යෙදුමෙන් කියවන්න

අවිදූරෙනිදානකථා අට‍්ඨකථා

අවිදූරෙනිදානකථා

අවිදූරෙනිදානකථා

තුසිතපුරෙ වසන‍්තෙයෙව පන බොධිසත‍්තෙ බුද‍්ධකොලාහලං නාම උදපාදි. ලොකස‍්මිඤ‍්හි තීණි කොලාහලානි මහන‍්තානි උප‍්පජ‍්ජන‍්ති කප‍්පකොලාහලං, බුද‍්ධකොලාහලං, චක‍්කවත‍්තිකොලාහලන‍්ති. තත්‍ථ “වස‍්සසතසහස‍්සච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත‍්තසිරා විකිණ‍්ණකෙසා රුදමුඛා අස‍්සූනි හත්‍ථෙහි පුඤ‍්ඡමානා රත‍්තවත්‍ථනිවත්‍ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්‍වා මනුස‍්සපථෙ විචරන‍්තා එවං ආරොචෙන‍්ති – “මාරිසා, ඉතො වස‍්සසතසහස‍්සච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සති, අයං ලොකො විනස‍්සිස‍්සති, මහාසමුද‍්දොපි සුස‍්සිස‍්සති, අයඤ‍්ච මහාපථවී සිනෙරු ච පබ‍්බතරාජා උඩ‍්ඩය‍්හිස‍්සන‍්ති විනස‍්සිස‍්සන‍්ති, යාව බ්‍රහ‍්මලොකා ලොකවිනාසො භවිස‍්සති, මෙත‍්තං මාරිසා, භාවෙථ, කරුණං, මුදිතං, උපෙක‍්ඛං මාරිසා, භාවෙථ, මාතරං උපට‍්ඨහථ, පිතරං උපට‍්ඨහථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො හොථා”ති. ඉදං කප‍්පකොලාහලං නාම. “වස‍්සසහස‍්සච‍්චයෙන පන සබ‍්බුඤ‍්ඤුබුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිස‍්සතී”ති ලොකපාලදෙවතා “ඉතො, මාරිසා, වස‍්සසහස‍්සච‍්චයෙන සබ‍්බඤ‍්ඤුබුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිස‍්සතී”ති උග‍්ඝොසෙන‍්තියො ආහිණ‍්ඩන‍්ති. ඉදං බුද‍්ධකොලාහලං නාම. “වස‍්සසතස‍්සච‍්චයෙන චක‍්කවත‍්තිරාජා උප‍්පජ‍්ජිස‍්සතී”ති දෙවතායො “ඉතො මාරිසා වස‍්සසතච‍්චයෙන චක‍්කවත‍්තිරාජා ලොකෙ උප‍්පජ‍්ජිස‍්සතී”ති උග‍්ඝොසෙන‍්තියො ආහිණ‍්ඩන‍්ති. ඉදං චක‍්කවත‍්තිකොලාහලං නාම. ඉමානි තීණි කොලාහලානි මහන‍්තානි හොන‍්ති.

මෙසේ මහපොළොව කම්පාකොට, මහා පින්කොට ආයුෂයාගේ කෙළවර වෙසතුරු ආත්මභාවයෙන් චුතව තුසිත දෙව්ලොව උපන්නේය. මෙසේ දීපංකර පාද මූලයෙහි පටන්, යම් දවසක තුසිත දෙව්ලොව උපන්නේද, ඒ දක්වා වූ කථා පුවත දූරෙ නිදාන නම් වන්නේය. බෝසතුන් තුසිත පුරයෙහි වසන්නා වූ කාලයෙහිම බුද්ධ කෝලාහලය හටගත්තේය. ලෝකයෙහි මහත් කෝලාහල තුනක් උපදී. කල්ප කෝළාහල, බුද්ධ කෝළාහල සහ චක්‍රවර්ති කෝළාහල යනුවෙනි. එහි වර්ෂ සියදහස් ගණනක් ඇවෑමෙන් කල්පය හටගැනීම වන්නේ යයි ලෝකව්‍යවහාරයයි. කාමාවචර දෙවිවරු හිස පහත්කරගෙන කෙස් විසුරුවාගෙන කඳුළුපිරි මුහුණින් ගැලූ කඳුළු අත්වලින් පිසදමමින් රතු වස්ත්‍ර හැඳ අතිශය විරූපවේශධාරීව, මනුෂ්‍ය ලෝකයේ හැසිරෙන්නෝ මෙසේ දැනුම් දෙති. මෙයින් වර්ෂ සියදහස් ගණනක් ඇවෑමෙන් කල්පය හටගැනීම වන්නේය. මේ ලෝකය විනාශ වන්නාහ. මහා සමුද්‍රයද වියළෙයි. මේ මහපොළොව සිනේරු පර්වතරාජයාද දැවෙන්නේය. විනාශ වන්නේය. බ්‍රහ්මලෝකය දක්වා ලෝක විනාශ වන්නේය. මෛත්‍රිය වඩව්! කරුණා මුදිතා උපේක්‍ෂා වඩව්! මවට උපස්ථාන කරවු! පියාට උපස්ථාන කරවු! කුලයේ වැඩිහිටියන්ට වතාවත් කරවු! යනුවෙනි. මෙය කල්ප කෝළාහල නම් වේ. වර්ෂ දහසක් ඇවෑමෙන් ලෝකයෙහි සර්වඥ බුදුරජාණන් වහන්සේ උපදින්නේ යයි, ලෝකපාලක දෙවිවරු, මෙතැන්සිට වර්ෂ දහසක් ඇවෑමෙන් ලොව බුදුකෙනෙකු උපදින්නේය යයි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය බුද්ධ කෝළාහල නම් වේ. වර්ෂ සීයක් ඇවෑමෙන් චක්‍රවර්ති රජු උපදින්නේ යයි උද්ඝෝෂණය කරමින් ඇවිදිති. මෙය චක්‍රවර්ති කෝළහල නම් වේ. මේ කෝළාහල තුනම මහා කෝළාහල වෙති.

තෙසු බුද‍්ධකොලාහලසද‍්දං සුත්‍වා සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා එකතො සන‍්නිපතිත්‍වා “අසුකො නාම සත‍්තො බුද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා තං උපසඞ‍්කමිත්‍වා ආයාචන‍්ති. ආයාචමානා ච පුබ‍්බනිමිත‍්තෙසු උප‍්පන‍්නෙසු ආයාචන‍්ති. තදා පන සබ‍්බාපි තා එකෙකචක‍්කවාළෙ චාතුමහාරාජසක‍්කසුයාමසන‍්තුසිතසුනිම‍්මිතවසවත‍්තිමහාබ්‍රහ‍්මෙහි සද‍්ධිං එකචක‍්කවාළෙ සන‍්නිපතිත්‍වා තුසිතභවනෙ බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “මාරිස, තුම‍්හෙහි දස පාරමියො පූරෙන‍්තෙහි න සක‍්කසම‍්පත‍්තිං, න මාරබ්‍රහ‍්මචක‍්කවත‍්තිසම‍්පත‍්තිං පත්‍ථෙන‍්තෙහි පූරිතා, ලොකනිත්‍ථරණත්‍ථාය පන සබ‍්බඤ‍්ඤුතං පත්‍ථෙන‍්තෙහි පූරිතා, සො වො දානි කාලො, මාරිස, බුද‍්ධත‍්තාය, සමයො, මාරිස, බුද‍්ධත‍්තායා”ති යාචිංසු.

මේවා අතර බුද්ධ කෝළාහල ශබ්දය අසා මුළු දසදහසක් සක්වළ දේවතාවෝ එකට රැස්වී, අසවල් නම් සත්ත්වයා බුදුවන්නේ යයි දැන ඔහු වෙත එලඹ ආයාචනා කරයි. ආයාචනා කරනු කැමැත්තේ, පූර්ව නිමිති පහළවූ කල්හි ආයාචනා කරති. එකල වනාහි ඒ සියල්ලෝම එක එක චක්‍රවාටයේ හුන් අයද, චාතුම්මහාරාජිකයේ ශක්‍රයාද, සුයාම, සන්තුසිත, පරනිර්මිත වසවර්ති මහා බ්‍රහ්මාදීන් සමග එක සක්වළෙහි රැස්වී තුසිත භවනයේ වසන්නා වූ, බෝසතුන්ගේ සමීපයට ගොස් නිදුකාණනි, නුඹ විසින් දස පාරමිතා පුරණ ලද්දේ, ශක්‍ර සම්පත් නිසා නොව, බ්‍රහ්ම සම්පත් නිසා නොව, චක්‍රවර්ති සම්පත් නිසා නොව, පාරමිතා පුරණ ලද්දේ, ලෝකයෙන් එතෙරවීම පිණිස, සර්වඥතා ඥානය ප්‍රාර්ථනා කිරීම් වශයෙන්ම පුරණ ලද්දීය. නිදුකාණනි, ඒ ඔබට දැන් බුදුවීම පිණිස කාලයයි. බුදුබව පිණිස සුදුසු කාලයයි. ආයාචනා කළහ.

අථ මහාසත‍්තො දෙවතානං පටිඤ‍්ඤං අදත්‍වාව කාලදීපදෙසකුලජනෙත‍්තිආයුපරිච‍්ඡෙදවසෙන පඤ‍්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්‍ථ “කාලො නු ඛො, අකාලො නු ඛො”ති පඨමං කාලං විලොකෙසි. තත්‍ථ වස‍්සසතසහස‍්සතො උද‍්ධං වඩ‍්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තානං ජාතිජරාමරණානි න පඤ‍්ඤායන‍්ති. බුද‍්ධානඤ‍්ච ධම‍්මදෙසනා තිලක‍්ඛණමුත‍්තා නාම නත්‍ථි. තෙසං “අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා”ති කථෙන‍්තානං “කිං නාමෙතං කථෙන‍්තී”ති නෙව සොතබ‍්බං න සද‍්ධාතබ‍්බං මඤ‍්ඤන‍්ති, තතො අභිසමයො න හොති, තස‍්මිං අසති අනිය්‍යානිකං සාසනං හොති. තස‍්මා සො අකාලො. වස‍්සසතතො ඌනආයුකාලොපි කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තා උස‍්සන‍්නකිලෙසා හොන‍්ති, උස‍්සන‍්නකිලෙසානඤ‍්ච දින‍්නො ඔවාදො ඔවාදට‍්ඨානෙ න තිට‍්ඨති, උදකෙ දණ‍්ඩරාජි විය ඛිප‍්පං විගච‍්ඡති. තස‍්මා සොපි අකාලො. වස‍්සසතසහස‍්සතො පන පට‍්ඨාය හෙට‍්ඨා, වස‍්සසතතො පට‍්ඨාය උද‍්ධං ආයුකාලො කාලො නාම. තදා ච වස‍්සසතායුකාලො, අථ මහාසත‍්තො “නිබ‍්බත‍්තිතබ‍්බකාලො”ති කාලං පස‍්සි.

ඉක්බිති බෝසත්හු, දේවතාවන්ට ප්‍රතිඥා නොදී කාලය, දීපය, දේශය, කුලය, මවගේ ආයුෂ කෙළවරවීම් වශයෙන් පංචමහා විලෝකන බැලුවේය. එහිදී කාලයද අකාලයදැයි පළමුව සුදුසු කාලය බැලුවේය. එහි වර්ෂ සියදහස් ගණනක් උඩට වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවෙයි. කුමක් හෙයින්ද? එකල සත්ත්වයන්ට ජාති ජරා මරණ ආදිය ප්‍රකට නොවෙත්. බුදුවරුන්ගේ ධර්මදේශනාද ත්‍රිලක්‍ෂණයෙන් මිදීමක් නම් නැත. ඒවායේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි කියන්නන්ට මේ කුමක් කියන්නේදැයි නොඇසිය යුතුය. නොඇදහිය යුතුයයි සිතති. ඒ නිසා සුදුසු කාලය නොවේ. එසේ නොමැතිකල්හි අනෛර්යාණික ශාසනයක් වෙයි. එහෙයින් එය අකාලයයි වර්ෂ සියයකට වඩා අඩු ආයුකාලයද අකාල නම් වෙයි. කුමක් හෙයින්ද? එකල සත්ත්වයෝ උඩට නැගුණු කෙලෙස් බහුලව වසති. කෙළෙස් උත්සන්න වූ කල්හි, දෙන ලද අවවාදද අවවාද තැන නොපිහිටයි. ජලයේ දණ්ඩක් මෙන් වහාම ඉවත්ව යයි. එහෙයින් එයද අකාලය. වර්ෂ සියදහසේ පටන් යටට වර්ෂ සියයේ උඩට ඇති ආයුකාලය කාලය නම් වේ. එකලද වර්ෂ සියයේ ආයු කාලයයි. ඉක්බිති බෝසත්හු ඉපදීමට සුදුසු කාලයදැයි බැලුවේය.

තතො දීපං විලොකෙන‍්තො සපරිවාරෙ චත‍්තාරො දීපෙ ඔලොකෙත්‍වා “තීසු දීපෙසු බුද‍්ධා න නිබ‍්බත‍්තන‍්ති, ජම‍්බුදීපෙයෙව නිබ‍්බත‍්තන‍්තී”ති දීපං පස‍්සි.

ඉක්බිති දිවයින බලන්නේ පිරිවර සහිත සතර මහද්වීප බලා දිවයින් තුනක බුදුවරු නූපදිති. ජම්බුද්වීපයේම උපදිති. එයින් දීපයද බැලුවේය.

තතො “ජම‍්බුදීපො නාම මහා, දසයොජනසහස‍්සපරිමාණො, කතරස‍්මිං නු ඛො පදෙසෙ බුද‍්ධා නිබ‍්බත‍්තන‍්තී”ති ඔකාසං විලොකෙන‍්තො මජ‍්ඣිමදෙසං පස‍්සි. මජ‍්ඣිමදෙසො නාම “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො, තස‍්ස පරෙන මහාසාලා, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය සල‍්ලවතී නාම නදී, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. උත‍්තරාය දිසාය උසීරද‍්ධජො නාම පබ‍්බතො, තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ”ති එවං විනයෙ (මහාව· 259) වුත‍්තො පදෙසො . සො ආයාමතො තීණි යොජනසතානි, විත්‍ථාරතො අඩ‍්ඪතෙය්‍යානි, පරික‍්ඛෙපතො නව යොජනසතානීති එතස‍්මිං පදෙසෙ බුද‍්ධා, පච‍්චෙකබුද‍්ධා, අග‍්ගසාවකා, අසීති මහාසාවකා, චක‍්කවත‍්තිරාජානො, අඤ‍්ඤෙ ච මහෙසක‍්ඛා ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිමහාසාලා උප‍්පජ‍්ජන‍්ති. ඉදඤ‍්චෙත්‍ථ කපිලවත්‍ථු නාම නගරං, තත්‍ථ මයා නිබ‍්බත‍්තිතබ‍්බන‍්ති නිට‍්ඨං අගමාසි.

අනතුරුව ජම්බුද්වීප නම් මහා දස දහසක් යොදුන් ප්‍රමාණ ඇති කවරනම් ප්‍රදේශයක බුදුවරු උපදින්නාහුද? ඉඩකඩද බලන්නේ මජ්ඣිම දෝෂය දුටුවේය. මජ්ඣිම දිශාව නම් පෙරදිගින් කජංගල නාම නියම්ගමයි. ඉන් පසුපස මහාසාලයයි අනතුරුව පසුපසම ජනපදයෝ වලක්වා මැද පූර්ව දක්ෂ දිශාවෙහි, සල්ලවතී නම් නදියයි. ඉන් අනතුරුව පසුපස ජනපදයෙන් මෙතෙර මැද දකුණු දිශාවෙන් සේතකණ්ණිකා නම් නියම්ගමයි. ඉන් අනතුරුව ප්‍රත්‍යන්ත ජනපදයෙන් මෙතෙර මැද පශ්චිම දිශාවෙහි ථූන නම් බ්‍රාහ්මණ ගමෙකි. ඉන් අනතුරුව ප්‍රත්‍යන්ත ජනපදයකි. උතුරු දිශාවෙන් උසීරද්ධවජ නම් පර්වතයයි. ඉන් අනතුරුව ප්‍රත්‍යන්ත ජනපද වේ. මෙසේ විනයෙහි කියන ලද ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයක්, පළලින් ඉන් අඩකි. වටප්‍රමාණය යොදුන් නවසීයකි. මේ ප්‍රදේශයේ බුදු, පසේබුදු, අග්‍රශ්‍රාවක, අසූමහා ශ්‍රාවක, චක්‍රවර්ති රජවරු වෙනත් මහේශාක්‍ය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහසාළ (සිටු) කුලවල අයද උපදිති. දැන් මෙහි කපිලවස්තු නම් නගරයක් ඇත. එහි මා විසින් ඉපදිය යුත්තේ කොහේද නිශ්චයකට පැමිණියේය.

තතො කුලං විලොකෙන‍්තො “බුද‍්ධා නාම වෙස‍්සකුලෙ වා සුද‍්දකුලෙ වා න නිබ‍්බත‍්තන‍්ති. ලොකසම‍්මතෙ පන ඛත‍්තියකුලෙ වා බ්‍රාහ‍්මණකුලෙ වාති ද‍්වීසුයෙව කුලෙසු නිබ‍්බත‍්තන‍්ති. ඉදානි ච ඛත‍්තියකුලං ලොකසම‍්මතං, තත්‍ථ නිබ‍්බත‍්තිස‍්සාමි. සුද‍්ධොදනො නාම රාජා මෙ පිතා භවිස‍්සතී”ති කුලං පස‍්සි.

ඉක්බිති කුලය පිළිබඳ සලකා බලන්නේ බුදුවරු නම් වෛශ්‍ය කුලයෙහි හෝ ශුද්‍ර කුලයෙහි නූපදින්නාහ. ලෝක සම්මතයට අනුව ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි යනු කුල දෙකෙහි පමණක් උපදිත්. දැන් ක්‍ෂත්‍රිය කුලය ලෝකය සම්මතයයි. එබැවින් එහි උපදින්නෙමි. සුද්ධෝදන නම් රජතුමා මගේ පියා වන්නේ යයි කුටුම්භය බැලුවේය.

තතො මාතරං විලොකෙන‍්තො “බුද‍්ධමාතා නාම ලොලා සුරාධුත‍්තා න හොති, කප‍්පසතසහස‍්සං පන පූරිතපාරමී ජාතිතො පට‍්ඨාය අඛණ‍්ඩපඤ‍්චසීලායෙව හොති. අයඤ‍්ච මහාමායා නාම දෙවී එදිසී, අයං මෙ මාතා භවිස‍්සති. කිත‍්තකං පනස‍්සා ආයූති දසන‍්නං මාසානං උපරි සත‍්ත දිවසානී”ති පස‍්සි.

ඉක්බිති මව පිළිබඳ සලකා බලන්නේ බුද්ධ මාතාව නම් පුරුෂ ලෝලියක් හෝ සුරාලෝලී නොවෙයි. කල්ප දසදහසක පටන් පුරණ ලද පාරමී නිසා උපතේ පටන් නොකඩවා පංචසීලයෙහිම පිහිටයි. මේ මහාමායා දේවිය එබඳු ආකාර නිසා, මැය මට මව වන්නී යයිද, ඇයගේ ආයුෂ කොපමණද? උපරිම මාස දහයකුත් සත්දිනක් බව දුටුවේය.

ඉති ඉමං පඤ‍්චමහාවිලොකනං විලොකෙත්‍වා “කාලො මෙ, මාරිසා, බුද‍්ධභාවායා”ති දෙවතානං සඞ‍්ගහං කරොන‍්තො පටිඤ‍්ඤං දත්‍වා “ගච‍්ඡථ, තුම‍්හෙ”ති තා දෙවතා උය්‍යොජෙත්‍වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්‍දනවනං පාවිසි. සබ‍්බදෙවලොකෙසු හි නන්‍දනවනං අත්‍ථියෙව. තත්‍ථ නං දෙවතා “ඉතො චුතො සුගතිං ගච‍්ඡ, ඉතො චුතො සුගතිං ගච‍්ඡා”ති පුබ‍්බෙ කතකුසලකම‍්මොකාසං සාරයමානා විචරන‍්ති. සො එවං දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්‍ථ විචරන‍්තොයෙව චවිත්‍වා මහාමායාය දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි.

මෙසේ මේ පස්මහබැලුම් බලා මේ බුදුවීමට කාලය යයි, නිශ්චයකොට දේවතාවන්ට සංග්‍රහ කරින් ප්‍රතිඥා දී දෙවිවරුනි; නුඹලා යව! යයි ඒ දේවතාවෝ පිටත්කර යවා තුසිත දේවතාවන් විසින් පිරිවරන ලද්දේ තුසිතපුරයේ නන්දන වනයට පිවිසියේය. සියළුම දිව්‍යලෝකවල නන්දන වනයන් ඇත. එහිදී දෙවිවරු ඔහුට “මෙතනින් චුතව සුගතියට යව! මෙතනින් චුතව සුගතියට යව!” යයි මෙසේ, පෙර කරන ලද කුසල කර්මයන්ගේ ඉඩකඩ සොයමින් හැසිරෙති. හෙතෙම මෙසේ දේවතාවන් විසින් කුසල් සිහිපත් කරන කල්හි පිරිවරන ලදුව, එහි හැසිරෙන්නේම චුතවී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය.

තස‍්ස ආවිභාවත්‍ථං අයං අනුපුබ‍්බිකථා – තදා කිර කපිලවත්‍ථුනගරෙ ආසාළ‍්හිනක‍්ඛත‍්තං සඞ‍්ඝුට‍්ඨං අහොසි, මහාජනො නක‍්ඛත‍්තං කීළති. මහාමායාපි දෙවී පුරෙ පුණ‍්ණමාය සත‍්තමදිවසතො පට‍්ඨාය විගතසුරාපානං මාලාගන්‍ධවිභූතිසම‍්පන‍්නං නක‍්ඛත‍්තකීළං අනුභවමානා සත‍්තමෙ දිවසෙ පාතොව උට‍්ඨාය ගන්‍ධොදකෙන න‍්හායිත්‍වා චත‍්තාරි සතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා මහාදානං දත්‍වා සබ‍්බාලඞ‍්කාරවිභූසිතා වරභොජනං භුඤ‍්ජිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය අලඞ‍්කතපටියත‍්තං සිරිගබ‍්භං පවිසිත්‍වා සිරිසයනෙ නිපන‍්නා නිද‍්දං ඔක‍්කමමානා ඉමං සුපිනං අද‍්දස – චත‍්තාරො කිර නං මහාරාජානො සයනෙනෙව සද‍්ධිං උක‍්ඛිපිත්‍වා හිමවන‍්තං නෙත්‍වා සට‍්ඨියොජනිකෙ මනොසිලාතලෙ සත‍්තයොජනිකස‍්ස මහාසාලරුක‍්ඛස‍්ස හෙට‍්ඨා ඨපෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. අථ නෙසං දෙවියො ආගන‍්ත්‍වා දෙවිං අනොතත‍්තදහං නෙත්‍වා මනුස‍්සමලහරණත්‍ථං න‍්හාපෙත්‍වා දිබ‍්බවත්‍ථං නිවාසාපෙත්‍වා ගන්‍ධෙහි විලිම‍්පාපෙත්‍වා දිබ‍්බපුප‍්ඵානි පිළන්‍ධාපෙත්‍වා තතො අවිදූරෙ එකො රජතපබ‍්බතො අත්‍ථි, තස‍්ස අන‍්තො කනකවිමානං අත්‍ථි, තත්‍ථ පාචීනසීසකං දිබ‍්බසයනං පඤ‍්ඤාපෙත්‍වා නිපජ‍්ජාපෙසුං. අථ බොධිසත‍්තො සෙතවරවාරණො හුත්‍වා තතො අවිදූරෙ එකො සුවණ‍්ණපබ‍්බතො අත්‍ථි, තත්‍ථ විචරිත්‍වා තතො ඔරුය‍්හ රජතපබ‍්බතං අභිරුහිත්‍වා උත‍්තරදිසතො ආගම‍්ම රජතදාමවණ‍්ණාය සොණ‍්ඩාය සෙතපදුමං ගහෙත්‍වා කොඤ‍්චනාදං නදිත්‍වා කනකවිමානං පවිසිත්‍වා මාතුසයනං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා දක‍්ඛිණපස‍්සං ඵාලෙත්‍වා කුච‍්ඡිං පවිට‍්ඨසදිසො අහොසීති. එවං උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙන පටිසන්‍ධිං ගණ‍්හි.

ඔහුගේ පිළිසිඳ ගැනීම පිළිබඳව පිළිවෙල කථාවයි. එකල වනාහි කපිලවස්තු නගරයෙහි ඇසළ කැනැත් සැණකෙලිය විය. මහජනයා නැකැත් ක්‍රීඩා කරයි. මහාමායා දේවිය පුර මාසයේ සත්වෙනි දිනයේ පටන් පහ වූ සුරාපානයෙන් හා මල් සුවඳවිලවුන් දැරීමෙන් ද වැලකුණි. නැකැත් කෙළියෙන් සතුටුවන්නී සත්වෙනි දිනයේ උදේම නැගිට සුවඳ පැන්වලින් ස්නානයකොට, හතළිස් දහසක් වියදම්කොට මහදන් දී සියලු අලංකාරවලින් සැරසී සිට, උදේ භෝජනය වළඳා උපෝසථ අංග අධිෂ්ඨාන කොට අලංකාරයෙන් පිලියෙල කළ සිරියහන් ගබඩාවට පිවිස සිරියහනේ හොත්තී, නින්දට වැටෙද්දීම මේ සිහිනය දුටුවාය. සතරවරම් මහරජවරු සයනයත් සමග ඔසවා හිමාලයට ගෙන ගොස් සැටයොදුන් හිරියල් ගල්තලාවේ තබා යොදුන් හතක් පමණ, මහසල් ගසක් යට තබා, එකත්පසක සිටියහ. ඉක්බිති ඔවුන් දේවිය රැගෙන විත් දේවිය අනොතප්ත විල දෙසට ගෙන ගොස්, මිනිස් කිළිටි දුරුකිරීම පිණිස, නාවා දිව්‍ය වස්ත්‍ර අන්දවා සුවඳ දෑ ආලේපනය කරවා දිව්‍යමල් මාලා පළඳවා අනතුරුව රිදී පර්වතයට නුදුරෙහි රන් විමනක් ඇත. එහි නැගෙනහිරට හිසලා දිව්‍ය සයනයක් පනවා වඩා හිඳුවෝය. ඉක්බිති බෝසත් සුදු ඇතකු වී ඒ නුදුරෙහි එක් ස්වර්ණ පර්වතයක හැසිර එතැනින් බැස, රිදී පර්වතයට නැග උතුරු දිශාවට අවුත් රිදීපාට වර්ණයෙන් යුතු සොඬෙන්, සුදු පියුමක් ගෙන කුංචනාද කොට රන්විමනට පිවි, මවගේ යහනාව තෙවරක් ප්‍රදක්‍ෂිණාකොට දකුණු ඇලය පලා කුසට පිවිසි ආකාරය විය. මෙසේ උතුරුසල් නැකතින් පිළිසිඳ ගත්තේය.

පුනදිවසෙ පබුද‍්ධා දෙවී තං සුපිනං රඤ‍්ඤො ආරොචෙසි. රාජා චතුසට‍්ඨිමත‍්තෙ බ්‍රාහ‍්මණපාමොක‍්ඛෙ පක‍්කොසාපෙත්‍වා ගොමයහරිතූපලිත‍්තාය ලාජාදීහි කතමඞ‍්ගලසක‍්කාරාය භූමියා මහාරහානි ආසනානි පඤ‍්ඤාපෙත්‍වා තත්‍ථ නිසින‍්නානං බ්‍රාහ‍්මණානං සප‍්පිමධුසක‍්ඛරාභිසඞ‍්ඛතස‍්ස වරපායාසස‍්ස සුවණ‍්ණරජතපාතියො පූරෙත්‍වා සුවණ‍්ණරජතපාතීහියෙව පටිකුජ‍්ජිත්‍වා අදාසි, අඤ‍්ඤෙහි ච අහතවත්‍ථකපිලගාවිදානාදීහි තෙ සන‍්තප‍්පෙසි. අථ නෙසං සබ‍්බකාමෙහි සන‍්තප‍්පිතානං බ්‍රාහ‍්මණානං සුපිනං ආරොචාපෙත්‍වා “කිං භවිස‍්සතී”ති පුච‍්ඡි. බ්‍රාහ‍්මණා ආහංසු – “මා චින‍්තයි, මහාරාජ, දෙවියා තෙ කුච‍්ඡිම‍්හි ගබ‍්භො පතිට‍්ඨිතො, සො ච ඛො පුරිසගබ‍්භො, න ඉත්‍ථිගබ‍්භො, පුත‍්තො තෙ භවිස‍්සති, සො සචෙ අගාරං අජ‍්ඣාවසිස‍්සති, රාජා භවිස‍්සති චක‍්කවත‍්තී. සචෙ අගාරා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සති, බුද‍්ධො භවිස‍්සති ලොකෙ විවටච‍්ඡදො”ති.

දෙවන දිනයේ පිබිදුණු දේවිය ඒ සිහිනය රජුට දැන්වීය. රජු හැටහතරක් බමුණු උගතුන් කැඳවා හරිතවර්ණයෙන් ආලේප කරන ලද, පොරි ආදි ඉසි කරන ලද මංගල භූමියක සිරියෙන් මහාර්ඝ ආසන පනවා එහි හුන්නා වූ බමුණන්ට ගිතෙල් මී සකුරු ආදියෙන් සමන්විත කිරිබත් පිළියෙල කොට රන් පාත්‍රවලට දමා රන් රිදී භාජනවලින් වසා පිළිගැන්වීය. වෙනත් වස්ත්‍ර පළඳනා ගව මහිෂාදියද දී ඔවුන් සතුටු කරවා ඉක්බිති ඒ සියළු කාම සම්පත්වලින් සන්තර්පණය වූ බමුණන්ට සිහිනය ගැන දැනුම් දී කුමක් සිදුවන්නේදැයි විචාළේය. බමුණෝ කීවාහුය. “මහරජ, නොසිතවු! දේවියගේ කුසේ ගැබක් පිහිටියේය. එයද පුරුෂ ගර්භයකි. ස්ත්‍රී ගර්භයක් නොවේ. ඔබට පුතකු ලැබෙන්නේය. ඉදින් ඔහු ගිහිගෙය වසන්නේ නම් චක්‍රවර්ති රජ වන්නේය. ඉදින් ගිහිගෙය නික්ම පැවිදි වන්නේ නම් බුදුවන්නේය. ලෝකයෙහි පැවැත්ම වෙනස් කරන්නේය.

බොධිසත‍්තස‍්ස පන මාතුකුච‍්ඡිම‍්හි පටිසන්‍ධිග‍්ගහණක‍්ඛණෙයෙව එකප‍්පහාරෙනෙව සකලදසසහස‍්සී ලොකධාතු සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි. ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාතුරහෙසුං – දසසු චක‍්කවාළසහස‍්සෙසු අප‍්පමාණො ඔභාසො ඵරි. තස‍්ස තං සිරිං දට‍්ඨුකාමා විය අන්‍ධා චක‍්ඛූනි පටිලභිංසු, බධිරා සද‍්දං සුණිංසු, මූගා සමාලපිංසු, ඛුජ‍්ජා උජුගත‍්තා අහෙසුං, පඞ‍්ගුලා පදසා ගමනං පටිලභිංසු, බන්‍ධනගතා සබ‍්බසත‍්තා අන්‍දුබන්‍ධනාදීහි මුච‍්චිංසු, සබ‍්බනිරයෙසු අග‍්ගී නිබ‍්බායිංසු, පෙත‍්තිවිසයෙසු ඛුප‍්පිපාසා වූපසමිංසු, තිරච‍්ඡානානං භයං නාහොසි, සබ‍්බසත‍්තානං රොගො වූපසමි, සබ‍්බසත‍්තා පියංවදා අහෙසුං, මධුරෙනාකාරෙන අස‍්සා හසිංසු, වාරණා ගජ‍්ජිංසු, සබ‍්බතූරියානි සකං සකං නින‍්නාදං මුඤ‍්චිංසු, අඝට‍්ටිතානියෙව මනුස‍්සානං හත්‍ථූපගාදීනි ආභරණානි විරවිංසු, සබ‍්බා දිසා විප‍්පසන‍්නා අහෙසුං, සත‍්තානං සුඛං උප‍්පාදයමානො මුදුසීතලො වාතො වායි, අකාලමෙඝො වස‍්සි, පථවිතොපි උදකං උබ‍්භිජ‍්ජිත්‍වා විස‍්සන්‍දි, පක‍්ඛිනො ආකාසගමනං විජහිංසු, නදියො අසන්‍දමානා අට‍්ඨංසු, මහාසමුද‍්දො මධුරොදකො අහොසි, සබ‍්බත්‍ථකමෙව පඤ‍්චවණ‍්ණෙහි පදුමෙහි සඤ‍්ඡන‍්නතලො අහොසි, ථලජජලජාදීනි සබ‍්බපුප‍්ඵානි පුප‍්ඵිංසු, රුක‍්ඛානං ඛන්‍ධෙසු ඛන්‍ධපදුමානි, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි පුප‍්ඵිංසු, ඝනසිලාතලානි භින්‍දිත්‍වා උපරූපරි සතපත‍්තානි හුත්‍වා දණ‍්ඩපදුමානි නාම නික‍්ඛමිංසු, ආකාසෙ ඔලම‍්බකපදුමානි නාම නිබ‍්බත‍්තිංසු, සමන‍්තතො පුප‍්ඵවස‍්සානි වස‍්සිංසු. ආකාසෙ දිබ‍්බතූරියානි වජ‍්ජිංසු, සකලදසසහස‍්සී ලොකධාතු වට‍්ටෙත්‍වා විස‍්සට‍්ඨමාලාගුළො විය, උප‍්පීළෙත්‍වා බද‍්ධමාලාකලාපො විය, අලඞ‍්කතපටියත‍්තමාලාසනං විය ච එකමාලාමාලිනී විප‍්ඵුරන‍්තවාළබීජනී පුප‍්ඵධූපගන්‍ධපරිවාසිතා පරමසොභග‍්ගප‍්පත‍්තා අහොසි.

බෝසතුන් මව්කුසෙහි පිළිසිඳ ගන්නා මොහොතෙහි එක හඬින් සියලු දසදහසක් ලෝකධාතුව කම්පා විය. විශේෂයනේ කම්පා විය. බලවත් සේ වෙව්ලුවේය. දෙතිස්මහ පූර්ව ලක්‍ෂණ පහළ වූහ. දසදහසක් සක්වළ අපමණ ආලෝකය පැතිරුණේ විය. ඒ ඓශ්වර්යය දකිනු කැමැත්තන්ට දැකීමට අන්ධයෝ ඇස් ලැබූහ. බිහිරෝ ශබ්ද ඇසූහ. ගොළුවෝ කථාබස් කළහ. කුදුවූවෝ සෘජු වූද, පිළුවෝ (සාමාන්‍ය) පියවරින්ද ගමන් කළහ. බන්‍ධනාගාරගත සියලු සත්ත්වයෝ විලංගු ආදියෙන් මිදුණාහ. සියලු අපායවල ගිනි නිවුනි. ප්‍රේතයන් විෂයෙහි සා පිපාසාව සංසිඳුනාහ. තිරිසන්ගත අයට බියක් නොවීය. සියළු සතුන්ගේ රෝග නිවාරණය විය. සියලු සත්ත්වයෝ ප්‍රියවචන ඇත්තෝ වූහ. මිහිරි ආකාරයෙන් අශ්වයෝ හේෂාරවය කළහ. ඇත්තු කුංචනාද කළහ. සියළුම තූර්යනාද ස්වකීය ස්වකීය නාදය තුමූම නිකුත් කළ. නොගැටෙන ලද මිනිසුන්ගේ අත-පය පළඳින ආභරණ නාද කළහ. සියළු දිශාවන් ඉතාම ප්‍රසන්න විය. සත්ත්වයන්ට සැප උපදවනු කැමැත්තේ මෘදු සීතල සුළං හැමීය. අකල් වැසි වැස්සේය. පොළොවෙන් ජලය උඩට පැන නැග පැතිරුණේය. පක්‍ෂීහු ආකාශ ගමන් වැළැක්වූහ. නදීහු ගලා නොබැස්සහ. මහා මුහුදු ජලය රසවත් විය. සියළු තැනකදීම පස්පියුමෙන් ගැවසුණු ගොඩබිම විය. ගොඩබිම සහ සියළු ජලාශවලද මල් පිපුණෝය. ගස් කඳන්වල මැද පියුම්ද, අතුවල අතු පියුම්ද, වැල්වල වැල්පියුම්ද පිපුණාහ. ඝන ගල්තලා බිඳී ඒ මත්තෙහි සියක් පෙති පිහිටා නෙළුම්දඬු නික්මුණහ. අහසේ එල්ලෙන පියුම් එල්ලී සිටියහ. හාත්පස මල් වර්ෂාවක් වැස්සාහ. අහසේ දිව්‍ය තූර්ය නාදවලින් නාද වූහ. සියලු දසදහසක් ලෝකධාතුව වටකොට විසිරුණු මල්දාම මෙන් උඩට එසවී බැඳුණු මල්කලප් මෙන් අලංකාරයෙන් පිළියෙල කළ මල් ආසනයක් මෙන්ද එකම මල් මාලාවකින් සැලෙන්නා වූ වල්විදුනාවක් මෙන්, මල්සුවඳවලින් තැවරුණේ, අතිශය සෞභාග්‍යයෙන් පිරුණේ විය.

එවං ගහිතපටිසන්‍ධිකස‍්ස බොධිසත‍්තස‍්ස පටිසන්‍ධිග‍්ගහණකාලතො පට‍්ඨාය බොධිසත‍්තස‍්ස චෙව බොධිසත‍්තමාතුයා ච උපද‍්දවනිවාරණත්‍ථං ඛග‍්ගහත්‍ථා චත‍්තාරො දෙවපුත‍්තා ආරක‍්ඛං ගණ‍්හිංසු. බොධිසත‍්තස‍්ස මාතුයා පුරිසෙසු රාගචිත‍්තං නුප‍්පජ‍්ජි, ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තා ච අහොසි සුඛිනී අකිලන‍්තකායා. බොධිසත‍්තඤ‍්ච අන‍්තොකුච‍්ඡිගතං විප‍්පසන‍්නෙ මණිරතනෙ ආවුතපණ‍්ඩුසුත‍්තං විය පස‍්සති. යස‍්මා ච බොධිසත‍්තෙන වසිතකුච‍්ඡි නාම චෙතියගබ‍්භසදිසා හොති, න සක‍්කා අඤ‍්ඤෙන සත‍්තෙන ආවසිතුං වා පරිභුඤ‍්ජිතුං වා, තස‍්මා බොධිසත‍්තමාතා සත‍්තාහජාතෙ බොධිසත‍්තෙ කාලං කත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්ති. යථා ච අඤ‍්ඤා ඉත්‍ථියො දසමාසෙ අප‍්පත්‍වාපි අතික‍්කමිත්‍වාපි නිසින‍්නාපි නිපන‍්නාපි විජායන‍්ති, න එවං බොධිසත‍්තමාතා. සා පන බොධිසත‍්තං දසමාසෙ කුච‍්ඡිනා පරිහරිත්‍වා ඨිතාව විජායති. අයං බොධිසත‍්තමාතුධම‍්මතා.

මෙසේ ගන්නා ලද පිළිසිඳගැනීම් ඇති, බෝසතුන්ගේ පිළිසිඳගැනීමේ පටන් බෝසතුන්ටද, බෝසත් මෑණියන්ටද උවදුරු දුරුකිරීම පිණිස කඩු ගත් අත් ඇති, දේවපුත්‍රයෝ සතරදෙනා අරක්ගෙන සිටියහ. බෝසතුන්ගේ මෑණියන්ට පුරුෂයන් කෙරෙහි රාග සිතක් නූපන්නීය. ලාභයෙන්ද කීර්තියෙන්ද අග පැමිණියේ විය. සුවපත් වූ ක්ලාන්ත නොවූ සිරුර ඇත්තීය. බෝසතාණන් මව්කුස ඇතුළත සිටියේ පිරිසිදු මාණික්‍යරත්නයක අවුලන ලද පඬුවන් පැහැති නූලන් මෙන් පෙනේ. යම් හෙයකින් බෝසතුන් විසින් වාසය කරන ලද කුස, චෛත්‍යය ගර්භයක් හා සමානය. අනෙක් සත්ත්වයෙකුට එසේ වාසය කිරීමට හෝ පරිභෝග කිරීමට නොහැකිය. එහෙයින් බෝසත් මව බෝසතුන් ඉපිද සත්දිනකින් කලුරියකොට තුසිතපුරයේ උපදී. යම්සේ අනෙක් ස්ත්‍රීහු දසමස නොපිරීද, ඉක්මවාද හිඳගෙනද සයනය කරද ප්‍රසූත කරත්ද බෝසත් මව එසේ නොවේ. ඇය වනාහි බෝසතුන් දස මාසයක් කුසින් දරා සිටියේම ප්‍රසූත කරයි. මේ බෝසත් මවගේ ධර්මතාවකි.

මහාමායාපි දෙවී පත‍්තෙන තෙලං විය දසමාසෙ කුච‍්ඡිනා බොධිසත‍්තං පරිහරිත්‍වා පරිපුණ‍්ණගබ‍්භා ඤාතිඝරං ගන‍්තුකාමා සුද‍්ධොදනමහාරාජස‍්ස ආරොචෙසි – “ඉච‍්ඡාමහං, දෙව, කුලසන‍්තකං දෙවදහනගරං ගන‍්තු”න‍්ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා කපිලවත්‍ථුතො යාව දෙවදහනගරා මග‍්ගං සමං කාරෙත්‍වා කදලිපුණ‍්ණඝටධජපටාකාදීහි අලඞ‍්කාරෙහි අලඞ‍්කාරාපෙත්‍වා දෙවිං සොවණ‍්ණසිවිකාය නිසීදාපෙත්‍වා අමච‍්චසහස‍්සෙන උක‍්ඛිපාපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන පෙසෙසි. ද‍්වින‍්නං පන නගරානං අන‍්තරෙ උභයනගරවාසීනම‍්පි ලුම‍්බිනීවනං නාම මඞ‍්ගලසාලවනං අත්‍ථි. තස‍්මිං සමයෙ මූලතො පට‍්ඨාය යාව අග‍්ගසාඛා සබ‍්බං එකපාලිඵුල‍්ලං අහොසි, සාඛන‍්තරෙහි චෙව පුප‍්ඵන‍්තරෙහි ච පඤ‍්චවණ‍්ණා භමරගණා නානප‍්පකාරා ච සකුණසඞ‍්ඝා මධුරස‍්සරෙන විකූජන‍්තා විචරන‍්ති. සකලං ලුම‍්බිනීවනං චිත‍්තලතාවනසදිසං, මහානුභාවස‍්ස රඤ‍්ඤො සුසජ‍්ජිතආපානමණ‍්ඩලං විය අහොසි. දෙවියා තං දිස‍්වා සාලවනෙ කීළිතුකාමතා උදපාදි. අමච‍්චා දෙවිං ගහෙත්‍වා සාලවනං පවිසිංසු. සා මඞ‍්ගලසාලමූලං උපගන‍්ත්‍වා සාලසාඛං ගණ‍්හිතුකාමා අහොසි, සාලසාඛා සුසෙදිතවෙත‍්තග‍්ගං විය ඔණමිත්‍වා දෙවියා හත්‍ථසමීපං උපගඤ‍්ඡි. සා හත්‍ථං පසාරෙත්‍වා සාඛං අග‍්ගහෙසි. තාවදෙව ච දෙවියා කම‍්මජවාතා චලිංසු, අථස‍්සා සාණිං පරික‍්ඛිපාපෙත්‍වා මහාජනො පටික‍්කමි, සාලසාඛං ගහෙත්‍වා තිට‍්ඨමානාය එව චස‍්සා ගබ‍්භවුට‍්ඨානං අහොසි. තඞ‍්ඛණඤ‍්ඤෙව චත‍්තාරො විසුද‍්ධචිත‍්තා මහාබ්‍රහ‍්මානො සුවණ‍්ණජාලං ආදාය සම‍්පත‍්තා. තෙ තෙන සුවණ‍්ණජාලෙන බොධිසත‍්තං සම‍්පටිච‍්ඡිත්‍වා මාතු පුරතො ඨත්‍වා “අත‍්තමනා, දෙවි, හොහි, මහෙසක‍්ඛො තෙ පුත‍්තො උප‍්පන‍්නො”ති ආහංසු.

මහාමායා දේවියද පාත්‍රයේ තෙල් මෙන් දස මාසයක් කුසින් බෝසතුන් දරාගෙන පිරිපුන් ගැබ ඇත්තී නෑ ගෙදර යනු කැමැත්තී, සුද්ධෝදන මහරජුට දැනුම් දුන්නීය. රජතුමනි, මම කුලගෙදර වූ දෙව්දහනුවරට යන්නට කැමැති වෙමි. රජු මැනැවැයි කියා පිළිගෙන කපිලවස්තුවේ සිට දෙව්දහනුවර දක්වා මාර්ගය සමකොට, කෙසෙල් පුන්කලස්, ධජපතාක ආදියෙන් අලංකාර කොට දේවි රන්සිවි ගෙයක වඩාහිඳුවා ඇමතියන් දහසක් ආරක්ෂාව සඳහා යොදවා මහත් පිරිවරින් යැවීය. නගර දෙක අතර දෙනුවරවාසීන්ටම අයත් ලුම්බිණී වන නම් මංගල සල්උයනක් ඇත. එසමයේ මුල පටන් අතු අග දක්වා මුළුමනින්ම එකට පිපීගිය මල් ඇත්තේ විය. අතු පතරද, මල් අතරද, පංච වර්ණැති බඹර සේනාවෝ නොයෙක් අකොර පක්‍ෂි සේනාවද මිහිරිහඬින් නාද කරමින් හැසිරෙත්. මුළු ලුම්බිණී වනය, චිත්‍රලතා වනය හා සමානව මහානුභාව සම්පන්න රජුන් සඳහා මනාව සරසන ලද ආසන මණ්ඩලයක් මෙන් විය. දේවියට එය දැක සල්වනයේ විවේකව ගත කිරීමට සිත් පහළ වූවාය. ඇමතියෝ දේවිය ගෙන සල්වනයට පිවිසුණහ. ඇය මංගල සල්ගස මුලට පැමිණ, සල්අත්තක් ගනු කැමැත්තී වූවාය. සල්අත්ත මනාව සකස්කළ වේවැලක් මෙන් නැමී, දේවියගේ අත සමීපයට එළඹුණේය. ඇය අත දිගුකොට අතුඅග ඇල්ලීය. එකෙණෙහි කර්මජ වාතය සැලුණාහ. ඉක්බිති ඇය වටකොට වටතිරයක් ඇද මහජනයා ඉවත් කළේය. සල්අත්ත ගෙන සිටින්නියගේම ගැබ නික්මීම විය. එකෙණෙහිම මහා බ්‍රහ්මයෝ සත්දෙනෙක් රන්දැලක් ගෙන පැමිණියාහු, ඒ රන්දැලින් බෝසතුන් පිළිගෙන මව ඉදිරියේ තබා සතුටු සිත් ඇතිව දේවිය බලන්න, මහේශාක්‍ය පුතකු ඔබට උපන්නී යයි කීහ.

යථා පන අඤ‍්ඤෙ සත‍්තා මාතුකුච‍්ඡිතො නික‍්ඛමන‍්තා පටිකූලෙන අසුචිනා මක‍්ඛිතා නික‍්ඛමන‍්ති, න එවං බොධිසත‍්තො. සො පන ධම‍්මාසනතො ඔතරන‍්තො ධම‍්මකථිකො විය, නිස‍්සෙණිතො ඔතරන‍්තො පුරිසො විය ච ද‍්වෙ හත්‍ථෙ ද‍්වෙ ච පාදෙ පසාරෙත්‍වා ඨිතකොව මාතුකුච‍්ඡිසම‍්භවෙන කෙනචි අසුචිනා අමක‍්ඛිතො සුද‍්ධො විසදො කාසිකවත්‍ථෙ නික‍්ඛිත‍්තමණිරතනං විය ජොතෙන‍්තො මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. එවං සන‍්තෙපි බොධිසත‍්තස‍්ස ච බොධිසත‍්තමාතුයා ච සක‍්කාරත්‍ථං ආකාසතො ද‍්වෙ උදකධාරා නික‍්ඛමිත්‍වා බොධිසත‍්තස‍්ස ච බොධිසත‍්තමාතුයා ච සරීරෙ උතුං ගාහාපෙසුං.

යම්සේ වනාහි අනෙක් සත්ත්වයෝ මව්කුසෙන් නික්මෙන්නා පිළිකුල් සහගතව අසූචි තැවරී නික්මෙතිද බෝසතුන් එසේ නොවේ. ඔහු වනාහි ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙකු මෙන්, හිණිමගෙන් බසින පුරුෂයකු මෙන්, අත්දෙක ද පා දෙක ද දිගුකොට සිටියේම මව්කුසින් උපන්නේය. කිසිදු අශුචි මල මුත්‍ර නොවීය. පිරිසිදුව, සිහිපත්ව කසී වස්ත්‍රයෙක තැබූ මිණිරුවනක් මෙන්, බබළමින් මව්කුසයෙන් නික්මුණේය. එසේ වුවද බෝසතුන්ගේද, බෝසත් මවගේද සත්කාරය පිණිස අහසින් ජලධාරා දෙකක් නික්ම බෝසතුන්ගේද මවගේද ශරීරයෙහි සෘතු ගැන්වීය.

අථ නං සුවණ‍්ණජාලෙන පටිග‍්ගහෙත්‍වා ඨිතානං බ්‍රහ‍්මානං හත්‍ථතො චත‍්තාරො මහාරාජානො මඞ‍්ගලසම‍්මතාය සුඛසම‍්ඵස‍්සාය අජිනප‍්පවෙණියා ගණ‍්හිංසු, තෙසං හත්‍ථතො මනුස‍්සා දුකූලචුම‍්බටකෙන ගණ‍්හිංසු, මනුස‍්සානං හත්‍ථතො මුච‍්චිත්‍වා පථවියං පතිට‍්ඨාය පුරත්‍ථිමදිසං ඔලොකෙසි, අනෙකානි චක‍්කවාළසහස‍්සානි එකඞ‍්ගණානි අහෙසුං. තත්‍ථ දෙවමනුස‍්සා ගන්‍ධමාලාදීහි පූජයමානා “මහාපුරිස, ඉධ තුම‍්හෙහි සදිසො අඤ‍්ඤො නත්‍ථි, කුතෙත්‍ථ උත‍්තරිතරො”ති ආහංසු. එවං චතස‍්සො දිසා , චතස‍්සො අනුදිසා ච හෙට‍්ඨා, උපරීති දසපි දිසා අනුවිලොකෙත්‍වා අත‍්තනා සදිසං කඤ‍්චි අදිස‍්වා “අයං උත‍්තරාදිසා”ති සත‍්තපදවීතිහාරෙන අගමාසි මහාබ්‍රහ‍්මුනා සෙතච‍්ඡත‍්තං ධාරයමානෙන, සුයාමෙන වාළබීජනිං, අඤ‍්ඤාහි ච දෙවතාහි සෙසරාජකකුධභණ‍්ඩහත්‍ථාහි අනුගම‍්මමානො. තතො සත‍්තමපදෙ ඨිතො “අග‍්ගොහමස‍්මි ලොකස‍්සා”තිආදිකං ආසභිං වාචං නිච‍්ඡාරෙන‍්තො සීහනාදං නදි.

ඉක්බිති හෙතම රන්දැලින් පිළිගෙන සිටි මහා බ්‍රහ්මයන්ගේ අතින් සතරවරම් මහරජවරුද, මංගල සම්මත වශයෙන් සුව ස්පර්ශය පිණිස අඳුන්දිවි සම් ඇතිරියෙන් පිළිගත්හ. ඔවුන්ගේ අතින් මිනිස්සුද දුහුල් වස්ත්‍රයකින් පිළිගත්හ. මිනිසුන්ගේ අතින් මිදී පොළොවේ පිහිටියේ (නැගෙනහිර) පෙර දිශාව බැලුවේය. නොයෙක් දහසක් සක්වල එකම අංගනයක් මෙන් විය. එහි දෙව් මිනිස්සු සුවඳ මල් ආදියෙන් පුදනු ලබන්නාහු, “මහා පුරුෂයා මෙලොව ඔබ හා සමාන අනෙකෙක් නැත. කෙසේ උත්තරීතර අයෙක් කොහිදැයි ඇසූහ.” මෙසේ සතර දිශාවද අනුදිශාද, යට, උඩ දස දිශාවලද සොයාබලා තමන් හා සමාන කිසිවෙකු නොදැක මේ උතුරුදිග බලා පියවර සතකින් ඉදිරියට ගියේය. මහා බ්‍රහ්මයා විසින් සුදුකුඩ දරනු ලබන්නේ, සුයාම විසින් වල්විදුනාවකින්ද, අනෙකුත් දෙවිවරුන් විසින් සෙසු රාජ කකුධ භාණ්ඩද අතැතිව, අනුගමනය කරන්නේ සත්වන පියවරෙහි සිටියේ “අග්ගො හමස්මි ලොකස්ස” ආදී ශ්‍රේෂ්ඨ වචන නිකුත් කරමින් සිංහනාද කළේය.

බොධිසත‍්තො හි තීසු අත‍්තභාවෙසු මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තමත‍්තොව වාචං නිච‍්ඡාරෙසි මහොසධත‍්තභාවෙ, වෙස‍්සන‍්තරත‍්තභාවෙ, ඉමස‍්මිං අත‍්තභාවෙ චාති. මහොසධත‍්තභාවෙ කිරස‍්ස මාතුකුච‍්ඡිතො නික‍්ඛමන‍්තස‍්සෙව සක‍්කො දෙවරාජා ආගන‍්ත්‍වා චන්‍දනසාරං හත්‍ථෙ ඨපෙත්‍වා ගතො. සො තං මුට‍්ඨියං කත්‍වාව නික‍්ඛන‍්තො. අථ නං මාතා “තාත, කිං ගහෙත්‍වා ආගතොසී”ති පුච‍්ඡි. “ඔසධං, අම‍්මා”ති. ඉති ඔසධං ගහෙත්‍වා ආගතත‍්තා “ඔසධදාරකො”ත්‍වෙවස‍්ස නාමං අකංසු. තං ඔසධං ගහෙත්‍වා චාටියං පක‍්ඛිපිංසු, ආගතාගතානං අන්‍ධබධිරාදීනං තදෙව සබ‍්බරොගවූපසමාය භෙසජ‍්ජං අහොසි. තතො “මහන‍්තං ඉදං ඔසධං, මහන‍්තං ඉදං ඔසධ”න‍්ති උප‍්පන‍්නවචනං උපාදාය “මහොසධො”ත්‍වෙවස‍්ස නාමං ජාතං. වෙස‍්සන‍්තරත‍්තභාවෙ පන මාතුකුච‍්ඡිතො නික‍්ඛමන‍්තො දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වාව “අත්‍ථි නු ඛො, අම‍්ම, කිඤ‍්චි ගෙහස‍්මිං, දානං දස‍්සාමී”ති වදන‍්තො නික‍්ඛමි. අථස‍්ස මාතා “සධනෙ කුලෙ නිබ‍්බත‍්තොසි, තාතා”ති පුත‍්තස‍්ස හත්‍ථං අත‍්තනො හත්‍ථතලෙ කත්‍වා සහස‍්සත්‍ථවිකං ඨපාපෙසි. ඉමස‍්මිං පන අත‍්තභාවෙ ඉමං සීහනාදං නදීති එවං බොධිසත‍්තො තීසු අත‍්තභාවෙසු මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තමත‍්තොව වාචං නිච‍්ඡාරෙසි. යථා ච පටිසන්‍ධිග‍්ගහණක‍්ඛණෙ තථා ජාතික‍්ඛණෙපිස‍්ස ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාතුරහෙසුං. යස‍්මිං පන සමයෙ අම‍්හාකං බොධිසත‍්තො ලුම‍්බිනීවනෙ ජාතො, තස‍්මිංයෙව සමයෙ රාහුලමාතාදෙවී, ආනන්‍දත්‍ථෙරො ,ඡන‍්නො අමච‍්චො, කාළුදායී අමච‍්චො, කණ‍්ඩකො අස‍්සරාජා, මහාබොධිරුක‍්ඛො, චතස‍්සො නිධිකුම‍්භියො ච ජාතා. තත්‍ථ එකා නිධිකුම‍්භී ගාවුතප‍්පමාණා, එකා අඩ‍්ඪයොජනප‍්පමාණා, එකා තිගාවුතප‍්පමාණා, එකා යොජනප‍්පමාණා. ගම‍්භීරතො පථවීපරියන‍්තා එව අහොසීති. ඉමෙ සත‍්ත සහජාතා නාම.

බෝසත්හු ආත්මභාව තුනකදී මව්කුසින් නික්මෙනවිට වචන නිකුත් කළේය. “මහෞෂධ ආත්මභාවයේද, වෙස්සන්තර ආත්ම භාවයේද. මේ ආත්ම භාවයේද වශයෙනි. මහෞෂධ ආත්මභාවයේදී මව්කුසින් නික්මෙන්නේම ශක්‍ර දිව්‍යරාජයා පැමිණ, සඳුන් හරයක් අතේ තබා ගියේය. හෙතම එය මිටෙන් ගෙන නික්මුණේය. ඉක්බිති ඔහුගේ මව දරුව, කුමක් රැගෙන ආවේදැයි විචාළාය. මෑණියනි, ‘ඖෂධ’ යයි කීය. ඖෂධ රැගෙන පැමිණි බැවින් ඖෂධ කුමාරයා යයි නම් කළද ඒ ඖෂධ ගෙන ජල හැළියක බහාලූහ. ආවා වූ නොආවා වූ අඳගොළු බිහිරන්ට එයම සියළු රෝග සංසිඳවීම පිණිස බෙහෙතක් විය. තවද මෙය මහත් ඖෂධයයි උපන් අදහස ඇති බැවින් එම වචන නිසා මහෞෂධ යයි ඔහු නම් තැබීය. වෙස්සන්තර ආත්මභාවයේ මව්කුසින් නික්මෙන්නේ දකුණු අත දිගුකොට මෑණියනි! ගෙයි කිසිවක් තිබේද? දානයක් දෙන්නෙමියි, මවට පවසමින් නික්මුණේය. ඉක්බිති ඔහුගේ මව “ධනය සහිත පවුලක උපන්නෙහි යයි” පවසා පුතුගේ අත තමන්ගේ අත්තලයෙහි තබා, රන්බැඳි දහසක පියල්ලක් තැබුවාය. මේ ආත්මභාවයේදී මේ සිංහනාදය කරයි. මෙසේ බෝධිසත්ත්වයෝ ආත්මභාව තුනක මව්කුසෙන් නික්මෙන්නේම වචන නිකුත් කළේය. යම්සේ පිළිසිඳ ගැනීම් මොහොතේ, උපන් ක්‍ෂණයේද, ඔහුට දෙතිස් පෙරනිමිති පහළ වූහ. යම්කිසි කාලයක අපගේ බෝධිසත්ත්වයෝ ලුම්බිණී වනයේ උපන්නේද, එම දිනවලම රාහුල මව-දේවිය, ආනන්ද, ඡන්න ඇමති, කාලුදායි ඇමති, කන්ථක අශ්වරාජයා, බෝධිවෘක්‍ෂය, සතරමහා නිධාන පහළ වූහ. එහි එක් නිධානයක ගව්වක් පමණි. එකක් අර්ධ යොදුනක් පමණි. තව එකක් නම් තුනක් පමණි. අනෙක යොදුනක් පමණි. තව එකක් ගම් තුනක් පමණි. අනෙක යොදුනක් පමණි. ගැඹුරු බැවින් පොළොව කෙළවරම පිහිටියේය. මේවා ‘සත්ත සහජාත’ වස්තු නම් වේ.

උභයනගරවාසිනො බොධිසත‍්තං ගහෙත්‍වා කපිලවත්‍ථුනගරමෙව අගමංසු. තං දිවසංයෙව ච “කපිලවත්‍ථුනගරෙ සුද‍්ධොදනමහාරාජස‍්ස පුත‍්තො ජාතො, අයං කුමාරො බොධිමූලෙ නිසීදිත්‍වා බුද‍්ධො භවිස‍්සතී”ති තාවතිංසභවනෙ හට‍්ඨතුට‍්ඨා දෙවසඞ‍්ඝා චෙලුක‍්ඛෙපාදීනි පවත‍්තෙන‍්තා කීළිංසු. තස‍්මිං සමයෙ සුද‍්ධොදනමහාරාජස‍්ස කුලූපකො අට‍්ඨසමාපත‍්තිලාභී කාලදෙවලො නාම තාපසො භත‍්තකිච‍්චං කත්‍වා දිවාවිහාරත්‍ථාය තාවතිංසභවනං ගන‍්ත්‍වා තත්‍ථ දිවාවිහාරං නිසින‍්නො තා දෙවතා තථා කීළමානා දිස‍්වා “කිං කාරණා තුම‍්හෙ එවං තුට‍්ඨමානසා කීළථ, මය‍්හම‍්පෙතං කාරණං කථෙථා”ති පුච‍්ඡි. දෙවතා ආහංසු – “මාරිස, සුද‍්ධොදනමහාරාජස‍්ස පුත‍්තො ජාතො, සො බොධිමණ‍්ඩෙ නිසීදිත්‍වා බුද‍්ධො හුත්‍වා ධම‍්මචක‍්කං පවත‍්තෙස‍්සති, ‘තස‍්ස අනන‍්තං බුද‍්ධලීළං දට‍්ඨුං, ධම‍්මඤ‍්ච සොතුං ලච‍්ඡාමා’ති ඉමිනා කාරණෙන තුට‍්ඨාම‍්හා”ති. තාපසො තාසං වචනං සුත්‍වා ඛිප‍්පං දෙවලොකතො ඔරුය‍්හ රාජනිවෙසනං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො “පුත‍්තො කිර තෙ, මහාරාජ, ජාතො, පස‍්සිස‍්සාමි න”න‍්ති ආහ. රාජා අලඞ‍්කතපටියත‍්තං කුමාරං ආහරාපෙත්‍වා තාපසං වන්‍දාපෙතුං අභිහරි. බොධිසත‍්තස‍්ස පාදා පරිවත‍්තිත්‍වා තාපසස‍්ස ජටාසු පතිට‍්ඨහිංසු. බොධිසත‍්තස‍්ස හි තෙනත‍්තභාවෙන වන්‍දිතබ‍්බයුත‍්තකො නාම අඤ‍්ඤො නත්‍ථි. සචෙ හි අජානන‍්තා බොධිසත‍්තස‍්ස සීසං තාපසස‍්ස පාදමූලෙ ඨපෙය්‍යුං, සත‍්තධා තස‍්ස මුද‍්ධා ඵලෙය්‍ය. තාපසො “න මෙ අත‍්තානං නාසෙතුං යුත‍්ත”න‍්ති උට‍්ඨායාසනා බොධිසත‍්තස‍්ස අඤ‍්ජලිං පග‍්ගහෙසි. රාජා තං අච‍්ඡරියං දිස‍්වා අත‍්තනො පුත‍්තං වන්‍දි.

දෙනුවර වැසියෝ බෝසතුන් පිළිගෙන කපිලවත්‍ථු පුරයටම ගියහ. එදවස “කපිලවස්තු පුරයේ සුද්ධෝදන මහරජුට පුතෙකු උපන්නේය. මේ කුමරා බෝමුල හිඳ බුදුවන්නේ” යයිද තුටුපහටු සිත් ඇති තව්තිසා භවනයේ දේව සමූහයා පිළි සිසාරා ප්‍රීති උත්සව පවත්වමින් ක්‍රීඩා කළහ. එකල සුද්ධෝදන මහරජුගේ කුලුපග අෂ්ට සමාපත්තිලාභී කාලදේවල නම් තාපසයා බත්කිස නිමකොට දිවා විහරණය පිණිස තව්තිසා භවනට ගොස් එහි දිවා විහරණය හුන්නේ, ඒ දේවතාවන් එසේ ක්‍රීඩා කරනු දැක “කුමන කරුණක් නිසා නුඹලා මෙසේ සතුටු සිතින් ක්‍රීඩා කරම්ද?” “මට ඒ කාරණය කියවු” යයි කීවේය. දේවතාවෝ කීහ. “නිදුකාණනි, සුද්ධෝන මහරජුට පුත්‍රයෙක් උපන්නේය. හෙතම බෝමැඩ හිඳ, බුදුවී ධම්මචක්කය පවත්වන්නේය. ඔහුගේ අනන්ත බුද්ධලීලාව දකින්නෙමු. ධර්මය අසන්නෙමු. එහෙයින් සතුටු වන්නෙමු යනුවෙන් කීහ. මේ කාරණයෙන් අපි සතුටු වන්නෙමු. තාපසයා ඔවුන්ගේ වචන අසා වහාම දෙව්ලොවින් බැස රාජ මන්දිරයට පිවිස, පනවන ලද ආසනයේ හුන්නේ, “මහරජ, ඔබට උපන් පුත්‍රයා බලනු කැමැත්තෙමි” කීවේය. රජු අලංකාරයෙන් පිළියෙල කළ කුමාරයා ගෙන්වාගෙන තාපසයා වැන්දවීමට යොමු කළේය. බෝසත්හුගේ පාදයෝ පෙරලී අවුත්, තාපසයාගේ ජටාවේ පිහිටුවූහ. බෝසතුන්ගෙන් ඒ ආත්මභාවයේදී වැඳුම් ලැබිය යුතු අන් අයකු නම් නැත. ඉදින් නොදන්නා බැවින් බෝසතුන්ගේ හිස, තාපසයාගේ හිස්මුදුන තැබුවෝද? ඔහුගේ හිස්මුදුන සත්කඩකට පැලෙන්නේය. තාපසයා මගේ ආත්මය (තමන්) නසන්නට නුසුදුසුයයි අසුනින් නැගිට බෝසතුන්ට ඇඳිලිබැඳ වැන්දේය. රජු ඒ අසිරිය දැක තමන්ගේ පුතා වැන්දේය.

තාපසො අතීතෙ චත‍්තාලීස කප‍්පෙ, අනාගතෙ චත‍්තාලීසාති අසීති කප‍්පෙ අනුස‍්සරති. බොධිසත‍්තස‍්ස ලක‍්ඛණසම‍්පත‍්තිං දිස‍්වා “භවිස‍්සති නු ඛො බුද‍්ධො, උදාහු නො”ති ආවජ‍්ජෙත්‍වා උපධාරෙන‍්තො “නිස‍්සංසයෙන බුද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා “අච‍්ඡරියපුරිසො අය”න‍්ති සිතං අකාසි. තතො “අහං ඉමං අච‍්ඡරියපුරිසං බුද‍්ධභූතං දට‍්ඨුං ලභිස‍්සාමි නු ඛො, නො”ති උපධාරෙන‍්තො “න ලභිස‍්සාමි, අන‍්තරායෙව කාලං කත්‍වා බුද‍්ධසතෙනපි බුද‍්ධසහස‍්සෙනපි ගන‍්ත්‍වා බොධෙතුං අසක‍්කුණෙය්‍යෙ අරූපභවෙ නිබ‍්බත‍්තිස‍්සාමී”ති දිස‍්වා “එවරූපං නාම අච‍්ඡරියපුරිසං බුද‍්ධභූතං දට‍්ඨුං න ලභිස‍්සාමි, මහතී වත මෙ ජානි භවිස‍්සතී”ති පරොදි.

තාපසයා අතීතයේ කල්ප හතළිහයක්ද අනාගතයේ කල්ප හතළිහයක්දැයි, අසූ කල්පයක් සිහිකරයි. බෝසත්හුගේ ලක්‍ෂණ සම්පත්තිය දැක “මෙතෙම බුදුවන්නේද නැතහොත් නැද්දැයි” ආවර්ජනා කොට සලකන්නේ නිසැකයෙන්ම බුදුවන්නේ යයි දැන, මේ පුරුෂයා ආශ්චර්යය මෙනෙහිකොට අනතුරුව “මම මේ බුදු උතුමා දකින්නට ලැබෙන්නෙම්ද නැද්දැයි” සලකන්නේ, “නොලබන්නෙමි. අතරතුර කලුරියකොට බුදුන් සියයකුදු බුදුන් දහසකුදු වෙත ගොස් අවබෝධ කිරීමට නොහැකිවන්නේ අරූපභවයේ උපදින්නෙමි”යි දැක “මෙබඳු ආකාර ආශ්චර්ය පුද්ගලයෙකු බුදුවනවා දැකීමට නොලැබෙන්නෙමියි, මහත් දුක් ඇතිවන්නේ යයි ඇඬුවේය.

මනුස‍්සා දිස‍්වා “අම‍්හාකං අය්‍යො ඉදානෙව හසිත්‍වා පුන පරොදිත්‍වා පතිට‍්ඨිතො, කිං නු ඛො, භන‍්තෙ, අම‍්හාකං අය්‍යපුත‍්තස‍්ස කොචි අන‍්තරායො භවිස‍්සතී”ති තං පුච‍්ඡිංසු. “නත්‍ථෙතස‍්ස අන‍්තරායො, නිස‍්සංසයෙන බුද‍්ධො භවිස‍්සතී”ති. “අථ කස‍්මා, භන‍්තෙ, පරොදිත්‍ථා”ති? “එවරූපං පුරිසං බුද‍්ධභූතං දට‍්ඨුං න ලභිස‍්සාමි, ‘මහතී වත මෙ ජානි භවිස‍්සතී’ති අත‍්තානං අනුසොචන‍්තො රොදාමී”ති ආහ. තතො සො “කිං නු ඛො මෙ ඤාතකෙසු කොචි එකං බුද‍්ධභූතං දට‍්ඨුං ලභිස‍්සතී”ති උපධාරෙන‍්තො අත‍්තනො භාගිනෙය්‍යං නාලකදාරකං අද‍්දස. සො භගිනියා ගෙහං ගන‍්ත්‍වා “කහං තෙ පුත‍්තො නාලකො”ති? “අත්‍ථි ගෙහෙ, අය්‍යා”ති. “පක‍්කොසාහි න”න‍්ති පක‍්කොසාපෙත්‍වා අත‍්තනො සන‍්තිකං ආගතං කුමාරං ආහ – “තාත, සුද‍්ධොදනමහාරාජස‍්ස කුලෙ පුත‍්තො ජාතො, බුද‍්ධඞ‍්කුරො එසො, පඤ‍්චතිංස වස‍්සානි අතික‍්කමිත්‍වා බුද‍්ධො භවිස‍්සති, ත්‍වං එතං දට‍්ඨුං ලභිස‍්සසි, අජ‍්ජෙව පබ‍්බජාහී”ති. සත‍්තාසීතිකොටිධනෙ කුලෙ නිබ‍්බත‍්තදාරකොපි “න මං මාතුලො අනත්‍ථෙ නියොජෙස‍්සතී”ති චින‍්තෙත්‍වා තාවදෙව අන‍්තරාපණතො කාසායානි චෙව මත‍්තිකාපත‍්තඤ‍්ච ආහරාපෙත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා “යො ලොකෙ උත‍්තමපුග‍්ගලො, තං උද‍්දිස‍්ස මය‍්හං පබ‍්බජ‍්ජා”ති බොධිසත‍්තාභිමුඛං අඤ‍්ජලිං පග‍්ගය‍්හ පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා අංසකූටෙ ඔලග‍්ගෙත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා සමණධම‍්මං අකාසි. සො පරමාභිසම‍්බොධිප‍්පත‍්තං තථාගතං උපසඞ‍්කමිත්‍වා නාලකපටිපදං කථාපෙත්‍වා පුන හිමවන‍්තං පවිසිත්‍වා අරහත‍්තං පත්‍වා උක‍්කට‍්ඨපටිපදං පටිපන‍්නො සත‍්තෙව මාසෙ ආයුං පාලෙත්‍වා එකං සුවණ‍්ණපබ‍්බතං නිස‍්සාය ඨිතකොව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

මිනිසුන් මෙය දැක අපගේ ආර්යයා, දැන් සිනහවී යළි අඬයි. කිම ස්වාමීනි, අපගේ ආර්ය පුත්‍රයාට කිසියම් අනතුරක් වන්නේද? ඔහුගෙන් විචාළහ. ඔහුට අනතුරුව නැත. නිසැකයෙන්ම බුදු වන්නේය. ඉක්බිති කුමක් හෙයින් ඇඬුවෙහිද? මෙබඳු ආකාර බුද්ධ භූමියට පත්වන පුරුෂයකු දැකීමට නොලබන්නෙමි. මගේ මරණය සිදුවන්නේ යයි, තමන්ට මහත් හානියක් සිදුවන්නේ යයි ශෝක කරමින් හඬමි”යි කීවේය. ඉක්බිති ඔහු මගේ ඤාතීන් අතර කිසිවකු මේ සම්බුද්ධයන් දැකීමට ලබන්නේද, නොලබන්නේදැයි සලකන්නේ, තමන්ගේ බෑණා වූ නාලක දරුවා දුටුවේය. ඔහු නැගනියගේ ගෙදරට ගොස්, “ඔබගේ පුතු නාළක කොහේදැයි විචාළේය. ආර්යයනි, නිවසේය. “ඔහුට අඬගසන්න.” කැඳවා තමන්ගේ සමීපයට ආවා වූ කුමරුට මෙසේ කීවේය. දරුව; සුද්ධෝදන මහරජුගේ කුලයෙහි පුතකු උපන්නේය. මෙතෙම බුද්ධාංකුරයෙකි. පන්තිස්වසක් ඉක්මවා, බුදුවන්නේය. නුඹට මෙතෙම දැකීමට ලැබෙන්නෙහිය. අදම පැවිදිවන්න. අසූහත් කෝටි ධනයක් ඇති කුලයක උපන්නා වූ දරුවා “මට මාමා අනර්ථයක් නොකරන්නේය යයි සිතා එකෙණෙහිම ඒකාංශකොට කෂාවත්ද පොරවා මැටි පාත්‍රයක්ද ගෙන කෙස් රවුල් බහා කෂා වස්ත්‍ර හැඳ, “ලෝකයෙහි යම් උත්තම පුද්ගලයෙක් වේද, ඔහු උදෙසා මගේ පැවිද්ද යයි බෝසතුන් දෙසට අභිමුඛව ඇඳිලිබැඳ පසඟ පිහිටුවා වැඳ පාත්‍රය සම්කඩකින් වටකොට, එක් උරහිසක එල්ලාගෙන, හිමාලයට පිවිස මහණ දම් කළේය. හෙතම ප්‍රථම අභිසම්බෝධියට පත් තථාගතයන් වෙත එළඹ නාලක ප්‍රතිපදාව කියවා නැවත හිමාලයට පිවිස අරහත් ඵලයට පැමිණ, උතුම් ප්‍රතිපදාවට පිළිපන්නේ, මාස හතක් ආයුෂ රැක එක් ස්වර්ණ පර්වතයක් ඇසුරුකොට සිටියේම අනුපදිහේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ සේක.

බොධිසත‍්තම‍්පි ඛො පඤ‍්චමදිවසෙ සීසං න‍්හාපෙත්‍වා “නාමග‍්ගහණං ගණ‍්හිස‍්සාමා”ති රාජභවනං චතුජ‍්ජාතියගන්‍ධෙහි විලිම‍්පෙත්‍වා ලාජපඤ‍්චමකානි පුප‍්ඵානි විකිරිත්‍වා අසම‍්භින‍්නපායාසං සම‍්පාදෙත්‍වා තිණ‍්ණං වෙදානං පාරඞ‍්ගතෙ අට‍්ඨසතං බ්‍රාහ‍්මණෙ නිමන‍්තෙත්‍වා රාජභවනෙ නිසීදාපෙත්‍වා සුභොජනං භොජාපෙත්‍වා මහාසක‍්කාරං කත්‍වා “කිං නු ඛො භවිස‍්සතී”ති ලක‍්ඛණානි පරිග‍්ගහාපෙසුං. තෙසු –

පස්වෙනි දවසේ බෝසතුන් හිසෙහි නහවා “නම් තැබීම කරවන්නෙමු”යි රජමැදුර සිවු දෑ සුවඳවලින් ආලේපනය කොට, ලද පස්මල් විසුරුවා, නොඉඳුල් කිරිබතක් උයවා, ත්‍රිවේදය පරතෙරට ගිය එකසිය අටක් බමුණන් කැඳවා, රාජ භවනයේ වඩාහිඳුවා, රසමසවුලෙන් සන්තර්පණය කරවා, මහ සත්කාර කොට “කුමක් වන්නේදැයි ලක්‍ෂණ පරීක්‍ෂා කළහ. ඔවුහු අතර :-

“රාමො ධජො ලක‍්ඛණො චාපි මන‍්තී, යඤ‍්ඤො සුභොජො සුයාමො සුදත‍්තො; එතෙ තදා අට‍්ඨ අහෙසුං බ්‍රාහ‍්මණා, ඡළඞ‍්ගවා මන‍්තං වියාකරිංසූ”ති. (ම· නි· අට‍්ඨ· 1.284) –

“රාම, ධජ, ලක්ඛණ, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත, මන්ත්‍රි” යන මේ වේදාංග සයෙහි කෙළ පැමිණි මෙම බමුණන් අටදෙනා මෙසේ ප්‍රකාශ කළහ.

ඉමෙ අට‍්ඨෙව බ්‍රාහ‍්මණා ලක‍්ඛණපරිග‍්ගාහකා අහෙසුං. පටිසන්‍ධිග‍්ගහණදිවසෙ සුපිනොපි එතෙහෙව පරිග‍්ගහිතො . තෙසු සත‍්ත ජනා ද‍්වෙ අඞ‍්ගුලියො උක‍්ඛිපිත්‍වා ද‍්විධා නං බ්‍යාකරිංසු – “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතො සචෙ අගාරං අජ‍්ඣාවසිස‍්සති, රාජා භවිස‍්සති චක‍්කවත‍්තී, සචෙ පබ‍්බජිස‍්සති, බුද‍්ධො භවිස‍්සතී”ති සබ‍්බං චක‍්කවත‍්තිරඤ‍්ඤො සිරිවිභවං ආචික‍්ඛිංසු. තෙසං පන සබ‍්බදහරො ගොත‍්තතො කොණ‍්ඩඤ‍්ඤො නාම මාණවො බොධිසත‍්තස‍්ස වරලක‍්ඛණසම‍්පත‍්තිං ඔලොකෙත්‍වා “ඉමස‍්ස අගාරමජ‍්ඣෙ ඨානකාරණං නත්‍ථි, එකන‍්තෙනෙස විවටච‍්ඡදො බුද‍්ධො භවිස‍්සතී”ති එකමෙව අඞ‍්ගුලිං උක‍්ඛිපිත්‍වා එකංසබ්‍යාකරණං බ්‍යාකාසි. අයඤ‍්හි කතාධිකාරො පච‍්ඡිමභවිකසත‍්තො පඤ‍්ඤාය ඉතරෙ සත‍්ත ජනෙ අභිභවිත්‍වා ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතස‍්ස බොධිසත‍්තස‍්ස එකන‍්තබුද‍්ධභාවසඞ‍්ඛාතං එකමෙව ගහිං අද‍්දස, තස‍්මා එකං අඞ‍්ගුලිං උක‍්ඛිපිත්‍වා එවං බ්‍යාකාසි. අථස‍්ස නාමං ගණ‍්හන‍්තා සබ‍්බලොකස‍්ස අත්‍ථසිද‍්ධිකරත‍්තා “සිද‍්ධත්‍ථො”ති නාමං අකංසු.

මේ බමුණන් අටදෙනා අංග ලක්‍ෂණ විද්‍යාවෙහි සම්ප්‍රාප්තයෝ වූහ. පිළිසිඳ ගන්නා ලද දවසේ දුටු සිහිනයේද (මතකයන්) මේ කාරණයද විචාරණලදි. මේ අය අතුරින් සත්දෙනෙක් ඇඟලි දෙකක් ඔසවා, කරුණු දෙකක් විවරණ කළහ. “ඉදින් මේ ලක්‍ෂණවලින් යුක්ත වූවෝ ගිහිගෙය වසන්නේ නම් චක්‍රවර්ති රජ වන්නේය. ඉදින් පැවිදි වන්නේ නම් බුදුවන්නේය” යනුයි. චක්‍රවර්ති රජුගේ සියලු ශ්‍රී සම්පත් ප්‍රකාශ කළහ. ඔවුන් අතර ලාබාලම වූ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් බමුණා බෝසතුන්ගේ උතුම් දේහ ලක්‍ෂණ පිහිටීම බලා “මොහුගේ ගෘහවාසයේ අදාළ කරුණු නැත. ඒකාන්ත වශයෙන්ම කෙළෙස් නසා බුදුවන්නේම යයි එකම ඇඟිල්ලක් ඔසවා එකම විවරණයක් ප්‍රකාශ කළේය. මෙතෙම කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ, පශ්චිම භවික සත්ත්වයෙකු වූයේ, ප්‍රඥාවෙන් සෙසු සත්ත්ව සමූහයා අභිබවා සිටින්නේ, මේ වැනි ලක්‍ෂණවලින් සමන්නාගත වූ බෝසතුන්ගේ ඒකාන්ත බුද්ධභාවය සංඛ්‍යාත එකම ස්වභාවය දුටුවේය. එහෙයින් එක් ඇඟිල්ලක් ඔසවා මෙසේ ප්‍රකාශ කළේය. ඉක්බිතිවැ ඔහුට නම් තබන්නේ සියලු ලොවට අර්ථ සිද්ධිය කරන බැවින් “සිද්ධත්‍ථ” යයි නම් කළහ.

අථ ඛො තෙ බ්‍රාහ‍්මණා අත‍්තනො අත‍්තනො ඝරානි ගන‍්ත්‍වා පුත‍්තෙ ආමන‍්තයිංසු – “තාතා, අම‍්හෙ මහල‍්ලකා, සුද‍්ධොදනමහාරාජස‍්ස පුත‍්තං සබ‍්බඤ‍්ඤුතං පත‍්තං මයං සම‍්භාවෙය්‍යාම වා නො වා, තුම‍්හෙ තස‍්මිං කුමාරෙ සබ‍්බඤ‍්ඤුතං පත‍්තෙ තස‍්ස සාසනෙ පබ‍්බජෙය්‍යාථා”ති. තෙ සත‍්තපි ජනා යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතා, කොණ‍්ඩඤ‍්ඤමාණවොයෙව පන අරොගො අහොසි. සො මහාසත‍්තෙ වුද‍්ධිමන්‍වාය මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජිත්‍වා අනක‍්කමෙන උරුවෙලං ගන‍්ත්‍වා “රමණීයො වත අයං භූමිභාගො, අලං වතිදං පධානත්‍ථිකස‍්ස කුලපුත‍්තස‍්ස පධානායා”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා තත්‍ථ වාසං උපගතෙ “මහාපුරිසො පබ‍්බජිතො”ති සුත්‍වා තෙසං බ්‍රාහ‍්මණානං පුත‍්තෙ උපසඞ‍්කමිත්‍වා එවමාහ – “සිද‍්ධත්‍ථකුමාරො කිර පබ‍්බජිතො, සො නිස‍්සංසයෙන බුද‍්ධො භවිස‍්සති. සචෙ තුම‍්හාකං පිතරො අරොගා අස‍්සු, අජ‍්ජ නික‍්ඛමිත්‍වා පබ‍්බජෙය්‍යුං. සචෙ තුම‍්හෙපි ඉච‍්ඡෙය්‍යාථ, එථ, මයං තං මහාපුරිසං අනුපබ‍්බජිස‍්සාමා”ති. තෙ සබ‍්බෙ එකච‍්ඡන්‍දා භවිතුං නාසක‍්ඛිංසු, තෙසු තයො ජනා න පබ‍්බජිංසු, කොණ‍්ඩඤ‍්ඤබ්‍රාහ‍්මණං ජෙට‍්ඨකං කත්‍වා ඉතරෙ චත‍්තාරො පබ‍්බජිංසු. තෙ පඤ‍්චපි ජනා පඤ‍්චවග‍්ගියත්‍ථෙරා නාම ජාතා.

ඉක්බිති ඒ බ්‍රාහ්මණයෝ තමන්ගේ ගෙවල්වලට ගොස් පුතුන් ඇමතූහ “දරුවනි; අප මහලුය. සුද්ධෝදන මහරජුගේ පුත්‍රයා සර්වඥතා ඥානයට පත්ව සම්පූර්ණත්වයට පත්වන්නාහ. අප හිටියත් නැතත් නුඹලා ඒ කුමරු සර්වඥ බවට පත්කල්හි උන්වහන්සේගේ සමීපයේ පැවිදි වෙවු! ඒ බමුණන් සත්දෙන ආයුෂ ඇති පරිදි සිට කම්වූ පරිදි ගියහ. කොණ්ඩඤ්ඤ මානවකයා නිරෝගී විය. හෙතෙම බෝසත්තුමා තරුණවියට පත්ව, මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මී, පැවිදිවී, පිළිවෙලින් උරුවෙල් ජනපදයට ගෙස්, “මේ භූමිභාගය ඉතා සිත්කළුය. රමණීයයි. ප්‍රධන් වීර්ය වඩන කුලපුත්‍රයකුට ප්‍රධන් වීර්ය වැඩීම පිණිස මෙය ඉතා සුදුසුය.” සිත උපදවා එහි වාසයට පැමිණි කල්හි, මහා පුරුෂයා පැවිදි වූයේ යයි අසා අනෙක් බමුණන්ගේ පුතුන් වෙත එළඹ, මෙසේ කීවේය. සිද්ධාර්ථ කුමාරයා පැවිදි වූයේය. හෙතම නිසැකයෙන්ම බුදු වන්නේය. ඉදින් නුඹලාගේ පියවරු නීරෝගී වූවාහු නම් අද නික්ම පැවිදි වන්නෙහු. ඉදින් නුඹලාද කැමැති වවු නම්, එවු! මම මහා පුරුෂයා අනුව පැවිදි වන්නෙමි. ඒ සියල්ලෝ එක අදහසක පිහිටීමට නොහැකි වූහ. ඔවුන් අතර තිදෙනෙක් පැවිදි නොවූහ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ජ්‍යෙෂ්ඨ කොට ඔවුන් අතර සෙසු සිවුදෙනා පැවිදි වූහ. ඒ පස්දෙනා පංචවග්ගිය තෙරවරු යයි හැඳින්වූහ.

තදා පන සුද‍්ධොදනරාජා – “කිං දිස‍්වා මය‍්හං පුත‍්තො පබ‍්බජිස‍්සතී”ති පුච‍්ඡි. “චත‍්තාරි පුබ‍්බනිමිත‍්තානී”ති. “කතරඤ‍්ච කතරඤ‍්චා”ති? “ජරාජිණ‍්ණං, බ්‍යාධිතං, මතං, පබ‍්බජිත”න‍්ති. රාජා “ඉතො පට‍්ඨාය එවරූපානං මම පුත‍්තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමිතුං මා අදත්‍ථ, මය‍්හං පුත‍්තස‍්ස බුද‍්ධභාවෙන කම‍්මං නත්‍ථි, අහං මම පුත‍්තං ද‍්විසහස‍්සදීපපරිවාරානං, චතුන‍්නං මහාදීපානං, ඉස‍්සරියාධිපච‍්චං චක‍්කවත‍්තිරජ‍්ජං කරොන‍්තං ඡත‍්තිංසයොජනපරිමණ‍්ඩලාය පරිසාය පරිවුතං ගගනතලෙ විචරමානං පස‍්සිතුකාමො”ති. එවඤ‍්ච පන වත්‍වා ඉමෙසං චතුප‍්පකාරානං නිමිත‍්තානං කුමාරස‍්ස චක‍්ඛුපථෙ ආගමනනිවාරණත්‍ථං චතූසු දිසාසු ගාවුතෙ ගාවුතෙ ආරක‍්ඛං ඨපෙසි. තං දිවසඤ‍්ච මඞ‍්ගලට‍්ඨානෙ සන‍්නිපතිතෙසු අසීතියා ඤාතිකුලසහස‍්සෙසු එකමෙකො එකමෙකං පුත‍්තං පටිජානි – “අයං බුද‍්ධො වා හොතු රාජා වා, මයං එකමෙතං පුත‍්තං දස‍්සාම. සචෙපි බුද‍්ධො භවිස‍්සති, ඛත‍්තියසමණගණෙහෙව පරිවාරිතො විචරිස‍්සති. සචෙපි රාජා භවිස‍්සති, ඛත‍්තියකුමාරෙහෙව පුරක‍්ඛතපරිවාරිතො විචරිස‍්සතී”ති. රාජාපි බොධිසත‍්තස‍්ස උත‍්තමරූපසම‍්පන‍්නා විගතසබ‍්බදොසා ධාතියො පච‍්චුපට‍්ඨාපෙසි. බොධිසත‍්තො මහන‍්තෙන පරිවාරෙන මහන‍්තෙන සිරිසොභග‍්ගෙන වඩ‍්ඪති.

එකල සුද්ධෝදන මහරජු “කුමක් දැක මගේ පුතා පැවිදි වන්නේදැ”යි විචාළේය. “සතර පෙරනිමිති වෙති.” “කවර කවර දේවල්ද?” “මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිදිරුවක් යනුවෙනි.” රජු මෙතැන් පටන්ම මෙබඳු රූප මගේ පුතාගේ සමීපයට නොඑළඹේවායි සමීපයට ඒමට ඉඩ නොදෙවු! මගෙ පුතාට බුදුබවෙන් වැඩක් නැත. මම මගේ පුතා දෙදහසක් පිරිවර දිවයින් සහිත සතරමහා ද්වීපයෙහි, ඉසුරුමත්ව සක්විති රජකු කරන්නෙමියි, තිස්හය යොදුන් පරිමණ්ඩලයේ පිරිස පිරිවර කොටගෙන, අහස්තලයේ හැසිරෙමින් ඉඩකඩ දකිනු කැමැති වේවා. මෙසේ පවසා, මේ ප්‍රාකාර සතර තුළට මෙබඳු නිමිති කුමාරයාගේ ඇස් මානයට පැමිණීම වැළැක්වීම සඳහා සතර දිශාවල ගව්වෙන් ගව්ව ආරක්ෂාව තැබීය. එදවස මංගල අවස්ථාවේ රැස්වුනා වූ අසූදහසක් ඤාති කුල අතර එක එකා එක එක පුත්‍රයා බැගින් “මෙතම බුදුවේවා හෝ රජ වේවා! යි එක එක පතක බැගින් දෙමු. ඉදින් බුදුවන්නෙහි නම්, ක්‍ෂත්‍රිය ශ්‍රමණ පිරිසක් පිරිවරා හැසිරෙන්නේය. ඉදින් රජවන්නේ නම් ක්‍ෂත්‍රිය කුමාරයන් පිරිවරා හැසිරෙන්නේ”යයි දරුවන් දුන්හ. රජුද බෝසතුන්ට උතුම් රූපසම්පන්න වූ, පහවූ සියළු දොස් ඇති, කිරි මව්වරුද යොදවනු ලැබීය. බෝසත් තෙමේ මහත් පිරිවරින් මහත් වූ සිරි සෞභාග්‍යයෙන් වැඩෙයි.

අථෙකදිවසං රඤ‍්ඤො වප‍්පමඞ‍්ගලං නාම අහොසි. තං දිවසං සකලනගරං දෙවනගරං විය අලඞ‍්කරොන‍්ති, සබ‍්බෙ දාසකම‍්මකරාදයො අහතවත්‍ථනිවත්‍ථා ගන්‍ධමාලාදිපටිමණ‍්ඩිතා රාජකුලෙ සන‍්නිපතන‍්ති, රඤ‍්ඤො කම‍්මන‍්තෙ නඞ‍්ගලසහස‍්සං යොජයන‍්ති, තස‍්මිං පන දිවසෙ එකෙනූනඅට‍්ඨසතනඞ‍්ගලානි සද‍්ධිං බලිබද‍්දරස‍්මියොත‍්තෙහි රජතපරික‍්ඛතානි හොන‍්ති. රඤ‍්ඤො ආලම‍්බනනඞ‍්ගලං පන රත‍්තසුවණ‍්ණපරික‍්ඛතං හොති. බලිබද‍්දානං සිඞ‍්ගරස‍්මිපතොදාපි සුවණ‍්ණපරික‍්ඛතාව හොන‍්ති. රාජා මහාපරිවාරෙන නික‍්ඛමන‍්තො පුත‍්තං ගහෙත්‍වාව අගමාසි. කම‍්මන‍්තට‍්ඨානෙ එකො ජම‍්බුරුක‍්ඛො බහලපලාසො සන්‍දච‍්ඡායො අහොසි. තස‍්ස හෙට‍්ඨා කුමාරස‍්ස සයනං පඤ‍්ඤාපෙත්‍වා උපරි සුවණ‍්ණතාරකඛචිතවිතානං බන්‍ධාපෙත්‍වා සාණිපාකාරෙන පරික‍්ඛිපාපෙත්‍වා ආරක‍්ඛං ඨපෙත්‍වා රාජා සබ‍්බාලඞ‍්කාරං අලඞ‍්කරිත්‍වා අමච‍්චගණපරිවුතො නඞ‍්ගලකරණට‍්ඨානං අගමාසි. තත්‍ථ රාජා සුවණ‍්ණනඞ‍්ගලං ගණ‍්හාති, අමච‍්චා එකෙනූනඅට‍්ඨසතරජතනඞ‍්ගලානි, කස‍්සකා සෙසනඞ‍්ගලානි. තෙ තානි ගහෙත්‍වා ඉතො චිතො ච කසන‍්ති. රාජා පන ඔරතො වා පාරං ගච‍්ඡති, පාරතො වා ඔරං ආගච‍්ඡති.

ඉක්බිති එක් දවසක් රජුගේ වප්මඟුල් උළෙල විය. එදවස සියලු නුවර දේව නගරයක් මෙන් අලංකාර වෙත්. සියළු දැසි දස් කම්කරුවෝ අළුත් වස්ත්‍ර හැඳ, සුවඳමල් ආදියෙන් සැරසී රජ මැදුරේ රැස්වෙති. රජුගේ කෘෂිකර්මාන්තයට නගුල් දහසක් යොදවති. ඒ දවසේ සත්සිය අනූනමයක් නගුල් සමග ගොනුන් විසින් යොදවන ලද, යොත් රිදී පටියකින් වටකොට පවතිත්. රජු සඳහා පිළියෙල කළ නගුල රතු රන් පටියකින් වෙලා තිබෙත්. ගවයන්ගේ අං රැස් විහිදෙන රන් කොපුවලින් පිරිකෙව් කරන ලදහ. රජු මහත් පිරිවරින් නික්මෙන්නේ පුතාද රැගෙන ගියේය. කෘෂි කර්මාන්ත භූමියෙහි එක් දඹගසක්ද, බොහෝ කොළ අතු සහිත සිසිල් සෙවනද විය. ඒ ගස යට කුමරුගේ යහන පනවා ඒ මත්තෙහි රන් තරු ඔබ්බවන ලද වියනක් බන්දවා සනීප ආකාරයෙන් වටකොට ආරක්‍ෂාව තරකොට සර්ව අලංකාරයෙන් සැරසුණු රජු, ඇමති ගණයා පිරිවරා නගුල් උපකරණ ගෙන කුඹුරට ගියේය. එහිදී රජු රන් නගුල ගනියි. ඇමතිවරු හත්සිය අනූනමයක් රිදී නගුල්ද, ගොවියෝ සෙසු නගුල්ද ගත්හ. ඔවුහු ඒවා රැගෙන ඔබි-මොබ සීසාත්. රජු එකරටට යයි අගසිට මුලට එයි.

එතස‍්මිං ඨානෙ මහාසම‍්පත‍්ති අහොසි. බොධිසත‍්තං පරිවාරෙත්‍වා නිසින‍්නා ධාතියො “රඤ‍්ඤො සම‍්පත‍්තිං පස‍්සාමා”ති අන‍්තොසාණිතො බහි නික‍්ඛන‍්තා. බොධිසත‍්තො ඉතො චිතො ච ඔලොකෙන‍්තො කඤ‍්චි අදිස‍්වාව වෙගෙන උට‍්ඨාය පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ආනාපානෙ පරිග‍්ගහෙත්‍වා පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙසි. ධාතියො ඛජ‍්ජභොජ‍්ජන‍්තරෙ විචරමානා ථොකං චිරායිංසු. සෙසරුක‍්ඛානං ඡායා වීතිවත‍්තා, තස‍්ස පන ජම‍්බුරුක‍්ඛස‍්ස ඡායා පරිමණ‍්ඩලා හුත්‍වා අට‍්ඨාසි. ධාතියො “අය්‍යපුත‍්තො එකකො”ති වෙගෙන සාණිං උක‍්ඛිපිත්‍වා අන‍්තො පවිසමානා බොධිසත‍්තං සයනෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නං තඤ‍්ච පාටිහාරියං දිස‍්වා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං – “දෙව, කුමාරො එවං නිසින‍්නො, අඤ‍්ඤෙසං රුක‍්ඛානං ඡායා වීතිවත‍්තා, ජම‍්බුරුක‍්ඛස‍්ස පන ඡායා පරිමණ‍්ඩලා ඨිතා”ති. රාජා වෙගෙනාගන‍්ත්‍වා පාටිහාරියං දිස‍්වා “අයං තෙ, තාත, දුතියවන්‍දනා”ති පුත‍්තං වන්‍දි.

මේ ස්ථානයේ මහා උත්සවයක් විය. බෝසතුන් පිරිවරා හුන්නා වූ කිරි මව්වරු රජුගේ සම්පත් බලන්නෙමුයි, ඇතුල් සානුවෙන් පිටතට නික්මුනාහුය. බෝසත්හු ඔබි-මොබ බලන්නේ කිසිවකු නොදැක, ඉක්මණින් නැගිට පළඟක් බැඳ ආනාපාන සතිය වඩවා ප්‍රථමධ්‍යානය ඉපදවීය. කිරිමව්වරු කෑයුතු බීයුතු ආහාර පිරික්සමින් ටිකක් බලා සිටියහ. සෙසු ගස්වල සෙවනැල්ල පුළුල්ව පැතිරුණේ, ඒ ගසේ සෙවනැල්ල වටකොට සිටියේය. කිරිමව්වරු, ආර්ය පුත්‍රයා හුදකලාවමයයි ඉක්මනට අවුත්, තිරය ඔසවා ඇතුළට පිවිසෙන්නී, බෝසතුන් යහනේ පර්යංකයක් බැඳ සිටින්නා වූ ඒ ආශ්චර්ය දැක වහා ගොස් රජුට දැනුම් දුන්හ. දෙව්කුමරු මෙසේ සිටින්නේ අනෙක් ගස්වල සෙවනැල්ල ඉක්මගිය අතර දඹගසේ සෙවනැල්ල වටාකාරව පැවතියේය. රජු වේගයෙන් ගොස් ප්‍රාතිහාර්ය දැක “දරුව, මේ ඔබට මගේ දෙවන වැඳීම යයි” පුතාට වැන්දේය.

අථ අනුක‍්කමෙන බොධිසත‍්තො සොළසවස‍්සුද‍්දෙසිකො ජාතො. රාජා බොධිසත‍්තස‍්ස තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙ තයො පාසාදෙ කාරෙසි – එකං නවභූමිකං, එකං සත‍්තභූමිකං, එකං පඤ‍්චභූමිකං, චත‍්තාලීසසහස‍්සා ච නාටකිත්‍ථියො උපට‍්ඨාපෙසි. බොධිසත‍්තො දෙවො විය අච‍්ඡරාසඞ‍්ඝපරිවුතො අලඞ‍්කතනාටකිත්‍ථීහි පරිවුතො නිප‍්පුරිසෙහි තූරියෙහි පරිචාරියමානො මහාසම‍්පත‍්තිං අනුභවන‍්තො උතුවාරෙන තීසු පාසාදෙසු විහාසි. රාහුලමාතා පනස‍්ස දෙවී අග‍්ගමහෙසී අහොසි.

ඉක්බිති පිළිවෙලින් බෝසත්හු සොළොස්වියට පැමිණියේ විය. රජු බෝසත්නුට සෘතු තුනට සුදුසු වනසේ, මාළිගා තුනක් කරවීය. එකක් මහල් නවයකින්ද, එකක් මහල් සතකින්ද, එකක් මහල් පහකින්ද විය. සතළිස්දහසක් නාටක ස්ත්‍රීන් යෙදවීය. බෝසත්හු අප්සරාවන් පිරිවරාගත් දෙවියකු මෙන්, අලංකාර නාටක ස්ත්‍රීන් විසින් පිරිවරන ලදුව, පුරුෂයන් රහිත තූර්යනාදයෙන් නැටුම් පිරිවර කොට ඇතිව මහා සම්පත් අනුභව කරමින් සෘතුවාර වශයෙන් ප්‍රාසාද තුනෙහිම වාසය කළේය. රාහුල මාතාව ඔහුගේ අගමෙහෙසිය වූවාය.

තස‍්සෙවං මහාසම‍්පත‍්තිං අනුභවන‍්තස‍්ස එකදිවසං ඤාතිසඞ‍්ඝස‍්ස අබ‍්භන‍්තරෙ අයං කථා උදපාදි – “සිද‍්ධත්‍ථො කීළාපසුතොව විචරති, න කිඤ‍්චි සිප‍්පං සික‍්ඛති, සඞ‍්ගාමෙ පච‍්චුපට‍්ඨිතෙ කිං කරිස‍්සතී”ති? රාජා බොධිසත‍්තං පක‍්කොසාපෙත්‍වා “තාත, තව ඤාතකා ‘සිද‍්ධත්‍ථො කිඤ‍්චි සිප‍්පං අසික‍්ඛිත්‍වා කීළාපසුතොව විචරතී’ති වදන‍්ති, එත්‍ථ කිං සත‍්තු පත‍්තකාලෙ මඤ‍්ඤසී”ති? “දෙව, මම සිප‍්පං සික‍්ඛනකිච‍්චං නත්‍ථි, නගරෙ මම සිප‍්පදස‍්සනත්‍ථං භෙරිං චරාපෙථ ‘ඉතො සත‍්තමෙ දිවසෙ ඤාතකානං සිප‍්පං දස‍්සෙස‍්සාමී’”ති. රාජා තථා අකාසි. බොධිසත‍්තො අක‍්ඛණවෙධිවාලවෙධිධනුග‍්ගහෙ සන‍්නිපාතාපෙත්‍වා මහාජනස‍්ස මජ‍්ඣෙ අඤ‍්ඤෙහි ධනුග‍්ගහෙහි අසාධාරණං ඤාතකානං ද‍්වාදසවිධං සිප‍්පං දස‍්සෙසි. තං සරභඞ‍්ගජාතකෙ ආගතනයෙනෙව වෙදිතබ‍්බං. තදා තස‍්ස ඤාතිසඞ‍්ඝො නික‍්කඞ‍්ඛො අහොසි.

ඔහු මෙසේ මහත් සම්පත් අනුභව කරමින් සිටිනවිට එක් දිනයක ඤාති සමූහයා අතර මෙවැනි කථාවක් හටගත්තේය. සිද්ධාර්ථ ක්‍රීඩාවට ඇලී වාසය කරයි. කිසි ශිල්පයක් නොහදාරයි. යුද්ධයක් පැමිණිකල්හි කුමක් කරන්නේද? රජු බෝසතුන් කැඳවා “දරුව; ඔබගේ ඤාතීහු, සිද්ධාර්ථ කිසි ශිල්පයක් නොහදාරා ක්‍රීඩාවටම ඇලී වාසය කරයි” යනුවෙන් පවසති. කිම මෙහිලා සුදුසු කාලය යයි නොසිතවුද?” “දේවයිනි; මට ශිල්ප ඉගෙන ගැනීමට කිසිවක් නැත. නගර මැද ශිල්ප පෙන්වීමට බෙරහඬ නංවවු! මෙයින් සත්වෙනි දිනයේ ඤාතීන්ට ශිල්ප දක්වන්නෙමි. රජු එසේ කරවීය. බෝසතාණෝ අක්ඛණ වෙධී හෙවත් විදුලිය එලියෙන් ඉලක්කයට විදුනාහ. වාලවේධී හෙවත් බටු පලය එල්ලූ අස්ලොමට විදීමට සමත් ආදී දුනුවායන් රැස්කරවා මහාජනයා මැද, අනෙක් දුනුවායන්ට සාධාරණ නොවූ, දොළොස් ආකාර ශිල්පයක් ඤාතීන්ට පෙන්වීය. එය සරභංග ජාතකයේ සඳහන් අන්දමට දතයුතුය. එකල උන්වහන්සේගේ ඤාති සමූහයා සැකයෙන් තොර විය.

අථෙකදිවසං බොධිසත‍්තො උය්‍යානභූමිං ගන‍්තුකාමො සාරථිං ආමන‍්තෙත්‍වා “රථං යොජෙහී”ති ආහ. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා මහාරහං උත‍්තමරථං සබ‍්බාලඞ‍්කාරෙන අලඞ‍්කරිත්‍වා කුමුදපත‍්තවණ‍්ණෙ චත‍්තාරො මඞ‍්ගලසින්‍ධවෙ යොජෙත්‍වා බොධිසත‍්තස‍්ස පටිවෙදෙසි. බොධිසත‍්තො දෙවවිමානසදිසං රථං අභිරුහිත්‍වා උය්‍යානාභිමුඛො අගමාසි. දෙවතා “සිද‍්ධත්‍ථකුමාරස‍්ස අභිසම‍්බුජ‍්ඣනකාලො ආසන‍්නො, පුබ‍්බනිමිත‍්තං දස‍්සෙස‍්සාමා”ති එකං දෙවපුත‍්තං ජරාජිණ‍්ණං ඛණ‍්ඩදන‍්තං පලිතකෙසං වඞ‍්කං ඔභග‍්ගසරීරං දණ‍්ඩහත්‍ථං පවෙධමානං කත්‍වා දස‍්සෙසුං. තං බොධිසත‍්තො චෙව සාරථි ච පස‍්සන‍්ති. තතො බොධිසත‍්තො, “සම‍්ම, කො නාමෙස පුරිසො, කෙසාපිස‍්ස න යථා අඤ‍්ඤෙස”න‍්ති මහාපදානෙ (දී· නි· 2.45) ආගතනයෙන සාරථිං පුච‍්ඡිත්‍වා තස‍්ස වචනං සුත්‍වා “ධිරත්‍ථු වත, භො, ජාති , යත්‍ර හි නාම ජාතස‍්ස ජරා පඤ‍්ඤායිස‍්සතී”ති සංවිග‍්ගහදයො තතොව පටිනිවත‍්තිත්‍වා පාසාදමෙව අභිරුහි. රාජා “කිං කාරණා මම පුත‍්තො ඛිප‍්පං පටිනිවත‍්තී”ති පුච‍්ඡි. “ජිණ‍්ණපුරිසං දිස‍්වා, දෙවා”ති. “ජිණ‍්ණකං දිස‍්වා පබ‍්බජිස‍්සතීති ආහංසු, කස‍්මා මං නාසෙථ, සීඝං පුත‍්තස‍්ස නාටකානි සජ‍්ජෙථ, සම‍්පත‍්තිං අනුභවන‍්තො පබ‍්බජ‍්ජාය සතිං න කරිස‍්සතී”ති වත්‍වා ආරක‍්ඛං වඩ‍්ඪෙත්‍වා සබ‍්බදිසාසු අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආරක‍්ඛං ඨපෙසි.

ඉක්බිති දිනක් බෝසත් උයනට යනු කැමැත්තේ, රියදුරා අමතා, රථය පිළියෙල කරන්නැයි කීවේය. ඒ රියදුරා යහපතැයි පිළිවදන් දී උතුම් මහාර්ඝ රථය සියලු අලංකාරවලින් අලංකාරකොට කුමුදු පත්‍ර වර්ණැති මංගල අශ්වයන් සතරදෙනෙකු යොදවා, බෝසතුන්ට දැන්වීය. බෝසත්හු දිව්‍ය විමානයක අසිරිය ඇති රථයට නැග, උයන පෙරටුව ගමන් කළේය. දේවතාවෝ සිදුහත් කුමරුගේ බුදුවීමට කාලය ආසන්න වෙයි. පෙරනිමිති පෙන්වන්නෙමුයි, එක් දිව්‍ය පුත්‍රයකු ජරාජීර්ණ කැඩුණු දත් ඇති, කෙස් රැලි වැටුණු, ඇද වූ නැමීගිය සිරුරක් ඇති, දණ්ඩක් අතින් ගත් වෙව්ලන අයෙකු කොට පෙන්වූහ. එම රූපය බෝසතුන් හා රියදුරා පමණක් දකිති. ඉක්බිති බෝධිසත්ත්ව තෙම “මිත්‍ර රියදුරාණනි; මේ මිනිසා කවරෙක්ද? ඔහු කෙස්ද අන් අයගේ සමානව නොපෙනේ. මහාපදාන සූත්‍රයේ දැක්වූ නයින් රියදුරුගෙන් විචාරා, රියදුරාගේ පිළිතුර අසා, “පින්වත, නින්දා වේවා! ඉපදීම නිසා ජරාවට පත්වන්නේය.” යනුවෙන් කළකිරුණු සිතින්, එතැනම නැවතී, ප්‍රාසාදයටම යන්හ. රජු:- කුමන කරුණක්ද, මගේ පුතා වහාම පෙරළා ආවේදැයි විචාළේය. දේවයන් වහන්ස, මහලු පුරුෂයෙකු දැකීමෙන් මහල්ලෙකු දැක පැවිදි වන්නේ යයි පෙර ඒ වචනය සිහිකළේය. මා නොනැසුව මැනව. වහාම මගේ පුතුට නාට්‍ය සංගීතාදිය පිළියෙල කරවු. සම්පත් අනුභව කරනවිට පැවිද්ද පිළිබඳ සිහිකල්පනාව නොකරන්නේ යයි පවසා, ආරක්‍ෂාව යෙදවීය.

පුනෙකදිවසං බොධිසත‍්තො තථෙව උය්‍යානං ගච‍්ඡන‍්තො දෙවතාභිනිම‍්මිතං බ්‍යාධිතං පුරිසං දිස‍්වා පුරිමනයෙනෙව පුච‍්ඡිත්‍වා සංවිග‍්ගහදයො නිවත‍්තිත්‍වා පාසාදං අභිරුහි. රාජාපි පුච‍්ඡිත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සංවිදහිත්‍වා පුන වඩ‍්ඪෙත්‍වා සමන‍්තා තිගාවුතප‍්පමාණෙ පදෙසෙ ආරක‍්ඛං ඨපෙසි. අපරම‍්පි එකදිවසං බොධිසත‍්තො තථෙව උය්‍යානං ගච‍්ඡන‍්තො දෙවතාභිනිම‍්මිතං කාලඞ‍්කතං දිස‍්වා පුරිමනයෙනෙව පුච‍්ඡිත්‍වා සංවිග‍්ගහදයො පුන නිවත‍්තිත්‍වා පාසාදං අභිරුහි. රාජාපි පුච‍්ඡිත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සංවිදහිත්‍වා පුන වඩ‍්ඪෙත්‍වා සමන‍්තතො යොජනප‍්පමාණෙ පදෙසෙ ආරක‍්ඛං ඨපෙසි. අපරං පනෙකදිවසං උය්‍යානං ගච‍්ඡන‍්තො තථෙව දෙවතාභිනිම‍්මිතං සුනිවත්‍ථං සුපාරුතං පබ‍්බජිතං දිස‍්වා “කො නාමෙසො සම‍්මා”හි සාරථිං පුච‍්ඡි. සාරථි කිඤ‍්චාපි බුද‍්ධුප‍්පාදස‍්ස අභාවා පබ‍්බජිතං වා පබ‍්බජිතගුණෙ වා න ජානාති, දෙවතානුභාවෙන පන “පබ‍්බජිතො නාමායං, දෙවා”ති වත්‍වා පබ‍්බජ‍්ජාය ගුණෙ වණ‍්ණෙසි. බොධිසත‍්තො පබ‍්බජ‍්ජාය රුචිං උප‍්පාදෙත්‍වා තං දිවසං උය්‍යානං අගමාසි. දීඝභාණකා පනාහු – “චත‍්තාරිපි නිමිත‍්තානි එකදිවසෙනෙව දිස‍්වා අගමාසී”ති.

යම් දෙවන දිනයක බෝසතුන් එපරිදිම උයනට යන්නේ දේවතාවන් විසින් මවන ලද, රෝගී පුරුෂයකු දැක, පළමු ආකාරයෙන්ම විමසා, යටකියන ලද අයුරින්ම කළකිරුණු සිතැත්තේ යළි නැවතී ප්‍රාසාදයටම ආහ. තවත් එක්දිනක් බෝසතුන් එසේම උයනට යන්නේ, දේවතාවන් විසින් මවන ලද මළසිරුරක් දැක පෙර පරිද්දෙන්ම විචාරා කළකිරුණු සිත් ඇත්තේ යළි නැවතී ප්‍රාසාදයට පැමිණියේය. රජුද විචාරා යට හාත්පස යොදුනක් මණ රැකවල් ලැබූහ. යළිත් එක්දිනක් උයනට යන්නේ දෙවියන් විසින් මවන ලද මනාවූ සිවුරු හැඳ පෙරවූ පැවිදිරුවක් දැක, මේනම් කවරෙක් දැයි රියදුරාගෙන් විචාළේය. බුදුසසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්ද ගැන හෝ පැවිදි ගුණ ගැන නොදනිතත්, රියදුරා දෙවියන්ගේ අනුසසින් “දේවයිනි, මේ පැවිද්දෙකි’යි හඳුන්වා පැවිදිගුණ ද වර්ණනා කළේය. බෝධිසත්ත්වයෝ පැවිද්දට රුචි උපදවා එදවස උයනට ගියහ. දීඝභාණකයෝ පෙරනිමිති හතරම එකම එක දිනයේ දැක මහබිනික්මන් කළ බව කියති.

සො තත්‍ථ දිවසභාගං කීළිත්‍වා මඞ‍්ගලපොක‍්ඛරණියං න‍්හායිත්‍වා අත්‍ථඞ‍්ගතෙ සූරියෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ නිසීදි අත‍්තානං අලඞ‍්කාරාපෙතුකාමො, අථස‍්ස පරිචාරකපුරිසා නානාවණ‍්ණානි දුස‍්සානි නානප‍්පකාරා ආභරණවිකතියො මාලාගන්‍ධවිලෙපනානි ච ආදාය සමන‍්තා පරිවාරෙත්‍වා අට‍්ඨංසු. තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස නිසින‍්නාසනං උණ‍්හං අහොසි. සො “කො නු ඛො මං ඉමම‍්හා ඨානා චාවෙතුකාමොසී”ති උපධාරෙන‍්තො බොධිසත‍්තස‍්ස අලඞ‍්කාරෙතුකාමතං ඤත්‍වා විස‍්සකම‍්මං ආමන‍්තෙසි – “සම‍්ම විස‍්සකම‍්ම, සිද‍්ධත්‍ථකුමාරො අජ‍්ජ අඩ‍්ඪරත‍්තසමයෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිස‍්සති, අයමස‍්ස පච‍්ඡිමො අලඞ‍්කාරො, ත්‍වං උය්‍යානං ගන‍්ත්‍වා මහාපුරිසං දිබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරොහී”ති. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා දෙවානුභාවෙන තඞ‍්ඛණඤ‍්ඤෙව බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා තස‍්සෙව කප‍්පකසදිසො හුත්‍වා දිබ‍්බදුස‍්සෙන බොධිසත‍්තස‍්ස සීසං වෙඨෙසි. බොධිසත‍්තො හත්‍ථසම‍්ඵස‍්සෙනෙව “නාමං මනුස‍්සො, දෙවපුත‍්තො අය”න‍්ති අඤ‍්ඤාසි. වෙඨනෙන වෙඨිතමත‍්තෙ සීසෙ මොළියං මණිරතනාකාරෙන දුස‍්සසහස‍්සං අබ‍්භුග‍්ගඤ‍්ඡි, පුන වෙඨෙන‍්තස‍්ස දුස‍්සසහස‍්සන‍්ති දසක‍්ඛත‍්තුං වෙඨෙන‍්තස‍්ස දස දුස‍්සසහස‍්සානි අබ‍්භුග‍්ගච‍්ඡිංසු. “සීසං ඛුද‍්දකං, දුස‍්සානි බහූනි , කථං අබ‍්භුග‍්ගතානී”ති න චින‍්තෙතබ‍්බං. තෙසු හි සබ‍්බමහන‍්තං ආමලකපුප‍්ඵප‍්පමාණං, අවසෙසානි කදම‍්බකපුප‍්ඵප‍්පමාණානි අහෙසුං. බොධිසත‍්තස‍්ස සීසං කිඤ‍්ජක‍්ඛගවච‍්ඡිතං විය කුය්‍යකපුප‍්ඵං අහොසි.

ඔහු එදින අඩක් සෙල්ලම්කොට මංගල පොකුණින් නා, හිරු අවරට ගියකල්හි, මංගල ගල්තලාවේ හුන්නේය. එහිදී තමන් අලංකාර කරවාගනු කැමැති වූහ. ඉක්බිති ඔහුගේ පිරිවර පුරුෂයෝ නොයෙක් වර්ණ ඇති වස්ත්‍ර නොයෙක් ආකාර ආභරණ ද ගෙන මල්සුවඳ දුම් විලේපන ආදිය රැගෙන හාත්පස පිරිවරා සිටියහ. එකෙණෙහි ශක්‍රයා හුන්නා වූ පඬු ඇඹුල් ආසනය උණුසුම් විය. ඔහු කවරෙක් නම් මෙතනින් චුතවනු කැමැත්තේදැයි සලකන්නේ බෝසතුන් අලංකාරවීමට කැමැති බව දැන විශ්වකර්මයා ඇමතීය. මිත්‍ර විශ්වකර්මය; සිද්ධාර්ථ කුමාරයා අද, මැදියම් රාත්‍රියෙහි මහාභිනිෂ්ක්‍රමණය කරන්නේය. මේ ඔහුගේ අවසාන සැරසීමයි. ඔබ උයනට ගොස් හේ දිව්‍ය ආභරණයෙන් සරසවයි නියම කළේය. ඔහු යහපතැයි පිළිගෙන දේවානුභාවයෙන් එකෙණෙහිම බෝසතුන් වෙත එළඹ, ඔහුගේම ඇඳුම් අන්දවන්නා (පනික්කියා) වශයෙන් සිට, දිවසළුවලින් බෝසතුන්ගේ හිස වෙළුවේය. බෝසත්හු අතේ ස්පර්ශයෙන්ම මේ මිනිසකු නොව, දේවපුත්‍රයෙකු බව දැන ගත්තේය. හිස වෙළූ කෙණෙහිම ඔටුන්නෙහි එබ්බවූ මිණිකැට අයුරින් පිළි දහසක් පැනනැංගේය. මෙසේ හිස වෙළත් වෙළත්, පිළිදහස බැගින් දසවරක් පිළි පැනනැංගේය. මෝලිය මෙන් සකස් කළහ. මෙහිදී හිස කුඩාය. වස්ත්‍ර බොහෝය. කෙසේ මෝලිය මෙන් සකස් කළේදැයි නොසිතිය යුතුය. ඒවා අතරින් සියල්ලටම වඩා මහත් වූ පිළිය පූඩා මලක් පමණ විය. ඉතිරි ඒවා ඉඹුල්මල් ප්‍රමාණයේද වූහ. බෝසතුන්ගේ හිස මල්කෙසරු ගැවසීගත් බක්මී මලක් මෙන් විය.

අථස‍්ස සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතස‍්ස සබ‍්බතාලාවචරෙසු සකානි සකානි පටිභානානි දස‍්සයන‍්තෙසු, බ්‍රාහ‍්මණෙසු “ජයනන්‍දා”තිආදිවචනෙහි, සුතමඞ‍්ගලිකාදීසු ච නානප‍්පකාරෙහි මඞ‍්ගලවචනත්‍ථුතිඝොසෙහි සම‍්භාවෙන‍්තෙසු සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං තං රථවරං අභිරුහි. තස‍්මිං සමයෙ “රාහුලමාතා පුත‍්තං විජාතා”ති සුත්‍වා සුද‍්ධොදනමහාරාජා “පුත‍්තස‍්ස මෙ තුට‍්ඨිං නිවෙදෙථා”ති සාසනං පහිණි. බොධිසත‍්තො තං සුත්‍වා “රාහු ජාතො, බන්‍ධනං ජාත”න‍්ති ආහ. රාජා “කිං මෙ පුත‍්තො අවචා”ති පුච‍්ඡිත්‍වා තං වචනං සුත්‍වා “ඉතො පට‍්ඨාය මෙ නත‍්තා ‘රාහුලකුමාරො’ත්‍වෙව නාම හොතූ”ති ආහ.

සියළු ආභරණයෙන් සැරසී සිටි, බෝසතුන්ට, සියළු වාද්‍ය විෂයයන්හි දක්ෂ වූවන් තමතමන්ගේ දකෂතාවයන් දක්වද්දී, බමුණන් ජයවේවා, සතුටුවේවා ආදී වදන් කියද්දී, වන්දිභට්ටයන් නන් අයුරින් සුභ වචන කියද්දී, සතුන් නාදයෙන් බුහුමන් දක්වද්දී, එතුමෝ සර්වාලංකාරයෙන් යුතුව උතුම් රථයට නැංගාහ. එසමයේ යශෝධරා පුතකු බිහිකළා යයි ඇසූ සුද්ධෝදන රජතුමා, මගේ පුතුට මේ සතුට දැනුම් දෙවයි හස්නක් යැවීය. බෝධිසත්ත්වයෝ එය අසා “රාහුලයෙක් උපනි. බන්‍ධනයක් හටගත්තේය.” යිය කීවේය. රජු:- කිම මගේ පුත්‍රයා කුමක් කීවේද? විචාරා ඒ වචනය අසා, මෙතැන්පටන් මගේ මුණුබුරා රාහුල කුමාර නම් වේවා’යි කීවේය.

බොධිසත‍්තොපි ඛො රථවරං ආරුය‍්හ අතිමහන‍්තෙන යසෙන අතිමනොරමෙන සිරිසොභග‍්ගෙන නගරං පාවිසි. තස‍්මිං සමයෙ කිසාගොතමී නාම ඛත‍්තියකඤ‍්ඤා උපරිපාසාදවරතලගතා නගරං පදක‍්ඛිණං කුරුමානස‍්ස බොධිසත‍්තස‍්ස රූපසිරිං දිස‍්වා පීතිසොමනස‍්සජාතා ඉමං උදානං උදානෙසි –

බෝසත්හුද, උතුම් රථයට නැග මහත් කීර්තියෙන් අතිරමණීය ශ්‍රී සෞභාග්‍යයෙන් යුතුව නගරයට පිවිසියේය. එසමයෙහි කිසාගෝතමී නම් ක්‍ෂත්‍රිය කන්‍යාව ප්‍රාසාදයේ උඩුමහලට නැග නගරය ප්‍රදක්‍ෂිණා කරන්නා වූ බෝසතුන්ගේ රූපශෝභාව දැක ප්‍රීතියෙන් සොම්නසට පත්වී මේ උදානය ප්‍රකාශ කළාය –

“නිබ‍්බුතා නූන සා මාතා, නිබ‍්බුතො නූන සො පිතා; නිබ‍්බුතා නූන සා නාරී, යස‍්සායං ඊදිසො පතී”ති. (ධ· ස· අට‍්ඨ· නිදානකථා); –

මෙවන් පුතෙකු ලද මව සැනසුනා වේ මෙවන් පුතෙකු ලද පිය සැනසුනා වේ මෙවන් පතිඳු ලද කත සැනසුනා වේ මෙවන් අයකුගෙන් ලොව සැනසුනා වේ

බොධිසත‍්තො තං සුත්‍වා චින‍්තෙසි – “අයං එවමාහ – ‘එවරූපං අත‍්තභාවං පස‍්සන‍්තියා මාතු හදයං නිබ‍්බායති, පිතු හදයං නිබ‍්බායති, පජාපතියා හදයං නිබ‍්බායතී’ති. කිස‍්මිං නු ඛො නිබ‍්බුතෙ හදයං නිබ‍්බුතං නාම හොතී”ති. අථස‍්ස කිලෙසෙසු විරත‍්තමනස‍්ස එතදහොසි – “රාගග‍්ගිම‍්හි නිබ‍්බුතෙ නිබ‍්බුතං නාම හොති, දොසග‍්ගිම‍්හි නිබ‍්බුතෙ නිබ‍්බුතං නාම හොති, මොහග‍්ගිම‍්හි නිබ‍්බුතෙ නිබ‍්බුතං නාම හොති, මානදිට‍්ඨිආදීසු සබ‍්බකිලෙසදරථෙසු නිබ‍්බුතෙසු නිබ‍්බුතං නාම හොතී”ති. “අයං මෙ සුස‍්සවනං සාවෙති, අහඤ‍්හි නිබ‍්බානං ගවෙසන‍්තො විචරාමි, අජ‍්ජෙව මයා ඝරාවාසං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිත්‍වා නිබ‍්බානං ගවෙසිතුං වට‍්ටති, අයං ඉමිස‍්සා ආචරියභාගො හොතූ”ති කණ‍්ඨතො ඔමුඤ‍්චිත්‍වා කිසාගොතමියා සතසහස‍්සග‍්ඝනකං මුත‍්තාහාරං පෙසෙසි. සා “සිද‍්ධත්‍ථකුමාරො මයි පටිබද‍්ධචිත‍්තො හුත්‍වා පණ‍්ණාකාරං පෙසෙතී”ති සොමනස‍්සජාතා අහොසි.

ඒ උදාන වාක්‍යය අසා බෝසත් මෙසේ සිතීය. මෙතුමිය මෙසේ කීවාය. මෙබඳු රූසපුවක් ඇති ආත්මභාවයක් දකින්නා වූ මවගේ හදවත නිවීයයි. පිය හදවතද නිවීයයි. ප්‍රජාපතිගේ හදවතද නිවීයයි. එහෙත් කුමක් නිවුනු කල්හි හදවත නිවේද? ඉක්බිති ක්ලේශයන් නොඇලුනු ලබන්නා වූ ඔහුට මෙබඳු අදහසක් පහළවිය. රාග ගින්න නිවුණු කල්හි නිබ්බුත නම් වෙයි. දෝෂ ගින්න නිවුණු කල්හි මෝහ ගින්න නිවුණු කල්හි නිවුණේ නම් වෙයි. දෘෂ්ටිමාන ආදි සියළු කෙලෙස් නිවුණු කල්හි නිවුණේ වෙයි. ඇය මට හොඳ මාහැඟි දහමක් ඇස්සවූවාය. මම නිවන සොයමින් හැසිරෙමි. අද ම මා විසින් ගෘහවාසය හැරදමා නික්ම පැවිදි වී නිවන ගවේෂණය කිරීමට වටියි. මෙය මැයට ගුරුපඬුරු වේවා’යි ග්‍රීවයෙන් මුදා කිශාගෝතමියට ලක්ෂයක් වටිනා මුතුහර යැවීය. ඇය, සිද්ධාර්ථ කුමාරයා මා කෙරෙහි බැඳුණු සිත් ඇතිව පඬුරු එවන ලද්දේයයි සොම්නසට පත්වූවාය.

බොධිසත‍්තොපි මහන‍්තෙන සිරිසොභග‍්ගෙන අත‍්තනො පාසාදං අභිරුහිත්‍වා සිරිසයනෙ නිපජ‍්ජි. තාවදෙව ච නං සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා නච‍්චගීතාදීසු සුසික‍්ඛිතා දෙවකඤ‍්ඤා විය රූපසොභග‍්ගප‍්පත‍්තා නාටකිත්‍ථියො නානාතූරියානි ගහෙත්‍වා සම‍්පරිවාරෙත්‍වා අභිරමාපෙන‍්තියො නච‍්චගීතවාදිතානි පයොජයිංසු. බොධිසත‍්තො කිලෙසෙසු විරත‍්තචිත‍්තතාය නච‍්චාදීසු අනභිරතො මුහුත‍්තං නිද‍්දං ඔක‍්කමි. තාපි ඉත්‍ථියො “යස‍්සත්‍ථාය මයං නච‍්චාදීනි පයොජෙම, සො නිද‍්දං උපගතො, ඉදානි කිමත්‍ථං කිලමිස‍්සාමා”ති ගහිතගහිතානි තූරියානි අජ‍්ඣොත්‍ථරිත්‍වා නිපජ‍්ජිංසු, ගන්‍ධතෙලප‍්පදීපා ඣායන‍්ති. බොධිසත‍්තො පබුජ‍්ඣිත්‍වා සයනපිට‍්ඨෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නො අද‍්දස තා ඉත්‍ථියො තූරියභණ‍්ඩානි අවත්‍ථරිත්‍වා නිද‍්දායන‍්තියො – එකච‍්චා පග‍්ඝරිතඛෙළා, කිලින‍්නගත‍්තා, එකච‍්චා දන‍්තෙ ඛාදන‍්තියො, එකච‍්චා කාකච‍්ඡන‍්තියො, එකච‍්චා විප‍්පලපන‍්තියො, එකච‍්චා විවටමුඛී, එකච‍්චා අපගතවත්‍ථා පාකටබීභච‍්ඡසම‍්බාධට‍්ඨානා. සො තාසං තං විප‍්පකාරං දිස‍්වා භිය්‍යොසොමත‍්තාය කාමෙසු විරත‍්තචිත‍්තො අහොසි. තස‍්ස අලඞ‍්කතපටියත‍්තං සක‍්කභවනසදිසම‍්පි තං මහාතලං විවිධනානාකුණපභරිතං ආමකසුසානං විය උපට‍්ඨාසි, තයො භවා ආදිත‍්තගෙහසදිසා ඛාදිංසු – “උපද‍්දුතං වත, භො, උපස‍්සට‍්ඨං වත, භො”ති උදානං පවත‍්තෙසි, අතිවියස‍්ස පබ‍්බජ‍්ජාය චිත‍්තං නමි.

බෝසත් මහත්වූ ශ්‍රී සෞභාග්‍යයෙන් තමන්ගේ ප්‍රාසාදයට නැග සිරියහනේ හොත්තේය. එකෙණෙහි ඔහුට සියළු ආකාරයෙන් සැරසුණු නෘත්‍ය ගීත ආදියෙන් සංවර වූ දේවකන්‍යාවන් සේ රූපයෙන් හා සෞභාග්‍යයෙන් පිරි නාටක ස්ත්‍රීහු තූර්යභාණ්ඩ රැගෙන සහපිරිවරව සතුටු කරන්නී, නැටුම් ගැයුම් වැයුම් ආදිය ඉදිරිපත් කළහ. බෝසත්තෙම කෙලෙසුන් කෙරෙහි නොඇලුණු සිත් ඇති බැවින් නෘත්‍යාදියෙහි නොසතුටු වූයේ මොහොතින් නින්දට වැටුණේය. ඒ ස්ත්‍රීහුද යමෙකු සඳහා අපි නැටුම් ආදිය ඉදිරිපත් කරමුද? ඔහු නිද්‍රාවට වැටුණේය. දැන් කුමක් පිණිස ක්‍රීඩා කරන්නෙමුද? ගත් ගත් තැන්වලම තූර්යභාණ්ඩ අතහැර දමා හොත්තාහ. සුවඳින් මුසු තෙලින් පහන දැල්වේ. බෝසතුන් පිබිද, යහන මතම පලඟින් සිටින්නේ විප්‍රකාර වූ ඒ ස්ත්‍රීන් දුටුවේය. ඒ ස්ත්‍රීහු තූර්යභාණ්ඩ අතහැර නිදාගත්තාහු. ඇතැමෙක් ගොරවමින්ද ඇතැමෙක් දොඩවමින්ද, ඇතැමෙක් මුව අයාගෙනද, ඇතැමෙක් නිර්වස්ත්‍රව ප්‍රකට කළ පිළිකුල් රහස්තැන් හෙළිකරමින්ද සිටියහ. හෙතෙම ඈලාගේ විකාර රූප දැක භීතියට පත්ව කාමයන්හි නොඇලුණු සිත් ඇතිව සිටියේය. ඔහුගේ, අලංකාර කළ ශක්‍රභවන හා සමාන ඒ මහා සඳළුතලය තැන තැන දමන ලද නොයෙක් කුණපවලින් පිරි අමු සොහොනක් මෙන් පිහිටියේය. කාමරූප අරූප භවත්‍රයම ගිනිගත් ගෙයක් හා සමාන සේ වැටහුණහ. “පින්වතුනි, ඒකාන්තයෙන් උපද්‍රවයකි. පින්වතුනි ඒකාන්තයෙන් පෙළනු ලබන උවදුරකි.” යයි හැඟීම්බර වදන් මුවෙන් පිටවිය. අතිශයින්ම පැවිද්ද සඳහා සිත නැමුණේය.

සො “අජ‍්ජෙව මයා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිතුං වට‍්ටතී”ති සයනා වුට‍්ඨාය ද‍්වාරසමීපං ගන‍්ත්‍වා “කො එත්‍ථා”ති ආහ. උම‍්මාරෙ සීසං කත්‍වා නිපන‍්නො ඡන‍්නො – “අහං, අය්‍යපුත‍්ත, ඡන‍්නො”ති ආහ. “අජ‍්ජාහං මහාභිනික‍්ඛමනං නික‍්ඛමිතුකාමො, එකං මෙ අස‍්සං කප‍්පෙහී”ති ආහ. සො “සාධු, දෙවා”ති අස‍්සභණ‍්ඩකං ගහෙත්‍වා අස‍්සසාලං ගන‍්ත්‍වා ගන්‍ධතෙලප‍්පදීපෙසු ජලන‍්තෙසු සුමනපට‍්ටවිතානස‍්ස හෙට‍්ඨා රමණීයෙ භූමිභාගෙ ඨිතං කණ‍්ඩකං අස‍්සරාජානං දිස‍්වා “අජ‍්ජ මයා ඉමමෙව කප‍්පෙතුං වට‍්ටතී”ති කණ‍්ඩකං කප‍්පෙසි. සො කප‍්පියමානොව අඤ‍්ඤාසි “අයං කප‍්පනා අතිවිය ගාළ‍්හා, අඤ‍්ඤෙසු දිවසෙසු උය්‍යානකීළාදිගමනකාලෙ කප‍්පනා විය න හොති , මය‍්හං අය්‍යපුත‍්තො අජ‍්ජ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිතුකාමො භවිස‍්සතී”ති. තතො තුට‍්ඨමානසො මහාහසිතං හසි, සො සද‍්දො සකලනගරං පත්‍ථරිත්‍වා ගච‍්ඡෙය්‍ය. දෙවතා පන නං සන‍්නිරුම‍්භිත්‍වා න කස‍්සචි සොතුං අදංසු.

හෙතෙම අදම මා විසින් මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මීමට වටීයයි, යහනෙන් නැගිට දොරටුව සමීපයට ගොස් මෙහි කවරෙක්ද? යනුවෙන් පැවැසීය. එළිපත්ත පිට හිස තබා හොත්තා වූ ඡන්න ආර්ය පුත්‍රය මම ඡන්න යයි කීවේය. අද මම මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්ම යාමට කැමැත්තේ, මට එක අශ්වයකු පිළියලෙ කරවයි, කීවේය. දේවයන් වහන්ස; යහපතැයි ඔහු අශ්ව භාණ්ඩ ගෙන අශ්වහලට ගොස් සුවඳ තෙල් පහන් දැල්වෙද්දී දෑසමන් වියන යට සිත්කලු භූමිභාගයක සිටි කන්ථක අශ්වරාජයා දැක, මා විසින් මොහුව පිළියෙල කිරීම වටී යයි කන්ථක සැරසීය. හෙතම සරසන්නේම දැනගත්තේය. මේ සැරසීම අතිශය දැඩිය. අනෙකුත් දවස්වල උයන් ක්‍රීඩාවට යනකල්හි සැරසීම මෙන් නොවෙයි. මගේ ආර්ය පුත්‍රයා අද මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මීමට කැමැති වන්නේය. ඉක්බිති සතුටු සිතැතිව මහහඬින් සිනහ විය. ඒ ශබ්දය මුළු නගරය පුරා පැතිරී යන්නේය. දේවතාවෝ ඔහුට බාධාකොට කිසිවකු ඇසීමට බාධා කළහ.

බොධිසත‍්තොපි ඛො ඡන‍්නං පෙසෙත්‍වාව “පුත‍්තං තාව පස‍්සිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නිසින‍්නපල‍්ලඞ‍්කතො උට‍්ඨාය රාහුලමාතුයා වසනට‍්ඨානං ගන‍්ත්‍වා ගබ‍්භද‍්වාරං විවරි. තස‍්මිං ඛණෙ අන‍්තොගබ‍්භෙ ගන්‍ධතෙලප‍්පදීපො ඣායති, රාහුලමාතා සුමනමල‍්ලිකාදීනං පුප‍්ඵානං අම‍්බණමත‍්තෙන අභිප‍්පකිණ‍්ණෙ සයනෙ පුත‍්තස‍්ස මත්‍ථකෙ හත්‍ථං ඨපෙත්‍වා නිද‍්දායති. බොධිසත‍්තො උම‍්මාරෙ පාදං ඨපෙත්‍වා ඨිතකොව ඔලොකෙත්‍වා “සචාහං දෙවියා හත්‍ථං අපනෙත්‍වා මම පුත‍්තං ගණ‍්හිස‍්සාමි, දෙවී පබුජ‍්ඣිස‍්සති, එවං මෙ ගමනන‍්තරායො භවිස‍්සති, බුද‍්ධො හුත්‍වාව ආගන‍්ත්‍වා පුත‍්තං පස‍්සිස‍්සාමී”ති පාසාදතලතො ඔතරි. යං පන ජාතකට‍්ඨකථායං “තදා සත‍්තාහජාතො රාහුලකුමාරො හොතී”ති වුත‍්තං, තං සෙසට‍්ඨකථාසු නත්‍ථි, තස‍්මා ඉදමෙව ගහෙතබ‍්බං.

බෝසතුන්ද ඡන්න යවා පළමුවරට තම පුතා බලන්නෙමියි සිතා රාහුල මාතාව වසන්නා වූ ශ්‍රීයහන් ගැබට ගොස් දොර විවර කොට සිටියේය. එකෙණෙහි ඇතුළත ගර්භයෙහි සුවඳතෙල් පහන දැල්වෙයි. රාහුල මාතාව දෑසමන්මල් අමුණක් පමන අතුරන ලද යහනේ පුතුගේ හිසට අත තබා නිදාසිටියි. බෝසත්හු උළුවස්සට පය තබා සිටියේම, බලා, ඉදින් මම දේවියගේ අත ඉවත්කොට මගේ පුත්‍රයා ගත්තේනම්, දේවිය අවදි වන්නීය. එසේ වූ විට මගේ ගමනට අනතුරක් වන්නේය. බුදුවී පැමිණිම පුත්‍රයා බලන්නෙමියි ප්‍රාසාද තලයෙන් බැස්සේය. යම් ජාතකට්ඨ කථාවේ “රාහුල කුමරුන් ඉපදී සත්දිනකින්” මහාභිනිෂ්ක්‍රමණය කළේයයි සඳහන් වේ යනුවෙන් කියන ලදි. එය සෙසු අට්ඨකථාවල සඳහන් නොවේ. එහෙයින් මෙයම ගතයුතුය යනුවෙනි.

එවං බොධිසත‍්තො පාසාදතලා ඔතරිත්‍වා අස‍්සසමීපං ගන‍්ත්‍වා එවමාහ – “තාත කණ‍්ඩක, ත්‍වං අජ‍්ජ එකරත‍්තිං මං තාරය, අහං තං නිස‍්සාය බුද‍්ධො හුත්‍වා සදෙවකං ලොකං තාරයිස‍්සාමී”ති. තතො උල‍්ලඞ‍්ඝිත්‍වා කණ‍්ඩකස‍්ස පිට‍්ඨිං අභිරුහි. කණ‍්ඩකො ගීවතො පට‍්ඨාය ආයාමෙන අට‍්ඨාරසහත්‍ථො හොති, තදනුච‍්ඡවිකෙන උබ‍්බෙධෙන සමන‍්නාගතො ථාමජවසම‍්පන‍්නො සබ‍්බසෙතො ධොතසඞ‍්ඛසදිසො. සො සචෙ හසෙය්‍ය වා පදසද‍්දං වා කරෙය්‍ය, සද‍්දො සකලනගරං අවත්‍ථරෙය්‍ය, තස‍්මා දෙවතා අත‍්තනො ආනුභාවෙන තස‍්ස යථා න කොචි සුණාති, එවං හසිතසද‍්දං සන‍්නිරුම‍්භිත්‍වා අක‍්කමනඅක‍්කමනපදවාරෙ හත්‍ථතලානි උපනාමෙසුං. බොධිසත‍්තො අස‍්සවරස‍්ස පිට‍්ඨිවෙමජ‍්ඣගතො ඡන‍්නං අස‍්සස‍්ස වාලධිං ගාහාපෙත්‍වා අඩ‍්ඪරත‍්තසමයෙ මහාද‍්වාරසමීපං පත‍්තො. තදා පන රාජා “එවං මම පුත‍්තො යාය කායචි වෙලාය නගරද‍්වාරං විවරිත්‍වා නික‍්ඛමිතුං න සක‍්ඛිස‍්සතී”ති ද‍්වීසු ද‍්වාරකවාටෙසු එකෙකං පුරිසසහස‍්සෙන විවරිතබ‍්බං කාරෙසි. බොධිසත‍්තො පන ථාමබලසම‍්පන‍්නො හත්‍ථිගණනාය කොටිසහස‍්සහත්‍ථීනං බලං ධාරෙසි, පුරිසගණනාය දසකොටිසහස‍්සපුරිසානං බලං ධාරෙසි. සො චින‍්තෙසි – “සචෙ ද‍්වාරං න විවරිය්‍යති, අජ‍්ජ කණ‍්ඩකස‍්ස පිට‍්ඨෙ නිසින‍්නොව වාලධිං ගහෙත්‍වා ඨිතෙන ඡන‍්නෙන සද‍්ධිංයෙව කණ‍්ඩකං ඌරුහි නිප‍්පීළෙත්‍වා අට‍්ඨාරසහත්‍ථුබ‍්බෙධං පාකාරං උප‍්පතිත්‍වා අතික‍්කමිස‍්සාමී”ති. ඡන‍්නොපි චින‍්තෙසි – “සචෙ ද‍්වාරං න විවරිය්‍යති, අහං අත‍්තනො සාමිකං අය්‍යපුත‍්තං ඛන්‍ධෙ නිසීදාපෙත්‍වා කණ‍්ඩකං දක‍්ඛිණෙන හත්‍ථෙන කුච‍්ඡියං පරික‍්ඛිපන‍්තො උපකච‍්ඡන‍්තරෙ කත්‍වා පාකාරං උප‍්පතිත්‍වා අතික‍්කමිස‍්සාමී”ති. කණ‍්ඩකොපි චින‍්තෙසි – “සචෙ ද‍්වාරං න විවරිය්‍යති, අහං අත‍්තනො සාමිකං පිට‍්ඨෙ යථානිසින‍්නමෙව ඡන‍්නෙන වාලධිං ගහෙත්‍වා ඨිතෙන සද‍්ධිංයෙව උක‍්ඛිපිත්‍වා පාකාරං උප‍්පතිත්‍වා අතික‍්කමිස‍්සාමී”ති. සචෙ ද‍්වාරං න විවරෙය්‍ය, යථාචින‍්තිතමෙව තෙසු තීසු ජනෙසු අඤ‍්ඤතරො සම‍්පාදෙය්‍ය. ද‍්වාරෙ පන අධිවත්‍ථා දෙවතා ද‍්වාරං විවරි.

මෙසේ බෝසත් ප්‍රාසාද උඩුමහලින් බැස, අශ්වයා සමීපයට ගොස් මෙසේ කීවේය. “දරුව; කන්ථකය, නුඹ අද රාත්‍රියෙහි මා එතර කරව. මම ඔබ නිසා බුදුවී, සදේවක ලෝකයා එතර කරන්නෙමි.” ඉක්බිති බෝසත්තුමා කන්ථකගේ පිටට නැංගේය. කන්ථක බෙල්ලේ පටන් දිගින් රියන් දහඅටක් වෙයි. සුදුසුවූ උසින් යුක්ත වූද, පරාක්‍රමයෙන් හා ශක්ති සම්පන්න වූ සෝදන ලද සුදු හක්ගෙඩියක් බඳු සම්පූර්ණ සුදුපාට වේ. ඉදින් හෙතම සිනහසෙන්නේ හෝ පා ශබ්ද කරන්නේ හෝ එම ශබ්දය මුළු නගරය සිසාරා යන්නේය. එහෙයින් දේවතාවෝ තමන්ගේ ආනුභාවයෙන් එම හඬ කිසිවකු නොඇසෙන සේ වැළැක්වූහ. මෙසේ සිනහ ශබ්දයට බාධාකොට තබන තබන පියවරක් පාසා අත් තල, තැබූහ. බෝධිසත්ත්වයෝ අශ්වයාගේ පිට මැදට ගියේ, ඡන්න අශ්වයාගේ වලිගය අල්ලාගෙන මැදියම් රාත්‍රියෙහි මහදොරටුව සමීපයට පැමිණියේය. එකල රජතුමා, මෙසේ මගේ පුත්‍රයා යම්කිසි වේලාවක නුවර දොරටුව විවරකොට නික්මීමට නොහැකිවන්නේයි දොරපුවරු දෙකේම මිනිසුන් දහස බැගින් යොදවා ආරක්ෂා කරවීය. බෝධිසත්ත්වයෝ බලසම්පන්නය. ඇතුන් ගණනින් කෝටිදහස් ගණනක ඇතුන්ගේද, පුරුෂ ගණනින්, දසකෝටි ගණනක් පුරුෂයන්ගේ බලයද දරයි. ඔහු සිතුවේය. ඉදින් දොරටුව විවෘත නොකරයිද, අද කන්ථකගේ කලවාවලින් පෙළා රියන් අටළොසක් උස ප්‍රාකාරයට පැනනැග ඉක්මවා යන්නෙමි. ඡන්නද සිතීය. ඉදින් දොරටුව විවෘත නොකරයිද, මම ආර්ය පුත්‍රයා උරේ හිඳුවාගෙන කන්ථක දකුණු අතින් කිහිල්ල අතර රඳවාගෙන ප්‍රාකාරයට උඩින් පැන ඉක්මවා යන්නෙමි. කන්ථකද මෙසේ සිතුවේය. ඉදින් දොරටුව විවෘත නොකරයිද, මම තමන්ගේ ස්වාමියා පිටඋඩ හිඳුවාගෙනම ඡන්නව වාලධියෙන් ගෙන සිටියේම ඔවුන් සමගම ප්‍රාකාරයට උඩින් පැන ඉක්ම යන්නෙමි. ඉදින් දොරටුව විවර නොවන්නේ නම්, ඔවුන් තිදෙනා අතර එකක සිතන පරිද්දෙන් කටයුතු සම්පාදනය කරන්නේය. දොරටුවෙහි අධිගෘහිත දේවතාවා දොරටුව විවෘත කළහ.

තස‍්මිංයෙව ඛණෙ මාරො පාපිමා “බොධිසත‍්තං නිවත‍්තෙස‍්සාමී”ති ආගන‍්ත්‍වා ආකාසෙ ඨිතො ආහ – “මාරිස, මා නික‍්ඛමි, ඉතො තෙ සත‍්තමෙ දිවසෙ චක‍්කරතනං පාතුභවිස‍්සති, ද‍්විසහස‍්සපරිත‍්තදීපපරිවාරානං චතුන‍්නං මහාදීපානං රජ‍්ජං කාරෙස‍්සසි, නිවත‍්ත, මාරිසා”ති. “කොසි ත්‍ව”න‍්ති? “අහං වසවත‍්තී”ති. “මාර, ජානාමහං මය‍්හං චක‍්කරතනස‍්ස පාතුභාවං, අනත්‍ථිකොහං රජ‍්ජෙන, දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙත්‍වා බුද‍්ධො භවිස‍්සාමී”ති ආහ. මාරො “ඉතො දානි තෙ පට‍්ඨාය කාමවිතක‍්කං වා බ්‍යාපාදවිතක‍්කං වා විහිංසාවිතක‍්කං වා චින‍්තිතකාලෙ ජානිස‍්සාමී”ති ඔතාරාපෙක‍්ඛො ඡායා විය අනුගච‍්ඡන‍්තො අනුබන්‍ධි.

එකෙණෙහි පවිටු මාරයා බෝසත්හු නවත්වා ගන්නෙමියි අවුත් අහසේ සිට මෙසේ කීවේය. “නිදුකාණනි; නික්ම නොයන්න. මෙතැන් සිට සත්වෙනි දිනයේ ඔබට චක්‍රරත්නය පහළ වන්නේය.” යනුවෙනි. දෙදහසක් පරිවාර දිවයින් සහිතව සතරමහා ද්වීපයේ රජ කරන්නෙහිද, නිදුකාණනි; නවතින්න යයි කීවේය. නුඹ කවරෙක්ද? මම වසවර්ති මාරයා වෙමි. මට චක්‍රවර්ති රත්නය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් අර්ථයක් නැත. දසදහසක් ලෝකධාතුව නාදකරවා බුදුවන්නෙමි’යි කීවේය. මාරයා දැන් මෙතැන් සිට කාම විතර්ක හෝ ව්‍යාපාද විතර්ක හෝ විහිංසා විතර්කය හෝ සිතුයේ නම් කළයුතු දේ දැනගන්නෙමියි සිදුරු සොයමින් සෙවනැල්ල මෙන් පසුපස යමින් ලුහුබැන්දේය.

බොධිසත‍්තොපි හත්‍ථගතං චක‍්කවත‍්තිරජ‍්ජං ඛෙළපිණ‍්ඩං විය අනපෙක‍්ඛො ඡඩ‍්ඩෙත්‍වා මහන‍්තෙන සක‍්කාරෙන නගරා නික‍්ඛමි. ආසාළ‍්හිපුණ‍්ණමාය උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙ වත‍්තමානෙ, නික‍්ඛමිත්‍වා ච පුන නගරං අපලොකෙතුකාමො ජාතො. එවඤ‍්ච පනස‍්ස චිත‍්තෙ උප‍්පන‍්නමත‍්තෙයෙව – “මහාපුරිස, න තයා නිවත‍්තෙත්‍වා ඔලොකනකම‍්මං කත”න‍්ති වදමානා විය මහාපථවී කුලාලචක‍්කං විය ඡිජ‍්ජිත්‍වා පරිවත‍්ති. බොධිසත‍්තො නගරාභිමුඛො ඨත්‍වා නගරං ඔලොකෙත්‍වා තස‍්මිං පථවිප‍්පදෙසෙ කණ‍්ඩකනිවත‍්තනචෙතියට‍්ඨානං දස‍්සෙත්‍වා ගන‍්තබ‍්බමග‍්ගාභිමුඛං කණ‍්ඩකං කත්‍වා පායාසි මහන‍්තෙන සක‍්කාරෙන උළාරෙන සිරිසොභග‍්ගෙන. තදා කිරස‍්ස දෙවතා පුරතො සට‍්ඨි උක‍්කාසහස‍්සානි ධාරයිංසු, පච‍්ඡතො සට‍්ඨි , දක‍්ඛිණපස‍්සතො සට‍්ඨි, වාමපස‍්සතො සට‍්ඨීති. අපරා දෙවතා චක‍්කවාළමුඛවට‍්ටියං අපරිමාණා උක‍්කා ධාරයිංසු. අපරා දෙවතා ච නාගසුපණ‍්ණාදයො ච දිබ‍්බෙහි ගන්‍ධෙහි මාලාහි චුණ‍්ණෙහි ධූපෙහි පූජයමානා ගච‍්ඡන‍්ති, පාරිච‍්ඡත‍්තකපුප‍්ඵෙහි චෙව මන්‍දාරවපුප‍්ඵෙහි ච ඝනමෙඝවුට‍්ඨිකාලෙ ධාරාහි විය නභං නිරන‍්තරං අහොසි, දිබ‍්බානි සංගීතානි පවත‍්තිංසු , සමන‍්තතො අට‍්ඨ තූරියානි, සට‍්ඨි තූරියානීති අට‍්ඨසට‍්ඨි තූරියසතසහස‍්සානි පවත‍්තයිංසු. තෙසං සද‍්දො සමුද‍්දකුච‍්ඡියං මෙඝධනිතකාලො විය, යුගන්‍ධරකුච‍්ඡියං සාගරනිග‍්ඝොසකාලො විය ච වත‍්තති.

බෝසතුන් වනාහි අතට පත් චක්‍රවර්ති රාජ්‍යය කෙළපිඬක් මෙන් අපේක්‍ෂා රහිතව හැරදමා මහත් සත්කාරයෙන් යුතුව නගරයෙන් නික්ම ගියේය. ඇසළ පුන් මාසයේ උතුරුසල් නැකැතින් පවත්නා කල්හි නික්මගොස් නැවත උන්නුවර නැවත හැරී බැලීමට සිත්විය. මෙසේ සිතක් උපන් ඇසිල්ලේම මහාපුරුෂය, ඔබ විසින් පෙරුම් පුරන ලද්දේ නැවත ආපසු හැරී බැලීමට නොවේයයි කියන්නාක් මෙන් මහපොළොව කුඹල් රෝදයක් මෙන් කරකැවී සිටියේය. බෝසත්හු නගරාභිමුඛව සිට නගරය බලා ඒ ප්‍රදේශයේ කන්ථක නතරවූ චෛත්‍ය ස්ථානය වශයෙන් දක්වා ගතයුතු මාර්ගයට අභිමුඛව කන්ථක තබා, සිරි සෞභාග්‍යයෙන් උදාර වූ මහත් සත්කාර සම්මානයෙන් යුතුව පිටත්විය. එකල දේවතාවෝ පෙරටුව සැටදහසක් ගිනිපන්දම් දැරූහ. පසුපසින් දකුණුපසින් වම්පසින් සැටදහස බැගින් ආලෝකවැටි දැරූහ. සමහර දේවතාවෝ සක්වළ මුව සිට අප්‍රමාණ ගිනිපන්දම් දැරූහ. සෙසු දෙවිවරුද නාග ගුරුලෝද දිව්‍ය සුවඳ මල් මාලාවලින්ද, සුවඳකුඩු ආදියෙන්ද පුදනු ලබන්නෝම යති. පරසතු මල්වලින්ද මදාරම් මල්වලින්ද, ඝන වැසි වලාකුළු දරන්නාක් මෙන් අහස නිරතුරුව විය. දිව්‍ය සංගීත ආදියද පවත්වති. හාත්පස අෂ්ට තූර්යයෙන්ද, සැටක් තූර්ය නාදයෙන්ද, සැටඅටක් තූර්යදැයි සියදහස් වාරයක් තූර්යනාදය පැවැත්වූහ. ඔවුන්ගේ ශබ්දය මුහුදු කුසෙහි මේඝවලාකුළු වැටෙන කාලය මෙන්ද, යුගන්ධර පර්වත කුසෙහි සාගරය ගිගුම් දෙන කාලය මෙන්ද පවතියි.

ඉමිනා සිරිසොභග‍්ගෙන ගච‍්ඡන‍්තො බොධිසත‍්තො එකරත‍්තෙනෙව තීණි රජ‍්ජානි අතික‍්කම‍්ම තිංසයොජනමත්‍ථකෙ අනොමානදීතීරං පාපුණි. කිං පන අස‍්සො තතො පරං ගන‍්තුං න සක‍්කොතීති? නො න සක‍්කොති. සො හි එකං චක‍්කවාළගබ‍්භං නාභියා ඨිතචක‍්කස‍්ස නෙමිවට‍්ටිං මද‍්දන‍්තො විය අන‍්තන‍්තෙන චරිත්‍වා පුරෙපාතරාසමෙව ආගන‍්ත්‍වා අත‍්තනො සම‍්පාදිතං භත‍්තං භුඤ‍්ජිතුං සමත්‍ථො. තදා පන දෙවනාගසුපණ‍්ණාදීහි ආකාසෙ ඨත්‍වා ඔස‍්සට‍්ඨෙහි ගන්‍ධමාලාදීහි යාව ඌරුප‍්පදෙසා සඤ‍්ඡන‍්නසරීරං ආකඩ‍්ඪිත්‍වා ගන්‍ධමාලාජටං ඡින්‍දන‍්තස‍්ස අතිපපඤ‍්චො අහොසි, තස‍්මා තිංසයොජනමත‍්තමෙව අගමාසි. අථ බොධිසත‍්තො නදීතීරෙ ඨත්‍වා ඡන‍්නං පුච‍්ඡි – “කා නාම අයං නදී”ති? “අනොමා නාම, දෙවා”ති. “අම‍්හාකම‍්පි පබ‍්බජ‍්ජා අනොමා භවිස‍්සතී”ති පණ‍්හියා ඝට‍්ටෙන‍්තො අස‍්සස‍්ස සඤ‍්ඤං අදාසි. අස‍්සො ච උප‍්පතිත්‍වා අට‍්ඨුසභවිත්‍ථාරාය නදියා පාරිමතීරෙ අට‍්ඨාසි.

මෙසේ ශ්‍රී සෞභාග්‍යයෙන් යන්නා වූ බෝසත් තෙමේ එක රැයකින් රාජ්‍යය තුනක් ඉක්මවා, තිස්යොදුනක් මත්තෙහි අනෝමා නම් නදී තීරයට පැමිණියේය. කිමෙක්ද, එවිට අශ්වයා ඉන් ඔබ්බට යාමට නොහැකි වෙයිද? නොහැකි වේමය. ඔහු වනාහි එක් සක්වල වටයක් මැද, අක්ෂයෙන් තබන ලද රිය සකක නිම්වළල්ල වටව යන්නාක් මෙන්ද කෙළවරටම ගොස් තමන් සඳහා වූ භෝජනය බුදීමට සමත්ය. එකල, දේව නාග ගරුඬාදීන් විසින් අහසේ සිට ඔසවන ලද සුවඳමාලා ආදියෙන් කලවා ප්‍රදේශ දක්වා ගිලුණු සිරුර ඔසවා සුවඳමල් ජටා සිඳීමට ඉතා ප්‍රමාද විය. එහෙයින් තිස් යොදුන් දුර පමණම ගියේය. ඉක්බිති බෝසත් ගංතෙර සිට ඡන්න ඇමතීය. මේ නදිය නම් කුමක්ද? දේවයන් වහන්ස; අනෝමා නම් වේ. අපගේ පැවිද්ද ද ළාමක නොවූවක් (අනෝමා) වන්නේ යයි, පාදයෙන් ගටමින් අශ්වයාට සංඥාවක් දුන්නේය. අශ්වයාද උඩපැන අට ඉස්බක් පුළුල් වූ නදිය තරණයකර එතෙරට ගියේය.

බොධිසත‍්තො අස‍්සපිට‍්ඨිතො ඔරුය‍්හ රජතපට‍්ටසදිසෙ වාළුකාපුලිනෙ ඨත්‍වා ඡන‍්නං ආමන‍්තෙසි – “සම‍්ම ඡන‍්න, ත්‍වං මය‍්හං ආභරණානි චෙව කණ‍්ඩකඤ‍්ච ආදාය ගච‍්ඡ, අහං පබ‍්බජිස‍්සාමී”ති. “අහම‍්පි, දෙව, පබ‍්බජිස‍්සාමී”ති. බොධිසත‍්තො “න ලබ‍්භා තයා පබ‍්බජිතුං, ගච‍්ඡෙව ත්‍ව”න‍්ති තික‍්ඛත‍්තුං පටිබාහිත්‍වා ආභරණානි චෙව කණ‍්ඩකඤ‍්ච පටිච‍්ඡාපෙත්‍වා චින‍්තෙසි – “ඉමෙ මය‍්හං කෙසා සමණසාරුප‍්පා න හොන‍්ති, අඤ‍්ඤො බොධිසත‍්තස‍්ස කෙසෙ ඡින්‍දිතුං යුත‍්තරූපො නත්‍ථී”ති. තතො “සයමෙව ඛග‍්ගෙන ඡින්‍දිස‍්සාමී”ති දක‍්ඛිණෙන හත්‍ථෙන අසිං ගහෙත්‍වා වාමහත්‍ථෙන මොළියා සද‍්ධිං චූළං ගහෙත්‍වා ඡින්‍දි. කෙසා ද‍්වඞ‍්ගුලමත‍්තා හුත්‍වා දක‍්ඛිණතො ආවට‍්ටමානා සීසං අල‍්ලීයිංසු. තෙසං යාවජීවං තදෙව පමාණං අහොසි, මස‍්සු ච තදනුරූපං, පුන කෙසමස‍්සුඔහාරණකිච‍්චං නාම නාහොසි. බොධිසත‍්තො සහ මොළියා චූළං ගහෙත්‍වා “සචාහං සම‍්බුද‍්ධො භවිස‍්සාමි, ආකාසෙ තිට‍්ඨතු. නො චෙ, භූමියං පතතූ”ති අන‍්තලික‍්ඛෙ ඛිපි. සා චූළා යොජනප‍්පමාණං ඨානං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අට‍්ඨාසි. සක‍්කො දෙවරාජා දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙත්‍වා යොජනියරතනචඞ‍්කොටකෙන සම‍්පටිච‍්ඡිත්‍වා තාවතිංසභවනෙ චූළාමණිචෙතියං නාම පතිට‍්ඨාපෙසි.

බෝසත් අශ්වයාගේ පිටෙන් බැස රිදී පටියක් හා සමාන වැලිතලාවේ සිට ඡන්න ඇමතීය. මිත්‍ර ඡන්නය, ඔබ මගේ ආභරණද, කන්ථකද රැගෙන යන්න. මම පැවිදි වන්නෙමි. මමද දේවයනි; පැවිදිවන්නෙමියි කීය. බෝසත්, ඔබට පැවිදි වීමට නොලැබේ. නුඹ යා යුතුමය. යයි තුන්වරක් දැඩිව කියා, ආභරණද අශ්වයාද සූදානම් කොට යවා සිතුවේය. මේ මගේ කෙස් ශ්‍රමණ සාරුප්‍ය නොවේ. බෝසතුන්ගේ කෙස් සිඳීමට සුදුසු පුද්ගලයකු නැති හෙයින් ඔහු තෙමේම කඩුවෙන් කපන්නෙමියි, දකුණු අතින් කඩුව ගෙන, වම් අතින් කෙස්වැටිය මිටකට ගෙන කපා දැමීය. කෙස් අඟල් දෙකක් පමණ වී දකුණට කරකැවී හිසට ඇලී තුබුණි. ඔවුන්ගේ දිවි ඇතිතෙක් එම ප්‍රමාණයම විය. සුවඳ ඒ ආකාර වූයේ නැවත කෙස්රවුල් කපාදැමීමේ කටයුත්තද නොවීය. බෝසත් තෙම කෙස්කලඹ ගෙන ඉදින් මම බුදුවන්නෙම්ද? එසේනම් අහසේ සිටීවා. නැතිනම් බිම පතිත වේවා’යි අහසට විසි කළේය. ශක්‍ර දිව්‍යරාජයා දිවඇසින් බලා යොදුනක් දුරදී රන් කරඬුවකින් පිළිගෙන තව්තිසා භවනයේ කඩා මණිචේතිය සිළුමිණිසෑය නමින් පිහිටුවීය. (සිළුමිණ) උතුම් සුවඳින් සුවඳවත් කරන ලද, මෝලිය සහිත වූ කෙස්වැටිය සියතින්ම සිඳ අහසට විසිකළේය. දහසක් දිවැස් ඇති සක්දෙවි රජ රන් කරඬුවකින් එය පිළිගෙන සිළුමිණසෑය කරවන ලද්දේය.

“ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං, වෙහායසං උක‍්ඛිපි සක්‍යපුඞ‍්ගවො; සහස‍්සනෙත‍්තො සිරසා පටිග‍්ගහි, රතනචඞ‍්කොටවරෙන වාසවො”ති. (ම· නි· අට‍්ඨ· 1.222);

විසි නව වසක් සුරැකී මල් සුවඳ දිදී - සිදුහත් කෙස් කළඹ සිය කඩුපතින් සිඳී බුදු බව පතා අහසට විසිකරන ලදී - ඉඳුවර එයින් සිළුමිණි සෑ තනන ලදී

පුන බොධිසත‍්තො චින‍්තෙසි – “ඉමානි කාසිකවත්‍ථානි මය‍්හං න සමණසාරුප‍්පානී”ති. අථස‍්ස කස‍්සපබුද‍්ධකාලෙ පුරාණසහායකො ඝටිකාරමහාබ්‍රහ‍්මා එකං බුද‍්ධන‍්තරං ජරං අප‍්පත‍්තෙන මිත‍්තභාවෙන චින‍්තෙසි – “අජ‍්ජ මෙ සහායකො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො, සමණපරික‍්ඛාරමස‍්ස ගහෙත්‍වා ගච‍්ඡිස‍්සාමී”ති.

බෝධිසත්ත්වයෝ නැවත සිතූහ. මේ කසීසළු මගේ ශ්‍රමණ සාරුප්‍යයට නුසුදුසුය. ඉක්බිති ඔහුට කාශ්‍යප බුද්ධකාලයේ පුරාණ සහායක වූ ඝටීකාර මහා බ්‍රහ්මයා එක් බුද්ධාන්තරයක් ගතවුවද පැරණි මිත්‍ර භාවය නිසා අද මගේ සහායකයා මහාභිනිෂ්ක්‍රමණයට නික්මෙන්නේ ඔහුට ශ්‍රමණ පරිෂ්කාර ගෙන යන්නෙමියි සිතා

“තිචීවරඤ‍්ච පත‍්තො ච, වාසී සූචි ච බන්‍ධනං; පරිස‍්සාවනෙන අට‍්ඨෙතෙ, යුත‍්තයොගස‍්ස භික‍්ඛූනො”ති. –

“තුන්සිවුරද, පාත්‍රයද, පෙරහනද, ඉඳිකටුවද, කඩකැත්තද සහ බඳපටියද, භික්‍ෂුවට යෝග්‍ය වූ පිරිකර වශයෙන් තිබෙන අංග අට වේ.”

ඉමෙ අට‍්ඨ පරික‍්ඛාරෙ ආහරිත්‍වා අදාසි. බොධිසතො අරහද‍්ධජං නිවාසෙත්‍වා උත‍්තමපබ‍්බජිතවෙසං ගණ‍්හිත්‍වා “ඡන‍්න, ත්‍වං මම වචනෙන මාතාපිතූනං ආරොග්‍යං වදෙහී”ති වත්‍වා උය්‍යොජෙසි. ඡන‍්නො බොධිසත‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. කණ‍්ඩකො පන ඡන‍්නෙන සද‍්ධිං මන‍්තයමානස‍්ස බොධිසත‍්තස‍්ස වචනං සුණන‍්තොව “නත්‍ථි දානි මය‍්හං පුන සාමිනො දස‍්සන”න‍්ති චින‍්තෙත්‍වා චක‍්ඛුපථං විජහන‍්තො සොකං අධිවාසෙතුං අසක‍්කොන‍්තො හදයෙන ඵලිතෙන කාලං කත්‍වා තාවතිංසභවනෙ කණ‍්ඩකො නාම දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. ඡන‍්නස‍්ස පඨමං එකොව සොකො අහොසි, කණ‍්ඩකස‍්ස පන කාලකිරියාය දුතියෙන සොකෙන පීළිතො රොදන‍්තො පරිදෙවන‍්තො නගරං අගමාසි.

මේ ශ්‍රමණ අටපිරිකර බෝසතුන්ට ගෙන දුන්නේය. බෝධිසත්ත්වයෝ අරහත් ධජය පොරවාගෙන උතුම් පැවිදි විලාශය ගෙන ඡන්න; ඔබ මගේ වචනයෙන් මාපියන්ට මම නිරෝගී වෙමියි කියන්නැයි පවසා පිටත් කළේය. ඡන්න බෝසතුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට පිටත්ව ගියේය. කන්ථක ඡන්න සමග කථාකරන්නා වූ බෝසතුන්ගේ වචන අසා දැන් මට නැවත හිමියාගේ දර්ශනයක් නැතැයි සිතා, ඇස් මානයෙන් නොපෙනී යන්නේම ශෝකය ඉවසා ගත නොහැකිව, හදවත පැලීමෙන් කළුරිය කොට, තව්තිසා භවනයේ කන්ථක නම් දේවපුත්‍රයාට ඉපදුණේය. ඡන්නට ළමුව එක ශෝකයක් විය. කන්ථකගේ කළුරිය කිරීමෙන් දෙවෙනි ශෝකයෙන්ද පෙලුණේ හඬමින් වැළපෙමින් නගරයට ගියේය.

බොධිසත‍්තො පබ‍්බජිත්‍වා තස‍්මිංයෙව පදෙසෙ අනුපියං නාම අම‍්බවනං අත්‍ථි, තත්‍ථ සත‍්තාහං පබ‍්බජ‍්ජාසුඛෙන වීතිනාමෙත්‍වා එකදිවසෙනෙව තිංසයොජනමග‍්ගං පදසා ගන‍්ත්‍වා රාජගහං පාවිසි. පවිසිත්‍වා ච සපදානං පිණ‍්ඩාය චරි. සකලනගරං බොධිසත‍්තස‍්ස රූපදස‍්සනෙනෙව ධනපාලකෙ පවිට‍්ඨෙ රාජගහං විය ච, අසුරින්‍දෙ පවිට‍්ඨෙ දෙවනගරං විය ච සඞ‍්ඛොභං අගමාසි. රාජපුරිසා ගන‍්ත්‍වා “දෙව, එවරූපො නාම සත‍්තො නගරෙ පිණ‍්ඩාය චරති, ‘දෙවො වා මනුස‍්සො වා නාගො වා සුපණ‍්ණො වා අසුකො නාම එසො’ති න ජානාමා”ති ආරොචෙසුං. රාජා පාසාදතලෙ ඨත්‍වා මහාපුරිසං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තො පුරිසෙ ආණාපෙසි – “ගච‍්ඡථ, භණෙ , වීමංසථ, සචෙ අමනුස‍්සො භවිස‍්සති, නගරා නික‍්ඛමිත්‍වා අන‍්තරධායිස‍්සති, සචෙ දෙවතා භවිස‍්සති, ආකාසෙන ගච‍්ඡිස‍්සති, සචෙ නාගො භවිස‍්සති, පථවියං නිමුජ‍්ජිත්‍වා ගමිස‍්සති, සචෙ මනුස‍්සො භවිස‍්සති, යථාලද‍්ධං භික‍්ඛං පරිභුඤ‍්ජිස‍්සතී”ති.

බෝධිසත්ත්වයෝ ඒ ප්‍රදේශයේම වූ අනුපිය නම් අඹ වනයෙහි සත්දිනක් පැවිදි සුවයෙන් කල්ගෙවා, එක දවසකින් යොදුන් තිහක් පමණ දුර පියවරින් ගොස් රජගහනුවරට පිවිසි අනුපිළිවෙලින් පිඬු පිණිස හැසිරුණේය. මුළු නගරයම බෝසතුන්ගේ රූපය දැකීමෙන් ධනාල නම් ඇතා පිවිසි රජගහනුවර මෙන්, අසුරිඳු ප්‍රවිෂ්ට වූ දේවනගරයක් මෙන්ද, කැළඹීමට පත්වුණේය. රාජපුරුෂයෝ ගොස්, රජතුමනි, මෙබඳු ආකාර සත්ත්වයෙකු නගරයේ පිඬු පිණිස හැසිරෙයි. දෙවියකු හෝ මිනිසකු හෝ නාගයකු හෝ ගුරුලකු හෝ අසවල් නමක් ඇත්තැකැයි නොදනිමු යයි රජුට දැනුම් දුන්හ. රජු සඳළුතලයේ සිට මහාපුරුෂයා දැක ආශ්චර්ය අද්භූත සිතින් රාජපුරුෂයන්ට අණ කළේය. බොල යවු! විමසවු! ඉදින් අමනුෂ්‍යයකු වන්නේ නම් නගරයෙන් නික්ම අතුරුදන් වන්නේය. ඉදින් දේවතාවකු වන්නේ නම් අහසින් යන්නේය. ඉදින් නාගයකු වන්නේ නම් පොළොවේ ඉපිලී යන්නේය. ඉදින් මනුෂ්‍යයකු වන්නේ නම් යම්සේ ලබනලද ආහාර අනුභව කරන්නේය.

මහාපුරිසොපි ඛො මිස‍්සකභත‍්තං සංහරිත්‍වා “අලං මෙ එත‍්තකං යාපනායා”ති ඤත්‍වා පවිට‍්ඨද‍්වාරෙනෙව නගරා නික‍්ඛමිත්‍වා පණ‍්ඩවපබ‍්බතච‍්ඡායායං පුරත්‍ථිමාභිමුඛො නිසීදිත්‍වා ආහාරං පරිභුඤ‍්ජිතුං ආරද‍්ධො. අථස‍්ස අන‍්තානි පරිවත‍්තිත්‍වා මුඛෙන නික‍්ඛමනාකාරප‍්පත‍්තානි අහෙසුං. තතො සො තෙන අත‍්තභාවෙන එවරූපස‍්ස ආහාරස‍්ස චක‍්ඛුනාපි අදිට‍්ඨපුබ‍්බතාය තෙන පටිකූලාහාරෙන අට‍්ටීයමානොපි එවං අත‍්තනා එව අත‍්තානං ඔවදි – “සිද‍්ධත්‍ථ, ත්‍වං සුලභඅන‍්නපානෙ කුලෙ තිවස‍්සිකගන්‍ධසාලිභොජනං නානග‍්ගරසෙහි භුඤ‍්ජනට‍්ඨානෙ නිබ‍්බත‍්තිත්‍වාපි එකං පංසුකූලිකං දිස‍්වා ‘කදා නු ඛො අහම‍්පි එවරූපො හුත්‍වා පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජිස‍්සාමි, භවිස‍්සති නු ඛො මෙ සො කාලො’ති චින‍්තෙත්‍වා නික‍්ඛන‍්තො, ඉදානි කින‍්නාමෙතං කරොසී”ති එවං අත‍්තානං ඔවදිත්‍වා නිබ‍්බිකාරො හුත්‍වා ආහාරං පරිභුඤ‍්ජි.

මහා පුරුෂයාද මිශ්‍ර බත පිළිගෙන මට යැපීම පිණිස මෙපමණ යයි දැන පිවිසි දොරටුවෙන්ම නගරයෙන් නික්ම පාණ්ඩව පර්වතය ඡායාවට මුහුණලා හිඳ ආහාර පිළිගැනීමට පටන් ගත්තේය. ඉක්බිති ඔහුට ආහාර පෙරළා අවුත් මුඛයෙන් නික්මෙන ඔක්කාර ගතියක් විය. ඉක්බිති ඔහු ඒ ආත්මභාවයෙන් මෙබඳු ආකාර ආහාරයක් ඇසින් නුදුටු විරූ නිසාය. එයින් ආහාරයේ පිළිකුල් බව සලකනු ලබන්නේ මෙසේ තමන් තමන්ටම අවවාද කළේය. සිද්ධාර්ථ; නුඹ ආහාරපාන සුලභ කුලයක වාසය කළේය. සුවඳසැල් භෝජන නොයෙක් අනර්ඝ රසයෙන් වළඳනා තැනක උපත ලබා වැරහැළි එක් පංශුකූලික සිවුරක් පොරවාගත් අයකු දැක, කවරදා හෝ මමත් මෙබඳු ආකාරවී පිඬු පිණිස හැසිර අනුභව කරන්නෙමි වන්නේ ය. මට ඒ සුදුසු කාලය යයි සිතා රාජ්‍යය අතහැර පැමිණියේය. දැන් කුමක්නම් කරහිද? දැන් ඒ ආහාර පිළිකුල් කරන්නේද? මෙසේ තමන්ට අවවාද දී, කළකිරුණේ වී නමුත් ආහාර අනුභව කළේය.

රාජපුරිසා තං පවත‍්තිං දිස‍්වා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා දූතවචනං සුත්‍වා වෙගෙන නගරා නික‍්ඛමිත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඉරියාපථස‍්මිංයෙව පසීදිත්‍වා බොධිසත‍්තස‍්ස සබ‍්බං ඉස‍්සරියං නිය්‍යාතෙසි. බොධිසත‍්තො “මය‍්හං, මහාරාජ, වත්‍ථුකාමෙහි වා කිලෙසකාමෙහි වා අත්‍ථො නත්‍ථි, අහං පරමාභිසම‍්බොධිං පත්‍ථයන‍්තො නික‍්ඛන‍්තො”ති ආහ. රාජා අනෙකප‍්පකාරං යාචන‍්තොපි තස‍්ස චිත‍්තං අලභිත්‍වා “අද‍්ධා ත්‍වං බුද‍්ධො භවිස‍්සසි , බුද‍්ධභූතෙන පන තයා පඨමං මම විජිතං ආගන‍්තබ‍්බ”න‍්ති පටිඤ‍්ඤං ගණ‍්හි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන “පබ‍්බජ‍්ජං කිත‍්තයිස‍්සාමි, යථා පබ‍්බජි චක‍්ඛුමා”ති ඉමං පබ‍්බජ‍්ජාසුත‍්තං (සු· නි· 407) සද‍්ධිං අට‍්ඨකථාය ඔලොකෙත්‍වා වෙදිතබ‍්බො.

රාජපුරුෂයෝ ඔහු දැක රජුට දැනුම් දුන්හ. රජු දූත වචන අසා වේගයෙන් නගරයෙන් නික්ම බෝසත්හුගේ සමීපයට ගොස් ඉරියව් ආදියෙහි පැහැදී බෝසතුන්ට සියලු සම්පත් පවරා දුන්නේය. රාජ්‍ය වී බෝධිසත්ත්වයෝ, මට මහරජ; වස්තුකාමයෙන් හෝ ක්ලේශ කාමයෙන් වැඩක් නැත. මම උතුම් අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරමින් නික්ම යන්නෙක්මි. රජු නොයෙක් ආකාරයෙන් ඉල්ලන්නේ නමුත්, ඔහුගේ සිත නොලබා, ඒකාන්තයෙන් ඔබ බුදුවේවා. බුදුවීමෙන් පසු ඔබ විසින් පළමුව මගේ රාජ්‍යයට පැමිණිය යුතුයයි ප්‍රතිඥාවක් ගත්තේය. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වනාහි “යම්සේ ප්‍රාඥයා පැවිදිවේද පැවිද්ද වර්ණනා කරන්නෙමි” යනු මේ පබ්බජ්ජා සූත්‍රය අටුවා සහිතව බලා දතයුතුය.

බොධිසත‍්තොපි ඛො රඤ‍්ඤො පටිඤ‍්ඤං දත්‍වා අනුපුබ‍්බෙන චාරිකං චරමානො ආළාරඤ‍්ච කාලාමං උදකඤ‍්ච රාමපුත‍්තං උපසඞ‍්කමිත්‍වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා “නායං මග‍්ගො බොධායා”ති තම‍්පි සමාපත‍්තිභාවනං අනලඞ‍්කරිත්‍වා සදෙවකස‍්ස ලොකස‍්ස අත‍්තනො ථාමවීරියසන්‍දස‍්සනත්‍ථං මහාපධානං පදහිතුකාමො උරුවෙලං ගන‍්ත්‍වා “රමණීයො වතායං භූමිභාගො”ති තත්‍ථෙව වාසං උපගන‍්ත්‍වා මහාපධානං පදහි. තෙපි ඛො කොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛා පඤ‍්චවග‍්ගියා ගාමනිගමරාජධානීසු භික‍්ඛාය චරන‍්තා තත්‍ථ බොධිසත‍්තං සම‍්පාපුණිංසු. අථ නං ඡබ‍්බස‍්සානි මහාපධානං පදහන‍්තං “ඉදානි බුද‍්ධො භවිස‍්සති, ඉදානි බුද‍්ධො භවිස‍්සතී”ති පරිවෙණසම‍්මජ‍්ජනාදිකාය වත‍්තපටිපත‍්තියා උපට‍්ඨහමානා සන‍්තිකාවචරා අහෙසුං. බොධිසත‍්තොපි ඛො “කොටිප‍්පත‍්තං දුක‍්කරකාරිකං කරිස‍්සාමී”ති එකතිලතණ‍්ඩුලාදීහිපි වීතිනාමෙසි, සබ‍්බසොපි ආහාරුපච‍්ඡෙදනං අකාසි. දෙවතාපි ලොමකූපෙහි ඔජං උපසංහරමානා පක‍්ඛිපිංසු.

බෝසත් තෙමේ රජුට ප්‍රතිඥා දී අනුපිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් ආලාර-කාලාම, උද්දකරාමපුත්‍ර වෙත එළඹ, ධ්‍යාන සමාපත්තීන් ලබාගෙන මෙය සත්‍යය අවබෝධයට මාර්ගය නොවේ. ඒ සමාපත්ති භාවය ප්‍රමාණ වශයෙන් පිළිනොගෙන අලංකාර නොකොට සදේවක ලෝකයාට තමන්ගේ බල වීර්යය මානසික ශක්තිය දැක්වීම සඳහා ප්‍රධන් වීර්ය වඩනු කැමැත්තේ උරුවෙලාවට ගොස් සිත්කළු රමණීය භූමියක් දැක මේ භූමිභාගය රමණීය යයි එහිම වාසයකොට ප්‍රධන්වීර්ය වැඩුවේය. ඒ කොණ්ඩඤ්ඤ ආදී පංච වග්ගිකයෝ ද ගම්නියම්ගම් රාජධානිවල පිඬු පිණිස හැසිරෙමින් එහි බෝසතුන් වෙතට පැමිණියාහ. ඉක්බිති ඔව්හු වර්ෂ හයක් දුෂ්කරක්‍රියා කරන බෝසතුන් දැන් බුදුවන්නේය, දැන් බුදුවන්නේ යයි සිතමින් පිරිවෙන් මළු ඇමදීමාදියද, කාය පිළිවෙත්වලින්ද උපස්ථාන කරනු ලබන්නේ සමීප ආගන්තුකයෝ වූහ. බෝසත්හුද කෙළවර පැමිණි දුෂ්කරක්‍රියාව කරන්නෙමියි එක තල ඇටයකින්, එක සහල් ඇටයකින් පමණක් කල් ගෙවීය. සියළුම ආහාර දේවතාවෝද ලෝමකුපවලින් ආහාර සාරය ඇතුළු කිරීම වැළැක්වූහ.

අථස‍්ස තාය නිරාහාරතාය පරමකසිරප‍්පත‍්තතාය සුවණ‍්ණවණ‍්ණොපි කායො කාළවණ‍්ණො අහොසි, ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණානි පටිච‍්ඡන‍්නානි අහෙසුං. අප‍්පෙකදා ආනාපානකජ‍්ඣානං ඣායන‍්තො මහාවෙදනාභිතුන‍්නො විසඤ‍්ඤීභූතො චඞ‍්කමනකොටියං පතති. අථ නං එකච‍්චා දෙවතා “කාලඞ‍්කතො සමණො ගොතමො”ති වදන‍්ති. එකච‍්චා “විහාරොත්‍වෙවෙසො අරහත”න‍්ති ච ආහංසු. තත්‍ථ යාසං “කාලඞ‍්කතො”ති සඤ‍්ඤා අහොසි, තා ගන‍්ත්‍වා සුද‍්ධොදනමහාරාජස‍්ස ආරොචෙසුං – “තුම‍්හාකං පුත‍්තො කාලඞ‍්කතො”ති. “මම පුත‍්තො බුද‍්ධො හුත්‍වා කාලඞ‍්කතො, අහුත්‍වා”ති? “බුද‍්ධො භවිතුං නාසක‍්ඛි, පධානභූමියංයෙව පතිත්‍වා කාලඞ‍්කතො”ති. ඉදං සුත්‍වා රාජා – “නාහං සද‍්දහාමි, මම පුත‍්තස‍්ස බොධිං අප‍්පත්‍වා කාලකිරියා නාම නත්‍ථී”ති පටික‍්ඛිපි. “කස‍්මා පන රාජා න සද‍්දහතී”ති? කාලදෙවලතාපසවන්‍දාපනදිවසෙ ජම‍්බුරුක‍්ඛමූලෙ ච පාටිහාරියානං දිට‍්ඨත‍්තා.

ඉක්බිති ඔහුගේ නිරාහාරතාවය නිසා ඉතාමත් කෘෂභාවයට පත්වූයේ, රන්වන් වූ ශරීරය කාලවර්ණ විය. දෙතිස්මහ පුරුෂ ලක්‍ෂණද වැසී ගියහ. සමහර වෙලාවට ආශ්වාස ප්‍රශ්වාස නැතිකොට ධ්‍යාන වඩන්නේ මහත් වේදනා මැඩපවත්වමින් විසංඥ වූයේ සක්මන් කෙළවර වැටුනේය. එවිට ඇතැම් දේවතාවෝ ශ්‍රමණ ගෝතමයා කළුරිය කළේය යයි පවසති. ඇතැමෙක් නිරාහාරය නිසා මෙතම මූර්ඡා වූයේ ඇතැමෙක් රහතුන්ගේ ඒකරන්තරා විහරණයෙහි කීහ. එක් දෙවිකෙනෙක් බෝසතුන් මළහයි සිතූහ. ඔහු ගොස් සුද්ධෝදන රජුට ඔබ පුත් මළහයි දැන්වීය. මගේ පුතා බුදුවී කළුරිය කළේද නැතහොත් නොමැතිවද? බුදුවීමට නොහැකිවිය. ප්‍රධන්භූමියේම වැටී කළුරිය කළේය. මේ වචන අසා රජතුමා, මම එය නොඅදහමි. මගේ පුතා බෝධියට නොපැමිණ කලුරිය කිරීමට නම් නැතැයි ප්‍රතික්‍ෂේප කළේය. කුමක් නිසා රජු නො අදහයිද? කාලදේවල තාපසයාගේ වැඳීම් දවසේ කළ පෙළහරින්, දඹරුක මුලදී කරන ලද ප්‍රාතිහාර්යයන් දක්නා ලද බැවිනි.

පුන බොධිසත‍්තෙ සඤ‍්ඤං පටිලභිත්‍වා උට‍්ඨිතෙ තා දෙවතා ගන‍්ත්‍වා “අරොගො තෙ, මහාරාජ, පුත‍්තො”ති ආරොචෙසුං. රාජා “ජානාමහං මම පුත‍්තස‍්ස අමරණභාව”න‍්ති වදති. මහාසත‍්තස‍්ස ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකං කරොන‍්තස‍්සෙව ආකාසෙ ගණ‍්ඨිකරණකාලො විය අහොසි. සො “අයං දුක‍්කරකාරිකා නාම බොධාය මග‍්ගො න හොතී”ති ඔළාරිකං ආහාරං ආහාරෙතුං ගාමනිගමෙසු පිණ‍්ඩාය චරිත්‍වා ආහාරං ආහරි. අථස‍්ස ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණානි පාකතිකානි අහෙසුං, කායොපි සුවණ‍්ණවණ‍්ණො අහොසි. පඤ‍්චවග‍්ගියා භික‍්ඛූ “අයං ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකං කරොන‍්තොපි සබ‍්බඤ‍්ඤුතං පටිවිජ‍්ඣිතුං නාසක‍්ඛි, ඉදානි ගාමනිගමාදීසු පිණ‍්ඩාය චරිත්‍වා ඔළාරිකං ආහාරං ආහරමානො කිං සක‍්ඛිස‍්සති, බාහුලිකො එස පධානවිබ‍්භන‍්තො, සීසං න‍්හායිතුකාමස‍්ස උස‍්සාවබින්‍දුතක‍්කනං විය අම‍්හාකං එතස‍්ස සන‍්තිකා විසෙසතක‍්කනං, කිං නො ඉමිනා”ති මහාපුරිසං පහාය අත‍්තනො අත‍්තනො පත‍්තචීවරං ගහෙත්‍වා අට‍්ඨාරසයොජනමග‍්ගං ගන‍්ත්‍වා ඉසිපතනං පවිසිංසු.

යළි බෝසත්තුමා සිහිලැබ නැගිටි කල්හි ඒ දේවතාවෝම අවුත් මහරජතුමනි, ඔබගේ පුතා නිරෝගී වේවා’යි දැනුම්දුන් කල්හි රජතුමා; දනිමි මම, පුතාගේ අමරණීයභාවය යයි කීවේය. මහාසත්ත්වයාගේ සය අවුරුදු දුෂ්කරක්‍රියාව කරන කාලයේ අහසෙහි ගැට ඇති කාලය මෙන් විය. (වලා පිඬු) අනතුරුව මෙම දුෂ්කරක්‍රියාව නම් අවබෝධයට මාර්ගය නොවේ යයි තීරණ කොට ඕලාරික ආහාර ගැනීමට ගම් නියම්ගම්වල පිඬු පිණිස හැසිර ආහාර ගෙනාවේය. එවිට උන්වහන්සේගේ දෙතිස්මහ පුරුෂ ලක්‍ෂණ ප්‍රකෘතිමත් වූහ. ශරීරය ස්වර්ණ වර්ණ විය. පංචවාර්ගික භික්‍ෂූහු, මෙතෙම සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරන්නේ නමුත් සර්වඥතා ප්‍රතිවේධය ලැබීමට නොහැකි විය. දැන් ගම්වල පිඬු පිණිස හැසිර ළාමක ආහාර රැගෙන එමින් කුමක් කළහැකි වන්නේද? ප්‍රධන් වීර්යයට මෙය උවදුරකි. මොහු වීර්යයෙන් පිරිහුණේය. අප මොහු විශේෂාධිගමයක් ලබාවියයි සිතීම හිස පටන් නහනු කැමති කෙනෙක් පිනිබිඳුවකින් නෑමක් වැනිය. මොහුගෙන් අපට ප්‍රයෝජනයක් නැතැයි බෝසතුන් අතහැර තම තමන්ගේ පාත්‍රසිවුරු රැගෙන යොදුන් දහඅටක් මග ගෙවා ඉසිපතනයට පිවිසියහ.

තෙන ඛො පන සමයෙන උරුවෙලායං සෙනානිගමෙ සෙනානිකුටුම‍්බිකස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තා සුජාතා නාම දාරිකා වයප‍්පත‍්තා එකස‍්මිං නිග්‍රොධරුක‍්ඛෙ පත්‍ථනං අකාසි – “සචාහං සමජාතිකං කුලඝරං ගන‍්ත්‍වා පඨමගබ‍්භෙ පුත‍්තං ලභිස‍්සාමි, අනුසංවච‍්ඡරං තෙ සතසහස‍්සපරිච‍්චාගෙන බලිකම‍්මං කරිස‍්සාමී”ති. තස‍්සා සා පත්‍ථනා සමිජ‍්ඣි. සා මහාසත‍්තස‍්ස දුක‍්කරකාරිකං කරොන‍්තස‍්ස ඡට‍්ඨෙ වස‍්සෙ පරිපුණ‍්ණෙ විසාඛාපුණ‍්ණමායං බලිකම‍්මං කාතුකාමා හුත්‍වා පුරෙතරංයෙව ධෙනුසහස‍්සං ලට‍්ඨිමධුකවනෙ චරාපෙත්‍වා, තාසං ඛීරං පඤ‍්ච ධෙනුසතානි පායෙත්‍වා, තාසං ඛීරං අඩ‍්ඪතියානි ච සතානීති එවං යාව සොළසන‍්නං ධෙනූනං ඛීරං අට‍්ඨ ධෙනුයො පිවන‍්ති, තාව ඛීරස‍්ස බහලතඤ‍්ච මධුරතඤ‍්ච ඔජවන‍්තතඤ‍්ච පත්‍ථයමානා ඛීරපරිවත‍්තනං නාම අකාසි. සා විසාඛාපුණ‍්ණමදිවසෙ “පාතොව බලිකම‍්මං කරිස‍්සාමී”ති රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය තා අට‍්ඨ ධෙනුයො දුහාපෙසි. වච‍්ඡකා ධෙනූනං ථනමූලං න ආගමංසු, ථනමූලෙ පන නවභාජනෙසු උපනීතමත‍්තෙසු අත‍්තනො ධම‍්මතාය ඛීරධාරා පග‍්ඝරිංසු. තං අච‍්ඡරියං දිස‍්වා සුජාතා සහත්‍ථෙනෙව ඛීරං ගහෙත්‍වා නවභාජනෙ පක‍්ඛිපිත්‍වා සහත්‍ථෙනෙව අග‍්ගිං කත්‍වා පචිතුං ආරභි.

එසමයෙහි වනාහි උරුවෙලාවේ සේනානි නියම්ගම සේනානි කෙළෙඹියාගේ ගෙදර උපන් සුජාතා නම් දැරිය සුදුසුවියට පැමිණි කල්හි එක් නුගරුකක් වෙත ගොස් ප්‍රාර්ථනාවක් කළාය. ඉදින් මට සමාන ජාතික කුල ගෙදරකට ගොස්, පළමු ගර්භයේදී පුතකු ලබන්නෙම් නම්, වර්ෂයක් පාසා ඔබට ලක්ෂයක් වියදම් කිරීමෙන් පූජා කර්මයක් කරන්නෙමි යනුවෙනි. ඇගේ ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ විය. ඇය බෝසතුන් දුෂ්කරක්‍රියා කරන්නා වූ සවෙනි වර්ෂයෙහි පිරිපුන් වෙසක් පුන්පෝදා පූජා කර්මය කරනු කැමැති වී පළමුවෙන්ම දෙනුන් දහසක් වැල්මී වනයට කවා ඈලාගේ කිරි පන්සියයක් දෙනුන්ට පොවා, ඈලාගේ කිරි එකසිය පනහක් දෙනුන්ටද, මෙසේ සොළසක් දෙනුන්ගේ කිරි දෙනුන් අටදෙනෙකුටද පොවා, [missing trans]

තස‍්මිං පායාසෙ පච‍්චමානෙ මහන‍්තා මහන‍්තා පුබ‍්බුළා උට‍්ඨහිත්‍වා දක‍්ඛිණාවට‍්ටා හුත්‍වා සඤ‍්චරන‍්ති. එකඵුසිතම‍්පි බහි න උප‍්පතති, උද‍්ධනතො අප‍්පමත‍්තකොපි ධූමො න උට‍්ඨහති. තස‍්මිං සමයෙ චත‍්තාරො ලොකපාලා ආගන‍්ත්‍වා උද‍්ධනෙ ආරක‍්ඛං ගණ‍්හිංසු, මහාබ්‍රහ‍්මා ඡත‍්තං ධාරෙසි, සක‍්කො අලාතානි සමානෙන‍්තො අග‍්ගිං ජාලෙසි. දෙවතා ද‍්විසහස‍්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු දෙවමනුස‍්සානං උපකප‍්පනඔජං අත‍්තනො දෙවානුභාවෙන දණ‍්ඩකබද‍්ධං මධුපටලං පීළෙත්‍වා මධුං ගණ‍්හමානා විය සංහරිත්‍වා තත්‍ථ පක‍්ඛිපිංසු. අඤ‍්ඤෙසු හි කාලෙසු දෙවතා කබළෙ කබළෙ ඔජං පක‍්ඛිපිංසු, සම‍්බොධිප‍්පත‍්තදිවසෙ ච පරිනිබ‍්බානදිවසෙ ච උක‍්ඛලියංයෙව පක‍්ඛිපිංසු. සුජාතා එකදිවසෙයෙව තත්‍ථ අත‍්තනො පාකටානි අනෙකානි අච‍්ඡරියානි දිස‍්වා පුණ‍්ණං නාම දාසිං ආමන‍්තෙසි – “අම‍්ම පුණ‍්ණෙ, අජ‍්ජ අම‍්හාකං දෙවතා අතිවිය පසන‍්නා, මයා හි එත‍්තකෙ කාලෙ එවරූපං අච‍්ඡරියං නාම න දිට‍්ඨපුබ‍්බං, වෙගෙන ගන‍්ත්‍වා දෙවට‍්ඨානං පටිජග‍්ගාහී”ති. සා “සාධු, අය්‍යෙ”ති තස‍්සා වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තුරිතතුරිතා රුක‍්ඛමූලං අගමාසි.

[missing trans]

බොධිසත‍්තොපි ඛො තස‍්මිං රත‍්තිභාගෙ පඤ‍්ච මහාසුපිනෙ (අ· නි· 5.196) දිස‍්වා පරිග‍්ගණ‍්හන‍්තො “නිස‍්සංසයං අජ‍්ජාහං බුද‍්ධො භවිස‍්සාමී”ති කතසන‍්නිට‍්ඨානො තස‍්සා රත‍්තියා අච‍්චයෙන කතසරීරපටිජග‍්ගනො භික‍්ඛාචාරකාලං ආගමයමානො පාතොව ආගන‍්ත්‍වා තස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි, අත‍්තනො පභාය සකලං රුක‍්ඛමූලං ඔභාසයමානො. අථ ඛො සා පුණ‍්ණා ආගන‍්ත්‍වා අද‍්දස බොධිසත‍්තං රුක‍්ඛමූලෙ පාචීනලොකධාතුං ඔලොකයමානං නිසින‍්නං, සරීරතො චස‍්ස නික‍්ඛන‍්තාහි පභාහි සකලරුක‍්ඛං සුවණ‍්ණවණ‍්ණං. දිස‍්වානස‍්සා එතදහොසි – “අජ‍්ජ අම‍්හාකං දෙවතා රුක‍්ඛතො ඔරුය‍්හ සහත්‍ථෙනෙව බලිකම‍්මං සම‍්පටිච‍්ඡිතුං නිසින‍්නා මඤ‍්ඤෙ”ති උබ‍්බෙගප‍්පත‍්තා හුත්‍වා වෙගෙන ආගන‍්ත්‍වා සුජාතාය එතමත්‍ථං ආරොචෙසි.

[missing trans] පිඬු පිණිස හැසිරෙන කාලය පැමිණෙනු ලබන්නේ උදෑසනම ගොස් ඒ ගසමුල වැඩසිටි සේක. තමන්ගේ ප්‍රභාවෙන් මුළු ගසමුල බබළන්නේ, එවිට බෝසතුන් ගසමුල නැගෙනහිර ලෝකධාතුව බලමින් වැඩසිටිනා අයුරු පුණ්ණා දුටුවාය. උන්වහන්සේගේ සිරුරින් නික්මෙන්නා වූ ආලෝකයෙන් මුළු ගසම රන්වන් ආකාරයෙන් දැක ඇයට මෙබඳු අදහසක් පහළ වූවාය. අද අපගේ දේවතාවා ගසෙන් බැස සැබවින්ම පූජා පිළිගැනීමට හුන්නේ යයි හඟිමි. ප්‍රීතියට පැමිණ ඉක්මණට ගොස් සුජාතාවට මේ කරුණ දැන්වූවාය.

සුජාතා තස‍්සා වචනං සුත්‍වා තුට‍්ඨමානසා හුත්‍වා “අජ‍්ජ දානි පට‍්ඨාය මම ජෙට‍්ඨධීතුට‍්ඨානෙ තිට‍්ඨාහී”ති ධීතු අනුච‍්ඡවිකං සබ‍්බාලඞ‍්කාරං අදාසි. යස‍්මා පන බුද‍්ධභාවං පාපුණනදිවසෙ සතසහස‍්සග‍්ඝනිකා එකා සුවණ‍්ණපාති ලද‍්ධුං වට‍්ටති, තස‍්මා සා “සුවණ‍්ණපාතියං පායාසං පක‍්ඛිපිස‍්සාමී”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං නීහරාපෙත්‍වා තත්‍ථ පායාසං පක‍්ඛිපිතුකාමා පක‍්කභාජනං ආවජ‍්ජෙසි. සබ‍්බො පායාසො පදුමපත‍්තතො උදකං විය වත‍්තිත්‍වා පාතියං පතිට‍්ඨාසි, එකපාතිපූරමත‍්තොව අහොසි. සා තං පාතිං අඤ‍්ඤාය පාතියා පටිකුජ‍්ජිත්‍වා ඔදාතවත්‍ථෙන වෙඨෙත්‍වා සයං සබ‍්බාලඞ‍්කාරෙහි අත‍්තභාවං අලඞ‍්කරිත්‍වා තං පාතිං අත‍්තනො සීසෙ ඨපෙත්‍වා මහන‍්තෙන ආනුභාවෙන නිග්‍රොධරුක‍්ඛමූලං ගන‍්ත්‍වා බොධිසත‍්තං දිස‍්වා බලවසොමනස‍්සජාතා “රුක‍්ඛදෙවතා”ති සඤ‍්ඤාය දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔනතොනතා ගන‍්ත්‍වා සීසතො පාතිං ඔතාරෙත්‍වා විවරිත්‍වා සුවණ‍්ණභිඞ‍්ගාරෙන ගන්‍ධපුප‍්ඵවාසිතං උදකං ගහෙත්‍වා බොධිසත‍්තං උපගන‍්ත්‍වා අට‍්ඨාසි. ඝටිකාරමහාබ්‍රහ‍්මුනා දින‍්නො මත‍්තිකාපත‍්තො එත‍්තකං කාලං බොධිසත‍්තං අවිජහිත්‍වා තස‍්මිං ඛණෙ අදස‍්සනං ගතො, බොධිසත‍්තො පත‍්තං අපස‍්සන‍්තො දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා උදකං සම‍්පටිච‍්ඡි . සුජාතා සහෙව පාතියා පායාසං මහාපුරිසස‍්ස හත්‍ථෙ ඨපෙසි, මහාපුරිසො සුජාතං ඔලොකෙසි. සා ආකාරං සල‍්ලක‍්ඛෙත්‍වා “අය්‍ය, මයා තුම‍්හාකං පරිච‍්චත‍්තා, තං ගණ‍්හිත්‍වා යථාරුචි කරොථා”ති වන්‍දිත්‍වා “යථා මය‍්හං මනොරථො නිප‍්ඵන‍්නො, එවං තුම‍්හාකම‍්පි නිප‍්ඵජ‍්ජතූ”ති වත්‍වා සතසහස‍්සග‍්ඝනිකම‍්පි සුවණ‍්ණපාතිං පුරාණකපණ‍්ණං විය පරිච‍්චජිත්‍වා අනපෙක‍්ඛාව පක‍්කාමි.

සුජාතා ඇගේ වචනය අසා සතුටු සිතැතිව අද මෙතැන් පටන් මගේ ජ්‍යෙෂ්ඨ දුවණිය තනතුරේ පිහිටවයි දුවට සුදුසු සියළු අලංකාර දුන්නාය. යම්ලෙසකින් බුද්ධ ආනුභාවයෙන් පැමිණෙන දවසෙහි දසදහස් ගණන් ගණනින්, අනර්ඝ වූ රන්තැලියක් ලැබීමට වටී. එහෙයින් ඇය රන් තලියක කිරිබත් පිසන්නෙමියි සිත උපදවා සියදහස් අනර්ඝ වූ රන්තැලියක් ගෙන්වාගෙන එහි කිරිබත පිසනු කැමැතිව පිසන භාජනයක් ආවර්ජනා කළාය. සියලු කිරිබත් නෙළුම්කොලයේ වැටෙන ජලය මෙන් නොනැවතී භාජනයේ පිහිටීය. එකසැළියක් පිරුණේම විය. ඇය ඒ පාත්‍රය රැගෙන භාජනයකින් වසා සුදු වස්ත්‍රයකින් වෙලා තෙමේ සියළු අලංකාරවලින් සිරුර සරසවා ඒ භාජනය තමන්ගේ හිසමත තබා මහත් ආනුභාවයෙන් න්‍යග්‍රෝධරුක මුලට ගොස්, බෝසතුන් දැක, බලවත් සතුටට පත්වූයේ වෘක්‍ෂ දේවතාවා යන හැඟීමෙන්, දුටු මොහොතේ පටන් නැමි නැමී ගොස් හිසෙන් පාත්‍රය බහා තබා හැසිර රන් කෙණ්ඩියකින් සුවඳමල් මිශ්‍ර ජලය ගෙන බෝසතුන් වෙත ගොස් පිළිගන්වා සිටියාය. ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් දෙන ලද මැටිපාත්‍රය මෙපමණ කලක් බෝසතුන් අත්නොහැර එකෙණෙහි නොපෙනී ගියේ බෝධිසත්ත්වයෙක් පාත්‍රය නොදකින්නේ දකුණු අත දිගහැර සුජාතාවනි, පැන් පිළිගන්වන්න. පැන් සමග බෝසතුන්ගේ අතෙහි කිරිබත්ද තැබුවාය. බෝසත්හු සුජාතා දෙස බැලූහ. ඇය අවස්ථාව සලකා, ආර්යනි; මා විසින් ඔබතුමාට පිරිනමන ලද්ද කැමැති දෙයක් කරාවා!යි කියා වැඳ, යම්සේ මගේ මනදොළ සඵල වූයේද, එසේ ඔබගේ ද පැතුම සඵල වේවා!යි පවසා සියදහස් ගණනක් අගනා රන් පාත්‍රයද, පෞරාණික පාත්‍රයක් මෙන් පරිත්‍යාගකොට අපේක්‍ෂා රහිතව පිටත්ව ගියාය.

බොධිසත‍්තොපි ඛො නිසින‍්නට‍්ඨානා වුට‍්ඨාය රුක‍්ඛං පදක‍්ඛිණං කත්‍වා පාතිං ආදාය නෙරඤ‍්ජරාය තීරං ගන‍්ත්‍වා අනෙකෙසං බොධිසත‍්තසතසහස‍්සානං අභිසම‍්බුජ‍්ඣනදිවසෙ ඔතරිත්‍වා න‍්හානට‍්ඨානං සුපතිට‍්ඨිතං නාම අත්‍ථි, තස‍්සා තීරෙ පාතිං ඨපෙත්‍වා සුපතිට‍්ඨිතතිත්‍ථෙ ඔතරිත්‍වා න‍්හත්‍වා අනෙකබුද‍්ධසතසහස‍්සානං නිවාසනං අරහද‍්ධජං නිවාසෙත්‍වා පුරත්‍ථාභිමුඛො නිසීදිත්‍වා එකට‍්ඨිතාලපක‍්කප‍්පමාණෙ එකූනපණ‍්ණාසපිණ‍්ඩෙ කත්‍වා සබ‍්බං අප‍්පොදකමධුපායාසං පරිභුඤ‍්ජි. සොයෙවස‍්ස බුද‍්ධභූතස සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ වසන‍්තස‍්ස එකූනපණ‍්ණාසදිවසානි ආහාරො අහොසි. එත‍්තකං කාලං අඤ‍්ඤො ආහාරො නත්‍ථි, න න‍්හානං, න මුඛධොවනං, න සරීරවළඤ‍්ජො, ඣානසුඛෙන ඵලසමාපත‍්තිසුඛෙන ච වීතිනාමෙසි. තං පන පායාසං භුඤ‍්ජිත්‍වා සුවණ‍්ණපාතිං ගහෙත්‍වා “සචාහං අජ‍්ජ බුද‍්ධො භවිස‍්සාමි, අයං පාති පටිසොතං ගච‍්ඡතු, නො චෙ භවිස‍්සාමි, අනුසොතං ගච‍්ඡතූ”ති වත්‍වා නදීසොතෙ පක‍්ඛිපි. සා සොතං ඡින්‍දමානා නදීමජ‍්ඣං ගන‍්ත්‍වා මජ‍්ඣට‍්ඨානෙනෙව ජවසම‍්පන‍්නො අස‍්සො විය අසීතිහත්‍ථමත‍්තට‍්ඨානං පටිසොතං ගන‍්ත්‍වා එකස‍්මිං ආවට‍්ටෙ නිමුජ‍්ජිත්‍වා කාළනාගරාජභවනං ගන‍්ත්‍වා තිණ‍්ණං බුද‍්ධානං පරිභොගපාතියො “කිලි කිලී”ති රවං කාරයමානා පහරිත්‍වා තාසං සබ‍්බහෙට‍්ඨිමා හුත්‍වා අට‍්ඨාසි. කාළො නාගරාජා ත සද‍්දං සුත්‍වා “හිය්‍යො එකො බුද‍්ධො නිබ‍්බත‍්ති, පුන අජ‍්ජ එකො නිබ‍්බත‍්තො”ති වත්‍වා අනෙකෙහි පදසතෙහි ථුතියො වදමානො උට‍්ඨාසි. තස‍්ස කිර මහාපථවියා එකයොජනතිගාවුතප‍්පමාණං නභං පූරෙත්‍වා ආරොහනකාලො අජ‍්ජ වා හිය්‍යො වා සදිසො අහොසි.

බෝසත්හුද හුන් තැනින් නැගිට ගස ප්‍රදක්‍ෂිණාකොට පාත්‍රය රැගෙන නේරංජරා නදී තීරයට ගොස්, නොයෙක් දස දහස් ගණන් බෝධිසත්වවරු අභිසම්බෝධියට පත්වන දවසේ බැස ස්නානය කරන සුප්පතිට්ඨිත නම් මනාසේ පිහිටි තොටුපොළක් ඇත. එහි ඉවුරෙහි පාත්‍රය තබා තොටුපොළට බැස නා, නොයෙක් සියදහසක් බුදුවරු පොරවන අර්හත්ධජය පොරවා, පෙරදිගට මුහුණලා හිඳ එක් ඉඳුණු තල්ගෙඩියක ප්‍රමාණයේ බත්පිඬු හතළිස්නමක් කොට, අල්ප උදක ඇති පැණි කිරිබත සියල්ල අනුභව කළේය. හෙතෙම බුදුවීමේ අභිලාෂයෙන් සත් සතියක් බෝධි මණ්ඩපයේ වාසය කරන්නේ දින හතළිස් නමයක්ම ආහාර විය. එපමණකල් වෙනත් ආහාරයක් නැත. නෑමක් නැතිව, මුව සේදීමක් නැතිව, ශරීරකෘත්‍යය නොමැතිව, ධ්‍යානසුවයෙන් හා ඵලසමාපත්ති සුවයෙන් කල්ගෙවීය. ඒ කිරිබත වළඳා රන්පාත්‍රය ගෙන ඉදින් අද මම බුදුවන්නේ නම්, මේ පාත්‍රය උඩුගං බලා යේවා!යි එසේ නොවන්නේ නම්, යටිගං බලායේවා’යි පවසා නදී සැඩ පහරට දැමීය. එය සැඬපහර සිඳිමින් නදිය මැදට ගොස් මැද සිටින්නා වූ ජව සම්පන්න අශ්වයෙකු මෙන් අසූරියනක් පමණදුරට උඩුගං බලා ගොස් එක ආවාටයක ගිලී කාල නාගරාජ භවනට ගොස් බුදුවරු තෙනමක් පරිභෝග කළ පාත්‍ර “කිලි කිලි” යයි නාද කරවමින් පහරදී ඒ සියල්ලට යටින් සිටියේය. කාල නාරජු ඒ ශබ්දය අසා බියට පත්ව, එක් බුදුවරයකු උපන්නේය. යළිත් අද එක් බුදුවරයෙකු උපන්නේ යයි පවසා නොයෙක් ගාථා පද සියයකින් තුති පුද කරමින් නැගී සිටියේ එහිදී මහපොළොව එක් තැනකින් තුන් ගව්වක් පමණ දුරට අහස පුරා උඩට නගින කලක් මෙන් අද හෝ ඊයේ හා සමාන විය.

බොධිසත‍්තොපි නදීතීරම‍්හි සුපුප‍්ඵිතසාලවනෙ දිවාවිහාරං කත්‍වා සායන‍්හසමයං පුප‍්ඵානං වණ‍්ටතො මුච‍්චනකාලෙ දෙවතාහි අලඞ‍්කතෙන අට‍්ඨූසභවිත්‍ථාරෙන මග‍්ගෙන සීහො විය විජම‍්භමානො බොධිරුක‍්ඛාභිමුඛො පායාසි. නාගයක‍්ඛසුපණ‍්ණාදයො දිබ‍්බෙහි ගන්‍ධපුප‍්ඵාදීහි පූජයිංසු, දිබ‍්බසංගීතාදීනි පවත‍්තයිංසු, දසසහස‍්සී ලොකධාතු එකගන්‍ධා එකමාලා එකසාධුකාරා අහොසි. තස‍්මිං සමයෙ සොත්‍ථියො නාම තිණහාරකො තිණං ආදාය පටිපථෙ ආගච‍්ඡන‍්තො මහාපුරිසස‍්ස ආකාරං ඤත්‍වා අට‍්ඨ තිණමුට‍්ඨියො අදාසි. බොධිසත‍්තො තිණං ගහෙත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ දක‍්ඛිණදිසාභාගෙ උත‍්තරාභිමුඛො අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ දක‍්ඛිණචක‍්කවාළං ඔසීදිත්‍වා හෙට‍්ඨා අවීචිසම‍්පත‍්තං විය අහොසි. උත‍්තරචක‍්කවාළං උල‍්ලඞ‍්ඝිත්‍වා උපරි භවග‍්ගප‍්පත‍්තං විය අහොසි. බොධිසත‍්තො “ඉදං සම‍්බොධිපාපුණනට‍්ඨානං න භවිස‍්සති මඤ‍්ඤෙ”ති පදක‍්ඛිණං කරොන‍්තො පච‍්ඡිමදිසාභාගං ගන‍්ත්‍වා පුරත්‍ථිමාභිමුඛො අට‍්ඨාසි, තතො පච‍්ඡිමචක‍්කවාළං ඔසීදිත්‍වා හෙට‍්ඨා අවීචිසම‍්පත‍්තං විය අහොසි, පුරත්‍ථිමචක‍්කවාළං උල‍්ලඞ‍්ඝිත්‍වා උපරි භවග‍්ගප‍්පත‍්තං විය අහොසි. ඨිතට‍්ඨිතට‍්ඨානෙ කිරස‍්ස නෙමිවට‍්ටිපරියන‍්තෙ අක‍්කන‍්තං නාභියා පතිට‍්ඨිතමහාසකටචක‍්කං විය මහාපථවී ඔනතුන‍්නතා අහොසි. බොධිසත‍්තො “ඉදම‍්පි සම‍්බොධිපාපුණනට‍්ඨානං න භවිස‍්සති මඤ‍්ඤෙ”ති පදක‍්ඛිණං කරොන‍්තො උත‍්තරදිසාභාගං ගන‍්ත්‍වා දක‍්ඛිණාභිමුඛො අට‍්ඨාසි. තතො උත‍්තරචක‍්කවාළං ඔසීදිත්‍වා හෙට‍්ඨා අවීචිසම‍්පත‍්තං විය අහොසි, දක‍්ඛිණචක‍්කවාළං උල‍්ලඞ‍්ඝිත්‍වා උපරි භවග‍්ගප‍්පත‍්තං විය අහොසි. බොධිසත‍්තො “ඉදම‍්පි සම‍්බොධිපාපුණනට‍්ඨානං න භවිස‍්සති මඤ‍්ඤෙ”ති පදක‍්ඛිණං කරොන‍්තො පුරත්‍ථිමදිසාභාගං ගන‍්ත්‍වා පච‍්ඡිමාභිමුඛො අට‍්ඨාසි. පුරත්‍ථිමදිසාභාගෙ පන සබ‍්බබුද‍්ධානං පල‍්ලඞ‍්කට‍්ඨානං අහොසි, තං නෙව ඡම‍්භති, න කම‍්පති. බොධිසත‍්තො “ඉදං සබ‍්බබුද‍්ධානං අවිජහිතං අචලට‍්ඨානං කිලෙසපඤ‍්ජරවිද‍්ධංසනට‍්ඨාන”න‍්ති ඤත්‍වා තානි තිණානි අග‍්ගෙ ගහෙත්‍වා චාලෙසි, තාවදෙව චුද‍්දසහත්‍ථො පල‍්ලඞ‍්කො අහොසි. තානිපි ඛො තිණානි තථාරූපෙන සණ‍්ඨානෙන සණ‍්ඨහිංසු, යථාරූපං සුකුසලො චිත‍්තකාරො වා පොත්‍ථකාරො වා ආලිඛිතුම‍්පි සමත්‍ථො නත්‍ථි. බොධිසත‍්තො බොධික‍්ඛන්‍ධං පිට‍්ඨිතො කත්‍වා පුරත්‍ථාභිමුඛො දළ‍්හමානසො හුත්‍වා –

බෝසතුන්ද නදීතීරයේ මනාසේ මල් පිපුණු සල්වනයේ දිවා විහරණය කොට සවස් කාලයේ මල් නටුවෙන් මිදෙන කල්හි දේවතාවන් විසින් අලංකාර කරන ලද, රියන් අටක් පමණ පළල වූ මාර්ගයෙන් සිංහයකු මෙන් බෝරුක් මුල කරා වැඩම කළේය. නාග, යක්‍ෂ, ගුරුලෝ ආදීහු දිව්‍ය සුවඳ මල් ආදියෙන් පූජා කළහ. දිව්‍ය සංගීතයද පැවැත්වූහ. දසදහසක් ලෝකධාතුව සුවඳවත්වූ එකම මල් මාලාවක් විය. එකම සාධුකාර නාදය පැවැත්වීය. එසමයෙහි සොත්ථිය නම් කුසතණ ගෙනියන්නා, තෘණ රැගෙන මාර්ගයේ යන්නේ මහාබෝසතුන්ගේ ස්වභාවය දැක තණමිටි අටක් දුන්නේය. බෝසත්තුමා තෘණ රැගෙන බෝමැඩට නැග දකුණු දිශාවේ සිට උතුරට මුහුණලා සිටියේය. එකෙණෙහි සක්වළ දකුණ ගිලාබැස අවීචිය උඩට එන්නාක් මෙන් විය. උතුරු සක්වල භවාග්‍රය මෙන් විය. බෝසතුන් එතැන සම්බෝධියට පැමිණීමට තැන නොවේයයි දැන ප්‍රදක්‍ෂිණා කරමින් පශ්චිම දිශාවට ගොස් පෙරදිගට මුහුණලා සිටියේය. එහිදී පශ්චිම සක්වල ගිලාබැස අවීචිය ඉස්මතු විය. පෙරදිග සක්වළ ඉස්මතු වී භවාග්‍රය මෙන් විය. සම්බෝධිය සඳහා මෙතැන සුදුසු තැන නොවේ යයි දැනගත්තේය. මෙසේ සිටි සිටි තැන් නැබින් තැබූ චක්‍රයක් කෙමියෙන් මඩනා කලක් මෙන් මහපොළොව උතුර පහත් විය. බෝසතුන් සම්බෝධියට මේ තැන නොවේ යයි හඟිමින් බෝමැඩ ප්‍රදක්‍ෂිණා කරමින් නැගෙනහිර පැත්තට ගොස් නැගෙනහිරට මුහුණලා සිටියේය. නැගෙනහිර දිසාව වනාහි සියලු බුදුවරුන්ගේ පර්යංක පිහිටි තැනයයි දැන නොසෙල්වෙන තැන යයි, පරාජය නොවන තැන යයි කෙළෙස් පඳුරු විනාශ කිරීමට සුදුසු තැනයයි දැන කුසතණ අතින් ගෙන සැළීමි. එකෙණෙහි එහි තුදුස්රියන් වජ්‍රාසනය පහළ විය. බෝසතාණෝ ප්‍රීතියෙන් යුතුව වැඩහුන්හ. මෙම අවස්ථාව නිරූපනය කිරීමට කිසිම චිත්‍ර ශිල්පියෙකුට හෝ මූර්ති ශිල්පියෙකුට නොපිළිවන. ඒ තර්ම ප්‍රීතිජනක අවස්ථාවකි.

“කාමං තචො ච න‍්හාරු ච, අට‍්ඨි ච අවසිස‍්සතු; උපසුස‍්සතු නිස‍්සෙසං, සරීරෙ මංසලොහිතං. (අ· නි· 2.5; ම· නි· 2.184) –

මගේ සම් මස්, කෙස් ද විසිරී - නහරවැල් ඇට වුවද ඉතිරී සිරුර මස් ලේ ගියද වියලී - බුදුව මිස මින් නොනැගිටින්නෙමි.

‘න ත්‍වෙවාහං සම‍්මාසම‍්බොධිං අප‍්පත්‍වා ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමී’”ති අසනිසතසන‍්නිපාතෙනපි අභෙජ‍්ජරූපං අපරාජිතපල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි.

මම සම්බෝධියට නොපැමිණ මේ පලඟ නොබිඳින්නෙමියි. හෙණ සියයක් පාත්වුවද බිඳිය නොහැකි වූ අපරාජිත පලඟ ඇසුරුකොට හුන්නේය.

තස‍්මිං සමයෙ මාරො පාපිමා – “සිද‍්ධත්‍ථකුමාරො මය‍්හං වසං අතික‍්කමිතුකාමො, න දානිස‍්ස අතික‍්කමිතුං දස‍්සාමී”ති මාරබලස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එතමත්‍ථං ආරොචෙත්‍වා මාරඝොසනං නාම ඝොසාපෙත්‍වා මාරබලං ආදාය නික‍්ඛමි. සා මාරසෙනා මාරස‍්ස පුරතො ද‍්වාදසයොජනා හොති, දක‍්ඛිණතො ච වාමතො ච ද‍්වාදසයොජනා, පච‍්ඡතො චක‍්කවාළපරියන‍්තං කත්‍වා ඨිතා, උද‍්ධං නවයොජනුබ‍්බෙධා හොති, යස‍්සා උන‍්නදන‍්තියා උන‍්නාදසද‍්දො යොජනසහස‍්සතො පට‍්ඨාය පථවිඋන්‍ද්‍රියනසද‍්දොවිය සූයති. අථ මාරො දෙවපුත‍්තො දියඩ‍්ඪයොජනසතිකං ගිරිමෙඛලං නාම හත්‍ථිං අභිරුහිත්‍වා බාහුසහස‍්සං මාපෙත්‍වා නානාවුධානි අග‍්ගහෙසි. අවසෙසායපි මාරපරිසාය ද‍්වෙ ජනා එකසදිසා එකසදිසං ආවුධං ගණ‍්හන‍්තා නාහෙසුං. නානාවණ‍්ණා නානප‍්පකාරමුඛා හුත්‍වා නානාවුධානි ගණ‍්හන‍්තා බොධිසත‍්තං අජ‍්ඣොත්‍ථරමානා ආගමංසු.

එසමයේ පවිටු මාරයා සිද්ධාර්ථ කුමාරයා මගේ බලය ඉක්මවනු කැමැත්තේය. දැන් එය ඉක්මවීමට ඔහුට ඉඩ නොදෙන්නෙමියි මාර බලකාය සමීපයට ගොස් මේ කාරණය දන්වා මාර ඝෝෂාවකින් ගිගුම් දී මාරසේනාව රැගෙන නික්මුණේය. ඒ මාරසේනාව මාරයා පෙරටුව දොළොස් යොදුනක් වෙයි. දකුණින් ද, වමෙන් ද දොළොස් යොදුනක් වෙයි. පසුපසින් සක්වළ සීමාකොට සිටියේය. උසින් නවයොදුනක් උස් වෙයි. ඔවුන් විසින් නද දෙන ලද ගිගුම් නාද ශබ්දය යොදුන් දහසක පටන් පොළොව බිඳහෙළන ශබ්දය මෙන් ඇසේ. ඉක්බිති මාරදිව්‍ය පුත්‍රයා අඩයොදුනක් සහිත ගිරිමේඛලා නම් ඇතා පිට නැගී අත් දහසක් මවා නොයෙක් ආයුධ එසවීය. අවශේෂ මාර සේනාවද, ජනකාය දෙකක් එකකට එකක් අසමානව සැදී, එකිනෙකට අසමාන ආයුධ ගනිමින් ආහ. නොයෙක් වර්ණයෙන්ද නොයෙක් ආකාර මුහුණුවලින්ද නොයෙක් ආයුධ ගනිමින්ද බෝසතුන් මැඩගෙන යන්නාක් මෙන් පැමිණියහ.

දසසහස‍්සචක‍්කවාළදෙවතා පන මහාසත‍්තස‍්ස ථුතියො වදමානා අට‍්ඨංසු. සක‍්කො දෙවරාජා විජයුත‍්තරසඞ‍්ඛං ධමමානො අට‍්ඨාසි. සො කිර සඞ‍්ඛො වීසහත්‍ථසතිකො හොති, සකිං වාතං ගාහාපෙත්‍වා ධමියමානො චත‍්තාරො මාසෙ සද‍්දං කරිත්‍වා නිස‍්සද‍්දො හොති. මහාකාළනාගරාජා අතිරෙකපදසතෙන වණ‍්ණං වණ‍්ණෙන‍්තොව අට‍්ඨාසි, මහාබ්‍රහ‍්මා සෙතච‍්ඡත‍්තං ධාරයමානො අට‍්ඨාසි. මාරබලෙ පන බොධිමණ‍්ඩං උපසඞ‍්කමන‍්තෙ තෙසං එකොපි ඨාතුං නාසක‍්ඛි, සම‍්මුඛසම‍්මුඛට‍්ඨානෙනෙව පලායිංසු. කාළො නාම නාගරාජාපි පථවියං නිමුජ‍්ජිත්‍වා පඤ‍්චයොජනසතිකං මඤ‍්ජෙරිකනාගභවනං ගන‍්ත්‍වා උභොහි හත්‍ථෙහි මුඛං පිදහිත්‍වා නිපන‍්නො. සක‍්කො දෙවරාජාපි විජයුත‍්තරසඞ‍්ඛං පිට‍්ඨියං කත්‍වා චක‍්කවාළමුඛවට‍්ටියං අට‍්ඨාසි, මහාබ්‍රහ‍්මා සෙතච‍්ඡත‍්තං කොටියං ගහෙත්‍වා බ්‍රහ‍්මලොකමෙව අගමාසි. එකදෙවතාපි ඨාතුං සමත්‍ථා නාම නාහොසි. මහාපුරිසො පන එකකොව නිසීදි.

දසදහසක් සක්වල දේවතාවෝ මහබෝසතුන්ට තුති පුදමින් සිටියහ. ශක්‍ර දිව්‍යරාජයා විජයොත් නම් සක පිඹිමින් සිටියේය. ඒ සක අත් විස්සකින් ඉසිලිය යුතු වෙයි. තෙමේ වාතය ගෙන, පිඹිමින් සාර මාසයක් ශබ්දකොට නිශ්ශබ්ද වෙයි. මහාකාල නාරජු, අතිරේක වචන සියයකින් වර්ණනා කරමින් සිටියේය. මහා බ්‍රහ්මයා සුදු කුඩයක් දරමින් සිටියේය. මාරසේනාව බෝධි මණ්ඩලය වෙත පැමිණෙන කල්හි ඔවුන් එකකුට හෝ සිටීමට නොහැකි විය. ඔව්හු හිස් ලූ ලූ අත පලාගියහ. නාරජුද පොළොවේ ගිලී යොදුන් පන්සියයක් පමණ වූ මඤ්ජරී නාග භවනයට ගොස් දෑතින් මුව වසාගෙන හොත්තේය. ශක්‍ර දේවරාජයාද විජයොත් සක පිටේ තබාගෙන සක්වල මුවවිට සිටියේය. මහා බ්‍රහ්මයා සුදුකුඩය සක්වළ කෙළවර තබා බ්‍රහ්මලෝකයටම ගියේය. එක් දේවතාවකුට හෝ සිටීමට හැකි වූයේ නැත. මහාබෝසත්හු හුදකලාවම සිටියේය.

මාරොපි අත‍්තනො පරිසං ආහ – “තාතා, සුද‍්ධොදනපුත‍්තෙන සිද‍්ධත්‍ථෙන සදිසො අඤ‍්ඤො පුරිසො නාම නත්‍ථි, මයං සම‍්මුඛා යුද‍්ධං දාතුං න සක‍්ඛිස‍්සාම, පච‍්ඡාභාගෙන දස‍්සාමා”ති. මහාපුරිසොපි තීණි පස‍්සානි ඔලොකෙත්‍වා සබ‍්බදෙවතානං පලාතත‍්තා සුඤ‍්ඤානි අද‍්දස. පුන උත‍්තරපස‍්සෙන මාරබලං අජ‍්ඣොත්‍ථරමානං දිස‍්වා “අයං එත‍්තකො ජනො මං එකකං සන්‍ධාය මහන‍්තං වායාමං කරොති, ඉමස‍්මිං ඨානෙ මය‍්හං මාතා වා පිතා වා භාතා වා අඤ‍්ඤො වා කොචි ඤාතකො නත්‍ථි, ඉමා පන දස පාරමියොව මය‍්හං දීඝරත‍්තං පුට‍්ඨපරිජනසදිසා. තස‍්මා මයා පාරමියොව බලග‍්ගං කත්‍වා පාරමිසත්‍ථෙනෙව පහරිත්‍වා ඉමං බලකායං විද‍්ධංසෙතුං වට‍්ටතී”ති දස පාරමියො ආවජ‍්ජමානො නිසීදි.

මාරයාද තම පිරිසට කීවේය. දරුවනි; සුද්ධෝදන පුත්‍ර වූ සිද්ධාර්ථ සමාන වෙනත් පුරුෂයකු නැත. අපි ඉදිරියේ යුද්ධ කිරීමට නොහැකි වන්නෙමු. පසුපසින් යමු! යි බෝසත්හුද තුන්පැත්ත බලා සියළු දේවතාවන් පලාගිය බැවින් ශූන්‍ය බව දුටුවේය. නැවත උතුරු පැත්තෙන් මාරසේනාව ආක්‍රමණය කරන බව දැක, මෙපමණ ජනතාව මා හුදකලා කොට එක් අයකු මා පරාජය කිරීම සදහා මහත් වෑයමක් කරයි. මේ ස්ථානයේන මගේ මව හෝ පියා හෝ සහෝදරයෙක් හෝ අනෙක් නෑදෑයෙක් හෝ නැත. මේ වනාහි මා දීර්ඝ කාලයක් පුරා දසපාරමීදම් පුරා, දරුපිරිස හා සේවක ජනතාව සමාන වූයේ එහෙයින් මා විසින් පාරමිතා බලය මුල්කොට පාරමිතා සැතින්ම පහරදී මේ බලකාය පලවා හැරීමට වටී යයි දස පාරමිතා ආවර්ජනා කරමින්ම සිටියේය.

අථ ඛො මාරො දෙවපුත‍්තො – “වාතෙනෙව සිද‍්ධත්‍ථං පලාපෙස‍්සාමී”ති වාතමණ‍්ඩලං සමුට‍්ඨාපෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙව පුරත්‍ථිමාදිභෙදාවාතා සමුට‍්ඨහිත්‍වා අද‍්ධයොජනයොජනද‍්වියොජනතියොජනප‍්පමාණානි පබ‍්බතකූටානි පදාලෙත්‍වා වනගච‍්ඡරුක‍්ඛාදීනි උද‍්ධංමූලානි කත්‍වා සමන‍්තා ගාමනිගමෙ චුණ‍්ණවිචුණ‍්ණෙ කාතුං සමත්‍ථාපි මහාපුරිසස‍්ස පුඤ‍්ඤතෙජෙන විහතානුභාවා බොධිසත‍්තං පත්‍වා බොධිසත‍්තස‍්ස චීවරකණ‍්ණමත‍්තම‍්පි චාලෙතුං නාසක‍්ඛිංසු. තතො – “උදකෙන නං අජ‍්ඣොත්‍ථරිත්‍වා මාරෙස‍්සාමී”ති මහාවස‍්සං සමුට‍්ඨාපෙසි. තස‍්සානුභාවෙන උපරූපරි සතපටලසහස‍්සපටලාදිභෙදා වලාහකා උට‍්ඨහිත්‍වා වස‍්සිංසු. වුට‍්ඨිධාරාවෙගෙන පථවී ඡිද‍්දාවඡිද‍්දා අහොසි. වනරුක‍්ඛාදීනං උපරිභාගෙන මහාමෙඝො ආගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස චීවරෙ උස‍්සාවබින්‍දුගහණමත‍්තම‍්පි තෙමෙතුං නාසක‍්ඛි. තතො පාසාණවස‍්සං සමුට‍්ඨාපෙසි. මහන‍්තානි මහන‍්තානි පබ‍්බතකූටානි ධූමායන‍්තානි පජ‍්ජලන‍්තානි ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තං පත්‍වා දිබ‍්බමාලාගුළභාවං ආපජ‍්ජිංසු. තතො පහරණවස‍්සං සමුට‍්ඨාපෙසි. එකතොධාරා උභතොධාරා අසිසත‍්තිඛුරප‍්පාදයො ධූමායන‍්තා පජ‍්ජලන‍්තා ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තං පත්‍වා දිබ‍්බපුප‍්ඵානි අහෙසුං. තතො අඞ‍්ගාරවස‍්සං සමුට‍්ඨාපෙසි. කිංසුකවණ‍්ණා අඞ‍්ගාරා ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස පාදමූලෙ දිබ‍්බපුප‍්ඵානි හුත්‍වා විකිරිංසු. තතො කුක‍්කුළවස‍්සං සමුට‍්ඨාපෙසි. අච‍්චුණ‍්හො අග‍්ගිවණ‍්ණො කුක‍්කුළො ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස පාදමූලෙ චන්‍දනචුණ‍්ණං හුත්‍වා නිපතති. තතො වාලුකාවස‍්සං සමුට‍්ඨාපෙසි. අතිසුඛුමා වාලුකා ධූමායන‍්තා පජ‍්ජලන‍්තා ආකාසෙනාගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස පාදමූලෙ දිබ‍්බපුප‍්ඵානි හුත්‍වා නිපතිංසු. තතො කලලවස‍්සං සමුට‍්ඨාපෙසි, තං කලලං ධූමායන‍්තං පජ‍්ජලන‍්තං ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස පාදමූලෙ දිබ‍්බවිලෙපනං හුත්‍වා නිපතති. තතො “ඉමිනා භිංසෙත්‍වා සිද‍්ධත්‍ථං පලාපෙස‍්සාමී”ති අන්‍ධකාරං සමුට‍්ඨාපෙසි. තං චතුරඞ‍්ගසමන‍්නාගතං අන්‍ධකාරං විය මහාතමං හුත්‍වා බොධිසත‍්තං පත්‍වා සූරියප‍්පභාවිහතං විය අන්‍ධකාරං අන‍්තරධායි.

ඉක්බිති මාරදිව්‍යපුත්‍රයා සුළඟින්ම සිද්ධාර්ථව පලවා හරින්නෙමියි (වාත) සුළං බලයක් නිකුත් කළේය. එකෙණෙහිම මුලදීම බිඳුණු වාතය යොදුන් අඩක් යොදුනක් යොදුන් දෙකක තුනක පමණ, මහා පර්වත පුරා වනාන්තරයේ මහා ගස් මුලින් උදුරා දමා, හාත්පස ගම් නියම්ගම් සුණුවිසුණු කිරීමට සමත් වුවද, මහ බෝසතුන්ගේ පින් තේජසින් පැතිරුණු ආනුභාවයෙන් බෝසතුන්ගේ සිවුරු කොනක්වත් සෙලවීමට නොහැකි වූහ. ඉක්බිති ජලයෙහි ගිල්වා මරන්නෙමියි මහා වර්ෂාවක් වැස්සවීය. වළාකුළු එකිනෙක මත සියක් වලාපටල නැගී දහසක් පටලවලට බෙදී වර්ෂාව වැස්සහ. වර්ෂා ධාරාවල වේගයෙන් පොළොව සිදුරු විය. වනාන්තරයේ ගස්වැල් මහසැඩ පහරක් අවුත් බෝසතුන්ගේ උසට සිටියද, වැසිවලින් බෝසතුන්ගේ සිවුරු කොනක් පිණිබිඳකින් තෙමෙන පමණටවත් තෙමීමට නුපුළුවන් විය. ඉක්බිති ඔහු ගල් වර්ෂාවක් වස්සවන ලදි. මහත් මහත් වූ ගල් පර්වත දුම් දමමින්, ගිනිගනිමින් අහසින් වැටේ. බෝසතුන් ළඟ වැටුණු ඒ ගල් දිවමල් ගොමු බවට පත්විය. ඉක්බිති ආයුධ-ප්‍රහාරණ වර්ෂාවක් වැස්සවීය. එක පැත්ත දෙපැත්ත කැපෙන කඩු මුවහත් මෙන් තියුණු මුවහත් ඇති අවි ආයුධ දුම දමමින් දිළිසෙමින් අහසින් අවුත් බෝසතුන් සමීපයට වැටුණු ඒ ආයුධ දිව්‍ය පුෂ්ප බවට පත්විය. ඉක්බිති අඟුරු වැස්සක් මැවීය. කිණිහිරි මල් වැනි දිළියෙන අඟරු අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල ඒ අඟුරු දිව්‍යමල් බවට පත්වී විසිරුණහ. ඉක්බිති උණු අළු වර්ෂාවක් මවාපීය. ඉතා උණු ගිනියම් වූ උණු අළු අහසින් ඇවිත් බෝසතුන්ගේ පාද මූලයේ සඳුන්කුඩු බවට පත්වී වැටුණි. ඉක්බිති වැලි වර්ෂාවක් එවීය. ඉතා සියුම් වැලි, දුම් දමමින් ගිනිගෙන බැබළෙමින් අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල දිව්‍ය පුෂ්ප බවට පත්වී වැටුණාහ. ඉක්බිති මඩ වර්ෂාවක් එවන ලදි. ඒ මඩ දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල දිව්‍ය විලේපන බවට පත්වී වැටුණේය. ඉක්බිති මේ අයුරින් හිංසාකොට සිද්ධාර්ථ බියගන්වා පලවා හරින්නෙමියි, අන්ධකාරයක් මවන ලදි. එය සතර ආකාරයෙන් සමන්විත අඳුරක් මෙන් මහා අඳුරක් වී බෝසතුන් වෙත පැමිණ සූර්යාලේකය පැතිරෙන්නාක් මෙන් අඳුර අතුරුදන් විය.

එවං සො මාරො ඉමාහි නවහි වාතවස‍්සපාසාණපහරණඅඞ‍්ගාරකුක‍්කුළවාලුකාකලලන්‍ධකාරවුට‍්ඨීහි බොධිසත‍්තං පලාපෙතුං අසක‍්කොන‍්තො – “කිං, භණෙ, තිට‍්ඨථ, ඉමං සිද‍්ධත්‍ථකුමාරං ගණ‍්හථ හනථ පලාපෙථා”ති අත‍්තනො පරිසං ආණාපෙත්‍වා සයම‍්පි ගිරිමෙඛලස‍්ස හත්‍ථිනො ඛන්‍ධෙ නිසින‍්නො චක‍්කාවුධං ආදාය බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “සිද‍්ධත්‍ථ, උට‍්ඨෙහි එතස‍්මා පල‍්ලඞ‍්කා, නායං තුය‍්හං පාපුණාති, මය‍්හං එස පාපුණාතී”ති ආහ. මහාසත‍්තො තස‍්ස වචනං සුත්‍වා අවොච – “මාර, නෙව තයා දස පාරමියො පූරිතා, න උපපාරමියො, න පරමත්‍ථපාරමියො, නාපි පඤ‍්ච මහාපරිච‍්චාගා පරිච‍්චත‍්තා, න ඤාතත්‍ථචරියා, න ලොකත්‍ථචරියා, න බුද‍්ධත්‍ථචරියා පූරිතා, සබ‍්බා තා මයායෙව පූරිතා, තස‍්මා නායං පල‍්ලඞ‍්කො තුය‍්හං පාපුණාති, මය‍්හෙවෙසො පාපුණාතී”ති.

මෙසේ ඒ මාරයා මේ වාත, වැසි, ගල්, ආයුධ, වාත වර්ෂා, පාසාණ, අඟුරු, උණුඅලු, වැලි, මඩ, අඳුරු නවාකාර වර්ෂාවලින් බෝසතුන් පලවාහැරීමට නොහැකි වන්නේ, බොල; කුමකට සිටිවුද? මේ සිද්ධාර්ථ කුමාරයා ගනිවු! පහර දෙවු! පලවා හරිවු! යයි තමන්ගේ පිරිසට අණකොට, තෙමේ ගිරිමේඛලා ඇතුගේ කඳෙහි හුන්නේ, චක්‍රායුධය ගෙන බෝසතුන් වෙත එළඹ සිද්ධාර්ථය; නැගිටින්න. මේ පලඟින් ඔබට පැමිණීමට නොහැකියි. එයට මම පැමිණෙමි යනුවෙන් කීවේය. බෝසත් ඔහුගේ වචන අසා මෙසේ කීවේය. මාරය; ඔබ විසින් දසපාරමිතා පුරා නොමැත. දස උප පාරමිතාද පුරා නැත. දස පරමාර්ථ පාරමිතාද පුරා නැත. පංචමහා පරිත්‍යාග සිදුකර නොමැත. ඤාති චර්යාව නැත. ලෝකාර්ථ චරියාවද නැත. බුද්ධ චර්යාව ද පුරා නොමැත. සියල්ල මා විසින් පුරා ඇත. එහෙයින් ඔබට පළඟෙහි හිමිකමක් නැත. එය මා වෙතම පැමිණෙයි.

මාරො කුද‍්ධො කොධවෙගං අසහන‍්තො මහාපුරිසස‍්ස චක‍්කාවුධං විස‍්සජ‍්ජෙසි. තං තස‍්ස දස පාරමියො ආවජ‍්ජෙන‍්තස‍්සෙව උපරිභාගෙ මාලාවිතානං හුත්‍වා අට‍්ඨාසි. තං කිර ඛුරධාරං චක‍්කාවුධං අඤ‍්ඤදා කුද‍්ධෙන විස‍්සට‍්ඨං එකග‍්ඝනපාසාණත්‍ථම‍්භෙ වංසකළීරෙ විය ඡින්‍දන‍්තං ගච‍්ඡති. ඉදානි පන තස‍්මිං මාලාවිතානං හුත්‍වා ඨිතෙ අවසෙසා මාරපරිසා “ඉදානි සිද‍්ධත්‍ථො පල‍්ලඞ‍්කතො වුට‍්ඨාය පලායිස‍්සතී”ති මහන‍්තමහන‍්තානි සෙලකූටානි විස‍්සජ‍්ජෙසුං, තානිපි මහාපුරිසස‍්ස දස පාරමියො ආවජ‍්ජෙන‍්තස‍්ස මාලාගුළභාවං ආපජ‍්ජිත්‍වා භූමියං පතිංසු. දෙවතා චක‍්කවාළමුඛවට‍්ටියං ඨිතා ගීවං පසාරෙත්‍වා සීසං උක‍්ඛිපිත්‍වා “නට‍්ඨො වත, භො, සිද‍්ධත්‍ථකුමාරස‍්ස රූපග‍්ගප‍්පත‍්තො අත‍්තභාවො, කිං නු ඛො සො කරිස‍්සතී”ති ඔලොකෙන‍්ති.

මාරයා, කිපුණේ, ක්‍රෝධ වේගය නොඉවසන්නේ බෝසතුන් වෙත චක්‍රායුධය දමා ගැසීය. එය පාරමිතා සිහිපත් කරන්නා වූ බෝසතුන්ගේ හිස මතුයෙහි මල් වියනක් මෙන් සිටියේය. එම සියුම් මුවහත් ඇති චක්‍රායුධය, කිපුණු මරුවා විසින් වෙන දිනක විහිදුවා හළේ නම්, කළුගල් පර්වතයක් වුවද හුණබඩක් මෙන් සිඳී යන්නේය. අද ඒ චක්‍රායුධය බෝසතුන්ගේ හිස මතුයේ මල් වියනක් මෙන් පිහිටියේය. මරසෙනඟ දැන් දැන් බෝසතුන් පළඟ හැර පලායතැයි මහත් මහත් ගල්කුළු පෙරළා හැරියත් ඒවාද බෝසතුන් ඉදිරියේ මල්ගුලා බවට පත්ව බිම පතිත විය. දේවතාවෝ චක්‍රාවාටයේ මුව අභියස සිටියෝ. බෙල්ල දිගුකර, හිස ඔසවා ඒකාන්තයෙන් සිද්ධාර්ථ කුමාරයාගේ රූපයෙන් අග පැමිණි ආත්මභාවය විනාශ වූයේය. ඔහු කුමක් කරන්නේදැයි බලත්.

තතො බොධිසත‍්තො “පූරිතපාරමීනං බොධිසත‍්තානං සම‍්බුජ‍්ඣනදිවසෙ පත‍්තපල‍්ලඞ‍්කො මය‍්හං පාපුණාතී”ති වත්‍වා ඨිතං මාරං ආහ – “මාර, තුය‍්හං දානස‍්ස දින‍්නභාවෙ කො සක‍්ඛී”ති. මාරො “ඉමෙ එත‍්තකාව ජනා සක‍්ඛිනො”ති මාරබලාභිමුඛං හත්‍ථං පසාරෙසි. තස‍්මිං ඛණෙ මාරපරිසාය “අහං සක‍්ඛි, අහං සක‍්ඛී”ති පවත‍්තසද‍්දො පථවිඋන්‍ද්‍රියනසද‍්දසදිසො අහොසි. අථ මාරො මහාපුරිසං ආහ – “සිද‍්ධත්‍ථ, තුය‍්හං දානස‍්ස දින‍්නභාවෙ කො සක‍්ඛී”ති. මහාපුරිසො “තුය‍්හං තාව දානස‍්ස දින‍්නභාවෙ සචෙතනා සක‍්ඛිනො, මය‍්හං පන ඉමස‍්මිං ඨානෙ සචෙතනො කොචි සක‍්ඛි නාම නත්‍ථි, තිට‍්ඨතු තාව මෙ අවසෙසඅත‍්තභාවෙසු දින‍්නදානං, වෙස‍්සන‍්තරත‍්තභාවෙ පන ඨත්‍වා මය‍්හං සත‍්තසතකමහාදානස‍්ස තාව දින‍්නභාවෙ අචෙතනාපි අයං ඝනමහාපථවී සක‍්ඛී”ති චීවරගබ‍්භන‍්තරතො දක‍්ඛිණහත්‍ථං අභිනීහරිත්‍වා “වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨත්‍වා මය‍්හං සත‍්තසතකමහාදානස‍්ස දින‍්නභාවෙ ත්‍වං සක‍්ඛි, න සක‍්ඛී”ති මහාපථවියාභිමුඛං හත්‍ථං පසාරෙසි. මහාපථවී “අහං තෙ තදා සක‍්ඛී”ති විරවසතෙන විරවසහස‍්සෙන විරවසතසහස‍්සෙන මාරබලං අවත්‍ථරමානා විය උන‍්නදි.

ඉක්බිති බෝධිසත්ත්වයෝ පුරණ ලද පාරමිතා බෝසතාණන්ගේ අභිසම්බෝධි ලබන දිනයේ පැමිණි පලඟ මට පැමිණෙයි කියා සිටි මාරයාට මෙසේ කීවේය. මාරය! ඔබ විසින් දෙන ලද දානයන් පිළිබඳව කවරෙක් සාක්ෂිද? මාරයා මෙපමණ ජනතාව මට සාක්ෂි වෙයි යයි මාරබල සේනාව ඉදිරියට අත දිගු කළේය. එකෙණෙහිම මාර පිරිසද මම සාක්ෂි, මම සාක්ෂි යයි පවත්වන ශබ්දය පොළොව පලාගෙන යන ආකාරයක් විය. එවිට මාරයා බෝසතුන්ට කීවේය. සිද්ධාර්ථය; ඔබ දාන දෙන ලද බවට කවරෙක් සාක්ෂිද? බෝධිසත්ත්වයෝ ඔබ දන් දෙන ලද බවට චේතනා සහිත සාක්ෂි වෙති. මට වනාහි මේ ස්ථානයේ පණ ඇති සාක්ෂි කිසිවක් නැත. ටික වේලාවක් සිටීවා! මාගේ අවශේෂ ආත්මභාවවල දුන් දාන තබා, එක වෙස්සන්තර ආත්ම භාවයේ සිට සත්සියයක් මහදන් මා විසින් දුන් බවට, අචේතන වුවද මේ මහ ඝනපොළොව සාක්ෂි යයි, සිවුරුගැබ අතරින් දකුණු අත ඉවතට ගෙන, වෙස්සන්තර ආත්මභාවයේ සිට මා විසින් සත්සියයක් මහදන් දුන් බවට ඔබ සාක්ෂිද? සාක්ෂි නැතිද? කියමින් මහපොළොව දෙසට අත දිගු කළේය. මහපොළොව මම ඔබ ඔබට සාක්ෂි යැයි සියක් වරක් හඬනගමින්, දහස්වරක් හඬ නගමින් දසදහස් වරක් හඬ නගමින්, මාරසේනාව නිරුත්තර කරන්නාක් මෙන් නාද කළේය.

තතො මහාපුරිසෙ “දින‍්නං තෙ, සිද‍්ධත්‍ථ, මහාදානං උත‍්තමදාන”න‍්ති වෙස‍්සන‍්තරදානං සම‍්මසන‍්තෙ දියඩ‍්ඪයොජනසතිකො ගිරිමෙඛලහත්‍ථී ජණ‍්ණුකෙහි පථවියං පතිට‍්ඨාසි, මාරපරිසා දිසාවිදිසා පලායිංසු, ද‍්වෙ එකමග‍්ගෙන ගතා නාම නත්‍ථි, සීසාභරණානි චෙව නිවත්‍ථවසනානි ච ඡඩ‍්ඩෙත්‍වා සම‍්මුඛසම‍්මුඛදිසාහියෙව පලායිංසු. තතො දෙවසඞ‍්ඝා පලායමානං මාරබලං දිස‍්වා “මාරස‍්ස පරාජයො ජාතො, සිද‍්ධත්‍ථකුමාරස‍්ස ජයො ජාතො, ජයපූජං කරිස‍්සාමා”ති දෙවතා දෙවතානං, නාගා නාගානං, සුපණ‍්ණා සුපණ‍්ණානං, බ්‍රහ‍්මානො බ්‍රහ‍්මානං ඝොසෙත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා මහාපුරිසස‍්ස සන‍්තිකං බොධිපල‍්ලඞ‍්කං ආගමංසු.

අනතුරුව; සිද්ධාර්ථය, ඔබ මහාපුරුෂ වූ ඔබ දෙන ලද දාන මහාදාන වේ. උත්තම දාන වේ. යනුවෙන් වෙස්සන්තර දානය සිහිපත් කරමින් අඩසියයක් යොදුන් ඇති ගිරිමේඛලා ඇතා දණහිසින් පිහිටුවීය. මාර පිරිස දිසාවිදිසා බලා පලාගියහ. දෙදෙනෙක් එකමගක ගිය බවක් නැත. හස් ආභරණද, ඇඳි වස්ත්‍රද හැරදමා හමුවන හමුවන දිසාවලටම පලාගියහ. ඉක්බිති දේව සමූහයා, පලායන මාරබලය දැක මාරයාට පරාජය අත්විය. සිද්ධාර්ථ කුමාරයාට ජය අත්විය. අප ඔහුට ජය පූජා කරන්නෙමුයි නාගයෝ නාගයන්ට, ගුරුලෝ ගුරුලන්ට, දේවතාවෝ දේවතාවන්ට, බ්‍රහ්මයෝ බ්‍රහ්මයන්ට ඝෝෂා කරවා සුවඳමල් ආදිය ගත් අත් ඇතිව, බෝසතුන්ගේ සමීපයට බෝධිපල්ලංකය වෙත ගියහ.

එවං ගතෙසු පන තෙසු –

එසේ ගියකල්හි :-

“ජයො හි බුද‍්ධස‍්ස සිරීමතො අයං, මාරස‍්ස ච පාපිමතො පරාජයො; උග‍්ඝොසයුං බොධිමණ‍්ඩෙ පමොදිතා, ජයං තදා දෙවගණා මහෙසිනො.

“සිරිමත් බුදුරදුන්ට ජයවේවා! පාපි වූ මාරයාට පැරදුම වේවා! බෝධිමණ්ඩලයේ ප්‍රමුදිත වූ, මහර්ෂීන්ට ජය අත්වේවායි නාගසේනාව මහත් වූ හඬ නගා ප්‍රකාශ කළහ.

“ජයො හි බුද‍්ධස‍්ස සිරීමතො අයං, මාරස‍්ස ච පාපිමතො පරාජයො; උග‍්ඝොසයුං බොධිමණ‍්ඩෙ පමොදිතා, ජයං තදා නාගගණා මහෙසිනො.

“සිරිමත් වූ මේ බුදුරදුන්ට ජයවේවා! පාපී වූ මාරයාට පැරදුම වේවා! බෝධි මණ්ඩලයේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජය අත්වේවායි සුඵර්ණ සේනාව මහත්වූ හඬනගා ඝෝෂා කළහ.

“ජයො හි බුද‍්ධස‍්ස සිරීමතො අයං, මාරස‍්ස ච පාපිමතො පරාජයො; උග‍්ඝොසයුං බොධිමණ‍්ඩෙ පමොදිතා, ජයං තදා සුපණ‍්ණසඞ‍්ඝාපි මහෙසිනො.

“සිරිමත් වූ මේ බුදුරදුන්ට ජයවේවා! පාපී වූ මාරයාට පැරදුම වේවා! බෝධි මණ්ඩපයේ ප්‍රමුදිතව මහර්ෂීන්ට ජය අත්වේවායි දෙව් පිරිස මහත් වූ හඬනගා ඝෝෂා කළහ.

“ජයො හි බුද‍්ධස‍්ස සිරීමතො අයං, මාරස‍්ස ච පාපිමතො පරාජයො; උග‍්ඝොසයුං බොධිමණ‍්ඩෙ පමොදිතා, ජයං තදා බ්‍රහ‍්මගණා මහෙසිනො”ති. –

“සිරිමත් වූ බුදුරදුන්ට ජයවේවා! පාපී වූ මාරයාට පැරදුම වේවා! බෝධිමඩුල්ලේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජය අත්වේවායි මහත් වූ හඬ නගා ඝෝෂා කළහ.

අවසෙසා දසසු චක‍්කවාළසහස‍්සෙසු දෙවතා මාලාගන්‍ධවිලෙපනෙහි පූජයමානා නානප‍්පකාරා ච ථුතියො වදමානා අට‍්ඨංසු. එවං ධරමානෙයෙව සූරියෙ මහාපුරිසො මාරබලං විධමිත්‍වා චීවරූපරි පතමානෙහි බොධිරුක‍්ඛඞ‍්කුරෙහි රත‍්තපවාළදලෙහි විය පූජියමානො පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමෙ පටිච‍්චසමුප‍්පාදෙ ඤාණං ඔතාරෙසි. අථස‍්ස ද‍්වාදසපදිකං පච‍්චයාකාරං වට‍්ටවිවට‍්ටවසෙන අනුලොමපටිලොමතො සම‍්මසන‍්තස‍්ස දසසහස‍්සී ලොකධාතු උදකපරියන‍්තං කත්‍වා ද‍්වාදසක‍්ඛත‍්තුං සඞ‍්කම‍්පි.

අවශේෂ, දසදහසක් සක්වල දේවතාවෝ මල්සුවඳ විලේපනවලින් පුදනු ලබන්නෝ නානාප්‍රකාර වූ ස්තුති වදන් කියමින් සිටියහ. මෙසේ හිරු පායා සිටියදීම මහා පුරුෂයා මාරබලය පලවාහැර, රන්පබළු දැළකින් පුදන්නාක් මෙන් බෝ අංකුරවලින්ද, රතු පබළු මෙන් වූ ළාදළුවලින්ද පුදනු ලබන්නේ, පළමු යාමයේම පූර්වේනිවාසානුස්සති ඤාණය (පෙර භවය පිළිබඳ සිහිකරන) මධ්‍යම යාමයේ දිබ්බචක්ඛු (දිවැස්) ඤාණයද පිරිසිදුකොට පශ්චිම යාමයේ පටිච්ච සමුප්පාද ඤාණය ලබාගත්හ. ඉක්බිති උන්වහන්සේ දොළොස් වැදෑරුම් වූද මුලසිට අගට අගසිට මුලට වශයෙන්ද, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන්ද මෙනෙහි කරන්නාහු, සමුදුර සීමාකොට ඇති දසදහසක් ලෝකධාතුව දහදොළොස් වාරයක් කම්පා විය.

මහාපුරිසෙ පන දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙත්‍වා අරුණුග‍්ගමනවෙලාය සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣන‍්තෙ සකලා දසසහස‍්සී ලොකධාතු අලඞ‍්කතපටියත‍්තා අහොසි. පාචීනචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සාපිතානං ධජානං පටාකා පච‍්ඡිමචක‍්කවාළමුඛවට‍්ටිං පහරන‍්ති, තථා පච‍්ඡිමචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සාපිතානං ධජානං පටාකා පාචීනචක‍්කවාළමුඛවට‍්ටිං පහරන‍්ති, දක‍්ඛිණචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සාපිතානං ධජානං පටාකා උත‍්තරචක‍්කවාළමුඛවට‍්ටිං පහරන‍්ති, උත‍්තරචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සාපිතානං ධජානං පටාකා දක‍්ඛිණචක‍්කවාළමුඛවට‍්ටිං පහරන‍්ති, පථවිතලෙ උස‍්සාපිතානං ධජානං පටාකා බ්‍රහ‍්මලොකං ආහච‍්ච අට‍්ඨංසු, බ්‍රහ‍්මලොකෙ බද‍්ධානං ධජානං පටාකා පථවිතලෙ පතිට‍්ඨහිංසු, දසසහස‍්සෙසු චක‍්කවාළෙසු පුප‍්ඵූපගා රුක‍්ඛා පුප‍්ඵං ගණ‍්හිංසු, ඵලූපගා රුක‍්ඛා ඵලපිණ‍්ඩිභාරසහිතා අහෙසුං. ඛන්‍ධෙසු ඛන්‍ධපදුමානි පුප‍්ඵිංසු, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි, ආකාසෙ ඔලම‍්බකපදුමානි, ඝනසිලාතලානි භින්‍දිත්‍වා උපරූපරි සතපත‍්තානි හුත්‍වා දණ‍්ඩකපදුමානි උට‍්ඨහිංසු. දසසහස‍්සී ලොකධාතු වට‍්ටෙත්‍වා විස‍්සට‍්ඨමාලාගුළා විය සුසන්‍ථතපුප‍්ඵසන්‍ථාරො විය ච පුප‍්ඵාභිකිණ‍්ණා අහොසි. චක‍්කවාළන‍්තරෙසු අට‍්ඨයොජනසහස‍්සා ලොකන‍්තරිකනිරයා සත‍්තසූරියප‍්පභාහිපිඅනොභාසිතපුබ‍්බා තදා එකොභාසා අහෙසුං. චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරො මහාසමුද‍්දො මධුරොදකො අහොසි, නදියො න පවත‍්තිංසු, ජච‍්චන්‍ධා රූපානි පස‍්සිංසු, ජාතිබධිරා සද‍්දං සුණිංසු, ජාතිපීඨසප‍්පිනො පදසා ගච‍්ඡිංසු, අන්‍දුබන්‍ධනාදීනි ඡිජ‍්ජිත්‍වා පතිංසු.

බෝසත්තෙම දසදහසක් ලෝකධාතුව අලංකාරයෙන් සැරසුණේ විය. නැගෙනහිර සක්වළ මුවවිටින් ඔසවන ලද්දා වූ රැස්දහර පශ්චිම සක්වළ මුවවිටට වැදේ. එපරිදි පශ්චිම චක්‍රවාටයේ මුවවිට ඔසවන ලද රැස්දහර නැගෙනහිර චක්‍රවාටයේ මුවවිට වැදේ. දකුණු සක්වල මුවවිට කෙළවර ඔසවන ලද රැස්දහර උතුරු සක්වල මුවවිට වැදේ. උතුරු සක්වල මුවවිට කෙළවර රැස්දහර දකුණු සක්වල මුවවිටට වැදේ. පොළෝතලයේ චක්‍රවාටය මුවවිට ඔසවන ලද ධජ පතාකයන්ගේ කෙළවර බ්‍රහ්මලෝකයෙහි හැපේ. බ්‍රහ්මලෝකයේ බඳනා ලද ධජ පතාකයන්ගේ කෙළවර මහපොළොව මත පිහිටියේය. දස දහසක් සක්වල මල් නැති ගස් මල් ඵල ගත්හ. ගෙඩි නැති ගස් ඵලබරින් බර වූහ. කඳන්වල කඳ පියුම් පිපුණාහ. අතුවල අතු අග මල් පිපිණ. වැල්වල වැල් පියුම්, අහසේ එල්ලෙන පියුම්, ගල්තලා බිඳගෙන ඒ මත සත සත බැගින් වී, දණ්ඩ පියුම් පැනනැංගාහ. දසදහසක් ලෝකධාතුව වටකොට විසුරුවන ලද මල් ගුහාවක් මෙන් මල් යහනාවක් මෙන්ද මල් විසුරුණේ විය. සක්වල අතර යොදුන් අට දහසක ලෝකාන්තරික නිරයේ සත්ත්වයෝ සූර්යා ඇති කල්හිද නොබබළන්නේ වී, එදින ඒකාලෝක වූහ. අසූහතර දහසක් යොදුන් ගැඹුරැති, මහා සමුද්‍රය මිහිරි ජලයෙන් යුක්ත විය. නදීහු ගලා නොගියහ. ජාති අන්ධයෝ රූප බැලූහ. උපන් බිහිරෝ ශබ්ද ඇසූහ. උපන් කොරවූවෝ පියවර ගමන් කළහ. අඳුන් බන්‍ධනාදිය සිඳී වැටුණාහ.

එවං අපරිමාණෙන සිරිවිභවෙන පූජියමානො මහාපුරිසො අනෙකප‍්පකාරෙසු අච‍්ඡරියධම‍්මෙසු පාතුභූතෙසු සබ‍්බඤ‍්ඤුතං පටිවිජ‍්ඣිත්‍වා සබ‍්බබුද‍්ධෙහි අවිජහිතං උදානං උදානෙසි –

මෙසේ අප්‍රමාණ සිරි සම්පතින් පුදනු ලබන බෝසතාණෝ නොයෙක් ආකාර ආශ්චර්ය අද්භූත ධර්මයන් පහළවන කල්හි සර්වඥතා ඥානය අවබෝධ කොටගෙන සියළු බුදුවරුන් විසින් දෙසා වදාළ උදානයෙන් උදන් ඇනීය.

“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ‍්බිසං; ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

“නොයක් ජාතිවල සසර ඇවිද්දෙමි. සසර තනන වඩුවා සොයමින්

“ගහකාරක දිට‍්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං; විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති. (ධ· ප· 153-154);

ඔහු මට හමුවිය දනිමි හැඳින්නෙමි සසර පිරූ පාරමී බලයෙන් ගෙයක් තනන්නට මින්පසු නම් බැහැ දැවදඬු සමගින් කැණිමඩලද ගෙන සියළුම අවයව පිළිස්සුවේ උදම් අනමි අද විනාස කෙරුවෙන් ‘තණ්හා’ නම් ඇති රුදු වඩුවා

ඉති තුසිතභවනතො පට‍්ඨාය යාව අයං බොධිමණ‍්ඩෙ සබ‍්බඤ‍්ඤුතප‍්පත‍්ති, එත‍්තකං ඨානං අවිදූරෙනිදානං නාමාති වෙදිතබ‍්බං.

මෙසේ තුසිත භවනින් පටන් බෝධි මණ්ඩලයේ සර්වඥතා ඥානයට පැමිණීම දක්වා මෙපමණ තැන් අවිදූරෙ නිදාන යයි දත යුතුය.

අවිදූරෙනිදානකථා නිට‍්ඨිතා.