සන්තිකෙනිදානකථා අට්ඨකථා
සන්තිකෙනිදානකථා
සන්තිකෙනිදානකථා
“සන්තිකෙනිදානං පන ‘එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’. ‘වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය’න්ති ච එවං තස්මිං තස්මිං ඨානෙයෙව ලබ්භතී”ති වුත්තං. කිඤ්චාපි එවං වුත්තං, අථ ඛො පන තම්පි ආදිතො පට්ඨාය එවං වෙදිතබ්බං – උදානඤ්හි උදානෙත්වා ජයපල්ලඞ්කෙ නිසින්නස්ස භගවතො එතදහොසි – “අහං කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි ඉමස්ස පල්ලඞ්කස්ස කාරණා සන්ධාවිං, එත්තකං මෙ කාලං ඉමස්සෙව පල්ලඞ්කස්ස කාරණා අලඞ්කතසීසං ගීවාය ඡින්දිත්වා දින්නං, සුඅඤ්ජිතානි අක්ඛීනි හදයමංසඤ්ච උප්පාටෙවා දින්නං, ජාලීකුමාරසදිසා පුත්තා, කණ්හාජිනකුමාරිසදිසා ධීතරො, මද්දීදෙවිසදිසා භරියායො ච පරෙසං දාසත්ථාය දින්නා. අයං මෙ පල්ලඞ්කො ජයපල්ලඞ්කො ථිරපල්ලඞ්කො, එත්ථ මෙ නිසින්නස්ස සඞ්කප්පා පරිපුණ්ණා, න තාව ඉතො වුට්ඨහිස්සාමී”ති අනෙකකොටිසතසහස්සසමාපත්තියො සමාපජ්ජන්තො සත්තාහං තත්ථෙව නිසීදි. යං සන්ධාය වුත්තං – “අථ ඛො භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී”ති (මහාව· 1; උදා· 1).
සන්තිකෙ නිදානං වනාහි “එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ අනාථපිණ්ඩික සිටුගේ ආරාමයේ වැඩවාසය කරන කල්හිද, විශාලාවේ මහවනයේ කූටාගාර ශාලාවේ වැඩවාසය කරන කල්හිද, යනුවෙන් මෙසේ ඒ ඒ ස්ථානයේම ලබයි යනුවෙන් කියන ලදි. කුමක් නිසා මෙසේ කියන ලදද? ඉක්බිති එය මුල පටන් මෙසේ දතයුතුය. උදානයෙන් උදම් වී ජය පල්ලංකයෙහි වැඩසිටින්නා වූ බුදුරදුන්ට මෙබඳු අදහසක් පහළවිය. “මම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මෙම පල්ලංකයට අදාළ කාරණා සෙව්වෙමි. මම මෙපමණ කලක් මේ බෝධි පලඟින් වැඩසිටීමේ කාරණය දක්වා, අලංකාර වූ හිස, ග්‍රීවයෙන් වෙන්කොට දෙන ලද්දෙමි. මනාසේ සිතුවම් කළ ඇස් හෘදය මාංශද, උදුරා දෙන ලදි. ජාලිය කුමරු හා සමාන පුත්‍රයින් ද ක්‍රිෂ්ණජිනා කුමාරිය හා සමාන දූවරුන්ද මද්‍රි දේවිය හා සමාන භාර්යාවන්ද අනුන්ට දාස පිණිස දෙන ලදි. මගේ මේ පල්ලංකය ජය පල්ලංකයකි. උතුම් පල්ලංකයකි. මෙහි මා හුන්නා වූ අවස්ථාවේ ඇතිවූ සංකල්පනාව නම් “එය පරිපූර්ණ කොට මිස මෙතනින් නොනැගිටින්නෙමි” යනුවෙනි. නොයෙක් කෝටි සියදහස් ගණන් සමාපත්ති සමාදන් වෙන්නේ, සත්දිනක් එතැනම වැඩ හුන්නේය. යමක් සඳහා කියන ලදද? “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය මෙනෙහි කරමින් සත්දිනක් එකම පළඟක් මත වැඩසිටි සේක.”
අථ එකච්චානං දෙවතානං “අජ්ජාපි නූන සිද්ධත්ථස්ස කත්තබ්බකිච්චං අත්ථි, පල්ලඞ්කස්මිඤ්හි ආලයං න විජහතී”ති පරිවිතක්කො උදපාදි. සත්ථා දෙවතානං පරිවිතක්කං ඤත්වා තාසං විතක්කවූපසමත්ථං වෙහාසං අබ්භුග්ගන්ත්වා යමකපාටිහාරියං දස්සෙසි. මහාබොධිමණ්ඩෙ හි කතපාටිහාරියඤ්ච ඤාතිසමාගමෙ කතපාටිහාරියඤ්ච පාථිකපුත්තසමාගමෙ කතපාටිහාරියඤ්ච සබ්බං කණ්ඩම්බරුක්ඛමූලෙ කතයමකපාටිහාරියසදිසං අහොසි.
තව ද ඇතැම් දෙවිවරුන්ට අදද ඒකාන්තයෙන් සිද්ධාර්ථ හට කළයුතු කිස ඇත. පළඟෙහි ආලය අත් නොහරියි යනුවෙන් තර්ක විතර්ක හටගත්තේය. ශාස්තෲන් වහන්සේ දේවතාවන්ගේ තර්ක විතර්ක දැන ඔවුන්ගේ තර්ක විතර්ක සංසිඳුවීම පිණිස අහසට පැන නැග, යමක ප්රාතිහාර්ය පෑ සේක. මහාබෝධි මණ්ඩපයේදී කරන ලද ප්රාතිහාර්ය ද, ඤාති සමූහයා මැද කරන ලද ප්රාතිහාර්යද පාටික පුත්‍ර සමූහයා ඉදිරියේදී කරන ලද ප්රාතිහාර්ය සියල්ලද ගණ්ඩම්බ රුක්මුලදී (අඹගස මුලදී) කරන ලද ප්රාතිහාර්ය හා සමාන විය.
එවං සත්ථා ඉමිනා පාටිහාරියෙන දෙවතානං විතක්කං වූපසමෙත්වා පල්ලඞ්කතො ඊසකං පාචීනනිස්සිතෙ උත්තරදිසාභාගෙ ඨත්වා “ඉමස්මිං වත මෙ පල්ලඞ්කෙ සබ්බඤ්ඤුතං පටිවිද්ධ”න්ති චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතානං පාරමීනං බලාධිගමට්ඨානං පල්ලඞ්කං බොධිරුක්ඛඤ්ච අනිමිසෙහි අක්ඛීහි ඔලොකයමානො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං. අථ සත්ථා පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරා චඞ්කමං මාපෙත්වා පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං.
මෙසේ ශාස්තෲන් වහන්සේ මේ ප්‍රාතිහාර්යයෙන් දේවතාවන්ගේ විතර්ක සංසිඳවා පළඟට ස්වල්පයක් නැගෙනහිර ඇසුරුකොට, උතුරුදිශා භාගයේ සිට “ඒකාන්තයෙන් මේ පල්ලංකයේදී මට සර්වඥතා ඥානය අවබෝධ වූයේ” යයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරණ ලද පාරමිතාවන්ගේ අධිගම ඵලය පළඟේදී අනිමිස ලෝචනයෙන් බලමින් සත්දිනක් කල්ගත කළ සේක. ඒ ස්ථානය “අනිමිස චේතිය” යන නමින් හැඳින්වේ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පලඟේ වැඩසිටි අතර සක්මනක් මවා ඉදිරියටද පසුපසටද රුවන් සක්මන දිගේ සක්මන් කරමින් සත්දිනක් කල්ගත කළසේක. ඒ ස්ථානය රුවන් සක්මන යනුවෙන් හැඳින්වේ.
චතුත්ථෙ පන සත්තාහෙ බොධිතො පච්ඡිමුත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ භගවා පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විසෙසතො චෙත්ථ අනන්තනයසමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. ආභිධම්මිකා පනාහු – “රතනඝරං නාම න සත්තරතනමයං ගෙහං, සත්තන්නං පන පකරණානං සම්මසිතට්ඨානං ‘රතනඝර’න්ති වුච්චතී”ති. යස්මා පනෙත්ථ උභොපෙතෙ පරියායෙන යුජ්ජන්ති, තස්මා උභයම්පෙතං ගහෙතබ්බමෙව. තතො පට්ඨාය පන තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං. එවං සත්ථා බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි. තත්රාපි ධම්මං විචිනන්තො විමුත්තිසුඛඤ්ච පටිසංවෙදෙන්තො නිසීදි.
සතරවෙනි සතියෙහි වනාහි බෝධියට පසු උතුරුදිශා භාගයේ දේවතාවෝ රුවන්ගෙයක් මැවූහ. එහි භාග්‍යවතුන් වහන්සේ පළඟින් වැඩහිඳ විශේෂයෙන් අභිධර්ම පිටකය මුලසිට අගට මෙනෙහි කරමින් සත්දිනක් කල්ගත කළ සේක. අභිධර්මිකයෝ කීවාහුය. රතනඝර යනු මැණික්මය ගෙයක් නොවේ. ප්රකරණ සජතකය මෙනෙහි කරන ලද බැවින් රතනඝර (රුවන්ගෙය) නම් වේ. යම්හෙයකින් මෙහි අර්ථ දෙකම පර්යාය වශයෙන් යොදනු ලැබෙත්. එබැවින් අර්ථ දෙකම ගත යුතුය. එතැන් පටන් එම ස්ථානය රතනඝර චේතිය නමින් හැඳින්විය. මෙසේ ශාස්තෲන් වහන්සේ බෝධිය සමීපයේම සතර සතියක් කල්ගත කොට පස්වෙන සතියෙහි බෝරුකමල සිට අජපාල නුගරුක මුල යම්තැනකද? එතනට වැඩම කළහ. එහිදී ද ධර්මය පරීක්ෂා කරන්නේ විමුක්ති සුවය පිළිබඳ මෙනෙහි කරමින් කල්ගත කළ සේක.
තස්මිං සමයෙ මාරො පාපිමා “එත්තකං කාලං අනුබන්ධන්තො ඔතාරාපෙක්ඛොපි ඉමස්ස න කිඤ්චි ඛලිතං අද්දසං, අතික්කන්තොදානි එස මම වස”න්ති දොමනස්සප්පත්තො මහාමග්ගෙ නිසීදිත්වා සොළස කාරණානි චින්තෙන්තො භූමියං සොළස ලෙඛා ආකඩ්ඪි – “අහං එසො විය දානපාරමිං න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති එකං ලෙඛං ආකඩ්ඪි. තථා “අහං එසො විය සීලපාරමිං…පෙ… නෙක්ඛම්මපාරමිං, පඤ්ඤාපාරමිං, වීරියපාරමිං, ඛන්තිපාරමිං, සච්චපාරමිං, අධිට්ඨානපාරමිං, මෙත්තාපාරමිං, උපෙක්ඛාපාරමිං න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති දසමං ලෙඛං ආකඩ්ඪි. තථා “අහං එසො විය අසාධාරණස්ස ඉන්ද්රියපරොපරියත්තඤාණස්ස පටිවෙධාය උපනිස්සයභූතා දස පාරමියො න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති එකාදසමං ලෙඛං ආකඩ්ඪි. තථා “අහං එසො විය අසාධාරණස්ස ආසයානුසයඤාණස්ස…පෙ… මහාකරුණාසමාපත්තිඤාණස්ස, යමකපාටිහාරියඤාණස්ස, අනාවරණඤාණස්ස, සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිවෙධාය උපනිස්සයභූතා දස පාරමියො න පූරෙසිං, තෙනම්හි ඉමිනා සදිසො න ජාතො”ති සොළසමං ලෙඛං ආකඩ්ඪි. එවං මාරො ඉමෙහි කාරණෙහි මහාමග්ගෙ සොළස ලෙඛා ආකඩ්ඪිත්වා නිසීදි.
එසමයෙහිද පවිටු මාරයා, “මෙපමණ කලක් මොහුගේ සිදුරු සොයමින් ලුහුබැන්දේ වී නමුත් මොහුගේ කිසිම දෝෂයක් වනවා නුදුටුවෙමි. මොහු මගේ බලය ඉක්මවූයේ යයි සිතමින් දොම්නසට පැමිණියේ, මහා මාර්ගයේ හිඳ, කාරණා දහසයක් ගැන සිතන්නේ, බිම ඉරි දාසයක් ඇන්දේය. මම මෙතුමා මෙන් දාන පාරමිතාව නොපිරුවෙමි. එසේ හෙයින් මොහු හා සමාන නොවූයේ යයි එක ඉරක් (රේඛාවක්) ඇඳීය. එසේම මම මෙතුමා මෙන්, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව නොපිරුවෙමි. එහෙයින් මම මොහු හා සමාන නුවූවෙමි. රේඛා දහයක් ඇන්දේය. එසේය. මම මොහුගෙන් අන්‍යයන්ට පොදු නොවූ ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණය, ආසයානුසය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය, යමක පාටිහාරී ඤාණය, අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය, ලැබීමට දස පාරමිතාවන් නොපිරීමි. එම නිසා මම ඔහු සමාන නොවීමි’යි පිළිවෙලින් දහසය වන රේඛාව ද අඳිමින් උන්නේය.
තස්මිඤ්ච සමයෙ තණ්හා, අරති, රගා චාති තිස්සො මාරධීතරො (සං· නි· 1.161) “පිතා නො න පඤ්ඤායති, කහං නු ඛො එතරහී”ති ඔලොකයමානා තං දොමනස්සප්පත්තං භූමිං ලෙඛමානං නිසින්නං දිස්වා පිතු සන්තිකං ගන්ත්වා “කස්මා, තාත, ත්වං දුක්ඛී දුම්මනො”ති පුච්ඡිංසු. “අම්මා, අයං මහාසමණො මය්හං වසං අතික්කන්තො, එත්තකං කාලං ඔලොකෙන්තො ඔතාරමස්ස දට්ඨුං නාසක්ඛිං, තෙනම්හි දුක්ඛී දුම්මනො”ති. “යදි එවං මා චින්තයිත්ථ, මයමෙතං අත්තනො වසෙ කත්වා ආදාය ආගමිස්සාමා”ති ආහංසු. “න සක්කා, අම්මා, එස කෙනචි වසෙ කාතුං, අචලාය සද්ධාය පතිට්ඨිතො එස පුරිසො”ති. “තාත, මයං ඉත්ථියො නාම, ඉදානෙව නං රාගපාසාදීහි බන්ධිත්වා ආනෙස්සාම, තුම්හෙ මා චින්තයිත්ථා”ති වත්වා භගවන්තං උපසඞ්කමිත්වා “පාදෙ තෙ, සමණ , පරිචාරෙමා”ති ආහංසු. භගවා නෙව තාසං වචනං මනසි අකාසි, න අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකෙසි, අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තියා විවෙකසුඛඤ්ඤෙව අනුභවන්තො නිසීදි.
එසමයෙහි, තණ්හා, රතී, රගා යන මාර දූවරු තිදෙනා “අපට පියා නොපෙනෙයි” මොහු කොහේදැයි සොයාබලන්නේම ඔහු දොම්නසට පැමිණ භූමියෙහි ඉරි අඳිමින් සිටිනවා දැක, පියා සමීපයට ගොස් “පියාණනි; කුමක් හෙයින් ඔබ දුක්වූ නරක් වූ සිතින් දැයි විචාළෝය. “දරුව, මේ මහා ශ්‍රමණයා මගේ බලය ඉක්මවා යන්නේ මෙපමණ කලක් බලා සිටින්නේ ඉඩකඩ මාත්‍රයක් නොහැකි වීමි. එබැවින් දුකින් නරක් වූ සිතින් යයි කීවේය” ඉදින් මෙසේ නොසිතවු! අපි මොහු තමන්ගේ වසඟයට ගෙන පැමිණෙන්නෙමු” කීවාහුය. දරුවනි; මේ පුරුෂයා අචල ශ්‍රද්ධාවෙහි පිහිටියෝ මෙතුමා කිසිවකු විසින් වසඟ කරනු ලැබීමට නොහැකිය. පියාණනි, අපි ස්ත්‍රීහු වෙමු. දැන් මොහුව රාගබන්ධානාදියෙන් බැඳ රැගෙන එන්නෙමු. නුඹ නහමක් නොසිතුව මැනව යයි පවසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ශ්‍රමණය; ඔබගේ පා සේවනය කරමු’ යි කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ ඈලාගේ වචන මෙනෙහි නොකළේය. යම්තමින්වත් ඇස් ඇර නොබැලුවේය. අවබෝධ කරගත් අනුත්තර වූ විමුක්ති සුවයද, විවේක සුවයද අනුභව කරමින් වැඩහුන් සේක.
පුන මාරධීතරො “උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා, කෙසඤ්චි කුමාරිකාසු පෙමං හොති, කෙසඤ්චි පඨමවයෙ ඨිතාසු, කෙසඤ්චි මජ්ඣිමවයෙ ඨිතාසු, කෙසඤ්චි පච්ඡිමවයෙ ඨිතාසු, යංනූන මයං නානප්පකාරෙහි රූපෙහි පලොභෙත්වා ගණ්හෙය්යාමා”ති එකමෙකා කුමාරිකවණ්ණාදිවසෙන සකං සකං අත්තභාවං අභිනිම්මිනිත්වා කුමාරිකා, අවිජාතා, සකිංවිජාතා, දුවිජාතා, මජ්ඣිමිත්ථියො, මහිත්ථියො ච හුත්වා ඡක්ඛත්තුං භගවන්තං උපසඞ්කමිත්වා “පාදෙ තෙ, සමණ, පරිචාරෙමා”ති ආහංසු. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො. කෙචි පනාචරියා වදන්ති – “තා මහිත්ථිභාවෙන උපගතා දිස්වා භගවා – ‘එතා ඛණ්ඩදන්තා පලිතකෙසා හොන්තූ’ති අධිට්ඨාසී”ති. තං න ගහෙතබ්බං. න හි භගවා එවරූපං අධිට්ඨානං අකාසි. භගවා පන “අපෙථ තුම්හෙ, කිං දිස්වා එවං වායමථ, එවරූපං නාම අවීතරාගාදීනං පුරතො කාතුං වට්ටති. තථාගතස්ස පන රාගො පහීනො, දොසො පහීනො, මොහො පහීනො”ති අත්තනො කිලෙසප්පහානං ආරබ්භ –
නැවත මාර දූවරු “උස් පහත් හඬින් පුරුෂයන්ගේ අභිප්‍රාය කෙසේනම් ගැහැණුන් වෙත පත්වේද, ගැහැණුන් කෙරෙහි ප්‍රේමය වෙයිද? කෙසේනම් පළමු වයසෙහි සිටියේද, කෙසේ මධ්‍යම වයසේ සිටියෝද, පශ්චිම වයසේදි කෙසේ නම් වේද? යම්බඳු වූ අපි නොයෙක් ආකාරයෙන් පොළොඹවා ගන්නෙමු”යයි එක් එක් කුමාරිකාවන් වර්ණ හැඩතල වශයෙන් සියයක් සියයක් ආත්ම භාවයන් මවාගෙන නොඉඳුල් කුමාරිකාවක ලෙසද, එක්වරක් ප්‍රසූත කළ, දෙවරක් ප්‍රසූත කළ, මධ්‍යම ප්‍රමාණයේ ස්ත්‍රීහු, මහා ස්ත්‍රීහුද වී ආදී වශයෙන් සය වතාවක් බුදුරදුන් වෙත එළඹ, ශ්‍රමණය; ඔබගේ පාද සේවනය කරමු යයි කීවාහුය. උතුම් නුවණින් මිදීම ලැබූ උතුමන් යම්සේද, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් මෙනෙහි නොකළ සේක. සමහර ආචාර්යවරු මෙසේ කියත්. “ඈලා මහා ස්ත්‍රී විලාශයෙන් පැසුළු ස්ත්‍රීන් මෙන් පැමිණියන් දැක, භගවත්හු මෑලා දත් කැඩුණු, පැසුණු කෙස් ඇතිවේවා! යනුවෙන් අධිෂ්ඨාන කළ සේක. එය නොපිළිගත යුතුය. භගවත්හු මෙබඳු ආකාර අධිෂ්ඨානයක් නොකළ සේක. භගවත්හු නුඹලා පහව කුමක් දැක මෙසේ වෙර වඩව්ද? මෙසේ වෑයම් කරවුද? මෙබඳු ආකාර වූ දේ රාගාදිය දුරු නොකළ එවුන් ඉදිරියේ කීම වටියි. තථාගතයන් වහන්සේ වනාහි රාගය ප්‍රහීණ කළ සේක. ද්වේෂය ප්‍රහීණ කළේය. මෝහය ප්‍රහීණ කළේ යයි, තමන්ගේ කෙළෙස් ප්රහාණය අරඹයා :-
“යස්ස ජිතං නාවජීයති, ජිතමස්ස නොයාති කොචි ලොකෙ; තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.
“යමකු ලැබූ දිනුම කිසිවිටක පැරදුමක් කළහැකිද, යමෙකු විසින් පරදවන ලද කෙලෙස්වලින් එකකුත් නැවත ඔහු ලුහුබඳීද, සියළු කෙළෙසුන් දුරුකළා වූ බුදුරදුන් කවර පියවරකින් මාරයා කරා ගෙනගිය හැකිද?
“යස්ස ජාලිනී විසත්තිකා, තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ; තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථා”ති. (ධ· ප· 179-180) –
ඇලෙනසුළු වූද, දැලක් වැනි වූද, තෘෂ්ණාව යමෙකුට නැතිනම්, සර්වඥතා ඥානය ඇති කෙලෙස් පිහිටීම් නැති බුදුරදුන් කවර ආකාරයකින් මාරයා වෙත ගෙනගිය හැකිද?”
ඉමා ධම්මපදෙ බුද්ධවග්ගෙ ද්වෙ ගාථා වදන්තො ධම්මං දෙසෙසි. තා “සච්චං කිර නො පිතා අවොච, ‘අරහං සුගතො ලොකෙ, න රාගෙන සුවානයො’”තිආදීනි (සං· නි· 1.161) වත්වා පිතු සන්තිකං ආගමිංසු.
මේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ ගාථා දෙකක් වදාරමින් ධර්මය දේශනා කළ සේක. එය සත්‍යයයි අපගේ පියා කීවේය. සුගතයන් වහන්සේ ලෝකයෙහි අරහත්ය. රහතන් වහන්සේ වසඟයට රාගයෙන් පමුණුවාගත නොහැකියි ආදිය පවසා පියා සමීපයට ගියහ.
භගවාපි තත්ථෙව සත්තාහං වීතිනාමෙත්වා තතො මුචලින්දමූලං අගමාසි. තත්ථ සත්තාහවද්දලිකාය උප්පන්නාය සීතාදිපටිබාහනත්ථං මුචලින්දෙන නාම නාගරාජෙන සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිත්තො අසම්බාධාය ගන්ධකුටියං විහරන්තො විය විමුත්තිසුඛං පටිසංවෙදියමානො සත්තාහං වීතිනාමෙත්වා රාජායතනං උපසඞ්කමිත්වා තත්ථපි විමුත්තිසුඛං පටිසංවෙදියමානොයෙව සත්තාහං වීතිනාමෙසි. එත්තාවතා සත්ත සත්තාහානි පරිපුණ්ණානි. එත්ථන්තරෙ නෙව මුඛධොවනං, න සරීරපටිජග්ගනං, න ආහාරකිච්චං අහොසි, ඣානසුඛඵලසුඛෙනෙව ච වීතිනාමෙසි.
භාග්‍යවතුන් වහන්සේද එහිම සත්දිනක් කල්යවා, අනතුරුව මුචලින්ද මූලයට ගියේය. එහි සත්දිනක් අහස වළාකුලින් වැසී තිබුණු නිසා උපන් ශීතල ආදිය නැතිකිරීමට මුචලින්ද නාගරාජයා විසින් හත්වරක් දරණයෙන් වෙලාගෙන, සම්බාධක රහිතව ගඳකිළියේ වාසය කරන්නාක් මෙන් විමුක්ති සුවය මෙනෙහි කරමින් සත්දිනක් කල් ගතකොට රාජායතනයට එළඹ එහිදීද විමුක්ති සුවය මෙනෙහි කරමින් සත්දිනක් කල්ගත කළේය. මෙපමණකින් සත සත බැගින් පරිපූර්ණ වූයේ සත්සතිය නිමා විය. මේ අතරතුර මුව සේදීමක් නොවීය. ශරීරය පිළිදැගුම් කිරීමක් නොවීය. ආහාරකිසද නොවීය. ධ්‍යාන සුවයෙන් කල් ගතකළ සේක.
අථස්ස තස්මිං සත්තසත්තාහමත්ථකෙ එකූනපඤ්ඤාසතිමෙ දිවසෙ තත්ථ නිසින්නස්ස “මුඛං ධොවිස්සාමී”ති චිත්තං උදපාදි. සක්කො දෙවානමින්දො අගදහරීතකං ආහරිත්වා අදාසි, සත්ථා තං පරිභුඤ්ජි, තෙනස්ස සරීරවළඤ්ජො අහොසි. අථස්ස සක්කොයෙව නාගලතාදන්තකට්ඨඤ්චෙව මුඛධොවනොදකඤ්ච අදාසි. සත්ථා තං දන්තකට්ඨං ඛාදිත්වාව අනොතත්තදහොදකෙන මුඛං ධොවිත්වා තත්ථෙව රාජායතනමූලෙ නිසීදි.
ඉක්බිති උන්වහන්සේට ඒ සත සත බැගින් වූ ඉහත කාලයේ දින හතළිස් නමයක් එහි වැඩසිටියේ මුව සෝදන්නෙමියි සිත් පහළවිය. ශක්‍ර දේවේන්ද්‍රයා බෙහෙත් අරළු ගෙනවිත් දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒවා වැළඳූ සේක. එයින් උන්වහන්සේගේ ශරීර කෘත්‍යය සිදුවිය. ඉක්බිති උන්වහන්සේට ශක්රයාම නාළිය (බුලත්වැල්) දැහැට්ටක්ද මුව සේදීමට ජලයද දුන්නේය. ශාස්තෲන් වහන්සේ දැහැටි වළඳා අනෝතත්ත විල් ජලයෙන් මුව සෝදා ඒ රාජායතන මුල වැඩසිටි සේක.
තස්මිං සමයෙ තපුස්ස භල්ලිකා නාම ද්වෙ වාණිජා පඤ්චහි සකටසතෙහි උක්කලා ජනපදා මජ්ඣිමදෙසං ගච්ඡන්තා පුබ්බෙ අත්තනො ඤාතිසාලොහිතාය දෙවතාය සකටානි සන්නිරුම්භිත්වා සත්ථු ආහාරසම්පාදනෙ උස්සාහිතා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච ආදාය – “පටිග්ගණ්හාතු නො, භන්තෙ, භගවා ඉමං ආහාරං අනුකම්පං උපාදායා”ති සත්ථාරං උපනාමෙත්වා අට්ඨංසු. භගවා පායාසපටිග්ගහණදිවසෙයෙව පත්තස්ස අන්තරහිතත්තා “න ඛො තථාගතා හත්ථෙසු පටිග්ගණ්හන්ති, කිම්හි නු ඛො අහං පටිග්ගණ්හෙය්ය”න්ති චින්තෙසි. අථස්ස චිත්තං ඤත්වා චතූහි දිසාහි චත්තාරො මහාරාජානො ඉන්දනීලමණිමයෙ පත්තෙ උපනාමෙසුං, භගවා තෙ පටික්ඛිපි. පුන මුග්ගවණ්ණසෙලමයෙ චත්තාරො පත්තෙ උපනාමෙසුං. භගවා චතුන්නම්පි මහාරාජානං සද්ධානුරක්ඛණත්ථාය චත්තාරොපි පත්තෙ පටිග්ගහෙත්වා උපරූපරි ඨපෙත්වා “එකො හොතූ”ති අධිට්ඨාසි. චත්තාරොපි මුඛවට්ටියං පඤ්ඤායමානලෙඛා හුත්වා මජ්ඣිමප්පමාණෙන එකත්තං උපගමිංසු. භගවා තස්මිං පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ ආහාරං පටිග්ගහෙත්වා පරිභුඤ්ජිත්වා අනුමොදනං අකාසි. තෙ ද්වෙ භාතරො වාණිජා බුද්ධඤ්ච ධම්මඤ්ච සරණං ගන්ත්වා ද්වෙවාචිකා උපාසකා අහෙසුං. අථ නෙසං “එකං නො, භන්තෙ, පරිචරිතබ්බට්ඨානං දෙථා”ති වදන්තානං දක්ඛිණහත්ථෙන අත්තනො සීසං පරාමසිත්වා කෙසධාතුයො අදාසි. තෙ අත්තනො නගරෙ තා ධාතුයො සුවණ්ණසමුග්ගස්ස අන්තො පක්ඛිපිත්වා චෙතියං පතිට්ඨාපෙසුං.
එසමයෙහි තපස්සු-භල්ලික නම් වූ වෙළෙදුන් දෙදෙනෙක් පන්සියයක් ගැල් සමග උක්කලා ජනපදයේ සිට මජ්ඣිම දේශයට යන්නෝ පෙර තමන්ගේ සහ ලේ නෑයකු වූ දේවතාවක විසින් කරත්ත නතර කරවා, ශාස්තෲන් වහන්සේට ආහාර සම්පාදනයේ උත්සාහවත් කළේය. අත්සුණු ද මීපිඬු ද රැගෙන “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට අනුකම්පා උපදවා මේ ආහාර පිළිගන්නා සේක්වා”යි ශාස්තෲන් වෙත පිළිගන්වා සිටියහ. බුදුරදුන් කිරිබත් පිළිගන්නා දිනයේදී තම පාත්‍රය අතුරුදන්ව ඇති බැවින් තථාගතයෝ අත්වලට නොපිළිගනිත්. මම කුමකට පිළිගන්නෙම් දැයි සිතුවේය. ඉක්බිති උන්වහන්සේගේ සිත දැන සතර දිශාවල සතරවරම් මහරජවරු ඉන්ද්රනීල මාණික්‍යයෙන් උපන් පාත්‍ර පිළිගැන්වූහ. භාග්‍යවත්හු ඒවා ප්‍රතික්ෂේප කළ සේක. නැවත මුංඇට වර්ණයැති ශෛලමය පාත්‍ර සතරක් පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ, සතරවරම් රජදරුවන්ගේ ශ්‍රද්ධාව රැකීම පිණිස පාත්‍ර සතරම පිළිගෙන එකිනෙක තබා එකක් වේවා’යි අධිෂ්ඨාන කළ සේක. සතරද මුවවිටින් ප්‍රකටවන රේඛාවන් වී මධ්‍යම ප්‍රමාණයේ එකක් බවට පත්කළහ. භාග්‍යවත්හු ඒ අනර්ඝ ශෛලමය පාත්‍රයෙහි ආහාර පිළිගෙන වළඳා අනුමෝදනා කළ සේක. ඒ සහෝදර වෙළෙන්දෝ දෙදෙනා බුදුන්, දහම් සරණ ගොස් ‘ද්වේවාචික’ උපාසකයෝ වූද ඉක්බිති ස්වාමීනි අපට වැඳුම් පිඳුම් කළයුතු දෙයක් දෙත්වායි, බුදුරදුන්ට පවසන්නේ, දකුණු අතින් තමන්ගේ හිස පිරිමැද කේශධාතු මිටක් දුන්හ. ඔවුහු තමන්ගේ නගරයෙහි ඒ ධාතු රන් කරඬුවක බහා චෛත්‍යයක් පිහිටවූහ.
සම්මාසම්බුද්ධො පන තතො වුට්ඨාය පුන අජපාලනිග්රොධමෙව ගන්ත්වා නිග්රොධමූලෙ නිසීදි. අථස්ස තත්ථ නිසින්නමත්තස්සෙව අත්තනා අධිගතධම්මස්ස ගම්භීරතං පච්චවෙක්ඛන්තස්ස සබ්බබුද්ධානං ආචිණ්ණො – “කිච්ඡෙන අධිගතො ඛො ම්යායං ධම්මො”ති පරෙසං අදෙසෙතුකාමතාකාරප්පත්තො විතක්කො උදපාදි. අථ ඛො බ්රහ්මා සහම්පති “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො”ති දසහි චක්කවාළසහස්සෙහි සක්කසුයාමසන්තුසිතනිම්මානරතිවසවත්තිමහාබ්රහ්මානො ආදාය සත්ථු සන්තිකං ආගන්ත්වා “දෙසෙතු, භන්තෙ, භගවා ධම්ම”න්තිආදිනා නයෙන ධම්මදෙසනං ආයාචි.
සම්මා සම්බුදුරදුන්, එතනින් නැගිට නැවත අජපාල නුගරුක මුලට ගොස් නුගරුක මුල වැඩසිටි සේක. එසේ වැඩහිඳිනා විටම තමන් අවබෝධ කළ ධර්මයේ ගැඹුරු බව මෙනෙහි කරන්නේ සියළු බුදුවරුන්ට ආවේනික වූ තමා විසින් අවබෝධ කර ගත් මේ ධර්මය අනුන්ට දේශනා නොකිරීමට සිත නැඹුරු විය. තමන් විසින් අවබෝධ කළ ධර්මය විමසත් විමසත්ම එහි ගැඹුරු බව දැනීමෙන් මෙසේ ඇතිවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මයා “පින්වතුන් වහන්ස, ඒකාන්තයෙන් ලෝකය විනාශ වන්නේ යයි පවසා දස දහසක් සක්වලද ශක්‍ර, සුයාම, සන්තුෂිත, නිම්මානරතී, වසවර්ති මහා බ්‍රහ්මයා ආදීන් රැගෙන ශාස්තෲ බුදුන් සමීපයට ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කෙරේව. සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා” ආදී න්‍යායෙන් ධර්මදේශනාවට ආයාචනා කළේය.
සත්ථා තස්ස පටිඤ්ඤං දත්වා “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති චින්තෙන්තො “ආළාරො පණ්ඩිතො, සො ඉමං ධම්මං ඛිප්පං ආජානිස්සතී”ති චිත්තං උප්පාදෙත්වා පුන ඔලොකෙන්තො තස්ස සත්තාහකාලඞ්කතභාවං ඤත්වා උදකං ආවජ්ජෙසි. තස්සාපි අභිදොසකාලඞ්කතභාවං ඤත්වා “බහූපකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ”ති පඤ්චවග්ගියෙ ආරබ්භ මනසි කත්වා “කහං නු ඛො තෙ එතරහි විහරන්තී”ති ආවජ්ජෙන්තො “බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ”ති ඤත්වා කතිපාහං බොධිමණ්ඩසාමන්තායෙව පිණ්ඩාය චරන්තො විහරිත්වා “ආසාළ්හිපුණ්ණමායං බාරාණසිං ගන්ත්වා ධම්මචක්කං පවත්තෙස්සාමී”ති පක්ඛස්ස චාතුද්දසියං පච්චූසසමයෙ පච්චුට්ඨාය පභාතාය රත්තියා කාලස්සෙව පත්තචීවරමාදාය අට්ඨාරසයොජනමග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උපකං නාම ආජීවකං දිස්වා තස්ස අත්තනො බුද්ධභාවං ආචික්ඛිත්වා තං දිවසමෙව සායන්හසමයෙ ඉසිපතනං සම්පාපුණි.
ශාස්තෲන් වහන්සේ ප්‍රතිඥා දී මම කවරෙකුට පළමුව ධර්මදේශනා කරන්නෙම්දැයි, සිතන්නේ, ආලාර පණ්ඩිතයා, ඔහු මේ ධර්මය වහාම දැනගන්නේ යයි සිත් උපදවා නැවත බලන්නේ ඔහු සත් දිනකට පෙර කළුරිය කළ බව දැන, උද්දක ගැන ආවර්ජනා කළ සේක. ඔහුද පෙර දින සවස කළුරිය කළ බව දැන, මට පංචවාර්ගික භික්ෂූන් බොහෝ උපකාර කළේ යයි මෙනෙහි කොට, මේ වේලාවේ ඔවුහු කොහේ වාසය කරන්නේදැයි ආවර්ජනා කරන්නේ බරණැස ඉසිපතනයේ මිගදායේ බව දැන කිහිප දිනකින් මම බෝධිමණ්ඩපය හාත්පස පිඬු පිණිස හැසිරෙමින් වාසයකොට ඇසළ පූර්ණමි දිනයේ බරණැසට ගොස්, ධර්මචක්රය පවත්වන්නෙමියි, මාසයේ තුදුස්වන අවපක්ෂය දා අළුයම් වේලාවේ වේලාසනින් නැගිට, කලින්ම පා සිවුරු රැගෙන යොදුන් දහඅටක් මගට පිළිපන්නේ අතරමග උපක නම් ආජීවකයා දැක ඔහුට තමන් බුදුවූ බව පවසා, එදවස සවස් කාලයේ ඉසිපතනයට පැමිණි සේක.
පඤ්චවග්ගියා තථාගතං දූරතොව ආගච්ඡන්තං දිස්වා “අයං ආවුසො, සමණො ගොතමො පච්චයබාහුල්ලාය ආවත්තිත්වා පරිපුණ්ණකායො පීණින්ද්රියො සුවණ්ණවණ්ණො හුත්වා ආගච්ඡති. ඉමස්ස වන්දනාදීනි න කරිස්සාම, මහාකුලප්පසුතො ඛො පනෙස ආසනාභිහාරං අරහති, තෙනස්ස ආසනමත්තං පඤ්ඤාපෙස්සාමා”ති කතිකං අකංසු. භගවා සදෙවකස්ස ලොකස්ස චිත්තාචාරජානනසමත්ථෙන ඤාණෙන “කිං නු ඛො ඉමෙ චින්තයිංසූ”ති ආවජ්ජෙත්වා චිත්තං අඤ්ඤාසි. අථ තෙසු සබ්බදෙවමනුස්සෙසු අනොදිස්සකවසෙන ඵරණසමත්ථං මෙත්තචිත්තං සඞ්ඛිපිත්වා ඔදිස්සකවසෙන මෙත්තචිත්තෙන ඵරි. තෙ භගවතා මෙත්තචිත්තෙන සංඵුට්ඨා තථාගතෙ උපසඞ්කමන්තෙ සකාය කතිකාය සණ්ඨාතුං අසක්කොන්තා පච්චුග්ගන්ත්වා අභිවාදනාදීනි සබ්බකිච්චානි අකංසු. සම්මාසම්බුද්ධභාවං පනස්ස අජානන්තා කෙවලං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරිංසු.
පංචවග්ගිය භික්ෂූහු තථාගතයන් වහන්සේ පැමිණෙන ආකාරය දුරදීම දැක, ඇවැත්නි මේ ශ්‍රමණ ගෞතමයා, බොහෝ ප්‍රත්‍යය අනුභවකොට පිරිපුන් කයක් ඇතිව පිනන ලද ඉඳුරන් ඇතිව රන්වන්පාට වී පැමිණෙයි. මොහුට වැඳුම්-පිදුම් නොකරන්නෙමු. මහකුලයක උපතලද බැවින් සුදුසු ආසනයක් පමණක් පැනවීම සුදුසුය. එහෙයින් ඔහුට ආසනයක් පමණක් පනවන්නෙමු යි කථිකා කළහ. භාග්‍යවතුන් වහන්සේ සදේවක ලෝකයාගේ සිත් මැනවින් දැන ගැනීමේ සමර්ථ වූ නුවණින් යුක්ත හෙයින් “මොවුහු කුමන දෙයක් සිතුවෝදැයි ආවර්ජනාකොට, සිත් දැනගන්නේය. ඉක්බිති ඔවුහු සියලු දෙව්මිනිසුන් අතර නියම කෙනෙකු නැති බැවින් පැතිරීමට සමත් මෛත්‍රී සිත හකුළුවා නියම කිරීම් වශයෙන් මෛත්‍රී සිතින් පැතිරවීය. ඔවුහු බුදුරදුන්ගේ මෛත්‍රී සිතින් ගැටුණේ, යම්සේ භගවත්හු ඔවුන් වෙත පැමිණේද, ඒ ඒ පරිදි කථා කරගත් අයුරින් සිටීමට නොහැකි වන්නේ පෙරගමන් කොට අභිවන්දනා කිරීම ආදී සියලු කටයුතු කළහ.
අථ නෙ භගවා – “මා, භික්ඛවෙ, තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරථ. අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො”ති අත්තනො බුද්ධභාවං ඤාපෙත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො උත්තරාසාළ්හනක්ඛත්තයොගෙ වත්තමානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි පරිවුතො පඤ්චවග්ගියත්ථෙරෙ ආමන්තෙත්වා තිපරිවට්ටං ද්වාදසාකාරං ඡඤාණවිජම්භනං අනුත්තරං ධම්මචක්කප්පවත්තනසුත්තන්තං (මහාව· 13 ආදයො; සං· නි· 5.1081) දෙසෙසි. තෙසු කොණ්ඩඤ්ඤත්ථෙරො දෙසනානුසාරෙන ඤාණං පෙසෙන්තො සුත්තපරියොසානෙ අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සත්ථා තත්ථෙව වස්සං උපගන්ත්වා පුනදිවසෙ වප්පත්ථෙරං ඔවදන්තො විහාරෙයෙව නිසීදි, සෙසා චත්තාරොපි පිණ්ඩාය චරිංසු. වප්පත්ථෙරො පුබ්බණ්හෙයෙව සොතාපත්තිඵලං පාපුණි . එතෙනෙවුපායෙන පුනදිවසෙ භද්දියත්ථෙරං, පුනදිවසෙ මහානාමත්ථෙරං, පුනදිවසෙ අස්සජිත්ථෙරන්ති සබ්බෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා පඤ්චමියං පක්ඛස්ස පඤ්චපි ථෙරෙ සන්නිපාතෙත්වා අනත්තලක්ඛණසුත්තන්තං (මහාව· 20 ආදයො; සං· නි· 3.59) දෙසෙසි. දෙසනාපරියොසානෙ පඤ්චපි ථෙරා අරහත්තෙ පතිට්ඨහිංසු. අථ සත්ථා යසස්ස කුලපුත්තස්ස උපනිස්සයං දිස්වා තං රත්තිභාගෙ නිබ්බිජ්ජිත්වා ගෙහං පහාය නික්ඛන්තං “එහි යසා”ති පක්කොසිත්‍වා තස්මිංයෙව රත්තිභාගෙ සොතාපත්තිඵලෙ, පුනදිවසෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා, අපරෙපි තස්ස සහායකෙ චතුපඤ්ඤාසජනෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා අරහත්තං පාපෙසි.
සම්මා සම්බුදු භාවය නොදන්නා බැවින් හුදෙක් නාමයෙන් “ආවුසො” වාදයෙන් ආමන්ත්‍රණය කරහු, ඉක්බිති ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, තථාගතයන්ට නාමයෙන් හෝ ආවුසෝ වාදයෙන් කථා නොකරවු. මහණෙනි, තථාගත සම්බුදුරදුන් අර්හත්ය යනුවෙන් තමන්ගේ බුද්ධභාවය හඟවා පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩහුන්නේ, උතුරුසල් නැකැත් යෝගය පවත්නා කල්හි අටකෝටියක් බ්‍රහ්මයන් විසින් පිරිවරණ ලදුව, පසුවග තෙරුන් අමතා, දෙළොස් ආකාර වූ ත්රිපරිවෘත්තයෙන් යුතු අවබෝධය වඩාත් ඉස්මතු කරවා අනුත්තර වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. ඔවුන් අතර කොණ්ඩඤ්ඤ තෙරුන් දේශනාව අනුසාරයෙන් ඤාණය මෙහෙයවමින් සූත්‍රය අවසානයේ අටකෝටියක් බ්‍රහ්ම සේනාව සමග සෝවාන් ඵලයෙහි පිහිටි සේක. ශාස්තෲන් වහන්සේ එහිම වස් සමාදන් වී, දෙවෙනි දිනයේ වප්ප තෙරුන්ට අවවාද දෙමින් විහාරයේම වැඩසිටි සේක. සෙසු සතරදෙනා පිඬු පිණිස හැසිරුණහ. වප්ප තෙරුන් පෙරදීම සෝවාන් ඵලයෙහි පිහිටියේය. ශාස්තෲන් වහන්සේ එහිම වාසයකොට ඊළඟ දවසේ භද්දිය තෙරුන්ද, ඊළග දිනයේ අස්සජි තෙරුන්ද වශයෙන් සියල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටුවා කළුවර පක්ෂයෙහි පස්වෙනිදා තෙරවරුන් පස්දෙනාම රැස්කරවා “අනන්ත ලක්ඛණ” සූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි තෙරවරු පස්දෙනාම අරහත්ත ඵලයෙහි පිහිටියාහුය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ යසකුල පුත්‍රයාගේ හේතුසම්පත් දැක රාත්‍රී කාලයෙහි නින්දෙන් පිබිදී සසර කළකිරී ගෙය හැර නික්ම එනු යසකුල පුත්‍රයා දැක, යස මෙහි එන්න යයි කැඳවා ඒ රාත්‍රී කාලයේම සෝතාපත්ති ඵලයේද, දෙවෙනි දිනයේ අරහත් ඵලයෙහිද පිහිටුවා, පසුව ඔහුගේ යහළුවන් වූ සිවු පනසක් ජනතාව ඒහිභික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කරවා, රහත් ඵලයට පැමිණවීය.
එවං ලොකෙ එකසට්ඨියා අරහන්තෙසු ජාතෙසු සත්ථා වුට්ඨවස්සො පවාරෙත්වා “චරථ භික්ඛවෙ චාරික”න්ති සට්ඨිභික්ඛූ දිසාසු පෙසෙත්වා සයං උරුවෙලං ගච්ඡන්තො අන්තරාමග්ගෙ කප්පාසිකවනසණ්ඩෙ තිංසභද්දවග්ගියකුමාරෙ විනෙසි. තෙසු සබ්බපච්ඡිමකො සොතාපන්නො, සබ්බුත්තමො අනාගාමී අහොසි. තෙපි සබ්බෙ එහිභික්ඛුභාවෙනෙව පබ්බාජෙත්වා දිසාසු පෙසෙත්වා උරුවෙලං ගන්ත්වා අඩ්ඪුඩ්ඪපාටිහාරියසහස්සානි දස්සෙත්වා උරුවෙලකස්සපාදයො සහස්සජටිලපරිවාරෙ තෙභාතිකජටිලෙ විනෙත්වා එහිභික්ඛුභාවෙන පබ්බාජෙත්වා ගයාසීසෙ නිසීදාපෙත්වා ආදිත්තපරියායදෙසනාය (මහාව· 54) අරහත්තෙ පතිට්ඨාපෙත්වා තෙන අරහන්තසහස්සෙන පරිවුතො “බිම්බිසාරරඤ්ඤො දින්නපටිඤ්ඤං මොචෙස්සාමී”ති රාජගහනගරූපචාරෙ ලට්ඨිවනුය්යානං අගමාසි. රාජා උය්යානපාලස්ස සන්තිකා “සත්ථා ආගතො”ති සුත්වා ද්වාදසනහුතෙහි බ්රාහ්මණගහපතිකෙහි පරිවුතො සත්ථාරං උපසඞ්කමිත්වා චක්කවිචිත්තතලෙසු සුවණ්ණපට්ටවිතානං විය පභාසමුදයං විස්සජ්ජෙන්තෙසු තථාගතස්ස පාදෙසු සිරසා නිපතිත්වා එකමන්තං නිසීදි සද්ධිං පරිසාය.
මෙසේ ලෝකයෙහි හැටඑකක් රහතන් වහන්සේ හටගත් කල්හි, ශාස්තෲන් වහන්සේ සමාදන් වූ වස්කාලය පවාරණය කොට “මහණෙනි, චාරිකාවේ හැසිරෙව්!” යනුවෙන් හැටක් භික්ෂූන් දිශාවලට පිටත්කර යවා තෙමේ, උරුවෙලාවට වැඩම කරන්නේ අතරමග ‘කප්පාසික’ වන ලැහැබෙහි (කපු වනයෙහි) භද්ද වග්ගිය කුමාරවරු තිස්දෙනෙකු හික්මවාලූ සේක. ඔවුන් අතර සියල්ලට ලාබාල වූ කුමන සෝවාන් ඵලයේද සියල්ලට වැඩිහිටි කුමරා අනාගාමීද විය. ඒ සියළු දෙනාම ඒහිභික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කරවා, දිසා දිසාවන්හි පිටත්කර යවා තමන්වහන්සේ උරුවෙලාවට වැඩ තුන්දහස් පන්සියයක් ප්රාතිහාර්ය දක්වා ජටිලයන් දහසක් පිරිවරකොට ඇති උරුවෙල කස්සප ආදි තුන්බෑ ජටිලයන් පිරිවර සහිතව පහදවා ජටිලයන් දමනය කොට, ඒහිභික්ෂු භාවයෙන් පැවිදිකරවා ගයා ශීර්ෂයෙහි වැඩහිඳුවා “ආදිත්ත පරියාය” දේශනාවෙන් රහත්ඵලයේ පිහිටුවා, ඒ දහසක් රහතන් වහන්සේ විසින් පිරිවරන ලදුව බිම්බිසාර රජුට දෙනලද ප්‍රතිඥාව මුදවන්නෙමියි රජගහනුවර ඇසුරුකොට (වැල්මී) උයනට වැඩි සේක. රජු උද්‍යාන පාලකයාගෙන් ශාස්තෲන් වහන්සේ වැඩම කළේයයි අසා එක්ලක්ෂ විසිදහසක් බමුණු ගෘහපතියන් පිරිවරණ ලදුව, ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, (චක්රවාත තලයෙහි) රන්පට වියනක් මෙන් ප්‍රභා සමුදායක් විහිදෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වැටී වැඳ පිරිසත් සමග එකත්පසෙක සිටියාහු,
අථ ඛො තෙසං බ්රාහ්මණගහපතිකානං එතදහොසි – “කිං නු ඛො මහාසමණො උරුවෙලකස්සපෙ බ්රහ්මචරියං චරති, උදාහු උරුවෙලකස්සපො මහාසමණෙ”ති. භගවා තෙසං චෙතස්සා චෙතොපරිවිතක්කමඤ්ඤාය උරුවෙලකස්සපං ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙබඳු අදහසක් පහළ විය. ශ්‍රමණ ගෞතමයෝ උරුවේල කාශ්‍යපයන්ගේ ශාසනයේ ශ්රාවකයෙක්ද? නැත්නම් උරුවේල කාශ්‍යප ශ්‍රමණ ගෞතමයන්ගේ සව්වෙක්ද? යන සිතිවිලි පරිවිතර්කය ඇතිවිය. ශාස්තෲන් වහන්සේ මේ අවුල් සහිත සිතිවිල්ල දැනගෙන උරුවෙල කස්සපට ගාථාවක් වදාළ සේක.
“කිමෙව දිස්වා උරුවෙලවාසි, පහාසි අග්ගිං කිසකොවදානො; පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පහීනං තව අග්ගිහුත්ත”න්ති. –
උරුවෙල වාසී කාශ්‍යපයිනි, ඔබ ගිනි පිදීම අත්හැරියේ කාගේ ධර්මයක් අදහාද? කාගේ කිනම් ධර්මයක් අවබෝධ කරගෙනද?
ථෙරොපි භගවතො අධිප්පායං විදිත්වා –
තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන –
“රූපෙ ච සද්දෙ ච අථො රසෙ ච, කාමිත්ථියො චාභිවදන්ති යඤ්ඤා; එතං මලන්තී උපධීසු ඤත්වා, තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති. (මහාව· 55) –
රූප-ශබ්ද, රස, ස්ත්‍රීන් ආදී ඇලුම්කරන දේ යාගයෙන් ලැබේවියයි මම සිතුවෙමි. මේවා කෙලෙස් වශයෙන්ද, නැවත ඉපදීමට හේතු වශයෙන්ද දැන යාගයෙන්ද, ගිනි පිදීමෙන්ද මම මිදුනෙමි. නොඇලුණෙමි.
ඉමං ගාථං වත්වා අත්තනො සාවකභාවප්පකාසනත්ථං තථාගතස්ස පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා “සත්ථා මෙ, භන්තෙ භගවා, සාවකොහමස්මී”ති වත්වා එකතාලං ද්විතාලං තිතාලන්ති යාව සත්තතාලප්පමාණං සත්තක්ඛත්තුං වෙහාසං අබ්භුග්ගන්ත්වා ඔරුය්හ තථාගතං වන්දිත්වා එකමන්තං නිසීදි. තං පාටිහාරියං දිස්වා මහාජනො “අහො මහානුභාවා බුද්ධා, එවඤ්හි ථාමගතදිට්ඨිකො නාම ‘අරහා’ති මඤ්ඤමානො උරුවෙලකස්සපොපි දිට්ඨිජාලං භින්දිත්වා තථාගතෙන දමිතො”ති සත්ථු ගුණකථංයෙව කථෙසි. භගවා “නාහං ඉදානියෙව උරුවෙලකස්සපං දමෙමි, අතීතෙපි එස මයා දමිතො”ති වත්වා ඉමිස්සා අට්ඨුප්පත්තියා මහානාරදකස්සපජාතකං (ජා· 2.22.1153 ආදයො) කථෙත්වා චත්තාරි සච්චානි පකාසෙසි. රාජා එකාදසහි නහුතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, එකනහුතං උපාසකත්තං පටිවෙදෙසි. රාජා සත්ථු සන්තිකෙ නිසින්නොයෙව පඤ්ච අස්සාසකෙ පවෙදෙත්වා සරණං ගන්ත්වා ස්වාතනාය නිමන්තෙත්වා උට්ඨායාසනා භගවන්තං පදක්ඛිණං කත්වා පක්කමි.
මේ ගාථාව පවසා තමන්ගේ ශ්‍රාවක බව ප්‍රකාශ කිරීමට තථාගතයන්ගේ පාමුල හිස තබා “ශාස්තෲන් වහන්ස, භාග්‍යවතුන් වහන්ස; ස්වාමීනි මම ශ්‍රාවක වෙමි.” යයි පවසා එක් තල්ගසක ප්‍රමාණයේ සිට තල්ගස් හතක් දක්වා ප්‍රමාණයක් සත්වරක් අහසට පැන නැග, බැස, තථාගතයන්ට වැඳ එකත්පසෙක හුන්නේය. ඒ ප්රාතිහාර්ය දැක මහජනයා දැඩි මිථ්‍යා දෘෂ්ටිකයකු වී තමන් රහත් යයි හඟිමින් සිටි උරුවේල කාශ්‍යපගේ දෘෂ්ටිජාලය බිඳ දමා, තථාගතයන් විසින් දමනය කරන ලද්දේ යයි ශාස්තෲන්ගේ ගුණකථනයම කථා කළේය. භාග්‍යවතුන් වහන්සේ; මම දැන් පමණක් නොව උරුවෙල කස්සප ආදින් දමනය කළේ, අතීතයේද, මා විසින් මොවුන් දමනය කළේ යයි වදාරා, මේ පිළිබඳ අර්ථෝත්පත්ති කථාව මහා නාරද කස්සප ජාතකය වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. රජු එකොළොස් නහුතයක් සමග සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. එක් නහුතයක් උපාසක බවට ප්‍රතිඥා දුන්නේය. රජු බුදුරදුන් සමීපයේ හුන්නේම තමන් ලද අස්වැසිලි පසක් ප්‍රකාශකොට සරණ ගොස් හෙට සඳහා ආරාධනා කොට අසුනින් නැගිට බුදුරදුන් ප්රදක්ෂිණා කොට පිටත්ව ගියෝය.
පුනදිවසෙ යෙහි ච භගවා හිය්යො දිට්ඨො, යෙහි ච අදිට්ඨො, තෙ සබ්බෙපි රාජගහවාසිනො අට්ඨාරසකොටිසඞ්ඛා මනුස්සා තථාගතං දට්ඨුකාමා පාතොව රාජගහතො ලට්ඨිවනුය්යානං අගමංසු. තිගාවුතො මග්ගො නප්පහොසි, සකලලට්ඨිවනුය්යානං නිරන්තරං ඵුටං අහොසි. මහාජනො දසබලස්ස රූපසොභග්ගප්පත්තං අත්තභාවං පස්සන්තොපි තිත්තිං කාතුං නාසක්ඛි. වණ්ණභූමි නාමෙසා. එවරූපෙසු හි ඨානෙසු භගවතො ලක්ඛණානුබ්යඤ්ජනාදිප්පභෙදා සබ්බාපි රූපකායසිරී වණ්ණෙතබ්බා. එවං රූපසොභග්ගප්පත්තං දසබලස්ස සරීරං පස්සමානෙන මහාජනෙන නිරන්තරං ඵුටෙ උය්යානෙ ච ගමනමග්ගෙ ච එකභික්ඛුස්සපි නික්ඛමනොකාසො නාහොසි. තං දිවසං කිර භගවතො භත්තං ඡින්නං භවෙය්ය, තස්මා “තං මා අහොසී”ති සක්කස්ස නිසින්නාසනං උණ්හාකාරං දස්සෙසි. සො ආවජ්ජමානො තං කාරණං ඤත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා බුද්ධධම්මසඞ්ඝපටිසංයුත්තා ථුතියො වදමානො දසබලස්ස පුරතො ඔතරිත්වා දෙවානුභාවෙන ඔකාසං කත්වා –
දෙවන දිනයේ ඊයේ භාග්‍යවතුන් වහන්සේ දක්නා ලද්දේද, නොදක්නා ලද්දේදැයි ඒ සියළුම රජගහනුවර වැසියෝ අටළොස් කෝටියක් පමණ මිනිස්සු තථාගතයන් දකිනු කැමැතිව උදෑසනින්ම රජගහනුවර සිට ලට්ඨි වනයට පැමිණියහ. ගව්තුනක් පමණ වූ මාර්ගය ප්‍රමාණවත් නොවීය. මුළු ලට්ඨි වනයම මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය. මහජනයා දසබලධාරී බුදුරදුන්ගේ රූපයෙන් අග පැමිණි, ආත්මභාවය දැකීමෙන් ප්‍රසන්න වුවද තෘප්තිමත් කිරීමට නොහැකි විය. භාග්‍යවතුන්ගේ රූපය දෙතිස්මහ පුරුෂ ලක්ෂණද අනූබ්යඤ්ජන ආදි ලක්ෂණ ද සියලු රූපකායද, සෞභාග්‍යයද, වර්ණනා කළ යුතුමය. මෙසේ රූපයෙන් අග පැමිණි බුදුරදුන්ගේ රූපය දකිනු ලැබීමෙන් මහජනයා විසින් නිරන්තරව උයනෙහි ගැටෙන්නේ, ගමන් මාර්ගයේද එක භික්ෂුවකට වත් ඇතුල්වීමටද නික්මෙන අයට නික්මීමටද ඉඩකඩක් නොවීය. එදවස භාග්‍යවතුන්ට බත සිදුණේ වන්නට තිබුණි. එහෙයින් එය එසේ නොවේවායි ශක්‍රයාගේ පඬුඇඹුල් අසුන උණු වූ ආකාරයක් දැක්වීය. ඔහු ආවර්ජනා කරනු ලබන්නේ ඒ කාරණාව දැන මානවක වේශයක් මවා බුද්ධ, ධම්ම, සංඝ ගුණ ප්‍රතිසංයුක්ත වූ ස්තුති ගීතිකා ගයමින් තුති පුද කරමින් දසබලයන්ගේ ඉදිරිපිටට බැස, දේවානුභාවයෙන් මාර්ගයේ ඉඩ ලබා අවසර ලබා දෙමින් –
“දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි; සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා.
දැමුණු සිතින් යුත්, දමනය කරන ලද පුරාණ ජටිලයන් පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ රන්වන් පාටින් බබළමින් රජගහ නුවරට වැඩි සේක.
“මුත්තො මුත්තෙහි…පෙ….
ශාන්ත පැවතුම් ඇති ශාන්ති නායකයාණෝ ශාන්ත වූ පුරාණ ජටිලයන් පිරිවරා රන්වන් පාටින් බබළමින් රජගහ නුවරට වැඩි සේක.
“තිණ්ණො තිණ්ණෙහි…පෙ….
කෙළෙසුන්ගෙන් මිදුනා වූ භාග්‍යවතුන් වහන්සේ පුරාණ ජටිලයන් ද කෙලෙසුන්ගෙන් මුදවා ඔවුන් පිරිවරා රන්වන් පාටින් බබළමින් රජගහ නුවරට වැඩි සේක.
“සන්තො සන්තෙහි…පෙ… රාජගහං පාවිසි භගවා.
සසරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ පැරණි ජටිලයන් ද නතර කරවා ඔවුන් පිරිවරා රන්වන් පාටින් බබළමින් රජගහ නුවරට වැඩි සේක.
“දසවාසො දසබලො, දසධම්මවිදූ දසභි චුපෙතො; සො දසසතපරිවාරො, රාජගහං පාවිසි භගවා”ති. (මහාව· 58) –
දශවිධ ආර්යවාස ඇති, දශවිධ කායබල හා ඤාණබල ඇති කුශලාකුශල ආදී දශ ධර්මයන් අවබෝධ කළා වූ, දස අසේඛ අංගයෙන් යුක්ත වූ දහසක් සතුන් පිරිවැරූ බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩි සේක.
පින් පිඩ වැඩමවයි සම්බුදු සමිඳුන්ව සංයමයෙන් වඩිති සඟගණ සන්සුන්ව දම් ඇස ලද ජටිල දහසම සුපසන්ව දැන් රජගහ නුවර බබළයි රන්වන්ව
ඉමාහි ගාථාහි සත්ථු වණ්ණං වදමානො පුරතො පායාසි. තදා මහාජනො මාණවකස්ස රූපසිරිං දිස්වා “අතිවිය අභිරූපො වතායං මාණවකො, න ඛො පන අම්හෙහි දිට්ඨපුබ්බො”ති චින්තෙත්වා “කුතො අයං මාණවකො, කස්ස වා අය”න්ති ආහ. තං සුත්වා මාණවො –
සක්දෙවිඳු මේ අන්දමින් වර්ණනා කරමින් බුදුරදුන්ට පෙරටුව ගියේය. මහජනයා මානවකයාගේ රූපශ්‍රීය දැක, මේ මානවකයාට අතිශය මනා රූපයක් ඇත යයි මේ මානවකයා අප විසින් පෙර නොදුටුවිරූ යයි සිතා මේ මානවකයා කොහේ සිට ආවේද? කාගේද කවුද ආදිය විමසූහ. ඒ අසා මානවක තෙමේ;
“යො ධීරො සබ්බධි දන්තො, සුද්ධො අප්පටිපුග්ගලො; අරහං සුගතො ලොකෙ, තස්සාහං පරිචාරකො”ති. – ගාථමාහ;
“යම් ප්රාඥයකු සියළු කෙලෙස් දමනය කළේ ද, බුදුබවට පැමිණි අසහාය පුද්ගලයෙකු වීද, ඒ බුදුරදුන් ලෝකයෙහි අරහත්ය. සුගතය. මම උන්වහන්සේ සමග හැසිරෙන සේවකයෙක් වන්නෙමි. යි කීවේය.
සත්ථා සක්කෙන කතොකාසං මග්ගං පටිපජ්ජිත්වා භික්ඛුසහස්සපරිවුතො රාජගහං පාවිසි. රාජා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස මහාදානං දත්වා “අහං, භන්තෙ, තීණි රතනානි විනා වසිතුං න සක්ඛිස්සාමි, වෙලාය වා අවෙලාය වා භගවතො සන්තිකං ආගමිස්සාමි, ලට්ඨිවනුය්යානඤ්ච නාම අතිදූරෙ, ඉදං පන අම්හාකං වෙළුවනුය්යානං නාතිදූරං නච්චාසන්නං ගමනාගමනසම්පන්නං බුද්ධාරහං සෙනාසනං. ඉදං මෙ, භන්තෙ, භගවා පටිග්ගණ්හාතූ”ති සුවණ්ණභිඞ්ගාරෙන පුප්ඵගන්ධවාසිතං මණිවණ්ණං උදකමාදාය වෙළුවනුය්යානං පරිච්චජන්තො දසබලස්ස හත්ථෙ උදකං පාතෙසි. තස්මිං ආරාමෙ පටිග්ගහිතෙයෙව “බුද්ධසාසනස්ස මූලානි ඔතිණ්ණානී”ති මහාපථවී කම්පි. ජම්බුදීපතලස්මිඤ්හි ඨපෙත්වා වෙළුවනං අඤ්ඤං මහාපථවිං කම්පෙත්වා ගහිතසෙනාසනං නාම නත්ථි. තම්බපණ්ණිදීපෙපි ඨපෙත්වා මහාවිහාරං අඤ්ඤං පථවිං කම්පෙත්වා ගහිතසෙනාසනං නාම නත්ථි. සත්ථා වෙළුවනාරාමං පටිග්ගහෙත්වා රඤ්ඤො අනුමොදනං කත්වා උට්ඨායාසනා භික්ඛුසඞ්ඝපරිවුතො වෙළුවනං අගමාසි .
ශාස්තෲන් වහන්සේ ශක්‍රයා විසින් කරන ලද ඉඩකඩ ඇත්තේ මාර්ගයට පිවිස, භික්ෂූන් දහසක් පිරිවරාගෙන රජගහ නුවරට පිවිසි සේක. රජු බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දන් දී ස්වාමීනි, මම ත්‍රිවිධ රත්නය නොමැතිව වාසය කිරීමට නොහැකි වන්නෙමි. වේලාවේ හෝ අවේලාවේ හෝ භාග්‍යවතුන්ගේ සමීපයට පැමිණෙන්නෙමි. ලට්ඨි වන උයන නම් ඉතා දුරය. මේ අපගේ වේළුවන උයන ඉතා දුරක් නොවේ. ඉතා ළඟත් නොවේ. ගමනාගමන පහසුකම් ඇත. බුදුරදුන්ට සුදුසු සේනාසනයකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙය පිළිගන්වා සේක්වා! යයි, රත්රන් කෙණ්ඩියකින් මල් සුවඳ මිශ්‍ර මැණික් වර්ණැති ජලය ගෙන වේළුවන උයන පරිත්‍යාග කරමින් දසබලයන් වහන්සේගේ හස්තයෙහි ජලය වත් කළේය. ඒ ආරාමය පිළිගන්නා ලද අවස්ථාවේ බුද්ධශාසනය මුල්බැස ගත්තේ යයි මහපොළොව කම්පා විය. ජම්බුද්වීප තලයෙහි හැර වේළුවනය හැර පොළොව කම්පාකොට පිළිගන්නා ලද වෙනත් සේනාසනයක් නම් නැත. ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමය පිළිගෙන රජුට අනුමෝදන්කොට අසුනින් නැගිට භික්ෂු සංඝයා පිරිවරා වේළුවනයට වැඩම කළ සේක.
තස්මිං ඛො පන සමයෙ සාරිපුත්තො ච මොග්ගල්ලානො චාති ද්වෙ පරිබ්බාජකා රාජගහං උපනිස්සාය විහරන්ති අමතං පරියෙසමානා. තෙසු සාරිපුත්තො අස්සජිත්ථෙරං පිණ්ඩාය පවිට්ඨං දිස්වා පසන්නචිත්තො පයිරුපාසිත්වා “යෙ ධම්මා හෙතුප්පභවා”තිආදිගාථං (මහාව· 60; අප· ථෙර 1.1.286) සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය අත්තනො සහායකස්ස මොග්ගල්ලානස්සපි තමෙව ගාථං අභාසි. සොපි සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තෙ උභොපි සඤ්චයං ඔලොකෙත්වා අත්තනො පරිසාය සද්ධිං භගවතො සන්තිකෙ පබ්බජිංසු. තෙසු මොග්ගල්ලානො සත්තාහෙන අරහත්තං පාපුණි, සාරිපුත්තො අඩ්ඪමාසෙන. උභොපි තෙ සත්ථා අග්ගසාවකට්ඨානෙ ඨපෙසි. සාරිපුත්තත්ථෙරෙන ච අරහත්තං පත්තදිවසෙයෙව සන්නිපාතං අකාසි.
එසමයෙහි වනාහි සාරිපුත්‍ර-මොග්ගල්ලාන යන පරිබ්‍රාජකයෝ දෙදෙනා රජගහ නුවර ඇසුරුකොට නිවන සොයමින් වාසය කරති. ඔවුන් අතර සාරිපුත්‍ර, අස්සජි තෙරුන් පිඬු පිණිස පිවිසෙනු දැක පැහැදුනු සිතින් ළඟ ඇසුරට පත්ව, ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යනාදි ගාථාව අසා, සෝවාන් ඵලයෙහි පිහිටි නිසා, තමන්ගේ සහායක මොග්ගල්ලානටද, එම ගාථාවම කීවේය. ඔහුද සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඒ දෙදෙනාම සංජය පිරිවැජියා හමුවී තමන්ගේ පිරිස සමග භාග්‍යවතුන්ගේ සමීපයෙහි පැවිදි වූහ. ඔවුන් අතර මොග්ගල්ලාන සත්දිනකින් රහත්ඵලයට පත්වුණි. සාරිපුත්ත අඩමසකිනි. ඔවුන් දෙදෙනාම ශාස්තෲන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරේ තැබූහ. සාරිපුත්ත තෙරුන් රහත්ඵලයට පැමිණි දිනයේම ශ්‍රාවක සන්නිපාතයක් (රැස්වීමක්) සිදු කළේය.
තථාගතෙ පන තස්මිඤ්ඤෙව වෙළුවනුය්යානෙ විහරන්තෙ සුද්ධොදනමහාරාජා “පුත්තො කිර මෙ ඡබ්බස්සානි දුක්කරකාරිකං චරිත්වා පරමාභිසම්බොධිං පත්වා පවත්තවරධම්මචක්කො රාජගහං උපනිස්සාය වෙළුවනෙ විහරතී”ති සුත්වා අඤ්ඤතරං අමච්චං ආමන්තෙසි – “එහි භණෙ, ත්වං පුරිසසහස්සපරිවාරො රාජගහං ගන්ත්වා මම වචනෙන ‘පිතා තෙ සුද්ධොදනමහාරාජා දට්ඨුකාමො’ති වත්වා මම පුත්තං ගණ්හිත්වා එහී”ති ආහ. සො “එවං, දෙවා”ති රඤ්ඤො වචනං සිරසා සම්පටිච්ඡිත්වා පුරිසසහස්සපරිවාරො ඛිප්පමෙව සට්ඨියොජනමග්ගං ගන්ත්වා දසබලස්ස චතුපරිසමජ්ඣෙ නිසීදිත්වා ධම්මදෙසනාවෙලායං විහාරං පාවිසි. සො “තිට්ඨතු තාව රඤ්ඤා පහිතසාසන”න්ති පරිසපරියන්තෙ ඨිතො සත්ථු ධම්මදෙසනං සුත්වා යථාඨිතොව සද්ධිං පුරිසසහස්සෙන අරහත්තං පත්වා පබ්බජ්ජං යාචි. භගවා “එථ භික්ඛවො”ති හත්ථං පසාරෙසි. සබ්බෙ තඞ්ඛණඤ්ඤෙව ඉද්ධිමයපත්තචීවරධරා සට්ඨිවස්සිකත්ථෙරා විය අහෙසුං. අරහත්තං පත්තකාලතො පට්ඨාය පන අරියා නාම මජ්ඣත්තාව හොන්තීති, සො රඤ්ඤා පහිතසාසනං දසබලස්ස න කථෙසි. රාජා – “නෙව ගතො ආගච්ඡති, න සාසනං සුය්යතී”ති “එහි භණෙ, ත්වං ගච්ඡා”ති එතෙනෙව නියාමෙන අඤ්ඤං අමච්චං පෙසෙසි. සොපි ගන්ත්වා පුරිමනයෙනෙව සද්ධිං පරිසාය අරහත්තං පත්වා තුණ්හී අහොසි. පුන රාජා “එහි භණෙ, ත්වං ගච්ඡ, ත්වං ගච්ඡා”ති එතෙනෙව නියාමෙන අපරෙපි සත්ත අමච්චෙ පෙසෙසි. තෙ සබ්බෙ නව පුරිසසහස්සපරිවාරා නව අමච්චා අත්තනො කිච්චං නිට්ඨාපෙත්වා තුණ්හීභූතා තත්ථෙව විහරිංසු.
තථාගතයන් වහන්සේ, ඒ වේළුවන උයනෙහි වාසය කරන සමයේ සුද්ධෝදන මහාරජු තම පුතා සය වර්ෂයක් දුෂ්කර ක්‍රියා කොට පරම අභිසම්බෝධියට පත්ව, පවත්වන ලද උතුම් ධර්මචක්රය ඇත්තේ රජගහ නුවර ඇසුරුකොට වේළුවනයේ වැඩ වාසය කරති යනු අසා එක්තරා ඇමතියෙක්ට ආමන්ත්‍රණය කළේ “සගය; මෙහි එනු මැනවි. නුඹ මිනිසුන් දහසක් පිරිවරා රජගහනුවරට ගොස්, මගේ වචනයෙන්, ඔබගේ පියා වූ සුද්ධෝදන මහරජු ඔබවහන්සේ දකිනු කැමති බව පවසා මගේ පුතා කැඳවාගෙන එන්නැයි” කීවේය. ඔහු දේවයන් වහන්ස, එසේ යයි රජුගේ වචනය හිස්මුදුණින් පිළිගෙන මිනිසුන් දහසක් පිරිවරාගෙන වහාම සැටයොදුන් මගක් ගොස් දසබලයන් වහන්සේ සිවුපිරිස මැද හිඳ දහම් දෙසන වේලාවේ විහාරයට පිවිසියේය. රජුගේ පණිවිඩය රැගෙන ගිය ඔහු ටික වේලාවක් සිට, පිරිස කෙළවර සිටියේ, දහසක් සමග රහත්බවට පැමිණියහ පැවිද්ද ඉල්ලීය. භාග්‍යවත්හු එව් මහණෙනි! යයි අත දිගුකළහ. සියල්ලෝ එකෙණෙහිම සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා, වර්ෂ සියයක් පිරුණු තෙරවරු මෙන් වූහ. රහත් ඵලයට පැමිණි කාලයේ පටන් ආර්යයෝ නම් මධ්‍යස්ථ වෙතියි, හෙතම රජු විසින් එවන ලද හසුන ඇත්තේ, බුදුරදුන්ට නොකීවේය. රජතුමා, “ඒ ඇමතියා නොආවේය. ආරංචියක්ද නැත. වෙනත් ඇමතියකු කැඳවා සගය, ඔබද යන්නැ”යි පළමු අයුරින්ම යැවීය. ඔහුද ගොස් පෙර පරිද්දෙන්ම පිරිස සමග රහත්ඵලයට පැමිණ නිශ්ශබ්ද විය. රජු ඒ ආකාරයෙන්ම පුරුෂයන් දහස දහස පිරිවර වූ ඇමතිවරුන් නවදෙනෙකු යැවීය. සියල්ලෝ තමන්ගේ කටයුතු නිමකොට නිශ්ශබ්දව එහිම වාසය කළහ.
රාජා සාසනමත්තම්පි ආහරිත්වා ආචික්ඛන්තං අලභිත්වා චින්තෙසි – “එත්තකාපි ජනා මයි සිනෙහාභාවෙන සාසනමත්තම්පි න පච්චාහරිංසු, කො නු ඛො මෙ සාසනං කරිස්සතී”ති සබ්බං රාජබලං ඔලොකෙන්තො කාළුදායිං අද්දස. සො කිර රඤ්ඤො සබ්බත්ථසාධකො අබ්භන්තරිකො අතිවිය විස්සාසිකො අමච්චො බොධිසත්තෙන සද්ධිං එකදිවසෙ ජාතො සහපංසුකීළකො සහායො. අථ නං රාජා ආමන්තෙසි – “තාත කාළුදායි, අහං මම පුත්තං දට්ඨුකාමො නවපුරිසසහස්සපරිවාරෙන නව අමච්චෙ පෙසෙසිං, තෙසු එකොපි ආගන්ත්වා සාසනමත්තං ආරොචෙන්තො නාම නත්ථි. දුජ්ජානො ඛො පන මෙ ජීවිතන්තරායො, ජීවමානොයෙවාහං පුත්තං දට්ඨුකාමො. සක්ඛිස්සසි නු ඛො මෙ පුත්තං දස්සෙතු”න්ති? “සක්ඛිස්සාමි, දෙව, සචෙ පබ්බජිතුං ලභිස්සාමී”ති. “තාත, ත්වං පබ්බජිතො වා අපබ්බජිතො වා මය්හං පුත්තං දස්සෙහී”ති. සො “සාධු, දෙවා”ති රඤ්ඤො සාසනං ආදාය රාජගහං ගන්ත්වා සත්ථු ධම්මදෙසනාවෙලාය පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුත්වා සපරිවාරො අරහත්තං පත්වා එහිභික්ඛුභාවෙන පබ්බජිත්වා විහාසි.
රජු හසුන් මාත්‍රයක්වත් නැතිව කිසිදු තොරතුරක් නොලැබ මෙසේ සිතුවේය. මේ හැමදෙනා මට සෙනෙහස නැති බැවින් ලියුම් කැබැල්ලක්වත් පෙරළා නොගෙනාවෝය. මගේ අවශ්‍යතාව කවරෙක් ඉටු කරන්නේදැයි සියලු රජ බලසෙනග බලන්නේ කාලුදායි දුටුවේය. කාළුදායී වනාහි රජුගේ සියළු කටයුතු කරන, අභ්‍යන්තරික ඉතාම විශ්වාසවන්ත ඇමතියා වේ. බෝසතුන් සමග එක් දිනයේ උපන්නේය. වැලිකෙළියේ පටන්ම මිත්රයෙකි. ඉක්බිති ඔහුට රජු ආමන්ත්‍රණය කළේය. “දරුව, කාළුදායී, මම මගේ පුතා දකිනු කැමතිව දහසක් පිරිවරකොට පුරුෂයන් නවදෙනෙකු ඇමැතියන් නවදෙනෙකු යැව්වෙමි. ඔවුන් අතර එකකුදු අවුත් පණිවිඩ මාත්‍රයක්වත් දැනුම් දුන්නේ නම් නැත. මගේ ජීවිතයට අන්තරායක් වේදැයි නොදනිමි. ජීවමානවම මම මගේ පුතා දකිනු කැමැත්තේ වෙමි. මගේ පුතා කැඳවාගෙන එන්නට හැකිවන්නෙහිද?” “ඉදින් පැවිදි වීමට ඉඩ ලැබෙන්නේ නම් හැකිවන්නෙමි.” ඔහු ‘යහපති දේවයන් වහන්ස’ යයි රජුගේ හස්නක් ගෙන රජගහනුවරට ගොස් ශාස්තෲන් වහන්සේ ධර්ම දේශනා කරන වේලාවේ, පිරිස කෙළවර හිඳ, බණ අසා, පිරිවර සහිතව රහත්ඵලයට පැමිණ ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වී, කල්ගත කළේය.
සත්ථා බුද්ධො හුත්වා පඨමං අන්තොවස්සං ඉසිපතනෙ වසිත්වා වුට්ඨවස්සො පවාරෙත්වා උරුවෙලං ගන්ත්වා තත්ථ තයො මාසෙ වසන්තො තෙභාතිකජටිලෙ විනෙත්වා භික්ඛුසහස්සපරිවාරො ඵුස්සමාසපුණ්ණමායං රාජගහං ගන්ත්වා ද්වෙ මාසෙ වසි. එත්තාවතා බාරාණසිතො නික්ඛන්තස්ස පඤ්ච මාසා ජාතා, සකලො හෙමන්තො අතික්කන්තො. කාළුදායිත්ථෙරස්ස ආගතදිවසතො සත්තට්ඨදිවසා වීතිවත්තා. ථෙරො ඵග්ගුණමාසපුණ්ණමායං චින්තෙසි – “අතික්කන්තො දානි හෙමන්තො, වසන්තසමයො අනුප්පත්තො, මනුස්සෙහි සස්සාදීනි උද්ධරිත්වා සම්මුඛසම්මුඛට්ඨානෙහි මග්ගා දින්නා, හරිතතිණසඤ්ඡන්නා පථවී, සුපුප්ඵිතා වනසණ්ඩා, පටිපජ්ජනක්ඛමා මග්ගා, කාලො දසබලස්ස ඤාතිසඞ්ගහං කාතු”න්ති. අථ භගවන්තං උපසඞ්කමිත්වා –
ශාස්තෲන් වහන්සේ බුදුවී පළමු ඇතුල්වස ඉසිපතනයේ වැස, සමාදන් වූ වස් පවාරණය කොට, උරුවේලාවට ගොස් එහි වැස තුන්බෑ ජටිලයන් දමනය කොට, භික්ෂූන් දහසක් පිරිවරාගෙන දුරුතු මාසේ පුන්පෝදා, රජගහනුවරට ගොස් මාස දෙකක් වාසය කළ සේක. මෙපමණ කලක් එනම් බරණැස් නගරයෙන් නික්ම මාස පහක් ඉකුත් විය. මුළු හේමන්තය ඉක්මවා යන්නේ, කාලුදායි තෙරුන් පැමිණි දිනයේ පටන් දින හත අටක් කල්ගත කළහ. තෙරුන් වහන්සේ නවම් මාසයේ පූර්ණමි දිනයේ මෙසේ සිතුවේය. හේමන්ත කාලය ඉක්මවා ගියේය. වසන්ත කාලය උදාවිය. මිනිසුන් විසින් ශස්‍ය ගොයම් ආදිය උදුරා (කපා) මාර්ගය හෙළි පෙහෙළි කොට තිබේ. මාර්ගයේ හමුවන හමුවන තැන නිල්වන් තණවලින් ගැවසී ඇත. රුක්ලිය පිපුණු වනමලින් ගැවසී ඇත. මාර්ගය ගමනට සුදුසුය. දසබලයන් වහන්සේගේ ඤාතීන්ට සංග්‍රහ කිරීමට සුදුසු කාලයයි සිතා බුදුන් වෙත එළඹ ගාථා හැටකින් කිඹුල්වත්පුර වැඩීම සඳහා ගමන්මග වැනූහ.
“අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය; තෙ අච්චිමන්තොව පභාසයන්ති, සමයො මහාවීර භාගී රසානං…පෙ…. (ථෙරගා· 527);
දළු දමා මල් පිපී ගිනි අඟුරු වගෙයි ගස් කොළ හැලී පල ගන්ට ළංවෙලා හිමියනේ මහා ගස් බබළන්නෙ පහන්සිළු වගේමයි නෑයින්ව සනසන්න මේ සුදුසු කාලයයි
“නාතිසීතං නාතිඋණ්හං, නාතිදුබ්භික්ඛඡාතකං; සද්දලා හරිතා භූමි, එස කාලො මහාමුනී”ති. –
දැඩි සීතලත් නැහැ උණුහුමත් නැහැ වැඩිය මහ මගට වඩින්නට මේ හොඳම ඉර්තුවයි දුබික් දුක් කිසිත් නැහැ මුළු බිමම නිල්වන්ය ගම්බලා වඩින්නට මේ හොඳම කාලයයි
සට්ඨිමත්තාහි ගාථාහි දසබලස්ස කුලනගරගමනවණ්ණං වණ්ණෙසි. අථ නං සත්ථා – “කිං නු ඛො, උදායි, මධුරස්සරෙන ගමනවණ්ණං වණ්ණෙසී”ති ආහ. “තුම්හාකං, භන්තෙ, පිතා සුද්ධොදනමහාරාජා තුම්හෙ පස්සිතුකාමො, කරොථ ඤාතකානං සඞ්ගහ”න්ති. “සාධු, උදායි, කරිස්සාමි ඤාතකානං සඞ්ගහං, භික්ඛුසඞ්ඝස්ස ආරොචෙහි, ගමියවත්තං පරිපූරෙස්සන්තී”ති. “සාධු, භන්තෙ”ති ථෙරො තෙසං ආරොචෙසි.
සැටක් පමණ ගාථාවලින් බුදුරදුන්ගේ කුල(පිය) නගරයට පැමිණීමේ ගමන වර්ණනා කළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ; උදායි, කුමක් නිසා මිහිරි ස්වරයෙන් ගමන වර්ණනා කරන්නේදැයි ඇසුවේය. ස්වාමීනි, ඔබ වහන්සේගේ පියා, සුද්ධෝදන මහරජතුමා ඔබව දකිනු කැමතිව සිටී. ඤාතීන්ට සංග්‍රහ කිරීම සුදුසුයි. උදායි යහපති. එසේ කරන්නෙමි. ඤාතීන්ට සංග්‍රහ කිරීමට භික්ෂු සංඝයාට දැනුම් දෙන්න. ගැමිවත් සම්පූර්ණ කරන්නැයි භික්ෂූන්ට කියන්න. ස්වාමීනි යහපතැයි තෙරුන් කීවේය.
භගවා අඞ්ගමගධවාසීනං කුලපුත්තානං දසහි සහස්සෙහි, කපිලවත්ථුවාසීනං දසහි සහස්සෙහීති සබ්බෙහෙව වීසතිසහස්සෙහි ඛීණාසවභික්ඛූහි පරිවුතො රාජගහා නික්ඛමිත්වා දිවසෙ දිවසෙ යොජනං ගච්ඡති. “රාජගහතො සට්ඨියොජනං කපිලවත්ථුං ද්වීහි මාසෙහි පාපුණිස්සාමී”ති අතුරිතචාරිකං පක්කාමි. ථෙරොපි “භගවතො නික්ඛන්තභාවං රඤ්ඤො ආරොචෙස්සාමී”ති වෙහාසං අබ්භුග්ගන්ත්වා රඤ්ඤො නිවෙසනෙ පාතුරහොසි. රාජා ථෙරං දිස්වා තුට්ඨචිත්තො මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා අත්තනො පටියාදිතස්ස නානග්ගරසභොජනස්ස පත්තං පූරෙත්වා අදාසි. ථෙරො උට්ඨාය ගමනාකාරං දස්සෙසි. “නිසීදිත්වා භුඤ්ජ, තාතා”ති. “සත්ථු සන්තිකං ගන්ත්වා භුඤ්ජිස්සාමි, මහාරාජා”ති. “කහං පන, තාත, සත්ථා”ති? “වීසතිසහස්සභික්ඛුපරිවාරො තුම්හාකං දස්සනත්ථාය චාරිකං නික්ඛන්තො, මහාරාජා”ති. රාජා තුට්ඨමානසො ආහ – “තුම්හෙ ඉමං පරිභුඤ්ජිත්වා යාව මම පුත්තො ඉමං නගරං පාපුණාති, තාවස්ස ඉතොව පිණ්ඩපාතං පරිහරථා”ති. ථෙරො අධිවාසෙසි. රාජා ථෙරං පරිවිසිත්වා පත්තං ගන්ධචුණ්ණෙන උබ්බට්ටෙත්වා උත්තමස්ස භොජනස්ස පූරෙත්වා “තථාගතස්ස දෙථා”ති ථෙරස්ස හත්ථෙ පතිට්ඨාපෙසි. ථෙරො සබ්බෙසං පස්සන්තානංයෙව පත්තං ආකාසෙ ඛිපිත්වා සයම්පි වෙහාසං අබ්භුග්ගන්ත්වා පිණ්ඩපාතං ආහරිත්වා සත්ථු හත්ථෙ ඨපෙසි. සත්ථා තං පරිභුඤ්ජි. එතෙනෙව උපායෙන ථෙරො දිවසෙ දිවසෙ පිණ්ඩපාතං ආහරි. සත්ථාපි අන්තරාමග්ගෙ රඤ්ඤොයෙව පිණ්ඩපාතං පරිභුඤ්ජි. ථෙරොපි භත්තකිච්චාවසානෙ දිවසෙ දිවසෙ “අජ්ජ භගවා එත්තකං ආගතො, අජ්ජ එත්තක”න්ති බුද්ධගුණපටිසංයුත්තාය ච කථාය සකලං රාජකුලං සත්ථුදස්සනං විනායෙව සත්ථරි සඤ්ජාතප්පසාදං අකාසි. තෙනෙව නං භගවා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං කුලප්පසාදකානං යදිදං කාළුදායී”ති (අ· නි· 1.219, 225) එතදග්ගෙ ඨපෙසි.
භාග්‍යවතුන් වහන්සේ අංගමගධවාසී කුලපුත්‍රයන් දස දහසකින්ද, කපිලවස්තු නුවරවාසී, දසදහසක් ද සියල්ලම විසිදහසක්ද, ක්ෂීණාශ්රව භික්ෂූන් විසින්ද පිරිවරණ ලදුව, රජගහනුවරින් නික්ම දවස ගානේ, යොදුන බැගින් වැඩමවයි. රජගහනුවර සිට කපිලවස්තුවට යොදුන් සැටක් වේ. මාස දෙකක් ඇතුළත කිඹුල්වතට පැමිණෙන්නෙමියි, අතුරිත චාරිකාවෙන් පිටත්වූ සේක. තෙරුන්ද, භාග්‍යවත්හුගේ නික්මුණු බව රජුට දැනුම් දෙන්නෙමියි අහසට පැන නැගී, ගොස් රජුගේ මන්දිරයට පහළ විය. රජු තෙරුන් දැක, සතුටු සිතැත්තේ, අනගි පල්ලංකයක වඩා හිඳුවා, තමන්ට පිළියෙල කරන ලද නොයෙක් අනර්ඝ රස භෝජනාදිය උන්වහන්සේගේ පාත්‍රයට පුරවා දුන්නේය. තෙරුන් නැගිට ගමන් කළයුතු බව පෙන්වීය. ස්වාමීනි, වැඩහිඳ වළඳන්න. මහරජ, ශාස්තෲන් සමීපයට ගොස් වළඳන්නෙමි. දරුව, ශාස්තෲන් වහන්සේ කොහිද? විසිදහසක් භික්ෂූන් පිරිවරාගෙන ඔබතුමා දකිනු පිණිස, චාරිකාවේ නිරතවෙමින් සිටිති. මහරජතුමනි, රජතුමා සතුටු සිතින් මෙසේ කීවේය. නුඹවහන්සේ මෙය වළඳා යම්තාක් මගේ පුතා මේ නගරයට පැමිණේද? ඒ තාක් පිණ්ඩපාතය මගෙන්ම ගෙනයනු මැනවි. තෙරුන් ඉවසා වදාළ සේක. රජු තෙරුන් වළඳවා පාත්‍රය, සුවඳ කුඩුවලින් ආලේපනය කරවා අනගි උතුම් ආහාරපාන පුරවා තථාගතයන් වහන්සේට පිරිනමන්නැයි කියා තෙරුන්ගේ අතෙහි තැබීය. තෙරුන් සියළු දෙනා බලාසිටියද්දීම පාත්‍රය ගෙන අහසට දමා තෙමේද අහසට පැන නැගී පිණ්ඩපාතය ගෙනවිත් ශාස්තෲ හස්තයෙහි තැබීය. ශාස්තෲන් වහන්සේ එය වැළඳූ සේක. ඒ ක්‍රමයෙන් තෙරණුවෝ දිනපතාම පිණ්ඩපාතය පිරිනැමීය. ශාස්තෲන් වහන්සේද අතරමගදී රජුගේම පිණ්ඩපාතය වැළඳූහ. තෙරුන්ද බත්කිස අවසානයේ දවස් පතා අද භාග්‍යවතුන් වහන්සේ මෙපමණ දුර පැමිණියේ. අද මෙපමණ දුර ආදී වශයෙන් බුදුගුණද මිශ්‍රවූ කථා පැවසීමෙන් මුළු රාජකුලය ශාස්තෲන් දැකීමෙන් තොරවම ශාස්තෲන් කෙරෙහි හටගත් ප්‍රසාදයෙන් යුක්ත කරවීය. ඒ කාරණයෙන්ම උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, මගේ ශ්‍රාවක භික්ෂූන් අතර කුල පැහැදවීමේ අග්‍ර තනතුර කාළුදායි තෙරුන්ට හිමිවන බව වදාරා කාළුදායි අග්‍ර තනතුරේ තැබූ සේක.
සාකියාපි ඛො අනුප්පත්තෙ භගවති “අම්හාකං ඤාතිසෙට්ඨං පස්සිස්සාමා”ති සන්නිපතිත්වා භගවතො වසනට්ඨානං වීමංසමානා “නිග්රොධසක්කස්ස ආරාමො රමණීයො”ති සල්ලක්ඛෙත්වා තත්ථ සබ්බං පටිජග්ගනවිධිං කාරෙත්වා ගන්ධපුප්ඵහත්ථා පච්චුග්ගමනං කරොන්තා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙ දහරදහරෙ නාගරදාරකෙ ච නාගරදාරිකායො ච පඨමං පහිණිංසු, තතො රාජකුමාරෙ ච රාජකුමාරිකායො ච, තෙසං අනන්තරා සාමං ගන්ධපුප්ඵාදීහි පූජයමානා භගවන්තං ගහෙත්වා නිග්රොධාරාමමෙව අගමංසු. තත්ථ භගවා වීසතිසහස්සඛීණාසවපරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි . සාකියා නාම මානජාතිකා මානත්ථද්ධා, තෙ “සිද්ධත්ථකුමාරො අම්හෙහි දහරතරො, අම්හාකං කනිට්ඨො, භාගිනෙය්යො, පුත්තො, නත්තා”ති චින්තෙත්වා දහරදහරෙ රාජකුමාරෙ ආහංසු – “තුම්හෙ වන්දථ, මයං තුම්හාකං පිට්ඨිතො නිසීදිස්සාමා”ති.
ශාක්‍යයෝද පැමිණි කල්හි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපගේ ශ්‍රේෂ්ඨ ඤාති සමාගම පෙන්වන්නෙමු යයි රැස්වී භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන ස්ථානය විමසන්නේ නිග්රෝධගේ ආරාමය රමණීය බව සලකා, සියලු සත්කාර සම්මාන විධි කරවා, සුවඳ මල්ගත් අත් ඇතිව, පෙර ගමන් කරන්නාහු සියලු ආකාරයෙන් සැරසුණු, ළදරු ළදරුවන්ද, නගරයේ දරුවන්ද නාගරික දැරියන්ද, පළමුව යැවූහ. ඉක්බිති රජ කුමාරයෝද, රජ කුමරියෝද, ඔවුන් අතරතුර සුවඳමල් චූර්ණාදිය පුදමින් භාග්‍යවතුන් වහන්සේ පිළිගෙන නිග්රෝධාරාමයටම වැඩමවූහ. එහි භාග්‍යවත්හු විසිදහසක් මහරහතුන් පිරිවරා පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩසිටි සේක. ශාක්‍යයෝ නම් මානයෙන් යුතු දැඩි මානයෙන් පිරුණේ, ඔවුහු සිද්ධාර්ථ කුමාරයා අපට වඩා ළදරුය. අපට වඩා කනිෂ්ඨය. සොහොයුරාගේ පුතෙකි. අපගේ මුනුපුරාය ආදිය සිතමින්, ළදරු ළදරු රාජකුමාරයන්ට මෙසේ කීවාහුය. නුඹලා වඳිවු. අපි නුඹලාගේ පිටුපසින් ගොස් හිඳින්නෙමු’යි ඔවුහු මෙසේ නොවැඳ සිටිකල්හි,
තෙසු එවං අවන්දිත්වා නිසින්නෙසු භගවා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා “න මං ඤාතයො වන්දන්ති, හන්ද දානි තෙ වන්දාපෙස්සාමී”ති අභිඤ්ඤාපාදකං චතුත්ථං ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය ආකාසං අබ්භුග්ගන්ත්වා තෙසං සීසෙ පාදපංසුං ඔකිරමානො විය කණ්ඩම්බරුක්ඛමූලෙ යමකපාටිහාරියසදිසං පාටිහාරියං අකාසි. රාජා තං අච්ඡරියං දිස්වා ආහ – “භන්තෙ, තුම්හාකං ජාතදිවසෙ කාලදෙවලස්ස වන්දනත්ථං උපනීතානං වොපාදෙ පරිවත්තෙත්වා බ්රාහ්මණස්ස මත්ථකෙ පතිට්ඨිතෙ දිස්වාපි අහං තුම්හාකං පාදෙ වන්දිං, අයං මෙ පඨමවන්දනා. වප්පමඞ්ගලදිවසෙ ච ජම්බුච්ඡායාය සිරිසයනෙ නිපන්නානං වොජම්බුච්ඡායාය අපරිවත්තනං දිස්වාපි පාදෙ වන්දිං, අයං මෙ දුතියවන්දනා. ඉදානි පන ඉමං අදිට්ඨපුබ්බං පාටිහාරියං දිස්වාපි අහං තුම්හාකං පාදෙ වන්දාමි, අයං මෙ තතියවන්දනා”ති. රඤ්ඤා පන වන්දිතෙ භගවන්තං අවන්දිත්වා ඨාතුං සමත්ථො නාම එකසාකියොපි නාහොසි, සබ්බෙ වන්දිංසුයෙව.
භාග්‍යවතුන් වහන්සේ මොවුන්ගේ අදහස දැන ඤාතීහු මට නොවඳිත්. දැන් ඔවුන් ලවා වන්දවන්නෙමියි අභිඥාවන් මුල්වූ චතුර්ථ ධ්‍යානයට සමවැදුනෙහිය. එතැනින් නැගිට අහසට පැන නැග ඒ මානාධික ශාක්‍යයන්ගේ හිසෙහි පස්ගල් විසුරුවන්නාක් මෙන් ගණ්ඩබ්බ රුක්මුල පෑ යමක ප්රාතිහාර්ය හා සමාන ප්රාතිහාර්යක් දැක්වූහ. රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීවේය. ස්වාමීනි, ඔබගේ උපන් දිනයෙහි කාලදේවලට වැඳීම පිණිස ඔබ යොමු කළ කල්හි ඔබලේ පාද පෙරළී අවුත් බමුණාගේ හිස්මුදුනේ පිහිටියේ, මම එය දැකද, ඔබගේ පා වැන්දෙමි. මේ මගේ පළමු වන්දනයයි. වප්මගුල් දවසේදී දඹගස් සෙවනේ සිරියහනක හුන්නා වූ ඔබ දඹගස් සෙවනේ පළඟින් සිටීමද දඹරුක් සෙවන නොවෙනස්ව සිටීමද දැක පා වැන්දෙමි. ඒ මගේ දෙවෙනි වැඳීමයි. දැන් මේ නොදුටුවිරූ ප්රාතිහාර්ය දැක ඔබගේ පාද වඳිමි. මේ මගේ තෙවෙනි වැඳීමයි. රජු වැඳුම් පිදුම් කළ කල්හි භාග්‍යවතුන් වහන්සේට නොවැඳ සිටීමට සමත් එකම ශාක්‍යයෙක් වත් නොවීය. සියල්ලෝ වැන්දාහුය.
ඉති භගවා ඤාතයො වන්දාපෙත්වා ආකාසතො ඔතරිත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. නිසින්නෙ භගවති සිඛාපත්තො ඤාතිසමාගමො අහොසි, සබ්බෙ එකග්ගචිත්තා හුත්වා නිසීදිංසු. තතො මහාමෙඝො පොක්ඛරවස්සං වස්සි. තම්බවණ්ණං උදකං හෙට්ඨා විරවන්තං ගච්ඡති, තෙමිතුකාමොව තෙමෙති, අතෙමිතුකාමස්ස සරීරෙ එකබින්දුමත්තම්පි න පතති. තං දිස්වා සබ්බෙ අච්ඡරියබ්භුතචිත්තා ජාතා “අහො අච්ඡරියං, අහො අබ්භුත”න්ති කථං සමුට්ඨාපෙසුං. සත්ථා “න ඉදානෙව මය්හං ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං වස්සති, අතීතෙපි වස්සී”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා වෙස්සන්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙසි. ධම්මකථං සුත්වා සබ්බෙ උට්ඨාය වන්දිත්වා පක්කමිංසු. එකොපි රාජා වා රාජමහාමත්තො වා “ස්වෙ අම්හාකං භික්ඛං ගණ්හථා”ති වත්වා ගතො නාම නත්ථි.
මෙසේ භාග්‍යවත්හු ඤාතීන් වන්දවා අහසින් බැස පනවන ලද ආසනයේ වැඩසිටි සේක. භාග්‍යවතුන් වහන්සේ එසේ වැඩසිටි කල්හි හික්මීමට පත් ඤාති සමාගමද අති විශාල විය. සියල්ලෝම එකඟ වූ සිතින් මැ සිටියහ. ඉක්බිති කළුවලා රැස්වී මහා පොකුරු වර්ෂාවක් වැස්සේය. තඹවන් වූ ජලය නාදකරමින් ගලා බසී. තෙමෙනු කැමති අය තෙමෙති. තෙමෙනු කැමති නැති අයගේ ශරීරයේ එක දිය බිංදුවක් වත් නොවැටෙයි. ඒ දැක සියල්ලෝ ආශ්චර්ය අද්භූතජනක සිත් ඇත්තෝ වූහ. අනේ පුදුමයකි! අනේ මහ අසිරියකැයි, සාකච්ඡා කළහ. ශාස්තෲන් වහන්සේ; දැන් පමණක් නොව ඤාති සමූහය ඉදිරිපිට පොකුරු වර්ෂාවක් වස්සවන ලද්දේ. අතීතයේදී වර්ෂා කළේ යයි වදාළහ. මෙහි උපන් තොරතුරු සඳහා වෙස්සන්තර ජාතකය වදාළ සේක. ධර්මකථාව අසා සියල්ලෝම නැගිට වැඳ, පිටත්ව ගියහ. එකම රජකු හෝ රජ ඇමතියකු හෝ හෙට අපගේ භික්ෂාව පිළිගන්නැයි කියා ගිය කෙනෙක් නම් නැත.
සත්ථා පුනදිවසෙ වීසතිභික්ඛුසහස්සපරිවුතො කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි. තං න කොචි ගන්ත්වා නිමන්තෙසි, න පත්තං වා අග්ගහෙසි. භගවා ඉන්දඛීලෙ ඨිතොව ආවජ්ජෙසි – “කථං නු ඛො පුබ්බබුද්ධා කුලනගරෙ පිණ්ඩාය චරිංසු, කිං උප්පටිපාටියා ඉස්සරජනානං ඝරානි අගමංසු, උදාහු සපදානචාරිකං චරිංසූ”ති? තතො එකබුද්ධස්සපි උප්පටිපාටියා ගමනං අදිස්වා “මයාපි දානි අයමෙව තෙසං වංසො පග්ගහෙතබ්බො, ආයතිඤ්ච මම සාවකා මමඤ්ඤෙව අනුසික්ඛන්තා පිණ්ඩචාරිකවත්තං පරිපූරෙස්සන්තී”ති කොටියං නිවිට්ඨගෙහතො පට්ඨාය සපදානං පිණ්ඩාය චරි. “අය්යො කිර සිද්ධත්ථකුමාරො පිණ්ඩාය චරතී”ති ද්විභූමිකතිභූමිකාදීසු පාසාදෙසු සීහපඤ්ජරං විවරිත්වා මහාජනො දස්සනබ්යාවටො අහොසි.
ශාස්තෲන් වහන්සේ දෙවෙනි දිනයේ විසිදහසක් භික්ෂූන් පිරිවරා කපිලවස්තුවට පිඬුසිඟා වැඩියහ. උන්වහන්සේට කිසිවකු ආරාධනා නොකළ නිසාවෙනි. පාත්‍රය හෝ නොගත්තේය. භාග්‍යවතුන් වහන්සේ සෘජුව සිට ආවර්ජනා කළ සේක. පෙර බුදුවරු කුල නගරයේ කෙසේ පිඬු පිණිස හැසිරුණේද? කිම අනුපිළිවෙළින් සම්පත් ඇති ගෘහවලට ගියාහුද? නැතහොත් පිළිවෙළින් සපදාන චාරිකාවේ හැසිරුණේද? ඉක්බිති එකම බුදුකෙනෙකුවත් අතරින් පතර ගමන් නොකළ යුතු බැවින් මතු මගේ ශ්‍රාවකයෝද, මා පරිදි අනුව හික්මෙමින් පිණ්ඩ චාරිකා වත පරිපූර්ණය කළයුතු වන්නේ යයි කෙළවර පිහිටි නිවසේ පටන් සපිළිවෙළින් පිඬු පිණිස හැසිරුණු සේක. ආර්ය සිද්ධාර්ථ කුමාරයා වනාහි පිඬු පිණිස හැසිරේ යනුවෙන් දෙමහල් තුන්මහල් ආදී පහයවල සිටියෝ, සිහ කවුළුව විවෘතකොට බලා සිටියහ. මහජනයා වටවී බලා සිටියේය.
රාහුලමාතාපි දෙවී – “අය්යපුත්තො කිර ඉමස්මිංයෙව නගරෙ මහන්තෙන රාජානුභාවෙන සුවණ්ණසිවිකාදීහි විචරිත්වා ඉදානි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායවත්ථනිවාසනො කපාලහත්ථො පිණ්ඩාය චරති, සොභති නු ඛො”ති සීහපඤ්ජරං විවරිත්වා ඔලොකයමානා භගවන්තං නානාවිරාගසමුජ්ජලාය සරීරප්පභාය නගරවීථියො ඔභාසෙත්වා බ්යාමප්පභාපරික්ඛෙපසමුපබ්යූළ්හාය අසීතානුබ්යඤ්ජනප්පභාසිතාය ද්වත්තිංසමහාපුරිසලක්ඛණපටිමණ්ඩිතාය අනොපමාය බුද්ධසිරියා විරොචමානං දිස්වා උණ්හීසතො පට්ඨාය යාව පාදතලා –
රාහුල මව වූ, දේවියද ආර්ය පුත්‍රයා මේ නගරයෙහි මහත් වූ රාජානුභාවයෙන් රන්දෝලාවලින් හැසිර දැන් කෙස්රවුල් බහා කෂායවස්ත්ර හැඳ පැලැඳ පාත්‍රයක් අතින් ගෙන පිඬු පිණිස හැසිරෙයි. ශෝභන වෙයි. සිංහකවුළුව විවෘතකොට බලනකල්හි භාග්‍යවතුන් වහන්සේ, නොයෙක් අනගි ලෙසින් බබළමින් බඹයක් පැතිරී පෙනෙන, ශරීර ප්‍රභාවෙන් යුක්තව නගර වීථි බබළවමින් අසූවක් අනූවක් කුඩා ලක්ෂණවලින් පැහැපත් වූ දෙතිස්මහා පුරුෂ ලක්ෂණවලින් ප්‍රතිමණ්ඩිත වූ, උපමා රහිත බුද්ධලීලාවෙන් බබළන්නා වූ දැක හිස මුදුනෙ සිට පාමුල දක්වා බලා:-
“සිනිද්ධනීලමුදුකුඤ්චිතකෙසො, සූරියනිම්මලතලාභිනලාටො; යුත්තතුඞ්ගමුදුකායතනාසො, රංසිජාලවිකසිතො නරසීහො”ති. –
සිනිඳු සුසිනිඳු තුරුණු කෙස් ඇති හිරුමඬල සේ නළල් තල ඇති දසත විහිදෙන රැස් වළල්ලෙන් එකලු කරවයි කිඹුල්වත් පුර අපේ නරසිහ බුදුරදාණෝ
එවමාදිකාහි දසහි නරසීහගාථාහි අභිත්ථවිත්වා “තුම්හාකං පුත්තො පිණ්ඩාය චරතී”ති රඤ්ඤො ආරොචෙසි. රාජා සංවිග්ගහදයො හත්ථෙන සාටකං සණ්ඩපෙන්තො තුරිතතුරිතො නික්ඛමිත්වා වෙගෙන ගන්ත්වා භගවතො පුරතො ඨත්වා ආහ – “කින්නු ඛො, භන්තෙ, අම්හෙ ලජ්ජාපෙථ, කිමත්ථං පිණ්ඩාය චරථ, කිං ‘එත්තකානං භික්ඛූනං න සක්කා භත්තං ලද්ධු’න්ති සඤ්ඤං කරිත්ථා”ති? “වංසචාරිත්තමෙතං, මහාරාජ, අම්හාක”න්ති. “නනු, භන්තෙ, අම්හාකං වංසො නාම මහාසම්මතඛත්තියවංසො, එත්ථ ච එකඛත්තියොපි භික්ඛාචරකො නාම නත්ථී”ති. “අයං, මහාරාජ, ඛත්තියවංසො නාම තව වංසො. අම්හාකං පන ‘දීපඞ්කරො කොණ්ඩඤ්ඤො…පෙ… කස්සපො’ති අයං බුද්ධවංසො නාම. එතෙ ච අඤ්ඤෙ ච අනෙකසහස්සසඞ්ඛා බුද්ධා භික්ඛාචාරෙනෙව ජීවිකං කප්පෙසු”න්ති අන්තරවීථියං ඨිතොව –
මේ ආදී වූ දස නරසීහ ගාථාවලින් අභිස්තුති කොට, ඔබගේ පුතා පිඬු පිණිස හැසිරේ යයි රජුට දැනුම් දුන්නාය. රජු කළකිරුණු සිත් ඇත්තේ, සළුව වෙලාගන්නේ ඉක්මනට ඉක්මනට නික්ම වේගයෙන් ගොස් භාග්‍යවත්හු ඉදිරිපිට සිට මෙසේ කීවේය. “ස්වාමීනි; කුමක් නිසා පිඬු පිණිස හැසිරෙවුද? මෙපමණ භික්ෂූන්ට බතින් සංග්‍රහ කිරීමට නොහැක්කේ යයි සිතන්නහුද? මහරජ, මේ අපගේ වංශ චාරිත්‍රයයි. ස්වාමීනි, අපගේ වංශය මහාසම්මත ක්ෂත්රිය වංශය නොවේද? එක ක්ෂත්රයෙකුවත් පිඬු පිණිස හැසිරුණේ නම් නැත. මේ මහරජ, ක්ෂත්රිය වංශය නම් ඔබගේ වංශයයි. අපගේ වංශය නම් දීපංකර කොණ්ඩඤ්ඤ කස්සප ආදී මේ බුද්ධවංශයයි. මේ අනෙකුත් නොයෙක් දහස් සංඛ්‍යාත බුදුවරු පිඬුසිඟා හැසිරීමෙන්ම ජීවිකාව පවත්වාගෙන ගියහයි අතර වීථියේ සිට –
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය, ධම්මං සුචරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති. (ධ· ප· 168) –
“අප්‍රමාදීව නැගී සිටින්න - සුචරිත ධර්මයෙහි හැසිරෙන්න. ධර්මචාරී පුද්ගලයා - මෙලොව, පරලොව දෙක්හිම සැපයට පත්වේ”
ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ රාජා සොතාපත්තිඵලෙ පතිට්ඨාසි.
යන මේ ගාථාව වදාළ සේක. ගාථාව අවසානයේ රජු සෝවාන් ඵලයෙහි පිහිටියේය.
“ධම්මඤ්චරෙ සුචරිතං, න නං දුච්චරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති. (ධ· ප· 169) –
“සුචරිත ධර්මයෙහි හැසිරෙන්න. දුසිරිතෙහි නොහැසිරෙන්න. දහමෙහි හැසිර ධර්මචාරි පුද්ගලයා මෙලොව-පරලොව සැපයට පත්වේ.”
ඉමං ගාථං සුත්වා සකදාගාමිඵලෙ පතිට්ඨාසි, මහාධම්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) සුත්වා අනාගාමිඵලෙ පතිට්ඨාසි, මරණසමයෙ සෙතච්ඡත්තස්ස හෙට්ඨා සිරිසයනෙ නිපන්නොයෙව අරහත්තං පාපුණි. අරඤ්ඤවාසෙන පධානානුයොගකිච්චං රඤ්ඤො නාහොසි. සො සොතාපත්තිඵලං සච්ඡිකත්වායෙව පන භගවතො පත්තං ගහෙත්වා සපරිසං භගවන්තං මහාපාසාදං ආරොපෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. භත්තකිච්චපරියොසානෙ සබ්බං ඉත්ථාගාරං ආගන්ත්වා භගවන්තං වන්දි ඨපෙත්වා රාහුලමාතරං. සා පන “ගච්ඡ, අය්යපුත්තං වන්දාහී”ති පරිජනෙන වුච්චමානාපි “සචෙ මය්හං ගුණො අත්ථි, සයමෙව මම සන්තිකං අය්යපුත්තො ආගමිස්සති, ආගතමෙව නං වන්දිස්සාමී”ති වත්වා න අගමාසි.
යන මේ ගාථාව අසා සකදාගාමි ඵලයෙහි පිහිටියේය. මහා ධර්මපාල ජාතකය අසා අනාගාමි ඵලයෙහි පිහිටියේය. මරණ මංචකයේ සුදුකුඩය යට සිරියහනේ හොතේතම රහත් බවටද පත්විය. අරණ්‍යවාසය කිරීමක්ද ප්‍රධන් වීර්ය වැඩීමක්ද රජුට නොවීය. සෝවාන්ඵලය සාක්ෂාත් කොට භාග්‍යවත්හුගේ පාත්‍රය රැගෙන පිරිවර සහිතව බුදුරදු මහා ප්‍රාසාදයට වඩමවාගෙන ප්‍රණීත වූ කෑයුතු බීයුතු දේවලින් සන්තර්පණය කළේය. බත් කිස අවසානයේ අන්තඃපුර සියළු ස්ත්‍රීන් රාහුල මාතාව හැර, පැමිණ බුදුරදුන්ට වැන්දෝය. ඇය වනාහි “යව ආර්ය පුත්‍රයන්ට වඳින්න” යයි පිරිවර ජනතාව විසින් කියන ලද්දේද. “ඉදින් මගේ ගුණයක් ඇත්නම්, ආර්ය පුත්‍රයා තෙමේම මා සමීපයට පැමිණෙන්නේය. ආපු විගස උන්වහන්සේට වඳින්නෙමි යනුවෙන් පවසා නොගියාය.
භගවා රාජානං පත්තං ගාහාපෙත්වා ද්වීහි අග්ගසාවකෙහි සද්ධිං රාජධීතාය සිරිගබ්භං ගන්ත්වා “රාජධීතා යථාරුචි වන්දමානා න කිඤ්චි වත්තබ්බා”ති වත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. සා වෙගෙනාගන්ත්වා ගොප්ඵකෙසු ගහෙත්වා පාදපිට්ඨියං සීසං පරිවත්තෙත්වා යථාජ්ඣාසයං වන්දි. රාජා රාජධීතාය භගවති සිනෙහබහුමානාදිගුණසම්පත්තිං කථෙසි – “භන්තෙ, මම ධීතා ‘තුම්හෙහි කාසායානි වත්ථානි නිවාසිතානී’ති සුත්වා තතො පට්ඨාය කාසායවත්ථනිවත්ථා ජාතා, තුම්හාකං එකභත්තිකභාවං සුත්වා එකභත්තිකාව ජාතා, තුම්හෙහි මහාසයනස්ස ඡඩ්ඩිතභාවං සුත්වා පට්ටිකාමඤ්චකෙයෙව නිපන්නා, තුම්හාකං මාලාගන්ධාදීහි විරතභාවං ඤත්වා විරතමාලාගන්ධාව ජාතා, අත්තනො ඤාතකෙහි ‘මයං පටිජග්ගිස්සාමා’ති සාසනෙ පෙසිතෙපි තෙසු එකඤාතකම්පි න ඔලොකෙසි, එවං ගුණසම්පන්නා මෙ, භන්තෙ, ධීතා”ති. “අනච්ඡරියං, මහාරාජ, අයං ඉදානි තයා රක්ඛියමානා රාජධීතා පරිපක්කෙ ඤාණෙ අත්තානං රක්ඛෙය්ය, එසා පුබ්බෙ අනාරක්ඛා පබ්බතපාදෙ විචරමානා අපරිපක්කෙපි ඤාණෙ අත්තානං රක්ඛී”ති වත්වා චන්දකින්නරීජාතකං (ජා· 1.14.18 ආදයො) කථෙත්වා උට්ඨායාසනා පක්කාමි.
භාග්‍යවතුන් වහන්සේ රජුගෙන් පාත්‍රය ගෙන්වාගෙන අග්‍රශ්‍රාවක දෙනම සමග රාජ දියණියගේ සිරියහන් ගැබට වැඩමකොට රාජදියණිය කැමති පරිදි වඳිනු කැමැත්තී, කිසිත් වත්පිළිවෙත් කිවයුත්තක් නම් නැතැයි පවසා පනවන ලද ආසනයේ වැඩහුන් සේක. ඇය වේගයෙන් ගොස්, ගොප්මඩුළු අල්ලාගෙන පාමුල සිරස තබා කැමති පරිදි වැන්දාය. රජු භාග්‍යවතුන් කෙරෙහි සෙනෙහස හා බුහුමන් දැක්වීම ආදිය ගුණසම්පත් ප්‍රකාශ කළේය. “ස්වාමීනි, මගේ දුව ඔබ කෂාය වස්ත්‍ර අඳින්නේය යයි අසා එතැන් පටන් කෂාය වස්ත්‍ර පෙරවීමට පටන් ගත්තීය. ඔබට එකම භක්තිමත් බව අසා එකම බැතිබර බව හටගත්තී, ඔබවහන්සේ මහ ආසන සිරියහන් හැරදැමූ බව අසා පටි ඇඳෙහිම හොත්තී, ඔබ මල්සුවඳ ආදියෙන් වැලකුණු බව අසා වෙන්වුණු මල්සුවඳ ආදිය ඇත්තේ තමන්ගේ ඤාතින් විසින් අපි පෝෂණය කරන්නෙමු යයි හසුන් එවූ කල්හි එක ඤාතියකුදු දෙස නොබැලුවේය. මෙසේ ගුණ සම්පන්නයි. මගේ දියණිය ස්වාමීනි;” “මහරජ, මෙය ආශ්චර්යයක් නොවේ. දැන් රකිනු ලබන්නා වූ රාජ දියණිය ඤාණයෙන් පිරිපුන් වූ කල්හි, තමන්වද රකින්නේය. ඇය පෙර අනාරක්ෂිතව රප්වත පාමුල හැසිරෙන්නේ, ඤාණය නොපැසුණු කල්හිද, තමන්ව රැක්කේය යන පුවත පවසා සඳකිඳුරු ජාතක කථාව වදාරා අසුනින් නැගිට පිටත්ව ගියේය.
පුනදිවසෙ පන නන්දස්ස රාජකුමාරස්ස අභිසෙකගෙහප්පවෙසනවිවාහමඞ්ගලෙසු වත්තමානෙසු තස්ස ගෙහං ගන්ත්වා කුමාරං පත්තං ගාහාපෙත්වා පබ්බාජෙතුකාමො මඞ්ගලං වත්වා උට්ඨායාසනා පක්කාමි. ජනපදකල්යාණී කුමාරං ගච්ඡන්තං දිස්වා “තුවටං ඛො, අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී”ති වත්වා ගීවං පසාරෙත්වා ඔලොකෙසි. සො භගවන්තං “පත්තං ගණ්හථා”ති වත්තුං අවිසහමානො විහාරංයෙව අගමාසි. තං අනිච්ඡමානංයෙව භගවා පබ්බාජෙසි. ඉති භගවා කපිලවත්ථුං ගන්ත්වා තතියදිවසෙ නන්දං පබ්බාජෙසි.
දෙවෙනි දිනයේ නන්ද රාජ කුමාරයාගේ අභිෂේකයද, ගෙට ගෙවදීමේ මංගල්‍යයද, විවාහ මංගල්‍යයද පවත්වන කල්හි ඔහුගේ ගෙදරට ගොස් කුමරු අතට පාත්‍රය දී, පැවිදිවනු කැමැත්ත මංගල්‍යයක් බව පවසා අසුනින් නැගිට පිටත්ව ගියේය. ජනපද කල්‍යාණිය කුමාරයා යනවා දැක, “ආර්ය පුත්‍රය; ඉක්මනට එනු මැනවි” යයි පවසා බෙල්ල දිගුකොට බලා සිටියාය. හෙතම භාග්‍යවතුන්ට පාත්‍රය ගන්නැයි කීමට නොකැමැති නිසා විහාරයටම ගියේය. ඔහු නොකැමැත්තේම භාග්‍යවතුන් වහන්සේ පැවිදි කළ සේක. මෙසේ භාග්‍යවත්හු කපිලවස්තුවට ගොස්, තෙවෙනි දිනයේ නන්ද පැවිදි කළ සේක.
සත්තමෙ දිවසෙ රාහුලමාතාපි කුමාරං අලඞ්කරිත්වා භගවතො සන්තිකං පෙසෙසි – “පස්ස, තාත, එතං වීසතිසහස්සසමණපරිවුතං සුවණ්ණවණ්ණං බ්රහ්මරූපවණ්ණං සමණං, අයං තෙ පිතා, එතස්ස මහන්තා නිධයො අහෙසුං ත්යස්ස නික්ඛමනකාලතො පට්ඨාය න පස්සාම, ගච්ඡ, නං දායජ්ජං යාචාහි – ‘අහං, තාත, කුමාරො අභිසෙකං පත්වා චක්කවත්තී භවිස්සාමි, ධනෙන මෙ අත්ථො, ධනං මෙ දෙහි. සාමිකො හි පුත්තො පිතුසන්තකස්සා’”ති. කුමාරො ච භගවතො සන්තිකං ගන්ත්වාව පිතුසිනෙහං ලභිත්වා හට්ඨචිත්තො “සුඛා තෙ, සමණ, ඡායා”ති වත්වා අඤ්ඤඤ්ච බහුං අත්තනො අනුරූපං වදන්තො අට්ඨාසි. භගවා කතභත්තකිච්චො අනුමොදනං වත්වා උට්ඨායාසනා පක්කාමි. කුමාරොපි “දායජ්ජං මෙ, සමණ, දෙහි, දායජ්ජං මෙ, සමණ, දෙහී”ති භගවන්තං අනුබන්ධි. න භගවා කුමාරං නිවත්තාපෙසි, පරිජනොපි භගවතා සද්ධිං ගච්ඡන්තං නිවත්තෙතුං නාසක්ඛි. ඉති සො භගවතා සද්ධිං ආරාමමෙව අගමාසි.
සත්වෙනි දිනයේ රාහුල මාතාව කුමරු අලංකාර කොට, බුදුරදුන් සමීපයට යැව්වාය. “දරුව; බලන්න. මේ විසිදහසක් ශ්රමණයන් පිරිවරාගෙන රන්වන් වූ බ්‍රහ්ම වර්ණයෙන් යුක්ත, මේ ශ්‍රමණයා ඔබේ පියාය. මොහුට මහත් නිධාන සම්පත් වූහ. ඔහු නික්මගිය කාලයේ පටන් නොදුටුමු. යව; ඔහුගෙන් දායාද ඉල්ලා ගන්න.” “පියාණෙනි; මම ඔබගේ පුත්‍රයා වෙමි. අභිෂේක බවට පැමිණ, සක්විති රජ වන්නෙමි. මට ධනයෙන් වැඩක් ඇත. ස්වාමීනි, මට ධනය දෙන්න. පියා සන්තක වූ ධනය පුතුට යනුවෙනි.” කුමරු භාග්‍යවතුන් සමීපයට ගොස් පිය සෙනෙහස නැවත ලැබ සතුටු සිතැත්තේ, ශ්‍රමණය; ඔබගේ සෙවනැල්ලද මට සැපයක් යයි පවසා තවත් අනෙක් බොහෝ තොරතුරු කථා කරමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ කරන ලද බත්කිස ඇත්තේ අනුමෝදනා කොට අසුනින් නැගිට වැඩම කළහ. කුමරුද, “මට දායාදය දෙන්න, මට දායාදය දෙන්න ශ්‍රමණය” යයි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැඳ ගියේය. භාග්‍යවතුන් වහන්සේ ද කුමරු නොනවත්වන ලදි. පිරිවර ජනතාවද බුදුරදුන් සමග යන්නා වූ බැවින් නවතාලීමට නොහැකි විය. මෙසේ ඔහු භගවත්හු සමග ආරාමයටම ගියේය.
තතො භගවා චින්තෙසි – “යං අයං පිතුසන්තකං ධනං ඉච්ඡති, තං වට්ටානුගතං සවිඝාතං, හන්දස්ස මෙ බොධිමණ්ඩෙ පටිලද්ධං සත්තවිධං අරියධනං දෙමි, ලොකුත්තරදායජ්ජස්ස නං සාමිකං කරොමී”ති ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි – “තෙන හි, සාරිපුත්ත, රාහුලං පබ්බාජෙහී”ති. ථෙරො තං පබ්බාජෙසි. පබ්බජිතෙ ච පන කුමාරෙ රඤ්ඤො අධිමත්තං දුක්ඛං උප්පජ්ජි, තං අධිවාසෙතුං අසක්කොන්තො භගවන්තං උපසඞ්කමිත්වා “සාධු, භන්තෙ, අය්යා මාතාපිතූහි අනනුඤ්ඤාතං පුත්තං න පබ්බාජෙය්යු”න්ති වරං යාචි. භගවා ච තස්ස වරං දත්වා පුනෙකදිවසෙ රාජනිවෙසනෙ කතභත්තකිච්චො එකමන්තං නිසින්නෙන රඤ්ඤා “භන්තෙ, තුම්හාකං දුක්කරකාරිකකාලෙ එකා දෙවතා මං උපසඞ්කමිත්වා ‘පුත්තො තෙ කාලඞ්කතො’ති ආහ, තස්සා වචනං අසද්දහන්තො ‘න මය්හං පුත්තො සම්බොධිං අප්පත්වා කාලං කරොතී’ති තං පටික්ඛිපි”න්ති වුත්තෙ “තුම්හෙ ඉදානි කිං සද්දහිස්සථ, යෙ තුම්හෙ පුබ්බෙපි අට්ඨිකානි දස්සෙත්වා ‘පුත්තො තෙ මතො’ති වුත්තෙ න සද්දහිත්ථා”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා මහාධම්මපාලජාතකං කථෙසි. කථාපරියොසානෙ රාජා අනාගාමිඵලෙ පතිට්ඨහි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිතුවෝය. මෙතම පියා සතු ධනය කැමති වෙයි. ඔහු ඉල්ලන ධනය සසර දික්කරයි. දුකටම හේතුවේ. එහෙයින් බෝධිමණ්ඩලයේ ප්‍රතිවේධ කරන ලද සප්තවිධ ආර්ය ධනයම දෙමි. හෙතම ලෝකෝත්තර දායාදයට හිමිකම් කරමි’යි ආයුෂ්මත් සාරිපුත්ත ඇමතීය. එසේ වී නම් සාරිපුත්‍රය; රාහුල පැවිදි කරවන්න. තෙරුන් ඔහු පැවිදි කළ සේක. කුමාරයා පැවිදි කළ කල්හි රජුට අධික දුකක් උපන්නේය. එය ඉවසීමට නොහැකි වන්නේ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි; මවිපියන් විසින් අනුනොදක්නා ලද දරුවන් පැවිදි නොකරනු මැනවි” යයි වරයක් ඉල්ලීය. භගවත්හු ඔහුට ඒ අවසරය දී, නැවත එක දිනයක් රාජමාළිගාවේ කරන ලද බත්කිස ඇත්තේ, එකත්පසක හිටියා වූ, රජු විසින්, “ස්වාමීනි, ඔබ දුෂ්කරක්‍රියා කරන කාලයේ එක දේවතාවකු මා වෙත පැමිණ ඔබගේ පුතා කළුරිය කළේ යයි කීවේය. ඔහුගේ වචනය නො අදහන්නේ, “මගේ පුතා සම්බෝධියට නොපැමිණ කලුරිය නොකරයි. එය ප්‍රතික්ෂේප කළෙමි’යි කී කල්හි නුඹ දැන් කුමක් අදහන්නෙහුද? පෙර ඇට ආදිය දක්වා, ඔබගේ පුතා මළේ යයි කී කල්හි නොඅදහන්නෙහුද? ආදී මේ තොරතුරු පැවසීමට මහා ධර්මපාල ජාතකය දේශනා කළ සේක. කථාව අවසානයේ රජු අනාගාමි ඵලයෙහි පිහිටියේය.
ඉති භගවා පිතරං තීසු ඵලෙසු පතිට්ඨාපෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතො පුනදෙව රාජගහං ගන්ත්වා සීතවනෙ විහාසි. තස්මිං සමයෙ අනාථපිණ්ඩිකො ගහපති පඤ්චහි සකටසතෙහි භණ්ඩං ආදාය රාජගහං ගන්ත්වා අත්තනො පියසහායකස්ස සෙට්ඨිනො ගෙහං ගන්ත්වා තත්ථ බුද්ධස්ස භගවතො උප්පන්නභාවං සුත්වා බලවපච්චූසෙ දෙවතානුභාවෙන විවටෙන ද්වාරෙන සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය, දුතියෙ දිවසෙ බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස මහාදානං දත්වා සාවත්ථිං ආගමනත්ථාය සත්ථු පටිඤ්ඤං ගහෙත්වා අන්තරාමග්ගෙ පඤ්චචත්තාලීසයොජනට්ඨානෙ සතසහස්සං දත්වා යොජනිකෙ යොජනිකෙ විහාරං කාරෙත්වා ජෙතවනං කොටිසන්ථාරෙන අට්ඨාරසහි හිරඤ්ඤකොටීහි කිණිත්වා නවකම්මං පට්ඨපෙසි. සො මජ්ඣෙ දසබලස්ස ගන්ධකුටිං කාරෙසි, තං පරිවාරෙත්වා අසීතියා මහාථෙරානං පාටියෙක්කං එකසන්නිවෙසනෙ ආවාසෙ එකකුටිකද්විකුටිකහංසවට්ටකදීඝරස්සසාලාමණ්ඩපාදිවසෙන සෙසසෙනාසනානි පොක්ඛරණිචඞ්කමනරත්තිට්ඨානදිවාට්ඨානානි චාති අට්ඨාරසකොටිපරිච්චාගෙන රමණීයෙ භූමිභාගෙ මනොරමං විහාරං කාරෙත්වා දසබලස්ස ආගමනත්ථාය දූතං පාහෙසි. සත්ථා තස්ස වචනං සුත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො රාජගහා නික්ඛමිත්වා අනුපුබ්බෙන සාවත්ථිනගරං පාපුණි.
මෙසේ භගවත්හු පියාව සෝවාන් ආදි තුන් ඵලවල පිහිටුවා භික්ෂු සංඝයා පිරිවරාගෙන නැවත රජගහනුවරට ගොස් සීතවනයේ වැඩවාසය කළහ. එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපතියා පන්සියයක් ගැල් පුරවා බඩු රැගෙන රජගහ නුවරට ගොස්, තමන්ගේ ප්රියමිත්ර වූ සිටුතුමාගේ ගෙදරට ගොස් එහි, භාග්‍යවත් බුදුරදුන් උපන් බව අසා, ඉතාම අළුයම දේවතානුභාවයෙන් විවෘත කළ දොරටුවෙන් ශාස්තෲන් වෙත එළඹ, බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා, දෙවෙනි දිනයේ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දී, සැවැත්නුවරට එනු පිණිස, බුදුරදුන්ගෙන් ප්‍රතිඥා ලැබ, අතරමග යොදුන් හතළිස් පහක් තැනෙක්හි ලක්ෂය ලක්ෂය බැගින් දී යොදුනක් පාසා විහාරයක් කරවා, ජේතවනය අටළොස් කෝටියක් රන් වියදම්කොට නවකර්ම කරවීය. ඒ මැද බුදුරදුන්ට ගන්ධකුටියක් කළේය. එය පිරිවර කොට අසූමහා තෙරවරුන්ට එක එක කුටිය බැගින්ද, එකට වාසය කරන නිවෙස්නක්ද, ඒක කුටික ආවාස, කුටි දෙකක ආවාස, හංස හැඩැති දිගකොට ශාලාද, මණ්ඩප ආදි වශයෙන් සෙසු සේනාසන, පොකුණු සක්මන්මළු දිවාරාත්‍රී සක්මන් කරන ස්ථාන ආදී අටළොස් කෝටියක් පරිත්‍යාග කිරීමෙන් රමණීය භූමිභාගයක මනහර විහාරයක් කරවා බුදුරදුන්ට වැඩම කිරීම පිණිස, දූතයකු යැවීය. ශාස්තෲන් වහන්සේ දූතයාගේ වචන අසා මහා භික්ෂු සංඝයා පිරිවරා රජගහ නුවරින් නික්ම අනුපිළිවෙළින් සැවැත්නුවරට වැඩම කළ සේක.
මහාසෙට්ඨිපි ඛො විහාරමහං සජ්ජෙත්වා තථාගතස්ස ජෙතවනං පවිසනදිවසෙ පුත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කත්වා අලඞ්කතපටියත්තෙහෙව පඤ්චහි කුමාරසතෙහි සද්ධිං පෙසෙසි. සො සපරිවාරො පඤ්චවණ්ණවත්ථසමුජ්ජලානි පඤ්ච ධජසතානි ගහෙත්වා දසබලස්ස පුරතො අහොසි, තෙසං පච්ඡතො මහාසුභද්දා චූළසුභද්දාති ද්වෙ සෙට්ඨිධීතරො පඤ්චහි කුමාරිකාසතෙහි සද්ධිං පුණ්ණඝටෙ ගහෙත්වා නික්ඛමිංසු, තාසං පච්ඡතො සෙට්ඨිභරියා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා පඤ්චහි මාතුගාමසතෙහි සද්ධිං පුණ්ණපාතියො ගහෙත්වා නික්ඛමි, සබ්බෙසං පච්ඡතො මහාසෙට්ඨි අහතවත්ථනිවත්ථො අහතවත්ථනිවත්ථෙහෙව පඤ්චහි සෙට්ඨිසතෙහි සද්ධිං භගවන්තං අබ්භුග්ගඤ්ඡි. භගවා ඉමං උපාසකපරිසං පුරතො කත්වා මහාභික්ඛුසඞ්ඝපරිවුතො අත්තනො සරීරප්පභාය සුවණ්ණරසසෙකසිඤ්චනානි විය වනන්තරානි කුරුමානො අනන්තාය බුද්ධලීලාය අපරිමාණාය බුද්ධසිරියා ජෙතවනවිහාරං පාවිසි.
මහසිටුතුමාද, විහාරභූමිය සරසවා, බුදුරදුන් ජේතවනයට පිවිසෙන දිනයෙහි, තම පුත්‍රයා සියළු අලංකාරවලින් සරසවා කුමරවරුන් පන්සියයක් සමග යැවීය. හෙතම පිරිවරාගෙන පස්වර්ණයෙන් යුතුව බබළමින් පන්සියයක් ධජපතාක ගෙන දසබලයන්ගේ ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගේ පසුපසින් මහා සුභද්‍රා, චූල සුභද්‍රා යන සිටුදියණියෝ දෙදෙන පන්සියයක් කුමාරිකාවන් සමග පිරුණු කල පුන්කලස් ගෙන නික්මුණහ. ඈලාගේ පසුපසින් සිටු බිරිඳ සියළු අලංකාරවලින් සැරසී පන්සියයක් මව් කාන්තාවන් සමග පිරුණු පාත්‍ර ගෙන නික්ම ගියේය. සියල්ලන්ට පසුව තෙමේ මහා සිටුතුමා පොරවන ලද නව වස්ත්‍ර ඇත්තේ, පොරවන ලද අළුත් වස්ත්‍ර ඇතිව පන්සියයක් සිටුවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ බැහැදුටුවේය. බුදුරදුන් මේ උපාසක පිරිස පෙරටුකොට මහා භික්ෂු සංඝයා පිරිවරා, තමන්ගේ ශරීර ප්‍රභාවෙන් රන්වන් හා පාටින් යුතුද රතුපාට වනාන්තර අතරින් ගමන් කරමින් තමන්ගේ බුද්ධලීලාව ප්‍රකට කරමින් අපරිමිත බුද්ධ සිරියෙන් ජේතවනයට පිවිසියේය.
අථ නං අනාථපිණ්ඩිකො ආපුච්ඡි – “කථාහං, භන්තෙ, ඉමස්මිං විහාරෙ පටිපජ්ජාමී”ති? “තෙන හි, ගහපති, ඉමං විහාරං ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛුසඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති. “සාධු, භන්තෙ”ති මහාසෙට්ඨි සුවණ්ණභිඞ්ගාරං ආදාය දසබලස්ස හත්ථෙ උදකං පාතෙත්වා “ඉමං ජෙතවනවිහාරං ආගතානාගතස්ස චාතුද්දිසස්ස බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති අදාසි. සත්ථා විහාරං පටිග්ගහෙත්වා අනුමොදනං කරොන්තො –
ඉක්බිති අනේපිඬු සිටුතුමා බුදුරජුන්ගෙන් මෙසේ විචාළේය. “කෙසේද ස්වාමීනි, මම මේ විහාරය පිළිබඳව කෙසේ පිළිපදින්නෙම්ද යනුවෙනි. එසේ වීනම් ගෘහපතියා මේ විහාරය වැඩමකළ, වැඩම නොකළ සිවුදිශා වැසි සියලු භික්ෂු සංඝයා කෙරෙහි පිහිටුවව.” යනුයි. ස්වාමීනි; යහපතැයි මහා සිටුතුමා රන්කෙණ්ඩියක් ගෙන, දසබලයන්ගේ අතේ ජලය වත්කොට, මේ ජේතවන විහාරය ආවාවූ, නොආවා වූ සිවුදිශා වැසි බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දෙමි’යි දුන්නේය. ශාස්තෲන් වහන්සේ විහාරය පිළිගෙන පින් අනුමෝදන් කරවමින් –
“සීතං උණ්හං පටිහන්ති, තතො වාළමිගානි ච; සරීසපෙ ච මකසෙ, සිසිරෙ චාපි වුට්ඨියො.
“සීතලද උණුසුමද නසති - වාලමිග සිවුපාවුන්ගේ ද මැසි මදුරුවන්ගේද වන උවදුරු නසති. පින්නෙන් හා වැස්සෙන් හානිද ඉවත්වෙයි.
“තතො වාතාතපො ඝොරො, සඤ්ජාතො පටිහඤ්ඤති; ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච, ඣායිතුඤ්ච විපස්සිතුං.
එසේම තද සුළඟ, අව්ව, මහවැසි හටගත් සියල්ල ඒවා නසාලයි. වාසය කිරීම සඳහාද සැප විහරණය සඳහාද ධ්‍යාන වැඩීමටද, විදර්ශනාවටද ඉවහල් වේ.
“විහාරදානං සඞ්ඝස්ස, අග්ගං බුද්ධෙන වණ්ණිතං; තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො.
සංඝයාට දුන් විහාර දානය අගය බුදුවරුන් වර්ණිත වේ. එහෙයින් නුවණැති මිනිසා ආවාස දන් දී තමන්ගේ අර්ථ සිද්ධිය සලසා ගන්නේය.
“විහාරෙ කාරයෙ රම්මෙ, වාසයෙත්ථ බහුස්සුතෙ; තෙසං අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච.
බහුශ්‍රැතයා රම්‍ය වූ විහාර කරවා පූජා කරන්නේය. ඔවුන්ට ආහාරපාන වස්ත්‍ර සේනාසන,
“දදෙය්ය උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා; තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො”ති. (චූළව· 295) –
පිරිසිදු නිර්මල සිතින් ලබාදෙන්නේය. එහි වෙසෙන භික්ෂූහු දහම් දෙසති. එය සියළු දුක් දුරුකිරීමට හේතු වෙයි. ඔවුන් එම දහම අවබෝධ කරගෙන සියළු කෙළෙස් නැතිකොට පිරිනිවෙත්,
විහාරානිසංසං කථෙසි. අනාථපිණ්ඩිකො දුතියදිවසතො පට්ඨාය විහාරමහං ආරභි. විසාඛාය විහාරමහො චතූහි මාසෙහි නිට්ඨිතො, අනාථපිණ්ඩිකස්ස පන විහාරමහො නවහි මාසෙහි නිට්ඨාසි. විහාරමහෙපි අට්ඨාරසෙව කොටියො පරිච්චාගං අගමංසු. ඉති එකස්මිංයෙව විහාරෙ චතුපණ්ණාසකොටිසඞ්ඛං ධනං පරිච්චජි.
යනුවෙන් විහාර ආනිශංස ප්‍රකාශ කළේය. අනාථ පිණ්ඩිකද දෙවෙනි දිනයේ පටන් විහාර පූජාව ආරම්භ කළේය. විශාකාවගේ විහාර පූජාවද සාර මාසයකින් නිම කළේය. අනාථපිණ්ඩික සිටාණන්ගේ විහාර කර්මාන්තය නව මාසයකින් නිම කළේය. විහාර පූජාවට කෝටි දහඅටක් වියදම් කළහ. මෙසේ එකම විහාරයෙහි පනස්හතර කෝටියක් ධනය පරිත්‍යාග කළේය.
අතීතෙ පන විපස්සිස්ස භගවතො කාලෙ පුනබ්බසුමිත්තො නාම සෙට්ඨි සුවණ්ණිට්ඨකාසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ යොජනප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. සිඛිස්ස පන භගවතො කාලෙ සිරිවඩ්ඪො නාම සෙට්ඨි සුවණ්ණඵාලසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ තිගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. වෙස්සභුස්ස භගවතො කාලෙ සොත්ථියො නාම සෙට්ඨි සුවණ්ණහත්ථිපදසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අඩ්ඪයොජනප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කකුසන්ධස්ස භගවතො කාලෙ අච්චුතො නාම සෙට්ඨි සුවණ්ණිට්ඨකාසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ ගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කොණාගමනස්ස භගවතො කාලෙ උග්ගො නාම සෙට්ඨි සුවණ්ණකච්ඡපසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අඩ්ඪගාවුතප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. කස්සපස්ස භගවතො කාලෙ සුමඞ්ගලො නාම සෙට්ඨි සුවණ්ණයට්ඨිසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ සොළසකරීසප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. අම්හාකං පන භගවතො කාලෙ අනාථපිණ්ඩිකො නාම සෙට්ඨි කහාපණකොටිසන්ථාරෙන කිණිත්වා තස්මිංයෙව ඨානෙ අට්ඨකරීසප්පමාණං සඞ්ඝාරාමං කාරෙසි. ඉදං කිර ඨානං සබ්බබුද්ධානං අවිජහිතට්ඨානමෙව.
අතීතයේ විපස්සි බුදුරදුන්ගේ කාලයේ පුනබ්බ සුමිත්ත නම් සිටුතුමා, රනින් කළ, නවාතැන්පොළක් මිලට ගෙන ඒ ස්ථානයේ, යොදුනක් පමණ සංඝාරාමයක් කරවීය. සිඛී බුදුරදුන්ගේ කාලයේ සිරිවඩ්ඪ නම් සිටුතුමා රත්රන් ගඩොල් ඇතිරූ නගර ශාලාවක් මිලට ගෙන ඒ ස්ථානයේ තුන්ගව්වක් මණ සංඝාරාමයක් කරවීය. වෙස්සභු භාග්‍යවතුන්ගේ කාලයේ සොත්ථිය නම් සිටුතුමා රත්රන් ඇතුන් සිටින ශාලාවක් මිලට ගෙන ඒ ස්ථානයේ යොදුන් භාගයක් පමණ සංඝාරාමයක් කරවීය. කකුසන්ධ බුදුරදුන්ගේ කාලයේ අච්චුත නම් සිටුතුමා රත්රන් සාකච්ඡා ශාලාවක් මිලට ගෙන එම ස්ථානයේ ගව්වක් පමණ සංඝාරාමයක් කළේය. කෝණාගම බුදුරදුන්ගේ කාලයේ උග්ග නම් සිටුතුමා රත්රන් වෙළඳශාලාව මිලට ගෙන එම ස්ථානයේ අඩ ගව්වක් පමණ සංඝාරාමයක් කරවීය. කස්සප බුදුරදුන්ගේ කාලයේ සුමංගල නම් සිටුතුමා රත්රන් සම්මන්ත්රණ ශාලාවක් මිලට ගෙන එම ස්ථානයෙහි අමුණු හැටහතරක ප්‍රමාණ සංඝාරාමයක් කරවීය. අපගේ භාග්‍යවතුන්ගේ කාලයේ අනාථපිණ්ඩික සිටුතුමා කහවණු කෝටියකින් නගරශාලාව මිලට ගෙන එම ස්ථානයෙහි අමුණු තිස්දෙකක ප්‍රමාණයේ සංඝාරාමයක් කරවීය. මේ ස්ථාන සියළු බුදුවරුන් විසින් අත්නොහරින ලද ස්ථානයමය.
ඉති මහාබොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතප්පත්තිතො යාව මහාපරිනිබ්බානමඤ්චා යස්මිං යස්මිං ඨානෙ භගවා විහාසි, ඉදං සන්තිකෙනිදානං නාමාති වෙදිතබ්බං.
මෙසේ මහාබෝධි මණ්ඩපයේ සිට සර්වඥතා ඥානයට පත්විමද, පරිනිර්වාණය දක්වා යම් යම් තැන්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළේද? එය සන්තිකෙ නිදාන නමින් දත යුතුය.
සන්තිකෙනිදානකථා නිට්ඨිතා.
නිදානකථා නිට්ඨිතා.