යෙදුමෙන් කියවන්න

බ්‍රහ‍්මචරියකථා

1. 3.

1. 3.

බ්‍රහ‍්මචරියකථා

බ්‍රහ්මචරියකථා

[මාර්‍ගභාවනා යැ ප්‍රව්‍රජ්‍යා යැ යි බ්‍රහ්මචර්‍ය්‍යවාසයෝ දෙදෙනෙකි. එහි ප්‍රව්‍රජ්‍යාව දෙවියන් කෙරෙහි නැත. මාර්‍ගභාවනාව අසංඥසත්ත්‍වයන් තබා තෙසු දෙවියන් කෙරෙහි ප්‍රතිෂේධ නො වෙයි. එතෙකුදු වුව සම්මිතිය නිකායවාසිහු පරනිර්මිතවශවර්ති දෙවියන් පටන් මතු මතු දෙවියන් කෙරෙහි මාර්‍ගභාවනා බ්‍රහ්මචර්‍ය්‍යවාසය කැමැති නො වෙති. උන්ගේ වාද බිඳුනට බ්‍රහ්මචර්‍ය්‍යකථා එයි.]

1. ස. පු: නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

1. ස. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බෙ දෙවා ජළා එලමූගා අවිඤ‍්ඤූ හත්‍ථසංවාචිකා න පටිබලා සුභාසිතදුබ‍්භාසිතානං අත්‍ථමඤ‍්ඤාතුං, සබ‍්බෙ දෙවා න බුද‍්ධෙ පසන‍්නා න ධම‍්මෙ පසන‍්නා න සඞ‍්ඝෙ පසන‍්නා, න බුද‍්ධං භගවන‍්තං පයිරුපාසන‍්ති, න බුද‍්ධං භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡන‍්ති, න බුද‍්ධෙන භගවතා පඤ‍්හෙ විස‍්සජ‍්ජිතෙ අත‍්තමනා, සබ‍්බෙ දෙවා කම‍්මාවරණෙන සමන‍්නාගතා කිලෙසාවරණෙන සමන‍්නාගතා විපාකාවරණෙන සමන‍්නාගතා අස‍්සද‍්ධා අච‍්ඡන්‍දිකා දුප‍්පඤ‍්ඤා අභබ‍්බා නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං, සබ‍්බෙ දෙවා මාතුඝාතකා පිතුඝාතකා අරහන‍්තඝාතකා රුහිරුප‍්පාදකා සඞ‍්ඝභෙදකා, සබ‍්බෙ දෙවා පාණාතිපාතිනො අදින‍්නාදායිනො කාමෙසු මිච‍්ඡාචාරිනො මුසාවාදිනො පිසුනාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපිනො අභිජ‍්ඣාලුනො බ්‍යාපන‍්නචිත‍්තා මිච‍්ඡාදිට‍්ඨිකා’ති.

ස. අනු: හැම දෙවියෝ ජඩ වෙත් ද? වහතොලු වෙත් ද? අවිඥ වෙත් ද? හස්තමුද්‍රායෙන් බණනාහු වෙත් ද? සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල නො වෙත් ද? හැම දෙවියෝ බුදුන් කෙරෙහි අප්‍රසන්න වෙත් ද? ධර්‍මය කෙරෙහි අප්‍රසන්න වෙත් ද? සඞ්ඝයා කෙරෙහි අප්‍රසන්න වෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ පර්‍ය්‍යුපාසනා නො කෙරෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ අතින් පැන නො පුළුවුසිත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ විසින් පැන විසඳු කල සියමන් නො වෙත් ද? හැම දෙවියෝ කර්‍මාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? විපාකාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? අශ්‍රද්ධ වෙත් ද? අච්ඡන්‍දික වෙත් ද? දුෂ්ප්‍රාඥ වෙත් ද? කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බැසගන්නට අභව්‍ය වෙත් ද? හැම දෙවියෝ මාතෘඝාතක පිතෘඝාතක අර්‍හත්ඝාතක රුධිරොත්පාදක සඞ්ඝභේදක වෙත් ද? හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇතියාහු මුසවා බණන්නාහු පෙහෙසුන් වචන ඇතියාහු පරොස්බස් ඇතියාහු පලප් බණන්නාහු ලොබ බිහිලු වූවාහු ව්‍යාපන්නසිත් ඇතියාහු මිසදිටු ඇතියාහු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: නනු අත්‍ථි දෙවා අජළා අනෙලමූගා විඤ‍්ඤූ න හත්‍ථසංවාචිකා පටිබලා සුභාසිතදුබ‍්භාසිතානං අත්‍ථමඤ‍්ඤාතුං, අත්‍ථි දෙවා බුද‍්ධෙ පසන‍්නා ධම‍්මෙ පසන‍්නා සඞ‍්ඝෙ පසන‍්නා, බුද‍්ධං භගවන‍්තං පයිරුපාසන‍්ති, බුද‍්ධං භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡන‍්ති, බුද‍්ධෙන භගවතා පඤ‍්හෙ විස‍්සජ‍්ජිතෙ අත‍්තමනා හොන‍්ති, අත්‍ථි දෙවා න කම‍්මාවරණෙන සමන‍්නාගතා, න කිලෙසාවරණෙන සමන‍්නාගතා, න විපාකාවරණෙන සමන‍්නාගතා, සද‍්ධාඡන්‍දිකා පඤ‍්ඤාවන‍්තො භබ‍්බා නියාමං ධම‍්මං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං, අත්‍ථි දෙවා න මාතුඝාතකා න පිතුඝාතකා න අරහන‍්තඝාතකා න රුහිරුප‍්පාදකා න සඞ‍්ඝභෙදකා. අත්‍ථි දෙවා න පාණාතිපාතිනො න අදින‍්නාදායිනො න කාමෙසු මිච‍්ඡාචාරිනො න මුසාවාදිනො න පිසුනාවාචා න ඵරුසාවාචා න සම‍්ඵප‍්පලාපිනො න අභිජ‍්ඣාලුනො න අව්‍යාපන‍්නචිත‍්තා සම‍්මාදිට‍්ඨිකා’ති.

ස. අනු: ජඩ නො වූ වහතොලු නො වූ විඥ වූ හස්තමුද්‍රායෙන් නො බණන්නා වූ සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? බුදුවරුන්හි පසන්, ධමුරුවන්හි පසන්, සඟුරුවන්හි පසන්, භගවත් සම්බුද්ධයන් පර්‍ය්‍යුපාසනා කරන, භගවත් සම්බුද්ධයන් පැන පුළුවුස්නා, භගවත් සම්බුද්ධයන් විසින් පැන විසඳු කල සතුටු වන දෙවියෝ ඇත්තාහු නො වේ ද? කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූ ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූ විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූ සැදැහැ ඇති, කුසලච්ඡන්‍ද ඇති, ප්‍රඥා ඇති, කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමධර්‍මයට බැසගන්නට භව්‍ය වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? මාතෘඝාතක නො වූ, පිතෘඝාතක නො වූ, අර්‍හත්ඝාතක නො වූ, රුධිරොත්පාදක නො වූ, සඞ්ඝභේදක නො වූ, දෙවියෝ ඇත්තාහු නො වේ ද? පණිවා නො කරන, අයිනාදන් නො ගන්නා, කාමයෙහි මිසහසර නැති, මුසවා නො බණන, පිසුනුබස් නැති, පරොස් බස් නැති, පලප් නො බණන, ලොබ බිහිලි නො වූ ව්‍යාපන්නසිත් නැති දෙවියෝ ඇත්තාහු නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථි දෙවා අජළා අනෙලමූගා විඤ‍්ඤූ න හත්‍ථසංවාචිකා පටිබලා සුභාසිතදුබ‍්භාසිතානං අත්‍ථමඤ‍්ඤාතුං -පෙ- අත්‍ථි දෙවා බුද‍්ධෙ පසන‍්නා -පෙ- සම‍්මාදිට‍්ඨිකා,

අනු. ඨ: එ බැවින් ජඩ නො වූ වහතොලු නො වූ නුවණැති, හස්තමුද්‍රායෙන් නො බණන, සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ … දෙවියෝ ඇත. බුදුරුවන්හි පහන් … සම්දිටු ඇති දෙවියෝ ඇත.

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො”ති.

අනු. පා: භවත, දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ ….

2. ප. පු: අත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

2. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථි තත්‍ථ පබ‍්බජ‍්ජා මුණ‍්ඩියං කාසාවධාරණා පත‍්තධාරණා. දෙවෙසු සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සාවකයුගං උප‍්පජ‍්ජතී’ති.

ප. අනු: එහි පැවිද්ද, හිසමුඬු කිරීම, කහවත් ධැරීම්, පාත්‍ර ධැරීම් ඇත් ද? දෙවියන් කෙරෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදනාහු වෙත් ද? පසේබුදුහු උපදනාහු වෙත් ද? ශ්‍රාවකයුග්ම උපදනේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

3. ස. පු: දෙවෙසු පබ‍්බජ‍්ජා නත්‍ථි’ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

3. ස. පු: දෙවියන් කෙරෙහි පැවිද්ද නැති’ යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ අත්‍ථි පබ‍්බජ‍්ජා තත්‍ථෙව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි පබ‍්බජ‍්ජා නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක පැවිද්ද ඇත් ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ අත්‍ථි පබ‍්බජ‍්ජා තත්‍ථෙව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි පබ‍්බජ‍්ජා නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක පැවිද්ද ඇද්ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ. (පසල්වැස්සන් හා අසංඥසත්ත්‍වයන් සඳහා ප්‍රතිඥා යි.)

ස. අනු: යො පබ‍්බජති තස‍්සෙව බ්‍රහ‍්මචරියවාසො, යො න පබ‍්බජති නත්‍ථි තස‍්ස බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යමෙක් පැවිදි වේ නම් ඔහුට මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යමෙක් පැවිදි නො වේ නම් ඔහුට බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

4. ස. පු: ‘දෙවෙසු මුණ‍්ඩියං නත්‍ථි’ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

4. ස. පු: දෙවියන් කෙරෙහි හිස මුඬු කිරීම නැතියි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ අත්‍ථි මුණ‍්ඩියං තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි මුණ‍්ඩියං නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇත් නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැත් නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ අත්‍ථි මුණ‍්ඩියං තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි මුණ‍්ඩියං නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇති නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: යො මුණ‍්ඩො හොති තස‍්සෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යො මුණ‍්ඩො න හොති නත්‍ථි තස‍්ස බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යමෙක් මුණ්ඩ වේ නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් මුණ්ඩ නො වේ නම් ඔහුට බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

5. ස. පු: “දෙවෙසු කාසාවධාරණා නත්‍ථි’ති” නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

5. ස. පු: දෙවියන් කෙරෙහි කසාවත් ධැරීම නැතියි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ අත්‍ථි කාසාවධාරණා තත්‍ථෙව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි කාසාවධාරණා නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ අත්‍ථි කාසාවධාරණා තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථි කාසාවධාරණා නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරිය වාසො’ති.

ස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යො කාසාවං ධාරෙති තස‍්සෙව බ්‍රහ‍්මචරියවාසො, යො කාසාවං න ධාරෙති නත්‍ථි තස‍්ස බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යමෙක් කහවත් ධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් කහවත් නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

6. ස. පු: ‘දෙවෙසු පත‍්තධාරණා නත්‍ථි’ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති

6. ස. පු: ‘දෙවියන් කෙරෙහි පාත්‍ර ධැරීම් නැති’යි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ අත්‍ථි පත‍්තධාරණා තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ නත්‍ථී පත‍්තධාරණා නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක පාත්‍ර ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පාත්‍ර ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යො පත‍්තං ධාරෙති තස‍්සෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යො පත‍්තං න ධාරෙති නත්‍ථි තස‍්ස බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යමෙක් පාත්‍රධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් පාත්‍ර නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

7. ස. පු: දෙවෙසු සම‍්මාසම‍්බුද‍්ධා නුප‍්පජ‍්ජන‍්තී’ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

7. ස. පු: ‘දෙවියන් කෙරෙහි සම්‍යක්සම්බුද්ධයෝ නූපදිති’යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධා නූප‍්පජ‍්ජන‍්ති නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධා නූප‍්පජ‍්ජන‍්ති නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලුම‍්බිනියා භගවා ජාතො, බොධියා මූලෙ අභිසම‍්බුද‍්ධො, බාරාණසියං භගවතා ධම‍්මචක‍්කං පවත‍්තිතං, තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, නත්‍ථඤ‍්ඤත්‍ර බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: ලුම්බිනියෙහි භාග්‍යවත්හු උපන්හ. බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූහ. බරණැස්හි දී භාග්‍යවත්හු විසින් දම්සක් පවත්වනලදි. එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? අන්තන්හි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

8. ස. පු: “දෙවෙසු පච‍්චෙකසම‍්බුද‍්ධා නුප‍්පජ‍්ජන‍්ති”ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

8. ස. පු: ‘දෙවියන් කෙරෙහි පසේබුදුවරු නූපදිත්’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ පච‍්චෙකසම‍්බුද‍්ධා නුප‍්පජ‍්ජන‍්ති, නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථෙ ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ පච‍්චෙකසම‍්බුද‍්ධා නුප‍්පජ‍්ජන‍්ති, නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් ද, එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් ද, එහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, නත්‍ථඤ‍්ඤත්‍ර බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: මධ්‍යමජනපදයෙහි පසේබුදුවරු උපදිති. එහි මැ බඹසරවස් වේ ද? අන් තන්හි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. පු: දෙවෙසු සාවකයුගං නුප‍්පජ‍්ජතී’ති නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. පු: ‘දෙවියන් කෙරෙහි ශ්‍රාවකයුග්ම පහළ නො වේ’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යත්‍ථ සාවකයුගං උප‍්පජ‍්ජති, තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ සාවකයුගං නුප‍්පජ‍්ජති, නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. අනු: යත්‍ථ සාවකයුගං උප‍්පජ‍්ජති, තත්‍ථෙව බ්‍රහ‍්මචරියවාසො, යත්‍ථ සාවකයුගං නුප‍්පජ‍්ජතී, නත්‍ථි තත්‍ථ බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මගධෙසු සාවකයුගං උප‍්පන‍්නං, තත්‍ථෙ’ව බ්‍රහ‍්මචරියවාසො, නත්‍ථඤ‍්ඤත්‍ර බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. අනු: මගධයෙහි ශ්‍රාවකයුග්ම පහළ විය. එහි මැ බඹසරවස් ඇද්ද? අන් තන්හි බඹසරවස් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තෙබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

9. ප. පු: අත්‍ථී දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

9. ප. පු: ‘දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සබ‍්බදෙවෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: හැම දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අත්‍ථි මනුස‍්සෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සබ‍්බමනුස‍්සෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: හැම මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

10. ප. පු: අත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

10. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අසඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. පු: අත්‍ථි මනුස‍්සෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චන‍්තිමෙසු ජනපදෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො මිළක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානන‍්ති.

ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනව්යෙහි ම්ලෙච්ඡ වූ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

11. ප. පු: අත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

11. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?

ස. චි: අත්‍ථි යත්‍ථ අත්‍ථී, අත්‍ථී යත්‍ථ නත්‍ථි’ති.

ස. වි: යම් තැනක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.

ප. අනු: අසඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි යත්‍ථ අත්‍ථි, අත්‍ථී යත්‍ථ නත්‍ථී බ්‍රහ‍්මචරියවාසො, සඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි යත්‍ථ අත්‍ථි, අත්‍ථි යත්‍ථ නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

12. ප. පු: දෙවෙසු අත්‍ථි යත්‍ථ අත්‍ථී, අත්‍ථී යත්‍ථ නත්‍ථී බ්‍රහ‍්මචරියවාසො’ති.

12. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. පු: කත්‍ථ අත්‍ථී කත්‍ථ නත්‍ථී’ති.

ප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද් ද?

ස. වි: අසඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො, සඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. වි: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැත. සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇත.

ප. පු: අසඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. පු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

13. ප. පු: සඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

13. ප. පු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අසඤ‍්ඤසත‍්තෙසු දෙවෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

14. ප. පු: අත්‍ථි මනුස‍්සෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

14. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?

ස. වි: අත්‍ථි යත්‍ථ අත්‍ථි, අත්‍ථි යත්‍ථ නත්‍ථි’ති.

ස. වි: යම් තැනෙක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.

ප. අනු: පච‍්චන‍්තිමෙසු ජනපදෙසු අත්‍ථී යත්‍ථ අත්‍ථී, අත්‍ථී යත්‍ථ නත්‍ථී බ්‍රහ‍්මචරියවාසො, මිළක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං, මජ‍්ඣිමෙසු ජනපදෙසු අත්‍ථි යත්‍ථ අත්‍ථී, අත්‍ථී යත්‍ථ නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: මහණ–මෙහෙණ උවසු–උවැසියන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

15. ප. පු: මනුස‍්සෙසු අත්‍ථි යත්‍ථ අත්‍ථි, අත්‍ථි යත්‍ථ නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

15. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. පු: කත්‍ථ අත්‍ථි, කත්‍ථ නත්‍ථි’ති.

ප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද්ද?

ස. වි: පච‍්චන‍්තිමෙසු ජනපදෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො මිළක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං මජ‍්ඣිමෙසු ජනපදෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ස. වි: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැත. මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇත.

ප. අනු: පච‍්චන‍්තිමෙසු ජනපදෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො මිළක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානන‍්ති.

ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. පු: මජ‍්ඣිමෙසු ජනපදෙසු නත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

16. ප. පු: මජ‍්ඣිමෙසු ජනපදෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො’ති.

16. ප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පච‍්චන‍්තිමෙසු ජනපදෙසු අත්‍ථි බ්‍රහ‍්මචරියවාසො, මිළක‍්ඛෙසු අවිඤ‍්ඤාතාරෙසු යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානන‍්ති.

ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

17. ප. පු: අත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො’ති.

17. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “තීහි භික‍්ඛවෙ ඨානෙහි ජම‍්බුදීපකා මනුස‍්සා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිගණ‍්හන‍්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා, සතිමන‍්තො, ඉධ බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: භගවත්හු විසින් “මහණෙනි, දඹදිව්වැසි මිනිස්සු තුන් කරුණෙකින් උතුරුකුරුදිවයින් වැසි මිනිසුන් ද තව්තිසා වැසි දෙවියන් ද ඉක්මවා සිටිති. කවර තුන් කරුණෙකින යත්: ශුරයෝ යැ, ස්මෘතිමත්හු යැ, මෙහි බඹසරවස් ඇත්තේ යැ යන තුන් කරුණෙනි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සාවත්‍ථියඤ‍්ඤෙව බ්‍රහ‍්මචරියවාසො, නත්‍ථි අඤ‍්ඤත්‍ර බ්‍රහ‍්මචරියවාසො’ති.

ප. අනු: සැවැත්නුවර මැ බඹසරවස් වෙයි, අන් තන්හි බඹසරවස් නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …

18. ස. පු: අනාගාමිස‍්ස පුග‍්ගලස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි අප‍්පහීනානි, ඉතො චුතස‍්ස තත්‍ථ උප‍්පන‍්නස‍්ස කුහිං ඵලුප‍්පත‍්තී’ති,

18. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගියසංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගියසංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වූ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට (අර්‍හත්) ඵලෝත්පත්ති කොහි වේ ද?

ප. වි: තත්‍ථෙව.

ප. වි: එ ශුද්ධාවාසයෙහි මැ යැ.

අනු. ඨ: හඤ‍්චි අනාගාමිස‍්ස පුග‍්ගලස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි අප‍්පහීනානි, ඉතො චුත‍්තස‍්ස තත්‍ථ උප‍්පන‍්නස‍්ස තහිං ඵලුප‍්පත‍්ති.

අනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට එහි දී අර්‍හත්ඵලෝත්පත්ති වෙයි.

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො”ති.

අනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බඹසරවස් නැතැ’ යි නො කියැයුතු මැ යැ …

19. ස. පු: අනාගාමිස‍්ස පුග‍්ගලස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි අප‍්පහීනානි, ඉතො චුතස‍්ස තත්‍ථ උප‍්පන‍්නස‍්ස කුහිං භාරොහරණං, කුහිං දුක‍්ඛපරිඤ‍්ඤාතං, කුහිං කිලෙසප‍්පහානං, කුහිං නිරොධසච‍්ඡිකිරියා, කුහිං අකුප‍්පපටිවෙධො’ති.

19. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට කෙලෙස්බර බහාතැබීම් කොහි යැ? දුඃඛපරිඥාතය කොහි යැ? ක්ලේශ ප්‍රහාණ කොහි යැ? නිරෝධසාක්‍ෂාත්ක්‍රියා කොහි යැ? අකෝප්‍යප්‍රතිවේධ කොහි යැ?

ප. වි: තත්‍ථෙව.

ප. වි: එහි මැ යැ.

අනු. ඨ. හඤ‍්චි අනාගාමිස‍්ස පුග‍්ගලස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි අප‍්පහීනානි, ඉතො චුතස‍්ස තත්‍ථ උප‍්පන‍්නස‍්ස තහිං අකුප‍්පපටිවෙධො.

අනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට අකෝප්‍යප්‍රතිවේධ එහි වෙයි.

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො”ති.

අනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ.

ස. පු: අනාගාමිස‍්ස පුග‍්ගලස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සඤ‍්ඤොජනානි අප‍්පහීනානි, ඉතො චුතස‍්ස තත්‍ථ උප‍්පන‍්නස‍්ස තහිං ඵලුප‍්පත‍්ති, තහිං භාරොහරණං, තහිං දුක‍්ඛපරිඤ‍්ඤාතං, තහිං කිලෙසප‍්පහානං, තහිං නිරොධසච‍්ඡිකිරියා, තහිං අකුප‍්පටිවෙධො, කෙනට‍්ඨෙන වදෙසි “නත්‍ථි දෙවෙසු බ්‍රහ‍්මචරියවාසො”ති.

ස. පු: අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ, මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට ඵලෝත්පත්ති එහි යයි, ක්ලේශභාරාවහරණ එහි යයි, දුඃඛපරිඥාත එහි යයි, ක්ලේශප්‍රහාණ එහි යයි, නිරෝධ සාක්‍ෂාත් ක්‍රියා එහි යයි, අකෝප්‍යප්‍රතිවේධ එහි යයි ගන්හි නම් “දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති” යි කවර අර්‍ත්‍ථයෙකින් කියහි.

ප. වි: හන්‍ද හි අනාගාමී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරො’ති.

ප. වි: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද, (අන්‍යමාර්‍ගයක් නො වේ ද) එකරුණනි. (එබැවින් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’යි සේයි.)

20. ස. පු: අනාගාමී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරොතී’ති.

20. ස. පු: අනාගාමී පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපන‍්නො පුග‍්ගලො තත්‍ථ භාවිතෙන මග‍්ගෙන ඉධ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. අනු: සෝවන් පුඟුල් එහි භාවිත මගින් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

21. ස. පු: අනාගාමී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරොතී’ති.

21. ස. පු: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් එ බඹලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමී පුග‍්ගලො ඉධ පරිනිබ‍්බායී පුග‍්ගලො තත්‍ථ භාවිතෙන මග‍්ගෙන ඉධ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. අනු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් එහි දී භාවිත මාර්‍ගයෙන් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. පු: සොතාපන‍්නො පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන ඉධ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. පු: ශ්‍රෝතාපන්න පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් මෙලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමී පුග‍්ගලො තත්‍ථ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. අනු: අනාගාමී පුද්ගල එහි දී භාවිත මාර්‍ගයෙන් එහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ස. පු: සකදාගාමී පුග‍්ගලො ඉධ පරිනිබ‍්බායී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන ඉධ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. පු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් මෙලොව භාවිත මාර්‍ගයෙන් මෙලොව ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමී පුග‍්ගලො තත්‍ථ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරොතී’ති.

ස. අනු: අනාගාමි පුද්ගල එහි භාවිත මාර්‍ගයෙන් එහි ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

22. ස. පු: ඉධ විහාය නිට‍්ඨස‍්ස පුග‍්ගලස‍්ස මග‍්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන‍්තී’ති.

22. ස. පු: ‘ඉධවිහායනිට්ඨ (මෙහි වැස කෙලෙස් නසන)’ පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස මග‍්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන‍්තී’ති.

ස. අනු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

23. ස. පු: ඉධ විහාය නිට‍්ඨස‍්ස පුග‍්ගලස‍්ස මග‍්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන‍්තී’ති.

23. ස. පු: ‘ඉධවිහායතිට්ඨ’ පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ (රූපාවචරමාර්‍ගයෙන් හේ ‘ඉධවිහායනිට්ඨ’ වූයෙන් ක්ලේශප්‍රහාණ නැති)

ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස මග‍්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන‍්තී’ති.

ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍ව සාක්‍ෂාත් කරණය පිණිස පිළිපන් පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

24. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අපුබ‍්බං අචරිමං මග‍්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන‍්තී’ති.

24. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ග ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ

ස. අනු: ඉධ විහාය නිට‍්ඨස‍්ස පුග‍්ගලස‍්ස අපුබ‍්බං අචරිමං මග‍්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන‍්තී’ති.

ස. අනු: ඉධවිහායතිට්ඨ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

25. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අපුබ‍්බං අචරිමං මග‍්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන‍්තී’ති.

25. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඉධ විහාය නිට‍්ඨස‍්ස පුග‍්ගලස‍්ස අපුබ‍්බං අචරිමං මග‍්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන‍්තී’ති.

ස. අනු: ‘ඉධවිහායනිට්ඨ’ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

26. ස. පු: අනාගාමී පුග‍්ගලො කතකරණීයො භාවිතභාවනො තචත්‍ථ උපපජ‍්ජතී’ති.

26. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇතියේ භැවූ බවුන් ඇතියේ එ බඹලොව උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා උපපජ‍්ජතී’ති.

ස. අනු: රහත් උපදනේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

27. ස. පු: අරහා උපපජ‍්ජතී’ති.

27. ස. පු: රහත් උපදනේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (එහි පිරිනිවන්පානහු සඳහා පිළින යි.)

ස. අනු: අත්‍ථි අරහතො පුනබ‍්භවො’ති.

ස. අනු: රහත්හට පුනර්‍භව ඇත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

28. ස. පු: අත්‍ථි අරහතො පුනබ‍්භවො’ති.

28. ස. පු: රහත්හට පුනර්‍භව ඇත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා භවෙන භවං ගච‍්ඡති, ගතියා ගතිං ගච‍්ඡති, සංසාරෙන සංසාරං ගච‍්ඡති, උපපත‍්තියා උපපත‍්තිං ගච‍්ඡතී’ති.

ස. අනු: රහත්හු භවයෙන් භවයට යෙත් ද, ගතියෙන් ගතියට යෙත් ද, සංසාරයෙන් සංසාරයට යෙත් ද, උපප්‍රාප්තියෙන් උපප්‍රාප්තියට යෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

29. ස. පු: අනාගාමී පුග‍්ගලො කතකරණීයො භාවිතභාවනො අනොහිතභාරො තත්‍ථ උපපජ‍්ජතී’ති.

29. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි උපදනේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: භාරොහරණාය පුන මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: (කෙලෙස්) බර බහාලන පිණිස වටාලා මාර්‍ගය වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

30. ස. පු: අනාගාමී පුග‍්ගලො කතකරණීයො භාවිතභාවනො අපරිඤ‍්ඤාතදුක‍්ඛො අප‍්පහීනකිලෙසො අසච‍්ඡිකතනිරොධො අප‍්පටිවිද‍්ධාකුප‍්පො තත්‍ථ උපපජ‍්ජතී’ති.

30. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ රහත් බව ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අකුප‍්පපටිවෙධාය පුන මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගය වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

31. ස. පු: අනාගාමී පුග‍්ගලො කතකරණීයො භාවිතභාවනො අනොහිතභාරො තත්‍ථ උපපජ‍්ජති, න ච භාරොහරණාය පුන මග‍්ගං භාවෙතී’ති.

31. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී, භාරාවහරණ පිණිස වටාලා මාර්‍ගය නො වඩා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ

ස. අනු: අනොහිතභාරො ච තත්‍ථ පරිනිබ‍්බායතී’ති.

ස. අනු: නො බහාලු (කෙලෙස්) බර ඇති වත් එහි පිරිනිවේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

32. ස. පු: අනාගාමී පුග‍්ගලො කතකරණීයො භාවිතභාවනො අපරිඤ‍්ඤාතදුක‍්ඛො අප‍්පහීනකිලෙසො අසච‍්ඡිකතනිරොධො අප‍්පටිවිද‍්ධාකුප‍්පො තත්‍ථ උපපජ‍්ජති, න ච අකුප‍්පපටිවෙධාය පුන මග‍්ගං භාවෙතී’ති.

32. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍ව ඇති වැ එ ශුද්ධාවාසයෙහි උපදි. අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගභාවනා නො කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ

ස. අනු: අප‍්පටිවිද‍්ධාකුප‍්පො ච තත්‍ථ පරිනිබ‍්බායතී’ති.

ස. අනු: ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍වය ඇති වත් එහි පිරිනිවේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

ප. උදාහරණං: යථා මිගො සල‍්ලෙන විද‍්ධො දූරම‍්පි ගන‍්ත්‍වා කාලං කරොති, එවමෙවං අනාගාමී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ ඵලං සච‍්ඡිකරොතීති.

ප. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමි පුද්ගල මෙහි දී භාවිතමාර්‍ගයෙන් එහි (ශුද්ධාවාසයෙහි) දී ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි.

ස. උදා: යථා මිගො සල‍්ලෙන විද‍්ධො දූරම‍්පි ගන‍්ත්‍වා සසල‍්ලො’ච කාලං කරොති, එවමෙවං අනාගාමී පුග‍්ගලො ඉධ භාවිතෙන මග‍්ගෙන තත්‍ථ සසල‍්ලො’ච පරිනිබ‍්බායතී’ති.

ස. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් ශල්‍ය සහිත වැ මැ කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමී පුද්ගල මෙ මිනිස්ලොව දී භාවිත මාර්‍ගයෙන් එ ශුද්ධාවාසයෙහි දී (රාගාදි) ශල්‍ය සහිත වැ මැ පිරිනිවේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

බ්‍රහ‍්මචරියකථා නිට‍්ඨිතා.

බ්‍රහ්මචරියකථා නිමි.