යෙදුමෙන් කියවන්න

ඔධිසොකථා

1. 4.

1. 4.

ඔධිසොකථා

ඕධිසෝකථා

[සම්මිතියනිකාවැසියන් ආදි කිසි කෙනෙක් නානාභිසමය විසින් දුඃඛ දර්‍ශනාදීන් එක් එක් දෙසකින් ශ්‍රෝතාපන්නාදින්ගේ ක්ලේශප්‍රහාණය කැමැති වෙත් ද, උන්ගේ ලබ්ධි බිඳුනට ඕධිසෝ කථා එයි.]

1. ස. පු: ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී’ති.

1. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.

ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද

ප. වි: සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශ ක්ලේශ කෙනකුන් හැරපියයි.

ස. අනු: එකදෙසං සොතාපන‍්නො එකදෙසං න සොතාපන‍්නො එකදෙසං සොතාපත‍්තිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරති. එකදෙසං සත‍්තක‍්ඛත‍්තුපරමො, කොලංකොලො, එකබීජී. [එකදෙසං] බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො, එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි න සමන‍්නාගතො’ති.

ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් සෝවත්ඵලයට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ එයට එළඹ වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? ඒකදේශයකින් බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (ඒකදේශයෙකින් සෝවන් ආදි බව නො ලැබෙනුයෙන්) එසේ නො කියැයුතු මැ යැ …

2. ස. පු: සමුදයදස‍්සනෙන කිං ජහතී’ති.

2. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: සක‍්කායදිට‍්ඨිං ජහති, විචිකිච‍්ඡං සීලබබතපරමාසං තදෙකට‍්ඨෙ ව කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං සොතාපන‍්නො, එකදෙසං න සොතාපන‍්නො -පෙ- එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො, එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි න සමන‍්නාගතො’ති.

ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

3. ස. පු: නිරොධදස‍්සනෙන කිං ජහතී’ති.

3. ස. පු: නිරෝධ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං තදෙකට‍්ඨෙ ච කිලෙස එකදෙසෙ ජහතී’ති.

ප. වි: විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයන් හැරපියයි.

ස. අනු: එකදෙසං සොතාපන‍්නො, එකදෙසං න සොතාපන‍්නො -පෙ- එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො, එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි න සමන‍්නාගතො’ති.

ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

4. ස. පු: මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති?

4. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: සීලබ‍්බතපරාමාසං තදෙකට‍්ඨෙ ච කිලෙස ජහතී’ති.

ප. වි: ශීලව්‍රතපරාමර්‍ශය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං සොතාපන‍්නො, එකදෙසං න සොතාපන‍්නො, එකදෙසං සොතාපත‍්තිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසංසත‍්තක‍්ඛත‍්තුපරමො, කොලංකොලො, එකබීජී, [එකදෙසං] බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- [එකදෙසං] අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො, එකදෙසං අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො’ති?

ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැසාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වෙසේ ද? ඒකදේශයකින් නාමකයින් පැහැසගෙන වෙසේ ද, ඒකදේශයකින් නාමකයින් පැහැස නො ගෙන වෙසේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තු පරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? [ඒකදේශයකින්] බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්නාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

5. ස. පු: සකදාගාමීඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.

5. ස. පු: සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: ඔළාරිකං කාමරාගං ජහති, ඔළාරිකං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙස ජහතී’ති.

ප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමී ඵලප‍්පත‍්තො පටිවිද‍්ධො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජවිහරති, එකදෙසං කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ පිළිවිදිනා ලදු වැ පිළිලදු වැ දන්නා ලදුවැ පසක් කරන ලදු වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] කයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් කයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

6. ස. පු: සමුදයදස‍්සනෙන කිං ජහතීති?

6. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: ඔළාරිකං කාමරාගං ජහති, ඔළාරිකං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

7. ස. පු: නිරොධදස‍්සනෙන කිං ජහතී’ති.

7. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: ඔළාරිකං බ්‍යාපාදං ජහති, තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ද? ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

8. ස. පු: මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.

8. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: ඔළාරිකං බ්‍යාපාදං ජහති, තදෙකට‍්ඨෙ ච කිලෙසෙ ජහතී’ති.

ප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.

ප. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලස්ථ වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොට ගෙන වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

9. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.

9. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: අණුසහගතං කාමරාගං ජහති, අණුසහගතං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙස එකදෙසෙ ජහතී’ති.

ප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං අන‍්තරාපරිනිබ‍්බායී -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, එකදෙසං න උද‍්ධං සොතොඅකනිට‍්ඨගාමී’ති.

ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී … උපහච්චපරිනිබ්බායී … අසඞ්ඛාරපරිනිබ්බායී … සසඞ්ඛාරපරිනිබ්බායී … උද්ධංසෝතඅකනිට්ඨගාමී වේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නොවේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

10. ස. පු: සමුදයදස‍්සනෙන කිං ජහතී’ති.

10. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: අණුසහගතං කාමරාගං ජහති, අණුසහගතං බ්‍යාපාදං, තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී -පෙ- එකදෙසං උද‍්ධංසොතොඅකනිට‍්ඨගාමී, එකදෙසං න උද‍්ධංසොතොඅකනිට‍්ඨගාමී’ති.

ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

11. ස. පු: නිරොධදස‍්සනෙන කිං ජහතී’ති.

11. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: අණුසහගතං බ්‍යාපාදං ජහති, තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: අණුසහගත ව්‍යාපාදය හැරපියයි, තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී -පෙ- එකදෙසං උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, එකදෙසං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී’ති.

ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

12. ස. පු: මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.

12. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: තදෙකට‍්ඨෙ ච කිලෙස ජහතී’ති.

ප. වි: තදේකස්ථ ක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසජ‍්ජජ‍්ජි විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්‍වා විහරති. එකදෙසං අන‍්තරාපරිනිබ‍්බායී -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී -පෙ- අසංඛාරපරිනිබ‍්බායී -පෙ- සසංඛාරපරිනිබ‍්බායී -පෙ- උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී -පෙ- එකදෙසං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී’ති.

ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී වූයේ ද? ඒකදේශයකින් උපහච්ව පරිනිබ්බායී … අසංඛාර පරිනිබ්බායී … සසංඛාර පරිනිබ්බායී …. උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

13. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙ කිං ජහතී’ති.

13. ස. පු: අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: රූපරාගං අරූපරාගං මානං උද‍්ධච‍්චං අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ අවිජ්ජා හා තදෙකාර්‍ත්‍ථ වූ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත‍්තප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසප‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති. එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො උක‍්ඛිත‍්තපලිඝො සංකිණ‍්ණපරිඛො අබ‍්බුළ‍්හෙසිකො නිරග‍්ගලො අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො සුවිජිතවිජයො, දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං, සමුදයො පහීනො, නිරොධො සච‍්ඡිකතො, මග‍්ගොභාවිතො අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං, පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං, පහාතබ‍්බං පහීනං, භාවෙතබ‍්බං භාවිතං, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, (එකදෙසං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං,) එකදෙසං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.

ස. අනු: ඒකදේශයකින් අර්‍හත් වූයේ ද? ඒකදේශයකින් අර්‍හත් නො වූයේ ද? ඒකදේශයකින් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? එකදෙසෙකින් වීතරාග, වීතදෝස වීතමෝහ වේද? ඒකදේශයකින් කළකරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ සම්‍යග්ඥානයෙන් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ නඟා හළ අවිද්‍යාපරිඝ (අගුළු) ඇතියේ විසුළ (කර්‍මාභිසංස්කාර සඞ්ඛ්‍යාත) ඉන්‍ද්‍රඛීල ඇතියේ ඕරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ හෙලූ මානධ්වජ ඇතියේ බහාලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යැ, මාර්‍ග භාවිත ද, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ භාවිතව්‍යය භාවිත ද සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

14. ස. පු: සමුදයදස‍්සනෙන කිං ජහතී’ති.

14. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: රූපරාගං අරූපරාගං ජහති, මානං උද‍්ධච‍්චං අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: රූපරාගය අරූපරාගය හැරපියයි. මාන යැ උද්ධච්ච යැ අවිද්‍යා හා තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා -පෙ- එකදෙසං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, එකදෙසං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.

ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කෙළේ ද? පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

15. ස. පු: නිරොධදස‍්සනෙන කිං ජහතී’ති.

15. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?

ප. වි: මානං ජහති උද‍්ධච‍්චං අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.

ප. වි: මානය හැරපියයි උද්ධච්ච අවිද්‍යා දෙක හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා -පෙ- එකදෙසං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, එකදෙසං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.

ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කළේ ද, පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …

16. ස. පු: මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.

16. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක්, හැරපියන්නේ වේ ද?

ප. වි: උද‍්ධච‍්චං ජහති, අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ ජහතී’ති.

ප. වි: උද්ධච්චය හැරපියයි අවිද්‍යාව හා තදෙකාර්‍ත්‍ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.

ස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත‍්තප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්‍වා විහරති එකදෙසං, න කායෙන ඵුසිත්‍වා විහරති. එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො උක‍්ඛිත‍්තපලිඝො සංකිණ‍්ණපරිඛො අබ‍්බූළ‍්හෙසිකො නිරග‍්ගලො අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො සුවිජිතවිජයො, දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං සමුදයො පහීනො නිරොධො සච‍්ඡිකතො මග‍්ගො භාවිතො, අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං පහාතබ‍්බං පහීනං භාවෙතබ‍්බං භාවිතං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, (එකදෙසං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං,) එකදෙසං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.

ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද? ඒකදේශයකින් රහත් බවට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද? ඒකදේශයකින් පුහුන් රාග ඇතියේ පුහුන් ද්වේෂ ඇතියේ පුහුන් මෝහ ඇතියේ කළ කරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ නගාලු අවිද්‍යා පරිඝ ඇතියේ විසුළ කර්‍මාභිසංස්කාර පරිඛා ඇතියේ උපුළ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඉන්‍ද්‍රඛීල ඇතියේ නෙරැලූ ඕරම්භාගියසංයෝජන නමැති අගුළු ඇතියේ නිෂ්ක්ලේශ වූයේ හෙලූ මානධ්වජ ඇතියේ හෙලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කරන ලද යැ, මාර්‍ගය භාවිත යැ, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ, (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පු: එසේ නො කියැයුතු මැ යැ …

17. ප. පු: න වත‍්තබ‍්බං ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී’ති.

17. ප. පු: ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා:

ප. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද?

“අනුපුබ‍්බෙන මෙධාවී ථොක ථොකං ඛණෙ ඛණෙ කම‍්මාරො රජතස‍්සෙ’ව නිද‍්ධමෙ මලමත‍්තනො’ති.

“නුවණැත්තේ රිදියෙහි මලහරනා තරහල්පුතක්හු සෙයින් තමාගේ (රාගාදි කෙලෙස්) මල අනුක්‍රමයෙන් ක්‍ෂණක්‍ෂණයෙහි ටික ටික බැහැර කරන්නේ යයි”

අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි වත‍්තබ‍්බං. ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී”ති.

ප. නිග: එයින් ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි කියැයුතු මැ යැ.

18. ස. පු: ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.

18. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා:

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?

“සහාවස‍්ස දස‍්සනසම‍්පදාය තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්ති: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡිතඤ‍්ච සීලබ‍්බතං වා’පි යදත්‍ථි කිඤ‍්චි. චතූහපායෙහි ච විප‍්පමුත‍්තො ඡ චාභිඨානානි අභබ‍්බො කාතුන‍්ති”

“ඒ සෝවත් ඵල පසක් කරනුවට පිළිපන් පුඟුල්හු විසින් ශ්‍රෝත්‍රාපත්තිමාර්‍ගසම්පත්තිය හා සමග මැ සත්කායදෘෂ්ටි ද විචිකිත්සා ද යම් කිසි ශීලව්‍රතයෙක් හෝ ඇත් නම් එ දැ යි තුන් ධර්‍ම කෙනෙක් හැරපියන ලද්දාහු වෙති. සතර අපායෙන් ද මිදුණේ ඕළාරික කරුණු සයක් ද කරන්නට නො නිසි වේ” යයි

අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං “ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී”ති.

ස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.

19. ස. පු: ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.

19. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති. සහ දස‍්සනුප‍්පාදා භික‍්ඛවෙ අරියසාවකස‍්ස තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති: සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාසො” ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද? “මහණෙනි. යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකහට ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් ඇත් නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විරජ වූ වීතමල වූ දහම් ඇස උපන්නේ වේ ද, මහණෙනි, මාර්‍ගොත්පාදය හා සමග ආර්‍ය්‍යශ්‍රාවකහට සක්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමාර්‍ශ යැ යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.

ස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.

ඔධිසො කථා නිට‍්ඨිතා:

ඕධිසෝ කථා නිමි.