යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ග්‍රන්ථාරම්භ කථා

වන්‍දිත්‍වා සිරසා සෙට‍්ඨං, බුද‍්ධමප‍්පටිපුග‍්ගලං; ඤෙය්‍යසාගරමුත‍්තිණ‍්ණං, තිණ‍්ණං සංසාරසාගරං.

නැණ සයුර තරණය කළ - සසර සයුරෙන් එතරව, උදාරම පුද්ගල වු - බුදුරදුන් සිරසින් වැඳ

තථෙව පරමං සන‍්තං, ගම‍්භීරං දුද‍්දසං අණුං; භවාභවකරං සුද‍්ධං, ධම‍්මං සම‍්බුද‍්ධපූජිතං.

ගැඹුරු නුවණින් දත් - සතරහු වෙතින් පුද ලද, සසර දුක් සිඳිනා - සිරි සදහම් රුවන් වැඳ

තථෙව අනඝං සඞ‍්ඝං, අසඞ‍්ගං සඞ‍්ඝමුත‍්තමං; උත‍්තමං දක‍්ඛිණෙය්‍යානං, සන‍්තින්‍ද්‍රියමනාසවං.

සව්කෙළෙස් සිඳ ලූ - අරි අටඟ ගුණයෙන් යුත්, දැමුණු ඉඳුරන් ඇති- මහ සඟගණ ද වඳිනෙම්

කතෙන තස‍්ස එතස‍්ස, පණාමෙන විසෙසතො; රතනත‍්තයෙ විසෙසෙන, විසෙසස‍්සාදරෙන මෙ.

“මේ එකිනෙකට කරන ලද ප්‍රණාමය ඇත්තේ, රත්නත්‍රය විශේෂ වූ විශේෂ සාදර ගෞරවයෙන්”

ථෙරෙහි ධීරධීරෙහි, ආගමඤ‍්ඤූහි විඤ‍්ඤුභි; “අපදානට‍්ඨකථා භන‍්තෙ, කාතබ‍්බා”ති විසෙසතො.

“ප්‍රඥාවන්තයන් අතුරෙන් අතිශය ප්‍රඥාකර වූ විඤ්ඤූ, පුරුෂයන් අතර අග්‍රතර වූ ස්වාමිනි, විශේෂයෙන් අපදාන අට්ඨකථාව කළයුතු වන්නේය”

පුනප‍්පුනාදරෙනෙව, යාචිතොහං යසස‍්සිභි; තස‍්මාහං සාපදානස‍්ස, අපදානස‍්සසෙසතො.

“යළි යළිත් හටගත් ආදර බැතියෙන්, කීර්තිමත් වූ, බුදුරදුන්ගේ චරිත කතා සහිත සෙසු චරිතකථා ද, කරන ලෙස ඉල්ලන ලදුව, ඒ මා විසින්”

විසෙසනයදීපස‍්ස, දීපිස‍්සං පිටකත‍්තයෙ; යථා පාළිනයෙනෙව, අත්‍ථසංවණ‍්ණනං සුභං.

“විශේෂයෙන් පිටකත්‍රයේ ප්‍රදීපයක් සේ බබළන, පාළි න්‍යාය අනුගමනය කරමින් යහපත් වූ අර්ථ වර්ණනා සහිතව”

කෙන කත්‍ථ කදා චෙතං, භාසිතං ධම‍්මමුත‍්තමං; කිමත්‍ථං භාසිතඤ‍්චෙතං, එතං වත්‍වා විධිං තතො.

“කවරකු විසින්, කොතනකදී, කවරදා මේ උතුම් ධර්මය දේශනා කරන ලද්දේද, කුමන අර්ථයක් පිණිස දේශනා කළද, නිසි පරිදි මෙසේ විවරණ කොට,”

නිදානෙසු කොසල‍්ලත්‍ථං, සුඛුග‍්ගහණධාරණං; තස‍්මා තං තං විධිං වත්‍වා, පුබ‍්බාපරවිසෙසිතං.

“නිදානයද, ප්‍රකටවන අර්ථයද, මැනවින් ධාරණය වනු පිණිස, යථා විධි පෙළගස්වා පූර්වපර සන්ධි ගළපා”

පුරා සීහළභාසාය, පොරාණට‍්ඨකථාය ච; ඨපිතං තං න සාධෙති, සාධූනං ඉච‍්ඡිතිච‍්ඡිතං.

“පැරණි සිංහල භාෂාවෙන් කරන ලද පෞරාණික අර්ථ කථාවලද, තබන ලද අයුරු සාධනය නොවේ, පණ්ඩිතයන්ගේ කැමැති අකමැති තැන්ද ගලපා”

තස‍්මා තමුපනිස‍්සාය, පොරාණට‍්ඨකථානයං; විවජ‍්ජෙත්‍වා විරුද‍්ධත්‍ථං, විසෙසත්‍ථං පකාසයං; විසෙසවණ‍්ණනං සෙට‍්ඨං, කරිස‍්සාමත්‍ථවණ‍්ණනන‍්ති.

“එබැවින් පෞරාණික අර්ථකථා න්‍යාය උපනිශ්‍රය කොට, විශේෂ අර්ථ ප්‍රකාශ වන සේ, විරුද්ධ අර්ථ දුරුකොට, විශේෂ වර්ණනාවක් වශයෙන් මෙම අර්ථ වර්ණනාව කරන්නෙමි”