සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
චතුසච‍්චදසො නාථො, චතුධා ධම‍්මසඞ‍්ගණිං; පකාසයිත්‍වා සම‍්බුද‍්ධො, තස‍්සෙව සමනන‍්තරං.
සිව්සස් දුටු මුනිඳු - දම්සඟුණු සිව් අයුරෙන් දෙසා සම්බුදු රජ - අනතුරුව එම දෙසුමෙන්
උපෙතො බුද‍්ධධම‍්මෙහි, අට‍්ඨාරසහි නායකො; අට‍්ඨාරසන‍්නං ඛන්‍ධාදි-විභඞ‍්ගානං වසෙන යං.
බුදුදහමෙ ඇතුළත් - අටළොස් ගණන් අතරෙහි කඳු ඈහි අටළොස් - සපිරුණු බෙදුම් විසිනා
විභඞ‍්ගං දෙසයී සත්‍ථා, තස‍්ස සංවණ‍්ණනාක‍්කමො; ඉදානි යස‍්මා සම‍්පත‍්තො, තස‍්මා තස‍්සත්‍ථවණ‍්ණනං.
විභංගය දෙසූ බුදුහු - එහි වැනුම් පිළිවෙල මෙහි පැමිණැති හෙයින් දැන් - එයරුත් වැනුම සතුටින්
කරිස‍්සාමි විගාහෙත්‍වා, පොරාණට‍්ඨකථානයං; සද‍්ධම‍්මෙ ගාරවං කත්‍වා, තං සුණාථ සමාහිතාති.
කරමි දැන හැඳිනම - පොරණ අටුවා නය’යුරු සදහමට ගරුකොට - එයසනු සන්සුන් සිතින්
පඤ‍්චක‍්ඛන්‍ධා – රූපක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති ඉදං විභඞ‍්ගප‍්පකරණස‍්ස ආදිභූතෙ ඛන්‍ධවිභඞ‍්ගෙ සුත‍්තන‍්තභාජනීයං නාම. තත්‍ථ පඤ‍්චාති ගණනපරිච‍්ඡෙදො. තෙන න තතො හෙට‍්ඨා න උද‍්ධන‍්ති දස‍්සෙති. ඛන්‍ධාති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. තත්‍රායං ඛන්‍ධ-සද‍්දො සම‍්බහුලෙසු ඨානෙසු දිස‍්සති – රාසිම‍්හි, ගුණෙ, පණ‍්ණත‍්තියං, රුළ‍්හියන‍්ති. “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ න සුකරං උදකස‍්ස පමාණං ගහෙතුං – එත‍්තකානි උදකාළ‍්හකානීති වා එත‍්තකානි උදකාළ‍්හකසතානීති වා එත‍්තකානි උදකාළ‍්හකසහස‍්සානීති වා එත‍්තකානි උදකාළ‍්හකසතසහස‍්සානීති වා, අථ ඛො අසඞ‍්ඛ්‍යෙය්‍යො අප‍්පමෙය්‍යො මහාඋදකක‍්ඛන්‍ධොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡතී”තිආදීසු (අ· නි· 4.51; 6.37) හි රාසිතො ඛන්‍ධො නාම. නහි පරිත‍්තකං උදකං උදකක‍්ඛන්‍ධොති වුච‍්චති, බහුකමෙව වුච‍්චති. තථා න පරිත‍්තකො රජො රජක‍්ඛන්‍ධො, න අප‍්පමත‍්තකා ගාවො ගවක‍්ඛන්‍ධො, න අප‍්පමත‍්තකං බලං බලක‍්ඛන්‍ධො, න අප‍්පමත‍්තකං පුඤ‍්ඤං පුඤ‍්ඤක‍්ඛන්‍ධොති වුච‍්චති. බහුකමෙව හි රජො රජක‍්ඛන්‍ධො, බහුකාව ගවාදයො ගවක‍්ඛන්‍ධො, බලක‍්ඛන්‍ධො, පුඤ‍්ඤක‍්ඛන්‍ධොති වුච‍්චන‍්ති. “සීලක‍්ඛන්‍ධො සමාධික‍්ඛන්‍ධො”තිආදීසු (දී· නි· 3.355) පන ගුණතො ඛන්‍ධො නාම. “අද‍්දසා ඛො භගවා මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමාන”න‍්ති (සං· නි· 4.241). එත්‍ථ පණ‍්ණත‍්තිතො ඛන්‍ධො නාම. “යං චිත්තං මනො මානසං…පෙ… විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”තිආදීසු (ධ· ස· 63, 65) රුළ‍්හිතො ඛන්‍ධො නාම. ස‍්වායමිධ රාසිතො අධිප‍්පෙතො. අයඤ‍්හි ඛන්‍ධට‍්ඨො නාම පිණ‍්ඩට‍්ඨො පූගට‍්ඨො ඝටට‍්ඨො රාසට‍්ඨො. තස‍්මා ‘රාසිලක‍්ඛණා ඛන්‍ධා’ති වෙදිතබ‍්බා. කොට‍්ඨාසට‍්ඨොතිපි වත‍්තුං වට‍්ටති; ලොකස‍්මිඤ‍්හි ඉණං ගහෙත්‍වා චොදියමානා ‘ද‍්වීහි ඛන්‍ධෙහි දස‍්සාම, තීහි ඛන්‍ධෙහි දස‍්සාමා’ති වදන‍්ති. ඉති ‘කොට‍්ඨාසලක‍්ඛණා ඛන්‍ධා’තිපි වත‍්තුං වට‍්ටති. එවමෙත්‍ථ රූපක‍්ඛන්‍ධොති රූපරාසි රූපකොට‍්ඨාසො, වෙදනාක‍්ඛන්‍ධොති වෙදනාරාසි වෙදනාකොට‍්ඨාසොති ඉමිනා නයෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධාදීනං අත්‍ථො වෙදිතබ‍්බො.
පඤ්චක්ඛන්‍ධා; රූපක්ඛන්‍ධො......විඤ්ඤාණක්ඛන්‍ධො මෙය විභංග ප්‍රකරණයේ ආරම්භ වූ ස්කන්‍ධ විභාගයෙහි සූත්‍රාන්ත භාජනිය නම් වේ. පඤ්ච යනු ගණනය. ඊට වඩා අඩු හෝ වැඩි නැති බව එයින් දක්වයි. ඛන්‍ධ යනු වෙන්කළ ධර්ම කොටසයි. ඛන්‍ධ ශබ්දය බොහෝ අර්ථවල වැටේ. රාසිගුණයෙහි පැනවීම ආරෝපනය කරති. මහණෙනි, මහා සමුද්‍රයෙහි ජලය ප්‍රමාණ කිරීම පහසු නොවන්නා සේ ජලය ලාස් මෙපමණ යයි කියා හෝ ජලය ලාස් සියයකැයි කියා හෝ ජලය ලාස් දහසකැයි කියා හෝ ජලය ලාස් දසදහසකැයි කියා හෝ මහා ජලස්කන්‍ධය නොගිණිය හැකි අප්‍රමාණ බවට පැමිණේ. ජලය ස්වල්පයක් උදක ස්වල්පයක් ජලස්ඛන්ධය නොවේ. එසේම දූවිලි ස්වල්පයක් රජස්ඛන්ධ නොවේ. ගවයන් ටික දෙනෙක් ගවස්ඛන්ධ නොවේ. පින් ස්වල්පයක් පුණ්‍යස්කන්ධ නොවේ. සෙබළුන් ටිකදෙනෙක් බලස්කන්ධ නොවේ. බොහෝ දූවිලි රජස්කන්ධ නොවේ. බොහෝ ගවාදීහු ගවස්කන්ධ වේ. බොහෝ පින් පුණ්‍යස්කන්‍ධ වේ. බොහෝ සෙබළුන් බලස්කන්ධ වේ. සීලක්ඛන්‍ධ, සමාධික්ඛන්‍ධ ආදියෙහි ගුණ වශයෙන් ස්කන්ධ නම් වේ. “මහා දාරුස්කන්ධයක් ගංගා නදියෙහි සැඩපහරට පාවී යනවා බුදුන්වහන්සේ දුටු සේක.” මෙහි පැණවීමෙන් ස්කන්ධ නම් වේ. යං චිත්තං මනො මානසං..... විඤ්ඤාණං විඤ්ඤාණාක්ඛන්‍ධො ආදියෙහි රූඪි වශයෙන් ස්කන්ධ නම් වේ. මෙහිදී රාසි වශයෙන් යයි අදහස් වේ. මෙය වනාහි ස්කන්ධ (අර්ථය), සමූහ, රැස්කිරීම රාසි යන අර්ථවල යෙදේ. එහෙයින් රාසි ලක්‍ෂණය ඛන්ධ යයි දතයුතු. කොටස යන අර්ථය කීමද වටියි. ලෝකයා ණය ගෙන චෝදනා කරන කල්හි ඛන්ධ දෙකකින් තුනකින් දෙන්නේ යයි කියයි. මෙසේ කොටස ඛන්ධ යයි කීම වටී. මෙහි රූපස්කන්ධය යනු රූප රාසියයි. රූප කොටසයි. වේදනාක්ඛන්‍ධය වේදනා රාසියයි. වේදනා කොටසයි. සංඛාරාදීන්ගේ අර්ථය ද මේ ක්‍රමයෙන් දතයුතුයි.
එත‍්තාවතා සම‍්මාසම‍්බුද‍්ධො ය‍්වායං “චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූප”න‍්ති අතීතානාගතපච‍්චුප‍්පන‍්නාදීසු එකාදසසු ඔකාසෙසු විභත‍්තො ‘පඤ‍්චවීසති රූපකොට‍්ඨාසා’ති ච ‘ඡන‍්නවුති රූපකොට‍්ඨාසා’ති ච එවංපභෙදො රූපරාසි, තං සබ‍්බං පරිපිණ‍්ඩෙත්‍වා රූපක‍්ඛන්‍ධො නාමාති දස‍්සෙසි. යො පනායං “සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා”ති තෙසුයෙව එකාදසසු ඔකාසෙසු විභත‍්තො චතුභූමිකවෙදනාරාසි, තං සබ‍්බං පරිපිණ‍්ඩෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධො නාමාති දස‍්සෙසි. යො පනායං “චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා…පෙ… මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා”ති තෙසුයෙව එකාදසසු ඔකාසෙසු විභත‍්තො චතුභූමිකසඤ‍්ඤාරාසි , තං සබ‍්බං පරිපිණ‍්ඩෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධො නාමාති දස‍්සෙසි. යො පනායං “චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා…පෙ… මනොසම‍්ඵස‍්සජා චෙතනා”ති තෙසුයෙව එකාදසසු ඔකාසෙසු විභත‍්තො චතුභූමිකචෙතනාරාසි, තං සබ‍්බං පරිපිණ‍්ඩෙත්‍වා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො නාමාති දස‍්සෙසි. යො පනායං “චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතූ”ති තෙසුයෙව එකාදසසු ඔකාසෙසු විභත‍්තො චතුභූමිකචිත‍්තරාසි, තං සබ‍්බං පරිපිණ‍්ඩෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො නාමාති දස‍්සෙසි.
මෙපමණකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතරමහා භූතයෝද සතර මහාභූත නිසා පවත්නා රූපද අතීත අනාගත සහ පවත්නා කාලයෙහි එකොළොස් වැදෑරුම් බෙදන ලද පස්විසි රූප කොටස් ද සයානුරූප කොටස් ද මෙසේ ප්‍රභේද වූ රූප රාසිය යන ඒ සියල්ලම පිඬුකොට රූපස්කන්ධ යයි දැක්වූහ. සැප වේදනාව දුක් වේදනාව අදුක්ඛමසුඛ වේදනාව යන එකොළොස් වැදෑරුම්ව කාලය අනුව බෙදන ලද චතුභූමක වේදනා රාසිය පිඬුකොට වේදනාස්කන්ධයයි දැක්වූහ. එකොළොස් වැදෑරුම්ව අවකාශයෙහි බෙදන ලද චතුභූමක සඤ්ඤා රාසිය පිඬුකොට සංඥා ස්කන්‍ධ යයි දැක්වූහ. එකොළොස් වැදෑරුම් අවකාශයෙහි බෙදන ලද චතුභූමක සංඛාර රාසිය පිඬුකොට සංස්කාර ස්කන්‍ධ යයි දැක්වූහ. එකොළොස් වැදෑරුම් කාලයෙහි බෙදන ලද චිත්ත රාසිය පිඬුකොට විඥානස්කන්‍ධ යයි දැක්වූහ.
අපිචෙත්‍ථ සබ‍්බම‍්පි චතුසමුට‍්ඨානිකං රූපං රූපක‍්ඛන්‍ධො, කාමාවචරඅට‍්ඨකුසලචිත‍්තාදීහි එකූනනවුතිචිත‍්තෙහි සහජාතා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඵස‍්සාදයො ධම‍්මා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, එකූනනවුති චිත‍්තානි විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති. එවම‍්පි පඤ‍්චසු ඛන්‍ධෙසු ධම‍්මපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො.
චතුභූමක රූපය රූපස්කන්ධ යයිද තවද මෙහි චතුභූමක කාමාවචර කුසල සිත්අට ආදි වශයෙන් අසූ නවයක් සිත් සමග එකට උපදින වේදනාව වේදනාස්කන්ධයයි ද සඤ්ඤාව සඤ්ඤාස්කන්‍ධ යයිද ඵස්සාදි චෛතසිකයන් සංස්කාරාස්කන්ධ යයිද අසූනවයක් වූ සිත් විඥානස්කන්‍ධ යයිද මෙසේ ස්කන්‍ධ පසෙහි ධර්ම කොටස් දතයුතුය.