යෙදුමෙන් කියවන්න

බ්‍රහ‍්මචරියකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. බ්‍රහ්මචරිය කථා

සුද‍්ධබ්‍රහ‍්මචරියකථාවණ‍්ණනා

සුද්ධබ්රහ්මචරියකථාවණ්ණනා

ඉදානි බ්‍රහ‍්මචරියකථා හොති. තත්‍ථ ද‍්වෙ බ්‍රහ‍්මචරියවාසා, මග‍්ගභාවනා ච පබ‍්බජ‍්ජා ච. පබ‍්බජ‍්ජා සබ‍්බදෙවෙසු නත්‍ථි. මග‍්ගභාවනා ඨපෙත්‍වා අසඤ‍්ඤසත‍්තෙ සෙසෙසු අප‍්පටිසිද‍්ධා. තත්‍ථ යෙ පරනිම‍්මිතවසවත‍්තිදෙවෙ උපාදාය තදුපරිදෙවෙසු මග‍්ගභාවනම‍්පි න ඉච‍්ඡන‍්ති සෙය්‍යථාපි සම‍්මිතියා, තෙ සන්‍ධාය නත්‍ථි දෙවෙසූති පුච‍්ඡා සකවාදිස‍්ස. “තීහි, භික‍්ඛවෙ, ඨානෙහි ජම‍්බුදීපකා මනුස‍්සා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිග‍්ගණ‍්හන‍්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා සතිමන‍්තො ඉධ බ්‍රහ‍්මචරියවාසො”ති (අ· නි· 9.21) ඉදං සුත‍්තං නිස‍්සාය ද‍්වෙපි බ්‍රහ‍්මචරියවාසා නත්‍ථි දෙවෙසූති උප‍්පන‍්නලද‍්ධිවසෙන පටිඤ‍්ඤා පරවාදිස‍්ස. පුන ද‍්වින‍්නම‍්පි බ්‍රහ‍්මචරියානං අන‍්තරායිකධම‍්මවසෙනෙව සබ‍්බෙ දෙවා ජළාති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ හත්‍ථසංවාචිකාති මූගා විය හත්‍ථමුද‍්ධාය වත‍්තාරො. පරතො අත්‍ථි දෙවෙසූති පුච‍්ඡා පරවාදිස‍්ස, මග‍්ගභාවනං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. පටිඤ‍්ඤාය අධිප‍්පායං අසල‍්ලක‍්ඛෙත්‍වා පබ‍්බජ‍්ජාවසෙන අනුයොගො පරවාදිස‍්ස.

දැන් බ්‍රහ්මචරිය කථා වේ. එහි බ්‍රහ්මචරිය වාස දෙකකි. මාර්ග භාවනාව ද පැවිද්ද ද යනුවෙනි. පැවිද්ද සියළු දෙවියන් කෙරෙහි නැත. මාර්ග භාවනා අසංඥ සත්ත්වයෙහි හැර නොවලක්වන ලදී. එහි යමෙක් පරනිම්මිත වසවත්ති දෙවියන් කෙරෙහි දැඩිසේ ගෙන ඉන් ඉහළ දෙවියන් කෙරෙහි මාර්ග භාවනා නොකැමති වෙති. සම්මිතියන් මෙනි. ඔවුන් සඳහා නත්‍ථි දෙසු නය විචාරීම එකවාදියාගේය. ‘මහණෙනි, ස්ථාන තුනක බ්‍රහ්මචරිය වාසිය ඇත. දඹදිව මිනිස්සු, උතුරුකුරු දිවයිනේ මිනිස්සු, තව්තිසා දෙවියන් යන මොවුන් වසන තැන්. මේ සූත්‍රයේ කොටස් දෙකක දෙවියන්ට බ්‍රහ්මචරිය වාසය නැතැයි උපත් ලබ්ධි වශයෙන් පිළිගැනීම පරවාදියාටය. නැවත දෙදෙනාම බ්‍රහ්මචරියාවට අන්තරායික ධර්ම වශයෙන් සබ්බෙ දෙවා ඡළා යයි විචාරීම සකවාදියාටය. එහි හත්තසංවාචිකා යනු ගොළුවකු මෙන් හස්ත මුද්‍රාවෙන් කියන්නා. පසුව අත්‍ථි දෙවෙසු යයි විචාරීම පරවාදියාටය. මග්ග භාවනා සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. ප්‍රතිඥාවේ අදහස නො සලකා පැවිද්ද වශයෙන් අනුයෝගය පරවාදියාටය.

යත්‍ථ නත්‍ථි පබ‍්බජ‍්ජාති පඤ‍්හෙ ගිහීනඤ‍්චෙව එකච‍්චානඤ‍්ච දෙවානං මග‍්ගපටිලාභං සන්‍ධාය පටික‍්ඛෙපො තස‍්සෙව. පුන පුට‍්ඨො පච‍්චන‍්තවාසිනො චෙව අසඤ‍්ඤසත‍්තෙ ච සන්‍ධාය පටිඤ‍්ඤා තස‍්සෙව. යො පබ‍්බජතීතිආදීසු පුච‍්ඡාසුපි එසෙව නයො. පුන “අත්‍ථි දෙවෙසූ”ති පඤ‍්හෙපි මග‍්ගභාවනං සන්‍ධායෙව පටිඤ‍්ඤා සකවාදිස‍්ස, “සබ‍්බදෙවෙසූ”ති වුත‍්තෙ අසඤ‍්ඤසත‍්තෙ සන්‍ධාය පටික‍්ඛෙපො තස‍්සෙව.

යත්‍ථ නත්‍ථි පබ්බජ්ජා ප්‍රශ්නයෙහි ගිහීන්ට ද ඇතැම් දෙවියන්ට ද මාර්ග ප්‍රතිලාභය සඳහා ප්‍රතික්‍ෂේපය ඔහුටමය. නැවත විචාරණ ලද්දේ ප්‍රත්‍යන්තවාසීන් මෙන්ම අසංඥ සත්ත්වයා ද සඳහා ප්‍රතිඥාව ඔහුටමය. යො පබ්බජ්ජති යනාදියෙන් විචාරීම්ද මෙම නයම වේ. නැවත අත්‍ථි දෙමෙසු යයි ප්‍රශ්නයෙහි ද මාර්ග භාවනාව සඳහාම ප්‍රතික්‍ෂාව සකවාදියාටය. සබ්බ දෙවෙසු යයි කී කල්හි අසංඥ සත්ත්වයා සඳහා ප්‍රතික්‍ෂේපය ඔහුටමය.

මනුස‍්සෙසූති පඤ‍්හද‍්වයෙ ජම‍්බුදීපකෙ සන්‍ධාය පටිඤ‍්ඤා. පච‍්චන‍්තවාසිනො සන්‍ධාය පටික‍්ඛෙපො වෙදිතබ‍්බො.

මනුස්සෙසු යන ප්‍රශ්න දෙකෙහි ජම්බදීපකයින් සඳහා ප්‍රතිඥාව ප්‍රත්‍යන්තවාසීන් සඳහා ප්‍රතික්‍ෂේපය දතයුතුය.

අත්‍ථි යත්‍ථ අත්‍ථීති අත්‍ථි තෙ දෙවා, අත්‍ථි වා සො පදෙසො, යත්‍ථ අත්‍ථීති එවං සත‍්තපදෙසවිභාගමුඛෙන විස‍්සජ‍්ජනං සකවාදිස‍්ස. ඉමිනා නයෙන සබ‍්බෙ එකන‍්තරිකපඤ‍්හා වෙදිතබ‍්බා.

අත්‍ථි යත්‍ථ අත්‍ථි යන ඔබගේ දෙවියෝ ඇත්ද, හෝ ඒ ප්‍රදේශ යම් තැනක ඇත්දැයි මෙසේ සත්ත්ව ප්‍රදේශ විභාග මුඛයෙන් විසඳීම සකවාදියාටය. මෙම නයින් සියළු ඒකන්තරික ප්‍රශ්න දතයුතුය.

සුත‍්තානුයොගෙ කුහිං ඵලුප‍්පත‍්තීති තස‍්ස අනාගාමිනො අරහත‍්තඵලුප‍්පත‍්ති කුහින‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථෙවාති සුද‍්ධාවාසෙසූති අත්‍ථො.

සූත්‍ර අනුයෝගයෙහි කුහිං ඵලුප්පත්ති ඒ අනාගාමියාට රහත්පල ලැබීම කොහේදැයි විචාරීම සකවාදියාටය. තත්‍ථෙව යනු සුද්ධාවාසවලය.

හන්‍ද හීති කාරණත්‍ථෙ නිපාතො. ඉදං වුත‍්තං හොති – යස‍්මා අනාගාමිපුග‍්ගලො ඉධ ලොකෙ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ සුද‍්ධාවාසෙසු ඵලං සච‍්ඡිකරොති, න තත්‍ථ අඤ‍්ඤං මග‍්ගං භාවෙති, තස‍්මා නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසොති.

හන්‍දසී කාරණ අරුතෙහි නිපාතයකි. මෙය කියන ලදී. අනාගාමි පුද්ගලයා මෙම ලෝකයෙහි වඩන ලද මගින් එහි සුද්ධාවාසවල පල අවබෝධ කරයි. එහි වෙනත් මාර්ගයක් නොවඩයි. එහෙයින් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචරිය වාසයක් නැත.

සංසන්‍දනබ්‍රහ‍්මචරියවණ‍්ණනා

සංසන්දනබ්රහ්මචරියවණ්ණනා

ඉදානි යදි අඤ‍්ඤත්‍ථ භාවිතෙන මග‍්ගෙන අඤ‍්ඤත්‍ථ ඵලසච‍්ඡිකිරියා හොති, සොතාපන‍්නාදීනම‍්පි සියාති එතමත්‍ථං දස‍්සෙතුං පුන අනාගාමීතිආදීනං සංසන්‍දනපුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ අනාගාමිස‍්ස ඵලසච‍්ඡිකිරියාය පටිඤ‍්ඤා, සෙසානං ඵලසච‍්ඡිකිරියාය පටික‍්ඛෙපො පරවාදිස‍්ස. ඉධ භාවිතමග‍්ගො හි අනාගාමී ඉධවිහායනිට‍්ඨො නාම හොති. සො ඉධ අනාගාමිමග‍්ගං භාවෙත්‍වා “ඔපපාතිකො තත්‍ථපරිනිබ‍්බායී”ති වචනතො “පුන මග‍්ගභාවනං විනා උපපත‍්තිවසෙනෙව අරහත‍්තඵලං සච‍්ඡිකරොතී”ති තස‍්ස ලද‍්ධි. සොතාපන‍්නසකදාගාමිනො පන තත්‍ථ මග‍්ගං භාවෙත්‍වා තත්‍රුපපත‍්තිකා නාම හොන‍්තීති තෙසං ඉධාගමනඤ‍්ඤෙව නත්‍ථි. ඉති සො අනාගාමිස‍්ස ඵලසච‍්ඡිකිරියං පුට‍්ඨො පටිජානාති. ඉතරෙසං පටික‍්ඛිපති.

දැන් ඉදින් අන්තැනක වඩන ලද මාර්ගයෙන් අන්තැනක පල අවබෝධ කිරීම වේ. එහෙයින් සෝවාන් ආදීන්ටද වන්නේ යයි මේ අර්ථය දැක්වීමට නැවත අනාගාමි යනාදීන්ගේ සංසන්දන විචාරීම සකවාදියාටය. එහි අනාගාමියාගේ පල අවසේසය පිළිගැනීම සෙස්සන්ගේ පල අවබෝධය ප්‍රතික්‍ෂේප කිරීම පරවාදියාටය. මෙහි වඩන ලද මාර්ග ඇති අනාගාමියා මෙහි හැර නිට්ඨ නම් වේ. හෙතෙම ‘මෙහි අනාගාමි මාර්ගය වඩා එහි ඕපපාතිකව ඉපදී පිරිනිවේ’ යන වචනයෙන් නැවත මාර්ග භාවනා හැර උත්පත්ති වශයෙන්ම රහත්පලය අවබෝධ කෙරේ යයි ඔහුගේ ලබ්ධියයි. සෝවාන් සකදාගාමීහු වනාහි එහි මාර්ගය වඩා එහි උපදිත්. ඔවුන්ගේ මෙහි පැමිණීමක් නැත. මෙසේ හේ අනාගාමියාගේ පල අවබෝධය විචාරණ ලද්දේ පිළිගනී. සෙස්සන්ගේ ප්‍රතික්‍ෂේප කරයි.

අනාගාමී පුග‍්ගලො තත්‍ථ භාවිතෙන මග‍්ගෙනාති පඤ‍්හෙ “අනාගාමිනො තත්‍ථ මග‍්ගභාවනාව නත්‍ථී”ති ලද‍්ධියා පටික‍්ඛිපති. මග‍්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන‍්තීති පුච‍්ඡා සකවාදිස‍්ස , රූපාවචරමග‍්ගං සන්‍ධාය පටිඤ‍්ඤා ඉතරස‍්ස. රූපාවචරමග‍්ගෙන හි සො ඉධවිහායනිට‍්ඨො නාම ජාතො.

අනාගාමි පුග්ගලො තත්‍ථ භාවිතෙන මග්ගෙන ප්‍රශ්නයෙහි අනාගාමියාව එහි මාර්ග භාවනා නැතැයි යන ලබ්ධියෙන් ප්‍රතික්‍ෂේප කරයි. මග්ගො ච භාවියති න ච කිලෙසා පහීයන්ති යන විචාරීම සකවාදියාගේය. රූපාවචර මාර්ගය සඳහා ප්‍රතිඥාව අනිකාගේය. රූපාවචර මගින් වනාහි හෙතෙම මෙහි හැර උපන්නේය.

අනාගාමී පුග‍්ගලො කතකරණීයොති පඤ‍්හෙ “ඔපපාතිකො තත්‍ථපරිනිබ‍්බායී”ති වචනතො උපපත‍්තියාවස‍්ස කතකරණීයාදිභාවං සන්‍ධාය පටිජානාති. අරහාති පඤ‍්හෙ ඉධපරිනිබ‍්බායිනො අරහතො වසෙනෙව පටික‍්ඛිපති. පුන පුට‍්ඨො තත්‍ථපරිනිබ‍්බායිනො වසෙන පටිජානාති.

අනාගාමි පුග්ගලො කතකරණීයො යන ප්‍රශ්නයෙහි ‘ඕපපාතිකව එහි පිරිනිවේ’ යන වචනයෙන් උත්පත්තිය ද ඔහුගේ කතාකරණයේ අභාවය සඳහා පිළිගනී. අරහා යන ප්‍රශ්නයෙහි මෙහි පිරිනිවන් පාන්නෝ රහතුන් වේ වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ එහි පිරිනිවන් පාන්නවුන් වශයෙන් පිළිගනී.

අත්‍ථි අරහතො පුනබ‍්භවොතිආදීසුපි තත්‍ථපරිනිබ‍්බායී ඉධපරිනිබ‍්බායීනං වසෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. අප‍්පටිවිද‍්ධාකුප‍්පොව තත්‍ථපරිනිබ‍්බායතීති පුට‍්ඨො ඉධෙව භාවිතෙන මග‍්ගෙන තස‍්ස අකුප‍්පපටිවෙධං ඉච‍්ඡන‍්තො පටික‍්ඛිපති.

අත්ති අරහතො පුනබ්භවො යනාදියෙහි එහි පිරිනිවන් පාන්නා මෙහි පිරිනිවන් පාන්නා වශයෙන්ම අර්ථය දතයුතුය. අප්පටිවිද්ධා කුප්පො ච තත්‍ථ පරිනිබ්බායි යයි විචාරණ ලද්දේ මෙහිම වඩන ලද මගින් රහතන් වහන්සේගේ අකුප්ප අවබෝධය කැමති වන්නේ ප්‍රතික්‍ෂේප කරයි.

යථා මිගොති පඨමං උදාහරණං පරවාදිස‍්ස, දුතියං සකවාදිස‍්ස. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

යථා මිගො පළමු උදාහරණය පරවාදියාගේය. දෙවැන්න සකවාදියාගේය. සෙසු සියළු තැන පැහැදිලි අරුත් වේ.

බ්‍රහ‍්මචරියකථා නිට‍්ඨිතා.