1. සාරිපුත්තත්ථෙරාපදානං
1. සාරිපුත්තත්ථෙරාපදානං
1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය
140. හිමවන්තස්ස අවිදූරෙ ලම්බකො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
140. හිමවතට නුදුරෙහි ‘ලම්බක’ නම් පර්වතයකි. එහි මට අසපුවක් කරණ ලදී පර්ණශාලාවක් (=පන්සලක්) ද මැනවින් මවන ලදි.
141. උත්තානකූලා නදිකා සුපතිත්ථා මනොරමා, සුසුද්ධ පුලිනාකිණ්ණා අවිදූරෙ මම’ස්සමා.
141. නො ගැඹුරු ඉවුරු ඈති මනා වූ කුඩා තොටුපළවල් ඇති මනෝඥ වූ සුදෝසුදුවැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි වි ය.
142. අසක්ඛරා අපබ්භාරා සාදු අප්පටිගන්ධිකා, සන්දති නදිකා තත්ථ සොභයන්තා මම’ස්සමං.
142. බොරළු රහිත වූ ගැඹුරු ඉවුරු නැති මිහිරි ජලයෙන් යුත් දුර්ගන්ධ විරහිත වූ කුඩා ගඟ එහි මාගේ අසපුව හොබවමින් ගලා බසී.
143. කුම්භීලා මකරා චෙත්ථ සුංසුමාරා ච කච්ඡපා, චරන්ති නදියා තත්ථ සොභයන්තා මම’ස්සමං.
143. කිඹුල්ලු ද මෝරු ද ගැටකිඹුල්ලු ද කැසුබුවෝ ද එහි වූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි හැසිරෙත්.
144. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤ්ජරොහිතා, මග්ගුරා පපතායන්තා සොභයන්ති මම’ස්සමං.
144. පෙටියෝ ද ලූල්ලු ද වලයෝ ද මොද්දු ද රෙහෙරු ද මගුරෝ ද (යන මත්ස්‍යයෝ) පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
145. උභොකූලෙසු නදියා පුප්ඵිනො ඵලිනො දුමා, උභතො අභිලම්බන්තා සොභයන්ති මම’ස්සමං.
145. එ ම ගඟ දෙපසෙහි (හැම කල්හි) මල් පිපුනා වූ ද පල ගත්තා වූ ද වෘක්ෂයෝ දෙතෙරෙහි නැමුනාහු මාගේ අසපුව හොබවත්.
146. අම්බා සාලා ච තිලකා පාටලී සින්දුවාරකා දිබ්බගන්ධං සම්පවන්ති පුප්ඵිතා මම අස්සමෙ.
146. අඹ සල් මදට පළොල් නික යන මේ වෘක්ෂයෝ පිපීගිය මල් ඇත්තාහු මාගේ අසපුවෙහි හාත්පස දිව්‍යමය සුවඳ පතුරුවත්.
147. චම්පකා සලලා නීපා නාගපුන්නාගකෙතකා, දිබ්බගන්ධං සම්පවන්ති පුප්ඵිතා මම අස්සමෙ.
147. පිපුනු මල් ඇති සපු සලල කොළොම් නා දොඹ වැටකේ යන මේ වෘක්ෂයෝ ද මාගේ අසපුව හාත්පස දිව්‍යමය සුවඳ වහනය කරත්.
148. අතිමුත්තා අසොකා ච භගිනිමාලා ච පුප්ඵිතා, අඞ්කොලා බිම්බිජාලා ච පුප්ඵිතා මම අස්සමෙ.
148. මාගේ අසපුවෙහි යොහොඹු වැල් ද හෝපලු රුක් ද භගිනිමාලා නම් වෘක්ෂයෝ ද මල් පිපී ගියාහු ය. එසේ ම රුකඟුණු රත්කරවු යන වෘක්ෂයෝ ද සුපුෂ්පිත වූවාහු ය.
149. කෙටකා කන්දලී චෙව ගොධුකා තිණසූලිකා, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා මම’ස්සමං.
149. වැටකේ කඳල ගෝධුක බෝලිද්ද යන මොහු ද මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
150. කණිකාරා කණ්ණිකා ච අසනා අජ්ජුනා බහූ, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා මමස්ස’මං.
150. කිණිහිරි ය සිහින් මිදි ය පියා ය කුඹුක් ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
151. පුන්නාගා ගිරිපුන්නාගා කොවිළාරා ච පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා මමස්ස’මං.
151. දොඹ ය ගල්දොඹ ය කොබෝලීල ය යන වෘක්ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිවසුවඳ වහනය කරත්,
152. උද්දාලකා ච කුටජා කදම්බා වකුලා බහූ, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා මමස්ස’මං.
152. ඇසල ය කෙළිඳ ය කොළොම් ය මුහුනමල් ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
153. ආළකා ඉසිමුග්ගා ච කදලී මාතුලුඞ්ගියො, ගන්ධොදකෙන සංවද්ධා ඵලානි ධාරයන්ති තෙ.
153. ආළක ය ඉසිමුග්ග (වනමුං) ය කෙසෙල් ය ලප්නාරං ය යන මේ ගස් සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
154. අඤ්ඤෙ පුප්ඵන්ති පදුමා අඤ්ඤෙ ජායන්ති කෙසරී, අඤ්ඤෙ ඔපුප්ඵා පදුමා පුප්ඵිතා තළාකෙ සදා.
154. (අසපුව අසල වූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කේසරපද්මයෝ හටගණිත්. ඇතැම් පිපුනු පද්මයෝ ගිලිහුනු පත් හා කෙසරු ඇත්තෝ වෙත්.
155. ගබ්භං ගණ්හන්ති පදුමා නිද්ධාවන්ති මුලාලියො, සිඞ්ඝාටකපත්තමාකිණ්ණා සොභන්ති තළාකෙ සදා.
155. පද්මයෝ කැකුළු ව හට ගණිත්, නෙළුඹුඅල (මඩ අතුරින් ඇත්දළ මෙන්) වැඩී යෙත්. පත්‍ර ගැවසුනු ‘සිඞ්ඝාටක’ නම් පැළෑටි හැමකල්හි එ ම විලෙහි බබලත්.
156. නයිතා අම්බගන්ධී ච උත්තාලා බන්ධුජීවකා, දිබ්බගන්ධං සම්පවන්ති තළාකෙ පුප්ඵිතා සදා.
156. විල අසල පිරීගිය නයිත ය, ආම්රගන්ධි ය, උස් වූ බඳුවද ය යන මේ ගස්හු හැම කල්හි දිවසුවඳ හමවත්.
157. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤජ-රොහිතා සඞ්ගුලා මඞ්ගුරා චෙව වසන්ති තළාකෙ සදා.
157. පෙටියෝ ය, ලූල්ලු ය, වලයෝ ය, මොද්දු ය, රෙහෙරු ය, අඟුලුවෝ ය, මගුරෝ ය යන මත්ස්‍යයෝ ද හැම කල්හි තඩාගයෙහි වසත්,
158. කුම්භීලා සුංසුමාරා ච තන්තිගාහා ච රක්ඛසා, ඔගුහා අජගරා ච වසන්ති තළාකෙ සදා.
158. කිඹුලෝ ය, සුංසුමාරයෝ ය, තන්තිගාහයෝ ය, රක්ඛසයෝ ය, ඔගුහයෝ ය, අජගරයෝ ය යන මොවුහු හැම කල්හි මෙම තඩාගයෙහි වසත්,
159. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, කොකිලා සුකසාළීකා උපජීවන්ති තං සරං.
159. පරෙවියෝ ය, රවිහංසයෝ ය, සක්වාලිහිණියෝ ය, නදීචරයෝ ය, කොකිලයෝ ය, ගිරවු ය, සැළලිහිණියෝ ය යන මේ පක්ෂීහු ඒ පිල ඇසුරෙන් ජීවත් වෙති.
160. කුකුත්ථකා කුලීරකා වනෙ පොක්ඛරසාතකා දින්දිභා සුවපොතා ච උපජීවන්ති තං සරං.
160. වලිකුකුළෝ ය, රන්වන් කකුළුවෝ ය, පියුම් වෙනෙහි විල්ලිහිණියෝ ය, කිරල්ලු ය, ගිරාමලිත්තෝ ය යන මේ පක්ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
161. හංසා කොඤ්චා මයූරා ච කොකිලා තම්බ චූළිකා, පම්පකා ජීවංජීවා ච උපජීවන්ති තං සරං.
161. හංසයෝ ය, කොස්වා ලිහිණියෝ ය. මොනරු ය, කොවුලෝ ය, කුකුළෝ ය, හුණපුපුලෝ ය, ජීවඤ්ජීවයෝ ය යන මේ පක්ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
162. කොසිකා පොට්ඨසීසා ච කුරරා සෙනකා බහූ, මහාකාලා ච සකුණා උපජීවන්ති තං සරං.
162. බකමුහුණෝ ය, පොට්ඨසීසයෝ ය, කබරුස්සෝ ය, උකුස්සෝ ය, මහාකාලයෝ ය යන බොහෝ පක්ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
163. පසදා ච වරාහා ච චකා භෙරණ්ඩකා බහූ, රොහිච්චා සුග්ගපොතා ච උපජීවන්ති තං සරං.
163. තිත්මුවෝ ය, වල්ඌරෝ ය, වෘකයෝ ය, සිවල්ලු ය, රේරුමුවෝ ය, සුග්ගපොතයෝ ය යන බොහෝ මෘගයෝ එම පිල ඇසුරු කොට ජීවත් වෙති.
164. සීහ ව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡකා, තිධාපභින්නා මාතඞ්ගා උපජීවන්ති තං සරං.
164. සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, කර බානා වලස්සු ය, තෙතැනකින් මද වැහෙන ඇත්තු ය යන මොහු ඒ විල ඇසුරු කොට වෙසෙත්.
165. කින්නරා වානරා චෙව අථො පි වනකම්මිකා, චෙතා ච ලුද්දකා චෙව උපජීවන්ති තං සරං.
165. කිඳුරෝ ද, වඳුරෝ ද, තවද වනයෙහි කර්මාන්තයන්හි යෙදුනෝ ද, දාසයෝ ද, වැද්දෝ ද එම විල ඇසුරු කොට වෙසෙත්.
166. තින්දුකානි පියාලානි මධුකා කාසුමාරයො, ධුවප්ඵලානි ධාරෙන්ති අවිදූරෙ මම’ස්සමා.
166. තිඹිරි ය, පියල් ය, මීගස් ය, ඇද්දෙමට ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරු ව ඵල දරත්.
167. කොසුම්භා සලලා නීපා සාදුඵලසමායුතා, ධුවප්ඵලානි ධාරෙන්ති අවිදූරෙ මම’ස්සමා.
167. මිහිරි ඵලයන්ගෙන් යුත් කොසුම්භ ය, සලල ය, බක්මී ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරු ව ම ඵල දරත්.
168. හරීතකා ආමලකා අම්බා ජම්බුවිභීටකා, කොලා භල්ලාතකා බිල්ලා ඵලානි ධාරයන්ති තෙ.
168. අරළු ය, නෙල්ලි ය, අඹ ය, ජම්බු ය, බුළු ය, ඩෙබර ය, බදුලු ය, බෙලි ය යන මෙකී වෘක්ෂයෝ ඵල දරති.
169. ආලුවා ච කලම්බා ච බිළාලීතක්කළානිච, ජීවකා සුතකා චෙව බහුකා මම අස්සමෙ.
169. ආලු ය, කලම්බ ය, බීළාලී (කිරිබදු) ය, තක්කල ය, ජීවක ය, සුතක ය යන බොහෝ අලවර්ගයෝ මාගේ අසපුවෙහි වෙති.
170. අස්සමස්සාවිදූරම්හි තළාකා‘සුං සුනිම්මිතා, අච්ඡොදකා සීතජලා සුපතිත්ථා මනොරමා.
170. අසපුවට නුදුරෙහි මැනවින් මැවූ පිරිසිදු සිසිල් දියඇති මනා තොටින් යුත් මනහර වූ තඩාගයෝ වූහ.
171. පදුමුප්පලසංච්ඡන්නා පුණ්ඩරීකසමායුතා, මන්දාලකෙහි සංඡන්නා දිබ්බගන්ධො පවායති.
171. සුදුනෙළුම් රතුනෙළුම් හා උපුල් මලින් අනාකුල වූ තඩාගයන්ගෙන් දිවසුවඳ හමයි.
172. එවං සබ්බඞ්ගසම්පන්නෙ පුප්ඵිතෙ ඵලිතෙ වනෙ, සුකතෙ අස්සමෙ රම්මෙ විහරාමි අහං තදා.
172. මෙසේ සුපුෂ්පිත වූ ඵල දැරුවා වූ සර්වාඞ්ගසම්පූර්ණ වනයෙහි මැනවින් කරණලද රම්‍ය වූ ආශ්‍රමයෙහි මම එකල්හි වෙසෙමි.
173. සීලවා වතසම්පන්නො ඣායී ඣානරතො සදා, පඤ්චාභිඤ්ඤාබලප්පත්තො සුරුචී නාම තාපසො.
173. සිල්වත් වූ ව්‍රතසම්පන්න වූ ධ්‍යාන කරණසුලු වූ හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ පඤ්චාභිඥා බලයට පැමිණියා වූ ‘සුරුචි’ නම් තවුසෙක් වීමි.
174. චතුබ්බීසසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං, සබ්බෙව බ්රාහ්මණා එතෙ ජාතිමන්තො යසස්සිනො.
174. සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත් කීර්තතිමත් බ්‍රාහ්මණයෝ වූහ.
175. ලක්ඛණෙ ඉතිහාසෙ ච සනිඝණ්ඩුසකෙටුභෙ, පදකා වෙය්යාකරණා සධම්මෙ පාරමිං ගතා.
175. නිඝණ්ඩු කෙටුභ සහිත අඞ්ගලක්ෂණ ශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද, වේදත්‍රයයෙහි ද, ස්වකීය බ්රාහ්මණධර්මයෙහි ද, පරතෙරට ගියාහු වෙදපදපාඨකයෝ වූහ. එසේ ම ව්‍යාකරණයෙහි ද දක්ෂයෝ වූහ.
176. උප්පාතෙසු නිමිත්තෙසු ලක්ඛණෙසු ච කොවිදා, පථව්‍යා භූම්යන්තලික්ඛෙ මම සිස්සා සුසික්ඛිතා.
176. උල්කාපාත භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාතශාස්ත්‍රයෙහි ද, ශුභාගුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහි ද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන් ගේ ලකුණු දන්නා ශාස්ත්‍රයෙහි ද දක්ෂ වූවාහු ය. එසේ ම පෘථිවිය පිළිබඳ වූ ද අහස පිළිබඳ වූ ද ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්ෂයෝ වූහ.
177. අප්පිච්ඡා නිපකා එතෙ අප්පාහාරා අලොලුපා, ලාභාලාභෙන සන්තුට්ඨා පරිවාරෙන්ති මං සදා.
177. අල්පෙච්ඡ වූ අල්පාහාර වූ ලොල්බව නො මැති මුහුකුරා ගිය නුවණැති ඔහු ලාභ අලාභ දෙකින් ම එක සේ සතුටු වූවාහු හැම කල්හි මා පිරිවරත්.
178. ඣායී ඣානරතා ධීරා සන්තචිත්තා සමාහිතා, ආකිඤ්චඤ්ඤං පත්ථයන්තා පරිවාරෙන්ති මං සදා.
178. ධ්‍යාන වඩන්නා වූ ධාන්යායෙහි ඇලුනා වූ ධෛර්ය්යසම්පන්න වූ ශාන්ත වූ එකඟ වූ සිත් ඇති අකිඤ්චනභාවය (පළිබෝධ විරහිත බව) කැමැති වන්නා වූ ඒ තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
179. අභිඤ්ඤාපාරමිප්පත්තා පෙත්තිකෙ ගොචරෙ රතා, අන්තලික්ඛචරා ධීරා පරිවාරෙන්ති මං සදා.
179. පඤ්චාභිඥාවන්හි පරතෙරට පත් පරම්පරානුගත ගෝචරයෙහි ඇලුනාවූ අහසින් යාම ඊම් කරන්නා වූ ස්ථිරගති ඇති එම තවුසෝ හැමකල්හි මා පිරිවරත්.
180. සංවුතා ඡසු ද්වාරෙසු අනෙජා රක්ඛිතින්ද්රියා, අසංසට්ඨා ච තෙ ධීරා මම සිස්සා දුරාසදා.
180. සදොර සංවරණය කරගත් තෘෂ්ණාවෙන් තොර සුරැකි ඉඳුරන් ඇති ගිහියන් සමග නො ගැටෙන ධෛර්ය්යවත් ඒ මාගේ ශිෂ්‍යයෝ ලං විය නො හැක්කෝ වෙත්.
181. පල්ලඞ්කෙන නිසජ්ජාය ඨාන වඞ්කමනෙන ච, වීතිනාමෙන්ති තෙ රත්තිං මම සිස්සා දුරාසදා.
181. දුරාසද වූ ඒ මාගේ ශිෂ්‍යයෝ පලඟ බැඳීමෙන් ද, හිඳීමෙන් ද, සිටීමෙන් හා සක්මන් කිරීමෙන් ද රාත්‍රිය ගෙවත්.
182. රජනීයෙ න රජ්ජන්ති දුසස්නීයෙ න දුස්සරෙ, මොහනීයෙ න මුය්හන්ති මම සිස්සා දුරාසදා.
182. ලං විය නොහැක්කා වූ මාගේ ඒ ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නො ඇලෙත්. ගැටිය යුතු දෙයෙහි නො ගැටෙත්. මුළා විය යුතු දෙයෙහි මුළා නො වෙත්.
183. ඉද්ධිං වීමංසමානා තෙ වත්තන්ති නිච්චකාලිකං, පඨවිං තෙ පකම්පෙන්ති සාරම්භෙන දුරාසදා.
183. ඉදුහබල ආදියෙන් කිසිවෙකු විසිනුත් ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ නිරතුරු ව ම විකුර්වණඍද්ධිය විමසමින් පවතිත්. පෘථිවිය ද කම්පා කෙරෙත්.
184. කීළමානා ච තෙ සිස්සා කීළන්ති ඣායකීළිතං, ජම්බුතො ඵලමානෙන්ති මම සිස්සා දුරාසදා.
184. ඒ මාගේ ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම්, ධ්යානක්රීඩාව ම කෙරෙත්. දුරාසද වූ ඔහු මහ දඹ රුකෙන් ගෙඩි ගෙණෙත්.
185. අඤ්ඤෙ ගච්ඡන්ති ගොයානං අඤ්ඤෙ පුබ්බවිදෙහකං අඤ්ඤෙ ච උත්තරකුරුං එසනාය දුරාසදා.
185. ලං විය නොහැක්කා වූ ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් ප්‍රත්‍යය සෙවීම පිණිස අපරගෝයානයට යෙත්. ඇතැම් කෙනෙක් පූර්වවිදෙහයට ද ඇතැම් කෙනෙක් උතුරුකුරුදිවයිනට ද යෙත්.
186. පුරතො ඛාරිං පෙසෙන්ති පච්ඡතො’ව වජන්ති තෙ, චතුබ්බීසසහස්සෙහි ඡාදිතං හොති අම්බරං.
186. අහසින් යන්නා වූ මාගේ ශිෂ්‍යයෝ පළමු කොට (පිරිකර) කද යවති. ඔහු පසු ව යෙත්, සූවිසිදහසක් වූ ඔවුන් විසින් අහස්තලය වසන ලද්දේ වේ.
187. අග්ගිපාකී අනග්ගී ච දන්තො දුක්ඛලිකා පි ච, අසමෙන කොට්ටකා කෙචි පවත්තඵලභොජනා.
187. ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් (ඵලාඵලපත්රාදිය) ගින්නෙන් පිස කති. ඇතැම්හු නො පිසා අමුවෙන් ම කති. ඇතැම්හු දත්වලින් ම පොතු ගලවා කති. කිසිකෙනෙක් ගලින් කොටාගෙණ කත්. ඇතැම්හු ස්වයංපතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.
188. උදකොරොහනා කෙචි සායං පාතො සුචීරතා, තොයාභිසෙචනකරා මම සිස්සා දුරාසදා.
188. ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ ශුද්ධිය කැමැති වන්නාහු දියෙන් තමා තෙමීම කරන්නාහු උදැහැන ද සවස ද දියෙහි ගිලෙති.
189. පරූළ්හකච්ඡනඛලොමා පඞ්කදන්තා රජස්සිරා, ගන්ධිතා සීලගන්ධෙන මම සිස්සා දුරාසදා.
189. දුරාසද වූ මාගේ ශිෂ්‍යයෝ දික් වූ කිසිලි ලොම් හා නිය ඇත්තාහු මල බැඳුනු දත් ඇත්තාහු දූලි වැකුනු හිස් ඇත්තාහු සීලසුගන්ධයෙන් සුගන්ධවත් වූහ.
190. පාතොව සන්නිපතිත්වා ජටිලා උග්ගතාපනා, ලාභාලාභං පකිත්තෙත්වා ගච්ඡන්ති අම්බරෙ තදා.
190. එකල්හි උග්‍රතපස් ඇති ජටාධර වූ තවුසෝ උදෑසන ම රැස් ව (ඔවුනට ලැබුනු) කුදුමහත් ලාභයන් ගැණ කථා කොට අහසෙහි යෙති.
191. එතෙසං පක්කමන්තානං මහාසද්දො පවත්තති, අජිනචම්මසද්දෙන මොදිතා හොන්ති දෙවතා.
191. එසේ යන්නා වූ මොවුන්ගේ (වැහැරි සිවුරුවලින් හටගත්) මහා ශබ්ද පවතී. අඳුන් දිවිසම්හඬින් දෙවියෝ සොම්නස් වූවාහු වෙති.
192. දිසො දිසං පක්කමන්ති අන්තලික්ඛචරා ඉසී, සකෙ බලෙනුපත්ථද්ධා තෙ ගච්ඡන්ති යදිච්ඡකං.
192. අහසෙහි හැසිරෙන්නා වූ එම ඍෂීහු දිසානුදිසාවන්ට ගමන් කෙරෙති. ස්වකීය ශරීරබලයෙන් හා ධ්‍යානබලයෙන් යුත් ඔහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම්, ඒ ඒ තැනට ම යෙති.
193. පඨවීකම්පකා එතෙ සබ්බෙව නභචාරිනො, උග්ගතෙජා දුප්පසභා සාගරො’ව අඛොභියා.
193 මේ සියලු තන්හි කැමැති සේ හැසිරෙණ මොහු හැම දෙන ම පෘථිවී කම්පනයෙහි සමත් වූවෝ ද අහසෙහි හැසිරීමෙහි දක්ෂ වූවෝ ද උග්‍ර තේජස් ඇත්තාහු ද අභිභවනය කළ නො හැක්කාහු ද සයුර මෙන් අනුන් විසින් නො කැළඹිය හැක්කෝ ද වෙති.
194. ඨානවඞ්කමිනො කෙචි කෙචි නෙසජ්ජිකා ඉසී, පවත්තභොජනා කෙචි මම සිස්සා දුරාසදා.
194. ගුණයන් කරණ කොට ගෙණ ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍ය වූ ඇතැම්හු සිටීම ය සක්මන් කිරීම ය යන ඉරියවු දෙකින් යුක්තයෝ ය. ඇතැම්හු හිඳීම්ඉරියවු පමණක් ඇත්තෝ ය. එසේ ම ඇතැම්හු ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.
195. මෙත්තාවිහාරිනො එතෙ හිතෙසී සබ්බපාණිනං, අනත්තුක්කංසකා සබ්බෙ න තෙ වම්භෙන්ති කස්සචි.
195. මොහු සව්සතුනට හිතවත් වූවාහු මෛත්‍රී විහරණ ඇත්තාහු ය. සියල්ලෝ ම තමා හුවා නො දක්වන්නෝ ය. කිසිවෙකු හෙළා දක්නෝ ද නො වෙති.
196. සීහරාජාව‘සම්භිතා ගජරාජාව ථාමවා, දුරාසදා ව්යග්ඝාරිව ආගච්ඡන්ති මම’න්තිකෙ.
196. සිහරජකු මෙන් නිර්භීත වූවෝ ඇත්රජකු මෙන් බලවත් වූවෝ ව්‍යාඝ්‍රයකු මෙන් ලං විය නො හැක්කෝ මාගේ සමීපයට පැමිණෙත්.
197. විජ්ජාධරා දෙවතා ච නාගාගන්ධබ්බරක්ඛසා, කුම්භණ්ඩා දානවා ගරුළා උපජීවන්ති තං සරං.
197. විද්‍යාධරයෝ ද, දේවතාවෝ ද, නාග ගන්ධර්ව රාක්ෂස කුම්භාණ්ඩ අසුර ගුරුළු යන මොහු ද ඒ විල ඇසුරෙන් වෙසෙති.
198. තෙ ජටාඛාරිභරිතා අජිනුත්තරවාසනා, අන්තලික්ඛචරා සබ්බෙ උපජීවන්ති තං සරං.
198. ජටා හා තවුස්පිරිකරකත්හි බර උසුලන්නා වූ අඳුන්දිවිසම් පොරවා ගත් ආකාශචාරී වූ සියලු ම ඍෂිහු ඒ විල ඇසුරෙන් වෙසෙති.
199. සදානුච්ඡවිකා එතෙ අඤ්ඤමඤ්ඤං සගාරවා, චතුබ්බීසසහස්සානං ඛිපිතසද්දො න විජ්ජති.
199. හැමකල්හි මනා පැවැතුම් ඇති ඔහු ඔවුනොවුනට ගෞරව සහිත වූවාහු ය. සූවිසිදහසක් වූ ඔවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.
200. පාදෙ පාදං නික්ඛිපන්තා අප්පසද්දා සුසංවුතා, උපසඞ්කම්ම සබ්බෙ’ව සිරසා වන්දරෙ මමං.
200. පියවරින් පියවර තබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත් ව සියල්ලෝ ම මා වෙත එළඹ හිස නමා වඳිත්.
201. තෙහි සිස්සෙහි පරිවුතො සන්තෙහි ච තපස්සිහි, වසාමි අස්සමෙ තත්ථ ඣායී ඣානරතො අහං.
201. ශාන්ත වූ තපෝගුණ ඇති ඒ සිසුන් විසින් පිරිවරණ ලද මම ඒ අසපුවෙහි ධ්‍යාන කරණ සුලු ව ධ්‍යානයෙහි ඇලුනෙම් වෙසෙමි.
202. ඉසීනං සීලගන්ධෙන පුප්ඵගන්ධෙන චූභයං, ඵලීනං ඵලගන්ධෙන ගන්ධිතො හොති අස්සමො.
202. ඍෂීන්ගේ සිල්සුවඳින් ද මල්සුවඳින් ද යන මේ උභය සුගන්ධයෙන් හා ගස්වල පල සුවඳින් ද අසපුව සුවඳවත් වේ.
203. රත්තින්දිවං න ජානාමි අරති මෙ න විජ්ජති, සකෙ සිස්සෙ ඔවදන්තො භිය්යො හාසං ලභාම’හං.
203. රෑ දාවල් නො දනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නො ඇලීමක් නැත. සිය සිසුනට අවවාද කරන්නා වූ මම වැඩියක් ම ප්‍රීතිය ලබමි.
204. පුප්ඵානං පුප්ඵමානානං ඵළානඤ්ච විපච්චතං දිබ්බා ගන්ධා පවායන්ති සොභයන්තා මම’ස්සමං
204. පිපෙන්නා වූ මල්වල ද පැසෙන්නා වූ ගෙඩිවල ද දිව්‍යමය වූ සුගන්ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.
205. සමාධිම්හා වුට්ඨහිත්වා ආතාපී නිපකො අහං, ඛාරිභාරං ගහෙත්වාන වනං අජ්ඣොගහිං තදා.
205. එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ සප්‍රාඥ වූයේ තවුස්පිරිකරකද ගෙණ වනයට පිවිසියෙමි.
206. උප්පාතෙ සුපිනෙ චාපි ලක්ඛණෙසු සුසික්ඛිතො, පවත්තමානං මන්තපදං ධාරයාමි අහං තදා.
206. උත්පාතශාස්ත්‍රයෙහි ද ස්වපනශාස්ත්රයෙහිද ලක්ෂණශාස්ත්රයෙහි ද මැනවින් හික්මුනේ දඹදිව පවත්නා මන්ත්‍රපද ද දරමි.
207. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, විවෙකකාමො සම්බුද්ධො හිමවන්තමුපාගමි.
207. ලෝකජ්‍යේෂ්ඨ වූ ද නරශ්‍රේෂ්ඨ වූ ද සියල්ල දන්නා වූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමති සේක් හිමවතට එළඹි සේක.
208. අජ්ඣොගහෙත්වා හිමවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලඞ්කං ආභුජිත්වාන නිසීදි පුරිසුත්තමො.
208. පුරුෂෝත්තම වූ ශ්‍රේෂ්ඨ වූ කාරුණික වූ බුදුරජානන් වහන්සේ හිමවතට පිවිස පලඟ බැඳ වැඩහුන් සේක.
209. තත්ථ’ද්දසාසිං සම්බුද්ධං සප්පභාසං මනොරමං, ඉන්දීවරං’ව ජලිතං ආදිත්තං’ව හුතාසනං.
209. දිලියෙන මහනෙල්මලක් මෙන් ද ආලොකවත් ගින්නක් මෙන් ද මනහර ප්‍රභා සහිත වූ බුදුරජානන් වහන්සේ එහි දී දිටිමි.
210. ජලන්තං දීපරුක්ඛං’ව විජ්ජුං’ව ගගනෙ යථා, සුඵුල්ලං සාලරාජා ව අද්දසං ලොකනායකං.
210. දිලියෙන පහන් රුකක් මෙන් ද, අහසෙහි විදුලිය මෙන් ද මනා ව පිපී ගිය සල්රුකක් මෙන් ද බුදුරජානන් වහන්සේ දිටිමි.
211. අයං නාගො මහාවීරො දුක්ඛස්ස’න්තකරො මුනි, ඉමං දස්සනමාගම්ම සබ්බදුක්ඛා පමුච්චරෙ.
211. මේ “අග” සඞ්ඛ්‍යාත පව් නැති මහාවීර වූ දුක් කෙළවර කරන්නා වූ බුදුරජානන් වහන්සේ ය. මේ දර්ශනය ලැබ සියල්ලෝ දුකින් මිදෙත්.
212. දිස්වාන’හං දෙවදෙවං ලක්ඛණං උපධාරයිං, බුද්ධො නු ඛො න වා බුද්ධො හන්ද පස්සාමි චක්ඛුමං.
212. මම දෙවියනට දෙවි වූ උන්වහන්සේ දැක “බුදු කෙනෙක් දෝ! බුදු කෙනෙක් නොවෙත් දෝ” යි ලක්ෂණ පරීක්ෂා කෙළෙමි. “ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැ” යි දකිමි.
213. සහස්සාරානි චක්කානි දිස්සන්ති චරණුත්තමෙ, ලක්ඛණානි’ස්ස දිස්වාන නිට්ඨං ගච්ඡිං තථාගතෙ.
213. උතුම් ශ්‍රී පාදයෙහි දහසක් දැවි ඇති චක්‍ර ලක්ෂණයෝ පෙණෙත්. උන්වහන්සේගේ මහාපුරුෂලක්ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.
214. සම්මජ්ජනිං ගහෙත්වාන සම්මජ්ජිත්වාන’හං තදා, අථ පුප්ඵෙ සමානෙත්වා බුද්ධසෙට්ඨං අපූජයිං.
214. එකල්හි මම මුස්න ගෙණ හැමද මල් ගෙණවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
215. පූජයිත්වාන සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, එකංසං අජිනං කත්වා නමස්සිං ලොකනායකං.
215. චතුරෝඝයන් තරණය කළා වූ ආශ්‍රව රහිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ පුදා අඳුන්දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.
216. යෙන ඤාණෙන සම්බුද්ධො විහරිත්ථ අනාසවො, තං ඤාණං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
216. ආශ්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ සම ඤාණයකින් යුක්ත ව වැඩවිසූ සේක් නම්, ඒ ඤාණය කියන්නෙමි. කියන්නා වූ මාගේ ඒ වචනය අසවු.
217. සමුද්ධරසි’මං ලොකං සයම්භූ අමිතොදය, තව දස්සනමාගම්ම කඞ්ඛාසොතං තරන්ති තෙ.
217. අමිතෝදය වූ හෙවත් අපමණ වූ දියුණුව ඇති බුදුරජානන් වහන්ස, මේ ලෝකවාසී සත්වයා නඟාලුව මැනව. ඔවුහු ඔබවහන්සේගේ දර්ශනය නිසා සැකය නැමැති සැඩපහර තරණය කෙරෙත්.
218. තුවං සත්ථා ච කෙතූ ච ධජො යූපො ච පාණිනං, පරායණො පතිට්ඨා ච දීපො ච දිපදුත්තමො.
218. ඔබවහන්සේ ලෝකයාට ශාස්තෘ වනසේක. උතුම්බැවින් ජයකොඩිය ද වනසේක. (ප්රකටාර්ත්ථයෙන්) ධ්වජය ද වනසේක. (යාග) ස්තම්භය ද වනසේක. උතුම් වූ පිහිට ද වනසේක. මොහඳුර නසන ප්‍රදීපය ද වනසේක. දෙපා ඇතියනට උතුම් ද වනසේක.
219. සක්කා සමුද්දෙ උදකං පමෙතුං ආළ්හකෙන වා, න ත්වෙව තව සබ්බඤ්ඤූ ඤාණං සක්කා පමෙතවෙ.
219. සමුදුරෙහි ජලය නැළියකින් හෝ මිනුමට හැකි වුව ද ඔබ වහන්සේගේ සර්වඥතාඥානය මිනුමට නො හැක්කේ මැයි.
220. ධාරෙතුං පඨවිං සක්කා ඨපෙත්වා තුලමණ්ඩලෙ, න ත්වෙව තව සබ්බඤ්ඤුඤාණං සක්කා ධරෙතවෙ.
220. පොළොව තරාදිතටුවක තබා දරනු හැකි වුව ද ඔබවහන්සේගේ සර්වඥතාඥානය දරන්නට නො හැක්කේ මැ යි.
221. ආකාසං මිනිතුං සක්කා රජ්ජුයා අඞ්ගුලෙන වා, න ත්වෙව තව සබ්බඤ්ඤුඤාණං සක්කා පමෙතවෙ.
221. අහස රැහැනකින් හෝ අඟලෙන් හෝ මිනිය හැකි වුව ද ඔබවහන්සේගේ සර්වඥතාඥානය පමණ කරණු නො හැක්කේ මැයි.
222. මහාසමුද්දෙ උදකං පඨවිං චා’ඛිලං ජහෙ, බුද්ධඤාණං උපාදාය උපමාතො න යුජ්ජරෙ.
222. බුද්ධඥානය තෙම මහසමුදුරෙහි අපමණ වූ ජලය ද, අපමණ වූ මහ පොළොව ද, ඉක්මවා යයි. බුදු නැණ හා සම කරන්නට උපමාවශයෙන් (කිසිවක්) නො යෙදේ.
223. සදෙවකස්ස ලොකස්ස චිත්තං යෙසං පවත්තති. අන්තොජාලීකතා එතෙ තව ඤාණම්හි චක්ඛුම.
223. පසැස් ඇතියානන් වහන්ස, දෙවියන් සහිත ලෝකයෙහි යම් පමණ සත්වකෙනෙකුන් පිළිබඳ ව සිත පවතී නම් එපමණ වූ මේ සත්ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නමැති දැලෙහි ඇතුළට පිවිසියාහු වෙති.
224. යෙන ඤාණෙන පත්තොසි කෙවලං බොධිමුත්තමං, තෙන ඤාණෙන සබ්බඤ්ඤූ මද්දසි පරතිත්ථියෙ.
224. සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේ යම් නුවණක් කරණ කොට ගෙණ හුදු උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියාහු ද එම ඤාණය කරණ කොට ගෙණ අන්‍ය තීර්ත්ථකයන් මඩින්නෙහි ය.
225. ඉමා ගාථා ථවිත්වාන සුරුචී නාම තාපසො, අජිනං පත්ථරිත්වාන පඨවියං නිසීදි සො.
225. ඒ ‘සුරුචි’ නම් තවුස් තෙමේ මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තුති කොට පොළොවෙහි අඳුන්දිවිසම එලා හිඳ ගත්තේ ය.
226. චුල්ලාසීතිසහස්සානි අජ්ඣොගාළ්හො මහණ්ණවෙ, අච්චුග්ගතො තාවදෙව ගිරිරාජා පවුච්චති.
226. මේරූ පර්වතරාජයා මහසමුදුරෙහි යොදුන් අසූසාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණ ම (යොදුන් අසූසාරදහසක්) සමුදුරෙන් උඩට නැග ඇත්තේ ය යි කියනු ලැබේ.
227. තාව අච්චුග්ගතො නෙරූ ආයතො විත්ථතො ච සො, චුණ්ණිතො අණුභෙදෙන කොටිසතසහස්සසො
227. දිගුපුළුලිනුදු එපමණ ම උඩට නැගුනු මේරුපර්වතය කෙළලක්ෂ ගණනින් අණුභේදයෙන් සුණු කරණ ලද්දේ–
228. ලක්ඛෙ ඨපියමානම්හි පරික්ඛයමගච්ඡථ, න ත්ථෙව තව සබ්බඤ්ඤූ ඤාණං සක්කා පමෙතවෙ.
228. (එම අණු) ලක් (=අලගු) තබන කල්හි දු ක්ෂය වීමට පැමිණියයි. ඔබ වහන්සේගේ සර්වඥතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ මැ යි.
229. සුඛුමච්ඡිකෙන ජාලෙන උදකං යො පරික්ඛිපෙ, යෙ කෙචි උදකෙ පාණා අන්තොජාලීකතා සියුං.
229. යමෙක් සියුම් ඇස් (=සිදුරු) ඇති දැලකින් දිය වට කරන්නේ ද, එවිට ජලයෙහි යම් කිසි ප්‍රාණි කෙනෙක් වෙත් නම්, (ඔහු) එම දැල තුළට වදින්නාහු ය.
230. තථෙව හි මහාවීර යෙ කෙචි පුථු තිත්ථියා, දිට්ඨිගහනපක්ඛන්තා පරාමාසෙන මොහිතා.
230. මහාවීරයන් වහන්ස, එසේ ම යම් කිසි පෘථග්ජන තීර්ත්ථක කෙනෙක් දෙසැට මිසදිටු නමැති දැලට පිවිසියාහු දෘෂ්ටිපරාමර්ශනයෙන් මුළා වූවාහු වෙද්ද.
231. තව සුද්ධෙන ඤාණෙන අනාවරණදස්සිනා, අන්තොජාලගතා එතෙ ඤාණං තෙ නාතිවත්තරෙ.
231. ආවරණයක් නැති ව දක්නාසුලු වූ පිරිසිදු නුවණින් තෙල තීර්ත්ථකයෝ ඔබ වහන්සේගේ නුවණ දැල තුළට පිවිස්වන ලදහ. ඔවුහු ඔබ නැණ නො ඉක්මවත්.
232. භගවා තම්හි සමයෙ අනොමදස්සී මහායසො, වුට්ඨහිත්වා සමාධිම්හා දිසං ඔලොකයී ජිනො.
232. පස්මරුන් දිනූ මහා යශස් ඈති අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට දිශාවලෝකනය කළසේක.
233. අනොමදස්සීමුනිනො නිසභො නාම සාවකො, පරිවුතො සතසහස්සෙහි සන්තචිත්තෙහි තාදිහි.
233-234. අනවමදර්ශී නම් බුදුරජානන් වහන්සේගේ නිසභ නම ශ්‍රාවක තෙමේ සන්සිඳුනු සිත් ඇති (අටලෝ දහම්හි නො සැලෙන) තාදිගුණ යුත් ශුද්ධ වූ ෂඩභිඥා ඇති ධ්‍යාන කරණ සුලු වූ ලක්ෂගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ බුදුරජානන් වහන්සේගේ සිත දැන ඒ ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියේ ය.
234. ඛීණාසවෙහි සුද්ධෙහි ඡළභිඤ්ඤෙහි ඣායිහි, චිත්තමඤ්ඤාය බුද්ධස්ස උපෙසි ලොකනායකං.
235. අන්තලික්ඛෙ ඨිතා තත්ථ පදක්ඛිණමකංසු තෙ, නමස්සන්තා පඤ්ජලිකා ඔතරුං බුද්ධසන්තිකෙ.
235. එහි අහසෙහි සිටියා වූ උන්වහන්සේලා (බුදුරජානන් වහන්සේ) ප්රදක්ෂිණා කළාහු ය. බදැඳිලි ඇති ව නමදිමින් සර්වඥයන් වහන්සේ වෙතට බැස්සාහු ය.
236. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා සිතං පාතුකරී ජිනො.
236. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පස්මරුන් දිනුවා වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අතර වැඩහිඳ සිනා පහළ කළසේක.
237. වරුණො නාමු’පට්ඨාකො සබ්බඤ්ඤුස්ස මහෙසිනො, එකංසං චීවරං කත්වා අපුච්ඡි ලොකනායකං.
237. මහර්ෂි වූ සර්වඥයන් වහන්සේගේ ‘වරුණ’ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට ගෙණ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ගෙන් මෙසේ විචාළේ ය:
238. “කො නු ඛො භගවා හෙතු සීතකම්මස්ස සත්ථුනො? න හි බුද්ධා අහෙතූ හි සීතං පාතුකරොන්ති තෙ.”
238. ‘භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘ වූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද? ඒ සර්වඥ බුදුවරයෝ කරුණු රහිත ව සිනා පහළ නො කරති.’
239. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, සඞ්ඝමජ්ඣෙ නිසීදිත්වා ඉමං ගාථමභාසථ.
239. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙ ම ගාථාව වදාළසේක:-
240. ‘යො මං පුප්ඵෙන පූජෙසි ඤාණඤ්චාපි අනුත්ථවි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.’
240. ‘යම් තවුසෙක් තෙම මා මලින් පිදී ද, මාගේ (සර්වඥතා) ඥානයට නැවත නැවත ස්තුති කෙළේ ද, ඒ තවුසා (කවරෙක් දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.’
241. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගතා, සද්ධම්මං සොතුකාමා තෙ සම්බුද්ධං උපසඞ්කමුං.
241. බුදුරජානන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක් වූහ. සද්ධර්මය අසනු කැමැත්තා වූ ඔහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
242. දසසු ලොකධාතූසු දෙවතා යා මහිද්ධිකා, සද්ධම්මං සොතුකාමා තෙ සම්බුද්ධං උපසඞ්කමුං.
242. දසදහස්සක්වළ මහර්ධි ඇති යම් දේවතාවෝ වෙත් ද, ඔහු සද්ධර්මය අසනු කැමැත්තාහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
243. “හත්ථි අස්සා රථා පත්ති සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති ‘මං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
243. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සෙනග නිතර මොහු පිරිවරාගන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ ඵලය යි.
244. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, උපට්ඨිස්සන්ති’මං නිච්චං බුද්ධපූජායි’දං ඵලං.
244. සැට දහසක් තූර්‍ය්‍යයෝ ද අලඞ්කාර, කළ භේරීහු ද, මොහුට නිතර (වැයීමෙන්) උවටැන් කරන්නාහු ය. මෙය බුද්ධපූජාවෙහි ඵලය යි.
245. සොළසිත්ථිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
245-246. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්බනලද මිණිකොඬොල් ඇත්තා වූ දිග ඇසිපිහාටු ඇත්තා වූ සිනා සහිත වූ මනා වූ ශරීරාවයව ඇති සිහින් කටිප්‍රදේශ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
246. අළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං බුද්ධපූජායි’දං ඵලං.
247. කප්පසතසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සති.
247. කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දෙව්ලෙව්හි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් රටෙහි සක්විති රජවන්නේ ය.
248. සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
248. ශක්රදේවේන්ද්ර ව දහස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (කරන්නා වූ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් විසින් අපමණ ය.
249. පච්ඡිමභවෙ සම්පත්තෙ මනුස්සත්තං ගමිස්සති, බ්රාහ්මණී ‘සාරියා’ නාම ධාරයිස්සති කුච්ඡිනා.
249. අන්තිම (රහත් වන) භවය පැමිණිකල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. “සාරී” නම් බැමිණියගේ කුසින් දරන්නී ය.
250. මාතුයා නාමගොත්තෙන පඤ්ඤායිස්සත’යං නරො, සාරිපුත්තො’ති නාමෙන තික්ඛපඤ්ඤො භවිස්සති.
250. මේ තැනැත්තේ මවගේ නාමගෝත්රයෙන් ප්‍රකට වන්නේ ය. නාමයෙන් ශාරීපුත්‍ර නම් වූ තීක්‍ෂණප්‍රඥා ඇත්තෙක් වන්නේ ය.
251. අසීතිකොටී ඡඩ්ඩෙත්වා පබ්බජිස්සත’කිඤ්චනො, ගවෙසන්තො සන්තිපදං චරිස්සති මහිං ඉමං.
251. අසුකෙළක් (ධනය) හැරදමා අකිඤ්චන (=ධනය නැත්තෙක්) ව පැවිදි වන්නේ ය. මොක්ෂපදය සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
252. අපරිමෙය්යෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
252. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්ෂයක් මතුයෙහි “ඔක්කාක” කුලයෙහි උපදින ගෝත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන සේක.
253. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සාරිපුත්තො ‘ති නාමෙන හෙස්සති අග්ගසාවකො.
253. උන්වහන්සේගේ ධර්මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.
254. අයං භාගීරථීගඞ්ගා හිමවන්තා පභාවිතා, මහාසමුද්දමප්පෙති තප්පයන්ති මහොදධිං.
254. හිමවතින් පටන් ගත් මේ ‘භාගීරථී” ගඞ්ගා තොමෝ මහ සමුදුර පුරවමින් සයුරට පැමිණෙන්නී ය.
255. තථෙවා ‘යං සාරිපුත්තො සකෙ තීසු විසාරදො, පඤ්ඤාය පාරමිං ගන්ත්වා තප්පයිස්සති පාණිනො.
255. එසේ ම මේ ශාරීපුත්‍රතෙමේ ස්වකීය (කුලපරම්පරාවෙහි පවත්නා වූ) ත්‍රිවේදයෙහි විශාරද වූයේ ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්ත්වයන් සන්තර්පණය කරන්නේ ය.
256. හිමවන්තං උපාදාය සාගරඤ්ච මහොදධිං, එත්ථ’න්තරෙ යං පුලිනං ගණනාතො අසඞ්ඛියං.
256. හිමාලපර්වතයෙහි පටන් මහා ජලස්කන්ධය දරන්නා වූ සයුර තෙක් මේ අතරෙහි යම් පමණ වැලිරැසක් ඇද්ද, එ ද ගණන් වසයෙන් අසඞ්ඛ්‍ය වේ.
257. තම්පි සක්කා අසෙසෙන සඞ්ඛාතුං ගණනා යථා, න ත්වෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො භවිස්සති.
257. ඒ වැලිරැස ද සම්පූර්ණයෙන් ගිණිමෙන් මෙ පමණ ය යි ප්‍රමාණ කරන්නට හැකි වන්නේ නුමුදු ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
258. ලක්ඛෙ ඨපියමානම්භි ඛීයෙ ගඞ්ගාය වාලුකා, න ත්වෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො භවිස්සති.
258. අලගු තබන කල්හි දු ගඞ්ගා නම් නදියෙහි වැලි අවසන් වන්නේ ය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ මැ යි.
259. මහාසමුද්දෙ ඌමියො ගණනාතො අසඞ්ඛියා, තථෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො න හෙස්සති.
259. මහසයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සඞ්ඛ්‍යා කළ හැකි නො වේ. එසේ ම ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
260. ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, පඤ්ඤාය පාරමිං ගන්ත්වා හෙස්සති අග්ගසාවකො
260. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම සම්මා සම්බුදුරජාණනන් වහන්සේ සතුටු කොට ප්‍රඥාවෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි තෙරට ගොස් අග්‍රශ්‍රාවක යෙක් වන්නේ ය.
261. පවත්තිතං ධම්මචක්කං සක්යපුත්තෙන තාදිනා, අනුවත්තෙස්සතී සම්මා වස්සෙන්තො ධම්මවුට්ඨියො.
261. තාදිගුණ ඇති (=අටලෝ දහම්හි නො සැලෙන) (සර්වඥ වූ) ශාක්‍යපුත්‍රයන් වහන්සේ විසින් පවත්වනලද ධර්මචක්රය දහම්වැසි වස්වමින් මැනවින් ඒ අනු ව පවත්වන්නේ ය.
262. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා අග්ගට්ඨානෙ ඨපෙස්සති.
262. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ මේ සියල්ල වෙසෙසින් නුවණින් දැන භික්ෂුසංඝයා මධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේ ය.
263. අහො මෙ සුකතං කම්මං අනොමදස්සිස්ස සත්ථුනො, යස්සා’හං කාරං කත්වාන සබ්බත්ථ පාරමිං ගතො.
263. “අනවමදර්ශී” බුදුරජානන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍යකර්මයක් මැනවින් කරණ ලදි. ආශ්චර්‍ය්‍යයෙකි. ‘යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වී ද, උන්වහන්සේ විෂයයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සකලගුණසමූහයෙහි පරතෙරට ගියේ වෙමි.
264. අපරිමෙය්යෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
264. අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශලකර්ම ඵලය මේ පශ්විමාත්මභාවයෙහි දී දැක්වී ය. දක්ෂ දුනුවායෙකු විදි හීයෙහි වේගය මෙන් සුමිදුනෙමි. මම කෙලෙස් දැවීමි.
265. අසඞ්ඛතං ගවෙසන්තො නිබ්බානං අචලං පදං, විචිනං තිත්ථියෙ සබ්බෙ තදා’හං සංසරිං භවෙ.
265. හේතුප්රත්යයයන්ගෙන් සකස් නො වූ නිශ්චල වූ නිර්වාණපදය සොයන්නෙම් සියලු තීර්ත්ථකයන් පරීක්ෂා කරන්නෙම් එකල්හි මම භවයෙහි සැරිසැරිමි.
266. යථාපි ව්යාධිතො පොසො පරියෙසෙය්ය ඔසධං, විචිනෙය්ය වනං සබ්බං ව්යාධිතො පරිමුත්තියා.
266. ලෙඩකින් පෙළෙන්නා වූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස ඖෂධයක් සොයන්නේ යම්සේ සියලු වනය පරීක්ෂා කරන්නේ ද,
267. අසඞ්ඛතං ගවෙසන්තො නිබ්බානං අමතං පදං, අබ්බොකිණ්ණං පඤ්චසතං පබ්බජිං ඉසිපබ්බජං.
267. (එසේ) අසංස්කෘත වූ අමෘතපදය වූ නිර්වාණය සොයන්නා වූ මම අවිච්ජින්න ව (=නො කඩ කොට පිළිවෙළින්) පන්සියයක් අත්බැව්හි ඍෂි ප්රවුජ්යාවෙන් පැවිදි වීමි.
268. ජටිභාරෙන භරිතො අජිනුත්තරනිවාසනො අභිඤ්ඤාපාරමිං ගන්ත්වා බ්රහ්මලොකං අගච්ඡ’හං.
268. මම තවුස් දළමඬුලු බරින් බර වූයෙම් අඳුන්දිවිසමින් කළ උතුරුසළු පොරවන්නෙම් අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
269. නත්ථි බාහිරකෙ සුද්ධි ඨපෙත්වා ජිනසාසනං, යෙ කෙචි බුද්ධිමා සත්තා සුජ්ඣන්ති ජිනසාසනෙ.
269. බුදුසසුනෙහි හැර ඉන් පිට සසුනක ශුද්ධියක් නැත. බුද්ධිමත් වූ කිසියම් සත්ත්වකෙනෙක් වෙත් නම් ඔහු සර්වඥශාසනයෙහි දී පිරිසුදු වෙති.
270. අත්තකාරමයං එතං නයිදං ඉතිහීතිහං, අසඞ්ඛතං ගවෙසන්තො කුතිත්ථං සඤ්චරිං අහං.
270. එය (=ඒ පිරිසිදු වීම) ම විසින් කරණ ලද්දක් ම ය (=මගේ අත්දැකීමක් ම ය). ‘මෙය මෙසේ විය. මෙසේ වී ය’ යි කියන ආරංචියක් නො වේ. මම නිවණ සොයන්නෙම් වැරැදි තීර්ත්ථයන්හි හැසුරුනෙමි.
271. යථා සාරත්ථිකො පොසො කදලිං ඡෙත්වාන ඵාලයෙ, න තත්ථ සාරං වින්දෙය්ය සාරෙන රිත්තකො හි සො.
271. යම් සේ හර කැමැත්තා වූ පුරුෂයෙක් තෙම කෙසෙල්ගසක් කපා පළන්නේ ද, හෙතෙම එහි හරයක් නො ලබන්නේ ය. ඒ කෙසෙල්ගස හරයෙන් හිස් වූවක් ම ය.
272. තථෙව තිත්ථියා ලොකෙ නානාදිට්ඨි බහුජ්ජනා, අසඞ්ඛතෙන රිත්තා’සෙ සාරෙන කදලී යථා.
272. එසේ ම ලෝකයෙහි තීර්ත්ථකයෝ ද නානාදෘෂ්ටි ගත් බොහෝ දෙන ද නිවණින් හිස් වූවෝ ම වෙති. හරයෙන් හිස් වූ කෙසෙල්ගස මෙනි.
273. පච්ඡිමභවෙ සම්පත්තෙ බ්රහ්මබන්ධු අහොස’හං, මහාභොගං ඡඩ්ඩයිත්වා පබ්බජිං අනගාරියං.
273. අන්තිමජාතියෙහි මම බ්‍රාහ්මණකුලයෙහි උපන්නෙක් වීමි. මහත් වූ භෝගස්කන්ධය හැර අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
(පඨමභාණවාරං)
(පළමුවැනි බණවර යි.)
274. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ, බ්රාහ්මණො සඤ්ජයො නාම තස්ස මූලෙ වසාමහං.
274. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ ත්‍රිවේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් වි ය. මම ඔහුගේ සමීපයෙහි වසමි.
275. සාවකො තෙ මහාවීර අස්සජි නාම බ්රාහ්මණො, දුරාසදො උග්ගතෙජො පිණ්ඩාය චරතී තදා.
275. මහාවීරයන් වහන්ස, “අස්සජි” නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වි ය. එකල්හි ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙණ සේක.
276. තමද්දසාසිං සප්පඤ්ඤං මුනිං මොනෙ සමාහිතං, සන්තචිත්තං මහානාගං සුඵුල්ලං පදුමං යථා.
276. මැනවින් පිපි පියුමක් වැනි වූ අතිශ්‍රේෂ්ඨ වූ සන්සුන් සිත් ඇති සප්‍රාඥ වූ මෞන ධර්මවිෂයයෙහි එකඟ සිත් ඇති ඒ අස්සජි ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.
277. දිස්වා මෙ චිත්තමුප්පජ්ජි සුදන්තං සුද්ධමානසං, උසභං පවරං වීරං අරහා’යං භවිස්සති.
277. මනා ව දැමුනා වූ පිරිසිදු සිත් ඇති ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ වීර වූ උන්වහන්සේ දැක හෙතෙම රහත් කෙනෙක් වන්නේ ය යි මට සිතක් උපන.
278. පාසාදිකො ඉරීයති අභිරූපො සුසංවුතො, උත්තමෙ දමථෙ දන්තො අමතදස්සි භවිස්සති.
278. දුටුවන් පහදවන්නේ ඉරියවු පවත්වයි. මනා රූ ඇත්තේ ය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ ය. උතුම් දමනයෙන් දැමුනේ ය. නිවන් දක්නාසුලු වූවෙක් වන්නේ ය.
279. යන්නූනා’හං උත්තමත්ථං පුච්ඡෙය්යං තුට්ඨමානසං, සො මෙ පුට්ඨො කථෙස්සති පටිපුච්ඡාම’හං තදා.
279. මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම එය කියන්නේ ය. එකල්හි මම නැවත විචාරමි.
280. පිණ්ඩපාතං චරන්තස්ස පච්ඡතො අගමාස’හං, ඔකාසං පටිමානෙන්තො පුච්ඡිතුං අමතං පදං.
280. මම අමෘතපදය ගැණ විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ පසුපස ගියෙමි.
281. වීථන්තරෙ අනුප්පත්තං උපගන්ත්වාන පුච්ඡ’හං, කථං ගොත්තො’සි ත්වං වීර කස්ස සිස්සො’සි මාරිස?
281. මම වීථිය තුළට පැමිණ උන්වහන්සේ වෙත එළඹ ‘වීරයන් වහන්ස, ඔබ වහන්සේ කිනම් ගෝත්‍ර ඇති සේක් ද? නිදුකානන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වන සේක්දැ’ යී විචාළෙමි.
282. සො මෙ පුට්ඨො වියාකාසි අසම්භීතොව කෙසරී, බුද්ධො ලොකෙ සමුප්පන්නො තස්ස සිස්සො’ම්හි ආවුසො.
282. මා විසින් විචාරණලද උන්වහන්සේ කේශරසිංහයකු මෙන් නිර්භීත ව මෙසේ ප්‍රකාශ කළ සේක:- බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි.’
283. කීදිසං තෙ මහාවීර අනුජාත මහායස, බුද්ධස්ස සාසනං ධම්මං? සාධු මෙ කථයස්සු භො.
283. ‘අනුජාත (බුද්ධ) පුත්‍රයානෙනි, මහා සශස් ඇත්තානෙනි, මහා වීරයානෙනි, ඔබගේ ඒ බුදුරජානන් වහන්සේගේ ශාසනධර්මය කෙබඳු ද? පින්වත, මට යහපත් ලෙස ශාසනය පවසනු මැනව.’
284. සො මෙ පුට්ඨො කථි සබ්බං ගම්භීරං නිපුණං පදං, තණ්හාසල්ලස්ස භන්තාරං සබ්බදුක්ඛාපනූදනං.
284. මාවිසින් විචාරණලද හෙතෙමේ ගැඹුරු වූ සියුම් වූ තෘෂ්ණා නැමැති හුල නැති කරන්නා වූ සියලු දුක් දුරු කරන්නා වූ අමෘත පද සඞ්ඛ්‍යාත ධර්මය මෙසේ පැවැසී ය:-
285. “යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ, තෙසඤ්ච යො නිරොධො, එවංවාදී මහාසමණො”
285. “හේතුප්රභව වූ හෙවත් හේතූන් නිසා ඇති වන්නා වූ යම් ඵලධර්ම කෙනෙක් ඇත් නම්, එ ම (එල) ධර්මයන්ගේ හෙතුධර්ම ද, තථාගතයන් වහන්සේ වදාළසේක. (එසේ ම උන්වහන්සේ) එකී හේතුධර්මයන්ගේ වැළැක්ම (=නිරෝධය) ද (හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵලනිරෝධය ද) වදාළසේක. මහාශ්‍රමණ වූ බුදුරජානන් වහන්සේ මෙබඳු කථා ඇති සේක”.
286. සො’හං විස්සජ්ජිතෙ පඤ්හෙ පඨමං ඵලමජ්ඣගං, විරජො විමලො ආසිං සුත්වාන ජිනසාසනං.
286. ඒ මම ප්රශ්නය (මෙසේ) විසඳු කල්හි ප්රථමඵලයට හෙවත් සෝවාන්ඵලයට පත් වීමි. එම බුද්ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිත වූ නිර්මල වූවෙක් වීමි.
287. සුත්වාන මුනිනො වාක්යං පස්සිත්වා ධම්මමුත්තමං, පරියොගාළ්හසද්ධම්මො ඉමං ගාථං අභාස’හං.
287. (අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තම වූ ධර්මය (ආර්‍ය්‍ය මාර්ගඥානයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෙම් මෙ ම ගාථාව කීමි:–
288. “එසො’ව ධම්මො යදි තාවදෙව පච්චබ්යථා පදමසොකං, අදිට්ඨං අබ්භතීතං බහුකෙහි කප්පනහුතෙහි.
288. “ඉදින් මෙපමණක් වුවත් ධර්මය මෙය මැ යි. ඔබ නිර්වාණ පදය ප්‍රතිවේධ කෙළෙහි ය. බොහෝ වූ කල්ප නහුත ගණනක් අප විසින් නො දක්නාලදු ව ඉක්මගිය ඒ නිර්වාණපදය ඔබ වහන්සේ ප්‍රතිවේධ කළ සේක.
289. ස්වාහං ධම්මං ගවෙසන්තො කුතිත්ථෙ සඤ්චරිං අහං, සො මෙ අත්ථො අනුප්පත්තො කාලො මෙ නප්පමජ්ජිතුං”.
289. ඒ මම ධර්මය සොයන්නෙම් කුතීර්‍ත්‍ථයන්හි හැසුරුණෙමි. සෙවිය යුතු ඒ අර්ත්ථය ම විසින් ලබන ලදී. මට පමා නො වන්නට කාලය වේ.”
290. තොසිතො’හං අස්සජිනා පත්වාන අචලං පදං, සහායකං ගවෙසන්තො අස්සමං අගමා’සහං.
290. මම අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද්දෙම් වෙමි. මම නිශ්චල වූ අමෘතපදයට (=සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (=කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.
291. දූරතොව මමං දිස්වා සහායො මෙ සුසික්ඛිතො, ඉරියාපථසම්පන්නො ඉදං වචනමබ්රවී.
291. මනා ව හික්මුනා වූ මාගේ මිත්‍ර තෙමේ දුර දී ම සන්හුන් ඉරියවු වලින් යුතු වූ මා දැක මෙ ම වචනය කී ය:
292. පසන්නමුඛනෙත්තො’සි මුනිභාවොව දිස්සති අමතාධිගතො කච්චි නිබ්බානං අච්චුතං පදං?
292. “ඔබ පහන් වූ මුහුණ හා නෙත් ඇත්තේ ය. මුනිභාවය ම පෙණේ. කිම, අමෘතය (=නිවණ) අවබෝධ කෙළේ ද? අච්‍යුත සඞ්ඛ්‍යාත නිර්වාණ පදය අවබෝධ කෙළේ ද?
293. සුභානුරූපො ආයාසි ආනෙඤ්ජකාරිතො විය, දන්තොව දන්තදමථෙ උපසන්තොසි බ්‍රාහ්මණ.
293. බ්‍රාහ්මණය, උත්තම දමථයෙන් (තෙමසක් හෙණ්ඩු ආදියෙන්) හික්මවනලද ඇතකු මෙන් පහන් පැහැයට සුදුසු ව එන්නේ ය. (ඔබ) සන්සිඳුනේ ද?”
294. අමතං මයා අධිගතං සොකසල්ලපනූදනං, ත්වම්පි තං අධිගච්ඡාහි ගච්ඡාම බුද්ධසන්තිකං.
294. “ශෝකය නැමැති හුල දුරු කරන්නා වූ (ඇද දමන්නා වූ) අමෘතය (නිවණ) මා විසින් අවබෝධ කර ගන්නාලදී. ඔබ ද එය අවබෝධ කර ගන්න. අපි බුදුරජානන් වහන්සේ සමීපයට යමු”.
295. ‘සාධූ’ති සො පටිස්සුත්වා සහායො මෙ සුසික්ඛිතො, හත්ථෙන හත්ථං ගණ්හිත්වා උපාගමි තව’න්තිකං.
295. හික්මුනා වූ ඒ මාගේ යහළු තෙමේ මැනවැයි පිළිවදන් දී අතින් අත ගෙණ ඔබවහන්සේගේ සමීපයට පැමිණියේ ය.”
296. උභොපි පබ්බජිස්සාම සක්‍යපුත්ත තව’න්තිකෙ, තව සාසනමාගම්ම විහරාම අනාසවා.
296. ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහි (අපි) දෙදෙන ම පැවිදි වන්නෙමු. ඔබවහන්සේගේ අවවාදය ලැබ ආශ්‍රව රහිත ව වසමු.
297. කොලිතො ඉද්ධියා සෙට්ඨො අහං පඤ්ඤාය පාරගො, උභොව එකතො හුත්වා සාසනං සොභයාමසෙ.
297. කෝලිත තෙමේ ඍද්ධියෙන් ශ්‍රේෂ්ඨ ය. මම ප්‍රඥාවේ පරතෙරට ගියෙමි. දෙදෙන ම එක් ව සසුන හොබවමු.
298. අපරියොසිතසඞ්කප්පො කුතිත්ථෙ සඤ්චරිං අහං, තව දස්සනමාගම්ම සඞ්කප්පො පූරිතො මම.
298. කෙළවරට නො පත් බලාපොරොත්තු ඇත්තෙම් කුතීර්‍ත්‍ථයන්හි හෙවත් නො යා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබවහන්සේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්ණ වි ය.
299. පඨවියං පතිට්ඨාය පුප්ඵන්ති සමයෙ දුමා, දිබ්බගන්ධා සම්පවන්ති තොසෙන්ති සබ්බපාණිනං.
299. පොළොවෙහි පිහිටා වෘක්ෂයෝ (සුදුසු) කාලයෙහි පිපෙත්. දිව සුවඳ හමත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්.
300. තථෙවා’හං මහාවීර සක්‍යපුත්ත මහායස, සාසනෙ තෙ පතිට්ඨාය සමයෙ’සාමි පුප්ඵිතුං.
300. මහාවීරයන් වහන්ස, ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, එසේ ම ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත්මඟ නුවණින්) පිපෙන්නට (සුදුසු) කාලය සොයමි.
301. විමුත්තිපුප්ඵං එසන්තො භවසංසාරමොචනං, විමුත්තිපුප්ඵලාභෙන තොසෙමි සබ්බපාණිනං.
301. භවසංසාරයෙන් මුදවන්නා වූ විමුක්තිය නැමැති පුෂ්පය සොයන්නෙම් දැන් එම විමුක්තිපුෂ්පලාභයෙන් සියලු සත්ත්වයන් සතුටු කරමි.
302. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වාන මහාමුනිං, පඤ්ඤාය සදිසො නත්ථි තව පුත්තස්ස චක්ඛුම.
302. පසැස් ඇත්තානන් වහන්ස, බුද්ධක්‍ෂේත්‍රය යම් පමණ වේ නම්, ඒ සියලු තන්හි (කෝටිලක්ෂයක් සක්වළ) සම්මා සම්බුදුරජානන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබවහන්සේගේ පුත්‍රයාට (=ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.
303. සුවිනීතා ච තෙ සිස්සා පරිසා ච සුසික්ඛිතා, උත්තමෙ දමථෙ දන්තා පරිවාරෙන්ති තං සදා.
303. ඔහුගේ ශිෂ්‍යයෝ ද සුවිනීතයෝ ය. පිරිස ද මැනවින් හික්මුනේ ය. උතුම් ශික්ෂාවෙහි දමනය වූවෝ හැම කල්හි ඔහු ඒ ශාරිපුත්‍රයන් පිරිවරත්.
304. ඣායී ඣානරතා ධීරා සන්තචිත්තා සමාහිතා, මුනී මොනෙය්යසම්පන්නා පරිවාරෙන්ති තං සදා.
304. ධ්‍යාන කරණ සුලු වූ ධ්‍යානයෙහි ඇලුනාවූ ධෛර්ය්යවත් වූ ශාන්ත සිත් ඇති සන්සුන් වූ නැණවත් මෞන නම් වූ නුවණින් යුත් භික්ෂූහු හැම කල්හි ඔහු පිරිවරත්.
305. අප්පිච්ඡා නිපකා ධීරා අප්පාහාරා ආලොලුපා, ලාභාලාභෙන සන්තුට්ඨා පරිවාරෙන්ති තං සදා.
305. අල්පෙච්ඡ වූ ප්‍රාඥ වූ ධෛර්ය්යවත් වූ ස්වල්පාහාර ගන්නා වූ ලොල් නො වූ ලාභ අලාභ දෙකෙහි සම ව සතුටු වන්නා වූ භික්ෂූහු ඔහු පිරිවරත්.
306. ආරඤ්ඤකා ධුතධරා ඣායිනො ලූඛචීවරා, විවෙකාභිරාතා ධීරා පරිවාරෙන්ති තං සදා.
306. අරණෙහි වසන්නා වූ (=ආරණ්‍යක) ධූතාඞ්ගධාරී වූ ධ්‍යාන කරන්නා වූ රූක්ෂචීවරධාරී (=ගොරෝසු සිවුරු දරන්නා) වූ විවේකයෙහි ඇලුනා වූ ධෛර්ය්යවත් වූ (භික්ෂූහු) හැමකල්හි ඔහු පිරිවරත්.
307. පටිපන්නා ඵලට්ඨා ච සෙඛා ඵලසමඞ්ගිනො, ආසිංසකා උත්තමත්ථං පරිවාරෙන්ති තං සදා.
307. සිවුමගට පැමිණියෝ ද රහත් පෙලෙහි සිටියෝ ද යට තුන් පෙලෙන් යුතු වූවෝ ද යන මේ ආර්‍ය්‍ය භික්ෂූහු අටදෙන නිවණ බලාපොරොත්තුවෙන් හැම කල්හි ඔහු පිරිවරත්.
308. සොතාපන්නා ච විමලා සකදාගාමිනො ච යෙ, අනාගාමී ච අරහා පරිවාරෙන්ති තං සදා.
308. යම්, පිරිසිදු වූ සෝතාපත්තිමාර්ගඵලයට පැමිණියෝ ද සකෘදාගාමීහු ද අනාගාමීහු ද රහත්හු ද වෙත් නම්, ඔහු හැම කල්හි ඔහු පිරිවරත්.
309. සතිපට්ඨානකුසලා බොජ්ඣඞ්ගභාවනාරතා, සාවකා තෙ බහූ සබ්බෙ පරිවාරෙන්ති තං සදා.
309. (සතර) සතිපට්ඨානයන්හි දක්ෂ වූ ද (සප්ත) බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනාවූ ද, බොහෝ වූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි ඔහු පිරිවරත්.
310. ඉද්ධිපාදෙසු කුසලා සමාධිභාවනාරතා, සම්මප්පධානමනුයුත්තා පරිවාරෙන්ති තං සදා.
310. (සතර වැදෑරුම්) ඍද්ධිපාදයන්හි දක්ෂවූවෝ ද, සමාධි භාවනාවෙහි ඇළුනෝ ද (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝ ද ඔහු හැමකල්හි පිරිවරත්.
311. තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච ඉද්ධියා පාරමිං ගතා, පඤ්ඤාය පාරමිං පත්තා පරිවාරෙන්ති තං සදා.
311. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද ෂඩභිඥා ඇත්තෝ ද ඍද්ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝ ද ඔහු හැම කල්හි පිරිවරත්.
312. එදිසා තෙ මහාවීර තව සිස්සා සුසික්ඛිතා, දුරාසදා උග්ගතෙජා පරිවාරෙන්ති තං සදා.
312. මහාවීර වූ බුදුරජානන් වහන්ස, මැනවින් හික්මුනා වූ ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති ඒ මෙබඳු වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ ඔහු හැමකල්හි පිරිවරත්.
313. තෙහි සිස්සෙහි පරිවුතො සඤ්ඤතෙහි තපස්සිහි, මිගරාජාව’සම්භිතො උළුරාජාව සොභසි.
313. සංයත වූ කෙලෙස් තවන ගුණ ඇති එම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ ද හෙතෙම බිය රහිත සිහරදකු මෙන් ද චන්ද්‍රයා මෙන් ද බබලන්නේ ය.
314. පඨවියං පතිට්ඨාය රුහන්ති ධරණීරුහා, වෙපුල්ලතං පාපුණන්ති ඵලඤ්ච දස්සයන්ති තෙ.
314. වෘක්ෂයෝ පොළොවෙහි පිහිටා වැඩෙත්. මහත්බවට ද පැමිණෙත්. ඒ වෘක්ෂයෝ ඵල ද දක්වත් (=ඵල දරත්).
315. පඨවීසදිසො ත්වං’සි සක්‍යපුත්ත මහායස, සාසනෙ තෙ පතිට්ඨාය ලභන්ති අමතං ඵලං.
315. (එසේම) ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, ඔබවහන්සේ පොළොව සමාන වනසේක. ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘතඵලය (නිවණ) ලබත්.
316. සින්ධු සරස්සතී චෙව නදියො චන්දභාගිකා, ගඞ්ගා ච යමුනා චෙව සරභූ ච අථො මහී.
316-317. සින්ධු ය, සරස්වතී ය, චන්ද්රභාගී ය, ගඞ්ගා ය, යමුනා ය, සරභූ ය, මහී ය, යන මේ ගඞ්ගාවෝ වෙත් ද, ගලා බස්නා වූ මේ ගඞ්ගාවන්ගේ ජලය සාගරය පිළිගණී. (සයුරට වැටීමෙන් පසු සින්ධු ජලය ගඞ්ගා ජලය යන) පළමු නම් අත්හරියි. සාගරය ලෙස ම ප්‍රකට වේ.
317. එතාසං සන්දමානානං සාගරො සම්පටිච්ඡති, ජහන්ති පුරිමං නාමං සාගරොත්වෙ’ව ඤායති.
318. තථෙ’විමෙ චතුබ්බණ්ණා පබ්බජිත්වා තව’න්තිකෙ, ජහන්ති පුරිමං නාම බුද්ධපුත්තානි ඤායරෙ.
318. එසේ ම මේ කුල සතරට අයත් වූවෝ ඔබවහන්සේගේ සමීපයෙහි පැවිදි ව පළමු නම හරිත්: බුද්ධපුත්‍රයෝ ය යි ප්‍රකට වෙත්.
319. යථාපි චන්දො විමලො ගච්ඡං ආකාසධාතුයා, සබ්බෙ තාරාගණෙ ලොකෙ ආභාය අතිරොචති.
319. යම් සේ අහසෙහි ගමන් කරන්නා වූ නිර්මල වූ චන්ද්‍රයා සියලු තාරකාසමූහය ස්වකීයප්රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළා ද,
320. තථෙ ත්වං මහාවීර පරිවුතො දෙවමානුසෙ, එතෙ සබ්බෙ අතික්කම්ම ජලසී සබ්බදා තුවං.
320. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ දෙවිමිනිසුන් විසින් පිරිවරණ ලද සේක් මේ සියලු දෙන ඉක්මවා හැම කල්හි ඔබවහන්සේ ම බබලනසේක.
321. ගම්භීරෙ උට්ඨිතා ඌමි න වෙලං අතිවත්තරෙ, සබ්බාව වෙලං ඵුසන්ති, සංචුණ්ණා විකිරන්ති තා.
321. ගැඹුරු දියෙහි නැගුනු රළහු වෙරළ නො ඉක්මවත්. ඒ සියලු ම රළහු වෙරළෙහි හැපෙත්. කැඩී ගිය ඒ රළහු (වෙරළෙහි ම) විසිරී යත්.
322. තථෙව තිත්ථියා ලොකෙ නානාදිට්ඨි බහුජ්ජනා, ධම්මං වදිතුකාමා තෙ නාතිවත්තන්ති තං මුනිං.
322. එසේ ම ලෝකයෙහි තීර්ත්ථකයෝ ද නොයෙක් ලබ්ධි ඇති තීර්ත්ථක වූ බොහෝ දෙනා ද ධර්මය දෙසනු කැමැත්තාහු ඒ බුදුරජානන් වහන්සේ නො ඉක්මවත්.
323. සචෙ ච තං පාපුණන්ති පටිවාදෙහි චක්ඛුම, තවන්තිකං උපාගන්ත්වා සඤ්චුණ්ණාව භවන්ති තෙ.
323. පසැස් ඇත්තානන් වහන්ස, ඉදින් (යමෙක් ඒ ඒ ලබ්ධි ගෙණ විරුද්ධවාදයෙන් වාද කිරීමට) ඔබ කරා පැමිණෙත් ද, ඔහු ඔබවහන්සේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.
324. යථාපි උදකෙ ජාතා කුමුදා මන්දාලකා බහු, උපලිම්පන්ති තොයෙන කදදම කලලෙන ච.
324. දියෙහි හටගත් කුමුදු ද මඳාලා නම් ජලජපුෂ්ප ද අනිකුත් බොහෝ ජලජපුෂ්පයෝ ද යම් සේ දියෙන් ද මඩින් ද තැවරී පවතිත් ද,
325. තථෙව බහුකා සත්තා ලොකෙ ජාතා විරූහරෙ, අට්ටිතා රාගදොසෙන කද්දමෙ කුමුදං යථා.
325. එසේ ම ලෝකයෙහි උපන්නා වූ බොහෝ සත්ත්වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයන්ගෙන් පීඩිත වූවෝ වැඩෙත්.
326. යථාපි පදුමං ජලජං ජලමජ්ඣෙ විරූහති, න සො ලිම්පති තොයෙන පරිසුද්ධො හි කෙසරී.
326. යම් සේ ජලයෙහි හටගන්නා වූ පියුම දිය මැද වැඩේ ද, එය දියෙන් නො ම තැවරෙයි. පියුම පිරිසිදු මැයි.
327. තථෙව ත්වං මහාවීර ලොකෙ ජාතො මහාමුනි, නො පලිම්පසි ලොකෙන තොයෙන පදුමං යථා.
327. එසේ ම ලොව පහළ වූ මහාවීර වූ බුදුරජානන් වහන්ස, ඔබවහන්සේ පියුමක් මෙන් ලෝකයා හා නො තැවරෙණසේක.
328. යථාපි රමමකෙ මාසෙ බහූ පුප්ඵන්ති වාරිජා, නාතික්කමන්ති තං මාසං සමයො පුප්ඵනාය සො.
338. යම් සේ ජලජපුෂ්පයෝ බක්මාසයෙහි බෙහෙවින් පිපෙත් ද ඒ මාසය නො ඉක්මවත් ද, (ඒ මස) මල් පිපීමට සුදුසු කාලය වේ.
329. තථෙව ත්වං සක්‍යපුත්ත පුප්ඵිතො තෙ විමුත්තියා, සාසනං නාතිවත්තන්ති පදුමං වාරිජං යථා.
329. එසේ ම ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේ පුබුදු වූ සේක. ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ (අර්හත්ඵලඥානයෙන්) පුබුදු වූවාහු ය. යම් සේ ජලජ වූ පියුම් පිපෙන කාලය නො ඉක්මවා ද, එසේ ම ඔහු අවවාදානුශාසනය නො ඉක්මවත්.
330. සුපුප්ඵිතො සාලරාජා දිබ්බං ගන්ධං පවායති, අඤ්ඤසාලෙහි පරිවුතො සාලරාජාව සොභති.
330. (යම් සේ) මැනවින් පිපුනා වූ ශාලවෘක්‍ෂරාජයා දිවසුවඳ වහනය කෙරේ ද, අනික් සල්රුක් විසින් පිරිවරණ ලද ශාලවෘක්‍ෂරාජයා ම හොබනේ වේ ද,
331. තථෙව ත්වං මහාවීර බුද්ධඤාණෙන පුප්ඵිතො, භික්ඛුසඞ්ඝපරිවුතො සාලරාජාව සොභසි.
331. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදුනැණින් පුබුදු වූ සේක. භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද සේක් ශාලවෘක්‍ෂරාජයකු මෙන් ශෝභමාන සේක.
332. යථාපි සෙලො හිමවා ඔසධො සබ්බපාණිනං, නාගානං අසුරානඤ්ච දෙවතානඤ්ච ආලයො.
332. යම් සේ හිමවත්පර්වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේ ද, නාගයනට ද අසුරයනට ද දෙවතාවනට ද වාසස්ථාන වේ ද,
333. තථෙව ත්වං මහාවීර ඔසධො විය පාණිනං, තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච ඉද්ධියා පාරමිං ගතා.
333. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ ප්‍රාණින්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධය වනසේක. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද, ෂඩභිඥා ඇත්තෝ ද, ඍද්ධියෙන් පරතෙරට ගියෝ ද ඔබවහන්සේ ඇසුරු කෙරෙත්.
334. අනුසිට්ඨා මහාවීර තයා කාරුණිකෙන තෙ, රමන්ති ධම්මරතියා වසන්ති තව සාසනෙ.
334 මහාවීරයන් වහන්ස, කාරුණික වූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණලද ඔහු ධර්‍මරතියෙන් ඇලෙති. (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.
335. විගරාජා යථා සීහො අභිනික්ඛම්ම ආසයා, චතුද්දිසා විලොකෙත්වා තික්ඛත්තුං අභිනාදති.
335. යම් සේ කේශරසිංහයෙක් ගුහාවෙන් නික්ම සිවුදිග බලා තෙවරක් සිංහනාද කෙරේ ද,
336. සබ්බෙ මිගා උත්තසන්ති මිගරාජස්ස ගජ්ජතො, තථා හි ජාතිමා එසො පසූ තාසෙති සබ්බදා.
336. කේශර සිංහයාගේ ගර්ජනයෙන් සියලු සිවුපාවෝ තැති ගණිත්. ඒ එසේ ම ය. ජාතිමත් වූ සිංහ තෙමේ හැම කල්හි සිවුපාවුන් තැති ගන්වයි.
337. ගජ්ජතො තෙ මහාවීර වසුධා සම්පකම්පති, බොධනෙය්යං’වබුජ්ඣන්ති තසන්ති මාරකායිකා.
337. මහාවීරයන් වහන්ස, (එසේ) ගර්ජනා කරන්නා වූ ඔබවහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. ඉන් අවබෝධයට සුදුස්සෝ ධර්මය අවබෝධ කෙරෙත්. මාරපාක්ෂිකයෝ තැති ගණිත්.
338. තසන්ති තිත්ථියා සබ්බෙ නදතො තෙ මහාමුනෙ, කාකසෙනාව විබ්භන්තා මිගරඤ්ඤා යථා මිගා.
338. මහාමුනීන් වහන්ස, නාද කරන්නා වූ (=දහම් දෙසන) ඔබවහන්සේගේ නාදයෙන් සියලු තීර්ත්ථකයෝ තැති ගණිත්. (ඒ තීර්ත්ථකයෝ) කවුඩුරැළක් මෙන් තැති ගන්නාහු කේශරසිංහයා කෙරෙන් පලායන සිවුපාවුන් මෙනි.
339. යෙ කෙචි ගණිනො ලොකෙ සත්ථාරොති පවුච්චරෙ, පරම්පරාගතං ධම්මං දෙසෙන්ති පරිසාය තෙ.
339. යම් කිසි ගණප්‍රධාන කෙනෙක් ලෙව්හි ශාස්තෘ ය යි කියනු ලැබෙත් ද, ඔහු පිරිසට පරම්පරාගත වූ ධර්මය දේශනා කෙරෙත්.
340. න හෙ’වං ත්වං මහාවීර ධම්මං දෙසෙසි පාණිනං, සාමං සච්චානි බුජ්ඣිත්වා කෙවලං බොධිපක්ඛියං.
340. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සත්ත්වයනට එසේ පරම්පරාගත ධර්ම දේශනා නො කරණ සේක හුදෙක් බෝධිපාක්ෂික වූ සත්‍යයන් තමන්වහන්සේ ම අවබෝධ කොට ගෙණ,-
341. ආසයානුසයං ඤත්වා ඉන්ද්රියානං බලාබලං, භබ්බාභබ්බෙ විදිත්වාන මහාමෙඝොව ගජ්ජසි.
341. (සත්ත්වයන්ගේ) අධ්යාශයයන් හෙවත් චරියාවන් ද ථාමගත වූ කෙලෙස් ද දැන (ශ්‍රද්ධාදි) ඉන්ද්රියයන්ගේ බලදුබලබව ද (ධර්මාවබෝධයට) භව්‍ය අභව්‍ය (=සමත් අසමත්) පුඟුලන් ද දැන (සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේ) මහා මෙඝයක් (=සිවුදිගට ම වසින්නා වූ මහ වැසිවලාවක්) මෙන් ධර්මදේශනා නමැති සිංහනාදයෙන් ගර්ජනා කරණසේක.
342. චක්කවාළපරියන්තං නිසින්නා පරිසා භවෙ, නානාදිට්ඨි විචින්තෙන්තා විමතිච්ඡෙදනාය තං.
342-343. නානාලබ්ධීන්ට ගැති ව වසන්නා වූ සක්වළගල කෙළවර කොට පිරී හුන් පිරිස වන්නී ය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේ ය යි) දැන, (සුදුසු) උපමා කීමෙහි සමත් බුදුරජානන් වහන්ස, (ඔබවහන්සේ) එක ම ප්‍රශ්නයක් (විසඳා) කියමින් ම (සක්වළගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක සිඳින සේක.
343. සබ්බෙසං චිත්තමඤ්ඤාය ඔපම්මකුසලො මුනි, එකං පඤ්හං කථෙන්තොව විමතිං ඡින්දසි පාණිනං.
344. උපතිස්සසදිසෙහෙව වසුධා පූරිතා භවෙ, සබ්බෙව තෙ පඤ්ජලිකා කිත්තයුං ලොකනායකං.
344. උපතිස්ස නමැති සැරියුත්මහතෙරුන් වැනියන්ගෙන් මේ පොළොව පිරී තිබේ නම්, ඒ සියල්ලෝ ම බදැඳිලි ඇත්තාහු ලෝකනායක වූ බුදුරදුන් ගුණ කියන්නාහ.
345. කප්පං වා තෙ කිත්තයන්තා නානාවණ්ණෙහි කිත්තයුං, පරිමෙතුං න සක්කෙය්යුං අප්පමෙය්යා තථාගතා.
345. ඔහු කපක් මුළුල්ලෙහි ද නානාප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු, එම ගුණ පමණ කරන්නට නො හැක්කාහු ය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තෝ ය.
346. යථා සකෙන ථාමෙන කිත්තිතො හි මයා ජිනො, කප්පකොටිම්පි කිත්තෙන්තා එවමෙව පකිත්තයුං.
346. ස්වකීයශක්තිය පරිදි මා විසින් බුදුරජානන් වහන්සේ වර්ණනා කරණ ලදහ. කල්පකෝටි සඞ්ඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි ගුණ කීර්තනය කරන්නාහු නමුත් මෙසේ ම කීර්තනය කෙරෙත්.
347. සචෙ හි කොචි දෙවො වා මනුස්සො වා සුසික්ඛිතො, පමෙතුං පරිකප්පෙය්ය විඝාතං ‘ව ලභෙය්ය සො.
347. ඉදින් මනා ව හික්මුනා වූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එ ම ගුණ) මනින්නට සිතන්නේ නම්, හෙතෙම වෙහෙසට ම පැමිණෙන්නේ ය.
348. සාසනෙ තෙ පතිට්ඨාය සක්‍යපුත්ත මහායස, පඤ්ඤාය පාරමිං ගන්ත්වා විහරාමි අනාසවො.
348. මහායශස් ඇත්තානන් වහන්ස, ශාක්‍යපුත්‍රයානන් වහන්ස, (මම) ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් අංශ්රව රහිත ව වෙසෙමි.
349. තිත්ථියෙ සම්පමද්දාමි වත්තෙමි ජිනසාසනං, ධම්මසෙනාපතී අජ්ජ සක්යපුතස්ස සාසනෙ.
349. තීර්ත්ථකයන් මඩිමි. බුදුසසුන පවත්වමි. අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි ධර්මසේනාපති වෙමි.
350. අපරිමෙය්යෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුඛිත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
350. ම විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණලද කර්මය මෙහි දී ඵලය දැක්වී ය. මැනවින් විද හරණා ලද ඊපහරක් මෙන් ඒ කර්මඵලය මාගේ කෙලෙස් දැවී ය.
351. යො කොචි මනුජො භාරං ධාරෙය්ය මත්ථකෙ සදා, භාරෙන දුක්ඛිතො අස්ස භාරෙහි භරිතො තථා.
351. යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම්, (එම) බර කරණකොට ගෙණ දුකින් පෙළුනෙක් වන්නේ ය. එසේ ම බරින් බරට පත් වූවෙක් ද වෙයි.
352. ඩය්හමානො තීහග්ගීහි භවෙසු සංසරිං අහං, භරිතො භවභාරෙන නෙරුං උච්චාරිතො යථා.
352. මම (රාග – දෝස – මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර ඔසොවා ගත්තකු මෙන් භවය නමැති බරින් බර වූයෙම් වෙමි.
353. ඔරොපිතො ච මෙ භාරො භවා උග්ඝාටිතා මයා, කරණීයං කතං සබ්බං සක්යපුත්තස්ස සාසනෙ.
353. මා විසින් මාගේ (ඒ භව) භාරය බහා තබන ලදී. සියලු (නව) භවයෝ විධවංසනය කරණ ලදහ. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණලදී.
354. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වා සක්යපුඞ්ගවං, අයං අග්ගොම්හි පඤ්ඤාය සදිසො මෙ න විජ්ජති.
354. සම්පූර්ණ බුද්ධක්ෂේත්රයෙහි බුදුරජානන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමානයෙක් නො පෙණේ.
355. සමාධිම්හි සුකුසලො ඉද්ධියා පාරමිං ගතො, ඉච්ඡාමානො ච’හං අජ්ජ සහස්සං අභිනිම්මිනෙ.
355. සමාධියෙහි අතිශයින් දක්ෂ වෙමි. ඍද්ධියෙහි පරතෙරට ගියෙම් වෙමි. මම අද කැමැති වන්නෙම් නම්, ඍද්ධිමය රූප දහසක් මවන්නෙමි.
356. අනුපුබ්බවිහාරස්ස වසීභූතො මහාමුනි, කථෙසි සාසනං මය්හං නිරොධො සයනං මම.
356. අනුපූර්වවිහාර පිළිබඳ වසඟබව ඇති සර්වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම නිරෝධය (=නිරොධසමාපත්තියට සමවැදීම) යි.
357. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, සම්මප්පධානානුයුත්තො බොජ්ඣඞ්ගභාවනාරතො.
357. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්ෂ වෙමි. සම්‍යක් ප්රදහනයෙහි යෙදුනෙම් බෝධ්යඞ්ගභාවනාවෙහි ඇලුනෙම් ද වෙමි.
358. සාවකෙන හි පත්තබ්බං සබ්බමෙව කතං මයා, ලොකනාථං ඨපෙත්වාන සදිසො මෙ න විජ්ජති.
358. ශ්‍රාවකයකු විසින් ලැබියයුතු සියල්ල මා විසින් ලබන ලදී. බුදුරජානන් වහන්සේ හැර මට සමාන වූවෙක් විද්‍යාමාන නො වේ.
359. සමාපත්තිනයකුසලො ඣානවිමොක්ඛානං ඛිප්පලාභී, බොජ්ඣඞ්ගභාවනාරතො සාවකගුණපාරමිං ගතො’ස්මි.
359. සමාපත්තික්රමයන්හි දක්ෂ වූයෙම් (ලෞකික) ධ්‍යානයන්ට ද (ලෝකෝත්තර වූ) විමෝක්ෂයන්ට ද ශීඝ්‍ර ව සමවදිනෙම් බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනෙම් ශ්රාවකගුණයන්ගේ පරතෙරට ගියෙම් වෙමි.
360. සාවකගුණෙනාපි ඵුස්සෙන බුද්ධියා පුරිසුත්තමගාරවා, සද්ධාය සඞ්ගහිතං චිත්තං සදා සබ්රහ්මචාරිසු.
360. පෝෂිත වූ හෝ පවිත්‍ර වූ ශ්‍රාවක ගුණයෙන් ද බුද්ධියෙන් ද බුද්ධ ගෞරවයෙන් වූ ශ්‍රද්ධාවෙන් ද යුත් මාගේ සිත හැමකල්හි සබ්‍රම්සරුන් කෙරෙහි යෙදුනේ ය.
361. උද්ධටවිසො’ව සප්පො ඡින්නවසාණො’ව උසභො, නික්ඛිත්තමානදප්පො උපෙමි ගරුගාරවෙන ගණං.
361. උදුරා හළ විෂ (දළ) ඇති සර්පයකු මෙන් ද, සිඳුනු අං ඇති ගවයකු මෙන් ද, බැහැර කළ (ගෝත්රමදාදි) මානදර්ප ඇත්තෙම් සංඝයා වෙත ආදරබහුමානයෙන් එළඹෙමි.
362. යදි රූපිනී භවෙය්ය පඤ්ඤා මෙ වසුමතී න සමෙය්ය, අනොමදස්සිස්ස භගවතො ඵලමෙතං ඤාණථවනාය.
362. ඉදින් මාගේ ප්‍රඥාතොමෝ මූර්තිමත් වන්නී නම්, මහපොළොව ඊට සම නො වන්නී ය. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නුවණට පැසසීමේ ඵලයයි මේ.
363. පවත්තිතං ධම්මචක්කං සක්යපුත්තෙන තාදිනා, අනුවත්තෙමහං සම්මා ඤාණථවනායිදං ඵලං.
363. තාදිගුණ ඇති ගෞතම බුදුරජානන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මචක්රය මම මැනැවින් ඒ අනු ව පවත්වමි. (අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ) නුවණට පැසසීමේ මේ ඵලය යි.
364. මා මෙ කදාචි පාපිච්ඡො කුසීතො හීනවීරියො, අප්පස්සුතො අනාචාරො සමෙතො අහු කත්ථචි.
364. කිසි කලෙකත් පවිටෙක් කුසීතයෙක් පසුබට වීර්‍ය්‍ය ඇත්තෙක් අල්පශ්‍රැතයෙක් ආචාර විරහිතයෙක් මාගේ ආශ්‍රයට නො පැමිණේවා.
365. බහුස්සුතො ච මෙධාවී සීලෙසු සුසමාහිතො, චෙතොසමථානුයුතෙතා අපි මුද්ධනි තිට්ඨතු.
365. බහුශ්‍රුත වූ ද, නුවණැති වූ ද, සිවුපිරිසුදුසිල්හි මැනැවින් හික්මුනා වූ ද චිත්තසමථයෙහි යෙදුනා වූ ද පුද්ගලයා මාගේ හිස මත පවා සිටීවා.
366. තං වො වදාමි භද්දන්තෙ යාවන්තෙත්ථ සමාගතා, අප්පිච්ඡා හොථ සන්තුට්ඨා ඣායී ඣානරතා සදා.
366. මෙහි රැස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්, පින්වත්නි, තෙපි අල්පේච්ඡයෝ ද, ලද දෙයින් සතුටු වන්නෝ ද, ධ්‍යාන ඇත්තෝ ද, ධ්‍යානයෙහි ඇලුනෝ ද වවු යන (මේ වචනය) තොපට කියමි.
367. යමහං පඨමං දිස්වා විරජො විමලො අහුං, සො මෙ ආචරියො ධීරො අස්සජි නාම සාවකො.
367. මම යම්කෙනකුන් පළමුකොට දැක කෙලෙස්රජස් නැති නිර්මල වූවෙක් වීම් ද, ඒ ධෛර්ය්යවත් වූ මාගේ ආචාර්‍ය්‍යතෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ ය.
368. තස්සාහං වාහසා අජ්ජ ධම්මසෙනාපතී අහුං, සබ්බත්ථ පාරමිං පත්වා විහරාමි අනාසවො.
368. මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්මසේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියෙම් ආශ්‍රව රහිත ව වෙසෙමි.
369. යො මෙ ආචරියො ආසි අස්සජි නාම සාවකො, යස්සං දිසායං වසති උස්සීසම්හි කරොමහං.
369. යම් අස්සජි නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්ය්ය වී ද, උන්වහන්සේ යම් දිසාවක වෙසෙත් නම්, මම එ දෙසට හිස හරවා නිදම්.
370. මම කම්මං සරිත්වාන ගොතමො සක්යපුඞ්ගවො, . භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා අග්ගට්ඨානෙ ඨපෙසි මං.
370. ශාක්‍යසිංහ වූ ගෞතම බුදුරජානන් වහන්සේ මාගේ (කුශල) කර්මය පූර්වේනිවාසානුස්මෘතිඥානයෙන් සිහි කොට භික්ෂුසංඝයා මැද හිඳ මා අග්රශ්රාවකස්ථානයෙහි තැබූසේක.
371. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
371. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. සියලු භවයෝ සමූහනනය (=විනාශ) කරණ ලද්දාහු ය. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිත ව වෙසෙමි.
372. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
372. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් වි ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු ය. බුදුරජානන් වහන්සේගේ අනුසාසනය කරණලදී.
373. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
373. මේ සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සාරිපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මේ අයුරින් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
සාරිපුත්තත්ථෙරස්ස අපදානං පඨමං.
පළමුවැනි වූ ශාරිපුත්රස්ථවිරාවදානය යි.