යෙදුමෙන් කියවන්න

බුද‍්ධඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

බුද‍්ධඅපදානවණ‍්ණනා

බුද්ධාපදාන සංවර්ණනාව

ඉදානි අබ‍්භන‍්තරනිදානානන‍්තරං අපදානට‍්ඨකථං කථෙතුකාමො –

දැන් අභ්‍යන්තර නිදානයෙන් අනතුරුව අපදාන අටුවාව කියනු කැමතිව –

“සපදානං අපදානං, විචිත්‍රනයදෙසනං; යං ඛුද‍්දකනිකායස‍්මිං, සඞ‍්ගායිංසු මහෙසයො; තස‍්ස දානි අනුප‍්පත‍්තො, අත්‍ථසංවණ‍්ණනාක‍්කමො”ති.

“විස්තර අපදාන සහිත අපදානය විචිත්‍ර දේශනා විලාශයක් ලෙස මහර්ෂී වූ බුදුරදුන් ඛුද්දක නිකායෙහි සංග්‍රහ කළෝ, දැන් එහි අනුපිළිවෙළින් අර්ථ වර්ණනාව කියනු ලැබේ.

තත්‍ථ යං අපදානං තාව “සකලං බුද‍්ධවචනං එකවිමුත‍්තිරස”න‍්ති වුත‍්තත‍්තා එකරසෙ සඞ‍්ගහං ගච‍්ඡති, ධම‍්මවිනයවසෙන ද‍්විධාසඞ‍්ගහෙ ධම‍්මෙ සඞ‍්ගහං ගච‍්ඡති, පඨමමජ‍්ඣිමපච‍්ඡිමබුද‍්ධවචනෙසු මජ‍්ඣිමබුද‍්ධවචනෙ සඞ‍්ගහං ගච‍්ඡති, විනයාභිධම‍්මසුත‍්තන‍්තපිටකෙසු සුත‍්තන‍්තපිටකෙ සඞ‍්ගහං ගච‍්ඡති, දීඝනිකායමජ‍්ඣිමසංයුත‍්තඅඞ‍්ගුත‍්තරඛුද‍්දකනිකායෙසු පඤ‍්චසු ඛුද‍්දකනිකායෙ සඞ‍්ගහං ගච‍්ඡති, සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලන‍්ති නවසු සාසනඞ‍්ගෙසු ගාථාය සඞ‍්ගහිතං.

එහි යම් අපදානයක් වේද එහි සියලු බුද්ධ වචන එකම විමුක්ති රසය යයි කියන ලද බැවින් එකම රසය සංග්‍රහ කිරීමට යයි ධර්ම-විනය වශයෙන් දෙපරිදි සංග්‍රහ කළ කල්හි ධර්ම සංග්‍රහයට යයි ප්‍රථම මධ්‍යම පශ්චිම බුද්ධ වචනවල මධ්‍යම බුද්ධ වචනය සංග්‍රහ කරයි. විනය අභිධම්ම සූත්‍ර පිටකවලදී, සූත්‍රාන්ත පිටකයෙහි සංග්‍රහය කරයි. දීඝනිකාය මජ්ඣිම සංයුත්ත, අංගුත්තර ඛුද්දක නිකායවල පහ තුළ දී ඛුද්දක නිකායේ සංග්‍රහ කරයි. සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ, ගාථා උදාන ඉතිවුත්තක, ජාතක අබ්භුත ධම්ම වේදල්ල යන නවවිධ ශාසන සංග්‍රහවලදී කථා අංගයෙහි සංග්‍රහකර ඇත.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙසහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීතිසහස‍්සානි, යෙමෙ ධම‍්මා පවත‍්තිනො”ති. –

“සිවු විසි බුදුවරුන් විසින්ද, දෙදහසක් භික්‍ෂූන් කෙරෙන්ද අසූහාරදහසක් ධර්මය මෙහි පවත්වනු ලැබේ.”

එවං වුත‍්තචතුරාසීතිසහස‍්සධම‍්මක‍්ඛන්‍ධෙසු කතිපයධම‍්මක‍්ඛන්‍ධසඞ‍්ගහිතං හොතීති.

මෙසේ කියන ලද, අසූහාර දහසක් ධර්ම ස්කන්ධවල ධර්ම කිහිපයක් සංග්‍රහ කරණ ලද්දේ වෙයි.

ඉදානි තං අපදානං දස‍්සෙන‍්තො “තිංසපාරමිසම‍්පුණ‍්ණා, ධම‍්මරාජා අසඞ‍්ඛියා”ති ආහ. තත්‍ථ දසපාරමිතාව පච‍්ඡිමමජ‍්ඣිමුක‍්කට‍්ඨවසෙන දසපාරමීදසඋපපාරමීදසපරමත්‍ථපාරමීනං වසෙන සමත‍්තිංසපාරමී. තාහි සංසුට‍්ඨු පුණ‍්ණා සම‍්පුණ‍්ණා සමන‍්නාගතා සමඞ‍්ගීභූතා අජ‍්ඣාපන‍්නා සංයුත‍්තාති තිංසපාරමිසම‍්පුණ‍්ණා. සකලලොකත‍්තයවාසිනෙ සත‍්තනිකායෙ මෙත‍්තාකරුණාමුදිතාඋපෙක‍්ඛාසඞ‍්ඛාතාහි චතූහි බ්‍රහ‍්මවිහාරසමාපත‍්තීහි වා ඵලසමාපත‍්තිවිහාරෙන වා එකචිත‍්තභාවෙන අත‍්තනො ච කායෙ රඤ‍්ජෙන‍්ති අල‍්ලීයාපෙන‍්තීති රාජානො, ධම‍්මෙන රාජානො ධම‍්මරාජා, ඉත්‍ථම‍්භූතා බුද‍්ධා. දසසතං සහස‍්සං දසසහස‍්සං සතසහස‍්සං දසසතසහස‍්සං කොටි පකොටි කොටිප‍්පකොටි නහුතං නින‍්නහුතං අක‍්ඛොභිණි බින්‍දු අබ‍්බුදං නිරබ‍්බුදං අහහං අබබං අටටං සොගන්‍ධිකං උප‍්පලං කුමුදං පුණ‍්ඩරිකං පදුමං කථානං මහාකථානං අසඞ‍්ඛ්‍යෙය්‍යානං වසෙන අසඞ‍්ඛියා සඞ‍්ඛාරහිතා ධම‍්මරාජානො අතීතා විගතා නිරුද‍්ධා අබ‍්භත්‍ථං ගතාති අධිප‍්පායො.

ඒ අපදානය දක්වමින් දැන් තිංසපාරමී සම්පුණ්ණා ධම්මරාජා අසංඛියා යනුවෙන් කීවේය. එහි දස පාරමිතාම පශ්චිම, මධ්‍යම, උත්කෘෂ්ට වශයෙන් දසපාරමී, දස උපපාරමී, දස පරමාර්ථ පාරමී වශයෙන් සමතිහක් පාරමිතා වේ. ඒවා වනාහි සරල අර්ථය පිරුණේ, සම්පූර්ණ වූයේ සමන්විතව සමගි වූවා ඉගැන්වීම් වශයෙන් හඳුනාගත් බැවින් තිංසපාරමී සම්පුණ්ණා නම් වේ. සියළු ලෝකත්‍රයවාසී වූ සත්ත්ව නිකායේ මෙත් කරුණා මුදිතා උපේක්‍ෂා සංඛ්‍යාත සතර බඹ විහරණවලින් යුක්ත බැවින්ද, ඵල සමාපත්ති විහරණයෙන්ද සිත එක අරමුණක රඳනා බැවින් තමන්ගේ ශරීරයෙහි රැඳෙත් ඇලෙත්නුයි රජවරු දැහැමින් රජකරන බැවින් ධම්මරාජා නමි. මෙසේ පවත්නා බුදුවරු දසදහසක් කෝටි ප්‍රකෝටි ගණන විශාල සංඛ්‍යාවකි. කෝටි ප්‍රකෝටියකි යුගත්යක, පුණ්ඩරික, කුමුද, උත්පල, කටාන, මහා කටාන, අසංඛ්‍යෙය වශයෙන් අසංඛියා නම් වේ. සැකසංකා රහිත ධර්මරාජ වූ, ඔවුහු අතීතය දුරුකළ නිරුද්ධ කළ නිවැරදි අර්ථයට ගිය බැවින් අභිප්‍රාය වූ,

තෙසු අතීතබුද‍්ධෙසු කතාධිකාරඤ‍්ච අත‍්තනා බොධිසත‍්තභූතෙන චක‍්කවත‍්තිරඤ‍්ඤා හුත්‍වා කතසම‍්භාරඤ‍්ච ආනන්‍දත්‍ථෙරෙන පුට‍්ඨො භගවා “සම‍්බොධිං බුද‍්ධසෙට‍්ඨාන”න‍්තිආදිමාහ. භො ආනන්‍ද, මම අපදානං සුණොහීති අධිප‍්පායො. ආනන්‍ද, අහං පුබ‍්බෙ බොධිසම‍්භාරපූරණකාලෙ චක‍්කවත‍්තිරාජා හුත්‍වා සෙට‍්ඨානං පසට‍්ඨානං පටිවිද‍්ධචතුසච‍්චානං බුද‍්ධානං සම‍්බොධිං චතුසච‍්චමග‍්ගඤාණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං වා සිරසා අභිවාදයෙති සම‍්බන්‍ධො . සසඞ‍්ඝෙ සාවකසඞ‍්ඝසහිතෙ ලොකනායකෙ ලොකජෙට‍්ඨෙ බුද‍්ධෙ දසහි අඞ‍්ගුලීහි උභොහි හත්‍ථපුටෙහි නමස‍්සිත්‍වා වන්‍දිත්‍වා සිරසා සීසෙන අභිවාදයෙ ආදරෙන ථොමනං කත්‍වා පණාමං කරොමීති අත්‍ථො.

ඒ් අතීත බුදුවරුන් අතර කරන ලද අධිකාරය ඇති තම බෝසත් සත්ත්ව වශයෙන්ද චක්‍රවර්ති රජකු වී කරන ලද සම්භාර ධර්මද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ සම්බොධිං බුද්ධ සෙට්ඨානං යන ආදිය කීවේය. පින්වත් ආනන්ද; මගේ චරිතය අසනු මැනවි යන අදහසයි. ආනන්දය; පෙර මම බෝධි සම්භාර ධර්ම පුරණ කාලයේ චක්‍රවර්ති රජකු වී, ශ්‍රේෂ්ඨයන් අතර ප්‍රශස්ත වූයේ අවබෝධ කරගත් චතුස් සත්‍යය ඇති බුදුවරුන්ගේ සම්බෝධිය ද, චතුරාර්ය සත්‍යය මාර්ග ඤාණය ද සර්වඥතා ඤාණය ද සිරසින් වන්දනය කරයි යන අදහසයි. සංඝෙ ශ්‍රාවක සංඝයා සහිත. ලොකනායකෙ ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වූ බුදුවරුන්. දසංගුලි දෙඅත්පුඩිවලින්. නමස්සිත්‍වා වැඳ සිරසා ශීර්ෂයෙන් හිසින්. අභිවාදයෙ. ආදරයෙන් ප්‍රශංසා කොට ප්‍රණාම කරමි යන අර්ථයයි.

යාවතා බුද‍්ධඛෙත‍්තෙසූති දසසහස‍්සචක‍්කවාළෙසු බුද‍්ධඛෙත‍්තෙසු, ආකාසට‍්ඨා ආකාසගතා, භූමට‍්ඨා භූමිතලගතා, වෙළුරියාදයො සත‍්ත රතනා අසඞ‍්ඛියා සඞ‍්ඛාරහිතා, යාවතා යත‍්තකා, විජ‍්ජන‍්ති. තානි සබ‍්බානි මනසා චිත‍්තෙන සමාහරෙ, සං සුට‍්ඨු චිත‍්තෙන අධිට‍්ඨහිත්‍වා ආහරිස‍්සාමීති අත්‍ථො, මම පාසාදස‍්ස සාමන‍්තා රාසිං කරොමීති අත්‍ථො.

යාවතා බුද්ධ ඛෙත්තෙසු. යනු දසදහසක් සක්වල බුද්ධ ක්‍ෂේත්‍රවල. ආකාසට්ඨා ආකාශගත. භුම්මට්ඨා භූමිතලයෙහි වූ වෛඪූර්ය ආදි සප්ත මාණික්‍යරත්න. අසංඛියා සංඛ්‍යා රහිත. යාවතා යම් පමණ විද්‍යමාන වෙත්ද ඒ සියල්ල. මනසා සිතින්. සමාහරෙ පිරිසිදු සිතින්. අධිෂ්ඨාන කොටගෙන එන්නෙමි යන අර්ථයයි. මගේ ප්‍රාසාදයට හාත්පසින් රැස් කරමි යන අර්ථයයි.

තත්‍ථ රූපියභූමියන‍්ති තස‍්මිං අනෙකභූමිම‍්හි පාසාදෙ රූපියමයං රජතමයං භූමිං නිම‍්මිතන‍්ති අත්‍ථො. අහං රතනමයං සත‍්තහි රතනෙහි නිම‍්මිතං අනෙකසතභූමිකං පාසාදං උබ‍්බිද‍්ධං උග‍්ගතං නභමුග‍්ගතං ආකාසෙ ජොතමානං මාපයින‍්ති අත්‍ථො.

එහි රූපියභූමියං යනු ඒ නොයෙක් භූමියෙහි ප්‍රාසාදයෙහි රිදියෙන් සැදූ රිදීමය භූමි නිර්මාණය කර ඇති යන අර්ථයි. මම රත්නමයං සත්රුවනින් නිර්මාණය කරන ලද නොයෙක් සියගණන් භූමිවලට අයත් ප්‍රාසාද. උබ්බිද්ධං උද්ගත වූ. නභමුග්ගතං අහසෙහි බබළන මවනලද යන අර්ථයි.

තමෙව පාසාදං වණ‍්ණෙන‍්තො “විචිත‍්තථම‍්භ”න‍්ත්‍යාදිමාහ. විචිත‍්තෙහි අනෙකෙහි මසාරගල‍්ලාදිවණ‍්ණෙහි ථම‍්භෙහි උස‍්සාපිතං සුකතං සුට‍්ඨු කතං ලක‍්ඛණයුත‍්තං ආරොහපරිණාහවසෙන සුට‍්ඨු විභත‍්තං අනෙකකොටිසතග‍්ඝනතොරණනිම‍්මිතත‍්තා මහාරහං. පුනපි කිං විසිට‍්ඨං? කනකමයසඞ‍්ඝාටං සුවණ‍්ණෙහි කතතුලාසඞ‍්ඝාටවලයෙහි යුත‍්තං, තත්‍ථ උස‍්සාපිතකොන‍්තෙහි ච ඡත‍්තෙහි ච මණ‍්ඩිතං සොභිතං පාසාදන‍්ති සම‍්බන්‍ධො.

එයම ප්‍රාසාදයයි. වර්ණනා කරන්නේ විචිත්තථම්භං යනාදිය කීවේය. විචිත්‍ර වූ අනේකාකාර වෛරෝඩි පාටින් යුතු කණුවලින් ඔසවන ලද. සුකතං මැනවින් කරන ලද ආරෝහ පරිණාහ වශයෙන් වූ ලක්‍ෂණයෙන් යුතු. සුවිභත්තං නොයෙක් කෝටි සියගණනින් අනර්ඝ වූ තොරණින් නිර්මාණය කරන ලද බැවින්. මහාරහං යළිත් විශිෂ්ටතර වූ කනකමය සංඝාටං රත්තරන්වලින් කරන ලද වළලුවලින් යුතු එහි ඔසවන ලද කොඩිවලින්ද ඡත්‍රවලින්ද හෙල්ලෙන්ද, මණ්ඩිතං හොබනා ලද ප්‍රාසාද යන සම්බන්ධයි.

පුනපි පාසාදස‍්සෙව සොභං වණ‍්ණෙන‍්තො “පඨමා වෙළුරියා භූමී”ත්‍යාදිමාහ. තස‍්ස අනෙකසතභූමිපාසාදස‍්ස සුභා ඉට‍්ඨා කන‍්තා මනාපා අබ‍්භසමා වලාහකපටලසදිසා විමලා නිම‍්මලා වෙළුරියමණිමයා නීලවණ‍්ණා පඨමා භූමි අහොසීති අත්‍ථො. ජලජනළිනපදුමෙහි ආකිණ‍්ණා සමඞ‍්ගීභූතා වරාය උත‍්තමාය කඤ‍්චනභූමියා සුවණ‍්ණභූමියාව සොභතීති අත්‍ථො.

යළිදු ප්‍රාසාදයගේ ඒ මම වර්ණනා කරන්නේ. පඨමා වෙළුරියා භූමි යනාදිය කීවේය. ප්‍රාසාද සහිත නොයෙක් සියගණන් භූමි සුභා ඉෂ්ටය කාන්තය මනාවිය. අබ්භසමා වලාකුළු පටල හා සමාන. විමලා නිර්මල වෛඩූර්ය මැණික් සමාන නීලවර්ණ පළමු භූමිය විය යන අර්ථයයි. ජලජ පියුම්වලින් ගැවසීගත් රැස්කරන ලද්දා වූ. වරාය උතුම් බැවින්. කාඤ්චන භුමියා ස්වර්ණ භූමියද ශෝභන වේ යන අර්ථයයි.

තස‍්සෙව පාසාදස‍්ස කාචි භූමි පවාළංසා පවාළකොට‍්ඨාසා පවාළවණ‍්ණා, කාචි භූමි ලොහිතකා ලොහිතවණ‍්ණා, කාචි භූමි සුභා මනොහරා ඉන්‍දගොපකවණ‍්ණාභා රස‍්මියො නිච‍්ඡරමානා, කාචි භූමි දස දිසා ඔභාසතීති අත්‍ථො.

[missing trans] ඒ ප්‍රාසාදයගේ කිසියම් භූමියක වෙන්කළ ස්ථානයයි. සුභා මනෝහර වූ ඉන්‍දගොපක වණ්ණාභා. රශ්මීහු ගලනු ලබන කිසියම් භූමියක දස දිශා බබළයි යන අර්ථයයි.

තස‍්මිංයෙව පාසාදෙ නිය්‍යූහා නිග‍්ගතපමුඛසාලා ච සුවිභත‍්තා සුට‍්ඨු විභත‍්තා කොට‍්ඨාසතො විසුං විසුං කතා සීහපඤ‍්ජරා සීහද‍්වාරා ච. චතුරො වෙදිකාති චතූහි වෙදිකාවලයෙහි ජාලකවාටෙහි ච මනොරමා මනඅල‍්ලීයනකා ගන්‍ධාවෙළා ගන්‍ධදාමා ච ඔලම‍්බන‍්තීති අත්‍ථො.

එම ප්‍රාසාදයෙහි නිය්‍යුහා නික්මවිය. ප්‍රමුඛ ශාලාව. සුවිභත්තා මැනවින් බෙදන ලද බැවින් කොට්ඨාශ වශයෙන් වෙන් වෙන්කොට. සිංහපඤ්ජරා සිංහදොරටුව චතුරොවෙදිකා වළලුවලින්ද දැල් ආවාටවලින්ද යුක්ත මනොරමා මනස ඇලී සිටින බැවින් සුවඳවැල් සුවඳදාම එල්ලෙන්නී යන අර්ථයයි.

තස‍්මිංයෙව පාසාදෙ සත‍්තරතනභූසිතා සත‍්තරතනෙහි සොභිතා කූටාගාරා. කිං භූතා? නීලා නීලවණ‍්ණා, පීතා පීතවණ‍්ණා සුවණ‍්ණවණ‍්ණා, ලොහිතකා ලොහිතකවණ‍්ණා රත‍්තවණ‍්ණා, ඔදාතා ඔදාතවණ‍්ණා සෙතවණ‍්ණා, සුද‍්ධකාළකා අමිස‍්සකාළවණ‍්ණා, කූටාගාරවරූපෙතා කූටාගාරවරෙහි කණ‍්ණිකකූටාගාරවරෙහි උපෙතො සමන‍්නාගතො සො පාසාදොති අත්‍ථො.

ඒ ප්‍රාසාදයෙහිම සත්තරතන භුසිතා සප්ත රුවනින් ශෝභමත් වූ කූටාගාර කුමක් වීද? නීලා නීලවර්ණ පිතා පීත-කහපාට, රන්වන්. ලොහිතකා ලේපාට වර්ණ රතුපාට. කූටාගාර වරුපෙතො කූටාගාරයෙහි මුදුන්වහලය සහිත කූටාගාරවරයෙහිදි. උපෙතො සමන්නාගත ප්‍රාසාද යන අර්ථයයි. ඒ ප්‍රාසාදයෙහි. උපෙතො සමන්නාගත ප්‍රාසාද යන අර්ථයයි.

තස‍්මිංයෙව පාසාදෙ ඔලොකමයා උද‍්ධම‍්මුඛා පදුමා සුපුප‍්ඵිතා පදුමා සොභන‍්ති, සීහබ්‍යග‍්ඝාදීහි වාළමිගගණෙහි ච හංසකොඤ‍්චමයූරාදිපක‍්ඛිසමූහෙහි ච සොභිතො සො පාසාදොති අත්‍ථො. අතිඋච‍්චො හුත්‍වා නභමුග‍්ගතත‍්තා නක‍්ඛත‍්තතාරකාහි ආකිණ‍්ණො චන්‍දසූරෙහි චන්‍දසූරියරූපෙහි ච මණ‍්ඩිතො සො පාසාදොති අත්‍ථො.

ඒ ප්‍රාසාදයෙහි ඔලෝකමයා උඩට මුව ඇතිව පිපුණු. පදුමා ශෝභනවෙත්. සිංහව්‍යාඝ්‍රාදීන්ද, මල්මුව ගෝත්‍ර ආදීන්ද හංස කොස්වාලිහිණි මොනර ආදී පක්‍ෂි සමූහයෙන්ද යුතු. සොභිතො ඒ ප්‍රාසාදය යන අර්ථයයි. ඉතා උස්බැවින් අහස උසට යුක්ත. නක්ඛත්තතාරකාහි ආකිණ්ණො චන්‍දසූරියෙහි සඳ හිරු දෙදෙනාගෙන් යුක්ත. මණ්ඩිතො ඒ ප්‍රාසාදය යන අර්ථයයි.

සො එව චක‍්කවත‍්තිස‍්ස පාසාදො හෙමජාලෙන සුවණ‍්ණජාලෙන සඤ‍්ඡන‍්නා, සොණ‍්ණකිඞ‍්කණිකායුතො සුවණ‍්ණකිඞ‍්කණිකජාලෙහි යුතො සමන‍්නාගතොති අත්‍ථො. මනොරමා මනල‍්ලීයනකා සොණ‍්ණමාලා සුවණ‍්ණපුප‍්ඵපන‍්තියො වාතවෙගෙන වාතප‍්පහාරෙන කූජන‍්ති සද‍්දං කරොන‍්තීති අත්‍ථො.

එය සක්විති රජකුගේ ප්‍රාසාදයකි. හෙමජාලෙන රන්දැලකින්. සඤ්ඡන්නො සොණ්ණ කිංකිණිකායුතො රන්වන් කිංකිණි දැල්වලින් යුතු සමන්විත යන අර්ථයයි. මනොරමා සිත ඇලෙන තැන. සොණ්ණමාලා රන්වන් මල්පේළි. වාතවෙගෙන සුළං පහරින්. කූජන්ත ශබ්ද කරන්නී යන අර්ථයයි.

මඤ‍්ජෙට‍්ඨකං මඤ‍්ජිට‍්ඨවණ‍්ණං, ලොහිතකං ලොහිතවණ‍්ණං, පීතකං පීතවණ‍්ණං, හරිපිඤ‍්ජරං ජම‍්බොනදසුවණ‍්ණවණ‍්ණං පඤ‍්ජරවණ‍්ණඤ‍්ච ධජං නානාරඞ‍්ගෙහි අනෙකෙහි වණ‍්ණෙහි, සම‍්පීතං රඤ‍්ජිතං ධජං, උස‍්සිතං තස‍්මිං පාසාදෙ උස‍්සාපිතං. ධජමාලිනීති ලිඞ‍්ගවිපල‍්ලාසවසෙන වුත‍්තං, ධජමාලායුත‍්තො සො පාසාදොති අත්‍ථො.

මඤ්ජෙට්ඨකං මදටිය පාටැති. ලොහිතකං ලේ වර්ණයැති. පීතකං කහ පාටැති. හරිජිඤ්ජරං රතුපාටැති ස්වර්ණ වර්ණැති වර්ණ පහකින් යුක්ත. නානාරංගෙහි නොයෙක් වර්ණවලින් යුතු. සම්පීතං රඳවන ලද ධජය උස්සිතං ප්‍රාසාදයෙහි ඔසවන ලද. ධජමාලිනි යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලද කොඩිවැල්වලින් යුතු ප්‍රාසාද යන අර්ථයයි.

තස‍්මිං පාසාදෙ අත්‍ථරණාදයො වණ‍්ණෙන‍්තො “න නං බහූ”ත්‍යාදිමාහ. තත්‍ථ නං පාසාදං බහූහි අවිජ‍්ජමානං නාම නත්‍ථීති අත්‍ථො, නානාසයනවිචිත‍්තා අනෙකෙහි අත්‍ථරණෙහි විචිත‍්තා සොභිතා මඤ‍්චපීඨාදිසයනා අනෙකසතා අනෙකසතසඞ‍්ඛ්‍යා, කිං භූතා? ඵලිකා ඵලිකමණිමයා ඵලිකාහි කතා, රජතාමයා රජතෙහි කතා, මණිමයා නීලමණීහි කතා, ලොහිතඞ‍්ගා රත‍්තජාතිමණීහි කතා, මසාරගල‍්ලමයා කබරවණ‍්ණමණීහි කතා, සණ‍්හකාසිකසන්‍ථතා සණ‍්හෙහි සුඛුමෙහි කාසිකවත්‍ථෙහි අත්‍ථතා.

ඒ ප්‍රාසාදයෙහි අතුරණ ඇතිරිලි ආදියෙන් විසිතුරු ශෝභිත වූ ඇඳන් පුටු ආදි නිදන හිඳින ආසනයෝ. නොයෙක් සියගණනින් යුතු කිමෙක් වීද? ඵළිකා පලිඟු මැණිකෙන් කරන ලද. රජතමයා රිදීවලින් කරන ලද. මණිමයා නිල් මැණික්වලින් කරන ලද. ලොහිතංකරත්තා දෑරඟ මිණියෙන් කරන ලද. මසාරගල්ලමයා කබරවර්ණ මැණිකෙන් කරන ලද. සණ්හකාසික සන්‍ථතා යනු ඉතාම සියුම් වූ කාශි වස්ත්‍රයෙන් අතුරණ ලද.

පාවුරාති පාවුරණා. කීදිසා? කම‍්බලා ලොමසුත‍්තෙහි කතා, දුකූලා දුකූලපටෙහි කතා, චීනා චීනපටෙහි කතා, පත‍්තුණ‍්ණා පත‍්තුණ‍්ණදෙසෙ ජාතපටෙහි කතා, පණ‍්ඩු පණ‍්ඩුවණ‍්ණා, විචිත‍්තත්‍ථරණං අනෙකෙහි අත්‍ථරණෙහි පාවුරණෙහි ච විචිත‍්තං, සබ‍්බං සයනං, මනසා චිත‍්තෙන, අහං පඤ‍්ඤපෙසින‍්ති අත්‍ථො.

පාපුරා යනු නූපුර කෙබඳුද. කම්බලා ලොම් නූලෙන් කරන ලද. දුකුලා දුහුල් වස්ත්‍ර නූල්වලින් කරන ලද. චීනා චීන වස්ත්‍රවලින් කරන ලද. පත්තූණ්හා විවිධ වස්ත්‍ර නූල්වලින් කරන ලද. පණ්ඩු - පඬුවන් පාට. විචිත්‍ර ආස්තරණ නොයෙක් ඇතිරිවලින් යුතු. පාපුරා පාද පූර්ණය කළ විසිතුරු වූ. සබ්බං යහන් ආදිය. මනසා සිතින් මම. පඤ්ඤපෙමි යනු අර්ථයයි. ඒ ප්‍රාසාදයම වර්ණනා කරමින්.

තදෙව පාසාදං වණ‍්ණෙන‍්තො “තාසු තාස‍්වෙව භූමීසූ”තිආදිමාහ. තත්‍ථ රතනකූටලඞ‍්කතන‍්ති රතනමයකූටෙහි රතනකණ‍්ණිකාහි අලඞ‍්කතං සොභිතන‍්ති අත්‍ථො. මණිවෙරොචනා උක‍්කාති වෙරොචනමණීහි රත‍්තමණීහි කතා, උක‍්කා දණ‍්ඩපදීපා. ධාරයන‍්තා සුතිට‍්ඨරෙති ආකාසෙ සුට‍්ඨු ධාරයන‍්තා ගණ‍්හන‍්තා අනෙකසතජනා සුට‍්ඨු තිට‍්ඨන‍්තීති අත්‍ථො.

තාසුතායෙව භූමිසු යන ආදිය කීවේය. එහි රත්නකූටමලංකත යනු රත්නමය පර්වතවලින්ද රත්න කර්ණිකාවලින් අලංකාර වූ ශෝභමත් වූ යන අර්ථයයි. මණිවෙරොචනා උක්කා යනු වෛරෝචන මැණික්වලින් රතු මැණික්වලින්ද කරන ලද. උක්කා ප්‍රදී දඬු. ධාරයන්තා සුතිට්ඨරෙ යනු අහසෙහි මැනවින් දරන්නා වූ ගන්නා වූ නොයෙක් සියගණන් ජනතාව මැනවින් සරළ ලෙස සිටිත් යන අර්ථයයි.

පුන තදෙව පාසාදං වණ‍්ණෙන‍්තො “සොභන‍්ති එසිකාථම‍්භා”තිආදිමාහ. තත්‍ථ එසිකාථම‍්භා නාම නගරද‍්වාරෙ සොභනත්‍ථාය නිඛාතා ථම‍්භා, සුභා ඉට‍්ඨා, කඤ‍්චනතොරණා සුවණ‍්ණමයා, ජම‍්බොනදා ජම‍්බොනදසුවණ‍්ණමයා ච, සාරමයා ඛදිරරුක‍්ඛසාරමයා ච රජතමයා ච තොරණා සොභන‍්ති, එසිකා ච තොරණා ච තං පාසාදං සොභයන‍්තීති අත්‍ථො.

යළිත් එම ප්‍රාසාදය වර්ණනා කරමින් සොභන්ති එසිකත්‍ථමිභා යන ආදියෙන් කීවේය. එහි එසිකත්‍ථම්හ යනු නගර දොරටුවේ ශෝභනත්වය සඳහා පිහිටුවන ලද යකඩ ස්ථම්භය. සුභා ඉෂ්ට ප්‍රියමනාප කඤ්චන තොරණා ස්වර්ණමය වූ. ජම්බොනදා දඹරන් ස්වර්ණමය වූ. සාරමයා කිහිරිරුක් සාරයෙන් යුතු. රජතුමයා ච තොරණින් හොබනා වූ මේ තොරණ ද ඒ ප්‍රාසාදය ශෝභනය කරත් යන අර්ථයයි.

තස‍්මිං පාසාදෙ සුවිභත‍්තා අනෙකා සන්‍ධී කවාටෙහි ච අග‍්ගළෙහි ච චිත‍්තිතා සොභිතා සන්‍ධිපරික‍්ඛෙපා සොභයන‍්තීති අත්‍ථො, උභතොති තස‍්ස පාසාදස‍්ස උභොසු පස‍්සෙසු, පුණ‍්ණඝටා අනෙකෙහි පදුමෙහි අනෙකෙහි ච උප‍්පලෙහි, සංයුතා පුණ‍්ණා තං පාසාදං සොභයන‍්තීති අත්‍ථො.

ඒ ප්‍රාසාදයෙහි සුවිභත්තා අනෙකාසන්‍ධි කවාටවලින් ද අගුල්වලින් ද චින්තිතා ශෝභමත් වූ සන්ධිවලින් වටකර වූ ශෝභමත් වේ, යන අර්ථයයි. උභතො ඒ ප්‍රාසාදයේ දෙපැත්තෙහි පුණ්ණඝටා නොයෙක් නෙළුම්වලින්ද උපුල්වලින් ද සංයුතා සම්පූර්ණ වූ ඒ ප්‍රාසාදය හොබනා වේ යන අර්ථයයි.

එවං පාසාදස‍්ස සොභං වණ‍්ණෙත්‍වා රතනමයං පාසාදඤ‍්ච සක‍්කාරසම‍්මානඤ‍්ච පකාසෙන‍්තො “අතීතෙ සබ‍්බබුද‍්ධෙ චා”තිආදිමාහ. තත්‍ථ අතීතෙති අතික‍්කන‍්තෙ විගතෙ කාලෙ ජාතෙ භූතෙ, සසඞ‍්ඝෙ සාවකසමූහසහිතෙ, සබ‍්බෙ ලොකනායකෙ බුද‍්ධෙ සභාවෙන පකතිවණ‍්ණෙන රූපෙන සණ‍්ඨානෙන ච, සසාවකෙ සාවකසහිතෙ, බුද‍්ධෙ නිම‍්මිනිත්‍වා යෙන ද‍්වාරෙන පාසාදො පවිසිතබ‍්බො හොති , තෙන ද‍්වාරෙන පවිසිත්‍වා සසාවකා සබ‍්බෙ බුද‍්ධා සබ‍්බසොණ‍්ණමයෙ සකලසුවණ‍්ණමයෙ, පීඨෙ නිසින‍්නා අරියමණ‍්ඩලා අරියසමූහා අහෙසුන‍්ති අත්‍ථො.

මෙසේ ප්‍රාසාදයේ සුන්දරත්වය වර්ණනාකොට රතනමය ප්‍රාසාදය ද, සත්කාර සම්මානද සලසන්නේ. අතීතෙ සබ්බබුද්ධෙච යනුද කීවේය. එහි අතීතෙ යනු ඉක්මවා යන්නේ පහවූ කල්හි හටගත්. සසංඝෙ ශ්‍රාවක සමූහයා සහිත සියල්ලෝ. ලොකනායකෙ ස්වභාවයෙන් බුදුරදුන්. පකතිවණ්ණරූපෙන ස්වභාවයෙන්. සසාවකෙ ශ්‍රාවකයන් සහිත පසේ බුදුරදුන් මවා යම් දොරටුවකින් ප්‍රාසාදයට පිවිසිය යුතුද ඒ දොරටුවෙන් පිවිස ශ්‍රාවකයන් සහිත සියළු පසේබුදුවරුන්. සබ්බසොවණ්ණමයෙ පීඨෙ. සියලු ස්වර්ණමය වූ පුටුවේ හුන්නා වූ. අරියමණ්ඩලා ආර්ය සමූහයා වූහ යන අර්ථයයි.

එතරහි වත‍්තමානෙ කාලෙ අනුත‍්තරා උත‍්තරවිරහිතා යෙ ච බුද‍්ධා අත්‍ථි සංවිජ‍්ජන‍්ති, තෙ ච පච‍්චෙකබුද‍්ධෙ අනෙකසතෙ සයම‍්භූ සයමෙව භූතෙ අඤ‍්ඤාචරියරහිතෙ, අපරාජිතෙ ඛන්‍ධකිලෙසාභිසඞ‍්ඛාරමච‍්චුදෙවපුත‍්තමාරෙහි අපරාජිතෙ, ජයමාපන‍්නෙ සන‍්තප‍්පෙසින‍්ති අත්‍ථො. භවනං මය‍්හං පාසාදං අතීතකාලෙ ච වත‍්තමානකාලෙ ච, සබ‍්බෙ බුද‍්ධා සමාරුහුං සං සුට‍්ඨු ආරුහිංසූති අත්‍ථො.

එතරහි වර්තමාන කාලයෙහි. අනුත්තරා උත්තර රහිත. පසේබුදුවරු. අත්‍ථි දක්නා ලැබෙත්. තෙච පසේ බුදුවරුන්. අනෙකසත සයමභු තමන්ම අවබෝධ කරගත් අනෙකුත් ආචාර්යවරු රහිත වූ අපරාජිතෙ ස්කන්ධ කෙලෙස් සංස්කාර මාර දිව්‍යපුත්‍රයන් විසින් පරාජය කිරීමට නොහැකි වූ ජයට පැමිණියේ සන්තර්පණය කළේ යන අර්ථයයි. භවනං මගේ ප්‍රාසාදය අතීත කාලයේද, වර්තමාන කාලයේද සබ්බෙ බුද්ධා සමාරුහං සරල ලෙස නැංගාහ යන අර්ථයයි.

යෙ දිබ‍්බා දිවි භවා දිබ‍්බා දෙවලොකෙ ජාතා, යෙ ච බහූ කප‍්පරුක‍්ඛා අත්‍ථි. යෙ ච මානුසා මනුස‍්සෙ ජාතා යෙ ච බහූ කප‍්පරුක‍්ඛා අත්‍ථි, තතො සබ‍්බං දුස‍්සං සමාහන‍්ත්‍වා සං සුට‍්ඨු ආහරිත්‍වා තෙචීවරානි කාරෙත්‍වා තෙ පච‍්චෙකබුද‍්ධෙ තිචීවරෙහි අච‍්ඡාදෙමීති සම‍්බන්‍ධො.

යෙ දිබ්බා දිබ්බා දිව්‍ය ලෝකයෙහි උපන් යම්බඳු කල්ප වෘක්‍ෂයක් ඇත. යෙච මානුසා මිනිසුන් ලෙස උපන්. යම් කල්පවෘක්‍ෂයක් ඇත්ද එයින්. සබ්බදුස්සං සමාහත්‍වා මැනවින් කරන ලද ගෙනවිත් තුන් සිවුරු කරවා ඒ පසේ බුදුවරුන්. තිචිවරෙහි අච්ඡා දෙමි යනු සම්බන්ධයයි.

එවං තිචීවරෙහි අච‍්ඡාදෙත්‍වා පාරුපාපෙත්‍වා තෙසං නිසින‍්නානං පච‍්චෙකබුද‍්ධානං සම‍්පන‍්නං මධුරං ඛජ‍්ජං ඛාදිතබ‍්බං පූවාදි කිඤ‍්චි, මධුරං භොජ‍්ජං භුඤ‍්ජිතබ‍්බං ආහාරඤ‍්ච, මධුරං සායනීයං ලෙහනීයඤ‍්ච, සම‍්පන‍්නං මධුරං පිවිතබ‍්බං අට‍්ඨපානඤ‍්ච, භොජනං භුඤ‍්ජිතබ‍්බං ආහාරඤ‍්ච, සුභෙ සුන්‍දරෙ මණිමයෙ සෙලමයෙ පත‍්තෙ සං සුට‍්ඨු පූරෙත්‍වා අදාසිං පටිග‍්ගහාපෙසින‍්ති අත්‍ථො.

මෙසේ තුන් සිවුරුවලින් අන්දවා පොරවා ඒ හිඳින්නා වූ පසේබුදුවරුන්ගේ සම්පන්නං මිහිරි. ඛජ්ජං කෑයුතු දේ. භොජ්ජං වැළඳිය යුතු දේ. ආහාරංච මිහිරි. සායනීයංච ලෙහණීයංච මිහිරි රසයෙන් පානය කළයුතු. අට්ඨපානංච වැළඳිය යුතු ආහාර. සුභෙ සුන්දර වූ. මණිමයෙ ශෛලමය පාත්‍රයෙහි මැනවින් පුරවා. අදාසිං පිළිගැන්වූයෙමි යන අර්ථයයි.

සබ‍්බෙ තෙ අරියමණ‍්ඩලා සබ‍්බෙ තෙ අරියසමූහා, දිබ‍්බචක‍්ඛු සමා හුත්‍වා මට‍්ඨාති දිබ‍්බචක‍්ඛුසමඞ‍්ගිනො හුත්‍වා මට‍්ඨා කිලෙසෙහි රහිතත‍්තා සිලිට‍්ඨා සොභමානා චීවරසංයුතා තිචීවරෙහි සමඞ‍්ගීභූතා මධුරසක‍්ඛරාහි ච තෙලෙන ච මධුඵාණිතෙහි ච පරමන‍්නෙන උත‍්තමෙන අන‍්නෙන ච මයා තප‍්පිතා අප‍්පිතා පරිපූරිතා අහෙසුන‍්ති අත්‍ථො.

සබ්බෙ අරියමණ්ඩලා ඒ සියලුම ආර්ය සමූහයා. දිබ්බ චක්ඛු සමාහුත්‍වා මට්ඨා යනු දිවැසින් සමන්විත වූ සුමට කෙලෙස් රහිත බැවින් මටසිළිටු වූ ශෝභමාන වූ. චීවර සංයුතා තුන් සිවුරෙන් යුක්ත වූ මීවලින්, සකුරුවලින් හා තෙල්වලින්ද, මීපැණිවලින්ද, වරමන්නෙන. උතුම් ආහාරයෙන් මා විසින්. තප්පිතා සන්තර්පණය කළ පරිපූර්ණය කළාහුය යන අර්ථයයි.

තෙ එවං සන‍්තප‍්පිතා අරියමණ‍්ඩලා රතනගබ‍්භං සත‍්තහි රතනෙහි නිම‍්මිතගබ‍්භං ගෙහං, පවිසිත්‍වා ගුහාසයා ගුහායං සයමානා, කෙසරීව කෙසරසීහා ඉව, මහාරහම‍්හි සයනෙ අනග‍්ඝෙ මඤ‍්චෙ, සීහසෙය්‍යමකප‍්පයුං යථා සීහො මිගරාජා දක‍්ඛිණපස‍්සෙන සයන‍්තො පාදෙ පාදං අච‍්චාධාය දක‍්ඛිණහත්‍ථං සීසූපධානං කත්‍වා වාමහත්‍ථං උජුකං ඨපෙත්‍වා වාලධිං අන‍්තරසත්‍ථියං කත්‍වා නිච‍්චලො සයති, එවං සෙය්‍යං කප‍්පයුං කරිංසූති අත්‍ථො.

තෙ මෙසේ සන්තර්පිත වූ ආර්ය සමූහයා. රතනගබ්භං සත්රුවණින් නිර්මාණය කරන ලද ගැබට පිවිස. ගුහාසයා ගුහාවෙහි නිදනු ලබන කේසරසිංහයෝ මෙන්. මහාරහස්මිං සයනෙ අනර්ඝ වූ ඇඳෙහි. සීහසෙය්‍ය මකප්පයුං යම්සේ සිංහ සිවුපා රජා දකුණු පැත්තෙන් නිදන්නේ පාදයෙන් පාදය යටකොට දකුණු අත හිසට තබාගෙන වම්අත සෘජුව තබා වල්ගල හකුළුවාගෙන නිශ්චලව සයනය කරයි. මෙසේ නිදාගැනීම කප්පයුං කළහ යන අර්ථයයි.

තෙ එවං සීහසෙය්‍යං කප‍්පෙත්‍වා සම‍්පජානා සතිසම‍්පජඤ‍්ඤසම‍්පන‍්නා. සමුට‍්ඨාය සං සුට‍්ඨු උට‍්ඨහිත්‍වා සයනෙ පල‍්ලඞ‍්කමාභුජුං ඌරුබද‍්ධාසනං කරිංසූති අත්‍ථො.

ඔවුහු මෙසේ සිංහ සෙය්‍යාවෙන් කල්යවා සම්පජාතා සති සම්පජඤ්ඤයෙන් යුක්තව (සිහිබුද්ධිය එලවා) සමුට්ඨාය මැනවින් නැගිට. සයනෙ සයනයෙහි කලවා බැඳුණු පල්ලංකමාභුජුං කලවා බැඳුණු ආසනයක් පර්යංකයක් කළහ යන අර්ථයයි.

ගොචරං සබ‍්බබුද‍්ධානන‍්ති සබ‍්බෙසං අතීතානාගතානං බුද‍්ධානං ගොචරං ආරම‍්මණභූතං ඣානරතිසමප‍්පිතා ඣානරතියා සං සුට‍්ඨු අප‍්පිතා සමඞ‍්ගීභූතා අහෙසුන‍්ති අත්‍ථො, අඤ‍්ඤෙ ධම‍්මානි දෙසෙන‍්තීති තෙසු පච‍්චෙකබුද‍්ධෙසු අඤ‍්ඤෙ එකච‍්චෙ ධම‍්මෙ දෙසෙන‍්ති, අඤ‍්ඤෙ එකච‍්චෙ ඉද‍්ධියා පඨමාදිජ‍්ඣානකීළාය කීළන‍්ති රමන‍්ති.

ගොචර සබ්බ බුද්ධානං යනු සියළු අතීත අනාගත බුදුවරුන්ට ගෝචර වූ අරමුණුවලට යටත්ව. ඣානරති සමප්පිතා ධ්‍යාන රතියේ මැනවින් ඇලී සමගි වූවා වූහ යන අර්ථයයි. අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති යනු ඒ පසේ බුදුවරුන් අතර අන්‍ය වූ ඇතැමෙක් දහම් දෙසති. අනෙක් ඇතැමෙක් සෘද්ධි බලයෙන්. පඨමාදි ඣානකීළාය කීළං යනු ඇලෙති.

අඤ‍්ඤෙ එකච‍්චෙ අභිඤ‍්ඤා පඤ‍්ච අභිඤ‍්ඤායො වසිභාවිතා වසීකරිංසු, පඤ‍්චසු අභිඤ‍්ඤාසු ආවජ‍්ජනසමාපජ‍්ජනවුට‍්ඨානඅධිට‍්ඨානපච‍්චවෙක‍්ඛණසඞ‍්ඛාතාහි පඤ‍්චවසිතාහි වසීභාවං ඉතා ගතා පත‍්තා අභිඤ‍්ඤායො , අප‍්පෙන‍්ති සමාපජ‍්ජන‍්ති. අඤ‍්ඤෙ එකච‍්චෙ අනෙකසහස‍්සියො විකුබ‍්බනානි එකොපි හුත්‍වා බහුධා හොති, බහුධාපි හුත්‍වා එකො හොතීති එවමාදීනි ඉද‍්ධිවිකුබ‍්බනානි විකුබ‍්බන‍්ති කරොන‍්තීති අත්‍ථො.

අඤ්ඤෙ ඇතැමෙක් යන අදහසයි. වසීභාවිතා වසඟ කළහ. පංච අභිඥාවල. ආවර්ජන සමාවර්ජන නැගී සිටීම අධිෂ්ඨානය ප්‍රත්‍යවේක්‍ෂණය සංඛ්‍යාත පස්වැදෑරුම් වසඟභාවය මෙතනින් ගියා පැමිණියා අවබෝධ කරගත්. යහපතැයි සිතීම, සමාදන්වීම ඇති අන්‍ය කරුණු අනෙක සත සහස්සියො විකුබ්බතා “එකකු වී බොහෝ වෙයි. බොහෝ වී එකකු වෙයි” මේ ආදී සෘද්ධිමය මවාපෑම්. කුබ්බන්ති කරත් යන අර්ථයයි.

බුද‍්ධාපි බුද‍්ධෙති එවං සන‍්නිපතිතෙසු පච‍්චෙකබුද‍්ධෙසු සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස විසයං ආරම‍්මණභූතං පඤ‍්හං බුද‍්ධා බුද‍්ධෙ පුච‍්ඡන‍්තීති අත්‍ථො. තෙ බුද‍්ධා අත්‍ථගම‍්භීරතාය ගම‍්භීරං නිපුණං සුඛුමං, ඨානං කාරණං, පඤ‍්ඤාය විනිබුජ‍්ඣරෙ විසෙසෙන නිරවසෙසතො බුජ‍්ඣන‍්ති.

බුද්ධාපි බුද්ධෙ යනු මෙසේ රැස් වී ඒ පසේ බුදුවරුන් විෂයෙහි සර්වඥතා ඥානයට විෂය වූ අරමුණු මුල්වූ අවබෝධයෙන් අවබෝධය විචාරත් යන අර්ථයයි. ඒ බුදුවරු අර්ථ ගම්භීරතාවයෙන් යුක්තය. ගම්භීරානිපුණං සියුමැලි වූ. ඨානං කාරණය. පඤ්ඤාය විනිබුජ්ඣරෙ විශේෂයෙන් නිරවශේෂ වශයෙන් අවබෝධ කරති.

තදා මම පාසාදෙ සන‍්නිපතිතා සාවකාපි බුද‍්ධෙ පඤ‍්හං පුච‍්ඡන‍්ති, බුද‍්ධා සාවකෙ සිස‍්සෙ පඤ‍්හං පුච‍්ඡන‍්ති, තෙ බුද‍්ධා ච සාවකා ච අඤ‍්ඤමඤ‍්ඤං පඤ‍්හං පුච‍්ඡිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාකරොන‍්ති විස‍්සජ‍්ජෙන‍්ති.

එකල මගේ ප්‍රාසාදයට රැස්වුණා වූ ශ්‍රාවකයෝද බුදුන් කෙරෙහි ප්‍රශ්න විචාරත් බෞද්ධයෝ. සාවකෙ ශිෂ්‍යයන් ප්‍රශ්න විචාරති. ඒ බෞද්ධ වූ ශ්‍රාවකයෝද ඔවුනොවුන් ප්‍රශ්න විචාරා අඤ්ඤමඤ්ඤං ව්‍යාකරොන්ති යනු විසඳති.

පුන තෙ සබ‍්බෙ එකතො දස‍්සෙන‍්තො “බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා චා”තිආදිමාහ. තත්‍ථ බුද‍්ධා සම‍්මාසම‍්බුද‍්ධා, පච‍්චෙකබුද‍්ධා ච සාවකා ච සිස‍්සා පරිචාරකා නිස‍්සිතකා එතෙ සබ‍්බෙ, සකාය සකාය රතියා රමමානා සල‍්ලීනා මම පාසාදෙ අභිරමන‍්තීති අත්‍ථො.

යළි ඒ සියල්ලෝ එකට පෙන්වමින් බුදුවරුද, පච්චෙක බුද්ධා යන ආදිය කීවේය. එහි බුද්ධා සම්මා සම්බුද්ධ. පච්චෙක බුද්ධාච ශ්‍රාවකයෝද, සිස්සා පරිචාරිකා යනු ඇසුරින් මේ සියල්ලෝ ස්වකීය ඇල්මෙන් සතුටු වෙමින් ඇල්මෙන්. මගේ ප්‍රාසාදයෙහි සතුටු වෙත් යන අර්ථයයි.

එවං තස‍්මිං වෙජයන‍්තපාසාදෙ පච‍්චෙකබුද‍්ධානං ආචාරසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අත‍්තනො ආනුභාවං දස‍්සෙන‍්තො සො තිලොකවිජයො චක‍්කවත‍්තිරාජා “ඡත‍්තා තිට‍්ඨන‍්තු රතනා”තිආදිමාහ. තත්‍ථ රතනා සත‍්තරතනමයා, ඡත‍්තා කඤ‍්චනාවෙළපන‍්තිකා සුවණ‍්ණජාලෙහි ඔලම‍්බිතා තිට‍්ඨන‍්තු. මුත‍්තාජාලපරික‍්ඛිත‍්තා මුත‍්තාජාලෙහි පරිවාරිතා, සබ‍්බෙ ඡත‍්තා මම මත්‍ථකෙ මුද‍්ධනි, ධාරෙන‍්තූති චින‍්තිතමත‍්තෙයෙව ඡත‍්තා පාතුභූතා හොන‍්තීති අත්‍ථො.

මේ වෛජයන්ත ප්‍රාසාදයෙහි පසේ බුදුවරුන්ට ආචාර සමාචාර දක්වා දැන් තමාගේ ආනුභාවය ප්‍රකට කරවමින් හේ වනාහි ලොව ජයගත් චක්‍රවර්ති රජතුමාය. ඡත්තා තිට්ඨන්තු රතනා යන අදිය කීවේය. එහි රතනා සප්ත රුවන්මය ඡත්‍රරත්නේ වියළි පත්‍ර රන්දැල්වලින් එල්ලා තබත්වා. මුත්තාජාල පරික්ඛිත්තා මුතුදැල්වලින් පිරිවරෙණ ලදුව සියළු කුඩ මගේ හිස මුදුනේ දරත්වායි සිතනු ලබන්නේ ම කුඩ පහළ වූයේය යන අර්ථයයි.

සොණ‍්ණතාරකචිත‍්තිතා සුවණ‍්ණතාරකාහි දද‍්දල‍්ලමානා චෙලවිතානා භවන‍්තු නිබ‍්බත‍්තන‍්තු. විචිත‍්තා අනෙකවණ‍්ණා, මල්‍යවිතතා පුප‍්ඵපත්‍ථටා, සබ‍්බෙ අනෙකවිතානා, මත්‍ථකෙ නිසීදනට‍්ඨානස‍්ස උපරිභාගෙ ධාරෙන‍්තූති අත්‍ථො.

සොණ්ණතාරක චිත්තිතා ස්වර්ණ තාරකාවලින් එල්ලෙනු ලබන්නා වූ වැල් වියනකින් භවන්තු පහළ වෙත්වා! විචිත්තා නොයෙක් වර්ණැති මල්වියන් මල්ගොමු සියළු අනේකාකාර වියන් මත්‍ථකෙ හිඳිනා ස්ථානයෙහි මුල් කොටසෙහි කරත්වා! යන අර්ථයයි.

මල්‍යදාමෙහි අනෙකසුගන්‍ධපුප‍්ඵදාමෙහි විතතා පරිකිණ‍්ණා, ගන්‍ධදාමෙහි චන්‍දනකුඞ‍්කුමතගරාදිසුගන්‍ධදාමෙහි, සොභිතා පොක‍්ඛරණීති සම‍්බන්‍ධො . දුස‍්සදාමෙහි පත‍්තුණ‍්ණචීනාදිඅනග‍්ඝදුස‍්සදාමෙහි, පරිකිණ‍්ණා සත‍්තරතනදාමෙහි භූසිතා අලඞ‍්කතා පොක‍්ඛරණී, පුප‍්ඵාභිකිණ‍්ණා චම‍්පකසළලසොගන්‍ධිකාදිසුගන්‍ධපුප‍්ඵෙහි අභිකිණ‍්ණා සුට‍්ඨු විචිත‍්තා සොභිතා. පුනරපි කිං භූතා පොක‍්ඛරණී? සුරභිගන්‍ධසුගන්‍ධෙහි භූසිතා වාසිතා. සමන‍්තතො ගන්‍ධපඤ‍්චඞ‍්ගුලලඞ‍්කතා පඤ‍්චහි අඞ‍්ගුලෙහි ලිම‍්පිතගන්‍ධෙහි අලඞ‍්කතා, හෙමච‍්ඡදනඡාදිතා සුවණ‍්ණඡදනෙහි සුවණ‍්ණවිතානෙහි ඡාදිතා, පාසාදස‍්ස චාතුද‍්දිසා පොක‍්ඛරණියො පදුමෙහි ච උප‍්පලෙහි ච සුට‍්ඨු සන්‍ථතා පත්‍ථටා සුවණ‍්ණරූපෙ සුවණ‍්ණවණ‍්ණා, ඛායන‍්තු, පද‍්මරෙණුරජුග‍්ගතා පදුමරෙණූහි ධූලීහි ච ආකිණ‍්ණා පොක‍්ඛරණියො සොභන‍්තූති අත්‍ථො.

මාලාදාමෙහි නොයෙක් සුවඳැති මල්වැල්වලින් යුතු. චිත්තා විසිතුරු වූ. ගන්‍ධදාමෙහි සඳුන් කුංකුම අගිල් ආදි සුවඳමල් දාමවලින්. සොභිතා පොකුණු යන සම්බන්ධයි. දුස්සදාමෙහි පරිකිණ්ණා යනු චීන ආදි අනර්ඝ රෙදිවලින් වටකරගත් සත්රුවන් වැල්වලින් අලංකාර වූ විභූෂිත වූ පොකුණු පුප්ඵාභිකිණ්ණා සපු සල් සුවඳින් සුවඳවත් වූ රන්වන් මල්වලින් ගැවසීගත් සියුම් විසිතුරු ලෙස හොබනා යළිදු පොකුණ කෙසේ වීද? මනා සුවඳින් සුවඳවත් වූ අලංකාර වූ ඉතා විභූතියෙන් සමන්විත වූ. ගන්‍ධපඤ්චං ගුලංකිතා ඇඟිලි පහකින් ආලේප කළ සුවඳින් යුතු අලංකාර වූ හෙමච්ඡදනඡාදිතා රන්වන් වසනයකින් රන්වන් වියනකින් වසා තබන ලද බැවින් ප්‍රාසාදයට සතරදිශාවෙන් පොකුණු පියුම්, උපුල් සියුම් ලෙස සැරසූ පැතූ. සුවණ්ණෙරුපා රන්වන්පාට හටගනිත්. පදුමරෙණුරජුග්ගතා පියුම් රේණුවලින්ද, දූවිලිවලින්ද ගැවසීගත් පොකුණු වෙත් යන අර්ථයයි.

මගේ වෛජයන්ත ප්‍රාසාදයට හාත්පස ප්‍රාසාද පිහිටා ඇති බැවින් රන්වන් රූපයහි රන්වන් පාට විනාශ වෙති. පදරෙණු රජුග්ගතා පියුම් රේණුවලින්ද, දූවිලි වලින්ද ගැවසුණු පොකුණු වෙති යන අර්ථයයි.

මම වෙජයන‍්තපාසාදස‍්ස සමන‍්තතො පාදපා චම‍්පකාදයො රුක‍්ඛා සබ‍්බෙ පුප‍්ඵන‍්තු එතෙ පුප‍්ඵරුක‍්ඛා. සයමෙව පුප‍්ඵා මුඤ‍්චිත්‍වා විගළිත්‍වා ගන‍්ත්‍වා භවනං ඔකිරුං, ඔකිණ‍්ණා පාසාදස‍්ස උපරි කරොන‍්තූති අත්‍ථො.

මගේ වෛජයන්ත ප්‍රාසාදයට හාත්පසිනි. පාදපා සපු ආදි ගස් සියල්ලෝ පිපෙත්වා! මේවා මල්රුක්ය. සයමෙව පුප්ඵං මුඤ්චිත්‍වා මල් තමන්ම පිපී නටුවෙන් ගිලිහී ශොකී ප්‍රාසාදයේ මතුපිට විසිරේවා. ගන්තවා භවනමොකිරුං යනු අර්ථයයි.

තත්‍ථ තස‍්මිං මම වෙජයන‍්තපාසාදෙ සිඛිනො මයූරා නච‍්චන‍්තූ, දිබ‍්බහංසා දෙවතාහංසා, පකූජරෙ සද‍්දං කරොන‍්තු, කරවීකා ච මධුරසද‍්දා කොකිලා ගායන‍්තු ගීතවාක්‍යං කරොන‍්තු, අපරෙ අනුත‍්තා ච දිජසඞ‍්ඝා පක‍්ඛිනො සමූහා පාසාදස‍්ස සමන‍්තතො මධුරරවං රවන‍්තූති අත්‍ථො.

තත්‍ථ ඒ මගේ වෛජයන්ත ප්‍රාසාදයෙහි. සිඛිනො මොනරු නටත්වා! දිබ්බහංසා දේවතා හංසයෝ. පඤ්ජරෙ ශබ්ද කරත්වා! කරවීකාච මිහිරිහඬ නගන කොවුලෝ. ගායන්තු ගීත වාක්‍ය කරත්වා! පසුව ඇලෙත්වා. දිප්සංඝා පක්‍ෂි සේනාව ප්‍රාසාදයට හාත්පස මිහිරිහඬ නාදකෙරේවා! යන අර්ථයයි.

පාසාදස‍්ස සමන‍්තකො සබ‍්බා ආතතවිතතාදයො භෙරියො වජ‍්ජන‍්තු හඤ‍්ඤන‍්තු, සබ‍්බා තා අනෙකතන‍්තියො වීණා රසන‍්තු සද‍්දං කරොන‍්තු, සබ‍්බා අනෙකප‍්පකාරා සඞ‍්ගීතියො පාසාදස‍්ස සමන‍්තතො වත‍්තන‍්තු පවත‍්තන‍්තු ගායන‍්තූති අත්‍ථො.

පාසාදස්ස සමන්තතො සියල්ලෝ ආතත විතත විතතාත ආදි බෙර වර්ජනය කරත්වා! ඒ සියල්ලෝ නසත්වා! නොයෙක් තන්ත්‍ර ඇති වීණා නාදකරත්වා! ශබ්ද කරත්වා! සියළු නොයෙක් ආකාර වූ සංගීතයේ ප්‍රාසාදය හාත්පසින් පවතිත්වා! ගායනා කරත්වා! යන අර්ථයයි.

යාවතා යත‍්තකෙ ඨානෙ බුද‍්ධඛෙත‍්තම‍්හි දසසහස‍්සිචක‍්කවාළෙ තතො පරෙ චක‍්කවාළෙ, ජොතිසම‍්පන‍්නා පභාසම‍්පන‍්නා අච‍්ඡින‍්නා මහන‍්තා සමන‍්තතො රතනාමයා සත‍්තහි රතනෙහි කතා ඛචිතා සොණ‍්ණපල‍්ලඞ‍්කා සුවණ‍්ණපල‍්ලඞ‍්කා තිට‍්ඨන‍්තු, පාසාදස‍්ස සමන‍්තතො දීපරුක‍්ඛා පදීපධාරණා තෙලරුක‍්ඛා ජලන‍්තු , පදීපෙහි පජ‍්ජලන‍්තු, දසසහස‍්සිපරම‍්පරා දසසහස‍්සීනං පරම‍්පරා දසසහස‍්සියො එකපජ‍්ජොතා එකපදීපා විය භවන‍්තු උජ‍්ජොතන‍්තූති අත්‍ථො.

යාවතා යම්කිසි තැනෙක. බුද්ධඛෙත්තම්හි දසදහසක් සක්වලද ඉන් එතර සක්වළවලද. ජොති සම්පන්නා අච්ඡින්නා මහත් වූ හාත්පසින්. රතනමයා සත්රුවනින් කරන ලද ඔබ්බවන ලද. සොණ්ණපල්ලංකා ස්වර්ණ පලඟ. තිට්ඨන්තු ප්‍රාසාදය හාත්පසින්. දීපරුක්ඛා තෙල්දරන පහන් රුක්. ජලන්තු පහනෙන් ආලෝක වෙත්වා. සුදිලෙත්වා. දසසහස්සි පරම්පරා දස දහසක් පරම්පරාවන්ගේ එකපජ්ජජොතා එක එක පහන මෙන්. භවන්තු උද්දීපනය වෙත්වා යන අර්ථයයි.

නච‍්චගීතෙසු ඡෙකා ගණිකා නච‍්චිත්‍ථියො ච ලාසිකා මුඛෙන සද‍්දකාරිකා ච පාසාදස‍්ස සමන‍්තතො නච‍්චන‍්තු, අච‍්ඡරාගණා දෙවිත්‍ථිසමූහා නච‍්චන‍්තු, නානාරඞ‍්ගා අනෙකවණ‍්ණා නානාරඞ‍්ගමණ‍්ඩලා පාසාදස‍්ස සමන‍්තතො නච‍්චන‍්තු, පදිස‍්සන‍්තු පාකටා හොන‍්තූති අත්‍ථො.

නැටුම්-ගැයුම්වල දක්‍ෂ වූ. ගණිකා නටන ස්ත්‍රීහු. ලාසිකා මුඛයෙන් ශබ්ද කරන්නෝ. ප්‍රාසාදය හාත්පස නටත්වා. අප්සරාවෝ සමූහය දිව්‍ය ස්ත්‍රී සමූහය නටන්නා වූ. නානාරංගා නොයෙක් වර්ණ. නොයෙක් රඟමඩල. ප්‍රාසාදය හාත්පස නටන්නෝ. පදිස්සත්තු ප්‍රකට වෙත්වා.

තදා අහං තිලොකවිජයො නාම චක‍්කවත‍්තිරාජා හුත්‍වා සකලචක‍්කවාළෙ දුමග‍්ගෙ රුක‍්ඛග‍්ගෙ පබ‍්බතග‍්ගෙ හිමවන‍්තචක‍්කවාළපබ‍්බතාදීනං අග‍්ගෙ සිනෙරූපබ‍්බතමුද‍්ධනි ච සබ‍්බට‍්ඨානෙසු විචිත‍්තං අනෙකවණ‍්ණවිචිත‍්තං පඤ‍්චවණ‍්ණිකං නීලපීතාදිපඤ‍්චවණ‍්ණං සබ‍්බං ධජං උස‍්සාපෙමීති අත්‍ථො.

එකල මම තිලෝක විජයනම් සක්විති රජකු වී සකල චක්‍රාවාටයෙහි. දුමග්ගෙ ගස අග. පබ්බතග්ගෙ හිමාලය චක්‍රාවාට පර්වත අග සිනේරු පර්වතය මුදුනේද සියළු තැන මනාසේ විචිත්‍ර වූ නොයෙක් වර්ණ ඇති විචිත්තං පඤ්චවණ්ණිකං නිල් කහ ආදි පංචවර්ණ ධජ ඔසවාමියි යන අර්ථයයි.

නරා ලොකන‍්තරා නරා ච නාගලොකතො නාගා ච දෙවලොකතො ගන්‍ධබ‍්බා ච දෙවා ච සබ‍්බෙ උපෙන‍්තු උපගච‍්ඡන‍්තු, තෙ නරාදයො නමස‍්සන‍්තා මම නමක‍්කාරං කරොන‍්තා පඤ‍්ජලිකා කතහත්‍ථපුටා මම වෙජයන‍්තං පාසාදං පරිවාරයුන‍්ති අත්‍ථො.

නරා ලෝකෝත්තර මිනිස්සුද නාගලෝකයේ සිට නාගාච දේවලෝකයේ සිට. ගන්‍ධබ්බාච සියළු දේවයෝද. උපෙන්තු පැමිණෙත්වා ඒ මිනිස්සු ආදීහු. නමස්සන්තා මට නමස්කාර කරමින්. පඤ්ජලිකා කරන ලද අත්පොළසන් ඇත්තේ මගේ වෛජයන්ත ප්‍රාසාදයට පිරිවරා වෙත්වා යන අර්ථයයි.

එවං සො තිලොකවිජයො චක‍්කවත‍්තිරාජා පාසාදස‍්ස ච අත‍්තනො ච ආනුභාවං වණ‍්ණෙත්‍වා ඉදානි අත‍්තනා සම‍්පත‍්තිකතපුඤ‍්ඤඵලං සමාදපෙන‍්තො “යං කිඤ‍්චි කුසලං කම‍්ම”න‍්තිආදිමාහ. යං කිඤ‍්චි කුසලකම‍්මසඞ‍්ඛාතං කිරියං කත‍්තබ‍්බං අත්‍ථි, තං සබ‍්බං මම මයා කායෙන වා වාචාය වා මනසා වා තීහි ද‍්වාරෙහි කතං තිදසෙ සුකතං සුට‍්ඨු කතං, තාවතිංසභවනෙ උප‍්පජ‍්ජනාරහං කතන‍්ති අත්‍ථො.

මෙසේ හෙතෙම තිලෝක විජයනම් චක්‍රවර්ති රජව තමන්ගේ ප්‍රාසාදයේ ආනුභාවය වර්ණනාකොට දැන් තමන් විසින් කරන ලද පුණ්‍ය ඵලය සමාදන් වෙන්නේ යං කිඤ්චිකුසලං කම්මං යන ආදිය කීවේය. යම්කිසි කුසලකර්ම සංඛ්‍යාත ක්‍රියාවක් කළයුතුව ඇත. ඒ සියල්ල මම මා විසින් කායෙන වාචාය මනසා ච යනු තුන්දොරින් කරනලදැයි දක්වයි. සුකතං මැනවින් කරන ලදි. තව්තිසා භවනයෙහි ඉපදීමට සුදුසු ලෙස කරන ලදී යන අර්ථයයි.

පුන සමාදපෙන‍්තො “යෙ සත‍්තා සඤ‍්ඤිනො”තිආදිමාහ. තත්‍ථ යෙ සත‍්තා මනුස‍්සා වා දෙවා වා බ්‍රහ‍්මානො වා සඤ‍්ඤිනො සඤ‍්ඤාසහිතා අත්‍ථි, යෙ ච සත‍්තා අසඤ‍්ඤිනො සඤ‍්ඤාරහිතා අසඤ‍්ඤා සත‍්තා සන‍්ති, තෙ සබ‍්බෙ සත‍්තා මය‍්හං මයා කතං පුඤ‍්ඤඵලං, භාගී භවන‍්තු පුඤ‍්ඤවන‍්තා හොන‍්තූති අත්‍ථො.

යළිත් සමාදන් වෙමිනි. යෙ සත්තා සඤ්ඤිනො යන ආදිය කීවේය. එහි යම් සත්ත්වයෙක් මිනිස්සු හෝ දෙවියෝ හෝ බ්‍රහ්මයෝ හෝ සංඥිතලයේ සංඥා රහිතව හෝ ඇත. යෙච සත්තා අසඤ්ඤිනො සංඥා රහිත සත්ත්වයෝ වෙති. ඒ සියලු සත්ත්වයෝ. මයිහං මා විසින් කරන ලද පින් ඵලලාභී වෙත්වා. භවය ලබත්වා. පුණ්‍යවන්තයෝ වෙත්වා යන අර්ථයයි.

පුනපි සමාදපෙන‍්තො බොධිසත‍්තො “යෙසං කත”න‍්තිආදිමාහ. මයා කතං පුඤ‍්ඤං යෙහි නරනාගගන්‍ධබ‍්බදෙවෙහි සුවිදිතං ඤාතං, තෙසං මයා දින‍්නං පුඤ‍්ඤඵලං, තස‍්මිං මයා කතෙ පුඤ‍්ඤෙ දින‍්නභාවං යෙ නරාදයො න ජානන‍්ති, දෙවා ගන‍්ත්‍වා තෙසං තං නිවෙදයුං ආරොචයුන‍්ති අත්‍ථො.

යළිත් බෝධිසත්ත්වයෝ සමාදන්වෙමින්. යෙහි කතං යන ආදිය කීහ. මා විසින් කරන ලද පින යම් මිනිස් නාග යක්‍ෂ ගන්ධර්ව දේව පිරිස් විසින් මනාසේ දැනගත්තේද? ඔවුන්ට මා විසින් දෙන ලද පුණ්‍ය ඵලය ඒ මා විසින් කරන ලද පිනෙහි දෙන ලද බව ඒ මිනිස්සු ආදීහු නොදනිත්. දෙවියෝ ගොස් එය නිවේදනය කරන්නාහ. දැනුම් දෙන්නාහුය යන අර්ථයයි.

සබ‍්බලොකම‍්හි යෙ සත‍්තා ආහාරනිස‍්සිතා ජීවන‍්ති, තෙ සබ‍්බෙ සත‍්තා මනුඤ‍්ඤං භොජනං සබ‍්බං මම චෙතසා මම චිත‍්තෙන ලභන‍්තු, මම පුඤ‍්ඤිද‍්ධියා ලභන‍්තූති අත්‍ථො.

සියළු ලෝකයෙහි යම් සත්ත්වයෙක් ආහාර නිසා ජීවත්වෙත්ද? ඒ සියළු සත්ත්වයෝ සියල්ල භෝජන අනුදනිති. මම චෙතසා මගේ සිතින්.

මනසා පසන‍්නෙන චිත‍්තෙන යං දානං මයා දින‍්නං තස‍්මිං දානෙ චිත‍්තෙන පසාදං ආවහිං උප‍්පාදෙසිං. සබ‍්බසම‍්බුද‍්ධා ච පච‍්චෙකා පටිඑක‍්කා ජිනසාවකා ච මයා චක‍්කවත‍්තිරඤ‍්ඤා පූජිතා.

මගේ පින් සෘද්ධියෙන් ලබත්වා යන අර්ථයයි. මනසා පැහැදුණු සිතින් යම් දානයක් මා විසින් දෙන ලදද, ඒ කෙරෙහි නොයෙක් සිත් පැහැදීමෙන් යුක්ත වේ. ආවහිං උපදවමි. සියළු බුදුවරු ද පසේ බුදුවරු ද බුද්ධ ශ්‍රාවකයෝ ද, මා විසින් සක්විති රජකු විසින් පුදන ලද්දේය.

සුකතෙන තෙන කම‍්මෙන සද‍්දහිත්‍වා කතෙන කුසලකම‍්මෙන, චෙතනාපණිධීහි ච චිත‍්තෙන කතපත්‍ථනාහි ච, මානුසං දෙහං මනුස‍්සසරීරං, ජහිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා, අහං තාවතිංසං දෙවලොකං අගච‍්ඡිං අගමාසිං, සුත‍්තප‍්පබුද‍්ධො විය තත්‍ථ උප‍්පජ‍්ජින‍්ති අත්‍ථො.

සුකතෙන තෙන කම්මෙන අදහා කරන ලද කුශල කර්මයෙන්. චෙතනා පණිධිහිච සිතින් කරන ලද ප්‍රාර්ථනාව ඇතිව. මානුසං දෙහං මනුෂ්‍ය ශරීරය. ජහිත්‍වා හැරදමා මම තව්තිසා භවනයෙහි අගඤ්ජිං ගියෙමි. නිදා පිබිදියකු මෙන් එහි ඉපදුණේය යන අර්ථයයි.

තතො තිලොකවිජයො චක‍්කවත‍්තිරාජා කාලඞ‍්කතො, තතො පට‍්ඨාය ආගතෙ දුවෙ භවෙ ද‍්වෙ ජාතියො පජානාමි දෙවත‍්තෙ දෙවත‍්තභාවෙ මානුසෙ මනුස‍්සත‍්තභාවෙ ච, තතො ජාතිද‍්වයතො අඤ‍්ඤං ගතිං අඤ‍්ඤං උපපත‍්තිං න ජානාමි න පස‍්සාමි, මනසා චිත‍්තෙන පත්‍ථනාඵලං පත්‍ථිතපත්‍ථනාඵලන‍්ති අත්‍ථො.

ඉක්බිති තිලෝකවිජය චක්‍රවර්තිරාජ කළුරිය කළේ, එතැන්ටන් ආවෙමි. දුවෙ භවෙ ජාති දෙකක් දනිමි. දෙවත්තෙ දිව්‍ය ආත්ම භාවයෙහි. මානුසෙ මනුෂ්‍ය ආත්මභාවයෙහි ඒ ජාති දෙකක පටන්. අඤ්ඤගතිං අනෙක් උතක්. න ජනාමි සිහිපත් නොකරමි. මනසා සිතින්. පත්‍ථනාඵලං ප්‍රාර්ථනා කළ ප්‍රාර්ථනා කරන ඵලය යන අර්ථයයි.

දෙවානං අධිකො හොමීති යදි දෙවෙසු ජාතො, ආයුවණ‍්ණබලතෙජෙහි දෙවානං අධිකො ජෙට‍්ඨො සෙට‍්ඨො අහොසින‍්ති අත්‍ථො. යදි මනුස‍්සෙසු ජාතො, මනුජාධිපො මනුස‍්සානං අධිපති ඉස‍්සරො භවාමි, තථා රාජභූතො අභිරූපෙන රූපසම‍්පත‍්තියා ච ලක‍්ඛණෙන ආරොහපරිණාහාදිලක‍්ඛණෙන ච සම‍්පන‍්නො සම‍්පුණ‍්ණො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ පඤ‍්ඤාය පරමත්‍ථජානනපඤ‍්ඤාය අසමො සමරහිතො, මයා සදිසො කොචි නත්‍ථීති අත්‍ථො.

දෙවානං අධිකො හොමි යනු ඉදින් දිව්‍යලෝකවල උපන් ආයු වර්ණ බල තේජසින් දෙවියන්ට අධික වූ ජ්‍යෙෂ්ඨ වූ විය යන අර්ථයයි. ඉදින් මිනිසුන් අතර ඉපදුණේ මිනිසුන්ට අධික වූ මිනිසුන්ට අධිපති වූ ඉසුරු ඇති වෙමි. එසේම රජකු වූයේ මනා රූපයෙන් රූප සම්පත්තියෙන් ලක්‍ෂණයෙන් ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්ත වූ සම්පූර්ණ වූ උපනුපන් ආත්මභාවයෙහි ප්‍රඥාවෙන්ද, පරමාර්ථ ඥාන සම්භාරයෙන් ද ප්‍රඥාවෙන්ද, අසමො සමාන රහිත මා හා සමාන කිසිවකු නැත යන අර්ථයයි.

මයා කතපුඤ‍්ඤසම‍්භාරෙන පුඤ‍්ඤඵලෙන උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ සෙට‍්ඨං පසට‍්ඨං මධුරං විවිධං අනෙකප‍්පකාරං භොජනඤ‍්ච අනප‍්පකං බහුසත‍්තරතනඤ‍්ච විවිධානි, අනෙකප‍්පකාරානි පත‍්තුණ‍්ණකොසෙය්‍යාදිවත්‍ථානි ච නභා ආකාසතො මං මම සන‍්තිකං ඛිප‍්පං සීඝං උපෙන‍්ති උපගච‍්ඡන‍්ති.

මා විසින් කරන ලද පුණ්‍ය සම්භාරයෙන් පින් බලයෙන් උපනුපන් භවයෙහි ශ්‍රේෂ්ඨ වූ ප්‍රශස්ත වූ මිහිරි විවිධ නොයෙක් ආකාර ආහාරපානද අල්ප නැතිව බොහෝ සත්රුවන්ද, නොයෙක් ආකාර වූ පටකෝසෙය්‍ය ආදි වස්ත්‍ර ද නභසා අහසින් මං මා සමීපයට. ඛිප්පං වහාම පැමිණෙති. එළඹෙති. [missing trans]

පථබ්‍යා පථවියා පබ‍්බතෙ ච ආකාසෙ ච උදකෙ ච වනෙ ච යං යං යත්‍ථ යත්‍ථ හත්‍ථං පසාරෙමි නික‍්ඛිපාමි, තතො තතො දිබ‍්බා භක‍්ඛා දිබ‍්බා ආහාරා මං මම සන‍්තිකං උපෙන‍්ති උපගච‍්ඡන‍්ති, පාතුභවන‍්තීති අත්‍ථො. තථා යථාක‍්කමං සබ‍්බෙ රතනා. සබ‍්බෙ චන්‍දනාදයො ගන්‍ධා. සබ‍්බෙ යානා වාහනා. සබ‍්බෙ චම‍්පකනාගපුන‍්නාගාදයො මාලා පුප‍්ඵා. සබ‍්බෙ අලඞ‍්කාරා ආභරණා. සබ‍්බා දිබ‍්බකඤ‍්ඤා. සබ‍්බෙ මධුසක‍්ඛරා. සබ‍්බෙ පූපාදයො ඛජ‍්ජා ඛාදිතබ‍්බා මං මම සන‍්තිකං උපෙන‍්ති උපගච‍්ඡන‍්ති.

පුථව්‍යා පොළොවේද, පර්වතයේ ආකාශයේ ජලයේ වනයෙහි. යං යං යම් යම් තැන්වලදී. හත්‍ථං පසාරෙමි දිගුකරමි එවිට එවිට. දිබ්බා භක්ඛා දිව්‍ය ආහාර. මං මා සමීපයට. උපෙන්ති ළඟට පැමිණෙති. පහළ වෙතියි යන අර්ථයි. තථා කැමැති පරිදි. සබ්බරතනා සියලු සඳුන් ආදී සියළු සුවඳ ද්‍රව්‍ය යාන වාහන සියළු සපු නා දුනුකේ දොඹ ආදී මල් සියළු අලංකාර ආභරණ දිව්‍ය කන්‍යාවෝ සියළු මී උක් සකුරු ඛජ්ජා සියළු කැවුම් ආදි කෑයුතු දේවල්ද. මං මා සමීපයට එළඹෙති පහළවෙති යනුයි.

සම‍්බොධිවරපත‍්තියාති උත‍්තමචතුමග‍්ගඤාණපත‍්තියා පාපුණනත්‍ථාය. මයා යං උත‍්තමදානං කතං පූරිතං, තෙන උත‍්තමදානෙන සෙලසඞ‍්ඛාතං පබ‍්බතං සකලං එකනින‍්නාදං කරොන‍්තො බහලං ගිරං පුථුලං ඝොසං ගජ‍්ජෙන‍්තො, සදෙවකං ලොකං සකලං මනුස‍්සදෙවලොකං හාසයන‍්තො සොමනස‍්සප‍්පත‍්තං කරොන‍්තො ලොකෙ සකලලොකත‍්තයෙ විවට‍්ටච‍්ඡදො බුද‍්ධො අහං භවාමීති අත්‍ථො.

සම්බොධිං වරපත්තියා යනු උතුම් චතුරාර්ය මාර්ග ඤාණයට පැමිණීම පිණිස මා විසින් යම් උතුම් දානයක් කරන ලද ද ඒ උතුම් දානයෙන් පුරන ලද ශෛල සංඛ්‍යාත පර්වතයක් මුළුමනින්ම ඒකනාද කරමින්. බහ්ලං ගිරං විශාල වූ වචන කියමින් ඇඳිලි බැඳ ඝෝෂා කරන්නේ. ගර්ජනා කරන්නේ. සදෙවක ලොකං සියළු මනුෂ්‍ය ලෝක හා දේවලෝක. හාසයන්තො සොම්නසට පැමිණීමට කරනු ලබන. ලොකෙ සියළු තුන්ලොවෙහි, මැනවින් බෙදා වෙන්කරන ලද්දේ, මම බුද්ධ නම් වෙමි යනු අර්ථයයි.

දිසා දසවිධා ලොකෙති චක‍්කවාළලොකෙ දසවිධා දසකොට‍්ඨාසා දිසා හොන‍්ති, තත්‍ථ කොට‍්ඨාසෙ යායතො යායන‍්තස‍්ස ගච‍්ඡන‍්තස‍්ස අන‍්තකං නත්‍ථීති අත්‍ථො, චක‍්කවත‍්තිකාලෙ තස‍්මිං මයා ගතගතට‍්ඨානෙ දිසාභාගෙ වා බුද‍්ධඛෙත‍්තා බුද‍්ධවිසයා අසඞ‍්ඛියා සඞ‍්ඛාරහිතා.

දිසා දසවිධෙ ලොකෙ යනු චක්‍රාවාට ලොවෙහි. දසවිධා දස කොට්ඨාශ දිශාවෙති. එම කොටසෙහි යායතො ගමන් කරන්නේ කෙළවරක් නැත යන අර්ථයයි. චක්‍රවර්ති කාලයේ එහි මා විසින් ගිය ගිය තැන දිසා භාග වශයෙනි. බුද්ධක්ඛෙත්තා බුද්ධ විෂය. අසංඛියා සංඛ්‍යා රහිතය.

පභා පකිත‍්තිතාති තදා චක‍්කවත‍්තිරාජකාලෙ මය‍්හං පභා චක‍්කරතනමණිරතනාදීනං පභා ආලොකා යමකා යුගළයුගළා හුත්‍වා රංසිවාහනා රංසිං මුඤ‍්චමානා පකිත‍්තිතා පාකටා, එත්‍ථන‍්තරෙ දසසහස‍්සිචක‍්කවාළන‍්තරෙ රංසිජාලං රංසිසමූහං, ආලොකො විපුලො බහුතරො භවෙ අහොසීති අත්‍ථො.

සභාපකිත්තිකා යනු එකල චක්‍රවර්ති රාජ්‍ය කාලයේ මගේ ප්‍රභාව චක්‍රරත්න මාණික්‍යරත්න ආදීන්ගේ ප්‍රභාව ආලෝකය යුගල වශයෙන් වී. රංසිවහනා රැස් මිදෙන්නේ. පකිත්තිතා ප්‍රකට විය. එත්‍ථන්තරෙ දස දහසක් සක්වල අතර. රංසිජාලා රැස් සමූහය. ආලොකො විපුලො බොහෝ තර විය. භවෙ විය යන අර්ථයයි.

එත‍්තකෙ ලොකධාතුම‍්හීති දසසහස‍්සිචක‍්කවාළෙසු සබ‍්බෙ ජනා මං පස‍්සන‍්තු දක‍්ඛන‍්තූති අත්‍ථො. සබ‍්බෙ දෙවා යාව බ්‍රහ‍්මනිවෙසනා යාව බ්‍රහ‍්මලොකා මං අනුවත‍්තන‍්තු අනුකූලා භවන‍්තු.

එත්තකෙ ලොකධාතුම්හි යනු දසදහසක් සක්වලෙහි සියළු ජනතාව මා බලත් දකිත් යන අර්ථයයි. සියළු දෙවියෝ යාව බ්‍රහ්ම නිවෙසනා බ්‍රහ්මලෝක දක්වා මා අනුව පවතින්නේ අනුකූල වෙත්වා!

විසිට‍්ඨමධුනාදෙනාති විසට‍්ඨෙන මධුරෙන නාදෙන, අමතභෙරිමාහනින‍්ති අමතභෙරිං දෙවදුන්‍දුභිං පහරිං, එත්‍ථන‍්තරෙ එතස‍්මිං දසසහස‍්සිචක‍්කවාළබ‍්භන‍්තරෙ සබ‍්බෙ ජනා මන මධුරං ගිරං සද‍්දං සුණන‍්තු මනසි කරොන‍්තු.

විසිට්ඨමධුනාදෙනා යනු විශිෂ්ඨ වූ මිහිරි නාදයෙන්. අමතභෙරිමාහනං යනු අමාබෙර දේව බෙරවලට පහර දුනිමි. එපමණ එක් දස දහසක් සක්වල අභ්‍යන්තරයේ සියළු ජනතාව මට මධුරං ගිරං ශබ්ද අසමින් මෙනෙහි කරත්වා!

ධම‍්මමෙඝෙන වස‍්සන‍්තෙ ධම‍්මදෙසනාමයෙන නාදෙන තබ‍්බොහාරපරමත්‍ථගම‍්භීරමධුරසුඛුමත්‍ථවස‍්සෙ වස‍්සන‍්තෙ වස‍්සමානෙ සම‍්මාසම‍්බුද‍්ධානුභාවෙන සබ‍්බෙ භික‍්ඛුභික‍්ඛුනීආදයො අනාසවා නික‍්කිලෙසා හොන‍්තු භවන‍්තු. යෙත්‍ථ පච‍්ඡිමකා සත‍්තාති එත්‍ථ එතෙසු රාසිභූතෙසු චතූසු පරිසසත‍්තෙසු යෙ සත‍්තා පච‍්ඡිමකා ගුණවසෙන හෙට‍්ඨිමකා, තෙ සබ‍්බෙ සොතාපන‍්නා භවන‍්තූති අධිප‍්පායො.

ධම්ම මෙඝෙන වස්සන්තෙ ධර්ම දේශනාමය නාදයෙන් පරමාර්ථ ගම්භීර මිහිර සියුම් අර්ථ වශයෙන් වර්ෂා කාලය පවත්නා කල්හි සම්මා සම්බුද්ධ ආනුභාවයෙන් සියළු භික්‍ෂු භික්‍ෂුණී ආදීහු. අනාසවා කෙලෙස් රහිත වෙත්වා! යෙත්‍ථ පච්ඡිමකා සත්තා යනු මෙහි මේ සිවුපිරිස් කෙළවර රැස්වූ කල්හි යම් සත්ත්වයෙක් පශ්චිම ගුණ වශයෙන්ද, යට කෙළවර සිටියේ මුත් ඒ සියල්ලෝ සෝවාන් ඵලයට පත්වෙත්වා! යන අදහසයි.

තදා තිලොකවිජයචක‍්කවත‍්තිරාජකාලෙ දාතබ‍්බකං දාතබ‍්බයුත‍්තකං, දානං කත්‍වා, අසෙසතො නිස‍්සෙසෙන, සීලං සීලපාරමිං, පූරෙත්‍වා නෙක‍්ඛම‍්මෙ නෙක‍්ඛම‍්මපාරමිතාය, පාරමිං කොටිං පත්‍වා, උත‍්තමං සම‍්බොධිං චතුමග‍්ගඤාණං, පත‍්තො භවාමි භවෙය්‍යං.

එකල තිලෝක විජය චක්‍රවර්ති රාජ්‍ය කාලයේ දිය යුතු දාන මානාදිය පිරිනමා. අසෙසතො නිරවශේෂ වශයෙන්. සීලං සීල පාරමිතාව පුරා. නෙක්ඛම්මෙ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කෙළවරට පැමිණ උතුම් සම්බෝධිය වූ සතරමග ඤාණයට පැමිණියේ වෙමි. වන්නෙහි.

පණ‍්ඩිතෙ පඤ‍්ඤවන‍්තෙ මෙධාවිනො පරිපුච‍්ඡිත්‍වා “කිං, භන‍්තෙ, කත‍්තබ‍්බං? කිං න කත‍්තබ‍්බං? කිං කුසලං? කිං අකුසලං? කිං කත්‍වා සග‍්ගමොක‍්ඛද‍්වයස‍්ස භාගී හොතී”ති පුච‍්ඡිත්‍වා, එවං පඤ‍්ඤාපාරමිං පූරෙත්‍වාති අත්‍ථො. කත්‍වා වීරියමුත‍්තමන‍්ති උත‍්තමං සෙට‍්ඨං ඨානනිසජ‍්ජාදීසු අවිච‍්ඡින‍්නං වීරියං කත්‍වා, වීරියපාරමිං පූරෙත්‍වාති අත්‍ථො. සකලවිරුද‍්ධජනෙහි කතඅනාදරාධිවාසනාඛන‍්තියා පාරමිං කොටිං ගන‍්ත්‍වා ඛන‍්තිපාරමිං පූරෙත්‍වා උත‍්තමං සම‍්බොධිං උත‍්තමං සම‍්බුද‍්ධත‍්තං පත‍්තො භවාමි භවෙය්‍යං.

පණ්ඩිත ප්‍රඥාවන්ත නුවණ ඇති. පරිපුච්ඡිත්වා ස්වාමීනි, කුමක් කළ යුතුද? කුමක් නොකළ යුතුද? කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? කුමක් කොට ස්වර්ග මෝක්‍ෂ දෙකට කොටස්කරුවකු වෙයිද? යනු විචාරා මෙසේ ප්‍රඥා පාරමිතාව පුරා යන අර්ථයයි. කත්‍වා විරියමුත්තමං උතුම් ස්ථානයක හිඳින අතර නොකඩවා වීර්ය කොට වීර්ය පාරමිතා පුරා යනු අර්ථයයි. සියළු විරුද්ධ ජනයන් විසින් කරන ලද අනාදර ඉවසීමෙන් යුතු ක්‍ෂාන්ති පාරමිතාව කෙළවරට ගොස් ක්‍ෂාන්ති පාරමිතාව පුරා උතුම් සම්බෝධියටද, උතුම් සම්බුද්ධත්වයටද පැමිණ වන්නේය.

කත්‍වා දළ‍්හමධිට‍්ඨානන‍්ති “මම සරීරජීවිතෙසු විනස‍්සන‍්තෙසුපි පුඤ‍්ඤකම‍්මතො න විරමිස‍්සාමී”ති අචලවසෙන දළ‍්හං අධිට‍්ඨානපාරමිං කත්‍වා “සීසෙ ඡිජ‍්ජමානෙපි මුසාවාදං න කථෙස‍්සාමී”ති සච‍්චපාරමිතාය කොටිං පූරිය පූරෙත්‍වා “සබ‍්බෙ සත‍්තා සුඛී අවෙරා”තිආදිනා මෙත‍්තාපාරමිතාය කොටිං පත්‍වා උත‍්තමං සම‍්බොධිං පත‍්තොති අත්‍ථො.

කත්වා දළ්හමයිට්ඨානං යනු මගේ ශරීර ජීවිත විනාශ වන්නේ නමුත් පින්කම් විනාශ නොවන්නෙමි යනු නොසෙල්වීම් වශයෙන් දැඩි අධිෂ්ඨාන පාරමිතාව කොට හිස සිඳින නමුත්, බොරු නොකියන්නෙමි යනුවෙන් සත්‍ය පාරමිතාවේ කෙළවරට. ජූරිය - පුරා. සබ්බෙ සත්තා සුඛී අවෙරා යන ආදියෙන් මෛත්‍රී පාරමිතාවේ කෙළවරට පැමිණ උතුම් උත්තම සම්බෝධියට පැමිණියේ යන අර්ථයයි.

සජීවකාජීවකවත්‍ථූනං ලාභෙ ච තෙසං අලාභෙ ච කායිකචෙතසිකසුඛෙ චෙව තථා දුක‍්ඛෙ ච සාදරජනෙහි කතෙ, සම‍්මානෙ චෙව ඔමානෙ, ච සබ‍්බත්‍ථ සමකො සමානමානසො උපෙක‍්ඛාපාරමිං පූරෙත්‍වා උත‍්තමං සම‍්බොධිං පත‍්තො පාපුණෙය්‍යන‍්ති අත්‍ථො.

සජීවක අජීවක වස්තූන්ටද ලාභය මෙන්ම අලාභයේ දී ද කායික මානසික සුවයෙහි ද, එසේම දුකේදී ද ආදර අනාදර ජනතාව විසින් කරන ලද සම්මාන අවමාන දෙකේදී ද වශයෙනි. සබ්බත්‍ථ සමකො සමාන මනසින් උපේක්‍ෂා පාරමිතාව පුරා උතුම් සම්මා සම්බෝධියට පත්තො පැමිණියේ යන අර්ථයයි.

කොසජ‍්ජං කුසීතභාවං, භයතො භයවසෙන “අපායදුක‍්ඛභාගී”ති දිස‍්වා ඤත්‍වා අකොසජ‍්ජං අකුසීතභාවං අලීනවුත‍්තිං, වීරියං ඛෙමතො ඛෙමවසෙන “නිබ‍්බානගාමී”ති දිස‍්වා ඤත්‍වා ආරද‍්ධවීරියා හොථ භවථ. එසා බුද‍්ධානුසාසනී එසා බුද‍්ධානං අනුසිට‍්ඨි.

කොසජ්ජං කුසීතකම. භයතො භය වශයෙන් අපායෙහි දුක්විඳින්නා. දිස්වා දැන. අකොසජ්ජං කුසීත නැති බව නොඇලුණු බව වීර්යයි. ඛෙමතො ක්‍ෂේම වශයෙන් නිර්වාණ මාර්ගය දැක දැන. [missing trans]

විවාදං භයතො දිස‍්වාති විවාදං කලහං භයතො දිස‍්වා “අපායභාගී”ති දිස‍්වා ඤත්‍වා අවිවාදං විවාදතො විරමණං “නිබ‍්බානප‍්පත‍්තී”ති, ඛෙමතො දිස‍්වා ඤත්‍වා සමග‍්ගා එකග‍්ගචිත‍්තා සඛිලා සිලිට‍්ඨා මෙත‍්තාය ධුරගතාය සොභමානා හොථාති අත්‍ථො. එසා කථා මන‍්තනා උදීරණා බුද‍්ධානං අනුසාසනී ඔවාදදානං.

විවාදං කලහ. භයතො දිස්වා අපායභාගි වූවෝ දැක දැන අවිවාදං කලහයෙන් වෙන්වී නිර්වාණයට පැමිණියේය. ඛෙමතො දැක දැන සමග්ගා එකඟ සිතින් සඛිලා සිලිටු මෛත්‍රී ධූරයෙන් හොබනා වූවහු යන අර්ථයයි. එසා කථා වර්ණනාවෝ උදීරණා බුද්ධානං අනුසාසනං අවවාද දීම.

පමාදං ඨානනිසජ‍්ජාදීසු සතිවිප‍්පවාසෙන විහරණං භයතො “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙසු දුක‍්ඛිතදුරූපඅප‍්පන‍්නපානතාදිසංවත‍්තනකං අපායාදිගමනඤ‍්චා”ති දිස‍්වා ඤත්‍වා, අප‍්පමාදං සබ‍්බකිරියාසු සතියා විහරණං, ඛෙමතො වඩ‍්ඪිතො “නිබ‍්බානසම‍්පාපුණන”න‍්ති දිස‍්වා පච‍්චක‍්ඛතො ඤත්‍වා අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධීති අට‍්ඨඅවයවං සම‍්මාසම‍්බොධියා මග‍්ගං අධිගමූපායං භාවෙථ වඩ‍්ඪෙථ මනසි කරොථ, එසා කථා භාසනා උදීරණා බුද‍්ධානුසාසනී බුද‍්ධානං අනුසිට‍්ඨීති අත්‍ථො.

පමාදං ස්ථානවල හිඳින අතර සිහිය දුරලීමෙන් වාසය කිරීමය. භයතො නිවුණු නිවුණු තැන්වල දුක්ඛිත විරූපී අප්‍රසන්න ප්‍රාණීන් වාසය කරන්නා වූ අපාය දුක්ඛයට පැමිණි බව දැන. අප්පමාදං සියළු ක්‍රියාවල සති විහරණයෙන් ක්‍ෂාන්තිය වැඩීමෙන් නිර්වාණයට පැමිණෙන්නී දැන ප්‍රත්‍යක්‍ෂව දැන. අට්ටංගිකං මග්ගං අංග අටකින් යුතු මාර්ගය. නිවැරදි දෘෂ්ටිය, නිවැරදි සංකල්පනා, නිවැරදි වචන, නිවැරදි කර්මාන්ත, නිවැරදි ආජීවය, නිවැරදි වෑයම, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය. අවයව අට සම්මා සම්බෝධි අධිගමයට උපාය වූ මාර්ගයයි. භාවෙථ වඩව්! මෙනෙහි කරවු! මේ බුදුවරුන්ගේ අනුශාසනාවයි. මේ කථා වර්ණනා කිරීම මැනවින් දෙසීම බුදුවරුන්ගේ අනුශාසනාවයි යන අර්ථයයි.

සමාගතා බහූ බුද‍්ධාති අනෙකසතසහස‍්සසඞ‍්ඛ්‍යා පච‍්චෙකබුද‍්ධා සමාගතා රාසිභූතා, සබ‍්බසො සබ‍්බප‍්පකාරෙන අරහන‍්තා ච ඛීණාසවා අනෙකසතසහස‍්සා සමාගතා රාසිභූතා. තස‍්මා තෙ බුද‍්ධෙ ච අරහන‍්තෙ ච වන්‍දමානෙ වන්‍දනාරහෙ නමස‍්සථ අඞ‍්ගපච‍්චඞ‍්ගනමක‍්කාරෙන නමස‍්සථ වන්‍දථ.

සමාගතා බහුබුද්ධා යනු නොයෙක් සියදහස් ගණන්, සංඛ්‍යාත පසේබුදුවරු සමන්විතව රැස්වූවෝ සබ්බසො සර්ව ප්‍රකාරයෙන් අර්හත් වූ ක්‍ෂීණාශ්‍රව වූ නොයෙක් සියදහස් ගණනක්. සමාගතා රැස්වූවා. එහෙයින් ඒ බුදුවරුද රහතන් වහන්සේද, වන්දනාමාන කරන්නේ වැඳීමට සුදුසු වන්නේ. නමස්සථ අංග අටකින් අංග පහකින් නමස්කාර කරමින් නමස්කාර කරවු. වඳිවු.

එවං ඉමිනා මයා වුත‍්තප‍්පකාරෙන අචින‍්තියා චින‍්තෙතුං අසක‍්කුණෙය්‍යා, බුද‍්ධා, බුද‍්ධධම‍්මාති බුද‍්ධෙහි දෙසිතා චත‍්තාරො සතිපට‍්ඨානා…පෙ… අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, පඤ‍්චක‍්ඛන්‍ධා, හෙතුපච‍්චයො ආරම‍්මණපච‍්චයොතිආදයො ධම‍්මා, බුද‍්ධානං වා සභාවා අචින‍්තියා චින‍්තෙතුං අසක‍්කුණෙය්‍යා, අචින‍්තියෙ චින‍්තාවිසයාතික‍්කන‍්තෙ පසන‍්නානං දෙවමනුස‍්සානං විපාකො දෙවමනුස‍්සසම‍්පත‍්තිනිබ‍්බානසම‍්පත‍්තිසඞ‍්ඛාතො චින‍්තෙතුං අසක‍්කුණෙය්‍යො සඞ‍්ඛ්‍යාතික‍්කන‍්තො හොති භවති.

එවං මේ මා විසින් කියන ලද අයුරින්. අචින්තියා සිතීමට නොහැකි වන්නේය. බුද්ධා බුදුවරු. ධම්මා බුදුවරුන් විසින් දේශිත සතර සතිපට්ඨාන ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංචස්කන්ධය, හේතු-ඵල දහම ආරම්මණ ආදී ප්‍රත්‍ය ධර්මයෝ. ධර්මය බුදුවරුන්ගේ ස්වභාවය. අචින්තියා සිතීමට නොහැකි වන්නේය. අචින්තියෙසු සිතීමට නොහැකි වූ විෂම වූ ඉක්මවා යන කල්හි පැහැදුණා වූ දේව මනුෂ්‍යයන්ගේ. විපාකො දිව්‍ය මනුෂ්‍ය සම්පත් නිර්වාණ සම්පත් සංඛ්‍යාත සිතීමට නොහැකි වන්නා වූ සංඛ්‍යා ඉක්මවා යන්නා වූ වෙයි.

ඉති එත‍්තාවතා ච යථා අද‍්ධානගාමිනො “මග‍්ගං නො ආචික‍්ඛා”ති පුට‍්ඨෙන “වාමං මුඤ‍්චිත්‍වා දක‍්ඛිණං ගණ‍්හථා”ති වුත‍්තෙ තෙන මග‍්ගෙන ගාමනිගමරාජධානීසු කත‍්තබ‍්බකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා පුන මුඤ‍්චිතෙන අපරෙන වාමමග‍්ගෙන ගතාපි ගාමනිගමාදීසු කත‍්තබ‍්බකිච‍්චං නිට‍්ඨාපෙන‍්ති, එවමෙව බුද‍්ධාපදානං කුසලාපදානවසෙන නිට‍්ඨාපෙත්‍වා තදෙව අකුසලාපදානවසෙන විත්‍ථාරෙතුං ඉදං පඤ‍්හකම‍්මං –

මෙසේ, මෙපමණ වූද යම්සේ නිවන් මාර්ගයට ප්‍රකාශ කරවු යයි වම් අතින් මුදා දකුණත ගනිවු යයි කී කල්හි ඒ මාර්ගයෙන් ගොස් ග්‍රාම නිගම රාජධානිවල කළයුතු කෘත්‍යය නිමවා, නැවත මිදුණේ වෙනත් වම් මාර්ගයකින් ගියේද, ගම් නියම්ගම්වල කළයුතු කෘත්‍යය නිමකරති. එපරිදි බුද්ධ අපදාන, කුසලදාන වශයෙන් නිමවා එයම අකුශලපදාන වශයෙන් විස්තර කිරීමට මේ ප්‍රශ්නය :-

“දුක‍්කරඤ‍්ච අබ‍්භක‍්ඛානං, අබ‍්භක‍්ඛානං පුනාපරං; අබ‍්භක‍්ඛානං සිලාවෙධො, සකලිකාපි ච වෙදනා.

“දුෂ්කර වූද, අසත්‍ය දොස් දැකීමද යළි යළිත් අසත්‍යයෙන් දෝෂාරෝපණය කිරීමද ගල්වල ඇනීමද, කැට කැබලිවලින් වන වේදනාවද,

“නාළාගිරි සත‍්තච‍්ඡෙදො, සීසදුක‍්ඛං යවඛාදනං; පිට‍්ඨිදුක‍්ඛමතීසාරො, ඉමෙ අකුසලකාරණා”ති.

නාලාගිරිද, සැතිත් කැපීමද, ශීර්ෂාබාධද, යවකෑමද පිටෙහි අමාරුවද, අතීසාරයද, මේ අකුසල කාරණා වේ.”

අත්‍ථ පඨමපඤ‍්හෙ – දුක‍්කරන‍්ති ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකා. අතීතෙ කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බොධිසත‍්තො ජොතිපාලො නාම බ්‍රාහ‍්මණමාණවො හුත්‍වා නිබ‍්බත‍්තො බ්‍රාහ‍්මණජාතිවසෙන සාසනෙ අප‍්පසන‍්නො තස‍්ස භගවතො පිලොතිකකම‍්මනිස‍්සන්‍දෙන “කස‍්සපො භගවා”ති සුත්‍වා “කුතො මුණ‍්ඩකස‍්ස සමණස‍්ස බොධි, බොධි පරමදුල‍්ලභා”ති ආහ. සො තෙන කම‍්මනිස‍්සන්‍දෙන අනෙකජාතිසතෙසු නරකාදිදුක‍්ඛමනුභවිත්‍වා තස‍්සෙව භගවතො අනන‍්තරං තෙනෙව ලද‍්ධබ්‍යාකරණෙන කම‍්මෙන ජාතිසංසාරං ඛෙපෙත්‍වා පරියොසානෙ වෙස‍්සන‍්තරත‍්තභාවං පත්‍වා තතො චුතො තුසිතභවනෙ නිබ‍්බත‍්තො. දෙවතායාචනෙන තතො චවිත්‍වා සක්‍යකුලෙ නිබ‍්බත‍්තො ඤාණස‍්ස පරිපාකත‍්තා සකලජම‍්බුදීපරජ‍්ජං පහාය අනොමානදීතීරෙ සුනිසිතෙනාසිනා සමකුටකෙසකලාපං ඡින්‍දිත්‍වා බ්‍රහ‍්මුනා ආනීතෙ ඉද‍්ධිමයෙ කප‍්පස‍්ස සණ‍්ඨානකාලෙ පදුමගබ‍්භෙ නිබ‍්බත‍්තෙ අට‍්ඨ පරික‍්ඛාරෙ පටිග‍්ගහෙත්‍වා පබ‍්බජිත්‍වා බොධිඤාණදස‍්සනස‍්ස තාව අපරිපක‍්කත‍්තා බුද‍්ධභාවාය මග‍්ගාමග‍්ගං අජානිත්‍වා ඡබ‍්බස‍්සානි උරුවෙලජනපදෙ එකාහාරඑකාලොපඑකපුග‍්ගලඑකමග‍්ගඑකාසනභොජනවසෙන අට‍්ඨිචම‍්මනහාරුසෙසං නිම‍්මංසරුධිරපෙතරූපසදිසසරීරො පධානසුත‍්තෙ (සු· නි· 427 ආදයො) වුත‍්තනයෙනෙව පධානං මහාවීරියං දුක‍්කරකාරිකං අකාසි. සො ඉමං දුක‍්කරකාරිකං “සම‍්බොධියා මග‍්ගං න හොතී”ති චින‍්තෙත්‍වා ගාමනිගමරාජධානීසු පණීතාහාරං පරිභුඤ‍්ජිත්‍වා පීණින්‍ද්‍රියො පරිපුණ‍්ණද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණො කමෙන බොධිමණ‍්ඩමුපගන‍්ත්‍වා පඤ‍්ච මාරෙ ජිනිත්‍වා බුද‍්ධො ජාතොති.

එහි පළමු ප්‍රශ්නය :- දුක්කරං යනු වර්ෂ හයක් දුෂ්කර ක්‍රියා කරන ලද්දේ අතීතයේ කාශ්‍යප සම්මා සම්බුදුරදුන්ගේ කාලයේ බෝධිසත්ත්ව තෙම ජෝතිපාල නම් බ්‍රාහ්මණ මානවකයා වී උපන්නේ, බ්‍රාහ්මණ ජාති වශයෙන් ශාසනයෙහි අප්‍රසන්න වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේට කඩමාළු රෙද්දක් තුළින් උපන් බැවින් කාශ්‍යප භාග්‍යවතුන් යයි අසා, කරන ලද මුණ්ඩක ශ්‍රමණයාගේ බෝධිය ඉතාම දුර්ලභ යයි කීවේය. ඔහු ඒ කර්මය නිසාවෙන් නොයෙක් ජාති සිය ගණනක දුක් අනුභව කොට ඒ බුදුරදුන් කෙරෙන්ම ලද වියරණ ඇත්තේ. අනතුරුව, ඒ කර්මයෙන්ම ඉපදීම සංසාරය ගෙවා දමා අවසානයේ වෙස්සන්තර ආත්මභාවයට පැමිණ අනතුරුව චුත වී තුසිත භවනයේ උපන්නේ දේවතාවන්ගේ ආයාචනයෙන් එතැනින් චුතවී ශාක්‍ය කුලයේ උපන්නේ, නුවණ මුහුකුරා ගිය බැවින් සියලු දඹදිව රාජ්‍ය හැරදමා අනෝමා ගංතෙර සිනිදු තලාවේ හුන්නේ, සමලෙස කෙස් කලාපය සිඳදමා බ්‍රහ්මයා විසින් ගෙන එන ලද, සෘද්ධිමය වූ කල්පය කෙළවර වන කාලයේ පියුම් ගැබෙහි උපන් අෂ්ට පරිෂ්කාර පිළිගෙන පැවිදි වී බෝධි ඤාණදර්ශනයට ඒතාක් මුහුකුරා නොගිය බැවින් බුද්ධභාවයට වූ මාර්ග අමාර්ග නොදැන සය වර්ෂයක් උරුවෙලා ජනපදයේ එකම ආහාරයෙන් එකම ඵලයෙන් එකම සහල් ඇටයෙන් ඒකාසන භෝජන වශයෙන් ඇට මස් සම් නහර ඉතිරිවන සේ මස් රහිත රුධිරය රහිත ප්‍රේතයකු සදිසි රූපය ඇත්තකු වී මහාපදාන සූත්‍රයෙහි හෙතම මේ දුෂ්කරක්‍රියාව සම්බෝධියට මාර්ගය නොවේයයි සිතා ගම්නියම් රාජධානිවලදී ප්‍රණීත ආහාරපාන වළඳා පිනන ලද ඉඳුරන් ඇත්තේ පිරිපුන් දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණවලින් යුතුව ඒ බෝමැඩ වෙත එළඹ පස්මරුන් දිනා බුදුබවට පත්වූයේ,

“අවචාහං ජොතිපාලො, සුගතං කස‍්සපං තදා; කුතො නු බොධි මුණ‍්ඩස‍්ස, බොධි පරමදුල‍්ලභා.

“එකල මම කස්සප සුගත සමයේ ජෝතිපාලට ඇවිද්දේ බෝධිය මුඩු නිසාවෙන් කී නිසා අවබෝධ ඤාණය පරම දුර්ලභ විය.

“තෙන කම‍්මවිපාකෙන, අචරිං දුක‍්කරං බහුං; ඡබ‍්බස‍්සානුරුවෙලායං, තතො බොධිමපාපුණිං.

ඒ කර්ම විපාක නිසාවෙන් බොහෝ දුෂ්කරතා ලැබ හැසිරුණෙමි. අනතුරුව බෝධිය පතා සයවසක් උරුවේලාවට පැමිණියෙමි.

“නාහං එතෙන මග‍්ගෙන, පාපුණිං බොධිමුත‍්තමං; කුම‍්මග‍්ගෙන ගවෙසිස‍්සං, පුබ‍්බකම‍්මෙන වාරිතො.

ඒ මම ඒ මාර්ගයෙන් උතුම් වූ බෝධියට පැමිණියෙමි. පෙර කර්ම විසින් කරන ලද දුර්මාර්ගය නොසොයන්නෙමි.

“පුඤ‍්ඤපාපපරික‍්ඛීණො, සබ‍්බසන‍්තාපවජ‍්ජිතො; අසොකො අනුපායාසො, නිබ‍්බායිස‍්සමනාසවො”ති. (අප· ථෙර 1.39.92-95);

සියළු ලෙස සිත් පිරිසිදු කර පින පව දැනගැනීමෙන් ශෝක රහිත, උපායාස නැති ආශ්‍රව රහිත නිවනට පැමිණෙන්නෙමි.”

දුතියපඤ‍්හෙ – අබ‍්භක‍්ඛානන‍්ති අභි අක‍්ඛානං පරිභාසනං. අතීතෙ කිර බොධිසත‍්තො සුද‍්දකුලෙ ජාතො අපාකටො අප‍්පසිද‍්ධො මුනාළි නාම ධුත‍්තො හුත්‍වා පටිවසති. තදා මහිද‍්ධිකො මහානුභාවො සුරභි නාම පච‍්චෙකබුද‍්ධො කෙනචි කරණීයෙන තස‍්ස සමීපට‍්ඨානං පාපුණි. සො තං දිස‍්වාව “දුස‍්සීලො පාපධම‍්මො අයං සමණො”තිආදිනා අබ‍්භාචික‍්ඛි. සො තෙන අකුසලනිස‍්සන්‍දෙන නරකාදීසු අනෙකවස‍්සසහස‍්සානි දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ යදා තිත්‍ථියා පඨමතරං භගවතො තුසිතභවනෙ වසනසමයෙ ච පාකටා හුත්‍වා සකලජනං වඤ‍්චෙත්‍වා ද‍්වාසට‍්ඨිදිට‍්ඨියො දීපෙත්‍වා විචරන‍්ති, තදා තුසිතපුරා චවිත්‍වා සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කමෙන බුද‍්ධො ජාතො. තිත්‍ථියා සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකා විය විහතලාභසක‍්කාරා භගවති ආඝාතං බන්‍ධිත්‍වා විචරන‍්ති. තස‍්මිං සමයෙ රාජගහසෙට‍්ඨි ගඞ‍්ගාය ජාලං බන්‍ධිත්‍වා කීළන‍්තො රත‍්තචන්‍දනඝටිකං දිස‍්වා අම‍්හාකං ගෙහෙ චන්‍දනානි බහූනි, ඉමං භමං ආරොපෙත්‍වා තෙන භමකාරෙහි පත‍්තං ලිඛාපෙත්‍වා වෙළුපරම‍්පරාය ලග‍්ගෙත්‍වා “යෙ ඉමං පත‍්තං ඉද‍්ධියා ආගන‍්ත්‍වා ගණ‍්හන‍්ති, තෙසං භත‍්තිකො භවිස‍්සාමී”ති භෙරිං චරාපෙසි.

දෙවෙනි ප්‍රශ්නයෙහි - අබ්භක්ඛානං යනු අභි අක්ඛානං බොරුවෙන් දෝෂාරෝපණය කිරීම. අපහාස කිරීමයි. අතීතයේ බෝසත් තෙම ශුද්‍ර කුලයෙහි ඉපිද අප්‍රකට අප්‍රසිද්ධ මුනාලි නම් ධූර්තයෙක් වී වාසය කරයි. එකල මහත් සෘද්ධි ඇති මහානුභාව සුරභි නම් පසේ බුදුරදුන් කිසියම් කාරණයකට ඔහුගේ සමීපයට පැමිණි සේක. හෙතම උන්වහන්සේ දැක දුස්සීල පාපධර්මයකි. මේ ශ්‍රමණයා ආදී වශයෙන් දෝෂාරෝපණය කළෙමි. හෙතම ඒ අකුසලය නිසාවෙන් නොයෙක් වර්ණ සිය දහස් ගණනක් දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ යම්කලෙක තීර්ථකයෝ පළමුව බුදුරදුන් තුසිත භවනයේ වාසය කරන සමයේ ප්‍රකට වී සියළු ජනයා රවටා දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිවලින් බබලවා හැසිරුණහ. එකල තුසිත පුරයෙන් නික්ම ශාක්‍යරාජ කුලයේ ඉපිද ක්‍රමයෙන් බුදුබවට පත්විය. තීර්ථකයෝ හිරු උදාවනවිට කළාමැදිරියන් මෙන් පහවූ ලාභ සත්කාර ඇත්තේ, බුදුරදුන් කෙරෙහි වෛර බැඳ හැසිරෙත්. එසමයෙහි රජගහනුවර සිටුතුමා ගංගාවේ ජලය බැඳ සෙල්ලම් කරන්නේ රත්සඳුන් කලයක් දැක අපගේ ගෙදර සඳුන් බොහෝ ඇත. මෙම දියසුළියකට නංවා දියසුළියක ආකාරයෙන් පාත්‍රයක ලියා තබා උණපඳුරේ ලග්ගවා යමෙක් මේ පාත්‍රය සෘද්ධියෙන් අවුත් ගනිත්ද? ඔවුන්ට බත පිරිනමන්නෙමියි බෙරහඬ නංවාලීය.

තදා තිත්‍ථියා “නට‍්ඨම‍්හා දානි නට‍්ඨම‍්හා දානී”ති මන‍්තෙත්‍වා නිගණ‍්ඨො නාටපුත‍්තො සකපරිසං එවමාහ – “අහං වෙළුසමීපං ගන‍්ත්‍වා ආකාසෙ උල‍්ලඞ‍්ගනාකාරං කරොමි, ‘තුම‍්හෙ ඡවදාරුමයං පත‍්තං පටිච‍්ච මා ඉද‍්ධිං කරොථා’ති මං ඛන්‍ධෙ ගහෙත්‍වා වාරෙථා”ති, තෙ තථා ගන‍්ත්‍වා තථා අකංසු.

එදා තීර්ථකයෝ දැන් නටුයේ වෙමු. දැන් නටුයේ වෙමුයි සාකච්ඡා කළහ. නිගණ්ඨනාථපුත්ත සිය පිරිසට මෙසේ කීවේය. මම උණගස් සමීපයට ගොස් අහසේ එල්ලෙන බවක් හඟවමි. නුඹලා බාල ලීයකින් උපන් පාත්‍රයක් නිසා සෘද්ධිය නොකරවු යයි මාව කඳින් අල්ලාගෙන වලක්වවු යයි ඔවුහු එහි ගොස් එසේ කළහ.

තදා පිණ‍්ඩොලභාරද‍්වාජො ච මොග‍්ගල‍්ලානො ච තිගාවුතෙ සෙලපබ‍්බතමත්‍ථකෙ ඨත්‍වා පිණ‍්ඩපාතගණ‍්හනත්‍ථාය චීවරං පාරුපන‍්තා තං කොලාහලං සුණිංසු. තෙසු මොග‍්ගල‍්ලානො පිණ‍්ඩොලභාරද‍්වාජං “ත්‍වං ආකාසෙන ගන‍්ත්‍වා තං පත‍්තං ගණ‍්හාහී”ති ආහ. සො “භන‍්තෙ, තුම‍්හෙයෙව භගවතා ඉද‍්ධිමන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපිතා, තුම‍්හෙව ගණ‍්හථා”ති ආහ. තථාපි “මයා ආණත‍්තො ත්‍වමෙව ගණ‍්හාහී”ති ආණත‍්තො අත‍්තනා ඨිතං තිගාවුතං සෙලපබ‍්බතං පාදතලෙ ලග‍්ගෙත්‍වා උක‍්ඛලියා පිධානං විය සකලරාජගහනගරං ඡාදෙසි, තදා නගරවාසිනො ඵළිකපබ‍්බතෙ ආවුතං රත‍්තසුත‍්තමිව තං ථෙරං පස‍්සිත්‍වා “භන‍්තෙ භාරද‍්වාජ, අම‍්හෙ රක‍්ඛථා”ති උග‍්ඝොසයිංසු, භීතා සුප‍්පාදීනි සීසෙ අකංසු. තදා ථෙරො තං පබ‍්බතං ඨිතට‍්ඨානෙ විස‍්සජ‍්ජෙත්‍වා ඉද‍්ධියා ගන‍්ත්‍වා තං පත‍්තං අග‍්ගහෙසි, තදා නගරවාසිනො මහාකොලාහලමකංසු.

එකල පිණ්ඩෝල භාරද්වාජ මොග්ගල්ලාන ද තුන්ගව්වක් පමණ ගල්තලාවක සිට, පිණ්ඩපාතයට ගමන් කරන්නේ සිවුරු පොරවමින් ඒ කෝලාහලය ඇසූහ. ඒ අතර මොග්ගල්ලාන තෙරුන් පිණ්ඩෝල භාරද්වාජට නුඹ අහසින් ගොස් ඒ පාත්‍රය ගන්නැයි කීවේය. හෙතම, ස්වාමීනි, ඔබවම බුදුරදුන් සෘද්ධිමතුන් අතර අග්‍ර තනතුරේ තබන ලද්දේ, නුඹවහන්සේම ගන්නැයි කීවාහුය. එසේවුවත් මා විසින් අණ කරන බැවින් ඔබම ගන්නැයි අණ ලද බැවින් තමන් සිටි තුන්ගව්වක් පමණ ගල් පර්වතයට පා තලයෙන් ලැග සැළියකින් වසන ලද මෙන් මුළු රජගහ නුවරම වසාලීය. එකල නගරවැසියෝ පළිඟු පර්වතයේ ආවරණය වූ රතුනූලක් මෙන් ඒ තෙරුන් දැක ස්වාමීනි, භාරද්වාජ අපව රකිවු! යනුවෙන් උද්ඝෝෂණය කළහ. බියට පත්වූවෝ නිදාගැනීම් ආදියද කළහ. එකල ඒ තෙරුන් ඒ පර්වතය පිහිටි ස්ථානය විසුරුවා හැර සෘද්ධියෙන් ගොස් ඒ පාත්‍රය ගත්තේය. එකල නුවරවැසියෝ මහා කෝලාහල කළහ.

භගවා වෙළුවනාරාමෙ නිසින‍්නො තං සද‍්දං සුත්‍වා “කිං එසො සද‍්දො”ති ආනන්‍දං පුච‍්ඡි. “භාරද‍්වාජෙන, භන‍්තෙ, පත‍්තස‍්ස ගහිතත‍්තා සන‍්තුට‍්ඨා නගරවාසිනො උක‍්කුට‍්ඨිසද‍්දමකංසූ”ති ආහ. තදා භගවා ආයතිං පරූපවාදමොචනත්‍ථං තං පත‍්තං ආහරාපෙත්‍වා භෙදාපෙත්‍වා අඤ‍්ජනුපපිසනං කත්‍වා භික‍්ඛූනං දාපෙසි, දාපෙත්‍වා ච පන “න, භික‍්ඛවෙ, ඉද‍්ධිවිකුබ‍්බනා කාතබ‍්බා, යො කරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (චූළව· 252 ථොකං විසදිසං) සික‍්ඛාපදං පඤ‍්ඤාපෙසි.

බුදුරදුන් වේළුවනාරාමයේ වසන්නේ ඒ ශබ්දය අසා මේ ශබ්දය කුමක්දැයි ආනන්ද තෙරුන්ගෙන් විචාළ සේක. ස්වාමීනි, භාරද්වාජ විසින් පාත්‍රය ගත් බැවින් සතුටුවූ නගරවාසීහු උස්හඬ කළහයි කීවේය. බුදුරදුන් එකල මතු සිදුවිය හැකි අනුන්ගේ උපවාද මිදීම පිණිස ඒ පාත්‍රය ගෙන්වාගෙන බිඳවා අඳුන් ආලේපකොට භික්‍ෂූන්ට දුන් සේක. දී වනාහි “මහණෙනි, සෘද්ධි ප්‍රාතිහාර්ය නොකළ යුතුය. කරන්නේ නම් දූකුළා පැවැත්වේ යයි ශික්‍ෂාපදයක් පැනවීය.

තතො තිත්‍ථියා “සමණෙන කිර ගොතමෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, තෙ ජීවිතහෙතුපි තං නාතික‍්කමන‍්ති, මයං ඉද‍්ධිපාටිහාරියං කරිස‍්සාමා”ති තත්‍ථ තත්‍ථ රාසිභූතා කොලාහලමකංසු. අථ රාජා බිම‍්බිසාරො තං සුත්‍වා භගවතො සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො භගවන‍්තමෙවමාහ – “තිත්‍ථියා, භන‍්තෙ, ‘ඉද‍්ධිපාටිහාරියං කරිස‍්සාමා’ති උග‍්ඝොසෙන‍්තී”ති. “අහම‍්පි, මහාරාජ, කරිස‍්සාමී”ති. “නනු, භන‍්තෙ, භගවතා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්ත”න‍්ති. “තමෙව, මහාරාජ, පුච‍්ඡිස‍්සාමි, තවුය්‍යානෙ අම‍්බඵලාදීනි ඛාදන‍්තානං ‘එත‍්තකො දණ‍්ඩො’ති දණ‍්ඩං ඨපෙන‍්තො තවාපි එකතො කත්‍වා ඨපෙසී”ති. “න මය‍්හං, භන‍්තෙ, දණ‍්ඩො”ති. “එවං, මහාරාජ, න මය‍්හං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං අත්‍ථී”ති. “කත්‍ථ, භන‍්තෙ, පාටිහාරියං භවිස‍්සතී”ති? “සාවත්‍ථියා සමීපෙ කණ‍්ඩම‍්බරුක‍්ඛමූලෙ, මහාරාජා”ති. “සාධු, භන‍්තෙ, තං පස‍්සිස‍්සාමා”ති. තතො තිත්‍ථියා “කණ‍්ඩම‍්බරුක‍්ඛමූලෙ කිර පාටිහාරියං භවිස‍්සතී”ති සුත්‍වා නගරස‍්ස සාමන‍්තා අම‍්බරුක‍්ඛෙ ඡෙදාපෙසුං, නාගරා මහාඅඞ‍්ගණට‍්ඨානෙ මඤ‍්චාතිමඤ‍්චං අට‍්ටාදයො බන්‍ධිංසු, සකලජම‍්බුදීපවාසිනො රාසිභූතා පුරත්‍ථිමදිසායමෙව ද‍්වාදසයොජනානි ඵරිත්‍වා අට‍්ඨංසු. සෙසදිසාසුපි තදනුරූපෙනාකාරෙන සන‍්නිපතිංසු.

ඉක්බිති තීර්ථකයෝ ශ්‍රමණභවත් ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවන ලද්දේ ඒවා ජීවිතය නිසාවත් ඉක්මවා නොයති. අපි සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නෙමුයි ඒ ඒ තැන රැස්වී කෝලාහල කළහ. ඉක්බිති බිම්බිසාර රජු ඒ අසා බුදුරදුන් සමීපයට ගොස් වැඳ එකත්පසක හුන්නේ බුදුරදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි, තීර්ථකයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නෙමු යයි උද්ඝෝෂණය කරති. මහරජ, මමද කරන්නෙමි. ස්වාමීනි, නොයන්න. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවත්ද? එසේම මහරජ ඔබගෙන් විචාරන්නෙමි. ඔබගේ උයනේ අඹගෙඩි ආදිය කන්නවුන්ට මෙපමණ දඬුවම් යයි දඬුවම් කරන්නේ එයද එකක්කොට තැබුවේය. ස්වාමීනි මටද දඬුවමක් නැත. මෙසේ මහරජ මටද ශික්‍ෂාපද පැනවීමක් නැත. ස්වාමීනි කෙසේ ප්‍රාතිහාර්ය කරන්නේද? මහරජ සැවැත්නුවර සමීපයේ අඹ ගස මුලය. යහපති ස්වාමීනි, එය බලන්නෙමුයි ඉක්බිති තීර්ථකයෝ අඹගස මුල ප්‍රාතිහාර්ය පවත්වන්නේ යයි අසා නගරය හාත්පස අඹගස් කපාලූහ. නගරවැසියෝ මහා අංගනයෙහි ඇඳන් ඉක්මවා යන අට්ටාල බැන්දවූහ. සියලු දඹදිව වැසියෝ රැස්වී පෙරදිග දිශාවේ දොළොස් යොදුනක් පැතිරී සිටියහ. සෙසු දිශාවලද ඒ ආකාරයෙන්ම රැස් වූහ.

භගවාපි කාලෙ සම‍්පත‍්තෙ ආසාළ‍්හිපුණ‍්ණමාසියං පාතොව කත‍්තබ‍්බකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා තං ඨානං ගන‍්ත්‍වා නිසීදි. තස‍්මිං ඛණෙ කණ‍්ඩො නාම උය්‍යානපාලො කිපිල‍්ලිකපුටෙ සුපක‍්කං අම‍්බඵලං දිස‍්වා “සචාහං ඉමං රඤ‍්ඤො දදෙය්‍යං, කහාපණාදිසාරං ලභෙය්‍යං, භගවතො උපනාමිතෙ පන ඉධලොකපරලොකෙසු සම‍්පත‍්ති භවිස‍්සතී”ති භගවතො උපනාමෙසි. භගවා තං පටිග‍්ගහෙත්‍වා ආනන්‍දත්‍ථෙරං ආණාපෙසි – “ඉමං ඵලං මද‍්දිත්‍වා පානං දෙහී”ති. ථෙරො තථා අකාසි. භගවා අම‍්බරසං පිවිත්‍වා අම‍්බට‍්ඨිං උය්‍යානපාලස‍්ස දත්‍වා “ඉමං රොපෙහී”ති ආහ. සො වාලුකං වියූහිත්‍වා තං රොපෙසි, ආනන්‍දත්‍ථෙරො කුණ‍්ඩිකාය උදකං ආසිඤ‍්චි. තස‍්මිං ඛණෙ අම‍්බඞ‍්කුරො උට‍්ඨහිත්‍වා මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව සාඛාවිටපපුප‍්ඵඵලපල‍්ලවභරිතො පඤ‍්ඤායිත්‍ථ. පතිතං අම‍්බඵලං ඛාදන‍්තා සකලජම‍්බුදීපවාසිනො ඛයං පාපෙතුං නාසක‍්ඛිංසු.

බුදුරදුන්ද කාලය පැමිණි කල්හි ඇසළ පෝදා උදෑසන කළයුතු කිස නිමවා ඒ ස්ථානයට ගොස් වැඩසිටි සේක. එකෙණෙහි ගණ්ඩබ්බ නම් උයන්පල්ලා කුඹියහින්න ගසක ඉදුණු අඹගෙඩියක් දැක ඉදින් මම මෙය රජුට දෙන්නේ නම් කහවනු අධිලාභයක් ලබන්නෙමි. බුදුරදුන්ට දුන් කල්හි මෙලොව පරලොව යහපත වන්නේ යයි බුදුරදුන්ට පිළිගැන්වීය. බුදුරදුන් එය පිළිගෙන ආනන්ද තෙරුන්ට අණකළ සේක. මේ ගෙඩිය ගෙන මිරිකා පානයක් දෙන්න. තෙර්න් එසේ කළහ. බුදුරදුන් අඹරස පානයකොට අඹඇටය උයන්පල්ලාට දී මෙය රෝපණය කරන්නැයි වදාළහ. ඔහු වැලි ඉවත්කොට එය රෝපණය කළේය. ආනන්ද තෙරුන් කෙණ්ඩියෙන් ජලය දැම්යෙ. එකෙණෙහි අඹ අංකුරයක් පැන නැගී ජනතාව බලා සිටිද්දීම අතු වෙළෙප් සම්පන්නව, ගෙඩි බරින් යුතුව ප්‍රකට විය. වැටුණු අඹගෙඩි කන්නා වූ සියළු දඹදිව වැසියෝ නිමකිරීමට නොහැකි වූහ.

අථ භගවා පුරත්‍ථිමචක‍්කවාළතො යාව පච‍්ඡිමචක‍්කවාළං, තාව ඉමස‍්මිං චක‍්කවාළෙ මහාමෙරුමුද‍්ධනි රතනචඞ‍්කමං මාපෙත්‍වා අනෙකපරිසාහි සීහනාදං නදාපෙන‍්තො ධම‍්මපදට‍්ඨකථායං වුත‍්තනයෙන මහාඉද‍්ධිපාටිහාරියං කත්‍වා තිත්‍ථියෙ මද‍්දිත්‍වා තෙ විප‍්පකාරං පාපෙත්‍වා පාටිහීරාවසානෙ පුරිමබුද‍්ධාචිණ‍්ණවසෙන තාවතිංසභවනං ගන‍්ත්‍වා තත්‍ථ වස‍්සංවුට‍්ඨො නිරන‍්තරං තෙමාසං අභිධම‍්මං දෙසෙත්‍වා මාතුප‍්පමුඛානං අනෙකදෙවතානං සොතාපත‍්තිමග‍්ගාධිගමනං කත්‍වා, වුට‍්ඨවස‍්සො දෙවොරොහනං කත්‍වා අනෙකදෙවබ්‍රහ‍්මගණපරිවුතො සඞ‍්කස‍්සපුරද‍්වාරං ඔරුය‍්හ ලොකානුග‍්ගහං අකාසි. තදා භගවතො ලාභසක‍්කාරො ජම‍්බුදීපමජ‍්ඣොත්‍ථරමානො පඤ‍්චමහාගඞ‍්ගා විය අහොසි.

ඉක්බිති බුදුරදුන් පෙරදිග සක්වලේ සිට පශ්චිම චක්‍රාවාටය දක්වා මේ සක්වලෙහි මහාමේරුව මුදුනේ රුවන් සක්මනක් මවා අනේක පිරිසක් සමග සිංහනාදය කරන්නේ ධම්මපදට්ඨ කථාවේ කියන ලද අයුරින් මහා සෘද්ධි ප්‍රාතිහාර්යක් පා තීර්ථකයන් දමනය කොට ඔවුන්ගේ විකාර හෙළා ප්‍රාතිහාර්ය අවසානයේ පෙර බුදුවරුන් පුරුදු කළ විලසින් තව්තිසා භවනයට ගොස් එහි වස් වසන ලද්දේ, නිරතුරුව තුන් මාසයක් අභිධර්මය දේශනාකොට මව ප්‍රමුඛ නොයෙක් දේවතාවන්ට සෝවාන් මාර්ග අධිගමය කොට වැසූ වස් ඇත්තේ දේවාරෝහණය කොට නොයෙක් දිව්‍ය බ්‍රහ්ම සේනාව පිරිවරා සංකස්ස පුර ද්වාරයට බැස ලොවට අනුග්‍රහ කළේය.

අථ තිත්‍ථියා පරිහීනලාභසක‍්කාරා දුක‍්ඛී දුම‍්මනා පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා නිසීදිංසු. තදා තෙසං උපාසිකා චිඤ‍්චමාණවිකා නාම අතිවිය රූපග‍්ගප‍්පත‍්තා තෙ තථා නිසින‍්නෙ දිස‍්වා “කිං, භන‍්තෙ, එවංදුක‍්ඛී දුම‍්මනා නිසින‍්නා”ති පුච‍්ඡි. “කිං පන ත්‍වං, භගිනි, අප‍්පොස‍්සුක‍්කාසී”ති? “කිං, භන‍්තෙ”ති? “භගිනි, සමණස‍්ස ගොතමස‍්ස උප‍්පාදකාලතො පට‍්ඨාය මයං හතලාභසක‍්කාරා, නගරවාසිනො අම‍්හෙ න කිඤ‍්චි මඤ‍්ඤන‍්තී”ති. “මයා එත්‍ථ කිං කාතබ‍්බ”න‍්ති? “තයා සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං උප‍්පාදෙතුං වට‍්ටතී”ති. සා “න මය‍්හං භාරො”ති වත්‍වා තත්‍ථ උස‍්සාහං කරොන‍්තී විකාලෙ ජෙතවනවිහාරං ගන‍්ත්‍වා තිත්‍ථියානං උපස‍්සයෙ වසිත්‍වා පාතො නගරවාසීනං ගන්‍ධාදීනි ගහෙත්‍වා භගවන‍්තං වන්‍දනත්‍ථාය ගමනසමයෙ ජෙතවනා විය නික‍්ඛන‍්තා, “කත්‍ථ සයිතා”ති පුට‍්ඨා “කිං තුම‍්හාකං මම සයිතට‍්ඨානෙනා”ති වත්‍වා පක‍්කාමි. සා කමෙන ගච‍්ඡන‍්තෙ කාලෙ පුච‍්ඡිතා “සමණෙනාහං ගොතමෙන එකගන්‍ධකුටියං සයිත්‍වා නික‍්ඛන‍්තා”ති ආහ. තං බාලපුථුජ‍්ජනා සද‍්දහිංසු, පණ‍්ඩිතා සොතාපන‍්නාදයො න සද‍්දහිංසු. එකදිවසං සා දාරුමණ‍්ඩලං උදරෙ බන්‍ධිත්‍වා උපරි රත‍්තපටං පරිදහිත්‍වා ගන‍්ත්‍වා සරාජිකාය පරිසාය ධම‍්මදෙසනත්‍ථාය නිසින‍්නං භගවන‍්තං එවමාහ – “භො සමණ, ත්‍වං ධම‍්මං දෙසෙසි, තුය‍්හං පටිච‍්ච උප‍්පන‍්නදාරකගබ‍්භිනියා මය‍්හං ලසුණමරිචාදීනි න විචාරෙසී”ති? “තථාභාවං, භගිනි, ත්‍වඤ‍්චෙව පජානාසි, අහඤ‍්චා”ති. සා “එවමෙව මෙථුනසංසග‍්ගසමයං ද‍්වෙයෙව ජානන‍්ති, න අඤ‍්ඤෙ”ති ආහ.

එකල බුදුරදුන් ලාභ සත්කාරවලින් ජම්බුද්වීපය උතුරා ගලා යන පංචමහා ගංගා මෙන් විය. ඉක්බිති තීර්ථකයෝ පිරිහුණු ලාභසත්කාර ඇත්තේ දුකට දොම්නසට පත් වූයේ බිම බලාගෙන හුන්හ. එකල ඔවුන්ගෙන් චිංචිමානවිකා නම් උපාසිකාව අතිශය රූපයෙන් අගතැන්පත්ව එසේ හුන්නා බව දැක ස්වාමීනි කිම, මෙසේ දුක් දොම්නසින් හුන්නේදැයි විචාලේය. කිම ඔබට නැගනිය අපහසුවක්ද? කිම ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් පහළවූ කාලයේ පටන් අපි නැසුණු ලාභ සත්කාර ඇත්තේ නගරවාසීහු අපට කිසිවක් නොදෙත්. මා විසින් මෙහි කුමක් කළ යුතුද? ඔබ විසින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට අවඥාවක් උපදවාලීමට වටී යනුවෙනි. එය මට භාර යයි පවසා එහිදී උත්සාහ කරත්. නුසුදුසු වේලාවේ ජේතවන විහාරයට ගොස් තීර්ථකයන්ගේ ආරාමයේ වාසයකොට උදෑසනම නුවරවැසියන් සුවඳ දෑ ආදිය රැගෙන බුදුරදුන් වැඳීම පිණිස යන වේලාවේ ජේතවනයෙන් පිටත් වන්නාක් මෙන් කොහේ නිදාගත්තේ දැයි විචාරණ ලදුව, නුඹලාට කිම, මම කොතැන නිදාගත්තද, යනුවෙන් පවසා පිටත්ව ගියාය. ඇය ක්‍රමයෙන් කාලය ගතවන කල්හි විචාරණ ලදුව මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමග එක ගන්ධකුටියේ නිදාගෙන නික්මෙන්නේ යයි කීවාය. එය බාල පෘථග්ජනයෝ විශ්වාස කළහ. සෝවාන් ඵලලාභී උගත්තු එය විශ්වාස නොකළහ. එක්දිනක් ඇය දරමිටියක් බඩේ බැඳගෙන මත්තෙහි රතු වස්ත්‍රයක් පොරවාගෙන ගොස් රජු සමග බණ අසන පිරිස ඉදිරියට ගොස් බුදුරදුන්ට මෙසේ කීවාය. මහා ශ්‍රමණය, ඔබ ධර්ම දේශනා කරන්නේය. ඔබ නිසා උපන් දරුගැබ දරන මට ලුණුමිරිසක්වත් දීමට නොවිචාරහි. ඒ ගැන නැගණිය ඔබම දැනගනුව. මම නම් මෙසේ මෛථුන සංසර්ගය කල කාලයක් දෙදෙනෙක්ම දනිත් අනිත් අය නොදනියි කීවේය.

තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා ද‍්වෙ දෙවපුත‍්තෙ ආණාපෙසි – “තුම‍්හෙසු එකො මූසිකවණ‍්ණං මාපෙත්‍වා තස‍්සා දාරුමණ‍්ඩලස‍්ස බන්‍ධනං ඡින්‍දතු, එකො වාතමණ‍්ඩලං සමුට‍්ඨාපෙත්‍වා පාරුතපටං උද‍්ධං ඛිපතූ”ති. තෙ ගන‍්ත්‍වා තථා අකංසු. දාරුමණ‍්ඩලං පතමානං තස‍්සා පාදපිට‍්ඨිං භින්‍දි. ධම‍්මසභායං සන‍්නිපතිතා පුථුජ‍්ජනා සබ‍්බෙ “අරෙ, දුට‍්ඨචොරි, ත්‍වං එවරූපස‍්ස ලොකත‍්තයසාමිනො එවරූපං අබ‍්භක‍්ඛානං අකාසී”ති උට‍්ඨහිත්‍වා එකෙකමුට‍්ඨිපහාරං දත්‍වා සභාය නීහරිංසු, දස‍්සනාතික‍්කන‍්තාය පථවී විවරමදාසි. තස‍්මිං ඛණෙ අවීචිතො ජාලා උට‍්ඨහිත්‍වා කුලදත‍්තිකෙන රත‍්තකම‍්බලෙනෙව තං අච‍්ඡාදෙත්‍වා අවීචිම‍්හි පක‍්ඛිපි, භගවතො ලාභසක‍්කාරො අතිරෙකතරො අහොසි. තෙන වුත‍්තං –

එකෙණෙහි ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවන බව පෙන්වීය. ශක්‍රයා ආවර්ජනය කරන්නේ ඒ කරුණ දැන දේවපුත්‍රයන් දෙදෙනෙකුට අණ කළේය. නුඹලා අතරින් එකකු මීයකුගේ විලාශයක් මවා ඒ දරමිටියේ බැම්ම කැපීමටද, එකකු වාත සමූහයක් මවා පොරවන ලද වස්ත්‍රය උඩට එසවාවා යනුවෙනි. ඔවුහු එසේ කළහ. දරමිටිය බිම වැටෙනවිට ඇගේ පාද පිටිතලය බිඳුණේය. දම්සභාවේ රැස්වුණා වූ පෘථග්ජනයෝ සියල්ල, බොල දුෂ්ට තැනැත්තිය, තෝ මෙබඳු ආකාර ලෝකනාථ ස්වාමියාණන්ට මෙබඳු ආකාර ලැජ්ජාවක් කළේයි නැගී සිට එක එක මිටි පහර බැගින් දී සභාවෙන් බැහැර කළහ. දර්ශනය ඉක්මවන කල්හි පොළොව විවර විය. එකෙණෙහි අවීචි නරකයෙන් ගිනිජාලාවක් නැගී සිට කුලයෙන් දුන් රතු පොරෝනාවත් සමග එය අන්දවා අවීචියට වැටුණේය. බුදුරදුන්ට ලාභ සත්කාර අතිරේකතර විය. ඒ නිසා කියන ලදි –

“සබ‍්බාභිභුස‍්ස බුද‍්ධස‍්ස, නන්‍දො නාමාසි සාවකො; තං අබ‍්භක‍්ඛාය නිරයෙ, චිරං සංසරිතං මයා.

“සියළු කෙලෙස් නැසූ බුදුවරුන්ට ශ්‍රාවකයා නොඉක්මවා යන්නේය. ඒ අපහාසය නිසා මා විසින් චිරාත් කලක් හැසිරුණෙමි.

“දසවස‍්සසහස‍්සානි, නිරයෙ සංසරිං චිරං; මනුස‍්සභාවං ලද‍්ධාහං, අබ‍්භක‍්ඛානං බහුං ලභිං.

වර්ෂ දස දහසක් අපායේ හැසිරුණෙමි. මම මිනිස් ආත්මභාවයක් ලැබද බොහෝ අපහාසවලට මුහුණ දුනිමි.

“තෙන කම‍්මාවසෙසෙන, චිඤ‍්චමාණවිකා මමං; අබ‍්භාචික‍්ඛි අභූතෙන, ජනකායස‍්ස අග‍්ගතො”ති. (අප· ථෙර 1.39.70-72);

ඒ කර්මවිපාක අවසන්වීම් වශයෙන් මට චිංචිමානවිකාව ජනකාය මැද අභූත චෝදනාවකින් අපහාස කළේ.”

තතියපඤ‍්හෙ – අබ‍්භක‍්ඛානන‍්ති අභි අක‍්ඛානං අක‍්කොසනං. අතීතෙ කිර බොධිසත‍්තො අපාකටජාතියං උප‍්පන‍්නො මුනාළි නාම ධුත‍්තො හුත්‍වා දුජ‍්ජනසංසග‍්ගබලෙන සුරභිං නාම පච‍්චෙකබුද‍්ධං “දුස‍්සීලො පාපධම‍්මො අයං භික‍්ඛූ”ති අක‍්කොසි. සො තෙන අකුසලෙන වචීකම‍්මෙන බහූනි වස‍්සසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ දසපාරමිතාසංසිද‍්ධිබලෙන බුද‍්ධො ජාතො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො අහොසි. පුන තිත්‍ථියා උස‍්සාහජාතා – “කථං නු ඛො සමණස‍්ස ගොතමස‍්ස අයසං උප‍්පාදෙස‍්සාමා”ති දුක‍්ඛී දුම‍්මනා නිසීදිංසු. තදා සුන්‍දරී නාමෙකා පරිබ‍්බාජිකා තෙ උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ඨිතා තුණ‍්හීභූතෙ කිඤ‍්චි අවදන‍්තෙ දිස‍්වා “කිං මය‍්හං දොසො”ති පුච‍්ඡි. “සමණෙන ගොතමෙන අම‍්හෙ විහෙඨියමානෙ ත්‍වං අප‍්පොස‍්සුක‍්කා විහරිස‍්සසි, ඉදං තව දොසො”ති. “එවමහං තත්‍ථ කිං කරිස‍්සාමී”ති? “ත්‍වං සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං උප‍්පාදෙතුං සක‍්ඛිස‍්සසී”ති? “සක‍්ඛිස‍්සාමි, අය්‍යා”ති වත්‍වා තතො පට‍්ඨාය වුත‍්තනයෙන දිට‍්ඨදිට‍්ඨානං “සමණෙන ගොතමෙන එකගන්‍ධකුටියං සයිත්‍වා නික‍්ඛන‍්තා”ති වත්‍වා අක‍්කොසති පරිභාසති. තිත්‍ථියාපි “පස‍්සථ, භො, සමණස‍්ස ගොතමස‍්ස කම‍්ම”න‍්ති අක‍්කොසන‍්ති පරිභාසන‍්ති. වුත‍්තඤ‍්හෙතං –

තුන්වෙනි ප්‍රශ්නයෙහි අබ්භක්ඛානං යනු අභිඅක්ඛානං අක්‍රෝෂණය අපහාසය. අතීතයේ බෝසත්හු අප්‍රකට ජාතියක උපන්නේ මුනාලි නම් ධූර්තයා වී දුර්ජන සංසර්ග බලයෙන් සුරභිනම් පසේ බුදුරදුන්ට මේ පාපකාරී දුශ්ශිල භික්‍ෂුවකැයි අපහාස කළේය. ඔහු ඒ අකුශල කර්මයෙන් අකුශල වචී කර්මයෙන් බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසී මේ විසූ ආත්මභාවයේ දසපාරමිතා පිරූ බලයෙන් බුදුබව ලැබුවේ ලාභයෙන් කීර්තියෙන් අගතැන්පත් විය. නැවත තීර්ථකයෝ කෙසේ නම් ශ්‍රමණ භවත් ගෞතමයන්ට අපකීර්තියක් උපදවන්නෙමුයි උත්සාහ කළෝය. දුකින් දොම්නසින් කල්ගත කළහ. එකල සුන්දරී නම් එක් පරිව්‍රාජිකාවක් ඔවුන් වෙත එළඹ වැඳ සිටියේ ඔවුන් නිශ්ශබ්දව සිටිකල්හි කිසිවක් නොකියන්නේ කිම මගේ දෝෂයක්දැයි විචාළාය. ශ්‍රමණභවත් ගෞතමයා අපව වෙහෙසට පත්කරවන කල්හි ඔබ අපහසුවක්දැයි විමසන්නේය. මෙය ඔබගේ දෝෂයක් යයි මෙසේ කීවේය. එහිදී කුමක් කරන්නෙම්ද? ඔබ ශ්‍රමණ ගෞතමයන්ට අපකීර්තියක් ඉපදවීමට හැකිවන්නෙහිද? ආර්යයනි, හැකිවන්නෙමි යයි පවසා එතැන් පටන් කියන ලද අයුරින් දකින දකින අයට ශ්‍රමණ භවත් ගෞතමයන් සමග එක ගඳකිළියේ වාසයකොට නික්ම ආවේ යයි කියා ආක්‍රෝෂ කරයි. පරිභව කරයි. තීර්ථකයෝද බලවු! ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ වැඩයයි අක්‍රෝෂ කරත්. පරිභව කරත්. මෙය මෙසේද කියන ලදි.

“මුනාළි නාමහං ධුත‍්තො, පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු; පච‍්චෙකබුද‍්ධං සුරභිං, අබ‍්භාචික‍්ඛිං අදූසකං.

“පෙර මම මුනාලි නම් ධූර්තයෙකු වූයෙමි පෙර වෙනත් ජාතියක සිට පසේ බුදුවරයෙකුට අභූත චෝදනාවලින් අවමන් කළෙමි

“තෙන කම‍්මවිපාකෙන, නිරයෙ සංසරිං චිරං; බහූ වස‍්සසහස‍්සානි, දුක‍්ඛං වෙදෙසි වෙදනං.

ඒ කර්ම විපාකයේ බලයෙන් මම නිරයෙහි සැරිසැරියෙමි බොහෝ වර්ෂ දහස් ගණනක් දුක් වේදනා වින්දෙමි.

“තෙන කම‍්මාවසෙසෙන, ඉධ පච‍්ඡිමකෙ භවෙ; අබ‍්භක‍්ඛානං මයා ලද‍්ධං, සුන්‍දරිකාය කාරණා”ති. (අප· ථෙර 1.39.67-69);

ඒ කර්ම විපාක අවසානයේ මේ පශ්චිමභාවයේ මා විසින් සුන්දරි විසින් කරන ලද අපහාස වින්දෙමි.”

චතුත්‍ථපඤ‍්හෙ – අබ‍්භක‍්ඛානං අභි විසෙසෙන අක‍්කොසනං පරිභාසනං. අතීතෙ කිර බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ උප‍්පන‍්නො බහුස‍්සුතො බහූහි සක‍්කතො පූජිතො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වනමූලඵලාහාරො බහුමාණවෙ මන‍්තෙ වාචෙන‍්තො වාසං කප‍්පෙසි. එකො පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තිලාභී තාපසො තස‍්ස සන‍්තිකං අගමාසි. සො තං දිස‍්වාව ඉස‍්සාපකතො තං අදූසකං ඉසිං “කාමභොගී කුහකො අයං ඉසී”ති අබ‍්භාචික‍්ඛි, අත‍්තනො සිස‍්සෙ ච ආහ – “අයං ඉසි එවරූපො අනාචාරකො”ති. තෙපි තථෙව අක‍්කොසිංසු පරිභාසිංසු. සො තෙන අකුසලකම‍්මවිපාකෙන වස‍්සසහස‍්සානි නිරයෙ දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ බුද‍්ධො හුත්‍වා ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො ආකාසෙ පුණ‍්ණචන්‍දො විය පාකටො ජාතො. තථෙව තිත්‍ථියා අබ‍්භක‍්ඛානෙනපි අසන‍්තුට‍්ඨා පුනපි සුන්‍දරියා අබ‍්භක‍්ඛානං කාරෙත්‍වා සුරාධුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා ලඤ‍්ජං දත්‍වා “තුම‍්හෙ සුන්‍දරිං මාරෙත්‍වා ජෙතවනද‍්වාරසමීපෙ මාලාකචවරෙන ඡාදෙථා”ති ආණාපෙසුං. තෙ තථා කරිංසු. තතො තිත්‍ථියා “සුන්‍දරිං න පස‍්සාමා”ති රඤ‍්ඤො ආරොචෙසුං. රාජා “පරියෙසථා”ති ආහ. තෙ අත‍්තනා පාතිතට‍්ඨානතො ගහෙත්‍වා මඤ‍්චකං ආරොපෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙත්‍වා “පස‍්සථ, භො, සමණස‍්ස ගොතමස‍්ස සාවකානං කම‍්ම”න‍්ති භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සකලනගරෙ අවණ‍්ණං උග‍්ඝොසෙන‍්තා විචරිංසු. සුන්‍දරිං ආමකසුසානෙ අට‍්ටකෙ ඨපෙසුං. රාජා “සුන්‍දරිමාරකෙ පරියෙසථා”ති ආණාපෙසි. තදා ධුත‍්තා සුරං පිවිත්‍වා “ත්‍වං සුන්‍දරිං මාරෙසි, ත්‍වං මාරෙසී”ති කලහං කරිංසු. රාජපුරිසා තෙ ධුත‍්තෙ ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා “කිං, භණෙ, තුම‍්හෙහි සුන්‍දරී මාරිතා”ති? “ආම, දෙවා”ති. “කෙහි ආණත‍්තා”ති? “තිත්‍ථියෙහි, දෙවා”ති. රාජා තිත්‍ථියෙ ආහරාපෙත්‍වා බන්‍ධාපෙත්‍වා “ගච‍්ඡථ, භණෙ, ‘බුද‍්ධස‍්ස අවණ‍්ණත්‍ථාය අම‍්හෙහි සයමෙව සුන්‍දරී මාරාපිතා, භගවා තස‍්ස සාවකා ච අකාරකා’ති උග‍්ඝොසථා”ති ආහ. තෙ තථා අකංසු . සකලනගරවාසිනො නික‍්කඞ‍්ඛා අහෙසුං. රාජා තිත්‍ථියෙ ච ධුත‍්තෙ ච මාරාපෙත්‍වා ඡඩ‍්ඩාපෙති . තතො භගවතො භිය්‍යොසොමත‍්තාය ලාභසක‍්කාරො වඩ‍්ඪි. තෙන වුත‍්තං –

සතරවෙනි ප්‍රශ්නයෙහි අබ්භක්ඛානං අභිවිසෙසෙන අක්‍රෝෂ පරිභව කිරීම අතීතයේ බෝසත් බමුණු කුලේ උපන්නේ බහුශ්‍රැත වූයේ බොහෝදෙනා විසින් සත්කාර කළේ පුදන ලද්දේ තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවී හිමාලයේ වනමුල්ගෙඩි ආහාරකොට බොහෝ මානවකයන්ට මන්ත්‍ර උගන්වමින් කල්ගත කළේය. එක් පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභී තාපසයාටද ඔහුගේ සමීපයට ගියේය. ඔහු හේ දැකම ඊර්ෂ්‍යාව ඉස්මතු වී, ඒ ඔබ ඒ පිරිසිදු තාපසයාට මේ සෘෂිවරයා කාමභෝගී කුහකයකැයි කියමින් අපහාස කළේය. තමන්ගේ ශිෂ්‍යයන්ටද කීවේය. මේ සෘෂිවරයා මෙබඳු ආකාර අනාචාරයකැයි ඔවුහුද ඔහුට ආක්‍රෝෂ කළහ. ඔහු ඒ අකුසල කර්මවිපාක බලයෙන් නොයෙක් වර්ෂ දහස් ගණනක් අපායේ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවී ලාභයෙන් කීර්තියෙන් අග පැමිණ අහසේ පූර්ණ චන්ද්‍රයා මෙන් ප්‍රකට විය. ඒ තීර්ථකයා අපහාස කරනුයේ අසන්තෝෂව යළිත් ඒ සුන්දරී ලවා බොරුවෙන් අපහාසකොට සුරා ධූර්තයන් කැඳවා අල්ලස් දී නුඹලා සුන්දරී මරා ජේතවනාරාමය සමීපයෙහි කසලවලෙහි දමවු යයි අණ කළහ. ඔවුහු එසේ කළහ. ඉක්බිති තීර්ථකයෝ, සුන්දරී පේන්නට නැතැයි කියමින් රජුට දැන්වූහ. රජු සොයවු යයි කීවේය. ඔවුන් වැටී තිබූ තැනින් ගෙන ඇඳක තබා රජුට පෙන්වා බලවු ශ්‍රමණ භවත් ශ්‍රාවකයන්ගේ වැඩ යයි පවසමින් බුදුරදුන්ටද, භික්‍ෂු සංඝයාටද මුළු නගරයේ අපකීර්තිය පතුරුවමින් හැසිරුණහ. සුන්දරිය අමු සොහොනේ අට්ටාලයක තැබූහ. රජු සුන්දරිය මැරූ වුන් සොයවුයයි පුරුෂයන්ට අණ කළේය. එකල ධූර්තකයෝ සුරා පානයකොට තෝ සුන්දරිය මැරුවෙහි, තෝ මැරුවෙහි කියමින් කෝලාහල කළහ. රාජපුරුෂයෝ ඒ ධූර්තකයන් අල්ලාගෙන රජුට ඉදිරිපත් කළහ. රජු බොලවු තොපි කුමක් නිසා සුන්දරී මරණ ලද්දී ද? දේවයන් වහන්ස, එසේය. කවුරු විසින් අණ කරන ලද්දේ ද? දේවයන් වහන්ස තීර්ථකයෝය. රජතුමනි, තීර්ථකයන් ගෙන්වාගෙන බඳවා, බොල යවු! බුදුරදුන්ට අපහාස කිරීම පිණිස අප විසින්ම සුන්දරිය මරණ ලද්දීය. බුදුරදුන්ද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ද කළ ආකාරයෙන් උද්ඝෝෂණය කරවු යයි කීවේය. ඔවුහු එසේ කළහ. සියළු ගම්වැසියෝ නිසැක වූහ. රජ තීර්ථකයන් ද ධූර්තයන් ද මරවා වල දැමීය. ඉක්බිති භගවත්හට බොහෝ ලාභ සත්කාර වැඩෙයි. එබැවින් කියන ලදි –

“බ්‍රාහ‍්මණො සුතවා ආසිං, අහං සක‍්කතපූජිතො; මහාවනෙ පඤ‍්චසතෙ, මන‍්තෙ වාචෙමි මාණවෙ.

“මම සකසා පුදන ලද ශ්‍රැතවත් බ්‍රාහ්මණයෙකු වූයෙමි මහා වනයේ පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ප්‍රගුණ කළෙමි.

“තත්‍ථාගතො ඉසි භීමො, පඤ‍්චාභිඤ‍්ඤො මහිද‍්ධිකො; තඤ‍්චාහං ආගතං දිස‍්වා, අබ‍්භාචික‍්ඛිං අදූසකං.

එහි පැමිණි පංචාභිඥාලාභී මහත් සෘද්ධි ඇති සෘෂිවරයෙකුට ඒ පැමිණියේ දැක මම බොරුවෙන් ඉරිසියාවෙන් දොස් පැවරුවෙමි.

“තතොහං අවචං සිස‍්සෙ, කාමභොගී අයං ඉසි; මය‍්හම‍්පි භාසමානස‍්ස, අනුමොදිංසු මාණවා.

මමද මගේ සිසුන්ද මේ සෘෂිවරයා කාමභෝගියකැයි කීවෙමි. මානවකයෝද මගේ වචනයම පවසමින් අනුමෝදන් වූහ.

“තතො මාණවකා සබ‍්බෙ, භික‍්ඛමානං කුලෙ කුලෙ; මහාජනස‍්ස ආහංසු, කාමභොගී අයං ඉසි.

ඉක්බිති මානවකයෝ ගෙයක් පාසා පිඬු පිණිස යනකල් මේ සෘෂිවරයා කාමභෝගියකැයි මහජනයාට කීහ.

“තෙන කම‍්මවිපාකෙන, පඤ‍්චභික‍්ඛුසතා ඉමෙ; අබ‍්භක‍්ඛානං ලභුං සබ‍්බෙ, සුන්‍දරිකාය කාරණා”ති. (අප· ථෙර 1.39.73-77);

ඒ කර්ම විපාක බලයෙන් මේ පන්සියයක් භික්‍ෂූන් සමග සියල්ලටම සුන්දරිය කරණකොටගෙන බොරුවෙන් අපහාස වින්දෙමි.

පඤ‍්චමෙ පඤ‍්හෙ – සිලාවෙධොති ආහතචිත‍්තො සිලං පවිජ‍්ඣි. අතීතෙ කිර බොධිසත‍්තො ච කනිට‍්ඨභාතා ච එකපිතුපුත‍්තා අහෙසුං. තෙ පිතු අච‍්චයෙන දාසෙ පටිච‍්ච කලහං කරොන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං විරුද‍්ධා අහෙසුං. බොධිසත‍්තො අත‍්තනො බලවභාවෙන කනිට‍්ඨභාතරං අජ‍්ඣොත්‍ථරිත්‍වා තස‍්සුපරි පාසාණං පවිජ‍්ඣෙසි. සො තෙන කම‍්මවිපාකෙන නරකාදීසු අනෙකවස‍්සසහස‍්සානි දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ බුද‍්ධො ජාතො. දෙවදත‍්තො රාහුලකුමාරස‍්ස මාතුලො පුබ‍්බෙ සෙරිවාණිජකාලෙ බොධිසත‍්තෙන සද‍්ධිං වාණිජො අහොසි, තෙ එකං පට‍්ටනගාමං පත්‍වා “ත්‍වං එකවීථිං ගණ‍්හාහි, අහම‍්පි එකවීථිං ගණ‍්හාමී”ති ද‍්වෙපි පවිට‍්ඨා. තෙසු දෙවදත‍්තස‍්ස පවිට‍්ඨවීථියං ජිණ‍්ණසෙට‍්ඨිභරියා ච නත‍්තා ච ද‍්වෙයෙව අහෙසුං, තෙසං මහන‍්තං සුවණ‍්ණථාලකං මලග‍්ගහිතං භාජනන‍්තරෙ ඨපිතං හොති, තං සුවණ‍්ණථාලකභාවං අජානන‍්තී “ඉමං ථාලකං ගහෙත්‍වා පිළන්‍ධනං දෙථා”ති ආහ. සො තං ගහෙත්‍වා සූචියා ලෙඛං කඩ‍්ඪිත්‍වා සුවණ‍්ණථාලකභාවං ඤත්‍වා “ථොකං දත්‍වා ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගතො. අථ බොධිසත‍්තං ද‍්වාරසමීපං ආගතං දිස‍්වා “නත‍්තා, අය්‍යෙ , මය‍්හං කච‍්ඡපුටං පිළන්‍ධනං දෙථා”ති. සා තං පක‍්කොසාපෙත්‍වා නිසීදාපෙත්‍වා තං ථාලකං දත්‍වා “ඉමං ගහෙත්‍වා මය‍්හං නත‍්තාය කච‍්ඡපුටං පිළන්‍ධනං දෙථා”ති. බොධිසත‍්තො තං ගහෙත්‍වා සුවණ‍්ණථාලකභාවං ඤත්‍වා “තෙන වඤ‍්චිතා”ති ඤත්‍වා අත‍්තනො පසිබ‍්බකාය ඨපිතඅට‍්ඨකහාපණෙ අවසෙසභණ‍්ඩඤ‍්ච දත්‍වා කච‍්ඡපුටං පිළන්‍ධනං කුමාරිකාය හත්‍ථෙ පිළන්‍ධාපෙත්‍වා අගමාසි. සො වාණිජො පුනාගන‍්ත්‍වා පුච‍්ඡි. “තාත, ත්‍වං න ගණ‍්හිත්‍ථ, මය‍්හං පුත‍්තො ඉදඤ‍්චිදඤ‍්ච දත්‍වා තං ගහෙත්‍වා ගතො”ති. සො තං සුත්‍වාව හදයෙන ඵාලිතෙන විය ධාවිත්‍වා අනුබන්‍ධි. බොධිසත‍්තො නාවං ආරුය‍්හ පක‍්ඛන්‍දි. සො “තිට‍්ඨ, මා පලායි මා පලායී”ති වත්‍වා “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ තං නාසෙතුං සමත්‍ථො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි.

පස්වෙනි ප්‍රශ්නයෙහි සිලාවෙධො යනු ඛේදයට පත් සිත් ඇතිව සීලය ඉවතලීය. අතීතයේ බෝසත්ද, කනිටු සොයුරාද, එකම පියාගේ පුත්තු වූහ. ඔවුහු පියා ඇවෑමෙන් ධනය ද දාසයන් ද නිසා කෝලාහල කරන්නේ ඔවුනොවුන් විරුද්ධ වූහ. බෝසත්තුමා තමන්ගේ ශක්ති බලයෙන් කනිටු සොයුරා ඉවත්කොට ඔහුගේ පිරිසට ඔහු ඉවතලීය. හෙතම ඒ කර්ම විපාක බලයෙන් නරකාදියෙහි නොයෙක් වර්ෂ සහශ්‍රයක් දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවූ, දේවදත්ත රාහුල කුමරුගේ මාමාය. පෙර සේරිවාණිජ කාලයේ බෝසතුන් සමග වෙළෙන්දකු විය. ඔවුහු එක් වරායක් සහිත ගමකට පැමිණ නුඹ එක වීදියක් ගන්න. මමද එක වීදියක් ගනිමියි දෙදෙනාම පිවිසි කල්හි දේවදත්ත පැමිණි වීදියටම ජින්න සෙට්ටිගේ බිරිඳද මුණුපුරාද දෙදෙනාම වූහ. ඔවුන්ට ඉතා විශාල රන් තැලියක්, මලකඩ රහිත වූ භාවිත අතර තබන ලද්දේ වෙයි. එය රන්තැලියක් බව නොදන්නී, මේ තලිය ගෙන පලඳනාවක් දෙවයි කීවාය. ඔහු එය ගෙන ඉඳිකටුවකින් ඉරක් ඇඳ, රන්තැලියක් බව දැන ටිකක් දී ගෙනයන්නෙමියි, සිතා ගියේය. ඉක්බිති බෝසත් දොරටුව සමීපයට ආ බව දැක මුනුපුරා ආයි, කච්ඡපුට මගේ පිලන්ධනය දෙන්නැයි ඇය ඔහු කැඳවා, හිඳුවා ඒ තලිය දී ගෙන මගේ මුනුපුරාට කච්ඡපුටය; පලඳනාවක් දෙවු යයි කී. බෝසත් එය ගෙන රන්තැලියක් බව දැන ඔහු විසින් රවටන ලද බව දැන තමන්ගේ පසුම්බියේ තුබූ කහවණු අටද, ඉතිරි භාණ්ඩද දී කච්ඡපුට පළඳනාව කුමාරිකාවගේ අතේ තබා ගියේය. ඒ වෙළෙන්දා යළිත් අවුත් විචාළේය. දරුව; නුඹ නොගන්නා ලද්දේ මගේ පුතාට මේ මේ දේවල් දී ඔහු ගෙන ගියේයයි කී. ඔහු එය ඇසුවේම හදවත පැලුනාක් මෙන් දුවගෙන ගොස් ලුහුබැන්දේය. බෝසත් නැවට පැන පලා ගියේය. ඔහු හිටුව! පලා නොයව! පලා නොයව! යයි පවසා නවතාලීමට නොහැකි වන්නේ උපනුපන් ආත්මභාවයේ විනාශ කිරීමට සමත් වේවා!යි ප්‍රාර්ථනා කළේය.

සො පත්‍ථනාවසෙන අනෙකෙසු ජාතිසතසහස‍්සෙසු අඤ‍්ඤමඤ‍්ඤං විහෙඨෙත්‍වා ඉමස‍්මිං අත‍්තභාවෙ සක්‍යකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කමෙන භගවති සබ‍්බඤ‍්ඤුතං පත්‍වා රාජගහෙ විහරන‍්තෙ අනුරුද‍්ධාදීහි සද‍්ධිං භගවතො සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජිත්‍වා ඣානලාභී හුත්‍වා පාකටො භගවන‍්තං වරං යාචි – “භන‍්තෙ, සබ‍්බො භික‍්ඛුසඞ‍්ඝො පිණ‍්ඩපාතිකාදීනි තෙරස ධුතඞ‍්ගානි සමාදියතු, සකලො භික‍්ඛුසඞ‍්ඝො මම භාරො හොතූ”ති. භගවා න අනුජානි. දෙවදත‍්තො වෙරං බන්‍ධිත්‍වා පරිහීනජ‍්ඣානො භගවන‍්තං මාරෙතුකාමො එකදිවසං වෙභාරපබ‍්බතපාදෙ ඨිතස‍්ස භගවතො උපරි ඨිතො පබ‍්බතකූටං පවිද‍්ධෙසි. භගවතො ආනුභාවෙන අපරො පබ‍්බතකූටො තං පතමානං සම‍්පටිච‍්ඡි. තෙසං ඝට‍්ටනෙන උට‍්ඨිතා පපටිකා ආගන‍්ත්‍වා භගවතො පාදපිට‍්ඨියං පහරි. තෙන වුත‍්තං –

ඒ ඔහු ප්‍රාර්ථනා වශයෙන් නොයෙක් ජාති සියදහස් ගණනක ඔවුනොවුන් තලා පෙළා මේ ආත්මභාවයේ ශාක්‍ය කුලයේ ඉපිද, ක්‍රමයෙන් බුදුරදුන් සර්වඥතාත්වයට පැමිණ රජගහනුවර වාසය කරන කල්හි, අනුරුද්ධ ආදීන් සම බුදුරදුන් සමීපයට ගොස් පැවිදි වී ධ්‍යානලාභී වී, ප්‍රකට වී බුදුරදුන්ගෙන් වරයක් ඉල්ලීය. ස්වාමීනි, ඉදින් භික්‍ෂු සංඝයා පිණ්ඩපාතිකාංගය ආදිය තෙලෙස් ධුතාංග සමාදන් වන්නේද, සියලු භික්‍ෂු සංඝයා මගේ භාරයට පත්වේවා! භාග්‍යවතුන් වහන්සේ අනුදැන නොවදාළහ. දේවදත්ත වෛර බැඳ ධ්‍යානයෙන් පිරිහුණේ බුදුරදුන් මරනු කැමැත්තේ එක්දිනක් වේභාරපර්වත පාමුල සිටි බුදුරදුන් මස්තකයට ගල් පර්වතයක් පෙරළීය. එය ගැටී නැගී සිටි පතුරක් අවුත් බුදුරදුන්ගේ පිටිපතුලේ පහර දුන්නේය. එබැවින් කියන ලදි.

“වෙමාතුභාතරං පුබ‍්බෙ, ධනහෙතු හනිං අහං; පක‍්ඛිපිං ගිරිදුග‍්ගස‍්මිං, සිලාය ච අපිංසයිං.

“එක මව්කුස උපන් මම පෙර ධනහේතු නිසා ගිරිදුර්ගයකදී ගල්කැටයක් විත් පහර වැදුණෙමි,

“තෙන කම‍්මවිපාකෙන, දෙවදත‍්තො සිලං ඛිපි; අඞ‍්ගුට‍්ඨං පිංසයී පාදෙ, මම පාසාණසක‍්ඛරා”ති. (අප· ථෙර 1.39.78-79);

ඒ කර්ම විපාක බලයෙන් දේවදත්ත සීලය අත්හළේය. මගේ පාද පිටිපතුලේ ගල් පතුරක් වැදී මාපට’ඟිල්ල බිඳුණි.”

ඡට‍්ඨපඤ‍්හෙ – සකලිකාවෙධොති සකලිකාය ඝට‍්ටනං. අතීතෙ කිර බොධිසත‍්තො එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො දහරකාලෙ මහාවීථියං කීළමානො වීථියං පිණ‍්ඩාය චරමානං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා “අයං මුණ‍්ඩකො සමණො කුහිං ගච‍්ඡතී”ති පාසාණසකලිකං ගහෙත්‍වා තස‍්ස පාදපිට‍්ඨියං ඛිපි . පාදපිට‍්ඨිචම‍්මං ඡින්‍දිත්‍වා රුහිරං නික‍්ඛමි. සො තෙන පාපකම‍්මෙන අනෙකවස‍්සසහස‍්සානි නිරයෙ මහාදුක‍්ඛං අනුභවිත්‍වා බුද‍්ධභූතොපි කම‍්මපිලොතිකවසෙන පාදපිට‍්ඨියං පාසාණසකලිකඝට‍්ටනෙන රුහිරුප‍්පාදං ලභි. තෙන වුත‍්තං –

සයවෙනි ප්‍රශ්නයේ සකලිකාවෙධො යනු ගල්කැට කැබිලිති ගැටීමය. අතීතයේ බෝසත් එක් කුලයක උපන්නේ ළදරු කාලයේ මහාමාර්ගයේ ක්‍රීඩා කරන්නේ වීථියේ පිඬු පිණිස හැසිරෙන පසේබුදුවරයෙකු දැක මේ මුඩු මහණා කොහි යන්නේදැයි ගල්කැටයක් ගෙන උන්වහන්සේගේ පය පිටිපතුලට දමාගැසීය. පිටිපතුලේ සම බිඳී රුධිරය පිටවිය. ඔහු ඒ පාප කර්මයෙන් නොයෙක් වර්ෂ දහස් ගණනක් අපායේ මහා දුක් අනුභවකොට බුදුවූයේද, කර්ම විපාක ඵලදීම් වශයෙන් පා පිට ගල්කැටයක් වැදිමෙන් පය රුධිරයෙන් නැහැවිණි. එබැවින් කියන ලදී –

“පුරෙහං දාරකො හුත්‍වා, කීළමානො මහාපථෙ; පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන, මග‍්ගෙ සකලිකං ඛිපිං.

“පෙර මම ළදරුවකු වී මහා මාර්ගයේ සෙල්ලම් කරන්නේ පසේ බුදුකෙනෙකු දැක පාරේදි ගල්කැටයකින් ගැසුවෙමි.

“තෙන කම‍්මවිපාකෙන, ඉධ පච‍්ඡිමකෙ භවෙ; වධත්‍ථං මං දෙවදත‍්තො, අභිමාරෙ පය්‍යොජයී”ති. (අප· ථෙර 1.39.80-81);

ඒ කර්ම විපාක බලයෙන් බුදුවූ මේ කාලයේ දේවදත්ත එහිදී ගල්කැටයක් විද තුවාල කරන ලදි”

සත‍්තමපඤ‍්හෙ – නාළාගිරීති ධනපාලකො හත්‍ථී මාරණත්‍ථාය පෙසිතො. අතීතෙ කිර බොධිසත‍්තො හත්‍ථිගොපකො හුත්‍වා නිබ‍්බත‍්තො හත්‍ථිං ආරුය‍්හ විචරමානො මහාපථෙ පච‍්චෙකබුද‍්ධං දිස‍්වා “කුතො ආගච‍්ඡති අයං මුණ‍්ඩකො”ති ආහතචිත‍්තො ඛිලජාතො හත්‍ථිනා ආසාදෙසි. සො තෙන කම‍්මෙන අපායෙසු අනෙකවස‍්සසහස‍්සානි දුක‍්ඛං අනුභවිත්‍වා පච‍්ඡිමත‍්තභාවෙ බුද‍්ධො ජාතො. දෙවදත‍්තො අජාතසත‍්තුරාජානං සහායං කත්‍වා “ත්‍වං, මහාරාජ, පිතරං ඝාතෙත්‍වා රාජා හොහි, අහං බුද‍්ධං මාරෙත්‍වා බුද‍්ධො භවිස‍්සාමී”ති සඤ‍්ඤාපෙත්‍වා එකදිවසං රඤ‍්ඤො අනුඤ‍්ඤාතාය හත්‍ථිසාලං ගන‍්ත්‍වා – “ස‍්වෙ තුම‍්හෙ නාළාගිරිං සොළසසුරාඝටෙ පායෙත්‍වා භගවතො පිණ‍්ඩාය චරණවෙලායං පෙසෙථා”ති හත්‍ථිගොපකෙ ආණාපෙසි. සකලනගරං මහාකොලාහලං අහොසි, “බුද‍්ධනාගෙන හත්‍ථිනාගස‍්ස යුද‍්ධං පස‍්සිස‍්සාමා”ති උභතො රාජවීථියං මඤ‍්චාතිමඤ‍්චං බන්‍ධිත්‍වා පාතොව සන‍්නිපතිංසු. භගවාපි කතසරීරපටිජග‍්ගනො භික‍්ඛුසඞ‍්ඝපරිවුතො රාජගහං පිණ‍්ඩාය පාවිසි. තස‍්මිං ඛණෙ වුත‍්තනියාමෙනෙව නාළාගිරිං විස‍්සජ‍්ජෙසුං. සො වීථිචච‍්චරාදයො විධමෙන‍්තො ආගච‍්ඡති. තදා එකා ඉත්‍ථී දාරකං ගහෙත්‍වා වීථිතො වීථිං ගච‍්ඡති, හත්‍ථී තං ඉත්‍ථිං දිස‍්වා අනුබන්‍ධි. භගවා “නාළාගිරි, න තං හනත්‍ථාය පෙසිතො, ඉධාගච‍්ඡාහී”ති ආහ. සො තං සද‍්දං සුත්‍වා භගවන‍්තාභිමුඛො ධාවි. භගවා අපරිමාණෙසු චක‍්කවාළෙසු අනන‍්තසත‍්තෙසු ඵරණාරහං මෙත‍්තං එකස‍්මිංයෙව නාළාගිරිම‍්හි ඵරි. සො භගවතො මෙත‍්තාය ඵුටො නිබ‍්භයො හුත්‍වා භගවතො පාදමූලෙ නිපති. භගවා තස‍්ස මත්‍ථකෙ හත්‍ථං ඨපෙසි. තදා දෙවබ්‍රහ‍්මාදයො අච‍්ඡරියබ‍්භුතජාතචිත‍්තා පුප‍්ඵපරාගාදීහි පූජෙසුං. සකලනගරෙ ජණ‍්ණුකමත‍්තා ධනරාසයො අහෙසුං. රාජා “පච‍්ඡිමද‍්වාරෙ ධනානි නගරවාසීනං හොන‍්තු, පුරත්‍ථිමද‍්වාරෙ ධනානි රාජභණ‍්ඩාගාරෙ හොන‍්තූ”ති භෙරිං චරාපෙසි. සබ‍්බෙ තථා කරිංසු. තදා නාළාගිරි ධනපාලො නාම අහොසි. භගවා වෙළුවනාරාමං අගමාසි. තෙන වුත‍්තං –

සත්තම පඤ්හෙ නාලාගිරි යනු ධනපාලක ඇතාය. මරණු පිණිස එවන ලදී. අතීතයේ බෝධිසත්ත්වයෝ ඇත්ගොව්වකු වී උපන්නේය. ඇතුපිට නැගී මහාමාර්ගයේ හැසිරෙනකල්හි පසේබුදුවරයකු දැක මේ මුඩු මහණා කොහේ යයි දැයි හටගත් දුෂ්ට වූ සිතින් ඇතුව මෙහෙයවීය. ඔහු ඒ පාපකර්මයෙන් අපායවල නොයෙක් වර්ෂ දහස් ගණනක් දුක් අනුභවකොට පශ්චිම ආත්මභාවයේ බුදුවී උපන්නාහ. දේවදත්ත අජාසත් රජු සහාය කොටගෙන, මහරජ; නුඹ පියා මරා රජ වෙව! මම බුදුන් මරා බුදුවන්නෙමි යයි හඟවා, එක්දිනක් රජුගේ අනුදැනීමෙන් ඇත්හලට ගොස් නුඹ හෙට නාලාගිරි ඇතාට රා කල දහසක් පොවවා, බුදුරදුන් පිඬු පිණිස වඩින වේලාවේ නාළාගිරිව එවවයි ඇත්ගොව්වාට අණ කළේය. මුළු නගරයම මහා කෝලාහලයක් මෙන් විය. බුද්ධ ඇතු සමග හස්ති නාගයාගේ යුද්ධය බලන්නෙමුයි රාජ වීදි දෙක ආසන පිට ආසන බඳවා උදෑසනම රැස්වූහ. බුදුරදුන්ද කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකෙණෙහි කියන ලද ආකාරයෙන්ම නාළාගිරිව පිටත් කළහ. හෙතම වීථියේ කුණුකසල අවුස්සමින් එයි. එකල එක් ස්ත්‍රියක් දරුවා ගෙන වීථියෙන් වීදියට යයි. ඇතා ඒ ස්ත්‍රිය දැක ලුහුබැන්දේය. බුදුරදුන් නාළාගිරිට ඔහු සඳහා ඔබව නොඑවන ලදි. මෙහි එවයි කී සේක. ඇතා ඒ ශබ්දය අසා බුදුරදුන් අභිමුඛව දිව්වේය. භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ සක්වලවල අනන්ත සත්ත්වයන් කෙරෙහි පතුරුවන ලද මෙත් සිත ඇත්තේ නාලාගිරි කෙරෙහිද එය පැතිරවීය. හෙතම බුදුරදුන්ගේ මෛත්‍රියේ ගැටී, නිර්භය වී, භගවත් පාමුල වැටුණේය. බුදුරදුන් ඔහුගේ හිස්මුදුනේ අත තැබූ සේක. එකල දෙව් මිනිස්සු ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ මල් පරාග ආදිය පූජා කළහ. මුළු නගරයේ දණක් පමණ ධනය රැස්වී තිබුණි. රජු පශ්චිම දොරටුවේ ධනය නගරවාසීන්ට වෙත්වා! පෙරදිග දොරටුවේ ධනය රාජ භාණ්ඩාගාරයට වෙත්වා!යි බෙරහඬ නැංවීය. සියල්ලෝ එසේ කළහ. එකල නාලාගිරි ධනපාල නම් විය. බුදුරදුන් වේළුවනාරාමයට වැඩම කළ සේක. එබැවින් කියන ලදි –

“හත්‍ථාරොහො පුරෙ ආසිං, පච‍්චෙකමුනිමුත‍්තමං; පිණ‍්ඩාය විචරන‍්තං තං, ආසාදෙසිං ගජෙනහං.

“පසේ බුදුවරයෙකු ගමන් යන කල්හි ඇතකු පිට නැගි මම, පිඬු පිණිස හැසිරෙන මුනිවරයාට ගර්ජනා කරමින් අපහාස කළෙමි.

“තෙන කම‍්මවිපාකෙන, භන‍්තො නාළාගිරී ගජො; ගිරිබ‍්බජෙ පුරවරෙ, දාරුණො සමුපාගමී”ති. (අප· ථෙර 1.39.82-83);

ඒ කර්ම විපාක බලයෙන් නාළාගිරි ඇතා මගධ රට හැසිරෙමින් දරුණු ලෙස මා වෙත එළඹීය.

අට‍්ඨමපඤ‍්හෙ – සත්‍ථච‍්ඡෙදොති සත්‍ථෙන ගණ‍්ඩඵාලනං කුඨාරාය සත්‍ථෙන ඡෙදො. අතීතෙ කිර බොධිසත‍්තො පච‍්චන‍්තදෙසෙ රාජා අහොසි. සො දුජ‍්ජනසංසග‍්ගවසෙන පච‍්චන‍්තදෙසෙ වාසවසෙන ච ධුත‍්තො සාහසිකො එකදිවසං ඛග‍්ගහත්‍ථො පත‍්තිකොව නගරෙ විචරන‍්තො නිරාපරාධෙ ජනෙ ඛග‍්ගෙන ඵාලෙන‍්තො අගමාසි. සො තෙන පාපකම‍්මවිපාකෙන බහූනි වස‍්සසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා තිරච‍්ඡානාදීසු දුක‍්ඛමනුභවිත්‍වා පක‍්කාවසෙසෙන පච‍්ඡිමත‍්තභාවෙ බුද‍්ධභූතොපි හෙට‍්ඨා වුත‍්තනයෙන දෙවදත‍්තෙන ඛිත‍්තපාසාණසක‍්ඛලිකපහාරෙන උට‍්ඨිතගණ‍්ඩො අහොසි. ජීවකො මෙත‍්තචිත‍්තෙන තං ගණ‍්ඩං ඵාලෙසි. වෙරිචිත‍්තස‍්ස දෙවදත‍්තස‍්ස රුහිරුප‍්පාදකම‍්මං අනන‍්තරිකං අහොසි, මෙත‍්තචිත‍්තස‍්ස ජීවකස‍්ස ගණ‍්ඩඵාලනං පුඤ‍්ඤමෙව අහොසි. තෙන වුත‍්තං –

අටවෙනි ප්‍රශ්නයෙහි සත්‍ථච්ඡෙදො යනු, පිහියකින් ගෙඩියක් පැලීම, පොරවකින් සැතකින් සිඳින ලදී. අතීතයේ බෝසත් ප්‍රත්‍යන්ත ජනපදයේ රජ විය. දුර්ජන සංසර්ගය නිසාවෙන් ප්‍රත්‍යන්ත දේශවාසි වූ සුරා සූදු ලොල් ධූර්ත සාහසිකයකු එක දවසක් කඩුවක් ගත් අත් ඇතිව පයින් යමින් නගරයෙහි හැසිරෙන්නේ නිරායුධ ජනතාව කඩුවෙන් පහර දෙමින් පලමින් ගියේය. හෙතම ඒ පාපකර්ම විපාකය නිසාවෙන් බොහෝ වර්ෂ දහස් ගණනක් අපායේ පැසී, තිරිසන් ආදි මහදුක් අනුභව කොට පැසවා, අවසානයේ පශ්චිම ආත්මභාවයේ බුදුවී යට කියන ලද ආකාරයෙන් දේවදත්ත විසින් විසිකරන ලද ගල්පතුරක ප්‍රහාරයෙන් හටගත් තුවාල ඇත්තේ විය. ජීවක මෛත්‍රී සිතින් ඒ ගඩුව පැලීය. වෛර සිත් ඇති දේවදත්තගේ රුධිරය සෙලවීමේ කර්මය ආනන්තරික විය. මෛත්‍රී සිත් ඇති ජීවකගේ ගඩුව පැලීම පින්කමක් විය. එබැවින් කියන ලදී –

“රාජාහං පත‍්තිකො ආසිං, සත‍්තියා පුරිසෙ හනිං; තෙන කම‍්මවිපාකෙන, නිරයෙ පච‍්චිසං භුසං.

“රජවූ මම සැතක් ගත් පුරුෂයකු මාර්ගයේ වූයෙම් ඒ කර්ම විපාක බලයෙන් බොහෝ කලක් නිරයේ පැසුණෙමි.

“කම‍්මුනො තස‍්ස සෙසෙන, ඉදානි සකලං මම; පාදෙ ඡවිං පකප‍්පෙසි, න හි කම‍්මං විනස‍්සතී”ති. (අප· ථෙර 1.39.84-85);

කර්මය ශේෂවීමේ ප්‍රතිඵලයෙන් ඒ සියල්ලටම පාදයේ සැතක් ඇති මෙන් ඒ කර්මය කෙළවර විනාශ වන්නේය.”

නවමෙ පඤ‍්හෙ – “සීසදුක‍්ඛන‍්ති සීසාබාධො සීසවෙදනා. අතීතෙ කිර බොධිසත‍්තො කෙවට‍්ටගාමෙ කෙවට‍්ටො හුත්‍වා නිබ‍්බත‍්ති. සො එකදිවසං කෙවට‍්ටපුරිසෙහි සද‍්ධිං මච‍්ඡමාරණට‍්ඨානං ගන‍්ත්‍වා මච‍්ඡෙ මාරෙන‍්තෙ දිස‍්වා තත්‍ථ සොමනස‍්සං උප‍්පාදෙසි, සහගතාපි තථෙව සොමනස‍්සං උප‍්පාදයිංසු. සො තෙන අකුසලකම‍්මෙන චතුරාපායෙ දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ තෙහි පුරිසෙහි සද‍්ධිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කමෙන බුද‍්ධත‍්තං පත‍්තොපි සයං සීසාබාධං පච‍්චනුභොසි. තෙ ච සක්‍යරාජානො ධම‍්මපදට‍්ඨකථායං (ධ· ප· අට‍්ඨ· 1.විඩඩූභවත්‍ථු) වුත‍්තනයෙන විඩඩූභසඞ‍්ගාමෙ සබ‍්බෙ විනාසං පාපුණිංසු. තෙන වුත‍්තං –

නවමෙ පඤ්හෙ සීස දුක්ඛං යනු ශීර්ෂාබාධ, හිසේ වේදනාවයි. අතීතයේ බෝසතුන් කේවට්ටගම කෙවුලකු වී උපත ලැබීය. ඔහු එක දවසක් කේවට්ට පුරුෂයන් සමග මසුන් මරණ ස්ථානයට ගොස් මසුන් මරණ ආකාරය දැක සොම්නසින් උඩ පැන්නේය. එහිදී සොම්නසද ඉපදවූහ. හෙතම ඒ අකුසල කර්මයේ බලයෙන් සතර අපායේ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ දූත පුරුෂයන් සමග ශාක්‍යරාජ කුලයේ ඉපිද, ක්‍රමයෙන් බුද්ධත්වයට පත්වූයේ ද තෙමේ ශීර්ෂාබාධයෙන් පෙළුනේ වෙයි. ඒ ශාක්‍ය රජවරුන් ධම්මපදට්ඨ කථාවේ කියන ලද අයුරින් විඩූඩභ යුද්ධයේදී සියල්ලෝ විනාශයට පත්වූහ. එබැවින් කියන ලදී.

“අහං කෙවට‍්ටගාමස‍්මිං, අහුං කෙවට‍්ටදාරකො; මච‍්ඡකෙ ඝාතිතෙ දිස‍්වා, ජනයිං සොමනස‍්සකං.

“මම ඒ කේවට්ටගමෙහි ළදරු කේවට්ටයෙකු වූයෙමි මසුන් මරණු දැක සොම්නසට පැමිණියෙමි.

“තෙන කම‍්මවිපාකෙන, සීසදුක‍්ඛං අහූ මම; සබ‍්බෙ සක‍්කා ච හඤ‍්ඤිංසු, යදා හනි විටටූභො”ති. (අප· ථෙර 1.39.86-87);

ඒ කර්ම විපාක බලයෙන් මම ශීර්ෂාබාධයෙන් පෙළෙමි. විඩූඩභ සංග්‍රාමයේදී සෙසු ශාක්‍යයෝ විනාශ වූහ.

දසමපඤ‍්හෙ – යවඛාදනන‍්ති වෙරඤ‍්ජායං යවතණ‍්ඩුලඛාදනං. අතීතෙ කිර බොධිසත‍්තො අඤ‍්ඤතරස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො ජාතිවසෙන ච අන්‍ධබාලභාවෙන ච ඵුස‍්සස‍්ස භගවතො සාවකෙ මධුරන‍්නපානෙ සාලිභොජනාදයො ච භුඤ‍්ජමානෙ දිස‍්වා “අරෙ මුණ‍්ඩකසමණා, යවං ඛාදථ, මා සාලිභොජනං භුඤ‍්ජථා”ති අක‍්කොසි. සො තෙන අකුසලකම‍්මවිපාකෙන අනෙකවස‍්සසහස‍්සානි චතුරාපායෙ දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ කමෙන බුද‍්ධත‍්තං පත්‍වා ලොකසඞ‍්ගහං කරොන‍්තො ගාමනිගමරාජධානීසු චරිත්‍වා එකස‍්මිං සමයෙ වෙරඤ‍්ජබ්‍රාහ‍්මණගාමසමීපෙ සාඛාවිටපසම‍්පන‍්නං පුචිමන්‍දරුක‍්ඛමූලං පාපුණි. වෙරඤ‍්ජබ්‍රාහ‍්මණො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා අනෙකපරියායෙන භගවන‍්තං ජිනිතුං අසක‍්කොන‍්තො සොතාපන‍්නො හුත්‍වා “භන‍්තෙ, ඉධෙව වස‍්සං උපගන‍්තුං වට‍්ටතී”ති ආරොචෙසි. භගවා තුණ‍්හීභාවෙන අධිවාසෙසි. අථ පුනදිවසතො පට‍්ඨාය මාරො පාපිමා සකලවෙරඤ‍්ජබ්‍රාහ‍්මණගාමවාසීනං මාරාවට‍්ටනං අකාසි. පිණ‍්ඩාය පවිට‍්ඨස‍්ස භගවතො මාරාවට‍්ටනවසෙන එකොපි කටච‍්ඡුභික‍්ඛාමත‍්තං දාතා නාහොසි. භගවා තුච‍්ඡපත‍්තොව භික‍්ඛුසඞ‍්ඝපරිවුතො පුනාගඤ‍්ඡි. තස‍්මිං එවං ආගතෙ තත්‍ථෙව නිවුට‍්ඨා අස‍්සවාණිජා තං දිවසං දානං දත්‍වා තතො පට‍්ඨාය භගවන‍්තං පඤ‍්චසතභික‍්ඛුපරිවාරං නිමන‍්තෙත්‍වා පඤ‍්චන‍්නං අස‍්සසතානං භත‍්තතො විභාගං කත්‍වා යවං කොට‍්ටෙත්‍වා භික‍්ඛූනං පත‍්තෙසු පක‍්ඛිපිංසු . සකලස‍්ස සහස‍්සචක‍්කවාළදෙවතා සුජාතාය පායාසපචනදිවසෙ විය දිබ‍්බොජං පක‍්ඛිපිංසු. භගවා පරිභුඤ‍්ජි , එවං තෙමාසං යවං පරිභුඤ‍්ජි. තෙමාසච‍්චයෙන මාරාවට‍්ටනෙ විගතෙ පවාරණාදිවසෙ වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො සරිත්‍වා මහාසංවෙගප‍්පත‍්තො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා වන්‍දිත්‍වා ඛමාපෙසි. තෙන වුත‍්තං –

දසවෙනි ප්‍රශ්නයේ යවඛාදනං යනු වේරඤ්ජා නුවරදී යවසහල් කෑමය. අතීතයේ බෝසත් තෙම එක්තරා කුලයක උපන්නේ ජාති වශයෙන් අන්ධබාල භාවයෙන් යුතුව ඵුස්ස බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මිහිරි ආහාරපාන ඇල් භෝජනාදිය අනුභව කරනු දැක, බොල; මුඩුමහණ, යව කාපියවු! සැල් සහලේ ආහාර අනුභව නොකරවු! යනුවෙන් ආක්‍රෝෂ කළේය. ඔහු ඒ අකුසල කර්ම විපාක බලයෙන් නොයෙක් වර්ෂ දහස් ගණන් සතර අපාවල දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේදී ක්‍රමයෙන් බුදුබවට පත්ව ලෝකයාට සංග්‍රහ කරන්නේ ගම් නියම්ගම් රාජධානිවල හැසිර එක් කලෙක වේරඤ්ජ බමුණුගම සමීපයේ අතුපතර විහිදීගිය කොහොඹ ගසක් මුලට පැමිණි සේක. වේරඤ්ජ බ්‍රාහ්මණයා බුදුරදුන් වෙත එළඹ නොයෙක් ආකාරයෙන් බුදුරදුන් ජයගැනීමට නොහැකිවන්නේ සෝවාන් වී, ස්වාමීනි; මෙහිම වස් එළඹීමට වටනේ යයි ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති දෙවෙනි දිනයේ පවිටු මාරයා සියලු වේරඤ්ජ බමුණුගම වැසියන්ට මාරාවේශ වීම කළේය. පිඬු පිණිස වැඩම කළ බුදුරදුන්ට මාරාවේශ වීමෙන් එකම බත් හැන්දක්වත් දීමට නොවීය. භාග්‍යවතුන් වහන්සේ හිස්වූ පාත්‍රය ඇතිව භික්‍ෂු සංඝයා පිරිවරා පෙරළා ආපසු වැඩියහ. එහි පැමිණි කල්හි එහිම නැවතී සිටි අශ්ව වෙළෙන්දෝ එදවස දන්දී වස් එළඹුනා වූ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගත් බුදුරදුන්ට පන්සියයක් භික්‍ෂූන් පිරිවරා ආරාධනාකොට පන්සියයක් අශ්වයන්ගේ වැටුපෙන් වෙන්කොට තුන්මස පෝෂණය කරමු යයි සාකච්ඡා කොට ‘යව’ කොටා භික්‍ෂූන්ගේ පාත්‍රවල දමත්. සියලු දසදහසක් සක්වල දේවතාවෝ සුජාතාවගේ කිරිබත් පිසන දිනයේ මෙන් දිව්‍ය ඔජස් බහාලති. භාග්‍යවතුන් වහන්සේ වළඳති. මෙසේ තුන්මස මුළුල්ලේ යව අනුභව කළ සේක. තෙමස ඇවෑමෙන් මාරාවේශය පහව ගිය කල්හි පවාරණ දිනයේ වේරඤ්ජ බ්‍රාහ්මණයා සිහිකොට, මහා සංවේගයට පැමිණියේ බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී වැඳ ක්‍ෂමාව අයැද සිටියේය. එබැවින් කියන ලදී –

“ඵුස‍්සස‍්සාහං පාවචනෙ, සාවකෙ පරිභාසයිං; යවං ඛාදථ භුඤ‍්ජථ, මා ච භුඤ‍්ජථ සාලයො.

“ඵුස්ස බුදුරදුන්ගේ සමයේ බුද්ධ වචනයේ නිරත ශ්‍රාවකයන්ට මම අපහාස කළෙමි. මෙසේ යව කවු! සැල් සහල් බත් නොවලඳවු යනුවෙනි.

“තෙන කම‍්මවිපාකෙන, තෙමාසං ඛාදිතං යවං; නිමන‍්තිතො බ්‍රාහ‍්මණෙන, වෙරඤ‍්ජායං වසිං තදා”ති. (අප· ථෙර 1.39.88-89);

ඒ කර්ම විපාක වශයෙන් තුන්මසක් යව කන ලදිමි. වේරංජා වැසි බ්‍රාහ්මණයන්ගේ ඇරයුමෙන් එකල වස් සමාදන් වූයෙමි.

එකාදසමපඤ‍්හෙ – පිට‍්ඨිදුක‍්ඛන‍්ති පිට‍්ඨිආබාධො. අතීතෙ කිර බොධිසත‍්තො ගහපතිකුලෙ නිබ‍්බත‍්තො ථාමසම‍්පන‍්නො කිඤ‍්චි රස‍්සධාතුකො අහොසි. තෙන සමයෙන එකො මල‍්ලයුද‍්ධයොධො සකලජම‍්බුදීපෙ ගාමනිගමරාජධානීසු මල‍්ලයුද‍්ධෙ වත‍්තමානෙ පුරිසෙ පාතෙත්‍වා ජයප‍්පත‍්තො කමෙන බොධිසත‍්තස‍්ස වසනනගරං පත්‍වා තස‍්මිම‍්පි ජනෙ පාතෙත්‍වා ගන‍්තුමාරද‍්ධො. තදා බොධිසත‍්තො “මය‍්හං වසනට‍්ඨානෙ එස ජයං පත්‍වා ගච‍්ඡතී”ති තත්‍ථ නගරමණ‍්ඩලමාගම‍්ම අප‍්පොටෙත්‍වා ආගච‍්ඡ මයා සද‍්ධිං යුජ‍්ඣිත්‍වා ගච‍්ඡාති. සො හසිත්‍වා “අහං මහන‍්තෙ පුරිසෙ පාතෙසිං, අයං රස‍්සධාතුකො වාමනකො මම එකහත්‍ථස‍්සාපි නප‍්පහොතී”ති අප‍්පොටෙත්‍වා නදිත්‍වා ආගච‍්ඡි. තෙ උභොපි අඤ‍්ඤමඤ‍්ඤං හත්‍ථං පරාමසිංසු, බොධිසත‍්තො තං උක‍්ඛිපිත්‍වා ආකාසෙ භමිත්‍වා භූමියං පාතෙන‍්තො ඛන්‍ධට‍්ඨිං භින්‍දිත්‍වා පාතෙසි. සකලනගරවාසිනො උක‍්කුට‍්ඨිං කරොන‍්තා අප‍්පොටෙත්‍වා වත්‍ථාභරණාදීහි බොධිසත‍්තං පූජෙසුං. බොධිසත‍්තො තං මල‍්ලයොධං උජුං සයාපෙත්‍වා ඛන්‍ධට‍්ඨිං උජුකං කත්‍වා “ගච‍්ඡ ඉතො පට‍්ඨාය එවරූපං මා කරොසී”ති වත්‍වා උය්‍යොජෙසි. සො තෙන කම‍්මවිපාකෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ සරීරසීසාදි දුක‍්ඛමනුභවිත්‍වා ඉමස‍්මිං පච‍්ඡිමත‍්තභාවෙ බුද‍්ධභූතොපි පිට‍්ඨිරුජාදිදුක‍්ඛමනුභොසි. තස‍්මා කදාචි පිට‍්ඨිදුක‍්ඛෙ උප‍්පන‍්නෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ “ඉතො පට‍්ඨාය ධම‍්මං දෙසෙථා”ති වත්‍වා සයං සුගතචීවරං පඤ‍්ඤාපෙත්‍වා සයති, කම‍්මපිලොතිකං නාම බුද‍්ධමපි න මුඤ‍්චති. වුත‍්තඤ‍්හෙතං –

එකොළොස්වෙනි ප්‍රශ්නයේදී පිට්ඨි දුක්ඛං යනු පිටේ අමාරුවයි. අතීතයේ බෝසතුන් ගෘහපති කුලයේ උපන්නේ ජවසම්පන්න කිසියම් මිටිබිහිරි අයෙකු විය. එසමයෙහි එක් මල්ලව පොර ශූරයකු මුළු දඹදිව ගම් නියම්ගම් රාජධානිවල මල්ල යුද්ධ පවත්වන කල්හි මිනිසුන් බිම හෙළා ජයගත්තේ ක්‍රමයෙන් බෝසතුන් වසන නගරයට පැමිණ, එහි ජනයන් බිම දමා යන්නට පටන් ගත්තේය. එකල බෝසත්හු මා වසන තැන මෙතම ජයගෙන යයි. එහිදී නගරශාලාවට පැමිණ අත්පුඩි ගසා, එව්, මා සමග යුද්ධකොට යව් යනුවෙනි. ඔහු සිනහසී කීවේය. මෙපමණ මහා පුරුෂයන් බිම හෙළා මේ මිටි බිහිරි අඟුටුමිට්ටකු වූ මගේ එක් අතක්වත් එසවීමට අපොහොසත් යයි අත්පොළසන් දී කෑගසා ආවේය. ඒ දෙදෙනාම ඔවුනොවුන් අත් පරමාර්ශනය කළහ. බෝසත් ඔහු ඔසවා අහසට ඔසවා බිම හෙළන්නේ කොඳුනාරටිය බිඳී බිම වැටුණේය. සියළු නුවරවාසීහු සියුරුම් හඬ නගමින්, අත්පොළසන් දෙමින් වර්ග පිළිවෙළින් වස්ත්‍ර ආභරණ ආදියෙන් බෝසතුන් පිදූහ. බෝසතුන් ඒ මල්ලව යෝධයා සෘජුව අල්ලාගෙන කොඳුඇටය සෘජුකොට යව! මෙතැන්පටන් මෙබඳු ආකාර දේ නොකරව!යි පවසා පිටත් කළේය. ඔහු ඒ කර්ම විපාක වශයෙන් උපනුපන් ආත්ම භාවවල ශාරීරික බොහෝ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවූයේ නමුත්, පිටේ රුදාව ආදී දුක් අනුභව කළේය. එහෙයින් කිසිදා පිටෙහි දුකක් උපන්කල්හි සැරියුත්-මුගලන් දෙනම එතැන් පටන් ධර්මදේශනා කරවු! යයි තෙමේ සුගත චීවරය පනවා නිදයි. කර්ම විපාක දීම නම් බුදුවරුන්ටද නොමිදිය හැකිය. මෙයද කියන ලදී –

“නිබ‍්බුද‍්ධෙ වත‍්තමානම‍්හි, මල‍්ලපුත‍්තං නිහෙඨයිං; තෙන කම‍්මවිපාකෙන, පිට‍්ඨිදුක‍්ඛං අහූ මමා”ති. (අප· ථෙර 1.39.90);

“බුදු නොවී සිටිකල්හි මල්ල පුත්‍රයකු තැලුවෙමි. ඒ කර්ම විපාක බලයෙන් පිටෙහි දුකක් මට ඇතිවිය.

ද‍්වාදසමපඤ‍්හෙ – අතිසාරොති ලොහිතපක‍්ඛන්‍දිකාවිරෙචනං. අතීතෙ කිර බොධිසත‍්තො ගහපතිකුලෙ නිබ‍්බත‍්තො වෙජ‍්ජකම‍්මෙන ජීවිකං කප‍්පෙසි. සො එකං සෙට‍්ඨිපුත‍්තං රොගෙන විච‍්ඡිතං තිකිච‍්ඡන‍්තො භෙසජ‍්ජං කත්‍වා තිකිච‍්ඡිත්‍වා තස‍්ස දෙය්‍යධම‍්මදානෙ පමාදමාගම‍්ම අපරං ඔසධං දත්‍වා වමනවිරෙචනං අකාසි. සෙට‍්ඨි බහුධනං අදාසි. සො තෙන කම‍්මවිපාකෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ ලොහිතපක‍්ඛන්‍දිකාබාධෙන විච‍්ඡිතො අහොසි. ඉමස‍්මිම‍්පි පච‍්ඡිමත‍්තභාවෙ පරිනිබ‍්බානසමයෙ චුන්‍දෙන කම‍්මාරපුත‍්තෙන පචිතසූකරමද‍්දවස‍්ස සකලචක‍්කවාළදෙවතාහි පක‍්ඛිත‍්තදිබ‍්බොජෙන ආහාරෙන සහ භුත‍්තක‍්ඛණෙ ලොහිතපක‍්ඛන්‍දිකාවිරෙචනං අහොසි. කොටිසතසහස‍්සානං හත්‍ථීනං බලං ඛයමගමාසි. භගවා විසාඛපුණ‍්ණමායං කුසිනාරායං පරිනිබ‍්බානත්‍ථාය ගච‍්ඡන‍්තො අනෙකෙසු ඨානෙසු නිසීදන‍්තො පිපාසිතො පානීයං පිවිත්‍වා මහාදුක‍්ඛෙන කුසිනාරං පත්‍වා පච‍්චූසසමයෙ පරිනිබ‍්බායි. කම‍්මපිලොතිකං එවරූපං ලොකත‍්තයසාමිම‍්පි න විජහති. තෙන වුත‍්තං –

දොළොස්වෙනි ප්‍රශ්නයෙහි අතීසාරො යනු ලේ යාමේ විරේචනයයි. ලෝහිත පක්ඛන්දිකා ආබාධයයි. අතීතයේ බෝසතුන් ගෘහපති කුලයේ උපන්නේ වෛද්‍ය කර්මයෙහි දක්‍ෂයකු වී. වෛද්‍ය කර්මයෙන් ජීවිතය ගෙවීය. ඔහු ඒක සිටුපුත්‍රයකු රෝගයෙන් පෙළෙන කල්හි චිකිත්සා කරන්නේ බෙහෙත්කොට චිකිත්සා වශයෙන් දියයුතු දෙයෙහි ප්‍රමාදව පැමිණ, වෙනත් බෙහෙතක් දී, වමන විරේචනය කළේය. සිටුතුමා බොහෝ ධනය දුන්නේය. ඔහු ඒ කර්ම විපාකයෙන් උපනුපන් භාවයෙහි ලෝහිත පක්ඛන්දික (ලේ වමනය යාමේ) ආබාධයෙන් විරේචනය විය. මේ පසු ආත්මභාවයෙන්ද, පරිනිර්වාණ සමයේ, චුන්ද කම්මාර පුත්‍රයා විසින් පිරිනමන ලද දිව්‍ය භෝජනයෙන් ආහාර සමග අනුභව කළ කල්හි ලෝහිත පක්ඛන්දිකා විරේචනය විය. කෝටි සියගණන් ඇතුන්ගේ බල ශක්තිය ක්‍ෂය විය. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පෝදා කුසිනාරාවේ පරිනිර්වාණය පිණිස යන්නේ නොයෙක් තැන්වල හිඳිමින් පිපාසිතව, පැන් පානයකොට මහා දුකකින් කුසිනාරාවට ගොස් අළුයම් කාලයෙහි පිරිනිවන් පෑ සේක. කර්ම විපාකය මෙබඳු ආකාර තුන්ලොවට ස්වාමි වූවහුට පවා අත්නොහරියි. එබැවින් කියන ලදි –

“තිකිච‍්ඡකො අහං ආසිං, සෙට‍්ඨිපුත‍්තං විරෙචයිං; තෙන කම‍්මවිපාකෙන, හොති පක‍්ඛන්‍දිකා මමාති.

“වෛද්‍යවරයෙක් වී පෙර සිටුපුත්‍රයකු විරේක කරවූයෙමි. ඒ කර්ම විපාකයෙන් මට පක්ඛන්දිකා රෝගය වෙයි.

“එවං ජිනො වියාකාසි, භික‍්ඛුසඞ‍්ඝස‍්ස අග‍්ගතො; සබ‍්බාභිඤ‍්ඤාබලප‍්පත‍්තො, අනොතත‍්තෙ මහාසරෙ”ති. (අප· ථෙර 1.39.91, 96);

මෙසේ බුදුරදුන් භික්‍ෂු සංඝයා ඉදිරියේ තොරතුරු හෙළි කළ සේක. සර්වඥතා ඤාණ බලයට පත්වූවකුට වුවද කර්ම විපාක ඵලදේමය.

එවං පටිඤ‍්ඤාතපඤ‍්හානං, මාතිකාඨපනවසෙන අකුසලාපදානං සමත‍්තං නාම හොතීති වුත‍්තං ඉත්‍ථං සුදන‍්ති ඉත්‍ථං ඉමිනා පකාරෙන හෙට‍්ඨා වුත‍්තනයෙන. සුදන‍්ති නිපාතො පදපූරණත්‍ථෙ ආගතො. භගවා භාග්‍යසම‍්පන‍්නො පූරිතපාරමිමහාසත‍්තො –

මෙසේ ප්‍රතිඥා ලද්දේ ප්‍රශ්නයන්ට මාතෘකා අර්ථ වශයෙන් අකුසල අපදානය සමර්ථ නම් වේ යයි කියන ලදී. ඉත්‍ථං සුදං යනු මේ ආකාරයෙන් යටකියන ලද අයුරින් දතයුතුය. සුදං යන නිපාතය පද පූර්ණාර්ථයෙහි ආවේය. භගවා භාග්‍ය සම්පන්න පුරණ ලද පාරමී ඇති මහා සත්ත්වයා

“භාග්‍යවා භග‍්ගවා යුත‍්තො, භගෙහි ච විභත‍්තවා; භත‍්තවා වන‍්තගමනො, භවෙසු භගවා තතො”ති. –

“භාග්‍ය ඇති හෙයින් භගවා යනු යෙදිය යුතුය. භාග්‍යයෙන් බෙදා ඇත්තේය. නැතහොත් භවයන්හි කෙළවර දත් බැවින් භගවා යයි දතයුතුය.

එවමාදිගුණයුත‍්තො දෙවාතිදෙවො සක‍්කාතිසක‍්කො බ්‍රහ‍්මාතිබ්‍රහ‍්මා බුද‍්ධාතිබුද‍්ධො සො මහාකාරුණිකො භගවා අත‍්තනො බුද‍්ධචරියං බුද‍්ධකාරණං සම‍්භාවයමානො පාකටං කුරුමානො බුද‍්ධාපදානියං නාම බුද‍්ධකාරණපකාසකං නාම ධම‍්මපරියායං ධම‍්මදෙසනං සුත‍්තං අභාසිත්‍ථ කථෙසීති.

මේ ආදී ගුණයෙන් යුතු දෙවියන්ට දෙවි වූ ශාක්‍යයන්ට ශාක්‍ය වූ, බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ බුද්ධාතිබුද්ධ වූ ඒ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ බුදුසිරිත බුදුකරණ ධර්මය සම්භාවයමානො ප්‍රකට කරමින් බුද්ධාපදානියංනාම බුද්ධකාරණා ප්‍රකාශ කිරීම නම් ධම්මපරියායං ධර්මදේශනා යයි කියන ලදි. අභාසිත්‍ථා යනු කීවේය යනුයි.

ඉති විසුද‍්ධජනවිලාසිනියා අපදාන-අට‍්ඨකථාය

මෙසේ විසුද්ධජන විලාසිනි නම් අපදාන අට්ඨකථාවේ

බුද‍්ධඅපදානසංවණ‍්ණනා සමත‍්තා.

බුද්ධාපදාන සංවර්ණනාව සමාප්ත වේ.