යෙදුමෙන් කියවන්න

මඞ‍්ගලො බුද‍්ධො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මඞ‍්ගලො බුද‍්ධො

මඞ්ගලො බුද්ධො

මඞ‍්ගලස‍්ස පන භගවතො නගරං උත‍්තරං නාම අහොසි, පිතාපි උත‍්තරො නාම ඛත‍්තියො, මාතාපි උත‍්තරා නාම දෙවී, සුදෙවො ච ධම‍්මසෙනො ච ද‍්වෙ අග‍්ගසාවකා, පාලිතො නාමුපට‍්ඨාකො, සීවලී ච අසොකා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි. නවුති වස‍්සසහස‍්සානි ඨත්‍වා පරිනිබ‍්බුතෙ පන තස‍්මිං එකප‍්පහාරෙනෙව දස චක‍්කවාළසහස‍්සානි එකන්‍ධකාරානි අහෙසුං. සබ‍්බචක‍්කවාළෙසු මනුස‍්සානං මහන‍්තං ආරොදනපරිදෙවනං අහොසි.

මංගල නම් භාග්‍යවතුන් වහන්සේගේ නගරය උත්තර නම් විය. පියාද උත්තර නම් ක්‍ෂත්‍රියෙකි. මව උත්තරා නම් දේවියයි. සුමේධ, ධම්මසේන නම් අග්‍ර ශ්‍රාවකයෝද පාලිත නම් උපස්ථායකයාද, සීවලී, අශෝකා යන අග්‍ර ශ්‍රාවිකාවෝද, නා ගස බෝධියද වූහ. අසූ අටරියන් උස ශරීරයක්ද විය. වර්ෂ අනූදහසක් සිට ඒ බුදුරදුන් පිරිනිවනට පත්කල්හි එක මොහොතකින්ම දසදහසක් සක්වල එකම ඝන අන්ධකාර විය. සියළු සක්වල මිනිසුන්ගේ මහත් හැඬීම් වැලපීම් විය.

“කොණ‍්ඩඤ‍්ඤස‍්ස අපරෙන, මඞ‍්ගලො නාම නායකො; තමං ලොකෙ නිහන‍්ත්‍වාන, ධම‍්මොක‍්කමභිධාරයී”ති. (බු· වං· 5.1);

“කොණ්ඩඤ්ඤ නම් බුදුරදුන්ගෙන් පසුව මංගල නම් රහතන් වහන්සේ, අන්ධකාරය ලොව නසා ධර්මාලෝකය පැතිරවීය.”

සුමනො බුද‍්ධො

සුමනො බුද්ධො

එවං දසසහස‍්සිලොකධාතුං අන්‍ධකාරං කත්‍වා පරිනිබ‍්බුතස‍්ස තස‍්ස භගවතො අපරභාගෙ සුමනො නාම සත්‍ථා ලොකෙ උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං. දුතියෙ කඤ‍්චනපබ‍්බතම‍්හි නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි. තදා මහාසත‍්තො අතුලො නාම නාගරාජා අහොසි මහිද‍්ධිකො මහානුභාවො. සො “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා ඤාතිසඞ‍්ඝපරිවුතො නාගභවනා නික‍්ඛමිත්‍වා කොටිසතසහස‍්සභික‍්ඛුපරිවාරස‍්ස තස‍්ස භගවතො දිබ‍්බතූරියෙහි උපහාරං කාරෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පච‍්චෙකං දුස‍්සයුගානි දත්‍වා සරණෙසු පතිට‍්ඨාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං මෙඛලං නාම අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, සිරිමා නාම මාතා දෙවී, සරණො ච භාවිතත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, උදෙනො නාමුපට‍්ඨාකො, සොණා ච උපසොණා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, නවුතිහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, නවුතියෙව වස‍්සසහස‍්සානි ආයුප‍්පමාණං අහොසි.

මෙසේ දසදහසක් ලෝකධාතුව අඳුරුකොට බුදුරදුන් පිරිනිවන්පෑමට පසුව කාලයක “සුමන” නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළවිය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේදී කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූද, කංචන පර්වතයේ දෙවෙනි සන්නිපාතයේදී අනූකෝටි ලක්‍ෂයක්ද, තුන්වෙනුව අසූකෝටියක්ද වූහ. එකල (අපගේ) බෝධිසත්ව තෙම අතුල නම් නාගරාජයා විය. හේ මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න විය. හෙතෙම බුදුරදුන් උපන්නේ යයි අසා, නෑදෑ සේනාව පිරිවරාගෙන නා භවනෙන් නික්ම, කෝටිලක්ෂයක් භික්‍ෂු සංඝයා පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය තූර්යනාදයෙන් උපහාරකොට, මහදන් පවත්වා අතිරේක වස්ත්‍ර යුගල බැගින් දී, සරණ ශීලයෙහි පිහිටීය. ඒ ශාස්තෲන් වහන්සේ, මෙතෙම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘ඛේම’ නම් විය. සුදත්ත නම් රජු පියා විය. සිරිමා නම් දේවිය මව වූවාය. සරණ, භාවිත්ත නම් අග්‍රශ්‍රාවකයෝ දෙනමකි. උදේන නම් උපස්ථායකයාද, සෝණා උපසෝණා නම් අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක්ද වූහ. නාගස බෝධියයි. අත්රියන් අනූවක් උස ශරීරයක්ද වර්ෂ අනූදහසක ආයු ප්‍රමාණයක්ද වූයේය.

“මඞ‍්ගලස‍්ස අපරෙන, සුමනො නාම නායකො; සබ‍්බධම‍්මෙහි අසමො, සබ‍්බසත‍්තානමුත‍්තමො”ති. (බු· වං· 6.1);

මංගල බුදුරජුන්ට පසුව, සියලු ධර්මයන්ට අසම වූ, සියලු සත්ත්වයන්ට උතුම් වූ සුමන නම් බුදුහු ලොව පහළවිය.

රෙවතො බුද‍්ධො

රෙවතො බුද්ධො

තස‍්ස අපරභාගෙ රෙවතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ ගණනා නත්‍ථි, දුතියෙ කොටිසතසහස‍්සභික‍්ඛූ අහෙසුං, තථා තතියෙ. තදා බොධිසත‍්තො අතිදෙවො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වා තස‍්ස සත්‍ථුනො කිලෙසප‍්පහානෙ වණ‍්ණං සුත්‍වා උත‍්තරාසඞ‍්ගෙන පූජං අකාසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො නගරං සුධඤ‍්ඤවතී නාම අහොසි, පිතා විපුලො නාම ඛත‍්තියො, මාතා විපුලා නාම, වරුණො ච බ්‍රහ‍්මදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, සම‍්භවො නාමුපට‍්ඨාකො, භද‍්දා ච සුභද‍්දා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු සට‍්ඨි වස‍්සසහස‍්සානීති.

එයට පසුකාලයේ රේවත නම් ශාස්තෲන් වහන්සේ පහළ විය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ සීමාවක් නොවේ. දෙවැන්නේ කෝටි ලක්‍ෂයක් වූහ. තෙවැන්නේද එසේමය. එකල අප බෝසත්තුමා අතිදේව නම් බ්‍රාහ්මණයෙකු වී ශාස්තෲ ධර්ම දේශනාව අසා සරණ ශීලයෙහි පිහිටියේ සිරසින් ඇඳිලි බැඳ ඒ ශාස්තෲන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ වර්ණනාව අසා උතුරුසළුව පූජා කළේය. උන්වහන්සේද, මෙතම බුදුවන්නේ යයි විවරණ කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘සුධඤ්ඤවතී’ නම් විය. පියා වුපල නම් ක්‍ෂත්‍රියෙකි. මව විපුලා නම් වූවාය. වරුණය, බ්‍රාහ්මදේවයා නමින් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමකි. උපස්ථායකයා ‘සම්භව’ නම් විය. භද්දා, සුභද්දා නමින් අග්‍රශ්‍රාවිකාවෝ දෙනමකි. ‘නාගස’ බෝධිය විය. ශරීරය අසූරියන් උස විය. ආයුෂ වර්ෂ සැටදහසකි.

“සුමනස‍්ස අපරෙන, රෙවතො නාම නායකො; අනූපමො අසදිසො, අතුලො උත‍්තමො ජිනො”ති. (බු· වං· 7.1);

සුමන බුදුරජාණන් වහන්සේගෙන් පසුව උපමා රහිත වූ අසදෘශ වූ, අසමාන වූ උත්තම ජින වූ රේවත බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක.

සොභිතො බුද‍්ධො

සොභිතො බුද්ධො

තස‍්ස අපරභාගෙ සොභිතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ කොටිසතං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො අජිතො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො නගරං සුධම‍්මං නාම අහොසි, පිතා සුධම‍්මො නාම රාජා, මාතාපි සුධම‍්මා නාම දෙවී, අසමො ච සුනෙත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අනොමො නාමුපට‍්ඨාකො, නකුලා ච සුජාතා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නාගරුක‍්ඛො බොධි , අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයුප‍්පමාණන‍්ති.

එයට පසුකාලයේ ‘සෝභිත’ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ කෝටි සියයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු අජිත නම් බ්‍රාහ්මණයෙකුව සිට ශාස්තෲ ධර්ම දේශනාව අසා, සරණ ශීලයෙහි පිහිටා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් පැවැත්වූහ. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වනහන්සේගේ නගරය සුධම්ම නම් විය. පියා සුධම්ම නම් රජුය. මව සුධර්මා නම් බිසව වූවාය. අසම, සුනෙත්ත නමින් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක්ද, අනෝම නම් උපස්ථායකයාද විය. අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනම නකුලා ද, සුජාතා ද වූහ. නාගස බෝධියයි. රියන් පනස්අටක් උස ශරීරයක් විය. වර්ෂ අනූදහසක් ආයුෂ විය.

“රෙවතස‍්ස අපරෙන, සොභිතො නාම නායකො; සමාහිතො සන‍්තචිත‍්තො, අසමො අප‍්පටිපුග‍්ගලො”ති. (බු· වං· 8.1);

රේවත බුදුන් පිරිනිවි කල්හි තැන්පත් වූ, සන්සුන් සිත් ඇති, අසම වූ සමානයකු නැති, සෝභිත නම් බුදුන්වහන්සේ ලොව පහළවූ සේක.

අනොමදස‍්සී බුද‍්ධො

අනොමදස්සී බුද්ධො

තස‍්ස අපරභාගෙ එකං අසඞ‍්ඛයෙය්‍යං අතික‍්කමිත්‍වා එකස‍්මිං කප‍්පෙ තයො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු අනොමදස‍්සී, පදුමො, නාරදොති. අනොමදස‍්සිස‍්ස භගවතො තයො සාවකසන‍්නිපාතා. පඨමෙ අට‍්ඨ භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ සත‍්ත, තතියෙ ඡ. තදා බොධිසත‍්තො එකො යක‍්ඛසෙනාපති අහොසි මහිද‍්ධිකො මහානුභාවො, අනෙකකොටිසතසහස‍්සානං යක‍්ඛානං අධිපති. සො “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා ආගන‍්ත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. අනොමදස‍්සිස‍්ස පන භගවතො චන්‍දවතී නාම නගරං අහොසි, යසවා නාම රාජා පිතා, යසොධරා නාම මාතා දෙවී, නිසභො ච අනොමො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාමුපට‍්ඨාකො, සුන්‍දරී ච සුමනා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අජ‍්ජුනරුක‍්ඛො බොධි, අට‍්ඨපඤ‍්ඤාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, වස‍්සසතසහස‍්සං ආයුප‍්පමාණන‍්ති.

ඉන්පසු කාලයේ එක් අසංඛෙය්‍යක් ඉක්මවා, එක් කල්පයක බුදුවරු තෙනමක් උපන්නාහ. අනෝමදස්සි පදුම සහ නාරද යනුවෙනි. අනෝමදස්සි බුදුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය. පළමු සන්නිපාතයේදී අටලක්ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ සත් ලක්ෂයක්ද, තෙවැන්නේ හයලක්ෂ්‍යක්ද වූහ. එකල අප බෝසත්හු මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න, නොයෙක් කෝටිලක්ෂ ගණනාවක් යක්‍ෂයන්ට අධිපති යක්‍ෂ සේනාපතියෙක් විය. හෙතම බුදුන් උපන්නේ යයි අසා අවුත්, බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් පැවැත්වීය. උන්වහන්සේද මෙතම ලෝකයේ බුදුවන්නේ යයි, විවරණ දුන් සේක. අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ නගරය චන්ද්‍රවතී නම් විය. ‘යසවා’ නම් රජු පියා වූයේය. යසෝධරා මව වූවාය. නිසභ, අනෝම යනුවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද, සුන්දරී, සුමනා නම් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමක්ද වූහ. කුඹුක් ගස බෝධියයි. රියන් පනහක් උස ශරීරයක්ද විය. වර්ෂ ලක්‍ෂයක් ආයුෂ වින්දේය.

“සොභිතස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; අනොමදස‍්සී අමිතයසො, තෙජස‍්සී දුරතික‍්කමො”ති. (බු· වං· 9.1);

“සෝභිත බුදුරදුන්ට පසුව අපමණ යසස් ඇති, තේජස් ඇති, ඉකුත් කිරීමට අපහසු දෙපා ඇත්තන්ට උතුම් වූ අනෝමදස්සී

පදුමො බුද‍්ධො

පදුමො බුද්ධො

තස‍්ස අපරභාගෙ පදුමො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ තීණි සතසහස‍්සානි, තතියෙ අගාමකෙ අරඤ‍්ඤෙ මහාවනසණ‍්ඩවාසීනං භික‍්ඛූනං ද‍්වෙ සතසහස‍්සානි. තදා බොධිසත‍්තො සීහො හුත්‍වා සත්‍ථාරං නිරොධසමාපත‍්තිං සමාපන‍්නං දිස‍්වා පසන‍්නචිත‍්තො වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පීතිසොමනස‍්සජාතො තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා සත‍්තාහං බුද‍්ධාරම‍්මණං පීතිං අවිජහිත්‍වා පීතිසුඛෙනෙව ගොචරාය අපක‍්කමිත්‍වා ජීවිතපරිච‍්චාගං කත්‍වා භගවන‍්තං පයිරුපාසමානො අට‍්ඨාසි. සත්‍ථා සත‍්තාහච‍්චයෙන නිරොධා වුට‍්ඨිතො සීහං ඔලොකෙත්‍වා “භික‍්ඛුසඞ‍්ඝෙපි චිත‍්තං පසාදෙත්‍වා සඞ‍්ඝං වන්‍දිස‍්සතී”ති “භික‍්ඛුසඞ‍්ඝො ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. භික‍්ඛූ තාවදෙව ආගමිංසු. සීහොපි භික‍්ඛුසඞ‍්ඝෙ චිත‍්තං පසාදෙති. සත්‍ථා තස‍්ස මනං ඔලොකෙත්‍වා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. පදුමස‍්ස පන භගවතො චම‍්පකං නාම නගරං අහොසි, අසමො නාම රාජා පිතා, මාතා අසමා නාම දෙවී, සාලො ච උපසාලො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාමුපට‍්ඨාකො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සොණරුක‍්ඛො නාම බොධි, අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං සරීරං අහොසි, ආයු වස‍්සසතසහස‍්සන‍්ති.

එයට පසු කාලයේ ‘පදුම’ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ තුන් ලක්‍ෂයක්ද, තෙවැන්නේ ග්‍රාම්‍ය නොවූ අරණ්‍යයේ මහවනවාසී, භික්‍ෂූන් දෙලක්ෂයක්ද වූහ. එකල අප බෝසත් තෙම සිංහයකු වී ශාස්තෲන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින ආකාරය දැක, පැහැදුණු සිත් ඇත්තේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට ප්‍රීති සොම්නසට පැමිණියේ, තුන්වරක් සිංහනාද කොට සත්දිනක් බුද්ධාලම්භන ප්‍රීතිය අත්නොහැර ප්‍රීතිසුඛයෙන් ගොදුරු පිණිස පිටත්ව නොගොස්, ජීවිතය පරිත්‍යාගකොට බුදුරදුන් ආශ්‍රය කරමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට සිංහයා දෙස බලා භික්‍ෂු සංඝයා කෙරෙහිද සිත පහදවා සංඝයා වඳින්නේය. භික්‍ෂු සංඝයා පැමිණේවා!යි සිතුවේය. භික්‍ෂූහු එකෙණෙහි ආවාහුය. සිංහයාද භික්‍ෂු සංඝයා කෙරහි ප්‍රසාදයට පත්විය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ මනස බලා, අනාගතයේ බුදුවන්නේ යයි ඔහුට විවරණ දුන් සේක. ‘පදුම’ බුදුරදුන්ගේ නගරය චම්පක නම් විය. පදුම නම් රජු පියා විය. (‘පදුම’ බුදුන්ගේ පියා අසම රජු නමින් බොහෝ අට්ඨ කථාවල සඳහන් වෙතත් මෙහි ඇත්තේ ‘පදුම’ රජු කියාය.) මව අසමා නම් වූවාය. සාල, උපසාල නමින් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද වූහ. රාමා, සුරමා නමින් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමකි. සෝමුරුතු ගස බෝධිය විය. රියන් පනස් අටක් උස ශරීරයක් විය. ආයුෂ වර්ෂ ලක්‍ෂයකි.

“අනොමදස‍්සිස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; පදුමො නාම නාමෙන, අසමො අප‍්පටිපුග‍්ගලො”ති. (බු· ව· 10.1);

“අනෝමදස්සි බුදුරදුන්ගෙන් පසුව අසමසම වූ අප්‍රතිම පුද්ගල වූ දිපදුත්තම වූ පදුම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”

නාරදො බුද‍්ධො

නාරදො බුද්ධො

තස‍්ස අපරභාගෙ නාරදො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි. තදා බොධිසත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චසු අභිඤ‍්ඤාසු අට‍්ඨසු ච සමාපත‍්තීසු චිණ‍්ණවසී හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා ලොහිතචන්‍දනෙන පූජං අකාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො ධඤ‍්ඤවතී නාම නගරං අහොසි, සුදෙවො නාම ඛත‍්තියො පිතා, අනොමා නාම මාතා දෙවී, භද‍්දසාලො ච ජිතමිත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, වාසෙට‍්ඨො නාමුපට‍්ඨාකො, උත‍්තරා ච ඵග‍්ගුනී ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාසොණරුක‍්ඛො නාම බොධි, සරීරං අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයූති.

ඉන්පසු කාලයේ නාරද නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අනූකෝටි ලක්‍ෂයක්ද, තෙවැන්නේ අසූකෝටි ලක්‍ෂයක්ද වූහ. එකල අප බෝධිසත්ත්වයෝ සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පංච අභිඥා, අෂ්ට සමාපත්ති උපදවා පුරුදු කරන ලද ඉන්‍ද්‍රිය වසඟ ඇත්තේ බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී රත්හඳුන්වලින් පූජා කළේය. උන්වහන්සේද මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය ධඤ්ඤවතී නම් විය. සුමේධ නම් ක්‍ෂත්‍රියා පියාය. මව අනෝමා නම් වූවාය. සුළුමුරුත ගස බෝධිවෘක්‍ෂය විය. ශරීරය අසූ රියනක් උස ඇත්තේ විය. වර්ෂ අනූදහසක් ආයුෂ වැළඳූ සේක.

“පදුමස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; නාරදො නාම නාමෙන, අසමො අප‍්පටිපුග‍්ගලො”ති. (බු· වං· 11.1);

“පදුමුත්තර බුදුරදුන්ට පසුව, ලොවට උතුම් වූ අසම සම ‘නාරද’ නම් බුදුරජහු ලොව පහළ වූහ.”

පදුමුත‍්තරො බුද‍්ධො

පදුමුත්තරො බුද්ධො

නාරදබුද‍්ධස‍්ස පන අපරභාගෙ ඉතො සතසහස‍්සකප‍්පමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ එකොව පදුමුත‍්තරො නාම බුද‍්ධො උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමෙ සන‍්නිපාතෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ වෙභාරපබ‍්බතෙ නවුතිකොටිසහස‍්සානි, තතියෙ අසීතිකොටිසහස‍්සානි. තදා බොධිසත‍්තො ජටිලො නාම මහාරට‍්ඨියො හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස සචීවරං දානං අදාසි. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. පදුමුත‍්තරස‍්ස පන භගවතො කාලෙ තිත්‍ථියා නාම නාහෙසුං. සබ‍්බදෙවමනුස‍්සා බුද‍්ධමෙව සරණං අගමංසු. තස‍්ස නගරං හංසවතී නාම අහොසි, පිතා ආනන්‍දො නාම ඛත‍්තියො, මාතා සුජාතා නාම දෙවී, දෙවලො ච සුජාතො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුමනො නාමුපට‍්ඨාකො, අමිතා ච අසමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සාලරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සමන‍්තතො ද‍්වාදසයොජනානි ගණ‍්හි, වස‍්සසතසහස‍්සං ආයූති.

නාරද බුදුරදුන්ට පසුකාලයේ කල්ප ලක්‍ෂයකින් මත්තෙහි එක් කල්පයක එක් පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේදී කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවෙන්නේදී වේභාර පර්වතයේ අනූකෝටියක්ද, තෙවෙන්නේදී අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු ජටිල නම් මහසිටු වී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට තුන්සිවුරු දානය දුන්හ. ඒ ශාස්තෲන් වහන්සේද හෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ තීර්ථකයෝ නම් නොවූහ. සියලුම දෙව් මිනිස්සු බුදුන් සරණම ගියහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය හංසවතී නම් විය. පියා ආනන්ද නම් ක්‍ෂත්‍රියෙකි. මව සුජාතා නම් දේවියයි. දේවල, සුජාත යනුවෙන් අග්‍රශ්‍රාවකයෝ දෙනමක්ද, සුමන නම් උපස්ථායකයාද වූහ. අග්‍රශ්‍රාවිකාවෝ දෙනම අමිතා අසමා නම් වූහ. සල්රුක බෝධියයි. ශරීරය අටඅසූරියන් උස විය. ශරීරප්‍රභාව දොළොස් යොදුන් හාත්පස පැතිරුණේය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දේය.

“නාරදස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; පදුමුත‍්තරො නාම ජිනො, අක‍්ඛොභො සාගරූපමො”ති. (බු· වං· 12.1);

නාරද බුදුරදුන්ට මතුයෙහි, සාගරයට සමාන ගැඹුරු ගුණ ඇති, නොකැළඹිය හැකි, පදුමුත්තර නම් ජිනයන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණි සේක.

සුමෙධො බුද‍්ධො

සුමෙධො බුද්ධො

තස‍්ස අපරභාගෙ තිංස කප‍්පසහස‍්සානි අතික‍්කමිත්‍වා සුමෙධො ච සුජාතො චාති එකස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. සුමෙධස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ සුදස‍්සනනගරෙ කොටිසතං ඛීණාසවා අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො උත‍්තරො නාම මාණවො හුත්‍වා නිදහිත්‍වා ඨපිතංයෙව අසීතිකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨාය නික‍්ඛමිත්‍වා පබ‍්බජි. සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සුමෙධස‍්ස භගවතො සුදස‍්සනං නාම නගරං අහොසි, සුදත‍්තො නාම රාජා පිතා, මාතාපි සුදත‍්තා නාම දෙවී, සරණො ච සබ‍්බකාමො ච ද‍්වෙ අග‍්ගසාවකා, සාගරො නාමුපට‍්ඨාකො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහානීපරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු නවුති වස‍්සසහස‍්සන‍්ති.

ඉන්පසු කාලයේ කල්ප තිස්දහසක් ඉක්මවා සුමේධය, සුජාත යයි එකම කල්පයේ බුදුවරු දෙනමක් පහළවූහ. සුමේධ බුදුරදුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සුදර්ශනා නගරයේ කෝටි සියයක් ක්‍ෂීණාශ්‍රවයෝ වූහ. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වූහ. එකී බෝධිසත්වයෝ උත්තර නම් මානවකයා වී නිධන් කර තිබූ අසූ කෝටියක් ධනය වියදම්කොට බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දුන්හ. දන් දී, දහම් අසා, සරණ ශීලයේ පිහිටා නික්මගොස් පැවිදි විය. හෙතෙමේ අනාගතයේ බුදුවන බවට උන්වහන්සේ විවරණ දුන් සේක. සුමේධ බුදුරදුන්ගේ නගරය සුදර්ශන නම් විය. සුදත්ත නම් රජු පියා විය. මවද සුදත්තා නම් වූවාය. වරුණය සම්බකාමය යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනමයි. උපස්ථායකයා සාගරනම් වී රාමා සුරාමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමය. මහකොහොඹ ගස බෝධිය විය. ශරීරය අසූඅටරියන් උසය. අනූදහසක් වර්ෂ ආයුෂ ඇත්තේ විය.

“පදුමුත‍්තරස‍්ස අපරෙන, සුමෙධො නාම නායකො; දුරාසදො උග‍්ගතෙජො, සබ‍්බලොකුත‍්තමො මුනී”ති. (බු· වං· 13.1);

පදුමුත්තර බුදුන්ට ඉක්බිතිව, ලංවීමට දුෂ්කර වූ, බලවත් වූ, තේජස් ඇති, සකල ලෝකයට උතුම් වූ, සුමේධ නම් නායකයාණෝ බුද්ධත්වයට පැමිණියහ.

සුජාතො බුද‍්ධො

සුජාතො බුද්ධො

තස‍්ස අපරභාගෙ සුජාතො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ සට‍්ඨි භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ පඤ‍්ඤාසං, තතියෙ චත‍්තාලීසං. තදා බොධිසත‍්තො චක‍්කවත‍්තිරාජා හුත්‍වා “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සද‍්ධිං සත‍්තහි රතනෙහි චතුමහාදීපරජ‍්ජං දත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජි. සකලරට‍්ඨවාසිනො රට‍්ඨුප‍්පාදං ගහෙත්‍වා ආරාමිකකිච‍්චං සාධෙන‍්තා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිච‍්චං මහාදානං අදංසු. සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං සුමඞ‍්ගලං නාම අහොසි, උග‍්ගතො නාම රාජා පිතා, පභාවතී නාම මාතා, සුදස‍්සනො ච සුදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, නාරදො නාමුපට‍්ඨාකො, නාගා ච නාගසමාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාවෙළුරුක‍්ඛො බොධි. සො කිර මන්‍දච‍්ඡිද‍්දො ඝනක‍්ඛන්‍ධො උපරි නිග‍්ගතාහි මහාසාඛාහි මොරපිඤ‍්ඡකලාපො විය විරොචිත්‍ථ. තස‍්ස භගවතො සරීරං පණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, ආයු නවුති වස‍්සසහස‍්සන‍්ති.

උන්වහන්සේට පසුව, සුජාත නම් ශාස්තෲන් වහන්සේ, පහළ වූහ. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ සැටදහසක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ පනහකි. තුන්වැන්නේ සතළිහකි. එකල අප බෝධිසත්ත්වයෝ චක්‍රවර්ති රජවී බුදුන් උපන්නේ යයි අසා, එළඹ බණ අසා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සත්රුවන් සමග සතර මහද්වීපවල රාජ්‍යය පවරා දී ශාස්තෲන් සමීපයේ පැවිදි විය. සියළු රටවැසියෝ රාජ්‍ය පඬුරු රැගෙන ආරාමික කෘත්‍යය සාදන්නෝ බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම භික්‍ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය, සුමංගල නම් විය. උග්ගත නම් රජු පියා විය. මව ප්‍රභාවතී නම් වූවාය. සුදර්ශන, සුදේව නම් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමකි. උපස්ථායකයා නාරද නම් විය. නාගා, නාගසමාලා අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනම වෙති. මහ උණගස බෝධිය විය. එය මද සිදුරු ඇති, ඝන කඳ ඇති, උඩට විහිදුණා වූ මහා ශාඛා ඇති, නිර්මල ඡත්‍රයෙන් ගැවසී ගත් මොනර පිල කළඹක් මෙන් බැබළියේය. උන්වහන්සේගේ සිරුර පනස් රියන් උසය. අනූදහසක් අවුරුදු ආයුෂ විය.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, සුජාතො නාම නායකො; සීහහනූසභක‍්ඛන්‍ධො, අප‍්පමෙය්‍යො දුරාසදො”ති. (බු· වං· 14.1);

ඒ මණ්ඩ කල්පයෙහි, මනාව වැඩුණු කය ඇති, ළංවී ගැටී එළඹිය නොහැකි, සිංහයකුට බඳු හනු ඇත්තා වූ, සුජාත නම් බුදුන් වහන්සේ පහළ වූ සේක.

පියදස‍්සී බුද‍්ධො

පියදස්සී බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉතො අට‍්ඨාරසකප‍්පසතමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ පියදස‍්සී, අත්‍ථදස‍්සී, ධම‍්මදස‍්සීති තයො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. පියදස‍්සිස‍්සපි භගවතො තයො සාවකසන‍්නිපාතා. පඨමෙ කොටිසතසහස‍්සං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො කස‍්සපො නාම මාණවො තිණ‍්ණං වෙදානං පාරඞ‍්ගතො හුත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා කොටිසතසහස‍්සධනපරිච‍්චාගෙන සඞ‍්ඝාරාමං කාරෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාසි. අථ නං සත්‍ථා “අට‍්ඨාරසකප‍්පසතච‍්චයෙන බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො අනොමං නාම නගරං අහොසි, පිතා සුදින‍්නො නාම රාජා, මාතා චන්‍දා නාම, පාලිතො ච සබ‍්බදස‍්සී ච ද‍්වෙ අග‍්ගසාවකා, සොභිතො නාමුපට‍්ඨාකො, සුජාතා ච ධම‍්මදින‍්නා ච ද‍්වෙ අග‍්ගසාවිකා, කකුධරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුති වස‍්සසහස‍්සං ආයූති.

සුජාත බුදුරදුන්ට පසු භාගයෙහි මෙයින් කල්ප සියයක් අධික කල්ප අටළොස් කපකට මත්තෙහි එක් කල්පයක, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි යන තුන් බුදුවරු උපන්නාහ. පියදස්සි බුදුරදුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ කෝටි සියයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අනූ කෝටියක්ද, තෙවැන්නේ අසූවක්ද වූහ. එකල බෝසත්හු කස්සප නම් මානවකව ත්‍රිවේදයේ පරතෙරට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා කෝටි ලක්ෂ ගණනින් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා ශරණයෙහිද ශීලයෙහිද පිහිටියේය. ඉක්බිති ඒ ශාස්තෲන් වහන්සේ කල්ප අටළොසක් ඇවෑමෙන් බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ උපන් නගරය අනෝම නම් විය. පියා සුදින්න නම් රජය. මව සුචන්දා නම් වූවාය. පාලිත, සබ්බදස්සි යනු අග්‍රශ්‍රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සෝභිත නම් විය. සුජාතා ධම්මදින්නා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙකි. පියඟු ගස (පුවඟු) බෝධියයි. ශරීරය අසූරියනක් උස විය. ආයුකාලය වර්ෂ අනූදහසක් වූයේය.

“සුජාතස‍්ස අපරෙන, සයම‍්භූ ලොකනායකො; දුරාසදො අසමසමො, පියදස‍්සී මහායසො”ති. (බු· වං· 15.1);

සුජාත බුදුරදුන්ට මත්තෙහි, ස්වයම්භුඥාන ඇති, වෙත පැමිණීමට දුෂ්කර වූ අසමසම වූ මහත් කීර්තිමත් වූ, පියදස්සි නම් ලෝක නායකයන් වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක.

අත්‍ථදස‍්සී බුද‍්ධො

අත්ථදස්සී බුද්ධො

තස‍්ස අපරභාගෙ අත්‍ථදස‍්සී නාම භගවා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමෙ අට‍්ඨනවුති භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ අට‍්ඨාසීතිසතසහස‍්සානි, තථා තතියෙ. තදා බොධිසත‍්තො සුසීමො නාම මහිද‍්ධිකො තාපසො හුත්‍වා දෙවලොකතො මන්‍දාරවපුප‍්ඵච‍්ඡත‍්තං ආහරිත්‍වා සත්‍ථාරං පූජෙසි, සොපි නං “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො සොභනං නාම නගරං අහොසි, සාගරො නාම රාජා පිතා, සුදස‍්සනා නාම මාතා, සන‍්තො ච උපසන‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, අභයො නාමුපට‍්ඨාකො, ධම‍්මා ච සුධම‍්මා ච ද‍්වෙ අග‍්ගසාවිකා, චම‍්පකරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සමන‍්තතො සබ‍්බකාලං යොජනමත‍්තං ඵරිත්‍වා අට‍්ඨාසි, ආයු වස‍්සසතසහස‍්සන‍්ති.

ඉන්පසු කාලයේ අත්ථදස්සි නම් භාග්‍යවතුන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අනූඅට කෝටියක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අසූඅටදහසක්ද, තෙවැන්නේද එසේමය. එකල බෝසත්හු සුසීම නම් මහත් සෘද්ධි ඇති තාපසකයකු වී දිව්‍යලෝකයෙන් මදාරා මල් කූඩයක් ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පූජා කළේය. උන්වහන්සේද මෙතෙම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන් උපන් නගරය සෝභිත නම් විය. සාගර නම් රජු පියාය. සුදස්සන යනු මවයි. සන්ත, උපශාන්ත යනු අග්‍රශ්‍රාවකයෝ දෙනමයි. අභය නම් උපස්ථායකයාද විය. ධම්මා, සුධම්මා යනු අග්‍රශ්‍රාවිකාවෝ දෙනම වූහ. සපුගස බෝධියයි. ශරීරය රියන් අසූවක් උසය. ශරීර ප්‍රභාව යොදුන් සතක් පමණ හාත්පස පැතිරී සිටියේය. ආයුෂ වර්ෂ ලක්‍ෂයකි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අත්‍ථදස‍්සී නරාසභො; මහාතමං නිහන‍්ත්‍වාන, පත‍්තො සම‍්බොධිමුත‍්තම”න‍්ති. (බු· වං· 16.1);

ඒ මණ්ඩ කල්පයෙහි මහා අඳුර දුරුකොට අත්‍ථදස්සි නම් වූ මහා පුරුෂයා සම්මා සම්බෝධියට පත්වූයේය.

ධම‍්මදස‍්සී බුද‍්ධො

ධම්මදස්සී බුද්ධො

තස‍්ස අපරභාගෙ ධම‍්මදස‍්සී නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමෙ කොටිසතං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො සක‍්කො දෙවරාජා හුත්‍වා දිබ‍්බගන්‍ධපුප‍්ඵෙහි ච දිබ‍්බතූරියෙහි ච පූජං අකාසි, සොපි නං සත්‍ථා “අනාගතෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො සරණං නාම නගරං අහොසි, පිතා සරණො නාම රාජා, මාතා සුනන්‍දා නාම දෙවී, පදුමො ච ඵුස‍්සදෙවො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුනෙත‍්තො නාමුපට‍්ඨාකො, ඛෙමා ච සබ‍්බනාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, රත‍්තඞ‍්කුරරුක‍්ඛො බොධි, “බිම‍්බිජාලො”තිපි වුච‍්චති, සරීරං පනස‍්ස අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

ඉන්පසු කාලයේ ධම්මදස්සි නම් ශාස්තෲන් වහන්සේ පහළවිය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක්ම වූහ. පළමු සන්නිපාතයේ කෝටිසියයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ හැත්තෑ කෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වශයෙනි. එකල බෝසත්හු ශක්‍ර දිව්‍යරාජයා වී, දිව්‍ය මල්වලින්ද, දිව්‍ය තූර්යනාදයෙන්ද පූජා කළේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සරණ නම් විය. පියා සරණ නම් රජුය. මව සුනන්දා නම් වූවාය. සුමන පුෂ්පදේව යනු අග්‍රශ්‍රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සුනෙත නම් වේ. අග්‍රශ්‍රාවිකාවෝ දෙනම ඛේමා, සච්චනාමා නම් වූහ. රත්කරඬු ගස බෝධියයි. එයට බිඹුදැල් යයිද කියනු ලැබේ. උන්වහන්සේගේ ශරීරය රියන් අසූවක් උසය. වර්ෂ ලක්‍ෂයක් ආයුෂ වී,

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, ධම‍්මදස‍්සී මහායසො; තමන්‍ධකාරං විධමිත්‍වා, අතිරොචති සදෙවකෙ”ති. (බු· වං· 17.1);

“එම මණ්ඩ කල්පයෙහි මහා යශස් ඇති කීර්තිමත් වූ, ධම්මදස්සී බුදුන් වහන්සේ ලොව පහළව, අන්‍ධකාරය දුරුකොට දෙවියන් සහිත ලෝකය බැබළවීය.”

සිද‍්ධත්‍ථො බුද‍්ධො

සිද්ධත්ථො බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉතො චතුනවුතිකප‍්පමත්‍ථකෙ එකස‍්මිං කප‍්පෙ එකොව සිද‍්ධත්‍ථො නාම සම‍්මාසම‍්බුද‍්ධො උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ කොටිසතං භික‍්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො උග‍්ගතෙජො අභිඤ‍්ඤාබලසම‍්පන‍්නො මඞ‍්ගලො නාම තාපසො හුත්‍වා මහාජම‍්බුඵලං ආහරිත්‍වා තථාගතස‍්ස අදාසි. සත්‍ථා තං ඵලං පරිභුඤ‍්ජිත්‍වා “චතුනවුතිකප‍්පමත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො නගරං වෙභාරං නාම අහොසි, පිතා ජයසෙනො නාම රාජා, මාතා සුඵස‍්සා නාම දෙවී, සම‍්බලො ච සුමිත‍්තො ච ද‍්වෙ අග‍්ගසාවකා, රෙවතො නාමුපට‍්ඨාකො, සීවලා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා , කණිකාරරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

එයට පසුකාලයේ මෙයින් අනූසතර කල්පයක් මත්තෙහි එක් කල්පයක එකම සිද්ධත්‍ථ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවූහ. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්‍ෂූන්ගේ ගණන කෝටිසියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු උග්‍රතේජස් ඇති, අභිඥා බලසම්පන්න වූ, මංගල නම් තාපසයෙක් විය. මහජම්බු ගෙඩියක් ගෙනවුත් තථාගතයන්ට දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ ගෙඩිය වළඳා අනූසතර කල්පයක් මස්තකයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය වේභාර නම් විය. පියා ජයසේන නම් රජුය. මව සුඵුස්සා නම් වූවාය. සම්බල, සුමිත්ත යනු අග්‍රශ්‍රාවකයෝ දෙනම වෙත්. උපස්ථායකයා රේවත නම් වේ. සීවලී සුරාමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමයි. කිණිහිරිය ගස බෝධියයි. ශරීරය හැටරියනක් උසය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.

“ධම‍්මදස‍්සිස‍්ස අපරෙන, සිද‍්ධත්‍ථො ලොකනායකො; නිහනිත්‍වා තමං සබ‍්බං, සූරියො අබ‍්භුග‍්ගතො යථා”ති. (බු· වං· 18.1);

ධම්මදස්සී බුදුනට මත්තෙහි සිද්ධාර්ථ ලෝකනායකයාණෝ, සූර්යයා උදා වූ කලක් මෙන්, සකල අන්ධකාරයන් දුරුකොට බුද්ධත්වයට පත්වූ සේක.

තිස‍්සො බුද‍්ධො

තිස්සො බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉතො ද‍්වානවුතිකප‍්පමත්‍ථකෙ තිස‍්සො ඵුස‍්සොති එකස‍්මිං කප‍්පෙ ද‍්වෙ බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. තිස‍්සස‍්ස භගවතො තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ භික‍්ඛූනං කොටිසතං අහොසි, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත‍්තො මහාභොගො මහායසො සුජාතො නාම ඛත‍්තියො හුත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මහිද‍්ධිකභාවං පත්‍වා “බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා දිබ‍්බමන්‍දාරවපදුමපාරිච‍්ඡත‍්තකපුප‍්ඵානි ආදාය චතුපරිසමජ‍්ඣෙ ගච‍්ඡන‍්තං තථාගතං පූජෙසි, ආකාසෙ පුප‍්ඵවිතානං අකාසි. සොපි නං සත්‍ථා “ඉතො ද‍්වෙනවුතිකප‍්පමත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො ඛෙමං නාම නගරං අහොසි, පිතා ජනසන්‍ධො නාම ඛත‍්තියො, මාතා පදුමා නාම දෙවී, බ්‍රහ‍්මදෙවො ච උදයො ච ද‍්වෙ අග‍්ගසාවකා, සුමනො නාමුපට‍්ඨාකො, ඵුස‍්සා ච සුදත‍්තා ච ද‍්වෙ අග‍්ගසාවිකා, අසනරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, වස‍්සසතසහස‍්සං ආයූති.

එයට පසුකාලයේ මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි එක් කල්පයක තිස්ස, ඵුස්ස යනුවෙන් බුදුවරු දෙනමක් උපන්නාහ. තිස්ස බුදුරදුන්ට ශ්‍රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්‍ෂූන් කෝටි සියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වශයෙනි. එකල අප බෝසත්හුව මහත් භෝග ඇති මහත් යශස් ඇති, සුජාත නම් රජවී, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවී මහත් සෘද්ධිභාවයට පැමිණ, බුදුන් උපන්නේ යයි අසා දිව්‍යමය වූ මදාරා, පියුම්, පරසතු මල් ආදියද, ගෙන සිවු පිරිස මැද යන්නා වූ බුදුරදුන්ට පූජා කළේය. අහසෙහි මල් වියනක් වූයේය. ඒ ශාස්තෲන් වහන්සේද මෙතෙම මෙයින් අනූකපක් මත්තෙහි බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය ඛේම නම් විය. පියා ජනසන්‍ධ නම් වූයේය. මව පදුමා නම් වූවාය. බ්‍රහ්මදේව, උදය යනුවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායක සුමන නම් විය. ඵුස්සා-සුදත්තා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙකි. අසනිය ගස බෝධියයි. ශරීරය හැටරියන් පමණ උස විය. වර්ෂ ලක්ෂයක් ආයුෂ විය.

“සිද‍්ධත්‍ථස‍්ස අපරෙන, අසමො අප‍්පටිපුග‍්ගලො; අනන‍්තතෙජො අමිතයසො, තිස‍්සො ලොකග‍්ගනායකො”ති. (බු· වං· 19.1);

සිද්ධාර්ථ බුදුරදුන්ට පසුව අනන්ත සිල් ඇති අප්‍රමාණ යශස් ඇති අසහාය අසම සම තිස්ස ලෝකනායකයාණන් වහන්සේ පහළ වූහ.

ඵුස‍්සො බුද‍්ධො

ඵුස්සො බුද්ධො

තස‍්ස අපරභාගෙ ඵුස‍්සො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ සට‍්ඨි භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං, දුතියෙ පණ‍්ණාස, තතියෙ ද‍්වත‍්තිංස. තදා බොධිසත‍්තො විජිතාවී නාම ඛත‍්තියො හුත්‍වා මහාරජ‍්ජං පහාය සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා මහාජනස‍්ස ධම‍්මකථං කථෙසි, සීලපාරමිඤ‍්ච පූරෙසි. සොපි නං “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො කාසි නාම නගරං අහොසි, ජයසෙනො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සුරක‍්ඛිතො ච ධම‍්මසෙනො ච ද‍්වෙ අග‍්ගසාවකා, සභියො නාමුපට‍්ඨාකො, චාලා ච උපචාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, ආමලකරුක‍්ඛො බොධි, සරීරං අට‍්ඨපණ‍්ණාසහත්‍ථුබ‍්බෙධං අහොසි, නවුති වස‍්සසහස‍්සානි ආයූති.

එයට පසුකාලයේ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළ විය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සැටලක්ෂයක් භික්‍ෂුහු වූහ. දෙවැන්නේ ලක්ෂ පනහක්ද, තෙවැන්නේ ලක්ෂ තිස්දෙකක්ද වූහ. එකල අප බෝධිසත්ත්වයෝ විජිතාවි නම් ක්‍ෂත්‍රිය රජව මහා රාජ්‍යය හැර ශාස්තෲන් සමීපයේ පැවිදිවී තුන්පිටකය ඉගෙන මහජනයාට ධර්මය වදාළ සේක. සීල පාරමිතාවද පිරීය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේගේ නගරය කසීනම් වී. ජයසේන නම් රජතුමා පියා විය. මව සිරිමා නම් වූවාය. සුරක්ඛිත, ධම්මසේන යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායකයා අභය නම් වී. සාලා, උපසාලා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. නෙල්ලි ගස බෝධියයි. ශරීරය පනස්අට රියන් උස විය. අවුරුදු අනූදහසක් ආයුෂ වින්දේය.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අහු සත්‍ථා අනුත‍්තරො; අනූපමො අසමසමො, ඵුස‍්සො ලොකග‍්ගනායකො”ති. (බු· වං· 20.1);

ඒ මණ්ඩ කල්පයෙහි, උපමා රහිත වූ, මහා කීර්තිමත් වූ, නිරුත්තර වූ ලෝකයට අග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක.

විපස‍්සී බුද‍්ධො

විපස්සී බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සී නාම භගවා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ අට‍්ඨසට‍්ඨි භික‍්ඛුසතසහස‍්සං අහොසි, දුතියෙ එකසතසහස‍්සං, තතියෙ අසීතිසහස‍්සානි. තදා බොධිසත‍්තො මහිද‍්ධිකො මහානුභාවො අතුලො නාම නාගරාජා හුත්‍වා සත‍්තරතනඛචිතං සොවණ‍්ණමයං මහාපීඨං භගවතො අදාසි. සොපි නං “ඉතො එකනවුතිකප‍්පෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො බන්‍ධුමතී නාම නගරං අහොසි, බන්‍ධුමා නාම රාජා පිතා, බන්‍ධුමතී නාම මාතා, ඛණ‍්ඩො ච තිස‍්සො ච ද‍්වෙ අග‍්ගසාවකා, අසොකො නාමුපට‍්ඨාකො, චන්‍දා ච චන්‍දමිත‍්තා ච ද‍්වෙ අග‍්ගසාවිකා, පාටලිරුක‍්ඛො බොධි, සරීරං අසීතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා සදා සත‍්ත යොජනානි ඵරිත්‍වා අට‍්ඨාසි, අසීති වස‍්සසහස‍්සානි ආයූති.

ඉන් මතුකාලයේ මෙයින් කල්ප එක අනූවකට පෙර විපස්සි නම් භගවත්හු පහළ විය. උන්වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ අටසැට ලක්ෂයක භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අනූ එක් ලක්ෂයක්ද, තුන්වැන්නේ අසූ දහසක්ද වූහ. එකල බෝසත්හු මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න අතුල නම් නාගරාජයා වී මැණික් හතක් ඔබ්බවන ලද මාණික්‍යය පුටුවක් බුදුරජාණන් වහන්සේට පිදීය. උන්වහන්සේද, මෙතෙම මෙයින් කල්ප එක් අනූවකින් මතු බුදුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ උපන් නගරය බන්‍ධුමතී නම් විය. බන්‍ධුමා නම් රජු පියා විය. මව බන්‍ධුමතී නම් වූවාය. ඛණ්ඩ, තිස්ස යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වූහ. අසෝක යනු උපස්ථායකයාය. චන්ද්‍ර, චන්ද්‍රමිත්තා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙකි. පළොල් ගස බෝධියයි. ශරීරය අසූ රියනක් උසය. ශරීර ප්‍රභාව යොදුන් සතක් දුර පැතිරී තිබුණේය. අවුරුදු අසූදහසක් ආයුෂ වින්දේය.

“ඵුස‍්සස‍්ස ච අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; විපස‍්සී නාම නාමෙන, ලොකෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා”ති. (බු· වං· 21.1);

ඵුස්ස බුදුන් වහන්සේට මතුයෙහි, ලොවට ඇසක් වැනි වූ, දෙපා ඇත්තන්ට උතුම් වූ, විපස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළවූ සේක.

සිඛී බුද‍්ධො

සිඛී බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉතො එකත‍්තිංසකප‍්පෙ සිඛී ච වෙස‍්සභූචාති ද‍්වෙ බුද‍්ධා අහෙසුං. සිඛිස‍්සාපි භගවතො තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ භික‍්ඛුසතසහස‍්සං අහොසි, දුතියෙ අසීතිසහස‍්සානි, තතියෙ සත‍්තතිසහස‍්සානි. තදා බොධිසත‍්තො අරින්‍දමො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සචීවරං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තරතනපටිමණ‍්ඩිතං හත්‍ථිරතනං දත්‍වා හත්‍ථිප‍්පමාණං කත්‍වා කප‍්පියභණ‍්ඩං අදාසි. සොපි නං සත්‍ථා “ඉතො එකත‍්තිංසකප‍්පෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො අරුණවතී නාම නගරං අහොසි, අරුණො නාම ඛත‍්තියො පිතා, පභාවතී නාම මාතා, අභිභූ ච සම‍්භවො ච ද‍්වෙ අග‍්ගසාවකා, ඛෙමඞ‍්කරො නාමුපට‍්ඨාකො, සඛිලා ච පදුමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, පුණ‍්ඩරීකරුක‍්ඛො බොධි, සරීරං සත‍්තතිහත්‍ථුබ‍්බෙධං අහොසි, සරීරප‍්පභා යොජනත‍්තයං ඵරිත්‍වා අට‍්ඨාසි, සත‍්තති වස‍්සසහස‍්සානි ආයූති.

ඉන්පසු කාලයේ මෙයින් කල්ප තිස්එකක් මත්තෙහි සිඛී, වෙස්සභු යන බුදුවරු දෙනම වූහ. සිඛි බුදුරදුන්ට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ භික්‍ෂූන් ලක්‍ෂයක් විය. දෙවැන්නේ අසූදහසක්ද, තෙවැන්නේ සැත්තෑදහසක්ද වූහ. එකල බෝසත්හු අරින්දම නම් රජු වී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට චීවර සහිත මහා දානයක් පවත්වා, සත්රුවනින් අලංකාර කළ, හස්තිරත්නයක් දී ඇතකු ප්‍රමාණ කැප බඩුද දන් දුන්නේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙයින් එක්තිසක් කල්පයෙහි මෙතෙම බුදුවන්නේ යයි විවරණ කළ සේක. ඒ භාග්‍යවත් බුදුරදුන් උපන් නුවර අරුණවතී නම් විය. අරුණ නම් ක්‍ෂත්‍රිය රජු පියා විය. ප්‍රභාවතී බිසව මව වූවාය. අභිභු, සම්භුත යනුවෙන් අග්‍ර ශ්‍රාවක දෙනමක් වූයේය. ඛේමංකර යනු උපස්ථායක භික්‍ෂුවයි. මඛිලා, පදුමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. ඇටඹ ගස බෝධියයි. ශරීරය තිස්හත් රියනක් උස විය. ශරීර ප්‍රභාව යොදුන් තුනක් දුර පැතිරී සිටියේය. අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වැළඳියේය.

“විපස‍්සිස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; සිඛිව‍්හයො ආසි ජිනො, අසමො අප‍්පටිපුග‍්ගලො”ති. (බු· වං· 22.1);

“විපස්සි බුදුරදුන්ට පසුව, ලොවට පහනක් වැනි දෙපා ඇත්තවුන්ට නායක වූ අසමසම, අසහාය සිඛී නම් බුදුරදුන් ලොව පහළවූ සේක.”

වෙස‍්සභූ බුද‍්ධො

වෙස්සභූ බුද්ධො

තස‍්ස අපරභාගෙ වෙස‍්සභූ නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි තයො සාවකසන‍්නිපාතා. පඨමසන‍්නිපාතෙ අසීති භික‍්ඛුසහස‍්සානි අහෙසුං, දුතියෙ සත‍්තති, තතියෙ සට‍්ඨි. තදා බොධිසත‍්තො සුදස‍්සනො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සචීවරං මහාදානං දත්‍වා තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ආචාරගුණසම‍්පන‍්නො බුද‍්ධරතනෙ චිත‍්තීකාරපීතිබහුලො අහොසි. සොපි නං භගවා “ඉතො එකත‍්තිංසකප‍්පෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස පන භගවතො අනොමං නාම නගරං අහොසි, සුප‍්පතීතො නාම රාජා පිතා, යසවතී නාම මාතා, සොණො ච උත‍්තරො ච ද‍්වෙ අග‍්ගසාවකා, උපසන‍්තො නාමුපට‍්ඨායො, රාමා ච සුරාමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සාලරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි, සට‍්ඨි වස‍්සසහස‍්සානි ආයූති.

ඉන්පසු කාලයේ වෙස්සභූ නම් ශාස්තෲන් වහ්නසෙ ලොව පහළවූ සේක. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අසූ ලක්ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ සැත්තෑ දහසක්ද, තෙවැන්නේ සැටදහසක්ද වූහ. එකල බෝසත්හු සුදර්ශන නම් රජවී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට චීවර සහිත මහදන් දී උන්වහන්සේ සමීපයේ පැවිදි වී ආචාර ගුණ සම්පන්නව බුද්ධරත්නයෙහි නොසැලෙන ප්‍රීති බහුලතාවයෙන් යුතු විය. ඒ භාග්‍යවතුන් වහන්සේද මෙතෙම මෙයින් කල්ප තිස්එකක් ඇවෑමෙන් බුදු වන්නේ යයි විවරණ දුන් සේක. ඒ භගවත්හු අනෝම නුවර උපන්හ. සුප්පතීත නම් රජු පියා විය. යසවතී මව වූවාය. සෝණ, උත්තර යනුවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමකි. උපස්ථායකයා උපශාන්ත වී. රාමා, සුරාමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමය. සල්රුක බෝධියයි. හැට රියනක් උස ශරීරය විය. වර්ෂ හැටදහසක් ආයු වැළඳියේය.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අසමො අප‍්පටිපුග‍්ගලො; වෙස‍්සභූ නාම නාමෙන, ලොකෙ උප‍්පජ‍්ජි සො ජිනො”ති. (බු· වං· 23.1);

“මේ කල්පයෙහි අසම වූ අපමණ ගුණ ඇති වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”

කකුසන්‍ධො බුද‍්ධො

කකුසන්ධො බුද්ධො

තස‍්ස අපරභාගෙ ඉමස‍්මිං කප‍්පෙ චත‍්තාරො බුද‍්ධා නිබ‍්බත‍්තා කකුසන්‍ධො, කොණාගමනො, කස‍්සපො, අම‍්හාකං භගවාති. කකුසන්‍ධස‍්ස භගවතො එකොව සාවකසන‍්නිපාතො, තත්‍ථ චත‍්තාලීස භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො ඛෙමො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සපත‍්තචීවරං මහාදානඤ‍්චෙව අඤ‍්ජනාදිභෙසජ‍්ජානි ච දත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජි. සොපි නං සත්‍ථා “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. කකුසන්‍ධස‍්ස පන භගවතො ඛෙමං නාම නගරං අහොසි, අග‍්ගිදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, විසාඛා නාම බ්‍රාහ‍්මණී මාතා, විධුරො ච සඤ‍්ජීවො ච ද‍්වෙ අග‍්ගසාවකා, බුද‍්ධිජො නාමුපට‍්ඨාකො, සාමා ච චම‍්පා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාසිරීසරුක‍්ඛො බොධි, සරීරං චත‍්තාලීසහත්‍ථුබ‍්බෙධං අහොසි, චත‍්තාලීස වස‍්සසහස‍්සානි ආයූති.

ඉන් මෑත භාගයේ මේ කල්පයෙහි බුදුවරු සතර නමක් උපන්නෝය. කකුසඳ, කෝණාගම, කස්සප සහ අපගේ භාග්‍යවතුන් වහන්සේ යනුවෙනි. කකුසඳ බුදුරදුන්ට එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි සතළිස් දහසක් භික්‍ෂූහු වූහ. එකල අප බෝසත්, ඛේම නම් රජ වී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පාත්‍රසිවුරු ද, අඳුන් ආදි බෙහෙත් දන් දී ශාස්තෲ ධර්ම දේශනාව අසා පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. කකුසඳ බුදුරදුන් උපන් නුවර ඛේම නම් විය. අග්ගිදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේය. විසාඛ නම් බැමිණිය මව වූවාය. විදුර, සංජීව නමින් අග්‍ර ශ්‍රාවකවරු දෙනමකි. උපස්ථායකයා බුද්ධිජ නම් වී. සාමා, චම්පා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. මහරිය ගස බෝධියයි. ශරීරය රියන් හතළිහක් උස විය. වර්ෂ හතළිස් දහසක් ආයුෂ වින්දේය.

“වෙස‍්සභුස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කකුසන්‍ධො නාම නාමෙන, අප‍්පමෙය්‍යො දුරාසදො”ති. (බු· වං· 24.1);

“වෙස්සභු බුදුරදුන්ට මතුකාලයේ ලොවට උතුම් පහනක් වූ අප්‍රමාණ ඤාණ සම්භාරයෙන් පිරි වෙත පැමිණීම දුෂ්කර වූ කකුසඳ නම් සම්බුදුරදුන් ලොව පහළ වූහ.”

කොණාගමනො බුද‍්ධො

කොණාගමනො බුද්ධො

තස‍්ස අපරභාගෙ කොණාගමනො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි එකොව සාවකසන‍්නිපාතො, තත්‍ථ තිංස භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො පබ‍්බතො නාම රාජා හුත්‍වා අමච‍්චගණපරිවුතො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පත‍්තුණ‍්ණචීනපටකොසෙය්‍යකම‍්බලදුකූලානි චෙව සුවණ‍්ණපටිකඤ‍්ච දත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජි. සොපි නං සත්‍ථා “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො සොභවතී නාම නගරං අහොසි, යඤ‍්ඤදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, උත‍්තරා නාම බ්‍රාහ‍්මණී මාතා, භිය්‍යසො ච උත‍්තරො ච ද‍්වෙ අග‍්ගසාවකා, සොත්‍ථිජො නාමුපට‍්ඨාකො, සමුද‍්දා ච උත‍්තරා ච ද‍්වෙ අග‍්ගසාවිකා, උදුම‍්බරරුක‍්ඛො බොධි, සරීරං තිංසහත්‍ථුබ‍්බෙධං අහොසි, තිංස වස‍්සසහස‍්සානි ආයූති.

උන්වහන්සේට මතුකාලයේ කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේටද එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි භික්‍ෂූන් තිස්දහසක් වූහ. එකල බෝසත්හු අප ‘පර්වත’ නම් රජවී, ඇමති සේනාව පිරිවරා ශාස්තෲන් සමීපයට ගොස් ධර්මදේශනාව අසා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනාකොට මහදන් පවත්වා උවටැන් කොට පාත්‍ර පත්තුණ, චිනවස්ත්‍ර, ලිහිල් කම්බල කෝසෙය්‍ය දුහුලී වස්ත්‍රද රන්වන් මිරිවැඩි ද අනෙක් බොහෝ පිරිකර ද පුදා ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ සෝභවතී නම් නගරයෙහි උපන්නේය. යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණ තෙමේ පියා විය. උත්තරා නම් බැමිණිය මව වූවාය. භිය්‍ය, උත්තර යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වෙති. සොතිම්ප් යනු උපස්ථායක භික්‍ෂුවයි. සමුද්දා, උත්තරා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. දිඹුල් ගස බෝධිය විය. ශරීරය රියන් තිහක් උසය. වර්ෂ තිස්දහසක් ආයුෂ වින්දේය.

“කකුසන්‍ධස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කොණාගමනො නාම ජිනො, ලොකජෙට‍්ඨො නරාසභො”ති. (බු· වං· 25.1);

“කකුසඳ බුදුරදුන්ගෙන් මතු ලොවට පහනක් වැනි නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යෙෂ්ඨ වූ කෝණාගමන ජිනේත්‍රයාණන් වහන්සේ ලොව පහළවූ සේක.”

කස‍්සපො බුද‍්ධො

කස්සපො බුද්ධො

තස‍්ස අපරභාගෙ කස‍්සපො නාම සත්‍ථා උදපාදි. තස‍්සාපි එකොව සාවකසන‍්නිපාතො, තත්‍ථ වීසති භික‍්ඛුසහස‍්සානි අහෙසුං. තදා බොධිසත‍්තො ජොතිපාලො නාම මාණවො හුත්‍වා තිණ‍්ණං වෙදානං පාරගූ භූමියඤ‍්චෙව අන‍්තලික‍්ඛෙ ච පාකටො ඝටිකාරස‍්ස කුම‍්භකාරස‍්ස මිත‍්තො අහොසි. සො තෙන සද‍්ධිං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මකථං සුත්‍වා පබ‍්බජිත්‍වා ආරද‍්ධවීරියො තීණි පිටකානි උග‍්ගහෙත්‍වා වත‍්තාවත‍්තසම‍්පත‍්තියා බුද‍්ධසාසනං සොභෙසි. සොපි නං සත්‍ථා “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තස‍්ස භගවතො ජාතනගරං බාරාණසී නාම අහොසි, බ්‍රහ‍්මදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, ධනවතී නාම බ්‍රාහ‍්මණී මාතා, තිස‍්සො ච භාරද‍්වාජො ච ද‍්වෙ අග‍්ගසාවකා, සබ‍්බමිත‍්තො නාමුපට‍්ඨාකො, අනුළා ච උරුවෙළා ච ද‍්වෙ අග‍්ගසාවිකා, නිග්‍රොධරුක‍්ඛො බොධි, සරීරං වීසතිහත්‍ථුබ‍්බෙධං අහොසි, වීසති වස‍්සසහස‍්සානි ආයූති.

උන්වහන්සේට මතුකාලයේ කස්සප නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි විසිදහසක් භික්‍ෂූහු වූහ. එකල අප බෝධිසත්ත්වයෝ ජෝතිපාල නම් මානවකයා වී ත්‍රිවේදයේ පරතෙරට පැමිණ පොළොවේද අහසේද ප්‍රකට වූයේය. ඔහු ඝටීකාර කුඹල්කරුගේ මිත්‍රයා විය. හෙතෙම ඔහු සමග ශාස්තෲන් වෙත එළඹ ධර්මදේශනාව අසා පැවිදි වී, පටන්ගත් වීර්ය ඇතිව තුන්පිටකය ඉගෙන වත්පිළිවෙතින් බුද්ධශාසනය ශෝභාමත් කළහ. උන්වහන්සේද මෙතම බුදුවන්නේ යයි වියරණ දුන්හ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උපන් නගරය බරණැස නම් විය. බ්‍රහ්මදත්ත නම් බමුණා පියා වූයේය. බන්‍ධුමතී නම් බැමිණිය මව වූවාය. තිස්ස භාරද්වාජ යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වූහ. උපස්ථායකයා සබ්බමිත්ත නමි. අනුලා, උරුවෙලා නමින් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමකි. නුගරුක බෝධියයි. ශරීරය විසිරියනක් උසය. වර්ෂ විසිදහසක ආයු කාලයක් වින්දේය.

“කොණාගමනස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කස‍්සපො නාම ගොත‍්තෙන, ධම‍්මරාජා පභඞ‍්කරො”ති. (බු· වං· 26.1);

“කෝණාගමන බුදුරදුන්ට පසුව සූර්යරාජයකු වැනි ලොවට පහනක් වැනි ධර්මරාජන් වූ කස්සප බුදුරදුන් පහළ වූ සේක.”

යස‍්මිං පන කප‍්පෙ දීපඞ‍්කරදසබලො උදපාදි, තස‍්මිං අඤ‍්ඤෙපි තයො බුද‍්ධා අහෙසුං. තෙසං සන‍්තිකෙ බොධිසත‍්තස‍්ස බ්‍යාකරණං නත්‍ථි, තස‍්මා තෙ ඉධ න දස‍්සිතා. අට‍්ඨකථායං පන තණ‍්හඞ‍්කරතො පට‍්ඨාය සබ‍්බෙපි බුද‍්ධෙ දස‍්සෙතුං ඉදං වුත‍්තං –

යම් කල්පයක දීපංකර භාග්‍යවත්හු පහළ වේද, එම කල්පයෙහි තවත් බුදුවරු තෙනමක්ද වූහ. උන්වහන්සේලා සමීපයේ බෝධිසත්වයාණන්ට විවරණ දීමක් නොමැත. එහෙයින් ඔවුහු මෙහි නොපෙනෙත්. අට්ඨකථාවේ, තණ්හංකර බුදුරදුන්ගේ පටන් සියළු බුදුවරුන් පෙන්වීමට මෙය කියන ලදි :-

“තණ‍්හඞ‍්කරො මෙධඞ‍්කරො, අථොපි සරණඞ‍්කරො; දීපඞ‍්කරො ච සම‍්බුද‍්ධො, කොණ‍්ඩඤ‍්ඤො ද‍්විපදුත‍්තමො.

“තණ්හංකර මේධංකර තවද සරණංකර, දීපංකර ලොවට පහනක් බඳු කොණ්ඩඤ්ඤ බුදුරදුන්ද,

“මඞ‍්ගලො ච සුමනො ච, රෙවතො සොභිතො මුනි; අනොමදස‍්සී පදුමො, නාරදො පදුමුත‍්තරො.

මංගල, සුමන, රේවත එසේම සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර

“සුමෙධො ච සුජාතො ච, පියදස‍්සී මහායසො; අත්‍ථදස‍්සී ධම‍්මදස‍්සී, සිද‍්ධත්‍ථො ලොකනායකො.

සුමේධ ද, සුජාත ද මහත් කීර්තිමත් පියදස්සී, අත්‍ථදස්සි, ධම්මදස්සි, සිද්ධාර්ථ ලෝකනායකවරු

“තිස‍්සො ඵුස‍්සො ච සම‍්බුද‍්ධො, විපස‍්සී සිඛී වෙස‍්සභූ; කකුසන්‍ධො කොණාගමනො, කස‍්සපො චාපි නායකො.

තිස්ස, ඵුස්ස සම්බුදුරදුන්ද, විපස්සී, සිඛී, වෙස්සභු, කකුසඳ, කෝණාගමන, කස්සප යන ශාස්තෲවරුද,

“එතෙ අහෙසුං සම‍්බුද‍්ධා, වීතරාගා සමාහිතා; සතරංසීව උප‍්පන‍්නා, මහාතමවිනොදනා; ජලිත්‍වා අග‍්ගිඛන්‍ධාව, නිබ‍්බුතා තෙ සසාවකා”ති.

වීතරාගී වූ එකඟ වූ සිත් ඇති මේ සම්බුදුවරු වූහ. මහ අඳුර දුරු කරමින් සූර්යරාජයා මෙන් උපන්නාහුය. ශ්‍රාවක සංඝයා සහිත ඔවුහු ගිනිකඳන් සේ බැබළී නිවුණෝය.”

ගොතමො බුද‍්ධො

ගොතමො බුද්ධො

තත්‍ථ අම‍්හාකං බොධිසත‍්තො දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ අධිකාරං කරොන‍්තො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි ආගතො. කස‍්සපස‍්ස පන භගවතො ඔරභාගෙ ඨපෙත්‍වා ඉමං සම‍්මාසම‍්බුද‍්ධං අඤ‍්ඤො බුද‍්ධො නාම නත්‍ථි. ඉති දීපඞ‍්කරාදීනං චතුවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ ලද‍්ධබ්‍යාකරණො පන බොධිසත‍්තො යෙනෙන –

එහිදී අපගේ බෝධිසත්ත්වයෝ දීපංකර ආදි සිව්විසි බුදුවරුන්ගේ සමීපයේ ප්‍රාර්ථනා කරන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක සිට පැමිණි සේක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පසුභාගයෙහි මේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හැර, වෙනත් බුදුකෙනෙක් නම් නැත්තාහ. මෙසේ දීපංකරාදී සූවිසි බුදුවරුන්ගෙන් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ,

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59) –

“මිනිසත් භාවයද, ලිංග සම්පත්තියද, ශාස්තෲ කෙනෙකු දැකීමේ වාසනාවද, පැවිදිවීමද, මහත් ගුණ සමූහයද බුදුවීමේ දැඩි කැමැත්තද, මේ අෂ්ට ධර්ම ගැලපීමෙන් ප්‍රාර්ථනාව සමෘද්ධ වේ.”

ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරෙන “හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො”ති උස‍්සාහං කත්‍වා “විචිනන‍්තො තදා දක‍්ඛිං, පඨමං දානපාරමි”න‍්ති දානපාරමිතාදයො බුද‍්ධකාරකධම‍්මා දිට‍්ඨා, පූරෙන‍්තොයෙව යාව වෙස‍්සන‍්තරත‍්තභාවො ආගමි. ආගච‍්ඡන‍්තො ච යෙ තෙ කතාභිනීහාරානං බොධිසත‍්තානං ආනිසංසා සංවණ‍්ණිතා –

යන මේ අෂ්ට ධර්ම සමාදන් වී, දීපංකර පාමුල කරන ලද අභිනීහාර ඇත්තේ, ඒකාන්තයෙන් සැමතැන බුද්ධකාරක ධර්මයේ සොයමියි සොයන්නේ පළමු දාන පාරමිතාව දුටුවෙමි. දානපාරමිතා ආදී බුද්ධකාරක ධර්මයෝ දක්නා ලදි. ඒවා පුරමින් වෙස්සන්තර ආත්මභාවය දක්වා පැමිණියේය. එසේ පැමිණෙන්නේද පැමිණෙන්නාහු කරන ලද යම් ඒ අභිනීහාරයන්හි ආනිශංස වර්ණනා කරන ලදි.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නා, බොධියා නියතා නරා; සංසරං දීඝමද‍්ධානං, කප‍්පකොටිසතෙහිපි.

මෙසේ සියළු අංගවලින් යුක්ත වූ, සම්පූර්ණ බුදුබවට නියත පුද්ගලයෝ කල්ප කෝටි සියගණන් දිග සසර සැරිසරන්නාහු නමුදු,

“අවීචිම‍්හි නුප‍්පජ‍්ජන‍්ති, තථා ලොකන‍්තරෙසු ච; නිජ‍්ඣාමතණ‍්හා ඛුප‍්පිපාසා, න හොන‍්ති කාලකඤ‍්ජිකා.

අවීචියෙහි නූපදිති. එසේම ලෝකන්තරිකවලද නූපදිති. නිජ්ඣාම තණ්හික ඛුප්පිපාස කාලකඤ්ජක නොවෙති.

“න හොන‍්ති ඛුද‍්දකා පාණා, උප‍්පජ‍්ජන‍්තාපි දුග‍්ගතිං; ජායමානා මනුස‍්සෙසු, ජච‍්චන්‍ධා න භවන‍්ති තෙ.

දුගතියෙහි ඉපදුන ද, ක්‍ෂුත්‍ර ප්‍රාණීහු නොවෙති. මිනිසුන් අතර උපදනා ඔවුහු ජාත්‍යන්‍ධයෝ නොවෙති.

“සොතවෙකල‍්ලතා නත්‍ථි, න භවන‍්ති මූගපක‍්ඛිකා; ඉත්‍ථිභාවං න ගච‍්ඡන‍්ති, උභතොබ්‍යඤ‍්ජනපණ‍්ඩකා.

කර්ණ විකලතා නොවෙති. ගොළු නොවෙති. ස්ත්‍රීත්වයට නොයති. උභතො බ්‍යඤ්ජක පණ්ඩක නොවෙති.

“න භවන‍්ති පරියාපන‍්නා, බොධියා නියතා නරා; මුත‍්තා ආනන‍්තරිකෙහි, සබ‍්බත්‍ථ සුද‍්ධගොචරා.

බෝධියට නියත උතුමෝ පරියාපන්න නොවෙති. ආනන්තරිකයන්ගෙන් වෙන් වූවාහු හැමතන්හි පිරිසිදු චරියා ඇත්තෝ,

“මිච‍්ඡාදිට‍්ඨිං න සෙවන‍්ති, කම‍්මකිරියදස‍්සනා; වසමානාපි සග‍්ගෙසු, අසඤ‍්ඤං නුපපජ‍්ජරෙ.

කර්මවාදී කිරියවාදී දර්ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිය ඇසුරු නොකරති. ස්වර්ගයෙහි සිටියත් අසංඥ සත්තයෙහි නූපදිති.

“සුද‍්ධාවාසෙසු දෙවෙසු, හෙතු නාම න විජ‍්ජති; නෙක‍්ඛම‍්මනින‍්නා සප‍්පුරිසා, විසංයුත‍්තා භවාභවෙ; චරන‍්ති ලොකත්‍ථචරියායො, පූරෙන‍්ති සබ‍්බපාරමී”ති.

සුදවැසි දෙවියන් අතර ඉපදීමට හේතුවක් නොවෙයි. නෛෂ්ක්‍රම්‍යයට නැමුණු සත්පුරුෂයෝ සසර නොඇලී සියලු පාරමී පුරන්නාහු ලෝකාර්ථ චරියාවෙහි හැසිරෙති.

තෙ ආනිසංසෙ අධිගන‍්ත්‍වාව ආගතො. පාරමියො පූරෙන‍්තස‍්ස චස‍්ස අකිත‍්තිබ්‍රාහ‍්මණකාලෙ, සඞ‍්ඛබ්‍රාහ‍්මණකාලෙ, ධනඤ‍්චයරාජකාලෙ, මහාසුදස‍්සනරාජකාලෙ, මහාගොවින්‍දකාලෙ, නිමිමහාරාජකාලෙ, චන්‍දකුමාරකාලෙ, විසය‍්හසෙට‍්ඨිකාලෙ, සිවිරාජකාලෙ, වෙස‍්සන‍්තරරාජකාලෙති දානපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සසපණ‍්ඩිතජාතකෙ –

මේ ආනිශංස ලබා පැමිණියෝය. පාරමීදම් පුරන්නා වූ මගේ අකිත්ති බ්‍රාහ්මණ කාලයේද, සංඛ බ්‍රාහ්මණ කාලයේද, ධනංජය රාජ සමයේද මහා සුදර්ශන රාජ්‍ය කාලයේද, මහාගෝවින්ද කාලයේද, නිමි මහරජුගේ කාලයේද, චන්දකුමාර කාලයේද, විසය්හ සෙට්ඨි කාලයේද, සිවි රජුගේ කාලයේද වෙස්සන්තර රාජ කාලයේදැයි, දාන පාරමිතාව පුරණ ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත. ඒකාන්තයෙන්ම වන්න. සස පණ්ඩිත ජාතකයේ :-

“භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං; දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1.තස‍්සුද‍්දාන) –

“ආහාර පිණිස පැමිණියේ දැක - සිය ආත්මය පරිත්‍යාග කළෙමි දානය හා සමාන දෙයක් මට නැත - මේ මගේ දාන පාරමිතාවයි.

එවං අත‍්තපරිච‍්චාගං කරොන‍්තස‍්ස දානපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා සීලවනාගරාජකාලෙ, චම‍්පෙය්‍යනාගරාජකාලෙ, භූරිදත‍්තනාගරාජකාලෙ, ඡද‍්දන‍්තනාගරාජකාලෙ, ජයද‍්දිසරාජපුත‍්තකාලෙ, අලීනසත‍්තුකුමාරකාලෙති සීලපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සඞ‍්ඛපාලජාතකෙ –

මෙසේ ආත්මභාවය පරිත්‍යාග කරන්නාවුගේ දාන පාරමිතාව, පරමත්‍ථ පාරමිතා නම් විය. එසේ සීලව රාජකාලයේ, එම්පෙය්‍ය නාරජු සමයේ. භූරිදත්ත නාරජු සමයේ. ඡද්දන්ත හස්තිරාජ කුලයේ ජයද්දිස රාජ පුත්‍ර වූ අලීනසත්තු කුමාර කාලයේ සීල පාරමිතාව පිරියයුතු අවස්ථාවන්ගේ ප්‍රමාණයක් නැත. මෙම අර්ථය වනාහි සංඛපාල ජාතකයේ:-

“සූලෙහි විජ‍්ඣයන‍්තොපි, කොට‍්ටියන‍්තොපි සත‍්තිභි; භොජපුත‍්තෙ න කුප‍්පාමි, එසා මෙ සීලපාරමී”ති. (චරියා· 2.91) –

“හුල්වලින් විදිනු ලබන කල්හිද, සැත්වලින් කොටනු ලබන කල්හිද, භෝජ පුත්‍රයා කෙරෙහි නොකිපියෙමි. මේ මගේ සීල පාරමිතාවයි.”

එවං අත‍්තපරිච‍්චාගං කරොන‍්තස‍්ස සීලපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා සොමනස‍්සකුමාරකාලෙ, හත්‍ථිපාලකුමාරකාලෙ, අයොඝරපණ‍්ඩිතකාලෙති මහාරජ‍්ජං පහාය නෙක‍්ඛම‍්මපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස චූළසුතසොමජාතකෙ –

මෙසේ ආත්මය පරිත්‍යාග කරන්නහුගේ සීල පාරමිතාව පරමත්ථ පාරමිතා නම් වේ. එපරිදි සෝමනස්සකුමාර කාලයේද හත්ථිපාල කුමාර කාලයේද, අයෝඝර පණ්ඩිත කාලයේද, මහාරාජ්‍යය හැරදමා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරණ ලද ආත්මවල ප්‍රමාණයක් නම් නැත. මේ අර්ථය වනාහි චූලසුතසෝම ජාතකයේ,

“මහාරජ‍්ජං හත්‍ථගතං, ඛෙළපිණ‍්ඩංව ඡඩ‍්ඩයිං; චජතො න හොති ලග‍්ගනං, එසා මෙ නෙක‍්ඛම‍්මපාරමී”ති. –

“අතට පත් මහාරාජ්‍යය, කෙළපිඬක් මෙන් ඉවත දැමුවෙමි. බිඳකුදු ඇලීමක් නැතිව පරිත්‍යාග කළෙමි. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.”

එවං නිස‍්සඞ‍්ගතාය රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛමන‍්තස‍්ස නෙක‍්ඛම‍්මපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා විධුරපණ‍්ඩිතකාලෙ, මහාගොවින්‍දපණ‍්ඩිතකාලෙ, කුද‍්දාලපණ‍්ඩිතකාලෙ, අරකපණ‍්ඩිතකාලෙ, බොධිපරිබ‍්බාජකකාලෙ, මහොසධපණ‍්ඩිතකාලෙති පඤ‍්ඤාපාරමිතාය පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස සත‍්තුභස‍්තජාතකෙ සෙනකපණ‍්ඩිතකාලෙ –

මෙසේ සැකයෙන් ඇල්මෙන් තොරව රාජ්‍යය හැරදමා නික්ම ගියහුගේ නෙක්ඛම්ම පාරමිතාව, පරමාර්ථ පාරමිතා නම් වේ. එපරිදි විධුර පණ්ඩිත කාලයෙහි, මහාගෝවින්ද පණ්ඩිත කාලයේ, කුද්දාල පණ්ඩිත කාලයෙහි, අරකපණ්ඩිත කාලයේ, බෝධි පරිබ්‍රාජක කාලයේ, මහෞෂධ පණ්ඩිත කාලයෙහි ද ප්‍රඥා පාරමිතාව පුරණ ලද ප්‍රමාණයන්ගෙන් ප්‍රමාණයක් නම් නැත. එකම අවස්ථාවක් දක්වන්නේ නම් සත්තභත්ත ජාතකයේ සේනක පණ්ඩිත කාලයෙහි;

“පඤ‍්ඤාය විචිනන‍්තොහං, බ්‍රාහ‍්මණං මොචයිං දුඛා; පඤ‍්ඤාය මෙ සමො නත්‍ථි, එසා මෙ පඤ‍්ඤාපාරමී”ති. –

ප්‍රඥාවෙන් සොයා බලා විසඳූ මම බ්‍රාහ්මණයා දුකෙන් මුදාලීමි. ප්‍රඥාවෙන් මා හා සමානයෙක් නැත. (ප්‍රඥාව හා සමාන දෙයක් මට නැත.) මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි.

අන‍්තොභස‍්තගතං සප‍්පං දස‍්සෙන‍්තස‍්ස පඤ‍්ඤාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. තථා වීරියපාරමිතාදීනම‍්පි පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි. එකන‍්තෙන පනස‍්ස මහාජනකජාතකෙ –

පසුම්බිය ඇතුළට ගියා වූ සර්පයා දක්වමින් බමුණා දුකින් මිදූ ප්‍රඥා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් වේ. එපරිදිම විරිය පාරමිතාදියද, පුරන ලද ගණනේ ආත්ම ගණනේ සීමාවක් නම් නැත. එකම අවස්ථාවක් දක්වන්නේ නම් මහාජනක ජාතකයේ, ඒ සම්බන්ධ තොරතුරු මහාජනක ජාතකයේ දැක්වේ :-

“අතීරදස‍්සී ජලමජ‍්ඣෙ, හතා සබ‍්බෙව මානුසා; චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි, එසා මෙ වීරියපාරමී”ති. –

“තෙරක් නොපෙනෙන මහමුහුද මැද සියලු මිනිසුන් නැසෙද්දී චිත්ත ධෛර්යය උපදවා වීර්යය වඩා මුහුදින් එතරවීම, මගේ වීර්ය පාරමිතාවයි.”

එවං මහාසමුද‍්දං තරන‍්තස‍්ස වීරියපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. ඛන‍්තිවාදිජාතකෙ –

මෙසේ මහා සමුද්‍රය තරණය කර දිවි ගලවා ගැනීම් වීර්ය පාරමිතාවේ පරමත්‍ථ පාරමී නම් වේ. ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි :-

“අචෙතනංව කොට‍්ටෙන‍්තෙ, තිණ‍්හෙන ඵරසුනා මමං; කාසිරාජෙ න කුප‍්පාමි, එසා මෙ ඛන‍්තිපාරමී”ති. –

“තියුණු වූ පොරොවකින් චේතනා විරහිතව මට කොටන කල්හිද, කසීරජු කෙරෙහි නොකිපියෙමි. ඒ මගේ ක්‍ෂාන්ති පාරමිතාවයි.”

එවං අචෙතනභාවෙන විය මහාදුක‍්ඛං අධිවාසෙන‍්තස‍්ස ඛන‍්තිපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. මහාසුතසොමජාතකෙ –

මෙසේ චේතනා රහිතව මෙන් මහා දුකක් ඉවසන්නහුගේ ක්‍ෂාන්තිය, ක්‍ෂාන්ති පරමාර්ථ පාරමිතා නම් වේ. මහා සුතසෝම ජාතකයේ පෙනෙන පරිදි :-

“සච‍්චවාචං අනුරක‍්ඛන‍්තො, චජිත්‍වා මම ජීවිතං; මොචෙසිං එකසතං ඛත‍්තියෙ, එසා මෙ සච‍්චපාරමී”ති. –

“සත්‍යය වචනයම රකින්නේ මගේ ජීවිතය හැරදමා, එක්සියයක් රජවරුන් මුදවාලීමි. ඒ මගේ සත්‍ය පාරමිතාව වේ.”

එවං ජීවිතං චජිත්‍වා සච‍්චමනුරක‍්ඛන‍්තස‍්ස සච‍්චපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. මූගපක‍්ඛජාතකෙ –

මෙසේ ජීවිතය හැරදමා සත්‍යය අනුව රැක කියා කරන්නහුගේ සත්‍යය පාරමිතාව සත්‍ය පරමාර්ථ පාරමිතා නම් වේ. මුගපක්ඛ ජාතකයේ:-

“මාතාපිතා න මෙ දෙස‍්සා, නපි දෙස‍්සං මහායසං; සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං, තස‍්මා වතමධිට‍්ඨහි”න‍්ති. (චරියා· 3.65) –

“මට දෙමව්පියෝ අප්‍රිය නොවේ. මහා කීර්තියද අප්‍රිය නොවේ. ඒ සියල්ලම වඩා සර්වඥතා ඥානය මට ප්‍රිය ය. එහෙයින් ව්‍රතය අධිෂ්ඨාන කළෙමි.”

එවං ජීවිතම‍්පි චජිත්‍වා වතං අධිට‍්ඨහන‍්තස‍්ස අධිට‍්ඨානපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. සුවණ‍්ණසාමජාතකෙ –

මෙසේ ජීවිතය තොර වුවද, ව්‍රත අධිෂ්ඨානයෙහි පිහිටා කටයුතු කිරීම අධිෂ්ඨාන පාරමිතාවේ පරමාර්ථ පාරමි නම් වේ. සාම ජාතකයේ:-

“න මං කොචි උත‍්තසති, නපිහං භායාමි කස‍්සචි; මෙත‍්තාබලෙනුපත්‍ථද‍්ධො, රමාමි පවනෙ තදා”ති. (චරියා· 3.113) –

මා දැක කිසිවෙක් බිය නොවේ. මම ද කිසිවකු දැක බිය නොවෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැමකල්හිම මහා වනයෙහි සතුටින් වෙසෙමි.

එවං ජීවිතම‍්පි අනොලොකෙත්‍වා මෙත‍්තායන‍්තස‍්ස මෙත‍්තාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. ලොමහංසජාතකෙ –

මෙසේ ජීවිතය ද නොබලා මෛත්‍රිය වඩන බෝසතුන්ගේ මෛත්‍රී පාරමිතාව මෛත්‍රී පරමත්‍ථ පාරමිතා නම් වූයේය. ලෝමහංස ජාතකයෙහි :-

“සුසානෙ සෙය්‍යං කප‍්පෙමි, ඡවට‍්ඨිකං උපනිධායහං; ගාමණ‍්ඩලා උපාගන‍්ත්‍වා, රූපං දස‍්සෙන‍්තිනප‍්පක”න‍්ති. (චරියා· 3.119) –

මිනීඇට පොදියක් හිසට කොට්ටය වශයෙන් තබාගෙන, මම සොහොන්බිමෙහි සැතපෙමි. ගොපලු දරුවෝ පැමිණ විරූප රූප දක්වති. උසුළු විසුළු කරති.

එවං ගාමදාරකෙසු නිට‍්ඨුභනාදීහි චෙව මාලාගන්‍ධූපහාරාදීහි ච සුඛදුක‍්ඛං උප‍්පාදෙන‍්තෙසුපි උපෙක‍්ඛං අනතිවත‍්තෙන‍්තස‍්ස උපෙක‍්ඛාපාරමිතා පරමත්‍ථපාරමී නාම ජාතා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙස අත්‍ථො චරියාපිටකතො ගහෙතබ‍්බොති. එවං පාරමියො පූරෙත්‍වා වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨිතො –

මෙසේ ගම්දරුවෝ සමහරු කෙළගැසීම් කරති. සමහරු මල්දම් ගෙන උපහාර දක්වති. ඔවුන් මෙසේ කරද්දීත්, සැපදුක් වේදනා නො උපදවා දෙපිරිස කෙරෙහිම මැදිහත්බවින් යුක්තව විසීමි. මෙසේ මැදිහත් බවින් යුක්තව පිරූ උපෙක්ඛා පාරමිතාව උපෙක්ඛා පාරමිතාව නම් වෙයි.

“අචෙතනායං පථවී, අවිඤ‍්ඤාය සුඛං දුඛං; සාපි දානබලා මය‍්හං, සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථා”ති. (චරියා· 1.124) –

මේ දැක්වූයේ ඉතා කෙටියෙනි. මෙහි විස්තර චරියා පිටකයෙන් ගතයුතුය. විස්තර එහි ආයේය. මෙසේ පාරමිතාවන් පුරා වෙස්සන්තර ආත්මභාවයෙහි උපන්නේ,

එවං මහාපථවිකම‍්පනාදීනි මහාපුඤ‍්ඤානි කරිත්‍වා ආයුපරියොසානෙ තතො චුතො තුසිතභවනෙ නිබ‍්බත‍්ති. ඉති දීපඞ‍්කරපාදමූලතො පට‍්ඨාය යාව අයං තුසිතපුරෙ නිබ‍්බත‍්ති, එත‍්තකං ඨානං දූරෙනිදානං නාමාති වෙදිතබ‍්බං.

සිත් පිත් නැති සුවදුක් පිළිබඳ හැඟීමක් නැති සිතිවිල්ලෙන් තොර මහපොළව දාන පාරමිතාවෙන් සත්වරක් කම්පා කරවීය.

දූරෙනිදානකථා නිට‍්ඨිතා.