සාරිපුත්ත-මොග්ගල්ලානත්ථෙරවත්ථු අට්ඨකථා
සාරිපුත්ත-මොග්ගල්ලානත්ථෙරවත්ථු
සැරියුත් මුගලන් තෙරවරු
දුතියතතියෙසු මහාපඤ්ඤානන්ති මහතියා පඤ්ඤාය සමන්නාගතානං. ඉද්ධිමන්තානන්ති ඉද්ධියා සම්පන්නානං. සාරිපුත්තො මොග්ගල්ලානොති තෙසං ථෙරානං නාමං.
දෙවෙනි තෙවෙනි සූත්‍රයන්හි ‘මහාපඤ්ඤානං’ යනු මහත් ප්‍රඥාවෙන් යුක්තවූවන් අතුරෙන්ය. ඉද්ධිමන්තානං යනු සෘද්ධියෙන් යුක්තවූවන් අතුරෙන්ය. ‘සාරිපුත්තො මොග්ගල්ලානොං යනු ඒ තෙරවරරුන්ගේ නම්ය.
ඉමෙසම්පි පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – ඉතො සතසහස්සකප්පාධිකෙ අසඞ්ඛ්යෙය්යකප්පමත්ථකෙ සාරිපුත්තො බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, නාමෙන සරදමාණවො නාම අහොසි. මොග්ගල්ලානො ගහපතිමහාසාලකුලෙ නිබ්බත්ති, නාමෙන සිරිවඩ්ඪනකුටුම්බියො නාම අහොසි. තෙ උභොපි සහපංසුකීළිතාව සහායකා අහෙසුං. සරදමාණවො පිතු අච්චයෙන කුලසන්තකං මහාධනං පටිපජ්ජිත්වා එකදිවසං රහොගතො චින්තෙසි – “අහං ඉධලොකත්තභාවමෙව ජානාමි, නො පරලොකත්තභාවං, ජාතසත්තානඤ්ච මරණං නාම ධුවං, මයා එකං පබ්බජ්ජං පබ්බජිත්වා මොක්ඛධම්මගවෙසනං කාතුං වට්ටතී”ති. සො සහායකං උපසඞ්කමිත්වා ආහ – “සම්ම සිරිවඩ්ඪන, අහං පබ්බජිත්වා මොක්ඛධම්මං ගවෙසිස්සාමි, ත්වං මයා සද්ධිං පබ්බජිතුං සක්ඛිස්සසී”ති. න සක්ඛිස්සාමි, සම්ම, ත්වංයෙව පබ්බජාහීති. සො චින්තෙසි – “පරලොකං ගච්ඡන්තා සහායෙ වා ඤාතිමිත්තෙ වා ගහෙත්වා ගතා නාම නත්ථි, අත්තනා කතං අත්තනොව හොතී”ති. තතො රතනකොට්ඨාගාරං විවරාපෙත්වා කපණද්ධිකවණිබ්බකයාචකානං මහාදානං දත්වා පබ්බතපාදං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජි. තස්ස එකො ද්වෙ තයොති එවං අනුපබ්බජ්ජං පබ්බජිතා චතුසත්තතිසහස්සමත්තා ජටිලා අහෙසුං. සො පඤ්චාභිඤ්ඤා අට්ඨ ච සමාපත්තියො නිබ්බත්තෙත්වා තෙසම්පි ජටිලානං කසිණපරිකම්මං ආචික්ඛි. තෙපි සබ්බෙ පඤ්ච අභිඤ්ඤා අට්ඨ ච සමාපත්තියො නිබ්බත්තෙසුං.
මොවුන්ගේද ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූයේය. මුගලන් තෙමේ ගෘහපතිමහාසාර කුලයෙහි උපන්නේය. නමින් සිරිවඞ්ඪ කෙළෙඹි නම්වූයේය. ඒ දෙදෙනාම වැළිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. සරද මානව තෙමේ පියාගේ ඇවෑමෙන් කුලයට අයත් මහාධනය පිළිපැද එක් දිනක් රහසිගතවූයේ, ‘මම ඉහාත්මභාවය ගැන පමණක්ම දනිමි. පරලොව ආත්මභාවය ගැන නොදනිමි. උපන්සත්වයන්ට මරණයනම් ඒකාන්තය, මවිසින් එක් පැවිද්දකින් පැවිදිව මොක්ෂධර්මගවේෂණයක් කිරීම වටනේය’යි සිතීය. හෙතෙම යහළුවා වෙත එළඹ ‘යහළු’ සිරිවඩ්ඪ, මම පැවැදිව මොක්ෂධර්මය සොයමි. ඔබ මා සමඟ පැවිදි වීමට හැක්කෙහිද නොහැක්කෙහිදැයි ඇසීය. නොහැක්කෙමි, යහළුව, ඔබම පැවිදි වන්නෙහි’යි කීය. හෙතෙම, පරලොව යන්නාහු යහළුවකු හෝ නෑමිතුරන් හෝ ගෙනගියෝ නම්නැත. තමා කළදෙය තමාටම වෙයි’යි සිතීය. ඉක්බිති රුවන්ගබඩාව අරවා දුගීමාගීයාචකයන්ට මහදන්දී පර්වතපාදයට පිවිස සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහුට එකෙක් දෙදෙනෙක් තිදෙනෙක්යයි මෙසේ අනුපැවිද්දෙන් පැවිදිවූ සිවුසැත්තෑදහසක් පමණවූ ජටිලයෝවූහ. හෙතෙම පංචාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ඒ ජටිලයන්ටද කසිණපරිකර්මය කියාදුන්නේය. ඔහු සියල්ලෝද පංචාභිඥාද අෂ්ටසමාපත්තීන්ද ඉපදෙව්වාහුය.
තෙන සමයෙන අනොමදස්සී නාම බුද්ධො ලොකෙ උදපාදි. නගරං චන්දවතී නාම අහොසි, පිතා යසවන්තො නාම ඛත්තියො, මාතා යසොධරා නාම දෙවී, බොධි අජ්ජුනරුක්ඛො, නිසභත්ථෙරො ච අනොමත්ථෙරො චාති ද්වෙ අග්ගසාවකා, වරුණත්ථෙරො නාම උපට්ඨාකො, සුන්දරා ච සුමනා චාති ද්වෙ අග්ගසාවිකා, ආයු වස්සසතසහස්සං අහොසි, සරීරං අට්ඨපඤ්ඤාසහත්ථුබ්බෙධං, සරීරප්පභා ද්වාදසයොජනං ඵරි, භික්ඛුසතසහස්සපරිවාරො අහොසි.
එකල්හි අනොමදස්සී නම් බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. නුවර චන්දවතී නම් වූයේය. පියා යසවන්ත නම්වූ ක්ෂත්රියයායි. මව යශෝධරා නම් වූ දේවියයි. බෝධිය කුඹුක් ගසයි. නිසභ තෙරුන්ද අනෝම තෙරුන්ද යන දෙදෙනා දැගසව්වෝයි. උපස්ථායකයා වරුණ තෙරනම්වූයේයි. සුන්දරාද සුමනාද යනු අග්‍රශ්‍රාවිකා දෙදෙනායි. උන්වහන්සේට ආයුෂ (අවුරුදු) ලක්ෂයක් වූයේය. සිරුර අටපනස් රියන් උස් වූයේයි. සිරුරු පැහැය දොළොස් යොදුනක් පැතිරිණි. භික්ෂූන් ලක්ෂයක් පිරිවර ඇත්තෝවුසේක.
අථෙකදිවසං පච්චූසකාලෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො සරදතාපසං දිස්වා “අජ්ජ මය්හං සරදතාපසස්ස සන්තිකං ගතපච්චයෙන ධම්මදෙසනා ච මහතී භවිස්සති, සො ච අග්ගසාවකට්ඨානං පත්ථෙස්සති, තස්ස සහායකො සිරිවඩ්ඪනකුටුම්බියො දුතියසාවකට්ඨානං, දෙසනාපරියොසානෙ චස්ස පරිවාරා චතුසත්තතිසහස්සජටිලා අරහත්තං පාපුණිස්සන්ති, මයා තත්ථ ගන්තුං වට්ටතී”ති අත්තනො පත්තචීවරමාදාය අඤ්ඤං කඤ්චි අනාමන්තෙත්වා සීහො විය එකචරො හුත්වා සරදතාපසස්ස අන්තෙවාසිකෙසු ඵලාඵලත්ථාය ගතෙසු “බුද්ධභාවං මෙ ජානාතූ”ති තස්ස පස්සන්තස්සෙව සරදතාපසස්ස ආකාසතො ඔතරිත්වා පථවියං පතිට්ඨාසි. සරදතාපසො බුද්ධානුභාවං චෙව සරීරසම්පත්තිං චස්ස දිස්වා ලක්ඛණමන්තෙ සම්මසිත්වා “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතො නාම අගාරමජ්ඣෙ වසන්තො රාජා හොති චක්කවත්තී, පබ්බජ්ජන්තො ලොකෙ විවට්ටච්ඡදො සබ්බඤ්ඤු බුද්ධො හොති, අයං පුරිසො නිස්සංසයං බුද්ධො”ති ජානිත්වා පච්චුග්ගමනං කත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා ආසනං පඤ්ඤාපෙත්වා අදාසි. නිසීදි භගවා පඤ්ඤත්තාසනෙ. සරදතාපසොපි අත්තනො අනුච්ඡවිකං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි.
ඉක්බිති එක්දිනක් උදෑසන කල්හි මහාකරැණා සමවතින් නැඟිට ලොව බලනසේක් සරද තවුසා දැක ‘අද මා සරද තවුසා වෙත යාමේ හේතුවෙන් මහත් ධර්මදේශනාවක්ද වන්නේය. හෙතෙමේද අගසවු තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිඩ්ඪ කෙළෙඹියා දෙවැනි ශ්‍රාවක තනතුර (පතන්නේය) දෙසුම කෙළවර ඔහුගේ පිරිවර සිවුසැත්තෑ දහසක් ජටිලයෝ රහත්බවට පැමිණෙන්නාහුය. මා එහි යාමට වටනේය’යි තමාගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා සිංහයකු මෙන් ඒකචාරීවී සරද තවුසාගේ අතවැස්සන් පලාපල සඳහා ගිය කල්හි මාගේ බුදුබව දනීවායි සරද තවුසා බලාසිටියදීම අහසින් බැස පොළොවෙහි පිහිටි සේක. සරද තවුසා බුද්ධානුභාවයද උන්වහන්සේගේ ශරීරනිෂ්පත්තියද දැක ලක්ෂණ ශාස්ත්‍රය විමසා මේ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ තැනැත්තේ නම් ගිහිගෙහි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදිවන්නේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුකෙනෙක් වෙති. මේ පුරුෂයා නිසැකවම බුදුකෙනෙකැයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන්වහන්සේ පනවනලද අසුනෙහි වැඩහුන්සේක. සරද තවුසාද තමන්ට සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය.
තස්මිං සමයෙ චතුසත්තතිසහස්සජටිලා පණීතපණීතානි ඔජවන්තානි ඵලාඵලානි ගහෙත්වා ආචරියස්ස සන්තිකං සම්පත්තා බුද්ධානඤ්චෙව ආචරියස්ස ච නිසින්නාසනං ඔලොකෙත්වා ආහංසු – “ආචරිය, මයං ‘ඉමස්මිං ලොකෙ තුම්හෙහි මහන්තතරො නත්ථී’ති විචරාම, අයං පන පුරිසො තුම්හෙහි මහන්තතරො මඤ්ඤෙ”ති. තාතා, කිං වදථ? සාසපෙන සද්ධිං අට්ඨසට්ඨියොජනසතසහස්සුබ්බෙධං සිනෙරුං සමං කාතුං ඉච්ඡථ, සබ්බඤ්ඤුබුද්ධෙන සද්ධිං මය්හං උපමං මා කරිත්ථ පුත්තකාති. අථ තෙ තාපසා “සචෙ අයං ඉත්තරසත්තො අභවිස්ස, න අම්හාකං ආචරියො එවරූපං උපමං ආහරෙය්ය, යාව මහා වතායං පුරිසො”ති සබ්බෙව පාදෙසු නිපතිත්වා සිරසා වන්දිංසු.
එකල්හි සිවුසැත්තෑදහසක් ජටිලයෝ මිහිරිමිහිරිවූ ඔදවන් පලාපල ගෙන ඇදුරුවරයාගේ සමීපයට පැමිණියාහු බුදුන්වහන්සේද ඇදුරුවරයාද හුන්නාවූ අසුන් බලා, ‘ආචාරීනි, අපි මේ ලෝකයෙහි ඔබවහන්සේට වඩා උසස් වූවෙක් නැතැයි (සිතා) හැසිරෙමු. මේ පුරුෂයා ඔබවහන්සේට වඩා උසස්යයි හැඟේය’යි කීවාහුය. ‘දරුවනි, කුමක් කියහුද? අබැටක් සමඟ සැට අට ලක්ෂයක් යොදුන් උසැති මහමෙර සම කිරීමට කැමැත්තහුද? දරුවනි, සර්වඥවූ බුදුරදුන් සමඟ මා උවම් නොකරහු’යි තවුසා කීය. ඉක්බිති ඒ තවුසෝ ‘ඉදින් මෙතෙම ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක්නොවීනම් අපගේ ඇදුරුවරයා මෙබඳු උපමා නොඑළවන්නේය. මෙතෙම ඒකාන්තයෙන් මහාපුරුෂයකැ’යි (සිතා) සියල්ලෝම වැදහෙව හිසින් නැමඳූහ.
අථ නෙ ආචරියො ආහ – “තාතා, අම්හාකං බුද්ධානං අනුච්ඡවිකො දෙය්යධම්මො නත්ථි, සත්ථා ච භික්ඛාචාරවෙලාය ඉධාගතො, මයං යථාබලං දෙය්යධම්මං දස්සාම. තුම්හෙ යං යං පණීතං ඵලාඵලං, තං තං ආහරථා”ති. ආහරාපෙත්වා හත්ථෙ ධොවිත්වා සයං තථාගතස්ස පත්තෙ පතිට්ඨාපෙසි. සත්ථාරා ච ඵලාඵලෙ පටිග්ගහිතමත්තෙ දෙවතා දිබ්බොජං පක්ඛිපිංසු. තාපසො උදකම්පි සයමෙව පරිස්සාවෙත්වා අදාසි. තතො භත්තකිච්චං නිට්ඨාපෙත්වා හත්ථං ධොවිත්වා නිසින්නෙ සත්ථරි සබ්බෙ අන්තෙවාසිකෙ පක්කොසිත්‍වා සත්ථු සන්තිකෙ සාරණීයං කථං කථෙන්තො නිසීදි. සත්ථා “ද්වෙ අග්ගසාවකා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ආගච්ඡන්තූ”ති චින්තෙසි. තෙ සත්ථු චිත්තං ඤත්වා සතසහස්සඛීණාසවපරිවාරා ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං අට්ඨංසු.
ඉක්බිති ඔවුන්ට ඇදුරුවරයා ‘දරුවනි, බුදුරජාණන්වහන්සේට සුදුසුවූ දියයුතු දෙයක් අපවෙත නැත. ශාස්තෘන්වහන්සේද පිඬුපිණිස හැසිරෙන වේලෙහි මෙහි පැමිණිසේක. අපිදු හැකි පරිද්දන් දානයක් දෙන්නෙමු. නුඹලා යම් යම් මිහිරිතමවූ පලවැලක් වේද ඒ ඒ දෙය ගෙනඑවයි ගෙන්වාගෙන අත්දොවා තෙමේ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටෙවව්වේය. ශාස්තෘන්වහන්සේ විසින් පලවැල පිළිගත් කෙනෙහි දෙවියෝ දිව්‍යඔජස් හෙළුවාහුය. තවුසා දියද තෙමේම පෙරා දුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අත්වැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අතවැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ අගසව්දෙනම බික්සඟන සමඟ පැමිණෙත්වායි සිතූසේක. උන්වහන්සේලා ශාස්තාන්වහන්සේගේ සිත දැන රහතුන්වහන්සේලා ලක්ෂයක් පිරිවරකොට ඇත්තෝ අවුත් ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය.
තතො සරදතාපසො අන්තෙවාසිකෙ ආමන්තෙසි – “තාතා, බුද්ධානං නිසින්නාසනම්පි නීචං, සමණසතසහස්සානම්පි ආසනං නත්ථි, තුම්හෙහි අජ්ජ උළාරං බුද්ධසක්කාරං කාතුං වට්ටති, පබ්බතපාදතො වණ්ණගන්ධසම්පන්නානි පුප්ඵානි ආහරථා”ති. කථනකාලො පපඤ්චො විය හොති, ඉද්ධිමන්තානං පන විසයො අචින්තෙය්යොති මුහුත්තමත්තෙනෙව තෙ තාපසා වණ්ණගන්ධසම්පන්නානි පුප්ඵානි ආහරිත්වා බුද්ධානං යොජනප්පමාණං පුප්ඵාසනං පඤ්ඤාපෙසුං, උභින්නං අග්ගසාවකානං තිගාවුතං, සෙසභික්ඛූනං අඩ්ඪයොජනිකාදිභෙදං, සඞ්ඝනවකස්ස උසභමත්තං අහොසි. එවං පඤ්ඤත්තෙසු ආසනෙසු සරදතාපසො තථාගතස්ස පුරතො අඤ්ජලිං පග්ගහෙත්වා ඨිතො, “භන්තෙ, මය්හං දීඝරත්තං හිතසුඛත්ථාය ඉමං පුප්ඵාසනං අභිරුහථා”ති ආහ.
ඉක්බිති සරදතවුසා, ‘දරුවනි, බුදුරදුන් වැඩහුන් අසුනද පහත්ය. ශ්‍රමණයන්වහන්සේලා ලක්ෂයටද අසුන් නැත නුඹලාවිසින් අද උදාරවූ බුද්ධසත්කාරයක් කිරීමට වටනේය. පර්වතපාදයෙන් පැහැයෙන් සහ සුවඳින් යුත් මල්ගෙනෙවු’යි අතවැසියන් ඇමතීය. කියනකාලයම පමාවක්මෙන් වෙයි. සෘද්ධි ඇත්තවුන්ගේ වනාහි ගෝචරය අචින්ත්‍යයි. මොහොතකින් පමණ ඒ තවුසෝ පැහැයෙන් හා සුවඳින්යුත් මල් රැගෙන බුදුන්වහන්සේට යොදුනක් පමණවූ මලසුනක් පැනවූහ. අගසව් දෙනමට තුන්ගව්ද සෙසු භික්ෂූන්ට අඩයොදුන් ආදී භේද ඇත්තේද සංඝනවකයන්ට ඉස්බක් පමණදවිය. මෙසේ අසුන් පැනවුණු කල්හි සරද තවුසා තථාගතයන්වහන්සේගේ ඉදිරියෙහි ඇඳිළිබැඳ සිටියේ ‘ස්වාමීනි අපට බොහෝ කලක් හිතසුව සඳහා මේ මලසුනට නඟිනුමැනවයි කීවේය.
“නානාපුප්ඵඤ්ච ගන්ධඤ්ච, සම්පාදෙත්වාන එකතො; පුප්ඵාසනං පඤ්ඤාපෙත්වා, ඉදං වචනමබ්රවිං.
නොයෙක් මල්ද සුවඳද එකට රැස්කොට මලසුනක් පනවා මේ වචනය කීවේය.
“ඉදං තෙ ආසනං වීර, පඤ්ඤත්තං තවනුච්ඡවිං; මම චිත්තං පසාදෙන්තො, නිසීද පුප්ඵමාසනෙ.
(මහා) වීරය, ඔබට සුදුසුසේ මේ අසුන පනවනලදී. මගේ සිත පහදමින් මලසුනෙහි හිඳිනු මැනවි.
“සත්තරත්තිදිවං බුද්ධො, නිසීදි පුප්ඵමාසනෙ; මම චිත්තං පසාදෙත්වා, හාසයිත්වා සදෙවකෙ”ති.
බුදුරජාණන්වහන්සේ සත් රෑදහවලක් දෙවියන් සහිත (ලොව) බබුළුවමින් මගේ සිත පහදවා මලසුනෙහි වැඩහුන්සේක.
එවං නිසින්නෙ සත්ථරි ද්වෙ අග්ගසාවකා ච සෙසභික්ඛූ ච අත්තනො අත්තනො පත්තාසනෙසු නිසීදිංසු. සරදතාපසො මහන්තං පුප්ඵච්ඡත්තං ගහෙත්වා තථාගතස්ස මත්ථකෙ ධාරයන්තො අට්ඨාසි. සත්ථා “ජටිලානං අයං සක්කාරො මහප්ඵලො හොතූ”ති නිරොධසමාපත්තිං සමාපජ්ජි. සත්ථු සමාපන්නභාවං ඤත්වා ද්වෙ අග්ගසාවකාපි සෙසභික්ඛූපි සමාපත්තිං සමාපජ්ජිංසු. තථාගතෙ සත්තාහං නිරොධසමාපත්තිං සමාපජ්ජිත්වා නිසින්නෙ අන්තෙවාසිකා භික්ඛාචාරකාලෙ සම්පත්තෙ වනමූලඵලාඵලං පරිභුඤ්ජිත්වා සෙසකාලෙ බුද්ධානං අඤ්ජලිං පග්ගය්හ තිට්ඨන්ති. සරදතාපසො පන භික්ඛාචාරම්පි අගන්ත්වා පුප්ඵච්ඡත්තං ගහිතනියාමෙනෙව සත්තාහං පීතිසුඛෙන වීතිනාමෙසි.
ශාස්තෘන් වහන්සේ මෙසේ හුන් කල්හි අගසව් දෙනමද සෙසු භික්ෂූහුද තමතමන්ට ලැබුණු අසුන්හි හුන්නාහුය. සරද තවුසා මහත්වූ මල් කුඩයක් ගෙන තථාගතයන් මත්තෙහි දරමින් සිටියේය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ට මෙම සත්කාරය මහත්ඵල වේවායි නිරෝධසමාපත්තියට සමවන්සේක. ශාස්තෘන්වහන්සේ සමවත් බව දැන දෑගසව්වෝද සෙසු භික්ෂුහුද සමවතට සමවන්නාහුය. තථාගතයන්වහන්සේ සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද හුන්කල්හි අතවැස්සෝ පිඬුසිඟා හැසිරෙන වේලාව පැමිණිකල්හි වනමුල්පල වළඳා සෙසු කල්හි බුදුන්ට ඇඳිලි බැඳ සිටිති. සරද තවුසා පිඬුහැසිරීමටද නොගොස් මල් කුඩය අල්වාගත් ක්‍රමයෙන්ම දිනසතක් ප්රීතිසුවයෙන්ම කල්ගෙවීය.
සත්ථා නිරොධතො වුට්ඨාය දක්ඛිණපස්සෙ නිසින්නං අග්ගසාවකං නිසභත්ථෙරං ආමන්තෙසි – “නිසභ සක්කාරකාරකානං තාපසානං පුප්ඵාසනානුමොදනං කරොහී”ති. ථෙරො චක්කවත්තිරඤ්ඤො සන්තිකා පටිලද්ධමහාලාභො මහායොධො විය තුට්ඨමානසො සාවකපාරමිඤාණෙ ඨත්වා පුප්ඵාසනානුමොදනං ආරභි. තස්ස දෙසනාවසානෙ දුතියසාවකං ආමන්තෙසි – “ත්වම්පි ධම්මං දෙසෙහී”ති. අනොමත්ථෙරො තෙපිටකං බුද්ධවචනං සම්මසිත්වා ධම්මං කථෙසි. ද්වින්නං සාවකානං දෙසනාය එකස්සපි අභිසමයො නාහොසි. අථ සත්ථා අපරිමාණෙ බුද්ධවිසයෙ ඨත්වා ධම්මදෙසනං ආරභි. දෙසනාපරියොසානෙ ඨපෙත්වා සරදතාපසං සබ්බෙපි චතුසත්තතිසහස්සජටිලා අරහත්තං පාපුණිංසු. සත්ථා “එථ භික්ඛවො”ති හත්ථං පසාරෙසි. තෙසං තාවදෙව කෙසමස්සු අන්තරධායි, අට්ඨ පරික්ඛාරා කායෙ පටිමුක්කාව අහෙසුං.
ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැඟිට දකුණුපස්හි හුන් අගසව් නිසඟ තෙරුන් ඇමතූසේක. ‘නිසහය, සත්කාර කරන්නාවූ තවුසන්ට පුෂ්පාසනානුමෝදනාව කරව’ යනුවෙනි. තෙරුන්වහන්සේ සක්විති රජෙකුවෙතින් ලැබූ මහාලාභයක් ඇති යෝදයෙකු මෙන් සතුටු සිත්ඇත්තෝ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට මලසුන් අනුමෙවෙනි බණ ඇරඹූහ. උන්වහන්සේගේ දෙසුම අවසන්හි දෙවැනි සව් ඇමතූසේක. ‘මහණ, ඔබද ධර්මදේශනා කරන්න’ යනුවෙනි. අනෝමතෙරුන්වහන්සේ ත්‍රිපිටක බුද්ධවචනය විමසමින් ධර්මදේශනා කළහ. දෙසව්වන්ගේම දෙසුමෙන් එකෙකුටද අභසමය නොවූයේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ අප්‍රමාණවූ බුද්ධවිෂයෙහි සිට දම්දෙසුම ඇරඹූසේක. දෙසුම කෙළවර සරද තවුසා හැර සියලුම සිව්සැත්තෑදහසක් ජටිලයෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘මහණෙනි, එවයි අත දිගහළසේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස්රවුළු අතුරුදහන්විය. අටපිරිකර සිරුරෙහි පැළඳගත්තෝම වූහ.
සරදතාපසො කස්මා අරහත්තං න පත්තොති? වික්ඛිත්තචිත්තත්තා. තස්ස කිර බුද්ධානං දුතියාසනෙ නිසීදිත්වා සාවකපාරමිඤාණෙ ඨත්වා ධම්මං දෙසයතො අග්ගසාවකස්ස දෙසනං සොතුං ආරද්ධකාලතො පට්ඨාය “අහො වතාහම්පි අනාගතෙ උප්පජ්ජනකස්ස බුද්ධස්ස සාසනෙ ඉමිනාව සාවකෙන ලද්ධධුරං ලභෙය්ය”න්ති චිත්තං උදපාදි. සො තෙන පරිවිතක්කෙන මග්ගඵලපටිවෙධං කාතුං නාසක්ඛි. තථාගතං පන වන්දිත්වා සම්මුඛෙ ඨත්වා ආහ – “භන්තෙ, තුම්හාකං අනන්තරාසනෙ නිසින්නො භික්ඛු තුම්හාකං සාසනෙ කො නාම හොතී”ති? මයා පවත්තිතං ධම්මචක්කං අනුප්පවත්තෙතා සාවකපාරමිඤාණස්ස කොටිප්පත්තො සොළස පඤ්ඤා පටිවිජ්ඣිත්වා ඨිතො මය්හං සාසනෙ අග්ගසාවකො නිසභත්ථෙරො නාම එසොති. “භන්තෙ, ය්වායං මයා සත්තාහං පුප්ඵච්ඡත්තං ධාරෙන්තෙන සක්කාරො කතො, අහං ඉමස්ස ඵලෙන අඤ්ඤං සක්කත්තං වා බ්රහ්මත්තං වා න පත්ථෙමි, අනාගතෙ පන අයං නිසභත්ථෙරො විය එකස්ස බුද්ධස්ස අග්ගසාවකො භවෙය්ය”න්ති පත්ථනං අකාසි.
සරදතවුසා කුමක්හෙයින් රහත්බවට නොපත්වූයේදයත්? විසිරුණු සිත් ඇතිබැවිනි. ඔහුට වනාහි බුදුන්වහන්සේගේ දෙවැනි අසුනෙහි හිඳ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට දම් දෙසුම කරන්නාවූ අගසව්වන්වහන්සේගේ දෙසුම ඇසීමට පටන්ගත් අවස්ථාවෙහි සිට මම ද ඒකාන්තයෙන්ම අනාගතයෙහි පහළවන බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ ශ්‍රාවකයන්වහන්සේ විසින් ලබනලද තනතුර ලබන්නේනම් යෙහෙකැයි සිතක් උපන්නේය. හෙතෙම ඒ පරිවිතර්කනයෙන් මගපල අවබෝධකිරීමට අසමත්වූයේය. තථාගතයන්වහන්සේ වැඳ හමුවෙහි සිට, ‘ස්වාමීනි, නුඹවහන්සේට අනතුරු අසුනෙහි හුන්නාවූ භික්ෂුව නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක්නම් වේදැ’යි ඇසීය. ‘මාවිසින් පවත්වනලද ධර්මචක්රය අනුපවත්වන්නාවූ ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණි සොළොස්ඥානයන් අවබෝද කොට සිටියාවූ මෙතෙම මගේ සසුනෙහි අගසව් නම් වෙයි’යි පැවසූසේක. ‘ස්වාමීනි සත්දිනක් මල්කුඩයක් දරන්නාවූ මවිසින් යම් සත්කාරයක් කනරලද්දේද මම මෙහි ප්‍රතිඵලයෙන් අන්‍යවූ ශක්රආත්මයක් හෝ බ්රහ්මාත්මයක් නොපතමි. අනාගතයෙහිවනාහි මේ නිසඟ තෙරුන් මෙන් එක් බුදුකෙනෙකුන්ගේ අගසව් වන්නෙමියයි පැතුමක් කෙළෙමියි පැවසීය.
සත්ථා “සමිජ්ඣිස්සති නු ඛො ඉමස්ස පුරිසස්ස පත්ථනා”ති අනාගතංසඤාණං පෙසෙත්වා ඔලොකෙන්තො කප්පසතසහස්සාධිකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා සමිජ්ඣනභාවං අද්දස. දිස්වා සරදතාපසං ආහ – “න තෙ අයං පත්ථනා මොඝා භවිස්සති, අනාගතෙ පන කප්පසතසහස්සාධිකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා ගොතමො නාම බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සති. තස්ස මාතා මහාමායා නාම දෙවී භවිස්සති, පිතා සුද්ධොදනො නාම රාජා, පුත්තො රාහුලො නාම, උපට්ඨාකො ආනන්දො නාම, දුතියසාවකො මොග්ගල්ලානො නාම, ත්වං පන තස්ස අග්ගසාවකො ධම්මසෙනාපති සාරිපුත්තො නාම භවිස්සසී”ති. එවං තාපසං බ්යාකරිත්වා ධම්මකථං කථෙත්වා භික්ඛුසඞ්ඝපරිවාරො ආකාසං පක්ඛන්දි.
ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්රාර්ත්ථනය සඵල වන්නේදැයි අනාගතංසඥානය යොමා බලනසේක් කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයයක් ඉක්මවා සමෘද්ධවනබව දුටුසේක. දැක සරද තවුසාට, ‘ඔබගේ මේ පැතුම හිස්නොවෙයි. අනාගතයෙහිවනාහි කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතමනම් බුදුකෙනෙක් උපදිති. ඔහුගේ මව මහමායා දේවිය නමු. පියා සුද්ධෝන මහරජ නමි. පුතා රාහුලනමි. උපස්ථායකයා ආනන්ද නමි. දෙවැනි සව්වා මුගලන් නමි. ඔබ වනාහි උන්වහන්සේගේ අගසව් වන දම්සෙනෙවි සැරියුත් වන්නෙහි’යි පැවසූසේක. මෙසේ තවුසාට විවරණදී දම්දෙසා බික්සඟන පිරිවරකොට ඇත්තාහු අහසට පැනනැගුණුසේක.
සරදතාපසොපි අන්තෙවාසිකත්ථෙරානං සන්තිකං ගන්ත්වා සහායකස්ස සිරිවඩ්ඪනකුටුම්බිකස්ස සාසනං පෙසෙසි – “භන්තෙ, මම සහායකස්ස වදෙථ ‘සහායකෙන තෙ සරදතාපසෙන අනොමදස්සිබුද්ධස්ස පාදමූලෙ අනාගතෙ උප්පජ්ජනකස්ස ගොතමබුද්ධස්ස සාසනෙ අග්ගසාවකට්ඨානං පත්ථිතං, ත්වං දුතියසාවකට්ඨානං පත්ථෙහී’”ති. එවඤ්ච පන වත්වා ථෙරෙහි පුරෙතරමෙව එකපස්සෙන ගන්ත්වා සිරිවඩ්ඪස්ස නිවෙසනද්වාරෙ අට්ඨාසි.
සරද තවුසාද අතවැසි තෙරුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මගේ යහළුවාට, ඔබේ යහළු සරද තවුසා විසින් අනෝමදස්සී බුදුරදුන්ගේ පාමුලෙහි අනාගතයෙහි පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි අගසව්තනතුර පතනලදී. ඔබ දෙවෙනි සව්තනතුර පතන්නැයි කියනු මැනවැ’යි යහළු සිරිවඩ්ඪ කෙළෙඹියාට හසුනක් යැවීය. මෙසේද කියා තෙරුන්වහන්සේලාට කලින්ම එක් පසෙකින් ගොස් සිරිවඩ්ඪගේ නිවෙසදොරටුවෙහි සිටියේය.
සිරිවඩ්ඪනො “චිරස්සං වත මෙ අය්යො ආගතො”ති ආසනෙ නිසීදාපෙත්වා අත්තනා නීචාසනෙ නිසින්නො “අන්තෙවාසිකපරිසා පන වො, භන්තෙ, න පඤ්ඤායතී”ති පුච්ඡි. ආම සම්ම, අම්හාකං අස්සමං අනොමදස්සී නාම බුද්ධො ආගතො, මයං තස්ස අත්තනො බලෙන සක්කාරං අකරිම්හ. සත්ථා සබ්බෙසං ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ ඨපෙත්වා මං සෙසා අරහත්තං පත්වා පබ්බජිංසූති. තුම්හෙ කස්මා න පබ්බජිතාති? අහං සත්ථු අග්ගසාවකං නිසභත්ථෙරං දිස්වා අනාගතෙ උප්පජ්ජනකස්ස ගොතමස්ස නාම බුද්ධස්ස සාසනෙ අග්ගසාවකට්ඨානං පත්ථෙසිං, ත්වම්පි තස්ස සාසනෙ දුතියසාවකට්ඨානං පත්ථෙහීති. මය්හං බුද්ධෙහි සද්ධිං පරිචයො නත්ථි, භන්තෙති. බුද්ධෙහි සද්ධිං කථනං මය්හං භාරො හොතු, ත්වං මහන්තං අධිකාරං සජ්ජෙහීති.
සිරිවඩ්ඪ තෙමේද බොහෝකලකින් මගේ ආර්‍ය්‍යයා ආයෝයැයි අසුනෙහි හිඳුවා තමා පහත් අසුනෙක හුන්නේ ‘ස්වාමීනී, ඔබවහන්සේගේ අතවැසි පිරිස නොපැනේයයි විමසීය. ‘එසේය, යහළුව, අපගේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ වැඩියහ. අපි උන්වහන්සේට අපගේ ශක්තියෙන් සත්කාර කෙළෙමු. ශාස්තෘන්වහන්සේ සැමට දහම්දෙසූසේක. දෙසුම කෙළවර මා හැර සෙස්සෝ රහත්බවට පත්වූවාහු පැවිදිවූහ’යි කීය. ‘ඔබ වහන්සේ කුමක් නිසා පැවිදි නොවූයේද? ‘මම ශාස්තෘන්වහන්සේගේ අගසව් නිසඟ තෙරුන් දැක අනාගතයෙහි පහළවන්නාවූ ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසව් තනතුර පැතුවෙමි. නුඹද උන්වහන්සේගේ සසුනෙහි දෙවැනිසව්තනතුර පතන්නැ’යි කීවේය. ‘බුදුවරුන් සමඟ මගේ (ඇසුරෙන්) පරිචයක් නැත. ස්වාමීනි’. ‘බුදුන්සමඟ කථාකිරීමට මට භාර වේවා. ඔබ මහත්වූ අධිකාරයක් (සත්කාරයක්) පිළියෙළ කරන්න.’
සිරිවඩ්ඪනො සරදතාපසස්ස වචනං සුත්වා අත්තනො නිවෙසනද්වාරෙ රාජමානෙන අට්ඨකරීසමත්තං ඨානං සමතලං කාරෙත්වා වාලුකං ඔකිරාපෙත්‍වා ලාජපඤ්චමානි පුප්ඵානි විකිරිත්වා නීලුප්පලච්ඡදනං මණ්ඩපං කාරෙත්වා බුද්ධාසනං පඤ්ඤාපෙත්වා සෙසභික්ඛූනම්පි ආසනානි පටියාදාපෙත්වා මහන්තං සක්කාරසම්මානං සජ්ජෙත්වා බුද්ධානං නිමන්තනත්ථාය සරදතාපසස්ස සඤ්ඤං අදාසි. තාපසො තස්ස වචනං සුත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං ගහෙත්වා තස්ස නිවෙසනං අගමාසි. සිරිවඩ්ඪනො පච්චුග්ගමනං කත්වා තථාගතස්ස හත්ථතො පත්තං ගහෙත්වා මණ්ඩපං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙසු නිසින්නස්ස බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දක්ඛිණොදකං දත්වා පණීතෙන භොජනෙන පරිවිසිත්වා භත්තකිච්චපරියොසානෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං මහාරහෙහි වත්ථෙහි අච්ඡාදෙත්වා, “භන්තෙ, නායං ආරම්භො අප්පමත්තකට්ඨානත්ථාය, ඉමිනාව නියාමෙන සත්තාහං අනුකම්පං කරොථා”ති ආහ. සත්ථා අධිවාසෙසි. සො තෙනෙව නියාමෙන සත්තාහං මහාදානං පවත්තෙත්වා භගවන්තං වන්දිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා ඨිතො ආහ – “භන්තෙ, මම සහායො සරදතාපසො යස්ස සත්ථු අග්ගසාවකො හොමීති පත්ථෙසි, අහම්පි තස්සෙව දුතියසාවකො භවාමී”ති.
සිරිවඩ්ඪතෙමේ ඔහුගේ වචනය අසා තම නිවෙස දොරටුවෙහි රජමිම්මෙන් කිරියඅටක් පමණවූ තැන සමතලාකරවා වැලිවිසුරුවා විළඳ පස්වැනි කොට ඇති මල් විසුරුවා නිලුපුල් පියැසි ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනය පනවා සෙසු භික්ෂූන්ටද අසුන් පිළියෙළකොටදී මහත්වූ සත්කාර සම්මාන සාදවා බුදුරදුන්ට ඇරයුම්කිරීම සඳහා සරද තවුසාට සංඥාවක් දුන්නේනය. තවුසා ඔහුගේ වචනය අසා බුදුපාමොක් බික්සඟන ගෙන ඔහුයේ නිවෙසට ගියේය. සිරිවඩ්ඪතෙමේ පෙරගමන්කොට තථාගතයන්වහන්සේගේ අතින් පාත්‍රය රැගෙන මණ්ඩපයට පිවිසුවා පනවනලද අසුන්හි හුන්නාවූ බුදුපාමොක් බික්සඟනට දක්ෂිණොදකයදී මිහිරි බොජුනෙන් වළඳවා බත්කිස අවසන්හි බුදුපාමොක් බික්සඟන මාහැඟි වස්ත්රයන්ගෙන් හඳවා, ‘ස්වාමීනි මේ පටන්ගැන්ම සුළුතැනක් සඳහා නොවේ. මේ නයින්ම දිනසතක් අනුකම්පා කරනු මැනවැ’යි කීවේය. ශාස්තෘන්වහන්සේගේ ඉවසූසේක. හෙතෙම ඒ නයින්ම සත්දිනක් මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේ, ‘ස්වාමීනි, මගේ යහළු සරද තවුසා යම් ශාස්තෘන්වහන්සේ කෙනෙකුට අගසව් වෙමැයි ප්‍රාර්ථනා කලේද? මම උන්වහන්සේටම දෙවැනි සව්වා වෙමැ’යිකීවේය.
සත්ථා අනාගතං ඔලොකෙත්වා තස්ස පත්ථනාය සමිජ්ඣනභාවං දිස්වා බ්යාකාසි – “ත්වං ඉතො කප්පසතසහස්සාධිකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා ගොතමබුද්ධස්ස දුතියසාවකො භවිස්සසී”ති. බුද්ධානං බ්‍යාකරණං සුත්වා සිරිවඩ්ඪනො හට්ඨපහට්ඨො අහොසි. සත්ථාපි භත්තානුමොදනං කත්වා සපරිවාරො විහාරමෙව ගතො. සිරිවඩ්ඪනො තතො පට්ඨාය යාවජීවං කල්යාණකම්මං කත්වා දුතියත්තවාරෙ කාමාවචරදෙවලොකෙ නිබ්බත්තො. සරදතාපසො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තො.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවනබව දැක විවරණ දුන්සේක. ‘ඔබ මෙයින් කල්පලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතම බුදුන්වහන්සේගේ දෙවැනි සව්වා වන්නෙහිය’ යනුවෙනි. බුදුරදුන්ගේ විවරණය අසා සිරිවඩ්ඪතෙමේ තුටුපහටුවූයේය. ශාස්තෘන්වහන්සේද භුත්තානුමෝදනය කොට පිරිවරසහිතවූසේක් විහාරයටම වැඩිසේක. සිරිවඩ්ඪතෙමේ එතැන්පටන් දිවිඇතිතෙක් පින්කම්කොට දෙවැනි අත්බැව්හි කාමාවචර දෙව්ලොව උපන්නේය. සරද තවුසා සිවුබඹවිහරණ වඩා බඹලොව උපන්නේය.
තතො පට්ඨාය ඉමෙසං උභින්නම්පි අන්තරාකම්මං න කථිතං. අම්හාකං පන බුද්ධස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව සරදතාපසො රාජගහනගරස්ස අවිදූරෙ උපතිස්සගාමෙ සාරිබ්රාහ්මණියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. තංදිවසමෙව චස්ස සහායොපි රාජගහස්සෙව අවිදූරෙ කොලිතගාමෙ මොග්ගල්ලිබ්රාහ්මණියා කුච්ඡියං පටිසන්ධිං ගණ්හි. තානි කිර ද්වෙපි කුලානි යාව සත්තමා කුලපරිවට්ටා ආබද්ධපටිබද්ධසහායකානෙව. තෙසං ද්වින්නම්පි එකදිවසමෙව ගබ්භපරිහාරං අදංසු. දසමාසච්චයෙන ජාතානම්පි තෙසං ඡසට්ඨි ධාතියො උපට්ඨහිංසු. නාමග්ගහණදිවසෙ සාරිබ්රාහ්මණියා පුත්තස්ස උපතිස්සගාමෙ ජෙට්ඨකුලස්ස පුත්තත්තා උපතිස්සොති නාමං අකංසු, ඉතරස්ස කොලිතගාමෙ ජෙට්ඨකුලස්ස පුත්තත්තා කොලිතොති නාමං අකංසු. තෙ උභොපි වුද්ධිමන්වාය සබ්බසිප්පානං පාරං අගමංසු.
එතැන්සිට මේ දෙදෙනාගේම අතුරැකර්මයක් නොකියනලදී. අපගේ බුදුරදුන්ගේ උපතට පෙරම සරද තවුසා රජගහනුවරට නුදුරේ උපතිස්ස ගමෙහි සාරි නම්වූ බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒදිනයෙහිදීම යහළුවාද රජගහනුවරටම නුදුරෙහි කොලතගමෙහි මොග්ගලී බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒ කුලදෙකම සත්වැනි කුලපරපුරතෙක් එකට බැඳුණු යහළුකුලමය. ඒ දෙදෙනාටම එකම දිනෙක ගැබ් රැකවරණ දුන්නාහුය. දසමසක් ඇවෑමෙන් උපන්නාවූ ඔවුනට සසැටක් කිරිමවුවරුන් එළවූහ. නම්තබන දිනයෙහි සාරිබැමිණියගේ පුතුට උපතිස්සයයි නම් කළාහුය. අනෙකාට කෝලිත ගමේ දෙටු කුලයේ පුතු බැවින් කෝලයයි නම්කළාහුය. ඒ දෙදෙනාම වියට පැමින සියලු ශිල්පයන්ගේ පරතෙරට ගිහය.
උපතිස්සමාණවස්ස කීළනත්ථාය නදිං වා උය්යානං වා පබ්බතං වා ගමනකාලෙ පඤ්ච සුවණ්ණසිවිකාසතානි පරිවාරා හොන්ති, කොලිතමාණවස්ස පඤ්ච ආජඤ්ඤරථසතානි. ද්වෙපි ජනා පඤ්චපඤ්චමාණවකසතපරිවාරා හොන්ති. රාජගහෙ ච අනුසංවච්ඡරං ගිරග්ගසමජ්ජං නාම හොති, තෙසං ද්වින්නම්පි එකට්ඨානෙයෙව මඤ්චං බන්ධන්ති. ද්වෙපි ජනා එකතොව නිසීදිත්වා සමජ්ජං පස්සන්තා හසිතබ්බට්ඨානෙ හසන්ති, සංවෙගට්ඨානෙ සංවිජ්ජන්ති, දායං දාතුං යුත්තට්ඨානෙ දායං දෙන්ති. තෙසං ඉමිනාව නියාමෙන එකදිවසං සමජ්ජං පස්සන්තානං පරිපාකගතත්තා ඤාණස්ස පුරිමදිවසෙසු විය හසිතබ්බට්ඨානෙ හාසො වා සංවෙගට්ඨානෙ සංවෙජනං වා දායං දාතුං යුත්තට්ඨානෙ දායදානං වා නාහොසි. ද්වෙපි පන ජනා එවං චින්තයිංසු – “කිං එත්ථ ඔලොකෙතබ්බං අත්ථි, සබ්බෙපිමෙ අප්පත්තෙ වස්සසතෙ අපණ්ණත්තිකභාවං ගමිස්සන්ති. අම්හෙහි පන එකං මොක්ඛධම්මං ගවෙසිතුං වට්ටතී”ති ආරම්මණං ගහෙත්වා නිසීදිංසු.
උපතිස්ස මානවකයාට කෙළිපිණිස නදියට හෝ උයනට හෝ යනකල්හි රන්සිවි පන්සියයක් පිරිවරවිය. කෝලිත මානවකයාට පන්සියයක් ආජානෙයරථවිය. දෙදෙනාම පන්සියය බැගින්වූ මානවකයන් පිරිවර කොට ඇත්තෝවෙත්. රජගහනුවරෙහිද අවුරුදු පතා ගිරග්ග නමැති නාට්යඋත්සවයක්වෙයි. ඒ දෙදෙනාටම එකම තැනක හැඳ (අසුනක්) බදිත්. දෙදෙනාම එක්ව හිඳ නාට්‍යඋත්සවය නරඹන්නාහු සිනාසිය යුතු තන්හි සිනාසෙත්, සංවේග වියයුතු තන්හි සංවේගයට පත්වෙත්. තෑගි දියයුතු තන්හි තෑගි දෙත්. මේ ක්‍රමයෙන් එක් දිනක් නාට්‍යඋත්සවය නරඹන්නාවූ මේ දෙදෙනාගේ නුවණ මුහුකුරා ගිය හෙයින් මුල්දිනයෙහි මෙන් සිනාසිය යුතුතැන සිනහවක් හෝ සංවේග විය යුතු තැන සංවේගයක් හෝ තෑගිදියයුතු තැන තෑගි දීමක් නොවූයේය. දෙදෙනාම මෙසේ සිතූහ: ‘මෙහි බැලියයුත්තක් ඇත්ද? මේ සියල්ලම වසර සියයක් නොපැමිනිකල්හි (වසර සියයක් ගත වීමට පෙර) නොමැතිබවට යයි. අප විසින් වනාහි එක් විමුක්තිධර්මයක් සෙවීමට වටනේය’යි අරමුනක් ගෙන හුන්නාහුය.
තතො කොලිතො උපතිස්සං ආහ – “සම්ම උපතිස්ස, න ත්වං අඤ්ඤසු දිවසෙසු විය හට්ඨපහට්ඨො, අනත්තමනධාතුකොසි, කිං තෙ සල්ලක්ඛිත”න්ති? සම්ම කොලිත, “එතෙසං ඔලොකනෙ සාරො නත්ථි, නිරත්ථකමෙතං, අත්තනො මොක්ඛධම්මං ගවෙසිතුං වට්ටතී”ති ඉදං චින්තයන්තො නිසින්නොම්හීති, ත්වං පන කස්මා අනත්තමනොසීති? සොපි තථෙව ආහ. අථස්ස අත්තනා සද්ධිං එකජ්ඣාසයතං ඤත්වා උපතිස්සො තං එවමාහ – “අම්හාකං උභින්නම්පි සුචින්තිතං, මොක්ඛධම්මං ගවෙසන්තෙහි පන එකා පබ්බජ්ජා ලද්ධුං වට්ටති, කස්ස සන්තිකෙ පබ්බජාමා”ති.
ඉක්බිති කෝලත ‘යහළු උපතිස්ස, ඔබ අන් දිනක මෙන් තුටුපහටුවූයේ නොවෙහි, නොසතුටුස්වභාවය ඇත්තහි, නුඹ විසින් කුමක් සලකන ලදදැ’යි උපතිස්සට කීවේය. ‘යහළු කෝලිතය, මේවා බැලීමේ හරයක් නැත. මෙය නිසරුය. තමන්ගේ මොක්‍ෂධර්‍මයක් සෙවීමට වටනේයයි සිතමිනු හුන්නෙමි’යි උපතිස්ස කීවේය. ‘නුඹ වනාහි කුමක් නිසා නොසතුටු සිතැත්තහිදැ’යිද ඇසීය. හෙතෙමේද එයම කීවේය. ඉක්බිති ඔහුගේ තමා සමඟ එක් අදහස් ඇතිබව දැන උපතිස්සතෙමේ මෙසේ කීවේය. අප දෙදෙනා විසින්ම මනාව සිතනලදී. මෝක්ෂ ධර්මයක් සොයන්නවුන් විසින් ඒක පැවිද්දක් ලැබීමට වටී. කවරකු සමීපයෙහි පැවිදි වෙමුද’ යනුවෙනි.
තෙන ඛො පන සමයෙන සඤ්චයො පරිබ්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. තෙ “තස්ස සන්තිකෙ පබ්බජිස්සාමා”ති පඤ්චහි මාණවකසතෙහි සද්ධිං සඤ්චයස්ස සන්තිකෙ පබ්බජිංසු. තෙසං පබ්බජිතකාලතො පට්ඨාය සඤ්චයො අතිරෙකලාභග්ගයසග්ගප්පත්තො අහොසි. තෙ කතිපාහෙනෙව සබ්බං සඤ්චයස්ස සමයං පරිග්ගණ්හිත්වා, “ආචරිය, තුම්හාකං ජානනසමයො එත්තකොව, උදාහු උත්තරිපි අත්ථී”ති පුච්ඡිංසු. සඤ්චයො “එත්තකොව, සබ්බං තුම්හෙහි ඤාත”න්ති ආහ. තෙ තස්ස කථං සුත්වා චින්තයිංසු – “එවං සති ඉමස්ස සන්තිකෙ බ්රහ්මචරියවාසො නිරත්ථකො, මයං මොක්ඛධම්මං ගවෙසිතුං නික්ඛන්තා, සො ඉමස්ස සන්තිකෙ උප්පාදෙතුං න සක්කා. මහා ඛො පන ජම්බුදීපො, ගාමනිගමරාජධානියො චරන්තා මයං අවස්සං මොක්ඛධම්මදෙසකං එකං ආචරියං ලභිස්සාමා”ති. තෙ තතො පට්ඨාය යත්ථ යත්ථ පණ්ඩිතා සමණබ්රාහ්මණා අත්ථීති සුණන්ති, තත්ථ තත්ථ ගන්ත්වා පඤ්හසාකච්ඡං කරොන්ති. තෙහි පුට්ඨං පඤ්හං අඤ්ඤෙ කථෙතුං සමත්ථා නත්ථි, තෙ පන තෙසං පඤ්හං විස්සජ්ජෙන්ති. එවං සකලජම්බුදීපං පරිග්ගණ්හිත්වා නිවත්තිත්වා සකට්ඨානමෙව ආගන්ත්වා, “සම්ම කොලිත, යො පඨමං අමතං අධිගච්ඡති, සො ආරොචෙතූ”ති කතිකං අකංසු.
එකල්හි සංජය පරිබ්බාජකතෙමේ මහත් පිරිවැජි පිරිසක් සමඟ රජගහනුවර වාසය කරයි. ඔවුහු ඔහුගේ සමීපයෙහි පැවිදිවෙමුයි මානවකයන් පන්සියයක් සමඟ සංජයගේ සමීපයෙහි පැවිදිවූහ. ඔවුන් පැවිදිවූ කාලයෙහි සිට සංජය තෙමේ අතිරේක ලාභයෙන් හා කීර්තියෙන් අග බවට පත්වූයේවිය. ඔවුහු කිහිපදිනකින්ම සංජයගේ සියලු සමය (දහම) පිරිමැඳ ‘අඳුරනි, ඔබ දන්නා දහම මෙපමණෙක්මද නැතහොත් මත්තෙහිත් ඇද්දැ’යි ඇසූහ. සංජය තෙමේ, මෙපමණෙක්මය. ඔබව විසින් සියල්ල දන්නාලදැ’යි කීය. ඔවුහු ඔහුගේ කථාව අසා’ මෙසේ ඇති කල්හි මොහුගේ සමීපයෙහි බඹසර විසුම නිසරුය. අපි මොක්‍ෂධර්‍මයක් සෙවීමට නික්මුණෙමු. එය මොහුගේ සමීපයෙහි ඉපදවීමට නොහැකිය. දඹදිව වනාහි ඉමහත්ය. ගම්නියම් රජදහන්හි හැසිරෙන්නාහු අවශ්‍යයෙන්ම මෝක්ෂධර්මදේශක එක් ආචාර්‍ය්‍යවරයකු ලබන්නෙමු’යි සිතූහ. ඔවුහු එතැන්පටන් යම්යම් තන්හි පණ්ඩිත වූ මහණ බමුණන් ඇතැයි අසත්ද ඒ ඒ තන්හි ගොස් ප්‍රශ්න සාකච්ඡා කරත්. ඔවුන් විසින් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට සමත් අනෙකෙක් නැත. ඔවුන් දෙදෙනා වනාහි ඔවුන්ගේ ප්‍රශ්න විසඳත් මෙසේ සියලු දඹදිව පරීක්ෂා කොට පෙරළා සිය තැනටම අවුත් ‘යහළු කෝලිත යමෙක් පළමුව අමාව (විමුක්තිය) ලබා ගනියිද හෙතෙම සැළකරාවා’යි කතිකා කළාහුය.
තෙන සමයෙන අම්හාකං සත්ථා පඨමාභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන රාජගහං සම්පත්තො හොති. අථ “එකසට්ඨි අරහන්තො ලොකෙ උප්පන්නා හොන්තී”ති වුත්තකාලෙ “චරථ, භික්ඛවෙ, චාරිකං බහුජනහිතායා”ති රතනත්තයගුණප්පකාසනත්ථං උය්යොජිතානං භික්ඛූනං අන්තරෙ පඤ්චවග්ගියබ්භන්තරො අස්සජිත්ථෙරො පටිනිවත්තිත්වා රාජගහමෙව ආගතො. පුනදිවසෙ පාතොව පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
එකල්හි අපගේ ශාස්තෘන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පත්ව පවත්වනලද උතුම් දම්සක් ඇත්තෝ පිළිවෙළින් රජගහනුවරට සැපත්වූවෝවෙත්. ඉක්බිති සැටඑක්නමක් රහතන්වහන්සේලා ලොව පහළවූවාහුවෙතැයි කියනලදකල්හි ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සඳහා සැරිසරවුයි තෙරුවනෙහි ගුණ පැවසීම සඳහා මෙහෙයවන ලද භික්ෂූන් අතුරෙහි පස්වග මහණුන්ට අයත්වන අස්සජි තෙරුන්වහන්සේ පෙරළා රජගහනුවරටම පැමිණියේ දෙවන දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසුරුණහ.
තස්මිං සමයෙ උපතිස්සපරිබ්බාජකො පාතොව භත්තකිච්චං කත්වා පරිබ්බාජකාරාමං ගච්ඡන්තො ථෙරං දිස්වා චින්තෙසි – “මයා එවරූපො පබ්බජිතො නාම න දිට්ඨපුබ්බො. යෙ වත ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අයං තෙසං භික්ඛූනං අඤ්ඤතරො, යංනූනාහං ඉමං භික්ඛුං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡෙය්යං – ‘කංසි ත්වං, ආවුසො උද්දිස්ස, පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී’”ති. අථස්ස එතදහොසි – “අකාලො ඛො ඉමං භික්ඛුං පඤ්හං පුච්ඡිතුං, අන්තරඝරං පවිට්ඨො පිණ්ඩාය චරති, යංනූනාහං ඉමං භික්ඛුං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධෙය්යං අත්ථිකෙහි උපඤ්ඤාතං මග්ග”න්ති. සො ථෙරං ලද්ධපිණ්ඩපාතං අඤ්ඤතරං ඔකාසං ගච්ඡන්තං දිස්වා නිසීදිතුකාමතඤ්චස්ස ඤත්වා අත්තනො පරිබ්බාජකපීඨකං පඤ්ඤාපෙත්වා අදාසි. භත්තකිච්චපරියොසානෙපිස්ස අත්තනො කුණ්ඩිකාය උදකං අදාසි.
එකල්හි උපතිස්ස පිරිවැජිතෙමේ උදෑසනම බත්කිසකොට පිරිවැජි අරමට යන්නේ තෙරුන් දැක, මාවිසින් මෙබඳුවූ පැවිද්දෙක් නොදුටුවිරූය. ඒකාන්තයෙන් ලෝකයෙහි රහත් වූහෝ රහත් මඟට පිළිපන්වූ යමෙක් වෙත්ද මෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් කෙනෙකි. මම මේ භික්ෂුව වෙත එළඹ ඇවැත්නි, නුඹ කවරකු උදෙසාපැවිදි වූයෙහිද? ඔබගේ ශාස්තෘවරයා හෝ කවරෙක්ද? නුඹ කවරෙකුගේ ධර්මයට රුචි වෙහිදැ’යි අසන්නෙම්නම් යෙහෙකැයි සිතීය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් විය. මේ භික්ෂුවගෙන් ප්‍රශ්න විචාරීමට මේ නොකල්ය. ඇතුළු ගමට පිවිසියේ පිඬුපිණිස හැසිරෙයි. මේ භික්ෂුව පිටුපසින් පිටුපසින් ළුහුබඳින්නේ නම් යෙහෙයක. අවශ්‍යතාව ඇත්තවුන් විසින් මඟ අනුදන්නාලදැ’යි යනුවෙනි. ලැබූ පිණ්ඩපාතය ඇති, කිසියම් තැනකට යන්නාවූ තෙරුන්වහන්සේ දැක, උන්වහන්සේගේ හිඳිනු කැමැත්ත දැන තමන්ගේ පිරිවැජි පුටුව පනවා දුන්නේය. කරනලද බත් කිස අවසන්හිද උප්වහන්සෙට තමාගේ කෙණ්ඩියෙන් දිය දුන්නේය.
එවං ආචරියවත්තං කත්වා කතභත්තකිච්චෙන ථෙරෙන සද්ධිං මධුරපටිසන්ථාරං කත්වා “විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො, කංසි ත්වං, ආවුසො උද්දිස්ස, පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී”ති පුච්ඡි. ථෙරො “අත්ථාවුසො, මහාසමණො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො, තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතො, සො ච මෙ භගවා සත්ථා, තස්සෙවාහං භගවතො ධම්මං රොචෙමී”ති ආහ. අථ නං “කිංවාදී පනායස්මතො සත්ථා, කිමක්ඛායී”ති පුච්ඡි. ථෙරො චින්තෙසි – “ඉමෙ පරිබ්බාජකා නාම සාසනස්ස පටිපක්ඛභූතා, ඉමස්ස සාසනස්ස ගම්භීරතං දස්සෙස්සාමී”ති. අත්තනො නවකභාවං දස්සෙන්තො ආහ – “අහං ඛො, ආවුසො, නවො අචිරපබ්බජිතො, අධුනාගතො ඉමං ධම්මවිනයං, න තාවාහං සක්කොමි විත්ථාරෙන ධම්මං දෙසෙතු”න්ති. පරිබ්බාජකො “අහං උපතිස්සො නාම, ත්වං යථාසත්තියා අප්පං වා බහුං වා වද, එතං නයසතෙන නයසහස්සෙන පටිවිජ්ඣිතුං මය්හං භාරො”ති චින්තෙත්වා ආහ –
මෙසේ ඇදුරුවත්කොට කරනලද බත්කිසඇති තෙරුන් සමඟ මිහිරි පිළිසඳරකොට ‘ඇවැත්නි, ඔබවහන්සේගේ ඉඳුරෝ ප්‍රසන්නයහ. සමේපැහැය පිරිසුදුය. පැහැපත්ය. ඇවැත්නි, ඔබවහන්සේ කවරෙකු උදෙසා පැවිදිවූවහුද? ඔබවහන්සේගේ ශාස්තෘන්වහන්සේ හෝ කවරෙක්ද? නුඹවහන්සේ කවරකුගේ දහම රුචි කරන්නහුදැ’යි ඇසීය. තෙරුන්වහන්සේ, ‘ඇවැත්නි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ මහාශ්‍රමණයෙක් ඇත. ඒ භාග්‍යවතුන් උදෙසා මම පැවිදි වූයෙමි. හෙතෙමේ මගේ භාග්‍යවත් වූ ශාස්තෘන්වන්සේය. ඒ භාග්‍යවතුන්වහන්සේගේම ධර්මය මම කැමති වෙමි’යි කීහ. ඉක්බිති උන්වහන්සේගෙන්, ආයුෂ්මතුන්ගේ ශාස්තෘවරයා කුමක් ප්‍රකාශ කරන්නේද, කුමක් කියන්නේදැයි ඇසීය. ‘මේ පිරිවැජියෝ නම් සසුනට ප්රතිපක්ෂවූවෝය. මොහුට සසුනේ ගැඹුරුබව දක්වනනෙමි’යි තෙරුන්වහන්සේ සිතූහ. තමන්ගේ (සසුනට) අලුත්බව දක්වමින් මෙසේ කීහ. ‘ඇවැත්නි, මම වනාහි නවකයෙක්මි, ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්මවිනයට අලුත පැමිණියෙක්මි. මම තවමත් විස්තර වශයෙන් ධර්මය ප්‍රකාශකිරීමට අපොහොසත් වන්නෙමි’ යනුවෙනි. පිරිවැජිතෙමේ, ‘මම උපතිස්ස නමි. ඔබවහන්සේ හැකිපමණින් මඳක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි. මෙය නයසියයෙන් නයදහසින් වටහා ගැනීම මට භාරයයි සිතා (මෙසේ) කීවේය:
“අප්පං වා බහුං වා භාසස්සු, අත්ථංයෙව මෙ බ්රූහි; අත්ථෙනෙව මෙ අත්ථො, කිං කාහසි බ්යඤ්ජනං බහු”න්ති. (මහාව· 60);
‘ම්ඳක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි, මට අර්ත්ථය පමණක්ම කියන්න. අර්ත්ථයෙන් පමණක්ම මට වැඩ ඇත. බොහෝවූ බ්‍යංජනය කුමක් කරන්නේද
එවං වුත්තෙ ථෙරො “යෙ ධම්මා හෙතුප්පභවා”ති (මහාව· 60; අප· ථෙර· 1.1.286) ගාථං ආහ. පරිබ්බාජකො පඨමපදද්වයමෙව සුත්වා සහස්සනයසම්පන්නෙ සොතාපත්තිමග්ගෙ පතිට්ඨහි. ඉතරං පදද්වයං සොතාපන්නකාලෙ නිට්ඨාසි.
මෙසේ කීකල්හි තෙරුන්වහන්සේ ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යන ගාථාව කීහ. පරිබ්බජකතෙමේ පළමු පාද දෙක අසාම දහසක් නයින් යුතු සොවාන් පෙලෙහි පිහිටියේය. ඉතිරි පාදදෙක සෝවාන්වූ කල්හි නිමවීය.
සො සොතාපන්නො හුත්වා උපරිවිසෙසෙ අප්පවත්තන්තෙ “භවිස්සති එත්ථ කාරණ”න්ති සල්ලක්ඛෙත්වා ථෙරං ආහ – “භන්තෙ, මා උපරි ධම්මදෙසනං වඩ්ඪයිත්ථ, එත්තකමෙව හොතු, කහං අම්හාකං සත්ථා වසතී”ති? වෙළුවනෙ පරිබ්බාජකාති. භන්තෙ, තුම්හෙ පුරතො යාථ, මය්හං එකො සහායකො අත්ථි. අම්හෙහි ච අඤ්ඤමඤ්ඤං කතිකා කතා “යො පඨමං අමතං අධිගච්ඡති, සො ආරොචෙතූ”ති. අහං තං පටිඤ්ඤං මොචෙත්වා සහායකං ගහෙත්වා තුම්හාකං ගතමග්ගෙනෙව සත්ථු සන්තිකං ආගමිස්සාමීති පඤ්චපතිට්ඨිතෙන ථෙරස්ස පාදෙසු නිපතිත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා ථෙරං උය්යොජෙත්වා පරිබ්බාජකාරාමාභිමුඛො අගමාසි.
සෝවාන් වූවෙක්වී මතුවිශේෂතාවන් නොපවත්නා කල්හි මෙහි කරුණක් වන්නේයයි සලකා. ස්වාමීනි, මත්තෙහි ධර්මදේශනාව නොවඩනු මැනව. මෙපමණක්ම වේවා! අපගේ ශාස්තෘන්වහන්සේ කොහි වසනසේක්දැයි තෙරුන්වහන්සේගෙන් ඇසුවේය. ‘පිරිවැජිය. වෙළුවනයෙහිය’. ‘ස්වාමීනි, අපට පෙරටුව වැඩමවන්න. මගේ එක් යහළුවෙක් ඇත. අප විසින්, ‘යමෙක් පළමුව විමුක්තිය අවබෝද කරයිද හේ සැලකරාවා’යි ඔවුනොවුන්ට කතිකාවක් කෙළෙමු. මම ඒ පොරොන්දුව මුදා යහළුවා රැගෙන නුඹවහන්සේ ගිය මගින්ම ශාස්තෘන් සමීපයට එන්නෙමි’යි පසඟ පිහිටුවීමෙන් තෙරුන්ගේ පාළඟ හෙව තෙවරක් පැදකුණුකොට තෙරුන්වහන්සේ පිටත් කොට යවා පිරිවැජි අරම දෙසට ගියේය.
කොලිතපරිබ්බාජකො තං දූරතොව ආගච්ඡන්තං දිස්වා “අජ්ජ මය්හං සහායකස්ස මුඛවණ්ණො න අඤ්ඤෙසු දිවසෙසු විය, අද්ධා තෙන අමතං අධිගතං භවිස්සතී”ති අමතාධිගමං පුච්ඡි. සොපිස්ස “ආම ආවුසො, අමතං අධිගත”න්ති පටිජානිත්වා තමෙව ගාථං අභාසි. ගාථාපරියොසානෙ කොලිතො සොතාපත්තිඵලෙ පතිට්ඨහිත්වා ආහ – “කහං කිර, සම්ම, සත්ථා වසතී”ති? “වෙළුවනෙ කිර, සම්ම, වසතී”ති එවං නො ආචරියෙන අස්සජිත්ථෙරෙන කථිතන්ති. තෙන හි සම්ම ආයාම, සත්ථාරං පස්සිස්සාමාති. සාරිපුත්තත්ථෙරො ච නාමෙස සදාපි ආචරියපූජකොව, තස්මා සහායං කොලිතමාණවං එවමාහ – “සම්ම, අම්හෙහි අධිගතං අමතං අම්හාකං ආචරියස්ස සඤ්චයපරිබ්බාජකස්සාපි කථෙස්සාම. බුජ්ඣමානො පටිවිජ්ඣිස්සති, අප්පටිවිජ්ඣන්තො අම්හාකං සද්දහිත්වා සත්ථු සන්තිකං ගමිස්සති, බුද්ධානං දෙසනං සුත්වා මග්ගඵලපටිවෙධං කරිස්සතී”ති.
කෝලිත පිරිවැජිතෙමේ එන්නාවූ ඔහු දුරදීම දැක, අද මගේ යහළුවාගේ මුවපැහැය අන් දිනයන්හි මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු විසින් නිවණ අවබෝද කරන්ලද්දේවන්නේයයි (සිතා) නිර්වාණාධිගමය ගැන විමසීය. හෙතෙමේද මොහුට, ‘එසේය ඇවැත, නිවන අවබෝධකරනලදැ’යි හඟවා ඒ ගාථාවම කීවේය. ගාථාවගේ කෙළවර කොලිත තෙමේ සෝවාන් පෙලෙහි පිහිටා, යහළුව, ශාස්තෘන්වහන්සේ කොහි වෙසේදැයි ඇසීය. ‘යහළුව, වෙළුවනයෙහිය, මෙසේ අපගේ ආචාර්‍ය්‍යවූ අස්සජිතෙරුන් විසින් කියනලදැයි පැවසීය. ‘එසේනම් යහළුව, යමු ශාස්තෘන්වහන්සේ බලන්නෙමු’යි කීය. සැරියුත්තෙරුන් නම්වූ මෙතෙම හැමකල්හිදු ගුරුපුද කරන්නෙක්මය, එබැවින් යහළු කෝලිත මානවකයාට, ‘යහළුව, අපවිසින් ලබාගත් විමුක්තිය ගැන අපගේ ඇදුරුවූ සංජය පිරිවැජියාටද කියමු. අවබෝධ කරන්නේ ප්‍රතිවෙධ කරන්නේය. ප්‍රතිවෙධ නොකරන්නේ අප අදහා ශාස්තෘන් සමීපයට යන්නේය. බුදුන්වහන්සේගේ දෙසුම අසා මාර්ගඵලප්රතිවේධකරන්නේ’ යයි පැවසීය.
තතො ද්වෙපි ජනා සඤ්චයස්ස සන්තිකං ගන්ත්වා, “ආචරිය, ත්වං කිං කරොසි, බුද්ධො ලොකෙ උප්පන්නො, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො. ආයාම, දසබලං පස්සිස්සාමා”ති. සො “කිං වදෙථ, තාතා”ති තෙපි වාරෙත්වා ලාභග්ගයසග්ගප්පත්තිමෙව තෙසං දීපෙසි. තෙ “අම්හාකං එවරූපො අන්තෙවාසිකවාසො නිච්චමෙව හොතු, තුම්හාකං පන ගමනං වා අගමනං වා ජානාථා”ති ආහංසු. සඤ්චයො “ඉමෙ එත්තකං ජානන්තා මම වචනං න කරිස්සන්තී”ති ඤත්වා “ගච්ඡථ තුම්හෙ, තාතා, අහං මහල්ලකකාලෙ අන්තෙවාසිකවාසං වසිතුං න සක්කොමී”ති ආහ. තෙ අනෙකෙහිපි කාරණෙහි තං බොධෙතුං අසක්කොන්තා අත්තනො ඔවාදෙ වත්තමානං ජනං ආදාය වෙළුවනං අගමංසු. අථ තෙසං පඤ්චසු අන්තෙවාසිකසතෙසු අඩ්ඪතෙය්යසතා නිවත්තිංසු, අඩ්ඪතෙය්යසතා තෙහි සද්ධිං අගමංසු.
ඉක්බිති දෙදෙනාම සංජය සමීපයට ගොස්, ‘ඇදුරනි, නුඹ කුමක් කරන්නෙහිද? ලොව බුදුකෙනෙක් පහළවූහ. ධර්මය මනාව දෙසනලදී. සංඝයා මනාව පිළිපන්නේය. යමු දශබලයන්වහන්සේ දකින්නෙමු’යි කීය. හෙතෙම, ‘දරුවනි කුමක් කියහුදැ’යි ඔවුන්ද වළක්වා මහත්ලාභකීර්තීන්ට පැමිණීම ගැනම ඔවුන්ට කීවේය. ඔවුහු, ‘අපගේ අතවැසිබව නිබඳවම වේවා, නුඹවහන්සේගේ යාම හෝ නොයාම දනුමැනව’යි කීවාහුය. සංජය තෙමේ මෙපමණක් දන්නාවූ මොවුන් මගේ කීම නොකරතැ’යි දැන ‘දරුවනි, නුඹලා යන්න. මම මහළු කල්හි අතවැසිව විසීමට නොහැක්කෙමි’යි කීවේය. ඔවුහු නොයෙක් කරුණුවලින් ඔහු අවබෝධකරවීමට නොහැක්කාහු තම අවවාදයෙහි පිහිටන ජනයා රැගෙන වෙළුවනයට ගියාහුය. ඉක්බිති ඔවුන්ගේ අතවැසි පන්සියයෙන් දෙසියපනසක් දෙනා නැවැත්තාහුය. දෙසියපනසක් දෙනා ඔවුන් සමඟ ගියාහුය.
සත්ථා චතුපරිසමජ්ඣෙ ධම්මං දෙසෙන්තො තෙ දූරතොව දිස්වා භික්ඛූ ආමන්තෙසි – “එතෙ, භික්ඛවෙ, ද්වෙ සහායා ආගච්ඡන්ති කොලිතො ච උපතිස්සො ච, එතං මෙ සාවකයුගං භවිස්සති අග්ගං භද්දයුග”න්ති. අථ තෙසං පරිසාය චරියවසෙන ධම්මදෙසනං වඩ්ඪෙසි. ඨපෙත්වා ද්වෙ අග්ගසාවකෙ සබ්බෙපි තෙ අඩ්ඪතෙය්යසතා පරිබ්බාජකා අරහත්තං පාපුණිංසු. සත්ථා “එථ භික්ඛවො”ති හත්ථං පසාරෙසි. සබ්බෙසං කෙසමස්සු අන්තරධායි, ඉද්ධිමයං පත්තචීවරං කායප්පටිබද්ධං අහොසි. ද්වින්නං අග්ගසාවකානම්පි ඉද්ධිමයපත්තචීවරං ආගතං, උපරිමග්ගත්තයකිච්චං පන න නිට්ඨාසි. කස්මා? සාවකපාරමිඤාණස්ස මහන්තතාය.
ශාස්තෘන්වහන්සේ සිවු පිරිස මැද දහම් දෙසනසේක් ඔවුන් දුරදීම දැක, ‘මහණෙනි, කෝලිත සහ උපතිස්ස යන මේ දෙයහළුවෝ පැමිණෙති. මේ මාගේ යහපත්වූ අගසව් යුවළ වන්නේය’යි භික්ෂූන් අමතාවදාළසේක. ඉක්බිති ඒ පිරිසට හැසිරීම්වශයෙන් දහම් එළවූසේක. දෙඅගසව්වන් හැර ඒ සියලු දෙසිය පණසක් පිරිවැජියෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘එව් මහණෙනි’යි අත විදහු සේක. සියල්ලන්ගේ කෙස්රැවුළු අතුරුදහන් විය. සෘද්ධිමයවූ පාසිවුරු පැමිණියේය. මතුමග තුන පිළිබඳ කිස නොනිමියේය. කුමක් හෙයින්ද යත්? ශ්‍රාවක පාරමීඥානයේ මහත්බව නිසාය.
අථායස්මා මහාමොග්ගල්ලානො පබ්බජිතදිවසතො සත්තමෙ දිවසෙ මගධරට්ඨෙ කල්ලවාලගාමකං උපනිස්සාය සමණධම්මං කරොන්තො ථිනමිද්ධෙ ඔක්කන්තෙ සත්ථාරා සංවෙජිතො ථිනමිද්ධං විනොදෙත්වා තථාගතෙන දින්නං ධාතුකම්මට්ඨානං සුණන්තොව උපරිමග්ගත්තයකිච්චං නිට්ඨාපෙත්වා සාවකපාරමිඤාණස්ස මත්ථකං පත්තො. සාරිපුත්තත්ථෙරොපි පබ්බජිතදිවසතො අද්ධමාසං අතික්කමිත්වා සත්ථාරා සද්ධිං තමෙව රාජගහං උපනිස්සාය සූකරඛතලෙණෙ විහරන්තො අත්තනො භාගිනෙය්යස්ස දීඝනඛපරිබ්බාජකස්ස වෙදනාපරිග්ගහසුත්තන්තෙ (ම· නි· 2.205-206) දෙසියමානෙ සුත්තානුසාරෙන ඤාණං පෙසෙත්වා පරස්ස වඩ්ඪිතභත්තං භුඤ්ජන්තො විය සාවකපාරමිඤාණස්ස මත්ථකං පත්තො. භාගිනෙය්යො පනස්ස දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨිතො. ඉති ද්වින්නම්පි මහාසාවකානං තථාගතෙ රාජගහෙ විහරන්තෙයෙව සාවකපාරමිඤාණකිච්චං මත්ථකං පත්තං. අපරභාගෙ පන සත්ථා ජෙතවනෙ විහරන්තො “මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො, ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානො”ති ද්වෙපි මහාසාවකෙ ඨානන්තරෙ ඨපෙසීති.
ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙමේ පැවිදිවූ දිනෙන් සත්වැනි දිනයෙහි මගධ රට කල්ලවාල ගම ඇසුරුකොට මහණදම්කරන්නේ ථිණමිද්ධය බැස ගන්නා කල්හි ශාස්තෘන්වහන්සේ විසින් උත්සාහවත් කරනලද්දේ ථිනමිද්ධය දුරුකොට තථාගතයන්වහන්සේ විසින් දෙන ලද ධාතු කර්මස්ථානය අසමින්ම මතුමගතුනෙහි කිස නිමවා ශ්රාවකපාරමීඥානයේ මුදුන්පත් වූයේය. සැරියුත් තෙරණුවෝද පැවිදිවූ දිනෙන් අඩමසක් ඉක්මවා ශාස්තෘන්වහන්සේ සමඟ එම රජගහනුවර ඇසුරුකොට සූකරඛත ලෙණෙහි වසන්නාහු තමන්ගේ බෑණණුවන්වූ දීඝනඛ පිරිවැජියාට වෙදනාපරිග්ගහ සූත්‍රාන්තය දෙසනුලබන කල්හි සූත්‍රානුසාරයෙන් ඥානය යොමු කොට අනුනට වඩනා ලද බතක් වළඳන්නකු මෙන් ශ්‍රාවක පාරමී ඥානයේ මුදුන් පත්වූහ. උන්වහන්සේගේ බෑණා දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටියේය. මෙසේ මහසව්වන් දෙදෙනාගේම තථාගතයන්වහන්සේ රජගහනුවර වෙසෙත්දීම ශ්රාවකපාරමීඥාන කෘත්‍යය මුදුන් පැමිණියේය. පසුකලෙකවනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසනසේක් මහපැනවතුන් අතුරෙන්. යම් මේ සැරියුත් තෙරණුවෝද සෘද්ධිමතුන් අතුරෙන් යම් මේ මුගලන් තෙරණුවෝදැයි දෙඅගසව් තනතුරෙහි තැබූසේක.