යෙදුමෙන් කියවන්න

කමාදිවිනිච‍්ඡයකථා අට‍්ඨකථා

කමාදිවිනිච‍්ඡයකථා

කමාදිවිනිච්ඡයකථා

එවං පකිණ‍්ණකතො ඛන්‍ධෙ විදිත්‍වා පුන එතෙසුයෙව –

මෙසේ ප්‍රකීර්ණ වශයෙන් ස්කන්ධ දැන,

ඛන්‍ධෙසු ඤාණභෙදත්‍ථං, කමතොථ විසෙසතො; අනූනාධිකතො චෙව, උපමාතො තථෙව ච.

නැණ බේදරුත් කඳු - පිළිවෙල වෙසෙස් ලෙසිනේ අඩු වැඩි නොවීමෙන් - උපමා විසින් එලෙසම

දට‍්ඨබ‍්බතො ද‍්විධා එවං, පස‍්සන‍්තස‍්සත්‍ථසිද‍්ධිතො; විනිච‍්ඡයනයො සම‍්මා, විඤ‍්ඤාතබ‍්බො විභාවිනා.

දකිමින් අරුත් සිදු - වනයුරු දෙපරිදි මෙසේ විනිස නය මැනවින් - දතුයුතු පඬිවරු විසින්

තත්‍ථ ‘කමතො’ති ඉධ උප‍්පත‍්තික‍්කමො, පහානක‍්කමො, පටිපත‍්තික‍්කමො, භූමික‍්කමො, දෙසනාක‍්කමොති බහුවිධො කමො.

එහි කමතො යන මෙහි උත්පත්ති ක්‍රම, ප්‍රහාන ක්‍රම, ප්‍රතිපත්ති ක්‍රම, භූමි ක්‍රම, දේශනා ක්‍රම යන ක්‍රම බොහෝ ආකාරය.

තත්‍ථ “පඨමං කලලං හොති, කලලා හොති අබ‍්බුද”න‍්ති (සං· නි· 1.235) එවමාදි උප‍්පත‍්තික‍්කමො. “දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා, භාවනාය පහාතබ‍්බා ධම‍්මා”ති (ධ· ස· තිකමාතිකා 8) එවමාදි පහානක‍්කමො. “සීලවිසුද‍්ධි, චිත‍්තවිසුද‍්ධී”ති (ම· නි· 1.259; පටි· ම· 3.41) එවමාදි පටිපත‍්තික‍්කමො. “කාමාවචරා , රූපාවචරා”ති එවමාදි භූමික‍්කමො. “චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා”ති (දී· නි· 3.145) වා “දානකථං සීලකථ”න‍්ති (ම· නි· 2.69; දී· නි· 1.298) වා එවමාදි දෙසනාක‍්කමො. තෙසු ඉධ උප‍්පත‍්තික‍්කමො තාව න යුජ‍්ජති, කලලාදීනං විය ඛන්‍ධානං පුබ‍්බාපරියවවත්‍ථානෙන අනුප‍්පත‍්තිතො; න පහානක‍්කමො කුසලාබ්‍යාකතානං අප‍්පහාතබ‍්බතො; න පටිපත‍්තික‍්කමො අකුසලානං අප‍්පටිපජ‍්ජනීයතො; න භූමික‍්කමො වෙදනාදීනං චතුභූමකපරියාපන‍්නත‍්තා.

“පඨමං කලලං හොති කලලං හොති අබ්බුදං” මේ ආදිය උත්පත්ති ක්‍රම වේ. දැකීමෙන් කෙලෙස් දහම් ප්‍රහාණ කළයුතුය. භාවනාවෙන් කෙලෙස් ප්‍රහාණ කළයුතුය. මේ ආදිය ප්‍රහාණ ක්‍රම වේ. සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදිය ප්‍රතිපත්ති ක්‍රම වේ. කාමාවචර රූපාවචර ආදිය භූමි ක්‍රම වේ. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන හෝ දාන සීල කතාදිය දේශනා ක්‍රම වේ. ඒවා අතර මෙහි උත්පත්ති ක්‍රමය නොයෙදේ. කලලාදිය මෙන් ස්කන්‍ධයන්ගේ පෙර අපර වෙන් කිරීමෙන් නොඉපදවීම් වශයෙන්ද කුසල අව්‍යාකෘත ප්‍රහාණ නොකිරීම් වශයෙන් ප්‍රහාණ ක්‍රමය නොයෙදේ. අකුසල හා පිළිපැදීම් වශයෙන් ප්‍රතිපත්ති ක්‍රමය නොයෙදේ. වේදනාදියේ චතුභූමක ඇතුළත් හෙයින් භූමි ක්‍රමය නොයෙදේ.

දෙසනාක‍්කමො පන යුජ‍්ජති. අභෙදෙන හි යං පඤ‍්චසු ඛන්‍ධෙසු අත‍්තග‍්ගාහපතිතං වෙනෙය්‍යජනං සමූහඝනවිනිබ‍්භොගදස‍්සනෙන අත‍්තග‍්ගාහතො මොචෙතුකාමො භගවා හිතකාමො තස‍්ස ජනස‍්ස සුඛග‍්ගහණත්‍ථං චක‍්ඛුආදීනම‍්පි විසයභූතං ඔළාරිකං පඨමං රූපක‍්ඛන්‍ධං දෙසෙසි. තතො ඉට‍්ඨානිට‍්ඨරූපසංවෙදිතං වෙදනං, යං වෙදයති තං සඤ‍්ජානාතීති එවං වෙදනාවිසයස‍්ස ආකාරග‍්ගාහිකං සඤ‍්ඤං, සඤ‍්ඤාවසෙන අභිසඞ‍්ඛාරකෙ සඞ‍්ඛාරෙ, තෙසං වෙදනාදීනං නිස‍්සයං අධිපතිභූතඤ‍්ච විඤ‍්ඤාණන‍්ති එවං තාව ‘කමතො’ විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

දේශනා ක්‍රමය වනාහි යෙදේ. පංච ස්කන්ධයෙහි අභේදයෙන් ආත්ම යයි ගැනීම කළ විනේය ජනයන් ඝන සමූහය වෙන්කිරීම දැකීමෙන් ආත්ම ග්‍රහණයෙන් මුදවනු කැමති භාග්‍යවතුන් වහන්සේ හිතකාමීව ඒ ජනයින්ට සුවසේ ගැනීම පිණිස චක්‍ෂු ආදියට විෂය වූ ඕලාරික වූ රූප ස්කන්‍ධය පළමුව දේශනා කළ සේක. ඉක්බිතිව ඉටු අනිටු රූප සංවේදී වූ වේදනාවද යමක් විඳගනීද එය දැනගනී යන මෙසේ වේදනා විෂයේ ආකාර ගන්නා සංඥාවද සංඥාව විසින් අභිසංස්කාර වූ සංස්කාරයද ඒ වේදනාදියට නිශ්‍රය වූ අධිපති වූ විඤ්ඤාණය ද දේශනා කළහ. මෙසේ ක්‍රම වශයෙන් විනිස දතයුතුය.

‘විසෙසතො’ති ඛන්‍ධානඤ‍්ච උපාදානක‍්ඛන්‍ධානඤ‍්ච විසෙසතො. කො පන තෙසං විසෙසො? ඛන්‍ධා තාව අවිසෙසතො වුත‍්තා, උපාදානක‍්ඛන්‍ධා සාසවඋපාදානීයභාවෙන විසෙසෙත්‍වා. යථාහ –

ස්කන්ධද උපාදානස්කන්‍ධද විශේෂ වේ. ඒවායේ විශේෂය කුමක්ද? මෙතෙක් ස්කන්‍ධ අවිශේෂයෙන් කියන ලදි. උපාදානස්කන්‍ධය ආශ්‍රව සහිතව ගැනීමේ හේතුවෙන් වෙසෙසා කීහ.

“පඤ‍්ච, භික‍්ඛවෙ, ඛන්‍ධෙ දෙසෙස‍්සාමි පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ ච, තං සුණාථ. කතමෙ ච, භික‍්ඛවෙ, පඤ‍්චක‍්ඛන්‍ධා? යං කිඤ‍්චි, භික‍්ඛවෙ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… සන‍්තිකෙ වා – අයං වුච‍්චති, රූපක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා…පෙ… යා කාචි සඤ‍්ඤා…පෙ… යෙ කෙචි සඞ‍්ඛාරා…පෙ… යං කිඤ‍්චි විඤ‍්ඤාණං …පෙ… සන‍්තිකෙ වා – අයං වුච‍්චති, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, පඤ‍්චක‍්ඛන්‍ධා. කතමෙ ච, භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා? යං කිඤ‍්චි, භික‍්ඛවෙ, රූපං…පෙ… සන‍්තිකෙ වා සාසවං උපාදානියං – අයං වුච‍්චති, රූපූපාදානක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා…පෙ… යං කිඤ‍්චි විඤ‍්ඤාණං…පෙ… සන‍්තිකෙ වා සාසවං උපාදානියං – අයං වුච‍්චති, භික‍්ඛවෙ, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා”ති (සං· නි· 3.48).

“මහණෙනි, මේ පංච උපාදාන ස්කන්‍ධයෙහි ස්කන්‍ධ පහ දේශනා කරමි. එය අසන්න. මහණෙනි, පංචස්කන්‍ධය කවරේද? මහණෙනි, අතීත අනාගත වර්තමාන...... සමීප හෝ යම් රූපයක් වේද මහණෙනි, මෙය රූපස්කන්‍ධ යයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් වේද...... යම්කිසි සංඥාවක් වේද..... යම්කිසි සංස්කාරයක් වේද...... යම්කිසි විඤ්ඤාණයක් වේද. මෙය විඤ්ඤාණ ස්කන්‍ධ යයි කියනු ලැබේ. මහණෙනි, මෙය පංචස්කන්‍ධ යයි කියනු ලැබේ. මහණෙනි, පංච උපාදානස්කන්‍ධය කවරේද? මහණෙනි, යම්කිසි රූපයක්...... සමීප වූ හෝ ආසව සහිතව දැඩිව ගනීද මහණෙනි, මෙය රූපඋපාදානස්කන්‍ධයයි. යම්කිසි වේදනාවක්....... යම්කිසි සමීප වූ හෝ විඤ්ඤාණයක් ආසව සහිතව දැඩිව ගනීද මහණෙනි, මෙය විඤ්ඤාණ උපාදානස්කන්‍ධයයි. මහණෙනි, මෙය පංචඋපාදානස්කන්‍ධයයි.

එත්‍ථ ච යථා වෙදනාදයො අනාසවාපි සාසවාපි අත්‍ථි, න එවං රූපං. යස‍්මා පනස‍්ස රාසට‍්ඨෙන ඛන්‍ධභාවො යුජ‍්ජති තස‍්මා ඛන්‍ධෙසු වුත‍්තං. යස‍්මා රාසට‍්ඨෙන ච සාසවට‍්ඨෙන ච උපාදානක‍්ඛන්‍ධභාවො යුජ‍්ජති තස‍්මා උපාදානක‍්ඛන්‍ධෙසු වුත‍්තං. වෙදනාදයො පන අනාසවාව ඛන්‍ධෙසු වුත‍්තා, සාසවා උපාදානක‍්ඛන්‍ධෙසු. ‘උපාදානක‍්ඛන්‍ධා’ති එත්‍ථ ච උපාදානගොචරා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඉධ පන සබ‍්බෙපෙතෙ එකජ‍්ඣං කත්‍වා ඛන්‍ධාති අධිප‍්පෙතා.

මෙහි වේදනාදියෙහි අනාශ්‍රවද ආශ්‍රවද ඇත. මෙසේ රූපය නොවේ. රාශි අර්ථයෙන් ස්කන්‍ධභාවය යෙදේද? එහෙයින් ස්කන්‍ධවල කියන ලදි. රාශි අර්ථයෙන් ආශ්‍රව අර්ථයෙන් උපාදානස්කන්‍ධභාවය යෙදේද? එහෙයින් උපාදානස්කන්‍ධවල කියන ලදි. වේදනාදිය අනාශ්‍රවම ස්කන්‍ධවල කියන ලදි. උපාදානස්කන්‍ධවල ආශ්‍රව සහිතව කියන ලදි. උපාදානස්කන්‍ධ යන මෙහි දැඩිව ගැනීමට ගොදුරුවන ස්කන්ධ උපාදානස්කන්‍ධ යයි දතයුතුය. මෙහි සියල්ල එක්තැනක කොට ඛන්ධයයි අදහස් කෙරේ.

‘අනූනාධිකතො’ති කස‍්මා පන භගවතා පඤ‍්චෙව ඛන්‍ධා වුත‍්තා අනූනා අනධිකාති? සබ‍්බසඞ‍්ඛතසභාගෙකසඞ‍්ගහතො, අත‍්තත‍්තනියග‍්ගාහවත්‍ථුස‍්ස එතප‍්පරමතො, අඤ‍්ඤෙසඤ‍්ච තදවරොධතො. අනෙකප‍්පභෙදෙසු හි සඞ‍්ඛතධම‍්මෙසු සභාගවසෙන සඞ‍්ගය‍්හමානෙසු රූපං රූපසභාගසඞ‍්ගහවසෙන එකො ඛන්‍ධො හොති, වෙදනා වෙදනාසභාගසඞ‍්ගහවසෙන එකො ඛන්‍ධො හොති. එස නයො සඤ‍්ඤාදීසුපි. තස‍්මා සබ‍්බසඞ‍්ඛතසභාගසඞ‍්ගහතො පඤ‍්චෙව වුත‍්තා. එතපරමඤ‍්චෙතං අත‍්තත‍්තනියග‍්ගාහවත්‍ථු යදිදං රූපාදයො පඤ‍්ච. වුත‍්තඤ‍්හෙතං – “රූපෙ ඛො, භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති – ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති (සං· නි· 3.207). වෙදනාය… සඤ‍්ඤාය… සඞ‍්ඛාරෙසු…. විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති – ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’”ති. තස‍්මා අත‍්තත‍්තනියග‍්ගාහවත්‍ථුස‍්ස එතපරමතොපි පඤ‍්චෙව වුත‍්තා. යෙපි චඤ‍්ඤෙ සීලාදයො පඤ‍්ච ධම‍්මක‍්ඛන්‍ධා වුත‍්තා, තෙපි සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නත‍්තා එත්‍ථෙව අවරොධං ගච‍්ඡන‍්ති. තස‍්මා අඤ‍්ඤෙසං තදවරොධතොපි පඤ‍්චෙව වුත‍්තාති. එවං ‘අනූනාධිකතො’ විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

අනුනාධිකතො නොඅඩුව නොවැඩිව ස්කන්ධ පසක්ම භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් හෙයින් දේශනා කරන ලදද? සියළු ස්වභාවය එක් සංග්‍රහයක් වශයෙන් තම තමාට අයත් කරගත් වස්තු අවසන් කොට ඇති හෙයින් අන්‍යයන්ට ද එය අවහිරවීමෙන් නොයෙක් ප්‍රභේද වූ සංඛත ධර්මවල සමාන පැවතුම් ඇති ඒවා සංග්‍රහ කරනු ලබන කල්හි රූපය, රූප සමාන පැවතුම් ඇති සංග්‍රහය වශයෙන් එක් ස්කන්‍ධයක් වේ. වේදනාව සමාන පැවතුම් ඇති සංග්‍රහය වශයෙන් එක් ස්කන්‍ධයක් වේ. සංඥාදියද මෙම නයයි. එහෙයින් සමාන පැවතුම් ඇති සියළු සංඛත ධර්මවල සංග්‍රහය වශයෙන් පහක්ම කියන ලදි. “මහණෙනි, රූපය ඇතිකල්හි රූපයට පිවිස (අභිනිවේශව) මෙවැනි දෘෂ්ටියක් ඇතිවේ. මෙය මමය. මෙය මම වෙමි. මෙය මගේ ආත්මයයි යනුවෙනි. වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ ඇතිකල්හිද විඤ්ඤාණය දැඩිව ගෙන විඤ්ඤාණයට පිවිස මෙවැනි දෘෂ්ටියක් උපදී. මෙය මමය. මෙය මම වෙමි. මෙය මගේ ආත්මයයි. මෙසේ තමා තමාට අයත්කොට ගන්නා වස්තු අවසන්කොට ඇත්තේ පහක්ම යයි කියන ලදි යයි මෙසේ අනුනාධික විනිස දතයුතුය.

‘උපමාතො’ති එත්‍ථ හි ගිලානසාලූපමො රූපුපාදානක‍්ඛන්‍ධො ගිලානූපමස‍්ස විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධස‍්ස වත්‍ථුද‍්වාරාරම‍්මණවසෙන නිවාසනට‍්ඨානතො, ගෙලඤ‍්ඤූපමො වෙදනුපාදානක‍්ඛන්‍ධො ආබාධකත‍්තා, ගෙලඤ‍්ඤසමුට‍්ඨානූපමො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො කාමසඤ‍්ඤාදිවසෙන රාගාදිසම‍්පයුත‍්තවෙදනාසම‍්භවා, අසප‍්පායසෙවනූපමො සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො වෙදනාගෙලඤ‍්ඤස‍්ස නිදානත‍්තා. “වෙදනං වෙදනත‍්තාය සඞ‍්ඛතමභිසඞ‍්ඛරොන‍්තී”ති (සං· නි· 3.79) හි වුත‍්තං. තථා “අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති දුක‍්ඛසහගත”න‍්ති (ධ· ස· 556). ගිලානූපමො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො වෙදනාගෙලඤ‍්ඤෙන අපරිමුත‍්තත‍්තා. අපිච චාරකකාරණඅපරාධකාරණකාරකඅපරාධිකූපමා එතෙ භාජනභොජනබ්‍යඤ‍්ජනපරිවෙසකභුඤ‍්ජකූපමා චාති, එවං ‘උපමාතො’ විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

උපමා වශයෙන් මෙහි ගිලන්හලක් උපමාකොට ඇත. ගිලාන සාලාව රූපස්කන්‍ධයට උපමා වේ. ගිලනා විඤ්ඤාණක්ඛන්ධයටද ගිලන්බව වේදනාස්කන්‍ධයටද ආබාධය සංඥාස්කන්‍ධයටද අසප්පාය සේවනාදිය සංස්කාරාස්කන්‍ධයටද ගිලන්බවට නිදානය වේදනාව වේ. වේදනාව වේදනාව පිණිසම අභිසංස්කරණය කරන ලදැයි කියන ලදි. එසේම අකුසල කර්ම කළබැවින් රැස්කළ බැවින් විපාක කාය විඤ්ඤාණය උපන්නේය. මෙසේ උපමා වශයෙන් විනිස නය දතයුතුය.

‘දට‍්ඨබ‍්බතො ද‍්විධා’ති සඞ‍්ඛෙපතො විත්‍ථාරතො චාති එවං ද‍්විධා දට‍්ඨබ‍්බතො පෙත්‍ථ විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො. සඞ‍්ඛෙපතො හි පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ආසිවිසූපමෙ (සං· නි· 4.238) වුත‍්තනයෙන උක‍්ඛිත‍්තාසිකපච‍්චත්‍ථිකතො, භාරසුත‍්තවසෙන (සං· නි· 3.22) භාරතො, ඛජ‍්ජනීයපරියායවසෙන (සං· නි· 3.79) ඛාදකතො, යමකසුත‍්තවසෙන (සං· නි· 3.85) අනිච‍්චදුක‍්ඛානත‍්තසඞ‍්ඛතවධකතො දට‍්ඨබ‍්බා.

සංක්‍ෂේප විස්තර වශයෙන් දෙයාකාරයකින් විනිස දැනගත යුතුය. පංචස්කන්‍ධය සංක්‍ෂේපයෙන් ආසිවිසෝපම සූත්‍රයේ කී අයුරින් හැරදමන ලද නාගයා සතුරකු කරන ලදි. භාර සූත්‍රයේ බරක් වශයෙනි. කෑයුතු දේ ඇතුළත් නිසා කන්නෙකු වශයෙන්ද යමක සූත්‍රයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඛ්‍යාත වධකයකු වශයෙන්ද දැකිය යුතුය.

විත්‍ථාරතො පනෙත්‍ථ ඵෙණපිණ‍්ඩො විය රූපං දට‍්ඨබ‍්බං, උදකපුබ‍්බුළො විය වෙදනා, මරීචිකා විය සඤ‍්ඤා, කදලික‍්ඛන්‍ධො විය සඞ‍්ඛාරා, මායා විය විඤ‍්ඤාණං. වුත‍්තඤ‍්හෙතං –

විස්තර වශයෙන් රූපය පෙනපිඬක් මෙන් වේදනාව දිය බුබුළක් මෙන් සඤ්ඤාව මිරිඟුවක් මෙන් සංඛාර කෙසෙල්කඳක් මෙන් විඤ්ඤාණය මායාමක් මෙන් දැකිය යුතුය. මෙය කියනලදි:-

“ඵෙණපිණ‍්ඩූපමං රූපං, වෙදනා පුබ‍්බුළූපමා; මරීචිකූපමා සඤ‍්ඤා, සඞ‍්ඛාරා කදලූපමා; මායූපමඤ‍්ච විඤ‍්ඤාණං, දෙසිතාදිච‍්චබන්‍ධුනා”ති. (සං· නි· 3.95);

පෙන පිඬකි රූපය - විඳුම දියබුබුලක් වේ සන් මිරිඟු උවමයි - සකර රඹකඳ උපමා මායාවකි විනැණ - දෙසූ බුදුහිමි විසිනා

තත්‍ථ රූපාදීනං ඵෙණපිණ‍්ඩාදීහි එවං සදිසතා වෙදිතබ‍්බා – යථා හි ඵෙණපිණ‍්ඩො නිස‍්සාරොව එවං රූපම‍්පි නිච‍්චසාරධුවසාරඅත‍්තසාරවිරහෙන නිස‍්සාරමෙව. යථා ච සො ‘ඉමිනා පත‍්තං වා ථාලකං වා කරිස‍්සාමී’ති ගහෙතුං න සක‍්කා, ගහිතොපි තමත්‍ථං න සාධෙති භිජ‍්ජතෙව; එවං රූපම‍්පි ‘නිච‍්ච’න‍්ති වා ‘ධුව’න‍්ති වා ‘අහ’න‍්ති වා ‘මම’න‍්ති වා ගහෙතුං න සක‍්කා, ගහිතම‍්පි න තථා තිට‍්ඨති, අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා අසුභඤ‍්ඤෙව හොතීති. එවං ‘ඵෙණපිණ‍්ඩසදිසමෙව’ හොති.

එහි රූපාදිය පෙණපිඬු ආදිය සමග සමානවන අයුරු මෙසේ දතයුතුය. පෙණපිඬ නිසරුමය. රූපයද නිත්‍ය ස්තිර ආත්මවලින් බැහැරවන නිසා නිසරුමය. පාත්‍රයක් හෝ තැටියක් හෝ සඳහා ගැනීමට නොහැකිය. ගත්තම එම ප්‍රයෝජනය නොලබයි. එය බිඳෙයි. මෙසේ රූපය නිත්‍ය යයි හෝ ස්ථිරයයි හෝ මම යයි හෝ මගේ යයි හෝ ගැනීමට නොහැක. ගත්තේ වී නමුත් එසේ නොසිටී. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභම වේ. මෙසේ පෙණපිඬට සමාන වේමය.

යථා වා පන ඵෙණපිණ‍්ඩො ඡිද‍්දාවඡිද‍්දො අනෙකසන්‍ධිඝටිතො බහූන‍්නං උදකසප‍්පාදීනං පාණානං ආවාසො, එවං රූපම‍්පි ඡිද‍්දාවඡිද‍්දං අනෙකසන්‍ධිඝටිතං. කුලවසෙන චෙත්‍ථ අසීති කිමිකුලානි වසන‍්ති. තදෙව තෙසං සූතිඝරම‍්පි වච‍්චකුටිපි ගිලානසාලාපි සුසානම‍්පි. න තෙ අඤ‍්ඤත්‍ථ ගන‍්ත්‍වා ගබ‍්භවුට‍්ඨානාදීනි කරොන‍්ති. එවම‍්පි ඵෙණපිණ‍්ඩසදිසං. යථා ච ඵෙණපිණ‍්ඩො ආදිතොව බදරපක‍්කමත‍්තො හුත්‍වා අනුපුබ‍්බෙන පබ‍්බතකූටමත‍්තොපි හොති, එවං රූපම‍්පි ආදිතො කලලමත‍්තං හුත්‍වා අනුපුබ‍්බෙන බ්‍යාමමත‍්තම‍්පි ගොමහිංසහත්‍ථිආදීනං වසෙන පබ‍්බතකූටමත‍්තම‍්පි හොති, මච‍්ඡකච‍්ඡපාදීනං වසෙන අනෙකයොජනසතප‍්පමාණම‍්පි. එවම‍්පි ඵෙණපිණ‍්ඩසදිසං. යථා ච ඵෙණපිණ‍්ඩො උට‍්ඨිතමත‍්තොපි භිජ‍්ජති, ථොකං ගන‍්ත්‍වාපි, සමුද‍්දං පත්‍වා පන අවස‍්සමෙව භිජ‍්ජති; එවමෙව රූපම‍්පි කලලභාවෙපි භිජ‍්ජති, අබ‍්බුදාදිභාවෙ, අන‍්තරා පන අභෙජ‍්ජමානම‍්පි වස‍්සසතායුකානං වස‍්සසතං පත්‍වා අවස‍්සමෙව භිජ‍්ජති, මරණමුඛෙ චුණ‍්ණවිචුණ‍්ණං හොති. එවම‍්පි ඵෙණපිණ‍්ඩසදිසං.

පෙණපිඬ සිදුරු කුඩා සිදුරුවලින් යුත් නොයෙක් සන්ධිවලින් ගැටුණු බොහෝ ජල සර්පාදීන්ට නිවාසයකි. රූපයද එසේ සිදුරු කුඩා සිදුරුවලින් යුත් නොයෙක් සන්ධිවලින් ගැටුණු කුල වශයෙන් මෙහි අසූ පණුකුල වෙසෙති. එසේම ඒවා තිඹිරි ගෙයක්ද වැසිකිළියක්ද ගිලන්හලක්ද සොහොනක්ද වේ. ඔව්හු අන්තැනක නොගොස් දරුවන් බිහිකිරීම් ආදිය කරති. මෙසේද පෙණපිඬකට සමානය. පෙණපිඬ මුලින් මසන් ගෙඩියක් පමණ වී අනුපිළිවෙලින් පර්වත ශිඛරයක් පමණ වේ. රූපයද මුලින් කළලය පමණක්වී අනුපිළිවෙලින් බඹයක් පමණ ද ගව මහිස ඇත් ආදීන්ගේ වශයෙන් පර්වත ශිඛර පමණ ද වේ. මස් කැසුබු ආදීන්ගේ වශයෙන් නොයෙක් යොදුන් සියගණන් වේ. මෙසේද පෙණපිඬට සමානය. පෙණපිඬ නැගි සැනින් බිඳේ. ටික දුරක් ගොස් හෝ මුහුදට වැටී හෝ අවශ්‍යයෙන්ම බිඳේ. රූපය ද මෙසේම කළල අවස්ථාවේ ද බිඳේ. අර්බුද අවස්ථාවේද බිඳේ. අතරතුර නොබිඳුනොත් සියක් අවුරුදු ආයු ඇත්තාට අවුරුදු සියයට පැමිණ හෝ අවශ්‍යයෙන්ම බිඳේ. මරණ මුඛයෙහි සුණු විසුණු වේ. මෙසේද පෙණපිඬට සමානය.

යථා පන පුබ‍්බුළො අසාරො, එවං වෙදනාපි. යථා ච සො අබලො, අගය‍්හුපගො, න සක‍්කා තං ගහෙත්‍වා ඵලකං වා ආසනං වා කාතුං, ගහිතග‍්ගහිතොපි භිජ‍්ජතෙව; එවං වෙදනාපි අබලා, අගය‍්හුපගා, න සක‍්කා ‘නිච‍්චා’ති වා ‘ධුවා’ති වා ගහෙතුං, ගහිතාපි න තථා තිට‍්ඨති. එවං අගය‍්හුපගතායපි වෙදනා ‘පුබ‍්බුළසදිසා’. යථා පන තස‍්මිං තස‍්මිං උදකබින්‍දුම‍්හි පුබ‍්බුළො උප‍්පජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච, න චිරට‍්ඨිතිකො හොති; එවං වෙදනාපි උප‍්පජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච, න චිරට‍්ඨිතිකා හොති, එකච‍්ඡරක‍්ඛණෙ කොටිසතසහස‍්සසඞ‍්ඛ්‍යා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති. යථා ච පුබ‍්බුළො උදකතලං, උදකබින්‍දුං , උදකජල‍්ලකං සඞ‍්කඩ‍්ඪිත්‍වා පුටං කත්‍වා ගහණවාතඤ‍්චාති චත‍්තාරි කාරණානි පටිච‍්ච උප‍්පජ‍්ජති; එවං වෙදනාපි වත්‍ථුං, ආරම‍්මණං, කිලෙසජාලං, ඵස‍්සසඞ‍්ඝට‍්ටනඤ‍්චාති චත‍්තාරි කාරණානි පටිච‍්ච උප‍්පජ‍්ජති. එවම‍්පි වෙදනා පුබ‍්බුළසදිසා.

දියබුබුල අසාර මෙන් වේදනාවද අසාරය. එය දුර්වලය. ගැනීමට නොහැක. නිත්‍ය හෝ සදාකාලික යයි ගත නොහැක. ගත්තද නොසිටි. ඒ ඒ දියබුබුළුවලින් බුබුළු ඉපදී නිරුද්ධ වේ. ස්ථිර පැවැත්මක් නැත. එක් අසුරු සැණයක කෝටි ලක්ෂ සංඛ්‍යාත ඉපදී නිරුද්ධ වේ. දියබුබුල දියතලය දියබිඳුව දියජල්ලිය ඇදගෙන ගොටුවක් කරන වාතය යන කරුණු සතරින් උපදී. මෙසේ වේදනාව වස්තුව අරමුණ කෙලෙස්දැල ස්පර්ශ-ගැටුම යන කරුණු සතරක් නිසා උපදී.

සඤ‍්ඤාපි අසාරකට‍්ඨෙන ‘මරීචිසදිසා’. තථා අගය‍්හුපගට‍්ඨෙන; න හි සක‍්කා තං ගහෙත්‍වා පිවිතුං වා න‍්හායිතුං වා භාජනං වා පූරෙතුං. අපිච යථා මරීචි විප‍්ඵන්‍දති, සඤ‍්ජාතූමිවෙගො විය ඛායති; එවං නීලසඤ‍්ඤාදිභෙදා සඤ‍්ඤාපි නීලාදිඅනුභවනත්‍ථාය ඵන්‍දති විප‍්ඵන්‍දති. යථා ච මරීචි මහාජනං විප‍්පලම‍්භෙති , ‘පරිපුණ‍්ණවාපී විය පරිපුණ‍්ණනදී විය දිස‍්සතී’ති වදාපෙති; එවං සඤ‍්ඤාපි විප‍්පලම‍්භෙති, ‘ඉදං නීලකං සුභං සුඛං නිච‍්ච’න‍්ති වදාපෙති. පීතකාදීසුපි එසෙව නයො. එවං විප‍්පලම‍්භනෙනාපි මරීචිසදිසා.

සඤ්ඤාව අසාර අර්ථයෙන් මිරිඟුව හා සමානය. ගත නොහැකි යන අර්ථයෙන් ද එය ගෙන බීමට නෑමට හා භාජන පුරවා ගැනීමට නොහැකිය. මිරිඟුව සැලෙන නිසා හටගත් රැළි වේගයක් සේ හැඟේ. නීල සඤ්ඤාදි භේදද මෙසේය. නීලාදි සඤ්ඤා අනුභවන අර්ථයෙන් සැලේ. මිරිඟුව පිරුණු වැවක් පිරුණු නදියක් මෙන් මහජනයා රවටයි. මෙසේ සඤ්ඤාව ද මෙය නිල්ය සුබය නිත්‍යය යයි කියවයි. කහවර්ණ ආදියෙහිද මෙසේය.

සඞ‍්ඛාරාපි අසාරකට‍්ඨෙන ‘කදලික‍්ඛන්‍ධසදිසා’. තථා අගය‍්හුපගට‍්ඨෙන. යථෙව හි කදලික‍්ඛන්‍ධතො කිඤ‍්චි ගහෙත්‍වා න සක‍්කා ගොපානසීආදීනමත්‍ථාය උපනෙතුං, උපනීතම‍්පි න තථා හොති; එවං සඞ‍්ඛාරාපි න සක‍්කා නිච‍්චාදිවසෙන ගහෙතුං, ගහිතාපි න තථා හොන‍්ති. යථා ච කදලික‍්ඛන්‍ධො බහුවට‍්ටිසමොධානො හොති, එවං සඞ‍්ඛාරක‍්ඛන්‍ධොපි බහුධම‍්මසමොධානො. යථා ච කදලික‍්ඛන්‍ධො නානාලක‍්ඛණො, අඤ‍්ඤොයෙව හි බාහිරාය පත‍්තවට‍්ටියා වණ‍්ණො, අඤ‍්ඤො තතො අබ‍්භන‍්තරබ‍්භන‍්තරානං; එවමෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධොපි අඤ‍්ඤදෙව ඵස‍්සස‍්ස ලක‍්ඛණං, අඤ‍්ඤං චෙතනාදීනං. සමොධානෙත්‍වා පන සඞ‍්ඛාරක‍්ඛන්‍ධොත්‍වෙව වුච‍්චතීති. එවම‍්පි සඞ‍්ඛාරක‍්ඛන්‍ධො කදලික‍්ඛන්‍ධසදිසො.

සංස්කාරයද අසාර අර්ථයෙන් කෙසෙල්කඳක් හා සමානය. කෙසෙල් කඳින් කිසිවක් ගෙන ගොනැස් ආදී ප්‍රයෝජනයට ගතහැකි නොවේ. ගත්තත් එසේ කළහැකි නොවේ. එසේම සංස්කාරාදිය නිත්‍ය වශයෙන් ගැනීමට නොහැකිය. ගත්තද එසේ නොවේ. කෙසෙල්කඳ බොහෝ පතුරුවලින් යුක්තය. එසේම සංස්කාර ස්කන්‍ධය බොහෝ ධර්මවලින් යුක්තය. කෙසෙල් නොයෙක් ලක්‍ෂණවලින් යුක්තය. බාහිර වර්ණය අභ්‍යන්තර වර්ණයෙන් වෙනස් වේ. එසේම සංස්කාර ස්කන්‍ධය ද ස්පර්ශ ලක්‍ෂණය අනිකකි. වේදනාදිය අනිකකි. සමූහ වශයෙන් එකතුකර සංස්කාර ස්කන්‍ධයයි කියනු ලැබේ.

විඤ‍්ඤාණම‍්පි අසාරකට‍්ඨෙන ‘මායාසදිසං’. තථා අගය‍්හුපගට‍්ඨෙන. යථා ච මායා ඉත‍්තරා ලහුපච‍්චුපට‍්ඨානා, එවං විඤ‍්ඤාණං. තඤ‍්හි තතොපි ඉත‍්තරතරඤ‍්චෙව ලහුපච‍්චුපට‍්ඨානතරඤ‍්ච. තෙනෙව හි චිත‍්තෙන පුරිසො ආගතො විය, ගතො විය, ඨිතො විය, නිසින‍්නො විය හොති. අඤ‍්ඤදෙව චාගමනකාලෙ චිත‍්තං, අඤ‍්ඤං ගමනකාලාදීසු. එවම‍්පි විඤ‍්ඤාණං මායාසදිසං. මායා ච මහාජනං වඤ‍්චෙති, යං කිඤ‍්චිදෙව ‘ඉදං සුවණ‍්ණං රජතං මුත‍්තා’තිපි ගහාපෙති. විඤ‍්ඤාණම‍්පි මහාජනං වඤ‍්චෙති, තෙනෙව චිත‍්තෙන ආගච‍්ඡන‍්තං විය, ගච‍්ඡන‍්තං විය, ඨිතං විය, නිසින‍්නං විය කත්‍වා ගාහාපෙති. අඤ‍්ඤදෙව ච ආගමනෙ චිත‍්තං, අඤ‍්ඤං ගමනාදීසු. එවම‍්පි විඤ‍්ඤාණං මායාසදිසං. විසෙසතො ච සුභාරම‍්මණම‍්පි ඔළාරිකම‍්පි අජ‍්ඣත‍්තිකරූපං අසුභන‍්ති දට‍්ඨබ‍්බං. වෙදනා තීහි දුක‍්ඛතාහි අවිනිමුත‍්තතො දුක‍්ඛාති සඤ‍්ඤාසඞ‍්ඛාරා අවිධෙය්‍යතො අනත‍්තාති විඤ‍්ඤාණං උදයබ‍්බයධම‍්මතො අනිච‍්චන‍්ති දට‍්ඨබ‍්බං.

විඤ්ඤාණය අසාරය යන අර්ථයෙන් මායාවකට සමානය. ගතනොහැකි අර්ථයෙන්ද එසේය. මායාව ස්වල්ප සුළු වැටහීමකි. විඤ්ඤාණයද එසේය. එය එයින්ද ස්වල්පතම ලුහුතර වැටහීමකි. ඒ සිතින්ම මිනිසෙක් ආවා මෙන් ගියා මෙන් සිටියා මෙන් හිඳගත්තා මෙන් වේ. අනිත් කෙනෙකු පැමිණෙන කල සිත අන් ගමන කාලාදියෙහි වේ. මායාවද මහජනයා වංචා කරයි. යම් කිසිවක්ම මෙය රත්රන්ය. මෙය රිදීය මෙය මුතුය කියා පෙන්වයි. විඤ්ඤාණයද මහජනයා රවටයි. ඒ සිතින්ම එනවා මෙන් යනවා මෙන් සිටිනවා මෙන් හිඳිනවා මෙන් පෙන්වයි. සුභ අරමුණද ඕලාරික වූ අජ්ඣත්තික රූපය අසුභ යයි දතයුතුය. වේදනාව තුන් දුකින් නොමිදුනේය. සඤ්ඤා සංඛාර අකීකරු බැවින් ආත්ම නොවේ. විඤ්ඤාණය උදය ව්‍යය වශයෙන් අනිත්‍ය යයි දතයුතුය.

‘එවං පස‍්සන‍්තස‍්සත්‍ථසිද‍්ධිතො’ති එවඤ‍්ච සඞ‍්ඛෙපවිත්‍ථාරවසෙන ද‍්විධා පස‍්සතො යා අත්‍ථසිද‍්ධි හොති, තතොපි විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො, සෙය්‍යථිදං – සඞ‍්ඛෙපතො තාව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙසු උක‍්ඛිත‍්තාසිකපච‍්චත්‍ථිකාදිභාවෙන පස‍්සන‍්තො ඛන්‍ධෙහි න විහඤ‍්ඤති. විත්‍ථාරතො පන රූපාදීනි ඵෙණපිණ‍්ඩාදිසදිසභාවෙන පස‍්සන‍්තො න අසාරෙසු සාරදස‍්සී හොති. විසෙසතො ච අජ‍්ඣත‍්තිකරූපං අසුභතො පස‍්සන‍්තො කබළීකාරාහාරං පරිජානාති , අසුභෙ සුභන‍්ති විපල‍්ලාසං පජහති, කාමොඝං උත‍්තරති, කාමයොගෙන විසංයුජ‍්ජති, කාමාසවෙන අනාසවො හොති, අභිජ‍්ඣාකායගන්‍ථං භින්‍දති, කාමුපාදානං න උපාදියති. වෙදනං දුක‍්ඛතො පස‍්සන‍්තො ඵස‍්සාහාරං පරිජානාති, දුක‍්ඛෙ සුඛන‍්ති විපල‍්ලාසං පජහති, භවොඝං උත‍්තරති, භවයොගෙන විසංයුජ‍්ජති, භවාසවෙන අනාසවො හොති, බ්‍යාපාදකායගන්‍ථං භින්‍දති, සීලබ‍්බතුපාදානං න උපාදියති. සඤ‍්ඤං සඞ‍්ඛාරෙ ච අනත‍්තතො පස‍්සන‍්තො මනොසඤ‍්චෙතනාහාරං පරිජානාති, අනත‍්තනි අත‍්තාති විපල‍්ලාසං පජහති, දිට‍්ඨොඝං උත‍්තරති, දිට‍්ඨියොගෙන විසංයුජ‍්ජති, දිට‍්ඨාසවෙන අනාසවො හොති, ඉදං සච‍්චාභිනිවෙසකායගන්‍ථං භින්‍දති, අත‍්තවාදුපාදානං න උපාදියති. විඤ‍්ඤාණං අනිච‍්චතො පස‍්සන‍්තො විඤ‍්ඤාණාහාරං පරිජානාති, අනිච‍්චෙ නිච‍්චන‍්ති විපල‍්ලාසං පජහති, අවිජ‍්ජොඝං උත‍්තරති, අවිජ‍්ජායොගෙන විසංයුජ‍්ජති, අවිජ‍්ජාසවෙන අනාසවො හොති, සීලබ‍්බතපරාමාසකායගන්‍ථං භින්‍දති, දිට‍්ඨුපාදානං න උපාදියති.

මෙසේ බලන්නහුට අර්ථ සිද්ධිය වේ. මෙසේ සංක්‍ෂේප විස්තර වශයෙන් බැලීමෙන් ප්‍රයෝජනයක් වන නිසා විනිස දතයුතුය. කෙසේද? සංක්‍ෂේපයෙන් පංචඋපාදානස්කන්‍ධය හැරදැමූ නයා සතුරකු සේ දකින්නා ස්කන්‍ධවලින් නොවෙහෙසේ. විස්තර වශයෙන් රූපාදිය පෙණපිඬට සමානයයි දකින්නා අසාරයෙහි සරුසේ නොදකියි. අධ්‍යාත්මික රූප අසුභ වශයෙන් බලන්නේ කබලිංකාර ආහාරය විශේෂයෙන් දැනගනී. අසුභයෙහි සුභය යන විපර්යාසය දුරුකරයි. කාම සැඩපහරින් එතෙර වෙයි. කාමයෝගයෙන් වෙන්වෙයි. කාමාශ්‍රවයන්ගෙන් මිදේ. දැඩි ලෝභ කායික ගැටගැසීම බිඳියි. කාම උපාදානය නොගනී. වේදනාව දුක් වශයෙන් බලන්නේ ස්පර්ශ ආහාරය විශේෂයෙන් දැනගනී. අනාත්මයෙහි ආත්ම වශයෙන් හා දුකෙහි සැප වශයෙන් දැකීම දුරුකරයි. භව සැඩපහරින් එතෙර වේ. භව යෝගය වෙන්කරයි. භවආශ්‍රවයන් නැතිකරයි. ව්‍යාපාද කාය ග්‍රන්ථය බිඳියි. සීල ව්‍රත උපාදානය නොගනියි. සඤ්ඤාව හා සංඛාරය අනාත්ම වශයෙන් දකින්නා මනෝසංචේතනා ආහාරය විශේෂයෙන් දකියි. අනාත්මයෙහි ආත්ම දෘෂ්ටිය අත්හරියි. දෘෂ්ටි ඕඝය තරණය කරයි. දෘෂ්ටි යෝගයෙන් වෙන් වේ. දෘෂ්ටි ආශ්‍රවය දුරුකරයි. මෙය සත්‍යයයි යන කාය ග්‍රන්ථය අත්හරියි. ආත්මවාද උපාදානයෙන් බැහැර වේ. විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලන්නා විඤ්ඤාණ ආහාරය විශේෂයෙන් දැනගනී. අනිත්‍යයෙහි නිත්‍ය යන විපර්යාසය දුරුකරයි. අවිද්‍යා ඕඝයෙන් එතෙර වේ. අවිද්‍යා යෝගයෙන් වෙන් වේ. අවිද්‍යා ආශ්‍රවයෙන් අනාශ්‍රව වේ. සීලව්‍රත කාය ග්‍රන්ථ අත්හරියි. දෘෂ්ටි උපාදානයෙන් බැහැර වේ.

එවං මහානිසංසං, වධකාදිවසෙන දස‍්සනං යස‍්මා; තස‍්මා ඛන්‍ධෙ ධීරො, වධකාදිවසෙන පස‍්සෙය්‍යාති.

මම අනුසස්ම වේ - බැලියහැකි වදක විලසින් කඳු වදකයන් සේ - නුවණැතියා දකින්නේ

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.

සූත්‍රාන්ත භාජනියයි.