නිදානකථා අට්ඨකථා
නිදානකථා
නිදාන කථා
යමකපාටිහීරාවසානස්මිඤ්හි භගවා තිදසපුරෙ පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං වස්සං උපගන්ත්වා මාතරං කායසක්ඛිං කත්වා දෙවපරිසාය අභිධම්මකථං කථෙන්තො ධම්මසඞ්ගණීවිභඞ්ගධාතුකථාපුග්ගලපඤ්ඤත්තිප්පකරණානි දෙසයිත්වා කථාවත්ථුදෙසනාය වාරෙ සම්පත්තෙ “අනාගතෙ මම සාවකො මහාපඤ්ඤො මොග්ගලිපුත්තතිස්සත්ථෙරො නාම උප්පන්නං සාසනමලං සොධෙත්වා තතියසඞ්ගීතිං කරොන්තො භික්ඛුසඞ්ඝස්ස මජ්ඣෙ නිසින්නො සකවාදෙ පඤ්ච සුත්තසතානි පරවාදෙ පඤ්චාති සුත්තසහස්සං සමොධානෙත්වා ඉමං පකරණං භාජෙස්සතී”ති තස්සොකාසං කරොන්තො යා චෙසා පුග්ගලවාදෙ තාව චතූසු පඤ්හෙසු ද්වින්නං පඤ්චකානං වසෙන අට්ඨමුඛා වාදයුත්ති, තං ආදිං කත්වා සබ්බකථාමග්ගෙසු අසම්පුණ්ණභාණවාරමත්තාය තන්තියා මාතිකං ඨපෙසි. අථාවසෙසං අභිධම්මකථං විත්ථාරනයෙනෙව කථෙත්වා වුත්ථවස්සො සුවණ්ණරජතසොපානමජ්ඣෙ මණිමයෙන සොපානෙන දෙවලොකතො සඞ්කස්සනගරෙ ඔරුය්හ සත්තහිතං සම්පාදෙන්තො යාවතායුකං ඨත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි.
භාග්‍යවතුන් වහන්සේ යමක ප්රාතිහාර්ය අවසානයෙහි තිදෙස් පුරයෙහි පාරිජාත රුක්මුල්හි පණ්ඩුකම්බල සල’සුන්හි වස් එළඹ, මව කාය සාක්ෂිකොට දෙව්පිරිසට අභිධර්ම කථාව දේශනා කරන්නේ ධම්ම සංගණී, විභංග, ධාතුකථා, පුග්ගල පඤ්ඤත්ති, ප්රකරණ දේශනා කොට, කථාවත්ථු දේශනාවට වාරය පැමිණි කල්හි, ‘අනාගතයෙහි මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රාඥ මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ, උපන් සසුන් කිලුට පිරිසිදුකොට, තුන්වන ධර්ම සංගීතිය පවත්වන්නේ බික්සඟන මැද වැඩහිඳ සකවාදයෙන් සූත්‍ර පන්සියක් සහ පරවාදයෙන් පන්සියයක්දැයි සූත්‍ර දහසක් කැටිකොට මේ ප්‍රකරණය බෙදන්නාහ’යි උන්වහන්සේට ඉඩ තබා, පුද්ගල වාදයෙහි සතර ප්රශ්නවල දෙපස් වශයෙන් වාද මුඛ අට, ආදිකොට සියළු කථා මාර්ගයේ අසම්පූර්ණ බණවරකින් පාළි භාෂාවෙන් මාතෘකා තැබූහ. ඉක්බිති අවසේස අභිධර්ම කථාව විස්තර නයින්ම දේශනා කොට වස් අවසානයෙහි රන් රිදී සෝපාන දෙකට මැද වූ මැණික්මය සෝපානයෙන් දෙව්ලොවින් සංකස්ස පුරයට බැස, සත්ත්ව දියුණුව සලසමින් ආයු තෙක් වැඩසිට අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පා වදාළ සේක.
අථස්ස මහාකස්සපප්පමුඛො වසීගණො අජාතසත්තුරාජානං සහායං ගහෙත්වා ධම්මවිනයසරීරං සඞ්ගහං ආරොපෙසි. තතො වස්සසතස්ස අච්චයෙන වජ්ජිපුත්තකා භික්ඛූ දස වත්ථූනි දීපයිංසු. තානි සුත්වා කාකණ්ඩකස්ස බ්රාහ්මණස්ස පුත්තො යසත්ථෙරො සුසුනාගපුත්තං කාලාසොකං නාම රාජානං සහායං ගහෙත්වා ද්වාදසන්නං භික්ඛුසතසහස්සානං අන්තරෙ සත්තථෙරසතානි උච්චිනිත්වා තානි දසවත්ථූනි මද්දිත්වා ධම්මවිනයසරීරං සඞ්ගහං ආරොපෙසි.
ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා අජාසත් රජතුමාගේ සහායෙන් ධර්ම විනය සංගායනා කළහ. එයින් වසර සියයකට පසු වජ්ජිපුත්තක භික්ෂූහු දස වස්තුව දැක්වූහ. එය අසා කාකණ්ඩ බමුණු පුත් යස ස්ථවිරයන් වහන්සේ සුසුනාග පුත් කාලාශෝක රජතුමාගේ සහාය ලබාගෙන දොලොස් දහසක් භික්ෂූන් අතරෙන් සත්සියයක් තෝරාගෙන ඒ දස වස්තුව මැඩ ධර්ම විනය සංගායනා කළහ.
තෙහි පන ධම්මසඞ්ගාහකත්ථෙරෙහි නිග්ගහිතා දසසහස්සා වජ්ජිපුත්තකා භික්ඛූ පක්ඛං පරියෙසමානා අත්තනො අනුරූපං දුබ්බලපක්ඛං ලභිත්වා විසුං මහාසඞ්ඝිකාචරියකුලං නාම අකංසු . තතො භිජ්ජිත්වා අපරානි ද්වෙ ආචරියකුලානි ජාතානි – ගොකුලිකා ච එකබ්යොහාරිකා ච. ගොකුලිකනිකායතො භිජ්ජිත්වා අපරානි ද්වෙ ආචරියකුලානි ජාතානි – පණ්ණත්තිවාදා ච බාහුලියා ච. බහුස්සුතිකාතිපි තෙසංයෙව නාමං. තෙසංයෙව අන්තරෙ චෙතියවාදා නාම අපරෙ ආචරියවාදා උප්පන්නා. එවං මහාසඞ්ඝිකාචරියකුලතො දුතියෙ වස්සසතෙ පඤ්චාචරියකුලානි උප්පන්නානි. තානි මහාසඞ්ඝිකෙහි සද්ධිං ඡ හොන්ති.
ඒ ධර්ම සංගීතිකාරක භික්ෂූන් වහන්සේලා නිග්‍රහ කරනු ලැබූ දස දහසක් වජ්ජික පුත්තක භික්ෂූහු මහා සංඝික ආචාර්ය කුලය ඇති කළහ. එයින් බිඳී ඇදුරු කුල දෙකක් විය. එනම් ගොකුලික හා එකබ්බොහාරිකය වේ. ගොකූලික නිකායෙන් බිඳී, පණ්ණාත්ති වාද බාහුලික යයි ඇදුරු කුල දෙකක් ඇතිවිය. බාහුලිකයන් බහුස්සුතිකා යනු ද නාමයක් වේ. ඔවුන් අතරෙහිම චෙතියවාද නම් ආචාර්ය වාදයක් පහළවිය. මෙසේ මහා සංඝික ඇදුරු කුලයෙන් දෙවන සියවස ඇතුළත ආචරිය කුල පහක් උපණ. ඒවා මහා සංඝිකය සමග හයක් වේ.
තස්මිංයෙව දුතියෙ වස්සසතෙ ථෙරවාදතො භිජ්ජිත්වා ද්වෙ ආචරියවාදා උප්පන්නා – මහිසාසකා ච වජ්ජිපුත්තකා ච. තත්ථ වජ්ජිපුත්තකවාදතො භිජ්ජිත්වා අපරෙ චත්තාරො ආචරියවාදා උප්පන්නා – ධම්මුත්තරියා, භද්රයානිකා, ඡන්නාගාරිකා, සමිතියාති. පුන තස්මිංයෙව දුතියෙ වස්සසතෙ මහිසාසකවාදතො භිජ්ජිත්වා සබ්බත්ථිවාදා ධම්මගුත්තිකාති ද්වෙ ආචරියවාදා උප්පන්නා. පුන සබ්බත්ථිවාදකුලතො භිජ්ජිත්වා කස්සපිකා නාම ජාතා. කස්සපිකෙසු භින්නෙසු අපරෙ සඞ්කන්තිකා නාම ජාතා. සඞ්කන්තිකෙසු භින්නෙසු සුත්තවාදා නාම ජාතාති ථෙරවාදතො භිජ්ජිත්වා ඉමෙ එකාදස ආචරියවාදා උප්පන්නා. තෙ ථෙරවාදෙහි සද්ධිං ද්වාදස හොන්ති. ඉති ඉමෙ ච ද්වාදස, මහාසඞ්ඝිකානඤ්ච ඡ ආචරියවාදාති සබ්බෙව අට්ඨාරස ආචරියවාදා දුතියෙ වස්සසතෙ උප්පන්නා. අට්ඨාරස නිකායාතිපි, අට්ඨාරසාචරියකුලානීතිපි එතෙසංයෙව නාමං. එතෙසු පන සත්තරස වාදා භින්නකා, ථෙරවාදො අසම්භින්නකොති වෙදිතබ්බො. වුත්තම්පි චෙතං දීපවංසෙ –
ඒ දෙවන වස් සියයෙහිම ස්ථවිර වාදයෙන් බිඳී මහිංසාසික වජ්ජිපුත්තක යයි ඇදුරුවාද දෙකක් ඇතිවිය. එහි වජ්ජිපුත්තක වාදයෙන් බිඳී ධම්මුත්තරිය, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිතිය යයි ආචාර්ය වාද සතරක් ඇතිවිය. නැවත ඒ දෙවන වස් සියය ඇතුළතම මහා සංඝික වාදයෙන් බිඳී සබ්බත්ථිවාද ධම්මගුත්තික යයි ආචාර්ය වාද දෙකක් උපන්නේය. සබ්බත්ථිවාදයෙන් බිඳී කස්සපිකා යයි වාදයක් ඇතිවිය. කස්සපිකයෙන් බිඳී සංකන්තික නම් වාදයක් ඇතිවිය. එයින් බිඳී සුත්තවාද නම් වාදයක්දැයි ථේරවාදයෙන් බිඳී වාද එකොළහක් ඇතිවිය. ඒවා ථේරවාදය සමග දොළහක් විය. මෙසේ මෙම දොළහ ද මහා සංඝික වාද හයදැයි ආචරියවාද දහඅටක් දෙවන වස් සියය ඇතුළත දී ඇතිවිය. අටළොස් නිකාය යයි ද අටළොස් ආචරිය කුල යයි ද ඒවාටම නම් වේ. මේවායින් වාද දාහතක් භින්නක වන අතර ථේරවාදය අසම්භින්නක යයි දතයුතුය. දීපවංසයෙහි මෙය කියන ලදී.
“නික්කඩ්ඪිතා පාපභික්ඛූ, ථෙරෙහි වජ්ජිපුත්තකා; අඤ්ඤං පක්ඛං ලභිත්වාන, අධම්මවාදී බහූ ජනා.
තෙරුන්ගෙන් නෙරපුණු - වැදිරට පවිටු බිකුගණැ ලැබගෙන වෙන පසක් - අදහම් වූ බොහොදෙනා
“දසසහස්සා සමාගන්ත්වා, අකංසු ධම්මසඞ්ගහං; තස්මායං ධම්මසඞ්ගීති, මහාසඞ්ගීති වුච්චති.
කළන දම් සඟනා - දස දහසක් එකතු වී එනිසා එයට මහ - ‘සංගීති’ යයි කියැවේ
“මහාසඞ්ගීතිකා භික්ඛූ, විලොමං අකංසු සාසනෙ; භින්දිත්වා මූලසඞ්ගහං, අඤ්ඤං අකංසු සඞ්ගහං.
මහ සඟිති බිකුගණ - කළහ විලොම් සසුනෙහී මුල් සඟන බිඳලා - කළහ වෙතමම සඟ හක්
“අඤ්ඤත්ර සඞ්ගහිතා සුත්තං, අඤ්ඤත්ර අකරිංසු තෙ; අත්ථං ධම්මඤ්ච භින්දිංසු, විනයෙ නිකායෙසු ච පඤ්චසු.
එක් තැන සඟහ සුත් - අන්තැන කළහ විලොමෙන් දහමරුන් බින්දහ - විනයෙහි පස් නිකායේ
“පරියායදෙසිතඤ්චාපි, අථො නිප්පරියායදෙසිතං; නීතත්ථඤ්චෙව නෙය්යත්ථං, අජානිත්වාන භික්ඛවො.
පරියා දෙසුම් සහ - නිප්පරියා දෙසුමෙහි ද පත් සහ පමුණුවන - අරුත් නොදැනම බිකුවෝ
“අඤ්ඤං සන්ධාය භණිතං, අඤ්ඤං අත්ථං ඨපයිංසු තෙ; බ්යඤ්ජනච්ඡායාය තෙ භික්ඛූ, බහුං අත්ථං විනාසයුං.
බිණූ අන් සඳහා - අන්තැන තැබූ ඔව්හූ සේයා පිණිස වන - වැනසූ නෙක අරුත්දම්
“ඡඩ්ඩෙත්වාන එකදෙසං, සුත්තං විනයගම්භීරං; පතිරූපං සුත්තං විනයං, තඤ්ච අඤ්ඤං කරිංසු තෙ.
සුත් විනය ගැඹුරූ - හැර එක්දෙසක් සඳහා පිළිරූ සුත්විනය - කළහ එහි ඔහු අනිකක්
“පරිවාරං අත්ථුද්ධාරං, අභිධම්මං ඡප්පකරණං; පටිසම්භිදඤ්ච නිද්දෙසං, එකදෙසඤ්ච ජාතකං.
අබිදම් සපකරණ - උදුරා අරුත් පිරිවරැ නිදෙසය පිළිසුඹුහි - ජාතක එක් දෙසෙක්හි ද
“එත්තකං විස්සජ්ජිත්වාන, අඤ්ඤානි අකරිංසු තෙ; නාමං ලිඞ්ගං පරික්ඛාරං, ආකප්පකරණානි ච.
මෙපමණ හැරදමා - වෙනකක් කළහ ඔව්හූ නම් ලිඟු පිරිකර ද - කළයුතු දෙය ද පැවතුම්
“පකතිභාවං ජහිත්වා, තඤ්ච අඤ්ඤං අකංසු තෙ; පුබ්බඞ්ගමා භින්නවාදා, මහාසඞ්ගීතිකාරකා.
මුල්සැටි හැරදමා - එහි ද අනිකක් කළහූ මුලින් ම බෙදුනාහු - මහ ‘සංගීති’ කරුවෝ
“තෙසඤ්ච අනුකාරෙන, භින්නවාදා බහූ අහු; තතො අපරකාලම්හි, තස්මිං භෙදො අජායථ.
ඔවුන් අනුකරණෙන් - බිඳුණු මත ම විය බොහෝ ඉන්පසු කාලයෙහි - එහි බේදය පහළවිය
“ගොකුලිකා එකබ්යොහාරි, ද්විධා භිජ්ජිත්ථ භික්ඛවො; ගොකුලිකානං ද්වෙ භෙදා, අපරකාලම්හි ජායථ.
ගෝකුලික එක්වහර - දෙකට බුන්හයැ බිකුවෝ ගෝකුලිකයෙත් බේද - පසුකාලයෙහි ඇතිවිය
“බහුස්සුතිකා ච පඤ්ඤත්ති, ද්විධා භිජ්ජිත්ථ භික්ඛවො; චෙතියා ච පුනවාදී, මහාසඞ්ගීතිභෙදකා.
බහුස්සුති පඤ්ඤත්ති - දෙකට බුන්හැයැ බිකුවෝ චේතිය වාදය ද - විය මහා සංගීතියේ
“පඤ්චවාදා ඉමෙ සබ්බෙ, මහාසඞ්ගීතිමූලකා; අත්ථං ධම්මඤ්ච භින්දිංසු, එකදෙසඤ්ච සඞ්ගහං.
මෙම වාද පහටම - මහ සංගීති මුල් විය සඟහය එක්දෙසක - අරුත ද දහම ද බිඳී
“ගන්ථඤ්ච එකදෙසඤ්හි, ඡඩ්ඩෙත්වා අඤ්ඤං අකංසු තෙ; නාමං ලිඞ්ගං පරික්ඛාරං, ආකප්පකරණානි ච.
ගත්වල එක්දෙසක් - හැර අනිකක් කළහ ඔහු නම් ලිඟු පිරිකර ද - කළයුතු දෙය ද පැවතුම්
“පකතිභාවං ජහිත්වා, තඤ්ච අඤ්ඤං අකංසු තෙ; විසුද්ධත්ථෙරවාදම්හි, පුන භෙදො අජායථ.
මුල්සැටි හැරදමා - එහි ද අනිකක් කළහූ විසුදු තෙර මතයෙහි - නැවත ද බේද ඇතිවිය
“මහිසාසකා වජ්ජිපුත්තකා, ද්විධා භිජ්ජිත්ථ භික්ඛවො; වජ්ජිපුත්තකවාදම්හි, චතුධා භෙදො අජායථ.
මහිංසාසක වජ්ජි - පුත්ත යයි බිකු බිඳුනහ වැදිපුත් වාදයෙහි - බේදය සිව් අයුරු වී
“ධම්මුත්තරිකා භද්දයානිකා, ඡන්නාගාරිකා ච සමිති; මහිසාසකානං ද්වෙ භෙදා, අපරකාලම්හි අජායථ.
දමුතුරු සොඳුරයන් - ඡන්නාගාර සම්මිති මහිංසාසකයෙන් - දෙබේ පසුකල ඇතිවී
“සබ්බත්ථිවාදා ධම්මගුත්තා, ද්විධා භිජ්ජිත්ථ භික්ඛවො; සබ්බත්ථිවාදානං කස්සපිකා, සඞ්කන්තිකස්සපිකෙන ච.
දම්ගුත් සබ්බත්ථි - දෙකට බිඳුනහ බිකුවෝ සබ්බත්ථි මතයෙත් - කස්සපි ඉන් සංකන්ත
“සඞ්කන්තිකානං සුත්තවාදී, අනුපුබ්බෙන භිජ්ජථ; ඉමෙ එකාදස වාදා, සම්භින්නා ථෙරවාදතො.
ඉන් සුත්ත වාද ද - පිළිවෙළින් බිඳුනේ විය මේ එකොළොස් වාද - බිඳුනේ තෙර වාදයෙන්
“අත්ථං ධම්මඤ්ච භින්දිංසු, එකදෙසඤ්ච සඞ්ගහං; ගන්ථඤ්ච එකදෙසඤ්හි, ඡඩ්ඩෙත්වා අඤ්ඤං අකංසු තෙ.
සඟහා එක් දෙසක් - අරුත ද දහම ද නැසූ ගත ද හැර එක් දෙසක් - එහි ද වෙනසක් කෙරුවෝ
“නාමං ලිඞ්ගං පරික්ඛාරං, ආකප්පකරණානි ච; පකතිභාවං ජහිත්වා, තඤ්ච අඤ්ඤං අකංසු තෙ.
නම් ලිඟු පිරිකර ද - කළයුතු දෙය ද පැවතුම් මුල්සැටි හැරදමා - එහි ද අනකක් කළහූ
“සත්තරස භින්නවාදා, එකවාදො අභින්නකො; සබ්බෙවට්ඨාරස හොන්ති, භින්නවාදෙන තෙ සහ.
බුන් වාද සතළොස් - එක් වාදයක් නොබුනකි මෙහැම අටළොස් විය - බුන් වාදයන් එය හා
“නිග්රොධොව මහාරුක්ඛො, ථෙර වාදානමුත්තමො; අනූනං අනධිකඤ්ච, කෙවලං ජිනසාසනං.
මහ නුගරුකක් මෙන් - තෙර වාදය ම ‘තුම් වේ අඩු වැඩි නැතිව හුදු - බුදු සසුනෙහිම පරපුර
“සන්තකා විය රුක්ඛම්හි, නිබ්බත්තා වාදසෙසකා; පඨමෙ වස්සසතෙ නත්ථි, දුතියෙ වස්සසතන්තරෙ; භින්නා සත්තරස වාදා, උප්පන්නා ජිනසාසනෙ”ති.
නුග ගසෙහි මෙන් විය - සෙසු වාද ඉන් ඇතිවිය මුල් සියවසෙහි නැත - දෙවන සියවස ඇතුළත බුන් සතළොස් වාද - උපන සම්බුදු සසුනේ
අපරාපරං පන හෙමවතිකා, රාජගිරිකා, සිද්ධත්ථිකා, පුබ්බසෙලියා, අපරසෙලියා, වාජිරියාති අඤ්ඤෙපි ඡ ආචරියවාදා උප්පන්නා. තෙ ඉධ අනධිප්පෙතා. පුරිමකානං පන අට්ඨාරසන්නං ආචරියවාදානං වසෙන පවත්තමානෙ සාසනෙ පටිලද්ධසද්ධො අසොකො ධම්මරාජා දිවසෙ දිවසෙ බුද්ධපූජාය සතසහස්සං, ධම්මපූජාය සතසහස්සං, සඞ්ඝපූජාය සතසහස්සං, අත්තනො ආචරියස්ස නිග්රොධත්ථෙරස්ස සතසහස්සං, චතූසු ද්වාරෙසු භෙසජ්ජත්ථාය සතසහස්සන්ති පඤ්චසතසහස්සානි පරිච්චජන්තො සාසනෙ උළාරං ලාභසක්කාරං පවත්තෙසි.
ඉන්පසු කලින් කල හේමවතික, රාජගිරික, සිද්ධත්තික, පුබ්බසේලිය, අපරසේලිය, වාජිරිය යයි තවත් ආචරිය වාද හයක් ඇතිවිය. ඒවා අදහස් නොවේ. මුලින් කී අටළොස් ආචරිය වාද පවතින කල්හි සාසනය කෙරෙහි සැදැහැවත් වූ අශෝක මහරජතුමා දිනපතා බුද්ධ පූජාව පිණිස ලක්ෂයක් ද ධර්ම පූජාව පිණිස ලක්ෂයක් ද සංඝ පූජාව පිණිස ලක්ෂයක් ද තමාගේ ඇදුරු වූ නිග්‍රෝධ තෙරුන්ට ලක්ෂයක් ද සතර වාසල්හි බෙහෙත් පිණිස ලක්ෂයක්දැයි පන්ලක්ෂයක් පරිත්‍යාග කරමින් සාසනයෙහි මහත් ලාභසත්කාර පැවැත්වීය.
තිත්ථියා හතලාභසක්කාරා අන්තමසො ඝාසච්ඡාදනමත්තම්පි අලභන්තා ලාභසක්කාරං පත්ථයමානා භික්ඛූසු පබ්බජිත්වා සකානි සකානි දිට්ඨිගතානි – “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසන”න්ති දීපෙන්ති. පබ්බජ්ජං අලභමානාපි සයමෙව කෙසෙ ඡින්දිත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා විහාරෙසු විචරන්තා උපොසථකම්මාදිකරණකාලෙ සඞ්ඝමජ්ඣං පවිසන්ති. තෙ භික්ඛුසඞ්ඝෙන ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන නිග්ගය්හමානාපි ධම්මවිනයානුලොමාය පටිපත්තියා අසණ්ඨහන්තා අනෙකරූපං සාසනස්ස අබ්බුදඤ්ච මලඤ්ච කණ්ටකඤ්ච සමුට්ඨාපෙන්ති. කෙචි අග්ගිං පරිචරන්ති, කෙචි පඤ්චාතපෙ තපන්ති, කෙචි ආදිච්චං අනුපරිවත්තන්ති, කෙචි “ධම්මඤ්ච විනයඤ්ච වොභින්දිස්සාමා”ති තථා තථා පග්ගණ්හිංසු. තදා භික්ඛුසඞ්ඝො න තෙහි සද්ධිං උපොසථං වා පවාරණං වා අකාසි. අසොකාරාමෙ සත්ත වස්සානි උපොසථො උපච්ඡිජ්ජි.
තීර්ථකයෝ ලාභ සත්කාරවලින් පිරිහී යටත් පිරිසෙයින් කෑම ඇඳීම් පමණකුත් නොලබා ලාබසත්කාර බලාපොරොත්තුවෙන් භික්ෂූන් කෙරෙහි පැවිදිව සිය දෘෂ්ටීන් මේ ධර්මය, මේ විනය මෙය ශාස්තෲ ශාසනයයි දක්වති. පැවිද්ද නොලබන්නෝ ද තමාම කෙස් කපා කසාවත් හැඳ විහාරවල හැසිරෙන්නේ පොහොය කර්ම කරන කාලයෙහි සඟ මැදට පිවිසෙති. භික්ෂූන් වහන්සේ විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් නිග්‍රහ කරන ලබන ඔව්හු ධර්ම විනයානුලෝම ප්රතිපත්තියෙහි නොපිහිටන්නේ නොයෙක් ආකාර සාසන අර්බුද ද කිලිටි ද කටු ද උපදවති. සමහරෙක ගිනි පුදති. සමහරෙක් පංචතාපයෙන් තැවෙති. කෙනෙක් හිරු අනුව පරිවර්තනය වෙති. සමහරෙක් ධර්මය ද විනය ද බිඳින්නෙමු යයි එසේ උත්සාහ කරති. එකල භික්ෂු සංඝයා ඔවුන් සමග උපෝසථය හෝ පවාරණය නොකළහ. අශෝකාරාමයෙහි සත්වසක් පොහෝ පවුරුණු නොවීය.
රාජා “ආණාය කාරෙස්සාමී”ති වායමන්තොපි කාරෙතුං නාසක්ඛි, අඤ්ඤදත්ථු දුග්ගහිතගාහිනා බාලෙන අමච්චෙන අනෙකෙසු භික්ඛූසු ජීවිතා වොරොපිතෙසු විප්පටිසාරී අහොසි. සො තඤ්ච විප්පටිසාරං තඤ්ච සාසනෙ උප්පන්නං අබ්බුදං වූපසමෙතුකාමො “කො නු ඛො ඉමස්මිං අත්ථෙ පටිබලො”ති සඞ්ඝං පුච්ඡිත්වා “මොග්ගලිපුත්තතිස්සත්ථෙරො, මහාරාජා”ති සුත්වා සඞ්ඝස්ස වචනෙන අහොගඞ්ගාපබ්බතතො ථෙරං පක්කොසාපෙත්වා ඉද්ධිපාටිහාරියදස්සනෙන ථෙරස්ස ආනුභාවෙ නිබ්බිචිකිච්ඡො අත්තනො කුක්කුච්චං පුච්ඡිත්වා විප්පටිසාරං වූපසමෙසි. ථෙරොපි තං රාජුය්යානෙයෙව වසන්තො සත්ත දිවසානි සමයං උග්ගණ්හාපෙසි. සො උග්ගහිතසමයො සත්තමෙ දිවසෙ අසොකාරාමෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා සාණිපාකාරං පරික්ඛිපාපෙත්වා සාණිපාකාරන්තරෙ නිසින්නො එකලද්ධිකෙ එකලද්ධිකෙ භික්ඛූ එකතො එකතො කාරෙත්වා එකමෙකං භික්ඛුසමූහං පක්කොසාපෙත්වා පුච්ඡි – “භන්තෙ, කිංවාදී සම්මාසම්බුද්ධො”ති? තතො සස්සතවාදිනො – “සස්සතවාදී”ති ආහංසු. එකච්චසස්සතිකා, අන්තානන්තිකා, අමරාවික්ඛෙපිකා, අධිච්චසමුප්පන්නිකා, සඤ්ඤීවාදා, අසඤ්ඤීවාදා, නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, උච්ඡෙදවාදා, දිට්ඨධම්මනිබ්බානවාදා – “දිට්ඨධම්මනිබ්බානවාදී”ති ආහංසු. රාජා පඨමමෙව සමයස්ස උග්ගහිතත්තා නයිමෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා ඉමෙති ඤත්වා තෙසං සෙතකානි වත්ථානි දත්වා උප්පබ්බාජෙසි. තෙ සබ්බෙපි සට්ඨිසහස්සා අහෙසුං.
රජුගේ අණින් කරවන්නෙමි යයි උත්සාහ කරන්නේ ද කිරීමට නොහැකි විය. වැරදියට ගත් මෝඩ ඇමතිවරයෙකු විසින් බොහෝ භික්ෂූන් ඝාතනය කළ කල්හි විපිළිසරයෙක් විය. ඒ රජතුමා, ඒ විපිළිසරයද සාසනයෙහි උපන් අර්බුදය ද සමනය කරනු කැමැත්තේ මේ කාරණයෙහි සමර්ථ කවරෙක්දැයි සංඝයාගෙන් විචාළේය. මොග්ගලීපුත්ත තිස්ස මහතෙරුන් යයි අසා සංඝයාගේ වචනයෙන් අහෝ ගංගාතෙර පර්වතයෙහි වැඩසිටි තෙරුන් වහන්සේ කැඳවාගෙන සෘද්ධි ප්රාතිහාර්ය දැකීමෙන් තෙරුන් වහන්සේගේ ආනුභාවයෙහි සැක හැර තමගේ පසුතැවිල්ල අසා විපිළිසරය සංසිඳවීය. තෙරුන්වහන්සේ ද රජ උයනෙහි වැඩවසන්නේ සත් දවසක් රජුට ආගම ඉගැන්වූහ. හෙතෙම උගත් සසමය ඇත්තේ සත්වන දවසෙහි භික්ෂු සංඝයා රැස්කරවා තිරයකින් වටකරවා තිරපවුර තුළ සිට ඒකලද්ධික භික්ෂූහු එක්තැන් කරවා එක් එක් භික්ෂුව කැඳවා විචාළේය. ස්වාමින් වහන්ස! බුදුන්වහන්සේ කුමන වාදියෙක්ද? එයින් සස්සතවාදීහු සාස්වතවාදි යයි කීහ. එක් එක් සස්සතිකා, අන්තානන්තිකා, අමරා වික්ඛෙපිකා අධිච්චසමුප්පත්තිකා, සඤ්ඤීවාදා, අසඤ්ඤීවාදා, නෙවසඤ්ඤී වාදා, උච්ඡෙදවාදා, දිට්ඨධම්ම නිබ්බාන වාදා, ආදීහු තම තමන් ගත් දෘෂ්ටිය යයි කීහ. රජ පළමුව සමය උගත් හෙයින් මේ භික්ෂූහුය. තීර්ථකයන් යයි දැන ඔවුන්ට සුදු වස්ත්‍ර දී උපැවිදි කෙළේය. ඔව්හු සියල්ලෝ හැටදහසක් වූහ.
අථඤ්ඤෙ භික්ඛූ පක්කොසාපෙත්වා පුච්ඡි – “කිංවාදී, භන්තෙ, සම්මාසම්බුද්ධො”ති? “විභජ්ජවාදී, මහාරාජා”ති. එවං වුත්තෙ රාජා ථෙරං පුච්ඡි – “විභජ්ජවාදී, භන්තෙ, සම්මාසම්බුද්ධො”ති? “ආම, මහාරාජා”ති. තතො රාජා ‘සුද්ධං දානි, භන්තෙ, සාසනං, කරොතු භික්ඛුසඞ්ඝො උපොසථ’න්ති ආරක්ඛං දත්වා නගරං පාවිසි. සමග්ගො සඞ්ඝො සන්නිපතිත්වා උපොසථං අකාසි. තස්මිං සන්නිපාතෙ සට්ඨිභික්ඛුසතසහස්සානි අහෙසුං. තස්මිං සමාගමෙ මොග්ගලිපුත්තතිස්සත්ථෙරො යානි ච තදා උප්පන්නානි වත්ථූනි, යානි ච ආයතිං උප්පජ්ජිස්සන්ති, සබ්බෙසම්පි තෙසං පටිබාහනත්ථං සත්ථාරා දින්නනයවසෙනෙව තථාගතෙන ඨපිතමාතිකං විභජන්තො සකවාදෙ පඤ්ච සුත්තසතානි පරවාදෙ පඤ්චාති සුත්තසහස්සං ආහරිත්වා ඉමං පරප්පවාදමථනං ආයතිලක්ඛණං කථාවත්ථුප්පකරණං අභාසි.
ඉන්පසු භික්ෂූන් කැඳවා විචාළේය. ස්වාමින් වහන්ස, සම්මා සම්බුදුන් කුමන වාදීද? මහරජ, විභජ්ජවාදී යයි කීහ. මෙසේ කී කල්හි රජ තෙරුන් විචාළේය. ස්වාමින් වහන්ස, බුදුහිමි විභජ්ජවාදීද? එසේය මහරජ. ස්වාමීනි, දැන් සාසනය පිරිසිදුය. භික්ෂු සංඝයා උපෝසථ කරත්වා යයි ආරක්ෂාව ලබාදී නගරයට පිවිසියේය. සමගි සංඝයා එකතු වී පොහොය කළහ. ඒ සමාගමයෙහි භික්ෂූහු හැට ලක්ෂයක් වූහ. ඒ සමාගමයෙහි මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ ඒ උපන් වස්තු නැවතත් උපදින්නේ යයි ඒවා මැඩපැවැත්වීම සඳහා ශාස්තෲන් වහන්සේ දෙන ලද නය වශයෙන්ම තථාගතයන් වහන්සේ විසින් තබන ලද මාතෘකා බෙදන්නේ සක වාදයෙන් සුත්‍ර පන්සියයක් සහ පරවාදයෙන් පන්සියයක් දැයි සූත්‍ර දහයක් ගෙනහැර දක්වා මේ පරවාද මර්දන මතු කියන ලක්ෂණ ඇති කථාවත්ථුප්පකරණය දේශනා කළහ.
තතො සට්ඨිසතසහස්සසඞ්ඛ්යෙසු භික්ඛූ උච්චිනිත්වා තිපිටකපරියත්තිධරානං පභින්නපටිසම්භිදානං භික්ඛූනං සහස්සමෙකං ගහෙත්වා යථා මහාකස්සපත්ථෙරො ච යසත්ථෙරො ච ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිංසු; එවමෙව සඞ්ගායන්තො සාසනමලං විසොධෙත්වා තතියසඞ්ගීතිං අකාසි. තත්ථ අභිධම්මං සඞ්ගායන්තො ඉමං යථාභාසිතං පකරණං සඞ්ගහං ආරොපෙසි. තෙන වුත්තං –
ඒ සැට ලක්ෂයෙන් ත්‍රිපිටක පරියත්තධර පැමිණි සිව්පිළිසිඹියා ඇති භික්ෂූන් දහසක් තෝරාගෙන, මහකසුප් හිමියන් සහ යස තෙරුන් ධර්මය ද විනය ද සංගායනා කළ සේ සංගායනා කරමින් සාසන කිලුට පිරිසිදු කොට තුන්වන ධර්ම සංගායනාව කළහ. එහි අභිධර්මය සංගායනා කරන්නේ මේ කියන ප්‍රකරණය සංග්‍රහ කළහ. එයින් කියන ලදී.
“යං පුග්ගලකථාදීනං, කථානං වත්ථුභාවතො; කථාවත්ථුප්පකරණං, සඞ්ඛෙපෙන අදෙසයී.
පුද්ගල කතාදී - කතාහි වත්බාවයෙන් සැකවින් දෙසී මුනි - කතාවත් නම් පකරණ
“මාතිකාඨපනෙනෙව, ඨපිතස්ස සුරාලයෙ; තස්ස මොග්ගලිපුත්තෙන, විභත්තස්ස මහීතලෙ.
මෑ පෙළ පමණක් ම - තබන ලද සුරලොවෙහී සමිඳු මොග්ගලි පුත් - බෙදූ එය මිහිතෙලෙහී
“ඉදානි යස්මා සම්පත්තො, අත්ථසංවණ්ණනාක්කමො; තස්මා නං වණ්ණයිස්සාමි, තං සුණාථ සමාහිතා”ති.
පැමිණැත දැන් එහී - අරුත් දැනුම පිළිවෙළින් එහෙයින් වනමි මම - එය’සනු සන්සුන් සිතින්
නිදානකථා නිට්ඨිතා.
නිදාන කථා නිමි.