යෙදුමෙන් කියවන්න

අබ‍්භන‍්තරනිදානවණ‍්ණනා අට‍්ඨකථා

අබ‍්භන‍්තරනිදානවණ‍්ණනා

අභ්‍යන්තර නිදාන වර්ණනාව

“අථ බුද‍්ධාපදානානි, සුණාථ සුද‍්ධමානසා; තිංසපාරමිසම‍්පුණ‍්ණා, ධම‍්මරාජා අසඞ‍්ඛියා”ති. –

“මෙසේ පිරිසිදු සිතින් බුද්ධ චරිතාපදානය අසනු මැනවි. අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් ධර්මරාජයෝ සමත්‍රිංශත් පාරමිතා ධර්ම පුරණ ලදහ.”

එත්‍ථ අථාති අධිකාරන‍්තරූපදස‍්සනත්‍ථෙ නිපාතපදං, විභත‍්තියුත‍්තායුත‍්තනිපාතද‍්වයෙසු විභත‍්තියුත‍්තනිපාතපදං. අථ වා –

මෙහි අථ යනු අධිකාරිබලය හඳුන්වන නිපාත පදය විභක්තිවලට ගැලපෙන නිපාත පදයකි. නැතහොත්,

“අධිකාරෙ මඞ‍්ගලෙ චෙව, නිප‍්ඵන‍්නත්‍ථෙවධාරණෙ; අනන‍්තරෙපගමනෙ, අථ-සද‍්දො පවත‍්තති”.

අධිකාර, මංගල, නිෂ්පන්න, අවධාරණ, අතරතුර, ගමන යන අර්ථයන්හි අථ ශබ්දය පවතී.

තථා හි –

ඒ එසේමැයි:-

“අධිකිච‍්චං අධිට‍්ඨානං, අධිඅත්‍ථං විභාසති; සෙට‍්ඨජෙට‍්ඨකභාවෙන, අධිකාරො විධීයතෙ”ති. –

අධික ක්‍රියාව, අධිෂ්ඨාන, අධික අර්ථය බැබලීම ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ භාවයෙන්ද, අධිකාර හඳුන්වනු ලැබේ යයි,

වුත‍්තත‍්තා බුද‍්ධානං සමත‍්තිංසපාරමිධම‍්මානං අධිකිච‍්චතො, සෙට‍්ඨජෙට‍්ඨතො අධිකාරට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති. තිවිධබොධිසත‍්තානං පූජාමඞ‍්ගලසභාවතො “පූජා ච පූජනෙය්‍යානං, එතං මඞ‍්ගලමුත‍්තම”න‍්ති වචනතො (ඛු· පා· 5.3; සු· නි· 262) මඞ‍්ගලට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති . බුද‍්ධාදීනං භගවන‍්තානං සම‍්පත‍්තිකිච‍්චස‍්ස අරහත‍්තමග‍්ගෙන නිප‍්ඵන‍්නතො නිප‍්ඵන‍්නට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති . බුද‍්ධාදීනං අරහත‍්තමග‍්ගාදිකුසලතො අඤ‍්ඤකුසලානං අභාවතො අවධාරණට‍්ඨෙන නිවාරණට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති. ඛුද‍්දකපාඨසඞ‍්ගහානන‍්තරං සඞ‍්ගහිතන‍්ති අනන‍්තරට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති. ඉතො ඛුද‍්දකපාඨතො පට‍්ඨායාති අපගමනට‍්ඨෙන අථ-සද‍්දෙන යුත‍්තමපදානානීති.

කියන ලද බැවින් බුදුවරුන්ගේ සමතිංසත් පාරමී ධර්මයන් අධික කෘත්‍ය වශයෙන්ද, ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ වශයෙන්ද, අධිකාර අර්ථයෙන් අථ ශබ්දය අපදානයේ යොදනු ලැබේ. ත්‍රිවිධ බෝධිසත්ත්වවරුන්ගේ සත්ත්වයන්ගේ පූජා මංගල යන අර්ථයෙන්ද “පිදිය යුත්තන් පිදීමද උතුම් මංගල්‍යයකි.” යන වචනයෙන් මංගල අර්ථයෙන් අථ ශබ්දයෙන් කියන ලද බව පෙනේ. බුද්ධාදී භාග්‍යවතුන්ගේ වාසනා කෘත්‍යය ද අරහත්ත මාර්ගයෙන් නිපන් බැවින් නිෂ්පන්න අර්ථයෙන් අථ ශබ්දය අපදානයෙහි කියන ලදී. බුද්දක පාඨ සංග්‍රහ කරන ලදි. සංග්‍රහ කරන ලද බැවින් අතරතුර යන අර්ථයෙන් අථ ශබ්දය යෙදීම සුදුසු වේ. මෙයින් බුද්දක පාඨයේ පටන් අගමන (වෙන්වීම) අර්ථයෙන් අථ ශබ්දයෙන් ප්‍රකාශ වේ.

බුද‍්ධොති එත්‍ථ බුජ‍්ඣිතා සච‍්චානීති බුද‍්ධො, බොධෙතා පජායාති බුද‍්ධො, සබ‍්බඤ‍්ඤුතාය බුද‍්ධො, සබ‍්බදස‍්සාවිතාය බුද‍්ධො, අනඤ‍්ඤනෙය්‍යතාය බුද‍්ධො, විසවිතාය බුද‍්ධො, ඛීණාසවසඞ‍්ඛාතෙන බුද‍්ධො, නිරුපක‍්කිලෙසසඞ‍්ඛාතෙන බුද‍්ධො, පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන බුද‍්ධො, අදුතියට‍්ඨෙන බුද‍්ධො, තණ‍්හාපහානට‍්ඨෙන බුද‍්ධො, එකායනමග‍්ගං ගතොති බුද‍්ධො, එකො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති බුද‍්ධො, අබුද‍්ධිවිහතත‍්තා බුද‍්ධිපටිලාභා බුද‍්ධො, බුද‍්ධි බුද‍්ධං බොධොති අනත්‍ථන‍්තරමෙතං. යථා නීලාදිවණ‍්ණයොගතො පටො “නීලො පටො, රත‍්තො පටො”ති වුච‍්චති, එවං බුද‍්ධගුණයොගතො බුද‍්ධො. අථ වා “බොධි”වුච‍්චති චතූසු මග‍්ගෙසු ඤාණං, තෙන ඤාණෙන සකලදියඩ‍්ඪසහස‍්සකිලෙසාරිගණෙ ඛෙපෙත්‍වා නිබ‍්බානාධිගමනතො ඤාණං “බොධී”ති වුච‍්චති. තෙන සම‍්පයුත‍්තො සමඞ‍්ගීපුග‍්ගලො බුද‍්ධො. තෙනෙව ඤාණෙන පච‍්චෙකබුද‍්ධොපි සබ‍්බකිලෙසෙ ඛෙපෙත්‍වා නිබ‍්බානමධිගච‍්ඡති. බුද‍්ධානං පන චතූසු අසඞ‍්ඛ්‍යෙය්‍යෙසු කප‍්පසතසහස‍්සෙසු ච පාරමියො පූරෙත්‍වා බොධිඤාණස‍්සාධිගතත‍්තා ච ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණමහාකරුණාසමාපත‍්තිඤාණයමකපාටිහීරඤාණසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණ- අනාවරණආසයානුසයාදිඅසාධාරණඤාණානං සමධිගතත‍්තා ච එකායපි ධම‍්මදෙසනාය අසඞ‍්ඛ්‍යෙය්‍යාසත‍්තනිකායෙ ධම‍්මාමතං පායෙත්‍වා නිබ‍්බානස‍්ස පාපනතො ච තදෙව ඤාණං බුද‍්ධානමෙවාධිකභාවතො තෙසමෙව සම‍්බුද‍්ධානං අපදානං කාරණං බුද‍්ධාපදානං. තඤ‍්හි දුවිධං කුසලාකුසලවසෙන. පච‍්චෙකබුද‍්ධා පන න තථා කාතුං සමත්‍ථා, අන‍්නාදිපච‍්චයදායකානං සඞ‍්ගහං කරොන‍්තාපි –

බුද්ධො යනු මෙහි සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ. අවබෝධ කළයුතු ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නමි. සර්වඥතා ඥානය ඇති බැවින් බුද්ධ නමි. සියළු දර්ශන දුටු බැවින් බුද්ධ නම් වේ. කෙලෙස් දුරුකළ නිසා බුද්ධ නම් වේ. මහරහත් බැවින් බුද්ධ නමි. උපක්ලේශ ධර්මයන් ශේෂ නොකොට දුරුකළ බැවින් බුද්ධ නම් වේ. ප්‍රවෘජ්‍යා සංඛ්‍යාත බුද්ධ නම් දෙවැන්නකු නැති බැවින් බුද්ධ නම් වේ. තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින් බුද්ධ නම් වේ. ඒකායන මාර්ගය අංගය බුද්ධ නම් එකම නිරුත්තර සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ නම් වේ. අබුද්ධිය (මෝඩකම නොදැනීම) තුළින් බුද්ධිය ඉස්මතු කළ බැවින් බුද්ධ නමි. බුද්ධියෙන් බුද්ධිය අවබෝධ කරන නිසාද, අර්ථය ප්‍රකට කරන නිසාද, යම්සේ නීල වර්ණයෙන් යුතු වස්ත්‍රය නිල් වස්ත්‍ර, රතු වර්ණයෙන් යුතු වූයේ රතු වස්ත්‍ර යයි කියනු ලැබේද? එසේ බුද්ධිගුණ යෝගයෙන් යුතු හෙයින් බුද්ධ නම් වේ. නැතහොත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ නිසා බුද්ධ යයි කියනු ලැබේ. එම ඤාණයෙන් මුළු දසදහස් ගණන් ක්ලේශ සමූහයා ක්‍ෂයකොට නිර්වාණ අධිගමයට පත් ඤාණය බෝධි යයි කියනු ලැබේ. එයින් යුක්ත වූද එමගින් රැස්කළ යුතු පුද්ගලයා බුද්ධ නම් වේ. එම ඤාණයෙන්ම පසේබුදුවරුද සියළු ක්ලේශ ක්‍ෂය කොට නිර්වාණය අවබෝධ කරගනියි. බුදුවරු නම් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පුරා බෝධිඤාණය අධිගත කළ බැවින් ඉන්ද්‍රිය පරියත්ති ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, යමක පටිහාරිය ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ, ආසයානුසයා, අසාධාරණ ඥානයන්ගෙන් සමාධිගත වූ බැවින් එකම ධර්මදේශනාවකින් අප්‍රමාණ සත්ත්වයන්ට ධර්මය නමැති අමෘතය පොවා, නිර්වාණාධිගමයට යොමු කරන බැවින් එම ඥානය බුදුන්ටම අධිකාර බැවින් එයද සම්බුද්ධ චරිතයටම අදාළ වේ. බුද්ධාපදානය දෙවැදෑරුම් වේ. කුසල-අකුශල වශයෙනි. කුසල අකුසල වශයෙන් පසේබුදුවරුන්ට එය කිරීමට නොහැකිය. ප්‍රත්‍යය දායකයන්ට සංග්‍රහ කරමින් –

“ඉච‍්ඡිතං පත්‍ථිතං තුය‍්හං, ඛිප‍්පමෙව සමිජ‍්ඣතු; පූරෙන‍්තු චිත‍්තසඞ‍්කප‍්පා, චන්‍දො පන‍්නරසො යථා.

“ඔබ කැමති වන ප්‍රාර්ථනා කරන සියල්ල වහාම සමෘද්ධ වේවා! පුන් පෝදා චන්ද්‍රයා මෙන් චිත්ත සංකල්පනාවෝ පිරෙත්වා!

“ඉච‍්ඡිතං පත්‍ථිතං තුය‍්හං, ඛිප‍්පමෙව සමිජ‍්ඣතු; පූරෙන‍්තු චිත‍්තසඞ‍්කප‍්පා, මණි ජොතිරසො යථා”ති. (දී· නි· අට‍්ඨ· 2.95 පුබ‍්බූපනිස‍්සයසම‍්පත‍්තිකථා; අ· නි· අට‍්ඨ· 1.1.192; ධ· ප· අට‍්ඨ· 1.සාමාවතීවත්‍ථු) –

[missing trans] බබළන මාණික්‍යයක් මෙන් සඵල වේවා!

ඉමාහි ද‍්වීහියෙව ගාථාහි ධම‍්මං දෙසෙන‍්ති. දෙසෙන‍්තාපි අසඞ‍්ඛ්‍යෙය්‍යසත‍්තනිකායෙ බොධෙතුං න සක‍්කුණන‍්ති, තස‍්මා න සබ‍්බඤ‍්ඤුබුද‍්ධසදිසා හුත්‍වා පාටිඑක‍්කං විසුං බුද‍්ධාති පච‍්චෙකබුද‍්ධා. තෙසං අපදානං කාරණං පච‍්චෙකබුද‍්ධාපදානං.

මේ ගාථා දෙකෙන්ම ධර්මදේශනා කරති. දේශනා කරන්නේ නමුත් අසංඛෙය්‍යයක් සත්ත්ව කොට්ඨාසවලට අවබෝධ කිරීමට නොහැකි වෙති. එහෙයින් බුදුන් හා සමානව එකම ලෙස සර්වඥතාවය නැති හෙයින් පච්චේක බුද්ධ නම් වේ.

චිරං ඨිතාති ථෙරා. අථ වා ථිරතරසීලාචාරමද‍්දවාදිගුණෙහි යුත‍්තාති ථෙරා. අථ වා ථිරවරසීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනගුණෙහි යුත‍්තාති ථෙරා. අථ වා ථිරතරසඞ‍්ඛාතපණීතානුත‍්තරසන‍්තිනිබ‍්බානමධිගතාති ථෙරා, ථෙරානං අපදානානි ථෙරාපදානානි. තථා තාදිගුණෙහි යුත‍්තාති ථෙරී, ථෙරීනං අපදානානි ථෙරීපදානානි. තෙසු බුද‍්ධාපදානෙ පඤ‍්චෙව අපදානානි, පඤ‍්චෙව සුත‍්තන‍්තා. තෙනාහු පොරාණා –

ඔවුන්ගේ අපදාන තොරතුරු පච්චේක බුද්ධාපදාන නම් වේ. දිගුකලක් සිටි බැවින් ථෙරා නම් වේ. ස්ථිරසාර ශීල ආචාර ගුණයෙන් යුක්ත බැවින් ථෙර නම් වේ. නැතහොත් ස්ථිරසාර ලෙස සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනවලින් යුක්ත නිසා ස්ථවිර නම් වේ. නැතහොත් ස්ථිර ලෙස නිර්වාණ මහාර්ගය අනුගත මගට පිළිපන් නිසා ථෙර නම් වේ. තෙරවරුන්ගේ අපදානය ථෙරාපදාන නම් වේ. එසේම තාදී ගුණයෙන් යුක්ත බැවින් ථෙරී නම් වේ. තෙරණියන්ගේ චරිතකථා ථෙරී අපදාන නම් වේ. මේවා අතර බුද්ධ අපදානය සමග අපදාන පහක් ඇති බැවින් සූත්‍රාන්තවල පංච අපදාන කියත්. එසේ හෙයින් පුරාණයන් කියන ලදී.

“පඤ‍්චෙව අපදානානි, පඤ‍්ච සුත‍්තානි යස‍්ස ච; ඉදං බුද‍්ධාපදානන‍්ති, පඨමං අනුලොමතො”ති.

“අපදාන පහකි. සූත්‍ර පහකි. මේ බුද්ධ අපදානය පළමුව පිළිවෙළ දතයුතුය.

පච‍්චෙකබුද‍්ධාපදානෙපි පඤ‍්චෙව අපදානානි, පඤ‍්චෙව සුත‍්තන‍්තා. තෙනාහු පොරාණා –

පසේ බුදුවරුන්ගේ අපදානයද අපදාන පහකි. සූත්‍රාන්ත පහකි. එසේ හෙයින් පෞරාණිකයන් කියන ලදි –

“පඤ‍්චෙව අපදානානි, පඤ‍්ච සුත‍්තානි යස‍්ස ච; ඉදං පච‍්චෙකබුද‍්ධාපදානන‍්ති, දුතියං අනුලොමතො”ති.

“අපදාන පහකි. සූත්‍රාන්ත පහකි. මේ පසේ බුදුවරුන්ගේ අපදානය දෙවෙනි අනුපිළිවෙළ බව දතයුතුය.”

ථෙරාපදානෙසු දසාධිකපඤ‍්චසතාපදානානි, වග‍්ගතො එකපඤ‍්ඤාස වග‍්ගා. තෙනාහු පොරාණා –

ථෙර අපදානවලද, පන්සිය දහයක් අධිකකොට ඇති අපදාන වර්ග වශයෙන් පනස් එකක් වර්ග ඇත. (10x51) එබැවින් පෞරාණිකයන් කියන ලදී –

“පඤ‍්චසතදසපදානානි, එකපඤ‍්ඤාස වග‍්ගතො; ඉදං ථෙරාපදානන‍්ති, තතියං අනුලොමතො”ති.

“පන්සිය දහයක් අපදාන වර්ග පනස් එකකි. මේ ථෙර අපදානය තෙවෙනි අනුපිළිවෙළට දතයුතුය”.

ථෙරීඅපදානෙසු චත‍්තාලීසං අපදානානි, වග‍්ගතො චතුරො වග‍්ගා. තෙනාහු පොරාණා –

ථෙරී අපදානවල හතළිහක් අපදාන ඇත. වර්ග වශයෙන් සතරකි. එබැවින් පෞරාණිකයන් කියන ලදි –

“චත‍්තාලීසංපදානානි, චතුවග‍්ගානි යස‍්ස ච; ඉදං ථෙරීපදානන‍්ති, චතුත්‍ථං අනුලොමතො”ති.

“වර්ග සතරකින් සතළිහක් අපදාන ඇති මේ ථෙරී අපදානය සතරවෙනි අනුපිළිවෙළයි.”

අපදානන‍්ති එත්‍ථ අපදාන-සද‍්දො කාරණගහණඅපගමනපටිපාටිඅක‍්කොසනාදීසු දිස‍්සති. තථා හි එස “ඛත‍්තියානං අපදානං, බ්‍රාහ‍්මණානං අපදාන”න‍්තිආදීසු කාරණෙ දිස‍්සති, ඛත‍්තියානං කාරණං බ්‍රාහ‍්මණානං කාරණන‍්ති අත්‍ථො. “උපාසකානං අපදාන”න‍්තිආදීසු ගහණෙ දිස‍්සති, සංසුට‍්ඨු ගහණන‍්ති අත්‍ථො. “වාණිජානං අපදානං, සුද‍්දානං අපදාන”න‍්තිආදීසු අපගමනෙ දිස‍්සති, තතො තතො තෙසං අපගමනන‍්ති අත්‍ථො. “පිණ‍්ඩපාතිකො භික‍්ඛු සපදානචාරවසෙන පිණ‍්ඩාය චරතී”තිආදීසු පටිපාටියා දිස‍්සති, ඝරපටිපාටියා චරතීති අත්‍ථො. “අපගතා ඉමෙ සාමඤ‍්ඤා, අපගතා ඉමෙ බ්‍රහ‍්මඤ‍්ඤාති අපදානෙතී”තිආදීසු අක‍්කොසනෙ දිස‍්සති, අක‍්කොසති පරිභාසතීති අත්‍ථො. ඉධ පන කාරණෙ දිස‍්සති. තස‍්මා බුද‍්ධානං අපදානානි බුද‍්ධාපදානි, බුද‍්ධකාරණානීති අත්‍ථො. ගඞ‍්ගාවාලුකූපමානං අනෙකෙසං බුද‍්ධානං දානපාරමිතාදිසමත‍්තිංසපාරමිතා කාරණන‍්ති දට‍්ඨබ‍්බං. අථ අධිකාරාදීසු යුත‍්තඅපදානානි සුද‍්ධමානසා සුණාථාති සම‍්බන්‍ධො.

අපදාන යනු; මෙහි අපදාන ශබ්දය කාරණා ගැනීම පහවයාම අනුපිළිවෙළ තමන් හුවාදැක්වීම යන අර්ථවල දක්නට ලැබේ. ඒ එසේමය. “මේ ක්‍ෂත්‍රියන්ගේ අපදාන, බ්‍රහ්මයන්ගේ අපදාන යනුවෙන් ආදි කාරණාවලද දක්නට ලැබේ. ක්‍ෂත්‍රියයන්ගේ කරුණු, බමුණන්ගේ කරුණු යන අර්ථයයි. “උපාසකයන්ගේ චරිත” ආදි වශයෙන්ද දක්නට ලැබේ. සරළ වශයෙන් ගැනීම අර්ථයයි. වෙළෙන්දන්ගේ අපදානය සුද්‍රයන්ගේ අපදාන වශයෙන් ආදි අර්ථ අපගමනාර්ථයෙහි දක්නට ලැබේ. එසේ ඔවුන්ගේ ඉවත්වයාම යන අර්ථයයි. පිණ්ඩපාතික භික්‍ෂුව අනුපිළිවෙළ වශයෙන් පිඬු පිණිස හැසිරෙයි. ආදි ලෙස අනුපිළිවෙළ දක්නට ලැබේ. ගෘහ පිළිවෙළින් සැරිසරයි යන අර්ථයයි. මේ මහණකමින් ඉවත්වූයේ, බ්‍රහ්මත්වයෙන් ඉවත්වූයේ යන අපදානයයි. අක්‍රෝෂණයේද දක්නට ලැබේ. ආක්‍රෝෂ කරයි. පරිභව කරයි යන අර්ථයයි. මෙහි වනාහි කාරණෙ දක්නට ලැබේ. එහෙයින් බුදුවරුන්ගේ අපදානය බුද්ධාපදාන බුදුන්ගේ තොරතුරු යන අර්ථයයි. ගංගා වැලි උපමාකොට ඇති, අනේක වූ බුදුවරුන්ගේ දානපාරමිතාදි වශයෙන් සමතිංසත් පාරමිතා කාරණා ලෙස දතයුතුය. තවද, අධිකාරාදියෙහි සුදුසු අපදාන වේ. පිරිසිදු මනසින් අසවු යනුවෙන් සම්බන්ධ නම් වේ.

තත්‍ථ සුද‍්ධමානසාති අරහත‍්තමග‍්ගඤාණෙන දියඩ‍්ඪකිලෙසසහස‍්සං ඛෙපෙත්‍වා ඨිතත‍්තා සුද‍්ධමානසා පරිසුද‍්ධචිත‍්තා සුද‍්ධහදයා පඤ‍්චසතා ඛීණාසවා ඉමස‍්මිං ධම‍්මසභායෙ සන‍්නිසින‍්නා සුණාථ, ඔහිතසොතා මනසි කරොථාති අත්‍ථො.

එහි සුද්ධමානසා යනු අර්හත් මාර්ග ඤාණයෙන් එක්දහස් පන්සියයක් කෙලෙස් ක්‍ෂයකොට සිටි බැවින් පිරිසිදු මනසක් ඇති බවද, සුපිරිසිදු මනසක් ඇති බවද, පිරිසිදු හදවත ඇති පන්සියයක් ක්‍ෂීණාශ්‍රවයෝ මේ දම් සභාවේ වැඩසිටින බැවින් අසවු. බහා තබන ලද කණින් මෙනෙහි කරවු යන අර්ථයයි.

එත්‍ථ පන “අපදානානී”ති අවත්‍වා පච‍්චෙකබුද‍්ධාපදානථෙරාපදානථෙරීඅපදානෙසු විජ‍්ජමානෙසුපි “අථ බුද‍්ධාපදානානී”ති වචනං ඛන්‍ධයමකආයතනධාතුසච‍්චසඞ‍්ඛාරඅනුසයයමකෙසු විජ‍්ජමානෙසුපි පධානවසෙන ආදිවසෙන ච “මූලයමක”න‍්ති වචනං විය, තෙරසසඞ‍්ඝාදිසෙසද‍්වෙඅනියතතිංසනිස‍්සග‍්ගියෙසු විජ‍්ජමානෙසුපි පධානවසෙන ආදිවසෙන ච “පාරාජිකකණ‍්ඩො”ති වචනං විය ච ඉධාපි පධානවසෙන ආදිවසෙන ච වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං.

මෙහි අපදාන යයි නොකියා පසේ බුදුවරුන්ගේ අපදාන, ථෙර අපදාන, ථෙරි අපදාන වශයෙන් විද්‍යමාන වන කල්හි ‘අනතුරුව’ ‘බුද්ධ අපදාන’ යන වචනය ස්කන්ධ ධාතු ආයතන සතර සංඛාර ආදි වශයෙන් විද්‍යමාන කල්හිද, ප්‍රධාන වශයෙන් මූල වශයෙන් ‘මූලයමක’ යන වචනය මෙන්ද, සංඝාදිසේස දහතුනද, අනියත දෙකද නිග්ගි පචිති තිහද, විද්‍යමාන වන කල්හි ප්‍රධාන වශයෙන් ද ආදි වශයෙන් ද මුල කියන ලදි යයි දතයුතුය.

“සම‍්මාසම‍්බුද‍්ධාපදානානී”ති වත‍්තබ‍්බෙ “වණ‍්ණාගමො…පෙ… පඤ‍්චවිධං නිරුත‍්ත”න‍්ති නිරුත‍්තිනයෙන වා “තෙසු වුද‍්ධිලොපාගමවිකාරවිපරීතාදෙසා චා”ති සුත‍්තෙන වා තතියත්‍ථවාචකස‍්ස සම‍්මාතිනිපාතපදස‍්ස, සයංසද‍්දත්‍ථවාචකස‍්ස ස-න‍්තිඋපසග‍්ගපදස‍්ස ච ලොපං කත්‍වා කිතන‍්තවාචීබුද‍්ධසද‍්දමෙව ගහෙත්‍වා ගාථාබන්‍ධසුඛත්‍ථං “බුද‍්ධාපදානානී”ති වුත‍්තං. තස‍්මා සම‍්මාසම‍්බුද‍්ධාපදානානීති අත්‍ථො.

සම්මා සම්බුද්ධ අපදානය යයි කිවයුතු තැනදී වණ්ණාගමො - පඤ්චිධ නිරුත්තිං යනාදි නිරුක්ති න්‍යායෙන්ද, තෙසු වුද්ධිලොපාගමො විකාරපරිතදෙසා චා යන සූත්‍රයෙන්ද, තතියාර්ථ වාචක වූ ‘සම්මා’ යන නිපාත පදයට ද සයං යන ශබ්දාර්ථ වාචකයද ‘සං’ යන උපසර්ග පදයට ද ලොප්කොට කරන ලද බැවින් බුද්ධ ශබ්දයම ගෙන ගාථා බැඳීම් සැප අර්ථයයෙන් බුද්ධාපදාන යයි කියන ලදි. එබැවින් සම්මා සම්බුද්ධාපදාන යන අර්ථයයි.

ඉති විසුද‍්ධජනවිලාසිනියා අපදාන-අට‍්ඨකථාය

මෙසේ විසුද්ධජන විලාසිනි නම් අපදාන අට්ඨකථාවේ

අබ‍්භන‍්තරනිදානවණ‍්ණනා නිට‍්ඨිතා.

අභ්‍යන්තර නිදාන වර්ණනාව නිමියේය.