යෙදුමෙන් කියවන්න

පච‍්චෙක බුද‍්ධාපදානං

2.

2.

පච‍්චෙක බුද‍්ධාපදානං

පච්චේකබුද්ධාපදානය

අථ පච‍්චෙකබුද‍්ධාපදානං සුණාථ.

අනතුරු ව පච්චෙකබුද්ධාපදානය අසවු:-

82. තථාගතං ජෙතවනෙ වසන‍්තං අපුච‍්ඡි වෙදෙහමුනී නතඞ‍්ගො, “පච‍්චෙකබුද‍්ධා කිර නාම හොන‍්ති, භවන‍්ති තෙ හෙතූහි කෙහි වීර.”

82. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්‍ද ස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ?” යි නැමදුම් පෙරටු ව විචාළේ ය.

83. තදා’හ සබ‍්බඤ‍්ඤුවරො මහෙසී ආනන්‍දභද‍්දං මධුරස‍්සරෙන, යෙ පුබ‍්බබුද‍්ධෙසු කතාධිකාරා අලද‍්ධමොක‍්ඛා ජිනසාසනෙසු.

83-84. එකල්හි මහර්ෂී වූ සර්‍වඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණලද පුණ්‍යසම්භාර ඇති ඒ බුදුසසුන්හි නො ලබන ලද නිවන් ඇති ඉතා සියුම් නුවණින් යුත් ඒ ප්‍රාඥයෝ එ ම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිත ව ස්වල්පමාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙණ පසේබුදුබවට පැමිණෙත් ය” යි මධුර ස්වරයෙන් වදාළසේක.

84. තෙනෙව සංවෙගමුඛෙන ධීරා විනාපි බුද‍්ධෙහි සුතික‍්ඛපඤ‍්ඤා, ආරම‍්මණෙනාපි පරිත‍්තකෙන පච‍්චෙකබොධිං අනුපාපුණන‍්ති.

85. සබ‍්බම‍්හි ලොකම‍්හි මමං ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙහි සමො’ව නත්‍ථි, තෙසං ඉමං වණ‍්ණපදෙසමත‍්තං වක‍්ඛාමහං සාධු මහාමුනීනං.

85. සකල ලෝකයෙහි (සර්‍වඥබුද්ධ වූ) මා හැර පසේ බුදුවරයන් සමාන වූ අනිකෙක් නැත්මය. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ කොටසක් පමණක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.

86. සයමෙව බුද‍්ධානං මහාඉසීනං සාධූනි වාක්‍යානි මධුංව ඛුද‍්දං, අනුත‍්තරං භෙසජං පත්‍ථයන‍්තා සුණාථ සබ‍්බෙසු පසන‍්නචිත‍්තා.

86. පරෝපදේශරහිත ව තමන් ම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරි වූ උදානවාක්‍යයෝ දඬුවෙල් බෑ මීවදයක් මෙන් මිහිරි වෙති. අනුත්තර වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝ ම මනා කොට පහන් වූ සිත් ඇත්තෝ (එය) අසවු.

87. පච‍්චෙකබුද‍්ධානං සමාගතානං පරම‍්පරව්‍යාකරණානි යානි, ආදීනවො යඤ‍්ච විරාගවත්‍ථු යථා ච බොධිං අනුපාපුණිංසු.

87. එහි රැස් වූ පසේබුදුබවට පත් උතුමන් පිළිවෙළින් කළ යම් යම් ප්‍රකාශයෝ වෙත් නම්, කාමයන් පිළිබඳ ආදීනව ද නො ඇලීමේ කරුණු ද උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත් වූ පරිදි ද, (පවසන ඒ ප්‍රකාශයන්) අසවු.

88. සංරාගවත්‍ථූසු විරාගසඤ‍්ඤී රත‍්තම‍්හි ලොකම‍්හි විරත‍්තචිත‍්තා, හිත්‍වා පපඤ‍්චෙ විජිය ඵන්‍දිතානි තථෙව බොධිං අනුපාපුණිංසු.

88. ඇලුම් කට යුතු දැයෙහි නො ඇලෙන හැඟීම් ඇත්තාහු ඇලුම් කට යුතු ලෝකයෙහි නො ඇලුනු අදහස් ඇත්තාහු රාගාදි කෙලෙස් නසා දෘෂ්ටිචලනයන් දිනා එසේ ම ප්‍රත්‍යෙක බුද්ධත්‍වයට පිළිවෙළින් පැමිණියාහු ය.

89. සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං අවිහෙඨයං අඤ‍්ඤතරම‍්පි තෙසං, මෙත‍්තෙන චිත‍්තෙන හිතානුකම‍්පී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

89. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර ඒ සත්‍වයන් අතුරෙන් කිසිවකුට හිංසා ද නො කරන්නේ මෙත් සිතින් යුතු ව හිතානුකම්පා ඇතිව ඒ පසේබුදුරජතෙම කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.

90. සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං අවිහෙඨයං අඤ‍්ඤතරම‍්පි තෙසං, න පුත‍්තමිච‍්ඡෙය්‍ය කුතො සහායං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

90. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර කිසි දූ කෙනෙකුට හිංසා ද නො කරන්නේ පුත්‍රයා ගැණ පවා බලාපොරොත්තුවක් නැත්තේය. සහායයන් ගැණ කියනු ම කිම? (ඒ පසේ බුදු තෙමේ) කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.

91. සංසග‍්ගජාතස‍්ස භවන‍්ති ස‍්නෙහා ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති, ආදීනවං ස‍්නෙහජං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

91. හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය ඇති වේ. ඒ ස්නේහය අනු ව යන්නාවූ මේ දුක ඇති වේ. ස්නේහයෙන් හටගත්තා වූ දොස් දකින්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව හැසිරෙන්නේ ය.

92. මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තො, එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

92. සුහද මිතුරන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇතිබව හේතු කොට ගෙණ තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙළා ගණී. සන්‍ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

93. වංසො විසාලොව යථා විසත‍්තො පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා, වංසකළීරොව අසජ‍්ජමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

93. යම්සේ එකට ගෙතුනා වූ විශාල හුණපඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම්, (එය ඒ ඒ වස්තූන් හෝ අය ගොතා ගෙණ සිටී. එහි ආදීනව දක්නේ) හුණකිළිලක් මෙන් නො ඇලෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

94. මිගො අරඤ‍්ඤම‍්හි යථා අබද‍්ධො. යෙ නිච‍්ඡකං ගච‍්ඡති ගොචරාය, විඤ‍්ඤූ නරො සෙරිතං පෙක‍්ඛමානො එකො වරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

94. යම් සේ තිත්මුවා උයනෙහි රැහැන් ආදියකින් නො බඳනා ලද්දේ කැමැති කැමැති තැනට ගොදුරු පිණිස යේ ද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බව ද එසේ ම දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

95. ආමන‍්තනා හොති සහායමජ‍්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ‍්ඣිතං සෙරිතං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

95. මිතුරන් මැද සිටින විට සයනයෙහි ද සිටීමෙහි ද ගමනෙහි ද චාරිකාවෙහි ද (‘පින්වත, මෙහි එන්න. මාගේ බස් අසන්න. මෙය දෙන්න’ යනාදි වශයෙන්) ඇමතීම් ඇති වේ. (නින්‍දිත පුරුෂයන් විසින්) නො පතනලද (ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාත) සෛවරීභාවයෙහි අනුසස් දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

96. ඛිඩ‍්ඩා රතී හොති සහායමජ‍්ඣෙ පුත‍්තෙසු පෙමං විපුලඤ‍්ච හොති, පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

96. මිතුරන් අතර සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝ ද, පඤ්චකාමගුණිකරාගයෝ ද වෙති. එසේ ම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමය ද අධික වේ. එහි ඇතිවන ප්‍රියවිප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

97. චාතුද‍්දිසො අප‍්පටිඝො ච හොති සන‍්තුස‍්සමානො ඉතරීතරෙන, පරිස‍්සයානං සහිතා අඡම‍්භී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

97. ලද දෙයින් සතුටු වන තැනැත්තේ ගැටුම් නැති ව හැසිරිය හැකි සිවු දිග ඇත්තේ නොහොත් සිව්දිගෙහි පැතිර වූ මෙත්සිත් ඇත්තේ කිසිවකු හා නො ගැටෙන්නේ වේ. (සිංහාදීන්ගෙන් හා කාමච්ඡන්‍දාදියෙන් ද වූ) කායචිත්ත උපද්‍රවයන් ඉවසන සුලු ව ලොමුදහගැණීම් නැත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

98. දුස‍්සඞ‍්ගහා පබ‍්බජිතාපි එකෙ අථො ගහට‍්ඨා ඝරමාවසන‍්තා, අප‍්පොසුක‍්කො පරපුත‍්තෙසු හුත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

98. ඇතැම් පැවිද්දෝ ද යලි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමෙන් තෘප්ත කළ නො හැක්කෝ වෙත්. (ඒ ගතියට පිළිකුල් කරන්නේ) අන්‍යපුත්‍රයන් කෙරෙහි කළකිරුණේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

99. ඔරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි සංසීනපත‍්තො යතා කොවිළාරො, ඡෙත්‍වාන වීරො ගිගිබන්‍ධනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

99. කොළ වැටුනු කොබෝලීලගසක් මෙන් (මාර්‍ග) වීර්‍ය්‍යයෙන් යුත් පුද්ගලතෙමේ (කෙස් රැවුල් ආදි) ගිහි ලකුණු හැරදමා කාමාදි ගිහිබැඳුම් සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

100. සචෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං, අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

100. ධෛර්‍ය්‍යවත් වූ (අර්‍පණා-උපචාර-සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ස්ථානෝචිතප්‍රාඥමිත්‍රයකු ඉදින් ලැබේ නම්, සියලු කරදර මැඩ සිහියෙන් යුතු ව ඔහු සමග සතුටු ව හැසිරෙන්නේ ය.

101. නො චෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං, රාජාව රට‍්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ‍්ග’රඤ‍්ඤෙව’ නාගො.

101. ධෛර්‍ය්‍යයවත් වූ යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ප්‍රාඥමිත්‍රයකු ඉදින් නො ලැබේ නම්, යම් සේ රජතෙමේ ජයගත් රට (උවදුරු සහිත ය යි සිතා) හරණේ ද, එසේ ම මහ අරන්හි ඇත් රජකු මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

102. අද‍්ධා පසංසාම සහායසම‍්පදං සෙට‍්ඨා සමා සෙවිතබ‍්බා සහායා, එතෙ අලද‍්ධා අනවජ‍්ජභොජී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

102. ඒකාන්තයෙන් මිත්‍රසම්පත්තියට පසසමු. තමාට වඩා ගුණධර්‍මයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූවෝ ද සම වූවෝ ද සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. නිවරදබොජුන් ඇත්තේ මෙබඳු මිතුරන් නො ලැබ (කුහන ලප නාදියෙන් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

103. දිස‍්වා සුවණ‍්ණස‍්ස පභස‍්සරානි කම‍්මාරපුත‍්තෙන සුනිට‍්ඨිතානි, සංඝට‍්ටමානානි දුවෙ භුජස‍්මිං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

103. රන්කරුවකු විසින් මැනවින් නිමා කළ දීප්තිමත් රන්වළලු (එක්තැන් වූ කල) දෑතෙහි ගැටෙන අයුරු ද (එසේ එක්තැන් නො වී වෙන ම පවත්නා කල නො ගැටී ශබ්දවිරහිත ව පවත්නා අයුරු ද) දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

104. එවං දුතියෙන සභා මම’ස‍්ස වාචාභිලාපො අභිසජ‍්ජනා ච, එතං භයං ආයතිං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

104. මෙසේ දෙවැන්නකු සමග සල්ලාපයෙහි යෙදීම ද ඇලීම ද යන දෙක ම මතු (ඇති වන අධිගමයට අන්තරාය කර ය යි) මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

105. කාමා හි චිත්‍රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං, ආදීනවං කාමගුණෙසු දිස‍්වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

105. වස්තුකාමක්ලේශකාමයෝ විචිත්‍රයහ. මධුරයහ. සිත් අලවන සුල්ලහ. විවිධ ස්වභාව ඇති රූපයන්ගෙන් සිත කලඹත්. කාමගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

106. ඊතී ච ගණ‍්ඩො ච උපද‍්දවො ච රොගො ච සල‍්ලඤ‍්ච භයඤ‍්චමෙතං, එතං භයං කාමගුණෙසු දිස‍්වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

106. පඤ්වකාමය නොයෙක් ව්‍යසන එළවන්නකි. ක්ලේශාශුචි වැගිරෙන බැවින් ගඩෙකි. (අවැඩ සිදුකරණ බැවින්) උවදුරකි. (නීරෝග බව පැහැරගන්නා බැවින්) රෝගයකි (හදවත විදින බැවින්) උලකි. (දෙලොව භය උපදවන බැවින්) බියකි. කාමගුණයන්හි ඇති මේ බිය දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

107. සීතඤ‍්ච උණ‍්හඤ‍්ච ඛුදං පිපාසං වාතාතපෙ ඩංසසිරිංසපෙ ච, සබ‍්බානි පෙ’තානි අභිබ‍්භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

107. සීතය ද උෂ්ණය ද බඩගින්න ද පවස ද අව් සුළං දෙක ද ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්‍පයන් ද යන මේ සියල්ල මැඩ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

108. නාගොව යූථානි විවජ‍්ජයිත්‍වා සංජාතඛන්‍ධො පදුමී උළාරො, යථාභිරන‍්තං විහරං අරඤ‍්ඤෙ එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

108. මැනවින් හටගත් ග්‍රීවා ඇති ගෝමර ඇත්තා වූ උදාර වූ ඇත් රජෙක් හස්ති සමූහයා හැර දමා කැමැති තාක් කල් අරණෙහි වෙසේ ද, එමෙන් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

109. අට‍්ඨාන තං සඞ‍්ගණිකාරතස‍්ස යං ඵස‍්සයෙ සාමයිකං විමුත‍්තිං, ආදිච‍්චබන්‍ධුස‍්ස වචො නිසම‍්ම එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

109. යමක් හේතු කොට ගෙණ ලෞකික සමාපත්තියට පැමිණේ නම්, ගණසඞ්ගණිකාවෙහි ඇලුනහුට ඒ සමාපත්තිය සිදු නො වේ. පසේ බුදුරජානන් වහන්සේගේ මේ වචනය අසා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

110. දිට‍්ඨිවිසූකානි උපාතිවත‍්තො පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගො, උප‍්පන‍්නඤාණො’ම‍්හි අනඤ‍්ඤනෙය්‍යො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

110. මිසදිටු නමැති හුල් ඉක්මවූයේ ගති නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්‍ග ද ඇත්තේ අනිකෙකුගේ මාර්ගෝපදේශකත්‍වයක් නො මැති ව ලබනලද ප්‍රත්‍යෙකබෝධිඥානය ඇත්තේ වෙම් ද, එහෙයින් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

111. නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසො නිම‍්මක‍්ඛ නිද‍්ධන‍්තකසාවමොහො, නිරාසයො සබ‍්බලොකෙ භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

111. ලොල් නො වූයේ කුහක නො වූයේ රසතෘෂ්ණා රහිත වූයේ ගුණමකු නො වූයේ නසනලද රාගාදි කසට හා මෝහ ඇත්තේ තුන්ලොව මැඩගෙණ සිටින තෘෂ්ණාවෙන් තොර වූයේ ව කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

112. පාපං සහායං පරිවජ‍්ජයෙථ අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං, සයං න සෙවෙ පසුතං පමත‍්තං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

112. අවැඩ දක්නාසුලු වූ කායදුශ්චරිතාදියෙහි යෙදෙන පවිටු මිතුරන් දුරු කරන්නේ ය. ඒ ඒ තන්හි ඇලුනා වූ ප්‍රමාදයෙන් යුත් එබඳු මිතුරන් තෙමේ නො සෙව්නේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

113. බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ මිත‍්තං උළාරං පටිභානවන‍්තං, අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

113. බහුශ්‍රුත වූ පැමිණ අධිගම ඇති වැටහෙනපැණැති උසස් මිතුරකු භජනය කරන්නේ ය. මෙලෝ පරලෝ වැඩ දැන සැක දුරු කොට සිටියේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.

114. ඛිඩ‍්ඩං රතිං කාමසුඛඤ‍්ච ලොකෙ අනලඞ‍්කරිත්‍වා අනපෙක‍්ඛමානො, විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

114. ලෙව්හි ක්‍රීඩාව ද රතිය ද කාමසුඛය ද නො සලකා හැර එහි අපේක්‍ෂා නැත්තේ සිරුර සැරසීමෙන් ද තොර වූයේ සත්‍යවාදී වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

115. පුත‍්තඤ‍්ච දාරං පිතරඤ‍්ච මාතරං ධනානි ධඤ‍්ඤානි ච බන්‍ධවානි, හිත්‍වාන කාමානි යථොධිකානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

115. තමතමනට අයත් අඹුදරුවන් ද දෙමාපියන් ද අධික ලෙසින් වූ ධනධාන්‍ය ද බන්‍ධූන් ද යන මේ කාමවස්තූන් හැර දමා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.

116. සඞ‍්ගො එසො පරිත‍්තං එත්‍ථ සොබ්‍යං අප‍්පස‍්සාදො දුක‍්ඛමෙවෙත්‍ථ භිය්‍යො, ගාහො එසො ඉති ඤත්‍වා මතීමා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

116. “මේ පස්කම් සුවය ඇලෙන තැනකි. මෙහි ඇති සැපත ද ස්වල්ප ය. මෙහි ආස්වාදය ටික ය. දුක ම වැඩි ය. නුවණැත්තේ මෙය මත්ස්‍යයන් බඳින්නා වූ බිලියක් මෙනැ” යි සලකා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

117. සන්‍දාලයිත්‍වාන සංයොජනානි ජාලං ව’ භෙත්‍වාසලිලම‍්භුචාරී, අග‍්ගීව දඩ‍්ඪං අනිවත‍්තමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

117. දැල පළාගෙණ ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ, දැවීගිය තැන නො නැවතෙන ගින්න යම්සේ ද, එසේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

118. ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලො ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානො, අනවස‍්සුතො අපරිඩය‍්හමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

118. යටට හෙළන ලද බැලුම් ඇත්තේ ගණසඞ්ගණිකාවෙහි ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ රක්නා ලද පසිඳුරන් ඇත්තේ රැකගත් සිත ඇත්තේ අරමුණු විෂයෙහි කෙලෙස් වැගිරෙන ගතියෙන් තොර වූයේ කෙලෙස්ගින්නෙන් නො දැවෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

119. ඔහාරයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි සංඡින‍්නපත‍්තො යථා පාරිඡත‍්තො, කාසායවත්‍ථො අභිනික‍්ඛමිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

119. කොළ හැලුනු පරසතුරුකක් මෙන් ගිහිසලකුණු හැරදමා කසාවත් හැඳගත්තේ ගිහිගෙන් නික්ම කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

120. රසෙසු ගෙධං අකරං අලොලො අනඤ‍්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

120. ලොල් නො වූයේ රසයෙහි ගිජුබවක් නැත්තේ පෝෂණය කළ යුතු අනිකෙකු නැත්තේ ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩිනේ ක්‍ෂත්‍රිය කුලාදි යම් කිසි තැනක කෙලෙස්වසයෙන් නො ඇලුනු සිත් ඇත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

121. පහාය පඤ‍්චාවරණානි චෙතසො උපක‍්කිලෙසෙ බ්‍යපනුජ‍්ජ සබ‍්බෙ, අනිස‍්සිතො ඡෙජ‍්ජ සිනෙහදොසං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

121. පඤ්චනීවරණයන් සිතින් ම හැරදමා සියලු කෙලෙසුන් දුරු කොට දෘෂ්ටිනිශ්ශ්‍රිත නො වූයේ කාමරාගසඞ්ඛ්‍යාත තෘෂ්ණාදෝෂය සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

122. විපිට‍්ඨි කත්‍වාන සුඛං ච දුක‍්ඛං පුබ‍්බෙව ච සොමන-දොමනස‍්සං, ලද‍්ධානුපෙක‍්ඛං සමථං විසුද‍්ධං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

122. (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි දී ම දුක ද තෘතීයධ්‍යානෝපචාරයෙහි දී ම සුඛය ද හරණා බැවින්) පළමු කොට ම සැප ද දුක ද ගැණ නො බලා එසේ ම සොම්නස් දොම්නස් දෙක ද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්‍ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදු වූ උපේක්‍ෂාවෙන් යුත් (චතුර්‍ත්‍ථධ්‍යාන) සමථය ලබා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

123. ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියා අලීනචිත‍්තො අකුසීතවුත‍්තී, දළ‍්හනික‍්කමො ථාමබලූපපන‍්නො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

123. නිවණට පැමිණීම සඳහා ඇරඹු වීර්‍ය්‍යය ඇත්තේ නො ම හැකුළුණු සිත් ඇත්තේ කුසීත පැවැත්මෙන් තොර වූයේ වීර්‍ය්‍යයෙන් ප්‍රතිපක්‍ෂ කෙලෙසුන් කෙරෙන් ඉවත් වූයේ (මාර්‍ගක්‍ෂණයෙහි) ස්ථිර කාය ශක්තියෙන් හා ඥානශක්තියෙන් ද යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.

124. පටිසල‍්ලානං ඣානමරිඤ‍්චමානො ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරී, ආදීනවං සම‍්මසිතා භවෙසු එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

124. කායවිවේක චිත්තවිවේක දෙක සිස් නො කරණුයේ නිරතුරු ධර්‍මයනට අනුව හැසිරෙන්නේ ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

125. තණ‍්හක‍්ඛයං පත්‍ථයං අප‍්පමත‍්තො අනෙළමූගො සුතවා සතීමා, සඞ‍්ඛාතධම‍්මො නියතො පධානවා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

125. අප්‍රමාද වූයේ නිවණ පතනුයේ කෙළතොලු නො වූයේ බහුශ්‍රුත වූයේ සිහි ඇත්තේ අවබෝධ කරගන්නා ලද ධර්‍මය ඇත්තේ (ආර්‍ය්‍යමාර්‍ගයෙන්) ගතිනියත වූයේ සම්‍යක් ප්‍රදහන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

126. සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තො වාතොව ජාලම‍්හි අසජ‍්ජමානො, පදුමංව තොයෙන අලිප‍්පමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

126. ශබ්දයන් විෂයයෙහි තැති ගැණිමකට පත් නො වන සිංහයකු මෙන් ද, දැලක නො බැඳෙන වාතය මෙන් ද, දිය නො තැවරෙණ පියුම් පතක් මෙන් ද වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

127. සීහො යථා දාඨබලී පසය‍්හ රාජා මිගානං අභිභුය්‍යචාරී, සෙවෙථ පන‍්තානි සෙනාසනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

127. දාඨාබලය ඇති මෘගයන් බලාත්කාරකමින් මැඩපවත්වා හැසිරෙණ සුලු කේශර සිංහයෙකු මෙන් (ගමින්) දුර වූ සෙනසුන් සෙවුනේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

128. මෙත‍්තං උපෙක‍්ඛං කරුණං විමුත‍්තිං ආසෙවමානො මුදිතඤ‍්ච කාලෙ, සබ‍්බෙන ලොකෙන ‘විරුජ‍්ඣමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො

128. ප්‍රත්‍යනීක ක්ලේශයන්ගෙන් මිදුනා වූ මෛත්‍රිය ද, උපේක්‍ෂාව ද කරුණාව ද, මුදිතාව ද ඒ ඒ සුදුසු කල්හි සෙවුනේ සකල ලෝකවාසී සත්ත්‍වයන් සමග විරුද්ධ නො වන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

129. රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං සන්‍දාලයිත්‍වාන සංයොජනානි, අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

129. රාග ද්වේෂ මෝහයන් හැර (මාර්‍ගයෙන්) දශසංයෝජනයන් සිඳ මරණාසන්නයෙහි තැති නො ගන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

130. භජන‍්ති සෙවන‍්ති ච කාරණත්‍ථා නික‍්කාරණා දුල‍්ලභා අජ‍්ජ මිත‍්තා, අත‍්තත්‍ථපඤ‍්ඤා අසුචී මනුස‍්සා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

130. මිත්‍රයෝ කිසියම් ලාභයක් සඳහා ම යම් යම් අය භජනය ද සේවනය ද කෙරෙත්. එසේ ලාභාපෙක්‍ෂාවක් නො මැති ව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්‍ලභ වෙති. මිනිස්සු ආත්මාර්‍ත්‍ථකාමී කල්පනාවන් ගෙන් හා අපිරිසිදු කායවාඞ්මනඃ කර්‍මයන්ගෙන් යුක්ත වූවාහු ය. (එබැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.

131. විසුද‍්ධසීලා සුවිසුද‍්ධපඤ‍්ඤා සමාහිතා ජාගරියානුයුත‍්තා, විපස‍්සකා ධම‍්මවිසෙසදස‍්සි මග‍්ගඞ‍්ගබොජ‍්ඣඞ‍්ගගතෙ විජඤ‍්ඤා.

131. වෙසෙසින් පිරිසිදු සිල් ඇති එසේ ම අතිපරිශුද්ධ ප්‍රඥාව ද ඇති එකඟ සිත් ඇති නිදි වැරීමෙහි යෙදුනා වූ විදර්‍ශක වූ (දශකුශල චතුස්සත්‍ය නවලෝකොත්තර) ධර්‍මයන් වෙසෙසින් දක්නාසුලු වූ මාර්‍ගාඞ්ඟ බොද්ධ්‍යඞ්ගයන් හා එක් ව යෙදුනා වූ ආර්‍ය්‍යධර්‍මයන් විශේෂයෙන් දන්නාවූ,

132. සුඤ‍්ඤතප‍්පණිහිතඤ‍්චානිමිත‍්තං ආසෙවයිත්‍වා ජිනසාසනම‍්හි, යෙ සාවකත‍්තං න වජන‍්ති ධීරා භවන‍්ති පච‍්චෙකජිනා සයම‍්භූ.

132. සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත සඞ්ඛ්‍යාත විමෝක්‍ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්‍වඥශාසනයෙහි ශ්‍රාවක බවට නො පැමිණෙද්ද ඔහු පරෝපදේශ රහිත ව තුමූ ම (චතුස්සත්‍යය) අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.

133. මහන‍්තධම‍්මා බහුධම‍්මකායා චිත‍්තිස‍්සරා සබ‍්බදුක‍්ඛොඝතිණ‍්ණා, උදග‍්ගචිත‍්තා පරමත්‍ථදස‍්සී සීහොපමා ඛග‍්ගවිසාණකප‍්පා.

133. පුරණලද මහත් බෝධිසම්භාරධර්‍ම ඇති බොහෝ වූ ධර්‍මකාය සම්පත් ඇති සිතට අධිපති වූ සකල සංසාරඕඝය තරණය කළා වූ සොම්නස් සිත් ඇති පරමාර්‍ත්‍ථ ධර්‍මයන් දක්නාසුලු වූ සිංහයන් වැනි වූවෝ ද කඟවෙහෙණකුගේ අඟ වැනි වෙති.

134. සන‍්තින්‍ද්‍රියා සන‍්තමනා සමාධි පච‍්චත‍්තගම‍්භීරමතප‍්පචාරා දීපා පරත්‍ථං ඉධ විජ‍්ජලන‍්තා පච‍්චෙකබුද‍්ධා සත‍්තච‍්චිතා’මෙ.

134. සන්හුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති තමා තුළ ම ගැඹුරු වූ ප්‍රඥාවගේ පැතිරීම් ඇති (අනුන් ලවා චතුස්සත්‍ය ධර්‍මාවබෝධය කරවිය නො හැකි) (අන්‍යයන්ට) ප්‍රතිෂ්ඨාධාර වූ මෙ ලොව අන්‍යයන් පිණිස බබලන්නා වූ මේ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.

135. පහීණසබ‍්බාවරණා ජනින්‍දා ලොකප‍්පදීපා ඝනකඤ‍්චනාභා, නිස‍්සංසයං ලොකසුදක‍්ඛිණෙය්‍යා පච‍්චෙකබුද‍්ධා සත‍්තච‍්චිතා’මෙ.

135. ජනෙන්‍ද්‍ර වූ ප්‍රහීණ කරණලද සියලු නීවරණ ඇත්තාවූ ගනරන් පැහැ ඇත්තාහු ලෝකයාට අසහාය ප්‍රදීප වූවෝ වෙති. නිසැක ව ම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්‍ෂිණාර්‍හ වූ ඒ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.

136. පච‍්චෙකබුද‍්ධානං සුභාසිතානි චරන‍්ති ලොකම‍්හි සදෙවකම‍්භි, සුත්‍වා තථා යෙ න කරොන‍්ති බාලා චරන‍්ති දුක‍්ඛෙසු පුනප‍්පුනං තෙ.

136. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එ ම ධර්‍මය අසා ඒ වූ පරිදි නො කෙරෙත් නම්, ඔහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.

137. පච‍්චෙකබුද‍්ධානං සුභාසිතානි මධුං යථා බුද‍්දමවස‍්සවනතං සුත්‍වා තථා යෙ පටිපත‍්තියුත‍්තා භවන‍්ති තෙ සච‍්චදසා සපඤ‍්ඤා.

137. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නා වූ මීවද වැනි ය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම්, ඔහු තුමූ චතුස්සත්‍යය දක්නා වූ සප්‍රාඥයෝ වෙති.

138. පච‍්චෙකබුද‍්ධෙහි ජිනෙහි වුත‍්තා ගාථා උළාරා අභිනික‍්ඛමිත්‍වා, තා සක්‍යසීහෙන නරුත‍්තමෙන පකාසිතා ධම‍්මවිජානනත්‍ථං.

138. ගෘහාභිනිෂ්ක්‍රමණය කොට කෙලෙසුන් දිනූ පසේ බුදුවරයන් විසින් වදාළා වූ ගාථාවෝ උදාර වෙති. ශාක්‍යසිංහ ගෞතම බුදුරජුන් වහන්සේ විසින් ඒ ගාථා (ලෝකයාගේ) ධර්‍මාවබෝධය පිණිස දේශනා කරණ ලද හ.

139. ලොකානුකම‍්පාය ඉමානි තෙසං පච‍්චෙකබුද‍්ධාන විකුබ‍්බිතානි, සංවෙගා‘සඞ‍්ගමති මතිවඩ‍්ඪනත්‍ථං සයම‍්භූසීහෙන පකාසිතානි.

139. ඒ පසේබුදුවරයන් විසින් දේශනා කරණලද මේ ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නො ඇලීම ද ඉතා වැඩීම පිණිස ස්වයම්භූ ශ්‍රේෂ්ඨ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලදහ.

පචෙචක බුද‍්ධාපදානං සමත‍්තං.

ප්‍රත්‍යෙකබුද්ධාවදානය සමාප්තයි.

3.

3.

අථ ථෙරාපදානං සුණාථ.

යලි ස්ථවිරාවදානය අසවු.