යෙදුමෙන් කියවන්න

දීපඞ‍්කරො බුද‍්ධො අට‍්ඨකථා

දීපඞ‍්කරො බුද‍්ධො

දීපඞ්කරො බුද්ධො

එවං අභිඤ‍්ඤාබලං පත්‍වා සුමෙධතාපසෙ සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තෙ දීපඞ‍්කරො නාම සත්‍ථා ලොකෙ උදපාදි. තස‍්ස පටිසන්‍ධිජාතිබොධි ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙසු සකලාපි දසසහස‍්සිලොකධාතු සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, මහාවිරවං රවි, ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාතුරහෙසුං. සුමෙධතාපසො සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො නෙව තං සද‍්දමස‍්සොසි, න ච තානි නිමිත‍්තානි අද‍්දස. තෙන වුත‍්තං –

මෙසේ අභිඥා බලයට පැමිණ, සුමේධ තාපසයෝ සමවත් සුවයෙන් කල් ගත කරන කල්හි දීපංකර නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේගේ පිළිසිඳගැනීම, උපත, බුදුවීම, ධම්මචක්ක දේශනාව පැවැත්වීම ආදී අවස්ථාවල දී සියළුම දස දහසක් ලොකධාතු කම්පා විය. විශේෂයෙන් කම්පා විය. වෙව්ලමින් කම්පා විය. මහහඬින් නාද විය. දෙතිස් පෙරනිමිති පහළ වුහ. සුමේධ තාපසයන් සමාපත්ති සුවයෙන් කල් ගෙවන්නේ (ඔහුට) ඒ ශබ්දය නොඇසුණේය. එම නිමිතිද නොදුටුවේය. එබැවින් කියන ලදි.

“එවං මෙ සිද‍්ධිප‍්පත‍්තස‍්ස, වසීභූතස‍්ස සාසනෙ; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො.

“මෙසේ මට අභිලාෂ සිද්ධවන කල්හි ශාසනයේ ඇල්ම ඇතිවන කල්හි ලෝකනායක වූ දීපංකර නම් බුදුරදුන් උපන් සේක.”

“උප‍්පජ‍්ජන‍්තෙ ච ජායන‍්තෙ, බුජ‍්ඣන‍්තෙ ධම‍්මදෙසනෙ; චතුරො නිමිත‍්තෙ නාද‍්දසං, ඣානරතිසමප‍්පිතො”ති.

“ඉපදුන කල්හිද, පහළ වූ කල්හිද, බුදුවීමේදි හා ධර්ම දේශනාවේදී ධ්‍යානරතියෙන් යුක්ත වූයේ එම නිමිති සතර නොදුටුවෙමි.”

තස‍්මිං කාලෙ දීපඞ‍්කරදසබලො චතූහි ඛීණාසවසතසහස‍්සෙහි පරිවුතො අනුපුබ‍්බෙන චාරිකං චරමානො රම‍්මං නාම නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති. රම‍්මනගරවාසිනො “දීපඞ‍්කරො කිර සමණිස‍්සරො පරමාභිසම‍්බොධිං පත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන චාරිකං චරමානො අම‍්හාකං රම‍්මනගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසතී”ති සුත්‍වා සප‍්පිනවනීතාදීනි චෙව භෙසජ‍්ජානි වත්‍ථච‍්ඡාදනානි ච ගාහාපෙත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා යෙන බුද‍්ධො, යෙන ධම‍්මො, යෙන සඞ‍්ඝො, තන‍්නින‍්නා තප‍්පොණා තප‍්පබ‍්භාරා හුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා එකමන‍්තං නිසින‍්නා ධම‍්මදෙසනං සුත්‍වා ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු.

එකෙණෙහි දීපංකර දසබලයන් වහන්සේ හතළිස් දහසක් මහරහතුන් පිරිවරණ ලදුව, පිළිවෙළින් චාරිකා කරන්නේ රම්ම නම් නගරයට පැමිණ සුදර්ශන මහා විහාරයේ වැඩවාසය කරන සේක. රම්‍ය නගරවාසීහු දීපංකර නම් ශ්‍රේෂ්ඨ ශ්‍රමණයා, පරම අභිසම්බෝධියට පැමිණ, පවත්වන ලද උතුම් ධර්මචක්‍රය ඇත්තේ අනුපිළිවෙළින් චාරිකාවේ හැසිරෙන්නේ රම්ම නගරයට පැමිණ සුදර්ශන මහා විහාරයේ වැඩවාසය කරතියි අසා, ගිතෙල්, වෙඬරු ආදියද, බෙහෙත්ද, වස්ත්‍රපිළි ආදියද ගෙන්වාගෙන සුවඳමල් ආදී ගත් අත් ඇතිව බුදුරදුන් යම්තැනකද, ධර්මය යම්තැනකද, සංඝයා යම්තැනකද, එතැන ගොඩබිමක්ද, සිත් අලවන තැනක්ද, පර්වතයක්ද, යන්න නොසළකා එතැන ශාස්තෲන් වහන්සේ වෙත එළඹ බුදුරදුන්ට සුවඳමල් ආදියෙන් පුදා වැඳ එකත්පසක හුන්නේ ධර්මදේශනාව අසා හෙට දවස සඳහා ආරාධනා කොට අසුනින් නැගිට පිටත්ව ගියහ.

තෙ පුනදිවසෙ මහාදානං සජ‍්ජෙත්‍වා නගරං අලඞ‍්කරිත්‍වා දසබලස‍්ස ආගමනමග‍්ගං අලඞ‍්කරොන‍්තා උදකභින‍්නට‍්ඨානෙසු පංසුං පක‍්ඛිපිත්‍වා සමං භූමිතලං කත්‍වා රජතපට‍්ටවණ‍්ණං වාලුකං ආකිරන‍්ති, ලාජෙ චෙව පුප‍්ඵානි ච විකිරන‍්ති, නානාවිරාගෙහි වත්‍ථෙහි ධජපටාකෙ උස‍්සාපෙන‍්ති, කදලියො චෙව පුණ‍්ණඝටපන‍්තියො ච පතිට‍්ඨාපෙන‍්ති. තස‍්මිං කාලෙ සුමෙධතාපසො අත‍්තනො අස‍්සමපදා ආකාසං උග‍්ගන‍්ත්‍වා, තෙසං මනුස‍්සානං උපරිභාගෙන ආකාසෙන ගච‍්ඡන‍්තො තෙ හට‍්ඨතුට‍්ඨෙ මනුස‍්සෙ දිස‍්වා “කිං නු ඛො කාරණ”න‍්ති ආකාසතො ඔරුය‍්හ එකමන‍්තං ඨිතො මනුස‍්සෙ පුච‍්ඡි – “අම‍්භො, කස‍්ස තුම‍්හෙ ඉධ විසමං මග‍්ගං අලඞ‍්කරොථා”ති? තෙන වුත‍්තං –

ඔවුහු දෙවන දිනයේ මහාදානයක් පිළියෙළ කරවා, නගරය අලංකාරකොට, දසබලයන් වහන්සේ වඩිනා මාර්ගය අලංකාර කරන්නෝ ජලය වැටුණු තැන්වල පස් ඉවත්කොට භූමිය සමතලා කොට රිදීපාට වැලි විසුරුවති. ලදපස්මල්ද විසුරුවති. නොයෙක් වර්ණ වූ වස්ත්‍රවලින්ද, ධජ පතාකද ඔසවති. කෙසෙල්ද, පුන්කලස් පේළිද, පිහිටුවති. එකල්හි සුමේධ තවුසා තමන්ගේ අසපුවෙන් පිටත්ව, ඒ මිනිසුන්ට ඉහළින් අහස්තලයේ යන්නේ ඒ තුටු පහටු වූ මිනිසුන් දැක කවර හේතුවක් නිසාදැයි අහසින් බැස එක්තැනක සිට මිනිසුන්ගෙන් විචාළේය. පින්වන්ති, තෙපි කවරෙකුට මෙම මාර්ගය සරසන්නහුද? එහෙයින් කියන ලදී –

“පච‍්චන‍්තදෙසවිසයෙ, නිමන‍්තෙත්‍වා තථාගතං; තස‍්ස ආගමනං මග‍්ගං, සොධෙන‍්ති තුට‍්ඨමානසා.

“ප්‍රත්‍යන්ත දේශසීමාවේදී - තථාගතයන්ට ඇරැයුම්කොට උන්වහන්සේ පැමිණෙන මාර්ගය - සතුටු සිතින් පිරිසිදු කරත්”

“අහං තෙන සමයෙන, නික‍්ඛමිත්‍වා සකස‍්සමා; ධුනන‍්තො වාකචීරානි, ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

“මම එසමයෙහි සිය අසපුවෙන් නික්මී රළුසිවුර දරමින් එකල අහසෙන් යමි.”

“වෙදජාතං ජනං දිස‍්වා, තුට‍්ඨහට‍්ඨං පමොදිතං; ඔරොහිත්‍වාන ගගනා, මනුස‍්සෙ පුච‍්ඡි තාවදෙ.

“ප්‍රීතිමත් වූ මිනිසුන් දැක ප්‍රමෝදිතව සතුටු සිතින් අහසින් බැස එකෙණෙහි මිනිසුන්ගෙන් විචාළේය.”

“‘තුට‍්ඨහට‍්ඨො පමුදිතො, වෙදජාතො මහාජනො; කස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායන’”න‍්ති.

“ප්‍රීතිමත් වූ මහජනයා ප්‍රමුදිත වූ සතුටු සිතින් කවරෙකුට මාර්ගය පිරිසිදු කරයිද, මාර්ගය පිළිසකර කරහුද?”

මනුස‍්සා ආහංසු – “භන‍්තෙ සුමෙධ, න ත්‍වං ජානාසි, දීපඞ‍්කරො දසබලො සම‍්මාසම‍්බුද‍්ධො සම‍්බොධිං පත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කො චාරිකං චරමානො අම‍්හාකං නගරං පත්‍වා සුදස‍්සනමහාවිහාරෙ පටිවසති. මයං තං භගවන‍්තං නිමන‍්තයිම‍්හ, තස‍්සෙතං බුද‍්ධස‍්ස භගවතො ආගමනමග‍්ගං අලඞ‍්කරොමා”ති. අථ සුමෙධතාපසො චින‍්තෙසි – “බුද‍්ධොති ඛො ඝොසමත‍්තකම‍්පි ලොකෙ දුල‍්ලභං, පගෙව බුද‍්ධුප‍්පාදො, මයාපි ඉමෙහි මනුස‍්සෙහි සද‍්ධිං දසබලස‍්ස මග‍්ගං අලඞ‍්කරිතුං වට‍්ටතී”ති. සො තෙ මනුස‍්සෙ ආහ – “සචෙ, භො, තුම‍්හෙ එතං මග‍්ගං බුද‍්ධස‍්ස අලඞ‍්කරොථ, මය‍්හම‍්පි එකං ඔකාසං දෙථ, අහම‍්පි තුම‍්හෙහි සද‍්ධිං මග‍්ගං අලඞ‍්කරිස‍්සාමී”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “සුමෙධතාපසො ඉද‍්ධිමා”ති ජානන‍්තා උදකභින‍්නොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා – “ත්‍වං ඉමං ඨානං අලඞ‍්කරොහී”ති අදංසු. සුමෙධො බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා චින‍්තෙසි – “අහං ඉමං ඔකාසං ඉද‍්ධියා අලඞ‍්කරිතුං පහොමි, එවං අලඞ‍්කතො න මං පරිතොසෙස‍්සති, අජ‍්ජ මයා කායවෙය්‍යාවච‍්චං කාතුං වට‍්ටතී”ති පංසුං ආහරිත්‍වා තස‍්මිං පදෙසෙ පක‍්ඛිපි.

මිනිස්සු කීවාහුය. ස්වාමීනි; සුමේධයනි, ඔබ නොදනිහිද? දීපංකර බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණ පවත්වන ලද උතුම් ධර්මචක්‍රය ඇත්තේ, චාරිකාවේ හැසිරෙන්නේ අපගේ නුවරට පැමිණ සුදර්ශන මහා විහාරයේ වාසය කරති. අපි, ඒ භාග්‍යවතුන්ට ආරාධනාකොට, ඒ භාග්‍යවත් බුදුරදුන්ගේ පැමිණෙන මාර්ගය අලංකාර කරමු. ඉක්බිති සුමේධ තවුසා සිතුවේය. බුද්ධ යන හඬ පමණක් ලෝකයෙහි දුර්ලභය. බුද්ධෝත්පාදයද එසේමය. මා විසින්ද මේ මිනිසුන් සමග දසබලධාරීන් වහන්සේ වඩින මාර්ගය අලංකාර කිරීම වටී යයි, හෙතෙම ඒ මිනිසුන්ට කීවේය. ඉදින් පින්වත් නුඹලා මේ මාර්ගය බුදුරදුන්ට අලංකාර කරවු නම් මටද එක් ඉඩකඩක් දෙවු! මම ද නුඹලා සමග මාර්ගය අලංකාර කරන්නෙමියි. ඔවුහු යහපතැයි පිළිගෙන සුමේධ තාපසයන් සෘද්ධිමත් බව දන්නා නිසාවෙන් ජලයෙන් බිඳුණු ඉඩකඩ සළකා, නුඹ මේ ස්ථානය අලංකාර කරවයි දුන්හ. සුමේධ බුදුන් අරමුණු කරගත් සතුටින් යුතුව සිතීය. මම මේ ඉඩකඩ සෘද්ධි බලයෙන් අලංකාර කිරීමට සමත් වෙමි. එසේ සැරසීම මට සතුටක් නොවන්නේ ය. මෙහි මා විසින් කයින් වතාවත් කිරීම වටී යයි පස් ගෙනවුත් ඒ පෙදෙසෙහි දැමීය.

තස‍්ස තස‍්මිං පදෙසෙ අනිට‍්ඨිතෙයෙව දීපඞ‍්කරදසබලො මහානුභාවානං ඡළභිඤ‍්ඤානං ඛීණාසවානං චතූහි සතසහස‍්සෙහි පරිවුතො දෙවතාසු දිබ‍්බගන්‍ධමාලාදීහි පූජයන‍්තාසු දිබ‍්බතුරියෙහි වජ‍්ජන‍්තාසු දිබ‍්බසඞ‍්ගීතෙසු පවත‍්තෙන‍්තෙසු මනුස‍්සෙසු මානුසකෙහි ගන්‍ධමාලාදීහි චෙව තුරියෙහි ච පූජයන‍්තෙසු අනොපමාය බුද‍්ධලීලාය මනොසිලාතලෙ විජම‍්භමානො සීහො විය තං අලඞ‍්කතපටියත‍්තං මග‍්ගං පටිපජ‍්ජි. සුමෙධතාපසො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා අලඞ‍්කතමග‍්ගෙන ආගච‍්ඡන‍්තස‍්ස දසබලස‍්ස ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං අසීතියා අනුබ්‍යඤ‍්ජනෙහි අනුරඤ‍්ජිතං බ්‍යාමප‍්පභාය සම‍්පරිවාරිතං මණිවණ‍්ණගගනතලෙ නානප‍්පකාරා විජ‍්ජුලතා විය ආවෙළාවෙළභූතා චෙව යුගළයුගළභූතා ච ඡබ‍්බණ‍්ණඝනබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තං රූපසොභග‍්ගප‍්පත‍්තං අත‍්තභාවං ඔලොකෙත්‍වා – “අජ‍්ජ මයා දසබලස‍්ස ජීවිතපරිච‍්චාගං කාතුං වට‍්ටති, මා භගවා කලලං අක‍්කමි, මණිඵලකසෙතුං පන අක‍්කමන‍්තො විය සද‍්ධිං චතූහි ඛීණාසවසතසහස‍්සෙහි මම පිට‍්ඨිං මද‍්දමානො ගච‍්ඡතු, තං මෙ භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති කෙසෙ මොචෙත්‍වා අජිනචම‍්මජටාමණ‍්ඩලවාකචීරානි කාළවණ‍්ණෙ කලලෙ පත්‍ථරිත්‍වා මණිඵලකසෙතු විය කලලපිට‍්ඨෙ නිපජ‍්ජි. තෙන වුත‍්තං –

එවිට ඒ පෙදෙස නිම නොකරද්දීම දසබලවූ දීපංකර බුදුරජු මහානුභාව සම්පන්න, ෂට් අභිඥාලාභී හතළිස් දහසක් මහරහතුන් පිරිවරණ ලදුව, දේවතාවන් දිවමල් දිවසුවඳ ආදියෙන් පුදන කල්හි, දිව්‍ය සංගීතයෙන් පුදන කල්හි, මනිසුන් අතර මානුෂික වූ සුවඳ මල් ආදියෙන්ද තුර්ය නාදවලින්ද පුදනු ලබන කල්හි, උපමා රහිත බුද්ධ ලීලාවෙන් හිරියල් පර්වතයක වැජඹෙන සිංහයෙකු මෙන්, ඒ අලංකාරව පිළියෙළ කරන ලද මාර්ගයට පිළිපන් සේක. සුමේධ තාපසයන් ඇස් විවෘතකොට අලංකාර කරන ලද මාර්ගයෙන් වැඩම කරන්නා වු බුදුන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්‍ෂණවලින් සමන්විත, අසූවක් අනුකුඩා ලක්‍ෂණවලින් මනරංජිත වූ බ්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් වටකරන ලද, නිල්මිණි වන් අහස්තළේ විහිදෙන්නා වු නොයෙක් ආකාර විදුලි යුගල යුගල මෙන් සවනක් බුදුරැස් විහිදුවන්නා වු මුදුන් මල්කඩක් බඳු වූද තථාගතයන් වහන්සේ, දෙස දෙඇස් විවෘතකර “අද මා වුසුන් දසබලධාරීන් වහන්සේට ජීවිත පරිත්‍යාග කිරීම වටී, භාග්‍යවතුන් වහන්සේ මඩගොඩ නොපාගාවා! මැණික් පුවරු ඒ දණ්ඩකින් එතෙර වන්නාක් මෙන්, හතළිස්දහසක් මහරහතුන් සමග මගේ පිට පාගමින් වඩීවා! එය මට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ යයි කෙස් මුදවා අඳුන් දිවිසම ජටාමඩුල්ල වැහැරි සිවුර, කලුපාටැති මඩෙහි අතුරා මැණික් පුවරුවකින් සෑදු පාලමක් මෙන් මඩ මත්තෙහි හොත්තේය. එබැවින් කියන ලදී –

“තෙ මෙ පුට‍්ඨා වියාකංසු, ‘බුද‍්ධො ලොකෙ අනුත‍්තරො; දීපඞ‍්කරො නාම ජිනො, උප‍්පජ‍්ජි ලොකනායකො; තස‍්ස සොධීයති මග‍්ගො, අඤ‍්ජසං වටුමායනං’.

මා විසින් විචාරන ලදුව ලෝකයෙහි අනුත්තර වූ ලෝකනායක වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ ඉපදුනු බවත්, උන්වහන්සේ වැඩමවීම පිණිස මාර්ගය පිළිසකර කරන බවත් ඔව්හු කීහ.

“බුද‍්ධොතිවචනං සුත්‍වාන, පීති උප‍්පජ‍්ජි තාවදෙ; බුද‍්ධො බුද‍්ධොති කථයන‍්තො, සොමනස‍්සං පවෙදයිං.

එකල්හි බුද්ධ යයි නම ඇසූ පමණින් මට ප්‍රීතිය පහළ වූයේය. බුද්ධ බුද්ධ යැයි කියත් කියත්ම සොම්නසින් උද්දාමයට පත්වීමි.

“තත්‍ථ ඨත්‍වා විචින‍්තෙසිං, තුට‍්ඨො සංවිග‍්ගමානසො; ‘ඉධ බීජානි රොපිස‍්සං, ඛණො වෙ මා උපච‍්චගා’.

තුටුපහටු වු සිතින්, යුතු මම එම සතුට ඉක්මයාමට පෙරම එහි බීජ රෝපණය කළ යුතු යැයි එතැන සිටම සිතීමි.

“යදි බුද‍්ධස‍්ස සොධෙථ, එකොකාසං දදාථ මෙ; අහම‍්පි සොධයිස‍්සාමි, අඤ‍්ජසං වටුමායනං.

ඉදින් බුදුන් සඳහා මාර්ගය සකස් කරන්නේ නම් මට ද අවකාශයක් (කොටසක්) දෙනු මැනවි. මම ද මාර්ගය පිළිසකර කරමි.

“අදංසු තෙ මමොකාසං, සොධෙතුං අඤ‍්ජසං තදා; බුද‍්ධො බුද‍්ධොති චින‍්තෙන‍්තො, මග‍්ගං සොධෙමහං තදා.

එකල්හි මාර්ගය පිළිසකර කිරීම සඳහා එක් ඉඩකඩක් මට දුන්හ. බුද්ධ බුද්ධ යයි සිතමින්ම මහත් භක්තියෙන් මාර්ගය පිළිසකර කළෙමි.

“අනිට‍්ඨිතෙ මමොකාසෙ, දීපඞ‍්කරො මහාමුනි; චතූහි සතසහස‍්සෙහි, ඡළභිඤ‍්ඤෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, පටිපජ‍්ජි අඤ‍්ජසං ජිනො.

මගේ කොටස පිළිසකර කර නොනිමි කල්හිම, ෂඩ් අභිඥා සම්පන්න වූ නිර්මල වූ මහරහතන් වහන්සේලා පිරිවරා දීපංකර බුදුන්වහන්සේ මහමගට වැඩමවූ සේක.

“පච‍්චුග‍්ගමනා වත‍්තන‍්ති, වජ‍්ජන‍්ති භෙරියො බහූ; ආමොදිතා නරමරූ, සාධුකාරං පවත‍්තයුං.

ප්‍රමුදිත වූ දෙව්මිනිස්සු පසුගමන් පවත්වති. සාධුකාර පවත්වති. බොහෝ භේරීහු වයනු ලැබෙත්.

“දෙවා මනුස‍්සෙ පස‍්සන‍්ති, මනුස‍්සාපි ච දෙවතා; උභොපි තෙ පඤ‍්ජලිකා, අනුයන‍්ති තථාගතං.

මිනිස්සු සහ දෙවියෝ බුදුන්වහන්සේ නරඹත් දෙඅත් ඔසවා වැඳගත් දෙපිරිසම, තථාගතයන් වහන්සේ අනුව යති.

“දෙවා දිබ‍්බෙහි තුරියෙහි, මනුස‍්සා මානුසෙහි ච; උභොපි තෙ වජ‍්ජයන‍්තා, අනුයන‍්ති තථාගතං.

දෙවියෝ දිව බෙර වයමින් ද, මිනිස්සු මානුෂික බෙර වයමින්ද තථාගතයන් වහන්සේ අනුව යති.

“දිබ‍්බං මන්‍දාරවං පුප‍්ඵං, පදුමං පාරිඡත‍්තකං; දිසොදිසං ඔකිරන‍්ති, ආකාසනභගතා මරූ.

දිව්‍යමය වූ මදාරා මල්ද, පරසතු මල්ද, ආකාශගත දෙවිවරු දිසාවෙන් දිසාවට විසුරුවති.

“දිබ‍්බං චන්‍දනචුණ‍්ණඤ‍්ච, වරගන්‍ධඤ‍්ච කෙවලං; දිසොදිසං ඔකිරන‍්ති, ආකාසනභගතා මරූ.

දිවිම්‍යය වූ සඳුන් සුවඳ කුඩුද උතුම් වූ සුවඳ වර්ගද අහසෙහි හැසිරෙන දෙවිවරු දිසාවෙන් දිසාව විසිරුවත්.

“චම‍්පකං සලලං නීපං, නාගපුන‍්නාගකෙතකං; දිසොදිසං උක‍්ඛිපන‍්ති, භූමිතලගතා නරා.

සපු - සලල - මිදෙල්ල - නා - දොඹ - වැටකේ ආදී මල්, පොළවෙහි සිටින මිනිස්සු මග දෙපස විසුරුවති.

“කෙසෙ මුඤ‍්චිත්‍වාහං තත්‍ථ, වාකචීරඤ‍්ච චම‍්මකං; කලලෙ පත්‍ථරිත්‍වාන, අවකුජ‍්ජො නිපජ‍්ජහං.

මම හිසකෙස් මුදවා - වැහැරි සිවුරද සම්කඩද, මඩෙහි අතුරා මුනින්තලා වී වැදහොත්තෙමි.

“අක‍්කමිත්‍වාන මං බුද‍්ධො, සහ සිස‍්සෙහි ගච‍්ඡතු; මා නං කලලෙ අක‍්කමිත්‍ථ, හිතාය මෙ භවිස‍්සතී”ති.

බුදුන් වහන්සේ ශ්‍රාවක පිරිස් සමඟ මා මැඩගෙන වඩිනු මැනවි. මම මඩවගුරෙන් ඉවත් නොවෙමි. මා මැඩගෙන වැඩීම (බොහෝකල්) මට හිතසුව පිණිස වන්නේය.

සො පන කලලපිට‍්ඨෙ නිපන‍්නකොව පුන අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා දීපඞ‍්කරදසබලස‍්ස බුද‍්ධසිරිං සම‍්පස‍්සමානො එවං චින‍්තෙසි – “සචෙ අහං ඉච‍්ඡෙය්‍යං, සබ‍්බකිලෙසෙ ඣාපෙත්‍වා සඞ‍්ඝනවකො හුත්‍වා රම‍්මනගරං පවිසෙය්‍යං, අඤ‍්ඤාතකවෙසෙන පන මෙ කිලෙසෙ ඣාපෙත්‍වා නිබ‍්බානප‍්පත‍්තියා කිච‍්චං නත්‍ථි, යංනූනාහං දීපඞ‍්කරදසබලො විය පරමාභිසම‍්බොධිං පත්‍වා ධම‍්මනාවං ආරොපෙත්‍වා මහාජනං සංසාරසාගරා උත‍්තාරෙත්‍වා පච‍්ඡා පරිනිබ‍්බායෙය්‍යං, ඉදං මය‍්හං පතිරූප”න‍්ති. තතො අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි. තෙන වුත‍්තං –

හෙතෙම මඩ මත්තෙහි සිටම ඇස් ඇර දීපංකර බුදුන්ගේ බුද්ධශ්‍රීය බලන්නේ මෙසේ සිතුවේය. ඉදින් මම කමැති වන්නේ නම් සියලු කෙළෙස් දවා, නවක පැවිද්දෙකු වී, රම්‍ය නුවරට පිවිසිය හැකිය. වෙනත් විලාශයකින් කෙළෙස් දවා, නිවනට පැමිණීමට තරම් නොවේ. දීපංකර බුදුරදුන් මෙන් පරම අභිසම්බෝධියට පැමිණ දහම් නැව නගා මහජනයා සංසාර සාගරයෙන් එතරකොට පසුව පරිනිර්වාණයට පත්වෙන්නේ නම් ඉතා යෙහෙකි. මේ මගේ අපේක්‍ෂාවයි. අනතුරුව අෂ්ට ධර්මයෙන් පරිපූර්ණව බුද්ධභාවය පිණිස අභිනීහාර කොට හොත්තේය. එබැවින් කියන ලදී.

“පථවියං නිපන‍්නස‍්ස, එවං මෙ ආසි චෙතසො; ‘ඉච‍්ඡමානො අහං අජ‍්ජ, කිලෙසෙ ඣාපයෙ මම.

“පොළවේ හොත්තා වූ මට මෙබඳු අදහසක් පහළ විය. අද මම මගේ කෙළෙස් දැවීමට කැමැති වන්නෙමි.

“‘කිං මෙ අඤ‍්ඤාතවෙසෙන, ධම‍්මං සච‍්ඡිකතෙනිධ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, බුද‍්ධො හෙස‍්සං සදෙවකෙ.

අනෙක් විලාශයකින් ධර්මය මෙහිදී සාක්‍ෂාත් කිරීම කවර අර්ථයක්ද, සර්වඥතාභාවයට පැමිණ, සදේවක ලෝකයාට බුදුවරයෙක් වන්නෙමි.

“‘කිං මෙ එකෙන තිණ‍්ණෙන, පුරිසෙන ථාමදස‍්සිනා; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, සන‍්තාරෙස‍්සං සදෙවකං.

ධෛර්ය ඇති මම හුදෙකලාව එතෙර වීමෙන් කවර අර්ථයක්ද? සර්වඥ භාවයට පැමිණ, [missing trans]

“‘ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත‍්තමෙ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, තාරෙමි ජනතං බහුං.

[missing trans] සර්වඥ භාවයට පැමිණ, බොහෝ ජනයා එතෙර කරන්නෙමි.

“‘සංසාරසොතං ඡින්‍දිත්‍වා, විද‍්ධංසෙත්‍වා තයො භවෙ; ධම‍්මනාවං සමාරුය‍්හ, සන‍්තාරෙස‍්සං සදෙවක’”න‍්ති.

“සසර සැඩ පහර සිඳ තුන් භවය විධ්වංසනය කොට දහම් නැවට නංවා, සදේවක ලෝකයා එතර කරවන්නෙමි.

යස‍්මා පන බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස –

යම් හෙයකින් බුද්ධත්වයට පත්වන්නෙකු විසින් –

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති.

මිනිසෙකු වීම, පිරිමියෙකු වීම, අරහත්වය සඳහා හේතු සම්පත් ඇති බව, ජීවමාන බුදුවරයෙකු දැකීම, පැවිදිවීම, ගුණසම්පත්තිය, බුද්ධකාරක ධර්ම පිළිබඳ උත්සාහය, බුදුවීම පිළිබඳ කැමැත්ත. යන කරුණු අට තිබිය යුතුය.

මනුස‍්සත‍්තභාවස‍්මිංයෙව හි ඨත්‍වා බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තස‍්ස පත්‍ථනා සමිජ‍්ඣති, නාගස‍්ස වා සුපණ‍්ණස‍්ස වා දෙවතාය වා සක‍්කස‍්ස වා පත්‍ථනා නො සමිජ‍්ඣති. මනුස‍්සත‍්තභාවෙපි පුරිසලිඞ‍්ගෙ ඨිතස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, ඉත්‍ථියා වා පණ‍්ඩකනපුංසකඋභතොබ්‍යඤ‍්ජනකානං වා නො සමිජ‍්ඣති. පුරිසස‍්සපි තස‍්මිං අත‍්තභාවෙ අරහත‍්තප‍්පත‍්තියා හෙතුසම‍්පන‍්නස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, නො ඉතරස‍්ස. හෙතුසම‍්පන‍්නස‍්සාපි ජීවමානබුද‍්ධස‍්සෙව සන‍්තිකෙ පත්‍ථෙන‍්තස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, පරිනිබ‍්බුතෙ බුද‍්ධෙ චෙතියසන‍්තිකෙ වා බොධිමූලෙ වා පත්‍ථෙන‍්තස‍්ස න සමිජ‍්ඣති. බුද‍්ධානං සන‍්තිකෙ පත්‍ථෙන‍්තස‍්සපි පබ‍්බජ‍්ජාලිඞ‍්ගෙ ඨිතස‍්සෙව සමිජ‍්ඣති, නො ගිහිලිඞ‍්ගෙ ඨිතස‍්ස. පබ‍්බජිතස‍්සපි පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තිලාභිනොයෙව සමිජ‍්ඣති, න ඉමාය ගුණසම‍්පත‍්තියා විරහිතස‍්ස. ගුණසම‍්පන‍්නෙනපි යෙන අත‍්තනො ජීවිතං බුද‍්ධානං පරිච‍්චත‍්තං හොති, තස‍්සෙව ඉමිනා අධිකාරෙන අධිකාරසම‍්පන‍්නස‍්ස සමිජ‍්ඣති, න ඉතරස‍්ස. අධිකාරසම‍්පන‍්නස‍්සාපි යස‍්ස බුද‍්ධකාරකධම‍්මානං අත්‍ථාය මහන‍්තො ඡන්‍දො ච උස‍්සාහො ච වායාමො ච පරියෙට‍්ඨි ච, තස‍්සෙව සමිජ‍්ඣති, න ඉතරස‍්ස.

මනුෂ්‍ය ආත්මභාවයෙහි සිට බුදුබව ප්‍රාර්ථනා කරන්නහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. නාගයකුගේ, ගුරුළුකුගේ හෝ දේවතාවකුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ. මිනිස් ආත්ම භාවයේ සිටියේද පුරුෂ භාවයෙන් සිටියහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධය. ස්ත්‍රියක හෝ නපුංසක, පණ්ඩව යන උභතොව්‍යඤ්ජනයන්ගේ පැතුමද සමෘද්ධ නොවේ. පුරුෂයකුගේ වුවද ඒ ආත්මභාවයේ අරහත්ඵලයට පැමිණීමට හේතුවාසනා ඇත්තාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. අනෙකකුගේ එසේ නොවේ. ඉදින් හේතු සම්පත් ඇත්තේ නමුත් ජීවමාන බුදුවරයකුගේ සමීපයේ ප්‍රාර්ථනා කළ අයගේ පැතුම සඵල වේ. පිරිනිවන්පෑ බුදුවරයෙකුගේ හෝ චෛත්‍යය සමීපයේ හෝ බෝධිමූලයේ සිට ප්‍රාර්ථනා කරන්නහුගේ පැතුම සමෘද්ධ නොවේ. බුදුවරුන්ගේ සමීපයේ ප්‍රාර්ථනා කරන්නේද පැවිදි බව ඇත්තාගේම පැතුම සමෘද්ධ වේ. ගිහියාගේ එසේ සඵල නොවේ. පැවිද්දාගේ වුවද පංචාභිඥා, අෂ්ට සමාපත්ති ලාභියාගේම පැතුම සමෘද්ධ වේ. මේ ගුණ සම්පත් විරහිත වූවහුගේ නොවේ. ගුණසම්පන්න වුවද යම්බඳු වූ තමන්ගේ ජීවිතය බුදුවරුන්ට පරිත්‍යාග කිරීම සිදුවූවහුගේ පැතුම සඵල වේ. ඔහුගේ මේ ආකාර කැමැත්ත ඇත්තාගේ පැතුම සමෘද්ධ වේ. අනෙකුගේ එසේ නොවේ. අධිකාර සම්පන්න වුවද බුද්ධකාරක ධර්මයන්ගේ අර්ථ සිද්ධිය පිණිස මහත් කමැත්ත, මහත් උත්සාහය, වෑයමද සෙවීමද ඇත්තාගේ පැතුම සමෘද්ධ වේ. අනෙකුගේ එසේ නොවේ.

තත්‍රිදං ඡන්‍දමහන‍්තතාය ඔපම‍්මං – සචෙ හි එවමස‍්ස යො සකලචක‍්කවාළගබ‍්භං එකොදකීභූතං අත‍්තනො බාහුබලෙන උත‍්තරිත්‍වා පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං වෙළුගුම‍්බසඤ‍්ඡන‍්නං වියූහිත්‍වා මද‍්දිත්‍වා පදසා ගච‍්ඡන‍්තො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං සත‍්තියො ආකොටෙත්‍වා නිරන‍්තරං සත‍්තිඵලසමාකිණ‍්ණං පදසා අක‍්කමමානො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාති. යො වා පන සකලචක‍්කවාළගබ‍්භං වීතච‍්චිතඞ‍්ගාරභරිතං පාදෙහි මද‍්දමානො පාරං ගන‍්තුං සමත්‍ථො, සො බුද‍්ධත‍්තං පාපුණාතීති. යො එතෙසු එකම‍්පි අත‍්තනො දුක‍්කරං න මඤ‍්ඤති, “අහං එතම‍්පි තරිත්‍වා වා ගන‍්ත්‍වා වා පාරං ගමිස‍්සාමී”ති එවං මහන‍්තෙන ඡන්‍දෙන ච උස‍්සාහෙන ච වායාමෙන ච පරියෙට‍්ඨියා ච සමන‍්නාගතො හොති, එතස‍්සෙව පත්‍ථනා සමිජ‍්ඣති, න ඉතරස‍්ස. තස‍්මා සුමෙධතාපසො ඉමෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වාව බුද‍්ධභාවාය අභිනීහාරං කත්‍වා නිපජ‍්ජි.

එහිලා කැමැත්තේ මහත්බව පිණිස උපමාවක්ද ඇත. ඒ මෙසේය. “යමෙක් චක්‍රවාට ගර්භයේ හුදකලා වූයේ තමන්ගේ බාහු බලයෙන් පැතිර පරතෙරට යන්නට සමත්වේද? හෙතෙම බුදුබවට පැමිණෙයි. යමෙක් වනාහි මුළු චක්‍රවාට ගර්භය උණ ලීයකින් සිදුරුකොට මැද පියවරෙන් යන්නේ පරතෙරට යන්නට සමත් වේද, ඔහු බුදුබවට පැමිණෙයි. යමෙක් මුළු සක්වල සැතකින් කොටා නිරතුරුව සැතින් කොටන ලද තැන් පාදයෙන් මැඩගෙන පරතෙරට යන්නට සමත් වේද, හෙතම බුද්ධත්වයට පැමිණෙයි. යමෙක් මුළු චක්‍රවාටය දැල්වෙන අඟුරු අතුරා පාවලින් මඩිමින් පරතෙරට යාමට සමත්වේද, හෙතම බුදුබවට පැමිණෙයි. මේවා අතර එකකුදු තමන්ට දුෂ්කර යයි නොහඟියි. මම එසේද කොට, ගොස් පරතෙරට යන්නෙමියි එසේ මහත් වූ කැමැත්තෙන් මහත් වූ උත්සාහයෙන්, ව්‍යායාමයෙන්, සෙවීමේ නිරත වීමෙන් සමන්විත වූයේ වෙයි. ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. අනෙකකුගේ නොවේ. සුමේධ තාපසයා මේ අෂ්ටධර්ම සමාදන් වී බුදුබව පිණිස අභිනීහාරකොට හොත්තේය.

දීපඞ‍්කරොපි භගවා ආගන‍්ත්‍වා සුමෙධතාපසස‍්ස සීසභාගෙ ඨත්‍වා මණිසීහපඤ‍්ජරං උග‍්ඝාටෙන‍්තො විය පඤ‍්චවණ‍්ණපසාදසම‍්පන‍්නානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා කලලපිට‍්ඨෙ නිපන‍්නං සුමෙධතාපසං දිස‍්වා “අයං තාපසො බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, සමිජ‍්ඣිස‍්සති නු ඛො එතස‍්ස පත්‍ථනා, උදාහු නො”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා උපධාරෙන‍්තො – “ඉතො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි අතික‍්කමිත්‍වා අයං ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා ඨිතකොව පරිසමජ‍්ඣෙ බ්‍යාකාසි – “පස‍්සථ නො තුම‍්හෙ ඉමං උග‍්ගතපං තාපසං කලලපිට‍්ඨෙ නිපන‍්න”න‍්ති? “එවං, භන‍්තෙ”ති. අයං බුද‍්ධත‍්තාය අභිනීහාරං කත්‍වා නිපන‍්නො, සමිජ‍්ඣිස‍්සති ඉමස‍්ස පත්‍ථනා. අයඤ‍්හි ඉතො කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛයෙය්‍යානං මත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සති. තස‍්මිං පනස‍්ස අත‍්තභාවෙ කපිලවත්‍ථු නාම නගරං නිවාසො භවිස‍්සති, මායා නාම දෙවී මාතා, සුද‍්ධොදනො නාම රාජා පිතා, අග‍්ගසාවකො උපතිස‍්සො නාම ථෙරො, දුතියසාවකො කොලිතො නාම, බුද‍්ධුපට‍්ඨාකො ආනන්‍දො නාම, අග‍්ගසාවිකා ඛෙමා නාම ථෙරී, දුතියසාවිකා උප‍්පලවණ‍්ණා නාම ථෙරී භවිස‍්සති. අයං පරිපක‍්කඤාණො මහාභිනික‍්ඛමනං කත්‍වා මහාපධානං පදහිත්‍වා නිග්‍රොධරුක‍්ඛමූලෙ පායාසං පටිග‍්ගහෙත්‍වා නෙරඤ‍්ජරාය තීරෙ පරිභුඤ‍්ජිත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ අස‍්සත්‍ථරුක‍්ඛමූලෙ අභිසම‍්බුජ‍්ඣිස‍්සතීති. තෙන වුත‍්තං –

දීපංකර භාග්‍යවතුන් වහන්සේද වැඩමකොට සුමේධ තාපසයාගේ හිස සමීපයේ සිට මැණික් සිංහ පඤ්ජරයක් ගලවා දමන්නාක් මෙන් පස් පැහැ පියුම් සමාන වූ ඇස් විවරකර බලා මඩ මත්තෙහි හුන්නා වූ සුමේධ තාපසයා දැක මේ තාපසයා බුදුබව පිණිස, අභිනීහාරකොට හොත්තේ මොහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේද, නැද්ද යනුවෙන් අනාගත (සංඥාවක්) තත්ත්වයන් සලකා බලන්නේ, මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මත්තෙහි මෙතෙම ගෞතම නම් බුදුවන්නේය යයි දැන එහි සිටියදීම, පිරිස මැද අනාගත වාක්‍ය ප්‍රකාශ කළ සේක. “මේ මඩ මත්තෙහි හොත්තා වූ උග්‍ර තපස් ඇති මේ තාපසයා දෙස බලවු.” එසේය ස්වාමීනි, මෙතෙම බුදුබව පිණිස අභිනීහාර කොට හොත්තේය. මොහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේය. මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මත්තෙහි ගෞතම නම් බුදුවන්නේය. ඔහුගේ ආත්මභාවයේදී කපිලවස්තු නම් නගරය නිවාස වන්නේය. මායා දේවිය ඔහුගේ මව වේ. සුද්ධෝදන නම් රජ පියා ය. උපතිස්ස නම් තෙරුන් අග්‍රශ්‍රාවකයාය. දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා කෝලිත නමි. බුද්ධ උපස්ථායකයා ආනන්ද නමි. අග්‍රශ්‍රාවිකාව ඛේමා නම් වේ. දෙවෙනි ශ්‍රාවිකාව උප්පලවණ්ණා නම් තෙරණිය වන්නීය. මෙතම පැසුණු බුද්ධිය ඇත්තේ, මහාභිනිෂ්ක්‍රමණය කොට ප්‍රධන් වීර්යය වඩා නුගරුක්මුල කිරිබත පිළිගෙන නේරංජරා නදී තීරයේදී වළඳා බෝධි මණ්ඩපයට පැමිණ ඇසතු රුකමුල අභිසම්බෝධියට පත්වන්නේය. එසේ හෙයින් කියන ලදි –

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; උස‍්සීසකෙ මං ඨත්‍වාන, ඉදං වචනමබ්‍රවි.

මාගේ පූජාව පිළිගත් ලෝකවිදූ ගුණයුත් දීපංකර සර්වඥයන් වහන්සේ මගේ හිස සමීපයේ සිට මෙම වචන වදාළ සේක.

“‘පස‍්සථ ඉමං තාපසං, ජටිලං උග‍්ගතාපනං; අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ, බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

උග්‍ර තවුස්දම් රකින මේ ජටිලයා බලව, මෙයින් මතු කල්පයකදී මෙතෙම ලෝකයෙහි (ලොව්තුරා) බුද්ධත්වයට පත්වන්නේය.

“‘අහු කපිලව‍්හයා රම‍්මා, නික‍්ඛමිත්‍වා තථාගතො; පධානං පදහිත්‍වාන, කත්‍වා දුක‍්කරකාරිකං.

රම්‍ය වූ කපිලවත්‍ථු පුරයෙන් නික්ම යන්නා වූ ඔහු දුෂ්කර ක්‍රියාකොට, ප්‍රධන් වීර්යය වඩා තථාගතභාවයට පැමිණේ.

“‘අජපාලරුක‍්ඛමූලෙ, නිසීදිත්‍වා තථාගතො; තත්‍ථ පායාසං පග‍්ගය‍්හ, නෙරඤ‍්ජරමුපෙහිති.

එසේ ගියා වූ හෙතෙම අජපාල නුගරුක් මුලදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා නදිය වෙත පැමිණෙනු ඇත.

“‘නෙරඤ‍්ජරාය තීරම‍්හි, පායාසං අද සො ජිනො; පටියත‍්තවරමග‍්ගෙන, බොධිමූලමුපෙහිති.

නේරඤ්ජා නදිය අසබඩදී කිරිපිඬු වළඳා සරසා පිළියෙල කළ මාර්ගයෙන් බෝධි මණ්ඩපය වෙත පැමිණෙයි.

“‘තතො පදක‍්ඛිණං කත්‍වා, බොධිමණ‍්ඩං අනුත‍්තරො; අස‍්සත්‍ථරුක‍්ඛමූලම‍්හි, බුජ‍්ඣිස‍්සති මහායසො.

අනුත්තර වූ බෝමැඩ ප්‍රදක්‍ෂිණාකොට, අස්වත්ථ රුක්මුල්හිදී මහත් කිර්තියට පත්ව සිව්සස් අවබෝධ කරන්නේය.

“‘ඉමස‍්ස ජනිකා මාතා, මායා නාම භවිස‍්සති; පිතා සුද‍්ධොදනො නාම, අයං හෙස‍්සති ගොතමො.

මොහුගේ වැදූ මව මහාමායා නම් වන්නීය. පියා සුද්ධෝදන වන අතර, මෙතෙමේ ගෝතම නම් වේ.

“‘අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා; කොලිතො උපතිස‍්සො ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා; ආනන්‍දො නාමුපට‍්ඨාකො, උපට‍්ඨිස‍්සති තං ජිනං.

ආශ්‍රව නැත්තා වූ වීතරාගී වූ සන්සුන් සිතින් සමාහිත වූ කෝලිත උපතිස්ස දෙනම අග්‍රශ්‍රාවකයෝ වන්නාහ. ආනන්ද නම් වූ උපස්ථායක තෙමේ ඒ ජිනයන් වහන්සේට උපස්ථාන කරයි.

“‘ඛෙමා උප‍්පලවණ‍්ණා ච, අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා; අනාසවා වීතරාගා, සන‍්තචිත‍්තා සමාහිතා; බොධි තස‍්ස භගවතො, අස‍්සත්‍ථොති පවුච‍්චතී’”ති. (බු· වං· 2.60-68);

ඛේමා සහ උප්පලවණ්ණා අග්‍ර ශ්‍රාවිකාවෝ වන්නාහ.අනාශ්‍රව වූ වීතරාගී වූ සන්සුන් සිත් ඇත්තා වූ දැමුණු ඉඳුරන් ඇත්තා වූ, මෙම භාග්‍යවතුන්ගේ බෝධිය අස්වත්ත (ඇසතු) නම් වන්නේය.

තං සුත්‍වා සුමෙධතාපසො – “මය‍්හං කිර පත්‍ථනා සමිජ‍්ඣිස‍්සතී”ති සොමනස‍්සප‍්පත‍්තො අහොසි. මහාජනො දීපඞ‍්කරදසබලස‍්ස වචනං සුත්‍වා “සුමෙධතාපසො කිර බුද‍්ධබීජං බුද‍්ධඞ‍්කුරො”ති හට‍්ඨතුට‍්ඨො අහොසි. එවඤ‍්චස‍්ස අහොසි – “යථා නාම මනුස‍්සා නදිං තරන‍්තා උජුකෙන තිත්‍ථෙන උත‍්තරිතුං අසක‍්කොන‍්තා හෙට‍්ඨාතිත්‍ථෙන උත‍්තරන‍්ති, එවමෙව මයම‍්පි දීපඞ‍්කරදසබලස‍්ස සාසනෙ මග‍්ගඵලං අලභමානා අනාගතෙ යදා ත්‍වං බුද‍්ධො භවිස‍්සසි, තදා තව සම‍්මුඛා මග‍්ගඵලං සච‍්ඡිකාතුං සමත්‍ථා භවෙය්‍යාමා”ති පත්‍ථනං ඨපයිංසු. දීපඞ‍්කරදසබලොපි බොධිසත‍්තං පසංසිත්‍වා අට‍්ඨපුප‍්ඵමුට‍්ඨීහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. තෙපි චතුසතසහස‍්සසඞ‍්ඛා ඛීණාසවා බොධිසත‍්තං ගන්‍ධෙහි ච මාලාහි ච පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු. දෙවමනුස‍්සා පන තථෙව පූජෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කන‍්තා.

ඒ අසා සුමේධ තාපස තෙමේ මගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේ යයි සොම්නසට පැමිණියේ විය. මහජනයා දීපංකර බුදුරදුන්ගේ වචන අසා, සුමේධ තාපසයා බුද්ධ බීජංකුර යයිද, බුද්ධ අංකුරයක් යයිද තුටු පහටු විය. මෙසේ විය. යම්සේ මිනිසකු නදියක් තරණය කරන්නේ සෘජුවම තොටුපොළ තරණය කිරීමට නොහැකිව යටින් පිහිටි තොටුපළකින් එතරවන්නේ ද එසේ අපි දීපංකර බුදුරදුන්ගේ ශාසනයේදී මාර්ග-ඵල නොලබන්නමෝ නම් අනාගතයේ යම්දිනක ඔබ බුදුවන දිනක ඔබ ඉදිරියේ මාර්ග-ඵල සාක්‍ෂාත් කිරීමට සමත් වන්නෙමුයි ප්‍රාර්ථනා තැබූහ. දීපංකර බුදුරදුන්ද බෝසතුන්ට ප්‍රශංසාකොට මල් අටමිටකින් පුදා, ප්‍රදක්‍ෂිණා කොට වැඩිසේක. ඒ ක්‍ෂීණාශ්‍රවයෝ හතළිස් දහසද, බෝසතුන්ට සුවඳ මල් ආදියෙන් පුදා ප්‍රදක්‍ෂිණාකොට පිටත්ව ගියහ. දෙව් මිනිස්සුද එසේම පුදා, වැඳ පිටත්ව යන්නෝ,

බොධිසත‍්තො සබ‍්බෙසං පටික‍්කන‍්තකාලෙ සයනා වුට‍්ඨාය “පාරමියො විචිනිස‍්සාමී”ති පුප‍්ඵරාසිමත්‍ථකෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. එවං නිසින‍්නෙ බොධිසත‍්තෙ සකලදසසහස‍්සචක‍්කවාළෙ දෙවතා සාධුකාරං දත්‍වා “අය්‍ය සුමෙධතාපස, පොරාණකබොධිසත‍්තානං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ‘පාරමියො විචිනිස‍්සාමා’ති නිසින‍්නකාලෙ යානි පුබ‍්බනිමිත‍්තානි නාම පඤ‍්ඤායන‍්ති, තානි සබ‍්බානිපි අජ‍්ජ පාතුභූතානි, නිස‍්සංසයෙන ත්‍වං බුද‍්ධො භවිස‍්සසි. මයමෙතං ජානාම ‘යස‍්සෙතානි නිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, එකන‍්තෙන සො බුද‍්ධො හොති’, ත්‍වං අත‍්තනො වීරියං දළ‍්හං කත්‍වා පග‍්ගණ‍්හා”ති බොධිසත‍්තං නානප‍්පකාරාහි ථුතීහි අභිත්‍ථවිංසු. තෙන වුත‍්තං –

බෝසතුන් සියළුදෙනා ඉවත්ව ගියකල්හි හුන්තැනින් නැගිට පාරමී රැස්කරන්නෙමියි මල්ගොඩ මැද පලක් බැඳ හුන්නේය. මෙසේ බෝසතුන් හිඳිනාකල්හි, මුළු දසදහසක් සක්වළ දේවතාවෝ රැස්වී සාධුකාර දී ආර්ය වූ සුමේධ තාපස පෙර බෝධිසත්වරුන් පාරමී සිහිපත් කරන්නෙමුයි හුන්කල්හි යම් පූර්ව නිමිති ප්‍රකට වූවෝද ඒ සියල්ලම අද පහළ වූවෝ වෙති. නිසැකයෙන්ම ඔබ බුදු වන්නෙහිය. මෙය අපි දනිමු. මෙවැනි යම් නිමිති ප්‍රකට වෙත්ද, ඒකාන්තයෙන් හෙතම බුදුවෙයි. ඔබ තමන්ගේ වීර්ය දැඩිකොට උත්සාහ කරන්නැයි බෝසතුන්ට නොයෙක් ආකාරයේ ස්තුතිවලින් අභිස්තුතිය පුද කළහ. එහෙයින් කියන ලදි –

“ඉදං සුත්‍වාන වචනං, අසමස‍්ස මහෙසිනො; ආමොදිතා නරමරූ, බුද‍්ධබීජං කිර අයං.

“අසම වූ මහර්ෂි බුදුරදුන්ගේ මේ වචන අසා, මෙතෙම බුද්ධාංකුරයකු යයි දත් දෙවි මිනිස්සු සතුටට පත්වූහ.

“උක‍්කුට‍්ඨිසද‍්දා වත‍්තන‍්ති, අප‍්ඵොටෙන‍්ති හසන‍්ති ච; කතඤ‍්ජලී නමස‍්සන‍්ති, දසසහස‍්සී සදෙවකා.

“දසදහසක් සදේවක ලෝවැසියෝ උණුසුම් ලෙස මහත්ඝෝෂා පවත්වති. අත්පොළසන් දෙති. සිනහ වී සතුට පළකරති. ඇඳිලිබැඳ නමස්කාර කරති.

“යදිමස‍්ස ලොකනාථස‍්ස, විරජ‍්ඣිස‍්සාම සාසනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

යම් ආකාරයකින් මෙම ලෝකනාථයන්ගේ ශාසනයෙන් (අපේ මගපල) වැරදී ගියොත් අනාගතයෙහිදී ඔබවහන්සේ හමුවේ එය ලබා ගනිමු.

“යථා මනුස‍්සා නදිං තරන‍්තා, පටිතිත්‍ථං විරජ‍්ඣිය; හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන, උත‍්තරන‍්ති මහානදිං.

යම්කිසි අයුරකින් නදියකින් එතරවන මිනිසුන් ප්‍රධාන තොටුපලෙන් එතෙරවීමට නොහැකි වුවහොත්, පහල පිහිටි වෙනත් තොටුපලකින් නදිය තරණය කරති.

“එවමෙව මයං සබ‍්බෙ, යදි මුඤ‍්චාමිමං ජිනං; අනාගතම‍්හි අද‍්ධානෙ, හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

එසේ අප සියළු දෙනම වර්තමාන, ජිනයන් වහන්සේගෙන් සසරින් මිදීමට අපොහොසත් වුවහොත් අනාගතයේ ඒකාන්තයෙන් ඔබ හමුවට පැමිණෙන්නෙමු.

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම කම‍්මං පකිත‍්තෙත්‍වා, දක‍්ඛිණං පාදමුද‍්ධරි.

ලෝකය දත්තා වූ දීපංකර සර්වඥයන් වහන්සේ මගේ පූජාව පිළිගෙන, මගේ ක්‍රියාවට ප්‍රශංසාකොට වැඩමවීය.

“යෙ තත්‍ථාසුං ජිනපුත‍්තා, සබ‍්බෙ පදක‍්ඛිණමකංසු මං; නරා නාගා ච ගන්‍ධබ‍්බා, අභිවාදෙත්‍වාන පක‍්කමුං.

ඉක්බිතිව සියළු බුද්ධ ශ්‍රාවකයෝ මා පැදකුණු කළහ. මිනිස්සුද, නාගයෝද, ගන්ධර්වයෝ ද මා නැමැද ගියහ.

“දස‍්සනං මෙ අතික‍්කන‍්තෙ, සසඞ‍්ඝෙ ලොකනායකෙ; හට‍්ඨතුට‍්ඨෙන චිත‍්තෙන, ආසනා වුට‍්ඨහිං තදා.

සංඝයා සහිත වූ ලෝක නායකයන් වහන්සේගේ දර්ශනය ඉක්මවූ කල්හි තුටු පහටු වූ සිතින් මම හුන් තැනින් නැගිට්ටෙමි.

“සුඛෙන සුඛිතො හොමි, පාමොජ‍්ජෙන පමොදිතො; පීතියා ච අභිස‍්සන‍්නො, පල‍්ලඞ‍්කං ආභුජිං තදා.

සැපයෙන් සැපයට පත්වුණෙමි. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වුණෙමි. ප්‍රීතියෙන් අභිෂේක ලත් මම එකල්හි පලක් බැඳ, (කකුල් ගොතා හිඳගෙන)

“පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා, එවං චින‍්තෙසහං තදා; ‘වසීභූතො අහං ඣානෙ, අභිඤ‍්ඤාපාරමිං ගතො.

එකල්හි මම පලඟෙහි සිට මෙසේ සිතීමි. මම ධ්‍යානයෙහි ඇලුණේ වෙමි. අභිඥාවන්ගෙන් කෙළවරට ගියෙමි.

“‘දසසහස‍්සිලොකම‍්හි, ඉසයො නත්‍ථි මෙ සමා; අසමො ඉද‍්ධිධම‍්මෙසු, අලභිං ඊදිසං සුඛං’.

සුවහසක් ලෝකයෙහි මා සමාන සෘෂිවරයෙක් නැත. අසම සමවූ සෘද්ධි ධර්මයෙන් මේ සමාන සැපයක් ලද්දෙමි.

“පල‍්ලඞ‍්කාභුජනෙ මය‍්හං, දසසහස‍්සාධිවාසිනො; මහානාදං පවත‍්තෙසුං, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මගේ පලඟ සේවනය දැක දසදහසක් සක්වල වැසියෝ, ඔබ ඒකාන්තයෙන් බුදුවන්නේ යයි මහානාද පැවැත්තූහ.

“යා පුබ‍්බෙ බොධිසත‍්තානං, පල‍්ලඞ‍්කවරමාභුජෙ; නිමිත‍්තානි පදිස‍්සන‍්ති, තානි අජ‍්ජ පදිස‍්සරෙ.

පෙර යම් බෝධිසත්ත්වවරයෝ උතුම් වූ පලඟට නැග යම් යම් නිමිති දැක්කාහුද, එ නිමිති අද මම දකින්නෙමි.

“සීතං බ්‍යාපගතං හොති, උණ‍්හඤ‍්ච උපසම‍්මති; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සීතල පහව ගියේ වෙයි. උණුසුමද සමවායෙන් පවතී. අද ඒ තත්ත්වයෙන් ප්‍රදර්ශනය වේ. ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“දසසහස‍්සී ලොකධාතූ, නිස‍්සද‍්දා හොන‍්ති නිරාකුලා; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

දසසහශ්‍රී ලෝකධාතුව නිහඬව සිටී. ආරාවුල් රහිතද වේ. ඒ තත්ත්වය අද ප්‍රදර්ශනය වේ. ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“මහාවාතා න වායන‍්ති, න සන්‍දන‍්ති සවන‍්තියො; තානි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මහා සුළං හමා නොයත්. ගංගාවෝ (තදින්) ගලා නොබසිති. මේ ලක්‍ෂණ අද ප්‍රදර්ශනය වේ. ඒකාන්තයෙන් මම බුදු වන්නේමය.

“ථලජා දකජා පුප‍්ඵා, සබ‍්බෙ පුප‍්ඵන‍්ති තාවදෙ; තෙපජ‍්ජ පුප‍්ඵිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ගොඩබිමෙහිද, ජලයෙහිද සියළු පුෂ්පයන් එකවර පිපී ඇත. ඒ සියල්ල අද පල දරා ඇත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.

“ලතා වා යදි වා රුක‍්ඛා, ඵලභාරා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ ඵලිතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ගස්වැල් මේ වනවිට හොඳින් ඵල දරා ඇත. ඒ සියල්ල ඵල දැරුවාක් මෙන් මම ඒකාන්තයෙන් බුදුවන්නෙමි.

“ආකාසට‍්ඨා ච භූමට‍්ඨා, රතනා ජොතන‍්ති තාවදෙ; තෙපජ‍්ජ රතනා ජොතන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අහසෙහිද පොළවෙහි ද ඇත්තා වූ සියළු රත්නයන් දිලිසෙමින් පවතී. ඒ රත්නයන් දිලිසෙන්නාක් මෙන් ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“මානුසකා ච දිබ‍්බා ච, තුරියා වජ‍්ජන‍්ති තාවදෙ; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

මානුෂික වූද දිව්‍යමය වූද තූර්ය භාණ්ඩයෝ එකෙණෙහි වාදනය කරත්. එම තූර්ය භාණ්ඩ හඬ නගන්නාක් මෙන් ඒකාන්තයෙන් බුදු වන්නේය.

“විචිත‍්තපුප‍්ඵා ගගනා, අභිවස‍්සන‍්ති තාවදෙ; තෙපි අජ‍්ජ පවස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි අහසෙහි විසිතුරු පුෂ්පයෝ වර්ෂා කෙරෙත්. අද විසිතුරක පහල වන්නාක් මෙන් ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“මහාසමුද‍්දො ආභුජති, දසසහස‍්සී පකම‍්පති; තෙපජ‍්ජුභො අභිරවන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

දහසහශ්‍රී ලෝකධාතුව ප්‍රකම්පිත වේ. මහා සමුද්‍රය (සියරළ) හකුළා ගනී. මෙසේ සතුටු වන්නාක් මෙන්, ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“නිරයෙපි දසසහස‍්සෙ, අග‍්ගී නිබ‍්බන‍්ති තාවදෙ; තෙපජ‍්ජ නිබ‍්බුතා අග‍්ගී, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි සියළු නිරයන්හි ගිනි නිවෙත්. එවන් ගිනි නිවුණාක් මෙන් ඒකාන්තයෙන් බුදු වන්නේමය.

“විමලො හොති සූරියො, සබ‍්බා දිස‍්සන‍්ති තාරකා; තෙපි අජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සූර්යයා නිර්මල වේ. සියළු තාරකාවෝ දක්නට ලැබෙත්. අද මෙවැනි විසිතුරු ප්‍රදර්ශනය වේ. ඒකාන්තයෙන් බුදුවන්නේමය.

“අනොවට‍්ඨෙන උදකං, මහියා උබ‍්භිජ‍්ජි තාවදෙ; තම‍්පජ‍්ජුබ‍්භිජ‍්ජතෙ මහියා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි ඇතිවුණා වූ වැස්සෙන් පොළව ඉල්පී සතුටු වෙයි. පොළවෙහි එම ඉල්පීමෙන් දක්වන්නේ ඒකාන්තයෙන් බුදුවන බවයි.

“තාරාගණා විරොචන‍්ති, නක‍්ඛත‍්තා ගගනමණ‍්ඩලෙ; විසාඛා චන්‍දිමායුත‍්තා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ගගන ගැබෙහි නැකැත් තරු සමූහයා බැබළෙති. වෙසක් මසේ දිනූ චන්ද්‍රයා මෙන් ඒකාන්තයෙන් බුදු වන්නේය.

“බිලාසයා දරීසයා, නික‍්ඛමන‍්ති සකාසයා; තෙපජ‍්ජ ආසයා ඡුද‍්ධා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සිතේ කිළිටි බවද, විඩාබර බවද, තමන් සමීපයෙන් නික්මෙයි. සිත්හි පවත්නා ආකාරය පිරිසිදු වේ. ඒකාන්තයෙන් බුදුවන්නේය.

“න හොති අරති සත‍්තානං, සන‍්තුට‍්ඨා හොන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ සන‍්තුට‍්ඨා, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

[missing trans]

“රොගා තදුපසම‍්මන‍්ති, ජිඝච‍්ඡා ච විනස‍්සති; තානිපජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

සිතෙහි රෝගයෝ ව්‍යුපසමනය වෙත්, පිළිකුල් බව විනාශවී ඇත. අද මේ සියල්ල ප්‍රදර්ශනය කෙරේ. ඒකාන්තයෙන් බුදුවන්නේය.

“රාගො තදා තනු හොති, දොසො මොහො විනස‍්සති; තෙපජ‍්ජ විගතා සබ‍්බෙ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකල්හි රාගය නොවැඩේ. ද්වේෂයද මෝහයද නැසුනේය. අද ඒ සියල්ල ප්‍රදර්ශනය වෙත්. ඒකාන්තයෙන් බුදුවන්නේය.

“භයං තදා න භවති, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අද පටන් කිසිදු බියක් හට නොගනී. එම ස්වරූපයෙන් ඒකාන්තයෙන් බුදුවන බව දැනගනිමි.

“රජො නුද‍්ධංසති උද‍්ධං, අජ‍්ජපෙතං පදිස‍්සති; තෙන ලිඞ‍්ගෙන ජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

ඉස්මතු වූ (කෙලෙස්) රජස් දූලි අද විධ්වංසනය වන බව දිස්වේ. එම ස්වභාවයෙන් ඒකාන්තයෙන් බුදුවන්නේ යයි දැනගනිමි.

“අනිට‍්ඨගන්‍ධො පක‍්කමති, දිබ‍්බගන්‍ධො පවායති; සොපජ‍්ජ වායති ගන්‍ධො, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

අනිෂ්ට වූ දුර්ගන්ධය ඉවත්ව යයි. දිවසුවඳ හමායයි. ඒකාන්තයෙන් බුදුවන බව පවසමින් දිවසුවඳ හමා යනවා වැනිය.

“සබ‍්බෙ දෙවා පදිස‍්සන‍්ති, ඨපයිත්‍වා අරූපිනො; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

රූපයෙන් තොරව සිටියා වූ දෙවිවරු රූපීවත්ව බබළමින් පෙනේ. අද ඒ සියල්ල දකින්නේ ඒකාන්තයෙන් බුදුවන බැවිනි.

“යාවතා නිරයා නාම, සබ‍්බෙ දිස‍්සන‍්ති තාවදෙ; තෙපජ‍්ජ සබ‍්බෙ දිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

එකෙණෙහි යම්තාක් සියළු නිරයෝ දක්නේද, ඒ සියල්ල දකින්නේ ඒකාන්තයෙන් බුදුවන බැව් දක්වමිනි.

“කුට‍්ටා කවාටා සෙලා ච, න හොන‍්තාවරණා තදා; ආකාසභූතා තෙපජ‍්ජ, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

බිත්ති-දොරපලු-ජනෙල්-ගල්කුළු ආදී ආවරණයන්ගෙන් තොරවී ආකාශගත වූවා වැන්න. එසේ විවෘත වූයේ ඒකාන්තයෙන් බුදුවන්නේ යයි කියමිනි.

“චුතී ච උපපත‍්ති ච, ඛණෙ තස‍්මිං න විජ‍්ජති; තානිපජ‍්ජ පදිස‍්සන‍්ති, ධුවං බුද‍්ධො භවිස‍්සසි.

චුතියද උත්පත්තියද ක්‍ෂණයෙහි විද්‍යමාන නොවේ. ඒ සියල්ල අද දැක්වෙන්නේ ඒකාන්තයෙන් බුදුවන්නේ යයි දන්වමිනි.

“දළ‍්හං පග‍්ගණ‍්හ වීරියං, මා නිවත‍්ත අභික‍්කම; මයම‍්පෙතං විජානාම, ධුවං බුද‍්ධො භවිස‍්සසී”ති. (බු· වං· 2.70-107);

දැඩි වීර්යයෙන් කටයුතු කරව, නොනැවතී ඉදිරියටම යන්න. ඒකාන්තයෙන් බුදුවන බව, අපි නිසැකවම දන්නෙමු.

බොධිසත‍්තො දීපඞ‍්කරදසබලස‍්ස ච දසසහස‍්සචක‍්කවාළදෙවතානඤ‍්ච වචනං සුත්‍වා භිය්‍යොසොමත‍්තාය සඤ‍්ජාතුස‍්සාහො හුත්‍වා චින‍්තෙසි – “බුද‍්ධා නාම අමොඝවචනා, නත්‍ථි බුද‍්ධානං කථාය අඤ‍්ඤථත‍්තං. යථා හි ආකාසෙ ඛිත‍්තලෙඩ‍්ඩුස‍්ස පතනං ධුවං, ජාතස‍්ස මරණං, රත‍්තික‍්ඛයෙ සූරියුග‍්ගමනං, ආසයා නික‍්ඛන‍්තසීහස‍්ස සීහනාදනදනං, ගරුගබ‍්භාය ඉත්‍ථියා භාරමොරොපනං ධුවං අවස‍්සම‍්භාවී, එවමෙව බුද‍්ධානං වචනං නාම ධුවං අමොඝං, අද‍්ධා අහං බුද‍්ධො භවිස‍්සාමී”ති. තෙන වුත‍්තං –

බෝධිසත්වයෝ දීපංකර බුදුරදුන්ගේ සහ දසදහසක් සක්වළ දේවතාවන්ගේ වචනය අසා බොහෝසෙයින් සොම්නසට පැමිණියේ, හටගත් උත්සාහය ඇතිව මෙසේ සිතීය. බුද්ධ යනු අර්ථ සහිත වචනයකි. බුද්ධ යන වචනයට සමාන අන්දෙයක් නැත. යම්සේ අහසට විසිකළ ගල්කැටය බිමවැටෙන සේ, උපන්නහුට මරණය අරුණ උදාවූ කළ සූර්යෝද්ගමනය ගුහාවෙන් නික්මුණු සිංහයාගේ සිංහනාදය, දරු ගැබ්බර ස්ත්‍රිය එම බරින් මිදීම ඒකාන්තයෙන් සිදුවේ. එපරිදි බුදුවරුන්ගේ වචනය නම් ඒකාන්තයෙන් නොසිස් වේ. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි. එබැවින් කියන ලදි.

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, දසසහස‍්සීන චූභයං; තුට‍්ඨහට‍්ඨො පමොදිතො, එවං චින‍්තෙසහං තදා.

බුදුරජුන්ගේ ද දසදහසක් සක්වළ දෙවියන්ගේ ද යන දෙපාර්ශවයේම වචන ඇසූ මම ප්‍රීතියෙන් පිනා ගියේ මෙසේ සිතීමි.

“අද‍්වෙජ‍්ඣවචනා බුද‍්ධා, අමොඝවචනා ජිනා; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

බුදුවරයෝ සත්‍ය අසත්‍ය වශයෙන් දෙ ආකාර වදන් ඇත්තෝ නොවෙති. මුනිවරයෝ හිස්වචන ඇත්තාහු නොවෙති.

“යථා ඛිත‍්තං නභෙ ලෙඩ‍්ඩු, ධුවං පතති භූමියං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං; විතථං නත්‍ථි බුද‍්ධානං, ධුවං බුද‍්ධො භවාමහං.

බුදුවරුන්ගේ බොරුවක් නැත. නිසැකයෙන්ම මම බුදුවන්නෙමි. යම්සේ අහසට විසිකළ ගල්කැටය නිසැකවම බිම වැටේද? එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්තයෙන් සත්‍ය වන්නේය.

“යථාපි සබ‍්බසත‍්තානං, මරණං ධුවසස‍්සතං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

යම්සේ සියළු සත්ත්වයන්ගේ මරණය ඒකාන්තද? එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනය ද ඒකාන්තමය.

“යථා රත‍්තික‍්ඛයෙ පත‍්තෙ, සූරියුග‍්ගමනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

යම්සේ රාත්‍රිය ඉක්මවීමෙන් සූර්යයාගේ ආගමනය ස්ථිර වන්නේද, එසේ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය සදාකාලික සත්‍යය වන්නේය.

“යථා නික‍්ඛන‍්තසයනස‍්ස, සීහස‍්ස නදනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සතං.

යම්සේ ගුහාවෙන් නික්මුණු සිංහයාගේ නාදය ඒකාන්තද? එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනය සදාකාලික සත්‍යය වන්නේය.

“යථා ආපන‍්නසත‍්තානං, භාරමොරොපනං ධුවං; තථෙව බුද‍්ධසෙට‍්ඨානං, වචනං ධුවසස‍්සත”න‍්ති. (බු· වං· 2.108-114);

යම්සේ දරුගැබ් ඇත්තියක් ඒකාන්තයෙන් ඒ බරින් සැහැල්ලු වන්නේමද? එමෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්තයෙන් සදාකාලිකය.

සො “ධුවාහං බුද‍්ධො භවිස‍්සාමී”ති එවං කතසන‍්නිට‍්ඨානො බුද‍්ධකාරකෙ ධම‍්මෙ උපධාරෙතුං – “කහං නු ඛො බුද‍්ධකාරකා ධම‍්මා, කිං උද‍්ධං, උදාහු අධො, දිසාවිදිසාසූ”ති අනුක‍්කමෙන සකලං ධම‍්මධාතුං විචිනන‍්තො පොරාණකබොධිසත‍්තෙහි ආසෙවිතනිසෙවිතං පඨමං දානපාරමිං දිස‍්වා එවං අත‍්තානං ඔවදි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඨමං දානපාරමිං පූරෙය්‍යාසි. යථා හි නික‍්කුජ‍්ජිතො උදකකුම‍්භො නිස‍්සෙසං කත්‍වා උදකං වමතියෙව, න පච‍්චාහරති, එවමෙව ධනං වා යසං වා පුත‍්තදාරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං වා අනොලොකෙත්‍වා සම‍්පත‍්තයාචකානං සබ‍්බං ඉච‍්ඡිතිච‍්ඡිතං නිස‍්සෙසං කත්‍වා දදමානො බොධිමූලෙ නිසීදිත්‍වා බුද‍්ධො භවිස‍්සසී”ති පඨමං දානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඒ ස්ථිරසාර වූ අදහස් ඇත්තේ මම ඒකාන්තයෙන් බුදුවන්නෙමියි මෙසේ කරන ලද සනිටුහන් ඇත්තේ, බුද්ධකාරක ධර්ම සලකා බැලීමට, බුද්ධකාරක ධර්ම සෙවීමට, බුද්ධකාරක ධර්ම කොහිද? උඩ යට දිසා විදිසාවලදැයි, අනුක්‍රමයෙන් සියලු ධර්ම ධාතුව පරීක්‍ෂා කරන්නාහු පෙර බෝධිසත්වවරුන් සෙවුනා ඇසුරු කරන ලද දාන පාරමිතාව දැක, මෙසේ තමන්ට අවවාද කළේය. සුමේධ පණ්ඩිතය; නුඹ මෙතැන් පටන් පළමු දාන පාරමිතාව පුරනු මැනවි. යම්සේ යටිකුරු කරන ලද දිය කළය නිරවශේෂ කොට ඉතිරි නොකොටම වගුරුවමුද ආපසු නොගනීද, එපරිදි ධනය හෝ පිරිවර හෝ අඹුදරුවන් අඟපසඟ වශයෙන් නොබලා සපැමිණි යාචකයන්ට කැමති කැමති සියළු දෙය ඉතිරි නොකොට දෙන්නාහු බෝරුක් මුල හිඳ බුදුවන්නේ යයි පළමු දාන පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කරගත් සේක. එබැවින් කියන ලදි –

“හන්‍ද බුද‍්ධකරෙ ධම‍්මෙ, විචිනාමි ඉතො චිතො; උද‍්ධං අධො දස දිසා, යාවතා ධම‍්මධාතුයා.

බුද්ධත්වය සිදුකරන ධර්ම, බුද්ධකාරක ධර්මනම් දාන පාරමිතාදි දශ ධර්මයි. සොයන්නෙමි. පරීක්‍ෂා කරන්නෙමි. දෙව්ලොව මනුලොව සරස දිසා විදිසාවල සොයන්නෙමි. ස්වභාවධර්මයන්ගේ රුත් අරුත් පැවැත්ම කොතැන්හි ඒ තැන්වල සොයන්නෙමි.

“විචිනන‍්තො තදා දක‍්ඛිං, පඨමං දානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, අනුචිණ‍්ණං මහාපථං.

පුරාණ බෝසතුන් විසින් ඇසුරු කළ පුරුදු කළ පළමු දාන පාරමිතාව සොයන්නේ දුටුවෙමි.

“ඉමං ත්‍වං පඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; දානපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

ඉදින් බෝමුලට පැමිණ අනුත්තර සම්බෝධියට පැමිණීමට කැමැත්තෙහි නම්, ප්‍රථම දාන පාරමිතාවට යව, ප්‍රථම දාන පාරමිතාව දැඩිකොට ගනුව.

“යථාපි කුම‍්භො සම‍්පුණ‍්ණො, යස‍්ස කස‍්සචි අධොකතො; වමතෙවුදකං නිස‍්සෙසං, න තත්‍ථ පරිරක‍්ඛති.

යම් කිසිවකු විසින් දිය පුරවන ලද කළය මුව යටට හරවන ලද්දේද, එයින් නිරවශේෂයෙන් දිය වැගිරෙයිද,

“තථෙව යාචකෙ දිස‍්වා, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; දදාහි දානං නිස‍්සෙසං, කුම‍්භො විය අධොකතො”ති. (බු· වං· 2.115-119);

එසේ පහත් මධ්‍යම උසස් යාචකයන් දැක, යටට හැරවූ කළය මෙන් තමහට නොතබා සියළු ධනය පරිත්‍යාග කරන්න.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො දුතියං සීලපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සීලපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථා හි චමරී මිගො නාම ජීවිතං අනොලොකෙත්‍වා අත‍්තනො වාලමෙව රක‍්ඛති, එවං ත්‍වම‍්පි ඉතො පට‍්ඨාය ජීවිතම‍්පි අනොලොකෙත්‍වා සීලමෙව රක‍්ඛමානො බුද‍්ධො භවිස‍්සසී”ති දුතියං සීලපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහුට බුද්ධකාරක ධර්මයන් පවතින්නේ මෙපමණක් නොවිය හැකිය. මතුමත්තෙහි සලකා බලන්නේ දෙවෙනි සීල පාරමිතාව දැක මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය, නුඹ මෙතැන් පටන් සීල පාරමිතාවද පුරනු මැනවි. යම්සේ සෙමෙර මුවා තම ජීවිතය ගැනද නොබලා තමන්ගේ වාලධිය රක්නාක් මෙන්, නුඹද මෙතැන් පටන් ජීවිතය ගැන නොබලා සීලයම රකිමින් බුදු වෙමියි, දෙවෙනි සීල පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එහෙයින් කියන ලදි –

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

බුද්ධකාරක ධර්මයන් මෙපමණක් නොවිය යුතුයි. සර්වඥතා ඥානය මෝරවන මාර්ගය පෙන්වන, අනෙක් ධර්මයක් ගැනද සොයා බලන්නෙමි.

“විචිනන‍්තො තදා දක‍්ඛිං, දුතියං සීලපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

මෙසේ සොයන්නේ පෙර මහර්ෂීන් විසින් ඇසුරු කළ මෙන්ම බහුල කළ දෙවැනි වූ සීල පාරමිතාව දුටුයේය.

“ඉමං ත්‍වං දුතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; සීලපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

බෝමැඩට පැමිණ අනුත්තර සම්බෝධියට පැමිණීමට කැමැත්තෙහි නම්, මේ දෙවැනි වූ සීල පාරමිතාවට යව, දැඩිකොට සමාදන් වව.

“යථාපි චමරී වාලං, කිස‍්මිඤ‍්චි පටිලග‍්ගිතං; උපෙති මරණං තත්‍ථ, න විකොපෙති වාලධිං.

සෙමරා සිය වල්ගය ගස්වැල් කටු ආදී කිසිවක පැටලුණු විට වලග කඩාගෙන නොයයි ද, එහිම මරණයට පත්වෙයි ද, මෙසේ වලිගය ආරක්‍ෂා කරන සෙමරා මෙන් සීලය ආරක්ෂා කළ යුතුය.

“තථෙව චතූසු භූමීසු, සීලානි පරිපූරය; පරිරක‍්ඛ සදා සීලං, චමරී විය වාලධි”න‍්ති. (බු· වං· 2.120-124);

සතර ස්ථානයෙක්හි බෙදන ලද සීලය හැමකල්හි, වල්ගය රක්නා සෙමරෙකු මෙන්, රකින්න.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො තතියං නෙක‍්ඛම‍්මපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය නෙක‍්ඛම‍්මපාරමිම‍්පි පූරෙය්‍යාසි. යථා හි චිරං බන්‍ධනාගාරෙ වසමානො පුරිසො න තත්‍ථ සිනෙහං කරොති, අථ ඛො උක‍්කණ‍්ඨතියෙව, අවසිතුකාමො හොති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බභවෙ බන්‍ධනාගාරසදිසෙ කත්‍වා සබ‍්බභවෙහි උක‍්කණ‍්ඨිතො මුච‍්චිතුකාමො හුත්‍වා නෙක‍්ඛම‍්මාභිමුඛොව හොහි. එවං බුද‍්ධො භවිස‍්සසී”ති තතියං නෙක‍්ඛම‍්මපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බුද්ධකාරක ධර්මයන් මෙපමණවත් නොවේයයි මත්තෙහිද සලකා බලන ඔහුට තෙවෙනි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවද දැක, මෙබඳු අදහසක් පහළවිය. සුමේධ පණ්ඩිතය නුඹ, මෙතැන් පටන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවද පුරනු මැනවි. යම්සේ චිරාත් කාලයක් බන්ධනාගාරයේ වසන්නා වූ පුරුෂයාද එයට සෙනෙහස නොකරයි. තවද එහි කළකිරුණේ එහි වාසය කිරීමට අකමැති වෙයි. එපරිදි නුඹද, සියළුම භවයන් බන්ධනාගාරය හා සමානකොට සියළු භවයන්හි කළකිරී, මිදෙනු කැමැත්තේ වෙයිද නෛෂ්ක්‍රම්‍යාභිමුඛ වෙව. මෙසේ බුදුවන්නෙහි යයි තෙවෙනි නෙක්ඛම්ම පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළේය. එහෙයින් කියන ලදි :-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

බුද්ධකාරක ධර්මයන් මෙපමණක් නොවන්නේය. මාර්ගය මෝරවන සර්වඥතාඥානය මෝරවන ධර්මයක් ඇත්නම් අන්‍ය වූ එයද සොයන්නෙමි.

“විචිනන‍්තො තදා දක‍්ඛිං, තතියං නෙක‍්ඛම‍්මපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල මෙසේ සොයා බලන්නේ තෙවෙනි නෙක්ඛම්ම පාරමිතාව දුටුවෙමි. එය පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින්ද සෙවුනා ලද මෙන්ම පුරුදු කළ ධර්මයක් වේ.”

“ඉමං ත්‍වං තතියං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; නෙක‍්ඛම‍්මපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“මේ ඔබ තෙවෙනි පාරමිතාව දැඩිකොට සමාදන් වන්න. ඉදින් බෝධියට පැමිණ අනුත්තර සම්බෝධිය කැමැත්තෙහි නම් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වෙතද ගමන් කරන්න.”

“යථා අන්‍දුඝරෙ පුරිසො, චිරවුත්‍ථො දුඛට‍්ටිතො; න තත්‍ථ රාගං ජනෙති, මුත‍්තිමෙව ගවෙසති.

“යම්සේ දම්වැලකින් ගැටගසා ඇති පුරුෂයකු හෝ බන්ධනාගාර ගතවූවෙකු චිරාත් කාලයක් දුකින් කල්ගෙවයිද? එහිදී එතැන සෙනෙහස නොහටගනියි. මිදීම ම සොයා බලයි. මුත්තියම සොයයි.

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පස‍්ස අන්‍දුඝරං විය; නෙක‍්ඛම‍්මාභිමුඛො හොහි, භවතො පරිමුත‍්තියා”ති. (බු· වං· 2.125-129);

“එපරිදි සියළු භවයන් සිරමැදුරු මෙන් බලව. භවයෙන් මිදීම පිණිස නික්මීම පිණිස අභිමුඛ වෙව.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය පඤ‍්ඤාපාරමිම‍්පි පූරෙය්‍යාසි. හීනමජ‍්ඣිමුක‍්කට‍්ඨෙසු කඤ‍්චි අවජ‍්ජෙත්‍වා සබ‍්බෙපි පණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡෙය්‍යාසි. යථා හි පිණ‍්ඩපාතිකො භික‍්ඛු හීනාදිභෙදෙසු කුලෙසු කිඤ‍්චි අවජ‍්ජෙත්‍වා පටිපාටියා පිණ‍්ඩාය චරන‍්තො ඛිප‍්පං යාපනං ලභති, එවං ත්‍වම‍්පි සබ‍්බපණ‍්ඩිතෙ උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහු මෙපමණකින් බුද්ධකාරක ධර්ම අවසන් නොවිය යුතුය. තවත් කරුණු ඇතැයි සලකනු ලබන්නේ සතරවෙනි වූ ප්‍රඥා පාරමිතාව දැක මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය, ඔබ මෙතැන් පටන් ප්‍රඥා පාරමිතාව ද පුරනු මැනවි. හීන, මධ්‍යම උත්කෘෂ්ට වශයෙන් කිසිවකු නොබලා, සියළුම පණ්ඩිතයන් වෙත එළඹ ප්‍රශ්න විචාරන්නෙහිය. යම්සේ පිණ්ඩපාතික භික්‍ෂුවක් හීනාදී භේදකුල අතර විශේෂකම් කිසිවක් නොසලකා අනුපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ වහාම යැපිය යුතු ප්‍රමාණය ලබයි. එපරිදි නුඹද, සියළුම පණ්ඩිතයන් වෙත සමීප වී ප්‍රශ්න අසන්නාහු බුදුවන්නේ යයි සතරවෙනි ප්‍රඥා පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එහෙයින් කියන ලදි –

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙවිතරක්ම නොවිය යුතු යම් බෝධිය පිණිස ඉවහල්වන විශේෂ ධර්මතාවයක් වෙතොත් අන්‍ය වූ ඒ සියල්ල පරීක්‍ෂා කරන්නෙමි.

“විචිනන‍්තො තදා දක‍්ඛිං, චතුත්‍ථං පඤ‍්ඤාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“පෙර බුදුවරුන් විසින් ද සේවනය කරන ලද සතරවෙනි වූ ප්‍රඥා පාරමිතාව, එසේ පරීක්‍ෂා කරනවිට දුටුවෙමි.

“ඉමං ත්‍වං චතුත්‍ථං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; පඤ‍්ඤාපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“මේ නුඹ සතරවෙනි වූ පාරමිතාව දැඩිකොට සමාදන් වන්න. ඉදින් බෝධියට පැමිණ අනුත්තර සම්බෝධිය කැමැත්තෙහි නම් ප්‍රඥා පාරමිතාව වෙතටද ගමන් කරන්න.

“යථාපි භික‍්ඛු භික‍්ඛන‍්තො, හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමෙ; කුලානි න විවජ‍්ජෙන‍්තො, එවං ලභති යාපනං.

“යම්සේ භික්‍ෂුවක් පිඬු සිඟා යන්නේ හීන, මධ්‍යම, උසස් සියලු කුල වර්ජනය නොකරන්නා සේ මෙසේ යැපීම් ප්‍රමාණයට ආහාර ලබන පරිද්දෙනි.”

“තථෙව ත්‍වං සබ‍්බකාලං, පරිපුච‍්ඡං බුධං ජනං; පඤ‍්ඤාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.130-134);

“එපරිදි ඔබ සියලුකල්හි විද්වත් ජනතාව ඇසුරු කරන්නේ ප්‍රඥා පාරමිතාව වෙත ගොස් සම්බෝධියට පැමිණෙන්නෙහිය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො පඤ‍්චමං වීරියපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය වීරියපාරමිම‍්පි පූරෙය්‍යාසි, යථා හි සීහො මිගරාජා සබ‍්බිරියාපථෙසු දළ‍්හවීරියො හොති, එවං ත්‍වම‍්පි සබ‍්බභවෙසු සබ‍්බිරියාපථෙසු දළ‍්හවීරියො අනොලීනවීරියො සමානො බුද‍්ධො භවිස‍්සසී”ති පඤ‍්චමං වීරියපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහු බුද්ධකාරක ධර්ම මෙවිතරක්ම නොවේ. තවත්, බුද්ධකාරක ධර්මයන් ඇති බව සලකන්නේ පස්වෙනි වූ වීර්ය පාරමිතාව දැක, මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය නුඹ; මෙතැන් පටන් වීර්ය පාරමිතාව පුරන්නෙහිය. යම්සේ සිංහ සිවුපාරාජයා, සියලු ඉරියව්වල දැඩි වීර්යයෙන් යුක්ත සේ, නුඹද සියලු භවවල සියළුම ඉරියව්වල, දැඩි වීර්යයෙන් යුතු වූයේ, ලෝකෝත්තර වීර්යයෙන් සමාන වූ බුදුවන්නෙහි යයි, පස්වෙනි වීර්ය පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එහෙයින් කියන ලදි –

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“මෙපමණකින් බුද්ධකාරක ධර්ම නිමා නොවන්නේය. තවදුරටත් පරීක්‍ෂා කරන්නෙම්, යම්බඳු බුද්ධකාරක ධර්ම පිරිය යුතුද යන වග.

“විචිනන‍්තො තදා දක‍්ඛිං, පඤ‍්චමං වීරියපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල වැඩිදුරටත් පරීක්‍ෂා කරන්නේ පස්වෙනි වීර්ය පාරමිතාව දුටුවෙමි. එයද පෙර මහර්ෂි වූ උතුමන් විසින් සේවනය කළ, පුරුදු කළ ධර්මයකි.”

“ඉමං ත්‍වං පඤ‍්චමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; වීරියපාරමිතං ගච‍්ඡ, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“මේ නුඹ පස්වෙනිවූ පාරමිතාව දැඩිකොට සමාදන් වෙව. ඉදින් බෝමැඩදී සම්බෝධිය ලබනු කැමැති නම්, වීර්ය පාරමිතාවද පුරුදු කරන්න.

“යථාපි සීහො මිගරාජා, නිසජ‍්ජට‍්ඨානචඞ‍්කමෙ; අලීනවීරියො හොති, පග‍්ගහිතමනො සදා.

යම්සේ මෘගරාජන් වූ සිංහරාජයා සියලු භවයන්හි සියලු ඉරියව්වල නොපසුබට විර්යය ඇතිවම ක්‍රියා කරන්නේද එසේ සැමදා එසවූ මනසින් යුතුව අලෞකික වීර්යයෙන් යුක්ත වව;

“තථෙව ත්‍වං සබ‍්බභවෙ, පග‍්ගණ‍්හ වීරියං දළ‍්හං; වීරියපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.135-139);

“එසේම නුඹ සියලු අවස්ථාවන්හිදී භවයන්හිදී එසවූ වීර්යයෙන් යුතු වෙව. වීර්ය පාරමිතාව මැනවින් පුරා සම්බෝධියට පැමිණෙන්නෙහිය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො ඡට‍්ඨං ඛන‍්තිපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය ඛන‍්තිපාරමිම‍්පි පූරෙය්‍යාසි, සම‍්මානනෙපි අවමානනෙපි ඛමොව භවෙය්‍යාසි. යථා හි පථවියං නාම සුචිම‍්පි නික‍්ඛිපන‍්ති අසුචිම‍්පි, න තෙන පථවී සිනෙහං පටිඝං කරොති, ඛමති සහති අධිවාසෙතියෙව, එවමෙව ත්‍වම‍්පි සම‍්මානනෙපි අවමානනෙපි ඛමොව සමානො බුද‍්ධො භවිස‍්සසී”ති ඡට‍්ඨං ඛන‍්තිපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහුට බුද්ධකාරක ධර්මයන් මෙපමණ නොවේයයි වැටහුණේ, තවත් ඇතැයි සලකනු ලබන කල. සවෙනි වූ, ක්‍ෂාන්ති පාරමිතාව දැක, මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය, නුඹ මෙතැන් පටන් ක්‍ෂාන්ති පාරමිතාව පුරනු මැනවි. සම්මානයෙහිද, අවමානයෙහිද, ඉවසන්නෙක්ම වන්න. යම්සේ මහපොළොව, පිරිසිදු දේද, අපිරිසිදු දේද බහාලත්ද ඒ නිසා පොළොව ස්නේහත් නොකරයි. වෛරද නොකරයි. ක්‍ෂමාව දෙයි. ඉවසයි. මැනවින් ඉවසයි. එපරිදි ඔබද සම්මානනයේද, අවමානනයේද, සමාන ඉවසීම් ඇතියෙක්ව බුදුවන්නෙහි යයි සයවෙනි ක්‍ෂාන්ති පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙපමණක් නොවන්නේය. යම්බඳු සම්බෝධියට පැමිණෙන පිණිස ඉවහල්වන අනෙක් ධර්මයක්ද සොයන්නෙමි.”

“විචිනන‍්තො තදා දක‍්ඛිං, ඡට‍්ඨමං ඛන‍්තිපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එසේ එදා සොයා බලන්නේ, පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින් සේවනය කරන ලද සයවෙනි වූ ක්‍ෂාන්ති පාරමිතාව ද දුටුවෙමි.”

“ඉමං ත්‍වං ඡට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣමානසො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“මේ නුඹ සවෙනි පාරමිතාව දැඩිකොට සමාදන් වෙව. මම බුදුවන්නෙමැයි ඒකාන්ත මනසින් යුක්තව සම්බෝධියට පැමිණෙන්නෙහි”

“යථාපි පථවී නාම, සුචිම‍්පි අසුචිම‍්පි ච; සබ‍්බං සහති නික‍්ඛෙපං, න කරොති පටිඝං තයා.

“යම්සේ පොළොව සර්ප-බලු-මිනිස් කුණප මළමුත්‍ර කෙළ-සොටු ආදී අපවිත්‍ර දේවල් ද, සඳුන්-කොකුම්-සුවඳ මල් ආදී පිරිසිදු දේවල්ද ඉවසයි. ක්‍රෝධයක් නොකොට ක්‍ෂමා කරයි.”

“තථෙව ත්‍වම‍්පි සබ‍්බෙසං, සම‍්මානාවමානක‍්ඛමො; ඛන‍්තිපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.140-144);

“එසේම ඔබද සියලු සම්මාන-අවමාන ඉවසන්න. ක්‍ෂාන්ති පාරමිතාවට ගොස් ක්‍ෂාන්ති පාරමිතාව පුරා සම්බෝධියට පැමිණෙන්නෙහි”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො සත‍්තමං සච‍්චපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය සච‍්චපාරමිම‍්පි පූරෙය්‍යාසි, අසනියා මත්‍ථකෙ පතමානායපි ධනාදීනං අත්‍ථාය ඡන්‍දාදීනං වසෙන සම‍්පජානමුසාවාදං නාම මා භාසි. යථා හි ඔසධී තාරකා නාම සබ‍්බඋතූසු අත‍්තනො ගමනවීථිං ජහිත්‍වා අඤ‍්ඤාය වීථියා න ගච‍්ඡති, සකවීථියාව ගච‍්ඡති, එවමෙව ත්‍වම‍්පි සච‍්චං පහාය මුසාවාදං නාම අවදන‍්තොයෙව බුද‍්ධො භවිස‍්සසී”ති සත‍්තමං සච‍්චපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහු, බුද්ධකාරක ධර්මයන් මෙවිතරක් නොවේ. තවත් ඇතැයි සලකනු ලබන්නේ සත්වෙනි වූ සත්‍ය පාරමිතාව දැක, මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය! නුඹ, මෙතැන් පටන් සත්‍ය පාරමිතාවද පුරන්නෙහිය. හිස්මුදුනේ හෙළ වැටෙන නමුදු ධන සම්පත් පිණිසද, ඡන්දාදී වශයෙන් දැන දැන බොරු නොකියව. යම්සේ ඕෂධී තාරකාව සියළු සෘතුවල තමන්ගේ ගමන්මග අතහැර අනෙක් වීථියක නොයන්නේද, සිය වීථියේම ගමන් කරයිද, එපරිදි ඔබද, සත්‍යය හැර මුසාවාද නම් නොකියන්නේමය. සත්‍යවාදීව බුදු වන්නෙහි යයි, සත්වෙනි සත්‍ය පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එහෙයින් කියන ලදි.

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්මයෝ මෙපමණකැයි නොසිතන්නේය. බෝමැඩට පැමිණ සම්බෝධිය අවබෝධ කිරීම සඳහා අනෙක් වූ යම් බෝධි කාරක ධර්ම ඇද්ද එයද සොයන්නෙමි.”

“විචිනන‍්තො තදා දක‍්ඛිං, සත‍්තමං සච‍්චපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල එසේ පරීක්‍ෂා කරන්නෙම්, පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින් සෙවුනා ලද පුරුදු කරන ලද සත්‍ය පාරමිතාව දුටුවෙමි.

“ඉමං ත්‍වං සත‍්තමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ අද‍්වෙජ‍්ඣවචනො, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“මේ ඔබ, සත්වෙනි වූ පාරමිතාවද දැඩිකොට සමාදන් වේවා. එහි අවෛරී වචන ඇත්තේ සම්බෝධියට පැමිණෙන්නෙහි.”

“යථාපි ඔසධී නාම, තුලාභූතා සදෙවකෙ; සමයෙ උතුවස‍්සෙ වා, න වොක‍්කමති වීථිතො.

“යම්සේ ඕසධී නම් තාරකාව, සදේවක ලෝකයෙහි සමාන වූයේ සෘතු සමය එළඹි කල්හිද ගමන්මග නොඉක්මවා නොයන්නේය. එකම මග යන්නේය.”

“තථෙව ත්‍වම‍්පි සච‍්චෙසු, මා වොක‍්කමසි වීථිතො; සච‍්චපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.145-149);

“එපරිදි නුඹද, සත්‍යතා ධර්මවල ගමන්මග නොඉක්මවව. සත්‍යය පාරමිතාවට ගොස් සම්බෝධියට පැමිණෙන්නෙහිය.

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය අධිට‍්ඨානපාරමිම‍්පි පූරෙය්‍යාසි, යං අධිට‍්ඨාසි, තස‍්මිං අධිට‍්ඨානෙ නිච‍්චලොව භවෙය්‍යාසි. යථා හි පබ‍්බතො නාම සබ‍්බාසු දිසාසු වාතෙහි පහටො න කම‍්පති න චලති, අත‍්තනො ඨානෙයෙව තිට‍්ඨති, එවමෙව ත්‍වම‍්පි අත‍්තනො අධිට‍්ඨානෙ නිච‍්චලො හොන‍්තොව බුද‍්ධො භවිස‍්සසී”ති අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බති ඔහු බුද්ධකාරක ධර්මයන් මෙපමණ නොවිය යුතුයයිද, තවත් ඇතැයි සලකනු ලබන්නේ, අටවෙනි වූ අධිෂ්ඨාන පාරමිතාව දැක මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය; නුඹ මෙතැන් පටන් අධිෂ්ඨාන පාරමිතාව පුරන්නෙහිය. යම් අධිෂ්ඨානයක් වේද ඒ අධිෂ්ඨානයේ නිශ්චල විය යුතුය. යම්සේ පර්වතය නම්, සියලු දිශාවල වාතය හමායන කල්හි කම්පා නොවේ. නොසෙල්වේ. තමන්ගේ තැනෙහිම සිටියි. එපරිදි ඔබද, තමන්ගේ අධිෂ්ඨානයේ නිශ්චලව හුන්නේම බුදුවන්නෙහිය. අටවෙනි අධිෂ්ඨාන පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළේය. එබැවින් කියන ලදි :-

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙපමණකින් නිම නොවන්නේය. අන්‍ය වූද පරීක්‍ෂා කරන්නෙමි, බෝමැඩ සිට සම්බුද්ධත්ව අවබෝධ කිරීම සඳහා අනෙක් බුද්ධකාරක ධර්මද පරීක්‍ෂා කරන්නෙමි.”

“විචිනන‍්තො තදා දක‍්ඛිං, අට‍්ඨමං අධිට‍්ඨානපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල පරීක්‍ෂා කරන්නේ පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින් සේවනය කරන ලද පුරුදු කරන ලද අටවෙනි අධිෂ්ඨාන පාරමිතාව දුටුවෙමි.”

“ඉමං ත්‍වං අට‍්ඨමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තත්‍ථ ත්‍වං අචලො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“නුඹ මේ අටවෙනි පාරමිතාව දැඩිකොට සමාදන් වෙන්න. එහිදී නුඹ නොසෙල්වී සිට සම්බෝධියට පැමිණෙන්නෙහි.”

“යථාපි පබ‍්බතො සෙලො, අචලො සුප‍්පතිට‍්ඨිතො; න කම‍්පති භුසවාතෙහි, සකට‍්ඨානෙව තිට‍්ඨති.

“යම්සේ මැනවින් පිහිටි ශෛල පර්වතය නොසෙල්වේද, දැඩි සුළඟකින්ද එය සිය තැනම පිහිටා සිටියි. නොසෙල්වෙයි.”

“තථෙව ත්‍වම‍්පි අධිට‍්ඨානෙ, සබ‍්බදා අචලො භව; අධිට‍්ඨානපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.150-154);

“එසේම ඔබද, සැමදා අධිෂ්ඨානයේ අචල වන්න. අධිෂ්ඨාන පාරමිතාවට ගොස් සම්බෝධියට පැමිණෙන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො නවමං මෙත‍්තාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය මෙත‍්තාපාරමිම‍්පි පූරෙය්‍යාසි, හිතෙසුපි අහිතෙසුපි එකචිත‍්තො භවෙය්‍යාසි. යථා හි උදකං නාම පාපජනස‍්සපි කල්‍යාණජනස‍්සපි සීතභාවං එකසදිසං කත්‍වා ඵරති, එවමෙව ත්‍වම‍්පි සබ‍්බෙසු සත‍්තෙසු මෙත‍්තචිත‍්තෙන එකචිත‍්තොව හොන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති නවමං මෙත‍්තාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහු බුද්ධකාරක ධර්මයන් මෙපමණක් නොවිය යුතුයයිද, තවත් ඇතැයි සලකා බලනවිට නවවෙනි වූ මෛත්‍රී පාරමිතාව දැක මෙබඳු අදහසක් පහළවිය. සුමේධ පණ්ඩිතය, නුඹ මෙතැන් පටන් මෛත්‍රී පාරමිතාවද පුරව. හිතයන් කෙරෙහිද අහිතයන් කෙරෙහිද එකම ජන ඇත්තක් වන්. යම්සේ ජලය නම්, පාපී ජනයාටද යහපත් ජනයාටද සිසිල් බව එක සමානකොට පතුරුවයි. එපරිදි ඔබද සියලු සතුන් කෙරෙහි මෛත්‍රී සිතින් එක්සිත්ව කටයුතු කරන්නේ බුදුබව ලබන්නෙහි යයි නවවන මෛත්‍රී පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළ සේක. එසේ හෙයින් කියන ලදි –

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙතුවක්ම නොවෙතැයි මතුද පරීක්‍ෂා කරන්නේ බෝධි ධර්මතා පිළිබඳ ඉවහල්වන අනෙකක්ද සොයන්නෙමි.”

“විචිනන‍්තො තදා දක‍්ඛිං, නවමං මෙත‍්තාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල පරීක්‍ෂා කරන්නේ පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින් සේවනය කරන ලද, පුරුදු කරන ලද නවවෙනි වූ මෛත්‍රී පාරමිතාව දුටුවෙමි.”

“ඉමං ත්‍වං නවමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; මෙත‍්තාය අසමො හොහි, යදි බොධිං පත‍්තුමිච‍්ඡසි.

“මේ නුඹ නවවෙනි පාරමිතාව දැඩිකොට සමාදන් වෙව. ඉදින් බෝධිය කැමැත්තෙහි නම්, මෛත්‍රිය දියුණු කරව.”

“යථාපි උදකං නාම, කල්‍යාණෙ පාපකෙ ජනෙ; සමං ඵරති සීතෙන, පවාහෙති රජොමලං.

“යම්සේ ජලය යහපත් අයහපත් ජනතාවට සමසේ රජස් මලස් ශීතල එකසේ පතුරුවයිද, ගලාබසියි.”

“තථෙව ත්‍වම‍්පි හිතාහිතෙ, සමං මෙත‍්තාය භාවය; මෙත‍්තාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.155-159);

“එපරිදි ඔබද හිතයන් අහිතයන් සැමට සමසේ මෛත්‍රියෙහි පිහිටවන්න. මෛත්‍රී පාරමිතාව දියුණුකොට සම්බෝධියට පැමිණෙන්නෙහිය.”

අථස‍්ස “න එත‍්තකෙහෙව බුද‍්ධකාරකධම‍්මෙහි භවිතබ‍්බ”න‍්ති උත‍්තරිම‍්පි උපධාරයතො දසමං උපෙක‍්ඛාපාරමිං දිස‍්වා එතදහොසි – “සුමෙධපණ‍්ඩිත, ත්‍වං ඉතො පට‍්ඨාය උපෙක‍්ඛාපාරමිම‍්පි පූරෙය්‍යාසි, සුඛෙපි දුක‍්ඛෙපි මජ‍්ඣත‍්තොව භවෙය්‍යාසි. යථා හි පථවී නාම සුචිම‍්පි අසුචිම‍්පි පක‍්ඛිපමානෙ මජ‍්ඣත‍්තාව හොති, එවමෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙසු මජ‍්ඣත‍්තොව හොන‍්තො බුද‍්ධො භවිස‍්සසී”ති දසමං උපෙක‍්ඛාපාරමිං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාසි. තෙන වුත‍්තං –

ඉක්බිති ඔහුට බුද්ධකාරක ධර්ම මෙතුවක්ම නොවිය යුතුයි, තවත් ඇතැයි සලකා බලන කල්හි දසවෙනි උපේක්‍ෂා පාරමිතාව දැක, මෙබඳු අදහසක් පහළ විය. සුමේධ පණ්ඩිතය, නුඹ මෙතැන් පටන් උපේක්‍ෂා පාරමිතාවද පුරන්න. සැපේද, දුකේද මැදහත් වන්න. යම්සේ පොළොව නම් පිරිසිදු වූද, අපිරිසිදු වූද දේ හෙළනු ලබන්නේ මධ්‍යස්ථ බවට පත්වෙයි. එපරිදි ඔබද සැපේදි දුකේදි මධ්‍යස්ථ වී හුන්නේ බුදුවන්නෙහි යයි දසවෙනි උපේක්‍ෂා පාරමිතාව දැඩිකොට අධිෂ්ඨාන කළේය. එබැවින් කියන ලදි –

“න හෙතෙ එත‍්තකායෙව, බුද‍්ධධම‍්මා භවිස‍්සරෙ; අඤ‍්ඤෙපි විචිනිස‍්සාමි, යෙ ධම‍්මා බොධිපාචනා.

“බුද්ධකාරක ධර්ම මෙපමණකැයි නොවන්නේය. බෝධිය පිණිස ඉවහල්වන අනෙකක්ද සොයන්නෙමි.”

“විචිනන‍්තො තදා දක‍්ඛිං, දසමං උපෙක‍්ඛාපාරමිං; පුබ‍්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.

“එකල පරීක්‍ෂා කරන්නේ පෙර මහර්ෂි වූ බුදුවරුන් විසින්ද සෙවුනා ලද පුරුදු කරන දසවෙනි උපේක්‍ෂා පාරමිතාව දුටුවෙමි.”

“ඉමං ත්‍වං දසමං තාව, දළ‍්හං කත්‍වා සමාදිය; තුලාභූතො දළ‍්හො හුත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසි.

“මේ ඔබ දසවෙනි පාරමිතාව දැඩිකොට සමාදන් වෙව. සමානකොට දැඩිවී, සම්බෝධියට පැමිණෙන්නෙහි.”

“යථාපි පථවී නාම, නික‍්ඛිත‍්තං අසුචිං සුචිං; උපෙක‍්ඛති උභොපෙතෙ, කොපානුනයවජ‍්ජිතා.

“යම්සේ පොළොව නම් හෙළනු ලබන පිරිසිදු-අපිරිසිදු සියල්ල උපේක්‍ෂාවෙන් ඉවසයි ද, ඒ දෙපක්‍ෂය පිළිබඳවම කෝපවීමක් නොමැත්තෙහිද, එමෙන්ම වෛරය හෝ අනුරාගය නැතිව, උපේක්‍ෂාවෙන් යුක්ත වව.”

“තථෙව ත්‍වම‍්පි සුඛදුක‍්ඛෙ, තුලාභූතො සදා භව; උපෙක‍්ඛාපාරමිතං ගන‍්ත්‍වා, සම‍්බොධිං පාපුණිස‍්සසී”ති. (බු· වං· 2.160-164);

“එපරිදි ඔබ සදාකල් සැප-දුක දෙකේ සමාන වන්න. උපේක්‍ෂා පාරමිතාවට ගොස් මධ්‍යස්ථ වෙමින් සම්බෝධියට පැමිණෙන්නෙහි යනුවෙනි.

තතො චින‍්තෙසි – “ඉමස‍්මිං ලොකෙ බොධිසත‍්තෙහි පූරෙතබ‍්බා බොධිපරිපාචනා බුද‍්ධකාරකධම‍්මා එත‍්තකායෙව , දස පාරමියො ඨපෙත්‍වා අඤ‍්ඤෙ නත්‍ථි. ඉමාපි දස පාරමියො උද‍්ධං ආකාසෙපි නත්‍ථි, හෙට‍්ඨා පථවියම‍්පි, පුරත්‍ථිමාදීසු දිසාසුපි නත්‍ථි, මය‍්හංයෙව පන හදයබ‍්භන‍්තරෙ පතිට‍්ඨිතා”ති. එවං තාසං හදයෙ පතිට‍්ඨිතභාවං දිස‍්වා සබ‍්බාපි තා දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය පුනප‍්පුනං සම‍්මසන‍්තො අනුලොමපටිලොමං සම‍්මසති, පරියන‍්තෙ ගහෙත්‍වා ආදිං පාපෙති, ආදිම‍්හි ගහෙත්‍වා පරියන‍්තං පාපෙති, මජ‍්ඣෙ ගහෙත්‍වා උභතො කොටිං පාපෙත්‍වා ඔසාපෙති, උභතො කොටීසු ගහෙත්‍වා මජ‍්ඣං පාපෙත්‍වා ඔසාපෙති. බාහිරකභණ‍්ඩපරිච‍්චාගො දානපාරමී නාම, අඞ‍්ගපරිච‍්චාගො දානඋපපාරමී නාම, ජීවිතපරිච‍්චාගො දානපරමත්‍ථපාරමී නාමාති දස පාරමියො දස උපපාරමියො දස පරමත්‍ථපාරමියොති සමත‍්තිංස පාරමියො තෙලයන‍්තං විනිවට‍්ටෙන‍්තො විය මහාමෙරුං මත්‍ථං කත්‍වා චක‍්කවාළමහාසමුද‍්දං ආලුළෙන‍්තො විය ච සම‍්මසති. තස‍්සෙවං දස පාරමියො සම‍්මසන‍්තස‍්ස ධම‍්මතෙජෙන චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා අයං මහාපථවී හත්‍ථිනා අක‍්කන‍්තනළකලාපො විය, පීළියමානං උච‍්ඡුයන‍්තං විය ච මහාවිරවං විරවමානා සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි. කුලාලචක‍්කං විය තෙලයන‍්තචක‍්කං විය ච පරිබ‍්භමි. තෙන වුත‍්තං –

ඉක්බිති මෙසේ සිතීය. මේ ලෝකයෙහි බෝධිසත්වවරුන් විසින් පිරිය යුතු බෝධි මුහුකුරු වන ධර්මයෝ වූ බුද්ධකාරක ධර්මයෝ මෙපමණෙක්මය. දස පාරමී හැර අන් දෙයක් නැත. මේ දසපාරමිතාද, උඩ ආකාශයේද නැත. යට පොළොවේද නැත. පෙරදිග දිශාවලද නැත. මගේම හෘදය අභ්‍යන්තරයේම පිහිටියේය. මෙසේ තමන්ගේ හදවතේ පිහිටි බව දැක සියල්ලම දැඩිකොට අධිෂ්ඨාන කොට නැවත නැවත මෙනෙහි කරන්නේ අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළහ. කෙළවරින් ගෙන මුලින් තබයි. මුලින්ගෙන අගින් තබයි. මැදින් ගෙන දෙකෙළවර ඔසවා තබයි. දෙකෙළවරින් ගෙන මැදට තබා ඔසවයි. බාහිර වස්තු පරිත්‍යාගය, දාන පාරමිතාව නම් වේ. අංග පරිත්‍යාගය දාන උපපාරමී නම් වේ. ජීවිත පරිත්‍යාගය පරමාර්ථ පාරමී නම් වේ යයි දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමිතා යයි සමත්‍රිංශත් පාරමී යුගල කාලයක් වෙන් කරන්නාක් මෙන් සිහි කරද්දී යම්බඳු මහාමේරු පර්වතය දණ්ඩක් කොටගෙන, චක්‍රවාට මහා සමුද්‍රය කළඹන්නාක් මෙන්ද, පරාමර්ශනය කළේය. ඒ දස පාරමිතාවෝ පරාමර්ශන කරත් කරත්ම හේම ධර්ම තේජසින්, සිවු අනූවක් අධික යොදුන් දෙලක්‍ෂයක් ඝනකම ඇති මේ මහපොළොව ඇතකු විසින් මඩින ලද බටනලාවක් මෙන් පෙළනු ලබන්නේ, උක් යන්ත්‍රයක් මෙන්ද, මහාහඬ නංවමින් කම්පා විය. දැඩිව කම්පා විය. ප්‍රකම්පා විය. කුඹල්කරුගේ කුඹල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද කරකැවුණේය. එසේ හෙයින් කියන ලදි –

“එත‍්තකායෙව තෙ ලොකෙ, යෙ ධම‍්මා බොධිපාචනා; තදුද‍්ධං නත්‍ථි අඤ‍්ඤත්‍ර, දළ‍්හං තත්‍ථ පතිට‍්ඨහ.

“මේ ලෝකයේ බෝධි පාක්‍ෂික ධර්මයන් මෙපමණක්ද, වැඩි අඩුබවක් නොවේද ඒ පාරමී ධර්මවල දැඩිසේ පිහිටියහ.”

“ඉමෙ ධම‍්මෙ සම‍්මසතො, සභාවරසලක‍්ඛණෙ; ධම‍්මතෙජෙන වසුධා, දසසහස‍්සී පකම‍්පථ.

“ස්වභාව ලක්‍ෂණ සහිත වූ මේ ධර්මය නිවැරදි සිහියෙන් සිහිකරන්නේ පාරමී පරිචය ඤාණ, තේජසින් දසදහසක් මහපොළොව කම්පා කරවීය.”

“චලති රවති පථවී, උච‍්ඡුයන‍්තංව පීළිතං; තෙලයන‍්තෙ යථා චක‍්කං, එවං කම‍්පති මෙදනී”ති. (බු· වං· 2.165-167);

“තෙරපන ලද උක් යන්ත්‍රයකින් පෙළනා සේ මේ පෘථිවිය චක්‍රාකාරව කම්පා විය. නාදවිය. තෙල් මඩින යන්ත්‍රයේ රෝදය කරකැවෙන්නාක් මෙන් මෙසේ මහපොළොව කම්පා විය.”

මහාපථවියා කම‍්පමානාය රම‍්මනගරවාසිනො සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා යුගන‍්තවාතබ‍්භාහතා මහාසාලා විය මුච‍්ඡිතා පපතිංසු. ඝටාදීනි කුලාලභාජනානි පවට‍්ටන‍්තානි අඤ‍්ඤමඤ‍්ඤං පහරන‍්තානි චුණ‍්ණවිචුණ‍්ණානි අහෙසුං. මහාජනො භීතතසිතො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “කිං නු ඛො භගවා නාගාවට‍්ටො අයං, භූතයක‍්ඛදෙවතාසු අඤ‍්ඤතරාවට‍්ටො වාති න හි මයං එතං ජානාම, අපිච ඛො සබ‍්බොපි අයං මහාජනො උපද‍්දුතො, කිං නු ඛො ඉමස‍්ස ලොකස‍්ස පාපකං භවිස‍්සති, උදාහු කල්‍යාණං, කථෙථ නො එතං කාරණ”න‍්ති ආහ. අථ සත්‍ථා තෙසං කථං සුත්‍වා “තුම‍්හෙ මා භායථ, මා චින‍්තයිත්‍ථ, නත්‍ථි වො ඉතොනිදානං භයං. යො සො මයා අජ‍්ජ ‘සුමෙධපණ‍්ඩිතො අනාගතෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී’ති බ්‍යාකතො, සො ඉදානි දස පාරමියො සම‍්මසති, තස‍්ස සම‍්මසන‍්තස‍්ස විලොළෙන‍්තස‍්ස ධම‍්මතෙජෙන සකලදසසහස‍්සී ලොකධාතු එකප‍්පහාරෙන කම‍්පති චෙව රවති චා”ති ආහ. තෙන වුත‍්තං –

මහපොළොව කම්පාවන කල්හි රම්ම නගරවාසීන්ට සිටීමට නොහැකිව යුගාන්ත වාතයෙන් කම්පාවන මහා ශාල වෘක්‍ෂයක් මෙන් සිහිමුළා වී බිම වැටුණාහ. කළ ආදියද මැටි භාජනද එකට ගැටී ඔවුනොවුන් පහරදෙමින් සුණුවිසුණු බවට පත්වූහ. මහජනයා බියට හා තැති ගැනීමට පත්ව, ශාස්තෲන් වහන්සේ වෙත සපැමිණ, කුමක්ද භාග්‍යවතුන් වහන්ස, මේ නාගාවර්තයක්ද? භූත යක්‍ෂ දේවතාවන් සම්බන්ධ වෙනත් විපත් සුළියක්ද? අපි මේ කිමෙක්දැයි නොදනිමු. තවද මේ සියළු මහජනයා උපද්‍රවයට පත්වූවෝ මේ ලෝකයාගේ පාපකර්මයක් වන්නේ ද? නැතහොත් යහපතක්ද? අපට මේ කාරණාව වදාරනු මැනවි යයි කීවේය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ කථාව අසා, නුඹලා බිය නොවව්! නොසිතවු! තොපට මේ හේතුකොට ගෙන බියක් නැත. යමක් මා විසින් අද සුමේධ පණ්ඩිතයන් අමතා අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේ යයි ප්‍රකාශ කරන ලද්දේ ද, හෙතම දැන් පාරමිතා ධර්ම සිහිපත් කරයි. ඒ පාරමිතා සිහිපත් කරන්නහුගේ කම්පා වීමෙන් ධර්ම තේජසින් සියලු දස දහසක් ලෝකධාතු එක් පහරින් කම්පා වෙයි. එසේම නාදකරයි. යනුවෙන් වදාළේය. එබැවින් කියන ලදි –

“යාවතා පරිසා ආසි, බුද‍්ධස‍්ස පරිවෙසනෙ; පවෙධමානා සා තත්‍ථ, මුච‍්ඡිතා සෙසි භූමියා.

ඒ බුදුරජුන් වළඳන තැන යම් පිරිසක් සිටියේද, ඒ පිරිස කම්පා වන්නාහු මූර්ඡා වී බිම වැටුණහ.

“ඝටානෙකසහස‍්සානි, කුම‍්භීනඤ‍්ච සතා බහූ; සඤ‍්චුණ‍්ණමථිතා තත්‍ථ, අඤ‍්ඤමඤ‍්ඤං පඝට‍්ටිතා.

කළ හා මැටි භාණ්ඩ සිය ගණනක් එකිනෙක ගැටුනේ, කුඩු වී ගියේය.

“උබ‍්බිග‍්ගා තසිතා භීතා, භන‍්තා බ්‍යථිතමානසා; මහාජනා සමාගම‍්ම, දීපඞ‍්කරමුපාගමුං.

උත්‍රාසයට පත් හද ඇත්තාහූ, මහජනයා එක්රැස්ව දිවකුරු බුදුන් වෙත පැමිණියාහුයි.

“කිං භවිස‍්සති ලොකස‍්ස, කල්‍යාණමථ පාපකං; සබ‍්බො උපද‍්දුතො ලොකො, තං විනොදෙහි චක‍්ඛුම.

ලෝකයට කුමක් වන්නේද, යහපතක් වන්නේද අයහපතක් වන්නේද, පසැසකින් චක්‍ෂුර්මත් වූ, බුදුන් වහන්සේ ලෝකයේ සියලු උපද්‍රවයන් හා බිය පහකෙරේවා.

“තෙසං තදා සඤ‍්ඤාපෙසි, දීපඞ‍්කරො මහාමුනි; විස‍්සත්‍ථා හොථ මා භාථ, ඉමස‍්මිං පථවිකම‍්පනෙ.

එදා ඒ මහජනයා දීපංකර මහා මුනීන්ද්‍රයන් වෙත මෙසේ දැන්වූහ. විස්වස් සිත් ඇත්තාහු තෙපි මේ පෘථුවි කම්පාව කෙරෙහි බිය නොවෙව.

“යමහං අජ‍්ජ බ්‍යාකාසිං, ‘බුද‍්ධො ලොකෙ භවිස‍්සති’; එසො සම‍්මසති ධම‍්මං, පුබ‍්බකං ජිනසෙවිතං.

මම අද අනාගතයේදී මේ ලෝකයෙහි බුදුවන්නේ යයි (සුමේධ තාපසයන්ට) විවරණ දුන්නේද, හෙතෙමේ පෙර බුදුවරුන් විසින් සේවනය කරන ලද බුද්ධකාරක ධර්ම සිහි කරන්නේය.

“තස‍්ස සම‍්මසතො ධම‍්මං, බුද‍්ධභූමිං අසෙසතො; තෙනායං කම‍්පිතා පථවී, දසසහස‍්සී සදෙවකෙ”ති. (බු· වං· 2.168-174);

බුද්ධ භූමියට පමුණුවන්නා වූ ඒ ධර්ම සිහි කරන්නේ ඒ හේතුවෙන් දසසහස්සී සදේවක ලෝකය කම්පිත වූයේය.

මහාජනො තථාගතස‍්ස වචනං සුත්‍වා හට‍්ඨතුට‍්ඨො මාලාගන්‍ධවිලෙපනං ආදාය රම‍්මනගරා නික‍්ඛමිත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා මාලාගන්‍ධාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා රම‍්මනගරමෙව පාවිසි. බොධිසත‍්තොපි දස පාරමියො සම‍්මසිත්‍වා වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය නිසින‍්නාසනා වුට‍්ඨාසි. තෙන වුත‍්තං –

මහජනයා තථාගතයන්ගේ වචන අසා තුටුපහටු වූයේ මල් සුවඳදුම් විලේපන රැගෙන රම්‍ය නගරයෙන් නික්ම බෝසතුන් වෙත එළඹ මල් ආදියෙන් පුදා, වැඳ, ප්‍රදක්‍ෂිණාකොට, රම්ම නගරයට පිවිසියේය. බෝධිසත්ත්වයෝද දසපාරමී මෙනෙහිකොට, උත්සාහ දැඩිකොට අධිෂ්ඨාන සහිතව හිඳි අසුනින් නැගිට්ටේය. එබැවින් කියන ලදි –

“බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, මනො නිබ‍්බායි තාවදෙ; සබ‍්බෙ මං උපසඞ‍්කම‍්ම, පුනාපි අභිවන්‍දිසුං.

බුදුන් වහන්සේගේ වචනය අසා, උද්වේගයට පත් මහජනයාගේ සිත් නිවී ගියේය. සියල්ලෝම එළඹ නැවත බුදුන් නමස්කාර කළහ.

“සමාදියිත්‍වා බුද‍්ධගුණං, දළ‍්හං කත්‍වාන මානසං; දීපඞ‍්කරං නමස‍්සිත්‍වා, ආසනා වුට‍්ඨහිං තදා”ති. (බු· වං· 2.175-176);

බුද්ධ ගුණය මනාව ගෙන සමාදන්ව ශ්‍රද්ධාවෙන් මනස දැඩිකොට දිවකුරු බුදුන් වහන්සේ වැඳ හුන් ආසනවලින් නැගිට්ටහ.

අථ බොධිසත‍්තං ආසනා වුට‍්ඨහන‍්තං සකලදසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා දිබ‍්බෙහි මාලාගන්‍ධෙහි පූජෙත්‍වා වන්‍දිත්‍වා “අය්‍ය සුමෙධතාපස, තයා අජ‍්ජ දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලෙ මහතී පත්‍ථනා පත්‍ථිතා, සා තෙ අනන‍්තරායෙන සමිජ‍්ඣතු, මා තෙ භයං වා ඡම‍්භිතත‍්තං වා අහොසි, සරීරෙ අප‍්පමත‍්තකොපි රොගො මා උප‍්පජ‍්ජතු, ඛිප‍්පං පාරමියො පූරෙත්‍වා සම‍්මාසම‍්බොධිං පටිවිජ‍්ඣ. යථා පුප‍්ඵූපගඵලූපගරුක‍්ඛා සමයෙ පුප‍්ඵන‍්ති චෙව ඵලන‍්ති ච, තථෙව ත්‍වම‍්පි තං සමයං අනතික‍්කමිත්‍වා ඛිප‍්පං සම‍්බොධිමුත‍්තමං ඵුසස‍්සූ”තිආදීනි ථුතිමඞ‍්ගලානි පයිරුදාහංසු. එවඤ‍්ච පයිරුදාහිත්‍වා අත‍්තනො අත‍්තනො දෙවට‍්ඨානමෙව අගමංසු. බොධිසත‍්තොපි දෙවතාහි අභිත්‍ථවිතො – “අහං දස පාරමියො පූරෙත්‍වා කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ බුද‍්ධො භවිස‍්සාමී”ති වීරියං දළ‍්හං කත්‍වා අධිට‍්ඨාය නභං අබ‍්භුග‍්ගන‍්ත්‍වා හිමවන‍්තමෙව අගමාසි. තෙන වුත‍්තං –

ඉක්බිති බෝසතුන් අසුනින් නැගිටින කල්හි සියලු දසදහසක් සක්වල දේවතාවෝ රැස්ව දිව්‍යමල් සුවඳාදියෙන් පුදා, ආර්ය සුමේධ තාපසය; ඔබ විසින් අද දීපංකර බුදුරදුන්ගේ පාමුල මහත් වූ ප්‍රාර්ථනාවක් පැතීය. ඔබට අනතුරක් නොමැතිව එය සමෘද්ධ වේවා! ඔබට බියක් හෝ තැති ගැනීමක් හෝ නොවේවා! ශරීරයේ අල්පමාත්‍ර රෝගයකුදු නූපදීවා! වහාම පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගනුව. යම්සේ මල් හා ගෙඩි හටගන්නා ගසක් අදාළ කාලයේ මල්වලින් හා ගෙඩිවලින් සමෘද්ධ වේද එපරිදි ඔබද, ඒ කාලය නොඉක්මවා වහාම සම්මා සම්බෝධිය අවබෝධ කරගනුව ආදී වශයෙන් [missing trans]

“දිබ‍්බං මානුසකං පුප‍්ඵං, දෙවා මානුසකා උභො; සමොකිරන‍්ති පුප‍්ඵෙහි, වුට‍්ඨහන‍්තස‍්ස ආසනා.

දෙවියෝ දිවකුසුම්ද මිනිස්සු මිනිසුන්ගේ කුසුම්ද අසුනින් නැගිටින්නා වූ තවුසන් මත විසිරවූහ.

“වෙදයන‍්ති ච තෙ සොත්‍ථිං, දෙවා මානුසකා උභො; මහන‍්තං පත්‍ථිතං තුය‍්හං, තං ලභස‍්සු යථිච‍්ඡිතං.

දෙව් මිනිස්සු ඔබ සුවපත් වේවායි නිවේදනය කළහ. ඔබ විසින් මහත් කරුණක් ප්‍රාර්ථනය කරන ලදි. පැතූ අයුරින්ම එය ලබනු මැනවි.

“සබ‍්බීතියො විවජ‍්ජන‍්තු, සොකො රොගො විනස‍්සතු; මා තෙ භවන‍්ත්‍වන‍්තරායා, ඵුස ඛිප‍්පං බොධිමුත‍්තමං.

සියලු උපද්‍රව නොවේවා! ශෝක ද රෝග ද විනාශ වේවා! අනතුරු නොවේවා. සර්වඥතා ඥානය පැමිණෙනු ලැබේවා!

“යථාපි සමයෙ පත‍්තෙ, පුප‍්ඵන‍්ති පුප‍්ඵිනො දුමා; තථෙව ත්‍වං මහාවීර, බුද‍්ධඤාණෙන පුප‍්ඵසු.

මල් පිපෙන කාලය පැමිණි කල්හි (මල්) පිපෙන ගස් මෙන් මහාවීරය! ඔබද සුදුසු කල්හි අටළොස් බුදු නුවණින් පිපේවා.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, පූරයුං දස පාරමී; තථෙව ත්‍වං මහාවීර, පූරය දස පාරමී.

යම්සේ පෙර බුදුවරයෝ යම්කිසි දස පාරමිතාවක් පුරන ලද්දාහුද, මහාවීරය ඔබද ඒ දසපාරමී සපුරාලනු මැනව.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, බොධිමණ‍්ඩම‍්හි බුජ‍්ඣරෙ; තථෙව ත්‍වං මහාවීර, බුජ‍්ඣස‍්සු ජිනබොධියං.

යම්සේ පෙර බුදුවරයෝ බෝමැඩදී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේද, මහාවීරය ඔබද ඒ පරිද්දෙන්ම බුදුවරයන් වහන්සේලාගේ බෝධියෙහි බුද්ධත්වය අවබෝධ කළ මැනව.

“යථා යෙ කෙචි සම‍්බුද‍්ධා, ධම‍්මචක‍්කං පවත‍්තයුං; තථෙව ත්‍වං මහාවීර, ධම‍්මචක‍්කං පවත‍්තය.

පෙර බුදුවරයෝ යම්සේ ධර්මචක්‍රය බබළයිද, එසේම ඔබද සම්පූර්ණයෙන්ම පිරුණු මනදොළ ඇතිව දසසහශ්‍රී ලෝකධාතුව බබලාවා.

“පුණ‍්ණමායෙ යථා චන්‍දො, පරිසුද‍්ධො විරොචති; තථෙව ත්‍වං පුණ‍්ණමනො, විරොච දසසහස‍්සියං.

[missing trans]

“රාහුමුත‍්තො යථා සූරියො, තාපෙන අතිරොචති; තථෙව ලොකා මුච‍්චිත්‍වා, විරොච සිරියා තුවං.

රාහුගෙන් ද වළාකුළුවලින් ද මිදුණු සූර්යයා ප්‍රතාපයෙන් ආලෝකයෙන් මුලුලොව බබළවයිද, එසේම ලෝකය මුදවා බුද්ධශ්‍රීයෙන් බබළනු මැනව.

“යථා යා කාචි නදියො, ඔසරන‍්ති මහොදධිං; එවං සදෙවකා ලොකා, ඔසරන‍්තු තවන‍්තිකෙ.

යම්සේ නදීහු නොනැවතී මහා සමුද්‍රය වෙත ගලා යද්ද, එසේම දෙවියන් සහිත ලෝවැස්සෝ ඔබවහන්සේ වෙත එළඹෙත්වා!

“තෙහි ථුතප‍්පසත්‍ථො සො, දස ධම‍්මෙ සමාදිය; තෙ ධම‍්මෙ පරිපූරෙන‍්තො, පවනං පාවිසී තදා”ති. (බු· වං· 2.177-187);

එකල්හි දෙවියන් විසින් ස්තුති කරන ලද්දේ දිවකුරු බුදුන් පසසන ලද්දේ, බුද්ධකාරක දස ධර්මයන් සමාදන්ව ඒ ධර්මයෙහි නියැලෙනු සඳහා සම්පූර්ණ කිරීම සඳහා මහා වනයට පිවිසියේය.

සුමෙධකථා නිට‍්ඨිතා.

සුමේධ කථාව නිමියේය.

රම‍්මනගරවාසිනොපි ඛො නගරං පවිසිත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදංසු. සත්‍ථා තෙසං ධම‍්මං දෙසෙත්‍වා මහාජනං සරණාදීසු පතිට‍්ඨපෙත්‍වා රම‍්මනගරා නික‍්ඛමි. තතො උද‍්ධම‍්පි යාවතායුකං තිට‍්ඨන‍්තො සබ‍්බං බුද‍්ධකිච‍්චං කත්‍වා අනුක‍්කමෙන අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. තත්‍ථ යං වත‍්තබ‍්බං, තං සබ‍්බං බුද‍්ධවංසෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. වුත‍්තඤ‍්හි තත්‍ථ –

රම්ම නගරවාසීහු නගරයට පිවිස බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දුන්හ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට දහම් දෙසා, මහජනයා සරණ ශීලාදියෙහි පිහිටුවා රම්ම නගරයෙන් නික්ම අනතුරුව, උඩත් පිරිසෙයින් සම්පූර්ණ ආයු කාලයෙහි වැඩවෙසෙමින් සියලු බුදුකිස නිමවා, අනුපිළිවෙලින් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ සේක. එහි යම් කිවයුතු දෙයක් ඇද්ද? ඒ සියල්ල බුද්ධවංසයෙහි කියන ලද ආකාරයෙන් විස්තර දත යුතුයි. එහි මෙසේද කියන ලදි.

“තදා තෙ භොජයිත්‍වාන, සසඞ‍්ඝං ලොකනායකං; උපගච‍්ඡුං සරණං තස‍්ස, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

එකල්හි රඹගම් නුවරවැසියෝ සංඝයා සහිත ලෝකනායකයන් වළඳවා ඒ දීපංකර බුදුන් වහන්සේගේ සරණ ගියාහුය.

“සරණගමනෙ කඤ‍්චි, නිවෙසෙසි තථාගතො; කඤ‍්චි පඤ‍්චසු සීලෙසු, සීලෙ දසවිධෙ පරං.

තථාගතයන් වහන්සේ කිසිවෙකු සරණගමනයෙහිද, සමහරෙකු පන්සිල්හිද, සමහරෙකු දසසිල්හිද පිහිටවූහ.

“කස‍්සචි දෙති සාමඤ‍්ඤං, චතුරො ඵලමුත‍්තමෙ; කස‍්සචි අසමෙ ධම‍්මෙ, දෙති සො පටිසම‍්භිදා.

කිසිවෙකුට උතුම් සතර ශ්‍රමණඵලද, කිසිවෙකුට අසම පිළිසිඹියා දහම් ද දුන්හ.

“කස‍්සචි වරසමාපත‍්තියො, අට‍්ඨ දෙති නරාසභො; තිස‍්සො කස‍්සචි විජ‍්ජායො, ඡළභිඤ‍්ඤා පවෙච‍්ඡති.

නරාසභයන් වහන්සේ කිසිවෙකුට උතුම් සමාපත්තියද, කිසිවෙකුට ත්‍රිවිද්‍යාවන්ද ෂට් අභිඥාවන්ද දුන්හ.

“තෙන යොගෙන ජනකායං, ඔවදති මහාමුනි; තෙන විත්‍ථාරිකං ආසි, ලොකනාථස‍්ස සාසනං.

ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ එහිදී මහාජනයාට අවවාද දුන් සේක. එහෙයින් දීපංකර බුද්ධ ශාසනය පුළුල් ලෙස පැතිර ගියේය.

“මහාහනූසභක‍්ඛන්‍ධො, දීපඞ‍්කරසනාමකො; බහූ ජනෙ තාරයති, පරිමොචෙති දුග‍්ගතිං.

දීපංකර බුදුන් වහන්සේ බොහෝ දෙනකු සසරින් එතෙර කොට දුගතියෙන් මිදවූහ.

“බොධනෙය්‍යං ජනං දිස‍්වා, සතසහස‍්සෙපි යොජනෙ; ඛණෙන උපගන‍්ත්‍වාන, බොධෙති තං මහාමුනි.

ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ සිව්සස් අවබෝධයට වාසනා ඇති ජනයා දැක යොදුන් සිය දහස් ගණන් වැඩමවා සිව්සස් අවබෝධ කරවූ සේක.

“පඨමාභිසමයෙ බුද‍්ධො, කොටිසතමබොධයි; දුතියාභිසමයෙ නාථො, නවුතිකොටිමබොධයි.

බුදු තෙමේ ප්‍රථමාභිසමයේදී කෝටි සියයක් ජනතාවට ද, දෙවන අභිසමයේදී සියක් දහසකටද ධර්මය අවබෝධ කරවීය.

“යදා ච දෙවභවනම‍්හි, බුද‍්ධො ධම‍්මමදෙසයි; නවුතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහු.

බුදුහු දේව භවනයෙහි දී ධර්මය දේශනාකොට නවකෙළ දහසක් දෙනාට ධර්මය අවබෝධ කරවීය. ඒ තුන්වන අභිසමය විය.

“සන‍්නිපාතා තයො ආසුං, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො; කොටිසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො.

දීපංකර බුදුන්වහන්සේට සමූහ රැස්කරවීම් තුනක් වූයේය. පළමු සමාගමයෙහි කෙළ ලක්‍ෂයක් විය.

“පුන නාරදකූටම‍්හි, පවිවෙකගතෙ ජිනෙ; ඛීණාසවා වීතමලා, සමිංසු සතකොටියො.

නාරද පව්වෙහි විවේකීව සිටි සමයේ කෝටි සියයක් කෙලෙස් දුරුකොට රහත් බවට පැමිණ රැස්වූහ.

“යම‍්හි කාලෙ මහාවීරො, සුදස‍්සනසිලුච‍්චයෙ; නවුතිකොටිසහස‍්සෙහි, පවාරෙසි මහාමුනි.

බුදුන් වහන්සේ සුදස්සන පව්වෙහි (සුදර්ශනාරාමයේ) වසන සමයේ වස් පවාරණයේදී අනූකෝටි දහසක් ධර්මාභිසමය ලත්හ.

“අහං තෙන සමයෙන, ජටිලො උග‍්ගතාපනො; අන‍්තලික‍්ඛම‍්හි චරණො, පඤ‍්චාභිඤ‍්ඤාසු පාරගූ.

මම ඒ කාලයෙහි උග්‍ර වූ තවුස්ධර්ම ඇති ජටිලයෙක් වීමි. පංච අභිඥාවන්ගෙන් පරතෙරට ගිය අහස්හි සැරිසරන්නෙක් වූයෙමි.

“දසවීසසහස‍්සානං, ධම‍්මාභිසමයො අහු; එකද‍්වින‍්නං අභිසමයා, ගණනතො අසඞ‍්ඛියා.

දස දහසක් විසිදහස් වශයෙන් අසංඛ්‍ය ගණනාවක් (මේ බුද්ධ ශාසනයේදී) චතුරාර්ය සත්‍යය අවබෝධ කළහ.

“විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං, ඉද‍්ධං ඵීතං අහූ තදා; දීපඞ‍්කරස‍්ස භගවතො, සාසරං සුවිසොධිතං.

මනාව සංවිධානය කරන ලද, බොහෝදෙනා අතර පැතිරුණු මහා සම්පත් ඇති දීපංකර බුද්ධශාසනය ඉතාමත් ශෝභා සම්පන්න විය.

“චත‍්තාරි සතසහස‍්සානි, ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා; දීපඞ‍්කරං ලොකවිදුං පරිවාරෙන‍්ති සබ‍්බදා.

මහර්ධී වූ, ෂඩ් අභිඥාලාභී සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා දීපංකර බුදුන්ගේ පිරිවර වශයෙන් නිරන්තරයෙන් සිටියහ.

“යෙ කෙචි තෙන සමයෙන, ජහන‍්ති මානුසං භවං; අප‍්පත‍්තමානසා සෙඛා, ගරහිතා භවන‍්ති තෙ.

එසමයෙහි අධිගමයකට නොපැමිණ මිනිස්බව අත්හරින යමෙක් වීද, ඔහු ගර්හාවට පාත්‍ර විය.

“සුපුප‍්ඵිතං පාවචනං, අරහන‍්තෙහි තාදිභි; ඛීණාසවෙහි විමලෙහි, උපසොභති සබ‍්බදා.

එකල්හි ක්‍ෂීණාශ්‍රව වූ නිර්මල වූ රහතන් වහන්සේලා බුද්ධවචනය උගෙන දෙවියන් සහිත ලෝකයෙහි මනාව පිපුණු මල් මෙන් බබළත්.

“නගරං රම‍්මවතී නාම, සුදෙවො නාම ඛත‍්තියො; සුමෙධා නාම ජනිකා, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

දීපංකර ශාස්තෲන් උපන් නගරය රම්මවතී නම් විය. පියා සුදේව නම් වූ ක්‍ෂත්‍රීය රජුය. සුමේධා බිසව මව වූවාය.

“දසවස‍්සසහස‍්සානි, අගාරං අජ‍්ඣ සො වසි; හංසා කොඤ‍්චා මයූරා ච, තයො පාසාදමුත‍්තමා.

[missing trans]

“තීණි සතසහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; පදුමා නාම සා නාරී, උසභක‍්ඛන්‍ධො අත්‍රජො.

[missing trans]

“නිමිත‍්තෙ චතුරො දිස‍්වා, හත්‍ථියානෙන නික‍්ඛමි; අනූනදසමාසානි, පධානෙ පදහී ජිනො.

[missing trans]

“පධානචාරං චරිත්‍වාන, අබුජ‍්ඣි මානසං මුනි; බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො, දීපඞ‍්කරො මහාමුනි.

[missing trans]

“වත‍්ති චක‍්කං මහාවීරො, නන්‍දාරාමෙ සිරීඝරෙ; නිසින‍්නො සිරීසමූලම‍්හි, අකාසි තිත්‍ථියමද‍්දනං.

[missing trans]

“සුමඞ‍්ගලො ච තිස‍්සො ච, අහෙසුං අග‍්ගසාවකා; සාගතො නාමුපට‍්ඨාකො, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

සුමංගල, තිස්ස දෙනම දීපංකර ශාස්තෲන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ වූහ. සාගර තෙරුන් උපස්ථායක විය.

සුනන්‍දා ච“නන්‍දා චෙව සුනන්‍දා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, පිප‍්ඵලීති පවුච‍්චති.

නන්දා ද සුනන්දා ද අග්‍රශ්‍රාවිකාවෝ වූහ. පළොල් ගස උන්වහන්සේගේ බෝධිය විය.

“තපුස‍්සභල‍්ලිකා නාම, අහෙසුං අග‍්ගුපට‍්ඨකා; සිරිමා කොණා උපට‍්ඨිකා, දීපඞ‍්කරස‍්ස සත්‍ථුනො.

[missing trans]

“අසීතිහත්‍ථමුබ‍්බෙධො, දීපඞ‍්කරො මහාමුනි; සොභති දීපරුක‍්ඛොව, සාලරාජාව ඵුල‍්ලිතො.

අසූරියන් උස ඇති දීපංකර බුදුන් වහන්සේ මුල පටන් අග දක්වා මල් පිපී බැබළෙන සල්රුකක් මෙන් බැබළීය.

“පභා විධාවති තස‍්ස, සමන‍්තා ද‍්වාදස යොජනෙ; සතසහස‍්සවස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

ඒ මහාර්ෂීන් වහන්සේට අවුරුදු ලක්‍ෂයක් ආයුෂ විය. ඒ ජීවමාන කාලය තුළ අතිවිශාල ජනකායක් සසරින් එතෙර කරවීය.

“ජොතයිත්‍වාන සද‍්ධම‍්මං, සන‍්තාරෙත්‍වා මහාජනං; ජලිත්‍වා අග‍්ගිඛන්‍ධොව, නිබ‍්බුතො සො සසාවකො.

ශ්‍රී සද්ධර්මය බබළවා දෙවියන් සහිත ලෝවැස්සන් එතෙර කරවා ශ්‍රාවක සංඝයා සමග ගිනිකඳක් මෙන් බැබළී පිරිනිවන්පෑහ.

“සා ච ඉද‍්ධි සො ච යසො, තානි ච පාදෙසු චක‍්කරතනානි; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරාති.

දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි අනන්ත වූ තේජස් ඇති, අප්‍රමාණ කීර්තියෙන් යුත්, ගුණයෙන් හා තේජසින් අනුන්ට ළංවිය නොහැකි, කොණ්ඩඤ්ඤ නම් බුදුවරයන් වහන්සේ ලොව පහළවූ සේක.

“දීපඞ‍්කරො ජිනො සත්‍ථා, නන්‍දාරාමම‍්හි නිබ‍්බුතො; තත්‍ථෙතස‍්ස ජිනථූපො, ඡත‍්තිංසුබ‍්බෙධයොජනො”ති. (බු· වං· 3.1-31);