ඔකාසසච්චිකට්ඨො අට්ඨකථා
ඔකාසසච්චිකට්ඨො
ඔකාසසච්චිකට්ඨො
අනුලොමපච්චනීකවණ්ණනා
එවං සුද්ධිකසච්චිකට්ඨං විත්ථාරෙත්වා ඉදානි තමෙව අපරෙහි ඔකාසාදීහි නයෙහි විත්ථාරෙතුං පුන පුග්ගලො උපලබ්භතීතිආදි ආරද්ධං. තත්ථ පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා පරවාදිස්ස. පුන සබ්බත්ථාති සරීරං සන්ධාය අනුයොගො සකවාදිස්ස, රූපස්මිං අත්තානං සමනුපස්සනාදොසඤ්ච ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති ආපජ්ජනදොසඤ්ච දිස්වා පටික්ඛෙපො පරවාදිස්ස. සෙසමෙත්ථ අනුලොමපච්චනීකපඤ්චකෙ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. පාඨො පන සඞ්ඛිත්තො . තත්ථ යස්මා සරීරං සන්ධාය “සබ්බත්ථ න උපලබ්භතී”ති වුත්තෙ සරීරතො බහි උපලබ්භතීති ආපජ්ජති. තස්මා පච්චනීකෙ පටික්ඛෙපො සකවාදිස්ස, පඨමං අනුජානිත්වා පච්ඡා අවජානාතීති ඡලවාදස්ස වසෙන පටිකම්මං පරවාදිස්ස. සෙසං පාකටමෙව.
මෙසේ පිරිසිදු සත්අරුත් විස්තරකොට දැන් එයම වෙනත් ඕකසාදි නයින් විස්තර කිරීමට නැවත පුග්ගලො උපලබ්භති යනාදිය ආරම්භ කරන ලදී. එහි විචාරීම සකවාදියාටය. පිළිණය පරවාදියාටය. නැවත සබ්බත්ථ යන ශරිරය සඳහා අනුයෝගය සකවාදියාටය. රූපයෙහි ආත්මයන්ගේ සමනුපස්සනා දෝසයද ජීවය අනිකක් ශරීරය අනිකක් යයි පැමිණෙන දෝසය ද දැක ප්‍රතික්ෂේප පරවාදියාටය. මෙහි සෙස්ස අනුලෝම ප්‍රත්‍යනීක පංචකයෙහි යට කියන ලද නයින්ම දතයුතුය. පාඨය සංක්ෂේප කරන ලදී. එය ශරීරය සඳහා සබ්බත්ථ න උපලබ්භති යයි කී කල්හි ශරීරයෙන් බැහැර ලැබේ යයි පැමිණේ. එහෙයින් ප්රත්යනීකයෙහි ප්රතික්ෂේපය සකවාදියාටය. පළමුව පිළිගෙන පසුව අවමන් කෙරේ යයි ඡලවාද වශයෙන් ප්රතිකර්මය පරවාදියාටය. සෙස්ස ප්රකටය.
කාලසච්චිකට්ඨො
කාලසච්චිකට්ඨො
අනුලොමපච්චනීකවණ්ණනා
දුතියනයෙ සබ්බදාති පුරිමපච්ඡිමජාතිකාලඤ්ච ධරමානපරිනිබ්බුතකාලඤ්ච සන්ධාය අනුයොගො සකවාදිස්ස, ස්වෙව ඛත්තියො සො බ්රාහ්මණොතිආදීනං ආපත්තිදොසඤ්ච ධරමානපරිනිබ්බුතානං විසෙසාභාවදොසඤ්ච දිස්වා පටික්ඛෙපො පරවාදිස්ස. සෙසං පඨමනයෙ වුත්තසදිසමෙව.
දෙවන නයෙහි සබ්බදා යයි පෙර පසු ජාති කාලය ද ජීවමාන හා පිරිනිවන්පෑ කාලය ද සඳහා අනුයෝගය සකවාදියාටය. ස්වෙව ඛත්තියො සො බ්රාහ්මණො යනාදියේ පැමිණි දෝසයද ධරමාන පිරිනිවන්පෑමේ විසේසභව දෝසයද දැක ප්රතික්ෂේපය පරවාදියාටය. සෙස්ස පළමු නයෙහි කියන ලද්ද හා සමාන වේ.
අවයවසච්චිකට්ඨො
අවයවසච්චිකට්ඨො
අනුලොමපච්චනීකවණ්ණනා
තතියනයෙ සබ්බෙසූති ඛන්ධායතනාදීනි සන්ධාය අනුයොගො සකවාදිස්ස, රූපස්මිං අත්තා, චක්ඛුස්මිං අත්තාතිආදිදොසභයෙන පටික්ඛෙපො පරවාදිස්ස. සෙසං තාදිසමෙවාති.
තෙවන නයෙහි සබ්බෙසු යයි ස්කන්ධ ආයතනාදිය සඳහා අනුයෝගය සකවාදියාටය. රූපයෙහි ආත්මයයි ඇසෙහි ආත්මයයි ආදි දෝස බියෙන් ප්රතික්ෂේපය පරවාදියාටය. සෙස්ස එබඳුමය.
ඔකාසදිසච්චිකට්ඨාදි
ඔකාසදිසච්චිකට්ඨාදි
පච්චනීකානුලොමවණ්ණනා
එවමෙතානි තීණි අනුලොමපච්චනීකපඤ්චකෙ අනුලොමමත්තවසෙනෙව තාව පටිපාටියා භාජෙත්වා පුන පච්චනීකානුලොමපඤ්චකෙ පච්චනීකමත්තවසෙනෙව භාජෙතුං පුග්ගලො නුපලබ්භතීතිආදි ආරද්ධං. තත්ථ අනුලොමපඤ්චකස්ස පාළියං සඞ්ඛිපිත්වා ආගතෙ පච්චනීකෙ වුත්තනයෙනෙව පච්චනීකස්ස ච පාළියං සඞ්ඛිපිත්වා ආගතෙ අනුලොමෙ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. එත්තාවතා සුද්ධිකස්ස චෙව ඉමෙසඤ්ච තිණ්ණන්ති චතුන්නං සච්චිකට්ඨානං එකෙකස්මිං සච්චිකට්ඨෙ අනුලොමපච්චනීකස්ස පච්චනීකානුලොමස්ස චාති ද්වින්නං ද්වින්නං පච්චනීකානං වසෙන අයං අට්ඨමුඛා නාම වාදයුත්ති නිද්දිට්ඨා හොතීති වෙදිතබ්බා. යා එකෙකස්මිං මුඛෙ එකෙකස්ස නිග්ගහස්ස වසෙන අට්ඨකනිග්ගහොති පාළියං ලිඛියති. තත්ථෙතං වුච්චති –
මෙසේ මේ අනුලෝම ප්‍රත්‍යනීක පංචක තුනෙහි අනුලෝම වශයෙන්ම පමණක් පිළිවෙළින් බෙදා නැවත ප්‍රත්‍යනීක අනුලෝම පංචකයෙහි ප්‍රත්‍යනීක වශයෙන් පමණක්ම බෙදීමට පුග්ගලො නූපලබ්භති යනාදිය ආරම්භ කරන ලදී. එහි අනුලෝම පංචකයේ පෙළ හකුළුවා පැමිණි ප්රත්යනීකයෙහි කියන ලද නයින්ම ප්රත්යනීකයෙහි පෙළ හකුළුවා පැමිණි කල්හි අනුලෝමයෙහි කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මෙපමණකින් සුද්ධිතයේ මෙන්ම මේවායෙහිද තුණේ සහ සහ සතරේ සත්අරුත්වල එක එකෙහි සත් අරුතෙහි අනුලෝම ප්රත්යනීකයේ ප්‍රත්‍යනීක අනුලෝමයයි ප්‍රත්‍යනීක දෙකක් දෙකක් වශයෙන් මේ අෂ්ටමුඛ තමා වාද යුක්තිය දක්වන ලද්දේ වේයයි දතයුතුය. යම් එක එක මුඛයෙහි එක එක නිග්‍රහය වශයෙන් නිග්‍රහ අටකැයි පෙළෙහි ලියනු ලැබේ. එහි මෙය කියනු ලැබේ.
“එවං චතුබ්බිධෙ පඤ්හෙ, පඤ්චකද්වයභෙදතො; එසා අට්ඨමුඛා නාම, වාදයුත්ති පකාසිතා.
මෙසේ සිව්වේ පැනෙහි - දෙපංචකයෙහි බේදයෙන් මෙය අවමුවය නම් - කියැවිණි වාද යුත්තිය
“අට්ඨෙව නිග්ගහා තත්ථ, චත්තාරො තෙසු ධම්මිකා; අධම්මිකා ච චත්තාරො, සබ්බත්ථ සකවාදිනො; ජයො පරාජයො චෙව, සබ්බත්ථ පරවාදිනො”ති.
එහි නිගහ අටමය - දැහැමි වූ එයින් සතරකි අදහමද සතරෙකි - සියළු තැන සකවාදිය පරාජය මෙන් ජය - සියළු තැන පරවාදිය
සච්චිකට්ඨවණ්ණනා නිට්ඨිතා.
සච්චිකට්ඨ වර්ණනා නිමි.
සුද්ධිකසංසන්දනවණ්ණනා
සුද්ධික සංසන්දන වර්ණනාව
ඉදානි රූපාදීහි සද්ධිං සච්චිකට්ඨසංසන්දනං හොති. තත්ථ රූපඤ්චාති යථා රූපං පරමත්ථතො උපලබ්භති, කිං තෙ පුග්ගලොපි තථෙව උපලබ්භතීති සන්ධාය පුච්ඡා සකවාදිස්ස, අත්ථි පුග්ගලොති වචනමත්තං ගහෙත්වා පටිඤ්ඤා පරවාදිස්ස. යදි තෙ රූපං විය පරමත්ථතො පුග්ගලො අත්ථි, රූපතො වෙදනාදීනං විය පුග්ගලස්සාපි අඤ්ඤත්තං ආපජ්ජතීති අනුයොගො සකවාදිස්ස, සමයසුත්තවිරොධං දිස්වා පටික්ඛෙපො පරවාදිස්ස. සෙසං අත්ථතො පාකටමෙව. ධම්මතො පනෙත්ථ සත්තපඤ්ඤාසභෙදස්ස සච්චිකට්ඨපරමත්ථස්ස වසෙන සකවාදීපක්ඛමූලකෙ අනුලොමපච්චනීකෙ සත්තපඤ්ඤාස අනුලොමපඤ්චකානි දස්සිතානි. පටිකම්මචතුක්කාදීනි සඞ්ඛිත්තානි. පරවාදීපක්ඛමූලකෙපි පච්චනීකානුලොමෙ සත්තපඤ්ඤාස පටිලොමපඤ්චකානි දස්සිතානි. පටිකම්මචතුක්කාදීනි සඞ්ඛිත්තානි. තත්ථ “වුත්තං භගවතා”ති වචනමත්තෙන පුග්ගලස්ස අත්ථිතං රූපස්ස ච සච්චිකට්ඨපරමත්ථවසෙන උපලබ්භනීයතං දස්සෙත්වා උභින්නං අඤ්ඤත්තං පටිජානාපනත්ථං වුත්තං භගවතාති අනුයොගො පරවාදිස්ස, සම්මුතිපරමත්ථානං එකත්තනානත්තපඤ්හස්ස ඨපනීයත්තා පටික්ඛෙපො සකවාදිස්ස. සෙසමිධාපි අත්ථතො පාකටමෙවාති.
දැන් රූපාදිය සමග සච්චිකට්ඨ සංසන්දනය වේ. එහි රූපඤ්ච රූපය පරමාර්ථ වශයෙන් ලැබේ. කිම? ඔබේ පුද්ගලයා ද එසේ ලැබේද? යන්න සඳහා විචාරීම සකවාදියාගේය. පුද්ගලයෙක් ඇතැයි වචන මාත්‍රය පමණක් ගෙන ප්‍රතිඥාව පරවාදියාගේය. ඉදින් පරමාර්ථ වශයෙන් ඔබේ පුද්ගලික ඇත්නම්, රූපයෙන් වේදනාදිය මෙන් පුද්ගලයාගේ ද වෙනසකට පැමිණේ යයි අනුයෝගය සකවාදියාගේය. ආගම සූත්‍ර විරෝධය දැක ප්රතික්ෂේපය පරවාදියාගේය. සෙසු අර්ථ ප්රකටය. මෙහි ධර්ම වශයෙන් වනාහි සත්පනස් භේදයේ සත්යාර්ථ පරමාර්ථ වශයෙන් සකවාදී පක්ෂ මූලයේ අනුලෝම ප්රත්යනීකයේ සත්පනස් අනුලෝම පංචක දක්වන ලදී. ප්‍රතිකර්ම චතුක්කාදිය සංක්ෂේප කරන ලදී. පරවාදී පක්ෂ මූලයේ ද ප්‍රත්‍යනීක අනුලෝමයේ සත් පනස් පටිලෝම පංචක දක්වන ලදී. ප්‍රතිකර්ම චතුක්කාදිය සංක්ෂේප කරන ලදී. එය භගවත්හු කියන ලදැයි වචන මාත්‍රයෙන් පුද්ගලයාගේ ද රූපයේ ද ඇති බව සත්‍යය පරමාර්ථ වශයෙන් ලැබෙන බව දක්වා වෙනස් බව දැනවීම සඳහා වුත්තං භගවතා යන අනුයෝගය පරවාදියාගේය. සම්මුති පරමාර්ථවල ඒකත නානත්ත ප්රශ්නයේ තබන බව ප්රතික්ෂේපය සකවාදියාගේය. මෙහිද සෙස්ස අර්ථ වශයෙන් ප්රකටය.
සුද්ධිකසංසන්දනවණ්ණනා.
සුද්ධික සංසන්දනය නිමි.
ඔපම්මසංසන්දනවණ්ණනා
ඔපම්මසංසන්දනවණ්ණනා
ඉදානි රූපාදීහෙව සද්ධිං ඔපම්මවසෙන සච්චිකට්ඨසංසන්දනං හොති. තත්ථ රූපවෙදනානං උපලද්ධිසාමඤ්ඤෙන අඤ්ඤත්තපුච්ඡා ච පුග්ගලරූපානං උපලද්ධිසාමඤ්ඤපුච්ඡා චාති පුච්ඡාද්වයම්පි සකවාදිස්ස, උභොපි පටිඤ්ඤා පරවාදිස්ස. පරවාදිනා අනුඤ්ඤාතෙන උපලද්ධිසාමඤ්ඤෙන රූපවෙදනානං විය රූපපුග්ගලානං අඤ්ඤත්තානුයොගො සකවාදිස්ස, පටික්ඛෙපො ඉතරස්ස. සෙසමිධාපි අත්ථතො පාකටමෙව. ධම්මතො පනෙත්ථ රූපමූලකාදීනං චක්කානඤ්ච වසෙන සකවාදීපක්ඛෙ වීසාධිකානි නව නිග්ගහපඤ්චකසතානි දස්සිතානි. කථං? ඛන්ධෙසු තාව රූපමූලකෙ චක්කෙ චත්තාරි, තථා වෙදනාදිමූලකෙසූති වීසති. ආයතනෙසු චක්ඛායතනමූලකෙ චක්කෙ එකාදස, තථා සෙසෙසූති ද්වත්තිංසසතං. ධාතූසු චක්ඛුධාතුමූලකෙ චක්කෙ සත්තරස, තථා සෙසෙසූති ඡාධිකානි තීණි සතානි. ඉන්ද්රියෙසු චක්ඛුන්ද්රියමූලකෙ චක්කෙ එකවීසති, තථා සෙසෙසූති ද්වාසට්ඨාධිකානි චත්තාරි සතානි. එවං සබ්බානිපි වීසාධිකානි නව නිග්ගහපඤ්චකසතානි හොන්ති.
දැන් රූපාදියම සමග උපමා වශයෙන් සච්චිකට්ඨ සංසන්දනය වේ. එහි රූප වේදනාවල ලැබූ සමාන බවෙන් වෙනස් බව විචාරීම ද පුද්ගල රූපවල ලැබූ සමාන විචාරීමදැයි විචාරීම් දෙකම සකවාදියාගේය. ප්‍රතිඥා දෙකම පරවාදියාගේය. පරවාදියා විසින් අනුදත් හෙයින් ලැබූ සමානබවෙන් රූප වේදනාවල මෙන් රූප පුද්ගලයන්ගේ වෙනස්වන බව අනුයෝගය සකවාදියාගේය. ප්‍රතික්ෂේප අනිකාය. මෙහි සෙස්ස ද අරුත් විසින් ප්රකටය. ධර්ම වශයෙන් වනාහි රූප මූලකාදියේ චක්කවල ද වශයෙන් සකවාදි පක්ෂයේ නට නිග්‍රහ පන්සිය විස්සක් දක්වන ලදී. කෙසේද? ස්කන්ධයන්හි රූප මූලක චක්කයෙහි සතරය, එසේ වේදනාදී මූලකවල විස්සකි. ආයතනවල චක්ඛායතන මූලක චක්කයෙහි එකොළොසකි. එසේ සෙස්සෙහි එකසිය තිස්දෙකකි. ධාතුවල චක්ඛුධාතු මූලක චක්කයෙහි දාහතකි. එසේ සෙස්සෙහි තුන්සිය හයකි. ඉන්ද්‍රියවල චක්ඛු ඉන්ද්රිය මූලක චක්කයෙහි විසිඑකකි. එසේ සෙස්සෙහි හාරසිය හැටදෙකකි. මෙසේ නවග්‍රහ සියල්ල පන්සිය විස්සක් වේ.
පරවාදීපක්ඛෙපි රූපං උපලබ්භතීති අනුලොමවසෙනෙව රූපවෙදනාදීනං අඤ්ඤත්තපටිඤ්ඤං කාරෙත්වා පුන අත්ථි පුග්ගලොති සුත්තං නිස්සාය ඡලවසෙන පුග්ගලස්ස රූපාදීහි උපලද්ධිසාමඤ්ඤං ආරොපෙත්වා අඤ්ඤත්තානුයොගො කතො. සෙසමිධාපි අත්ථතො උත්තානමෙව. ධම්මතොපි සකවාදීපක්ඛෙ වුත්තනයෙන වීසාධිකානි නව පටිකම්මපඤ්චකසතානි දස්සිතානි.
පරවාදී පක්ෂයෙහි ද රූපං උපලබ්භති යන අනුලෝම වශයෙන්ම රූප වේදනාවල වෙනස්වන බව පිළිණ කරවා නැවත අත්ථි පුග්ගලො යන සූත්‍රය නිසා ඡල වසයෙන් (සය ආකාර) පුද්ගලයාගේ රූපාදියෙන් ලැබූ සමානබව ආරෝපනය කොට වෙනස් වේ යන අනුයෝගය කරන ලදී. මෙහි සෙස්සේ අර්ථ පැහැදිලිය. ධර්ම වශයෙන් සකවාදි පක්ෂයෙහි කියන ලද නයින් නව ප්‍රතිකර්ම පන්සිය විස්සක් දක්වන ලදී.
රූපාදීහි සද්ධිං ඔපම්මවසෙන සච්චිකට්ඨසංසන්දනං.
චතුක්කනයසංසන්දනවණ්ණනා
චතුක්ක නය සංසන්දන වර්ණනාව
ඉදානි යං සච්චිකට්ඨපරමත්ථෙන උපලබ්භති, තෙන යස්මා රූපාදීසු සත්තපඤ්ඤාසාය සච්චිකට්ඨපරමත්ථෙසු අඤ්ඤතරෙන භවිතබ්බං; රූපාදිනිස්සිතෙන වා, අඤ්ඤත්ර වා රූපාදීහි, රූපාදීනං වා නිස්සයෙන, තස්මා ඉමිනා චතුක්කනයෙන සච්චිකට්ඨසංසන්දනං ආරද්ධං. තත්ථ රූපං පුග්ගලොති අනුයොගො සකවාදිස්ස, උච්ඡෙදදිට්ඨිභයෙන න හෙවාති පටික්ඛෙපො පරවාදිස්ස, නිග්ගහාරොපනං සකවාදිස්ස. කිං පනෙතං යුත්තං, නනු රූපං වෙදනාති වුත්තම්පි පටික්ඛිපිතබ්බමෙවාති? ආම පටික්ඛිපිතබ්බං. තං පන රූපතො වෙදනාය අඤ්ඤසභාවසබ්භාවතො, න අඤ්ඤත්තාභාවතො. අයඤ්ච රූපාදීසු එකධම්මතොපි පුග්ගලස්ස අඤ්ඤත්තං න ඉච්ඡති, තස්මා යුත්තං. අයඤ්ච අනුයොගො රූපං පුග්ගලො…පෙ… අඤ්ඤාතාවින්ද්රියං පුග්ගලොති සකලං පරමත්ථසච්චං සන්ධාය ආරද්ධො. සකලං පන පච්චත්තලක්ඛණවසෙන එකතො වත්තුං න සක්කාති තන්තිවසෙන අනුයොගලක්ඛණමත්තමෙතං ඨපිතං. තෙන විඤ්ඤූ අත්ථං විභාවෙන්ති. වාදකාමෙන පන ඉමං ලක්ඛණං ගහෙත්වා යථා යථා පරවාදිස්ස ඔකාසො න හොති, තථා තථා වත්තබ්බං. ඉති තන්තිවසෙන අනුයොගලක්ඛණස්ස ඨපිතත්තාපි යුත්තමෙව. ඉමිනා නයෙන සබ්බානුයොගෙසු අත්ථො වෙදිතබ්බො.
දැන් යමක් සත්යාර්ථ පරමාර්ථයෙන් ලැබේ. එයින් රූපාදියෙහි පනස් හතක් වූ සත්යාර්ථ පරමාර්ථවලින් එක්තරා එකකින් විය යුතුය. රූපාදිය නිශ්රිතව හෝ රූපාදියෙන් වෙන්ව, රූපාදීන්ගේ නිශ්‍රයෙන්, එනිසා මේ චතුක්කයෙන් සත්යාර්ථ සංසන්දනය ආරම්භ විය. එහි රූපං පුග්ගලො යන අනුයෝගය සකවාදියාය. උච්ඡෙද දෘෂ්ටි බියෙන් නහෙවං යන ප්රතික්ෂේපය පරවාදියාගේය. නිග්‍රහ ආරෝපනය සකවාදියාගේය. කිම මේ රූපය යුතු නොවේද? වේදනාව යයි කියන ලද ප්‍රතික්ෂේප කළයුතුම වේද? එය ප්‍රතික්ෂේප කළයුතුය. එය වනාහි රූපයෙන් වේදනාවේ අන්‍ය ස්වභාව ස්වභාව හෙයින් අන්‍ය තත්ත්ව අභාවයක් නොවේ. මෙයද රූපාදියෙහි එක් ස්වභාවයකින් පුද්ගලයාගේ අන්‍ය තත්ත්වයක් නොකැමති වේ. එනිසා මෙයද අනුයෝගයයි. රූපං පුග්ගලො.....අඤ්ඤාතාවින්ද්රියං පුග්ගලො යයි සියළු පරමාර්ථ සත්‍ය සඳහා අරඹන ලදී. සකලං වනාහි වෙන් වූ ලක්ෂණ වශයෙන් එකකින් කියන්නට නොහැකි යයි පෙළ වශයෙන් අනුයෝග ලක්ෂණ පමණක් තබන ලදී. පඬිවරු එයින් අර්ථය විස්තර කරති. වාද කැමැත්තෙන් මේ ලක්ෂණ ගෙන පරවාදියාට ඉඩ නොලැබෙන සේ කිවයුතුය. මෙසේ පාළි වශයෙන් අනුයෝග ලක්ෂණයේ තබන ලද්ද ද යුතුමය. මෙම නයින් සියළු අනුයෝගවල අර්ථය දතයුතුය.
අයං පන විසෙසො – රූපස්මිං පුග්ගලොතිආදීසු යථා එකං මහාභූතං නිස්සාය තයො මහාභූතා, වත්ථුරූපං නිස්සාය විඤ්ඤාණං රූපස්මින්ති වත්තුං වට්ටති, කිං තෙ එවං රූපස්මිං පුග්ගලො? යථා ච සභාගවිනිබ්භොගතො වෙදනාදයො සබ්බධම්මා, අරූපා වා පන චත්තාරො ඛන්ධා, නිබ්බානමෙව වා “අඤ්ඤත්ර රූපා”ති වත්තුං වට්ටති, කිං තෙ එවං පුග්ගලො? යථා ච චිත්තසමුට්ඨානානං රූපානං නිස්සයවසෙන “වෙදනාය රූපං…පෙ… විඤ්ඤාණස්මිං රූප”න්ති වත්තුං වට්ටති, කිං තෙ එවං පුග්ගලොති? සබ්බානුයොගෙසු පන උච්ඡෙදදිට්ඨිභයෙන චෙව සමයවිරොධෙන ච පටික්ඛෙපො පරවාදිස්ස. සෙසමෙත්ථ අත්ථතො පාකටමෙව. ධම්මතො පනෙත්ථ සත්තපඤ්ඤාසාය සච්චිකට්ඨෙසු එකෙකස්මිං චත්තාරි චත්තාරි කත්වා නිග්ගහවසෙන අට්ඨවීසාධිකානි ද්වෙ පඤ්චකසතානි දස්සිතානි. පරවාදීපක්ඛෙපි පටිකම්මවසෙන තත්තකානෙව. යා පනෙත්ථ අත්ථි පුග්ගලොති වුත්තෙ සකවාදිස්ස පටිඤ්ඤා, සා සුත්තෙ ආගතෙන සම්මුතිවසෙන. යො රූපං පුග්ගලොතිආදීසු පටික්ඛෙපො, සො සක්කායදිට්ඨිපඤ්හස්ස ඨපනීයත්තා. පරවාදිස්ස පටිකම්මං ඡලවසෙනෙවාති.
මෙය වනාහි විශේෂයකි. රූපස්මිං පුග්ගලො යනාදියෙහි එක් මහභූත තත්ත්වයක් නිසා මහභූත තුන වස්තු රූපය නිසා විඤ්ඤාණය රූපයෙහි යයි කීමට වටී. මෙසේ රූපයෙහි ඔබගේ පුද්ගලයා කිම? යම්සේ සභාග වෙන්වීමෙන් වේදනාදි සියළු ධර්ම අරූප හෝ ස්කන්ධ සතර නිවනම හෝ රූපයෙන් අන්තැනක යයි කීමට වටී. මෙසේ ඔබගේ පුද්ගලයා කිම? සියළු අනුයෝගවල වනාහි උච්ඡේද දෘෂ්ටි බියෙන් ද ආගම විරෝධයෙන් ද ප්රතික්ෂේපය පරවාදියාගේය. මෙහි සෙස්සෙහි අර්ථය ප්රකටය. මෙහි ධර්ම වශයෙන් වනාහි සත්පනස් සත්යාර්ථවල එක එකේ හතර හතර කොට නිග්‍රහ වශයෙන් එක්දහස් විසි අටක් දක්වන ලදී. ප්‍රතිකර්ම වශයෙන් එපමණක්ම වේ. මෙහි අත්ථි පුග්ගලො යයි කීකල්හි සකවාදියාට ප්‍රතිඥාව වේ. එය සම්මුති වශයෙන් සූත්‍රයෙහි ආවේය. යමෙක් රූපං පුග්ගලො යනාදියෙහි ප්රතික්ෂේපය. හේ සක්කාය දෘෂ්ටි ප්රශ්නයේ තබන ලද බැවිනි. ප්රතිකර්මය පරවාදියාට ඡල වශයෙන් හෝ වේ.
චතුක්කනයසංසන්දනං.
චතුක්ක නය සංසන්දන යයි.
නිට්ඨිතා ච සංසන්දනකථා.
සංසන්දන කථා නිමි.
ලක්ඛණයුත්තිවණ්ණනා
ලක්ඛණ යුක්ති වර්ණනාව
ඉදානි ලක්ඛණයුත්ති නාම හොති. තත්ථ යස්මා ඨපෙත්වා නිබ්බානං සෙසො සච්චිකට්ඨපරමත්ථො පච්චයපටිබද්ධතාය සප්පච්චයො, පච්චයෙහි සමාගම්ම කතත්තා සඞ්ඛතො, උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො සදා අභාවතො අසස්සතො, උප්පත්තිකාරණසඞ්ඛාතස්ස නිමිත්තස්ස අත්ථිතාය සනිමිත්තො, නිබ්බානං වුත්තප්පකාරාභාවතො අප්පච්චයං අසඞ්ඛතං සස්සතං අනිමිත්තන්ති ඉදං සච්චිකට්ඨස්ස ලක්ඛණං. තස්මා යදි පුග්ගලොපි සච්චිකට්ඨපරමත්ථොව තස්සාපි ඉමිනා ලක්ඛණෙන භවිතබ්බන්ති සන්ධාය පුග්ගලො සප්පච්චයොතිආදයො අට්ඨපි අනුයොගා සකවාදිස්ස, පටික්ඛෙපො පරවාදිස්ස. ආජානාහි නිග්ගහන්තිආදි පනෙත්ථ සඞ්ඛිත්තං. එවමෙතානි සකවාදීපක්ඛෙ අනුලොමපච්චනීකෙ අනුලොමමත්තවසෙන අට්ඨ පඤ්චකානි වෙදිතබ්බානි.
දැන් ලක්ෂණ යුක්ත නම් වේ. එහි නිවන හැර සෙස්ස සත්යාර්ථ පරමාර්ථය ප්‍රත්‍යය ප්‍රතිබද්ධ බැවින් ප්‍රත්‍ය සහිත වේ. ප්රත්යවලින් කළ බැවින් සංඛත වේ. ඉපදී නිරුද්ධ වන හෙයින් සදා අභාවයෙන් අශාස්වතය. උත්පත්ති කාරණ සංඛ්‍යාත නිමිත්ත ඇති බැවින් නිමිති සහිත වේ. නිවන කියන ලද ආකාර අභාව හෙයින් අප්රත්ය වේ. අසංඛත වේ. ශාස්වතය, අනිමිත්ත යන මෙය සච්චිකට්ඨයේ ලක්ෂණය. එනිසා පුද්ගලයාද සච්චකට්ඨපරමත්ථ වේ. ඔහුගේ ද මේ ලක්ෂණ විය යුතු යයි සඳහා පුග්ගලො සප්පච්චයො යනාදි අනුයෝග අට ද සකවාදියාගේය. ප්රතික්ෂේපය පරවාදියාගේය. ආජානාහි නිග්ගහං යනාදිය වනාහි මෙහි සංක්ෂේප කරන ලදී. මෙසේ සකවාදී පක්ෂයෙහි අනුලෝම ප්රත්යනීකයෙහි අනුලෝමමාත්ර වශයෙන් මේ පංචක අට දතයුතුය.
පරවාදීපක්ඛෙපි පච්චනීකානුලොමෙ පච්චනීකමත්තවසෙන අට්ඨෙව. තත්ථ යස්මා පරවාදිනා සුත්තවසෙන සම්මුතිසච්චං සාධිතං, සම්මුතියා ච සප්පච්චයාදිභාවො නත්ථි, තස්මා යාථාවතො ච පටික්ඛෙපො සකවාදිස්ස. ඡලවසෙන පන වත්තබ්බං “ආජානාහි පටිකම්ම”න්තිආදි සබ්බං ඉධාපි සඞ්ඛිත්තමෙව.
පරවාදී පක්ෂයෙහි ද ප්‍රත්‍යනීක අනුලෝමයෙහි ප්‍රත්‍යනීක මාත්‍ර වශයෙන් අටමය. එහි පරවාදියා විසින් සූත්‍ර වශයෙන් සම්මුති සත්‍ය සාධන ලදී. සම්මුතියෙහි ද ප්‍රත්‍ය සහිත බවක් නැත. එහෙයින් යථාර්ථ වශයෙන් ප්රතික්ෂේපය සකවාදියාටය. ඡල වශයෙන් කිවයුතු ආජානාහි පටිකම්ම ආදි සියල්ල මෙහිද සංක්ෂේපමය.
ලක්ඛණයුත්තිකථාවණ්ණනා නිට්ඨිතා.
ලක්ඛණ යුක්ති කථා නිමි.
වචනසොධනවණ්ණනා
වචන සොධන වර්ණනාව
ඉදානි වචනසොධනං හොති. තත්ථ යදෙතං පුග්ගලො උපලබ්භතීති වචනං, තං සොධෙතුං පුග්ගලො උපලබ්භති, උපලබ්භති පුග්ගලොති. පුච්ඡා සකවාදිස්ස. තස්සත්ථො – යදෙතං පුග්ගලො උපලබ්භතීති පදද්වයං, තං එකත්ථං වා භවෙය්ය නානත්ථං වා. යදි තාව නානත්ථං, යථා අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, එවං අඤ්ඤො පුග්ගලො, අඤ්ඤො උපලබ්භතීති ආපජ්ජති. අථෙකත්ථං, යථා යං චිත්තං තං මනො, එවං ස්වෙව පුග්ගලො, සො උපලබ්භතීති ආපජ්ජති. තෙන තං වදාමි “යදි තෙ යො පුග්ගලො, සො උපලබ්භති, එවං සන්තෙ යො යො උපලබ්භති, සො සො පුග්ගලොති ආපජ්ජති, කිං සම්පටිච්ඡසි එත”න්ති? තතො පුග්ගලවාදී යස්මා පුග්ගලස්ස උපලබ්භතං ඉච්ඡති, න උපලබ්භමානානම්පි රූපාදීනං පුග්ගලභාවං, තස්මා පුග්ගලො උපලබ්භති, උපලබ්භති කෙ හි චි පුග්ගලො කෙ හි චි න පුග්ගලොතිආදිමාහ. තස්සත්ථො – මම පුග්ගලො අත්ථි පුග්ගලොති සත්ථු වචනතො උපලබ්භති. යො පන උපලබ්භති, න සො සබ්බො පුග්ගලො, අථ ඛො කෙ හි චි පුග්ගලො කෙ හි චි න පුග්ගලොති. තත්ථ කො-කාරත්ථෙ කෙ-කාරො, හි-කාරො ච නිපාතමත්තො. කොචි පුග්ගලො, කොචි න පුග්ගලොති අයං පනෙත්ථ අත්ථො. ඉදං වුත්තං හොති – පුග්ගලොපි හි රූපාදීසුපි යො කොචි ධම්මො උපලබ්භතියෙව, තත්ථ පුග්ගලොව පුග්ගලො. රූපාදීසු පන කොචිපි න පුග්ගලොති. තතො තං සකවාදී ආහ – පුග්ගලො කෙ හි චි උපලබ්භති කෙ හි චි න උපලබ්භතීති. තස්සත්ථො – පුග්ගලො උපලබ්භතීති පදද්වයස්ස අත්ථතො එකත්තෙ යදි උපලබ්භතීති අනුඤ්ඤාතො ධම්මො පුග්ගලතො අනඤ්ඤොපි කොචි පුග්ගලො කොචි න පුග්ගලො, පුග්ගලොපි තෙ කොචි උපලබ්භති, කොචි න උපලබ්භතීති ආපජ්ජති, කිං සම්පටිච්ඡසි එතන්ති? සො පුග්ගලස්ස අනුපලද්ධිං අනිච්ඡන්තො න හෙවන්ති පටික්ඛිපති. ඉතො පරං “ආජානාහි නිග්ගහ”න්තිආදි සබ්බං සඞ්ඛිත්තං. විත්ථාරතො පන වෙදිතබ්බං. පුග්ගලො සච්චිකට්ඨොතිආදීසුපි එසෙව නයො. සබ්බානි හෙතානි උපලබ්භතිවෙවචනානෙව, අපිච යස්මා “පුග්ගලො උපලබ්භතිසච්චිකට්ඨපරමත්ථෙනා”ති අයං පුග්ගලවාදිනො පටිඤ්ඤා, තස්මාස්ස යථෙව පුග්ගලො උපලබ්භතීති ලද්ධි, එවමෙවං පුග්ගලො සච්චිකට්ඨොතිපි ආපජ්ජති. යා පනස්ස පුග්ගලො අත්ථීති ලද්ධි, තස්සා විජ්ජමානොතිවෙවචනමෙව, තස්මා සබ්බානිපෙතානි වචනානි සොධිතානි.
දැන් වචන ශෝධනය වේ. එහි මෙය පුග්ගලො උපලබ්භති යන වචනය ශෝධනයට පුග්ගලො උපලබ්භති උපලබ්භති පුග්ගලො යනු විචාරීම සකවාදියාටය. එහි අර්ථය මේ ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙක ඒකාර්ථ වන්නේ ද? නානාර්ථ වන්නේද? ඉදින් නානාර්ථය රූපය අනිකක්, වේදනාව අනිකක් සේ මෙසේ පුද්ගලයා අනිකෙක් ලැබෙයි. අනිකක් බවට පැමිණේ. ඒකාර්ථ නම් යම්සේ සිත යමක් ද එය මනසයි. මෙසේ පුද්ගලයා ඔහුමය. හේ ලැබේ යයි පැමිණේ. එහෙයින් එය කියමි. ඉදින් ඔබගේ යම් පුද්ගලයෙක් හෝ ලැබෙයි. මෙසේ ඇති කල්හි යමෙක් යමක්හු ලබයි. ඒ හේ පුද්ගලයයි පැමිණේ. මෙය පිළිගන්නෙහි ද? එයින් පුද්ගලවාදියා යම්හෙයකින් පුද්ගලයාගේ ලැබීම කැමති වෙයි. රූපාදියේ පුද්ගලභාවය නොලබන්නේද, එහෙයින් පුග්ගලො උපලබ්භති උපලබ්භති කෙහිචි පුග්ගලො කෙහිචි න පුග්ගලො යනාදිය කීය. එහි අර්ථය මගේ පුද්ගලයා ඇත. ශාස්තෲ වචනයෙන් ලැබේ. යමෙක් ලැබේද, ඒ සියල්ල පුද්ගලයා නොවේ. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. ‘කෙහි චි’ යන්නේ, ‘කො’ කර අර්ථයෙහි ‘කෙ’ කාරය විය. ‘හි’ කාරය නිපාත මාත්‍රයකි. කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ යන මෙය මෙහි අර්ථය වේ. මෙය කියන ලදී. පුද්ගල යයි රූපාදියෙහි ද යම්කිසි ධර්මයක් ලැබේමය. එහි පුද්ගලයාම පුද්ගල වේ. රූපාදියෙහි වනාහි කිසිවකුදු පුද්ගල නොවේ. ඉන්පසු සකවාදියා කීය. පුග්ගලො කෙහිචි උපලබ්භති කෙහිචි න උපලබ්භති එහි අර්ථය ‘පුග්ගලො’ ‘උපලබ්භති’ යන පද දෙකේ අර්ථයෙන් ඉදින් එකක් බව ලැබේ යයි පිළිගත් ධර්මය පුද්ගලයාගේ අනිකක් නොවූ ද කිසිවෙක් පුද්ගල වේ. කිසිවෙක් පුද්ගල නොවේ. කිසි පුද්ගලයෙක් ලැබේ. කිසි පුද්ගලයෙක් නොලැබේ යයි පැමිණේ. මෙය පිළිගන්නෙහිද? ඒ පුද්ගලයාගේ නොලැබීම අකමැති වන්නේ නහෙවං යයි ප්‍රතික්ෂේප කරයි. මෙයින් පසු ආජානාහි නිග්ගහං යනාදි සියල්ල සංක්ෂේප කරන ලදී. විස්තර වශයෙන් දතයුතුය. පුග්ගලො සච්චිකට්ඨො යනාදියෙහි ද මෙම නයම වේ. මේ සියල්ල ‘ලැබේ’ සමාන වචනම වේ. තවද පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨ පරමත්ථෙන යන්න පුද්ගල වාදීන්ගේ පිළිගැනීමය. එහෙයින් යථාර්ථ වශයෙන් පුද්ගලයා ලැබේ යන ලබ්ධියයි. මෙසේ පුද්ගලයා සත්යාර්ථ වශයෙන් ද පැමිණේ. පුද්ගලයා ඇත යන යම් විශ්වාසයක් වේද එය විද්‍යමාන වේ. සමාන වචන වේ. එනිසා මේ සියළු වචන සංශෝධිතය.
තත්ථ යං අවසානෙ “පුග්ගලො අත්ථි, අත්ථි න සබ්බො පුග්ගලො”තිආදි වුත්තං, තත්රායමධිප්පායො – යඤ්හෙතං පරවාදිනා “පුග්ගලො අත්ථි, අත්ථි කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො”ති වුත්තං, තං යස්මා අත්ථතො පුග්ගලො අත්ථි, අත්ථි න සබ්බො පුග්ගලොති එත්තකං හොති, තස්මා නං සකවාදී සම්පටිච්ඡාපෙත්වා ඉදානි නං එවං අනුයුඤ්ජති. තයා හි “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති වචනමත්තං නිස්සාය “පුග්ගලො අත්ථී”ති ලද්ධි ගහිතා, යථා ච භගවතා එතං වුත්තං, තථා “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජා, සදා සතො”තිආදිනා (සු· නි· 1125) නයෙන “නත්ථී”තිපි වුත්තං, තස්මා යථෙව තෙ “පුග්ගලො අත්ථි, අත්ථි න සබ්බො පුග්ගලො”ති ලද්ධි, තථා පුග්ගලො නත්ථි, නත්ථි න සබ්බො පුග්ගලොතිපි ආපජ්ජති, කිං එතං සම්පටිච්ඡසීති? අථ නං අසම්පටිච්ඡන්තො න හෙවාති පටික්ඛිපති. සෙසමෙත්ථ නිග්ගහාදිවිධානං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි අවසානයෙහි පුග්ගලො අත්ථි, න සබ්බො පුග්ගලො යනාදිය කියන ලදී. එහි අදහස මෙසේය. මෙය පරවාදියා විසින්, පුග්ගලො අත්ථි අත්ථි කෙහිචි පුග්ගලො කෙහිචි න පුග්ගලො කියන ලදී. එහි අර්ථ වශයෙන් පුද්ගලයා ඇත. සියල්ල නැත. පුද්ගලයා යයි මෙපමණක් වේ. එහෙයින් එය සකවාදියා ලවා පිළිගන්වා ගෙන දැන් ඔහු මෙසේ අනුයෝගය යෙදේ. තමාට හිතවත් වූ ඔබගේ පුද්ගලයා ඇතැයි වචන මාත්‍රය නිසා පුද්ගලයා ඇතැයි ලබ්ධිය ගන්නා ලදී. බුදුන්වහන්සේ මෙසේ කියන ලදී. මෝඝරාජය, ‘ලෝකය ශුන්‍ය වශයෙන් බලන්න,’ හැමදා සිහියෙන්, යනාදි නයින් නැතැයි ද කියන ලදී. එසේ පුද්ගලයා නැත. සියළු පුද්ගලයා නැතැයි පැමිණෙයි. කිම මෙය පිළිගන්නෙහිද? ඉක්බිති ඔහු නොපිළිගන්නේ නහෙවං යයි ප්‍රතික්ෂේප කරයි. මෙහි සෙස්ස නිග්රහාදි විධානය කියූ නයින් දතයුතුය.
වචනසොධනවණ්ණනා නිට්ඨිතා.
වචන සොධනය නිමි.
පඤ්ඤත්තානුයොගවණ්ණනා
පඤ්ඤත්තානුයොගවණ්ණනා
ඉදානි පඤ්ඤත්තානුයොගො නාම හොති. රූපධාතුයා හි පුග්ගලවාදී රූපිං පුග්ගලං පඤ්ඤපෙති, තථා අරූපධාතුයා අරූපිං. තස්ස තං ලද්ධිං භින්දිතුං සබ්බාපි පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ච පටික්ඛෙපො ච ඉතරස්ස . සො හි රූපීති වුත්තෙ රූපකායසබ්භාවතො චෙව තථාරූපාය ච පඤ්ඤත්තියා අත්ථිතාය පටිජානාති. කාමීති වුත්තෙ වීතරාගසබ්භාවතො චෙව තථාරූපාය ච පඤ්ඤත්තියා නත්ථිතාය පටික්ඛිපති. අරූපීති වුත්තෙපි අරූපක්ඛන්ධසබ්භාවතො චෙව තථාරූපාය ච පඤ්ඤත්තියා අත්ථිතාය පටිජානාති. ද්වීසුපි නයෙසු සත්තොති පුග්ගලස්ස වෙවචනවසෙන වුත්තං.
දැන් පඤ්ඤාත්තානුයෝග නම් වේ. පුද්ගලවාදියා රූපධාතුවෙන් රූපී පුද්ගලයා පණවයි. එසේම අරූප ධාතුවෙන් අරූපි පුද්ගලයා පණවයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සියළු විචාරීම් සකවාදියාටය. ප්‍රතිඥාව සහ ප්රතික්ෂේපය අනිත් තැනැත්තාටය. හේ රූපි යයි කීකල්හි රූපකාය ස්වභාවයෙන් ද එසේම රූපයෙන් ද පැණවීමෙන් ඇති බව දනී. කාමී යයි කීකල්හි වීතරාග ස්වභාවයෙන් ද එසේ රූපයෙන් ද පැණවීමෙන් නැති බව ප්‍රතික්ෂේප කරයි. අරූපී යයි කී කල්හිද අරූප ස්කන්ධ ස්වභාවයෙන් ද අරූපයෙන් ද පැණවීමෙන් ඇති බව දැනගනී. නය දෙකෙහිම සත්තො යයි පුද්ගලයාගේ පර්යාය වචන වශයෙන් කියන ලදී.
ඉදානි යස්මා සො “කායෙ කායානුපස්සී”ති ආගතට්ඨානෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලොති ඉච්ඡති, තස්මා තං ලද්ධිං භින්දිතුං කායොති වා සරීරන්ති වාතිආදි සකවාදීපුච්ඡා හොති. තත්ථ කායං අප්පියං කරිත්වාති කායං අප්පෙතබ්බං අල්ලීයාපෙතබ්බං එකීභාවං උපනෙතබ්බං අවිභජිතබ්බං කත්වා පුච්ඡාමීති අත්ථො. එසෙසෙති එසො සොයෙව. එසෙ එසෙතිපි පාඨො. එසො එසොයෙවාති අත්ථො. එකට්ඨෙති එකට්ඨො. සමෙ සමභාගෙ තජ්ජාතෙති සමො සමභාගො තජ්ජාතිකො. වචනමත්තෙයෙවෙත්ථ භෙදො. අත්ථතො පන කායොව එසොති පුච්ඡති. පරවාදී නානත්තං අපස්සන්තො ආමන්තාති පටිජානාති. පුග්ගලොති වා ජීවොති වාති පුච්ඡායපි එසෙව නයො. අඤ්ඤො කායොති පුට්ඨො පන කායානුපස්සනාය එවංලද්ධිකත්තා පටිජානාති. අඤ්ඤං ජීවන්ති පුට්ඨො පන ආහච්ච භාසිතං සුත්තං පටික්ඛිපිතුං අසක්කොන්තො අවජානාති. තතො පරං “ආජානාහි නිග්ගහ”න්තිආදි උත්තානත්ථමෙව.
දැන් හේ ‘කායෙ කායානුපස්සී’ යයි පැමිණි තැන කය අනිකකි. පුද්ගලයා අනිකෙකැයි කැමති වේ. ඒ නිසා ඒ ලබ්ධිය බිඳීමට කායොති වා සරීරමාති වා යනාදිය සකවාදී විචාරීමය. එහි කායං අප්පියං කරිත්වා යයි කය පැමිණවිය යුතුය. ඇලිය යුතුය. ඒකීයභාවයට පැමිණවිය යුතුය. නොබෙදිය යුතු කොට විචාරමි යන අර්ථයයි. එසෙ සෙ මේ ඔහුමය. එසෙ එසෙතිපි යනු ද පාඨය. මේ ගේමය යන අර්ථයයි. එකට්ඨෙ යනු එක් අර්ථය. සමෙ සමභාගෙ තජ්ජාතෙ යයි සම වූ සම භාගයෙහි, ඒ ජාතියේ. මෙහි භේදය වචන මාත්‍රයෙන් පමණි. අර්ථයෙන් වනාහි මෙත්තෙම කයම විචාරයි. පරවාදියා නානත්වයට අප්‍රසන්න වන්නේ ආමන්තා යයි පිළිගනී. පුග්ගලොති වා ජීවොති වා යයි විචාරීමෙන් ද මෙම නයමයි. අඤ්ඤො කායො විචාරන ලද්ද වනාහි කායානුපස්සනාවෙන් මෙසේ ලබ්ධිකයයි පිළිගනී. අඤ්ඤං ජීවං විචාරණ ලද්ද වනාහි ගැටී කියන ලද සූත්‍රය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවන්නේ අවමන් කරයි. ඉන්පසු ආජානාහි නිග්ගහං යනාදිය අර්ථය පැහැදිලිය.
පරවාදීපක්ඛෙ පන අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලොති පුට්ඨො සකවාදී ඨපනීයපඤ්හත්තා පටික්ඛිපති, පරවාදී ඡලවසෙන පටිකම්මං කරොති. තම්පි උත්තානත්ථමෙවාති.
[missing trans] සකවාදියා තැබිය යුතු ප්‍රශ්න බැවින් ප්‍රතික්ෂේප කරයි. පරවාදියා ඡල වශයෙන් ප්‍රතිකර්ම කරයි. එයද අරුත් පැහැදිලිය.
පඤ්ඤත්තානුයොගවණ්ණනා නිට්ඨිතා.
පඤ්ඤත්තානු යෝගය නිමි.
ගතිඅනුයොගවණ්ණනා
ගතිඅනුයොගවණ්ණනා
ඉදානි ගතිපරිවත්තනමුඛෙන චුතිපටිසන්ධිඅනුයොගො හොති. තත්ථ යස්මා පුග්ගලවාදී “ස සත්තක්ඛත්තුපරමං සන්ධාවිත්වාන පුග්ගලො”තිආදීනි (සං· නි· 2.133; ඉතිවු· 24) සුත්තානි නිස්සාය පුග්ගලො සන්ධාවතීති ලද්ධිං ගහෙත්වා වොහරති , තස්මාස්ස තං ලද්ධිං භින්දිතුං සන්ධාවතීති පුච්ඡා සකවාදිස්ස. තත්ථ සන්ධාවතීති සංසරති ගමනාගමනං කරොති. අත්තනො ලද්ධිවසෙන පටිඤ්ඤා පරවාදිස්ස. සො පුග්ගලොතිආදයො අනුයොගොපි සකවාදිස්ස, පටික්ඛෙපො ඉතරස්ස. තත්ථ සොති සොයෙවාති අත්ථො. එවං පන අනුයුත්තො සස්සතදිට්ඨිභයෙන පටික්ඛිපති. අඤ්ඤොති පුට්ඨො උච්ඡෙදදිට්ඨිභයෙන. සො ච අඤ්ඤො චාති පුට්ඨො එකච්චසස්සතදිට්ඨිභයෙන. නෙව සො න අඤ්ඤොති පුට්ඨො අමරාවික්ඛෙපදිට්ඨිභයෙන. පුන චත්තාරොපි පඤ්හෙ එකතො පුට්ඨො චතුන්නම්පි දිට්ඨීනං භයෙන පටික්ඛිපිත්වා පුන යානිස්ස සුත්තානි නිස්සාය ලද්ධි උප්පන්නා තානි දස්සෙන්තො තෙන හි පුග්ගලො සන්ධාවතීතිආදිමාහ.
දැන් ගති වෙනස්වීම් මුඛයෙන් චුතිපටිසන්ධි අනුයෝගය වේ. එහි පුද්ගලවාදියා සත්තක්ඛත්තු පරමං සන්ධාවිත්වාන පුග්ගලො යනාදිය සූත්‍ර නිසා පුද්ගලයා සැරිසරන්නේය යන ලබ්ධිය ගෙන ව්‍යවහාර කරයි. ඔහුගේ ඒ ලබ්ධිය බිඳීමට සන්ධාවති යන විචාරීම සකවාදියාගේය. එහි සන්ධාවති යනු සැරිසරයි. ගමනාගමනය කරයි. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාගේය. සො පුග්ගලො යනාදි අනුයෝගය සකවාදියාගේය. ප්රතික්ෂේපය අනිත් තැනැත්තාය. එහි සො යනු ඔහුමය. මෙසේ අනුයුක්ත වූයේ ශාස්වත දෘෂ්ටි බියෙන් ප්‍රතික්ෂේප කරයි. අඤ්ඤො යයි විචාරණ ලද්දේ උච්ඡෙද දෘෂ්ටි බියෙනි. සො ච අඤ්ඤො ච යයි විචාරණ ලද්දේ අමරා වික්ඛෙපවාදී දෘෂ්ටි බියෙනි. නැවත ප්‍රශ්න සතරම එකතුකර විචාරණ ලද්දේ දෘෂ්ටි සතරටම බියෙන් ප්‍රතික්ෂේප කොට නැවත යම් සූත්‍ර නිසා ලබ්ධිය ඇතිවිය. ඒවා දක්වන්නේ තෙනහි පුග්ගලො සන්ධාවති යනාදිය කීය.
පුන සකවාදිනා “ය්වායං තව ලද්ධියා සන්ධාවති, කිං සො අස්මිඤ්ච පරස්මිඤ්ච ලොකෙ එකොයෙවා”ති අධිප්පායෙන ස්වෙවාති නියමෙත්වා පුට්ඨො සස්සතභයා පටික්ඛිපිත්වා පුන දළ්හං කත්වා තථෙව පුට්ඨො යස්මා සො පුග්ගලොව න අඤ්ඤො භාවො, “සො තතො චුතො ඉධූපපන්නො”තිආදිසුත්තම්පි (පාරා· 12; දී· නි· 1.245) අත්ථි, තස්මා පටිජානාති. ස්වෙව මනුස්සොති පුට්ඨො මනුස්සස්සෙව දෙවත්තාභාවතො පටික්ඛිපති.
නැවත සකවාදියා විසින්, ඔබේ ලබ්ධිය අනුව මෙලොව පරලොව දෙකේම සැරිසරන්නේ එක්කෙනෙක්ම යන අදහසින් ස්වෙව යයි නියමකොට විචාරණ ලද්දේ ශාස්වත බියෙන් ප්‍රතික්ෂේප කොට නැවත දැඩිකොට එයම විචාරන ලද්දේ. යම්හෙයකින් ඒ පුද්ගලයාමය. අනිකෙක් නොවේ. හේ එයින් චුතව මෙහි උපන්නේය යයි ආදි සූත්‍රවල ඇත. එනිසා පිළිගන්න. ස්වෙව මනුස්සො යයි විචාරණ ලද්දේ මනුෂ්යාත්මයයි. දෙවිබව අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි.
පුන පුට්ඨො “අහං තෙන සමයෙන සුනෙත්තො නාම සත්ථා අහොසි”න්තිආදිසුත්තවසෙන (අ· නි· 7.66 අත්ථතො සමානං) පටිජානාති. අථස්ස සකවාදී දෙවමනුස්සුපපත්තීනං නානත්තතො වචනං මිච්ඡාති පකාසෙන්තො මනුස්සො හුත්වාතිආදිමාහ.
නැවත විචාරණ ලද්දේ ‘මම ඒ කාලයෙහි සුනේත්ර නම් ශාස්තෲ වීය’යි ආදි සූත්‍ර වශයෙන් පිළිගන්න. ඉක්බිති ඔහුට සකවාදීයා දෙවිමිනිසුන්ගේ උත්පත්තිවල නානාභාවයෙන් ඔබේ වචනය මිථ්‍යාවකැයි පවසන්නේ මනුස්සො හුත්වා යනාදිය කීය.
තත්ථ හෙවං මරණං න හෙහිතීති එවං සන්තෙ මරණං න භවිස්සතීති අත්ථො. ඉතො පරං යක්ඛො පෙතොති අත්තභාවනානත්තවසෙන අනුයොගනානත්තං වෙදිතබ්බං.
එහි හෙතං මරණං න හෙහීති යයි මෙසේ ඇති කල්හි මරණය නොවන්නේය යන අර්ථය වේ. මෙයින් පසු යක්ඛො පෙතා යයි ආත්මභාව නානා වශයෙන් අනුයෝග නානා බව දතයුතුය.
ඛත්තියොතිආදීනි ජාතිවසෙන චෙව අඞ්ගවෙකල්ලාදිවසෙන ච වුත්තානි.
ඛත්තියො යනාදිය ජාති වශයෙන් මෙන්ම අංග විකලතාදි වශයෙන්ද කියන ලදී.
පුන න වත්තබ්බන්ති පරවාදිනා පුට්ඨො ඉධට්ඨකස්ස උපපත්තිවසෙන පරලොකස්ස ගමනාභාවතො පටිඤ්ඤා සකවාදිස්ස පුන සොතාපන්නස්ස භවන්තරෙපි සොතාපන්නභාවාවිජහනතො දුතියපටිඤ්ඤාපි තස්සෙව. හඤ්චීතිආදිවචනං පරවාදිස්ස.
නැවත න වත්තබ්බං යයි පරවාදියා විසින් විචාරණ ලද්දේ මේ අර්ථයේ උත්පත්ති වශයෙන් පරලොව ගමන අභාවයෙන් ප්‍රතිඥාව සකවාදියාගේය. නැවත සෝතාපන්නයාගේ භවන්තරයෙහි ද සෝවාන්බව අත්නොහැරීමෙන් දෙවන ප්‍රතිඥාව ද ඔහුගේය. හඤ්චි යනාදි වචනය පරවාදියාගේය.
පුන දෙවලොකෙ උපපන්නස්ස මනුස්සත්තාභාවදස්සනෙන අනුයොගො සකවාදිස්ස.
නැවත දෙව්ලොව උපන්නාගේ මනුෂ්‍යාත්ම භාවය දැක්වීමෙන් අනුයෝගය සකවාදියාගේය.
තතො පරං අනඤ්ඤො අවිගතොති එත්ථ අනඤ්ඤොති සබ්බාකාරෙන එකසදිසො. අවිගතොති එකෙනාපි ආකාරෙන අවිගතොති අත්ථො. න හෙවන්ති දෙවලොකෙ උපපන්නස්ස මනුස්සභාවාභාවතො එවමාහ.
ඉන්පසු අනඤ්ඤො අවිගතො යන මෙහි අනඤ්ඤො යනු සියළු ආකාරයෙන් එක සමානය. අවිගතො යනු එක් අයුරකින් ද නොගිය යන අර්ථය වේ. නහෙවං දෙව්ලොව උපන්නහුගේ මිනිස් බව අභාවයෙන් මෙසේ කීය.
පුන දළ්හං කත්වා අනුයුත්තො “ස්වෙව පුග්ගලො සන්ධාවතී”ති ලද්ධියා අනුජානාති. හත්ථච්ඡින්නොතිආදි ආකාරවිගමනදස්සනෙන අවිගතො සන්ධාවතීති ලද්ධිභින්දනත්ථං වුත්තං. තත්ථ අළච්ඡින්නොති යස්ස අඞ්ගුට්ඨකා ඡින්නා. කණ්ඩරච්ඡින්නොති යස්ස මහාන්හාරූ ඡින්නා.
නැවත දැඩිකොට අනුයුක්ත වූයේ ඒ පුද්ගලයා සැරිසරතියි ලබ්ධිය පිළිගනී. හත්ථච්ඡින්නො ආදි ආකාර වෙනස්වීම දැක්වීමෙන් නොගියහු සැරිසරතියි ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි අලච්ඡින්නො යනු යමෙකුගේ කකුලේ මාපට ඇඟිල්ල සිඳුනේය. කණ්ඩරච්ඡින්නො යනු යමෙකුගේ මහ නහර සිඳුනේය.
සරූපොතිආදීසු පඨමෙ පඤ්හෙ ඉමිනා රූපකායෙන සද්ධිං අගමනං සන්ධාය පටික්ඛිපති. දුතියෙ අන්තරාභවපුග්ගලං සන්ධාය පටිජානාති. සො හි තස්ස ලද්ධියා සරූපොව ගන්ත්වා මාතුකුච්ඡිං පවිසති. අථස්ස තං රූපං භිජ්ජති. තං ජීවන්ති යෙන රූපසඞ්ඛාතෙන සරීරෙන සද්ධිං ගච්ඡති, කිමස්ස තදෙව ජීවං තං සරීරන්ති පුච්ඡති. පරවාදී ඉධ සරීරනික්ඛෙපා සුත්තවිරොධා ච පටික්ඛිපති.
සරූපො යනාදියෙහි පළමුවන ප්‍රශ්නයෙහි මේ රූපකාය සමග පැමිණීම ප්‍රතික්ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි මේ රූපකාය සමග පැමිණීම ප්‍රතික්ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි අන්තරාභව පුද්ගලයා සඳහා පිළිගනී. හේ ඒ ලබ්ධියෙන් සමානව ගොස් මව්කුසට පිවිසෙයි. ඉක්බිති ඔහුගේ ඒ රූප බිඳෙයි. තං ජීවං යනු යම් රූප සංඛ්‍යාත ශරීරය සමග යයි. කිම ඔහුගේ ඒ ජීවයම ඒ ශරීරයම දැයි විචාරයි. මෙහි පරවාදියා ශරීරය බැහැර කොට සූත්‍ර විරෝධය ද -ප්‍රතික්ෂේප කරයි.
සවෙදනොතිආදීසු අසඤ්ඤූපපත්තිං සන්ධාය පටික්ඛිපති, තදඤ්ඤං උපපත්තිං සන්ධාය පටිජානාති. තං ජීවන්ති යෙන වෙදනාදිසඞ්ඛාතෙන සරීරෙන සද්ධිං ගච්ඡති. කිමස්ස තදෙව ජීවං තං සරීරන්ති පුච්ඡති. තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති එතිස්සා හි ලද්ධියා පඤ්චපි ඛන්ධා සරීරන්ති අධිප්පෙතා. පරවාදී සුත්තවිරොධා පටික්ඛිපති.
සවෙදනා යනාදියෙහි අසංඥ උත්පත්තිය සඳහා ප්‍රතික්ෂේප කරයි. ඊට වෙනස් උත්පත්ති සඳහා පිළිගනී. තං ජීවං යම් වේදනා සංඛ්‍යාත ශරීරය සමග යයි. කිම ඔවුන්ගේ ඒ ජීවය ඒ ශරීරයමදැයි විචාරයි. තං ජීවං තං සරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං මෙය පෙළේ පංචස්කන්ධය ශරීරයයි අදහස් කරයි. පරවාදියා සුත්‍ර විරෝධය ප්‍රතික්ෂේප කරයි.
අරූපොතිආදීසු පඨමෙ පඤ්හෙ අන්තරාභවං සන්ධාය පටික්ඛිපති. දුතියෙ අරූපා රූපං උපපජ්ජමානං සන්ධාය පටිජානාති. අඤ්ඤං, ජීවන්ති යං රූපසඞ්ඛාතං සරීරං පහාය අරූපො සන්ධාවති, කිං තෙ තං සරීරං අඤ්ඤං, අඤ්ඤං ජීවන්ති පුච්ඡති. ඉතරො සුත්තවිරොධා පටික්ඛිපති.
අරූපො යනාදියෙහි පළමුවන ප්‍රශ්නයෙහි අන්තරාභවය සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවැන්නෙහි ආරුප්පය ආරුප්පයේ ඉපදීම සඳහා පිළිගනී. අඤ්ඤං ජීවං යම් රූප සංඛ්‍යාත ශරීරය හැර අරූපයා සැරිසරයි. කිම ඔබගේ ඒ ශරීරය අනිකක් ද, ජීවය අනිකක් ද? විචාරයි. අනිකා සූත්‍ර විරෝධය ප්‍රතික්ෂේප කරයි.
අවෙදනොතිආදීසු සඤ්ඤීභවං සන්ධාය පටික්ඛිපති, තදඤ්ඤං උපපත්තිං සන්ධාය පටිජානාති. අඤ්ඤං ජීවන්ති යං වෙදනාදිසඞ්ඛාතං සරීරං පහාය අවෙදනො අවිඤ්ඤාණො සන්ධාවති, කිං තෙ තං අඤ්ඤං සරීරං, අඤ්ඤං ජීවන්ති පුච්ඡති. ඉතරො සුත්තවිරොධා පටික්ඛිපති.
අවෙදනා යනාදියෙහි සංඥෘභාවය සඳහා ප්‍රතික්ෂේප කරයි. වෙනත් උත්පත්ති සඳහා පිළිගනී. අඤ්ඤං ජීවං යම් වේදනා සංඛ්‍යාත ශරීරය හැර වේදනා රහිත අවිඤ්ඤාණය සැරිසරයි. කිම ඔබගේ ඒ ශරීරය අනිකක්ද, ජීවය අනිකක්ද? විචාරයි. අන්‍යයා සූත්‍ර විරෝධය ප්‍රතික්ෂේප කරයි.
රූපං සන්ධාවතීතිආදීසු යෙ රූපාදයො ඛන්ධෙ උපාදාය පුග්ගලං පඤ්ඤපෙති, කිං තෙ තස්මිං පුග්ගලෙ සන්ධාවන්තෙ තම්පි රූපං සන්ධාවතීති පුච්ඡති. පරවාදී “අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරත”න්ති සත්තස්සෙව සන්ධාවනවචනතො පටික්ඛිපති. පුන පුට්ඨො යස්මා රූපාදිධම්මෙ විනා පුග්ගලො නත්ථි, තස්මා තස්මිං සන්ධාවන්තෙ තෙනපි රූපෙන සන්ධාවිතබ්බන්ති සඤ්ඤාය පටිජානාති. වෙදනාදීසුපි එසෙව නයො.
රූපං සන්ධාවති යනාදියෙහි යම් රූපාදිය ස්කන්ධ අල්ලාගෙන රූපය පෙන්වයි. කිම ඔබගේ ඒ පුද්ගලයා සැරිසරන කල්හි ඒ රූපය ද සැරිසරයිද? විචාරයි. පරවාදියා ‘සත්ත්වයින්ගේ අවිද්‍යා නීවරණයන්ගේ තෘෂ්ණා සංයෝජනයන්ගේ සැරිසැරීම’ යයි සත්ත්වයාගේ සැරිසරන වචනයෙන් ප්‍රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ රූපාදි ධර්මය හැර පුද්ගලයා නැත. එහෙයින් ඒ සැරිසැරීමේ ඒ රූපයෙන් සැරිසැරියයුතු යයි සංඥාවෙන් දැනගනී. වේදනාදියෙහි ද මෙම නයම වේ.
රූපං න සන්ධාවතීතිආදීසු යස්මා තෙ රූපං පුග්ගලො න හොති, ස්වෙව ච සන්ධාවතීති වදෙසි, තස්මා තං පුච්ඡාමි, කිං තෙ රූපං න සන්ධාවතීති අත්ථො. ඉතරො පුග්ගලෙ සන්ධාවන්තෙ න සක්කා තස්ස උපාදානභූතෙන රූපෙන සන්ධාවිතුන්ති සඤ්ඤාය පටික්ඛිපති. පුන පුට්ඨො සත්තානඤ්ඤෙව සන්ධාවනවචනතො පටිජානාති. සෙසමෙත්ථ උත්තානමෙව.
රූපං න සන්ධාවති යනාදියෙහි ඔබගේ රූපය පුද්ගලයා නොවේ. ඔහුම සැරිසරයි කියයි. එහෙයින් එය විචාරමි. කිම ඔබගේ රූපය සැරිසරන්නේ නැද්ද? යන අර්ථයයි. අන්‍යයා සැරිසරන පුද්ගලයා විසින් ඔහුගේ උපාදාය වූ රූපයෙන් සැරිසැරීමට නොහැකි වේ යයි සංඥාවෙන් ප්‍රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ සත්ත්වයින්ගේම සැරිසරවන වචනයෙන් පිළිගන්න. මෙම සෙස්ස පැහැදිලිය.
ගාථානං පන අයමත්ථො – ආයස්මතො මතෙන රුක්ඛං උපාදාය ඡායා විය, ඉන්ධනං උපාදාය අග්ගි විය ච, ඛන්ධෙ උපාදාය පුග්ගලො; රූපාදීනං සන්ධාවනෙ අසති තෙසු ඛන්ධෙසු භිජ්ජමානෙසු සො තව පුග්ගලො භිජ්ජති චෙ, එවං සන්තෙ උච්ඡෙදා භවති දිට්ඨි, උච්ඡෙදදිට්ඨි තෙ ආපජ්ජති. කතරා යා බුද්ධෙන විවජ්ජිතා අකුසලදිට්ඨි. යා පන “උච්ඡෙදවාදී සමණො ගොතමො”ති පරියායභාසිතා, න තං වදාමාති දස්සෙති. අථාපි තෙසු ඛන්ධෙසු භිජ්ජමානෙසු සො පුග්ගලො න භිජ්ජති, එවං සන්තෙ සස්සතො පුග්ගලො හොති. තතො සො නිබ්බානෙන සමසමො ආපජ්ජති . සමසමොති අතිවිය සමො, සමෙන වා සමො, සමභාවෙනෙව සමො. යථෙව නිබ්බානං නුප්පජ්ජති න භිජ්ජති, එවං තෙ පුග්ගලොපි තෙන සමසමොති.
ගාථාවන්ගේ වනාහි මේ අර්ථයයි. ආයුෂ්මතුන්ගේ මතයෙන් වෘක්ෂය අල්ලාගත් ඡායාව මෙන් ඉන්ධනය අල්ලාගත් ගින්න මෙන් ද ස්කන්ධ අල්ලාගත් පුද්ගලයා රූපාදියේ සැරිසැරීම් නැතිකල්හි ඒ ඛන්ධෙසු සජ්ජමානෙසු සො ඔබගේ පුග්ගලො භිජ්ජති චෙ මෙසේ ඇති කල්හි උච්ඡෙදා භවති දිට්ඨි ඔබ උච්ඡෙද දෘෂ්ටියට පැමිණේ. කෙසේද? යා බුද්ධෙන විවජ්ජිතා යමක් වනාහි අකුසල දෘෂ්ටිය ද ‘ශ්‍රමණ භවත් ගෞතමයා උච්ඡෙදවාදී’ යයි පරියාය භාසිතය. එය නොකියමියි දක්වයි. ඉක්බිති ඒ ඛන්ධෙසු භිජ්ජමානෙසු පුග්ගලො න භිජ්ජති මෙසේ ඇති කල්හි සස්සතො පුග්ගලො හොති ශාස්වත පුද්ගලයෙක් වේ. එයින් හේ නිවීමෙන් නිබ්බාන්තෙ සමසමො සමානව පැමිණේ. සමසමො යනු අතිශයින් සමානය. සමානවීමෙන් සමානය. සමභාවයෙන් සමානය. යම්සේම නිවන නූපදීනම් නොබිඳේ. මෙසේ ඔබගේ පුද්ගලයා ද එයින් සමාන වේ.
ගතිපරිවත්තනමුඛෙන චුතිපටිසන්ධානුයොගො නිට්ඨිතො.
ගතිපරිවත්ත මුඛෙන චුතිපටිසන්ධානු යෝගය නිමි.
අනුයොගවණ්ණනා.
උපාදාපඤ්ඤත්තානුයොගවණ්ණනා
උපාදාපඤ්ඤත්තානුයොගවණ්ණනා
ඉදානි උපාදාපඤ්ඤත්තානුයොගො හොති. තත්ථ පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤාපටික්ඛෙපො පරවාදිස්ස. සො හි රුක්ඛං උපාදාය ඡායාය විය, ඉන්ධනං උපාදාය අග්ගිස්ස විය ච, රූපාදීනි උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තිං පඤ්ඤාපනං අවබොධනං ඉච්ඡති, තස්මා “රූපං උපාදායා”ති පුට්ඨො පටිජානාති. පුන යථා රුක්ඛුපාදානා ඡායා රුක්ඛො විය, ඉන්ධනුපාදානො ච අග්ගි ඉන්ධනං විය අනිච්චාදිධම්මො, එවං තෙ රූපාදිඋපාදානො පුග්ගලො රූපාදයො විය අනිච්චොති ඉමමත්ථං පුට්ඨො අත්තනො ලද්ධියං ඨත්වා පටික්ඛිපති.
දැන් උපාදා පඤ්ඤත්තානුයෝගය වේ. එහි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥා ප්රතික්ෂේපය පරවාදියාටය. එය වනාහි ගස් අල්වාගෙන ඡායාව මෙන් ඉන්ධන අල්වාගෙන ගින්න මෙන් රූපාදිය අල්වාගෙන පුද්ගලයාගේ පැණවීම, පැණවීම අවබෝධය කැමති වේ. එහෙයින් රූපය අල්වාගෙන යයි විචාරන ලද්දේ පිළිගනී. නැවත යම්සේ ගස් අල්ලාගෙන ඡායාව ගස මෙන් ඉන්ධන අල්වාගෙන ගින්න ඉන්ධන මෙන් වෙනස්වන ධර්මය. මෙසේ ඔබගේ රූපය අල්වාගත් පුද්ගලයා රූපාදිය මෙන් වෙනස් වේ යයි මේ අර්ථය විචාරණ ලද්දේ තමාගේ ලබ්ධියෙහි සිට ප්‍රතික්ෂේප කරයි.
නීලං රූපං උපාදාය නීලොතිආදීසු නීලරූපෙන සද්ධිං පුග්ගලස්ස එකත්තං, එකසරීරෙ නීලාදීනං බහූනං වසෙන බහුභාවඤ්ච අනිච්ඡන්තො පටික්ඛිපති.
නීලං රූපං උපාදාය නීලො යනාදියෙහි නීලරූපය සමග පුද්ගලයාගේ එකම ශරීරයෙහි නීලාදියේ බහුල වශයෙන් බහුභාවයද අකමැත්තේ ප්‍රතික්ෂේප කරයි.
කුසලං වෙදනන්ති එත්ථාපි වෙදනාය සද්ධිං එකත්තං එකසන්තානෙ බහූනං කුසලවෙදනානං වසෙන බහුභාවඤ්ච අනිච්ඡන්තො පටික්ඛිපති. දුතියනයෙ මග්ගකුසලොතිආදිවචනසබ්භාවතො ඡෙකට්ඨං සන්ධාය පටිජානාති. සඵලොතිආදීනි පුට්ඨො තථාරූපස්ස වොහාරස්ස අභාවතො පටික්ඛිපති.
කුසලං වෙදනං යන මෙහිද වේදනාව සමග එකට එකම සන්තානයෙහි බොහෝ කුසල වේදනා වශයෙන් බොහෝ බව අකැමැත්තේ ප්‍රතික්ෂේප කරයි. දෙවන නයෙහි ‘මාර්ග කුසල’ යයි ආදි වචන ස්වභාවයෙන් ඡේක අර්ථය සඳහා පිළිගනී. සඵලො යනාදිය විචාරණ ලද්දේ එබඳු ව්‍යවහාරයක අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි.
අකුසලපක්ඛෙ අඡෙකට්ඨං සන්ධාය පටිජානාති.
අකුසල පක්ෂයෙහි ඡේකාර්ථ නොවීම සඳහා පිළිගනී.
අබ්යාකතපක්ඛෙ සස්සතාදිවසෙන අබ්යාකතභාවං සන්ධාය පටිජානාති. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අව්‍යකෘත පක්ෂයෙහි ශාස්වතාදි වශයෙන් අව්‍යාකෘතභාවය සඳහා පිළිගනී. මෙහි සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
චක්ඛුං උපාදායාතිආදීසු “චක්ඛුමා විසමානීව…පෙ… පාපානි පරිවජ්ජයෙ”ති(උදා· 43) ආදිවොහාරසබ්භාවතො පටිජානාති. චක්ඛුමත්තාදිනිරොධෙන පුග්ගලනිරොධං අනිච්ඡන්තො පටික්ඛිපති.
චක්ඛුං උපාදාය යනාදියෙහි ‘නුවණැත්තා’ විසම වූ පව දුරුකරන්නේය යනාදි ව්‍යවහාර ස්වභාවයෙන් පිළිගනී. චක්ඛුමාත්ර නිරෝධයෙන් පුද්ගල නිරෝධය අකැමැත්තේ ප්‍රතික්ෂේප කරයි.
රූපං උපාදාය වෙදනං උපාදායාති එත්ථ අඤ්ඤෙපි රූපමූලකා දුකතිකචතුක්කා වෙදිතබ්බා. යස්මා පන ඛන්ධෙ උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්ති, තස්මා ද්වෙපි තයොපි චත්තාරොපි පඤ්චපි උපාදාය පඤ්ඤත්තිං පටිජානාති. එකසන්තානෙ පන ද්වින්නං පඤ්චන්නං වා අභාවා පටික්ඛිපති. ආයතනාදීසුපි එසෙව නයො.
රූපං උපාදාය වෙදනං උපාදාය මෙහි වෙනම රූප මූලකයක් දුක තික චතුක්ක දතයුතුය. යම් හෙයකින් ස්කන්ධයෙහි එල්බගත් පුද්ගලයාගේ පැණවීම වේද, එහෙයින් දෙකක් ද තුනක් ද සතරක් ද පහක් ද උපාදාය පැණවීම් පිළිගනියි. එක සිතෙහි දෙකක් පහක් හෝ අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි. ආයතනාදියෙහි ද මෙම නයයි.
ඉදානි යං උපාදාය යස්ස පඤ්ඤත්ති, යථා තස්ස අනිච්චතාය තස්සාපි අනිච්චතා, තතො ච අඤ්ඤත්තං සිද්ධං, එවං තස්ස පුග්ගලස්සාපි ආපජ්ජතීති දස්සෙතුං යථා රුක්ඛන්තිආදිමාහ. තත්ථ උපාදායාති පටිච්ච ආගම්ම, න විනා තන්ති අත්ථො. පරවාදී පන තථා අනිච්ඡන්තො ලද්ධියං ඨත්වා පටික්ඛිපති.
දැන් යමෙකුට යමක් දැඩිසේ ගෙවන පණවන ලදද, එහි අනිත්‍යයෙන් එහි ද අනිත්‍යතාව එයින් වෙන සිද්ධය. මෙසේ ඔහුගේ පුද්ගලයාට ද පැමිණේ යයි දැක්වීමට යථා රුක්ඛං යනාදීය කීය. එහි උපාදාය යනු නිසා පැමිණ. පෙළ නැතිව අර්ථ නැත. පරවාදියා වනාහි එබඳු අනිත්‍ය ලබ්ධියේ සිට ප්‍රතික්ෂේප කරයි.
නිගළොති සඞ්ඛලිකබන්ධනං. නෙගළිකොති තෙන බන්ධකො යස්ස රූපං සො රූපවාති යස්මා යස්ස රූපං සො රූපවා හොති, තස්මා යථා න නිගළො …පෙ… අඤ්ඤො රූපවාති අත්ථො.
නිගළො හැකිලි බැදුම්, නෙගළිකො ඒ බැඳුමෙන් බැදුණ අය. යස්ස රූපං සො රූපවා යමකින් රූපවේ යන අර්ථයයි.
චිත්තෙ චිත්තෙතිආදීසු සරාගාදිචිත්තවසෙන සරාගාදිතං සන්ධාය චිත්තානුපස්සනාවසෙන පටිජානාති. ජායතීතිආදිනා නයෙන පුට්ඨො පුග්ගලස්ස ඛණිකභාවං අනිච්ඡන්තො පටික්ඛිපති. “සො”ති වා “අඤ්ඤො”ති වා පුට්ඨො සස්සතුච්ඡෙදභයෙන පටික්ඛිපති. පුන න වත්තබ්බං “කුමාරකො”ති වා “කුමාරිකා”ති වා පුට්ඨො ලොකවොහාරසමුච්ඡෙදභයෙන වත්තබ්බන්ති පටිජානාති. සෙසමෙත්ථ පාකටමෙව.
චිකෙත චිත්තෙති ආදියෙහි රාග සහිත සිත් වශයෙන් රාගාදිය සඳහා චිත්තානුපස්සනා වශයෙන් දැනගනී. ජායති යනාදි නයෙන් විචාරණ ලද්දේ පුද්ගලයාගේ ක්ෂණිකභාවය අකමැත්තේ ප්‍රතික්ෂේප කරයි. සො ති වා අඤ්ඤොති වා ශාස්වතවාදී බියෙන් ප්‍රතික්ෂේප කරයි. නැවත න වත්තබ්බං කුමාරකොති වා කුමාරිකාති වා විචාරණ ලද්දේ ලෝක ව්‍යවහාරය බිඳෙන බියෙන් වත්තබ්බං යයි දැනගනී. මෙහි සෙස්ස ප්රකටය.
ඉදානි පරවාදී අඤ්ඤෙනාකාරෙන ලද්ධිං පතිට්ඨාපෙතුකාමො න වත්තබ්බං පුග්ගලො උපලබ්භතීතිආදිමාහ. තත්ථ න වත්තබ්බන්ති කිං තෙ ඉමිනා එවං බහුනා උපාදාපඤ්ඤත්තානුයොගෙන, ඉදං තාව වදෙහි, කිං න වත්තබ්බං “පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා”ති. තතො සකවාදිනා ආමන්තාති වුත්තෙ නනු යො පස්සතීතිආදිමාහ. තත්ථ යොති පුග්ගලො . යන්ති රූපං. යෙනාති චක්ඛුනා. සොති පුග්ගලො. තන්ති රූපං. තෙනාති චක්ඛුනා. ඉදං වුත්තං හොති – නනු යො යං රූපං යෙන චක්ඛුනා පස්සති, සො තං රූපං තෙන චක්ඛුනා පස්සන්තො පුග්ගලොති. සකවාදී කිඤ්චාපි චක්ඛුවිඤ්ඤාණස්ස නිස්සයභාවං ගච්ඡන්තං චක්ඛුමෙව රූපං පස්සති, තථා සොතමෙව සද්දං සුණාති…පෙ… විඤ්ඤාණමෙව ධම්මං විජානාති, “අත්ථි අරහතො චක්ඛු, පස්සති අරහා චක්ඛුනා රූප”න්තිආදිසම්මුතිවසෙන පන ආමන්තාති පටිජානාති.
දැන් පරවාදියා අන්‍ය ආකාරයකින් ලබ්ධිය පිහිටුවීමට කැමැත්තේ න වත්තබ්බං පුග්ගලො උපලබ්භති යනාදිය කීය. එහි න වත්තබ්බං ඔබගේ මෙයින් කිම? මෙසේ බොහෝ සෙයින් දැඩිසේ ගෙන පැණවීම් අනයෝගයෙන් මෙය පළමුව කියන්න. කිවයුතු පුද්ගලයා සත්‍ය පරමාර්ථයෙන් නොලැබේද? එයින් සකවාදියා විසින් ආමන්තා යයි කියන ලද කල්හි නනු යො පස්සති යනාදිය කීය. එහි යො පුද්ගලයා. යං රූපය. යෙන ඇසින්. සො පුද්ගලයා. තං රූපය. තෙන ඇසින් මෙය කියන ලදී. යමෙක් යම් රූපයක් යම් ඇසකින් නොබලාද? හේ ඒ රූපය ඒ ඇසින් බලන්නේ පුද්ගලයාද? සකවාදියා චක්ඛු විඤ්ඤාණයට කිසිවක් නිශ්රයභාවයට යන්නේ ඇසම රුප දකියි. එසේම කනම සද්ද අසයි.... විඤ්ඤාණයම ධර්ම දනියි. ‘රහතන් වහන්සේගේ ඇස ඇත. රහතන් වහන්සේ ඇසින් රූප බලති’ ආදිය සම්මුති වශයෙන් ආමන්තා යයි දැනගනී.
තතො ඡලවාදං නිස්සාය පරවාදිනා පුග්ගලස්ස වත්තබ්බතාය සාධිතාය තමෙව වාදං පරිවත්තෙත්වා පුග්ගලො උපලබ්භතීතිආදිමාහ. තත්ථ යො න පස්සතීති අන්ධො අසඤ්ඤසත්තො අරූපං උපපන්නො නිරොධං සමාපන්නො, අනන්ධොපි ච අඤ්ඤත්ර දස්සනසමයා න පස්සති නාම. සෙසවාරෙසුපි එසෙව නයො. සෙසං පාළිවසෙනෙව අත්ථතො වෙදිතබ්බං.
එයින් ඡලවාදය නිසා පරවාදියා විසින් පුද්ගලයාගේ කිවයුතු බව සාධනය කිරීමට එම වාදයම පෙරළා පුග්ගලො උපලබ්භති යනාදිය කීය. එහි යො න පස්සති අන්ධයාය. අසංඥ සත්ත්වයා, අරූප තලයෙහි උපන්නා, නිරෝධයට පත්වන්නා, අන්ධ නොවූයේ ද වෙනතැනක දැකීම් කාලයෙහි නොපෙනේ නම් වේ. සෙසු වාරවලද මෙම නයම වේ. සෙස්ස පෙළ වශයෙන් අරුත් දතයුතුය.
සුත්තසංසන්දනායං දිබ්බස්ස චක්ඛුනො රූපගොචරත්තා රූපං පස්සතීති ආහ. දුතියවාරෙ “සත්තෙ පස්සාමී”තිවචනතො පුග්ගලං පස්සතීති ආහ. තතියවාරෙ “රූපං දිස්වා පුග්ගලං විභාවෙතී”ති ලද්ධිතො උභො පස්සතීති ආහ. යස්මා පන පස්සිතබ්බං නාම දිට්ඨං සුතං මුතං විඤ්ඤාතන්ති චතුබ්බිධෙ රූපසඞ්ගහෙ රූපායතනමෙව සඞ්ගහිතං, තස්මා සකවාදී “රූපං පුග්ගලො, පුග්ගලො රූපං, උභො රූප”න්ති අනුයොගං කරොති. තස්සත්ථො පාකටොයෙවාති.
මෙය සූත්‍ර සංසන්දනයයි. දිවැස් රූප ගෝචර බැවින් රූපං පස්සති යයි කීය. දෙවන වාරයෙහි ‘සතුන් දකිමි’ වචනයෙන් පුග්ගලං පස්සති යයි කීය. තුන්වන වාරයෙහි රූපය දැක පුද්ගලයා විස්තර කරයි යන ලබ්ධියෙන් උභො පස්සති යයි කීය. යමකින් දැකිය යුතු නම්, දකින ලද අසන ලද ස්පර්ශ කරන ලද දැනගන්නා ලද සතරාකාර රූප සංග්රහයෙහි රූපායතනයම සංග්‍රහ කරන ලදී. එහෙයින් සකවාදියා රූපය පුද්ගලයා, පුද්ගලයා රූපයයි දෙකම රූපයයි අනුයෝග කරයි. එහි අර්ථය ප්රකටය.
උපාදාපඤ්ඤත්තානුයොගවණ්ණනා.
උපාදා පඤ්ඤත්තානු යෝගය නිමි.
පුරිසකාරානුයොගවණ්ණනා
පුරිසකාරානුයොගවණ්ණනා
ඉදානි පුරිසකාරානුයොගො හොති. තත්ථ කම්මෙ සති නියමතො තස්ස කාරකෙනපි භවිතබ්බන්ති ලද්ධියා පුච්ඡා පරවාදිස්ස, තථාරූපානං කම්මානං අත්ථිතාය පටිඤ්ඤා සකවාදිස්ස. පුන කත්තා කාරෙතාති පුච්ඡා පරවාදිස්ස. තත්ථ කත්තාති තෙසං කම්මානං කාරකො. කාරෙතාති ආණත්තිදෙසනාදීහි උපායෙහි කාරාපකො. ඉදානි යස්මා පරවාදී පුග්ගලං සන්ධාය කත්තාති පුච්ඡති, න කරණමත්තං, තස්මා පටික්ඛෙපො සකවාදිස්ස.
දැන් පුරිසකාර අනුයෝගය වේ. ක්‍රියාව ඇති කල්හි එහි කාරකයාද විය යුතුයයි යන ලබ්ධියෙන් විචාරීම පරවාදියාටය. එබඳු ක්‍රියා ඇති බැවින් ප්‍රතිඥාව සකවාදියාටය. නැවත කත්තා කාරෙතා යයි විචාරීම පරවාදියාටය. එහි කත්තා යනු ඒ කර්මවල කරන්නාය. කාරෙතා යනු ආණත්ති දේශනා ආදි උපායෙන් කරවන්නාය. දැන් පරවාදියා පුද්ගලයා සඳහා කරන්නා යයි කත්තා විචාරයි. කිරීම් මාත්‍රය නොවේ. එනිසා ප්රතික්ෂේපය සකවාදියාටය.
තස්ස කත්තා කාරෙතාති එත්ථ යදි යං යං උපලබ්භති, තස්ස තස්ස කත්තා පුග්ගලො තෙ උපලබ්භති, කිං තස්සාපි කාරකො ච කාරාපකො ච අඤ්ඤො පුග්ගලො උපලබ්භතීති අත්ථො. පරවාදී තථා අනිච්ඡන්තො ඉස්සරනිම්මානවාදභයෙන පටික්ඛිපති. පුන පුට්ඨො යස්මා පුග්ගලං මාතාපිතරො ජනෙන්ති නාමං කරොන්ති පොසෙන්ති, තස්මාස්ස තෙ කාරකා. යෙ ච පන තං කල්යාණමිත්තා වා ආචරියා වා තානි තානි විජ්ජාට්ඨානසිප්පායතනානි සික්ඛාපෙන්ති , තෙ කාරාපකා නාමාති ඉමමත්ථං සන්ධාය පටිජානාති. පුරිමකම්මමෙව තස්ස කත්තා චෙව කාරාපෙතා චාති අධිප්පෙතං.
තස්ස කත්තා කාරෙතා යයි මෙහි ඉදින් යමක් ලබයි. එහි කරන්නා-පුද්ගලයා ඔහු ලබයි. කිම ඒ කරන්නා ද කරවන්නා ද අන්‍ය වූ පුද්ගලයා ලබයි යන අර්ථය වේ. පරවාදියා එසේ අකැමැත්තේ ඊශ්වර නිර්මාණවාද බියෙන් ප්‍රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ, මව්පියෝ පුද්ගලයා බිහිකරති. නමක් තබති. කළණමිත් ආචාර්යවරයා හෝ ඒ ඒ විද්‍යාස්ථාන ශිල්පායතන ශික්ෂා කරවයි. ඒ කරවන්නෝ නමැයි මේ අර්ථය සඳහා දැනගන්න. පෙර ක්‍රියාව මෙන්ම එහි කරන්නා ද කරවන්නා ද අදහස් වේ.
තස්ස තස්සෙවාති ඉමිනා ඉදං පුච්ඡති – යදි කම්මානං කාරකස්ස කත්තා තස්සාපි කත්තා තස්සාපි කත්තා අත්ථෙව, එවං සන්තෙ පුරිමෙන පුරිමෙන අවස්සං පච්ඡා පච්ඡා පුග්ගලො කාතබ්බොති ඉමිනාපි තෙ කම්මානං කාරකෙන පුග්ගලෙන ආයතිං අඤ්ඤො පුග්ගලො කාතබ්බො, තෙනාපි අඤ්ඤොති නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටස්ස උපච්ඡෙදො, නත්ථි අප්පච්චයපරිනිබ්බානං. පච්චයාභාවෙන පච්චයපටිබද්ධස්ස දුක්ඛස්ස අභාවා යං නිබ්බානං වුත්තං, නත්ථි තෙ තන්ති. අථ වා තස්ස තස්සෙවාති යදි කම්මං කම්මමත්තං න හොති, තස්ස පන කාරකො පුග්ගලො, තස්සාපි කාරකො, තස්සාපි කාරකොති එවං පුග්ගලපරම්පරා අත්ථි. එවං සන්තෙ යා එසා කම්මවට්ටස්ස අප්පවත්තිකරණෙන දුක්ඛස්ස අන්තකිරියා වුත්තා, සා නත්ථීති අත්ථො. පරවාදී තං අනිච්ඡන්තො පටික්ඛිපති. ඉතො අපරාසුපි උපලබ්භති සාමඤ්ඤෙන කාරකපුච්ඡාසු පුග්ගලංයෙව සන්ධාය “කත්තා කාරෙතා”ති වුත්තං, න පච්චයෙ. න හි මහාපථවීආදීනං පච්චයා නත්ථි.
තස්ස තස්සෙවා යන මෙයින් මෙය විචාරයි. ඉදින් කර්මඵල කරන්නා කර්තෘ වේ. ඔහුගේ ද කර්තෘ, ඔහුගේ ද කර්තෘ ඇත්තේමය. මෙසේ ඇතිකල්හි මුලින් මුලින් දේ පසු පසුව පුද්ගලයා කළයුතු වේ. මෙයින් ද ඒ කර්මපල කරන පුද්ගලයා විසින් ඉදිරියේදී වෙනත් පුද්ගලයෙක් කළයුතු වේ. එයින් ද අනිකෙක් දුක් කෙළවර කිරීමට නැත. සසර බිඳීමට නැත. අප්රත්ය පරිනිර්වාණයට නැත. ප්‍රත්‍යය අභාවයෙන් ප්‍රත්‍යය ප්‍රතිබද්ධ වූ දුකෙහි අභාවයෙන් යම් නිවනක් කියන ලදී. තස්ස තස්සෙව ඉදින් ක්‍රියාව ක්රියාමාත්රයක් නොවේ. එහි කරන පුද්ගලයෙක්, ඔහු ද කරන්නෙක් යයි මෙසේ පුද්ගල පරම්පරාවක් ඇත. මෙසේ ඇති කල්හි යම් ඒ මේ කර්ම වෘත්තයට නොපවතින කරණයෙන් දුකෙහි කෙළවර කිරීම කියන ලද්දී ද එය නැතැයි යන අර්ථය වේ. පරවාදියා එය නොකැමැත්තේ ප්‍රතික්ෂේප කරයි. මෙයින් පසුවද කාරක ප්රශ්නවල සමානව ලැබෙන පුද්ගලයාම සඳහා කරන්නා කරවන්නා යයි කියන ලදී. ප්‍රත්‍ය නැත. මහපොළොව ආදියේ ප්‍රත්‍ය නැත.
අඤ්ඤො කල්යාණපාපකානං කම්මානං කත්තාති පඤ්හො “සඞ්ඛාරවන්තං වා අත්තාන”න්තිආදිදිට්ඨිභයා පටික්ඛිත්තො.
අඤ්ඤො කල්‍යාණ පාපකානං කම්මානං කත්තා යන ප්රශ්නය සංස්කාරයයි හෝ ආත්මයයි හෝ ආදී දෘෂ්ටි බියෙන් ප්‍රතික්ෂේප කරන ලදී.
විපාකො උපලබ්භතීතිආදි විපාකපටිසංවෙදීවසෙන පුග්ගලං දස්සෙන්තස්ස ලද්ධිභින්දනත්ථං වුත්තං. තත්ථ විපාකපටිසංවෙදීති අනුයොගො පරවාදිස්ස , විපාකපවත්තිතො අඤ්ඤස්ස වෙදකස්ස අභාවා පටික්ඛෙපො සකවාදිස්ස. පුන පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස.
විපාකො උපලබ්භති යනාදි විපාක පටිසංවේදී වශයෙන් පුද්ගලයා දක්වන්නාට ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි විපාක පටිසංවේදී යයි අනුයෝගය පරවාදියාටය. විපාක පැවැත්මෙන් අන්‍ය වූ විඳින්නෙකු හෝ අභාවයෙන් ප්රතික්ෂේපය සකවාදියාටය. නැවත විචාරය සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.
තස්ස පටිසංවෙදීති තස්ස විපාකපටිසංවෙදකස්ස පටිසංවෙදී යස්මා පන පටිසංවෙදිතබ්බො නාම විපාකො, න ච පුග්ගලො විපාකො, තස්මා පටික්ඛෙපො පරවාදිස්ස. පුන පුට්ඨො යස්මා පුඤ්ඤවිපාකෙ ඨිතත්තා විපාකපටිසංවෙදී පුත්තං වා පතිං වා මාතා වා ජායා වා පරිචුම්බති පරිසජ්ජති, තස්මා තථාරූපං පටිසංවෙදිතං සන්ධාය පටිජානාති පරවාදී.
තස්ස විපාක පටිසංවෙදී යයි ඒ විපාක විඳින්නාගේ විඳීම. යම් විපාකයක් විඳිය යුතු නම් පුද්ගලයෙක් නැත. එනිසා විපාකය ප්‍රතික්ෂේප කිරීම පරවාදියාගේය. නැවත විචාරණ ලද්දේ යම්සේ පින් විපාකයෙහි සිව් තැනැත්තා විපාකය විඳී. පුත්‍රයා හෝ ස්වාමියා හෝ මව හෝ බිරිඳ හෝ සිඹියි. අලංකාර කරයි. එහෙයින් එබඳු වූ විඳීම සඳහා පිළිගැනීම පරවාදියාගේය.
තස්ස තස්සෙවාති යදි විපාකො විපාකමත්තං න හොති, තස්ස පන පටිසංවෙදී පුග්ගලො, තස්සාපි පටිසංවෙදී තස්සාපි පටිසංවෙදීති එවං පුග්ගලපරම්පරා අත්ථි. එවං සන්තෙ යා එසා විපාකවට්ටස්ස අප්පවත්තිකරණෙන දුක්ඛස්ස අන්තකිරියා වුත්තා, සා නත්ථීති අත්ථො. ඉතො පරං උපලබ්භතිසාමඤ්ඤෙන පටිසංවෙදීපුච්ඡාසු හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
තස්ස තස්සෙව යනාදි විපාකය විපාක මාත්‍රයක් නොවේ. එහි විඳින පුද්ගලයා එහි විඳින එහි විඳින යයි මෙසේ පුද්ගල පරම්පරාව ඇත. මෙසේ ඇති කල්හි ඒ විපාක වතත්තයාගේ (පැවැත්වේ) නොපැවැත්ම කරණයෙන් දුකෙහි කෙළවර කිරීම කියන ලදී. එය නැතැයි යන අර්ථය වේ.
අඤ්ඤො කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදීති පඤ්හො “වෙදනවන්තං වා අත්තාන”න්තිආදිදිට්ඨිභයා පටික්ඛිත්තො.
අඤ්ඤො කල්‍යාණ පාපකානං කම්මානං විපාක පටිසංවෙදි යන ප්රශ්නය වෙදනාවන්ත යයි හෝ ආත්මයයි හෝ ආදි දෘෂ්ටි බියෙන් ප්‍රතික්ෂේප කරන ලදී.
දිබ්බං සුඛන්තිආදි කල්යාණපාපකානං කම්මානං විපාකං භාජෙත්වා දස්සනවසෙන ආරද්ධං. තං සබ්බං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. සකවාදිනො චෙත්ථ පුග්ගලවසෙනෙව පටිසංවෙදීපටික්ඛෙපො වෙදිතබ්බො, න වෙදයිතවසෙන.
දිබ්බං සුඛං යනාදි කල්‍යාණයට පමුණුවන කර්මඵල විපාක බෙදා දැක්වීම් වශයෙන් අරඹන ලදී. ඒ සියල්ල යට කියන ලද නයින් දතයුතුය. මෙහි සකවාදීහු ද පුද්ගල වශයෙන්ම විඳීම ප්‍රතික්ෂේප කළහයි දතයුතුය. වේදයිත වශයෙන් නොවේ.
මහාපථවීආදීනි හි ආරම්මණං කත්වා වෙදයිතානං උප්පත්ති අප්පටිසිද්ධා.
මහපොළොව ආදිය අරමුණු කොට වේදයිතයේ පහළවීම නොසිදුවේ.
කත්තා කාරෙතා විපාකපටිසංවෙදීතිආදි වොමිස්සකනයවසෙන ආරද්ධං. තත්ථ සො කරොතීති යං ත්වං කත්තාති ච පටිසංවෙදීති ච වදෙසි, කිං සොයෙව කරොති, සො පටිසංවෙදෙති. අයමනුයොගො සකවාදිස්ස, සුත්තවිරොධභයෙන පටික්ඛෙපො පරවාදිස්ස.
කත්තා කාරෙතා විපාක පටිසංවෙදි යනාදිය මිශ්‍ර නය වශයෙන් අරඹන ලදී. එහි සො කරොති යන යමක් ඔබ කර්තෘ ද විඳින්නා ද යයි කියයි. කිම හේම කරයිද හේම විඳියිද යන අනුයෝගය සකවාදියාගේය. සූත්‍ර විරෝධි භයෙන් ප්රතික්ෂේපය පරවාදියාගේය.
පුන පුට්ඨො “ඉධ නන්දති පෙච්ච නන්දතී”තිආදිසුත්තවසෙන (ධ· ප· 18) පටිඤ්ඤා තස්සෙව. අථස්ස වචනොකාසං පටිබාහන්තො සකවාදී සයංකතං සුඛදුක්ඛන්ති ආහ.
නැවත විචාරණ ලද්දේ, ‘ඉධ නන්දති පෙච්ච නන්දති’ සූත්‍ර වශයෙන් ප්‍රතිඥාව ඔහුගේමය. ඉක්බිති ඔහුගේ වචනයට ඉඩ වලක්වන්නේ සකවාදියා සයං කතං සුඛං දුක්ඛං යයි කීය.
තත්ථ අඤ්ඤො කරොතීති කාරකවෙදකානං අඤ්ඤත්තපුච්ඡාවසෙන වුත්තං. තතො පරවාදී සුත්තවිරොධභයෙන පටික්ඛිපිත්වා පුන පුට්ඨො “මනුස්සභූතො කත්වා දෙවභූතො පටිසංවෙදෙතී”ති මඤ්ඤමානො පටිජානාති . එවංවාදිනො පන පරංකතං සුඛදුක්ඛං ආපජ්ජතීති තස්ස වසෙන පුට්ඨො පුන පටික්ඛිපති.
එහි අඤ්ඤො කරොති යන කරන විඳින අයගේ අන්‍ය වූ යයි විචාරීම් වශයෙන් කියන ලදී. එයින් පරවාදියා සූත්‍ර විරෝධ භයෙන් ප්‍රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මිනිසෙක් කොට දෙවියෙක් විඳී යයි සිතන්නේ දැනගනී. මෙබඳු වාදීහු වනාහි අනුන් කළ සැපදුක් පැමිණේ යයි යන ආකාරයෙන් විවාරණ ලද්දේ නැවත ප්‍රතික්ෂේප කරයි.
සො ච අඤ්ඤො චාති කාරකවෙදකානං එකත්තඅඤ්ඤත්තපුච්ඡාවසෙන වුත්තං. තතො පරවාදී සුත්තවිරොධභයෙනෙව පටික්ඛිපිත්වා පුන පුට්ඨො පුරිමෙ ද්වෙපි නයෙ එකතො කත්වා පටිජානාති. එවංවාදිනො පන සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛං ආපජ්ජතීති තස්ස වසෙන පුට්ඨො පුන පටික්ඛිපති.
සො චඤ්ඤො ච යයි කරන විඳින අය එකෙකැයි අන්‍ය ප්‍රශ්න වශයෙන් කියන ලදී. එයින් පරවාදියා සුත්‍ර විරෝධි භයෙන්ම ප්‍රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ පෙර නය දෙකම එකතුකොට දැනගනී. මෙසේ වාදීහු වනාහි තමා විසින් කරන ලදද අනුන් විසින් කරන ලදද සැපදුක් වලට පැමිණෙති යයි යන විසින් විචාරන ලද්දේ නැවත ප්‍රතික්ෂේප කරයි.
නෙව සො කරොතීති කාරකවෙදකානං එකත්තඅඤ්ඤත්තපටික්ඛෙපවසෙන වුත්තං. තතො පරවාදී සුත්තවිරොධවසෙනෙව පටික්ඛිපිත්වා පුන පුට්ඨො යස්මා මනුස්සො දෙවලොකූපපත්තියා කම්මං කත්වා න මනුස්සභූතොව පටිසංවෙදෙති, නාපි යෙන කම්මං කතං, තතො අඤ්ඤොව පටිසංවෙදෙති, තස්මා කාරකතො වෙදකො නෙව සො හොති, න අඤ්ඤොති මඤ්ඤමානො පටිජානාති. ලද්ධිමත්තමෙවෙතං? එවංවාදිනො පන අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං ආපජ්ජතීති තස්ස වසෙන පුට්ඨො පුන පටික්ඛිපති. අපිච ඉමස්මිං වොමිස්සකනයෙ ආදිතො පට්ඨාය ඉමිනාපි නයෙන අත්ථො වෙදිතබ්බො. යස්මා හි අයං පුග්ගලවාදී කම්මානං කාරකඤ්චෙව වෙදකඤ්ච ඉච්ඡති, තස්මාස්ස යො කාරකො, තෙනෙව වා වෙදකෙන භවිතබ්බං, අඤ්ඤෙන වා උභොහි වා භවිතබ්බං, උභොහි වාපි න භවිතබ්බන්ති ඉදමාපන්නං හොති. එවමාපන්නමෙව අනුයොගං අනුයුඤ්ජන්තො සකවාදී “සො කරොතී”තිආදයො චත්තාරොපි විකප්පෙ ආහ. සෙසං වුත්තප්පකාරමෙව.
නෙව සො කරොති කරන්නා විඳින්නා එකෙක් අනිකෙක් ප්‍රතික්ෂේප වශයෙන් කියන ලදී. එයින් පරවාදියා සූත්‍ර විරෝධී වශයෙන්ම ප්‍රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මිනිසෙක් දෙව්ලොව උපතට හේතු වූ කර්ම කොට මිනිසෙක්ව නො විඳියි. ඒ කරන ලද කර්මයෙන් අනිකෙක්ද නොවිඳී. එහෙයින් කරන්නාගෙන් විඳින්නා ඔහු නොවේ. අනිකෙක් ද නොවේ යයි සිතන්නේ දැනගනී. මෙය ලබ්ධි මාත්‍රයකි. මෙබඳු වාදීහු වනාහි තමා නොකරන අනුන් නොකරන අහේතුකව සැපදුක් පැමිණේ යයි යන විසින් විචාරණ ලද්දේ නැවත ප්‍රතික්ෂේප කරයි. තවද මේ මිශ්‍ර නයෙහි මුල පටන් මේ නයෙන් අර්ථය දතයුතුය. මේ පුද්ගලවාදී කර්මවල කරන්නාද විඳින්නාද කැමති වේ. එහෙයින් යමෙක් කරන්නේ ඔහුම හෝ අන්‍යයකු හෝ දෙදෙනාම හෝ විඳින්නකු විය යුතුය. දෙදෙනාම නොවිය යුතුය යන මෙය පැමිණියේය. මෙසේ පැමිණි අනුයෝගය යොදන සකවාදියා නෙව සො කරොති යනාදි විකල්ප සතර කීය. සෙස්ස කියන ලද ආකාරයෙන්මය.
පරියොසානෙ පන චත්තාරොපි පඤ්හා එකතො පුට්ඨා. තත්ථ පටික්ඛෙපො ච පටිජානනා ච සයංකතාදිදොසප්පත්ති ච පුරිමනයෙනෙව වෙදිතබ්බා. ඉතො පරං “කල්යාණපාපකානී”ති අවත්වා හෙට්ඨා වුත්තනයා එව “කම්මං අත්ථී”තිආදිනා විකප්පෙන දස්සිතා. තෙසම්පි හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
අවසානයෙහි වනාහි ප්‍රශ්න හතරම එකතුකොට විචාරණ ලද්දේය. එහි ප්රතික්ෂේපය ද පිළිගැනීම ද තමා විසින් කරන ලද දෝස පැමිණීම ද පෙර නයෙන්ම දතයුතුය. මෙයින් පසු කල්‍යාණ පැමිණීම යයි නොකියා යට කියන ලද නයින්ම කම්මං අත්ථි යනාදි විකල්පයෙන් දක්වන ලදී. ඒවායේ ද යට කියන ලද නයින්ම අර්ථය දතයුතුය.
පුරිසකාරානුයොගවණ්ණනා.
පුරිසකාර අනුයෝගය නිමි.
කල්යාණවග්ගොතිපි එතස්සෙව නාමං.
කල්‍යාණ වර්ග යයි මීටම නමකි.
අභිඤ්ඤානුයොගවණ්ණනා
අභිඤ්ඤානුයොගවණ්ණනා
ඉතො පරං අභිඤ්ඤානුයොගාදිවසෙන අරහත්තසාධනා හොති. තත්ථ ආමන්තාති සකවාදිනා පටිඤ්ඤාතෙ පරවාදී “බහිද්ධා අනින්ද්රියබද්ධරූපෙ ඉද්ධිවිධාදිවිසෙසාධිගමො නත්ථි, අජ්ඣත්තං අත්ථි, තස්මා ඉද්ධාදිනිබ්බත්තකෙන පුග්ගලෙන භවිතබ්බ”න්ති මඤ්ඤමානො නනු අත්ථි කොචි ඉද්ධිං විකුබ්බතීතිආදිමාහ. තං සබ්බං උත්තානත්ථමෙව.
මෙයින් පසු අභිඥා යෝගාදි වශයෙන් අරහත් සාධනය වේ. එහි ආමන්තා යයි සකවාදියා විසින් ප්‍රතිඥා දුන් කල්හි පරවාදියා බාහිර අතින්ද්‍රිය බද්ධ රූපයෙහි ඉද්ධිවිධාදි විශේෂ අධිගම නැත. අධ්‍යාත්මය ඇත. එහෙයින් ඉද්ධි ආදිය නිපදවූ පුද්ගලයා විසින් විය යුතු යයි සිතන්නේ නනු කොචි ඉද්ධි විකුබ්බති යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේය.
අභිඤ්ඤානුයොගවණ්ණනා.
අහිඥානුයෝගය නිමි.
ඤාතකානුයොගාදිවණ්ණනා
ඤාතකානුයොගාදිවණ්ණනා
ඉදානි මාතාතිආදිකො ඤාතකානුයොගො. ඛත්තියොතිආදිකො ජාතිඅනුයොගො. ගහට්ඨො පබ්බජිතොති පටිපත්තිඅනුයොගො. දෙවො මනුස්සොති උපපත්තිඅනුයොගො. සොතාපන්නොතිආදිකො පටිවෙධානුයොගො, අරියානුයොගොතිපි වුච්චති. තෙ සබ්බෙ උත්තානත්ථායෙව. “අරහා හුත්වා න අරහා”ති පනෙත්ථ මොඝපඤ්හත්තා න වුත්තං.
දැන් මාතා යනාදි ඤාති අනුයෝගයයි. ඛත්තියො යනාදිය ජාති අනුයෝගය වේ. ගහට්ඨො පබ්බජිතො යනු ප්‍රතිපත්ති අනුයෝග වේ. දෙවො මනුස්සො යනු උත්පත්ති අනුයෝග වේ. සොතාපන්නො යනාදිය ප්‍රතිවේද අනුයෝග වේ. අරිය අනුයෝග යයි ද කියනු ලැබේ. ඒ සියල්ලම නොගැඹුරු අරුත් වේ. අරහා හුත්වා න අරහා මෙහි මෝඩ ප්රශ්නය නිසා නොකියන ලදී.
චත්තාරො පුරිසයුගාතිආදි සංඝානුයොගො, සොපි උත්තානත්ථොයෙව.
චත්තාරො පුරිස යුගානි යනාදිය සංඝානුයෝග වේ. එයද නොගැඹුරු අරුත් වේ.
සඞ්ඛතොතිආදි සච්චිකට්ඨසභාවානුයොගො. තත්ථ තතියා කොටීති පුච්ඡා සකවාදිස්ස. තථාරූපස්ස සච්චිකට්ඨස්ස අභාවතො පටික්ඛෙපො පරවාදිස්ස. පුන පුට්ඨො පුග්ගලං සන්ධාය පටිඤ්ඤා තස්සෙව.
සංඛතො යනාදිය සත්යාර්ථ ස්වභාවානුයෝග වේ. එහි තතියා කොටි විචාරීම සකවාදියාගේය. එබඳු සත්යාර්ථයේ අභාවයෙන් ප්රතික්ෂේපය පරවාදියාගේය. නැවත විචාරණ ලද්දේ පුද්ගලයා සඳහා ප්‍රතිඥාව ඔහුගේමය.
අඤ්ඤො පුග්ගලොතිපඤ්හෙපි සඞ්ඛතෙහි ඛන්ධෙහි අඤ්ඤත්තං අනිච්ඡන්තො පටික්ඛෙපො තස්සෙව.
අඤ්ඤො පුග්ගලො යන ප්‍රශ්නයෙහි ද සංඛත වූ ස්කන්ධයන්ගේ අන්‍ය තත්ත්වයක් අකැමැත්තේ ප්රතික්ෂේපය ඔහුගේය.
ඛන්ධා සඞ්ඛතාතිආදි සඞ්ඛතාසඞ්ඛතානි සරූපෙන දස්සෙත්වා අඤ්ඤත්තපුච්ඡනත්ථං වුත්තං.
ඛන්ධා සංඛතා යනාදි සංඛත අසංඛත ස්වරූපයෙන් දක්වා අන්‍ය වූ විචාරණ බවක් කියන ලදී.
රූපං සඞ්ඛතන්තිආදි ඛන්ධෙ විභාගතො දස්සෙත්වා අඤ්ඤත්තපුච්ඡනත්ථං වුත්තං.
රූපං සංඛතං යනාදි ස්කන්ධ විභාගයෙන් දක්වා අන්‍ය වූ විචාරණ ලද බවක් කියන ලදී.
පුග්ගලස්ස උප්පාදොති පුච්ඡා සකවාදිස්ස, “ජාතිධම්මා ජරාධම්මා, අථො මරණධම්මිනො”තිආදිසුත්තවසෙන පටිඤ්ඤා පරවාදිස්ස. සඞ්ඛතභාවං පනස්ස සො න ඉච්ඡති, තස්මා පටික්ඛිපති.
පුග්ගලස්ස උප්පාළො යන විචාරීම සකවාදියාගේය. ‘ජාති ධම්මා ජරා ධම්මා අථො මරණ ධම්මිනො’ යනාදි සූත්‍ර වශයෙන් ප්‍රතිඥාව පරවාදියාගේය. සංඛතභාවය වනාහි හේ නොකැමති වේ. එහෙයින් ප්‍රතික්ෂේප කරයි.
පුන න උප්පාදො පඤ්ඤායතීතිආදිනා නයෙන පුට්ඨො “දුක්ඛමෙව හි සම්භොති , දුක්ඛං තිට්ඨති වෙති චා”තිආදිවචනතො (සං· නි· 1.171) පුග්ගලස්ස උප්පාදාදයො නාම න යුජ්ජන්තීති පටිජානාති.
නැවත ‘න උප්පාදො පඤ්ඤායති’ ආදි නයින් විචාරණ ලද්දේ ‘දුක්ඛමෙවහි සම්භොති දුක්ඛං තිට්ඨති වෙති වා’ යනාදි වචනයෙන් පුද්ගලයාගේ උත්පාද ආදිය නම් අයුතු වේයයි පිළිගනී.
අත්ථත්ථම්හීති අත්ථං වුච්චති නිබ්බානං. තත්ථ අත්ථීති පුච්ඡති. තස්ස අත්ථිතාය සස්සතං, නත්ථිතාය. උච්ඡෙදො ආපජ්ජති. තදුභයම්පි අනිච්ඡන්තො පච්ඡා පටික්ඛිපති.
අත්ථත්ථම්භී අත්ථ යනු නිවනයි. එහි ඇතැයි විචාරයයි. එය ඇති බව ශාස්වතයි. නැති බවින් උච්ඡේදයට පැමිණේ. ඒ දෙකම නොකැමැත්තේ පසුව ප්‍රතික්ෂේප කරයි.
ඤාතකානුයොගාදිවණ්ණනා.
ඤාතකානුයෝගය නිමි.
පටිවෙධානුයොගාදිවණ්ණනා
පටිවෙධානුයොගාදිවණ්ණනා
භවං නිස්සාය පඤ්හෙ භවන්ති උපපත්තිභවං.
භවය නිසා ප්‍රශ්නයෙහි භවං යනු උත්පත්ති භවයයි.
වෙදනං වෙදියමානපඤ්හෙ වෙදනං වෙදියමානො පරිග්ගහිතවෙදනො යොගාවචරොව පජානාති, බාලපුථුජ්ජනො නප්පජානාති.
වේදනාව විඳිමින් යන ප්‍රශ්නයෙහි වේදනාව විඳින්නේ වේදනාව විමසන යෝගාවචරයාම දැනගනී. බාල පෘථග්ජනයා නො දනී.
කායානුපස්සනාදිපඤ්හා උත්තානත්ථායෙව.
කායානුපස්සනා ප්‍රශ්න පැහැදිලිය.
පාරායනගාථාය සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති සත්තසුඤ්ඤතවසෙන ඛන්ධලොකං ඔලොකෙහීති අත්ථො.
පාරායන ගාථාවෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු යන සත්ත්ව ශුන්‍යතා වශයෙන් ස්කන්ධ ලෝකය බලන්න යන අර්ථය වේ.
පුග්ගලො අවෙක්ඛතීති සකවාදිපුච්ඡා. පරවාදිස්ස හි “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූ”ති ගාථාය යො අවෙක්ඛති, සො පුග්ගලොති ලද්ධි, තස්මා නං එවං පුච්ඡති. සහ රූපෙනාති රූපකායෙන සද්ධිං. තතො අනිස්සටො හුත්වාති අත්ථො. ඉදං පඤ්චවොකාරවසෙන අනුජානිත්වා පුන තං ජීවන්ති පුට්ඨො සුත්තවිරොධභයෙන පටික්ඛිපති. විනා රූපෙනාති ඉදං චතුවොකාරවසෙන අනුජානිත්වා පුන අඤ්ඤං ජීවන්ති පුට්ඨො සුත්තවිරොධභයෙනෙව පටික්ඛිපති. “අබ්භන්තරගතො”ති ච “බහිද්ධා නික්ඛමිත්වා”ති ච ඉදං “සහ රූපෙන විනා රූපෙනා”ති හෙට්ඨා වුත්තස්ස ලක්ඛණවචනං. තත්ථ අබ්භන්තරගතොති රූපස්ස අන්තොගතො, ඉතො වා එත්තො වා අනික්ඛමිත්වා රූපපරිච්ඡෙදවසෙනෙව ඨිතො හුත්වාති අත්ථො. නික්ඛමිත්වාති රූපපරිච්ඡෙදං අතික්කමිත්වා. රූපං අනිස්සිතො හුත්වාති අත්ථො.
පුග්ගලො අවෙක්ඛති යනු සකවාදී ප්‍රශ්න වේ. පරවාදියා හට වනාහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු යන ගාථාවෙහි යමෙක් බලා ද හේ පුද්ගලයාය යන ලබ්ධිය වේ. එහෙයින් ඔහුගෙන් මෙසේ විචාරයි. සහ රූපෙන රූපකාය සමග එයින් ඉවත් නොකළ යන අර්ථය වේ. මෙය පංච ස්කන්ධ වශයෙන් අනුදැන නැවත තං ජීවං යයි විචාරණ ලද්දේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්ෂේප කරයි. විනාරූපෙන යන මෙය සතර ස්කන්ධ වශයෙන් අනුදැන නැවත අඤ්ඤං ජීවං යයි විචාරණ ලද්දේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්ෂේප කරයි. අබ්භන්තර ගතොති ච බහිද්ධා නික්ඛමිත්වාතිච මෙය සහ රූපෙන විනාරූපෙන යයි යට කියන ලද්දේ වචන ලක්ෂණ වේ. එහි අබ්භන්තර ගතො යනු රූපයේ ඇතුළට ගිය. මෙයින් හෝ එයින් නො නික්මී රූප වෙන් කිරීම් වශයෙන් සිටියේ යන අර්ථය වේ. නික්ඛමිත්වා යනු රූප වෙන්කිරීම ඉක්මවා රූපය අනිශ්‍රිතව යන අර්ථයයි.
අනත්තාති අත්තනා ජීවෙන පුග්ගලෙන රහිතො. එකධම්මෙපි පුග්ගලො නත්ථීති අත්ථො. එවං සබ්බසුත්තානං ආගමට්ඨකථාසු වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. ඉධ පන සන්ධායභාසිතමත්තමෙව වක්ඛාම.
අනත්තා තමා ජීවයෙන් පුද්ගලයාගෙන් විරහිතය එක් ධර්මයක ද පුද්ගලයෙක් නැත යන අර්ථයයි. සියළු සූත්‍රවල ආගම අර්ථ කතාවල කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මෙහි වනාහි කියන්නන් සඳහා කියමු.
වුත්තං භගවතා සප්පිකුම්භොතිආදි “සබ්බාව දෙසනා යථාරුතවසෙනෙව අත්ථතො න ගහෙතබ්බා”ති දස්සනත්ථං ආභතං. යථා හි සුවණ්ණං ගහෙත්වා කතො සුවණ්ණවිකාරො කුම්භො සුවණ්ණකුම්භොති වුච්චති, න එවං සප්පිං ගහෙත්වා කතො සප්පිස්ස විකාරො සප්පිකුම්භො නාම අත්ථි. යස්මිං පන කුම්භෙ සප්පි පක්ඛිත්තං, සො සප්පිකුම්භො නාමාති අයමෙත්ථ අත්ථො. තෙලකුම්භාදීසුපි එසෙව නයො. යථා ච නිබ්බානං නිච්චං ධුවං, න එවං භත්තං වා යාගු වා අත්ථි. කාලපරිච්ඡෙදං පන අකත්වා දිවසෙ දිවසෙ දස්සාමාති පඤ්ඤත්තවසෙන “නිච්චභත්තං ධුවයාගූ”ති වුච්චතීති අයමෙත්ථ අත්ථො.
වුත්තං භගවතා සප්පිකුම්භො යනාදි සියළු දේශනා යථාර්ථ වශයෙන්ම අර්ථ වශයෙන් නොගතයුතු යයි දැක්වීම සඳහා ගෙනෙන ලදී. යම්සේ රත්තරං ගෙන කරන ලද ස්වරණ විකාර කලය රන් කලය යයි කියනු ලැබේ. මෙසේ ගිතෙල් ගෙන කළ ගිතෙල් විකාරය සප්පිකුම්භ ගිතෙල් කළය යන නම නොවේ. යම් කළයක ගිතෙල් බහාලන ලද්දේ එය ගිතෙල් කළය යන අර්ථයයි. තෙල් කළ යනාදියෙහි ද මෙම නයම වේ. යම්සේ ද නිවණ නිත්‍යය, ස්ථිරය. මෙසේ බත් හෝ කැඳ නැත. කාලය වෙන් නොකොට දවස් දකිමු යයි පැණවීම් වශයෙන් නිත්‍ය බත් ස්ථිර කැඳ යයි කියනු ලැබේ යන අර්ථයයි.
“අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”තිආදීසුපි යථා රූපාදයො ධම්මා පච්චත්තලක්ඛණසාමඤ්ඤලක්ඛණවසෙන අත්ථි, න එවං පුග්ගලො . රූපාදීසු පන සති ‘එවංනාමො’‘එවංගොත්තො’ති වොහාරො හොති. ඉති ඉමිනා ලොකවොහාරෙන ලොකසම්මුතියා ලොකනිරුත්තියා අත්ථි පුග්ගලොති අයමෙත්ථ අත්ථො. වුත්තම්පි චෙතං භගවතා – “ඉමා ඛො චිත්ත, ලොකසමඤ්ඤා ලොකනිරුත්තියො ලොකවොහාරා ලොකපඤ්ඤත්තියො”ති (දී· නි· 1.440). රූපාදිධම්මා පන විනාපි ලොකසම්මුතිං පච්චත්තසාමඤ්ඤලක්ඛණවසෙන පඤ්ඤාපනතො අත්ථීති අයමෙත්ථ අත්ථො.
අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො යනාදියෙහි ද රූපාදි ධර්ම තමාට ආවේණික ලක්ෂණ / පච්චත්ත ලක්ඛණ) සහ සමාන ලක්ෂණ වශයෙන් පවතී. මෙසේ පුද්ගලයා නොවේ. රූපාදිය ඇති කල්හි මෙසේ නාමය, මෙසේ ගෝත්‍රය (කුලය) යයි ව්‍යවහාර වේ. මෙසේ මෙයින් ලෝක ව්‍යවහාරයෙන් ලෝක සම්මුතියෙන් ලෝක නිරුක්තියෙන් පුද්ගලයා ඇත යන මෙය මෙහි අර්ථය වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙය කියන ලදි. චිත්ත, මෙය ලෝක ව්‍යවහාරය, ලෝක නිරුක්තිය, ලෝක පැණවීමයි. රූපාදි ධර්ම නැතිවද ලෝක සම්මුතිය වෙන් වෙන් හා සමාන ලක්ෂණ වශයෙන් පැණවීමක් ඇත. මෙය මෙහි අර්ථයයි.
බුද්ධානං පන ද්වෙ කථා සම්මුතිකථා ච පරමත්ථකථා ච. තත්ථ සත්තො, පුග්ගලො, දෙවො, බ්රහ්මාතිආදිකා සම්මුතිකථා නාම. අනිච්චං, දුක්ඛං, අනත්තා, ඛන්ධා, ධාතුයො, ආයතනානි, සතිපට්ඨානා, සම්මප්පධානාතිආදිකා පරමත්ථකථා නාම.
බුදුවරුන්ගේ වනාහි සම්මුති පරමාර්ථ වශයෙන් කථා දෙකකි. එහි සත්ත්වයා, දෙවියා, පුද්ගලයා, බ්‍රහ්මයා යනු සම්මුති කථා නම් වේ. අනිත්‍ය, දුක්ඛ, අනත්ත, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, සම්මප්පධාන යනාදිය පරමාර්ථ කථා නම් වේ.
තත්ථ යො සම්මුතිදෙසනාය සත්තොති වා…පෙ… බ්‍රහ්මාති වාති වුත්තෙ ජානිතුං පටිවිජ්ඣිතුං නිය්‍යාතුං අරහත්තජයග්ගාහං ගහෙතුං සක්කොති, තස්ස භගවා ආදිතොව සත්තොති වා පුග්ගලොති වා පොසොති වා දෙවොති වා බ්‍රහ්මාති වා කථෙති. යො පරමත්ථදෙසනාය අනිච්චන්ති වා දුක්ඛන්ති වාතිආදීසු අඤ්ඤතරං සුත්වාව ජානිතුං පටිවිජ්ඣිතුං නිය්‍යාතුං අරහත්තජයග්ගාහං ගහෙතුං සක්කොති. තස්ස අනිච්චන්තිආදීසු අඤ්ඤතරං කථෙති. තථා සම්මුතිකථාය බුජ්ඣනකසත්තස්ස න පඨමං පරමත්ථකථං කථෙති. සම්මුතිකථාය පන බොධෙත්වා පච්ඡා පරමත්ථකථං කථෙති . පරමත්ථකථාය බුජ්ඣනකසත්තස්සාපි න පඨමං සම්මුතිකථං කථෙති. පරමත්ථකථාය පන බොධෙත්වා පච්ඡා සම්මුතිකථං කථෙති. පකතියා පන පඨමමෙව පරමත්ථකථං කථෙන්තස්ස දෙසනා ලූඛාකාරා හොති. තස්මා බුද්ධා පඨමං සම්මුතිකථං කථෙත්වා පච්ඡා පරමත්ථකථං කථෙන්ති. තෙ සම්මුතිකථං කථෙන්තාපි සච්චමෙව සභාවමෙව අමුසාව කථෙන්ති. පරමත්ථකථං කථෙන්තාපි සච්චමෙව සභාවමෙව අමුසාව කථෙන්ති. අයඤ්හි –
එහි යමෙක් සම්මුති දේශනාවෙන් සත්ත්වයා යයි....... බ්‍රහ්මයා යයි කී කල්හි දැනගැනීමට අවබෝධ කිරීමට පැමිණවීමට රහත් ජය ගැනීමට හැකි වේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ මුලින් සත්ත්වයා යයි හෝ පුද්ගලයා යයි හෝ දෙවියා යයි හෝ බ්‍රහ්මයා යයි හෝ කියති. යමෙක් පරමාර්ථ දේශනාවෙන් අනිත්‍ය යයි හෝ දුකයයි හෝ ආදියෙහි එක්තරා දෙයක් අසාම දැනගැනීමට, අවබෝධයට පැමිණවීමට, රහත්ජය ලැබීමට හැකිවේද ඔහුට අනිත්‍ය ආදියෙහි එක්තරා කොටසක් දේශනා කරති. එසේ සම්මුති කථාවෙන් අවබෝධය ලබන සත්ත්වයන්ට පළමුව පරමාර්ථ කථා දේශනා නොකරති. සම්මුති කථාවෙන් අවබෝධ කොට පසුව පරමාර්ථ කථා දේශනා කරති. පරමාර්ථ කථාවෙන් අවබෝධ කරන සත්ත්වයින්ට පළමුව සම්මුති කථා දේශනා නොකරති. පරමාර්ථ කථාවෙන් අවබෝධ කරවා පසුව සම්මුති කථා දේශනා කරති. ප්‍රකෘතියෙන් පළමුවම පරමාර්ථ කථා කියන්නහුට දේශනාව රළු ආකාර වේ. එහෙයින් බුදුවරු පළමුව සම්මුති කථා දේශනා කර පසුව පරමාර්ථ කථා දේශනා කරති. උන්වහන්සේලා සම්මුති කථා දේශනා කරන්නේ ද ස්වභාවයම, සත්‍යයම දේශනා කරති. පරමාර්ථ කථා දේශනා කරන්නේ ද සත්‍යයම දේශනා කරති. පරමාර්ථ කථා දේශනා කරන්නේ ද සත්‍යයම ස්වභාවයම දේශනා කරති. මෙය වනාහි
“දුවෙ සච්චානි අක්ඛාසි, සම්බුද්ධො වදතං වරො; සම්මුතිං පරමත්ථඤ්ච, තතියං නුපලබ්භති”.
දෙසීය සස් දෙකම - දෙසුවන් උතුම් බුදුහිමි සම්මුති පරමරුත් - නොලැබේ තෙවැන්නක්
තත්ථ –
මෙහි
“සඞ්කෙතවචනං සච්චං, ලොකසම්මුතිකාරණං; පරමත්ථවචනං සච්චං, ධම්මානං තථලක්ඛණ”න්ති.
එහි ලොවැ සම්මත කෙරුණු - වදන් ලකුණු ද සස්වත පරමරුත් වදනය - සස් වේ ලකුණු තත දම්
අපරො නයො – ද්වෙ භගවතො දෙසනා පරමත්ථදෙසනා ච ඛන්ධාදිවසෙන, සම්මුතිදෙසනා ච සප්පිකුම්භාදිවසෙන. න හි භගවා සමඤ්ඤං අතිධාවති. තස්මා “අත්ථි පුග්ගලො”ති වචනමත්තතො අභිනිවෙසො න කාතබ්බො. සත්ථාරා හි –
තවද අන්‍ය වූ නයකි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා දෙකකි. ස්කන්ධාදි වශයෙන් පරමාර්ථ දේශනාය. ගිතෙල් කළය වශයෙන් සම්මුති දේශනාය. භාග්‍යවතුන් වහන්සේ ව්‍යවහාරය නො ඉක්මවයි. එහෙයින් පුද්ගලයා ඇත යන වචන මාත්‍රයෙන් ප්රවේශවීම නොකළ යුතුය. බුදුවරුන් විසින්:
“පඤ්ඤත්තිං අනතික්කම්ම, පරමත්ථො පකාසිතො; සමඤ්ඤං නාතිධාවෙය්‍ය, තස්මා අඤ්ඤොපි පණ්ඩිතො; පරමත්ථං පකාසෙන්තො, සමඤ්ඤං නාතිධාවයෙ”.
නොකර වහර බැහැර - දෙසන ලද පරමරුත ද සම්මුතිය නොහැරම - එහෙයින්ම සෙසු පඬිවරු දෙසනවිට පරමත් - වහරද බැහැර නොකරනු
සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
සෙසු සියල්ල පැහැදිලි අරුත් වේ.
පුග්ගලකථා නිට්ඨිතා.