පරිහානිකථා අට්ඨකථා
2. පරිහානි කථා
වාදයුත්තිපරිහානිවණ්ණනා
වාදයුත්තිපරිහානිවණ්ණනා
ඉදානි පරිහානිකථා හොති. පරිහානිධම්මො අපරිහානිධම්මො, “ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සෙක්ඛස්ස, භික්ඛුනො පරිහානාය සංවත්තන්ති” (අ· නි· 2.185), “පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්තී”ති (අ· නි· 5.149) එවමාදීනි හි සුත්තානි නිස්සාය සම්මිතියා වජ්ජිපුත්තකා සබ්බත්ථිවාදිනො එකච්චෙ ච මහාසඞ්ඝිකා අරහතොපි පරිහානිං ඉච්ඡන්ති, තස්මා තෙ වා හොන්තු අඤ්ඤෙයෙව වා, යෙසං අයං ලද්ධි, තෙසං ලද්ධිභින්දනත්ථං පරිහායති අරහා අරහත්තාති පුච්ඡා සකවාදිස්ස. තත්ර පරිහායතීති ද්වෙ පරිහානියො පත්තපරිහානි ච අප්පත්තපරිහානි ච. තත්ථ “දුතියම්පි ඛො ආයස්මා ගොධිකො තම්හා සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායී”ති (සං· නි· 1.159) අයං පත්තපරිහානි නාම. “මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායී”ති (ම· නි· 1.416-418) අයං අප්පත්තපරිහානි. තාසු ඉධ පත්තපරිහානි අධිප්පෙතා. තඤ්හි සන්ධාය ආමන්තාති පටිඤ්ඤා පරවාදිස්ස. සකසමයෙ පන ඉමං පත්තපරිහානිං නාම ලොකියසමාපත්තියාව ඉච්ඡන්ති, න අරහත්තාදීහි සාමඤ්ඤඵලෙහි. පරසමයෙපි නං සබ්බසාමඤ්ඤඵලෙසු සබ්බභවෙසු සබ්බකාලෙසු සබ්බෙසඤ්ච පුග්ගලානං න ඉච්ඡන්ති. තං පන තෙසං ලද්ධිමත්තමෙවාති සබ්බං ලද්ධිජාලං භින්දිතුං පුන සබ්බත්ථාතිආදිනා නයෙන දෙසනා වඩ්ඪිතා.
දැන් පරිහානි කථා වේ. පරිහානි ධර්මය අපරිහානි ධර්මය යන මේ ධර්ම දෙක ශෛක්ෂ භික්ෂූන්ට පරිහානිය සඳහා පවතී. මහණෙනි, මේ ධර්ම පහ සමය විමුක්ත භික්ෂූන්ට පරිහානිය පිණිස පවතී. මේ ආදි සූත්‍ර නිසා සම්මිතිය, වජ්ජිපුත්තක, සබ්බත්ථිවාදි, මහා සංඝික ඇතැමෙක් රහතන් වහන්සේගේ ද පිරිහීම දකිති. එහෙයින් ඔවුන්ගේ හෝ වෙනත් අයගේ හෝ මෙබඳු ලබ්ධිය බිඳීම සඳහා පරිහායති අරහා අරහත්තො යන විචාරීම සකවාදියාගේය. එහි පරිහායති යන එහි පැමිණි පරිහානිය නොපැමිණි පරිහානිය යයි පරිහානි දෙකකි. එහි ‘දෙවනුවද ආයුෂ්මත් ගෝධිකය. සාමයිකයා ඒ චේතෝ විමුක්තියෙන් පිරිහෙයි’ යන මෙය පැමිණි පරිහානි නම් වේ. ශ්‍රමණඵල කැමැත්තවුන්ගේ යහපත් වූ ශ්‍රමණ ඵලය නොපිරිහේවා යනු අප්පත්ත පරිහානි වේ. ඒවායින් මෙහි පැමිණි පරිහානිය අදහස් කරයි. ඒ සඳහා ආමන්තා යයි ප්‍රතිඥාව පරවාදියාගේය. ස්ව සමයෙහි වනාහි මේ පැමිණි පරිහානිය නම් ලෞකික සමාපත්තියම කැමති වෙත්. රහත් ආදි ශ්‍රමණ ඵලවලින් නොවේ. පරසමයෙහිද ඔහු සියළු ශ්‍රමණ පලවල, සියළු භවවල, සියළු කාලවල, සියළු පුද්ගලයින්ගේ කැමති නොවෙති. එය වනාහි ඔහුගේ ලබ්ධි මාත්‍රයම යයි සියළු ලබ්ධිජාල බිඳීමට නැවත සබ්බත්ථ යනාදි නයින් දේශනය වර්ධනය කළහ.
තත්ථ යස්මා පරවාදී කමෙන පරිහායිත්වා සොතාපත්තිඵලෙ ඨිතස්ස අරහතො පරිහානිං න ඉච්ඡති, උපරිඵලෙසු ඨිතස්සෙව ඉච්ඡති. යස්මා ච රූපාරූපභවෙසු ඨිතස්ස න ඉච්ඡති, කම්මාරාමතාදීනං පන පරිහානියධම්මානං භාවතො කාමභවෙ ඨිතස්සෙව ඉච්ඡති, තස්මා “සබ්බත්ථා”ති පුට්ඨො පටික්ඛිපති. පුන දළ්හං කත්වා පුට්ඨො කාමභවං සන්ධාය පටිජානාති. සබ්බස්මිම්පි හි කාමභවෙ පරිහානිකරා කාමගුණා අත්ථි, තස්මා තත්ථ පරිහායතීති තස්ස ලද්ධි.
එහි පරවාදියා ක්‍රමයෙන් පිරිහී සෝවාන් ඵලයෙහි සිටියහුගේ රහත් පරිහානිය අකැමති වේ. ඉහළ තලවල සිටියහුගේම කැමති වේ. රූපාරූප භවවල සිටියහුගේ නොකැමති වේ. ක්රියාවේ යෙදීමට කැමැත්තවුන්ගේ වනාහි පිරිහෙන ධර්ම ස්වභාවයෙන් කාම භවයෙහි සිටියහුගේම කැමති වේ. එහෙයින් සබ්බත්ථ නය විචාරණ ලද්දේ ප්‍රතික්ෂේප කරයි. නැවත දැඩිකොට විචාරණ ලද්දේ කාමභවය සඳහා පිළිගනී. සියළු තන්හි වනාහි කාමභවයෙහි. පරිහානිකර කාම ගුණ ඇත. එහෙයින් එහි පිරිහේ යයි
තතියපුච්ඡාය පරිහානීති පරිහානිකරෙ ධම්මෙ පුච්ඡති. තත්ථ යස්මා පරිහානි නාම කම්මාරාමතාදිධම්මා, විසෙසතො වා කාමරාගබ්යාපාදා එව, තෙ ච රූපාරූපභවෙ නත්ථි, තස්මා “න හෙව”න්ති පටික්ඛෙපො පරවාදිස්ස.
ඔහුගේ ලබ්ධිය තුන්වන විචාරයෙන් පරිහානි යයි පරිහානිකර ධර්ම විචාරයි. එහි පරිහානි නම් කම්ම රාමතාදි ධර්මය. විශේෂයෙන් කාමරාග ව්යාපාදම වේ. ඒවා රූපාරූප භවවල නැත. එහෙයින් නහෙවං යයි ප්රතික්ෂේපය පරවාදියාගේය.
සබ්බදාති කාලපුච්ඡා. තත්ථ පඨමපඤ්හෙ යොනිසොමනසිකාරකාලෙ අපරිහායනතො පටික්ඛිපති. දුතියෙ අයොනිසොමනසිකරොතො රත්තිභාගෙ වා දිවසභාගෙ වා සබ්බදා පරිහායනතො පටිජානාති. තතියෙ පරිහානිකරධම්මසමායොගෙ සති මුහුත්තමෙව පරිහානි නාම හොති, තතො පුබ්බෙ අපරිහීනස්ස පච්ඡා පරිහීනස්ස ච පරිහානි නාම නත්ථීති පටික්ඛිපති.
සබ්බදා යයි කාලය විචාරීම. එහි පළමුවන ප්‍රශ්නයෙහි නුවණින් සිහිකරන කාලයෙහි නොපිරිහෙන බැවින් ප්‍රතික්ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් රාත්‍රියෙහි හෝ දිවා කාලයෙහි හෝ හැම කාලයේම පිරිහෙන බැවින් පිළිගනී. තෙවැන්නෙහි පරිහානිකර ධර්ම සමග යෙදීමෙහි මොහොතම පරිහානි නම් වේ. එයින් පෙර අපරිහීන වූ පසුව පිරිහුනහුගේ පිරිහීමක් නැතැයි ප්‍රතික්ෂේප කරයි.
සබ්බෙව අරහන්තොති පඤ්හානං පඨමස්මිං තික්ඛින්ද්රියෙ සන්ධාය පටික්ඛිපති. දුතියස්මිං මුදින්ද්රියෙ සන්ධාය පටිජානාති. තතියස්මිම්පි තික්ඛින්ද්රියාව අධිප්පෙතා. තෙසඤ්හි සබ්බෙසම්පි පරිහානි න හොතීති තස්ස ලද්ධි.
සබ්බෙ අරහන්තො ප්රශ්නවල පළමුවැන්නෙහි තීක්ෂණ ඉන්ද්රිය ඇත්තවුන් සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවැන්නෙහි මෘදු ඉන්ද්රියයන් සඳහා පිළිගනී. තෙවැන්නෙහි ද තීක්ෂණ ඉන්ද්රියාම අදහස් කරයි. ඔවුන්ගේ වනාහි සියළු දෙනාගේම පිරිහීම නොවේ යයි ඔහුගේ විශ්වාසයයි.
සෙට්ඨිඋදාහරණෙ පඨමපුච්ඡා පරවාදිස්ස, දුතියා සකවාදිස්ස. තත්රායං අධිප්පායො – යං මං තුම්හෙ පුච්ඡථ – “අරහා අරහත්තා පරිහායන්තො චතූහි ඵලෙහි පරිහායතී”ති, තත්ර වො පටිපුච්ඡාමි – “චතූහි සතසහස්සෙහි සෙට්ඨී සෙට්ඨිත්තං කරොන්තො සතසහස්සෙහි පරිහීනෙ සෙට්ඨී සෙට්ඨිත්තා පරිහීනො හොතී”ති. තතො සකවාදිනා එකදෙසෙන පරිහානිං සන්ධාය “ආමන්තා”ති වුත්තෙ සබ්බසාපතෙය්යා පරිහීනො හොතීති පුච්ඡති. තථා අපරිහීනත්තා සකවාදී න හෙවාති වත්වා අථ නං “එවමෙව අරහාපි පරිහායති ච. න ච චතූහි ඵලෙහී”ති උප්පන්නලද්ධිකං දුතියං භබ්බපඤ්හං පුච්ඡති. පරවාදී සෙට්ඨිනො අභබ්බතාය නියමං අපස්සන්තො පටිජානිත්වා අරහතො චතූහි ඵලෙහි පරිහානිභබ්බතං පුට්ඨො “නියතො සම්බොධිපරායණො”ති (අ· නි· 3.87) වචනස්ස අයොනිසො අත්ථං ගහෙත්වා ලද්ධියං ඨිතො සොතාපත්තිඵලතො පරිහායිතුං අභබ්බතං සන්ධාය පටික්ඛිපති. තං පනස්ස ලද්ධිමත්තමෙවාති.
සෙට්ඨි උදාහරණයෙහි පළමු විචාරීම පරවාදියාටය. දෙවැන්න සකවාදියාටය. එහි අදහස මෙසේය. ඔබලා මගෙන් යමක් විචාරව්ද? අරහා අරහන්තො පරිහායන්තො චතූහි එලෙහි පරිහායති? එහි තොප විචාරමි. චතුහි සත සහස්සෙහි සෙට්ඨි සෙට්ඨිත්තං කරොන්තො සත සහස්සෙහි පරිහීනො, සිටුවරයා සෙට්ඨිත්තා පරිහීනො හොති? එයින් සකවාදියා සක් ලෙසකින් පරිහානිය සඳහා ආමන්තා යයි කී කල්හි සබ්බ සාපතෙය්යො පරිහීනො හොති? විචාරයි. එසේ නොපිරිහෙන බැවින් සකවාදියා නහෙවං යයි කියා ඉක්බිති එසේ රහතන් වහන්සේ ද පිරිහෙත් ද? නොවේ. සතර පලයෙන් උපන් ලබ්ධිය දෙවන සියළු ප්‍රශ්න විචාරයි. පරවාදියා සිටුවරයාගේ අභව්‍යතාව නියම වශයෙන් නොදක්නේ පිළිගෙන රහත්හුගේ සතර ඵලයෙන් පරිහානි භව්‍යතා විචාරණ ලද්දේ ‘නියතො සම්බොධි පරායනො’ යන වචනයේ අර්ථය නුනුවණින් ගෙන ලබ්ධියෙහි සිටියේ සෝවාන් ඵලයෙන් පිරිහීම අභව්‍ය නිසා ප්‍රතික්ෂේප කරයි. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. මෙපමණකින් වාද යුක්තිය නම් නිම වේ.
එත්තාවතා වාදයුත්ති නාම නිට්ඨිතා හොති.
අරියපුග්ගලසංසන්දනපරිහානිවණ්ණනා
අරියපුග්ගලසංසන්දනපරිහානිවණ්ණනා
ඉදානි අරියපුග්ගලසංසන්දනා ආරද්ධා. තත්ථ යස්මා කෙචි අරහතොව පරිහානිං ඉච්ඡන්ති, කෙචි අනාගාමිනොපි, කෙචි සකදාගාමිස්සපි. සොතාපන්නස්ස පන සබ්බෙපි න ඉච්ඡන්තියෙව. යෙ අරහත්තා පරිහායිත්වා අනාගාමිසකදාගාමිභාවෙ ඨිතා, තෙසං පරිහානිං ඉච්ඡන්ති, න ඉතරෙසං අනාගාමිසකදාගාමීනං. සොතාපන්නස්ස පන තෙපි සබ්බථාපි න ඉච්ඡන්තියෙව, තස්මා පෙය්‍යාලමුඛෙන පුච්ඡා කතා. තත්ථ තෙසං ලද්ධිවසෙන පටිඤ්ඤා ච පටික්ඛෙපො ච වෙදිතබ්බා. “පරිහායති අනාගාමී අනාගාමිඵලා”ති හි පඤ්හස්මිං යෙ අනාගාමිනො පරිහානිං න ඉච්ඡන්ති, තෙසං වසෙන පටික්ඛෙපො. යෙ පකතිඅනාගාමිනො වා අරහත්තා පරිහායිත්වා ඨිතඅනාගාමිනො වා පරිහානිං ඉච්ඡන්ති, තෙසං වසෙන පටිඤ්ඤාති ඉදමෙත්ථ නයමුඛං. තස්සානුසාරෙන සබ්බපෙය්යාලා අත්ථතො වෙදිතබ්බා.
දැන් ආර්ය පුද්ගල සංසන්දනය අරඹන ලදී. එහි ඇතමෙක් රහතන් වහන්ගේ පරිහානිය දකිති. ඇතමෙක් අනාගාමියාගේ ද ඇතමෙක් සකදාගාමියාගේ ද දකිති. සෝවාන් වූවහුගේ පරිහානිය සියල්ලෝම නොදකිති. යම් රහත් කෙනෙක් පිරිහී අනාගාමි සකදාගාමි භවයෙහි සිටියේ, ඔවුන්ගේ පිරිහීම දකිති. අනිත් අනාගාමි සකදාගාමීන්ගේ නොවේ. ඔව්හු සෝවාන් වූවහුගේ පිරිහීම සියළු කාලයෙහිම කැමති නොවෙති. එහෙයින් සංක්ෂේපයෙන් විචාරණ කථා. එහි ඔවුන්ගේ ලබ්ධි වශයෙන් පිළිගැනීම ද ප්රතික්ෂේපය ද දතයුතුය. පරිහායති අනාගාමි අනාගාමි ඵලා යන ප්‍රශ්නයෙහි යමෙක් අනාගාමියාගේ පිරිහීම කැමති නොවෙති. ඔවුන්ගේ වශයෙන් ප්රතික්ෂේපය වේ. ඇතමෙක් ප්‍රකෘති අනාගාමි හෝ රහත්හු පිරිහී සිටි අනාගාමි හෝ පිරිහීම දකිති. ඔවුන්ගේ වශයෙන් පිළිගැනීම වේ යනු මෙය මෙහි නය මුඛයයි. ඒ අනුසාරයෙන් සියළු සංක්ෂේප අර්ථයෙන් දතයුතුය.
යං පනෙත්ථ “සොතාපත්තිඵලස්ස අනන්තරා අරහත්තංයෙව සච්ඡිකරොතී”ති වුත්තං, තං පරිහීනස්ස පුන වායමතො අරහත්තප්පත්තිං සන්ධාය වුත්තං. ඉතරො සොතාපත්තිඵලානන්තරං අරහත්තස්ස අභාවා පටික්ඛිපති.
මෙහි සෝවාන් පලයේ අතර රහත්බව අවබෝධ කෙරේයයි කියන ලදී. එය පරිහීනයාගේ නැවත උත්සාහයෙන් රහත්බවට පැමිණීම සඳහා කියන ලදී. අනිත් තැනැත්තා සෝවාන් පලයෙන් අනතුරුව රහත්බවක් නැති නිසා ප්‍රතික්ෂේප කරයි.
තතො පරං “පරිහානි නාමෙසා කිලෙසප්පහානස්ස වා මන්දතාය භවෙය්ය, මග්ගභාවනාදීනං වා අනධිමත්තතාය, සච්චානං වා අදස්සනෙනා”ති එවමාදීනං වසෙන අනුයුඤ්ජිතුං කස්ස බහුතරා කිලෙසා පහීනාතිආදි වුත්තං. තං සබ්බං උත්තානාධිප්පායමෙව සුත්තානං පනත්ථො ආගමට්ඨකථාසු වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ඉන්පසු පරිහානි නම් මෙතෙමේ කෙලෙස් ප්‍රහානයට හෝ උත්සාහ අඩු වන්නේය. මාර්ග භාවනාදියේ හෝ අඩු බැවින්, සත්‍යයන් හෝ නො දැකීමෙන් මේ ආදි වශයෙන් යෙදීමට කස්ස බහුතුරා කිලෙසා පහීනා යනාදිය කියන ලදී. ඒ සියල්ල පැහැදිලි අදහස් ඇත්තේ වේ. සූත්‍රවල අර්ථය ආගමාර්ථ කථාවල (නිකාය අටුවා) කියන ලද නයින්ම දතයුතුය.
සමයවිමුත්තො අරහා අරහත්තා පරිහායතීති එත්ථ මුදින්ද්රියො සමයවිමුත්තො, තික්ඛින්ද්රියො අසමයවිමුත්තොති තෙසං ලද්ධි. සකසමයෙ පන අවසිප්පත්තො ඣානලාභී සමයවිමුත්තො, වසිප්පත්තො ඣානලාභී චෙව සබ්බෙ ච අරියපුග්ගලා අරියෙ විමොක්ඛෙ අසමයවිමුත්තාති සන්නිට්ඨානං. සො පන තං අත්තනො ලද්ධිං ගහෙත්වා සමයවිමුත්තො පරිහායති, ඉතරො න පරිහායතී”ති ආහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
සමය විමුත්තො අරහත්තා පරිහායති යන මෙහි මෘදු ඉන්ද්රිය ඇත්තා සමය විමුත්තය. තීක්ෂණ ඉන්ද්රිය ඇත්තා අසමය විමුත්ත වේ යනු ඔවුන්ගේ ලබ්ධියයි. ස්ව සමය වනාහි වසීප්‍රාප්ත නොවූ ධ්‍යානලාභියා සමය විමුත්ත වේ. වසීප්‍රාප්ත ධ්‍යානලාභියා ද සියළු ආර්ය පුද්ගලයෝ ආය විමෝක්ෂයෙහි අසමය විමුත්ත යයි නිශ්චය වේ. හේ වනාහි තමාගේ ලබ්ධිය ගෙන සමය විමුත්තො පරිහායති ඉතරො න පරිහායති යයි කීය. මෙහි සෙසු අය නොගැඹුරුය.
අරියපුග්ගලසංසන්දනපරිහානිවණ්ණනා.
අරිය පුද්ගල සංසන්දනය නිමි.
සුත්තසාධනපරිහානිවණ්ණනා
සුත්තසාධනපරිහානිවණ්ණනා
ඉදානි සුත්තසාධනා හොති. තත්ථ උච්චාවචාති උත්තමහීනභෙදතො උච්චා ච අවචා ච. පටිපාදාති පටිපදා. සමණෙන පකාසිතාති බුද්ධසමණෙන ජොතිතා. සුඛාපටිපදා හි ඛිප්පාභිඤ්ඤා උච්චා. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා අවචා. ඉතරා ද්වෙ එකෙනඞ්ගෙන උච්චා, එකෙන අවචා. පඨමං වුත්තා එව වා උච්චා, ඉතරො තිස්සොපි අවචා. තාය චෙතාය උච්චාවචාය පටිපදාය න පාරං දිගුණං යන්ති, එකමග්ගෙන ද්වික්ඛත්තුං නිබ්බානං න ගච්ඡන්තීති අත්ථො. කස්මා? යෙන මග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙන තෙසං පුන අප්පහාතබ්බතො. එතෙන පරිහානිධම්මාභාවං දීපෙති. නයිදං එකගුණං මුතන්ති තඤ්ච ඉදං පාරං එකවාරංයෙව ඵුසනාරහං න හොති. කස්මා? එකෙන මග්ගෙන සබ්බකිලෙසානං අප්පහානතො. එතෙන එකමග්ගෙනෙව අරහත්තාභාවං දීපෙති.
දැන් සූත්‍ර ශෝධනය වේ. එහි උච්චාවචා යන උතුම් හීන භේදයෙන් (උච්චා ච අවචා ච) උසස් වූ ද පහත් වූ ද, පටිපදා ප්‍රතිපදාව. සමණෙන පකාසිතා බුද්ධ ශ්‍රමණයා විසින් එළිය කරන ලදී. සැප ප්‍රතිපදාවේ වහා අවබෝධ කරන්නා උසස්ය. දුක් ප්‍රතිපදාවේ පසුබටව අවබෝධ කරන්නා පහත්ය. සෙස්සෝ දෙකේ එක් අංගයකින් උසස්ය. එකකින් පහත්ය. පළමුව කියන ලද්දාම උච්චය. ඉතිරි තිදෙනාම අවචය. න පාරං දිගුණං යන්ති එක් මගින් එක් මගකින් නිවණට දෙවරක් නොයයි යන අර්ථයයි. කුමක් හෙයින්ද? යම් මගකින් සියළු කෙලෙස් ප්‍රහීන නොවේද, මෙයින් එක මගකින්ම රහත්බව දක්වයි.
අත්ථි ඡින්නස්ස ඡෙදියන්ති ඡින්නස්ස කිලෙසවට්ටස්ස පුන ඡින්දිතබ්බං කිඤ්චි අත්ථීති පුච්ඡති. ඉතරො තික්ඛින්ද්රියං සන්ධාය පටික්ඛිපිත්වා පුන පුට්ඨො මුදින්ද්රියං සන්ධාය පටිජානාති. සකවාදී සුත්තං ආහරිත්වා නත්ථිභාවං දස්සෙති. තත්ථ ඔඝපාසොති කිලෙසොඝො චෙව කිලෙසපාසො ච.
අත්ථි ජිනස්ස ඡෙදීයන්ති යනු සිඳිනු ලැබූ කෙලෙස් නැවත සිඳිය යුතු කිසිවක් ඇතිදැයි අසයි. අනිත් තැනැත්තා තීක්ෂණ ඉන්ද්රිය සඳහා ප්‍රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්ද්රිය සඳහා ප්‍රතික්ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්ද්රිය සඳහා පිළිගනී. සකවාදියා සූත්‍රය දක්වා නැති බව පෙන්වයි. එහි ඔඝපාසො යනු කෙලෙස් සැඩපහර මෙන්ම කෙලෙස් තොණ්ඩුව ද වේ.
කතස්ස පටිචයොති භාවිතස්ස මග්ගස්ස පුන භාවනා. ඉධාපි පටික්ඛෙපපටිජානනානි පුරිමනයෙනෙව වෙදිතබ්බානි.
කතස්ස පටිචයො භාවිත මාර්ගයේ නැවත භාවනා මෙහිද ප්‍රතික්ෂේප පිළිගැනීම් පෙර නයින්ම දැනගත යුතුය.
පරිහානාය සංවත්තන්තීති පරවාදිනා ආභතෙ සුත්තෙ පඤ්ච ධම්මා අප්පත්තපරිහානාය චෙව ලොකියසමාපත්තිපරිහානාය ච සංවත්තන්ති. සො පන පත්තස්ස අරහත්තඵලස්ස පරිහානාය සල්ලක්ඛෙති. තෙනෙව අත්ථි අරහතො කම්මාරාමතාති ආහ. ඉතරොපි අසමයවිමුත්තං සන්ධාය පටික්ඛිපිත්වා ඉතරං සන්ධාය පටිජානාති. කාමරාගවසෙන වා පවත්තමානං තං පටික්ඛිපිත්වා ඉතරථා පවත්තමානං පටිජානාති. රාගාදීනං පන අත්ථිතං පුට්ඨො පටිජානිතුං න සක්කොති.
පරිහානාය සංවත්තන්ති පරවාදියා විසින් ගෙනෙන ලද සූත්‍රයෙහි පංචධර්ම නොපැමිණි පිරිහීම සඳහා මෙන්ම ලෞකික සමාපත්ති පිරිහීම පිණිස ද පවතී. හේ වනාහි පැමිණි රහත්පල පිරිහීම සලකයි. එයින්ම අත්ථි අරහතො කම්මා රාමතා යයි කීය. අනිකාද අසමය විමුත්තිය සඳහා ප්‍රතික්ෂේප කොට අනිකා සඳහා පිළිගනී. කාමරාග වශයෙන් හෝ පවතින එය ප්‍රතික්ෂේප කොට අන්‍ය ආකාරයකින් පැවැත්ම පිළිගනී. රාගාදිය වනාහි ඇද්දැයි අසන ලද්දේ පිළිගැනීමට නොහැකි වේ.
කිං පරියුට්ඨිතොති කෙන පරියුට්ඨිතො අනුබද්ධො අජ්ඣොත්ථතො වා හුත්වාති අත්ථො. අනුසයපුච්ඡායපි තික්ඛින්ද්රියමුදින්ද්රියවසෙනෙව පටික්ඛෙපපටිජානනානි වෙදිතබ්බානි. කල්යාණානුසයොති වචනමත්තසාමඤ්ඤෙන වා පටිජානාති. රාගො උපචයං ගච්ඡතීති භාවනාය පහීනං සන්ධායාහ. පරතො දොසමොහෙසුපි එසෙව නයො. සක්කායදිට්ඨිආදීනං පන දස්සනෙන පහීනත්තා උපචයං න ඉච්ඡති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
කිං පරියුට්ඨිතො යනු කුමකින් නැගිටියේද? අනුබන්ධය මැඩගත්තේ හෝ වී යයි අර්ථයයි. අනුසය විචාරීමද තීක්ෂණ ඉන්ද්රිය මෘදු ඉන්ද්රිය වශයෙන්ම ප්‍රතික්ෂේප පිළිගැනීම් දතයුතුය. ‘කල්යාණුසයො’ යන වචන මාත්‍ර සමාන වීමෙන් හෝ පිළිගනී. රාගො උපවයං ගච්ඡති භාවනාවෙන් ප්රහීනය සඳහා කීය. පසුව දෝස මෝහවලද මෙම නයම වේ. සක්කාය දෘෂ්ටි ආදීන්ගේ වනාහි දර්ශනයෙන් ප්‍රහීන බැවින් රැස්කිරීම අකැමති වේ. සෙසු සියළු තැන නොගැඹුරු අරුත් වේ.
සුත්තසාධනා.
සූත්‍ර සොධනය නිමි.
පරිහානිකථා නිට්ඨිතා.