සුමෙධකථා අට්ඨකථා
සුමෙධකථා
සුමෙධකථා
කප්පසතසහස්සාධිකානඤ්හි චතුන්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ දසහි සද්දෙහි අවිවිත්තං “අමරවතී”ති ච “අමර”න්ති ච ලද්ධනාමං නගරං අහොසි, යං සන්ධාය බුද්ධවංසෙ වුත්තං –
සාර අසංඛෙය්‍ය කල්ප සත් දහසකට අධික වූ මත්තෙහි, දස ශබ්දවලින් නිරතුරු පැවති, දර්ශනීය වූ, මනහර වූ, අමරවතී යයි ද, අමර යයි ද නම් ලද නගරයක් විය. යමක් සඳහා බුද්ධවංස පාළියේ කියන ලද්දේද;
“කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ; අමරං නාම නගරං, දස්සනෙය්යං මනොරමං; දසහි සද්දෙහි අවිවිත්තං, අන්නපානසමායුත”න්ති. (බු· වං· 2.1-2);
“සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර, දසවිධ ශබ්දයෙන් නිරතුරු පැවති ආහාරපානවලින් සුලභ දර්ශනීය මනෝරම්‍ය වූ අමර නම් නගරයක් වී.
තත්ථ දසහි සද්දෙහි අවිවිත්තන්ති හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන භෙරිසද්දෙන මුදිඞ්ගසද්දෙන වීණාසද්දෙන ගීතසද්දෙන සඞ්ඛසද්දෙන සම්මසද්දෙන තාළසද්දෙන “අස්නාථ පිවථ ඛාදථා”ති දසමෙන සද්දෙනාති ඉමෙහි දසහි සද්දෙහි අවිවිත්තං අහොසි. තෙසං පන සද්දානං එකදෙසමෙව ගහෙත්වා –
එහි දසහිසද්දෙහි අවිවිත්තං යනු ඇත් ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, භේරි ශබ්දයෙන්, උඩැක්කි නාදයෙන්, වීණා නාදයෙන්, ගීත ශබ්දයෙන්, හක් ශබ්දයෙන්, පණාබෙර නාදයෙන් අනුභව කරවු! වළඳවු! කවු! බොවු! යන දසවිධ ශබ්දයෙන්ද මෙම ශබ්දවලින් නිරතුරුව පැවතියේ විය. ඒ ශබ්දය එකක් වශයෙන් ගෙන
“හත්ථිසද්දං අස්සසද්දං, භෙරිසඞ්ඛරථානි ච; ඛාදථ පිවථ චෙව, අන්නපානෙන ඝොසිත”න්ති. –
“ඇත් ශබ්ද, අශ්ව ශබ්ද, බෙර, සක්, රථ ද කවු, බොවු ආහාරපානයෙන් ඝෝෂා කරන ලද සේ” යයි –
බුද්ධවංසෙ (බු· වං· 2.3-5) ඉමං ගාථං වත්වා –
බුද්ධවංස පාළියේ මේ ගාථාව කියා :-
“නගරං සබ්බඞ්ගසම්පන්නං, සබ්බකම්මමුපාගතං; සත්තරතනසම්පන්නං, නානාජනසමාකුලං; සමිද්ධං දෙවනගරංව, ආවාසං පුඤ්ඤකම්මිනං.
“සියළු කාමවස්තුවලින් යුක්ත වූ සියළු නගර අංගයන්ගෙන් පිරිපුන් සත්රුවනින් යුතු නොයෙක් ජනයාගෙන් ගැවසුණු පින් කැමැතියන්ට ආවාසයක් වූ දේව නගරයක් මෙන් සමෘද්ධ වූ”
“නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්රාහ්මණො; අනෙකකොටිසන්නිචයො, පහූතධනධඤ්ඤවා.
“නොයෙක් කෝටි ගණනින් රැස්කළ බොහෝ ධනය ඇති සුමේධ නම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් අමරවතී නගරයෙහි විසූහ.
“අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ; ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො”ති. – වුත්තං;
හේ වේදය ඉගෙන, වේද මන්ත්‍ර දරන, ත්‍රිවේදයේ පරතෙරට පත් ඉතිහාසය ලක්ෂණ විද්‍යාව සහිත තම ධර්මයෙහි පරතෙරට පැමිණියේ” යයි කියන ලදි.
අථෙකදිවසං සො සුමෙධපණ්ඩිතො උපරිපාසාදවරතලෙ රහොගතො හුත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො එවං චින්තෙසි – “පුනබ්භවෙ, පණ්ඩිත, පටිසන්ධිග්ගහණං නාම දුක්ඛං, තථා නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ සරීරස්ස භෙදනං, අහඤ්ච ජාතිධම්මො, ජරාධම්මො, බ්යාධිධම්මො, මරණධම්මො, එවංභූතෙන මයා අජාතිං අජරං අබ්යාධිං අමරණං අදුක්ඛං සුඛං සීතලං අමතමහානිබ්බානං පරියෙසිතුං වට්ටති. අවස්සං භවතො මුච්චිත්වා නිබ්බානගාමිනා එකෙන මග්ගෙන භවිතබ්බ”න්ති. තෙන වුත්තං –
ඉක්බිති එක්දිනක් ඒ සුමේධ පණ්ඩිත තෙම ප්‍රාසාද තලය මස්තකයේ රහසිගතව හිඳ පලඟක් බැඳ හුන්නේ මෙසේ සිතීය. පුනර්භවයෙක යළි ප්රතිසන්ධි ගැනීම නම් දුකකි. එසේ උපන් උපන් තැන ශරීරයේ බිඳීමද, (දුකයි.) මම ඉපදීම ස්වභාවකොට ඇත්තෙමි. ජරාව ස්වභාවකොට ඇත්තෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙමි මරණය ස්වභාවකොට ඇත්තෙමි. මෙසේ ඇතිකල්හි මා විසින්, නොඉපදීමද, නොදිරීමද, නිරෝගී බවද, නොමැරීමද, දුක් නැති බවද, සිසිල් වූ අමෘත මහා නිර්වාණය සෙවීමට වටී යයි, අවශ්‍යයෙන්ම භවයෙන් මිදී නිර්වාණගාමී වූ ඒකායන මාර්ගයෙන්ම විය යුතුය. ඒ නිසාවෙන් කියන ලදී.
“රහොගතො නිසීදිත්වා, එවං චින්තෙසහං තදා; දුක්ඛො පුනබ්භවො නාම, සරීරස්ස ච භෙදනං.
“රහසිගතව හිඳ - මම එකල මෙසේ සිතුවෙමි, ශරීරයේ බිඳීමද පුනර්භවයද දුකකි.”
“ජාතිධම්මො ජරාධම්මො, බ්යාධිධම්මො සහං තදා; අජරං අමරං ඛෙමං, පරියෙසිස්සාමි නිබ්බුතිං.
“ජාති ජරා ව්‍යාධි ස්වභාවකොට ඇති මම අජර අමර ක්ෂේම වූ නිවන සොයන්නෙමි.”
“යංනූනිමං පූතිකායං, නානාකුණපපූරිතං; ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්යං, අනපෙක්ඛො අනත්ථිකො.
“ඉදින් මේ කුණුකය නොයෙක් නොයෙක් කුණපවලින් පිරී ඇත. අර්ථයක් නැතිව, බලාපොරොත්තු රහිතව එය හැරදමා යා යුතුය.
“අත්ථි හෙහිති සො මග්ගො, න සො සක්කා න හෙතුයෙ; පරියෙසිස්සාමි තං මග්ගං, භවතො පරිමුත්තියා”ති.
හේතුවක් නැතිව කිසිවක් සිදු නොවේ. හේතුවක් ඇති එවැනි මාර්ගයක් ඇත. භවයෙන් මිදෙනු ලබන්නා වූ ඒ මාර්ගය සොයා යන්නෙමි.”
තතො උත්තරිපි එවං චින්තෙසි – “යථා හි ලොකෙ දුක්ඛස්ස පටිපක්ඛභූතං සුඛං නාම අත්ථි, එවං භවෙ සති තප්පටිපක්ඛෙන විභවෙනාපි භවිතබ්බං. යථා ච උණ්හෙ සති තස්ස වූපසමභූතං සීතලම්පි අත්ථි, එවං රාගග්ගිආදීනං වූපසමෙන නිබ්බානෙනාපි භවිතබ්බං. යථා නාම පාපස්ස ලාමකස්ස ධම්මස්ස පටිපක්ඛභූතො කල්යාණො අනවජ්ජභූතො ධම්මොපි අත්ථියෙව, එවමෙව පාපිකාය ජාතියා සති සබ්බජාතිඛෙපනතො අජාතිසඞ්ඛාතෙන නිබ්බානෙනාපි භවිතබ්බමෙවා”ති. තෙන වුත්තං –
ඉක්බිති පසුවද මෙසේ සිතුවේය. යම්සේ ලෝකයෙහි දුකට ප්‍රතිවිරුද්ධ වූ, සැප නමින් දෙයක් ඇති මෙසේ භවය ඇතිකල්හි එයට විපක්ෂ වු විභවයක්ද තිබිය යුතුය. යම්සේ උෂ්ණය ඇතිකල්හි එය මැඩපැවැත්වීමට සීතලක්ද ඇත. මෙසේ රාග ගිනි ආදිය සංසිඳවීම පිණිස නිවනක්ද තිබිය යුතුය. යම්සේ ළාමක පාප ධර්මයට විරුද්ධ වූ යහපත් නිරවද්‍ය පෙරදැරි වු ධර්මයක් ද ඇත්තේමය. එසේම පාපකාරී උපතක් ඇතිකල්හි සියළුම උත්පත්තීන් නික්මීමට සමත් නොඉපදීම මුල් වූ නිර්වාණයක් ද තිබිය යුතුමය. එසේ හෙයින් කියන ලදී –
“යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ, සුඛං නාමපි විජ්ජති; එවං භවෙ විජ්ජමානෙ, විභවොපිච්ඡිතබ්බකො.
“යම්සේ දුකක් විද්‍යමාන වන කල්හි සැපයක්ද විද්‍යමාන වේ. එසේ භවයක් විද්‍යමාන කල්හි විභවයක්ද කැමතිවිය යුතු.”
“යථාපි උණ්හෙ විජ්ජන්තෙ, අපරං විජ්ජති සීතලං; එවං තිවිධග්ගි විජ්ජන්තෙ, නිබ්බානම්පිච්ඡිතබ්බකං.
“යම්සේ උණුසුමක් ඇතිකල්හි වෙනත් ශීතලක් ද පවතී එසේ තෙවැදෑරුම් ගින්න විද්‍යමාන කල්හි නිවනද කැමති විය යුතු
“යථාපි පාපෙ විජ්ජන්තෙ, කල්යාණමපි විජ්ජති; එවමෙව ජාති විජ්ජන්තෙ, අජාතිපිච්ඡිතබ්බක”න්ති.
“යම් සේ පාපය ඇතිකල්හි යහපත ද විද්‍යමානය. එසේම උපත ඇතිකල්හි නූපදීමද කැමතිවිය යුතු.
අපරම්පි චින්තෙසි – “යථා නාම ගූථරාසිම්හි නිමුග්ගෙන පුරිසෙන දූරතොව පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං මහාතළාකං දිස්වා ‘කතරෙන නු ඛො මග්ගෙන එත්ථ ගන්තබ්බ’න්ති තං තළාකං ගවෙසිතුං යුත්තං. යං තස්ස අගවෙසනං, න සො තළාකස්ස දොසො, පුරිසස්සෙව දොසො. එවං කිලෙසමලධොවනෙ අමතමහානිබ්බානතළාකෙ විජ්ජන්තෙ යං තස්ස අගවෙසනං, න සො අමතමහානිබ්බානතළාකස්ස දොසො, පුරිසස්සෙව දොසො. යථා ච චොරෙහි සම්පරිවාරිතො පුරිසො පලායනමග්ගෙ විජ්ජමානෙපි සචෙ න පලායති, න සො මග්ගස්ස දොසො, පුරිසස්සෙව දොසො. එවමෙව කිලෙසෙහි පරිවාරෙත්වා ගහිතස්ස පුරිසස්ස විජ්ජමානෙයෙව නිබ්බානගාමිම්හි සිවෙ මග්ගෙ මග්ගස්ස අගවෙසනං නාම න මග්ගස්ස දොසො, පුරිසස්සෙව දොසො. යථා ච බ්යාධිපීළිතො පුරිසො විජ්ජමානෙ බ්යාධිතිකිච්ඡකෙ වෙජ්ජෙ සචෙ තං වෙජ්ජං ගවෙසිත්වා බ්යාධිං න තිකිච්ඡාපෙති, න සො වෙජ්ජස්ස දොසො, පුරිසස්සෙව දොසො. එවමෙව යො කිලෙසබ්යාධිපීළිතො කිලෙසවූපසමමග්ගකොවිදං විජ්ජමානමෙව ආචරියං න ගවෙසති, තස්සෙව දොසො, න කිලෙසවිනාසකස්ස ආචරියස්ස දොසො”ති. තෙන වුත්තං –
තවදුරටත් මෙසේ සිතීය – යම්සේ අසූචි රාශියක ගිලුනා වූ මිනිසකු විසින් දුරදීම පස් පියුමෙන් ගැවසුණු මහා තඩාගයක් දැක, කවර මාර්ගයකින් එහි යා යුතුදැයි, ඒ පොකුණ සෙවීම සුදුසුය. යම් හෙයකින් එය නොසොයන්නේ නම් එය තඩාගයේ දෝෂයක් නොවේ. මිනිසාගේම දෝෂයකි. එසේ කෙළෙස් මළ පිරිසිදු කිරීමේදි අමෘතමහා නිර්වාණය නමැති තඩාගය විද්‍යමාන කල්හි එය නොසෙවීම ඒ අමාමහ නිවන නමැති තඩාගයේ දෝෂයක් නොවේ. පුරුෂයාගේම දෝෂයකි. එපරිද්දෙන් කෙලෙස්වලින් පිරිවරා ගත්තා වූ පුරුෂයාට නිර්වාණගාමී යහපත් මාර්ගය විද්‍යමාන කල්හි, එය නොසෙවීම මර්ගයේ දෝෂයක් නොව, පුරුෂයාගේම දෝෂයකි. යම්සේ රෝගයෙන් පෙළෙන පුරුෂයා, ව්‍යාධියට පිළියම් කරන වෛද්‍යවරුන් විද්‍යමාන කල්හි, ඒ වෙදාගෙන් චිකිත්සා කිරීමට නොසොයයි නම් එය ඔහුගේම දෝෂයකි. වෛද්‍යවරයාගේ දෝෂයක් නොවේ. එපරිදි, කෙළෙස් රෝගයෙන් පෙළෙන අයෙකු කෙළෙස් සංසිඳවන මාර්ගය දත්තකු විද්‍යමාන කල්හිම ඒ ආචාර්යවරයාව නොසොයයිද, එය ඔහුගේම දෝෂයකි. කෙලෙස් විනාශ කරන ගුරුවරයාගේ දෝෂයක් නොවේ. එසේ හෙයින් කියන ලදී –
“යථා ගූථගතො පුරිසො, තළාකං දිස්වාන පූරිතං; න ගවෙසති තං තළාකං, න දොසො තළාකස්ස සො.
“යම් සේ අසූචියේ වැටුණු මිනිසා, ජලය පිරි තඩාගයක් දැක, එම පොකුණ (නොසොයයිද) ප්‍රයෝජනයට නොගනීද එය තඩාගයේ දෝෂයක් නොවේ.”
“එවං කිලෙසමලධොවෙ, විජ්ජන්තෙ අමතන්තළෙ; න ගවෙසති තං තළාකං, න දොසො අමතන්තළෙ.
“එසේ කෙළෙස්මල ධෝවනයට අමෘතමහා නිවන නමැති පොකුණ විද්‍යමාන කල්හි, ඒ පොකුණ නොසොයයිද, එය නිවන් නැමැති පොකුණේ දෝෂයක් නොවේ.”
“යථා අරීහි පරිරුද්ධො, විජ්ජන්තෙ ගමනම්පථෙ; න පලායති සො පුරිසො, න දොසො අඤ්ජසස්ස සො.
“යම්සේ සතුරන් විසින් වටකරන ලද විට ගැළවී යාමට ගමන් මාර්ගයක් විද්‍යමාන කල්හි, ඒ මිනිසා පලානොයේද, එය මාර්ගයේ දෝෂයක් නොවේ.”
“එවං කිලෙසපරිරුද්ධො, විජ්ජමානෙ සිවෙ පථෙ; න ගවෙසති තං මග්ගං, න දොසො සිවමඤ්ජසෙ.
“මෙසේ කෙලෙස්වලින් වටකරන ලද්දේ ආරක්ෂිත මාර්ගයක් විද්‍යමාන කල්හි ඒ මාර්ගය නොසොයයිද එය සුරක්ෂිත මාර්ගයාගේ දෝෂයක් නොවේ.
“යථාපි බ්යාධිතො පුරිසො, විජ්ජමානෙ තිකිච්ඡකෙ; න තිකිච්ඡාපෙති තං බ්යාධිං, න දොසො සො තිකිච්ඡකෙ.
“යම්සේ රෝගයෙන් පෙළෙන මිනිසා, වෛද්‍යවරයෙකු ඇතිකල්හි ඒ ව්‍යාධියට පිළියම් නොකරයිද, එය වෛද්‍යවරයාගේ දෝෂයක් නොවේ.”
“එවං කිලෙසබ්යාධීහි, දුක්ඛිතො පරිපීළිතො; න ගවෙසති තං ආචරියං, න දොසො සො විනායකෙ”ති.
“එසේ කෙළෙස් නැමැති ව්‍යාධිවලින් පෙළෙමින් දුකට පත්වූවකු එයින් මිදීමට අදාළ ගුරුවරයකු නොසොයයිද, එය ශාස්තෲවරයා කෙරෙහි පිහිටි දෝෂයක් නොවේ.”
අපරම්පි චින්තෙසි – “යථා මණ්ඩනකජාතිකො පුරිසො කණ්ඨෙ ආසත්තං කුණපං ඡඩ්ඩෙත්වා සුඛං ගච්ඡෙය්ය, එවං මයාපි ඉමං පූතිකායං ඡඩ්ඩෙත්වා අනපෙක්ඛෙන නිබ්බානනගරං පවිසිතබ්බං. යථා ච නරනාරියො උක්කාරභූමියං උච්චාරපස්සාවං කත්වා න තං උච්ඡඞ්ගෙන වා ආදාය, දුස්සන්තෙන වා වෙඨෙත්වා ගච්ඡන්ති, ජිගුච්ඡමානා පන අනපෙක්ඛාව, ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, එවං මයාපි ඉමං පූතිකායං අනපෙක්ඛෙන ඡඩ්ඩෙත්වා අමතනිබ්බානනගරං පවිසිතුං වට්ටති. යථා ච නාවිකා නාම ජජ්ජරං නාවං අනපෙක්ඛාව ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, එවං අහම්පි ඉමං නවහි වණමුඛෙහි පග්ඝරන්තං කායං ඡඩ්ඩෙත්වා අනපෙක්ඛො නිබ්බානපුරං පවිසිස්සාමි. යථා ච පුරිසො නානාරතනානි ආදාය චොරෙහි සද්ධිං මග්ගං ගච්ඡන්තො අත්තනො රතනනාසභයෙන තෙ ඡඩ්ඩෙත්වා ඛෙමං මග්ගං ගණ්හාති, එවං අයම්පි කරජකායො රතනවිලොපකචොරසදිසො. සචාහං එත්ථ තණ්හං කරිස්සාමි, අරියමග්ගකුසලධම්මරතනං මෙ නස්සිස්සති, තස්මා මයා ඉමං චොරසදිසං කායං ඡඩ්ඩෙත්වා අමතමහානිබ්බානනගරං පවිසිතුං වට්ටතී”ති. තෙන වුත්තං –
යම්සේ, අලංකාරයෙන් සැරසුණු මිනිසා බෙල්ලේ ඇලුණු කුණපය ඉවත්කොට, සැපසේ යන්නේද, එසේ අප විසින්ද, මේ කුණු කය ඉවත දමා අපේක්ෂා රහිතව නිර්වාණ නගරයට පිවිසිය යුතුය. යම්සේ ස්ත්‍රී පුරුෂයෝ වැසිකිළි බිමෙහි මල-මුත්‍රාකොට, එය උකුලට ගෙන හෝ රෙදිපටි කෙළවර වෙළාගෙන හෝ නොයෙත්ද, පිළිකුල් කරමින් අපේක්ෂා රහිතව ඉවත දමා යත්ද, එසේ අප විසින්ද මේ කුණු කය අපේක්ෂා රහිතව ඉවත දමා අමෘතමහා නිර්වාණ නගරයට පිවිසීමට වටියි. යම්සේ නාවිකයෝ දිරාගිය නැව අපේක්ෂා රහිතව ඉවතදමා යත්ද එසේ මම ද තුවාල මුඛ නවයකින් (කුණු) වැගිරෙන්නා වූ ශරීරය හැර දමා අපේක්ෂා රහිතව නිවන් නගරයට පිවිසෙන්නෙමි. යම්සේ පුරුෂයා නොයෙක් රන් රුවන් ආදිය රැගෙන සොරුන් සමග මාර්ගයට යන්නේ තමන්ගේ රන් නැසේ යන බියෙන් ඔවුන් හැර දමා ආරක්ෂිත වූ මග ගනියිද එසේම රුවන් පහරණ සොරෙකු සමාන වූ තම ශරීරය ද හැරදමා ක්ෂේම මගට යා යුතුය. ඉදින් මම මෙහි තෘෂ්ණාව කරන්නෙම් නම් ආර්ය මාර්ග කුසල් දහම් රත්න නසන්නේය. එහෙයින් මා විසින් මේ සොරුන් හා සමාන ශරීරය හැරදමා අමෘතමහා නිර්වාණ නගරයට පිවිසීමට වටී යනුවෙනි. එහෙයින් කියන ලදී –
“යථාපි කුණපං පුරිසො, කණ්ඨෙ බද්ධං ජිගුච්ඡිය; මොචයිත්වාන ගච්ඡෙය්ය, සුඛී සෙරී සයංවසී.
ගෙළෙහි කුණපයක් බැඳි පුරුෂයාද ඒ කුණපය පිළිකුල් කර අතහැර දමා තම ගමන යන්නේ ද
“තථෙවිමං පූතිකායං, නානාකුණපසඤ්චයං; ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්යං, අනපෙක්ඛො අනත්ථිකො.
එසේ නොයෙක් කුණපයන්ගෙන් පිරුණු, අනපේක්ෂිත වූ අර්ථ විරහිත වූ, මෙම ශරීරය හැරදමා යා යුතු වෙමි.
“යථා උච්චාරට්ඨානම්හි, කරීසං නරනාරියො; ඡඩ්ඩයිත්වාන ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
මළ මුත්‍ර පහ කරන ස්ත්‍රී පුරුෂයෝ බලාපොරොත්තු රහිතව ඒවා හැරදමා යත්ද,
“එවමෙවාහං ඉමං කායං, නානාකුණපපූරිතං; ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, වච්චං කත්වා යථා කුටිං.
එසේම නොයෙක් කුණපයන්ගෙන් පිරී පවත්නා වූ මේ ශරීරයද, මළ මුත්‍ර වැසිකිළියේ හැර දමා යන්නාක් මෙන් හැරදමා යා යුතුය.
“යථාපි ජජ්ජරං නාවං, පලුග්ගං උදගාහිනිං; සාමී ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
දිරාපත් වූ පලුදු සහිත වූ දිය පිරෙන්නා වූ නැව නැව්හිමියා විසින් බලාපොරොත්තු රහිත හැරදමා යයිද,
“එවමෙවාහං ඉමං කායං, නවච්ඡිද්දං ධුවස්සවං; ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, ජිණ්ණනාවංව සාමිකා.
එසේ සිදුරු නවයකින් ද්‍රව වැගිරෙන්නා වූ මේ ශරීරය ද නැව හැර දැමූ නැව් හිමියන් මෙන් හැරදමා යා යුතුය.
“යථාපි පුරිසො චොරෙහි, ගච්ඡන්තො භණ්ඩමාදිය; භණ්ඩච්ඡෙදභයං දිස්වා, ඡඩ්ඩයිත්වාන ගච්ඡති.
රන් රුවන් භාණ්ඩ රැගෙන සොරුන් සමග යන පුරුෂයා භාණ්ඩ පැහැර ගනිතියි යන බියෙන්, ඒ මග හැර වෙනත් මගක යේද,
“එවමෙව අයං කායො, මහාචොරසමො විය; පහායිමං ගමිස්සාමි, කුසලච්ඡෙදනා භයා”ති.
එසේම මහා සොරෙකු සමාන වූ මේ ශරීරය ද, කුසල් නැසීමේ බිය නිසා හැර දමා යන්නෙමි.
එවං සුමෙධපණ්ඩිතො නානාවිධාහි උපමාහි ඉමං නෙක්ඛම්මූපසංහිතං අත්ථං චින්තෙත්වා සකනිවෙසනෙ අපරිමිතභොගක්ඛන්ධං හෙට්ඨා වුත්තනයෙන කපණද්ධිකාදීනං විස්සජ්ජෙත්වා මහාදානං දත්වා වත්ථුකාමෙ ච කිලෙසකාමෙ ච පහාය අමරනගරතො නික්ඛමිත්වා එකකොව හිමවන්තෙ ධම්මිකං නාම පබ්බතං නිස්සාය අස්සමං කත්වා තත්ථ පණ්ණසාලඤ්ච චඞ්කමඤ්ච මාපෙත්වා පඤ්චහි නීවරණදොසෙහි වජ්ජිතං “එවං සමාහිතෙ චිත්තෙ”තිආදිනා නයෙන වුත්තෙහි අට්ඨහි කාරණගුණෙහි සමුපෙතං අභිඤ්ඤාසඞ්ඛාතං බලං ආහරිතුං තස්මිං අස්සමපදෙ නවදොසසමන්නාගතං සාටකං පජහිත්වා, ද්වාදසගුණසමන්නාගතං වාකචීරං නිවාසෙත්වා, ඉසිපබ්බජ්ජං පබ්බජි. එවං පබ්බජිතො අට්ඨදොසසමාකිණ්ණං තං පණ්ණසාලං පහාය දසගුණසමන්නාගතං රුක්ඛමූලං උපගන්ත්වා සබ්බං ධඤ්ඤවිකතිං පහාය පවත්තඵලභොජනො හුත්වා නිසජ්ජට්ඨානචඞ්කමනවසෙනෙව පධානං පදහන්තො සත්තාහබ්භන්තරෙයෙව අට්ඨන්නං සමාපත්තීනං පඤ්චන්නඤ්ච අභිඤ්ඤානං ලාභී අහොසි. එවං තං යථාපත්ථිතං අභිඤ්ඤාබලං පාපුණි. තෙන වුත්තං –
මෙසේ සුමේධ පණ්ඩිත තෙමේ නොයෙක් ආකාර උපමාවලින් මේ නෛෂ්ක්‍රම්‍ය හා බැඳුනා වූ අර්ථය සිතා තම නිවස්නේ ඇති අප්‍රමාණ භෝග රාශිය යට කියන ලද අයුරින් දිළිඳු යාචකාදීන්ට බෙදා දී, මහ දන් දී, වස්තු කාමයද, ක්ලේශ කාමයද හැරදමා අමර නගරයෙන් නික්ම හුදකලාවම හිමාලයේ ධාර්මික නම් පර්වතය ඇසුරු කොට ආශ්රමයක් කොට, එහි පන්සලක්ද, සක්මන්මළුවක්ද මවා, පංචනීවරණ දෝෂවලින් දුරුකරන ලද, ‘මෙසේ සමාධිහිත සිත් ඇති කල්හි’ කියන ලද ආදි ආකාරයෙන් ගුණ කාරණා අටකින් යුක්ත වූ අභිඥා සංඛ්‍යාත බලය ගෙගනහැර පෑමට, ඒ ආශ්‍රමයේදී දෝෂ නවයකින් සමන්විත වූ (හැඳසිටි) සළුව හැරදමා, දොළොස් ආකාර ගුණයෙන් යුක්ත වූ, වැහැරි සිවුර පොරවා, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. මෙසේ පැවිදි වූ කල්හි දෝෂ අටකින් ගැවසුණු ඒ පන්සල හැරදමා, දස ගුණයෙන් සමන්විත වූ වෘක්ෂ මූලයට සපැමිණ සියළු ධාන්‍ය භෝජන හැර දමා වැටුණු ගෙඩි කොල ආහාරයට ගනිමින්, සිටි ස්ථානයේම සක්මන් වශයෙන් ප්‍රධන් වීර්ය වඩන්නේ දින හතක් ඇතුළතම අෂ්ට සමාපත්තීන්ද පංච අභිඥාවන්ද ලැබගත්තේ විය. මෙසේ හෙතම ප්‍රාර්ථනා කළ පරිදි, අභිඥා බලයට පැමිණියේය. ඒ නිසාවෙන් කියන ලද –
“එවාහං චින්තයිත්වාන, නෙකකොටිසතං ධනං; නාථානාථානං දත්වාන, හිමවන්තමුපාගමිං.
“මෙසේ මම සිතා නොයෙක් කෝටිගණන් ධනය නාථ-අනාථයන්ට දී හිමාලයට පැමිණියෙමි.”
“හිමවන්තස්සාවිදූරෙ, ධම්මිකො නාම පබ්බතො; අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
“හිමාලයට නුදුරින් ධම්මික නම් පර්වතය මට මනාසේ පිළියෙළ කළ අසපුවයි. එහි පන්සලක්ද මවන ලද්දීය”
“චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිතං; අට්ඨගුණසමුපෙතං, අභිඤ්ඤාබලමාහරිං.
“පංච දෝෂයන් දුරුකොට එහි සක්මන් මළුවක්ද මැව්වෙමි. අෂ්ට ගුණයෙන් යුතු අභිඥා බලයද ලැබුවෙමි.”
“සාටකං පජහිං තත්ථ, නවදොසමුපාගතං; වාකචීරං නිවාසෙසිං, ද්වාදසගුණමුපාගතං.
“නව දෝෂයෙන් යුතු සළුව අත හැරියෙමි. දොළොස් ගුණයෙන් යුතු රළු සිවුර පෙරවූවෙමි.”
“අට්ඨදොසසමාකිණ්ණං, පජහිං පණ්ණසාලකං; උපාගමිං රුක්ඛමූලං, ගුණෙ දසහුපාගතං.
“දෝෂ අටකින් ගැවසුණු පන්සල අතහැරියෙමි. දස ගුණයෙන් යුතු වෘක්ෂ මූලයට සපැමිණියෙමි.”
“වාපිතං රොපිතං ධඤ්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම්පන්නං, පවත්තඵලමාදියිං.
“වවන ලද, රෝපණය කළ ධන ධාන්‍ය නිරවශේෂවම දුරු කළෙමි. නොයෙක් ගුණයෙන් යුතු ‘පවත්තඵල භෝගී’ වූයෙමි.”
“තත්ථප්පධානං පදහිං, නිසජ්ජට්ඨානචඞ්කමෙ; අබ්භන්තරම්හි සත්තාහෙ, අභිඤ්ඤාබල පාපුණි”න්ති.
“සක්මනෙහි හුන් තැනම ප්‍රධන් වීර්ය වැඩුයෙමි. දින හතක් ඇතුළත අභිඥා බලයට පැමිණියෙමි.
තත්ථ “අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා”ති ඉමාය පන පාළියා සුමෙධපණ්ඩිතෙන අස්සමපණ්ණසාලචඞ්කමා සහත්ථා මාපිතා විය වුත්තා. අයං පනෙත්ථ අත්ථො – මහාසත්තඤ්හි “හිමවන්තං අජ්ඣොගාහෙත්වා අජ්ජ ධම්මිකපබ්බතං පවිසිස්සතී”ති දිස්වා සක්කො විස්සකම්මදෙවපුත්තං ආමන්තෙසි – “තාත, අයං සුමෙධපණ්ඩිතො ‘පබ්බජිස්සාමී’ති නික්ඛන්තො, එතස්ස වසනට්ඨානං මාපෙහී”ති. සො තස්ස වචනං සම්පටිච්ඡිත්වා රමණීයං අස්සමං, සුගුත්තං පණ්ණසාලං, මනොරමං චඞ්කමඤ්ච මාපෙසි. භගවා පන තදා අත්තනො පුඤ්ඤානුභාවෙන නිප්ඵන්නං තං අස්සමපදං සන්ධාය “සාරිපුත්ත, තස්මිං ධම්මිකපබ්බතෙ –
එහි අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා යනු මේ පෙළෙන් සුමේධ පණ්ඩිතයන් විසින් ආශ්‍රමය පන්සල සක්මන් යන සියල්ල තම අතින් මවන ලද්දක් මෙන් කියන ලදී. මේ එහි අර්ථයයි. අද බෝසතුන් හිමාලයට පැමිණ ධම්මික පර්වතයට පිවිසින්නේය යයි දැක ශක්‍රයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ආමන්ත්‍රණය කළේය. දරුව! මේ සුමේධ පණ්ඩිතයා පැවිදි වන්නෙමියි නික්මෙයි. මොහුට වසන තැනක් මවනු මැනවි. හෙතෙම ඔහුගේ වචනය පිළිගෙන රමණීය ආශ්‍රමයක්ද, මනාව රක්ෂිත වූ පන්සලක්ද, සිත් අලවන සක්මන් මළුවක්ද මැවීය. භාග්‍යවතුන් වහන්සේ, එකල පුණ්‍යානුභාවයෙන් නිපන් ඒ ආශ්‍රමය නිසා, සාරිපුත්‍රය; ඒ ධම්මික පර්වතයේ
“අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා; චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිත’”න්ති. –
“මා සඳහා ආශ්රමයක් මනාව කරන ලදි. පන්සලක්ද මවන ලදි. පංචදෝෂ හැරදැමූ සක්මන්මළුවක්ද එහි මැවීය. යනුවෙන් කීහ.
ආහ. තත්ථ සුකතො මය්හන්ති සුට්ඨු කතො මයා. පණ්ණසාලා සුමාපිතාති පණ්ණච්ඡදනසාලාපි මෙ සුමාපිතා අහොසි.
එහි සුකතො මය්හං යනු මා විසින් මනා ලෙස කරන ලදී. පණ්ණසාලා සුමාපිතා යනු කොලවලින් වසන ලද ශාලාවද මට මැනවින් මවන ලද්දේ විය.
පඤ්චදොසවිවජ්ජිතන්ති පඤ්චිමෙ චඞ්කමදොසා නාම ථද්ධවිසමතා, අන්තොරුක්ඛතා, ගහනච්ඡන්නතා , අතිසම්බාධතා, අතිවිසාලතාති. ථද්ධවිසමභූමිභාගස්මිඤ්හි චඞ්කමෙ චඞ්කමන්තස්ස පාදා රුජ්ජන්ති, ඵොටා උට්ඨහන්ති, චිත්තං එකග්ගතං න ලභති, කම්මට්ඨානං විපජ්ජති. මුදුසමතලෙ පන ඵාසුවිහාරං ආගම්ම කම්මට්ඨානං සම්පජ්ජති. තස්මා ථද්ධවිසමභූමිභාගතා එකො දොසොති වෙදිතබ්බො. චඞ්කමස්ස අන්තො වා මජ්ඣෙ වා කොටියං වා රුක්ඛෙ සති පමාදමාගම්ම චඞ්කමන්තස්ස නලාටං වා සීසං වා පටිහඤ්ඤතීති අන්තොරුක්ඛතා දුතියො දොසො. තිණලතාදිගහනච්ඡන්නෙ චඞ්කමෙ චඞ්කමන්තො අන්ධකාරවෙලායං උරගාදිකෙ පාණෙ අක්කමිත්වා වා මාරෙති, තෙහි වා දට්ඨො දුක්ඛං ආපජ්ජතීති ගහනච්ඡන්නතා තතියො දොසො. අතිසම්බාධෙ චඞ්කමෙ විත්ථාරතො රතනිකෙ වා අඩ්ඪරතනිකෙ වා චඞ්කමන්තස්ස පරිච්ඡෙදෙ පක්ඛලිත්වා නඛාපි අඞ්ගුලියොපි භිජ්ජන්තීති අතිසම්බාධතා චතුත්ථො දොසො. අතිවිසාලෙ චඞ්කමෙ චඞ්කමන්තස්ස චිත්තං විධාවති, එකග්ගතං න ලභතීති අතිවිසාලතා පඤ්චමො දොසො. පුථුලතො පන දියඩ්ඪරතනං ද්වීසු පස්සෙසු රතනමත්තං අනුචඞ්කමං දීඝතො සට්ඨිහත්ථං මුදුතලං සමවිප්පකිණ්ණවාලුකං චඞ්කමං වට්ටති චෙතියගිරිම්හි දීපප්පසාදකමහාමහින්දත්ථෙරස්ස චඞ්කමං විය, තාදිසං තං අහොසි. තෙනාහ – “චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිත”න්ති.
පඤ්ච දෝස විවජ්ජිතං යනු මේ පස්වැදෑරුම් සක්මන් දෝෂයන් නම්, තද විෂම බව, ඇතුළත ගස්වලින් ගැවසී ගත් බව තෘණ ලතාදියෙන් යුක්ත බව, බොහෝ උවදුරු සහිතව වූ බව ඉතා විශාල බවද වේ. තද විෂම වූ භූමි භාගයෙහි සක්මන් කරන කල්හි සක්මන් කරන්නාගේ පාද රිදේ. වෙළී ගැටගැසෙත්. සිත එකඟතාවය නොබලයි. කර්මස්ථාන රැකදෙයි. එහෙයින් තද විෂම බව භූමි භාගයේ එක දෝෂයක් යැයි දත යුතුය. සක්මන්මළුවේ ඇතුළත හෝ මැද හෝ කෙළවර හෝ ගස් අපරීක්ෂාකාරීව ඇතිකල්හි සක්මන් කරන්නාගේ නළල හෝ හිස හෝ එහි වැදී වෙහෙසට පත්වෙයි. ඇතුළත ගස් ඇති බව දෙවෙනි දෝෂයයි. තෘණවැල් ආදියෙන් වැසීගිය සක්මන්මළුවේ සක්මන් කරන කල්හි අන්ධකාර වේලාවේ සර්පාදී ප්‍රාණීන් පයට පෑගී හෝ මිය යයි. ඔවුන් විසින් දෂ්ට කරන ලදුව හෝ දුකට පත්වේ. තෘණලතාදියෙන් වැසී තිබීම තෙවෙනි දෝෂයයි. පළලින් රියනක් හෝ අඩරියනක් වූ ඉතා බාධක සහිත සක්මන්මළුවේ සක්මන් කරන්නාගේ කකුල් පැකිලී නියපොතු ඇඟිලි බිඳෙත්නුයි ඉතා සම්බාධක සහිත වූයේ මේ සිවුවෙනි දෝෂයයි. අති විශාල වූ සක්මන්මළුවක සක්මන් කරන්නාගේ සිත විඩාවට පත්වේ. එකඟතාවයක් නොලබයි. අතිවිශාල බව පස්වෙනි දෝෂයයි. පුළුළින් වනාහි දෙපැත්තෙහි අඩරියනක් පමණ පළල වූ දෙපසෙහි රියනක් පමණ වූද, දිගින් අත් රියන් හැටක් පමණ වූ මෘදු තැනිතලා සමසේ විසුරුවන ලද වැලි ඇති සක්මන්මළුව වටියි. සෑගිරියෙහි දීපප්‍රසාදක මහා මහින්ද මහරහතුන්ගේ සක්මන්මළුව එබඳු විය. එසේ හෙයින් කියන ලදී. “පස් දෝෂයන්ගෙන් විනිර්මුක්ත වූ සක්මනක් එහි මැව්වෙමි.” යනුවෙනි.
අට්ඨගුණසමුපෙතන්ති අට්ඨහි සමණසුඛෙහි උපෙතං. අට්ඨිමානි සමණසුඛානි නාම ධනධඤ්ඤපරිග්ගහාභාවො, අනවජ්ජපිණ්ඩපාතපරියෙසනභාවො, නිබ්බුතපිණ්ඩපාතභුඤ්ජනභාවො, රට්ඨං පීළෙත්වා ධනසාරං වා සීසකහාපණාදීනි වා ගණ්හන්තෙසු රාජකුලෙසු රට්ඨපීළනකිලෙසාභාවො, උපකරණෙසු නිච්ඡන්දරාගභාවො, චොරවිලොපෙ නිබ්භයභාවො, රාජරාජමහාමත්තෙහි අසංසට්ඨභාවො, චතූසු දිසාසු අප්පටිහතභාවොති . ඉදං වුත්තං හොති – “යථා තස්මිං අස්සමෙ වසන්තෙන සක්කා හොන්ති ඉමානි අට්ඨ සුඛානි වින්දිතුං, එවං අට්ඨගුණසමුපෙතං තං අස්සමං මාපෙසි”න්ති.
අට්ඨගුණ සමූපේතං යනු අටවැදෑරුම් ශ්‍රමණ සැපවලින් යුක්ත මෙහි ශ්‍රමණ සැප අට නම්, ධනධාන්‍ය පිළිනොගැනීම, නිරවද්‍ය පිණ්ඩපාත සේවනය, සිසිල් පිණ්ඩපාත වළඳන බව, රට පෙළා ධනසාරය හෝ කහවනු ආදිය ගන්නා වූ රාජ කුල මෙන් රට නොපෙළන බව, උපකරණ අකමැති බවයි, සොරුන්ගෙන් වන මංකොල්ලකෑම්වලින් නිර්භය බව රාජරාජ මහාමාත්‍යාදින් සමග නොඇලෙන බව, සතර දිශාවල පැතිරුණු අප්‍රතිහත භාවයයි, නිදහස් බව මෙය කියන ලද්දේ වෙයි. ඒ අසපුවේ වසන්නහු විසින් මේ ශ්‍රමණ සැප අට විඳීමට හැකිවෙත්. මෙසේ අෂ්ට ගුණවලින් යුතු ආශ්රමයක් මවන ලද්දේ වෙයි.
අභිඤ්ඤාබලමාහරින්ති පච්ඡා තස්මිං අස්සමෙ වසන්තො කසිණපරිකම්මං කත්වා අභිඤ්ඤානඤ්ච සමාපත්තීනඤ්ච උප්පාදනත්ථාය අනිච්චතො ච දුක්ඛතො ච විපස්සනං ආරභිත්වා ථාමප්පත්තං විපස්සනාබලං ආහරිං. යථා තස්මිං වසන්තො තං බලං ආහරිතුං සක්කොමි, එවං තං අස්සමං අභිඤ්ඤත්ථාය විපස්සනාබලස්ස අනුච්ඡවිකං කත්වා මාපෙසින්ති අත්ථො.
අභිඤ්ඤාබල මාහරිං යනු පසුව ඒ ආශ්රමයේ වාසය කරමින් කසිණ පරිකර්ම කොට අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවනු පිණිස, දුක්ඛ වශයෙන් විදර්ශනා වඩා ප්‍රබල වීර්යයට පැමිණියේ විදර්ශනා බලයට පැමිණියෙමි. යම්සේ එහි වාසය කරන්නේ ඒ බලයට පැමිණීමට හැකිවෙමි. මෙසේ ඒ ආශ්‍රමය අභිඥා පිණිසද, විදර්ශනා බලයට ද සුදුසු සේ සකස්කොට මවන ලද්දේ යන අර්ථයයි.
සාටකං පජහිං තත්ථ, නවදොසමුපාගතන්ති එත්ථායං අනුපුබ්බිකථා. තදා කිර කුටිලෙණචඞ්කමාදිපටිමණ්ඩිතං පුප්ඵූපගඵලූපගරුක්ඛසඤ්ඡන්නං රමණීයං මධුරසලිලාසයං අපගතවාළමිගභිංසනකසකුණං පවිවෙකක්ඛමං අස්සමං මාපෙත්වා අලඞ්කතචඞ්කමස්ස උභොසු අන්තෙසු ආලම්බනඵලකං සංවිධාය නිසීදනත්ථාය චඞ්කමවෙමජ්ඣෙ සමතලං මුග්ගවණ්ණසිලං මාපෙත්වා අන්තො පණ්ණසාලාය ජටාමණ්ඩලවාකචීරතිදණ්ඩකුණ්ඩිකාදිකෙ තාපසපරික්ඛාරෙ මණ්ඩපෙ පානීයඝටපානීයසඞ්ඛපානීයසරාවානි, අග්ගිසාලායං අඞ්ගාරකපල්ලදාරුආදීනීති එවං යං යං පබ්බජිතානං උපකාරාය සංවත්තති, තං සබ්බං මාපෙත්වා පණ්ණසාලාය භිත්තියං – “යෙ කෙචි පබ්බජිතුකාමා ඉමෙ පරික්ඛාරෙ ගහෙත්වා පබ්බජන්තූ”ති අක්ඛරානි ඡින්දිත්වා දෙවලොකමෙව ගතෙ විස්සකම්මදෙවපුත්තෙ සුමෙධපණ්ඩිතො හිමවන්තපාදෙ ගිරිකන්දරානුසාරෙන අත්තනො නිවාසානුරූපං ඵාසුකට්ඨානං ඔලොකෙන්තො නදීනිවත්තනෙ විස්සකම්මනිම්මිතං සක්කදත්තියං රමණීයං අස්සමං දිස්වා චඞ්කමනකොටිං ගන්ත්වා පදවළඤ්ජං අපස්සන්තො “ධුවං පබ්බජිතා ධුරගාමෙ භික්ඛං පරියෙසිත්වා කිලන්තරූපා ආගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා නිසින්නා භවිස්සන්තී”ති චින්තෙත්වා ථොකං ආගමෙත්වා “අතිවිය චිරායන්ති, ජානිස්සාමී”ති පණ්ණසාලද්වාරං විවරිත්වා අන්තො පවිසිත්වා ඉතො චිතො ච ඔලොකෙන්තො මහාභිත්තියං අක්ඛරානි වාචෙත්වා “මය්හං කප්පියපරික්ඛාරා එතෙ, ඉමෙ ගහෙත්වා පබ්බජිස්සාමී”ති අත්තනා නිවත්ථපාරුතං සාටකයුගං පජහි. තෙනාහ “සාටකං පජහිං තත්ථා”ති. එවං පවිට්ඨො අහං, සාරිපුත්ත, තස්සං පණ්ණසාලායං සාටකං පජහිං.
සාටකං පජහිං තත්ථ නව දෝස මුපාගතං යනු මෙහි මේ පිළිවෙළ කථාවයි. එකල වනාහි කුටි, ලෙන්, සක්මන්මළු ආදියෙන් අලංකෘත වූ මල්, ගෙඩි ආදියෙන් ගැවසුණු රමණීය මිහිරි ජලාශ ඇති, නපුරු වන සතුන්ගෙන් හා බිහිසුණු පක්ෂි ආදීන්ගෙන් තොර විවේකයට යෝග්‍ය ආශ්රමයක් මවා, අලංකාර වූ සක්මන්මළුවේ දෙකෙළවර එල්ලෙන පුවරුවක් සවිකොට හිඳීම පිණිස සක්මන්මළුව මැද සමතලා මුංඇටපාට ගලක් මවා ඇතුළත පන්සලෙහි ජටාමඩුළු සහිත වැහැරි සිවුරක්, තුන් තැනකින් වක් වු කදක් ආදී තවුස් පිරිකර ද, මණ්ඩපයේ පැන් කළයක්ද පැන් සකක් ද පැන් පෙරහනක්ද, ගිනිශාලාවේ අඟුරු කබලද දර ආදියද, යම් යම් පැවිද්දන්ට උපකාර පිණිස පවතින්නා වූ සියල්ල මවා, පන්සලේ බිත්තියෙහි යම් කිසිවෙකු පැවිදිවනු කැමැත්තේද, මේ පිරිකර රැගෙන පැවිදි වෙත්වා! යි අකුරින් කොටා දෙව්ලොවටම විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ගිය කල්හි, සුමේධ පණ්ඩිතයෝ හිමවතේ ගිරි-කඳුරැළි අනුසාරයෙන් තමන්ගේ නිවාසයට ගැලපෙන පහසු තැනක් බලන්නේ නදී නිවර්තනයෙහි විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද, ශක්‍රයා දුන් රමණීය ආශ්‍රමය දැක, සක්මන කෙළවරට ගොස් පාසටහන් නොදකින්නේ ස්ථිරවම මෙහි සිටින පැවිද්දෝ දුර ගමක පිඬු පිණිස ගොස් ක්ලාන්ත වී අවුත් පන්සලට පිවිස හුන්නේ වන්නේ යයි සිතා ටිකක් බලාපොරොත්තුව සිට ප්‍රමාද නිසා දැකගන්නෙමියි පන්සල් දොරටුව විවෘත කොට ඇතුළට පිවිස ඔබි-මොබ බලන්නේ මහා බිත්තියේ අකුරු දැක, කියවා, මට කැප පිරිකරයයි, මේවා ගෙන පැවිදි වන්නෙමියි තමන් විසින් පොරවන ලද සාටක යුගලය ඇතහැරියේය. එසේ හෙයින් කියන ලදි. සාටකං පජහිං තත්ථ යනු මෙසේ පිවිසියේ, මම, සාරිපුත්ත! ඒ පන්සලේදි සාටකය අත්හළෙමි.
නවදොසමුපාගතන්ති සාටකං පජහන්තො නව දොසෙ දිස්වා පජහින්ති දීපෙති. තාපසපබ්බජ්ජං පබ්බජිතානඤ්හි සාටකස්මිං නව දොසා උපට්ඨහන්ති. මහග්ඝභාවො එකො දොසො, පරපටිබද්ධතාය උප්පජ්ජනභාවො එකො, පරිභොගෙන ලහුං කිලිස්සනභාවො එකො, කිලිට්ඨො හි ධොවිතබ්බො ච රජිතබ්බො ච හොති, පරිභොගෙන ජීරණභාවො එකො, ජිණ්ණස්ස හි තුන්නං වා අග්ගළදානං වා කාතබ්බං හොති, පුන පරියෙසනාය දුරභිසම්භවභාවො එකො, තාපසපබ්බජ්ජාය අසාරුප්පභාවො එකො, පච්චත්ථිකානං සාධාරණභාවො එකො, යථා හි නං පච්චත්ථිකා න ගණ්හන්ති, එවං ගොපෙතබ්බො හොති, පරිභුඤ්ජන්තස්ස විභූසනට්ඨානභාවො එකො, ගහෙත්වා විචරන්තස්ස ඛන්ධභාරමහිච්ඡභාවො එකොති.
නව දෝස මුපාගතං යනු සාටකය ඉවතලන්නේ, නවාකාර දොස් දැක දුරුකළේය යන අර්ථ දැක්වේ. තවුස්පැවිදි වූවන්ගේ සාටකයෙහි දෝෂ නමයක් ඇතිවෙයි. මහා අනගි බව එක දෝෂයකි. අනුන්ගෙන් ලැබෙන බව එක් දෝෂයකි. පරිහරණය කිරීමෙන් වහා කිලිටුවන බව දෝෂයකි. කිළිටි වූ විට සේදිය යුතුයි. පඬුපෙවිය යුතු බව තව දෝෂයකි. පරිභෝග කිරීමෙන් දිරණ බව, එකක් දිරා ගිය කල අණ්ඩ දැමීම හෝ මැසිය යුතු බව නැවත සෙවීමද අපහසුය. තාපස පැවිද්ද පිණිස නොසරුප් බව සතුරන්ට සාධාරණ බව වේ. යම්සේ ඔහු එය විරුද්ධකරුවෝ නොගනිත්ද? සුරක්ෂිත කළයුතු බව. පරිභෝග කරන්නවුන්ට අලංකාර භාවය ගෙනදෙන බව දෝෂයකි. රැගෙන හැසිරෙන්නහුගේ උරහිසට බරකි. මහිමතාව තවත් දෝෂයකි.
වාකචීරං නිවාසෙසින්ති තදාහං, සාරිපුත්ත, ඉමෙ නව දොසෙ දිස්වා සාටකං පහාය වාකචීරං නිවාසෙසිං, මුඤ්ජතිණං හීරං හීරං කත්වා ගන්ථෙත්වා කතං වාකචීරං නිවාසනපාරුපනත්ථාය ආදියින්ති අත්ථො.
වාකවීර නිවාසෙසිං යනු එකල මම සාරිපුත්ත. මේ දෝෂ නමය දැක සළුව හැර රළු සිවුර පෙරවූයෙමි. බට වැනි තෘණ වර්ගයක් කීතු කීතුකොට ගෙන ගොතන ලද රළු සිවුර පෙරවීම හා හැඳීම් සඳහා ගත්තෙමි යන අර්ථයි.
ද්වාදස ගුණමුපාගතන්ති ද්වාදසහි ආනිසංසෙහි සමන්නාගතං. වාකචීරස්මිඤ්හි ද්වාදස ආනිසංසා – අප්පග්ඝං සුන්දරං කප්පියන්ති අයං තාව එකො ආනිසංසො, සහත්ථා කාතුං සක්කාති අයං දුතියො, පරිභොගෙන සණිකං කිලිස්සති, ධොවියමානෙපි පපඤ්චො නත්ථීති අයං තතියො, පරිභොගෙන ජිණ්ණෙපි සිබ්බිතබ්බාභාවො චතුත්ථො, පුන පරියෙසන්තස්ස සුඛෙන කරණභාවො පඤ්චමො, තාපසපබ්බජ්ජාය සාරුප්පභාවො ඡට්ඨො, පච්චත්ථිකානං නිරුපභොගභාවො සත්තමො, පරිභුඤ්ජන්තස්ස විභූසනට්ඨානාභාවො අට්ඨමො, ධාරණෙ සල්ලහුකභාවො නවමො, චීවරපච්චයෙ අප්පිච්ඡභාවො දසමො, වාකුප්පත්තියා ධම්මිකඅනවජ්ජභාවො එකාදසමො, වාකචීරෙ නට්ඨෙපි අනපෙක්ඛභාවො ද්වාදසමොති.
ද්වාදසගුණ මුපාගතං යනු දොළොස් ආනිශංසවලින් යුක්ත වූ වැහැරි සිවුරේ දොළොස් ආනිශංස අඩු අගයක් ඇති බව, සිත්කළු බව, සුදුසු බව යනු මෙහි එක ආනිශංසයකි මේ දෙවැන්නයි. පරිභෝග කිරීමෙන් හනික කිළිටි වන්නේය. සෝදනු ලබන්නේද ගැටීමක් නැත. මේ තුන්වැන්නයි. පරිභෝග කිරීමෙන් දිරාගියද, මැසීමට පුළුවනි. මේ සතරවැන්න සොයන්නාට සුවසේ සෙවිය හැකි බව පස්වැන්නයි. තාපස පැවිද්ද පිණිස කැප සරුප් වීම හයවැන්නයි. පිළියෙල කරන්නාට ගැළපෙන බව සත්වැන්නයි. පරිහරණය කරන්නාට ශ්‍රමණ අලංකාරය ඇතිවීම අටවැන්නයි. සැහැල්ලු ලෙස දැරීමට හැකිවීම නවවැන්නයි. සිවුර පිළියෙල කිරීමේ අල්පේච්ඡ බව දසවැන්නයි. වැහැරි පට්ටාවලින් සකස් කළ බැවින් ධාර්මික නිරවද්‍ය භාවය, එකොළොස්වැන්නයි. රළුසිවුර විනාශ වුවද, අපේක්ෂා රහිත බව දොළොස්වැන්න වේ.
අට්ඨදොසසමාකිණ්ණං, පජහිං පණ්ණසාලකන්ති කථං පජහිං? සො කිර වරසාටකයුගං ඔමුඤ්චන්තො චීවරවංසෙ ලග්ගිතං අනොජපුප්ඵදාමසදිසං රත්තං වාකචීරං ගහෙත්වා නිවාසෙත්වා තස්සූපරි අපරං සුවණ්ණවණ්ණං වාකචීරං පරිදහිත්වා පුන්නාගපුප්ඵසන්ථරසදිසං සඛුරං අජිනචම්මං එකංසං කත්වා ජටාමණ්ඩලං පටිමුඤ්චිත්වා චූළාය සද්ධිං නිච්චලභාවකරණත්ථං සාරසූචිං පවෙසෙත්වා මුත්තාජාලසදිසාය සික්කාය පවාළවණ්ණං කුණ්ඩිකං ඔදහිත්වා තීසු ඨානෙසු වඞ්කං කාජං ආදාය එකිස්සා කාජකොටියා කුණ්ඩිකං, එකිස්සා අඞ්කුසපච්ඡිතිදණ්ඩකාදීනි ඔලග්ගෙත්වා ඛාරිකාජං අංසෙ කත්වා දක්ඛිණෙන හත්ථෙන කත්තරදණ්ඩං ගහෙත්වා පණ්ණසාලතො නික්ඛමිත්වා සට්ඨිහත්ථෙ මහාචඞ්කමෙ අපරාපරං චඞ්කමන්තො අත්තනො වෙසං ඔලොකෙත්වා – “මය්හං මනොරථො මත්ථකං පත්තො, සොභති වත මෙ පබ්බජ්ජා, බුද්ධපච්චෙකබුද්ධාදීහි සබ්බෙහි ධීරපුරිසෙහි වණ්ණිතා ථොමිතා අයං පබ්බජ්ජා නාම, පහීනං මෙ ගිහිබන්ධනං, නික්ඛන්තොස්මි නෙක්ඛම්මං, ලද්ධා මෙ උත්තමපබ්බජ්ජා, කරිස්සාමි සමණධම්මං, ලභිස්සාමි මග්ගඵලසුඛ”න්ති උස්සාහජාතො ඛාරිකාජං ඔතාරෙත්වා චඞ්කමවෙමජ්ඣෙ මුග්ගවණ්ණසිලාපට්ටෙ සුවණ්ණපටිමා විය නිසින්නො දිවසභාගං වීතිනාමෙත්වා සායන්හසමයං පණ්ණසාලං පවිසිත්වා බිදලමඤ්චකපස්සෙ කට්ඨත්ථරිකාය නිපන්නො සරීරං උතුං ගාහාපෙත්වා බලවපච්චූසෙ පබුජ්ඣිත්වා අත්තනො ආගමනං ආවජ්ජෙසි – “අහං ඝරාවාසෙ ආදීනවං දිස්වා අමිතභොගං අනන්තයසං පහාය අරඤ්ඤං පවිසිත්වා නෙක්ඛම්මගවෙසකො හුත්වා පබ්බජිතො. ඉතො දානි පට්ඨාය පමාදචාරං චරිතුං න වට්ටති, පවිවෙකඤ්හි පහාය විචරන්තං මිච්ඡාවිතක්කමක්ඛිකා ඛාදන්ති, ඉදානි මයා විවෙකමනුබ්රූහෙතුං වට්ටති, අහඤ්හි ඝරාවාසං පලිබොධතො දිස්වා නික්ඛන්තො, අයඤ්ච මනාපා පණ්ණසාලා, බෙලුවපක්කවණ්ණා පරිභණ්ඩකතා භූමි, රජතවණ්ණා සෙතභිත්තියො, කපොතපාදවණ්ණං පණ්ණච්ඡදනං, විචිත්තත්ථරණවණ්ණො බිදලමඤ්චකො, නිවාසඵාසුකං වසනට්ඨානං, න එත්තො අතිරෙකතරා විය මෙ ගෙහසම්පදා පඤ්ඤායතී”ති පණ්ණසාලාය දොසෙ විචිනන්තො අට්ඨ දොසෙ පස්සි.
අට්ඨදොස සමාකිණ්ණං පජහිං පණ්ණසාලකං යනු කෙසේ දුරුකළෙම්ද? ඔහු වර සාටක යුග්මය ගලවන්නේ සිවුරු එල්ලා තබන ලීයේ එල්ලන ලද කටුකරඬු මල් දාමයක් හා සමාන රතු වැහැරි සිවුර ගෙන පොරවා, ඒ මත වෙනත් රන්වන් වැහැරි සිවුරක්ද හැඳ දොඹමල් සමාන මදටිය පාට කුර සහිත අඳුන්සමක් ඒකාංශකොට ජටාමඩුල්ල ගලවා, කොණ්ඩ මුදුන සහිත නිශ්චල බව ඇතිකරනු පිණිස ලී කූරක් ප්‍රවේශකොට, මුතුවන් දැලක් සමාන පසුම්බිය පිණිස පබළු පාටැති කෙණඩියක් බැඳගෙන තුන් තැනෙකින් වක්වූ කදක් ගෙන, එක් කද කෙළවරක කෙණ්ඩියද, එක කෙළවරක අංකුසයේ පසුපසද දඬු තුනකින් එල්ලාගෙන, කත් ලීය අංශයකින් දරා දකුණු අතින් සැරයටියක් ගෙන, පන්සලෙන් නික්ම හැට රියනක් මහා සක්මන්මළුවේ එහා-මෙහා සක්මන් කරන්නේ, තමන්ගේ විලාශය බලා මගේ මනදොළ මස්තක ප්‍රාප්ත වූයේ යයි මගේ ප්‍රවෘජ්‍යාව ඒකාන්තයෙන් බබළයි. බුදු, පසේබුදු ආදී වීර පුරුෂයන් විසින් වර්ණනා කරන ලද්දේය. මේ පැවිද්ද නම් ස්තුති ප්‍රශංසා කරන ලද්දකි. ගිහි බන්ධනය ප්‍රහීණ කළෙම්, නික්මුණේ වෙමියි නෛෂ්ක්‍රම්‍ය නම් මේ ලද මගේ මේ උතුම් පැවිද්ද කරන්නෙමි. ශ්‍රමණ ධර්මය මාර්ග-ඵල සුවය ලබන්නෙමි, උත්සාහවත් වූයේ කත්ලීය බිම දමා සක්මන්මළුව මැද මුංඇට පාට ගල්තලාවේ රන්වන් පිළිමයක් මෙන් හිඳිමින් දිවාකාලය කල්යවා, සවස් කාලයේ පන්සලට පිවිස හිදින ඇඳ මත්තෙහි ලී මැස්සේ හොත්තේ ශරීරය උණුසුම් කරවාගෙන ඉතා අළුයම කාලයේ පිබිද තමන්ගේ ආවර්ජනා කළේය. මම ගෘහවාසයේ ආදීනව දැක අප්‍රමාණ භෝග, අනන්ත යසඉසුරු හැරදමා අරණ්‍යයට පිවිස නෛෂ්ක්‍රම්‍ය සොයන්නේ වී පැවිදිව දැන් පටන් ප්‍රමාද චරිතය ඉසිලීමට නුසුදුසුය. ප්‍රවිවේකය හැර හැසිරෙන්නේ මිථ්‍යා විතර්ක ගැන හිතාමතා බලති. දැන් පමාවීම යළි සළකා බැලීම වටී. මම වනාහි ගෘහවාසයේ උපද්‍රව දැක නික්මෙන්නේ, මේ මනාප වූ පන්සලද පැසුණු බෙලි ගෙඩියේ වර්ණයෙන් යුතු භූමියද, රිදීවර්ණ වූ සුදු බිත්තිද පරෙවිපා පාටැති කොලඅතතු සෙවිලියද විසිතුරු වර්ණ ඇති හුණ පතුරු ඇඳ නිවාස පහසුව ඇති වසන තැන මෙපමණක්ද, අතිරේක වශයෙන් මගේ ගෘහසම්පත්ම පෙනේ. වෙනසක් නොපෙනේ. පන්සලේ දොස් පරීක්ෂා කරන්නේ දෝස අටක් දුටුවේය.
පණ්ණසාලපරිභොගස්මිඤ්හි අට්ඨ ආදීනවා – මහාසමාරම්භෙන දබ්බසම්භාරෙ සමොධානෙත්වා කරණපරියෙසනභාවො එකො ආදීනවො, තිණපණ්ණමත්තිකාසු පතිතාසු තාසං පුනප්පුනං ඨපෙතබ්බතාය නිබද්ධජග්ගනභාවො දුතියො, සෙනාසනං නාම මහල්ලකස්ස පාපුණාති, අවෙලාය වුට්ඨාපියමානස්ස චිත්තෙකග්ගතා න හොතීති උට්ඨාපනීයභාවො තතියො, සීතුණ්හාදිපටිඝාතෙන කායස්ස සුඛුමාලකරණභාවො චතුත්ථො , ගෙහං පවිට්ඨෙන යංකිඤ්චි පාපං සක්කා කාතුන්ති ගරහාපටිච්ඡාදනභාවො පඤ්චමො, “මය්හ”න්ති පරිග්ගහකරණභාවො ඡට්ඨො, ගෙහස්ස අත්ථිභාවො නාමෙස සදුතියකවාසො වියාති සත්තමො, ඌකාමඞ්ගුලඝරගොළිකාදීනං සාධාරණතාය බහුසාධාරණභාවො අට්ඨමො. ඉති ඉමෙ අට්ඨ ආදීනවෙ දිස්වා මහාසත්තො පණ්ණසාලං පජහි. තෙනාහ – “අට්ඨදොසසමාකිණ්ණං, පජහිං පණ්ණසාලක”න්ති.
පන්සල් පරිභෝග කිරීමේ ආදීනව අටකි. මහා ආරම්භයක් වශයෙන් ද්‍රව්‍ය රාශියක් එක්තැන්කොට කරනු ලැබීම එක් ආදීනවයකි. තෘණ පත් මැටි ආදියේ වැටුණුකල්හි ඒවා නැවත නැවත තැබිය යුතු බැවින් නිරතුරු පවතින ප්‍රතිසංස්කරණය දෙවැන්නයි. සේනාසන නම් අවේලාවේ මහල්ලන් පැමිණෙයි. නිතර නැගිටීමට සිදුවන බැවින් සිතේ එකඟතාවය නොපවතියි. නැගීසිටින ස්වභාවය තෙවැන්නයි. ශීත උෂ්ණාදිය විනාශකරන බැවින් ශරීරය සියුමැලි කිරීම සතරවැන්නයි. ගෙට පිවිසෙන යම් කෙනෙකු පාප කර්මයක් කළහැකි බැවින් ගර්හා කරන බව පස්වැන්නයි. මගේ මගේ යයි පටිහරණය කිරීම සයවැන්නයි. ගෙදරක් ඇති බව පෙනෙන නිසා දෙවෙනි වාසස්ථානය යනු සත්වැන්නයි. උකුණෝ, මකුණෝ, කැරපොත්තෝ ආදීන් සැරිසැරීම අටවැන්නයි. මෙසේ මේ අටවැදෑරුම් ආදීනව දැක බෝසත් තෙම පන්සල දුරු කළේය. එසේ හෙයින් කීවේය. අට්ඨදොස සමාකිණ්ණං පජහිං පණ්ණසාලකං යනුවෙනි.
උපාගමිං රුක්ඛමූලං, ගුණෙ දසහුපාගතන්ති ඡන්නං පටික්ඛිපිත්වා දසහි ගුණෙහි උපෙතං රුක්ඛමූලං උපගතොස්මීති වදති. තත්රිමෙ දස ගුණා – අප්පසමාරම්භතා එකො ගුණො, උපගමනමත්තකමෙව හි තත්ථ හොතීති. අප්පටිජග්ගනතා දුතියො, තඤ්හි සම්මට්ඨම්පි අසම්මට්ඨම්පි පරිභොගඵාසුකං හොතියෙව. අනුට්ඨාපනීයභාවො තතියො. ගරහං නප්පටිච්ඡාදෙති, තත්ථ හි පාපං කරොන්තො ලජ්ජතීති ගරහාය අප්පටිච්ඡන්නභාවො චතුත්ථො. අබ්භොකාසවාසො විය කායං න සන්ථම්භෙතීති කායස්ස අසන්ථම්භනභාවො පඤ්චමො, පරිග්ගහකරණාභාවො ඡට්ඨො, ගෙහාලයපටික්ඛෙපො සත්තමො. බහුසාධාරණෙ ගෙහෙ විය “පටිජග්ගිස්සාමි නං, නික්ඛමථා”ති නීහරණකාභාවො අට්ඨමො, වසන්තස්ස සප්පීතිකභාවො නවමො, රුක්ඛමූලසෙනාසනස්ස ගතගතට්ඨානෙ සුලභතාය අනපෙක්ඛභාවො දසමොති ඉමෙ දසගුණෙ දිස්වා රුක්ඛමූලං උපගතොස්මීති වදති.
උපගාමිං රුක්ඛමූලං ගුණෙ දසහුපාගතෙ යනු ආවරණය ප්රතික්ෂේපකොට දසගුණයෙන් යුක්ත වූ වෘක්ෂමූලයට පැමිණියේ වෙමියි කියයි. මේ ඒ ගුණ දහයයි. ඉතා කුඩා ආරම්භයක් වීම එක ගුණයකි. පැමිණි මොහොතේ එහි සිටිය හැකිවෙයි. පෝෂණය කිරීමක් පිළිදැගුම් කිරීමක් අනවශ්‍යය. එහි සමතලා බවද, උස්පහත් බවද පරිභෝග කිරීම පහසු වේ. විශේෂ අත්සාහයක් නොකිරීම තෙවැන්නයි. ගර්හා කිරීම නොවසාලයි. එහි පව්කම් කරන්නා ලජ්ජා කරයි. ගර්හාවට ලක්කරයි යනුවෙන් නොවසා තිබෙන බව සතරවැන්නයි. අභ්‍යවකාශය මෙන් ශරීරය සන්තර්පණය නොකරයි. ශරීරය සන්තර්පණය නොකිරීම පස්වැන්න වේ. ප්‍රතිසංස්කරණය කරන බව සයවැන්නයි. ගෘහ ආලය ප්‍රතික්ෂේප කිරීම සත්වෙනි වේ. බොහෝ දෙනාට සාධාරණ ගෙදරක් මෙන් පිළිදැගුම් කරන්නෙමි. එතැනින් නික්මෙවු! කියා ඉවත්කරන බවක් නැති නිසා අටවැන්න වේ. වාසය කරන්නාගේ ප්‍රීතිසහගත ස්වාභාවය නවවැන්නයි. වෘක්ෂමූල, සෙනසුන් ගිය ගිය තැන්වල සුලභ හෙයින් අපේක්ෂා රහිත බව දසවැන්න වේ. මේ ගුණ දහය දැක රුක්ඛමූලං ගතෝස්මි යනුවෙන් ප්‍රකාශ කරයි.
ඉමානි හි එත්තකානි කාරණානි සල්ලක්ඛෙත්වා මහාසත්තො පුනදිවසෙ භික්ඛාය ගාමං පාවිසි. අථස්ස සම්පත්තගාමෙ මනුස්සා මහන්තෙන උස්සාහෙන භික්ඛං අදංසු. සො භත්තකිච්චං නිට්ඨාපෙත්වා අස්සමං ආගම්ම නිසීදිත්වා චින්තෙසි – “නාහං ‘ආහාරං ලභාමී’ති පබ්බජිතො, සිනිද්ධාහාරො නාමෙස මානමදපුරිසමදෙ වඩ්ඪෙති, ආහාරමූලකස්ස ච දුක්ඛස්ස අන්තො නත්ථි, යංනූනාහං වාපිතරොපිතධඤ්ඤනිබ්බත්තකං ආහාරං පජහිත්වා පවත්තඵලභොජනො භවෙය්ය”න්ති. සො තතො පට්ඨාය තථා කත්වා ඝටෙන්තො වායමන්තො සත්තාහබ්භන්තරෙයෙව අට්ඨ සමාපත්තියො පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙසි. තෙන වුත්තං –
මේ කරුණු මෙපණකින් සළකා බෝසත්තෙම, දෙවෙනි දිනයේ පිඬු පිණිස ගමට පිවිසි සේක. එකල්හි ඔහුට පැමිණි ගමේ මිනිස්සු මහත් උත්සාහයෙන් භික්ෂාදානය දුන්හ. හෙතෙම බත්කිස නිමවා, ආශ්රමයට පිවිස, හිඳ සිතුවේය. මම පැවිද්දෙන් ආහාර නොලබමි. මේ ආහාර සිනිදුය. මානමදය පුරුෂමදය වඩවයි. ආහාර මුල් වීමෙන් දුකෙහි කෙළවරක් නැත. යෙහෙකි, මට මවන ලද රෝපණය කළ ධාන්‍යය උපන් ආහාර දුරුකොට, “ළගට වැටුණු කොළ ගෙඩි පමණක්” ආහාරය පිණිස වන්නේ යයි යනුවෙනි. හෙතෙම එතැන්පටන් එසේකොට උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ දින හතක් ඇතුළත, අෂ්ට සමාපත්ති ද පංච අභිඥාවන්ද ඉපදවීය. එසේ හෙයින් කියන ලදී –
“වාපිතං රොපිතං ධඤ්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම්පන්නං, පවත්තඵලමාදියිං.
“වවන, රෝපණය කළ ධාන්‍ය නිරවශේෂ වශයෙන්ම දුරු කළෙමි. නොයෙක් ගුණ සම්පන්න වූ පවත්තඵල භෝජී වූවෙමි.”
“තත්ථප්පධානං පදහිං, නිසජ්ජට්ඨානචඞ්කමෙ; අබ්භන්තරම්හි සත්තාහෙ, අභිඤ්ඤාබල පාපුණි”න්ති.
“හුන්තැනමද සක්මන්මළුවේද එහිදී ප්‍රධන් වීර්ය වැඩුවෙමි. සත්දිනක් ඇතුළත අභිඥා ලාභයට පත්වූයෙමි.”