අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
ඉදානි අභිධම්මභාජනීයං හොති. තත්ථ රූපක්ඛන්ධනිද්දෙසො හෙට්ඨා රූපකණ්ඩෙ විත්ථාරිතනයෙනෙව වෙදිතබ්බො.
දැන් අභිධර්ම භාජනීය වේ. එහි රූප ස්කන්ධ නිර්දේශය යට රූප කාණ්ඩයෙහි විස්තර කළ ආකාරයෙන් දතයුතුය.
වෙදනාක්ඛන්ධනිද්දෙසෙ එකවිධෙනාති එකකොට්ඨාසෙන. ඵස්සසම්පයුත්තොති ඵස්සෙන සම්පයුත්තො. සබ්බාපි චතුභූමිකවෙදනා. සහෙතුකදුකෙ සහෙතුකා චතුභූමිකවෙදනා, අහෙතුකා කාමාවචරාව. ඉමිනා උපායෙන කුසලපදාදීහි වුත්තා වෙදනා ජානිතබ්බා. අපිචායං වෙදනාක්ඛන්ධො එකවිධෙන ඵස්සසම්පයුත්තතො දස්සිතො, දුවිධෙන සහෙතුකාහෙතුකතො, තිවිධෙන ජාතිතො , චතුබ්බිධෙන භූමන්තරතො, පඤ්චවිධෙන ඉන්ද්රියතො. තත්ථ සුඛින්ද්රියදුක්ඛින්ද්රියානි කායප්පසාදවත්ථුකානි කාමාවචරානෙව. සොමනස්සින්ද්රියං ඡට්ඨවත්ථුකං වා අවත්ථුකං වා තෙභූමකං . දොමනස්සින්ද්රියං ඡට්ඨවත්ථුකං කාමාවචරං. උපෙක්ඛින්ද්රියං චක්ඛාදිචතුප්පසාදවත්ථුකං ඡට්ඨවත්ථුකං අවත්ථුකඤ්ච චතුභූමකං. ඡබ්බිධෙන වත්ථුතො දස්සිතො. තත්ථ පුරිමා පඤ්ච වෙදනා පඤ්චප්පසාදවත්ථුකා කාමාවචරාව ඡට්ඨා අවත්ථුකා වා සවත්ථුකා වා චතුභූමිකා.
වේදනා ස්කන්ධ නිර්දේශයෙහි එකවිටෙක එක් ආකාරයකින් ඵස්ස සම්පයුත්තොති ස්පර්ශයෙන් යුක්ත වූ සියළු චතුභූමක වේදනා සහේතුක දුකයෙහි සහේතුක චතුභූමක වේදනා අහේතුක කාමාවචර කුසලාදියෙන් කියන ලද වේදනා මේ උපායෙන් දතයුතුය. තවද මේ වේදනා ස්කන්ධය එක් ආකාරයකින් ස්පර්ශය හා යුක්තවූයේ යයි දක්වන ලදි. සහේතුක අහේතුක වශයෙන් දෙයාකාරයකින් ජාති වශයෙන් තුන් ආකාරයකින් අන්තර්භූමි වශයෙන් සතරාකාරයකින් ඉන්ද්රිය වශයෙන් පස් ආකාරයකින් වේ. එහි සුඛ දුක්ඛ ඉන්ද්රිය කාය ප්‍රසාද වස්තු කාමාවචරය. සොම්නස් ඉන්ද්රිය සවැනි වූ වස්තුව හෝ අවස්තුව හෝ ත්රෛභූමිකය. දොම්නස් ඉන්ද්රිය සවැනි වස්තුව හා අවස්තුවද සිව්භූමකය. වස්තු වශයෙන් සයාකාරකින් දක්වන ලදි. එහි පෙර පංච වේදනා පංච ප්‍රසාද වස්තු කාමාවචරය.
සත්තවිධෙන තත්ථ මනොසම්ඵස්සජා භෙදතො දස්සිතා, අට්ඨවිධෙන තත්ථ කායසම්ඵස්සජා භෙදතො, නවවිධෙන සත්තවිධභෙදෙ මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා භෙදතො, දසවිධෙන අට්ඨවිධභෙදෙ මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා භෙදතො. එතෙසු හි සත්තවිධභෙදෙ මනොසම්ඵස්සජා මනොධාතුසම්ඵස්සජා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජාති ද්විධා භින්නා. අට්ඨවිධභෙදෙ තාය සද්ධිං කායසම්ඵස්සජාපි සුඛා දුක්ඛාති ද්විධා භින්නා. නවවිධභෙදෙ සත්තවිධෙ වුත්තා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා කුසලාදිවසෙන තිධා භින්නා. දසවිධභෙදෙ අට්ඨවිධෙ වුත්තා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා කුසලාදිවසෙනෙව තිධා භින්නා.
එහි මනෝ සම්ඵස්සජ භේදයෙන් සත් ආකාරයකින් දක්වන ලදි. කාය සම්ඵස්සජ භේදයෙන් අට ආකාරයකින් දක්වන ලදි. සත්තවිධ භේදයෙහි මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සජ භේදයෙන් නව ආකාරයකින් දක්වන ලදි. අටවිධි භේදයෙහි මනෝ විඤ්ඤාණධාතු භේදයෙන් දස ආකාරයකින් දක්වන ලදි. මේ සප්තවිධ භේදයෙහි මනෝ සම්ඵස්සජා, මනෝධාතු සම්ඵස්සජා, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සජා යයි තුන් ආකාරයකින් බිඳුනේය. අෂ්ටවිධ භේදයෙහි ඒවා සමග කාය සම්ඵස්සජයද සැප දුක් වශයෙන් දෙයාකාරයකට බිඳුනේය. නවවිධ හා සප්තවිධ භේදයෙහි කියන ලද මනෝ විඤ්ඤාණධාතු ස්පර්ශයෙන් උපන් වේදනාව කුසලාදි වශයෙන් තුන් ආකාරයකට බිඳුනේය. දසවිධ අටවිධ භේදවල කියනලද මනෝ විඤ්ඤාණධාතු ස්පර්ශයෙන් උපන් වේදනාව කුසලාදී වශයෙන්ම තුන් ආකාරයකට බිඳුනේය.
කුසලත්තිකො චෙත්ථ කෙවලං පූරණත්ථමෙව වුත්තො. සත්තවිධඅට්ඨවිධනවවිධභෙදෙසු පන නයං දාතුං යුත්තට්ඨානෙ නයො දින්නො. අභිධම්මඤ්හි පත්වා තථාගතෙන නයං දාතුං යුත්තට්ඨානෙ නයො අදින්නො නාම නත්ථි. අයං තාව දුකමූලකෙ එකො වාරො.
මෙහි කුසලත්‍රිකය පූර්ණ අර්ථයෙන්ම කියන ලදි. හත අට නවය ආකාර බේදවල න්‍යාය දීමට සුදුසු තැන්වල න්‍යාය දෙන ලදි. අභිධර්මයට පැමිණි තථාගතයන් වහන්සේ න්‍යාය දියයුතු තැන්වල න්‍යාය නුදුන්නේ නොවෙති. මෙය දුක මූලයෙහි ඒකවාරයයි.
සත්ථා හි ඉමස්මිං අභිධම්මභාජනීයෙ වෙදනාක්ඛන්ධං භාජෙන්තො තිකෙ ගහෙත්වා දුකෙසු පක්ඛිපි, දුකෙ ගහෙත්වා තිකෙසු පක්ඛිපි, තිකෙ ච දුකෙ ච උභතොවඩ්ඪනනීහාරෙන ආහරි; සත්තවිධෙන, චතුවීසතිවිධෙන, තිංසවිධෙන, බහුවිධෙනාති සබ්බථාපි බහුවිධෙන වෙදනාක්ඛන්ධං දස්සෙසි. කස්මා? පුග්ගලජ්ඣාසයෙන චෙව දෙසනාවිලාසෙන ච. ධම්මං සොතුං නිසින්නදෙවපරිසාය හි යෙ දෙවපුත්තා තිකෙ ආදාය දුකෙසු පක්ඛිපිත්වා කථියමානං පටිවිජ්ඣිතුං සක්කොන්ති, තෙසං සප්පායවසෙන තථා කත්වා දෙසෙසි. යෙ ඉතරෙහි ආකාරෙහි කථියමානං පටිවිජ්ඣිතුං සක්කොන්ති, තෙසං තෙහාකාරෙහි දෙසෙසීති. අයමෙත්ථ ‘පුග්ගලජ්ඣාසයො’. සම්මාසම්බුද්ධො පන අත්තනො මහාවිසයතාය තිකෙ වා දුකෙසු පක්ඛිපිත්වා, දුකෙ වා තිකෙසු උභතොවඩ්ඪනෙන වා, සත්තවිධාදිනයෙන වා, යථා යථා ඉච්ඡති තථා තථා දෙසෙතුං සක්කොති. තස්මාපි ඉමෙහාකාරෙහි දෙසෙසීති අයමස්ස ‘දෙසනාවිලාසො’.
මේ අභිධර්ම භාජනීයෙහි වේදනා ස්කන්ධය බෙදන බුදුහු ත්‍රිකය ගෙන දුකයෙහි තැබූහ. දුකය ගෙන ත්‍රිකයෙහි තැබූහ. ත්රිකයෙහිද දුකයෙහිද දෙකම වැඩෙන ආකාරයෙන් ගෙනහැර දැක්වූහ. සත් ආකාරයකින් සූවිසි ආකාරයකින් තිස් ආකාරයකින් බොහෝ ආකාරයකින් යයි සියළුම ආකාරවලින් වේදනා ස්කන්ධය දෙසූහ. කුමක් හෙයින්ද? පුද්ගල අදහසින් හා දේශනා විලාසය වශයෙනි. ධර්මශ්රවණය කළ දෙව්පිරිසෙහි ඇතැම් දෙව්පුත් කෙනෙක් ත්‍රිකය ගෙන දුකයෙහි බහා කියන්නේ අවබෝධ කිරීමට හැකිවෙති. ඔවුන්ගේ සත්පාය වශයෙන් එසේ දෙසූහ. යමෙක් අනිත් ආකාරයෙන් කියනු ලබන්නේ අවබෝධ කිරීමට හැකිවෙති. ඔවුන්ට තුන් ආකාරයකින් දේශනා කළහ. මෙය මෙහි පුද්ගල අධ්‍යාශයෙනි. බුදුන් වහන්සේගේ මහා විෂයපථය නිසා ත්‍රිකය දුකෙහි බහා දුකය ත්‍රිකයෙහි බහා දෙකම වැඩීමෙන් හෝ සප්තවිධ නයින් හෝ යම්සේ කැමති වේද එසේ දේශනා කිරීමට හැකිවෙති. ඒ නිසා මේ ආකාරයෙන් දේශනා කරති. මෙය දේශනා විලාසයයි.
තත්ථ තිකෙ ආදාය දුකෙසු පක්ඛිපිත්වා දෙසිතවාරො දුකමූලකො නාම. දුකෙ ආදාය තිකෙසු පක්ඛිපිත්වා දෙසිතවාරො තිකමූලකො නාම. තිකෙ ච දුකෙ ච උභතො වඩ්ඪෙත්වා දෙසිතවාරො උභතොවඩ්ඪිතකො නාම. අවසානෙ සත්තවිධෙනාතිආදිවාරො බහුවිධවාරො නාමාති ඉමෙ තාව චත්තාරො මහාවාරා.
එහි ත්‍රිකය ගෙන දුකයෙහි බහා කළ දේසනාවාරය තිකමූලක නම් වේ. දුකය ගෙන තිකයෙහි බහා කළ දේසනාවාරය දුකමූලක නම් වේ. දුකයද තිකයද දෙකම වඩා කළ දේසනාවාරය උභතෝවර්ධිත නම් වේ. සප්තවිධාදිවාර බහුවිධවාර නම් වේ. මේ එතෙක් සතර මහා වාරයයි.
තත්ථ දුකමූලකෙ දුකෙසු ලබ්භමානෙන එකෙකෙන දුකෙන සද්ධිං තිකෙසු අලබ්භමානෙ වෙදනාත්තිකපීතිත්තිකසනිදස්සනත්තිකෙ අපනෙත්වා, සෙසෙ ලබ්භමානකෙ එකූනවීසති තිකෙ යොජෙත්වා, දුතියදුකපඨමත්තිකයොජනවාරාදීනි නවවාරසතානි පඤ්ඤාසඤ්ච වාරා හොන්ති. තෙ සබ්බෙපි පාළියං සංඛිපිත්වා තත්ථ තත්ථ දස්සෙතබ්බයුත්තකං දස්සෙත්වා වුත්තා. අසම්මුය්හන්තෙන පන විත්ථාරතො වෙදිතබ්බා.
එහි දුක මූලකයෙහි දුකයෙහි ලැබෙමින් එකිනෙක දුකය සමග තිකයෙහි නොලැබෙන වේදනා තික පීති තික සනිදස්සන තික ඉවත්කොට එකුන්විසි තිකයෙහි යොදා දෙවැනි දුක පළමුවැනි තික යෝජනා වාරාදිය නවසිය පනස්වාරයක් වේ. ඒ සියල්ල පෙළෙහි සංක්ෂේප කොට ඒ ඒ දැක්විය යුත්ත දක්වා කියන ලදි. මුළා නොවන්නහු විසින් විස්තර වශයෙන් දතයුතුය.
තිකමූලකෙපි තිකෙසු ලබ්භමානෙන එකෙකෙන තිකෙන සද්ධිං දුකෙසු අලබ්භමානෙ පඨමදුකාදයො දුකෙ අපනෙත්වා, සෙසෙ ලබ්භමානකෙ සහෙතුකදුකාදයො පඤ්ඤාස දුකෙ යොජෙත්වා, පඨමත්තිකදුතියදුකයොජනවාරාදීනි නවවාරසතානි පඤ්ඤාසඤ්ච වාරා හොන්ති. තෙපි සබ්බෙ පාළියං සඞ්ඛිපිත්වා තත්ථ තත්ථ දස්සෙතබ්බයුත්තකං දස්සෙත්වා වුත්තා. අසම්මුය්හන්තෙන පන විත්ථාරතො වෙදිතබ්බා.
තිකමූලකයෙහිද තිකයෙහි ලැබෙන එක එක තිකය සමග දුකයෙහි ලැබෙන පළමු දුකාදි දුක හැර සෙසු ලැබෙන සහේතුක දුකාදිය පනස් දුකයෙහි යොදා පළමු තික දෙවන දුක යෝජනා වාරාදිය වාර නවසිය පනහක් වේ. ඒ සියල්ල පෙලෙහි සංක්ෂේප කොට ඒ ඒ දැක්විය යුත්තෙහි දක්වා කියන ලදි. මුළා නොවන්නහු විසින් විස්තර වශයෙන් දතයුතුය.
උභතොවඩ්ඪිතකෙ දුවිධභෙදෙ දුතියදුකං තිවිධභෙදෙ ච පඨමතිකං ආදිං කත්වා ලබ්භමානෙහි එකූනවීසතියා දුකෙහි ලබ්භමානෙ එකූනවීසතිතිකෙ යොජෙත්වා දුතියදුකපඨමතිකයොජනවාරාදයො එකූනවීසතිවාරා වුත්තා. එස දුකතිකානං වසෙන උභතොවඩ්ඪිතත්තා උභතොවඩ්ඪිතකො නාම තතියො මහාවාරො.
උභය වර්ධනයෙහි ද්විධ භේදයෙහි දෙවන දුකයද ත්‍රිවිධ භේදයෙහි ද පළමු තික ආදිකොට ලැබෙන එකුන්විසි දුකින් ලැබෙන එකුන්විසි තිකයෙහි යොදා දුතිය දුක පඨම තික යෝජනාවාරාදිය එකුන්විසි වාරය කියන ලදි. මේ දුක තික වශයෙන් උභය වශයෙන් වර්ධනය කළ බැවින් උභය වර්ධිත නම් තුන්වන මහා වාරයයි.
බහුවිධවාරස්ස සත්තවිධනිද්දෙසෙ ආදිතො පට්ඨාය ලබ්භමානෙසු එකූනවීසතියා තිකෙසු එකෙකෙන සද්ධිං චතස්සො භූමියො යොජෙත්වා එකූනවීසති සත්තවිධවාරා වුත්තා. චතුවීසතිවිධනිද්දෙසෙපි තෙසංයෙව තිකානං වසෙන එකූනවීසතිවාරා වුත්තා. තථා බහුවිධවාරෙ චාති . තිංසවිධවාරො එකොයෙවාති සබ්බෙපි අට්ඨපඤ්ඤාස වාරා හොන්ති. අයං තාවෙත්ථ වාරපරිච්ඡෙදවසෙන පාළිවණ්ණනා.
බහුවිධ වාරයේ සප්තාකාර නිර්දේශයෙහි මුලපටන් ලැබෙන එකුන්විසි තිකයෙහි එක එක සමග සතර භූමියක් යොදා එකුන්විසි සප්තාකාර වාර කියන ලදි. සිව්විසිවන නිර්දේසයෙහිද ඒ තික වශයෙන්ම එකුන්විසි වාර කියන ලදි. බහුවිධ වාරයෙහිද එසේය. තිස් ආකාර වාරය එකමයයි සියල්ල අටපනස් වාරයක් වේ. මෙය මෙහි වාර වෙන්කිරීම් වශයෙන් පෙළ වර්ණනාවයි.
ඉදානි අත්ථවණ්ණනා හොති. තත්ථ සත්තවිධනිද්දෙසො තාව උත්තානත්ථොයෙව. චතුවීසතිවිධනිද්දෙසෙ චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි කුසලොති කාමාවචරඅට්ඨකුසලචිත්තවසෙන වෙදිතබ්බො. අත්ථි අකුසලොති ද්වාදසඅකුසලචිත්තවසෙන වෙදිතබ්බො. අත්ථි අබ්යාකතොති තිස්සො මනොධාතුයො, තිස්සො අහෙතුකමනොවිඤ්ඤාණධාතුයො, අට්ඨ මහාවිපාකානි, දස කාමාවචරකිරියාති චතුවීසතියා චිත්තානං වසෙන වෙදිතබ්බො.
දැන් අර්ථ වර්ණනා වේ. එහි සප්තවිධ නිද්දේසය සරලය. සූවිසිවිධ නිද්දේසයෙහි චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනා ස්කන්ධය - අත්ථි කුසලොති කාමාවචර කුසල් සිත් අට වශයෙන් දතයුතුය. අත්ථි අකුසලො අකුසල් සිත් දොලොස වශයෙන් දතයුතුය. අත්ථි අව්යාකතො මනෝධාතු තුන අහේතුක මනෝ විඤ්ඤාණධාතු තුන මහා විපාක සිත් අට කාමාවචර කිරිය සිත් දහය යයි සූවිසි සිත් වශයෙන් දතයුතුය.
තත්ථ අට්ඨ කුසලානි ද්වාදස අකුසලානි ච ජවනවසෙන ලබ්භන්ති. කිරියමනොධාතු ආවජ්ජනවසෙන ලබ්භති. ද්වෙ විපාකමනොධාතුයො සම්පටිච්ඡනවසෙන, තිස්සො විපාකමනොවිඤ්ඤාණධාතුයො සන්තීරණතදාරම්මණවසෙන, කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනවසෙන, අට්ඨ මහාවිපාකචිත්තානි තදාරම්මණවසෙන, නව කිරියචිත්තානි ජවනවසෙන ලබ්භන්ති. සොතඝානජිව්හාකායද්වාරෙසුපි එසෙව නයො.
එහි කුසල් අට අකුසල් දොලහ ද ජවන වශයෙන් ලැබේ. කිරිය මනෝධාතු ආවර්ජන වශයෙන් ලැබේ. මනෝධාතු විපාක දෙක පිළිගැනීම් වශයෙන් ලැබේ. මනෝ විඤ්ඤාණධාතු විපාක තුන සන්තීරණ තදාරම්මණ වශයෙන් ලැබේ. අහේතුක කිරිය මනෝ විඤ්ඤාණධාතු වොත්ථපන වශයෙන් ලැබේ. මහා විපාක සිත් අට තදාරම්මණ වශයෙන් ලැබේ. කිරිය සිත් නවය ජවන වශයෙන් ලැබේ. සෝත ඝාන ජිව්හා කාය ද්වාරවලද මෙම නයමයි.
මනොද්වාරෙ පන අත්ථි කුසලොති චතුභූමකකුසලවසෙන කථිතං, අත්ථි අකුසලොති ද්වාදසඅකුසලවසෙන. අත්ථි අබ්යාකතොති එකාදසන්නං කාමාවචරවිපාකානං, දසන්නං කිරියානං , නවන්නං රූපාවචරාරූපාවචරකිරියානං, චතුන්නං සාමඤ්ඤඵලානන්ති චතුත්තිංසචිත්තුප්පාදවසෙන කථිතං. තත්ථ චතුභූමකකුසලඤ්චෙව අකුසලඤ්ච ජවනවසෙන ලබ්භති. කිරියතො අහෙතුකමනොවිඤ්ඤාණධාතු ආවජ්ජනවසෙන, එකාදස විපාකචිත්තානි තදාරම්මණවසෙන, තෙභූමකකිරියා චෙව සාමඤ්ඤඵලානි ච ජවනවසෙනෙව ලබ්භන්ති. තානි සත්තවිධාදීසු යත්ථ කත්ථචි ඨත්වා කථෙතුං වට්ටන්ති. තිංසවිධෙ පන ඨත්වා දීපියමානානි සුඛදීපනානි හොන්තීති තිංසවිධස්මිංයෙව ඨත්වා දීපයිංසු.
මනෝ ද්වාරයෙහි වනාහි අත්ථි කුසලො චතුභූමක කුසල් වශයෙන් කියන ලදි. අත්ථි අකුසලො අකුසල් සිත් දොළහ වශයෙන් අත්ථි අව්යාකතො කාමාවචර විපාක සිත් එකොළහ කිරිය සිත් දහය රූපාවචර අරූපාවචර කිරිය සිත් නවය සාමඤ්ඤඵල සතර යයි සූතිස් චිත්තුප්පාද වශයෙන් කියන ලදි. එහි චතුභූමක කුසලද අකුසලද ජවන වශයෙන් ලැබේ. කිරියවලින් අහේතුක මනෝවිඤ්ඤාණධාතු ආවර්ජන වශයෙන් විපාක සිත් එකොළහ තදාරම්මණ වශයෙන් ත්‍රෛභූමක කිරියද සාමඤ්ඤඵලද (සෝවාන් ආදී) ජවන වශයෙන් ලැබේ. ඒ සප්තාකාරාදියෙහි යම්කිසි තැනක සිට කීමට වටී. තිස් ආකාරයෙහි සිට විස්තර කරන්නේ සුවසේ දැක්වීම වේයයි තිස් ආකාරයෙහි සිටම දැක්වූහ.
එතානි හි සබ්බානිපි චිත්තානි චක්ඛුද්වාරෙ උපනිස්සයකොටියා, සමතික්කමවසෙන, භාවනාවසෙනාති තීහාකාරෙහි ලබ්භන්ති. තථා සොතද්වාරමනොද්වාරෙසුපි. ඝානජිව්හාකායද්වාරෙසු පන සමතික්කමවසෙන, භාවනාවසෙනාති ද්වීහෙවාකාරෙහි ලබ්භන්තීති වෙදිතබ්බානි. කථං? ඉධ භික්ඛු විහාරචාරිකං චරමානො කසිණමණ්ඩලං දිස්වා ‘කිං නාමෙත’න්ති පුච්ඡිත්වා ‘කසිණමණ්ඩල’න්ති වුත්තෙ පුන ‘කිං ඉමිනා කරොන්තී’ති පුච්ඡති. අථස්ස ආචික්ඛන්ති – ‘එවං භාවෙත්වා ඣානානි උප්පාදෙත්වා, සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා, අරහත්තං පාපුණන්තී’ති. අජ්ඣාසයසම්පන්නො කුලපුත්තො ‘භාරියං එත’න්ති අසල්ලක්ඛෙත්වා ‘මයාපි එස ගුණො නිබ්බත්තෙතුං වට්ටති, න ඛො පන සක්කා එස නිපජ්ජිත්වා නිද්දායන්තෙන නිබ්බත්තෙතුං, ආදිතොව වීරියං කාතුං සීලං සොධෙතුං වට්ටතී’ති චින්තෙත්වා සීලං සොධෙති. තතො සීලෙ පතිට්ඨාය දස පලිබොධෙ උපච්ඡින්දිත්වා, තිචීවරපරමෙන සන්තොසෙන සන්තුට්ඨො, ආචරියුපජ්ඣායානං වත්තපටිවත්තං කත්වා, කම්මට්ඨානං උග්ගණ්හිත්වා, කසිණපරිකම්මං කත්වා, සමාපත්තියො උප්පාදෙත්වා, සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා, අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං චක්ඛුවිඤ්ඤාණං චතුභූමිකවෙදනානිබ්බත්තියා බලවපච්චයො හොතීති චතුභූමිකවෙදනා චක්ඛුසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං තාව ‘උපනිස්සයවසෙන’ ලබ්භන්ති.
මේ සියළුම සිත් චක්ෂුද්වාරයෙහි උපනිශ්‍රය කෙළවරින් සමතික්‍රම වශයෙන් භාවනා වශයෙන් තුන් ආකාරයකින් ලැබේ. සෝතද්වාර මනෝද්වාරයෙහිද එසේය. ඝාන ජිව්හා කාය ද්වාරවල සමතික්‍රමණ භාවනා වශයෙන් දෙආකාරයකින් ලැබේයයි දතයුතුය. මෙහි භික්ෂුව විහාර චාරිකාවේ යෙදෙන්නේ කසිණ මණ්ඩලය දැක මෙය කුමක්දැයි අසා කසිණ මණ්ඩලයයි කීකල්හි මෙයින් කුමක් කෙරේදැයි අසයි. ඉක්බිති ඔහුට මෙසේ කියයි. මෙය වඩා ධ්‍යාන උපදවා සමාපත්ති පදනම් කරගෙන විදර්ශනා වඩා රහත්බවට පැමිණිය හැකිය. ඊට අදහස් ඇති කුලපුත්‍රයා මෙය බැරෑරුම් කොට නොසලකා මා විසින්ද මෙබඳු ගුණ උපදවන්නට වටීයයි වැදහෙව නිදාගන්නාට මෙය නොහැකියයි මුලින් වීර්ය කරන්නේ සීලය පිරිසිදු කරන්නට වටී යයි සිතා සීලය පිරිසිදු කොට සීලයෙහි පිහිටා පළිබෝධ දහය අත්හැර තුන් සිවුරෙන් පමණක් සන්තෝෂයෙන් සතුටුව ආචාර්ය උපාධ්‍යායන්ගේ වත්පිළිවෙත් කොට කමටහන් උගෙන කසිණ පරිකර්මකොට සමාපත්ති උපදවා සමාපත්ති පදනම්කර විදර්ශනා වඩා රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර සහ අරූපාවචරය. මාර්ගඵල වේදනා ලෝකෝත්තරය. මෙසේ චක්ඛු විඤ්ඤාණය චතුභූමක වේදනා ඉපදවීමෙන් බලවත් ප්‍රත්‍ය උපනිශ්‍රය වශයෙන් ලැබේ.
චක්ඛුද්වාරෙ පන රූපෙ ආපාථගතෙ ‘ඉට්ඨෙ මෙ ආරම්මණෙ රාගො උප්පන්නො, අනිට්ඨෙ පටිඝො, අසමපෙක්ඛනාය මොහො, විනිබන්ධස්ස පන මෙ මානො උප්පන්නො, පරාමට්ඨස්ස දිට්ඨි, වික්ඛෙපගතස්ස උද්ධච්චං, අසන්නිට්ඨාගතස්ස විචිකිච්ඡා, ථාමගතස්ස අනුසයො උප්පන්නො’ති පරිග්ගහෙ ඨිතො කුලපුත්තො අත්තනො කිලෙසුප්පත්තිං ඤත්වා ‘ඉමෙ මෙ කිලෙසා වඩ්ඪමානා අනයබ්යසනාය සංවත්තිස්සන්ති, හන්ද නෙ නිග්ගණ්හාමී’ති චින්තෙත්වා ‘න ඛො පන සක්කා නිපජ්ජිත්වා නිද්දායන්තෙන කිලෙසෙ නිග්ගණ්හිතුං; ආදිතොව වීරියං කාතුං වට්ටති සීලං සොධෙතු’න්ති හෙට්ඨා වුත්තනයෙනෙව පටිපජ්ජිත්වා අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං රූපාරම්මණෙ උප්පන්නං කිලෙසං සමතික්කමිත්වා ගතාති චතුභූමිකවෙදනා චක්ඛුසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘සමතික්කමවසෙන’ ලබ්භන්ති.
චක්ඛු ද්වාරයට රූපය පැමිණි කල්හි ඉෂ්ට අරමුණෙහි රාගයද අනිෂ්ට අරමුණෙහි ද්වේෂයද විසමව බැලීමෙන් මෝහයද බැඳීමෙන් මානයද උපදී. සිතින් දැඩිසේ ගැනීමෙන් දෘෂ්ටියද වික්ෂේපයට පැමිණීමෙන් උද්ධච්චයද තීරණය නොකිරීමෙන් විචිකිච්ඡාවද වීර්යගතියේ අනුශයද උපදී. විමසීමේ සිටි කුලපුත්‍රයා තමාගේ කෙලෙස් උපන්බව දැන මගේ මේ කෙලෙසුන් වැඩෙන්නේ ව්‍යසනය පිණිස පවතින්නේය. එසේ නම් ඔවුන්ට නිග්‍රහ කරමි. වැතිරී නිදාගෙන කෙලෙසුන්ට නිග්‍රහ කළ නොහැකි යයි සිතා මුලින්ම වීර්ය කිරීම වටීයයි සීලය පිරිසිදු කළයුතුය යනාදී යට කී ආකාරයෙන් පිළිපැද රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර හා අරූපාවචරය. මාර්ගඵල වේදනා ලෝකෝත්තර යයි මෙසේ රූපාරම්මණයෙහි උපන් කෙලෙස් සමතික්‍රමණය කොට ගිය චතුභූමක වේදනා චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ සමතික්‍රමණය වශයෙන් ලැබේ.
චක්ඛුද්වාරෙ පන රූපෙ ආපාථගතෙ එකො එවං පරිග්ගහං පට්ඨපෙති – ‘ඉදං රූපං කිං නිස්සිත’න්ති? තතො නං ‘භූතනිස්සිත’න්ති ඤත්වා චත්තාරි මහාභූතානි උපාදාරූපඤ්ච රූපන්ති පරිග්ගණ්හාති, තදාරම්මණෙ ධම්මෙ අරූපන්ති පරිග්ගණ්හාති. තතො සප්පච්චයං නාමරූපං පරිගණ්හිත්වා තීණි ලක්ඛණානි ආරොපෙත්වා විපස්සනාපටිපාටියා සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං රූපාරම්මණං සම්මසිත්වා නිබ්බත්තිතාති අයං වෙදනා චක්ඛුසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘භාවනාවසෙන’ ලබ්භන්ති.
චක්ෂුද්වාරයෙහි රූපය ආපාථගත වූ විට කෙනෙක් මෙසේ විමසීම පිහිටුවති. මේ රූපය කුමක් නිශ්‍රය කෙරේද? ඉක්බිති එය භූත නිශ්රිත යයි දැන සතරමහා භූත දැඩි සේ ගත් රූපයද රූපය යයි පරීක්ෂා කරයි. තදාරම්මණ ධර්මයෙහි අරූපයයි පරීක්ෂා කරයි. ඉක්බිති රූපය ප්‍රත්‍ය සහිතයයි පරීක්ෂා කොට ත්රිලක්ෂණ නගා විදර්ශනා පිළිවෙලින් සංස්කාරයන් විමසා බලා රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර අරූපාවචරය. මාර්ගඵල වේදනා ලෝකෝත්තර යයි මෙසේ රූප අරමුණ විමසා නිපන්නේය යන මේ වේදනාව චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ භාවනා වශයෙන් ලැබේ.
අපරො භික්ඛු සුණාති – ‘කසිණපරිකම්මං කිර කත්වා සමාපත්තියො උප්පාදෙත්වා සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණන්තී’ති. අජ්ඣාසයසම්පන්නො කුලපුත්තො ‘භාරියං එත’න්ති අසල්ලක්ඛෙත්වා ‘මයාපි එස ගුණො නිබ්බත්තෙතුං වට්ටතී’ති පුරිමනයෙනෙව පටිපජ්ජිත්වා අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං සොතවිඤ්ඤාණං චතුභූමිකවෙදනා නිබ්බත්තියා බලවපච්චයො හොතීති චතුභූමිකවෙදනා සොතසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං තාව ‘උපනිස්සයවසෙන’ ලබ්භන්ති.
කසිණ පරිකර්ම කොට සමාපත්ති උපදවා සමවත් පදනමේ විදසුන් වඩා රහත්බවට පැමිණියේ යයි වෙනත් භික්ෂු නමක් අසයි. ඊට අදහස් ඇති කුලපුත්‍රයෙක් මෙය බැරෑරුම් යයි නොසලකා අප විසින්ද මෙබඳු ගුණ ඉපදවීම යටී යයි පෙරකී ක්‍රමයෙන් පිළිපැද රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර අරූපාවචරය. මාර්ගඵල ලෝකෝත්තර යයි [missing trans]
සොතද්වාරෙ පන සද්දෙ ආපාථගතෙති සබ්බං චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං සද්දාරම්මණෙ උප්පන්නං කිලෙසං සමතික්කමිත්වා ගතාති චතුභූමිකවෙදනා සොතසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘සමතික්කමවසෙන’ ලබ්භන්ති.
[missing trans] මෙසේ සෝත විඤ්ඤාණය චතුභූමක වේදනා නිපදවීමට බලවත් ප්‍රත්‍ය වේයයි චතුභූමක වේදනා සෝතසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ සමතික්‍රමණ වශයෙන් ලැබේ.
සොතද්වාරෙ පන සද්දෙ ආපාථගතෙ එකො එවං පරිග්ගහං පට්ඨපෙති – අයං සද්දො කිං නිස්සිතොති සබ්බං චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං සද්දාරම්මණං සම්මසිත්වා නිබ්බත්තිතාති අයං වෙදනා සොතසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘භාවනාවසෙන’ ලබ්භන්ති.
සෝතද්වාරයට ශබ්දය පැමිණි කල්හි කෙනෙක් මෙසේ විමසා බලති. මේ ශබ්දය කුමක් නිශ්‍රිතද? සියල්ල චක්ෂුද්වාරයේ කීලෙසින් දතයුතුය. මෙසේ ශබ්ද අරමුණ විමසා උපන් මෙම වේදනාව සෝතසම්ඵස්ස ප්‍රත්‍ය නම් විය. මෙසේ භාවනා වශයෙන් ලැබේ.
ඝානජිව්හාකායද්වාරෙසු පන ගන්ධාරම්මණාදීසු ආපාථගතෙසු ‘ඉට්ඨෙ මෙ ආරම්මණෙ රාගො උප්පන්නො’ති සබ්බං චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං ගන්ධාරම්මණාදීසු උප්පන්නං කිලෙසං සමතික්කමිත්වා ගතාති චතුභූමිකවෙදනා ඝානජිව්හාකායසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං තීසු ද්වාරෙසු ‘සමතික්කමවසෙන’ ලබ්භන්ති.
ඝාන ජිව්හා කාය ද්වාරවල ගන්ධාරම්මණාදිය පැමිණි කල්හි මට ඉෂ්ට වූ අරමුණෙහි රාගය උපන්නේ යයි සියල්ල චක්ෂුද්වාරයෙහි කී නයින් දතයුතුය. මෙසේ ගන්ධාරම්මණ ආදියෙහි උපන් කෙලෙස් සමතික්‍රමණය කොට ගියේ යයි චතුභූමික වේදනාව ඝාන ජිව්හා කාය සම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙය ද්වාරයෙහි සමතික්‍රමණ වශයෙන් ලැබේ.
ඝානද්වාරාදීසු පන ගන්ධාදීසු ආපාථගතෙසු එකො එවං පරිග්ගහං පට්ඨපෙති – ‘අයං ගන්ධො, අයං රසො, ඉදං ඵොට්ඨබ්බං කිං නිස්සිත’න්ති සබ්බං චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං ගන්ධාරම්මණාදීනි සම්මසිත්වා නිබ්බත්තිතාති අයං වෙදනා ඝානජිව්හාකායසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘භාවනාවසෙන’ ලබ්භන්ති.
ඝාන ද්වාරාදියෙහි ගන්ධාදිය පැමිණි කල්හි කෙනෙක් මෙසේ විමසා බලති. මේ ගන්ධය රසය ස්පර්ශය කුමක් නිශ්‍රිතද? සියල්ල චක්ෂුද්වාරයෙහි කී නයින් දතයුතුය. මෙසේ ගන්ධාදි අරමුණු විමසා නිපදුණු වේදනාව ඝාන ජිව්හා කාය සම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ භාවනා වශයෙන් ලැබේ.
මනොද්වාරෙ පන තීහිපි ආකාරෙහි ලබ්භන්ති. එකච්චො හි ජාතිං භයතො පස්සති, ජරං බ්යාධිං මරණං භයතො පස්සති, භයතො දිස්වා ‘ජාතිජරාබ්යාධිමරණෙහි මුච්චිතුං වට්ටති, න ඛො පන සක්කා නිපජ්ජිත්වා නිද්දායන්තෙන ජාතිආදීහි මුච්චිතුං, ආදිතොව වීරියං කාතුං සීලං සොධෙතුං වට්ටතී’ති චින්තෙත්වා චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව පටිපජ්ජිත්වා අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං ජාතිජරාබ්යාධිමරණං චතුභූමිකවෙදනානිබ්බත්තියා බලවපච්චයො හොතීති චතුභූමිකවෙදනා මනොසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං තාව ‘උපනිස්සයවසෙන’ ලබ්භන්ති.
මනෝද්වාරයෙහි වනාහි තුන් ආකාරයෙන්ම ලැබේ. ඇතමෙක් ජාතිය (ඉපදීම) බිය වශයෙන් දකිති. ජරාව ව්‍යාධිය මරණය බිය වශයෙන් දකිති. බිය වශයෙන් දැක ජාති ජරා ව්‍යාධි මරණවලින් මිදීම වටී යයි සිතා වැතිරී නිදාගෙන ජාති ආදියෙන් මිදීමට නොහැකි යයි මුලින් වීර්ය කොට සීලය පිරිසිදු කිරීම වටී යයි සිතා චක්ෂුද්වාරයෙහි කීනයින් පිළිපැද රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර අරූපාවචරය. මාර්ගඵල වේදනා ලෝකෝත්තරය. මෙසේ ජාති ජරා ව්‍යාධි මරණ චතුභූමික වේදනා නිපදවීමට බලවත් ප්‍රත්‍ය වේයයි චතුභූමික වේදනා මනෝසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ උපනිශ්‍රය වශයෙන් ලැබේ.
මනොද්වාරෙ පන ධම්මාරම්මණෙ ආපාථගතෙති සබ්බං චක්ඛුද්වාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං ධම්මාරම්මණෙ උප්පන්නං කිලෙසං සමතික්කමිත්වා ගතාති චතුභූමිකවෙදනා මනොසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘සමතික්කමවසෙන’ ලබ්භන්ති.
මනෝද්වාරයෙහි ධම්මාරම්මණය පැමිණිකල්හි සියල්ල චක්ෂුද්වාරයෙහි කී නයින් දතයුතුය. මෙසේ ධම්මාරම්මණයෙහි උපන් කෙලෙස් සමතික්‍රමණය කොට ගිය චතුභූමික වේදනා මනෝසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ සමතික්‍රමණ වශයෙන් ලැබේ.
මනොද්වාරෙ පන ධම්මාරම්මණෙ ආපාථගතෙ එකො එවං පරිග්ගහං පට්ඨපෙති – ‘එතං ධම්මාරම්මණං කිං නිස්සිත’න්ති? ‘වත්ථුනිස්සිත’න්ති. ‘වත්ථු කිං නිස්සිත’න්ති? ‘මහාභූතානි නිස්සිත’න්ති. සො චත්තාරි මහාභූතානි උපාදාරූපඤ්ච රූපන්ති පරිග්ගණ්හාති, තදාරම්මණෙ ධම්මෙ අරූපන්ති පරිග්ගණ්හාති. තතො සප්පච්චයං නාමරූපං පරිග්ගණ්හිත්වා තීණි ලක්ඛණානි ආරොපෙත්වා විපස්සනාපටිපාටියා සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තං පාපුණාති. තත්ථ සබ්බාපි පරිකම්මවෙදනා කාමාවචරා, අට්ඨසමාපත්තිවෙදනා රූපාවචරාරූපාවචරා, මග්ගඵලවෙදනා ලොකුත්තරාති එවං ධම්මාරම්මණං සම්මසිත්වා නිබ්බත්තිතාති අයං වෙදනා මනොසම්ඵස්සපච්චයා නාම ජාතා. එවං ‘භාවනාවසෙන’ ලබ්භන්ති. යා පනෙතා සබ්බෙසම්පි චතුවීසතිවිධාදීනං වාරානං පරියොසානෙසු චක්ඛුසම්ඵස්සජා වෙදනා…පෙ… මනොසම්ඵස්සජා වෙදනාති ඡ ඡ වෙදනා වුත්තා, තා සම්පයුත්තපච්චයවසෙන වුත්තාති.
මනෝද්වාරයෙහි ධම්මාරම්මණය පැමිණි කල්හි කෙනෙක් මෙසේ විමසති. මේ ධම්මාරම්මණය කුමක් නිශ්‍රිතද? වස්තු නිශ්‍රිතය. වස්තු කුමක් නිශ්‍රිතද? මහාභූත නිශ්රිත යයි සතරමහා භූත උපාදාය රූපයද රූපය යයි පරීක්ෂා කරති. තදාරම්මණ ධර්මයන් අරූපයයි පරීක්ෂා කරති. ඉක්බිතිව ප්‍රත්‍ය සහිත නාමරූප පරීක්ෂා කොට ත්රිලක්ෂණයට නගා විදසුන් පිළිවෙලින් සංස්කාරයන් විමසා බලා රහත්බවට පැමිණේ. එහි සියළු පරිකර්ම වේදනා කාමාවචරය. අෂ්ට සමාපත්ති වේදනා රූපාවචර අරූපාවචරය. මාර්ගඵල වේදනා ලෝකෝත්තරය. මෙසේ ධම්මාරම්මණ විමසා නිපන් මෙම වේදනාව මනෝසම්ඵස්ස ප්‍රත්‍ය නම් වේ. මෙසේ භාවනා වශයෙන් ලැබේ. මේ සියල්ල සූවිසි අයුරු වූ වාර අවසානයෙහි චක්ඛුසම්ඵස්සජ වේදනා මනෝසම්ඵස්සජ වේදනා යයි වේදනා සය සය කියන ලදි. ඒවා සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වශයෙන් කියන ලදි.
අයං වෙදනාක්ඛන්ධනිද්දෙසො.
වේදනා ස්කන්ධ නිර්දේශය
සඤ්ඤාක්ඛන්ධාදයොපි ඉමිනා උපායෙන වෙදිතබ්බා. කෙවලඤ්හි සඤ්ඤාක්ඛන්ධනිද්දෙසෙ තිකෙසු වෙදනාත්තිකපීතිත්තිකාපි ලබ්භන්ති, දුකෙසු ච සුඛසහගතදුකාදයොපි. සඞ්ඛාරක්ඛන්ධනිද්දෙසෙ ඵස්සස්සාපි සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නත්තා ඵස්සසම්පයුත්තොති අවත්වා චිත්තසම්පයුත්තොති වුත්තං. දුකෙසු චෙත්ථ හෙතුදුකාදයොපි ලබ්භන්ති. තිකා සඤ්ඤාක්ඛන්ධසදිසා එව . විඤ්ඤාණක්ඛන්ධනිද්දෙසෙ චක්ඛුසම්ඵස්සජාදිභාවං අවත්වා චක්ඛුවිඤ්ඤාණන්තිආදි වුත්තං. න හි සක්කා විඤ්ඤාණං මනොසම්ඵස්සජන්ති නිද්දිසිතුං. සෙසමෙත්ථ සඤ්ඤාක්ඛන්ධෙ වුත්තසදිසමෙව. ඉමෙසං පන තිණ්ණම්පි ඛන්ධානං නිද්දෙසෙයෙව වෙදනාක්ඛන්ධනිද්දෙසතො අතිරෙකතිකදුකා ලද්ධා. තෙසං වසෙන වාරප්පභෙදො වෙදිතබ්බොති.
සංඥා ස්කන්ධ ආදියද මෙම උපායෙන් දතයුතුය. සංඥාස්කන්‍ධ නිද්දේසයේ ත්‍රිකයෙහි වේදනා ත්‍රික ප්‍රීති ත්‍රික ද ලැබේ. දුකයෙහි සුඛ සහගත වූ දුක ආදියද සංඛාර ඛන්ධ නිද්දේසයේ ඵස්සයද සංඛාර ස්කන්ධයට ඇතුළත් බැවින් ඵස්ස සම්ප්‍රයුක්ත යයි නොකියා චිත්ත සම්ප්රයුක්තයයි කියන ලදි. මෙහි දුකයෙහිද හේතු දුක ආදිය ලැබේ. ත්‍රිකය සංඥා ස්කන්ධය හා සමානය. විඥාන ස්කන්ධ නිර්දේශයෙහි චක්ඛු සම්ඵස්සජාදිභාවය නොකියා චක්ඛුවිඤ්ඤාණ ආදිය කියන ලදි. විඤ්ඤාණය මනෝසම්ඵස්සජ යයි නිර්දේශ කිරීමට නොහැකිය. මෙහි සෙස්ස සංඥා ස්කන්ධයෙහි කියන ලද්ද හා සමාන වේමය. මේ ස්කන්ධ තුනේ නිද්දේසයෙහිම වේදනා ස්කන්ධ නිද්දේසයෙහි අතිරේක වූ තික දුක ලැබුනේය. ඔවුන්ගේ වශයෙන් වාර ප්‍රභේද දතයුතුය.
අභිධම්මභාජනීයවණ්ණනා.