බුද්ධාපදානං
1.
1.
බුද්ධාපදානං.
බුද්ධාපදානය
1. තථාගතං ජෙතවනෙ වසන්තං අපුච්ඡි වෙදෙහමුනී නතඞ්ගො, “සබ්බඤ්ඤුබුද්ධා කිර නාම හොන්ති භවන්ති තෙ හෙතූහි කෙහි වීර?”
1. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්දස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, සර්වඥ බුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ” යි විචාළේ ය.
2. තදා’හ සබ්බඤ්ඤුවරො මහෙසී ආනන්දභද්දං මධුරස්සරෙන, යෙ පුබ්බබුද්ධෙසු කතාධිකාරා අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
2-3. එකල්හි මහර්ෂී වූ සර්වඥ වූ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණ ලද අධිකාර (පින්) ඇති, ඒ බුදුසසුන්හි නො ලැබූ නිවන් ඇති, ඉතා සියුම් නුවණ ඇති, ඒ ප්‍රාඥයෝ ඒ සම්‍යක්සම්බෝධිය ම අරමුණු කොට මහත් ධෛර්ය්යයෙන් කළ පැතුමින් ද, වඩන ලද ප්‍රඥාවෙන් ද, බලයෙන් ද බුදුබවට පැමිණෙත්” ය යි මිහිරි හඬින් වදාළ සේක.
3. තෙනෙව සම්බොධිමුඛෙන ධීරා අජ්ඣාසයෙනාපි මහාබලෙන, පඤ්ඤාය තෙජෙන සුතික්ඛපඤ්ඤා සබ්බඤ්ඤුභාවං අනුපාපුණන්ති.
4. අහම්පි පුබ්බබුද්ධෙසු බුද්ධත්තමභිපත්ථයිං, මනසායෙව හුත්වාන ධම්මරාජා අසඞ්ඛියා.
4. බුදුවරයෝ අසඞ්ඛ්‍ය වෙති. මම ද ඒ පෙර බුදුවරයන් හමුවෙහි සිතින් ම එසේ වී බුදුබව පැතීමි.
5. අථ බුද්ධාපදානානි සුණාථ සුද්ධමානසා; තිංසපාරමිසම්පුණ්ණා ධම්මරාජා අසඞ්ඛියා.
5. අනතුරු ව බුද්ධාපදානයන් (බුදුබවට හේතු කරණු) පිරිසිදු සිතින් අසවු. සමතිස් පැරුම් පිරූ බුදුවරු අසඞ්ඛ්‍ය ගණන් වෙති.
6. සම්බොධිං බුද්ධසෙට්ඨානං සසඞ්ඝෙ ලොකනායකෙ, දසඞ්ගුලී නමස්සිත්වා සිරසා අභිවාදයිං.
6. ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්වඥතාඥානය ද, ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලා ද, බදැඳිලි ව නැමැද හිස නමාත් වැන්ඳෙමි.
7. යාවතා බුද්ධඛෙත්තෙසු රතනා විජ්ජන්ත’සඞ්ඛියා, ආකාසට්ඨා ච භුම්මට්ඨා මනසා සබ්බමාහරිං.
7. ඇති තාක් බුද්ධක්ෂේත්රයන්හි අහසෙහි වූ ද පොළොවෙහි වූ ද අනන්තරත්නයන් සිතින් (ඉටා මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
8. තත්ථ රූපියභුමියං පාසාදං මාපයිං අහං, නෙකභුම්මං රතනමයං උබ්බිද්ධං නභමුග්ගතං.
8. එහි රිදීමුවාබිම්හි සත්රුවනින් කරණලද්දා වූ අහස්හි උස් ව නැංගා වූ නොයෙක් මහල් ඇති පහයක් මැවීම්.
9. විචිත්තථම්භං සුකතං සුවිභත්තං මහාරහං, කනකාමයසඞ්ඝාටං තොරණච්ඡත්තමණ්ඩිතං.
9. ඒ ප්‍රාසාදය දිගුපුළුලට සරි ලන සේ මැනවින් කළ බෙදුම් ඇති මාහැඟි තොරණින් හා සේසතින් බබලන රුවන්මුවා දැවවළලු ඇති විසිතුරු කණුවලින් යුතු වි ය.
10. පඨමා වෙළුරියා භූමි විමලාබ්භසමා සුභා, නළිතී ජලජාකිණ්ණවරකඤ්චනභූමියා.
10. එහි පළමුවැනි මාලය පිරිසිදු වලාකුළක් සේ මනෝඥ වෙරළුමිණියෙන් කරණලද බිම ඇත්තේ වි ය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් රුවන්මුවා භූමියෙන් ද යුතු වි ය.
11. පවාළංසා පවාළවණණා කාචි ලොහිතකා සුභා, ඉන්දගොපකවණ්ණාභා භූමි ඔභාසතී දිසා.
11. එහි කිසි මහලක් මනහර පබළුයෙන් කළ පැති ඇත්තේ පබළුවන් වි ය. අනිකක් රත්පැහැ වි ය. අනිකක් රතිඳුගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුතු වූ යේ දසදිගුන් බබුළුවයි.
12. සුවිභත්තා ඝරමුඛා නිය්යුහා සීහපඤ්ජරා, චතුරො වෙදිකා ජාලගන්ධාවෙල මනොරමා.
12. මැනැවින් බෙදූ ගෘහද්වාර ද පිටතට නෙරාගිය ප්රමුඛශාලා (=පෝටිකෝ) ද වෙන් වෙන් ව තබනලද සීමැදුරු ද මුතුලැලින් මනහර වූ සුවඳමල්දම් ලෙළෙන වේදිකා සතරක් ද එහි වි ය.
13. නීලා පීතා ලොහිතා ඔදාතා සුද්ධකාළකා, කූටාගාරවරූපෙතා සත්තරතනභූසිතා.
13. (ඒ ප්‍රාසාදය) සත්රුවනින් දිලෙන නිල්, කහ, රතු, සුදු, නො මුසු කළුවන් වූ කුළුගෙවලින් ද යුතු වි ය.
14. ඔලොකමයා පදුමා වාළ-විහගසොභිතා, නක්ඛත්තතාරකාකිණ්ණා චන්දසුරියෙහි මණ්ඩිතා.
14. (එ ම පහය) පිපුනු (අයුරින් කළ) පියුමින් ද, ව්‍යාල මෘගයන්ගේ හා පක්ෂීන්ගේ ද රුවින් බබලන (ඉතා උස් බැවින් පිළිබිඹු වූ) නැකැත්තරුවලින් ගැවසී ගත් සඳහිරුරූවලින් ද ශෝභන වි ය.
15. හෙමජාලෙන සඤ්ඡන්නා සොණ්ණ-කිඞ්කිණිකායුතා, වාතවෙගෙන කූජන්ති සොණ්ණමාලා මනොරමා.
15. එහි රන්කිකිණයෙන් යුත් රුවන්දැලින් ගැවසුනු මනහර වූ රත්මල්දම්හු වායුවේගයෙන් නාද කරති.
16. මඤ්ජෙට්ඨකං ලොහිතකං පීතකං හරිපිඤ්ජරං, නානාරඞ්ගෙහි සුප්පීතං උස්සිතද්ධජමාලිනිං.
16. මදටපැහැ, රතු, කහ, පලාවන්, පිඟුවන් යන නන්වැදෑරුම් සායම් පොවනලද ඔසවනලද්දා වූ දදපෙළ ද වෙයි.
17. නානා බහූ නෙකසතා ඵළිකා රජතාමයා, මණිමයා ලොහිතඞ්කා මසාරගල්ලමයා තථා, නානාසයනවිචිත්තා සණ්හකාසිකසන්ථතා.
17. එය රිදීමුවා වූ ද නිල්මිණිමුවා වූ ද දෑරඟමිණිමුවා වූ ද, එසේ ම මැසිරිමිණිමුවා වූ ද පුවරු ඇති සියුම් කසීසළු අතුළ නොයෙක් සියගණන් සයනයන්ගෙන් විසිතුරු වි ය.
18. කම්බලා දුකූලා චීනා පත්තුණ්ණා පණ්ඩුපාවුරා, විවිධත්ථරණං සබ්බං මනසා පඤ්ඤපෙස’හං.
18. කම්බිලි ද දුහුල්පට ද චීනපට ද පත්තුණ්ණදේසයෙහි කළ පට ද පඬුවන් පට ද යන මෙයින් කළ ප්රාවරණයන් ඇති බැවින් විවිධ ඇතිරිලිවලින් යුත් සියලු (අසුන්) මම සිතින් ඉටා පැණවීමි.
19. තාසු තාස්වෙව භූමීසු රතනකූටලඞ්කතා, මණිවෙරොචනා උක්කා ධාරයන්තා සුතිට්ඨරෙ.
19. ඒ ඒ භූමීන්හි රුවන්කුළුවලින් අලඞ්කෘත වූ රත්මිණියෙන් කළ දඬුවැටපහන් දරන්නෝ සිටිත්.
20. සොභන්ති එසිකාථම්භා සුභා කඤ්චනතොරණා, ජමෙබානදා සාරමයා අථො රජතමයාපි ච.
20. එහි නුවරදොර හොබවනුවස් සිටවූ ඉන්ද්රඛීලයෝ බබලත්. ස්වර්ණමය වූ ද ජාම්බූනදස්වර්ණමය වූ ද ඛදිර(=කිහිරි)දාරුමය වූ ද රජතමය වූ ද තොරන්හු බබලති.
21. නෙකා සන්ධි සුවිභත්තා කවාටග්ගළචිත්තිතා, උභතො පුණ්ණඝටා’නෙකා පදුමුප්පලසංයුතා.
21. මැනවින් බෙදූ බොහෝ සන්ධීහු වෙත්. (ඒ පහය) ජනෙල් වලින් හා අගුළුවලින් විසිතුරු වි ය. පියුම්උපුල් වලින් යුත් දෙපස තැබූ නොයෙක් පුන්කලස්හු ද එහි වෙති.
22. අතීතෙ සබ්බබුද්ධෙ ච සසංඝෙ ලොකනායකෙ, පකතිවණ්ණරූපෙන නිම්මිනිත්වා සසාවකෙ.
22. අතීතයෙහි වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත ලෝකනායක සම්මා සම්බුදුවරයන් ද එසේ ම ශ්රාවකසමූහයා සහිත පසේබුදුවරයන් ද පියවිසටහනින් මවා-
23. තෙන ද්වාරෙන පවිසිත්වා සබ්බෙ බුද්ධා සසාවකා, සබ්බසොවණ්ණයෙ පීඨෙ නිසින්නා අරියමණ්ඩලා.
23. ශ්‍රාවකයන් සහිත ඒ බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්ය්යසමූහ ව සර්ව සෞවර්ණ්ය (=සියල්ල රුවන්මුවා) වූ පුටුවල වැඩහුන්හ.
24. යෙ ච එතරහි අත්ථි බුද්ධා ලොකෙ අනුත්තරා, අතීතා වත්තමානා ච භවනං සබ්බෙ සමාරුහුං.
24. මෙකල ලෝකයෙහි අනුත්තර වූ යම් බුදුකෙනෙක් වෙත් ද, එසේ ම අතීතයෙහි වූ ද, වර්තමානයෙහි වූ ද ඒ සියලු බුදුවරයෝ ම මේ ප්‍රාසාදයට නැංගහ.
25. පච්චෙකබුද්ධෙ නෙකසතෙ සයම්භූ අපරාජිතෙ, අතීතෙ වත්තමානෙ ච භවනං සබ්බෙ සමාරුහුං.
25. තමන් විසින් ම පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කර ගත් පස්මරුන් දිනූ අතීතයෙහි හා වතර්මානයෙහි වූ නොයෙක් සියගණන් පසේබුදුවරු ද මේ පහයට නැංගහ.
26. කප්පරුක්ඛා බහූ අත්ථි යෙ දිබ්බා යෙ ච මානුසා, සබ්බං දුස්සං සමාහත්වා අච්ඡාදෙමි තිචීවරා.
26. දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද කල්පවෘක්‍ෂයෝ බොහෝ වෙති (එයින්) සියලු වස්ත්‍ර ගෙණවුත් තුන්සිවුරින් (උන්වහන්සේලා) හැඳවීමි.
27. ඛජ්ජං භොජ්ජං සායනීයං සම්පන්නං පානභොජනං, මණිමයෙ සුභෙ පත්තෙ සම්පූරෙත්වා අදාසහං.
27. කෑයුතු වූ ද, බිදියයුතු වූ ද, රස විඳගත යුතු වූ ද, සමෘද්ධ වූ ආහාරපානයෙන් මනෝඥ වූ මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දිනිමි.
28. දිබ්බචක්ඛුසමා හුත්වා මට්ඨචීවරසංයුතා, මධුනා සක්ඛරා චෙව තෙලෙන මධුඵාණිතා.
28-29. දිවැස් ඇත්තවුන් වැනි වූවාහු මටසිලුටු සිවුරු දැරුවා වූ මී සකුරු තලතෙල් මීපැණි යන මෙකී උතුම් ආහාරපානයන්ගෙන් සෑහීමට පත් වූ ඒ සියලු ආර්‍ය්‍යසමූහයා ගුහාවන්හි සයනය කරණ කේශරසිංහයන් මෙන් රත්නගර්භයට පිවිස–
29. තප්පිතා පරමන්නෙන සබ්බෙ තෙ අරියමණ්ඩලා, රතනගබ්භං පවිසිත්වා කෙසරීව ගුහාසයා.
30. මහාරහම්හි සයනෙ සීහසෙය්යමකප්පයුං, සම්පජානා සමුද්ධාය සයනෙ පල්ලඞ්කමාභුජුං, ගොචරං සබ්බබුද්ධානං ඣානරතිසමප්පිතා.
30. මාහැඟි සයනයෙහි සිහියෙන් යුතු ව සීහසෙය්යාවෙන් දකුණැළයෙන් සැතපුනහ. සිහියෙන් යුතු ව නැගිට සයනයෙහි ම පලක් බැඳ වැඩහිඳ සියලු බුදුවරයනට විෂය වූ ධ්‍යානයට සමවන්හ.
31. අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති අඤ්ඤෙ කීළන්ති ඉද්ධියා, අඤ්ඤෙ අභිඤ්ඤා අප්පෙන්ති අභිඤ්ඤාවසිභාවිතා, විකුබ්බනා විකුබ්බන්ති අඤ්ඤෙ නෙකසහස්සියො.
31. (ඒ පසේබුදුවරයන් අතුරෙන්) ඇතැම් කෙනෙක් දහම් දෙසත්. අනික් කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඍද්ධියෙන් ක්‍රීඩා කෙරෙත්. තව කෙනෙක් පඤ්චවශීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවනට සමවදිති ඇතැම්හු නොයෙක් දහස්ගණන් ඍද්ධිවිකුර්වණයන් කෙරෙත්.
32. බුද්ධාපි බුද්ධෙ පුච්ඡන්ති විසයං සබ්බඤ්ඤුමාලයං, ගම්භීරං නිපුණං ඨානං පඤ්ඤාය විනිබුජ්ඣරෙ.
32. බුදුවරු සර්වඥතාඥානයට ගෝචර වූ කරුණු බුදුවරුන්ගෙන් විචාරත්. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
33. සාවකා බුද්ධෙ පුච්ඡන්ති බුද්ධා පුච්ඡන්ති සාවකෙ, අඤ්ඤමඤ්ඤං ච පුච්ඡන්ති අඤ්ඤොඤ්ඤං බ්යාකරොන්ති තෙ.
33. ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත් ඔවුනොවුනු දු විචාරත්. ඔහු ඔවුනොවුන්ගේ පැණ විසඳත්.
34. බුද්ධා පච්චෙකබුද්ධා ච සාවකා පරිචාරකා, එවං සකාය රතියා පාසාදෙ’ භිරමන්ති තෙ.
34. සම්‍යක් සම්බුදුවරු ද පසේබුදුවරු ද ශ්‍රාවකයෝ ද පිරිවරජනයා ද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි ඒ (වෛජයන්ත) ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
35. ඡත්තා තිට්ඨන්තු රතනා කඤ්චනාවෙලපන්තිකා, මුත්තාජාලපරික්ඛිත්තා සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
35. සත්රුවන්මුවා ඡත්රයෝ රන්ලැල් සහිත පත්‍ර ඇතිව එල්බෙමින් සිටිත්වා, මුතුලැල් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වා සි (සිතූ කෙණෙහි එසේ පහළ වි ය.)
36. භවන්තු චෙළවිතානා සොණ්ණතාරකචිත්තිතා, විචිත්තමාල්යවිතානා සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
36. රුවන්තරුයෙන් බබලන සෙල්වියන් පහළ වේවා! විසිතුරු මල් ගැවසුනු නොයෙක් වියන් මාගේ මස්තකයෙහි දරත්වා!
37. විතතා මාල්යදාමෙහි ගන්ධදාමෙහි සොභිතා, දුස්සදාමෙහි පරිකිණ්ණා රතනදාමවිභූසිතා.
37. මල්දමින් ගැවසීගත්, සුවඳ දමින් හෙබුනා වූ, දුස්සදාමයන්ගෙන් ආකූල වූ, රත්නදාමයන්ගෙන් අලඞ්කෘත වූ–
38. පුප්ඵාභිකිණ්ණා සුචිත්තා සුරභිගන්ධධූපිතා, ගන්ධපඤ්චඞ්ගුලිකතා හෙමච්ඡදනඡාදිතා.
38. විසිතුරු මලින් ගැවසීගත් සුවඳදුම් ගැස්වූ සුවඳ පසඟුල් කළ රන්වහලින් වැසූ-
39. චතුද්දිසා පොක්ඛරඤ්ඤො පදුමුප්පලසන්ථතා, සොවණ්ණරූපා ඛායන්තු පදුමරෙණුරජුග්ගතා.
39. සිවුදිගෙහි වූ පුෂ්කරිණිහු පියුම්උපුල්වලින් ගැවසීගත්තාහු උඩට නැගි පියුම් රොන් රජස් ඇත්තාහු ස්වර්ණමය ව මෙන් වැටහෙත්වා!
40. පුප්ඵන්තු පාදපා සබ්බෙ පාසාදස්ස සමන්තතො, සයං ච පුප්ඵා මුඤ්චිත්වා ගන්ත්වා භවනමොකිරුං
40. මාගේ (වෛජයන්ත) ප්‍රාසාදය හාත්පස සියලුගස් පිපේවා! ඒ මල් ඉබේ ම ගිලිහී පහය මතුයෙහි විසිරේවා!
41. සිඛිනො තත්ථ නච්චන්තු දිබ්බහංසා පකූජරෙ, කරවීකා ච ගායන්තු දිජසංඝා සමන්තතො.
41. එහි මොනරු නටත්වා! දිව්යහංසයෝ ශබ්ද කෙරෙත්වා! හාත්පස්හි කොවුලෝ ද පක්ෂි සමූහයෝ ද ගයත්වා!
42. භෙරියො සබ්බා වජ්ජන්තු වීණා සබ්බා රවන්තු තා, සබ්බා සංගීතී වත්තන්තු පාසාදස්ස සමන්තතො.
42. සියලු භේරීහු වාදනය කරණු ලැබෙත්වා! ඒ සියලු වීණාවෝ රැව් දෙත්වා! පහය හාත්පස සියලු සඞ්ගීතයෝ පවතිත්වා!
43. යාවතා බුද්ධඛෙත්තම්හි චක්කවාළෙ තතො පරෙ, මහන්තා ජොතිසම්පන්නා අච්ඡිද්දා රතනාමයා.
43-44. බුද්ධක්‍ෂේත්‍රය හැමතැන ද, එයින් පිටත් සක්වළෙහි ද, මහත් වූ පලුදු නො වූ දිලිසෙන රුවන්මුවා රන්පලඟහු වෙත්වා! ප්රදීපවෘක්ෂයෝ දැල්වෙත්වා! දසදහස් ලෝදා පරපුර එකාලොක වෙත්වා!
44. තිට්ඨන්තු සොණ්ණපල්ලඞ්කා දීපරුක්ඛා ජලන්තු තෙ, භවන්තු එකපජ්ජොතා දසසහස්සීපරම්පරා.
45. ගණිකා ලාසිකා චෙව නච්චන්තු අච්ඡරාගණා, නානාරඞ්ගා පදිස්සන්තු පාසාදස්ස සමන්තතො.
45. ගණිකාවෝ ද නිළියෝ ද දිව්‍යප්සරාවෝ ද නටත්වා! පහය අවට නන් රඟමඬුලු පෙණේවා!
46. දුමග්ගෙ පබ්බතග්ගෙ වා සිනෙරුගිරිමුද්ධනි, උස්සාපෙමි ධජං සබ්බං විචිත්තං පඤ්චවණ්ණිකං.
46. (එකල්හි මම තිලෝක විජය නම් සක්විතිරජ ව මුළුසක්වළ) ගස් මුදුනෙහි ද පර්වත මුදුනෙහි ද සිනේරුපර්වතමුදුනෙහි ද, පස්වණින් විසිතුරු වූ සියලු දද එසවීමි.
47. නරා නාගා ච ගන්ධබ්බා සබ්බෙ දෙවා උපෙන්තු තෙ, නමස්සන්තා පඤ්ජලිකා පාසාදං පරිවාරයුං.
47. මනුෂ්‍යයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද දෙවියෝ ද යන ඒ සියල්ලෝ එළඹෙත්වා! ඒ මිනිස් ආදීහු නමදින්නාහු බදැඳිළි ඇත්තාහු ඒ ප්‍රාසාදය පිරිවරාගණිත්වා!
(මෙසේ ඒ තුන්ලෝ ජයගත් සක්විති රජතෙම පහයෙහි ද තමාගේ ද අනුභාවය වර්ණනා කොට දැන් එය ලැබීමට තමා කළ කුශලය දක්වයි.)
48. යං කිඤ්චි කුසලං කම්මං කත්තබ්බං කිරියං මම, කායෙන වාචා මනසා තිදසෙ සුකතං කතං.
48. තව්තිසාවෙහි ඉපදීමට සුදුසු යම් කුශලයක් කළයුතු වී ද එය කයින් වචනයෙන් හා සිතින් මම මැනවින් කෙළෙමි.
49. යෙ සත්තා සඤ්ඤිනො අත්ථි යෙ ච සත්තා අසඤ්ඤිනො, කතං පුඤ්ඤඵලං මය්හං සබ්බෙ භාගී භවන්තු තෙ.
49. (දිව්‍ය මනුෂ්‍යාදි) සංඥී සත්ත්වයෝ ද (අසඤ්ඤසත්තයෙහි වූ) අසංඥී සත්ත්වයෝ ද යම් තාක් වෙත් නම්, ඒ සියල්ලෝ මා විසින් කරණලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා!
50. යෙසං කතං සුවිදිතං දින්නං පුඤ්ඤඵලං මයා, යෙ ච තස්මිං න ජානන්ති දෙවා ගන්ත්වා නිවෙදයුං.
50. මා විසින් කරණලද පින යම් දිව්යමනුෂ්යනාගාදි කෙනෙකුන් විසින් මැනැවින් දැනගන්නා ලද ද, ඔවුන්ට මා විසින් පුණ්‍යඵලය දෙනලදී. මා විසින් ඒ කරණලද පින දුන් බව යම් කෙනෙක් නො දනිත් නම්, දෙවිවරු ගොස් ඔවුනට එය දන්වත්වා!
51. සබ්බලොකම්භි යෙ සත්තා ජීවන්තා’හාරහෙතුකා, මනුඤ්ඤං භොජනං සබ්බං ලභන්තු මම තෙජසා.
51. ආහාර හේතුවෙන් ජීවත් වන සියලු ලෝකවාසී සත්ත්වයෝ සියලු ම මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා!
52. මනසා දානං මයා දින්නං මනසා පාසාදමාවහිං, පූජිතා සබ්බසම්බුද්ධා පච්චෙකා ජිනසාවකා.
52. පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙනලද නම් එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියලු සම්බුදුවරයෝ ද පසේ බුදුවරයෝ ද බුදුසව්වෝ ද මා විසින් පුදන ලදහ.
53. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගඤ්ඡහං.
53. මැනවින් කළ ඒ පිණින් ද කරණ ලද ප්රාර්ත්ථනාවන්ගෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාදෙව්ලොවට ගියෙමි.
54. දුවෙ භවෙ පජානාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි මනසා පත්ථනාඵලං.
54. දෙව් මිනිස් දෙගතිය දනිමි. එයින් පිටත් අනික් ගතියක් ගැණ නොදනිමි. සිතින් කළ පැතුමෙහි මේ ඵලයයි.
55. දෙවානං අධිකො හොමි භවාමි මනුජාධිපො, රූපලක්ඛණසම්පන්නො පඤ්ඤාය අසමො භවෙ.
55. (දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රෙෂ්ඨ වෙමි. (මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨ වූ රජ වෙමි. රූපලක්ෂණයෙන් සමන්විත වූයෙම් අසම වූ ප්‍රඥාව ඇත්තේ ද වෙමි.
56. භොජනං විවිධං සෙට්ඨං රතනඤ්ච අනප්පකං, නානාවිධානි වත්ථානි නභා ඛිප්පං උපෙන්ති මං.
56. ශ්‍රෙෂ්ඨ වූ නානාප්‍රකාර භෝජන ද බොහෝ වූ සත්රුවන් ද නානාප්‍රකාර පට්ටකෝසෙය්යාදි වස්ත්‍ර ද මා වෙතට අහසින් වහා පැමිණේ.
57. පථව්‍යා පබ්බතෙ චෙව ආකාසෙ උදකෙ වනෙ, යං යං හත්ථං පසාරෙමි දිබ්බා භක්ඛා උපෙන්ති මං.
57. පෘථිවි ය, පර්වත ය, ආකාශ ය, ජල ය, වන ය යන යම් යම් තැනෙක්හි අත දික් කරම් ද, ඒ ඒ හැම තැනකින් ම මා වෙත දිවබොජුන් පහළ වේ.
58. පථව්‍යා පබ්බතෙ චෙව ආකාසෙ උදකෙ වනෙ, යං යං හත්ථං පසාරෙමි රතනා සබ්බෙ උපෙන්ති මං
58-65. පෘථිවිය –පෙ– යම් යම් තැනෙක්හි අත දික්කරම් ද, ඒ හැම තැනකින් ම රුවන් ද සියලු සුගන්ධවර්ග ද යානා මාලා අලඞ්කාරයෝ ද සියලු කන්‍යාවෝ ද මී සකුරු ද කැවිලි ද මා වෙත පැමිණෙත් (පහළ වෙති).
59. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බෙ ගන්ධා උපෙන්ති මං.
60. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බෙ යානා උපෙන්ති මං.
61. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බා මාලා උපෙන්ති මං.
62. පථව්‍යා -පෙ- පසාරෙමි අලඞ්කාරා උපෙන්ති මං.
63. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බා කඤ්ඤා උපෙන්ති මං.
64. පථව්‍යා -පෙ- පසාරෙමි උපෙන්ති මධුසක්ඛරා.
65. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බ ඛජ්ජා උපෙන්ති මං.
66. අධනෙ අද්ධිකජනෙ යාචකෙ ච පථාවිනො, දදාම’හං දානවරං සම්බොධිවරපත්තියා
66. ශ්‍රෙෂ්ඨ වූ සම්‍යක්සම්බෝධියට පැමිණීම පිණිස දුගී මගී යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
67. නාදෙන්තො පබ්බතං සෙලං ගජ්ජෙන්තො බහලං ගිරිං, සදෙවලොකං හාසෙන්තො බුද්ධො ලොකෙ භවාම’හං.
67. ඝන බහල ශෛලපර්වතයන් ගර්ජනය කරවමින් දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින් මම ලෙව්හි බුදු වෙමි.
68. දිසා දසවිධා ලොකෙ යායතො නත්ථි අන්තකං, තස්මිඤ්ච දිසාභාගම්භි බුද්ධක්ඛෙත්තා අසඞ්ඛියා.
68. ලෙව්හි ඒ ඒ දිගට ගමන් කරන්නහුට කෙළවරක් දැක ගත නො හැකි දිසා දසයකි. ඒ ඒ දිශාවෙහි ද බුද්ධක්ෂේත්රයෝ අනන්ත වෙති.
69. පභා පකිත්තිතා මය්හං යමකා රංසිවාහනා, එත්ථන්තරෙ රංසිජාලං ආලොකො විපුලො භවෙ.
69. ඒ සක්විතිරජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලොකය රැස් විහිදුවමින් ප්‍රකට වි ය. මේ දස දහසක් සක්වළ අතුරෙහි රැස්සමූහය ද ආලොකය ද අධික වි ය.
70. එත්තකෙ ලොකධාතුම්හි සබ්බෙ පස්සන්තු මං ජනා, සබ්බෙ ච සුමනා හොන්තු සබ්බෙ මං අනුවත්තරෙ, (සබ්බෙ මං අනුවත්තන්තු යාව බ්රහ්මනිවෙසනං).
70. මෙපමණ වූ ලෝකධාතූන්හි සියලු දෙන මා දකිත්වා! එසේ ම සියලු දෙන සතුටු සිත් ඇත්තෝ වෙත්වා! බඹලොව දක්වා වූ හැම දෙනම මා අනුගමනය කෙරෙත්වා!
71. විස්සට්ඨ මධුනාදෙන අමතං භෙරිමාහනිං, එත්ථන්තරෙ ජනා සබ්බෙ සුණන්තු මධුරං ගිරං.
71. විහිද වූ මධුරනාදයෙන් අමා බෙරය ගැසීමි. (=දම් දෙසීමි) මේ දස දහසක් සක්වළ ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා!
72. ධම්මමෙඝෙ පවස්සන්තෙ සබ්බෙ හොන්තු අනාසවා, යෙ’ත්ථ පච්ඡිමකා සත්තා සොතාපන්නා භවන්තු තෙ.
72. දහම්වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්රවරහිතයෝ (=රහත්හු) වෙත්වා! මේ ජනයා අතුරෙහි යමෙක් පශ්චිමක (=අඩු ගුණ ඇත්තෝ) වෙත් නම්, ඔහු සෝවාන් වෙත්වා!
73. දත්වා දාතබ්බකං දානං සීලං පූරෙත්ව’සෙසතො, නෙක්ඛම්මෙ පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං.
73. දිය යුතු දන් දී නිරවශේෂයෙන් සිල් පුරා නෛෂ්ක්රම්යපාරමීකෝටි ප්‍රාප්ත ව සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
74. පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා කත්වා විරියමුත්තමං, ඛන්තියා පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං,
74. නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යය කොට ඉවසීමේ කෙළවරට ම ගොස් ක්ෂාන්තිපාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
75. කත්වා දළ්හමධිට්ඨානං පූරෙත්වා සච්චපාරමිං, මෙත්තාය පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං.
75. දෘඪ අධිෂ්ඨානය කොට සත්‍යපාරමිතාව හා මෛත්‍රීපාරමිතාව පුරා සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
76. ලාභාලාභෙ සුඛෙ දුක්ඛෙ සම්මානෙ චාවමානනෙ, සබ්බත්ථ සමකො හුත්වා පත්තො සම්බොධිමුත්තමං.
76. ලාභ ය, අලාභ ය, සැප ය, දුක ය, සම්මාන ය, අවමාන ය යන මේ සියලු තන්හි සමසිත් ඇත්තේ උපේක්ෂා පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
77. කොසජ්ජං භයතො දිස්වා විරියඤ්චාපි ඛෙමතො, ආරද්ධවිරියා හොථ එසා බුද්ධානුසාසනී.
77. කුසීත බව භය වශයෙන් ද වීර්‍ය්‍යය ක්ෂේම (ආරක්ෂා ස්ථානය) වශයෙන් ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වවු. මෙය බුද්ධානුශාසනයයි.
78. විවාදං භයතො දිස්වා අවිවාදඤ්ච ඛෙමතො, සමග්ගා සඛිලා හොථ එසා බුද්ධානුසාසනී.
78. විවාදය භය වශයෙන් ද අවිවාදය ක්ෂේමවශයෙන් ද දැක සමගි ව සිලිටු මෘදුගුණ ඇත්තෝ වවු. මෙය බුද්ධානු ශාසනය යි.
79. පමාදං භයතො දිස්වා අප්පමාදං ච ඛෙමතො, භාවෙථ’ට්ඨඞ්ගිකං මග්ගං එසා බුද්ධානුසාසනී.
79. ප්‍රමාදය භයවශයෙන් ද අප්‍රමාදය ක්ෂේමවශයෙන් ද දැක අරි අටඟිමග වඩවු. මෙය බුද්ධානුශාසනය යි.
80. සමාගතා බහූ බුද්ධා අරහන්තා ච සබ්බසො, සම්බුද්ධෙ අරහන්තෙ ච වන්දමානා නමස්සථ,
80. නොයෙක් සිය දහස් ගණන් පසේබුදුවරු ද රහත්හු ද රැස් වූහ. ඒ බුදුවරයන් ද රහතුන් ද වඳිමින් නමස්කාර කරවු.
81. එවං අචින්තියා බුද්ධා බුද්ධධම්මා අචින්තියා, අචින්තියෙසු පසන්නානං විපාකො හොති අචින්තියො.
81. මෙසේ බුදුවරයෝ චින්තාවිෂයාතික්රාන්නතයහ. බුදධදේශිතධර්මය ද චින්තාවිෂයාතික්රාන්තය. චින්තාවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි ද ධර්මය කෙරෙහි ද පහන් වූවන්ට ලැබෙන විපාකය ද චින්තාවිෂයාතික්‍රාන්ත වේ, හෙවත් සිතා අවසන් කළ නොහැකි වේ.
ඉත්ථං සුදං භගවා අත්තනො බුද්දචරියං සම්භාවයමානො බුද්ධාපදානියං නාම ධම්මපරියායං අභාසිත්ථාති.
මෙසේ බුදුරජානන් වහන්සේ තමන්වහන්සේගේ බුද්ධචරිතය පවසන සේක් බුද්ධාපදානය නම් වූ ධර්මපර්ය්යායය වදාළසේක.
බුද්ධාපදානං සමත්තං.
බුද්ධාපදානය සමාප්ත යි.