යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤාක‍්ඛන්‍ධනිද‍්දෙසො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සඤ‍්ඤාක‍්ඛන්‍ධනිද‍්දෙසො

සංඥාස්කන්‍ධ නිර්දේශය

සඤ‍්ඤාක‍්ඛන්‍ධනිද‍්දෙසෙ යා කාචි සඤ‍්ඤාති චතුභූමිකසඤ‍්ඤං පරියාදියති. චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤාතිආදීනි අතීතාදිවසෙන නිද‍්දිට‍්ඨසඤ‍්ඤං සභාවතො දස‍්සෙතුං වුත‍්තානි. තත්‍ථ චක‍්ඛුසම‍්ඵස‍්සතො චක‍්ඛුසම‍්ඵස‍්සස‍්මිං වා ජාතා චක‍්ඛුසම‍්ඵස‍්සජා නාම. සෙසාසුපි එසෙව නයො . එත්‍ථ ච පුරිමා පඤ‍්ච චක‍්ඛුපසාදාදිවත්‍ථුකාව. මනොසම‍්ඵස‍්සජා හදයවත්‍ථුකාපි අවත්‍ථුකාපි. සබ‍්බා චතුභූමිකසඤ‍්ඤා.

සංඥා ස්කන්‍ධ නිර්දේශයෙහි යා කාචි සඤ්ඤා චතුභූමක සඤ්ඤා ගනු ලැබේ. චක්ඛු සම්ඵස්සජා සඤ්ඤා යනාදියෙහි අතීතාදි වශයෙන් දක්වන ලද සංඥා ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි චක්‍ෂු ස්පර්ශයෙන් හෝ චක්‍ෂු ස්පර්ශයෙහි හටගන්නේ චක්ඛු සම්පස්සජා නම් වේ. සෙස්සෙහිද මෙම නයයි. මෙහි මුලින් පස චක්‍ෂු ප්‍රසාදාදි වස්තුය. මනෝසම්ඵස්ස සංඥාව හෘදය වස්තුව ඇතිව හෝ නැතිව උපදියි. සියළු චතුභූමක සංඥා

ඔළාරිකදුකනිද‍්දෙසෙ පටිඝසම‍්ඵස‍්සජාති සප‍්පටිඝෙ චක‍්ඛුපසාදාදයො වත්‍ථුං කත්‍වා සප‍්පටිඝෙ රූපාදයො ආරබ‍්භ උප‍්පන‍්නො ඵස‍්සො පටිඝසම‍්ඵස‍්සො නාම. තතො තස‍්මිං වා ජාතා පටිඝසම‍්ඵස‍්සජා නාම. චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා…පෙ… කායසම‍්ඵස‍්සජා සඤ‍්ඤාතිපි තස‍්සායෙව වත්‍ථුතො නාමං. රූපසඤ‍්ඤා…පෙ… ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤාතිපි තස‍්සායෙව ආරම‍්මණතො නාමං. ඉදං පන වත්‍ථාරම‍්මණතො නාමං. සප‍්පටිඝානි හි වත්‍ථූනි නිස‍්සාය, සප‍්පටිඝානි ච ආරම‍්මණානි ආරබ‍්භ උප‍්පත‍්තිතො එසා පටිඝසම‍්ඵස‍්සජා සඤ‍්ඤාති වුත‍්තා. මනොසම‍්ඵස‍්සජාතිපි පරියායෙන එතිස‍්සා නාමං හොතියෙව. චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්හි මනො නාම. තෙන සහජාතො ඵස‍්සො මනොසම‍්ඵස‍්සො නාම. තස‍්මිං මනොසම‍්ඵස‍්සෙ, තස‍්මා වා මනොසම‍්ඵස‍්සා ජාතාති මනොසම‍්ඵස‍්සජා. තථා සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණං මනො නාම. තෙන සහජාතො ඵස‍්සො මනොසම‍්ඵස‍්සො නාම. තස‍්මිං මනොසම‍්ඵස‍්සෙ, තස‍්මා වා මනොසම‍්ඵස‍්සා ජාතාති මනොසම‍්ඵස‍්සජා.

ඕලාරික දුක නිර්දේශයෙහි පටිඝසම්ඵස්ස සංඥා පටිඝ සහිත චක්‍ෂු ප්‍රසාද වස්තුකොට රූපාදිය අරමුණුකොට උපන්නාහු ස්පර්ශය පටිඝ ස්පර්ශ නම් වේ. එයින් උපන්නේ හෝ එහි උපන්නේ පට්ඝ සම්ඵස්සජා නම් වේ. චක්ඛු සම්ඵස්ස සංඥාව සහ කාය සම්ඵස්ස සංඥා එම වස්තුවලින් ඇති වේ. රූප සංඥා-ඵොට්ඨබ්බ සංඥා ද එම අරමුණුවලින්ම නම් වේ. මේ වනාහි වස්තු අරමුණුවලින් නම් වේ. පටිඝ සහිත වස්තූන් නිසා පටිඝ සහිත අරමුණු අරභයා උපන් හෙයින් මෙය පටිඝ සම්ඵස්සජා සංඥා යයි කියන ලදි. මනෝ සම්ඵස්සජා ද එයින් හටගත් ස්පර්ශය මනෝ සම්ඵස්ස නම් වේ. ඒ මනෝ ස්පර්ශයෙහි වූ ඒ ස්පර්ශයෙන් උපන්නේ මනෝ සම්ඵස්සජා නම් වේ. එසේම සෝත, ඝාන, ජිව්හා, කාය, විඤ්ඤාණ, මනෝ නම් වේ. ඒවායින් එක්ව උපන් ස්පර්ශය මනෝ සම්ඵස්ස නම් වේ. ඒ මනෝ ස්පර්ශයෙහි හෝ ඒ මනෝ ස්පර්ශයෙන් උපන්නේ මනෝ සම්ඵස්සජාය.

අධිවචනසම‍්ඵස‍්සජා සඤ‍්ඤාතිපි පරියායෙන එතිස‍්සා නාමං හොතියෙව. තයො හි අරූපිනො ඛන්‍ධා සයං පිට‍්ඨිවට‍්ටකා හුත්‍වා අත‍්තනා සහජාතාය සඤ‍්ඤාය අධිවචනසම‍්ඵස‍්සජා සඤ‍්ඤාතිපි නාමං කරොන‍්ති. නිප‍්පරියායෙන පන පටිඝසම‍්ඵස‍්සජා සඤ‍්ඤා නාම පඤ‍්චද‍්වාරිකසඤ‍්ඤා , අධිවචනසම‍්ඵස‍්සජා සඤ‍්ඤා නාම මනොද‍්වාරිකසඤ‍්ඤා. තත්‍ථ පඤ‍්චද‍්වාරිකසඤ‍්ඤා ඔලොකෙත්‍වාපි ජානිතුං සක‍්කාති ඔළාරිකා. රජ‍්ජිත්‍වා උපනිජ‍්ඣායන‍්තඤ‍්හි ‘රජ‍්ජිත්‍වා උපනිජ‍්ඣායතී’ති, කුජ‍්ඣිත්‍වා උපනිජ‍්ඣායන‍්තං ‘කුජ‍්ඣිත්‍වා උපනිජ‍්ඣායතී’ති ඔලොකෙත්‍වාව ජානන‍්ති.

අධිවචන සම්ඵස්සජා සංඥාවද පර්යාය වශයෙන් මෙයටම නමකි. අරූපි ස්කන්‍ධ තුන තමා පිට තමා වැටී සමග ඉපදුනු සංඥාවෙන් අධිවචන සම්ඵස්සජා සංඥායයි නමක් කරයි. නිෂ්පර්යාය වශයෙන් පටිඝ සම්ඵපස්සජ ද සංඥා නම් පඤ්චද්වාරික සංඥා වේ. අධිවචන සම්ඵස්සජා සංඥා නම් මනෝද්වාරික සංඥාය. එහි පඤ්චද්වාරික සංඥා බලා දැනගැනීමට හැකි ඕලාරිකය. සිත අළවා නැවත සිහිකරන්නේ නැවත සිහිකරන්නේ යයිද කිපී නැවත සිහිකරන්නේ යයි දැකම දැනගනියි.

තත්‍රිදං වත්‍ථු – ද‍්වෙ කිර ඉත්‍ථියො නිසීදිත්‍වා සුත‍්තං කන‍්තන‍්ති. ද‍්වීසු දහරෙසු ගාමෙ චරන‍්තෙසු එකො පුරතො ගච‍්ඡන‍්තො එකං ඉත්‍ථිං ඔලොකෙසි. ඉතරා තං පුච‍්ඡි ‘කස‍්මා නු ඛො තං එසො ඔලොකෙසී’ති? ‘න එසො භික‍්ඛු මං විසභාගචිත‍්තෙන ඔලොකෙසි, කනිට‍්ඨභගිනීසඤ‍්ඤාය පන ඔලොකෙසී’ති. තෙසුපි ගාමෙ චරිත්‍වා ආසනසාලාය නිසින‍්නෙසු ඉතරො භික‍්ඛු තං භික‍්ඛුං පුච‍්ඡි – ‘තයා සා ඉත්‍ථී ඔලොකිතා’ති? ‘ආම ඔලොකිතා’. ‘කිමත්‍ථායා’ති? ‘මය‍්හං භගිනීසරික‍්ඛත‍්තා තං ඔලොකෙසි’න‍්ති ආහ. එවං පඤ‍්චද‍්වාරිකසඤ‍්ඤා ඔලොකෙත්‍වාපි ජානිතුං සක‍්කාති වෙදිතබ‍්බා. සා පනෙසා පසාදවත්‍ථුකා එව. කෙචි පන ජවනප‍්පවත‍්තාති දීපෙන‍්ති. මනොද‍්වාරිකසඤ‍්ඤා පන එකමඤ‍්චෙ වා එකපීඨෙ වා නිසීදිත්‍වාපි අඤ‍්ඤං චින‍්තෙන‍්තං විතක‍්කෙන‍්තඤ‍්ච ‘කිං චින‍්තෙසි, කිං විතක‍්කෙසී’ති පුච‍්ඡිත්‍වා තස‍්ස වචනවසෙනෙව ජානිතබ‍්බතො සුඛුමා. සෙසං වෙදනාක‍්ඛන්‍ධසදිසමෙවාති.

එයට නිදසුන් කථාවකි. ගැහැණු දෙදෙනෙක් හිඳගෙන නූල් කටිති. තරුණ භික්‍ෂු දෙනමක් ගමේ හැසිරෙන්නේ ඉදිරියෙන් යන්නා එක් ස්ත්‍රියක දෙස බැලුවේය. අනික් තැනැත්තා කුමක් හෙයින් ඇය බැලීදැයි විචාළේය. මම ඇය ගැහැණියක යන සිතින් නොබැලුයෙමි. කණිටු සොයුරියක යන සංඥාවෙන් බැලුවෙමි. ඔවුහුද ගමේ හැසිර අවුත් ආසන ශාලාවේ හිඳගත්විට අනික් භික්‍ෂුව ඒ භික්‍ෂුවගෙන් ඇසීය. ඔබ විසින් ඒ ස්ත්‍රිය බලනු ලැබීද? ඔව් මවිසින් බලන ලදි. කුමක් හෙයින්ද? මගේ නැගණිය සමානකොට ඇය බැලීමි යයි කීය. මෙසේ පඤ්චද්වාරික සංඥාවෙන් බලනවිට දැන ගැනීමට හැකිය. එය වනාහි ප්‍රසාද වස්තු වේ. ඇතමෙක් ජවනයෙහි පවත්නේ යයි විස්තර කරති. මනෝද්වාරික සංඥා වනාහි එක ඇඳක හෝ එක පුටුවක හුන්නේද අනිකක් සිතන්නේ ඔහු සිතුවේ කුමක්දැයි විතර්ක කොට කුමක් සිතුවේදැයි අසා ඔහුගේ වචනයෙන්ම දැනගත යුතු සේ සියුම්ය. සෙස්ස වේදනාස්කන්‍ධය හා සමානය.

අයං සඤ‍්ඤාක‍්ඛන්‍ධනිද‍්දෙසො.

මේ සංඥාස්කන්‍ධ නිර්දේශයයි.

සඞ‍්ඛාරක‍්ඛන්‍ධනිද‍්දෙසො

සංස්කාරාස්කන්‍ධ නිර්දේශය

සඞ‍්ඛාරක‍්ඛන්‍ධනිද‍්දෙසෙ යෙ කෙචි සඞ‍්ඛාරාති චතුභූමිකසඞ‍්ඛාරෙ පරියාදියති. චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනාතිආදීනි අතීතාදිවසෙන නිද‍්දිට‍්ඨසඞ‍්ඛාරෙ සභාවතො දස‍්සෙතුං වුත‍්තානි. චක‍්ඛුසම‍්ඵස‍්සජාතිආදීනි වුත‍්තත්‍ථානෙව. චෙතනාති හෙට‍්ඨිමකොටියා පධානසඞ‍්ඛාරවසෙන වුත‍්තං. හෙට‍්ඨිමකොටියා හි අන‍්තමසො චක‍්ඛුවිඤ‍්ඤාණෙන සද‍්ධිං පාළියං ආගතා චත‍්තාරො සඞ‍්ඛාරා උප‍්පජ‍්ජන‍්ති. තෙසු චෙතනා පධානා ආයූහනට‍්ඨෙන පාකටත‍්තා. තස‍්මා අයමෙව ගහිතා. තංසම‍්පයුත‍්තසඞ‍්ඛාරා පන තාය ගහිතාය ගහිතාව හොන‍්ති. ඉධාපි පුරිමා පඤ‍්ච චක‍්ඛුපසාදාදිවත්‍ථුකාව. මනොසම‍්ඵස‍්සජා හදයවත්‍ථුකාපි අවත්‍ථුකාපි. සබ‍්බා චතුභූමිකචෙතනා. සෙසං වෙදනාක‍්ඛන්‍ධසදිසමෙවාති.

සංස්කාරාස්කන්‍ධ නිර්දේශයෙහි යෙ කෙචි සංඛාරා යන චතුභූමක සංස්කාරයෙහි ගනු ලැබේ. චක්ඛු සම්ඵස්සජා චේතනා යනාදිය අතීතාදි වශයෙන් නිර්දිෂ්ට සංස්කාරයෙහි ස්වභාවය දැක්වීමට කියන ලදි. චේතනා යටත් පිරිසෙයින් ප්‍රධාන සංස්කාර වශයෙන් කියන ලදි. යටත් පිරිසෙයින් චක්ඛු විඥානය සමග පෙළෙහි පැමිණ අඩු වශයෙන් සංස්කාරයෝ සතර දෙනෙක් උපදිති. ඒවා අතර චේතනාව ප්‍රධානය. රැස්කිරීම් අර්ථයෙන් ප්‍රකටය. ඒ නිසා මෙයම ගන්නා ලදි. එය හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් එය ගැනීමෙන් ගන්නා ලද්දේ වේ. මෙහිද පෙරපස චක්‍ෂු ප්‍රසාදාදි වස්තුමය. මනෝ සම්ඵස්සජය හෘදය වස්තුව ඇතුවද, නැතුවද උපදියි. සියල්ල චතුභූමක චේතනාය.

අයං සඞ‍්ඛාරක‍්ඛන්‍ධනිද‍්දෙසො.

මේ සංස්කාරාස්කන්‍ධ නිර්දේශයයි.

විඤ‍්ඤාණක‍්ඛන්‍ධනිද‍්දෙසො

විඥානස්කන්‍ධ නිර්දේශය

විඤ‍්ඤාණක‍්ඛන්‍ධනිද‍්දෙසෙ යං කිඤ‍්චි විඤ‍්ඤාණන‍්ති චතුභූමකවිඤ‍්ඤාණං පරියාදියති. චක‍්ඛුවිඤ‍්ඤාණන‍්තිආදීනි අතීතාදිවසෙන නිද‍්දිට‍්ඨවිඤ‍්ඤාණං සභාවතො දස‍්සෙතුං වුත‍්තානි. තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි පඤ‍්ච චක‍්ඛුපසාදාදිවත්‍ථුකානෙව, මනොවිඤ‍්ඤාණං හදයවත්‍ථුකම‍්පි අවත්‍ථුකම‍්පි. සබ‍්බං චතුභූමකවිඤ‍්ඤාණං. සෙසං වෙදනාක‍්ඛන්‍ධසදිසමෙවාති.

විඥානස්කන්‍ධ නිර්දේශයෙහි යංකිඤ්චි විඤ්ඤාණං චතුභූමක විඤ්ඤාණය ගනු ලැබේ. විඤ්ඤාණ ආදිය අතීතාදි වශයෙන් දක්වන ලද විඤ්ඤාණය ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි චක්ඛු විඤ්ඤාණාදි පස චක්‍ෂු ප්‍රසාද වස්තුමය. මනෝ විඤ්ඤාණය හෘදය වස්තුව ඇතිවද නැතිවද මේ සියල්ල චතුභූමක විඤ්ඤාණය වේ.

අයං විඤ‍්ඤාණක‍්ඛන්‍ධනිද‍්දෙසො.

මේ විඥානස්කන්‍ධ නිර්දේශයයි.