යෙදුමෙන් කියවන්න

රූපක‍්ඛන්‍ධනිද‍්දෙසො අට‍්ඨකථා

රූපක‍්ඛන්‍ධනිද‍්දෙසො

රූපස්කන්‍ධ නිර්දේශය

ඉදානි තෙ රූපක‍්ඛන්‍ධාදයො විභජිත්‍වා දස‍්සෙතුං තත්‍ථ කතමො රූපක‍්ඛන්‍ධොතිආදිමාහ. තත්‍ථ තත්‍ථාති තෙසු පඤ‍්චසු ඛන්‍ධෙසු. කතමොති කථෙතුකම්‍යතාපුච‍්ඡා. රූපක‍්ඛන්‍ධොති පුච‍්ඡිතධම‍්මනිදස‍්සනං. ඉදානි තං විභජන‍්තො යං කිඤ‍්චි රූපන‍්තිආදිමාහ. තත්‍ථ යං කිඤ‍්චීති අනවසෙසපරියාදානං. රූපන‍්ති අතිප‍්පසඞ‍්ගනියමනං. එවං පදද‍්වයෙනාපි රූපස‍්ස අනවසෙසපරිග‍්ගහො කතො හොති.

දැන් ඒ රූපස්කන්ධාදිය විභාගකොට දැක්වීම සඳහා තත්‍ථ කතමො රූපක්ඛන්‍ධො ආදිය කීහ. එහි තත්‍ථ යනු පඤ්ච ස්කන්‍ධයන් අතරින් කවරක්දැයි කියනු කැමතිව නැගූ ප්‍රශ්නයයි. රූපක්ඛන්‍ධ යනු ඇසූ ප්‍රශ්නයට ධර්ම පිළිතුරයි. දැන් එය විභාග කරන්නේ යං කිංචි රූපං යනාදිය කීහ. එහි යං කිංචි නිරවශේසයෙන් ගැනීමයි. රූපංති දැඩිකොට යෙදීමේ නියමයයි. මෙසේ පද දෙකෙන්ම රූපයේ නිරවශේෂ ගැනීම කළා වේ.

තත්‍ථ කෙනට‍්ඨෙන රූපන‍්ති? රුප‍්පනට‍්ඨෙන රූපං. වුත‍්තඤ‍්හෙතං භගවතා –

එහි කුමන අර්ථයකින් රූප වේද? වෙනස්වීම් අර්ථයෙන් රූප වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් එහෙයින් කියන ලදි.

“කිඤ‍්ච , භික‍්ඛවෙ, රූපං වදෙථ? රුප‍්පතීති ඛො, භික‍්ඛවෙ, තස‍්මා රූපන‍්ති වුච‍්චති. කෙන රුප‍්පති? සීතෙනපි රුප‍්පති, උණ‍්හෙනපි රුප‍්පති, ජිඝච‍්ඡායපි රුප‍්පති, පිපාසායපි රුප‍්පති, ඩංසමකසවාතාතපසරිසපසම‍්ඵස‍්සෙනපි රුප‍්පති. රුප‍්පතීති ඛො, භික‍්ඛවෙ, තස‍්මා රූපන‍්ති වුච‍්චතී”ති (සං· නි· 3.79).

“මහණෙනි, කුමකට රූපය කියයිද මහණෙනි, වෙනස්වීමටය. එහෙයින් රූපය යයි කියනු ලැබේ. කුමකින් කුමක් වේද? සීතලෙන් වෙනස් වෙයි. උෂ්ණයෙන් වෙනස් වේ. සාගින්නෙන් වෙනස් වේ. පිපාසයෙන් වෙනස් වේ. මැසිමදුරු, වාතය, අව්ව, විසකුරු සතුන් ස්පර්ශ වීමෙන්ද වෙනස් වේ. මහණෙනි, ඒ නිසා වෙනස්වීම රූපයයි කියයි.

තත්‍ථ කින‍්ති කාරණපුච‍්ඡා; කෙන කාරණෙන රූපං වදෙථ, කෙන කාරණෙන තං රූපං නාමාති අත්‍ථො. රුප‍්පතීති එත්‍ථ ඉතීති කාරණුද‍්දෙසො. යස‍්මා රුප‍්පති තස‍්මා රූපන‍්ති වුච‍්චතීති අත්‍ථො. රුප‍්පතීති කුප‍්පති ඝට‍්ටීයති පීළියති භිජ‍්ජතීති අත්‍ථො. එවං ඉමිනා එත‍්තකෙන ඨානෙන රුප‍්පනට‍්ඨෙන රූපං වුත‍්තං. රුප‍්පනලක‍්ඛණෙන රූපන‍්තිපි වත‍්තුං වට‍්ටති. රුප‍්පනලක‍්ඛණඤ‍්හෙතං.

එහි කිං යනු කරුණු විමසීමයි. කුමන කරුණකින් රූපයයි කියයිද? කුමන කරුණකින් එය රූපය නම් වේද යන අරුතය. රුප්පතීති යන මෙහි ඉති යනු හේතුව දැක්වීමයි. යම් හෙයකින් වෙනස්වේද එහෙයින් රූප යයි කියයි යන අර්ථයයි. රුප්පත යනු කිපේ, ගැටේ, පෙළයි, බිඳෙයි යන අර්ථයි. මෙසේ මෙපමණකින් වෙනස්වීම් අර්ථයෙන් රූපය කියන ලදි. වෙනස්වන ලක්‍ෂණයෙන් ද රූපයයි කීම වටී. එසේම වෙනස්වන ලක්‍ෂණය යන මෙය

සීතෙනපි රුප‍්පතීතිආදීසු පන සීතෙන තාව රුප‍්පනං ලොකන‍්තරිකනිරයෙ පාකටං. තිණ‍්ණං තිණ‍්ණඤ‍්හි චක‍්කවාළානං අන‍්තරෙ එකෙකො ලොකන‍්තරිකනිරයො නාම හොති අට‍්ඨයොජනසහස‍්සප‍්පමාණො, යස‍්ස නෙව හෙට‍්ඨා පථවී අත්‍ථි, න උපරි චන්‍දිමසූරියදීපමණිආලොකො, නිච‍්චන්‍ධකාරො. තත්‍ථ නිබ‍්බත‍්තසත‍්තානං තිගාවුතො අත‍්තභාවො හොති. තෙ වග‍්ගුලියො විය පබ‍්බතපාදෙ දීඝපුථුලෙහි නඛෙහි ලග‍්ගිත්‍වා අවංසිරා ඔලම‍්බන‍්ති. යදා සංසප‍්පන‍්තා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාසගතා හොන‍්ති අථ ‘භක‍්ඛො නො ලද‍්ධො’ති මඤ‍්ඤමානා තත්‍ථ බ්‍යාවටා විපරිවත‍්තිත්‍වා ලොකසන්‍ධාරකෙ උදකෙ පතන‍්ති, සීතවාතෙ පහරන‍්තෙපි පක‍්කමධුකඵලානි විය ඡිජ‍්ජිත්‍වා උදකෙ පතන‍්ති. පතිතමත‍්තාව අච‍්චන‍්තඛාරෙන සීතොදකෙන ඡින‍්නචම‍්මන‍්හාරුමංසඅට‍්ඨීහි භිජ‍්ජමානෙහි තත‍්තතෙලෙ පතිතපිට‍්ඨපිණ‍්ඩි විය පටපටායමානා විලීයන‍්ති. එවං සීතෙන රුප‍්පනං ලොකන‍්තරිකනිරයෙ පාකටං. මහිංසකරට‍්ඨාදීසුපි හිමපාතසීතලෙසු පදෙසෙසු එතං පාකටමෙව. තත්‍ථ හි සත‍්තා සීතෙන භින‍්නච‍්ඡින‍්නසරීරා ජීවිතක‍්ඛයම‍්පි පාපුණන‍්ති.

සීතෙන’පි රුප්පති යනාදියෙහි සීතලෙන් වෙනස්වීම් පළමුකොට ලෝකාන්තරික නරකයෙහි ප්‍රකටය. සක්වලවල් තුනෙන් තුනට ලෝකාන්තරික නරකයක් වේ. එහි යට පොළොවක් නැත. උඩ සඳ හිරු පහන් මැණික් ආලෝක නැත. නිරන්තර අඳුරය. එහි ඉපදුනු සත්ත්වයින්ගේ තුන්ගව් පමණ ශරීර වේ. ඔවුහු වවුලන් මෙන් දික්වූද? පළල් වූද නියවලින් කඳු බෑවුම අල්වා හිස පහතට එල්බගෙන සිටිති. යම්කලක ඔවුනොවුන් අත් පසයට ගියවිට කෑමට දෙයක් ලැබුණේ යයි සිතමින් කැරකී ලොව දරණ ජලයෙහි වැටෙති. සීතල වායු පහරින් පැසුණු මීගෙඩි මෙන් පැලී ජලයෙහි වැටෙති. වැටුණු කෙනෙහි අතිශයින් සීත වූ ලුණු වතුරෙන් ඉරුණු සමින් නහර මස් ඇට බිඳෙන කල්හි තෙලෙහි වැටුණු පිටි පිඬක් මෙන් පට පට නදින් විනාශ වෙති. මෙසේ සීතලෙන් වෙනස්වීම ලෝකාන්තරික නිරයෙහි ප්‍රකටය. මහිංසක රටවල් ආදියෙහි හිම වැටෙන ප්‍රදේශවල මෙය ඉතා ප්‍රකටය. එහි සත්ත්වයෝ සීතලෙන් සිඳුණු බිඳුණු ශරීර ඇත්තෝ මරණයට ද පත්වෙති.

උණ‍්හෙන රුප‍්පනං අවීචිමහානිරයෙ පාකටං. තත්‍ථ හි තත‍්තාය ලොහපථවියා නිපජ‍්ජාපෙත්‍වා පඤ‍්චවිධබන්‍ධනාදිකරණකාලෙ සත‍්තා මහාදුක‍්ඛං අනුභවන‍්ති.

උෂ්ණයෙන් වෙනස්වීම අවීචිමහා නිරයෙහි ප්‍රකටය. එහි රත්වූ ලෝහ පොළොවෙහි හොවවා පස් ආකාර වූ බැඳීම් කරන කල්හි සත්ත්වයෝ මහත්වූ දුකක් විඳිති.

ජිඝච‍්ඡාය රුප‍්පනං පෙත‍්තිවිසයෙ චෙව දුබ‍්භික‍්ඛකාලෙ ච පාකටං. පෙත‍්තිවිසයස‍්මිඤ‍්හි සත‍්තා ද‍්වෙ තීණි බුද‍්ධන‍්තරානි කිඤ‍්චිදෙව ආමිසං හත්‍ථෙන ගහෙත්‍වා මුඛෙ පක‍්ඛිපන‍්තා නාම න හොන‍්ති . අන‍්තොඋදරං ආදිත‍්තසුසිරරුක‍්ඛො විය හොති. දුබ‍්භික‍්ඛෙ කඤ‍්ජිකමත‍්තම‍්පි අලභිත්‍වා මරණප‍්පත‍්තානං පමාණං නාම නත්‍ථි.

සාගින්නෙන් වෙනස්වීම ප්‍රේත ලෝකයෙහි සහ දුර්භික්‍ෂ කාලයෙහි ප්‍රකටය. ප්‍රේත ලෝකයෙහි වනාහි බුද්ධාන්තර දෙකතුනකින්වත් කිසිම ආහාරයක් අතින් ගෙන කටෙහි දමා ගැනීමක් ඇති සත්ත්වයෝ නොවෙති. බඩ ඇතුළත ගිනි ඇවිළගත් සිදුරු සහිත ගසක් මෙන් වෙයි. දුර්භික්‍ෂ කාලයෙහි කැඳ පමණකුදු නොලබා මරණයට පත්වන්නන්ගේ ප්‍රමාණයක් නැත.

පිපාසාය රුප‍්පනං කාලකඤ‍්ජිකාදීසු පාකටං. තත්‍ථ හි සත‍්තා ද‍්වෙ තීණි බුද‍්ධන‍්තරානි හදයතෙමනමත‍්තං වා ජිව‍්හාතෙමනමත‍්තං වා උදකබින්‍දුං ලද‍්ධුං න සක‍්කොන‍්ති. ‘පානීයං පිවිස‍්සාමා’ති නදිං ගතානම‍්පි නදී වාලිකාතලං සම‍්පජ‍්ජති. මහාසමුද‍්දං පක‍්ඛන‍්තානම‍්පි මහාසමුද‍්දො පිට‍්ඨිපාසාණො හොති. තෙ සුස‍්සන‍්තා බලවදුක‍්ඛපීළිතා විචරන‍්ති.

පිපාසයෙන් වෙනස්වීම කාලකඤ්ජිකාදියෙහි ප්‍රකටය. එහි සත්ත්වයෝ බුද්ධාන්තර දෙකතුනක්වත් හෘදය තෙමෙන පමණකුදු, දිව තෙමෙන පමණකුදු දියබිඳක් ලබන්නට නොහැකි වෙති. ජලය පානය කරන්නෙමු යයි ගංගාවට ගියවුන්ටද ගං හෝ සිඳී වැලි මතු වෙයි. මහා සමුදුරට පැනගත්තවුන්ට ද මහා සාගරය සමතලා ගල්තලාවක් වෙයි. ඔවුහු වියළෙමින් මහත් වූ දුකෙන් පෙළෙමින් හැසිරෙති.

එකො කිර කාලකඤ‍්ජිකඅසුරො පිපාසං අධිවාසෙතුං අසක‍්කොන‍්තො යොජනගම‍්භීරවිත්‍ථාරං මහාගඞ‍්ගං ඔතරි. තස‍්ස ගතගතට‍්ඨානෙ උදකං ඡිජ‍්ජති, ධූමො උග‍්ගච‍්ඡති, තත‍්තෙ පිට‍්ඨිපාසාණෙ චඞ‍්කමනකාලො විය හොති. තස‍්ස උදකසද‍්දං සුත්‍වා ඉතො චිතො ච විචරන‍්තස‍්සෙව රත‍්ති විභායි. අථ නං පාතොව භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා තිංසමත‍්තා පිණ‍්ඩචාරිකභික‍්ඛූ දිස‍්වා – “කො නාම ත්‍වං, සප‍්පුරිසා”ති පුච‍්ඡිංසු. “පෙතොහමස‍්මි, භන‍්තෙ”ති. “කිං පරියෙසසී”ති? “පානීයං, භන‍්තෙ”ති. “අයං ගඞ‍්ගා පරිපුණ‍්ණා, කිං ත්‍වං න පස‍්සසී”ති? “න උපකප‍්පති, භන‍්තෙ”ති. “තෙන හි ගඞ‍්ගාපිට‍්ඨෙ නිපජ‍්ජ, මුඛෙ තෙ පානීයං ආසිඤ‍්චිස‍්සාමා”ති. සො වාලිකාපුළිනෙ උත‍්තානො නිපජ‍්ජි. භික‍්ඛූ තිංසමත‍්තෙ පත‍්තෙ නීහරිත්‍වා උදකං ආහරිත්‍වා ආහරිත්‍වා තස‍්ස මුඛෙ ආසිඤ‍්චිංසු. තෙසං තථා කරොන‍්තානංයෙව වෙලා උපකට‍්ඨා ජාතා. තතො “භික‍්ඛාචාරකාලො අම‍්හාකං, සප‍්පුරිස; කච‍්චි තෙ අස‍්සාදමත‍්තා ලද‍්ධා”ති ආහංසු. පෙතො “සචෙ මෙ, භන‍්තෙ, තිංසමත‍්තානං අය්‍යානං තිංසමත‍්තෙහි පත‍්තෙහි ආසිත‍්තඋදකතො අඩ‍්ඪපසතමත‍්තම‍්පි පරගලගතං, පෙතත‍්තභාවතො මොක‍්ඛො මා හොතූ”ති ආහ. එවං පිපාසාය රුප‍්පනං පෙත‍්තිවිසයෙ පාකටං.

එක් කාලකඤ්ජික අසුරයෙක් පිපාසය ඉවසීමට නොහැකිව යොදුනක් ගැඹුරු සහ පළල ඇති මහා ගංගාවකට බැස්සේය. ඔහු ගිය ගිය තැන ජලය සිඳී දුම් මතුවෙයි. ගල් තලාවක සක්මන් කරන කලක් මෙන් වෙයි. ජලහඬ අසා ඔබිනොබ හැසිරෙමින් රාත්‍රිය ගෙවීය. ඉක්බිති උදෑසනම පිඬුසිඟා වඩින භික්‍ෂූන් වහන්සේ තිස්නමක් ඔහු දැක, සත් පුරුෂය ඔබ කවරෙක්දැයි විචාළහ. ස්වාමීනි, ප්‍රේතයෙක්මි. කුමක් සොයන්නේද? ස්වාමීනි, බීමට ජලයයි. මේ ගඟ පිරිලා පේන්නෙ නැද්ද? ස්වාමීනි, ළඟට නොපැමිණේ. එසේනම් ගං වෙරලේ දිගාවෙන්න. මුවට පැන් ඉසිමු යයි කීහ. හේ වැලිතලාවේ උඩුකුරුව හොත්තේය. භික්‍ෂූහු පාත්‍ර තිහකින් ජලය ගෙන ඔහුගේ මුවට වත් කරමින් සිටියහ. එසේ කරන භික්‍ෂූන් වහන්සේට පිඬු සිඟන වේලාව සමීප විය. සත් පුරුෂය, අපට පිඬු සිඟා යන වේලාව පැමිණ ඇත. කෙසේද? ඔබ ආශ්වාද මාත්‍රයක්වත් ලැබුවේදැයි ඇසූහ. හේ අල්ලක් පමණ ජලය උගුරට ගියායයි කීය. ප්‍රේත ආත්මභාවයෙන් මිදීමක් නැතැයි කීය. මෙසේ පිපාසයෙන් වෙනස්වීම ප්‍රේත විෂයෙහි ප්‍රකටය.

ඩංසාදීහි රුප‍්පනං ඩංසමක‍්ඛිකාදිසම‍්බබහුලෙසු පදෙසෙසු පාකටං. එත්‍ථ ච ඩංසාති පිඞ‍්ගලමක‍්ඛිකා, මකසාති මකසාව වාතාති කුච‍්ඡිවාතපිට‍්ඨිවාතාදිවසෙන වෙදිතබ‍්බා. සරීරස‍්මිඤ‍්හි වාතරොගො උප‍්පජ‍්ජිත්‍වා හත්‍ථපාදපිට‍්ඨිආදීනි භින්‍දති, කාණං කරොති, ඛුජ‍්ජං කරොති, පීඨසප‍්පිං කරොති. ආතපොති සූරියාතපො. තෙන රුප‍්පනං මරුකන‍්තාරාදීසු පාකටං. එකා කිර ඉත්‍ථී මරුකන‍්තාරෙ රත‍්තිං සත්‍ථතො ඔහීනා දිවා සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ වාලිකාය තප‍්පමානාය පාදෙ ඨපෙතුං අසක‍්කොන‍්තී සීසතො පච‍්ඡිං ඔතාරෙත්‍වා අක‍්කමි. කමෙන පච‍්ඡියා උණ‍්හාභිතත‍්තාය ඨාතුං අසක‍්කොන‍්තී තස‍්සා උපරි සාටකං ඨපෙත්‍වා අක‍්කමි. තස‍්මිම‍්පි සන‍්තත‍්තෙ අඞ‍්කෙන ගහිතං පුත‍්තකං අධොමුඛං නිපජ‍්ජාපෙත්‍වා කන්‍දන‍්තං කන්‍දන‍්තං අක‍්කමිත්‍වා සද‍්ධිං තෙන තස‍්මිංයෙව ඨානෙ උණ‍්හාභිතත‍්තා කාලමකාසි.

මැසි ආදීන්ගේ ස්පර්ශයෙන් ඇතිවන වෙනස්වීම මැසි මදුරුවන් බහුල ප්‍රදේශවල ප්‍රකටය. මෙහි ඩංසො යන පිඟුවන් මැස්සෝය. මකසා යනු මදුරුවෝය. වාතා යනු කුසේ වාත පිටේ වාත ආදි වශයෙන් දතයුතුය. ශරීරයෙහි වාතරෝග ඉපදී අත් පා පිට ආදිය බිඳී කණ කරයි. කුදු කරයි. අත් පා කොර කරයි. ආතපා යනු හිරු තාපයයි. මෙයින් වෙනස්වීම වැලිකතර ආදියෙහි ප්‍රකටය. එක් ස්ත්‍රියක් සමූහයා සමග රාත්‍රියෙහි වැලිකතරේ නොගොස් දිවා කාලයේ හිරු උදාවන කල්හි වැලිවලින් තැවී පාතැබීමට නොහැකිව හිසින් පැසගෙන තබා පා තැබුවාය. ක්‍රමයෙන් පැස රත්වී සිටීමට නොහැකිව ඒ මතුවෙහි සාටකය තබා පා තැබුවාය. එයද රත්වන විට ඇකයෙන් ගත් පුතා මුනින් හොවා අඬමින් මැඩ ඔහු සමග උෂ්ණයෙන් තැවී මරණයට පත්වූවාය.

සරීසපාති යෙ කෙචි දීඝජාතිකා සරන‍්තා ගච‍්ඡන‍්ති. තෙසං සම‍්ඵස‍්සෙන රුප‍්පනං ආසීවිසදට‍්ඨාදීනං වසෙන වෙදිතබ‍්බං.

සිරිංසප යනු දිග දෑ සත්ත වෙසෙසක් වෙති. ඔවුන්ගේ ස්පර්ශයෙන් වෙනස්වීම විෂකුරු සතුන් දෂ්ට කිරීම ආදියෙන් දත යුතුය.

ඉදානි ‘යං කිඤ‍්චි රූප’න‍්ති පදෙන සංගහිතං පඤ‍්චවීසතිකොට‍්ඨාසඡන‍්නවුතිකොට‍්ඨාසප‍්පභෙදං සබ‍්බම‍්පි රූපං අතීතාදිකොට‍්ඨාසෙසු පක‍්ඛිපිත්‍වා දස‍්සෙතුං අතීතානාගතපච‍්චුප‍්පන‍්නන‍්ති ආහ. තතො පරං තදෙව අජ‍්ඣත‍්තදුකාදීසු චතූසු දුකෙසු පක‍්ඛිපිත්‍වා දස‍්සෙතුං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වාතිආදි වුත‍්තං. තතො පරං සබ‍්බම‍්පෙතං එකාදසසු පදෙසෙසු පරියාදියිත්‍වා දස‍්සිතං රූපං එකතො පිණ‍්ඩං කත්‍වා දස‍්සෙතුං තදෙකජ‍්ඣන‍්තිආදි වුත‍්තං.

දැන් යං කිංචි රූපං පදයෙන් සංගෘහිත වූ පස්විසි කොටසෙහි සයානු කොටස් ප්‍රභේදයෙන් සියළු රූප අතීතාදි කොටස්වල බහා දැක්වීමට අතීතානාගත පච්චුප්පන්න යනාදිය කීහ. ඊට පසුව එය අධ්‍යාත්ම දුක්ඛාදී සතර දුකෙහි බහා දැක්වීමට අජ්ඣත්තං වා බහිද්ධා යනාදිය කියන ලදි. ඉන්පසුව මේ සියල්ල එකොළොස් ප්‍රදේශයෙහි හාත්පසින් ගෙන දක්වන ලද රූපය එකක් වශයෙන් පිඬුකොට දැක්වීමට තදෙකජ්ඣං යනාදිය කියන ලදි.

තත්‍ථ තදෙකජ‍්ඣන‍්ති තං එකජ‍්ඣං; අභිසඤ‍්ඤූහිත්‍වාති අභිසංහරිත්‍වා; අභිසඞ‍්ඛිපිත්‍වාති සඞ‍්ඛෙපං කත්‍වා; ඉදං වුත‍්තං හොති – සබ‍්බම‍්පෙතං වුත‍්තප‍්පකාරං රූපං රුප‍්පනලක‍්ඛණසඞ‍්ඛාතෙ එකවිධභාවෙ පඤ‍්ඤාය රාසිං කත්‍වා රූපක‍්ඛන්‍ධො නාමාති වුච‍්චතීති. එතෙන සබ‍්බම‍්පි රූපං රුප‍්පනලක‍්ඛණෙ රාසිභාවූපගමනෙන රූපක‍්ඛන්‍ධොති දස‍්සිතං හොති. න හි රූපතො අඤ‍්ඤො රූපක‍්ඛන්‍ධො නාම අත්‍ථි. යථා ච රූපං, එවං වෙදනාදයොපි වෙදයිතලක‍්ඛණාදීසු රාසිභාවූපගමනෙන. න හි වෙදනාදීහි අඤ‍්ඤෙ වෙදනාක‍්ඛන්‍ධාදයො නාම අත්‍ථි.

එහි තදෙකජ්ඣ යනු එය එකතුවී යනුයි. අභිසඤ්ඤාහිත්‍වා යනු එක්තැන් කොට. අභිසංඛිපිත්‍වා යනු සංක්‍ෂෙප කොට, මෙය කියන ලදි. සියළු ආකාරයෙන් කියන ලද මේ රූපය වෙනස්වන ලක්‍ෂණයෙන් ඒකවිධභාවයට පමුණුවා රූපස්කන්‍ධයයි කියනු ලැබේ. රූපයෙන් අනිකක් රූපස්කන්‍ධය නම් නොවේ. වේදනාව ද රූපය මෙනි. වේදයිත ලක්‍ෂණයෙහි රාසි භාවයට පැමිණ වේදනාස්කන්‍ධ යයි කියනු ලැබේ. වේදනාදියෙන් අනිකක් වේදනාස්කන්‍ධය නොවේ.

ඉදානි එකෙකස‍්මිං ඔකාසෙ පක‍්ඛිත‍්තං රූපං විසුං විසුං භාජෙත්‍වා දස‍්සෙන‍්තො තත්‍ථ කතමං රූපං අතීතන‍්තිආදිමාහ. තත්‍ථ තත්‍ථාති එකාදසසු ඔකාසෙසු පක‍්ඛිපිත්‍වා ඨපිතමාතිකාය භුම‍්මං. ඉදං වුත‍්තං හොති – අතීතානාගතපච‍්චුප‍්පන‍්නන‍්තිආදිනා නයෙන ඨපිතාය මාතිකාය යං අතීතං රූපන‍්ති වුත‍්තං, තං කතමන‍්ති? ඉමිනා උපායෙන සබ‍්බපුච‍්ඡාසු අත්‍ථො වෙදිතබ‍්බො. අතීතං නිරුද‍්ධන‍්තිආදීනි පදානි නික‍්ඛෙපකණ‍්ඩස‍්ස අතීතත‍්තිකභාජනීයවණ‍්ණනායං (ධ· ස· අට‍්ඨ· 1044) වුත‍්තානෙව. චත‍්තාරො ච මහාභූතාති ඉදං අතීතන‍්ති වුත‍්තරූපස‍්ස සභාවදස‍්සනං. යථා චෙත්‍ථ එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනා ඉදං දස‍්සෙති – අතීතරූපම‍්පි භූතානි චෙව භූතානි උපාදාය නිබ‍්බත‍්තරූපඤ‍්ච, අනාගතම‍්පි…පෙ… දූරසන‍්තිකම‍්පි . න හි භූතෙහි චෙව භූතානි උපාදාය පවත‍්තරූපතො ච අඤ‍්ඤං රූපං නාම අත්‍ථීති.

දැන් එක් එක් කාලයෙහි බහා තබන රූපය වෙන වෙනම විභාගකොට දක්වමින් කත්‍ථ කතමං රූපං අතීතං යනාදිය කීහ. එහි තත්‍ථ යනු එකොළොස් වැදෑරුම් කාලයෙහි බහා තබන ලද මාතෘකා භූමියයි. මෙය කියන ලද්දේ වෙයි. අතීත අනාගත වර්තමාන ආදිනයින් තබන ලද මාතෘකාවෙන් අතීත රූපයක් දක්වන ලදද එය කවර දෙයක්ද යනුයි. මෙම උපාය මගින් සියළු විමසීම්වල අර්ථය දත යුතුය. අතීතං නිරුද්ධං ආදී පද බහා තැබූ කොටසෙහි කියන ලදි. චත්තාරො මහා භූතා මෙය අතීතයයි කියන ලද රූපයේ ස්වභාව නිදර්ශනයයි. සියළු තන්හි මෙසේමය. අතීත රූපද මහාභූතද, භූත දැඩි සේ ගෙන පවත්නා රූපයෙන් අන්‍ය රූපයක් නොමැත.

අපරො නයො – අතීතංසෙන සඞ‍්ගහිතන‍්ති අතීතකොට‍්ඨාසෙනෙව සඞ‍්ගහිතං, එත්‍ථෙව ගණනං ගතං. කින‍්ති? චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූපන‍්ති. එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අනාගතපච‍්චුප‍්පන‍්නනිද‍්දෙසපදානිපි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙව.

වෙනත් න්‍යායක්, අතීතංසෙන සංගහිතං යනු අතීත කොටසින්ම සංග්‍රහ කරන ලදි. මෙහිම රූපය කුමක්දැයි ගණන ඇතුළත්ය. සතර මහාභූත සහ සතර මහාභූත දැඩි සේ ගත් රූප කුමක්දැයි සියළු තන්හි අර්ථ මෙසේ දතයුතුයි. අනාගත, වර්තමාන නිදර්ශන පදද යට කියන ලද්දේය.

ඉදං පන අතීතානාගතපච‍්චුප‍්පන‍්නං නාම සුත‍්තන‍්තපරියායතො අභිධම‍්මනිද‍්දෙසතොති දුවිධං. තං සුත‍්තන‍්තපරියායෙ භවෙන පරිච‍්ඡින‍්නං. පටිසන්‍ධිතො හි පට‍්ඨාය අතීතභවෙසු නිබ‍්බත‍්තං රූපං, අනන‍්තරභවෙ වා නිබ‍්බත‍්තං හොතු කප‍්පකොටිසතසහස‍්සමත්‍ථකෙ වා, සබ‍්බං අතීතමෙව නාම. චුතිතො පට‍්ඨාය අනාගතභවෙසු නිබ‍්බත‍්තනකරූපං, අනන‍්තරභවෙ වා නිබ‍්බත‍්තං හොතු කප‍්පකොටිසතසහස‍්සමත්‍ථකෙ වා, සබ‍්බං අනාගතමෙව නාම. චුතිපටිසන්‍ධිඅනන‍්තරෙ පවත‍්තරූපං පච‍්චුප‍්පන‍්නං නාම. අභිධම‍්මනිද‍්දෙසෙ පන ඛණෙන පරිච‍්ඡින‍්නං. තයො හි රූපස‍්ස ඛණා – උප‍්පාදො, ඨිති, භඞ‍්ගොති. ඉමෙ තයො ඛණෙ පත්‍වා නිරුද‍්ධං රූපං, සමනන‍්තරනිරුද‍්ධං වා හොතු අතීතෙ කප‍්පකොටිසතසහස‍්සමත්‍ථකෙ වා, සබ‍්බං අතීතමෙව නාම. තයො ඛණෙ අසම‍්පත‍්තං රූපං, එකචිත‍්තක‍්ඛණමත‍්තෙන වා අසම‍්පත‍්තං හොතු අනාගතෙ කප‍්පකොටිසතසහස‍්සමත්‍ථකෙ වා, සබ‍්බං අනාගතමෙව නාම. ඉමෙ තයො ඛණෙ සම‍්පත‍්තං රූපං පන පච‍්චුප‍්පන‍්නං නාම. තත්‍ථ කිඤ‍්චාපි ඉදං සුත‍්තන‍්තභාජනීයං, එවං සන‍්තෙපි අභිධම‍්මනිද‍්දෙසෙනෙව අතීතානාගතපච‍්චුප‍්පන‍්නරූපං නිද‍්දිට‍්ඨන‍්ති වෙදිතබ‍්බං.

අතීත, අනාගත, වර්තමාන යන මෙය සූත්‍රාන්ත අභිධර්ම යයි දෙයාකාර වෙයි. සූත්‍රාන්ත පරියායෙන් භවයෙන් වෙන්කරන ලදි. ප්‍රතිසන්ධියෙහි සිට අතීත භවවල උපන්රූප අනන්තර භවයෙහි හෝ කප්කෙළ සියදහස් ගණන් මත්තෙහි හෝ උපන් සියළු රූප අතීත නම් වේ. චුති පටිසන්‍ධි අතරෙහි උපදින රූප හෝ අනන්තර භවයෙහි හෝ කප්කෙළ සියදහස් ගණන් මතුවෙහි පහළවන රූප සියල්ල අනාගත නම් වේ. අභිධර්ම පරියායෙහි වනාහි ක්‍ෂණයෙකින් රූපය දක්වන ලදි. රූපයේ ඉපදීම, පැවතීම, බිඳීයෑම යැයි ක්‍ෂණ තුනකි. මේ ක්‍ෂණ තුනට පැමිණ නිරුද්ධ වූ රූපය සමීපයෙහි හෝ අතීත කප් කෙළ සියදහස් ගණන් මතුයෙහි හෝ නිරුද්ධ වන්නේ ද ඒ සියල්ලම අතීත නම් වේ. ක්‍ෂණ තුනට නොපැමිණි එක් චිත්තක්‍ෂණයක් මතුවෙහි හෝ අනාගතයෙහි කප්කෙළ සියදහස් ගණන් මතුවෙහි හෝ නොපැමිණි රූප සියල්ල අනාගත නම් වේ. මෙම ක්‍ෂණ තුනට පැමිණි රූප වනාහි වර්තමාන වේ. එහි මේ කිසිවක් සූත්‍රාන්ත භාජනීය වේ. එසේ වුවත් අතීත අනාගත වර්තමාන රූප අභිධර්ම නිර්දේශයෙන් ම දක්වන ලදැයි දතයුතුය.

අපරො නයො – ඉදඤ‍්හි රූපං අද‍්ධාසන‍්තතිසමයඛණවසෙන චතුධා අතීතං නාම හොති. තථා අනාගතපච‍්චුප‍්පන‍්නං. අද‍්ධාවසෙන තාව එකස‍්ස එකස‍්මිං භවෙ පටිසන්‍ධිතො පුබ‍්බෙ අතීතං, චුතිතො උද‍්ධං අනාගතං, උභින‍්නමන‍්තරෙ පච‍්චුප‍්පන‍්නං. සන‍්තතිවසෙන සභාගඑකඋතුසමුට‍්ඨානං එකාහාරසමුට‍්ඨානඤ‍්ච පුබ‍්බාපරියවසෙන පවත‍්තමානම‍්පි පච‍්චුප‍්පන‍්නං. තතො පුබ‍්බෙ විසභාගඋතුආහාරසමුට‍්ඨානං අතීතං, පච‍්ඡා අනාගතං. චිත‍්තජං එකවීථිඑකජවනඑකසමාපත‍්තිසමුට‍්ඨානං පච‍්චුප‍්පන‍්නං. තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං. කම‍්මසමුට‍්ඨානස‍්ස පාටියෙක‍්කං සන‍්තතිවසෙන අතීතාදිභෙදො නත්‍ථි. තෙසඤ‍්ඤෙව පන උතුආහාරචිත‍්තසමුට‍්ඨානානං උපත්‍ථම‍්භකවසෙන තස‍්ස අතීතාදිභෙදො වෙදිතබ‍්බො. සමයවසෙන එකමුහුත‍්තපුබ‍්බණ‍්හසායන‍්හරත‍්තිදිවාදීසු සමයෙසු සන‍්තානවසෙන පවත‍්තමානං තං තං සමයං පච‍්චුප‍්පන‍්නං නාම. තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං. ඛණවසෙන උප‍්පාදාදික‍්ඛණත‍්තයපරියාපන‍්නං පච‍්චුප‍්පන‍්නං නාම. තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං.

තවත් න්‍යායක්, අද්ධාන සන්තති සමය බණ වශයෙන් සිව් ආකාර වූ මේ රූපය අතීත නම් වේ. අනාගත සහ වර්තමානයද එසේය. කෙනෙකුගේ එක් භවයක ප්‍රතිසන්‍ධියෙන් පෙර ඒතාක් මාර්ග වශයෙන් අතීතය. චුතියෙන් පසු අනාගතයයි. ඒ දෙක අතර වර්තමානයයි. පරම්පරා වශයෙන් සෘතුවෙන් හටගත් එක් රූපයක්ද ආහාරයෙන් හටගත් එක් රූපයක්ද පූර්ව අපර වශයෙන් සමානව පැවතීම වර්තමානයයි. එයින් පෙර විසමව පැවති සෘතු ආහාර රූප අතීතයයි. එයින් පසුව පැවතියේ අනාගත යයි. චිත්තජ වූ එක් චිත්ත වීථියක එක් ජවන් සිතක එක් සමාධියක හටගත් රූපය වර්තමානයයි. එයින් පෙර අතීත යයි. එයින් පසු අනාගත යයි. කර්මයෙන් හටගත් වෙන් වෙන්වූ රූපයේ අතීතාදි භේද නැත. ඒවායෙහි සෘතු, ආහාර, චිත්ත හටගත් රූපයන්ගේ උපස්ථම්භ වශයෙන් අතීතාදි භේද දැනගත යුතුය. කාලය වශයෙන් එක් මොහොත, පෙරවරු, පස්වරු, රාත්‍රිය, දවාල යන කාලවල චිත්ත පරම්පරා වශයෙන් පවත්නා ඒ ඒ කාල වර්තමානය නම් වේ. එයින් පෙර අතීතයයි. එයින් පසු අනාගතයයි. ක්‍ෂණ වශයෙන් උප්පාද ආදි ක්‍ෂණ තුන ඇතුළත් වූයේ වර්තමාන යයි. එයින් පෙර අතීතයයි. එයින් පසු අනාගතයයි.

අපිච අතික‍්කහෙතුපච‍්චයකිච‍්චං අතීතං. නිට‍්ඨිතහෙතුකිච‍්චං අනිට‍්ඨිතපච‍්චයකිච‍්චං පච‍්චුප‍්පන‍්නං. උභයකිච‍්චමසම‍්පත‍්තං අනාගතං. සකිච‍්චක‍්ඛණෙ වා පච‍්චුප‍්පන‍්නං. තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං. එත්‍ථ ච ඛණාදිකථාව නිප‍්පරියායා, සෙසා සපරියායා. තාසු නිප‍්පරියායකථා ඉධ අධිප‍්පෙතා. අජ‍්ඣත‍්තදුකස‍්සාපි නිද‍්දෙසපදානි හෙට‍්ඨා අජ‍්ඣත‍්තත‍්තිකනිද‍්දෙසෙ (ධ· ස· අට‍්ඨ· 1050) වුත‍්තත්‍ථානෙව. ඔළාරිකාදීනි රූපකණ‍්ඩවණ‍්ණනායං (ධ· ස· අට‍්ඨ· 674) වුත‍්තත්‍ථානෙව.

තවද, ඉකුත් වූ හේතුඵල කෘත්‍යය අතීතයයි. නොනිමි හේතුඵල කෘත්‍යය වර්තමානයයි. නොපැමිණි හේතුඵල කෘත්‍යය අනාගතයයි. තමා අයත් ක්‍ෂණය හෝ වර්තමානයයි. ඉන් පෙර අතීතයයි. ඉන්පසු අනාගතයයි. මේ ක්‍ෂණය ආදී කතා නිෂ්පරියායය. (වෙනස්කළ නොහැකි) සෙස්ස පරියායයි. ඒවා අතරින් නිෂ්පරියාය කතා මෙහි අදහස් කෙරේ. අජ්ඣත්ත (සත්තානං පරසත්තානං) දෙකේ නිර්දේශ පදයට අජ්ඣත්තික නිර්දේශයෙහි කියන ලද අර්ථය වෙයි. ඕලාරිකාදි රූප කොටස වර්ණයයි කියන ලද අර්ථය වේ.

හීනදුකනිද‍්දෙසෙ තෙසං තෙසං සත‍්තානන‍්ති බහූසු සත‍්තෙසු සාමිවචනං. අපරස‍්සාපි අපරස‍්සාපීති හි වුච‍්චමානෙ දිවසම‍්පි කප‍්පසතසහස‍්සම‍්පි වදන‍්තො එත‍්තකමෙව වදෙය්‍ය. ඉති සත්‍ථා ද‍්වීහෙව පදෙහි අනවසෙසෙ සත‍්තෙ පරියාදියන‍්තො ‘තෙසං තෙසං සත‍්තාන’න‍්ති ආහ. එත‍්තකෙන හි සබ‍්බම‍්පි අපරදීපනං සිද‍්ධං හොති. උඤ‍්ඤාතන‍්ති අවමතං. අවඤ‍්ඤාතන‍්ති වම‍්භෙත්‍වා ඤාතං. රූපන‍්තිපි න විදිතං. හීළිතන‍්ති අගහෙතබ‍්බට‍්ඨෙන ඛිත‍්තං ඡඩ‍්ඩිතං, ජිගුච‍්ඡිතන‍්තිපි වදන‍්ති. පරිභූතන‍්ති කිමෙතෙනාති වාචාය පරිභවිතං. අචිත‍්තීකතන‍්ති න ගරුකතං. හීනන‍්ති ලාමකං. හීනමතන‍්ති හීනන‍්ති මතං, ලාමකං කත්‍වා ඤාතං. හීනසම‍්මතන‍්ති හීනන‍්ති ලොකෙ සම‍්මතං, හීනෙහි වා සම‍්මතං, ගූථභක‍්ඛෙහි ගූථො විය. අනිට‍්ඨන‍්ති අප‍්පියං, පටිලාභත්‍ථාය වා අපරියෙසිතං. සචෙපි නං කොචි පරියෙසෙය්‍ය, පරියෙසතු. එතස‍්ස පන ආරම‍්මණස‍්ස එතදෙව නාමං. අකන‍්තන‍්ති අකාමිතං, නිස‍්සිරිකං වා. අමනාපන‍්ති මනස‍්මිං න අප‍්පිතං. තාදිසඤ‍්හි ආරම‍්මණං මනස‍්මිං න අප‍්පීයති. අථ වා මනං අප‍්පායති වඩ‍්ඪෙතීති මනාපං, න මනාපං අමනාපං.

හීන, දුක නිර්දේශයෙහි තෙසං තෙසං සත්ත නිකායෙ බොහෝ සත්ත්වයන් අතරෙහි ඡට්ඨි වචනයයි. අපරස්සාපි අපරස්සාපිති හි කියන කල්හි දවසද කල්ප ලක්‍ෂයද කියමින් මෙපමණක් කියන්නේය. මෙසේ ශාස්තෲන් වහන්සේ පද දෙකකින් සෙසු සියළු සතුන් ගන්නේ තෙසං තෙසං සත්තානං යයි කීහ. මෙපමණකින්ම අන්‍ය සියල්ලන්ම දැක්වීම සිදුවීය. උඤ්ඤාතං යනු අවමන් කිරීමය. අවඤ්ඤාතං යනු පහත්කොට දැකීමයි. රූපං යනු දන්නා ලදි. හීළිතං යනු නොගතයුතුය යන අර්ථයෙන් ඉවත දැමූ විසිකළ පිළිකුල් කළ යනුද කියති. පරිභූතං මෙය කුමක්දැයි වචනයෙන් පරිභව කිරීමය. අවිත්තීකතං යනු ගරු නොකිරීමයි. හීනමතං හීන යයි හැඟීම ලාමකකොට දැනීම. හීනං ලාමකය. හීන සම්මතං ලෝකයෙහි හීනයයි සම්මත දේ. හීනයන් විසින් හෝ සම්මත දේ. ගූථ භක්ෂකයන් විසින් ගූථ මෙනි. අනිට්ඨං ප්‍රිය නොවූ ලබාගැනීම සඳහා නොයැවීම. යමෙක් සොයානම් සෙවීමේ අරමුණ මෙම නමින් කියයි. අකං නොකැමති නිසරු හෝ අමනාපං සිතේ අර්පණය නොවන එබඳු අරමුණ සිතට ආරෝපණය නොවේ. මනාපං සිතට මනසට අර්පණය වේ.

අපරො නයො – අනිට‍්ඨං සම‍්පත‍්තිවිරහතො. තං එකන‍්තෙන කම‍්මසමුට‍්ඨානෙසු අකුසලකම‍්මසමුට‍්ඨානං. අකන‍්තං සුඛස‍්ස අහෙතුභාවතො. අමනාපං දුක‍්ඛස‍්ස හෙතුභාවතො. රූපා සද‍්දාති ඉදමස‍්ස සභාවදීපනං. ඉමස‍්මිඤ‍්හි පදෙ අකුසලකම‍්මජවසෙන අනිට‍්ඨා පඤ‍්ච කාමගුණා විභත‍්තා. කුසලකම‍්මජං පන අනිට‍්ඨං නාම නත්‍ථි, සබ‍්බං ඉට‍්ඨමෙව.

තවද අන්‍ය න්‍යායකි. අනිට්ඨං සම්පත් නොමැතිවීමය. එය කර්ම හටගැනීම් අතරින් ඒකාන්තයෙන් අකුසල කර්ම නිපැත්මකි. අකන්තං සැපයේ අහේතුකභාවයයි. අමනාපය දුකෙහි හේතු භාවයයි. රූප, ශබ්ද යනු මෙය එහි ස්වභාවය පෙන්වීමයි. මේ පදයෙහි අකුසල කර්මයෙන් ඉපදීම් වශයෙන් අනිෂ්ට වූ පස්ක්ම ගුණයෙහි බෙදන ලදි. අකුසල කර්මයෙන් ඉපදීමෙන් ඉෂ්ට වූ දෙයක් නම් නැත. සියල්ලම අනිෂ්ටය.

පණීතපදනිද‍්දෙසො වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බො. ඉමස‍්මිං පන පදෙ කුසලකම‍්මජවසෙන ඉට‍්ඨා පඤ‍්ච කාමගුණා විභත‍්තා. කුසලකම‍්මජඤ‍්හි අනිට‍්ඨං නාම නත්‍ථි, සබ‍්බං ඉට‍්ඨමෙව. යථා ච කම‍්මජෙසු එවං උතුසමුට‍්ඨානාදීසුපි ඉට‍්ඨානිට‍්ඨතා අත්‍ථි එවාති ඉමස‍්මිං දුකෙ ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණං පටිවිභත‍්තන‍්ති වෙදිතබ‍්බං. අයං තාව ආචරියානං සමානත්‍ථකථා. විතණ‍්ඩවාදී පනාහ – ඉට‍්ඨානිට‍්ඨං නාම පාටියෙක‍්කං පටිවිභත‍්තං නත්‍ථි, තෙසං තෙසං රුචිවසෙන කථිතං.

ප්‍රණීත පද නිර්දේශයෙහි කියන ලද්ද ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුය. මේ පදයෙහි කුශල කර්මයෙන් ඉපදීම් වශයෙන් ඉෂ්ට වූ පස්කම් ගුණයෙහි බෙදන ලදි. කුසල කර්මයෙන් ඉපදීම්වල අනිෂ්ටයක් නම් නැත. සියල්ලම ඉෂ්ටමය. සෘතුවලින් හටගැනීමෙහිද කර්මයෙහි මෙන් ඉටු අනිටු ඇත. මෙසේ මේ දෙකෙහි ඉටු අනිටු අරමුණු බෙදන ලදැයි දතයුතුය. මෙය ආචාර්යවරයන්ගේ සමාන අර්ථ කථාය. විතණ්ඩවාදීහු මෙසේ කීහ. ඉටු අනිටු නම් වෙන් වෙන්ව බෙදීමක් නැත. ඔවුනොවුන්ගේ රුචි වශයෙන් කියන ලදි.

යථාහ – “මනාපපරියන‍්තං ඛ‍්වාහං, මහාරාජ, පඤ‍්චසු කාමගුණෙසු අග‍්ගන‍්ති වදාමි. තෙව, මහාරාජ, රූපා එකච‍්චස‍්ස මනාපා හොන‍්ති, එකච‍්චස‍්ස අමනාපා හොන‍්ති. තෙව, මහාරාජ, සද‍්දා, ගන්‍ධා, රසා, ඵොට‍්ඨබ‍්බා එකච‍්චස‍්ස මනාපා හොන‍්ති, එකච‍්චස‍්ස අමනාපා හොන‍්තී”ති (සං· නි· 1.123).

“මහරජ, පංචකාම ගුණයන් මනාපය කෙළවරකොට ඇතැයි මම කියමි. මහරජ, ඒ රූපයෝ සමහරුනට මනාප වෙති. සමහරුනට අමනාප වෙති. මහරජ, ඒ ශබ්ද ගන්‍ධ රස ස්පර්ශයෝ සමහරුනට මනාප වෙති. සමහරුනට අමනාප වෙති.”

එවං යස‍්මා තෙයෙව රූපාදයො එකො අස‍්සාදෙති අභිනන්‍දති, තත්‍ථ ලොභං උප‍්පාදෙති. එකො කුජ‍්ඣති පටිහඤ‍්ඤති, තත්‍ථ දොසං උප‍්පාදෙති. එකස‍්ස ඉට‍්ඨා හොන‍්ති කන‍්තා මනාපා, එකස‍්ස අනිට‍්ඨා අකන‍්තා අමනාපා. එකො චෙතෙ ‘ඉට‍්ඨා කන‍්තා මනාපා’ති දක‍්ඛිණතො ගණ‍්හාති, එකො ‘අනිට‍්ඨා අකන‍්තා අමනාපා’ති වාමතො. තස‍්මා ඉට‍්ඨානිට‍්ඨං නාම පාටියෙක‍්කං පටිවිභත‍්තං නාම නත්‍ථි. පච‍්චන‍්තවාසීනඤ‍්හි ගණ‍්ඩුප‍්පාදාපි ඉට‍්ඨා හොන‍්ති කන‍්තා මනාපා, මජ‍්ඣිමදෙසවාසීනං අතිජෙගුච‍්ඡා. තෙසඤ‍්ච මොරමංසාදීනි ඉට‍්ඨානි හොන‍්ති, ඉතරෙසං තානි අතිජෙගුච‍්ඡානීති.

එහෙයින් ඒ රූපාදියම කෙනෙක් ආශ්වාද කෙරෙති. සතුටු වෙති, එහි ලෝභය උපදවති. කෙනෙක් කිපෙති. ගැටෙති. එහි තරහ උපදවති. ඇතැමෙකුට ඉෂ්ට ප්‍රියමනාප වෙති. ඇතැමෙකුට අනිෂ්ට අමනාප වෙති. කෙනෙක් ඉෂ්ටප්‍රිය මනාපයයි දකුණතින් ගනිති. කෙනෙක් අනිෂ්ට අප්‍රිය අමනාප යයි වමතින් ගනිති. එනිසා ඉටු අනිටු නම් වෙන් වෙන්ව බෙදීමක්නැත. ප්‍රත්‍යන්තවාසීන්ට ගැඩවිලාද ඉෂ්ට ප්‍රියමනාප වෙයි. මධ්‍යදේශවාසීහු ඊට අතිශයින් පිළිකුල් කරති. ඔවුන්ට මොණරමස් ආදිය ඉෂ්ටප්‍රිය වෙයි. අන් අයට ඒවා ඉතා පිළිකුල් වේ.

සො වත‍්තබ‍්බො – “කිං පන ත්‍වං ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණං පාටියෙක‍්කං පටිවිභත‍්තං නාම නත්‍ථීති වදෙසී”ති? “ආම නත්‍ථී”ති වදාමි. පුන තථෙව යාවතතියං පතිට‍්ඨාපෙත්‍වා පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො – “නිබ‍්බානං නාම ඉට‍්ඨං උදාහු අනිට‍්ඨ”න‍්ති? ජානමානො “ඉට‍්ඨ”න‍්ති වක‍්ඛති. සචෙපි න වදෙය්‍ය, මා වදතු. නිබ‍්බානං පන එකන‍්තඉට‍්ඨමෙව. “නනු එකො නිබ‍්බානස‍්ස වණ‍්ණෙ කථියමානෙ කුජ‍්ඣිත්‍වා – ‘ත්‍වං නිබ‍්බානස‍්ස වණ‍්ණං කථෙසි, කිං තත්‍ථ අන‍්නපානමාලාගන්‍ධවිලෙපනසයනච‍්ඡාදනසමිද‍්ධා පඤ‍්ච කාමගුණා අත්‍ථී’ති වත්‍වා ‘නත්‍ථී’ති වුත‍්තෙ ‘අලං තව නිබ‍්බානෙනා’ති නිබ‍්බානස‍්ස වණ‍්ණෙ කථියමානෙ කුජ‍්ඣිත්‍වා උභො කණ‍්ණෙ ථකෙතීති ඉට‍්ඨෙතං. එතස‍්ස පන වසෙන තව වාදෙ නිබ‍්බානං අනිට‍්ඨං නාම හොති . න පනෙතං එවං ගහෙතබ‍්බං. එසො හි විපරීතසඤ‍්ඤාය කථෙති. සඤ‍්ඤාවිපල‍්ලාසෙන ච තදෙව ආරම‍්මණං එකස‍්ස ඉට‍්ඨං හොති, එකස‍්ස අනිට‍්ඨං”.

ඔප ඉටුනිටු අරමුණ වෙන් වෙන් වශයෙන් බෙදීමක් නැතැයි කියන්නේද? ඔව්. නැතැයි කීහ. නැවත තුන්වන වාරය දක්වා එසේම ප්‍රශ්නය අසා පිහිටුවා ගතයුතුය. නිවන ඉෂ්ටද? නැතහොත් අනිෂ්ටද? දන්නා තැනැත්තා ඉෂ්ට යයි කියයි. ඉදින් නොකියන්නේ නම් නොකියව. නිවන ඒකාන්තයෙන් ඉෂ්ටය. කෙනෙක් නිවන වර්ණනා මුඛයෙන් කියන කල්හි ඔබ කිපී නිවන වර්ණනා කෙරේද? නොකෙරේද? කිම, එහි ආහාරපාන මල් ගඳ විලවුන් සයන ඇඳුම් සමෘද්ධ පස්කම් ගුණ තිබේදැයි ඇසූවිට නැතැයි කී කල්හි ඔබේ නිවනෙන් කමක් නැත. නිවන වණන විට කිපී දෙකොනම පියයි-වසයි යන අර්ථයයි. මේ ආදි වශයෙන් ඔබේ වාදයෙහි නිවන අනිෂ්ට නම් වේ. මෙයමෙසේ නොගත යුතුය. මේ තෙමේ විපරීත සංඥාවෙන් කියයි. සංඥා විපර්යාස වශයෙන් කෙනෙකුට ඉෂ්ට වේ. කෙනෙකුට අනිෂ්ට වේ.

ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණං පන පාටියෙක‍්කං විභත‍්තං අත්‍ථීති. කස‍්ස වසෙන විභත‍්තන‍්ති? මජ‍්ඣිමකසත‍්තස‍්ස. ඉදඤ‍්හි න අතිඉස‍්සරානං මහාසම‍්මතමහාසුදස‍්සනධම‍්මාසොකාදීනං වසෙන විභත‍්තං. තෙසඤ‍්හි දිබ‍්බකප‍්පම‍්පි ආරම‍්මණං අමනාපං උපට‍්ඨාති. න අතිදුග‍්ගතානං දුල‍්ලභන‍්නපානානං වසෙන විභත‍්තං. තෙසඤ‍්හි කණාජකභත‍්තසිත්‍ථානිපි පූතිමංසරසොපි අතිමධුරො අමතසදිසො ච හොති. මජ‍්ඣිමකානං පන ගණකමහාමත‍්තසෙට‍්ඨිකුටුම‍්බිකවාණිජාදීනං කාලෙන ඉට‍්ඨං කාලෙන අනිට‍්ඨං ලභමානානං වසෙන විභත‍්තං. එවරූපා හි ඉට‍්ඨානිට‍්ඨං පරිච‍්ඡින්‍දිතුං සක‍්කොන‍්තීති.

ඉටුනිටු අරමුණු වනාහි වෙන වෙනම බෙදිය යුතුව ඇත. කවරෙකුගේ වශයෙන් බෙදා ඇත්තේද මධ්‍යම අයෙකුගේ වශයෙනි. ඉතා ඉසුරුමත් මහා සම්මත මහා සුදස්සන ධර්මාශෝක ආදීන්ගේ වශයෙන් මෙය නොබෙදන ලදි. ඔවුන්ට දිව්‍ය සමාන අරමුණුද අමනාපව වැටහෙන දුලබ අහරපැන් නැති දුක්ඛිත වූවන්ගේ වශයෙන්ද නොබෙදන ලදි. ඔවුන්ට වනාහි සුං සහල් බත් තුළද කුණු මස් රසයද ඉතා මිහිරි අමෘතය හා සමාන වෙයි. ගණක අමාත්‍ය සිටුවරු කෙළෙඹියන් වෙළෙන්දන් ආදි මධ්‍යමිකයන්ගේ වශයෙන් ඉටු අනිටු බෙදන ලදි. ඔවුන්ට වනාහි කාලයකට ඉෂ්ටද කාලයකට අනිෂ්ටද වේ. මේ ආකාරයෙන් ඉෂ්ට අනිෂ්ට වශයෙන් වෙන් කිරීමට හැකි වේ.

තිපිටකචූළනාගත්‍ථෙරො පනාහ – “ඉට‍්ඨානිට‍්ඨං නාම විපාකවසෙනෙව පරිච‍්ඡින‍්නං, න ජවනවසෙන. ජවනං පන සඤ‍්ඤාවිපල‍්ලාසවසෙන ඉට‍්ඨස‍්මිංයෙව රජ‍්ජති, ඉට‍්ඨස‍්මිංයෙව දුස‍්සති; අනිට‍්ඨස‍්මිංයෙව රජ‍්ජති, අනිට‍්ඨස‍්මිංයෙව දුස‍්සතී”ති. විපාකවසෙනෙව පනෙතං එකන‍්තතො පරිච‍්ඡිජ‍්ජති. න හි සක‍්කා විපාකචිත‍්තං වඤ‍්චෙතුං. සචෙ ආරම‍්මණං ඉට‍්ඨං හොති, කුසලවිපාකං උප‍්පජ‍්ජති. සචෙ අනිට‍්ඨං, අකුසලවිපාකං උප‍්පජ‍්ජති. කිඤ‍්චාපි හි මිච‍්ඡාදිට‍්ඨිකා බුද‍්ධං වා සඞ‍්ඝං වා මහාචෙතියාදීනි වා උළාරානි ආරම‍්මණානි දිස‍්වා අක‍්ඛීනි පිදහන‍්ති, දොමනස‍්සං ආපජ‍්ජන‍්ති, ධම‍්මසද‍්දං සුත්‍වා කණ‍්ණෙ ථකෙන‍්ති, චක‍්ඛුවිඤ‍්ඤාණසොතවිඤ‍්ඤාණානි පන නෙසං කුසලවිපාකානෙව හොන‍්ති.

තිපිටක චූලනාග තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඉෂ්ට අනිෂ්ට නම් විපාක වශයෙන් වෙන් කරන ලදි. ජවන වශයෙන් නොවේ. ජවනය වනාහි සංඥා විපර්යාස වශයෙන් ඉෂ්ට අරමුණෙහිම ඇලෙයි. ඉෂ්ට අරමුණෙහිම කිපෙයි. අනිෂ්ට අරමුණෙහි ඇලෙයි. අනිෂ්ට අරමුණෙහි කිපෙයි. විපාක වශයෙන් මෙය ඒකාන්තයෙන් වෙන් කරයි. විපාක සිතට වංචාකළ නොහැකිය. අරමුණ ඉෂ්ට වේනම් කුසල විපාක උපදියි. අරමුණ අනිෂ්ට වේනම් අකුසල විපාක උපදියි. කිසියම් මිථ්‍යාදෘෂ්ටිකයෙක් බුදුන් සඟුන් මහසෑ ආදී උතුම් අරමුණු දැක ඇස්පියා ගනිති. දොම්නසට පැමිණෙති. දහම් හඬ අසා කන් වසා ගනිති. ඔවුන්ගේ චක්ඛු විඤ්ඤාණ ශෝත විඤ්ඤාණ වනාහි කුසල විපාකම වෙති.

කිඤ‍්චාපි ගූථසූකරාදයො ගූථගන්‍ධං ඝායිත්‍වා ‘ඛාදිතුං ලභිස‍්සාමා’ති සොමනස‍්සජාතා හොන‍්ති, ගූථදස‍්සනෙ පන තෙසං චක‍්ඛුවිඤ‍්ඤාණං, තස‍්ස ගන්‍ධඝායනෙ ඝානවිඤ‍්ඤාණං, රසසායනෙ ජිව‍්හාවිඤ‍්ඤාණඤ‍්ච අකුසලවිපාකමෙව හොති. බන්‍ධිත්‍වා වරසයනෙ සයාපිතසූකරො ච කිඤ‍්චාපි විරවති, සඤ‍්ඤාවිපල‍්ලාසෙන පනස‍්ස ජවනස‍්මිංයෙව දොමනස‍්සං උප‍්පජ‍්ජති, කායවිඤ‍්ඤාණං කුසලවිපාකමෙව. කස‍්මා? ආරම‍්මණස‍්ස ඉට‍්ඨතාය.

කිසියම් ගූථ සූකරාදීහු ගූථ ගන්ධය ආඝ්‍රාණයකොට කෑමට ලැබෙන්නේ යයි සොම්නස් වූවෝ වෙති. ගූථ දර්ශනයෙහි ඔවුන්ගේ චක්ඛුවිඤ්ඤාණයද ඒ ගඳ ආඝ්‍රාණයේදී ඝාණ විඤ්ඤාණයද රස ආශ්වාදනයෙහි ජිව්හා විඤ්ඤාණයේද අකුසල විපාකද වෙයි. බැඳ හොඳ ඇඳක නිදිකරවූ ඌරාද කිසියම් හඬක් නගයි. සංඥා විපර්යාසයෙන් ඌගේ ජවනයෙහිම දොම්නසක් උපදී. කාය විඤ්ඤාණය කුසල විපාකම වෙයි. කුමක් හෙයින්ද? අරමුණෙහි ඉෂ්ට බැවිනි.

අපිච ද‍්වාරවසෙනාපි ඉට‍්ඨානිට‍්ඨතා වෙදිතබ‍්බා. සුඛසම‍්ඵස‍්සඤ‍්හි ගූථකලලං චක‍්ඛුද‍්වාරඝානද‍්වාරෙසු අනිට‍්ඨං, කායද‍්වාරෙ ඉට‍්ඨං හොති. චක‍්කවත‍්තිනො මණිරතනෙන පොථියමානස‍්ස, සුවණ‍්ණසූලෙ උත‍්තාසිතස‍්ස ච මණිරතනසුවණ‍්ණසූලානි චක‍්ඛුද‍්වාරෙ ඉට‍්ඨානි හොන‍්ති, කායද‍්වාරෙ අනිට‍්ඨානි. කස‍්මා? මහාදුක‍්ඛස‍්ස උප‍්පාදනතො. එවං ඉට‍්ඨානිට‍්ඨං එකන‍්තතො විපාකෙනෙව පරිච‍්ඡිජ‍්ජතීති වෙදිතබ‍්බං.

තවද, ද්වාර වශයෙන් ඉටුනිටු දතයුතුය. සැප ස්පර්ශ ඇති ගූථ කලලය චක්ඛු ද්වාර ඝාන ද්වාර ආදියෙහි අනිෂ්ට වේ. කාය ද්වාරයෙහි ඉෂ්ට වේ. සක්විති රජුගේ මිණිරුවනින් තලනු ලබන්නහුටද රන් උලෙහි උල තැබූ ඔහුටද මිණිරුවන රන් උල චක්ඛු ද්වාරයෙහි ඉෂ්ට වේ. කාය ද්වාරයෙහි අනිෂ්ට වේ. කුමක් හෙයින්ද මහ දුකක් උපදවන හෙයිනි. මෙසේ ඉටු අනිටු වශයෙන් විපාකයෙහි ඒකාන්තයෙන් වෙන්කරනු ලැබේ යයි දතයුතුය.

තං තං වා පනාති එත්‍ථ න හෙට‍්ඨිමනයො ඔලොකෙතබ‍්බො. න හි භගවා සම‍්මුතිමනාපං භින්‍දති, පුග‍්ගලමනාපං පන භින්‍දති. තස‍්මා තංතංවාපනවසෙනෙව උපාදායුපාදාය හීනප‍්පණීතතා වෙදිතබ‍්බා. නෙරයිකානඤ‍්හි රූපං කොටිප‍්පත‍්තං හීනං නාම; තං උපාදාය තිරච‍්ඡානෙසු නාගසුපණ‍්ණානං රූපං පණීතං නාම. තෙසං රූපං හීනං; තං උපාදාය පෙතානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය ජානපදානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය ගාමභොජකානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය ජනපදසාමිකානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය පදෙසරාජූනං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය චක‍්කවත‍්තිරඤ‍්ඤො රූපං පණීතං නාම. තස‍්සාපි හීනං; තං උපාදාය භුම‍්මදෙවානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය චාතුමහාරාජිකානං දෙවානං රූපං පණීතං නාම. තෙසම‍්පි හීනං; තං උපාදාය තාවතිංසානං දෙවානං රූපං පණීතං නාම…පෙ… අකනිට‍්ඨදෙවානං පන රූපං මත්‍ථකප‍්පත‍්තං පණීතං නාම.

තං තං වා පන යනු මෙහි යට දක්වන ලද න්‍යාය නොබැලිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ සම්මුති මනාප නොබිඳිති. පුද්ගල මනාප බිඳිති. එහෙයින් ඒ ඒ ආකාරයෙන් පිළිවෙලින් ගෙන හීන පණීත බව කිවයුතුය. නිරයවාසීන්ගේ රූපය කෙළවරට පැමිණි හීන නම් වේ. ඒ අල්වාගෙන තිරිසනුන් අතරෙහි නාගගුරුළු ආදීන්ගේ රූපය ප්‍රණීත නම් වේ. එය දැඩිසේ ගෙන ඔවුන්ගේ රූපය හීනය. ප්‍රේතයින්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. ජානපදිකයන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. ගම්මුළාදෑනීන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. ජනපද හිමියන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. ප්‍රදේශ රජුන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. චක්කවත්ති රජවරුන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. භූමාටු දෙවියන්ගේ රූපය ප්‍රණීතය. එය ගෙන ඔවුන්ගේ රූපය හීනය. භූමාටු දෙවියන්ගේ රූපය ප්‍රණීතය. එය හීනය. එය ගෙන චාතුර්මහාරාජික දෙවියන්ගේ රූපය ප්‍රණීතය. එය හීනය. තාවතිංස දෙවියන්ගේ රූපය ප්‍රණීතය. අකනිට්ඨ දෙවියන්ගේ රූපය ඉහළම ප්‍රණීත රූපය වෙයි.

දූරදුකනිද‍්දෙසෙ ඉත්‍ථින්‍ද්‍රියාදීනි හෙට‍්ඨා විභත‍්තානෙව. ඉමස‍්මිං පන දුකෙ දුප‍්පරිග‍්ගහට‍්ඨෙන ලක‍්ඛණදුප‍්පටිවිජ‍්ඣතාය සුඛුමරූපං දූරෙති කථිතං. සුඛපරිග‍්ගහට‍්ඨෙන ලක‍්ඛණසුප‍්පටිවිජ‍්ඣතාය ඔළාරිකරූපං සන‍්තිකෙති. කබළීකාරාහාරපරියොසානෙ ච නිය්‍යාතනට‍්ඨානෙපි ‘ඉදං වුච‍්චති රූපං දූරෙ’ති න නීය්‍යාතිතං. කස‍්මා? දුවිධඤ‍්හි දූරෙ නාම – ලක‍්ඛණතො ච ඔකාසතො චාති. තත්‍ථ ලක‍්ඛණතො දූරෙති න කථිතං, තං ඔකාසතො කථෙතබ‍්බං. තස‍්මා දූරෙති අකථිතං. ඔළාරිකරූපං ඔකාසතො දූරෙති දස‍්සෙතුං අනිය්‍යාතෙත්‍වාව යං වා පනඤ‍්ඤම‍්පීතිආදිමාහ. සන‍්තිකපදනිද‍්දෙසෙපි එසෙව නයො. තත්‍ථ අනාසන‍්නෙති න ආසන‍්නෙ, අනුපකට‍්ඨෙති නිස‍්සටෙ, දූරෙති දූරම‍්හි, අසන‍්තිකෙති න සන‍්තිකෙ. ඉදං වුච‍්චති රූපං දූරෙති ඉදං පණ‍්ණරසවිධං සුඛුමරූපං ලක‍්ඛණතො දූරෙ, දසවිධං පන ඔළාරිකරූපං යෙවාපනකවසෙන ඔකාසතො දූරෙති වුච‍්චති. සන‍්තිකපදනිද‍්දෙසො උත‍්තානත්‍ථොයෙව.

දුර සන්තික දෙක නිර්දේශයෙහි ඉත්ථි ඉන්‍ද්‍රියාදිය යට බෙදා දක්වන ලදි. මේ දෙකෙහි අල්වා ගැනීමට අපහසු යන අර්ථයෙන් හා ලක්‍ෂණ දැනගැනීමට අපහසු හෙයින් සුඛුම රූපය දූරෙ යයි කියන ලදි. අල්වා ගැනීමට පහසුය යන අර්ථය හා ලක්‍ෂණ පහසුවෙන් දැනගත හැකි හෙයින් ඕළාරික රූපය සන්තික යයි කියන ලදි. කබලිංකාර ආහාර අවසානයෙහි පැමිණවිය යුතු යන අර්ථයෙන් මේ රූපය දූරයයිද එය නොපමුණුවයි. කුමක් හෙයින්ද දූරනම් ලක්‍ෂණ වශයෙන් සහ අවකාශ වශයෙන් දෙවැදෑරුම්ය. ලක්‍ෂණ වශයෙන් දුර නොකියන ලදි. අවකාශ වශයෙන් කිවයුතුය. ඒ ඕළාරික රූප අවකාශ වශයෙන් දැක්වීමට නොපැමිණවීමම යංවාපනඤ්ඤම්පි යනාදිය කීහ. සන්තික පද නිර්දේශයෙහිද මේ නියමයම වේ. එහි අනාසත්ති යනු සමීපයෙහි නොවේ. අනුපකට්ඨ යනු හරනා ලද්දේය. දූරෙති ඈතයි. අසන්තිකෙ සමීපයෙහි නොවේ. ඉදං වුච්චති රූපං දූරෙ මේ පසළොස් ආකාර වූ සුඛුම රූප ලක්‍ෂණ වශයෙන් දුරය. දසවිධ වූ ඕළාරික රූප අනිත් ධර්මයන්ගේ වශයෙන් අවකාශයෙන් දුර යයි කියයි. සමීප පද නිර්දේශයේ අර්ථ ප්‍රකටය.

ඉදං වුච‍්චති රූපං සන‍්තිකෙති ඉදං දසවිධං ඔළාරිකරූපං ලක‍්ඛණතො සන‍්තිකෙ, පඤ‍්චදසවිධං පන සුඛුමරූපං යෙවාපනකවසෙන ඔකාසතො සන‍්තිකෙති වුච‍්චති. කිත‍්තකතො පට‍්ඨාය පන රූපං ඔකාසවසෙන සන‍්තිකෙ නාම? කිත‍්තකතො පට‍්ඨාය දූරෙ නාමාති? පකතිකථාය කථෙන‍්තානං ද‍්වාදසහත්‍ථො සවනූපචාරො නාම හොති. තස‍්ස ඔරතො රූපං සන‍්තිකෙ, පරතො දූරෙ. තත්‍ථ සුඛුමරූපං දූරෙ හොන‍්තං ලක‍්ඛණතොපි ඔකාසතොපි දූරෙ හොති; සන‍්තිකෙ හොන‍්තං පන ඔකාසතොව සන‍්තිකෙ හොති, න ලක‍්ඛණතො. ඔළාරිකරූපං සන‍්තිකෙ හොන‍්තං ලක‍්ඛණතොපි ඔකාසතොපි සන‍්තිකෙ හොති; දූරෙ හොන‍්තං ඔකාසතොව දූරෙ හොති, න ලක‍්ඛණතො.

ඉදං වුච්චති රූපං සන්තිකෙ මෙය දසවිධය. ඕළාරික රූප ලක්‍ෂණ වශයෙන් සමීපය. පසළොස් ආකාර සුඛුම රූප අනිත් ධර්මයන්ගේ වශයෙන් අවකාශයෙන් සමීපයයි කියයි. රූපය අවකාශ වශයෙන් කොපමණක සිට සමීප වේද? කොපමණක සිට දුර වේද? ප්‍රකෘති කථාවෙන් කියන්නේ දොළොස් රියනකින් ශ්‍රවණ උපචාරය වේ. එයින් මෙපිට රූප සමීපය. එයින් එපිට රූප දුරය. එහි සුඛුම රූප දුර වූයේ නම් ලක්‍ෂණ වශයෙන්ද අවකාශ වශයෙන්ද දුර වෙයි. සමීප වූයේ නම් අවකාශ වශයෙන් සමීප වෙයි. ලක්‍ෂණ වශයෙන් නොවේ. ඕළාරික රූප සමීප වූයේ ලක්‍ෂණ වශයෙන්ද අවකාශ වශයෙන්ද සමීප වෙයි. දුර වූයේ නම් අවකාශ වශයෙන් දුර වෙයි. ලක්‍ෂණ වශයෙන් නොවේ.

තං තං වා පනාති එත්‍ථ න හෙට‍්ඨිමනයො ඔලොකෙතබ‍්බො. හෙට‍්ඨා හි භින්‍දමානො ගතො. ඉධ පන න ලක‍්ඛණතො දූරං භින්‍දති, ඔකාසතො දූරමෙව භින්‍දති. උපාදායුපාදාය දූරසන‍්තිකඤ‍්හි එත්‍ථ දස‍්සිතං. අත‍්තනො හි රූපං සන‍්තිකෙ නාම; අන‍්තොකුච‍්ඡිගතස‍්සාපි පරස‍්ස දූරෙ. අන‍්තොකුච‍්ඡිගතස‍්ස සන‍්තිකෙ; බහිඨිතස‍්ස දූරෙ. එකමඤ‍්චෙ සයිතස‍්ස සන‍්තිකෙ; බහිපමුඛෙ ඨිතස‍්ස දූරෙ. අන‍්තොපරිවෙණෙ රූපං සන‍්තිකෙ; බහිපරිවෙණෙ දූරෙ. අන‍්තොසඞ‍්ඝාරාමෙ රූපං සන‍්තිකෙ; බහිසඞ‍්ඝාරාමෙ දූරෙ. අන‍්තොසීමාය රූපං සන‍්තිකෙ; බහිසීමාය දූරෙ. අන‍්තොගාමඛෙත‍්තෙ රූපං සන‍්තිකෙ; බහිගාමක‍්ඛෙත‍්තෙ දූරෙ. අන‍්තොජනපදෙ රූපං සන‍්තිකෙ; බහිජනපදෙ දූරෙ. අන‍්තොරජ‍්ජසීමාය රූපං සන‍්තිකෙ; බහිරජ‍්ජසීමාය දූරෙ. අන‍්තොසමුද‍්දෙ රූපං සන‍්තිකෙ; බහිසමුද‍්දෙරූපං දූරෙ. අන‍්තොචක‍්කවාළෙ රූපං සන‍්තිකෙ; බහිචක‍්කවාළෙ දූරෙති.

තං තං වා පන මෙහි පහළම නියාය නොබැලිය යුතුය. මෙහි ලක්‍ෂණ වශයෙන් දුර රූප නොබිඳෙයි. අවකාශ වශයෙන් දුර රූප බිඳෙයි. දුර සමීප දෙකම ගෙන මෙහි දක්වන ලදි. තමන්ගේ රූප සමීප වෙයි. අනුන්ගේ කුස තුළ රූප දුරය. තමාගේ කුස තුළ රූප සමීපය. පිටත සිටියවුන්ගේ රූප දුරය. එක ඇඳේ නිදා සිටියහුගේ රූපය සමීපය. පිටත නිදා ගත්තහුගේ රූප දුරය. තම කාමරය තුළ සමීපය. පිටත දුරය. සංඝාරාමය තුළ රූපය සමීපය. පිට සංඝාරාමවල රුප දුරය. සීමාව තුළ සමීපය. සීමාවෙන් පිටත දුරය. ගම තුළ සමීඵය. ඉන් පිට දුරය. ජනපදය තුළ සමීපය. පිටත දුරය. රාජ්‍යය සීමාව තුළ සමීපය. පිටත දුරය. මූද තුළ සමීපය. සාගරයෙන් පිටත දුරය. ඇතුළු සක්වල සමීපය. පිට සක්වල දුරය.

අයං රූපක‍්ඛන්‍ධනිද‍්දෙසො.

මේ රූපස්කන්‍ධ නිර්දේශයයි.