘ඉදින් ඔබ එසේ කියහිනම් මම මට අයත් දෙය මට අයත් කොට ලබමි’යි කියා සොළොස් කිරියක් පමණවූ කෙත මැදින් වෙන්කොට අටකිරියක් තන්හි සීමා තබවා හැල් ගැබ් පලවා ගෙන නොමුසු කිරෙහි පිසවා චතුමධුර බහා බුදුපාමොක් සඟනට දුන්නේය. ගැබ් පලවා ගත් ගත් තැන යළි පිරෙයි. ළපටි කල පුථුකග්ග නම් දානයක් දුන්නේය. ගම්වැසියන් සමඟ අග්ගසස්ස නම් දානයක් දුන්නේය. ගොයම් කැපීමෙහිදී දායග්ගදානයද වෙළු කිරීමේහිදී වෙණග්ගදානයද කලාපාදියෙහිදී කලාපග්ග, ඛලග්ග, ඛලභණ්ඩග්ග කොට්ඨග්ග යනුවෙන් මෙසේ එක් ශශ්‍යයෙක්හි නවවරෙක අග්‍රදාන දුන්නේය. ඒ ශශ්‍යයද වැඩියක් අභිවෘද්ධියෙන් යුක්ත වූයේවිය.

යාව බුද‍්ධා ධරති, යාව ච සඞ‍්ඝො ධරති, එතෙනෙව නියාමෙන කල්‍යාණකම‍්මං කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවෙසු චෙව මනුස‍්සෙසු ච සංසරන‍්තො එකනවුතිකප‍්පෙ සම‍්පත‍්තිං අනුභවිත්‍වා අම‍්හාකං සත්‍ථු ලොකෙ උප‍්පන‍්නකාලෙ කපිලවත්‍ථුනගරස‍්ස අවිදූරෙ දොණවත්‍ථුබ්‍රාහ‍්මණගාමෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ කොණ‍්ඩඤ‍්ඤමාණවොති නාමං අකංසු. සො වුඩ‍්ඪිමන්‍වාය තයො වෙදෙ උග‍්ගහෙත්‍වා ලක‍්ඛණමන‍්තානං පාරං අගමාසි.

යම්තාක් බුදුන්වහන්සේ ජීවත්වෙත්ද යම්තාක් තෙමේ ජීවත් වේද ඒතාක් ඒ ක්‍රමයෙන්ම පින්කම් කොට එයින් සැව දෙව්ලොව ඉපිද දෙවි මිනිසුන් අතර සැරි සරන්නේ කල්ප අනූ එකක සැපත්විඳ අපගේ ශාස්තෘන්වහන්සේ ලොව උපන්කල්හි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්‍ථු නම් බමුණු ගමෙහි දොනවත්‍ථු බ්‍රාහ්මණ නම් වූ බ්‍රාහ්මණමහාසාර කුලයෙහි උපන්නේය. නම් තබන දිනයෙහි කොණ්ඩඤ්ඤ මානවකයයි නමක් කළාහුය. හෙතම වැඩිවිය පැමිණ ත්‍රවේදයන් උගෙන ලකුණුකීමේ මන්ත්‍රයන්හි තෙරට පැමිණියේය.

තෙන සමයෙන අම‍්හාකං බොධිසත‍්තො තුසිතපුරා චවිත්‍වා කපිලවත්‍ථුපුරෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ අට‍්ඨුත‍්තරං බ්‍රාහ‍්මණසතං අහතවත්‍ථෙහි අච‍්ඡාදෙත්‍වා අප‍්පොදකං මධුපායාසං පායෙත්‍වා තෙසං අන‍්තරෙ අට‍්ඨ ජනෙ උච‍්චිනිත්‍වා මහාතලෙ නිසීදාපෙත්‍වා අලඞ‍්කතපටියත‍්තං බොධිසත‍්තං දුකූලචුම‍්බටකෙ නිපජ‍්ජාපෙත්‍වා ලක‍්ඛණපරිග‍්ගහණත්‍ථං තෙසං සන‍්තිකං ආනයිංසු. ධුරාසනෙ නිසින‍්නබ්‍රාහ‍්මණො මහාපුරිසස‍්ස සරීරසම‍්පත‍්තිං ඔලොකෙත්‍වා ද‍්වෙ අඞ‍්ගුලියො උක‍්ඛිපි. එවං පටිපාටියා සත‍්ත ජනා උක‍්ඛිපිංසු. තෙසං පන සබ‍්බනවකො කොණ‍්ඩඤ‍්ඤමාණවො, සො බොධිසත‍්තස‍්ස ලක‍්ඛණවරනිප‍්ඵත‍්තිං ඔලොකෙත්‍වා “අගාරමජ‍්ඣෙ ඨානකාරණං නත්‍ථි, එකන‍්තෙනෙස විවට‍්ටච‍්ඡදො බුද‍්ධො භවිස‍්සතී”ති එකමෙව අඞ‍්ගුලිං උක‍්ඛිපි. ඉතරෙ පන සත‍්ත ජනා “සචෙ අගාරං අජ‍්ඣාවසිස‍්සති, රාජා භවිස‍්සති චක‍්කවත‍්තී. සචෙ පබ‍්බජිස‍්සති, බුද‍්ධො භවිස‍්සතී”ති ද‍්වෙ ගතියො දිස‍්වා ද‍්වෙ අඞ‍්ගුලියො උක‍්ඛිපිංසු. අයං පන කොණ‍්ඩඤ‍්ඤො කතාධිකාරො පච‍්ඡිමභවිකසත‍්තො පඤ‍්ඤාය ඉතරෙ සත‍්ත ජනෙ අභිභවිත්‍වා “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතස‍්ස අගාරමජ‍්ඣෙ ඨානකරණං නාම නත්‍ථි, නිස‍්සංසයං බුද‍්ධො භවිස‍්සතී”ති එකමෙව ගතිං අද‍්දස, තස‍්මා එකං අඞ‍්ගුලිං උක‍්ඛිපි. තතො බ්‍රාහ‍්මණා අත‍්තනො ඝරානි ගන‍්ත්‍වා පුත‍්තෙ ආමන‍්තයිංසු – “තාතා, අම‍්හෙ මහල‍්ලකා, සුද‍්ධොදනමහාරාජස‍්ස පුත‍්තං සබ‍්බඤ‍්ඤුතප‍්පත‍්තං මයං සම‍්භාවෙය්‍යාම වා නො වා. තුම‍්හෙ තස‍්මිං කුමාරෙ සබ‍්බඤ‍්ඤුතං පත‍්තෙ තස‍්ස සාසනෙ පබ‍්බජෙය්‍යාථා”ති.

එකල්හි අපගේ බෝසත්තෙමේ තුසී පුරෙන් සැව කිඹුල්වත් පුරයෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි එකසිය අටක් බමුණන් අලුත් වස්ත්‍රයන්ගෙන් හඳවා දියරහිත මධුපායාස පොවා ඔවුන් අතුරෙන් තෝරා අට දෙනකු මහ මහලෙහි හිඳුවා අබරණින් සරසන ලද බෝසතුන් දුහුල් වතින් තැනූ ආධාරකයක හොවා ලකුණු විමසීම සඳහා ඔවුන් සමීපයට පැමිණවූවාහුය. ප්‍රධාන ආසනයෙහි හුන්නාවූ බ්‍රාහ්මණතෙමේ මහාපුරැෂයාගේ ශරීරසම්පත්තිය බලා ඇඟිලි දෙකක් එසවීය. මෙසේ පිළිවෙළින් සත්දෙනෙක් (ඇඟිලි දෙක බැගින්) එසවූවාහුය. ඔවුන්ගෙන් වනාහි සියල්ලන්ටම වඩා ළාබාලවූයේ කොණ්ඩඤ්ඤ මානවකයායි. හෙතෙම බෝසතුන්ගෙන් උතුම් ලක්‍ෂණයන්ගේ නිෂ්පත්තිය බලා ‘ගිහිගෙහි සිටීමේ කරුණක් නැත. ඒකාන්තයෙන්ම මෙතෙම දුරුකළ මෝහාදිය ඇතිව බුදුකෙනෙක් වෙතැ’යි එකම ඇඟිල්ලක් එසවීය. සෙසු සත්දෙනා වනාහි, ඉදින් ගිහිගෙහි වසයිනම් සක්විති රජ වන්නේය, ඉදින් පැවිදිවන්නේ නම් බුදුවන්නේයයිද ගති දෙකක් දැක ඇඟිලි දෙකක් එසවූහ. මේ කොණ්ඩඤ්ඤ තෙමේ වනාහි කරනලද ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ අන්තිමභවයට අයත් පුද්ගලයෙකුවූයේ නුවණින් සෙසු සත්දෙනා යටපත් කොට, ‘මෙබඳු ලක්‍ෂණයන්ගෙන් යුක්තවූවහුට ගිහිගෙහි සිටීමක්නම් නැත. නිසැකවම බුදු වන්නේයයි එකම ගතියක් දුටුවේය. එබැවින් එක් ඇඟිල්ලක් එසවීය. ඉක්බිති ඒ බමුණෝ තම ගෙවලට ගොස් පුතුන් ඇමතූහ. දරුවනි, අපි මහළු වම්හ. අපි බුදුබවට පත් සුදෝධාධන රජුපුත් දැකීමට හැකිවන්නමෝ හෝ නොවන්නමෝ වෙමු. තෙපි එකුමරැ බුදුබවට පත් කල්හි ඔහුගේ සසුන්හි පැවිදිවන්නහු නම් යෙහෙක’ යනුවෙනි.

සුද‍්ධොදනමහාරාජාපි බොධිසත‍්තස‍්ස ධාතියො ආදිං කත්‍වා පරිහාරං උපට‍්ඨපෙන‍්තො බොධිසත‍්තං වුද‍්ධිං ආපාදෙසි. මහාසත‍්තොපි වුද‍්ධිප‍්පත‍්තො දෙවො විය සම‍්පත‍්තිං අනුභවිත්‍වා පරිපක‍්කෙ ඤාණෙ කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං දිස‍්වා රාහුලකුමාරස‍්ස ජාතදිවසෙ ඡන‍්නසහායො කණ‍්ඩකං ආරුය‍්හ දෙවතාහි විවටෙන ද‍්වාරෙන මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා තෙනෙව රත‍්තිභාගෙන තීණි රජ‍්ජානි අතික‍්කමිත්‍වා අනොමානදීතීරෙ පබ‍්බජිත්‍වා ඝටිකාරමහාබ්‍රහ‍්මුනා ආභතෙ අරහද‍්ධජෙ ගහිතමත‍්තෙයෙව වස‍්සසට‍්ඨිකත්‍ථෙරො විය පාසාදිකෙන ඉරියාපථෙන රාජගහං පත්‍වා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා පණ‍්ඩවපබ‍්බතච‍්ඡායාය පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා රඤ‍්ඤා මාගධෙන රජ‍්ජසිරියා නිමන‍්තියමානොපි තං පටික‍්ඛිපිත්‍වා අනුක‍්කමෙන උරුවෙලං ගන‍්ත්‍වා “රමණීයො වත අයං භූමිභාගො, අලං වතිදං කුලපුත‍්තස‍්ස පධානත්‍ථිකස‍්ස පධානායා”ති පධානාභිමුඛං චිත‍්තං උප‍්පාදෙත්‍වා තත්‍ථ වාසං උපගතො.

සුදොවුන් මහරජුද බෝසතුන්ට කිරිමවුන් ආදිකොට ආරක්‍ෂක විධාන යොදමින් බෝසතුන් වැඩිවියට පැමිණවීය. මහසත් තෙමේද වැඩිවියට පැමිණියේ දෙවියකු මෙන් සැපත් අනුභව කොට නුවණ මුහුකුරාගි විට කාමයන්හි ආදීනවයද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්ද දැන රහල් කුමරුන් උපන්දිනයෙහි ඡන්න සහාය කොටගත්තේ කන්‍ථක අසුපිට නැඟ දෙවියන් විසින් හරනාලද දොරින් මහාභිනිෂ්ක්‍රමණය නික්ම ඒ රාත්‍රිකාලයෙහිම රාජ්‍යතුනක් ඉක්මවා අනොමා නදී තෙරෙහි පැවිදිව ඝටීකාර මහාබ්‍රහ්මයා විසින් ගෙනෙන ලදසිවුර ගත් කෙණෙහිම සියක්වසක් ඉක්මුණු තෙර කෙනෙකුමෙන් පහදවනසුලු ඉරියව්වෙන් රජගහ නුවරට පැමිණ එහි පිඬු පිණිස හැසිර පණ්ඩව පව් සෙවණැල්ලෙහි පිණ්ඩපාතය වළඳා මගධරජු විසින් රජසැපතින් ඇරයුම්කරනලද්දේවුවද එය පිළිකෙව්කොට අනු පිළිවෙළින් උරුවෙල් දනව්වට ගොස් ‘මේ බිම්පෙදෙස සිත්කළුය, භාවනා කැමති කුලපුත්‍රයකුට භාවනාව සඳහා සුදුසුයයි සිත් උපදවා එහි විසීමට එළඹියේය.

තෙන සමයෙන ඉතරෙ සත‍්ත බ්‍රාහ‍්මණා යථාකම‍්මං ගතා, සබ‍්බදහරො පන ලක‍්ඛණපරිග‍්ගාහකො කොණ‍්ඩඤ‍්ඤමාණවො අරොගො. සො “මහාපුරිසො පබ‍්බජිතො”ති සුත්‍වා තෙසං බ්‍රාහ‍්මණානං පුත‍්තෙ උපසඞ‍්කමිත්‍වා එවමාහ – “සිද‍්ධත්‍ථකුමාරො කිර පබ‍්බජිතො. සො හි නිස‍්සංසයං බුද‍්ධො භවිස‍්සති. සචෙ තුම‍්හාකං පිතරො අරොගා අස‍්සු, අජ‍්ජ නික‍්ඛමිත්‍වා පබ‍්බජෙය්‍යුං. සචෙ තුම‍්හෙපි ඉච‍්ඡථ, එථ මයං තං මහාපුරිසමනුපබ‍්බජිස‍්සාමා”ති. තෙ සබ‍්බෙ එකච‍්ඡන්‍දා භවිතුං නාසක‍්ඛිංසු. තයො ජනා න පබ‍්බජිංසු, කොණ‍්ඩඤ‍්ඤබ්‍රාහ‍්මණං ජෙට‍්ඨකං කත්‍වා ඉතරෙ චත‍්තාරො පබ‍්බජිංසු. ඉමෙ පඤ‍්ච පබ‍්බජිත්‍වා ගාමනිගමරාජධානීසු භික‍්ඛාය චරන‍්තා බොධිසත‍්තස‍්ස සන‍්තිකං අගමිංසු. තෙ ඡබ‍්බස‍්සානි බොධිසත‍්තෙ මහාපධානං පදහන‍්තෙ “ඉදානි බුද‍්ධො භවිස‍්සති ඉදානි බුද‍්ධො භවිස‍්සතී”ති මහාසත‍්තං උපට‍්ඨහමානා සන‍්තිකාවචරාවස‍්ස අහෙසුං. යදා පන බොධිසත‍්තො එකතිලතණ‍්ඩුලාදීහි වීතිනාමෙන‍්තොපි දුක‍්කරකාරිකාය අරියධම‍්මපටිවෙධස‍්ස අභාවං ඤත්‍වා ඔළාරිකං ආහාරං ආහරි, තදා තෙ පක‍්කමිත්‍වා ඉසිපතනං අගමංසු.

එසමයෙහි සෙසු බමුණන් සත්දෙන කම්වූ පරිදි මියපරලොව ගියාහුය. සියල්ලන්ගෙන් ළාබාලවූ ලක්‍ෂණවිධියෙහි දක්‍ෂවූ කොණ්ඩඤ්ඤ මානවක තෙමේ නීරෝගීවූවෙකි. හෙතෙම මහසත් පැවිදිවූයේයයි අසා ඒ බමුණන්ගේ පුතුන් වෙත එළඹ, ‘සිද්ධාර්‍ත්‍ථ කුමාරයා වනාහි පැවිදි වූයේය. හෙතෙම නිසැකවම බුදුවන්නේය. ඉදින් නුඹලාගේ පියවරු නීරෝගීවූවහු නම් අද නික්ම පැවිදිවන්නහුය. ඉදින් ඔබලාද කැමති වන්නහු නම් එවු. මම ඒ පුරුෂයා, අනුව (වෙනුවෙනු) පැවිදි වන්නෙමි’යි මෙසේ කීවේය. ඒ සියල්ලෝ ඒකමතික වීමට නොහැකිවූවාහුය. තිදෙනෙක් පැවිදි නොවූවාහුය. කොණ්ඩඤ්ඤ බමුණා දෙටුකොට ඉතිරි සතර දෙනා පැවිදිවූහ. මේ පැවිද්දෝ පස් දෙන ගම්නියම් රජ දහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු බෝසතුන් වෙත ගියාහුය. ඔවුහු සවසක් බෝසතුන් කෙළෙස් තැවීමේ වීර්‍ය්‍යයෙහි නිරතවන විට දැන් බුදු වන්නේය: දැන් බුදු වන්නේයයි මහසතුනට උවටැන් කරමින් ඔහු සමීපයෙහි හැසිරෙන්නෝ වූහ. යම් විටෙක වනාහි බෝසත් තෙමේ එක් තලැටක් සහල් ඇටක් ආදියෙන් කල් ගෙවන්නේද දුෂ්කර ක්‍රියාවෙන් ආර්‍ය්‍යධර්‍මය අවබෝදකිරීමක් නොවනබව දැන රළු ආහාර ගත්තේය. එකල්හි ඔවුහු (බෝසතුන් අත්හැර) ගොස් ඉසිපතනයට ගියාහුය.

අථ බොධිසත‍්තො ඔළාරිකාහාරපරිභොගෙන ඡවිමංසලොහිතපාරිපූරිං කත්‍වා විසාඛපුණ‍්ණමදිවසෙ සුජාතාය දින‍්නං වරභොජනං භුඤ‍්ජිත්‍වා සුවණ‍්ණපාතිං නදියා පටිසොතං ඛිපිත්‍වා “අජ‍්ජ බුද‍්ධො භවිස‍්සාමී”ති කතසන‍්නිට‍්ඨානො සායන‍්හසමයෙ කාලෙන නාගරාජෙන අනෙකෙහි ථුතිසතෙහි අභිත්‍ථවියමානො මහාබොධිමණ‍්ඩං ආරුය‍්හ අචලට‍්ඨානෙ පාචීනලොකධාතුඅභිමුඛො පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා චතුරඞ‍්ගසමන‍්නාගතං වීරියං අධිට‍්ඨාය සූරියෙ ධරමානෙයෙව මාරබලං විධමිත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්චූසකාලසමනන‍්තරෙ පටිච‍්චසමුප‍්පාදෙ ඤාණං ඔතාරෙත්‍වා අනුලොමපටිලොමං පච‍්චයාකාරවට‍්ටං සම‍්මසන‍්තො සබ‍්බබුද‍්ධෙහි පටිවිද‍්ධං අසාධාරණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා නිබ‍්බානාරම‍්මණාය ඵලසමාපත‍්තියා තත්‍ථෙව සත‍්තාහං වීතිනාමෙසි.

ඉක්බිති බෝසත්තෙමේ රළු ආහාර පරිභෝගයෙන් සම් මස් ලේ සපුරා ගෙන වෙසක් පුන්පොහොයෙහි සුජාතාව විසින් දෙනලද උතුම් බොජුන වළඳා රන් පාත්‍රය නදියෙන් උඩුගං යවා අද බුදු වෙමැයි කරන ලද සනිටුහන් ඇත්තේ සැදෑ සමයෙහි කාල නාරජු විසින් නොයෙක් තුතිගී සිය ගණනින් ආශිංසනය කරනුලබන්නේ මහබෝමැඬට නැඟ නොසෙල්වෙන තැනක පෙරදිග ලෝකධාතුවට අභිමුඛව පළඟින් හිඳ අංග සතරකින් යුක්ත වීර්‍ය්‍යය ඉටා හිරු පවතිත්දීම මාරබලය සොල්වා පෙරයමෙහි පෙරවිසූ කඳපිළිවෙළ සිහකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ සිහිකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නුවණ යොමා අනුලොම් පිළිලොම්ව ප්‍රත්‍යයචක්‍රය විමසා බලන්නේ සියලු බුදුවරුන් විසින් අවබෝධ කරනලද අසාධාරණ සර්‍වඥතාඥානය අවබෝධකොට නිවන අරමුණු කරනලද ඵලසමාපත්තියෙන් එහිම සත් දිනක් කල් ගෙවීය.

එතෙනෙව උපායෙන සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ විහරිත්‍වා රාජායතනමූලෙ මධුපිණ‍්ඩිකභොජනං පරිභුඤ‍්ජිත්‍වා පුන අජපාලනිග්‍රොධමූලං ආගන‍්ත්‍වා තත්‍ථ නිසින‍්නො ධම‍්මගම‍්භීරතං පච‍්චවෙක‍්ඛිත්‍වා අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තෙ නමන‍්තෙ මහාබ්‍රහ‍්මුනා යාචිතො බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො තික‍්ඛින්‍ද්‍රියාදිභෙදෙ සත‍්තෙ දිස‍්වා මහාබ්‍රහ‍්මුනො ධම‍්මදෙසනාය පටිඤ‍්ඤං දත්‍වා “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙස‍්සාමී”ති ආළාරුදකානං කාලකතභාවං ඤත්‍වා පුන චින‍්තෙන‍්තො “බහූපකාරා ඛො පන මෙ පඤ‍්චවග‍්ගියා භික‍්ඛූ, යෙ මං පධානපහිතත‍්තං උපට‍්ඨහිංසු. යංනූනාහං පඤ‍්චවග‍්ගියානං භික‍්ඛූනං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති චිත‍්තං උප‍්පාදෙසි. ඉදං පන සබ‍්බමෙව බුද‍්ධානං පරිවිතක‍්කමත‍්තමෙව, ඨපෙත්‍වා පන කොණ‍්ඩඤ‍්ඤබ්‍රාහ‍්මණං අඤ‍්ඤො කොචි පඨමං ධම‍්මං පටිවිජ‍්ඣිතුං සමත්‍ථො නාම නත්‍ථි. සොපි එතදත්‍ථමෙව කප‍්පසතසහස‍්සං අධිකාරකම‍්මං අකාසි, බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නව වාරෙ අග‍්ගසස‍්සදානං අදාසි.

මේ ක්‍රමයෙන්ම සත් සතියක් බෝමැඩ වාසයකොට රාජායතන මූලයෙහි මීපිඬු බොජුන වළදා යළි අජපල් නුගරුක මුලට අවුත් එහි හුන්නේ ධර්‍මයෙහි ගැඹුරුබව ප්‍රත්‍යවේක්‍ෂා කොට අල්පෝත්සුකබවට සිත යොමුවන කල්හි මහබඹු විසින් අයදිනලද්දේ බුදු ඇසින් ලොව බලා බලවත් ඉඳුරන් ඇති ආදි ප්‍රභේද සහිත සත්වයන් දැක මහබඹුට දම් දෙසුම සඳහා පිළිණ කොට කවරකුට නම් මම අද දහම් දෙසන්නෙමිදැයි අළාර සහ උද්දක යන දෙදෙන කළුරිය කළබව දැන යලි සිතන්නේ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුහු ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යෙදුනාවූ මට උවටැන් කළාහුය. පස්වග මහණුනට පළමුව දම් දෙසන්නෙම් නම් යෙහෙකැයි සිතක් උපද්දවීය. මෙය වනාහි සියලු බුදුවරුන්ගේ සිතිවිල්ලක් පමණක්ම නමි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ බමුණා හැර පළමුව ධර්‍මය අවබෝධ කිරීමට අන්කිසි සමතෙක් නම් නැත. මේ සඳහාම කල්ප ලක්‍ෂයක් ප්‍රාර්‍ත්‍ථනා කළේය. බුදු පාමොක් බික්සඟනට නවවරක් අගසස් දන් දුන්නේය.

අථ සත්‍ථා පත‍්තචීවරමාදාය අනුපුබ‍්බෙන ඉසිපතනං ගන‍්ත්‍වා යෙන පඤ‍්චවග‍්ගියා භික‍්ඛූ, තෙනුපසඞ‍්කමි. තෙ තථාගතං ආගච‍්ඡන‍්තං දිස‍්වාව අත‍්තනො කතිකාය සණ‍්ඨාතුං නාසක‍්ඛිංසු. එකො පත‍්තචීවරං පටිග‍්ගහෙසි, එකො ආසනං පඤ‍්ඤාපෙසි, එකො පාදොදකං පච‍්චුපට‍්ඨාපෙසි, එකො පාදෙ ධොවි, එකො තාලවණ‍්ටං ගහෙත්‍වා බීජමානො ඨිතො. එවං තෙසු වත‍්තං දස‍්සෙත්‍වා සන‍්තිකෙ නිසින‍්නෙසු කොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරං කායසක‍්ඛිං කත්‍වා සත්‍ථා අනුත‍්තරං තෙපරිවට‍්ටං ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තං ආරභි. මනුස‍්සපරිසා පඤ‍්ච ජනාව අහෙසුං, දෙවපරිසා අපරිච‍්ඡින‍්නා. දෙසනාපරියොසානෙ කොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො අට‍්ඨාරසහි මහාබ්‍රහ‍්මකොටීහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො. අථ සත්‍ථා “මයා දුක‍්කරසතාභතං ධම‍්මං පඨමමෙව අඤ‍්ඤාසීති අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤො නාම අය”න‍්ති ථෙරං ආලපන‍්තො “අඤ‍්ඤාසි වත, භො, කොණ‍්ඩඤ‍්ඤො, අඤ‍්ඤාසි වත, භො, කොණ‍්ඩඤ‍්ඤො”ති ආහ. තස‍්ස තදෙව නාමං ජාතං. තෙන වුත‍්තං – “ඉති හිදං ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤොත්‍වෙව නාමං අහොසී”ති.

ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසිවුරු ගෙන පිළිවෙළින් ඉසිපතනයට වැඩමවා පස්වග මහණුන් සිටි තැනට එළඹිසේක. ඔවුහු වඩින්නාවූ තථාගතයන්වහන්සේ දැක්ම තමන්ගේ කතිකාවෙහි සිටින්නට නොහැකිවූහ. එකෙක් පාසිවුරු පිළිගත්තෝය. එකෙක් අසුන පැනවූහ. එකෙක් පාදොවුනාදිය එළවූහ. එකෙක් පා දෙවූහ. එකෙක් තල්වැටක් ගෙන පවන්සලමින් සිටියහ. මෙසේ ඔවුන් වත් දක්වා සමීපයෙහි හුන් කල්හි කොණ්ඩඤ්ඤ තෙරුන් කායසාක්‍ෂකොට ශාස්තෘන්වහන්සේ අනුත්තරවූ ත්‍රිපරිවෘත්තවූ ධර්‍මචක්‍රප්‍රවර්‍තන සූත්‍රාන්තය ආරම්භකළසේක. මිනිස් පිරිස පස් දෙනෙක්ම වූහ. දෙවිපිරිස සීමාරහිතය. දෙශනාවගේ කෙළවර කොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ අටළොස් කෙළක් මහබඹුන් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ මවිසින් දුෂ්කරතා රාශියකින් ගෙනඑන ලද ධර්‍මය පළමුවම දත්තේයයි මෙතෙම අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම්යයි තෙරුන් අමතමින්, ‘භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන්ම දත්තේය, භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම දත්තතේය’යි වදාළසේක. ඔහුට එම නමම විය. එහෙයින්, ‘ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාකොණ්ඩඤ්ඤයයි මෙසේ මේ නම වීය’යි කියනලදී.

ඉති ථෙරො ආසාළ‍්හිපුණ‍්ණමායං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො, පාටිපදදිවසෙ භද‍්දියත්‍ථෙරො, දුතියපක‍්ඛදිවසෙ වප‍්පත්‍ථෙරො, තතියපක‍්ඛදිවසෙ මහානාමත්‍ථෙරො, පක‍්ඛස‍්ස චතුත්‍ථියං අස‍්සජිත්‍ථෙරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො. පඤ‍්චමියා පන පක‍්ඛස‍්ස අනත‍්තලක‍්ඛණසුත‍්තන‍්තදෙසනාපරියොසානෙ සබ‍්බෙපි අරහත‍්තෙ පතිට‍්ඨිතා.

මෙසේ තෙරුන්වහන්සේ ඇසළ පුන්පොහො දිනයෙහි සෝවාන් පෙලෙහි පිහිටියහ. පෑළවිය දිනයෙහි භද්දිය තෙරුන්වහන්සේද දියවක් දිනයෙහි වප්පතෙරුන්වහන්සේද තියවක් දිනයෙහි මහානාමතෙරුන්වහන්සේද සිව්වක් දිනයෙහි අස්සජි තෙරුන්වහන්සේද සෝවාන් පෙලෙහි පිහිටියහ. පක්‍ෂයෙහි පස්වැනි දිනයෙහි අනත්තලක්‍ඛණ සූත්‍ර දේශනාවසානයෙහි සියලු දෙනාම රහත් බවෙහි පිහිටියහ.

තෙන ඛො පන සමයෙන ඡ ලොකෙ අරහන‍්තො හොන‍්ති. තතො පට‍්ඨාය සත්‍ථා යසදාරකප‍්පමුඛෙ පඤ‍්චපඤ‍්ඤාස පුරිසෙ, කප‍්පාසියවනසණ‍්ඩෙ තිංසමත‍්තෙ භද‍්දවග‍්ගියෙ, ගයාසීසෙ පිට‍්ඨිපාසාණෙ සහස‍්සමත‍්තෙ පුරාණජටිලෙති එවං මහාජනං අරියභූමිං ඔතාරෙත්‍වා බිම‍්බිසාරප‍්පමුඛානි එකාදසනහුතානි සොතාපත‍්තිඵලෙ, එකං නහුතං සරණත‍්තයෙ පතිට‍්ඨාපෙත්‍වා ජම‍්බුදීපතලෙ සාසනං පුප‍්ඵිතඵලිතං කත්‍වා සකලජම‍්බුදීපමණ‍්ඩලං කාසාවපජ‍්ජොතං ඉසිවාතපටිවාතං කරොන‍්තො එකස‍්මිං සමයෙ ජෙතවනමහාවිහාරං පත්‍වා තත්‍ථ වසන‍්තො භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනගතො ධම‍්මං දෙසෙන‍්තො “පඨමං ධම‍්මං පටිවිද‍්ධභික‍්ඛූනං අන‍්තරෙ මම පුත‍්තො කොණ‍්ඩඤ‍්ඤො අග‍්ගො”ති දස‍්සෙතුං එතදග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

එකල්හි වනාහි ලෝකයෙහි රහත්වූ සදෙනෙක් වෙත්. එතැන් පටන් ශාස්තාන්වහන්සේ යසදාරක ප්‍රමුඛවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිස් දෙනකු පමණවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිස් දෙනෙකු පමණවූ භද්දවග්ගිකයන්ද ගයා ශීර්ෂයේහි ගල්තලයෙහි දහසක් පමණ පුරාණජටිලයන්දැයි මෙසේ මහජනයා ආර්‍ය්‍යභූමියට බස්වා බිම්බිසාර ප්‍රමුඛවූ එකොළොස් නහුතයක් සෝවාන් පෙලෙහිද එක් නහුතයක් රත්නත්‍රයෙහිද පිහිටුවා දඹදිව් තෙලෙහි සසුන මල්පල ගන්වා සියලු දඹදිව කසාවතින් බබළන්නක්, සෘෂීන්ගෙන් හමන සුළඟින් ගහණවූවක් කරමින් එක් කලෙක දෙව්රම් මහවෙහෙරට පැමින එහි වසනසේක් බික්සඟන මැද පනවන ලද උතුම් බුද්ධාසනගතවූ සේක් දහම් දෙසමින් පළමුව දහම් අවබෝධ කළ භික්‍ෂූන් අතුරෙහි මගේ පුත් කොණ්ඩඤ්ඤ තෙමේ අග්‍රයයි දැක්වීමට එතදග්‍රස්ථානයෙහි තැබුසේක.

ථෙරොපි ද‍්වෙ අග‍්ගසාවකෙ අත‍්තනො නිපච‍්චකාරං කරොන‍්තෙ දිස‍්වා බුද‍්ධානං සන‍්තිකා අපක‍්කමිතුකාමො හුත්‍වා “පුණ‍්ණමාණවො පබ‍්බජිත්‍වා සාසනෙ අග‍්ගධම‍්මකථිකො භවිස‍්සතී”ති දිස‍්වා දොණවත්‍ථුබ්‍රාහ‍්මණගාමං ගන‍්ත්‍වා අත‍්තනො භාගිනෙය්‍යං පුණ‍්ණමාණවං පබ‍්බාජෙත්‍වා “අයං බුද‍්ධානං සන‍්තිකෙ වසිස‍්සතී”ති තස‍්ස බුද‍්ධානං අන‍්තෙවාසිකභාවං කත්‍වා සයං දසබලං උපසඞ‍්කමිත්‍වා “භගවා මය‍්හං ගාමන‍්තසෙනාසනං අසප‍්පායං, ආකිණ‍්ණො විහරිතුං න සක‍්කොමි, ඡද‍්දන‍්තදහං ගන‍්ත්‍වා වසිස‍්සාමී”ති භගවන‍්තං අනුජානාපෙත්‍වා උට‍්ඨායාසනා සත්‍ථාරං වන්‍දිත්‍වා ඡද‍්දන‍්තදහං ගන‍්ත්‍වා ඡද‍්දන‍්තහත්‍ථිකුලං නිස‍්සාය ද‍්වාදස වස‍්සානි වීතිනාමෙත්‍වා තත්‍ථෙව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

තෙරුන් වහන්සේද තමන්ට ගරුසරු කම් දක්වන්නාවූ අගසව් දෙනම දැක බුදුන් සමීපයෙන් ඉවත්වනු කැමැත්තෝව, ‘පුණ්ණමානවක තෙමේ පැවිදිව සසුනෙහි අග්‍රධර්‍මකථිකයා වන්නේය’යි දැක දොණවත්‍ථු බමුණුගමට ගොස් තමන්ගේ බෑණණුවන් වන පුණ්ණමානවකයා පැවිදිකොට ‘මෙතෙම බුදුන්වහන්සේ සමීපයෙහි වසන්නේය’යි ඔහු බුදුන් සමීපයෙහි වසන්නෙකුබවට පත්කොට තෙමේ බුදුන්වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, මට ග්‍රාමාන්තසේනාසනය නොගැලපෙයි. පිරිස සමඟ එක්ව විසීමට නොහැක්කෙමි. ඡද්දන්ත විලට ගොස් වසන්නෙමි’යි භාග්‍යවතුන්වහන්සේ ලවා අනුදන්වා ගෙන අසුනෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වැඳ ඡද්දන්ත විලට ගොස් ඡද්දන්ත ඇත්කුලය ඇසුරුකොට දොළොස්වසරක් ගෙවා එහිම අනුපාදිශේෂ නිර්‍වාණධාතුවෙන් පිරිනිවන්පෑහ.