සුද්ධසච්චිකට්ඨො අට්ඨකථා
සුද්ධසච්චිකට්ඨො
සුද්ධසච්චිකට්ඨො
අනුලොමපච්චනීකවණ්ණනා
අනුලොමපච්චනීකවණ්ණනා
තත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති අයං පුච්ඡා. ආමන්තාති අයං පටිජානනා. කස්ස පනායං පුච්ඡා, කස්ස පටිජානනාති? අසුකස්සාති න වත්තබ්බා. භගවතා හි ඉමස්මිං පකරණෙ නානප්පකාරානං ලද්ධීනං විසොධනත්ථං තන්තිවසෙන මාතිකා ඨපිතා. සා ථෙරෙන සත්ථාරා දින්නනයෙ ඨත්වා තන්තිවසෙන විභත්තා. න හි ථෙරො යත්තකා එත්ථ වාදමග්ගා දස්සිතා, තත්තකෙහි වාදීහි සද්ධිං වාදෙන විග්ගාහිකකථං කථෙසි. එවං සන්තෙපි පන තාසං තාසං කථානං අත්ථස්ස සුඛාවධාරණත්ථං සකවාදීපුච්ඡා, පරවාදීපුච්ඡා, සකවාදීපටිඤ්ඤා, පරවාදීපටිඤ්ඤාති එවං විභාගං දස්සෙත්වාව අත්ථවණ්ණනං කරිස්සාම.
එහි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන මෙය විචාරීමය. ආමන්තා යනු පිළිගැනීමය. මේ විචාරීම කාගේද? පිළිගැනීම කාගේද? අසවලාගේ යයි නොකිවයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ප්‍රකරණයෙහි නානාප්‍රකාර ලබ්ධීන් පිරිසිදු කිරීම පිණිස පෙළ වශයෙන් මාතෘකා තබන ලදී. ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද නයෙහි සිට තෙරුන් විසින් එය පෙළ වශයෙන් ලදී. එහි යම් පමණ වාද මාර්ග දක්වන ලදද එපමණ වාදීන් සමග වාදයෙන් විග්රහ කථා කීමේ ස්ථවිරයන් වහන්සේ නොවේ. මෙසේ පවතින කල්හි ද ඒ ඒ කථාවල අර්ථය පහසුවෙන් දැරීම පිණිස සකවාදී විචාරීම්, පරවාදී විචාරීම්, සකවාදී පිළිගැනීම් යයි මෙසේ විභාග දක්වාම අර්ථ වර්ණනා කරන්නෙමි.
පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති හි අයං සකවාදීපුච්ඡා. තාය “යෙ අත්ථි පුග්ගලොති එවංලද්ධිකා පුග්ගලවාදිනො, තෙ එවං පුච්ඡිතබ්බා”ති දීපෙති. කෙ පන පුග්ගලවාදිනොති? සාසනෙ වජ්ජිපුත්තකා චෙව සමිතියා ච බහිද්ධා ච බහූ අඤ්ඤතිත්ථියා. තත්ථ පුග්ගලොති අත්තා, සත්තො ජීවො. උපලබ්භතීති පඤ්ඤාය උපගන්ත්වා ලබ්භති, ඤායතීති අත්ථො. සච්චිකට්ඨපරමත්ථෙනාති එත්ථ සච්චිකට්ඨොති මායාමරීචිආදයො විය අභූතාකාරෙන අග්ගහෙතබ්බො භූතට්ඨො. පරමත්ථොති අනුස්සවාදිවසෙන අග්ගහෙතබ්බො උත්තමත්ථො. උභයෙනාපි යො පරතො “පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භතී”තිආදිනා ඛන්ධායතනධාතුඉන්ද්රියවසෙන සත්තපඤ්ඤාසවිධො ධම්මප්පභෙදො දස්සිතො . යථා සො භූතෙන සභාවට්ඨෙන උපලබ්භති, එවං තව පුග්ගලො උපලබ්භතීති පුච්ඡති. පරවාදී ආමන්තාති පටිජානාති. පටිජානනඤ්හි කත්ථචි “ආම, භන්තෙ”ති ආගච්ඡති, කත්ථචි “ආමො”ති පටිජානනං ආගච්ඡති. ඉධ පන “ආමන්තා”ති ආගතං. තත්රායං අධිප්පායො – සො හි යං තං පරතො වුත්තං භගවතා – “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති සුත්තං ආගතං, තං ගහෙත්වා යස්මා පන භගවා සච්චවාදී න විසංවාදනපුරෙක්ඛාරො වාචං භාසති, නාපි අනුස්සවාදිවසෙන ධම්මං දෙසෙති, සදෙවකං පන ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, තස්මා යො තෙන වුත්තො “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති, සො සච්චිකට්ඨපරමත්ථෙනෙව අත්ථීති ලද්ධිං ගහෙත්වා “ආමන්තා”ති පටිජානාති.
පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන මෙය සකවාදී විචාරීමය. එයින් පුද්ගලයා ඇතැයි මෙසේ ලබ්ධි ඇත්තේ පුද්ගලවාදීහු වෙති. ඔව්හු මෙසේ විචාරය යුතුයයි දක්වයි. පුද්ගලවාදීහු කවරහුද? සාසනයෙහි වජ්ජිපුත්තකයෝ ද සම්මිතියෝ ද සාසනෙන් බැහැර බොහෝ අන්‍ය තීර්ථකයෝ වෙති. එහි පුග්ගලො යනු ආත්මය, සත්ත්වයා, ජීවය වේ. උපලබ්භති යනු ප්‍රඥාවෙන් පැමිණ ලබයි. දැනගනී යන අර්ථයයි. සච්චකට්ඨ පරමත්ථෙන මෙහි සච්චිකට්ඨො යනු මායාව මිරිඟුව ආදිය මෙන් අවිද්‍යමාන ආකාරයෙන් නොගතයුතු විද්‍යමාන අර්ථයයි. පරමත්ථො යනු පරම්පරාදි වශයෙන් නොගතයුතු උතුම් අර්ථය. දෙකින්ම යමෙක් අන්‍යයාගෙන්. පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරත්ථෙන රූපඤ්ච උපලබ්භති යනාදියෙන් ස්කන්ධ ආයතන, ඉන්ද්රිය වශයෙන් පනස් හත් ආකාර වූ ධර්ම ප්‍රභේදය දක්වන ලදී. යම්සේ එය භෞතික වශයෙන් ස්වභාව අර්ථයෙන් ලැබේ. කිම? මෙසේ ඔබගේ පුද්ගලයා ලැබුනේදැයි විචාරයි. පරවාදියා ආමත්තාති එසේ යයි පිළිගනියි. පිළිගැනීමේ දී කිසිවෙක් ආමභන්තෙ යයි එති. කිසිවෙක් ආමො යයි පිළිගැනීමට එති. මෙහි වනාහි ආමත්තා යයි එන ලදී. එහි අදහස මෙසේය. එය අනුන්ගෙන් වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො සුත්‍රයේ එන ලදී. එය ගෙන යම්හෙයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී, විසංවාදය පෙරටුව වචන නොකියති. අනුස්සව වශයෙන් ධර්මදේශනා නො කරති. තමා අවබෝධ කොට සදේවක ලෝකයන් ප්‍රකාශ කරති. එනිසා එයින් කියන ලදී. අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, එය සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් ඇතැයි යන ලබ්ධිය ගෙන ආමත්තා යයි පිළිගනියි.
අථස්ස තාදිසස්ස ලෙසවචනස්ස ඡලවාදස්ස ඔකාසං අදදමානො සකවාදී යො සච්චිකට්ඨොතිආදිමාහ. තත්රායං අධිප්පායො – ය්වායං පරතො “සප්පච්චයො අප්පච්චයො, සඞ්ඛතො අසඞ්ඛතො, සස්සතො, අසස්සතො සනිමිත්තො අනිමිත්තො”ති එවං පරිදීපිතො රූපාදිසත්තපඤ්ඤාසවිධො ධම්මප්පභෙදො ආගතො; න සම්මුතිසච්චවසෙන, නාපි අනුස්සවාදිවසෙන ගහෙතබ්බො. අත්තනො පන භූතතාය එව සච්චිකට්ඨො, අත්තපච්චක්ඛතාය ච පරමත්ථො. තං සන්ධායාහ – “යො සච්චිකට්ඨො පරමත්ථො, තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා”ති.
ඉක්බිති එබඳු වූ ලෙස වචනයට ඡලවාදයට අවකාස නොදෙමින් සකවාදියා යො සච්චිකට්ඨො යනාදිය කීය. එහි අදහස මෙසේය. යම් අයෙකු විසින් අනුන්ගෙන් සප්පච්චයො අප්පච්චයො සංඛතො අසංඛතො සස්සතො අසස්සතො සනිමිත්තො අනිමිත්තො යයි මෙසේ දක්වන ලදී. රූපාදි පනස්හත් ආකාර ධර්ම ප්‍රභේදය එන ලදී. සම්මුති වශයෙන් නොවේ. පරම්පරා වශයෙන් නොගත යුතුය. තමාගේ විද්‍යාමාන බැවින් මෙසේ සත්යාර්ථය ආත්ම ප්රත්යක්ෂතාවෙන් ද පරමාර්ථ වේ. ඒ සඳහා කීය. යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන
තතොති කරණවචනමෙතං, තස්මා තෙන සච්චිකට්ඨපරමත්ථෙන සො පුග්ගලො උපලබ්භතීති අයමෙත්ථ අත්ථො. ඉදං වුත්තං හොති – රුප්පනාදිභෙදෙන වා සප්පච්චයාදිභෙදෙන වා ආකාරෙන යො සච්චිකට්ඨපරමත්ථො උපලබ්භති, කිං තෙ පුග්ගලොපි තෙනාකාරෙන උපලබ්භතීති? න හෙවං වත්තබ්බෙති අවජානනා පරවාදිස්ස. සො හි තථාරූපං පුග්ගලං අනිච්ඡන්තො අවජානාති. තත්රායං පදච්ඡෙදො – ‘න හි එවං වත්තබ්බෙ’ති, න හි එවන්තිපි වට්ටති. ද්වින්නම්පි එවං න වත්තබ්බොති අත්ථො.
තතො යන මෙය කරණ වචනයකි. එහෙයින් සත්‍ය පරමාර්ථ වශයෙන් ඒ පුද්ගලයා ලැබේ. මෙහි අර්ථය මෙයයි. මෙය කියන ලද්දේ වේ. වෙනස්වීම් ප්‍රභේදයෙන් හෝ සප්‍රත්‍ය භේදයෙන් හෝ ආකාරයෙන් යමි. සත්‍යර්ථ පරමාර්ථය ලැබේ. කිම ඔබගේ පුද්ගලයා? ඒ ආකාරයෙන් ලැබේද? නහෙවං චත්තබ්බො යනු පරවාදියාගේ නොපිළිගැනීමය. මෙහි මේ පද ඡේදය, මෙසේ නොකිව යුතුය යන්නයි. නහ එවං යනු ද වටී. දෙකම මෙසේ නොකිව යුතුය යන අර්ථයයි.
ආජානාහි නිග්ගහන්ති සකවාදිවචනං. යස්මා තෙ පුරිමාය වත්තබ්බපටිඤ්ඤාය පච්ඡිමා නවත්තබ්බපටිඤ්ඤා, පච්ඡිමාය ච පුරිමා න සන්ධියති, තස්මාපි නිග්ගහං පත්තො. තං නිග්ගහං දොසං අපරාධං සම්පටිච්ඡාහීති අත්ථො. එවං නිග්ගහං ආජානාපෙත්වා ඉදානි තං ඨපනාය චෙව අනුලොමපටිලොමතො පාපනාරොපනානඤ්ච වසෙන පාකටං කරොන්තො හඤ්චි පුග්ගලොතිආදිමාහ. තත්ථ හඤ්චි පුග්ගලො උපලබ්භතීති යදි පුග්ගලො උපලබ්භති, සචෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති අත්ථො. අයං තාව පරවාදීපක්ඛස්ස ඨපනතො නිග්ගහපාපනාරොපනානං ලක්ඛණභූතා අනුලොමඨපනා නාම. තෙන වත රෙතිආදි අනුලොමපක්ඛෙ නිග්ගහස්ස පාපිතත්තා අනුලොමපාපනා නාම. තත්ථ තෙනාති කාරණවචනං. වතාති ඔකප්පනවචනං. රෙති ආමන්තනවචනං. ඉදං වුත්තං හොති – තෙන, රෙ වත්තබ්බෙ වත, රෙ හම්භො, භද්රමුඛ, තෙන කාරණෙන වත්තබ්බොයෙවාති. යං තත්ථ වදෙසීතිආදි අනුලොමපක්ඛෙ නිග්ගහස්ස ආරොපිතත්තා අනුලොමරොපනා නාම. යං තස්ස පරියොසානෙ මිච්ඡාතිපදං තස්ස පුරතො ඉදං තෙ’ති ආහරිතබ්බං. ඉදං තෙ මිච්ඡාති අයඤ්හෙත්ථ අත්ථො. පරතො ච පාළියං එතං ආගතමෙව.
ආජානාහි නිග්ගහං යනු සකවාදි වචනයයි. ඔබගේ මුලින් කියයුතු පිළිගැනීම පසුව කිවයුතු පිළිගැනීම නොවේ. පසුව කී දෙයින් පෙර කී දේ නොගැලපෙයි. එනිසා නිග්‍රහයට පැමිණියේය. ඒ නිග්‍රහය, දෝසය, අපරාධය පිළිගනුවයි යන අර්ථයයි. මෙසේ නිග්‍රහය ඉක්මවා, දැන එය තැබීමට ද අනුලොම් පිළිලොම් වශයෙන් සාසනාරෝපයට ද වශයෙන් ප්‍රකට කරන්නේ හඤ්චි පුග්ගලො යනාදිය කීහ. එහි හඤ්චි පුග්ගලො උපලබ්භති යන ඉදින් පුද්ගලයා ලැබේ ඒකාන්තයෙන් ඒ පුද්ගලයා සත්‍ය පරමාර්ථ වශයෙන් ලැබේ යන අර්ථයයි. මෙය පළමුව පරවාදි පක්ෂයේ තැබීමෙන් නිග්‍රහ පැමිණිවීම ආරෝපනයේ ලක්ෂණය වූ අනුලෝම තැබීම නම් වේ. තෙන වත රෙ යනාදි අනුලෝම පක්ෂයෙහි නිග්‍රහයට පමුණුවන ලද අනුලෝම පැමිණවීම නම් වේ. එහි තෙන කාරණ වචනයයි. වත විශ්වාස වචනයයි. රෙ ආමන්ත්රණ වචනයයි. මෙය කියන ලද්දේ වේ. තෙන රෙ, කිවයුතු කල්හි වත, රෙ භම්භො, භද්රමුඛ තෙන කාරණෙන භද්රමුබය, ඒ කාරණයෙන් කිව යුතුමය. යං තත්ථ වදෙසි ආදිය අනුලෝම පක්ෂයෙහි නිග්‍රහයට ආරෝපනය කරන ලද බැවින් අනුලෝම ආරෝපනා නම් වේ. යමක් ඒ අවසානයෙහි මිච්ඡා පදය එයට පෙරටුවෙන්, ඉදන්තෙ යයි ගෙන ආ යුතුය. මෙය ඔබගේ වැරැද්ද යයි මෙය මෙහි අර්ථයයි. පසුවද පෙළෙහි මෙය එන ලද්දේමය.
නො චෙ පන වත්තබ්බෙතිආදි “න හෙවං වත්තබ්බෙ”ති පටික්ඛිත්තපක්ඛස්ස ඨපිතත්තා පටිලොමතො නිග්ගහපාපනාරොපනානං ලක්ඛණභූතා පටිලොමඨපනා නාම. නො ච වත රෙතිආදි පටිලොමපක්ඛෙ නිග්ගහස්ස පාපිතත්තා පටිලොමපාපනා නාම. පුන යං තත්ථ වදෙසීතිආදි පටිලොමපක්ඛෙ නිග්ගහස්ස ආරොපිතත්තා පටිලොමරොපනා නාම. ඉධාපි පරියොසානෙ මිච්ඡාතිපදස්ස පුරතො ඉදං තෙති ආහරිතබ්බමෙව. පරතොපි එවරූපෙසු ඨානෙසු එසෙව නයො.
නො චෙ පත වත්තබ්බෙ ආදිය එසේ නොකිව යුතු යයි ප්‍රතික්ෂේප කළ පක්ෂයට තබන ලද බැවින් ප්‍රතිලෝමයෙන් නිග්‍රහ පැමිණවීම ආරෝපණයන්ගේ ලක්ෂණ භූත පටිලෝම ඨපන නම් වේ. නො ච වත රෙ මේ ආදි පටිලෝම පක්ෂයෙහි නිග්‍රහයට පමුණුවන ලද ප්‍රතිලෝම පැමිණවීම නම් වේ. නැවත යං තත්ථ වදෙසි යනාදිය පටිලෝම පක්ෂයෙහි නිග්‍රහයට ආරෝපනය කරන ලද බැවින් පටිලෝම ආරෝපනය නම් වේ. මෙහිද අවසානයෙහි මිච්ඡා පදයට ඉදිරියෙන් ඉදනෙත්ති යයි ගෙනහැර දැක්විය යුතුය. පසුවද මෙබඳු තැන්වල මෙම නයම වේ.
තත්රායං ආදිතො පට්ඨාය සඞ්ඛෙපත්ථො – යදි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, තෙන වත භො සො උපලබ්භතීති වත්තබ්බො. යං පන තත්ථ වදෙසි “වත්තබ්බො ඛො පුරිමපඤ්හෙ ‘සච්චිකට්ඨපරමත්ථෙන උපලබ්භතී’ති, නො ච වත්තබ්බො දුතියපඤ්හෙ ‘තතො සො පුග්ගලො උපලබ්භතී’”ති, ඉදං තෙ මිච්ඡාති එවං තාව අනුලොමතො ඨපනාපාපනාරොපනා හොන්ති. අථ න වත්තබ්බො දුතියපඤ්හෙ “තතො සො උපලබ්භතී”ති, පුරිමපඤ්හෙපි න වත්තබ්බොව. යං පනෙත්ථ වදෙසි “වත්තබ්බො ඛො පුරිමපඤ්හෙ ‘සච්චිකට්ඨපරමත්ථෙන උපලබ්භතී’ති, නො ච වත්තබ්බො දුතියපඤ්හෙ ‘තතො සො පුග්ගලො උපලබ්භතී’”ති, ඉදං තෙ මිච්ඡාති එවං පටිලොමතො ඨපනාපාපනාරොපනා හොන්ති. එවමෙතං නිග්ගහස්ස ච අනුලොමපටිලොමතො චතුන්නං පාපනාරොපනානඤ්ච වුත්තත්තා උපලබ්භතීතිආදිකං අනුලොමපඤ්චකං නාම. එත්ථ ච කිඤ්චාපි අනුලොමතො පාපනාරොපනාහි එකො, පටිලොමතො පාපනාරොපනාහි එකොති ද්වෙ නිග්ගහා කතා. ‘ආජානාහි නිග්ගහ’න්ති එතස්සෙව පනෙත්ථ පුග්ගලො උපලබ්භතීති පඨමං වාදං නිස්සාය පඨමස්ස නිග්ගහස්ස ද්වීහාකාරෙහි ආරොපිතත්තා එකොවායං නිග්ගහොති පඨමො නිග්ගහො.
එහි මුල පටන් සංක්ෂේපාර්ථය මෙසේය. ඉදින් පුද්ගලයෙක් සත්යාර්ථ පරාමාර්ථ වශයෙන් ලැබේ. එහෙයින් ස්ථිරව ඔහු ලැබේ යයි කිවයුතුය. දෙවන ප්‍රශ්නයෙහි එයින් ඒ පුද්ගලයා ලැබෙතියි. මෙය ඔබගේ වැරැද්ද යයි මෙසේ අනුලෝම වශයෙන් තැබීම පැමිණවීම ආරෝපනය වේ. ඉක්බිති නොකිව යුතුය. දෙවන ප්‍රශ්නයෙහි එයින් ඒ පුද්ගලයා ලැබේ යයි පළමු ප්‍රශ්නයෙහි ද නොකිව යුත්තේමය මෙහි යමක් කීවේද පළමු ප්‍රශ්නයෙහි සත්යාර්ථ පරමාර්ථයෙන් ලැබෙතියි කිවයුතුය. දෙවන ප්‍රශ්නයෙහි එයින් ඒ පුද්ගලයා ලැබේ යයි නොකිව යුතුය. මෙය ඔබගේ වැරැද්ද යයි මෙසේ ප්‍රතිලෝම වශයෙන් තැබීම, පැමිණවීම, ආරෝපනය වේ. මෙසේ මෙය නිග්‍රහයට ද අනුලෝම ප්‍රතිලෝම සතරේ පැමිණවීම ආරෝපනය කියන ලද බැවින් ලැබේය යනාදිය අනුලෝම පංචක නම් වේ. මෙහිද කිසිවක් අනුලෝමයෙන් පැමිණවීම් ආරෝපනයෙන් එකකි. ප්‍රතිලෝමයෙන් පැමිණවීම් ආරෝපනයෙන් එකකැයි නිග්‍රහ කතා දෙකකි. නිග්‍රහය දැනගන්නැයි මෙහි එකම පුද්ගලයා ලැබේ යයි පළමු වාදය නිසා පළමු නිග්‍රහයට දෙයාකාරයකින් ආරෝපනය කළ හෙයින් පළමු නිග්‍රහය එකම නිග්රහයකි.
ඉදානි පච්චනීකනයො හොති. තත්ථ පුච්ඡා පරවාදිස්ස. සො හි “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති ගහිතත්තා “නුපලබ්භතී”ති අසම්පටිච්ඡන්තො එවං පුච්ඡති. සකවාදී යථා රූපාදිධම්මා උපලබ්භන්ති, එවං අනුපලබ්භනීයතො ආමන්තාති පටිජානාති. පුන ඉතරො අත්තනා අධිප්පෙතං සච්චිකට්ඨංයෙව සන්ධාය යො සච්චිකට්ඨොතිආදිමාහ. සම්මුතිසච්චපරමත්ථසච්චානි වා එකතො කත්වාපි එවමාහ. සකවාදී ‘පුග්ගලො’ති උපාදාපඤ්ඤත්තිසබ්භාවතොපි ද්වින්නං සච්චානං එකතො කත්වා පුච්ඡිතත්තාපි න හෙවන්ති පටික්ඛිපති.
දැන් විරුද්ධ නය වේ. එහි විචාරීම පරවාදියාගේය. හේ තමාට හිත පිණිස පිළිපන් පුද්ගලයා ඇතැයි ගත් බැවින් නො ලැබේ යයි නොපිළිගන්නේ මෙසේ විචාරයි. සකවාදයේ රූප ධර්ම ලැබේද මෙසේ නොලැබිය යුතු බැවින් ආමත්තා යයි පිළිගනී. නැවත අනිකා තම අදහස් කළ සත්යාර්ථයම සඳහා සො සච්චි කට්ඨො යනාදිය කීහ. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය එකතුකොට ද මෙසේ කියයි. සකවාදී පුද්ගලයා යයි උපාදාය ප්රඥප්ති ස්වභාවයෙන් ද සත්‍ය දෙකම එකතුකොට විචාරන ලද විටද න හෙව යයි ප්‍රතික්ෂේප කරයි.
ඉදානි කිඤ්චාපි තෙන පඨමං පරමත්ථසච්චවසෙන නුපලබ්භනීයතා සම්පටිච්ඡිතා, පච්ඡා සම්මුතිසච්චවසෙන වොමිස්සකවසෙන වා පටික්ඛිත්තා. පරවාදී පන ‘නුපලබ්භතී’ති වචනසාමඤ්ඤමත්තං ඡලවාදං නිස්සාය යං තයා පඨමං පටිඤ්ඤාතං, තං පච්ඡා පටික්ඛිත්තන්ති භණ්ඩනස්ස පටිභණ්ඩනං විය අත්තනො කතස්ස නිග්ගහකම්මස්ස පටිකම්මං කරොන්තො ආජානාහි පටිකම්මන්ති ආහ. ඉදානි යථාස්ස අනුලොමපඤ්චකෙ සකවාදිනා වාදට්ඨපනං කත්වා අනුලොමපටිලොමතො පාපනාරොපනාහි නිග්ගහො පාකටො කතො, එවං පටිකම්මං පාකටං කරොන්තො හඤ්චි පුග්ගලොතිආදිමාහ. තං හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථතො වෙදිතබ්බං. යස්මා පනෙත්ථ ඨපනා නාම පරවාදීපක්ඛස්ස ඨපනතො “අයං තව දොසො”ති දස්සෙතුං ඨපනමත්තමෙව හොති, න නිග්ගහස්ස වා පටිකම්මස්ස වා පාකටභාවකරණං, පාපනාරොපනාහි පනස්ස පාකටකරණං හොති. තස්මා ඉදං අනුලොමපටිලොමතො පාපනාරොපනානං වසෙන චතූහාකාරෙහි. පටිකම්මස්ස කතත්තා පටිකම්මචතුක්කං නාමාති එකං චතුක්කං වෙදිතබ්බං.
දැන් කිසිවක් ද එයින් පළමුවන පරමාර්ථ සත්‍ය වශයෙන් නොලබන ලද බැවින් පිළිගන්නා ලදී. පසුව සම්මුති සත්‍ය වශයෙන් මිශ්‍ර වශයෙන් හෝ ප්‍රතික්ෂේප කරන ලදී. පරවාදියා නොලැබේ යයි වචන සමාන බව පමණක් ඡලවාදය නිසා ඔබ විසින් පළමුව යමක් පිළිගන්නා ලද ද එය පසුව ප්‍රතික්ෂේප කරන ලදැයි කලහයට පෙරලා කලහයක් මෙන් කරන ලද තමාගේ නිග්‍රහ ක්‍රියාවට ප්‍රතිකර්ම කරන්නේ ආජානාහි පටිකම්මං යයි කීය. දැන් මේ අනුලෝම පංචකයෙහි සකවාදියා විසින් වාද තැබීම කොට අනුලෝම පටිලෝම වශයෙන් පැමිණවීම් ආරෝපනයෙන් නිග්‍රහය ප්‍රකට කරන ලදී. මෙසේ ප්රතිකර්මය ප්‍රකට කරන්නේ හඤ්චි පුග්ගලො යනාදිය කීය. එය යට කියන ලද නයින්ම අර්ථ වශයෙන් දතයුතුය. මෙහි යම්හෙයකින් තැබීම නම් පරවාදී පක්ෂයේ තැබීමෙන් මෙය ඔබගේ දෝසයයි දැක්වීමට තැබීම් මාත්‍රයක්ම වේ. නිග්‍රහයේ හෝ ප්‍රතිකර්මයේ හෝ ප්‍රකට කිරීමක් නොවේ. පැමිණවීම් ආරෝපනයෙන් ප්‍රකට කිරීමක් වේ. එහෙයින් මෙය අනුලෝම පටිලෝම වශයෙන් පැමිණවීම් ආරෝපනයේ වශයෙන් සතරාකාරයකින් ප්රතිකර්මය කළ බැවින් පටිකම්ම චතුක්කය නම් යයි එක් චතුක්කයක් දතයුතුය.
එවං පටිකම්මං කත්වා ඉදානි ය්වාස්ස අනුලොමපඤ්චකෙ සකවාදිනා නිග්ගහො කතො, තස්ස තමෙව ඡලවාදං නිස්සාය දුක්කටභාවං දස්සෙන්තො ත්වඤ්චෙ පන මඤ්ඤසීතිආදිමාහ. තත්ථ ත්වං චෙ පන මඤ්ඤසීති යදි ත්වං මඤ්ඤසි. වත්තබ්බෙ ඛොති ඉදං පච්චනීකෙ ආමන්තාති පටිඤ්ඤං සන්ධාය වුත්තං . නො ච වත්තබ්බෙති ඉදං පන න හෙවාති අවජානනං සන්ධාය වුත්තං. තෙන තව තත්ථාති තෙන කාරණෙන ත්වංයෙව තස්මිං නුපලබ්භතීති පක්ඛෙ – “හෙවං පටිජානන්තන්ති ආමන්තා”ති එවං පටිජානන්තො. හෙවං නිග්ගහෙතබ්බෙති පුන න හෙවාති අවජානන්තො එවං නිග්ගහෙතබ්බො. අථ තං නිග්ගණ්හාමාති අථෙවං නිග්ගහාරහං තං නිග්ගණ්හාම. සුනිග්ගහිතො ච හොසීති සකෙන මතෙන නිග්ගහිතත්තා සුනිග්ගහිතො ච භවසි.
මෙසේ ප්‍රතිකර්ම කොට දැන් යමෙකුගේ අනුලෝම පංචකයෙහි සකවාදියා විසින් නිග්‍රහ කරන ලදී. ඔහුගේ ඒ ඡලවාදය සතර ආකාරවාද නිසා දුෂ්කර බව දක්වන්නේ ත්වං චෙ පන මඤ්ඤාසී යනාදිය කීය. එහි ත්වං චෙපන මඤ්ඤාසි යනු ඉතින් ඔබ සිතන්නෙහිද. වත්තබ්බෙ ඛො යන මෙය ප්රත්යනීකයාගේ ඔව් යයි යන පිළිනය සඳහා කියන ලදී. නො ච වත්තබ්බෙ යන මෙය නොවේය යන අවමානය සඳහා කියන ලදී. තෙන තව තත්ථා යනු ඒ කාරණයෙන් ඔබම එහි නොලැබේය යන පක්ෂයෙහි හෙවං පටිජානාති එසේ යයි මෙසේ පිළිගන්නේ. හෙවං නිග්ගහෙතබ්බෙ නැවත නොවේ යයි අවමාන කරන්නා මෙසේ නිග්‍රහ කළයුතුය. අථ තං නිග්ගණහාමාති ඉක්බිති මෙසේ නිග්‍රහයට සුදුසු ඔහු නිග්‍රහ කරමු. සුනිග්ගහිතො ච හොසි යන ස්වකීය මතයෙන් නිග්‍රහ කරන ලද බැවින් මනාව නිග්‍රහ කරන ලද්දේ වෙති.
එවමස්ස නිග්ගහෙතබ්බභාවං දස්සෙත්වා ඉදානි තං නිග්ගණ්හන්තො හඤ්චීතිආදිමාහ. තත්ථ ඨපනාපාපනාරොපනා හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බා. පරියොසානෙ පන ඉදං තෙ මිච්ඡාති ඉදං තව වචනං මිච්ඡා හොතීති අත්ථො. ඉදං ඡලවාදෙන චතූහි ආකාරෙහි නිග්ගහස්ස කතත්තා නිග්ගහචතුක්කං නාම.
මෙසේ ඔහුට නිග්‍රහ කරන ලද බව දක්වා දැන් ඔහුට නිග්‍රහ කරන්නේ හඤ්චි යනාදිය කීය. එහි තැබීම පැමිණවීම ආරෝපනය යට කියන ලද ක්‍රමයෙන් දතයුතුය. අවසානයෙහි වනාහි ඉදං තෙ මිච්ඡා ඔබේ මේ වචනය වැරදි වේය යන අර්ථයයි. මේ ඡලවාදයෙන් (සය ආකාර වාදයෙන්) සතරාකාරයකින් නිග්‍රහය කළ බැවින් නිග්‍රහ චතුක්ක නම් වේ.
එවං නිග්ගහං කත්වාපි ඉදානි “යදි අයං මයා තව මතෙන කතො නිග්ගහො දුන්නිග්ගහො, යො මම තයා හෙට්ඨා අනුලොමපඤ්චකෙ කතො නිග්ගහො, සොපි දුන්නිග්ගහො”ති දස්සෙන්තො එසෙ චෙ දුන්නිග්ගහිතෙතිආදිමාහ. තත්ථ එසෙ චෙ දුන්නිග්ගහිතෙති එසො චෙ තව වාදො මයා දුන්නිග්ගහිතො. අථ වා එසො චෙ තව මයා කතො නිග්ගහො දුන්නිග්ගහො. හෙවමෙවං තත්ථ දක්ඛාති තත්ථාපි තයා මම හෙට්ඨා කතෙ නිග්ගහෙ එවමෙවං පස්ස. ඉදානි ය්වාස්ස හෙට්ඨා සකවාදිනා නිග්ගහො කතො, තං “වත්තබ්බෙ ඛො”තිආදිවචනෙන දස්සෙත්වා පුන තං නිග්ගහං අනිග්ගහභාවං උපනෙන්තො නො ච මයං තයාතිආදිමාහ. තත්ථ නො ච මයං තයා තත්ථ හෙතාය පටිඤ්ඤායාතිආදීසු අයමත්ථො – යස්මා සො තයා මම කතො නිග්ගහො දුන්නිග්ගහො, තස්මා මයං තයා තත්ථ අනුලොමපඤ්චකෙ ආමන්තාති එතාය පටිඤ්ඤාය එවං පටිජානන්තා පුන න හෙවාති පටික්ඛෙපෙ කතෙපි “ආජානාහි නිග්ගහ”න්ති එවං න නිග්ගහෙතබ්බොයෙව. එවං අනිග්ගහෙතබ්බම්පි මං නිග්ගණ්හාසි, ඊදිසෙන පන නිග්ගහෙන දුන්නිග්ගහිතා මයං හොම.
මෙසේ නිග්‍රහ කොට ද දැන් මවිසින් ඔබගේ මතයෙන් කරන ලද නිග්‍රහය මැඩපැවැත්විය නොහැකිය. ඔබ විසින් මගේ අනුලෝම පංචකයෙහි කරන ලද නිග්‍රහය ද මැඩපැවැත්විය නොහැකියයි දක්වන්නේ, එසෙ චෙ දුන්නිගහිතෙ යනාදිය කීය. එහි එසෙ චෙ දුන්නිග්ගහිතෙ ඔබගේ මේ වාදය මා විසින් මැඩපැවැත්විය නොහැක. එසේ නැතහොත් ඔබගේ මේ නිග්‍රහය මා විසින් නොමැඩලිය හැක්කක් කරන ලදී. හෙවමෙවං තත්ර දක්ඛාති එහි ද ඔබ විසින් මගේ යට කරන ලද නිග්රහයෙහි මෙසේ බලන්න. දැන් යං සකවාදියා විසින් මේ නිග්‍රහය කරන ලදී. තං වත්තබ්බෙ ඛො යනාදි වචනයෙන් දක්වා නැවත ඒ නිග්‍රහය අනිග්රතභාවයට පමුණුවන්නේ නො ච මයං තථා යනාදිය කීය. එහි නො ච මයං තයා තත්ථ හෙතාය පටිඤ්ඤාය යනාදියේ අර්ථය මෙසේය. මගේ ඒ නිග්‍රහය ඔබ විසින් නොමැඩලිය හැක්ක කරන ලදී. අප එහි අනුලෝම පංචකයෙහි ඔබ විසින් එසේයයි මේ ප්‍රතිඥාවෙන් මෙසේ දැනගන්නේ නැවත නොවේ යයි ප්‍රතික්ෂේප කළ කල්හි ද නිග්‍රහය දැනගනුවයි මෙසේ නිග්‍රහ කළ යුතුමය. මෙසේ නිග්‍රහ නොකළ යුත්තෙහි ද මා නිග්‍රහ කළේය. මෙබඳු නිග්‍රහයෙන් වනාහි අපි නිග්‍රහ නොකරන ලද්දෝ වෙමු.
ඉදානි යං නිග්ගහං සන්ධාය “දුන්නිග්ගහිතා ච හොමා”ති අවොච, තං දස්සෙතුං හඤ්චි පුග්ගලො…පෙ… ඉදං තෙ මිච්ඡාතිආහ. එවමිදං අනුලොමපටිලොමතො චතූහි පාපනාරොපනාහි නිග්ගහස්ස උපනීතත්තා උපනයනචතුක්කං නාම හොති.
දැන් යම් නිග්‍රහයක් නිසා නොමැඩලිය හැක්කෝ වෙමු යයි කීය. එය දැක්වීමට හඤ්චි පුග්ගලො... ඉදං තෙ මිච්ඡා යයි කීය. මෙසේ මෙය අනුලෝම පටිලෝම වශයෙන් සතරාකාරයෙන් පැමිණවීම් ආරෝපනයෙන් නිග්‍රහයට පමුණුවන ලද උපනය චතුක්ක නම් වේ.
ඉදානි “න හෙවං නිග්ගහෙතබ්බෙ”තිආදිකං නිග්ගමනචතුක්කං නාම හොති. තත්ථ න හෙවං නිග්ගහෙතබ්බෙති යථාහං තයා නිග්ගහිතො, න හි එවං නිග්ගහෙතබ්බො. එතස්ස හි නිග්ගහස්ස දුන්නිග්ගහභාවො මයා සාධිතො. තෙන හීති තෙන කාරණෙන, යස්මා එස නිග්ගහො දුන්නිග්ගහො, තස්මා යං මං නිග්ගණ්හාසි හඤ්චි පුග්ගලො…පෙ… ඉදං තෙ මිච්ඡාති, ඉදං නිග්ගණ්හනං තව මිච්ඡාති අත්ථො. තෙන හි යෙ කතෙ නිග්ගහෙති යෙන කාරණෙන ඉදං මිච්ඡා, තෙන කාරණෙන යො තයා නිග්ගහො කතො, සො දුක්කටො. යං මයා පටිකම්මං කතං, තදෙව සුකතං. යාපි චෙසා පටිකම්මචතුක්කාදිවසෙන කථාමග්ගසම්පටිපාදනා කතා, සාපි සුකතා. එවමෙතං පුග්ගලො උපලබ්භතීතිආදිකස්ස අනුලොමපඤ්චකස්ස නුපලබ්භතීතිආදිකානං පටිකම්මනිග්ගහොපනයනනිග්ගමනචතුක්කානං වසෙන අනුලොමපච්චනීකපඤ්චකං නාම නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. එත්තාවතා සකවාදිනො පුබ්බපක්ඛෙ සති පරවාදිනො වචනසාමඤ්ඤමත්තෙන ඡලවාදෙන ජයො හොති.
දැන් න හෙවං නිග්ගහෙතබ්බෙ යනාදිය නිගමන චතුක්ක නම් වේ. එය න හෙවං නිග්ගහෙතබ්බෙ මම ඔබ විසින් නිග්‍රහ කරන ලදිමි. මෙසේ නිග්‍රහ නොකළ යුතුය. මේ නිග්‍රහයේ දුන් නිග්රහභාවය මා විසින් සාදන ලදී. තෙනහී ඒ කාරණයෙන් මේ නිග්‍රහය නරක නිග්රහයකි. එහෙයින් මා නිග්රහවීද හඤ්චි පුග්ගලො......ඉදන්තෙ මිච්ඡා මේ නිග්‍රහය ඔබගේ වැරැද්ද කියන අර්ථයයි. තෙනහි යෙ කතෙ නිග්ගහෙ යම් කරුණකින් මෙය වැරදිද ඒ කරුණින් යමෙක ඔබ විසින් නිග්‍රහ කරන ලදී. ඒ දුෂ්කෘතයකි. මා විසින් යමකට ප්‍රතිකර්ම කරන ලදී. එයම යහපත් ක්‍රියාවකි. මෙසේ මෙය පුග්ගලො උපලබ්භතී යනාදියේ අනුලෝම පංචකයේ නො ලැබේ යනාදියේ ප්‍රතිකර්ම, නිග්‍රහ පැමිණවීම නිගමන චතුක්ක වශයෙන් අනුලෝම ප්‍රත්‍යනීක පංචක නම් දක්වන ලදැයි දතයුතුය. මෙපමණකින් සකවාදි පූර්ව පක්ෂය ඇති කල්හි පරවාදින්ට වචන සමාන බව පමණකින් ඡල වාදයෙන් ජය වේ.
පච්චනීකානුලොමවණ්ණනා
පච්චනීකානුලොමවණ්ණනා
ඉදානි යථා පරවාදිනො පුබ්බපක්ඛෙ සති සකවාදිනො ධම්මෙනෙව තථෙන සුජයො හොති, තථා වාදුප්පත්තිං දස්සෙතුං පුග්ගලො නුපලබ්භතීති පච්චනීකානුලොමපඤ්චකං ආරද්ධං. තත්ථ පච්චනීකෙ පුච්ඡා පරවාදිස්ස, රූපාදිභෙදං සච්චිකට්ඨපරමත්ථං සන්ධාය පටිඤ්ඤා සකවාදිස්ස. සුද්ධසම්මුතිසච්චං වා පරමත්ථමිස්සකං වා සම්මුතිසච්චං සන්ධාය යො සච්චිකට්ඨොති පුන අනුයොගො පරවාදිස්ස, සම්මුතිවසෙන නුපලබ්භතීති නවත්තබ්බත්තා මිස්සකවසෙන වා අනුයොගස්ස සංකිණ්ණත්තා න හෙවන්ති පටික්ඛෙපො සකවාදිස්ස. පටිඤ්ඤාතං පටික්ඛිපතීති වචනසාමඤ්ඤමත්තෙන ආජානාහි නිග්ගහන්තිආදිවචනං පරවාදිස්ස. එවමයං පුග්ගලො නුපලබ්භතීති දුතියවාදං නිස්සාය දුතියො නිග්ගහො හොතීති වෙදිතබ්බො. එවං තෙන ඡලෙන නිග්ගහො ආරොපිතො.
දැන් පරවාද පූර්ව පක්ෂය ඇතිකල්හි සකවාදින්ට ධර්මයෙන්ම සත්‍යයෙන්ම යහපත් ජය වේ. එසේ වාද උපත දැක්වීමට පුග්ගලො නූපලබ්භති යන ප්‍රත්‍යනීක අනුලෝම පංචකය ආරම්භ විය. එහි ප්රත්යනීකයෙහි විචාරීම පරවාදියාටය. රූපාදි භේදය සත්යාර්ථ පරමාර්ථ සඳහා පිළිණය සකවාදියාටය. සුද්ධ සම්මුති සත්‍යය හෝ පරමාර්ථ මිශ්‍රකය හෝ සම්මුති සත්‍ය සඳහා යො සච්චිකට්ඨො නැවත අනුයෝගය පරවාදියාටය. සම්මුති වශයෙන් නොලැබේ යයි නොකියන ලද මිශ්‍ර වශයෙන් හෝ අනුයෝගයේ සංකීර්ණ බැවින් නහෙවං යයි ප්රතික්ෂේපය සකවාදියාගේය. පිළිණය ප්රතික්ෂිපත යයි වචන සමාන පමණකින් ආජානාහි නිග්ගහං යනාදි වචන පරවාදියාගේය. මෙසේ මේ පුද්ගලයා නොලැබේ යයි දෙවන වාදය නිසා දෙවන නිග්‍රහය වේයයි දතයුතුය. මෙසේ ඒ ජලයෙන් නිග්‍රහය ආරෝපනය කරන ලදී. දැන් ඒ පිළිණයෙන් දැහැමින් සෙමෙන් තමාගේ වාදයෙහි ජය දැක්වීමට අනුලෝම නයෙහි විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධිය නිසා පිළිණය පරවාදියාටය. ලබ්ධියට අවකාස නොදී පරමාර්ථ වශයෙන් නැවත අනුයෝගය සකවාදියාටය. පරමාර්ථ වශයෙන් පුද්ගලයාගේ අභාවයෙන් ප්රතික්ෂේපය පරවාදියාටය.
ඉදානි ධම්මෙන සමෙන අත්තනො වාදෙ ජයං දස්සෙතුං අනුලොමනයෙ පුච්ඡා සකවාදිස්ස, අත්තනො ලද්ධිං නිස්සාය පටිඤ්ඤා පරවාදිස්ස. ලද්ධියා ඔකාසං අදත්වා පරමත්ථවසෙන පුන අනුයොගො සකවාදිස්ස, පරමත්ථවසෙන පුග්ගලස්ස අභාවතො පටික්ඛෙපො පරවාදිස්ස. තතො පරං ධම්මෙන සමෙන අත්තනො ජයදස්සනත්ථං ආජානාහි පටිකම්මන්තිආදි සබ්බං සකවාදීවචනමෙව හොති. තත්ථ සබ්බෙසං පටිකම්මනිග්ගහොපනයනනිග්ගමනචතුක්කානං හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. එවමිදං පුග්ගලො නුපලබ්භතීතිආදිකස්ස පච්චනීකපඤ්චකස්ස උපලබ්භතීතිආදීනං පටිකම්මනිග්ගහොපනයනනිග්ගමනචතුක්කානඤ්ච වසෙන පච්චනීකානුලොමපඤ්චකං නාම නිද්දිට්ඨං හොති. එවමෙතානි පඨමසච්චිකට්ඨෙ ද්වෙ පඤ්චකානි නිද්දිට්ඨානි. තත්ථ පුරිමපඤ්චකෙ පරවාදිස්ස සකවාදිනා කතො නිග්ගහො සුනිග්ගහො. සකවාදිස්ස පන පරවාදිනා ඡලවාදං නිස්සාය පටිකම්මං කත්වා අත්තනා සාධිතො ජයො දුජ්ජයො.
ඉන්පසු දැහැමින් සෙමින් තමාගේ ජය දැක්වීම සඳහා ආජානාහි පටිකම්මං යනාදි සියල්ල සකවාදියාගේම වචන වේ. යට කියන ලද නයින්ම අර්ථ දතයුතුය. මෙසේ මෙය පුග්ගලො නූපලබ්භති යනාදියේ ප්‍රත්‍යනීක පංචකයේ උපලබ්භති ආදියේ ප්‍රතිකර්ම, නිග්‍රහ, පැමිණවීම, නිගමන චතුක්කයෙහි ද වශයෙන් ප්‍රත්‍යනීක අනුලෝම පංචකය නම් දක්වන ලද්දේ වේ. මෙසේ මේ පළමු සත්යාර්ථයේ පංචක දෙක දක්වන ලදී. එහි පෙර පංචකයෙහි පරවාදියාට සකවාදියා විසින් කරන ලද නිග්‍රහය සුතිග්රහය වේ. සකවාදියාට වනාහි පරවාදියා විසින් ඡලවාදය නිසා ප්‍රතිකර්ම කොට තමා විසින් සාධිත ජය දුර්ජය වේ. දුතිය පංචකයෙහි සකවාදියාට පරවාදියා විසින් කරන ලද නිග්‍රහය දුර්නිග්‍රහ වේ. පරවාදියාට වනාහි සකවාදියා විසින් ධර්මවාදය නිසා ප්‍රතිකර්ම කොට තමා විසින් සායිත ජය සූජය වේ.
දුතියපඤ්චකෙ සකවාදිස්ස පරවාදිනා කතො නිග්ගහො දුන්නිග්ගහො. පරවාදිස්ස පන සකවාදිනා ධම්මවාදං නිස්සාය පටිකම්මං කත්වා අත්තනා සාධිතො ජයො සුජයොති පඨමසච්චිකට්ඨො. තත්ථෙතං වුච්චති –
පඨම සච්චිකට්ඨය [missing trans] එහි මෙය කියනු ලැබේ.
“නිග්ගහො පරවාදිස්ස, සුද්ධො පඨමපඤ්චකෙ; අසුද්ධො පන තස්සෙව, පටිකම්මජයො තහිං.
නිගහය පරවාදි - පිරිසිදු පළමු විසෙහී අපිරිසිදු ඔහුටය - එහි වන පිළිකම් ජයේ
“නිග්ගහො සකවාදිස්ස, අසුද්ධො දුතියපඤ්චකෙ; විසුද්ධො පන තස්සෙව, පටිකම්මජයො තහිං.
නිගහය සකවාදි - අපිරිසිදු දෙවන පසැ පිරිසිදු ඔහුටමය - එහි වන පිළිකම් ජයේ
“තස්මා ද්වීසුපි ඨානෙසු, ජයොව සකවාදිනො; ධම්මෙන හි ජයො නාම, අධම්මෙන කුතො ජයො.
එහෙයින් දෙතැනෙහිම - ජය වේ සකවාදි හට දහමින්ම ජයවේ - කොයින් ජය අදහමින්
“සච්චිකට්ඨෙ යථා චෙත්ථ, පඤ්චකද්වයමණ්ඩිතෙ; ධම්මාධම්මවසෙනෙව, වුත්තො ජයපරාජයො.
දෙපසින් ලකර වූ - මෙහි සත්අරුත් යම්සේ දම් අදම් වසයෙන් - කියැවිණි ජය පැරදුමත්
“ඉතො පරෙසු සබ්බෙසු, සච්චිකට්ඨෙසු පණ්ඩිතො; එවමෙව විභාවෙය්ය, උභො ජයපරාජයෙ”ති.
මෙයින් පසු සියළුම - සත් අරුතෙහි පඬිදෙනා මෙලෙසින්ම පහදනු - දෙතැනම ජය පරාජය