යෙදුමෙන් කියවන්න

වෙදනාක‍්ඛන්‍ධනිද‍්දෙසො අට‍්ඨකථා

වෙදනාක‍්ඛන්‍ධනිද‍්දෙසො

වේදනාස්කන්‍ධ නිර්දේශය

වෙදනාක‍්ඛන්‍ධනිද‍්දෙසාදීසු හෙට‍්ඨා වුත‍්තසදිසං පහාය අපුබ‍්බමෙව වණ‍්ණයිස‍්සාම. යා කාචි වෙදනාති චතුභූමිකවෙදනං පරියාදියති. සුඛා වෙදනාතිආදීනි අතීතාදිවසෙන නිද‍්දිට‍්ඨවෙදනං සභාවතො දස‍්සෙතුං වුත‍්තානි. තත්‍ථ සුඛා වෙදනා අත්‍ථි කායිකා, අත්‍ථි චෙතසිකා. තථා දුක‍්ඛා වෙදනා. අදුක‍්ඛමසුඛා පන චක‍්ඛාදයො පසාදකායෙ සන්‍ධාය පරියායෙන ‘අත්‍ථි කායිකා, අත්‍ථි චෙතසිකා’. තත්‍ථ සබ‍්බාපි කායිකා කාමාවචරා. තථා චෙතසිකා දුක‍්ඛා වෙදනා. චෙතසිකා සුඛා පන තෙභූමිකා. අදුක‍්ඛමසුඛා චතුභූමිකා. තස‍්සා සබ‍්බප‍්පකාරායපි සන‍්තතිවසෙන, ඛණාදිවසෙන ච අතීතාදිභාවො වෙදිතබ‍්බො.

වේදනාස්කන්‍ධ නිර්දේශාදියෙහි යට කියන ලද සමාන ඒවා හැර පෙර නොකියන ලද ඒවා පමණක් වර්ණනා කරමි. යාකාචි වෙදනා චතුභූමක වේදනා ගනු ලැබේ. සැප වේදනා ආදිය අතීතාදි වශයෙන් විස්තර කළ වේදනාව ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි සැප වේදනාව කායික චෛතසික වශයෙන් නැත. දුක් වේදනාවද එසේය. අදුක්ඛමසුඛ වේදනාව චක්‍ෂු ආදී ප්‍රසාද කාය නිසා කායිකව සහ චෛතසිකව ඇත. එහි සියළු කායික වේදනා කාමාවචරය. චෛතසික දුක්වේදනාද එසේය. චෛතසික සැප වේදනා වනාහි ත්‍රෛභූමිකය. (කාම, රූප, අරූප) අදුක්ඛමසුඛ වේදනාව චතුභූමිකය. එහි සියළු ආකාර පරම්පරා වශයෙන් ක්‍ෂණ ආදී වශයෙන් අතීතාදිභාවය දතයුතුය.

තත්‍ථ සන‍්තතිවසෙන එකවීථිඑකජවනඑකසමාපත‍්තිපරියාපන‍්නා, එකවිධවිසයසමායොගප‍්පවත‍්තා ච පච‍්චුප‍්පන‍්නා. තතො පුබ‍්බෙ අතීතා, පච‍්ඡා අනාගතා. ඛණාදිවසෙන ඛණත‍්තයපරියාපන‍්නා පුබ‍්බන‍්තාපරන‍්තමජ‍්ඣගතා සකිච‍්චඤ‍්ච කුරුමානා වෙදනා පච‍්චුප‍්පන‍්නා. තතො පුබ‍්බෙ අතීතා, පච‍්ඡා අනාගතා. තත්‍ථ ඛණාදිවසෙන අතීතාදිභාවං සන්‍ධාය අයං නිද‍්දෙසො කතොති වෙදිතබ‍්බො.

එහි පරම්පරා වශයෙන් එක් චිත්ත වීථියක එක් ජවනයක එක් සමාධියක ඇතුළත් එක් විෂයක යෙදුනේ වර්තමානය. එයින් පෙර අතීතය. එයින් පසු අනාගතය. ක්‍ෂණාදී වශයෙන් ක්‍ෂණත්‍රයට ඇතුළත් පෙර අපර මැදට ගිය කෘත්‍යයක නියැළි වේදනාව වර්තමානය. ඉන් පෙර අතීතය. එයින් පසු අනාගතය. [missing trans]

ඔළාරිකසුඛුමනිද‍්දෙසෙ අකුසලා වෙදනාතිආදීනි ජාතිතො ඔළාරිකසුඛුමභාවං දස‍්සෙතුං වුත‍්තානි. දුක‍්ඛා වෙදනා ඔළාරිකාතිආදීනි සභාවතො. අසමාපන‍්නස‍්ස වෙදනාතිආදීනි පුග‍්ගලතො. සාසවාතිආදීනි ලොකියලොකුත‍්තරතො ඔළාරිකසුඛුමභාවං දස‍්සෙතුං වුත‍්තානි. තත්‍ථ අකුසලා තාව සදරථට‍්ඨෙන දුක‍්ඛවිපාකට‍්ඨෙන ච ඔළාරිකා. කුසලා නිද‍්දරථට‍්ඨෙන සුඛවිපාකට‍්ඨෙන ච සුඛුමා. අබ්‍යාකතා නිරුස‍්සාහට‍්ඨෙන අවිපාකට‍්ඨෙන ච සුඛුමා. කුසලාකුසලා සඋස‍්සාහට‍්ඨෙන සවිපාකට‍්ඨෙන ච ඔළාරිකා. අබ්‍යාකතා වුත‍්තනයෙනෙව සුඛුමා.

ඕලාරික සුඛුම විවරණයෙහි අකුසලා වේදනා ආදිය ජාති වශයෙන් ඕලාරික බව දැක්වීමට කියන ලදි. දුක්ඛා වේදනා ඔලාරිකා ආදිය ස්වභාව වශයෙනි. අසමාපන්නස්ස වෙදනා ආදිය පුද්ගල වශයෙන් දැක්වීමට කියන ලදි. සාසවා ආදිය ලෞකික ලෝකෝත්තර වශයෙන් ඕලාරික සුඛුම බව දැක්වීමට කියන ලදි. එහි අකුසල සිත් තැවුල් අර්ථයෙන්ද දුක් විපාක අර්ථයෙන්ද ඕලාරික වෙයි. කුසල සිත් තැවුල් නැති අර්ථයෙන්ද සැප විපාක අර්ථයෙන්ද සුඛුම වෙයි. අව්‍යාකෘත සිත් නිරුත්සාහ අර්ථයෙන්ද අවිපාක අර්ථයෙන්ද සුඛුම වේ. කුසල අකුසල උත්සාහ සහිත හා විපාක සහිත අර්ථයෙන් ඕලාරික වේ. අව්‍යාකෘත කලින් කී නයින් සුඛුමය.

දුක‍්ඛා අසාතට‍්ඨෙන දුක‍්ඛට‍්ඨෙන ච ඔළාරිකා. සුඛා සාතට‍්ඨෙන සුඛට‍්ඨෙන ච සුඛුමා. අදුක‍්ඛමසුඛා සන‍්තට‍්ඨෙන පණීතට‍්ඨෙන ච සුඛුමා. සුඛදුක‍්ඛා ඛොභනට‍්ඨෙන ඵරණට‍්ඨෙන ච ඔළාරිකා. සුඛවෙදනාපි හි ඛොභෙති ඵරති. තථා දුක‍්ඛවෙදනාපි. සුඛඤ‍්හි උප‍්පජ‍්ජමානං සකලසරීරං ඛොභෙන‍්තං ආලුළෙන‍්තං අභිසන්‍දයමානං මද‍්දයමානං ඡාදයමානං සීතොදකඝටෙන ආසිඤ‍්චයමානං විය උප‍්පජ‍්ජති. දුක‍්ඛං උප‍්පජ‍්ජමානං තත‍්තඵාලං අන‍්තො පවෙසන‍්තං විය තිණුක‍්කාය බහි ඣාපයමානං විය උප‍්පජ‍්ජති. අදුක‍්ඛමසුඛා පන වුත‍්තනයෙනෙව සුඛුමා. අසමාපන‍්නස‍්ස වෙදනා නානාරම‍්මණෙ වික‍්ඛිත‍්තභාවතො ඔළාරිකා . සමාපන‍්නස‍්ස වෙදනා එකත‍්තනිමිත‍්තෙයෙව චරතීති සුඛුමා. සාසවා ආසවුප‍්පත‍්තිහෙතුතො ඔළාරිකා. ආසවචාරො නාම එකන‍්තඔළාරිකො. අනාසවා වුත‍්තවිපරියායෙන සුඛුමා.

දුක් අමිහිරි සහ දුක් යන අර්ථයෙන් ඕලාරිකය. සැප මිහිරි සහ සැප යන අර්ථයෙන් සුඛුමය. අදුක්ඛම සුඛ ශාන්ත සහ ප්‍රණීත අර්ථයෙන් සුඛුමය. සැප දුක් කැළඹීම් සහ පැතිරීම් අර්ථයෙන් ඕලාරිකය. සැප වේදනාවද කැළඹෙයි. පැතිරෙයි. දුක් වේදනාවද එසේය. සැප උපදින විට සියළු සිරුර කළඹමින්, අළලමින් මත් කරමින් සඟවමින් සිහිල් දියැති කලයකින් දිය ඉසින්නාක් මෙන් උපදියි. දුක් උපදින විට රත්වූ තලියක් ඇතුළට පිවිසවන්නාක් මෙන් ගිනි හුළකින් බාහිර ශරීරය දමන්නාක් මෙන් උපදියි. අදුක්ඛමසුඛ කී ආකාරයෙන් සුඛුමය. අසමාහිත වේදනා නොයෙක් අරමුණුවල වික්‍ෂිප්ත භාවයෙන් ඕලාරිකය. සමාහිත වේදනා එක් අරමුණක හැසිරෙන නිසා සුඛුම වේ. ආශ්‍රව සහිත රූප ආශ්‍රව උත්පත්ති හේතුවෙන් ඕලාරික වේ. ආශ්‍රව හැසිරීම ඒකාන්තයෙන් ඕලාරිකය. අනාශ්‍රව කියන ලද ආකාරයට වෙනස් නිසා සුඛුම වේ.

තත්‍ථ එකො නෙව කුසලත‍්තිකෙ කොවිදො හොති, න වෙදනාත‍්තිකෙ. සො ‘කුසලත‍්තිකං රක‍්ඛාමී’ති වෙදනාත‍්තිකං භින්‍දති; ‘වෙදනාත‍්තිකං රක‍්ඛාමී’ති කුසලත‍්තිකං භින්‍දති. එකො ‘තිකං රක‍්ඛාමී’ති භූමන‍්තරං භින්‍දති. එකො න භින්‍දති. කථං? “සුඛදුක‍්ඛා වෙදනා ඔළාරිකා, අදුක‍්ඛමසුඛා වෙදනා සුඛුමා”ති හි වෙදනාත‍්තිකෙ වුත‍්තං. තං එකො පටික‍්ඛිපති – න සබ‍්බා අදුක‍්ඛමසුඛා සුඛුමා. සා හි කුසලාපි අත්‍ථි අකුසලාපි අබ්‍යාකතාපි. තත්‍ථ කුසලාකුසලා ඔළාරිකා, අබ්‍යාකතා සුඛුමා. කස‍්මා? කුසලත‍්තිකෙ පාළියං ආගතත‍්තාති. එවං කුසලත‍්තිකො රක‍්ඛිතො හොති, වෙදනාත‍්තිකො පන භින‍්නො.

එහි කෙනෙක් කුසලත්‍රිකයෙහි දක්‍ෂ නොවේ. වේදනාත්‍රිකයෙහිද දක්‍ෂ නොවේ. හේ කුසලත්‍රිකය රකිමියි වේදනාත්‍රිකය බිඳියි. වේදනාත්‍රිකය රකිමියි කුසලත්‍රිකය බිඳියි. කෙනෙක් ත්‍රිකය රකිමින් භූමි අන්තරය බිඳී. කෙනෙක් නොබිඳිති. කෙසේද? සැප දුක් වේදනා ඕලාරිකය. අදුක්ඛමසුඛ වේදනා සුඛුම යයි වේදනාත්‍රිකයෙහි කියන ලදි. සියළු අදුක්ඛමසුඛ සුඛුම නොවේයයි කෙනෙක් එය ප්‍රතික්‍ෂේප කරති. එහි කුසල්ද අකුසල්ද අව්‍යාකෘතද ඇත. එහි කුසල අකුසල ඕලාරිකය. අව්‍යාකෘත සුඛුමය. කුමක් හෙයින්ද? කුසලත්‍රික පෙළෙහි ආ බැවිනි. මෙසේ කුසලත්‍රිකය රැක්කේ වෙයි. වේදනාත්‍රිකය බිඳී ගියේය.

කුසලාකුසලා වෙදනා ඔළාරිකා, අබ්‍යාකතා වෙදනා සුඛුමා”ති යං පන කුසලත‍්තිකෙ වුත‍්තං, තං එකො පටික‍්ඛිපති – න සබ‍්බා අබ්‍යාකතා සුඛුමා. සා හි සුඛාපි අත්‍ථි දුක‍්ඛාපි අදුක‍්ඛමසුඛාපි. තත්‍ථ සුඛදුක‍්ඛා ඔළාරිකා, අදුක‍්ඛමසුඛා සුඛුමා. කස‍්මා? වෙදනාත‍්තිකෙ පාළියං ආගතත‍්තාති. එවං වෙදනාත‍්තිකො රක‍්ඛිතො හොති, කුසලත‍්තිකො පන භින‍්නො. කුසලත‍්තිකස‍්ස පන ආගතට‍්ඨානෙ වෙදනාත‍්තිකං අනොලොකෙත්‍වා වෙදනාත‍්තිකස‍්ස ආගතට‍්ඨානෙ කුසලත‍්තිකං අනොලොකෙත්‍වා කුසලාදීනං කුසලත‍්තිකලක‍්ඛණෙන, සුඛාදීනං වෙදනාත‍්තිකලක‍්ඛණෙන ඔළාරිකසුඛුමතං කථෙන‍්තො න භින්‍දති නාම.

කුසල අකුසල වේදනා ඕලාරිකය. අව්‍යාකෘත වේදනා සුඛුමයයි කුසලත්‍රිකයෙහි කියන ලද්ද අව්‍යාකෘත සියල්ල සුඛුම නොවේයයි එකෙක් ඒ ප්‍රතික්‍ෂේප කරයි. එහි සැපද දුක්ද අදුක්ඛම සුඛද ඇත. එහි සැප දුක් ඕලාරිකය. අදුක්ඛමසුඛ සුඛුමය. කුමක් හෙයින්ද? වේදනාත්‍රික පෙළෙහි ආ බැවිනි. මෙසේ වේදනාත්‍රිකය රැක්කේය. කුසල ත්‍රිකය බින්දේය. කුසලත්‍රිකය පැමිණි තැන වේදනාත්‍රිකය නොබලා වේදනාත්‍රිකය පැමිණි තැන කුසලත්‍රිකය නොබලා කුසලාදීන්ගේ කුසලත්‍රික ලක්‍ෂණයෙන් සැප ආදියෙහි වේදනාත්‍රික ලක්‍ෂණයෙන් ඕලාරික සුඛුම බව කියන්නේ නම් නොබිඳේ.

යම‍්පි “කුසලාකුසලා වෙදනා ඔළාරිකා, අබ්‍යාකතා වෙදනා සුඛුමා”ති කුසලත‍්තිකෙ වුත‍්තං, තත්‍ථෙකො ‘කුසලා ලොකුත‍්තරවෙදනාපි සමානා ඔළාරිකා නාම, විපාකා අන‍්තමසො ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණසහජාතාපි සමානා සුඛුමා නාම හොතී’ති වදති. සො එවරූපං සන‍්තං පණීතං ලොකුත‍්තරවෙදනං ඔළාරිකං නාම කරොන‍්තො, ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණසම‍්පයුත‍්තං අහෙතුකං හීනං ජළං වෙදනං සුඛුමං නාම කරොන‍්තො ‘තිකං රක‍්ඛිස‍්සාමී’ති භූමන‍්තරං භින්‍දති නාම. තත්‍ථ තත්‍ථ භූමියං කුසලං පන තංතංභූමිවිපාකෙනෙව සද‍්ධිං යොජෙත්‍වා කථෙන‍්තො න භින්‍දති නාම. තත්‍රායං නයො – කාමාවචරකුසලා හි ඔළාරිකා; කාමාවචරවිපාකා සුඛුමා . රූපාවචරාරූපාවචරලොකුත‍්තරකුසලා ඔළාරිකා; රූපාවචරාරූපාවචරලොකුත‍්තරවිපාකා සුඛුමාති. ඉමිනා නීහාරෙන කථෙන‍්තො න භින්‍දති නාම.

කුසල අකුසල වේදනා ඕලාරිකය. අව්‍යාකෘත වේදනා සුඛුමයයි කුසලත්‍රිකයෙහි කියන ලද නිසා කුසල ලෝකෝත්තර වේදනා ද ඕලාරිකය. යටත් පිරිසෙයින් දෙපස් විඤ්ඤාණ සහජාත විපාකයෝද සුඛුම වේයයි කෙනෙක් කියති. හේ මෙබඳු වූ ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර වේදනාව ඕලාරික කරමින් දෙපස් විඤ්ඤාණයෙන් යුක්ත වූ අහේතුක හීන ජඩ වූ වේදනාව සුඛුම යයි කරමින් ත්‍රිකය රැක්කෙමියි අන්තර් භූමි බිඳියි. ඒ ඒ භූමිවල කුසලය ඒ ඒ භූමි විපාකයන්හි යොදා කියන්නේ නම් නොබිඳින්නේ වෙයි. මේ එහි නයයි. කාමාවචර කුසල ඕලාරිකය. කාමාවචර විපාක සුඛුමය. රූපාවචර, අරූපාවචර ලෝකෝත්තරික කුසල ඕලාරිකය. රූපාවචර අරූපාවචර, ලෝකෝත්තර විපාක සුඛුම යයි මේ ආකාරයට කියන්නේ නම් නොබිඳී.

තිපිටකචූළනාගත්‍ථෙරො පනාහ – “අකුසලෙ ඔළාරිකසුඛුමතා නාම න උද‍්ධරිතබ‍්බා. තඤ‍්හි එකන‍්තඔළාරිකමෙව. ලොකුත‍්තරෙපි ඔළාරිකසුඛුමතා න උද‍්ධරිතබ‍්බා. තඤ‍්හි එකන‍්තසුඛුම”න‍්ති . ඉමං කථං ආහරිත්‍වා තිපිටකචූළාභයත්‍ථෙරස‍්ස කථයිංසු – එවං ථෙරෙන කථිතන‍්ති. තිපිටකචූළාභයත්‍ථෙරො ආහ – “සම‍්මාසම‍්බුද‍්ධෙන අභිධම‍්මං පත්‍වා එකපදස‍්සාපි ද‍්වින‍්නම‍්පි පදානං ආගතට‍්ඨානෙ නයං දාතුං යුත‍්තට‍්ඨානෙ නයො අදින‍්නො නාම නත්‍ථි, නයං කාතුං යුත‍්තට‍්ඨානෙ නයො අකතො නාම නත්‍ථි. ඉධ පනෙකච‍්චො ‘ආචරියො අස‍්මී’ති විචරන‍්තො අකුසලෙ ඔළාරිකසුඛුමතං උද‍්ධරමානො කුක‍්කුච‍්චායති. සම‍්මාසම‍්බුද‍්ධෙන පන ලොකුත‍්තරෙපි ඔළාරිකසුඛුමතා උද‍්ධරිතා”ති. එවඤ‍්ච පන වත්‍වා ඉදං සුත‍්තං ආහරි – “තත්‍ර, භන‍්තෙ, යායං පටිපදා දුක‍්ඛා දන්‍ධාභිඤ‍්ඤා, අයං, භන‍්තෙ, පටිපදා උභයෙනෙව හීනා අක‍්ඛායති – දුක‍්ඛත‍්තා දන්‍ධත‍්තා චා”ති (දී· නි· 3.152). එත්‍ථ හි චතස‍්සො පටිපදා ලොකියලොකුත‍්තරමිස‍්සකා කථිතා.

ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේ මෙසේ කීහ. අකුසලයෙහි ඕලාරික සුඛුම බව නොකිව යුතුය. එය ඒකාන්ත ඕලාරිකය. ලෝකෝත්තරයෙහිද ඕලාරික සුඛුම බව නොඑසවිය යුතුය. ඒ ඒකාන්ත සුඛුම වේ. මේ කථාව ගෙනහැර දක්වා ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ මෙසේ කීහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අභිධර්මයට පැමිණ න්‍යාය දියයුතු සෑම පදයකටම න්‍යායක් දෙන ලද්දේමය. මෙහි එක් ආචාර්යවරයෙක් මම දන්නවා යයි හැසිරෙමින් අකුසලයෙහි ඕලාරික සුඛුම බව පෙන්වයි. සම්මා සම්බුදුන් ලෝකෝත්තරයෙහිද ඕලාරික සුඛුම බව පෙන්වූහයි සැක කරයි. එසේ කියා මේ සූත්‍රය දැක්වූහ. “ස්වාමීනි, එහි යම් ප්‍රතිපදාවක් දුක්ද පමාවී දැනගනියිද ස්වාමීනි, මේ සම්පදා දෙකම දුක් බැවින් පමා බැවින් හීනයයි කියයි. මෙහි සතර පටිපදා ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.

තං තං වා පනාති එත්‍ථ න හෙට‍්ඨිමනයො ඔලොකෙතබ‍්බො. තංතංවාපනවසෙනෙව කථෙතබ‍්බං. දුවිධා හි අකුසලා – ලොභසහගතා දොසසහගතා ච. තත්‍ථ දොසසහගතා ඔළාරිකා, ලොභසහගතා සුඛුමා. දොසසහගතාපි දුවිධා – නියතා අනියතා ච. තත්‍ථ නියතා ඔළාරිකා, අනියතා සුඛුමා. නියතාපි කප‍්පට‍්ඨිතිකා ඔළාරිකා, නොකප‍්පට‍්ඨිතිකා සුඛුමා. කප‍්පට‍්ඨිතිකාපි අසඞ‍්ඛාරිකා ඔළාරිකා, සසඞ‍්ඛාරිකා සුඛුමා. ලොභසහගතාපි ද‍්විධා – දිට‍්ඨිසම‍්පයුත‍්තා දිට‍්ඨිවිප‍්පයුත‍්තා ච. තත්‍ථ දිට‍්ඨිසම‍්පයුත‍්තා ඔළාරිකා, දිට‍්ඨිවිප‍්පයුත‍්තා සුඛුමා. දිට‍්ඨිසම‍්පයුත‍්තාපි නියතා ඔළාරිකා, අනියතා සුඛුමා. සාපි අසඞ‍්ඛාරිකා ඔළාරිකා, සසඞ‍්ඛාරිකා සුඛුමා.

තං තං වා පන මෙහිදී යටකියන ලද න්‍යාය නොලැබිය යුතුය. ඒ ඒ ආකාරයෙන් කිවයුතුය. ලෝභ සහගත සහ දෝෂ සහගත යයි අකුසලය දෙආකාරය. එහි දෝස සහගත වූයේ ඕලාරිකය. ලෝභ සහගත වූයේ සුඛුමය. නියත අනියත වශයෙන් දෝස සහගතයද දෙ ආකාරය. එහි නියත වූයේ ඕලාරිකය. අනියත සුඛුමය. කල්පයක් සිටින්නේ ඕලාරිකය. කල්පයක් නොසිටින්නේ සුඛුමය. කල්පයක් සිටින අසංඛාරිකය ඕලාරිකය. සසංඛාරිකය සුඛුමය. ලෝභ සහගතය. දිට්ඨි සම්පයුක්ත හා දිට්ඨි විප්පයුත්තයයි දෙයාකාරය. දිට්ඨි සම්පයුක්ත වූයේ ඕලාරිකය. දිට්ඨි විප්පයුක්ත වූයේ සුඛුමය. දිට්ඨි සම්පයුක්තයේ නියතය ඕලාරිකය. අනියත සුඛුමය. එහිද අසංඛාරිකය ඕලාරිකය. සසංඛාරිකය සුඛුමය.

සඞ‍්ඛෙපතො අකුසලං පත්‍වා යා විපාකං බහුං දෙති සා ඔළාරිකා, යා අප‍්පං සා සුඛුමා. කුසලං පත්‍වා පන අප‍්පවිපාකා ඔළාරිකා, බහුවිපාකා සුඛුමා. චතුබ‍්බිධෙ කුසලෙ කාමාවචරකුසලා ඔළාරිකා, රූපාවචරකුසලා සුඛුමා. සාපි ඔළාරිකා, අරූපාවචරකුසලා සුඛුමා . සාපි ඔළාරිකා, ලොකුත‍්තරකුසලා සුඛුමා. අයං තාව භූමීසු අභෙදතො නයො.

සංක්‍ෂේපයෙන් අකුසලයට පැමිණ යම් විපාකයක් බොහෝකොට දේද එය ඕලාරිකය. යම් විපාකයක අඩුවෙන් දේද එය සුඛුමය. කුසලයට පැමිණි අල්ප විපාකය ඕලාරිකය. බහු විපාකය සුඛුමය. සතරවැදෑරුම් කුසලයෙහි කාමාවචර කුසලය ඕලාරිකය. රූපාවචර කුසලය සුඛුමය. එය ඕලාරිකය. අරූපාවචරය සුඛුමය. එය ඕලාරිකය. ලෝකෝත්තර සුඛුමය. මෙය භූමිවල අභේද නයයි.

භෙදතො පන කාමාවචරා දානසීලභාවනාමයවසෙන තිවිධා. තත්‍ථ දානමයා ඔළාරිකා, සීලමයා සුඛුමා. සාපි ඔළාරිකා, භාවනාමයා සුඛුමා. සාපි දුහෙතුකා තිහෙතුකාති දුවිධා. තත්‍ථ දුහෙතුකා ඔළාරිකා, තිහෙතුකා සුඛුමා. තිහෙතුකාපි සසඞ‍්ඛාරිකඅසඞ‍්ඛාරිකභෙදතො දුවිධා. තත්‍ථ සසඞ‍්ඛාරිකා ඔළාරිකා, අසඞ‍්ඛාරිකා සුඛුමා. රූපාවචරෙ පඨමජ‍්ඣානකුසලවෙදනා ඔළාරිකා, දුතියජ‍්ඣානකුසලවෙදනා සුඛුමා…පෙ… චතුත්‍ථජ‍්ඣානකුසලවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා, ආකාසානඤ‍්චායතනකුසලවෙදනා සුඛුමා ආකාසානඤ‍්චායතනකුසලවෙදනා ඔළාරිකා…පෙ…. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකුසලවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා, විපස‍්සනාසහජාතා සුඛුමා. සාපි ඔළාරිකා, සොතාපත‍්තිමග‍්ගසහජාතා සුඛුමා. සාපි ඔළාරිකා…පෙ… අරහත‍්තමග‍්ගසහජාතා සුඛුමා.

භේද වශයෙන් කාමාවචර කුසලය දාන ශීල භාවනා වශයෙන් ත්‍රිවිධය. එහි දානමය කුසලය ඕලාරිකය. ශීලමය කුසලය සුඛුමය. එයද ඕලාරිකය. භාවනාමය කුසල සුඛුමය. කුසලයද ද්විහේතුක ත්‍රිහේතුක යයි ද්විධය. ද්විහේතුකය ඕලාරිකය. ත්‍රිහේතුකය සුඛුමය. ත්‍රිහේතුකයද සසංඛාරික අසංඛාරික වශයෙන් ද්විධය. සසංඛාරික ඕලාරිකය. අසංඛාරික සුඛුමය. රූපාවචරයෙහි ප්‍රථමධ්‍යාන කුසල වේදනාව ඕලාරිකය. ද්විතීය ධ්‍යාන කුසල වේදනාව සුඛුමය. එයද ඕලාරිකය. තෘතීය ධ්‍යාන කුසල වේදනාව සුඛුමය. එයද ඕලාරිකය. චතුර්ථධ්‍යාන කුසල වේදනාව සුඛුමය. එය ඕලාරිකය. ආකාසානඤ්චායතනය සුඛුමය. එය ඕලාරිකය. විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤා නාසඤ්ඤායතන වේදනා සුඛුමය. ඒවාද ඕලාරිකය. විපස්සනා සහජාත කුසලය සුඛුමය. එයද ඕලාරිකය. සෝවාන් මග හා උපන් කුසලය සුඛුමය. එයද ඕලාරිකය. සකෘදාගාමී කුසලය සුඛුමය. එයද ඕලාරිකය. අනාගාමි කුසලය සුඛුමය. එයද ඕලාරිකය. අරහන්ත මග්ග කුසලය සුඛුමය.

චතුබ‍්බිධෙ විපාකෙ කාමාවචරවිපාකවෙදනා ඔළාරිකා, රූපාවචරවිපාකවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා…පෙ… ලොකුත‍්තරවිපාකවෙදනා සුඛුමා. එවං තාව අභෙදතො.

සතර වැදෑරුම් විපාකයෙහි කාමාවචර විපාක වේදනාව ඕලාරිකය. රූපාවචර වේදනාව සුඛුමය. එයද ඕලාරිකය. අරූපාවචර විපාක වේදනාව සුඛුමය. එයද ඕලාරිකය. ලෝකෝත්තර විපාක වේදනාව සුඛුමය. මෙසේ තවම අභේද වශයෙනි.

භෙදතො පන කාමාවචරවිපාකා අත්‍ථි අහෙතුකා, අත්‍ථි සහෙතුකා. සහෙතුකාපි අත්‍ථි දුහෙතුකා, අත්‍ථි තිහෙතුකා. තත්‍ථ අහෙතුකා ඔළාරිකා, සහෙතුකා සුඛුමා. සාපි දුහෙතුකා ඔළාරිකා, තිහෙතුකා සුඛුමා. තත්‍ථාපි සසඞ‍්ඛාරිකා ඔළාරිකා, අසඞ‍්ඛාරිකා සුඛුමා. පඨමජ‍්ඣානවිපාකා ඔළාරිකා, දුතියජ‍්ඣානවිපාකා සුඛුමා…පෙ… චතුත්‍ථජ‍්ඣානවිපාකා සුඛුමා. සාපි ඔළාරිකා, ආකාසානඤ‍්චායතනවිපාකා සුඛුමා. සාපි ඔළාරිකා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවිපාකා සුඛුමා. සාපි ඔළාරිකා, සොතාපත‍්තිඵලවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා, සකදාගාමි…පෙ… අරහත‍්තඵලවෙදනා සුඛුමා.

බේද වශයෙන් කාමාවචර විපාක අහේතුක සහේතුක වශයෙන් ඇත. සහේතුකද ද්විහේතුක ත්‍රිහේතුක වශයෙන් ඇත. එහි අහේතුකය ඕලාරිකය. සහේතුකය සුඛුමය. එහිද ද්විහේතුක ඕලාරිකය. ත්‍රිහේතුක සුඛුමය. එහිද සසංඛාරික ඕලාරිකය. අසංඛාරික සුඛුමය. ප්‍රථමධ්‍යාන විපාක ඕලාරිකය. ද්විතීයධ්‍යාන සුඛුමය. එයද ඕලාරිකය. තෘතීය........ චතුර්ථ ධ්‍යාන විපාක සුඛුමය. එයද ඕලාරිකය. ආකාසානඤ්චායතනකිරිය වෙදනා සුඛුමය. එයද ඕලාරිකය. [missing trans]

තීසු කිරියාසු කාමාවචරකිරියවෙදනා ඔළාරිකා, රූපාවචරකිරියවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා, අරූපාවචරකිරියවෙදනා සුඛුමා. එවං තාව අභෙදතො. භෙදතො පන අහෙතුකාදිවසෙන භින‍්නාය කාමාවචරකිරියාය අහෙතුකකිරියවෙදනා ඔළාරිකා, සහෙතුකා සුඛුමා. සාපි දුහෙතුකා ඔළාරිකා, තිහෙතුකා සුඛුමා. තත්‍ථාපි සසඞ‍්ඛාරිකා ඔළාරිකා, අසඞ‍්ඛාරිකා සුඛුමා. පඨමජ‍්ඣානෙ කිරියවෙදනා ඔළාරිකා, දුතියජ‍්ඣානෙ සුඛුමා. සාපි ඔළාරිකා, තතියෙ…පෙ… චතුත්‍ථෙ සුඛුමා. සාපි ඔළාරිකා, ආකාසානඤ‍්චායතනකිරියවෙදනා සුඛුමා. සාපි ඔළාරිකා, විඤ‍්ඤාණඤ‍්චා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකිරියවෙදනා සුඛුමා. යා ඔළාරිකා සා හීනා. යා සුඛුමා සා පණීතා.

[missing trans] විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කිරියවෙදනා සුඛුමය. යමක් ඕලාරික ද එය හීනය. යමක් සුඛුමද එය ප්‍රණීතය.

දූරදුකනිද‍්දෙසෙ අකුසලවෙදනා විසභාගට‍්ඨෙන විසංසට‍්ඨෙන ච කුසලාබ්‍යාකතාහි දූරෙ. ඉමිනා නයෙන සබ‍්බපදෙසු දූරතා වෙදිතබ‍්බා. සචෙපි හි අකුසලාදිවෙදනාසමඞ‍්ගිනො දුක‍්ඛාදිවෙදනාසමඞ‍්ගිනො ච තයො තයො ජනා එකමඤ‍්චෙ නිසින‍්නා හොන‍්ති, තෙසම‍්පි තා වෙදනා විසභාගට‍්ඨෙන විසංසට‍්ඨෙන ච දූරෙයෙව නාම. සමාපන‍්නවෙදනාදිසමඞ‍්ගීසුපි එසෙව නයො. අකුසලා පන අකුසලාය සභාගට‍්ඨෙන සරික‍්ඛට‍්ඨෙන ච සන‍්තිකෙ නාම. ඉමිනා නයෙන සබ‍්බපදෙසු සන‍්තිකතා වෙදිතබ‍්බා. සචෙපි හි අකුසලාදිවෙදනාසමඞ‍්ගීසු තීසු ජනෙසු එකො කාමභවෙ, එකො රූපභවෙ, එකො අරූපභවෙ, තෙසම‍්පි තා වෙදනා සභාගට‍්ඨෙන සරික‍්ඛට‍්ඨෙන ච සන‍්තිකෙයෙව නාම. කුසලාදිවෙදනාසමඞ‍්ගීසුපි එසෙව නයො.

දූර දුක නිර්දේශයෙහි අකුසල වේදනාව විසභාග අර්ථයෙන්ද වෙන්වූ අර්ථයෙන්ද කුසල අව්‍යාකෘතවලින් දූරය. මේ ක්‍රමයෙන් සියළු පදවල දුර දතයුතුය. අකුසලාදී වේදනාවලින් සහ දුක්ඛාදී වේදනාවලින් යුක්තව තුන් තුන්දෙනා එක ඇඳක සිටියෝ වෙති. ඔවුන්ගේ ඒ වේදනා විෂභාග අර්ථයෙන් හා වෙන්වූ අර්ථයෙන් දුර නම් වන්නේය. පැමිණි වේදනාදියෙන් යුක්ත වූවෙහි ද මෙම නයමයි. අකුසල් වනාහි අකුසල්වලින් සමාන වූ යන අර්ථයෙන්ද ගැලපෙන අර්ථයෙන්ද සමීප නම් වේ. සියළු පදවල සමීප බව මෙනයින් දතයුතුය. අකුසලාදි වේදනාවලින් යුක්ත වූ තුන්දෙනා අතරින් එක් කෙනෙක් කාම භවයෙහි ද එක්කෙනෙක් රූප භවයෙහිද එක් කෙනෙක් අරූපභවයෙහි ද වේ. ඔවුන්ගේ ඒ වේදනා සහගත අර්ථයෙන් සහ සමාන අර්ථයෙන් සමීප වන්නේය. කුසලාදියෙන් යුක්ත වූ වේදනාවන් ද මේ නයමය.

තං තං වා පනාති එත්‍ථ හෙට‍්ඨිමනයං අනොලොකෙත්‍වා තං තං වාපනවසෙනෙව කථෙතබ‍්බං. කථෙන‍්තෙන ච න දූරතො සන‍්තිකං උද‍්ධරිතබ‍්බං, සන‍්තිකතො පන දූරං උද‍්ධරිතබ‍්බං. දුවිධා හි අකුසලා – ලොභසහගතා දොසසහගතා ච. තත්‍ථ ලොභසහගතා ලොභසහගතාය සන‍්තිකෙ නාම, දොසසහගතාය දූරෙ නාම. දොසසහගතා දොසසහගතාය සන‍්තිකෙ නාම, ලොභසහගතාය දූරෙ නාම. දොසසහගතාපි නියතා නියතාය සන‍්තිකෙ නාමාති. එවං අනියතා. කප‍්පට‍්ඨිතිකඅසඞ‍්ඛාරිකසසඞ‍්ඛාරිකභෙදං ලොභසහගතාදීසු ච දිට‍්ඨිසම‍්පයුත‍්තාදිභෙදං සබ‍්බං ඔළාරිකදුකනිද‍්දෙසෙ විත්‍ථාරිතවසෙන අනුගන‍්ත්‍වා එකෙකකොට‍්ඨාසවෙදනා තංතංකොට‍්ඨාසවෙදනාය එව සන‍්තිකෙ, ඉතරා ඉතරාය දූරෙති වෙදිතබ‍්බාති.

තං තං වා පන යන මෙහි යට නය නොබලා ඒ ඒ ආකාරයෙන් කිව යුතුය. දුරින් සමීපය නොකිව යුතුය. සමීපයෙන් දුර කිව යුතුය. ලෝභ සහගත දෝස සහගත වශයෙන් අකුසල් දෙයාකාරය. එහි ලෝභ සහගත අකුසල් ලෝභ සහගත අකුසල්වලින් සමීපය. දෝස සහගත අකුසල්වලින් දුර වේ. දෝස සහගත අකුසල් දෝස සහගත අකුසල්වලින් සමීප වේ. ලෝභ සහගත අකුසල් දුර වේ. දෝස සහගත නියත අකුසල් නියත අකුසල්වලින් සමීපය. අනියතද මෙසේය. කල්පස්ථායි සහ කල්පස්ථායි නොවූ අසංඛාරික සසංඛාරික භේදයද ලෝභ සහගත ආදියෙහි දිට්ඨි සම්පයුක්ත ආදි භේදයද ඕලාරික දුක නිර්දේශයෙහි විස්තර කළ ආකාරයෙන් අනුගමනය කොට එක් එක් කොට්ඨාශ වේදනා ඒ ඒ කොට්ඨාශවේදනාවලින් සමීපය. සෙසු වේදනා සෙසු වේදනාවලින් දුරය.

අයං වෙදනාක‍්ඛන්‍ධනිද‍්දෙසො.

මේ වේදනාස්කන්‍ධ නිර්දේශයයි.