යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකකථා අට‍්ඨකථා

පකිණ‍්ණකකථා

ප්‍රකීර්ණක කථා

ඉදානි පඤ‍්චසුපි ඛන්‍ධෙසු සමුග‍්ගමතො, පුබ‍්බාපරතො, අද‍්ධානපරිච‍්ඡෙදතො, එකුප‍්පාදනානානිරොධතො, නානුප‍්පාදඑකනිරොධතො, එකුප‍්පාදඑකනිරොධතො, නානුප‍්පාදනානානිරොධතො, අතීතානාගතපච‍්චුප‍්පන‍්නතො, අජ‍්ඣත‍්තිකබාහිරතො, ඔළාරිකසුඛුමතො, හීනපණීතතො, දූරසන‍්තිකතො, පච‍්චයතො, සමුට‍්ඨානතො, පරිනිප‍්ඵන‍්නතො, සඞ‍්ඛතතොති සොළසහාකාරෙහි පකිණ‍්ණකං වෙදිතබ‍්බං.

දැන් පඤ්චස්කන්‍ධයෙහි ප්‍රභවය වහයෙන් පෙරපර වශයෙන් මාර්ගය පිරිසිඳීමෙන් එකට ඉපදී නොයෙක් නිරුද්ධවීම් වශයෙන් නොයෙක් ඉපදීම් එකට නිරුද්ධවීම් වශයෙන් එකට ඉපදී එකට නිරුද්ධවීම් වශයෙන් වෙනම ඉපදී වෙනම නිරුද්ධවීම් වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් අධ්‍යාත්ම බාහිර වශයෙන් ඕලාරික සුඛුම වශයෙන් හීන ප්‍රණීත වශයෙන් දුර සමීප වශයෙන් ප්‍රත්‍ය හටගැනීම් වශයෙන් ඉපදීම් වශයෙන් සංඛත වශයෙන් දහසය ආකාරය වශයෙන් ප්‍රකීර්ණකය දතයුතුය.

තත්‍ථ දුවිධො සමුග‍්ගමො – ගබ‍්භසෙය්‍යකසමුග‍්ගමො, ඔපපාතිකසමුග‍්ගමොති. තත්‍ථ ගබ‍්භසෙය්‍යකසමුග‍්ගමො එවං වෙදිතබ‍්බො – ගබ‍්භසෙය්‍යකසත‍්තානඤ‍්හි පටිසන්‍ධික‍්ඛණෙ පඤ‍්චක‍්ඛන්‍ධා අපච‍්ඡාඅපුරෙ එකතො පාතුභවන‍්ති. තස‍්මිං ඛණෙ පාතුභූතා කලලසඞ‍්ඛාතා රූපසන‍්තති පරිත‍්තා හොති. ඛුද‍්දකමක‍්ඛිකාය එකවායාමෙන පාතබ‍්බමත‍්තාති වත්‍වා පුන ‘අතිබහුං එතං, සණ‍්හසූචියා තෙලෙ පක‍්ඛිපිත්‍වා උක‍්ඛිත‍්තාය පග‍්ඝරිත්‍වා අග‍්ගෙ ඨිතබින්‍දුමත‍්ත’න‍්ති වුත‍්තං. තම‍්පි පටික‍්ඛිපිත්‍වා ‘එකකෙසෙ තෙලතො උද‍්ධරිත්‍වා ගහිතෙ තස‍්ස පග‍්ඝරිත්‍වා අග‍්ගෙ ඨිතබින්‍දුමත‍්ත’න‍්ති වුත‍්තං. තම‍්පි පටික‍්ඛිපිත්‍වා ‘ඉමස‍්මිං ජනපදෙ මනුස‍්සානං කෙසෙ අට‍්ඨධා ඵාලිතෙ තතො එකකොට‍්ඨාසප‍්පමාණො උත‍්තරකුරුකානං කෙසො; තස‍්ස පසන‍්නතිලතෙලතො උද‍්ධටස‍්ස අග‍්ගෙ ඨිතබින්‍දුමත‍්ත’න‍්ති වුත‍්තං. තම‍්පි පටික‍්ඛිපිත්‍වා ‘එතං බහු, ජාතිඋණ‍්ණා නාම සුඛුමා; තස‍්සා එකඅංසුනො පසන‍්නතිලතෙලෙ පක‍්ඛිපිත්‍වා උද‍්ධටස‍්ස පග‍්ඝරිත්‍වා අග‍්ගෙ ඨිතබින්‍දුමත‍්ත’න‍්ති වුත‍්තං. තං පනෙතං අච‍්ඡං හොති විප‍්පසන‍්නං අනාවිලං පරිසුද‍්ධං පසන‍්නතිලතෙලබින්‍දුසමානවණ‍්ණං. වුත‍්තම‍්පි චෙතං –

එහි පහළවීම් දෙයාකාරය. මව්කුසින් හා ඕපපාතික වශයෙනි. එහි මව්ගැබින් ඉපදීම මෙසේ දතයුතුය. මව්කුසින් බිහිවන සත්ත්‍වයින්ගේ පිළිසිඳගත් ක්‍ෂණයෙහි පෙරපසු නොවී පඤ්චස්කන්‍ධය එකට පහළ වේ. ඒ ක්‍ෂණයෙහි පහළ වූ කළල සංඛ්‍යාත රූප පරම්පරාව ඉතා සියුම් ඉඳිකටුවක් තෙලෙහි බහා ඔසවනවිට වැගිරීඅග රැඳුනු බිංදුව පමණයයි කියන ලදි. එයද අත්හැර කෙස්ගසක් තෙලෙහි බහා ඔසවා වැගිරී අග පිහිටි බිංදු මාත්‍රයයි කියන ලදි. එයද හැර මේ ජනපදයේ මිනිසුන්ගේ කෙස්ගසක් අටට පළා එයින් එක් කොටසක් පමණක් උතුරුකුරු දිවයින් වැසියන්ගේ කෙස්ගසක් පමණ වේ. එය ප්‍රසන්න තෙලෙහි බහා එසවූ විට අග රැඳුණු බිංදු මාත්‍රායයි කියන ලදි. එයද හැරදමා සියළු ලෝමයෙන් අංශුවක් තලතෙලෙහි බහා ඔසවා වැගිරී අග රැඳුණු බිංදු මාත්‍රයයි කියන ලදි. එය ඉතා පිරිසිදුය. ප්‍රසන්නය. නොකැළඹුනේය. පිරිසිදු ප්‍රසන්න තලතෙල් බිඳුවල වර්ණයට සමානයයි කියන ලද්දේය.

තිලතෙලස‍්ස යථා බින්‍දු, සප‍්පිමණ‍්ඩො අනාවිලො; එවං වණ‍්ණපටිභාගං, කලලන‍්ති පවුච‍්චතීති.

තල තෙලෙහි බිඳු ලෙස - ගිතෙල් පිඬුවෙන් පිරිසිදු පාට මෙයයුරු වන - කලල යයි කියැවෙන්නේ

එවං පරිත‍්තාය රූපසන‍්තතියා තීණි සන‍්තතිසීසානි හොන‍්ති – වත්‍ථුදසකං, කායදසකං, ඉත්‍ථියා ඉත්‍ථින්‍ද්‍රියවසෙන පුරිසස‍්ස පුරිසින්‍ද්‍රියවසෙන භාවදසකන‍්ති. තත්‍ථ වත්‍ථුරූපං, තස‍්ස නිස‍්සයානි චත‍්තාරි මහාභූතානි, තංනිස‍්සිතා වණ‍්ණගන්‍ධරසොජා, ජීවිතන‍්ති – ඉදං වත්‍ථුදසකං නාම. කායපසාදො, තස‍්ස නිස‍්සයානි චත‍්තාරි මහාභූතානි, තන‍්නිස‍්සිතා වණ‍්ණගන්‍ධරසොජා, ජීවිතන‍්ති – ඉදං කායදසකං නාම. ඉත්‍ථියා ඉත්‍ථිභාවො, පුරිසස‍්ස පුරිසභාවො, තස‍්ස නිස‍්සයානි චත‍්තාරි මහාභූතානි, තන‍්නිස‍්සිතා වණ‍්ණගන්‍ධරසොජා, ජීවිතන‍්ති – ඉදං භාවදසකං නාම.

මෙසේ ඉතා අල්ප වූ රූප පරම්පරාවේ වස්තු දසකය කාය දසකය ස්ත්‍රියගේ ස්ත්‍රීඉන්‍ද්‍රිය පුරුෂයාගේ පුරුෂ ඉන්‍ද්‍රිය වශයෙන් භාව දසකයයි පරම්පරා ශීර්ෂ තුනක් වේ. එහි වස්තු රූපය එය ඇසුරුකරන මහාභූත සතර එය ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්‍ද්‍රිය යයි යන දසය වස්තු දසක වේ. කාය ප්‍රසාදය එය ඇසුරුකරන මහාභූත සතර එය ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්‍ද්‍රිය යන දහය කාය දසක වේ. ස්ත්‍රියගේ ස්ත්‍රීභාව ඉන්‍ද්‍රිය පුරුෂයාගේ පුරුෂභාව ඉන්‍ද්‍රිය එය ඇසුරු කරන මහාභූත සතර ඒවා ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්‍ද්‍රිය යන දහය භාවදසක නම් වේ.

එවං ගබ‍්භසෙය්‍යකානං පටිසන්‍ධියං උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන සමතිංස කම‍්මජරූපානි රූපක‍්ඛන්‍ධො නාම හොති. පටිසන්‍ධිචිත‍්තෙන පන සහජාතා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, පටිසන්‍ධිචිත‍්තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති. එවං ගබ‍්භසෙය්‍යකානං පටිසන්‍ධික‍්ඛණෙ පඤ‍්චක‍්ඛන්‍ධා පරිපුණ‍්ණා හොන‍්ති. සචෙ පන නපුංසකපටිසන්‍ධි හොති, භාවදසකං හායති. ද‍්වින‍්නං දසකානං වසෙන සමවීසති කම‍්මජරූපානි රූපක‍්ඛන්‍ධො නාම හොති. වෙදනාක‍්ඛන්‍ධාදයො වුත‍්තප‍්පකාරා එවාති. එවම‍්පි ගබ‍්භසෙය්‍යකානං පටිසන්‍ධික‍්ඛණෙ පඤ‍්චක‍්ඛන්‍ධා පරිපුණ‍්ණා හොන‍්ති.

මෙසේ මව්කුසින් උපදින්නවුන්ගේ ප්‍රතිසන්‍ධියෙහි උත්කෘෂ්ඨ වශයෙන් සමතිස් කර්මජ රූපයන් රූපස්කන්‍ධ නම් වේ. ප්‍රතිසන්‍ධි සිත සමග එකට උපන් වේදනාව වේදනාස්කන්‍ධ නම් වේ. සංඥාව සංඥාස්කන්‍ධ නම් වේ. සංස්කාරය සංස්කාරස්කන්‍ධ නම් වේ. විඥානය විඤ්ඤාණස්කන්‍ධය නම් වේ. මෙසේ මව්කුසින් බිහිවන්නවුන්ගේ ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධය සම්පූර්ණ වෙයි. නපුංසක ප්‍රතිසන්‍ධියක් වෙන්ම් භාවදසකය පිරිහේ. දසක දෙකක් වශයෙන් සමවිසි කර්මජරූප රූපස්කන්‍ධය නම් වේ. වේදනාදිය කියන ලද ආකාරයෙන්මය. මෙසේ මව්කුසින් බිහිවන්නහුගේ ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධය සම්පූර්ණ වේ.

ඉමස‍්මිං ඨානෙ තිසමුට‍්ඨානිකප‍්පවෙණී කථෙතබ‍්බා භවෙය්‍ය. තං පන අකථෙත්‍වා ‘ඔපපාතිකසමුග‍්ගමො’ නාම දස‍්සිතො. ඔපපාතිකානඤ‍්හි පරිපුණ‍්ණායතනානං පටිසන්‍ධික‍්ඛණෙ හෙට‍්ඨා වුත‍්තානි තීණි, චක‍්ඛුසොතඝානජිව‍්හාදසකානි චාති සත‍්ත රූපසන‍්තතිසීසානි පාතුභවන‍්ති. තත්‍ථ චක‍්ඛුදසකාදීනි කායදසකසදිසානෙව. නපුංසකස‍්ස පන භාවදසකං නත්‍ථි. එවං පරිපුණ‍්ණායතනානං ඔපපාතිකානං සමසත‍්තති චෙව සමසට‍්ඨි ච කම‍්මජරූපානි රූපක‍්ඛන්‍ධො නාම. වෙදනාක‍්ඛන්‍ධාදයො වුත‍්තප‍්පකාරා එවාති. එවං ඔපපාතිකානං පටිසන්‍ධික‍්ඛණෙ පඤ‍්චක‍්ඛන්‍ධා පරිපුණ‍්ණා හොන‍්ති. අයං ‘ඔපපාතිකසමුග‍්ගමො’ නාම. එවං තාව පඤ‍්චක‍්ඛන්‍ධා ‘සමුග‍්ගමතො’ වෙදිතබ‍්බා.

මේ ස්ථානයේ සුදුසු සේ සම්බන්ධ ඇති ගැලපීම් තුන්ආකාර හටගැන්ම කිවයුතු වන්නේය. එය නොකියා ඕපපාතික හටගැන්ම දක්වන ලදි. පිරිපුන් ආයතන ඇතිව ඕපපාතිකව උපදින්නවුන්ගේ යටකියන ලද දසක තුන සහ චක්ඛු ශෝත ඝාන ජිව්හා දසකද සමග රූප පරම්පරා හතක් පහළ වේ. එහි වත්‍ථු දශක ආදිය කාය දශකය හා සමානය. නපුංසකයින්ට භාවදසකය නැත. මෙසේ පිරිපුන් ආයතන ඇති ඕපපාතිකයන්ට හැත්තෑවක් හෝ හැටක් වූ කර්මජරූප රූපස්කන්‍ධය නම් වේ. වේදනාස්කන්‍ධය ආදිය කියන ලද ආකාරයෙනි. ඕපපාතිකයන්ගේ ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධය සම්පූර්ණ වේ. මේ ඔපපාතික පහළවීම නම් වේ. මෙසේ මෙපමණකින් පඤ්චස්කන්‍ධ පහළවීම දතයුතුය.

‘පුබ‍්බාපරතො’ති එවං පන ගබ‍්භසෙය්‍යකානං අපච‍්ඡාඅපුරෙ උප‍්පන‍්නෙසු පඤ‍්චසු ඛන්‍ධෙසු කිං රූපං පඨමං රූපං සමුට‍්ඨාපෙති උදාහු අරූපන‍්ති? රූපං රූපමෙව සමුට‍්ඨාපෙති, න අරූපං. කස‍්මා? පටිසන්‍ධිචිත‍්තස‍්ස න රූපජනකත‍්තා. සබ‍්බසත‍්තානඤ‍්හි පටිසන්‍ධිචිත‍්තං, ඛීණාසවස‍්ස චුතිචිත‍්තං, ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණානි, චත‍්තාරි අරූප‍්පවිපාකානීති සොළස චිත‍්තානි රූපං න සමුට‍්ඨාපෙන‍්ති. තත්‍ථ පටිසන්‍ධිචිත‍්තං තාව වත්‍ථුනො දුබ‍්බලතාය අප‍්පතිට‍්ඨිතතාය පච‍්චයවෙකල‍්ලතාය ආගන‍්තුකතාය ච රූපං න සමුට‍්ඨාපෙති. තත්‍ථ හි සහජාතං වත්‍ථු උප‍්පාදක‍්ඛණෙ දුබ‍්බලං හොතීති වත්‍ථුනො දුබ‍්බලතාය රූපං න සමුට‍්ඨාපෙති. යථා ච පපාතෙ පතන‍්තො පුරිසො අඤ‍්ඤස‍්ස නිස‍්සයො භවිතුං න සක‍්කොති, එවං එතම‍්පි කම‍්මවෙගක‍්ඛිත‍්තත‍්තා පපාතෙ පතමානං විය අප‍්පතිට‍්ඨිතං. ඉති කම‍්මවෙගක‍්ඛිත‍්තත‍්තා, අප‍්පතිට‍්ඨිතතායපි රූපං න සමුට‍්ඨාපෙති.

පුබ්බාපරතො මෙසේ මව්කුසින් බිහිවන අයගේ පෙරපසු නොවී පඤ්චස්කන්‍ධය පහළවන කල්හි කුමන රූපයක් පළමුවන රූපය වශයෙන් හටගනීද නැතහොත් අරූපවේද? රූපය රූපයෙන්ම හටගනියි. අරූප නොවේ. කුමක් හෙයින්ද? පටිසන්‍ධි සිතට රූප ඉපදවිය නොහැක. සියළු සතුන්ගේ ප්‍රතිසන්‍ධි සිත, ක්‍ෂීණාශ්‍රවයාගේ චුති සිත, දෙපස් විඤ්ඤාණය, සතර ආරුප්ප විපාක සොළොස් සිත් රූප නූපදවයි. එහි පටිසන්‍ධි සිත එපමණකින් වස්තුවල දුර්වල බැවින් නොපිහිටි බැවින් ප්‍රත්‍ය අඩු බැවින්ද ආගන්තුක බැවින්ද රූප නූපදවයි. එහි සහජාත වස්තු උපදින ක්‍ෂණයෙහි දුබල වේයයි වස්තුවල දුබල බැවින් රූප නූපදවයි. පර්වතයෙන් වැටෙන මිනිසෙකුට වෙන කෙනෙකුට පිහිටවීමට නොහැකි වන්නා සේ මෙයද කර්මජ වේගයෙන් දවන ලද බැවින් පර්වතයෙන් වැටෙන්නාක් මෙන් පිහිටක් නැත.

පටිසන්‍ධිචිත‍්තඤ‍්ච වත්‍ථුනා සද‍්ධිං අපච‍්ඡාඅපුරෙ උප‍්පන‍්නං. තස‍්ස වත්‍ථු පුරෙජාතං හුත්‍වා පච‍්චයො භවිතුං න සක‍්කොති. සචෙ සක‍්කුණෙය්‍ය, රූපං සමුට‍්ඨාපෙය්‍ය. යත්‍රාපි වත්‍ථු පුරෙජාතං හුත්‍වා පච‍්චයො භවිතුං සක‍්කොති, පවෙණී ඝටියති, තත්‍රාපි චිත‍්තං අඞ‍්ගතො අපරිහීනංයෙව රූපං සමුට‍්ඨාපෙති. යදි හි චිත‍්තං ඨානක‍්ඛණෙ වා භඞ‍්ගක‍්ඛණෙ වා රූපං සමුට‍්ඨාපෙය්‍ය, පටිසන්‍ධිචිත‍්තම‍්පි රූපං සමුට‍්ඨාපෙය්‍ය. න පන චිත‍්තං තස‍්මිං ඛණද‍්වයෙ රූපං සමුට‍්ඨාපෙති. යථා පන අහිච‍්ඡත‍්තකමකුලං පථවිතො උට‍්ඨහන‍්තං පංසුචුණ‍්ණං ගහෙත්‍වාව උට‍්ඨහති, එවං චිත‍්තං පුරෙජාතං වත්‍ථුං නිස‍්සාය උප‍්පාදක‍්ඛණෙ අට‍්ඨ රූපානි ගහෙත්‍වාව උට‍්ඨහති. පටිසන්‍ධික‍්ඛණෙ ච වත්‍ථු පුරෙජාතං හුත්‍වා පච‍්චයො භවිතුං න සක‍්කොතීති පච‍්චයවෙකල‍්ලතායපි පටිසන්‍ධිචිත‍්තං රූපං න සමුට‍්ඨාපෙති.

මෙසේ කර්මවේගයෙන් දවන ලද බැවින් පිහිටක් නැති නිසා රූප නූපදවයි. පටිසන්ධි සිතද වස්තුව සමග පෙරපසු නොවී ඉපදී ඒ වස්තුවට පෙර ඉපදී ප්‍රත්‍යවීමට හැකි නොවේ. එසේ හැකිවන්නේ නම් රූප උපදවන්නේය. යම්සේ වස්තු පෙර ඉපදී ප්‍රත්‍යවීමට හැකිනම් එවිට ප්‍රවේණිය හා ගැටෙයි. එහිද සිත අංග වශයෙන් නොපිරිහීම රූප උපදවයි. සිත ස්ථිති ක්‍ෂණයෙහි හෝ භංග ක්‍ෂණයෙහි රූප උපදවන්නේ නම් පටිසන්‍ධි සිතද රූප උපදවන්නේය. සිත ඒ ක්‍ෂණ දෙකෙහි රූප උපදවන්නේ නැත. යම් සේ නයි හතු මොට්ටුව පොළොවෙන් නැගෙන්නේ පස් ටිකක් ගෙන නැගෙයි. මෙසේ සිත පෙර හටගත් වස්තු නිසා උත්පාද ක්‍ෂණයෙහි අටරූපයක් ගෙන නැගෙයි. පටිසන්‍ධි චිත්ත ක්‍ෂණයෙහිම වස්තු පෙර ඇතිවී ප්‍රත්‍ය වීමට නොහැකි වේ. ප්‍රත්‍ය අඩු බැවින් පටිසන්‍ධි සිත රූප නූපදවයි.

යථා ච ආගන‍්තුකපුරිසො අගතපුබ‍්බං පදෙසං ගතො අඤ‍්ඤෙසං – ‘එථ භො, අන‍්තොගාමෙ වො අන‍්නපානගන්‍ධමාලාදීනි දස‍්සාමී’ති වත‍්තුං න සක‍්කොති, අත‍්තනො අවිසයතාය අප‍්පහුතතාය, එවමෙව පටිසන්‍ධිචිත‍්තං ආගන‍්තුකන‍්ති අත‍්තනො ආගන‍්තුකතායපි රූපං න සමුට‍්ඨාපෙති. අපිච සමතිංස කම‍්මජරූපානි චිත‍්තසමුට‍්ඨානරූපානං ඨානං ගහෙත්‍වා ඨිතානීතිපි පටිසන්‍ධිචිත‍්තං රූපං න සමුට‍්ඨාපෙති.

ආගන්තුක පුරුෂයෙක් නොගිය දිසාවකට ගොස් අන්‍යයන්ට තොපගේ ඇතුළු ගමේ ආහාරපාන මල්ගඳ ආදිය දක්වන්නෙමි යයි කියන්නට නොහැකි වේද? තමාගේ විෂයය නොවන නිසා පළපුරුදු නොවන නිසා එසේ වෙයි. පටිසන්‍ධි සිතද එසේ ආගන්තුක නිසා තමාගේ ආගන්තුක බැවින් රූප නූපදවයි. තවද සමතිස් කර්මජ රූප චිත්ත සමුට්ඨාන රූපයන්ගේ තැනගෙන සිටීයයි පටිසන්‍ධි සිත රූප නූපදවයි.

ඛීණාසවස‍්ස පන චුතිචිත‍්තං වට‍්ටමූලස‍්ස වූපසන‍්තත‍්තා න සමුට‍්ඨාපෙති. තස‍්ස හි සබ‍්බභවෙසු වට‍්ටමූලං වූපසන‍්තං අභබ‍්බුප‍්පත‍්තිකං පුනබ‍්භවෙ පවෙණී නාම නත්‍ථි. සොතාපන‍්නස‍්ස පන සත‍්ත භවෙ ඨපෙත්‍වා අට‍්ඨමෙව වට‍්ටමූලං වූපසන‍්තං. තස‍්මා තස‍්ස චුතිචිත‍්තං සත‍්තසු භවෙසු රූපං සමුට‍්ඨාපෙති , සකදාගාමිනො ද‍්වීසු, අනාගාමිනො එකස‍්මිං. ඛීණාසවස‍්ස සබ‍්බභවෙසු වට‍්ටමූලස‍්ස වූපසන‍්තත‍්තා නෙව සමුට‍්ඨාපෙති.

ක්‍ෂීණාශ්‍රවයාගේ චුති සිත සසර හේතු නැති කළ නිසා රූප නූපදවයි. උන්වහන්සේ වනාහි සියළු භවවල සසර මුල් ව්‍යපසමනය කළ නිසා ඉපදීමට භව්‍ය නොවන බැවින් පුනර්භවයෙහි ප්‍රවේණියක් නැත. සෝවාන් පුද්ගලයාගේ භව සතක් හැර අටවන භවයෙහි සසර මුල් සංසිඳේ. ඒ නිසා ඔහුගේ චුතිසිත භව හතක රූප උපදවයි. සකෘදාගාමී පුද්ගලයාගේ භව දෙකකි. අනාගාමි පුද්ගලයාගේ එක භවයකි. රහතන් වහන්සේගේ සියළු භවවල සසරමුල් සංසිඳී ඇති නිසා චුති සිත රූප නොඋපදවයි.

ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණෙසු පන ඣානඞ‍්ගං නත්‍ථි, මග‍්ගඞ‍්ගං නත්‍ථි, හෙතු නත්‍ථීති චිත‍්තඞ‍්ගං දුබ‍්බලං හොතීති චිත‍්තඞ‍්ගදුබ‍්බලතාය තානි රූපං න සමුට‍්ඨාපෙන‍්ති. චත‍්තාරි අරූපවිපාකානි තස‍්මිං භවෙ රූපස‍්ස නත්‍ථිතාය රූපං න සමුට‍්ඨාපෙන‍්ති. න කෙවලඤ‍්ච තානෙව, යානි අඤ‍්ඤානිපි තස‍්මිං භවෙ අට‍්ඨ කාමාවචරකුසලානි, දස අකුසලානි, නව කිරියචිත‍්තානි, චත‍්තාරි ආරුප‍්පකුසලානි, චතස‍්සො ආරුප‍්පකිරියා, තීණි මග‍්ගචිත‍්තානි, චත‍්තාරි ඵලචිත‍්තානීති ද‍්වෙචත‍්තාලීස චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති, තානිපි තත්‍ථ රූපස‍්ස නත්‍ථිතාය එව රූපං න සමුට‍්ඨාපෙන‍්ති. එවං පටිසන්‍ධිචිත‍්තං රූපං න සමුට‍්ඨාපෙති.

දෙපස් විඥානයෙහි ධ්‍යානාංග නැත. මාර්ගාංග නැත. හේතු නැත. සිතේ අංග නැතැයි දුබල වන නිසා රූප නොඋපදවයි. අරූප විපාක සතර ඒ භවයෙහි රූප නැති බැවින් රූප නූපදවයි. එපමණක් නොව ඒ භවයෙහි වෙනත් කාමාවචර කුසල් අට අකුසල දහය කිරිය සිත් නවය අරූප කුසල් හතර අරූප කිරිය සිත් හතර මාර්ග සිත් තුන ඵල සිත් හතර යන දෙසාලිස් සිත් උපදියිද, එහි රූප නැති බැවින් ඒවාද රූප නූපදවයි. පටිසන්‍ධි සිත මෙසේ රූප නූපදවයි.

උතු පන පඨමං රූපං සමුට‍්ඨාපෙති. කො එස උතු නාමාති? පටිසන්‍ධික‍්ඛණෙ උප‍්පන‍්නානං සමතිංසකම‍්මජරූපානං අබ‍්භන‍්තරා තෙජොධාතු. සා ඨානං පත්‍වා අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති. උතු නාම චෙස දන්‍ධනිරොධො; චිත‍්තං ඛිප‍්පනිරොධං. තස‍්මිං ධරන‍්තෙයෙව සොළස චිත‍්තානි උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති. තෙසු පටිසන්‍ධිඅනන‍්තරං පඨමභවඞ‍්ගචිත‍්තං උප‍්පාදක‍්ඛණෙයෙව අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති. යදා පන සද‍්දස‍්ස උප‍්පත‍්තිකාලො භවිස‍්සති, තදා උතුචිත‍්තානි සද‍්දනවකං නාම සමුට‍්ඨාපෙස‍්සන‍්ති. කබළීකාරාහාරොපි ඨානං පත්‍වා අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති. කුතො පනස‍්ස කබළීකාරාහාරොති? මාතිතො. වුත‍්තම‍්පි චෙතං –

සෘතුව වනාහි පළමුවන රූපය උපදවයි. සෘතු යනු කුමක්ද? ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි උපන් සමතිස් කර්මජ රූප අභ්‍යන්තරයෝ තේජෝ ධාතුවයි. එය එතනට පැමිණ රූප උපදවයි. උතු නම් මෙය පමාවී නිරුද්ධ වෙයි. සිත වහා නිරුද්ධ වේ. සෘතු රූපය පවතින විටම සොළොස් සිත් ඉපිද නිරුද්ධ වේ. ඒවා අතර පටිසන්‍ධියට අනතුරුව පළමුවන භවංග සිත උපදින කෙනෙහි රූප අට උපදවයි. ශබ්දයේ උත්පත්ති කාලයේදීම උතුසිත් ශබ්ද නවකය උපදවන්නේය. කබලිංකාර ආහාරය ද ස්ථානගතව රූප අට උපදවයි. මේ කියන ලදි.

“යඤ‍්චස‍්ස භුඤ‍්ජතී මාතා, අන‍්නං පානඤ‍්ච භොජනං; තෙන සො තත්‍ථ යාපෙති, මාතුකුච‍්ඡිගතො නරො”ති. (සං· නි· 1.235);

මව වළඳන දෙයක් - අහරක් පැනක් බොදුනක් එයින් ඔහු යැපෙතැයි - මව්කුස වන් ගඳඹයා

එවං කුච‍්ඡිගතො දාරකො මාතරා අජ‍්ඣොහටඅන‍්නපානඔජාය යාපෙති. සාව ඨානප‍්පත‍්තා අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති. නනු ච සා ඔජා ඛරා? වත්‍ථු සුඛුමං? කථං තත්‍ථ පතිට‍්ඨාතීති? පඨමං තාව න පතිට‍්ඨාති; එකස‍්ස වා ද‍්වින‍්නං වා සත‍්තාහානං ගතකාලෙ පතිට‍්ඨාති. තතො පන පුරෙ වා පතිට‍්ඨාතු පච‍්ඡා වා; යදා මාතරා අජ‍්ඣොහටඅන‍්නපානඔජා දාරකස‍්ස සරීරෙ පතිට‍්ඨාති, තදා අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති.

මෙසේ කුසට ගිය දරුවා මව විසින් ගිලින ලද ආහාරපාන ඕජාවෙන් යැපේ. එයද ස්ථානයට පැමිණ රූප අට උපදවයි. එම ඕජාව කර්කශ නොවේද වස්තු සියුම්ද එහි කෙසේ පිහිටයිද පළමුව ඒතාක් නොපිහිටයි. පළමු දෙවන හෝ සත්වන දවසක කාලයේදී පිහිටයි. එයින් පෙර හෝ පසුව හෝ පිහිටයි. යම් වේලාවක මව ගිලින ලද ආහාරපාන ඕජාව දරුවාගේ ශරීරයෙහි පිහිටයිද ඒ වේලාවේ රූප අට උපදියි.

ඔපපාතිකස‍්සාපි පකතිපටියත‍්තානං ඛාදනීයභොජනීයානං අත්‍ථිට‍්ඨානෙ නිබ‍්බත‍්තස‍්ස තානි ගහෙත්‍වා අජ‍්ඣොහරතො ඨානප‍්පත‍්තා ඔජා රූපං සමුට‍්ඨාපෙති. එකො අන‍්නපානරහිතෙ අරඤ‍්ඤෙ නිබ‍්බත‍්තති, මහාඡාතකො හොති, අත‍්තනොව ජිව‍්හාය ඛෙළං පරිවත‍්තෙත්‍වා ගිලති. තත්‍රාපිස‍්ස ඨානප‍්පත‍්තා ඔජා රූපං සමුට‍්ඨාපෙති.

ඕපපාතිකයන් ප්‍රකෘතියෙන් පිළියෙල කළ කෑම් බීම් ඇති තැනක උපදින නිසා ඒවා ගෙන ගිලීමෙන් ස්ථානයට පැමිණි ඕජා රූපය රූප උපදවයි. යමෙක් ආහාරපාන නැති කාලයක උපදියිද මහා බඩගිනිකාරයෙක් වේ. තමාගේ දිවෙන් කෙල පෙරලා ගිලියි. එහිද ස්ථානගත ඕජාව රූප උපදවයි.

එවං පඤ‍්චවීසතියා කොට‍්ඨාසෙසු ද‍්වෙව රූපානි රූපං සමුට‍්ඨාපෙන‍්ති – තෙජොධාතු ච කබළීකාරාහාරො ච. අරූපෙපි ද‍්වෙයෙව ධම‍්මා රූපං සමුට‍්ඨාපෙන‍්ති – චිත‍්තඤ‍්චෙව කම‍්මචෙතනා ච. තත්‍ථ රූපං උප‍්පාදක‍්ඛණෙ ච භඞ‍්ගක‍්ඛණෙ ච දුබ‍්බලං, ඨානක‍්ඛණෙ බලවන‍්ති ඨානක‍්ඛණෙ රූපං සමුට‍්ඨාපෙති. චිත‍්තං ඨානක‍්ඛණෙ ච භඞ‍්ගක‍්ඛණෙ ච දුබ‍්බලං, උප‍්පාදක‍්ඛණෙයෙව බලවන‍්ති උප‍්පාදක‍්ඛණෙයෙව රූපං සමුට‍්ඨාපෙති. කම‍්මචෙතනා නිරුද‍්ධාව පච‍්චයො හොති. අතීතෙ කප‍්පකොටිසතසහස‍්සමත්‍ථකෙපි හි ආයූහිතං කම‍්මං එතරහි පච‍්චයො හොති. එතරහි ආයූහිතං අනාගතෙ කප‍්පකොටිසතසහස‍්සපරියොසානෙපි පච‍්චයො හොතීති. එවං ‘පුබ‍්බාපරතො’ වෙදිතබ‍්බා.

මෙසේ පස්විසි කොට්ඨාසවල රූප රූප උපදවයි. තේජෝ ධාතුවද කබලිංකාරාහාරයද. අරූපයෙහිද සිත සහ චේතනා යන ධර්ම දෙකින් රූප උපදවයි. එහි උත්පාද භංග ක්‍ෂණවල රූප දුබලය. ස්ථිති ක්‍ෂණයෙහි බලවත් වේ. ස්ථිති ක්‍ෂණයෙහි රූප උපදවයි. කර්ම චේතනා නිරුද්ධ වීමෙන්ද ප්‍රත්‍ය වේ. අතීතයෙහි කල්පකෝටි ලක්‍ෂයක් එහා රැස්කරන ලද කර්ම දැන් ප්‍රත්‍ය වේ. දැන් රැස්කරන කර්ම අනාගතයෙහි කල්පකෝටි ලක්‍ෂයක් අවසානයේද ප්‍රත්‍ය වේ. පුබ්බඅපර වශයෙන් මෙසේ දත යුතුයි.

‘අද‍්ධානපරිච‍්ඡෙදතො’ති රූපං කිත‍්තකං අද‍්ධානං තිට‍්ඨති? අරූපං කිත‍්තකන‍්ති? රූපං ගරුපරිණාමං දන්‍ධනිරොධං. අරූපං ලහුපරිණාමං ඛිප‍්පනිරොධං. රූපෙ ධරන‍්තෙයෙව සොළස චිත‍්තානි උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති. තං පන සත‍්තරසමෙන චිත‍්තෙන සද‍්ධිං නිරුජ‍්ඣති. යථා හි පුරිසො ‘ඵලං පාතෙස‍්සාමී’ති මුග‍්ගරෙන රුක‍්ඛසාඛං පහරෙය්‍ය, ඵලානි ච පත‍්තානි ච එකක‍්ඛණෙයෙව වණ‍්ටතො මුච‍්චෙය්‍යුං. තත්‍ථ ඵලානි අත‍්තනො භාරිකතාය පඨමතරං පථවියං පතන‍්ති, පත‍්තානි ලහුකතාය පච‍්ඡා. එවමෙව මුග‍්ගරප‍්පහාරෙන පත‍්තානඤ‍්ච ඵලානඤ‍්ච එකක‍්ඛණෙ වණ‍්ටතො මුත‍්තකාලො විය පටිසන්‍ධික‍්ඛණෙ රූපාරූපධම‍්මානං එකක‍්ඛණෙ පාතුභාවො; ඵලානං භාරිකතාය පඨමතරං පථවියං පතනං විය රූපෙ ධරන‍්තෙයෙව සොළසන‍්නං චිත‍්තානං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣනං; පත‍්තානං ලහුකතාය පච‍්ඡා පථවියං පතනං විය රූපස‍්ස සත‍්තරසමෙන චිත‍්තෙන සහ නිරුජ‍්ඣනං.

කාලය පිරිසිඳීමෙහි රූපය කොපමණ වේලාවක් තිබේද? අරූපය කොපමණද? ගරු පරිණාම වූ රූපය සෙමින් නිරුද්ධ වේ. අරූපය වහා පරිණාම වේ. රූපය පවතිනවිටම සොළොස් සිත් ඉපිද නැතිවෙයි. රූපය දහහත්වෙනි සිතත් සමග නිරුද්ධ වේ. මිනිසෙක් ගෙඩි කඩා කන්නෙමියි පොල්ලකින් ගසක අත්තකට ගසයිද ගෙඩි සහ කොළ එකවිට නැට්ටෙන් මිදී ගෙඩි බර නිසා පළමුව පොළවට වැටේ. මෙසේ පොලු පහරින් ගෙඩිද කොළද එකවර නැට්ටෙන් මිදෙන සේ ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි රූපාරූප ධර්ම එකවර පහළ වේ. ගෙඩි බර බැවින් පළමුව පොළවට වැටෙන්නාක් මෙන් රූපය පවතිනවිටම සොළොස් සිත් ඉපිද නැතිවෙයි. කොළවල ලුහුබව නිසා පසුව පොළවට වැටෙන්නාක් මෙන් රූපය දාහත්වෙනි සිත සමග නිරුද්ධ වේ.

තත්‍ථ කිඤ‍්චාපි රූපං දන්‍ධනිරොධං ගරුපරිණාමං, චිත‍්තං ඛිප‍්පනිරොධං ලහුපරිණාමං, රූපං පන අරූපං අරූපං වා රූපං ඔහාය පවත‍්තිතුං න සක‍්කොන‍්ති. ද‍්වින‍්නම‍්පි එකප‍්පමාණාව පවත‍්ති. තත්‍රායං උපමා – එකො පුරිසො ලකුණ‍්ටකපාදො, එකො දීඝපාදො. තෙසු එකතො මග‍්ගං ගච‍්ඡන‍්තෙසු යාව දීඝපාදො එකපදවාරං අක‍්කමති, තාව ඉතරො පදෙ පදං අක‍්කමිත්‍වා සොළසපදවාරෙන ගච‍්ඡති. දීඝපාදො ලකුණ‍්ටකපාදස‍්ස සොළස පදවාරෙ අත‍්තනො පාදං අඤ‍්ඡිත්‍වා ආකඩ‍්ඪිත්‍වා එකමෙව පදවාරං කරොති. ඉති එකොපි එකං අතික‍්කමිතුං න සක‍්කොති. ද‍්වින‍්නම‍්පි ගමනං එකප‍්පමාණමෙව හොති. එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං. ලකුණ‍්ටකපාදපුරිසො විය අරූපං; දීඝපාදපුරිසො විය රූපං; දීඝපාදස‍්ස එකං පදවාරං අක‍්කමණකාලෙ ඉතරස‍්ස සොළසපදවාරඅක‍්කමනං විය රූපෙ ධරන‍්තෙයෙව අරූපධම‍්මෙසු සොළසන‍්නං චිත‍්තානං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣනං; ද‍්වින‍්නං පුරිසානං ලකුණ‍්ටකපාදපුරිසස‍්ස සොළස පදවාරෙ ඉතරස‍්ස අත‍්තනො පාදං අඤ‍්ඡිත්‍වා ආකඩ‍්ඪිත්‍වා එකපදවාරකරණං විය රූපස‍්ස සත‍්තරසමෙන චිත‍්තෙන සද‍්ධිං නිරුජ‍්ඣනං; ද‍්වින‍්නං පුරිසානං අඤ‍්ඤමඤ‍්ඤං අනොහාය එකප‍්පමාණෙනෙව ගමනං විය අරූපස‍්ස රූපං රූපස‍්ස අරූපං අනොහාය එකප‍්පමාණෙනෙව පවත‍්තනන‍්ති. එවං ‘අද‍්ධානපරිච‍්ඡෙදතො’ වෙදිතබ‍්බා.

එහි කිසියම් රූපයක් පමාවී නිරුද්ධ වේ. ගරු පරිණාම වේ. සිත ලුහු පරිණාම නිසා වහා නිරුද්ධ වේ. රූපය වනාහි අරූපය, අරූපය රූපය හැරදමා පවතින්නට නොහැකි වේ. දෙකම එක පමණට පවතී. මේ එහි උපමාවයි. එක් පුරුෂයෙක් කෙටි පා ඇත්තෙකි. තව පුරුෂයෙක් දිගු පා ඇත්තෙකි. ඔවුන් එකතුව මග යනවිට දිගු පා ඇත්තා එක් පියවරක් තබනවිට කෙටි පා ඇත්තා සොළොස් පියවරක් තබයි. කෙටි පා ඇත්තා සොළොස් පියවරක් තබනවිට දිගු පා ඇත්තා එක් පියවරක් තබයි. මෙසේ එකෙක් අනිකා ඉක්මවන්නට නොහැකි වේ. දෙදෙනාගේම ගමන එක ප්‍රමාණ වේ. මෙය මෙසේ දතයුතුය. අරූපය කෙටි පා ඇත්තා මෙනි. රූපය දිගු පා ඇත්තා මෙනි. දිගු පා ඇත්තා එක පියවරක් තබනවිට කෙටි පා ඇත්තා සොළොස් පියවරක් තබනවා මෙන් රූපය පවතිනවිට අරූපය වූ සිත සොළොස් සිත් උපදවා නිරුද්ධ වේ. කෙටි පා ඇත්තාගේ සොළොස් පියවරට දිග පා ඇත්තා එක පියවරක් තබනවා මෙන් දාහත්වන සිත සමග රූපය නිරුද්ධ වේ. පුරුෂයන් දෙදෙනා ඔවුනොවුන් නොඉක්මවා එකපමණට ගමන් කරනවා මෙන් අරූපය රූපයද රූපය අරූපයද හැර නොදමා එක පමණට පවතී. මෙසේ ඇතිවන පිරිසිඳීම දතයුතුය.

‘එකුප‍්පාදනානානිරොධතො’ති ඉදං පච‍්ඡිමකම‍්මජං ඨපෙත්‍වා දීපෙතබ‍්බං. පඨමඤ‍්හි පටිසන්‍ධිචිත‍්තං, දුතියං භවඞ‍්ගං, තතියං භවඞ‍්ගං…පෙ… සොළසමං භවඞ‍්ගං. තෙසු එකෙකස‍්ස උප‍්පාදට‍්ඨිතිභඞ‍්ගවසෙන තයො තයො ඛණා. තත්‍ථ එකෙකස‍්ස චිත‍්තස‍්ස තීසු තීසු ඛණෙසු සමතිංස සමතිංස කම‍්මජරූපානි උප‍්පජ‍්ජන‍්ති. තෙසු පටිසන්‍ධිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ සමුට‍්ඨිතං කම‍්මජරූපං සත‍්තරසමස‍්ස භවඞ‍්ගචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති; ඨිතික‍්ඛණෙ සමුට‍්ඨිතං ඨිතික‍්ඛණෙයෙව; භඞ‍්ගක‍්ඛණෙ සමුට‍්ඨිතං භඞ‍්ගක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති. එවං දුතියභවඞ‍්ගචිත‍්තං ආදිං කත්‍වා අත‍්තනො අත‍්තනො සත‍්තරසමෙන චිත‍්තෙන සද‍්ධිං යොජෙත්‍වා නයො නෙතබ‍්බො. ඉති සොළස තිකා අට‍්ඨචත‍්තාලීස හොන‍්ති. අයං අට‍්ඨචත‍්තාලීසකම‍්මජරූපපවෙණී නාම. සා පනෙසා රත‍්තිඤ‍්ච දිවා ච ඛාදන‍්තානම‍්පි භුඤ‍්ජන‍්තානම‍්පි සුත‍්තානම‍්පි පමත‍්තානම‍්පි නදීසොතො විය එකන‍්තං පවත‍්තති යෙවාති. එවං ‘එකුප‍්පාදනානානිරොධතො’ වෙදිතබ‍්බා.

එකුප්පාද නානා නිරොධ යන මෙය පැසුළු කර්මජ රූපය හැර දැක්විය යුතුය. පළමුව ප්‍රතිසන්ධි සිත දෙවනුව භවාංග සිත තෙවනුව භවාංග සිත...... සොළොස්වෙනුව භවාංග සිත. ඒවායේ එකඑකෙහි උප්පාද ඨිති භංග වශයෙන් ක්‍ෂණ තුනකි. එක එක සිතක තුන් තුන් ක්‍ෂණවල තිහ තිහ කර්මජ රූප උපදී. ප්‍රතිසන්ධි සිත උපන් කෙණෙහි උපදින කර්මජ රූප දාහත්වන භවාංග සිත ඉපදුණු කෙණෙහි නිරුද්ධ වේ. ඨිති ක්‍ෂණයෙහි උපන් රූප ඨිති ක්‍ෂණයෙහිද භංග ක්‍ෂණයෙහි උපන් කර්මජරූප භංග ක්‍ෂණයෙහිද නිරුද්ධ වේ. මෙසේ දෙවන භවාංග සිත මුල්කොට තම තමාගේ දාහත්වන සිත සමග යොදා නය පැමිණවිය යුතුය. මෙසේ සොළොසේ සිට හතලිස් අටක් වේ. මෙහි කර්මජ රූප හතලිස් අට ප්‍රවේණි නම් වේ. ඒවා වනාහි රාත්‍රියේද දහවලද කනවිටද බොනවිටද නිදනවිටද පමාවනවිටද ගංගා ජලයක් මෙන් ඒකාන්තයෙන් පවතී. මෙසේ එකුප්පාද නිරෝධය දතයුතුය.

‘නානුප‍්පාදඑකනිරොධතා’ පච‍්ඡිමකම‍්මජෙන දීපෙතබ‍්බා. තත්‍ථ ආයුසංඛාරපරියොසානෙ සොළසන‍්නං චිත‍්තානං වාරෙ සති හෙට‍්ඨාසොළසකං උපරිසොළසකන‍්ති ද‍්වෙ එකතො යොජෙතබ‍්බානි. හෙට‍්ඨාසොළසකස‍්මිඤ‍්හි පඨමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ සමුට‍්ඨිතං සමතිංසකම‍්මජරූපං උපරිසොළසකස‍්මිං පඨමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති; ඨිතික‍්ඛණෙ සමුට‍්ඨිතං තස‍්ස ඨිතික‍්ඛණෙයෙව භඞ‍්ගක‍්ඛණෙ සමුට‍්ඨිතං තස‍්ස භඞ‍්ගක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති. හෙට‍්ඨිමසොළසකස‍්මිං පන දුතියචිත‍්තස‍්ස…පෙ… සොළසමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ සමුට‍්ඨිතං සමතිංසකම‍්මජරූපං චුතිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති; තස‍්ස ඨිතික‍්ඛණෙ සමුට‍්ඨිතං චුතිචිත‍්තස‍්ස ඨිතික‍්ඛණෙයෙව; භඞ‍්ගක‍්ඛණෙ සමුට‍්ඨිතං චුතිචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති. තතො පට‍්ඨාය කම‍්මජරූපපවෙණී න පවත‍්තති. යදි පවත‍්තෙය්‍ය, සත‍්තා අක‍්ඛයා අවයා අජරා අමරා නාම භවෙය්‍යුං.

නානා උප්පාද ඒකනිරෝධ පැසුළු කර්මජ රූපයෙන් දැක්විය යුතුය. එහි ආයුසංස්කාර අවසානයෙහි සොළොස් සිත්වල වාරය ඇතිකල්හි යට සොළොසද මතු සොළොසද එකට යෙදිය යුතුය. යට සොළොසෙහි පළමු සිත ඉපදුණු කෙණෙහි හටගත් සමතිස් කර්මජ රූප මත සොළොසෙහි පළමු සිත උපන් කෙණෙහිම නිරුද්ධ වේ. එහි ඨිති ක්‍ෂණයෙහි උපන් කර්මජ රූප ඨිති ක්‍ෂණයෙහිද භංග ක්‍ෂණයෙහි උපන් කර්මජ රූප භංග ක්‍ෂණයෙහිද නිරුද්ධ වේ. යට සොළොසෙහි දෙවන සිතේ සිට සොළොස්වන සිත උපන් කෙණෙහි ඉපදුණු සමතිස් කර්මජ රූප චුති සිත උපන් කෙණෙහි නිරුද්ධ වේ. එහි චුති සිතේ ඨිති ක්‍ෂණයෙහි උපන් කර්මජ රූප ඨිති ක්‍ෂණයෙහිද, භංග ක්‍ෂණයේ උපන් රූප භංග ක්‍ෂණයේද නිරුද්ධ වේ. එතැන් පටන් කර්මජ රූප පරම්පරාව නොපවතී. පවතින්නේ නම් සත්ත්වයෝ ව්‍යය නොවන අජර අමර වන්නාහුය.

එත්‍ථ පන යදෙතං ‘සත‍්තරසමස‍්ස භවඞ‍්ගචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව නිරුජ‍්ඣතී’තිආදිනා නයෙන ‘එකස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ උප‍්පන‍්නං රූපං අඤ‍්ඤස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරුජ‍්ඣතී’ති අට‍්ඨකථායං ආගතත‍්තා වුත‍්තං, තං “යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣතී”ති? “ආමන‍්තා”ති (යම· 2.සඞ‍්ඛාරයමක.79) ඉමාය පාළියා විරුජ‍්ඣති. කථං? කායසඞ‍්ඛාරො හි චිත‍්තසමුට‍්ඨානො අස‍්සාසපස‍්සාසවාතො. චිත‍්තසමුට‍්ඨානරූපඤ‍්ච චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ උප‍්පජ‍්ජිත්‍වා යාව අඤ‍්ඤානි සොළස චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති තාව තිට‍්ඨති. තෙසං සොළසන‍්නං සබ‍්බපච‍්ඡිමෙන සද‍්ධිං නිරුජ‍්ඣති. ඉති යෙන චිත‍්තෙන සද‍්ධිං උප‍්පජ‍්ජති, තතො පට‍්ඨාය සත‍්තරසමෙන සද‍්ධිං නිරුජ‍්ඣති; න කස‍්සචි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ වා ඨිතික‍්ඛණෙ වා නිරුජ‍්ඣති, නාපි ඨිතික‍්ඛණෙ වා භඞ‍්ගක‍්ඛණෙ වා උප‍්පජ‍්ජති. එසා චිත‍්තසමුට‍්ඨානරූපස‍්ස ධම‍්මතාති නියමතො චිත‍්තසඞ‍්ඛාරෙන සද‍්ධිං එකක‍්ඛණෙ නිරුජ‍්ඣනතො “ආමන‍්තා”ති වුත‍්තං.

මෙහි දාහත්වන භවාංග සිතේ උත්පාද ක්‍ෂණයෙහි නිරුද්ධ වේයයි ආදි නයින් එක් සිතක උප්පාද ක්‍ෂණයෙහි උපන් රූප අනිත් සිතක උප්පාද ක්‍ෂණයෙහි නිරුද්ධ වේයයි අර්ථ කථාවෙහි ආ බැවින් කියන ලදි. එය යමෙකුගේ කාය සංස්කාර නිරුද්ධ වේද ඔහුගේ චිත්ත සංස්කාර නිරුද්ධ වේ. යන පෙළට විරුද්ධ වේ. කෙසේද? කාය සංස්කාර යනු සිතෙන් හටගත් ආශ්වාස ප්‍රශ්වාස වාතයයි. සිතින් හටගත් රූපද සිත ඉපදෙන කෙණෙහි ඉපදී අනිත් සොළොස් සිත් උපදිනතුරු සිටී. ඒ සොළොස් සිත්වල අවසාන සිත සමග නිරුද්ධ වේ. මෙසේ යම් සිතක් සමග උපදීද එතැන් පටන් සිට දාහත්වැනි සිත සමග නිරුද්ධ වේ. කිසියම් සිතක උප්පාද ඨිති ක්‍ෂණවල නිරුද්ධ නොවේ. ඨිති හෝ භංග හෝ ක්‍ෂණවල නූපදී. මෙය සිතින් හටගත් රූපවල ධර්මතාව යන නියමයෙන් චිත්ත සංස්කාර සමග ඒකක්‍ෂණයෙහි නිරුද්ධවීමෙන් ‘එසේ ය’යි කියන ලදි.

යො චායං චිත‍්තසමුට‍්ඨානස‍්ස ඛණනියමො වුත‍්තො කම‍්මාදිසමුට‍්ඨානස‍්සාපි අයමෙව ඛණනියමො. තස‍්මා පටිසන්‍ධිචිත‍්තෙන සහුප‍්පන‍්නං කම‍්මජරූපං තතො පට‍්ඨාය සත‍්තරසමෙන සද‍්ධිං නිරුජ‍්ඣති. පටිසන්‍ධිචිත‍්තස‍්ස ඨිතික‍්ඛණෙ උප‍්පන‍්නං අට‍්ඨාරසමස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරුජ‍්ඣති. පටිසන්‍ධිචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නං අට‍්ඨාරසමස‍්ස ඨානක‍්ඛණෙ නිරුජ‍්ඣතීති ඉමිනා නයෙනෙත්‍ථ යොජනා කාතබ‍්බා. තතො පරං පන උතුසමුට‍්ඨානිකපවෙණීයෙව තිට‍්ඨති. ‘නීහරිත්‍වා ඣාපෙථා’ති වත‍්තබ‍්බං හොති. එවං ‘නානුප‍්පාදඑකනිරොධතො’ වෙදිතබ‍්බා.

සිතින් හටගත් රූපවල ක්‍ෂණ නියමයයි යමක් කියන ලදද කර්මාදියෙන් හටගත් රූපවල ක්‍ෂණ නියමයද එසේය. එනිසා ප්‍රතිසන්ධි සිත සමග උපන් කර්මජ රූප එතැන් පටන් දාහත්වන සිත සමග නිරුද්ධ වේ. ප්‍රතිසන්ධි සිතේ ඨිති ක්‍ෂණයෙහි උපන් රූප දහඅටවන සිතේ උප්පාද ක්‍ෂණයෙහි නිරුද්ධ වේ. ප්‍රතිසන්ධි සිතේ භංග ක්‍ෂණයෙහි උපන් රූප දහඅටවන සිතේ ඨිති ක්‍ෂණයෙහි නිරුද්ධ වේ. යන මේ නය මෙහි යෙදිය යුතුමය. ඉන්පසුව සෘතුවෙන් හටගත් රූප පරම්පරාව පවතී. බැහැර කොට පුළුස්සනුයි කිවයුතු වේ. මෙසේ නා නා උප්පාද ඒක නිරෝධය දතයුතුය.

‘එකුප‍්පාදඑකනිරොධතො’ති රූපං පන රූපෙන සහ එකුප‍්පාදං එකනිරොධං. අරූපං අරූපෙන සහ එකුප‍්පාදං එකනිරොධං. එවං ‘එකුප‍්පාදඑකනිරොධතො’ වෙදිතබ‍්බා.

ඒකුප්පාද ඒක නිරෝධ රූපය වනාහි රූපය සමග එකට ඉපදී එකට නිරුද්ධ වේ. අරූපය අරූපය සමග එකට ඉපදී එකට නිරුද්ධ වේ. එකට ඉපදී එකට නිරුද්ධ වීම මෙසේ දතයුතුය.

‘නානුප‍්පාදනානානිරොධතා’ පන චතුසන‍්තතිරූපෙන දීපෙතබ‍්බා. ඉමස‍්ස හි උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තස‍්ස සරීරස‍්ස තත්‍ථ තත්‍ථ චතුසන‍්තතිරූපං ඝනපුඤ‍්ජභාවෙන වත‍්තති. එවං වත‍්තමානස‍්සාපිස‍්ස න එකුප‍්පාදාදිතා සල‍්ලක‍්ඛෙතබ‍්බා. යථා පන උපචිකරාජි වා කිපිල‍්ලිකරාජි වා ඔලොකියමානා එකාබද‍්ධා විය හොති, න පන එකාබද‍්ධා. අඤ‍්ඤිස‍්සා හි සීසසන‍්තිකෙ අඤ‍්ඤිස‍්සා සීසම‍්පි උදරම‍්පි පාදාපි, අඤ‍්ඤිස‍්සා උදරසන‍්තිකෙ අඤ‍්ඤිස‍්සා සීසම‍්පි උදරම‍්පි පාදාපි, අඤ‍්ඤිස‍්සා පාදසන‍්තිකෙ අඤ‍්ඤිස‍්සා සීසම‍්පි උදරම‍්පි පාදාපි හොන‍්ති. එවමෙව චතුසන‍්තතිරූපානම‍්පි අඤ‍්ඤස‍්ස උප‍්පාදක‍්ඛණෙ අඤ‍්ඤස‍්ස උප‍්පාදොපි හොති ඨිතිපි භඞ‍්ගොපි, අඤ‍්ඤස‍්ස ඨිතික‍්ඛණෙ අඤ‍්ඤස‍්ස උප‍්පාදොපි හොති ඨිතිපි භඞ‍්ගොපි, අඤ‍්ඤස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අඤ‍්ඤස‍්ස උප‍්පාදොපි හොති ඨිතිපි භඞ‍්ගොපි. එවමෙත්‍ථ ‘නානුප‍්පාදනානානිරොධතා’ වෙදිතබ‍්බා.

නානා උප්පාද නානා නිරෝධ වනාහි සන්තති රූප සතරෙන් දැක්විය යුතුය. මෙහි පාදයෙන් උඩ කේස මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති ශරීරයේ ඒ ඒ තැන චතු සන්තති රූප ඝනව පිඬුවීමෙන් පවතී. මෙසේ පැවතුණත් එකට ඉපදුනේ යයි නොසැලකිය යුතුය. වේ පාරක් හෝ කූඹි පාරක් බලනවිට ඒකාබද්ධව පෙනේ. නමුත් ඒකාබද්ධ නැත. අනිකකුගේ හිස ළඟ අනිකකුගේ හිස බඩ පා ඇත. මෙසේම චතු සන්තති රූපවල අනිකකුගේ උප්පාද ක්‍ෂණයෙහි අනිකකුගේ ඉපදීම ඨිතිය හා භංගය ද වේ. මෙසේ මෙහි නානුප්පද නා නා නිරෝධ දතයුතුය.

‘අතීතාදීනි’ පන දූරදුකපරියොසානානි පාළියං ආගතානෙව. ‘පච‍්චයසමුට‍්ඨානානි’පි “කම‍්මජං, කම‍්මපච‍්චයං, කම‍්මපච‍්චයඋතුසමුට‍්ඨාන”න‍්තිආදිනා (ධ· ස· අට‍්ඨ· 975) නයෙන හෙට‍්ඨා කථිතානියෙව. පඤ‍්චපි පන ඛන්‍ධා පරිනිප‍්ඵන‍්නාව හොන‍්ති, නො අපරිනිප‍්ඵන‍්නා; සඞ‍්ඛතාව නො අසඞ‍්ඛතා; අපිච නිප‍්ඵන‍්නාපි හොන‍්තියෙව. සභාවධම‍්මෙසු හි නිබ‍්බානමෙවෙකං අපරිනිප‍්ඵන‍්නං අනිප‍්ඵන‍්නඤ‍්ච. නිරොධසමාපත‍්ති පන නාමපඤ‍්ඤත‍්ති ච කථන‍්ති? නිරොධසමාපත‍්ති ලොකියලොකුත‍්තරාති වා සඞ‍්ඛතාසඞ‍්ඛතාති වා පරිනිප‍්ඵන‍්නාපරිනිප‍්ඵන‍්නාති වා න වත‍්තබ‍්බා. නිප‍්ඵන‍්නා පන හොති සමාපජ‍්ජන‍්තෙන සමාපජ‍්ජිතබ‍්බතො. තථා නාමපඤ‍්ඤත‍්ති. සාපි හි ලොකියාදිභෙදං න ලභති; නිප‍්ඵන‍්නා පන හොති නො අනිප‍්ඵන‍්නා; නාමග‍්ගහණඤ‍්හි ගණ‍්හන‍්තොව ගණ‍්හාතීති.

අතීතාදි දුරදුක අවසාන පෙලෙහි ආවේය. ප්‍රත්‍ය හටගැනීම ද කර්මජ කර්මප්‍රත්‍ය සෘතු ප්‍රත්‍ය හටගැනීම් ආදි නයින් යට කියන ලදි. ස්කන්ධ පහ පරිනිෂ්පන්න වේ. අපරිනිෂ්පන්න නොවේ. සංඛත වේ. අසංඛත නොවේ. තවද නිෂ්පන්නද වේ. ස්වභාව ධර්මවල නිවන අපරිනිෂ්පන්නද අනිෂ්පන්නද වේ. නිරෝධ සමාපත්තිය වනාහි ප්‍රඥප්තියකි. කෙසේද? නිරෝධ සමාපත්තිය ලෞකික ලෝකෝත්තර හෝ සංඛත අසංඛත හෝ පරිනිෂ්පන්න අපරිනිෂ්පන්න හෝ නොකිව යුතුය. සමාපත්ති අන්තයෙහි නිෂ්පන්න වේ. සමාපත්තියෙන් නොවේ. ප්‍රඥප්තියද එසේය. එය ලෞකිකාදි භෙද නොලබයි. නිෂ්පන්න වේ. අනිෂ්පන්න නොවේ. නම් ගැනීම ගන්නාම ගනියි.