පච්චෙකබුද්ධඅපදානවණ්ණනා අට්ඨකථා
පච්චෙකබුද්ධඅපදානවණ්ණනා
පසේ බුදුවරුන්ගේ සංවර්ණනාව
තතො අනන්තරං අපදානං සඞ්ගායන්තො “පච්චෙකබුද්ධාපදානං, ආවුසො ආනන්ද, භගවතා කත්ථ පඤ්ඤත්ත”න්ති පුට්ඨො “අථ පච්චෙකබුද්ධාපදානං සුණාථා”ති ආහ. තෙසං අපදානත්ථො හෙට්ඨා වුත්තොයෙව.
ඉක්බිති අනතුරු අපදානය සංගායනා කරමින් පසේබුදුවරුන්ගේ අපදානය, ඇවැත්නි ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ විසින් කොතනකදී පනවන ලද්දේද, විමසන්නේ අථ පච්චෙක බුද්ධාපදානං සුණාථ යනුවෙන් කීවේය. ඒ අපදාන අර්ථ යට කියන ලද්දේමය.
“සුණාථා”ති වුත්තපදං උප්පත්තිනිබ්බත්තිවසෙන පකාසෙන්තො “තථාගතං ජෙතවනෙ වසන්ත”න්තිආදිමාහ. තත්ථ ජෙතකුමාරස්ස නාමවසෙන තථාසඤ්ඤිතෙ විහාරෙ චතූහි ඉරියාපථවිහාරෙහි දිබ්බබ්රහ්මඅරියවිහාරෙහි වා වසන්තං විහරන්තං යථා පුරිමකා විපස්සිආදයො බුද්ධා සමත්තිංසපාරමියො පූරෙත්වා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතොති තථාගතො. තං තථාගතං ජෙතවනෙ වසන්තන්ති සම්බන්ධො. වෙදෙහමුනීති වෙදෙහරට්ඨෙ ජාතා වෙදෙහී, වෙදෙහියා පුත්තො වෙදෙහිපුත්තො. මොනං වුච්චති ඤාණං, තෙන ඉතො ගතො පවත්තොති මුනි. වෙදෙහිපුත්තො ච සො මුනි චෙති “වෙදෙහිපුත්තමුනී”ති වත්තබ්බෙ “වණ්ණාගමො”තිආදිනා නිරුත්තිනයෙන ඉ-කාරස්ස අත්තං පුත්ත-සද්දස්ස ච ලොපං කත්වා “වෙදෙහමුනී”ති වුත්තං. “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සතිමන්තානං ධිතිමන්තානං ගතිමන්තානං බහුස්සුතානං උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.219-223) එතදග්ගෙ ඨපිතො ආයස්මා ආනන්දො නතඞ්ගො නමනකායඞ්ගො අඤ්ජලිකො හුත්වා “භන්තෙ, පච්චෙකබුද්ධා නාම කීදිසා හොන්තී”ති අපුච්ඡීති සම්බන්ධො. තෙ පච්චෙකබුද්ධා කෙහි හෙතුභි කෙහි කාරණෙහි භවන්ති උප්පජ්ජන්ති. වීරාති භගවන්තං ආලපති.
අසව් යයි කියන ලද උපත නිමාව වශයෙන් ප්‍රකාශ කරන්නේ තථාගතං ජේතවනෙ වසන්තං යන ආදිය කීවේය. එහි ජේත කුමාරයාගේ නම් වශයෙන් එසේ හඳුනාගත් විහාරයෙහි සතර ඉරියව්වලින් වාසය කරන, දිව්‍ය බ්‍රහ්ම ආර්යන් විසින් විහරණය කරන බැවින් වාසය කරන බැවින් වාසය කරන්නේ පෙර පරිදි, විපස්සි ආදි සම්මා සම්බුදුවරු සමතිංසත් පාරමී දම් පුරා ආවේය. එසේ අපගේ බුදුරදුන්ද, ආවේ යයි තථාගතො = එයට තථාගතං ජේතවනයේ වාසය කරත් යන සම්බන්ධයයි. වෙදෙහමුනි යනු විදේහ රටෙහි උපන් ඒ දේවියගේ පුත්‍ර විදේහපුත්ත මුනිවරයා යයි කියනු ලැබේ. ඔහුට ඤාණය පවතින නිසා මුනි නම් වේ. වේදෙහි පුත්‍ර වූයේත් ඔහු මුනි වූයේත් - වෙදෙහි පුත්තමුනි යයි දතයුතුයි. වණ්ණාගමො යන ආදියෙන් නිරුක්ති න්‍යායෙන් ඉකාරයට කෙළවර පුත්ත ශබ්දයට ලොප්කොට වේදේහ මුනි යයි කියන ලදී. “මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවන්ත ගතිමන්ත, ධෛර්ය සම්පන්න, බහුශ්‍රැතයන් අතර උපස්ථායන අතර ආනන්ද තෙරුන් අග්‍ර වේ” මෙසේ අග්‍ර තනතුරේ තබන ලද, ආයුෂ්මත් ආනන්ද තෙරුන් ස්වාමීනි, පසේ බුදුවරුන් කෙබඳු ආකාර වෙත්දැයි විචාරණ ලදී යන සම්බන්ධයයි. ඒ පසේ බුදුවරු කුමන කාරණාවලින් කවර හේතුවලින් භවන්ති හටගනිත්ද? ධීරා යනු භාග්‍යවතුන්ට ආමන්ත්‍රණය කරයි.
තතො පරං විස්සජ්ජිතාකාරං දස්සෙන්තො “තදාහ සබ්බඤ්ඤුවරො මහෙසී”තිආදිමාහ. සබ්බං අතීතාදිභෙදං හත්ථාමලකං විය ජානාතීති සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤූ ච සො වරො උත්තමො චෙති සබ්බඤ්ඤුවරො. මහන්තං සීලක්ඛන්ධං, සමාධික්ඛන්ධං, පඤ්ඤාක්ඛන්ධං, විමුත්තික්ඛන්ධං, මහන්තං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං එසති ගවෙසතීති මහෙසි. ආනන්දභද්දං මධුරෙන සරෙන තදා තස්මිං පුච්ඡිතකාලෙ ආහ කථෙසීති සම්බන්ධො. භො ආනන්ද, යෙ පච්චෙකබුද්ධා පුබ්බබුද්ධෙසු පුබ්බෙසු අතීතබුද්ධෙසු කතාධිකාරා කතපුඤ්ඤසම්භාරා ජිනසාසනෙසු අලද්ධමොක්ඛා අප්පත්තනිබ්බානා. තෙ සබ්බෙ පච්චෙකබුද්ධා ධීරා ඉධ ඉමස්මිං ලොකෙ සංවෙගමුඛෙන එකපුග්ගලං පධානං කත්වා පච්චෙකබුද්ධා ජාතාති අත්ථො. සුතික්ඛපඤ්ඤා සුට්ඨු තික්ඛපඤ්ඤා. විනාපි බුද්ධෙහි බුද්ධානං ඔවාදානුසාසනීහි රහිතා අපි. පරිත්තකෙනපි අප්පමත්තකෙනපි ආරම්මණෙන පච්චෙකබොධිං පටිඑක්කං බොධිං සම්මාසම්බුද්ධානන්තරං බොධිං අනුපාපුණන්ති පටිවිජ්ඣන්ති.
ඉන් අනතුරුව විස්තර කරන ලද ආකාරය දක්වමින් තදාහ සබ්බඤ්ඤුතවරො මහෙසි යන ආදිය කීවේය. සියළු අතීතාදි භේදය අතට ගත් නෙල්ලි ගෙඩියක් මෙන් දනියි යනුවෙනි. සබ්බඤ්ඤු සර්වඥතාවයෙන් හෙතම උතුම්ය යනුවෙන් සබ්බඤ්ඤුවරො නම් වේ. මහත් සීලස්කන්ධයකින් සමාධිස්කන්ධයෙන්, ප්‍රඥා ස්කන්ධයෙන්, විමුක්ති ස්කන්ධයෙන් මහත් විමුක්ති ඤාණ දර්ශනස්කන්ධ මෙතම ගවේෂණය කරයි යනු මහේසි නමි. ආනන්ද භද්දං මධුරස්සංරණ එකල එය විමසූ කල්හි කීවේය යන සම්බන්ධයයි. පින්වත් ආනන්ද, යෙ ඒ පසේ බුදුවරු සියළු බුදුවරුන් අතර අතීත බුදුවරුන් අතර කථාධිකාරා කරන ලද පුණ්යසම්භාරයෙන් යුක්ත ජින සාසනෙසු අලද්ධමොක්ඛා නොපතන ලද නිර්වාණය ඒ සියළු පසේ බුදුවරු ධීරයෝය. මේ මේ ලෝකයෙහි සංවෙගමුඛෙන එක පුද්ගලයෙකු ප්‍රධානකොට පසේ බුදුවරු දනියි යන අර්ථයයි. සුතික්ඛ පඤ්ඤා සියුම් සියුමැලි ප්‍රඥාව, විනාපි බුද්ධෙහි බුදුවරුන්ගේ අවවාද අනුශාසනා රහිත ඉක්බිති පරිත්තකෙනාපි අප්‍රමාද අයකු විසින් ආරම්මණෙනාපි ප්රත්යෙක බෝධිය පෝෂණය කොට ලත් බෝධිය සම්මා සම්බුදුවරුන්ගේ අතුරුබෝධියයි. අනුපාප්රණං යනු අවබෝධ කරගනිත්.
සබ්බම්හි ලොකම්හි සකලස්මිං ලොකත්තයෙ මමං ඨපෙත්වා මං විහාය පචෙකබුද්ධෙහි සමොව සදිසො එව නත්ථි, තෙසං මහාමුනීනං පච්චෙකබුද්ධානං ඉමං වණ්ණං ඉමං ගුණං පදෙසමත්තං සඞ්ඛෙපමත්තං අහං තුම්හාකං සාධු සාධුකං වක්ඛාමි කථෙස්සාමීති අත්ථො.
සබ්බම්හි ලෝකයෙහි සියළු තුන්ලෝකයෙහි. මමං ඨපෙත්වා මා හැර පසේ බුදුවරුන් කෙරෙන් සමවූ සමාන වූම මහා මුනිවරුන්ගේ මේ වර්ණය මේ හැඩය ගුණය, ඒ පසේ බුදුවරුන්ට නැත. පදෙසමත්තං සංක්ෂේප මාත්‍රයෙන් මම නුඹලාට යහපතක් කියමි. කියන්නෙමු යන අර්ථයයි.
අනාචරියකා හුත්වා සයමෙව බුද්ධානං අත්තනාව පටිවිද්ධානං ඉසීනං අන්තරෙ මහාඉසීනං මධූවඛුද්දං ඛුද්දකමධුපටලං ඉව සාධූනි මධුරානි වාක්යානි උදානවචනානි අනුත්තරං උත්තරවිරහිතං භෙසජං ඔසධං නිබ්බානං පත්ථයන්තා ඉච්ඡන්තා සබ්බෙ තුම්හෙ සුපසන්නචිත්තා සුප්පසන්නමනා සුණාථ මනසි කරොථාති අත්ථො.
ආචාර්යවරයෙකු නොමැතිව තෙමේම බුද්ධත්වය තෙමේම අවබෝධ කරගත් බැවින් සෘෂිවරුන් අතර මහාසෘෂි වූ. මධුවඛුද්දං කුඩා මීවදයක් මෙනි. සාදූනි මිහිරි වූ. වාක්යානි උදානි වචනයෝ. අනුත්තරං උත්තර නැත. භෙසජ්ජං ඖෂධ නිවන. පත්ථයන්තා කැමතිවන්නා වූ නුඹලා සියල්ල සුපසන්නචිත්තා මැනවින් පිහිටි මනසා මෙනෙහි කරවු! යන අර්ථයයි. සමාගතානං රැස්වුනා වූ උපන්නා වූ.
පච්චෙකබුද්ධානං සමාගතානන්ති රාසිභූතානං උප්පන්නානං පච්චෙකබුද්ධානං. අරිට්ඨො, උපරිට්ඨො, තගරසිඛි, යසස්සී, සුදස්සනො, පියදස්සී, ගන්ධාරො, පිණ්ඩොලො, උපාසභො, නිථො, තථො, සුතවා, භාවිතත්තො, සුම්භො, සුභො, මෙථුලො, අට්ඨමො, සුමෙධො, අනීඝො, සුදාඨො, හිඞ්ගු, හිඞ්ගො, ද්වෙජාලිනො, අට්ඨකො, කොසලො, සුබාහු, උපනෙමිසො, නෙමිසො, සන්තචිත්තො, සච්චො, තථො, විරජො, පණ්ඩිතො, කාලො, උපකාලො, විජිතො, ජිතො, අඞ්ගො, පඞ්ගො, ගුත්තිජ්ජිතො, පස්සී, ජහී, උපධිං, දුක්ඛමූලං, අපරාජිතො, සරභඞ්ගො, ලොමහංසො , උච්චඞ්ගමායො, අසිතො, අනාසවො, මනොමයො, මානච්ඡිදො, බන්ධුමා, තදාධිමුත්තො, විමලො, කෙතුමා, කොතුම්බරඞ්ගො, මාතඞ්ගො, අරියො, අච්චුතො, අච්චුතගාමි, බ්යාමකො, සුමඞ්ගලො, දිබ්බිලො චාතිආදීනං පච්චෙකබුද්ධසතානං යානි අපදානානි පරම්පරං පච්චෙකං බ්යාකරණානි යො ච ආදීනවො යඤ්ච විරාගවත්ථුං අනල්ලීයනකාරණං යථා ච යෙන කාරණෙන බොධිං අනුපාපුණිංසු චතුමග්ගඤාණං පච්චක්ඛං කරිංසු. සරාගවත්ථුසූති සුට්ඨු අල්ලීයිතබ්බවත්ථූසු වත්ථුකාමකිලෙසකාමෙසු විරාගසඤ්ඤී විරත්තසඤ්ඤවන්තො රත්තම්හි ලොකම්හි අල්ලීයනසභාවලොකෙ විරතචිත්තා අනල්ලීයනමනා හිත්වා පපඤ්චෙති රාගො පපඤ්චං දොසො පපඤ්චං සබ්බකිලෙසා පපඤ්චාති පපඤ්චසඞ්ඛාතෙ කිලෙසෙ හිත්වා ජිය ඵන්දිතානීති ඵන්දිතානි ද්වාසට්ඨි දිට්ඨිගතානි ජිනිත්වා තථෙව තෙන කාරණෙන එවං බොධිං අනුපාපුණිංසු පච්චෙකබොධිඤාණං පච්චක්ඛං කරිංසූති අත්ථො.
පච්චෙකබුද්ධානං අරිට්ඨ, උසිතරගසිතුම්, යසස්සී, සුදස්සන, පියදස්සී, ගන්ධාර, පිණ්ඩාල, උපාසහ නිථ තථා සුතවා භාවිතත්තො සුමභ සුභ, මෙථුල, අට්ඨම, සුමේධ අනිස සුදාඨ පිංගු පිංගු, දේව ජාලිනො අට්ඨක කොසල සුබාහු උපනෙමි. සොනෙමි. සොසන්ත චිත්ත, සච්ච, තථ, විරජ, පණ්ඩිත, කාල, උපකාල, විජිත, ජිත, අංග, පංග, සාදයට ගුතිජ්ජිත, පස්සී, ජහී, උපධි, දුක්ඛමුල, අපරාජිත සරභංග, ලොමහංස, උච්චංගමාය, අසිත, අනාසව, මනොමය, මානච්ඡිද, බන්ධුමා, තදාධිමුත්ත, විමල, කෙතුමා, කෙතුම්බරාග, මාතංග අරිය, අච්චුත, අච්චුතගාමබ්යාමකෙ, සුමංගල ආදීන් යන ආදීන්ගේ පන්සියයක් පසේබුදු පරම්පරා ප්‍රත්‍ය සහිත විස්තර විවරණ යමක ආදී යංච විරාග වත්ථුං නො ඇලීමට කරුණ යමාච යම් කාරණයකින්. බෝධි අනුපාපුණිංසු චතුමාර්ග ඤාණය ප්රත්යක්ෂ කළහ. සරාගවත්ථුසු යනු සරළ ලෙස ඇලේනුයි වස්තුකාම ක්ලේශකාම ආදි දේවල්වල. විරාගසඤ්ඤි නොඇලුණු ප්‍රඥාවන්ත වූ. රත්තම්හි ලොකම්හි ඇලෙනසුළු ස්වභාව ඇති ලෝකයෙහි චිරත්තචිත්තා නොඇලෙන සිත් ඇතිව. පපඤ්චෙ යනු රාගයේ ගැටීම ද්වේෂයේ ගැටීම සියලු ක්ලේශවල ගැටීම ගැටීම් සංඛ්‍යාත කෙලෙස් අතහැර. ජිතබන්ධිතානි ඒ සියළු දෙසැටක් දෘෂ්ටිගත ධර්ම ජයගෙන. තථෙව ඒ කාරණයෙන්ම එසේ. බොධි අනුපාපුණිංසු පච්චෙක බෝධිඤාණය ප්රත්යක්ෂ කළහ යන අර්ථයයි.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති තජ්ජනඵාලනවධබන්ධනං නිධාය ඨපෙත්වා තෙසං සබ්බසත්තානං අන්තරෙ අඤ්ඤතරං කඤ්චි එකම්පි සත්තං අවිහෙඨයං අවිහෙඨයන්තො අදුක්ඛාපෙන්තො මෙත්තෙන චිත්තෙන “සබ්බෙ සත්තා සුඛිතා හොන්තූ”ති මෙත්තාසහගතෙන චෙතසා හිතානුකම්පී හිතෙන අනුකම්පනසභාවො. අථ වා සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති සබ්බෙසූති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං. භූතෙසූති භූතා වුච්චන්ති තසා ච ථාවරා ච. යෙසං තසිණා තණ්හා අප්පහීනා, යෙසඤ්ච භයභෙරවා අප්පහීනා, තෙ තසා. කිං කාරණා වුච්චන්ති තසා? තසන්ති උත්තසන්ති පරිතසන්ති භායන්ති සන්තාසං ආපජ්ජන්ති, තං කාරණා වුච්චන්ති තසා. යෙසං තසිණා තණ්හා පහීනා, යෙසඤ්ච භයභෙරවා පහීනා, තෙ ථාවරා. කිං කාරණා වුච්චන්ති ථාවරා? ථිරන්ති න තසන්ති න උත්තසන්ති න පරිතසන්ති න භායන්ති න සන්තාසං ආපජ්ජන්ති, තං කාරණා වුච්චන්ති ථාවරා.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යනු තර්ජන ඇලීම් වධබන්ධන අතහැර දමා ඒ සියළු සත්ත්වයන් අතර වෙනසක් නැතිව එකම සත්ත්වයකු ලෙස බැලීමයි. අවිහෙඨයං අවබෝධ කරගැනීම දුක් රහිතව සියළු සතුන් විෂයෙහි මෛත්‍රියෙන් යුතුව. භූතා තෘෂ්ණා සහිත. ස්ථාවර යයි කියනු ලැබෙත්. යමකුගේ තැතිගත් තෘෂ්ණාව ප්‍රහීණ නොවූ භය තැතිගැනීම ප්‍රහීණ නොවූ ඔවුහු තසා කුමන කරුණකින් තසං වේද? ත්‍රාසයට තස යයි කියනු ලැබේ. ත්‍රාසයට උත්රාසයට පරිත්‍රාසයට සන්තාපයට පැමිණෙත්. ඒ කාරණය කියනු ලැබේ. යමෙකුගේ තැති ගැනීම තෘෂ්ණාව, ප්‍රහීණ වී ද යමෙකුට බිය බිය ගෙනදීම ප්‍රහීණ වේද, ඔවුහු ථාවර නමි. කුමන කරුණකින් තවරා යයි කියනු ලැබෙත්ද? ථීරං යනු තැති නොගනිත් මත්තෙහි තසං යනු නොබිය වෙත්. සන්ත්‍රාසයට සිතේ කැළඹීමට නොපැමිණෙත්. ඒ කාරණය කියනු ලැබේ ථාවරා
තයො දණ්ඩා – කායදණ්ඩො, වචීදණ්ඩො, මනොදණ්ඩොති. තිවිධං කායදුච්චරිතං කායදණ්ඩො, චතුබ්බිධං වචීදුච්චරිතං වචීදණ්ඩො, තිවිධං මනොදුච්චරිතං මනොදණ්ඩො. සබ්බෙසු සකලෙසු භූතෙසු සත්තෙසු තං තිවිධං දණ්ඩං නිධාය නිදහිත්වා ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භෙත්වා හිංසනත්ථං අගහෙත්වාති සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං. අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසන්ති එකමෙකම්පි සත්තං පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා රජ්ජුයා වා අවිහෙඨයන්තො, සබ්බෙපි සත්තෙ පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා රජ්ජුයා වා අවිහෙඨයං අවිහෙඨයන්තො අඤ්ඤතරම්පි තෙසං. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති නාති පටික්ඛෙපො. පුත්තන්ති චත්තාරො පුත්තා අත්රජො පුත්තො, ඛෙත්තජො, දින්නකො, අන්තෙවාසිකො පුත්තො. සහායන්ති සහායො වුච්චති යෙන සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ්ජා ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති පුත්තම්පි න ඉච්ඡෙය්ය න සාදියෙය්ය න පත්ථෙය්ය න පිහයෙය්ය නාභිජප්පෙය්ය, කුතො මිත්තං වා සන්දිට්ඨං වා සම්භත්තං වා සහායං වා ඉච්ඡෙය්ය සාදියෙය්ය පත්ථෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්යාති න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං. එකො චරෙ ඛග්ගවිසාණකප්පොති සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
තුන්දඬු, කායදණ්ඩ, වචීදණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙන් තුන්වැදෑරුම් වේ. කාය දුසිරිත කායදණ්ඩ වේ. වචීදණ්ඩ වචී දුශ්චරිතයයි සිවුවැදෑරුම් වේ. මනෝ දුශ්චරිතය තෙවැදෑරුම් වේ. මනෝදණ්ඩ නම් වේ. සියළු සක්වල සත්ත්වභූත කොට්ඨාසවල ඒ වධ දඬුවම්, නිධාය තබා බහා තබා ඉවත දමා නොනංවා දුරින්ම දුරුකොට සිනහ බවක් නොගෙන හාස්‍යයට ලක් නොකර සියළු සතුන් කෙරෙහි දඬු බහා තබා සිටීම අවිහෙඨය නම් වේ. අඤ්ඤතරම්පි ඔවුහු වෙති. එකම එක සත්ත්වයකු ප්රාණියෙකු, කැටකැබලිතිවලින් දණ්ඩකින් හෝ ආයුධයකින්, ලණුවකින්, රැහැනකින් නොපෙලවන්නේ නොවෙලෙන්නේ සියළු සතුන් කෙරෙහි හිංසා නොකරන්නේ අවිහෙඨය එයට අමතරව වේ. න පුත්ත මිච්ඡෙය්‍ය කුතො සහායං යනු ප්‍රතික්ෂේප නොකරයි. පුත්‍රයෝ නම් වේ. පුත්‍රයෝ සතර දෙනෙකි. ඖරස පුත්‍රයා, කුඹුරේ උපන් පුත්‍රයා, දෙනලද පුත්‍රයා අන්තේවාසික හෙවත් අතවැසි පුත්‍රයා යහළුවා යයි කියනු ලැබේ. යමකු මිතුරකු සමග පැමිණීමේදී පහසු ගමන පහසු ස්ථානය පහසු හිඳීම පහසු පාලනය පහසු කථාබහ පහසු සතුටු කථාබහ පුත්‍රයකු කැමැති නොවන්නේය. කුමක් නිසා මිත්‍ර වූ පුතකු නොකැමැති වන්නේද, ප්‍රාර්ථනා නොකරන්නේද, කථා නොකරන්නේද, කුමක් නිසා දක්නාලද හටගත් මිත්‍රයකු කොයින්ද, යහළුවකු කැමැති වන්නේය. හඳුනා ගන්නේය. ප්‍රාර්ථනා කරන්නේය. කථාබහ සතුටු සාමීචි කරන්නේය. සහාය පුත්‍රයෙකු කැමැතිවන්නේ කොතනින්ද? එකො චරෙ ඛග්ගවිසාණ කප්පො යනු ඒ පසේ බුදුවරයා ප්‍රවෘජ්‍යා වශයෙන් එක් අයෙකි. දෙවැන්නකු නැති බැවින් එකකි. තෘෂ්ණාව දුරුකළ බැවින් එකකි. ඒකාන්තයෙන් රාගය පහකළ බැවින් එක් අයෙකි. ඒකාන්තයෙන් ද්වේෂය දුරුකළ බැවින් එක් අයෙකි.
කථං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො? සො හි පච්චෙකසම්බුද්ධො සබ්බං ඝරාවාසපලිබොධං ඡින්දිත්වා, පුත්තදාරපලිබොධං ඡින්දිත්වා, ඤාතිපලිබොධං, මිත්තාමච්චපලිබොධං, සන්නිධිපලිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා නික්ඛම්ම අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකොව චරති විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙතීති එවං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො.
ඒකාන්තයෙන් මෝහය දුරුකළ බැවින් එක් අයෙකි. ඒකාන්තයෙන් කෙලෙස් රහිත බැවින් එක් අයෙකි. ඒකායන මාර්ගයට ගිය බැවින් එක් අයෙකි. අනුත්තර වූ පච්චේක සම්බෝධියට පත් පුත පච්චේක සම්බුදුන් සියළු ගෘහවාසයට අයත් පලිබෝධ උවදුරු සිඳ දමා කෙස් රවුල් බහා තබා කහපාට වස්ත්‍ර ඇඳගෙන ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලබා ආකිඤ්චඤ්ඤ වාසයට පැමිණ හුදකලාව සැරිසරයි. වාසය කරයි. ඉරියව් පවත්වයි. යැපෙයි. යප්පවයි. මෙසේ ඒ පසේ බුදුරද, පැවිදි සංඛ්‍යාත එක් අයකු නිසාය.
කථං සො පච්චෙකසම්බුද්ධො අදුතියට්ඨෙන එකො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො තිට්ඨති, එකො ගච්ඡති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමති, එකො චරති විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙතීති එවං සො අදුතියට්ඨෙන එකො.
කෙසේ ඔහු දෙවැන්නකු නැති බැවින් එකකු වීද, ඔහු මෙසේ පැවිද්දෙන් සමාන වූයේ එකම ආරණ්‍යයෙහි වනවදුලු සෙනසුන් ආදිය ඇසුරු කරයි. අල්ප ශබ්ද ඇති අල්ප ඝෝෂා ඇති, මිනිසුන්ගේ රැතකවරණ ඇති, මනා වා කවුළු ඇති, පිළිසඳර කථාබහට යොමුවිය යුතු හෙතම හුදකලාව ගමන් කරයි. හුදකලාව හිඳියි. එකම යහන කැමති වෙයි. එකම ගමට පිඬු පිණිස පිවිසෙයි. හුදකලාව ගමන් කරයි. හුදකලාව රහසිගතව හිඳියි. හුදකලාව සක්මන් කරයි. හුදකලාව යැපෙයි ආදියයි.
කථං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො? සො එකො අදුතියො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො මහාපධානං පදහන්තො මාරං සසෙනකං නමුචිං කණ්හං පමත්තබන්ධුං විධමෙත්වා ච තණ්හාජාලිනිං විසරිතං විසත්තිකං පජහි විනොදෙසි බ්යන්තිං අකාසි අනභාවං ගමෙසි.
මෙසේ ඔහු දෙවැන්නකු නැති බැවින් එකම වේ. කෙසේ ඔහු තෘෂ්ණාවෙන් ප්රහාණය කරන්නේ හුදකලාවම ඔහු එකම දෙවැන්නකු නැති බැවින් අප්‍රමාදීව කෙලෙස් ප්‍රහීණ කළ බැවින් මහ ප්‍රධන් වීර්ය වඩමින් වාසය කරන්නේ සේනාව සහිත පවිටු වූ නෑදෑයෝ තෘෂ්ණාව නැමැති දැල විසර්ටික වූයේ විනෝද වෙත්. ප්‍රධන් වීර්යය විසත්ති නම් තෘෂ්ණා ජාලය දුරුකරයි. දුරින්ම දුරුකරයි. ක්ෂය කළේය යන අර්ථයයි.
“තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
“තෘෂ්ණාව දෙවෙනිකොට ඇති මිනිසා දීර්ඝ වූ සංසාර මාර්ගයට පැමිණ සංසාරයේ මෙසේ මේ ලෙස හෝ අන් ලෙස නොපවතියි
“එතමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවං; වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ”ති. (ඉතිවු· 15, 105; මහානි· 191) –
මෙසේ ආදීනව දැක දුක හටගන්නා තෘෂ්ණාවද තෘෂ්ණාව දුරුකළ කෙලෙස් නැති සත්පුරුෂය, භික්ෂුව තෘෂ්ණාව දුරලන්නේය.”
එවං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො.
මෙසේ ඒ පසේ බුදුරද තෘෂ්ණාව ප්රහාණය කරන බැවින් එක් අයෙකි.
කථං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො? රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො, දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො, එවං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො.
කෙසේ ඒකාන්තයෙන් රාගය දුරුකළ බැවින් එකකු වේද? රාගය ප්‍රහීණ කළ බැවින් ඒකාන්තයෙන් ඒකාන්ත රාගය දුරුකළ බැවින් එකෙකි. ද්වේෂය ප්‍රහීණ කළ බැවින් ඒකාන්තයෙන් වීතදෝෂ නිසා එකෙකි. මෝහය ප්‍රහීණ කළ බැවින් ඒකාන්තයෙන් වීත මෝහ බැවින් එකෙකි. කෙසේ ඒකාන්ත වේද නික්ලේශී වේද සියළු කෙලෙස් ප්‍රහීණ කළ බැවින් ඒකාන්තයෙන් නික්ලේශි නිසා එකෙකි. මෙසේ ඒ පසේ බුදුරද ඒකාන්ත නික්ලේශිවලින් එකෙකි.
කථං සො පච්චෙකසම්බුද්ධො එකායනමග්ගං ගතොති එකො? එකායනමග්ගො වුච්චති චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
කෙසේ හෙතම ඒකායන මාර්ගයට ගියේද? එක ඒකායන මාර්ගය වැදෑරුම් වේ. සතර සතිපට්ඨාන සතර සම්යග්ප්රධාන සතර සෘද්ධිපාද පංචඉන්ද්‍රිය පංචබල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය
“එකායනං ජාතිඛයන්තදස්සී, මග්ගං පජානාති හිතානුකම්පී; එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ, තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති. (සං· නි· 5.384; මහානි· 191) –
“ඒකායන මගෙන් ඉපදීම ක්ෂය කළේ යයි දනිමි. මාර්ගය දැනගනියි. හිතානුකම්පිව මේ මාර්ගයෙන් පෙර බුදුවරු සසර ඕඝ තරණය කළහ. තරණය කරවන්නාහ.”
එවං සො එකායනමග්ගං ගතොති එකො.
මෙසේ හෙතම ඒකායන මාර්ගයට ගියේ යයි ඒක නම් වේ.
කථං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො? බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණං (මහානි· 191; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121). පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. සො පච්චෙකසම්බුද්ධො තෙන පච්චෙකබොධිඤාණෙන “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති බුජ්ඣි, “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති බුජ්ඣි, “සබ්බෙ ධම්මා අනත්තා”ති බුජ්ඣි. “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති බුජ්ඣි, “සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ”න්ති බුජ්ඣි, “විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති බුජ්ඣි, “නාමරූපපච්චයා සළායතන”න්ති බුජ්ඣි, “සළායතනපච්චයා ඵස්සො”ති බුජ්ඣි, “ඵස්සපච්චයා වෙදනා”ති බුජ්ඣි, “වෙදනාපච්චයා තණ්හා”ති බුජ්ඣි, “තණ්හාපච්චයා උපාදාන”න්ති බුජ්ඣි, “උපාදානපච්චයා භවො”ති බුජ්ඣි, “භවපච්චයා ජාතී”ති බුජ්ඣි, “ජාතිපච්චයා ජරාමරණ”න්ති බුජ්ඣි. “අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො”ති බුජ්ඣි, “සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො”ති බුජ්ඣි…පෙ… “භවනිරොධා ජාතිනිරොධො”ති බුජ්ඣි, “ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති බුජ්ඣි. “ඉදං දුක්ඛ”න්ති බුජ්ඣි, “අයං දුක්ඛසමුදයො”ති බුජ්ඣි, “අයං දුක්ඛනිරොධො”ති බුජ්ඣි, “අයං දුක්ඛනිරොධගාමිනිපටිපදා”ති බුජ්ඣි. “ඉමෙ ආසවා”ති බුජ්ඣි, “අයං ආසවසමුදයො”ති බුජ්ඣි…පෙ… “පටිපදා”ති බුජ්ඣි, “ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා”ති බුජ්ඣි, “ඉමෙ ධම්මා පහාතබ්බා”ති බුජ්ඣි, “ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා”ති බුජ්ඣි, “ඉමෙ ධම්මා භාවෙතබ්බා”ති බුජ්ඣි. ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි, පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච…පෙ… නිස්සරණඤ්ච බුජ්ඣි, චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි, “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති බුජ්ඣි.
කෙසේ ඒ පසේ බුදුවරු එකම නිරුත්තර පච්චේක සම්බෝධිය අවබෝධ කරගත්තේද නුයි ඒක නම් වේ. බෝධි චතු මාර්ග ඤාණය බෝධි යයි කියනු ලැබේ. ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්රිය, ප්‍රඥා බලය, ධම්මවිචය සම්බෝධි අංගය විමසීම විදර්ශනා සම්මා දිට්ඨියයි. ඒ පසේබුදුරජු ඒ ප්රත්යක්ෂ බෝධි ඥානයෙන් සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය යයි අවබෝධ කරගත් සේක. සියළු සංස්කාර දුක යයි අවබෝධ කළේය. සියළු ධර්ම අනාත්ම යයි අවබෝධ කළ සේක. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන බව අවබෝධ කළ සේක. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවන බව අවබෝධ කර ගත්හ. විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවන බව අවබෝධ විය. නාමරූප නිසා ෂට් ආයතන ඇතිවන බව අවබෝධ කරගත්හ. සළායතන නිසා ස්පර්ශය ඇතිවන බව අවබෝධ කර ගත්හ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවන බව අවබෝධ කරගත්හ. වේදනාව නිසා තෘෂ්ණාව ඇති වන බව අවබෝධ කරගත්හ. තෘෂ්ණාව නිසා උපාදානය ඇතිවන බව අවබෝධ කර ගත්හ. උපාදානය නිසා භවය ඇතිවන බව අවබෝධ කරගත්හ. භවය නිසා ජාති හෙවත් ඉපදීම ඇතිවන බව අවබෝධ කරගත්හ. ජාති නිසා ජරාව මරණය ඇතිවන බව අවබෝධ තරගත්හ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නිරුද්ධ වන බව අවබෝධ කරගත්හ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වන බව අවබෝධ කරගත්හ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වන බව, නාමරූප නිරුද්ධ වීමෙන් සළායතන නිරුද්ධ වන බව, සළායතන නිරෝධයෙන් ඵස්ස නිරුද්ධ වන බව, ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වන බව, වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව නිරෝධ වන බව, තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වන බව, උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වන බව, භව නිරෝධයෙන් ඉපදීම නිරුද්ධ වන බව, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වන බවද අවබෝධ වූ සේක. මෙය දුක යයි අවබෝධ විය. මේ දුක හටගැනීම යයි අවබෝධ විය. මේ දුක් නිරෝධය යයි අවබෝධ විය. මේ දුක නැතිකිරීමේ මාර්ගය යයි අවබෝධ විය. මේවා ආශ්‍රව ධර්මයයි අවබෝධ විය. මෙය ආශ්‍රව හටගැනීම යයි අවබෝධ විය. මේවා ආශ්‍රව නැති කිරීමේ ප්‍රතිපදාව යයි අවබෝධ විය. මේ ධර්ම අවබෝධ කරගත යුතු යයි අවබෝධ විය. මේ ධර්ම මැනවින් දතයුතු යයි අවබෝධ විය. මේ ධර්ම ප්රහාණය කළ යුතුයයි අවබෝධ විය. මේ ධර්ම සාක්ෂාත් කළ යුතුයයි අවබෝධ විය. මේ ධර්ම වැඩිය යුතුයයි අවබෝධ විය. සයවැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීමද වටහා ගැනීමද ආශ්වාදයද ආදිවනද මිදීමද අවබෝධ විය. පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, ආශ්වාදයද, මිදීමද අවබෝධ විය. සතරමහා භූතයන්ගේ හටගැනීමද වටහාගැනීමද, ආශ්වාදයද, ආදිනවද, මිදීමද අවබෝධ විය. යම්කිසි ධර්මතාවයක් හටගත්තේද? ඒ සියල්ල නිරුද්ධ වන බව අවබෝධ කරගත් සේක.
අථ වා යං බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං, සබ්බං තං තෙන පච්චෙකබොධිඤාණෙන බුජ්ඣි අනුබුජ්ඣි පටිබුජ්ඣි සම්බුජ්ඣි අධිගඤ්ඡි ඵස්සෙසි සච්ඡාකාසීති, එවං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
අවබෝධ කළයුතු අධිගම කළයුතු දැකිය යුතු, සාක්ෂාත් කළයුතු බැවින් ඒ ප්රත්යක්ෂ බෝධි ඤාණයෙන් අවබෝධ විය. මැනවින් අවබෝධ විය. අධිගම විය. දුටුවේය. සාක්ෂාත් කළේය. මෙසේ ඒ පසේබුදුරද එක් අනුත්තර වූ පච්චේක සම්බෝධිය අවබෝධ කරගත්හ.
චරෙති අට්ඨ චරියායො (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) – ඉරියාපථචරියා, ආයතනචරියා, සතිචරියා, සමාධිචරියා, ඤාණචරියා, මග්ගචරියා, පත්තිචරියා, ලොකත්ථචරියා. ඉරියාපථචරියාති චතූසු ඉරියාපථෙසු, ආයතනචරියාති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු, සතිචරියාති චතූසු සතිපට්ඨානෙසු, සමාධිචරියාති චතූසු ඣානෙසු, ඤාණචරියාති චතූසු අරියසච්චෙසු, මග්ගචරියාති චතූසු අරියමග්ගෙසු, පත්තිචරියාති චතූසු සාමඤ්ඤඵලෙසු, ලොකත්ථචරියාති තථාගතෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු, පදෙසතො පච්චෙකසම්බුද්ධෙසු, පදෙසතො සාවකෙසු.
චරෙති අට්ඨ චරියායො ඉරියාපථචරියාව, ආයතන චර්යාව, සති චර්යාව සමාධි චර්යාව, ඤාණ චර්යා මාර්ග චරියා ප්රතිපක්ෂ චර්යා (විරුද්ධ) ලෝකාර්ථ චර්යා ඉරියාපථ චර්යා යනු සතර ඉරියව්වල ආයතන චර්යා යනු සයවැදෑරුම් බාහිර අධ්‍යාත්මික ආයතනවල සති චරියා යනු සතර සතිපට්ඨානවල, සමාධි චර්යා යනු සතර ධ්‍යානවල, ඤාණ චරියා යනු චතුරාර්ය සත්‍ය ධර්මවල මග්ගචරියා යනු චතුරාර්ය සත්යවල පටිපක්ඛචරියා යනු සතර සමඤ්ඤඵලයෙහි. ලෝකත්ථචරියා යනු තථාගතයන් කෙරෙහි මහරහතුන් කෙරෙහි සම්මා සම්බුදුවරුන් කෙරෙහි ප්‍රදේශවල වැඩසිටින පසේ බුදුවරුන් කෙරෙහි සෙසු ශ්‍රාවකයන් කෙරෙහි,
ඉරියාපථචරියා ච පණිධිසම්පන්නානං, ආයතනචරියා ච ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං, සතිචරියා ච අප්පමාදවිහාරීනං, සමාධිචරියා ච අධිචිත්තමනුයුත්තානං, ඤාණචරියා ච බුද්ධිසම්පන්නානං, මග්ගචරියා ච සම්මාපටිපන්නානං, පත්තිචරියා ච අධිගතඵලානං, ලොකත්ථචරියා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, පදෙසතො පච්චෙකසම්බුද්ධානං, පදෙසතො සාවකානං. ඉමා අට්ඨ චරියායො.
ඉරියාපථ චර්යාවද, වාසනා සම්පන්න වේ. ආයතන චර්යාවෝ ඉන්ද්‍රියන්වල වසන ලද දොරටු ඇතිව සතිචර්යාව අප්‍රමාදීව හැසිරෙන්නන්ට. සමාධි චර්යාව අධි චිත්තයෙන් යුක්ත වූවන්ට, ඤාණ චර්යාව බුද්ධිමතුන්ටය. මාර්ග චර්යාව මනාසේ පිළිපන්නවුන්ට ප්‍රතිපත්ති චර්යාව අධිගමය ශාක්ෂාත් කළවුන්ට ලෝකාර්ථ චර්යාව, තථාගත අර්හත් සම්මා සම්බුදුවරුන්ටය. ප්‍රදේශ පසේබුදුවරුන්ගේ ප්‍රදේශ ශ්‍රාවක සංඝයාටය. මේ අෂ්ටචර්යාවද වේ.
අපරාපි අට්ඨ චරියායො – අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො වීරියෙන චරති, උපට්ඨපෙන්තො සතියා චරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණචරියාය චරති, එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයතනන්ති ආයතනචරියාය චරති. එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරති. ඉමා අට්ඨ චරියායො.
අපරාපි අට්ඨ චරියායො මැනවින් මිදුණේ ශ්‍රද්ධාවෙන් හැසිරෙයි. අවබෝධ කරන්නේ වීර්යෙන් හැසිරෙයි. එළඹෙන්නේ සිහියෙන් හැසිරෙයි. බැලීම කරන්නේ සමාධියෙන් හැසිරෙයි. දැනගන්නේ ඤාණ චර්යාවෙන් හැසිරෙයි. මෙසේ පිළිපන්නහුගේ කුසල ධර්ම ආයතන නම් වෙති. ආයතන චරියාවේ හැසිරෙයි. මෙසේ පැමිණීම විශේෂ අවබෝධයක් ලැබ ගනියි යනු විශේෂ චර්යාවේ හැසිරෙයි. මේ චර්යා අටයි. දර්ශන චරියාවද සම්මා දිට්ඨියට ආරෝපණය කර පවතියි. සම්මා සංකල්පනාවට අයිතිය අල්වාගැනීම වේ. සම්මා වාචාවට සමුට්ඨානචරියාව හෙවත් හටගැනීමේ චරියාව වේ.
අපරාපි අට්ඨ චරියායො – දස්සනචරියා ච සම්මාදිට්ඨියා, අභිනිරොපනචරියා ච සම්මාසඞ්කප්පස්ස, පරිග්ගහචරියා ච සම්මාවාචාය, සමුට්ඨානචරියා ච සම්මාකම්මන්තස්ස, වොදානචරියා ච සම්මාආජීවස්ස, පග්ගහචරියා ච සම්මාවායාමස්ස, උපට්ඨානචරියා ච සම්මාසතියා, අවික්ඛෙපචරියා ච සම්මාසමාධිස්ස. ඉමා අට්ඨ චරියායො.
සම්‍යක් කර්මාන්තයට ඕදාහ චර්යාව හෙවත් අවවාද දීමද, සම්මා ආජීවයට උත්සාහයට හෙවත් පග්ගහ චර්යාවද සම්‍යක් ව්‍යායාමයට උස්ථාන චර්යාවද සම්මා සතියට, කලබල නැති බව ඇතුළත් චර්යාවද සම්මා සමාධියට මේ අෂ්ටවිධ චර්යාවෝම අයත් වෙති.
ඛග්ගවිසාණකප්පොති යථා ඛග්ගස්ස නාම විසාණං එකමෙව හොති, අදුතියං, එවමෙව සො පච්චෙකසම්බුද්ධො තක්කප්පො තස්සදිසො තප්පටිභාගො. යථා අතිලොණං වුච්චති ලොණකප්පො, අතිතිත්තකං වුච්චති තිත්තකප්පො, අතිමධුරං වුච්චති මධුරකප්පො, අතිඋණ්හං වුච්චති අග්ගිකප්පො, අතිසීතං වුච්චති හිමකප්පො, මහාඋදකක්ඛන්ධො වුච්චති සමුද්දකප්පො, මහාභිඤ්ඤාබලප්පත්තො සාවකො වුච්චති සත්ථුකප්පොති. එවමෙව සො පච්චෙකසම්බුද්ධො ඛග්ගවිසාණකප්පො, ඛග්ගවිසාණසදිසො ඛග්ගවිසාණපටිභාගො එකො අදුතියො මුත්තබන්ධනො සම්මා ලොකෙ චරති විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙතීති එකො චරෙ ඛග්ගවිසාණකප්පො. තෙනාහු පච්චෙකසම්බුද්ධා –
ඛග්ගවිසාණකප්පො යනු යම්සේ කඩුවක් වැනි අඟක් ඇත්තේ එකම අර්ථය වෙයි. දෙවැන්නක් නැත. ඒ සේ බුදුරද එය කැපය එය සමානය ඒහා ගැලපේය. ලුණු කැපබවට අතිලෝණ යයි කියනු ලැබේ. තෙත අමු දේ කැපය යනු අතිත්තං යනු කියනු ලැබේ. මධු කප්පො යනු ඉතා මධුර යයි කියනු ලැබේ. අග්ගිකප්පො යනු ඉතා උෂ්ණ යයි කියනු ලැබේ. හිම කප්ප යනු ඉතා ශීතල බව කියනු ලැබේ. සමුද්දකප්ප යනු මහා ජලකඳ කියනු ලැබේ. මහත් බලයට පැමිණි ශ්රාවකයා කියනු ලැබේ. සත්ථුකප්පො එපරිදි ඒ පසේ බුදුරද කඟවේනා හා සමානය. කඟවේනා හා සමානව දෙවෙනි නොවන බන්ධනයෙන් මිදී මැනවින් ලෝකයෙහි සැරිසරයි. වාසය කරයි. ඉරියව් පවත්වයි. යැපෙයි. අනුන්ව යැපීම කරවයි. හුදකලාව හැසිරෙන්නේ කඟවේනා හා සමානය. කැපය. එබැවින් පසේ බුදුවරු කියන ලදි –
“සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං; න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
“සියළු සතුන් කෙරෙහි දඬු බහාතබා ඔවුනොවුන්ට පීඩා නොකරන්නේ සහායට කිසි ලෙසකිනුත් පුත්‍ර දරුවන් නොකැමැති වන්නේ හුදකලාව කඟවේනා මෙන් හැසිරෙන්නේය.
“සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා, ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති; ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො; එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
එක්වීම සංසර්ගය තුළින් සෙනෙහස වෙත් ස්නේහත්වය මේ දුකට හේතුවේ ස්නේහයෙන් උපදින ආදිනවය බලමින් කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තො; එතං භයං සන්ථවෙ පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
අනුකම්පාව තුළින් සුහද බව මිතුරු බව ඇතිව කරුණු සහිත බැදුණු සිතින් විකාශය ඇතිවේ හටගන්නා මේ බිය අපේක්ෂා කරමින් කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“වංසො විසාලොව යථා විසත්තො, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා; වංසෙ කළීරොව අසජ්ජමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
පරපුර විශාල යම්සේ ඇලීම පැටලීම ඇතිවේ පුත්‍ර අඹු දරුවන් කෙරෙහි යම් බලාපොරොත්තුවක් විමෙන් උණ බටයක් මෙන් නොගැටෙන්නේ කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය; විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
මුවෝ සිවුපාවෝ වනයෙහි නොඇලී නොබැඳී සිටිත්ද යමෙක් නිතර ගොදුරු පිණිස යයිද, ප්‍රඥාවත් පුරුෂයා නිදහස අපේක්ෂා කරන්නේ කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“ආමන්තනා හොති සහායමජ්ඣෙ, වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය; අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
යහළුවන් මැද ආමන්ත්‍රණය කරයි වාසය කිරීමද, සිටීමද, ගමන් කිරීමද චාරිකාවද නොබිඳුණාව නිදහස අපේක්ෂා කරමින් කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ, පුත්තෙසු පෙමං විපුලඤ්ච හොති; පියවිප්පයොගං විජිගුච්ඡමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සහායකයන් මැද ක්‍රීඩාවේ ඇලේද පුතුන් කෙරෙහි විපුල ප්‍රේමයක් හටගනියි ප්‍රියයන් වෙන්වීම ඉතාම පිළිකුල් කරමින් කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සිවු දිශාවේම පටිඝ තරහවෙන් වෙන්වූයේ ඔවුනොවුන් සතුටු කරමින් අනතුරු උපද්‍රව දුරු කරමින් වාසය කිරීම කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, අථො ගහට්ඨා ඝරමාවසන්තා; අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඇතැම් පැවිද්දන්ට නරක ලෙස සංග්‍රහ කිරීමද, ගෘහස්ථ වූ ජනයා එසේ කරන්නේද අල්ප උත්සාහයක් ඇත්තා අනුන්ගේ පුතුන් කෙරෙහි වී කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො; ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ගිහි බන්ධන ඇසුර බහා තබා පරසතු රුකක් මෙන් හැලී යන්නේ වේද ගිහි බන්ධන මුලිනුපුටා දමා කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“සචෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං; අභිභුය්ය සබ්බානි පරිස්සයානි, චරෙය්ය තෙනත්තමනො සතීමා.
ඉදින් ප්‍රඥාවන්තයාගේ සහාය ලැබේද, යහපත් සාධුජනයන් සමග වාසය කරවු සියළු පිරිස් මැඩගෙන තමන් සිහිබුද්ධිය ඇත්තකු සේ හැසිරෙන්නේය.
“නො චෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං; රාජාව රට්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
ඉදින් ප්‍රඥාවන්ත සහාය නොලබවුද යහපත් සාධු ජනයා සමග වාසය නොකරයිද රාජ්‍යය හැරදැමූ රජතුමා මෙන් මාතංග නාගරාජයා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“අද්ධා පසංසාම සහායසම්පදං, සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා; එතෙ අලද්ධා අනවජ්ජභොජී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඒකාන්තයෙන් මිත්‍ර සම්පත ප්‍රශංසා කරමු ශ්‍රේෂ්ඨ වූ සමබර මිතුරෝ සේවනය කළ යුතුය. එසේ නොලැබ වැරදි දේ අනුගමනය කරන්නා හුදකලාව හැසිරෙන කඟවේනා මෙනි.
“දිස්වා සුවණ්ණස්ස පභස්සරානි, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි; සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
මනාසේ හැඳ පොරවන ලද ලෝකුරු පුතකු විසින් ස්වර්ණ-ප්‍රභාස්වර වර්ණ දැක දෑතින් ගැටෙන්නේ ලොව හුදකලාව හැසිරෙන කඟවේනා මෙන් වන්නේය.
“එවං දුතීයෙන සහා මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා; එතං භයං ආයතිං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
මෙසේ මට දෙවැන්නකු සහාය වීමෙන් වචනයෙහි ඇලුණේ විවිධ දේ කරන්නේ මේ බිය පැමිණේවි යන අපේක්ෂා ඇත්තේ කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන්ති චිත්තං; ආදීනවං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
විචිත්‍ර මධුර මනෝහර වූ කාමයෝ විරූපාකාරයෙන් සිත පෙළත් කාම ගුණවල ආදීනව දැක කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රොගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ගඩු උපද්‍රව, විපත් රෝග හුල් මේ බියද යන මේවා කාම වස්තුවල පිහිටි මේ බිය සිඳ දමා කඟවේනෙකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ ච; සබ්බානිපෙතානි අභිබ්භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ශීතල උෂ්ණය සා පිපාසා සුළං අව්ව මැසි මදුරු උවදුර මේ සියළු උවදුරු මැනවින් දැන කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“නාගොව යූථානි විවජ්ජයිත්වා, සඤ්ජාතඛන්ධො පදුමී උළාරො; යථාභිරන්තං විහරං අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
රැළ අතහරින හස්ති රාජයා මෙන් උදාර වූ හටගත් පංචස්කන්ධය කැමැති පරිදි අරණ්‍යයේ වාසය කරමින් කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං; ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
අයෝග්‍ය තැන ඒකරාශී වීමද සාමයික විමුක්තියට බාධා වන්නේය ආදිච්ච බන්ධු වූ බුදුරදුන්ගේ වචන පිළිගෙන කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“දිට්ඨීවිසූකානි උපාතිවත්තො, පත්තො නියාමං පටිලද්ධමග්ගො; උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
විකාර දර්ශන ආදියෙන් වලකින්නේ ලබන ලද නිවැරදි මගට පැමිණ, උපන්නා වූ ඤාණය නොදන්නා ලද්දේ කඟවේනා මෙන් හුදකලාව සැරිසරන්නේය.
“නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො, නිම්මක්ඛ නිද්ධන්තකසාවමොහො; නිරාසයො සබ්බලොකෙ භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ලොල් නොවූ, කුහක නොවූ පිපාසා නැති මැස්සන් රහිත රත්කොට පිරිසිදු කළ මෙන් සියළු ලොව ආකාර හිතවී කඟවේනා මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං; සයං න සෙවෙ පසුතං පමත්තං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
අනර්ථය දකින විෂම වූ පිරිසිදු නොවූ පාප සහාය දුරුකළ යුතුය තෙමේ බහුල වශයෙන් ප්‍රමාද වන්නා සේවනය නොකරන්නේය හුදකලාව හැසිරෙන කඟවේනා මෙනි.
“බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං; අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
බහුශ්‍රැත වූ ධර්මධරයන් භජනය කරවු! ප්‍රතිභාසම්පන්න උදාර මිතුරන් ඇසුරු කරවු සැකය දුරුකොට අර්ථය දැනගෙන හුදකලාව හැසිරෙන කඟවේනකු මෙන් වන්නේය.
“ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ, අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො; විභූසට්ඨානා විරතො සච්චවාදී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ලොව කාම සැපතෙහි ඇල්ම දුරුකොට අලංකාර නොවී අපේක්ෂා රහිතව සිටින්නා විභූෂණ ආදියෙන් වැලකෙන සත්‍යවාදියා හුදකලාව හැසිරෙන කඟවේනකු මෙනි.
“පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං, ධනානි ධඤ්ඤානි ච බන්ධවානි; හිත්වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
අඹුදරුවන්ද, මව්පියෝද ධන ධාන්‍ය නෑදෑයෝද කැමති පරිදි අතහැර දමා කඟවේනකු සේ හුදකලාව හැසිරෙන්නේය.
“සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්යං, අප්පස්සාදො දුක්ඛමෙවෙත්ථ භිය්යො; ගළො එසො ඉති ඤත්වා මතිමා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඒකරාශී වූ මෙතම අල්ප වූ සෞඛ්‍යය අප්රසාදයද මෙහිලා බොහෝ දුකට හේතු වන්නේය මේ ප්‍රඥාවන්තයා මෙය හොඳින් දන්නේය හුදකලාව හැසිරෙන කඟවේනකු මෙන් වන්නේය.
“සන්දාලයිත්වාන සංයොජනානි, ජාලංව භෙත්වා සලිලම්බුචාරී; අග්ගීව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සිහිල් දියදහරා එකට කලවම්කොට මිශ්‍රකොට දැල්වෙන ගින්න නිවනු ලබන්නේය එපරිදි කඟවේනකු සේ හුදකලාව හැසිරෙන්නේය.
“ඔක්ඛිත්තචක්ඛූ න ච පාදලොලො, ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො; අනවස්සුතො අපරිඩය්හමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඇවිදීමට ලොල්වූ අය පහතට හෙළන ලද ඇස් ඇත්තේ නොවන්නේය රක්නාලද ඉඳුරන් ඇත්තේ රක්නාලද මනසක් ඇත්තේය. නොරක්නා ලද සිත දවාලනු ලබන්නේ, හුදකලාව හැසිරෙන කඟවේනකු සේ වන්නේය
“ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡන්නපත්තො යථා පාරිඡත්තො; කාසායවත්ථො අභිනික්ඛමිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ගිහි බන්ධන බහා තබා, පරසතු මලින් ගැවසී ගත්තෙකු මෙන් කෂාය වස්ත්‍ර ඇතිව නික්ම ගොස් හුදකලා වූ කඟවේනකු මෙන් හැසිරෙන්නේය.
“රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ්ඤපොසී සපදානචාරී; කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
රසයෙහි ගිජුවීම නොකළ යුතු ලොල් නොවී අනුපිළිවෙළින් යන්නී අනුන් විසින් පෝෂණය නොකරන්නී, කුල ගෙයක් පාසා නොඇලුණු සිත් ඇත්තේ, කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“පහාය පඤ්චාවරණානි චෙතසො, උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙ; අනිස්සිතො ඡෙජ්ජ සිනෙහදොසං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සිතින් පඤ්ච නීවරණයන් හැරදමා සියළු උපක්ලේශ ධර්මයන් දුරුකොට නොඇලී සෙනහස් දෝෂ සිඳ දමා කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“විපිට්ඨිකත්වාන සුඛඤ්ච දුක්ඛං, පුබ්බෙව සොමනස්සදොමනස්සං; ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සැපද දුකද කනපිට හරවා පෙරවූ සොම්නස් දොම්නස් පෙරටුව ඉවත ලබන ලද්දේ උපේක්ෂාවෙන් බලා පිරිසිදුව සමථයෙන් යුත්තේ කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“ආරද්ධවීරියො පරමත්ථපත්තියා, අලීනචිත්තො අකුසීතවුත්ති; දළ්හනික්කමො ථාමබලූපපන්නො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
පටන් ගත් වීර්ය ඇත්තේ පරමාර්ථයේ පිහිටා කුසීත නොවූ පැවතුමද, නොඇලෙන සිත් ඇති බවද දැඩි වීර්යයෙන් යුක්ත වූයේ දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“පටිසල්ලානං ඣානමරිඤ්චමානො, ධම්මෙසු නිච්චං අනුධම්මචාරී; ආදීනවං සම්මසිතා භවෙසු, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ධ්‍යානයේ ඇලෙන්නේ මානය දුරලන්නේය නිතර ධර්මයේ පිහිටියේ ධර්මානුකූලව හැසිරෙන්නේය. භවයේ ආදීනව විමසා බලා කඟවේනකු සේ හුදකලාව හැසිරෙන්නේය.
“තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො, අනෙළමූගො සුතවා සතීමා; සඞ්ඛාතධම්මො නියතො පධානවා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
තෘෂ්ණාව දුරුකොට අප්‍රමාදිව නිවන පතන, ශ්‍රැතවත් සිහිබුද්ධිය ඇතිව මුළාවට පත් නොවී, සංඛත ධර්මයන් මැනවින් අවබෝධ කොටගෙන කඟවේනකු මෙන් හුදකලාව හැසිරෙන්නේය.
“සීහොව සද්දෙසු අසන්තසන්තො, වාතොව ජාලම්හි අසජ්ජමානො; පදුමංව තොයෙන අලිම්පමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ශබ්දයන් නොඉවසන සිංහයකු මෙන් දැලෙහි නොපැටලෙන වාතය මෙන් ජලය නොඇලෙන පියුම් පත මෙන් හුදකලාව හැසිරෙන්නේය - කඟවේනකු මෙන්.
“සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්ය චාරී; සෙවෙථ පන්තානි සෙනාසනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සිංහයා දත් බලය කොටගෙන රැකෙන්නේය රජ සිවුපාවුන් මුල්කොට හැසිරෙන්නේය නිශ්ශබ්ද සෙනසුන් ඇසුරු කරවු තොප හුදකලාව හැසිරෙන කඟවේනකු සේ.
“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ; සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
මෛත්‍රිය, උපේක්ෂාව, කරුණාව, විමුක්තිය මුදිතාවද සුදුසු කාලයේ සේවනය කරන්නේද සියළු ලෝ වැසියන් විරුද්ධ නොවී පවත්නේය හුදකලාව හැසිරෙන කඟවේනකු මෙනි.
“රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි; අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
රාගයද, ද්වේෂයද, මෝහයද හැරදමා සංයෝජන ධර්මයන්ද කඩා බිඳ දමා ජීවිත සංකාව දුරුකර ගන්නා හුදකලාව හැසිරෙන කඟවේනකු වැනි.
“භජන්ති සෙවන්ති ච කාරණත්ථා, නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා; අත්තත්ථපඤ්ඤා අසුචීමනුස්සා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
යහපත පිණිස මිත්‍රයන් භජනය කරති. සේවනය කරති නිකරුණේ මිතුරන් ඇසුර දුර්ලභය අපිරිසිදු මනුෂ්‍යයෝ ප්‍රඥාවෙන් හසුනොවෙත් හුදකලාව හැසිරෙන කඟවේනා මෙනි”
තත්ථ සබ්බෙසු භූතෙසූති ඛග්ගවිසාණපච්චෙකබුද්ධාපදානසුත්තං. කා උප්පත්ති? සබ්බසුත්තානං චතුබ්බිධා උප්පත්ති – අත්තජ්ඣාසයතො, පරජ්ඣාසයතො, අට්ඨුප්පත්තිතො, පුච්ඡාවසිතොති. තත්ථ ඛග්ගවිසාණසුත්තස්ස අවිසෙසෙන පුච්ඡාවසිතො උප්පත්ති. විසෙසෙන පන යස්මා එත්ථ කාචි ගාථා තෙන තෙන පච්චෙකබුද්ධෙන පුට්ඨෙන වුත්තා, කාචි අපුට්ඨෙන අත්තනා අධිගතමග්ගනයානුරූපං උදානංයෙව උදානෙන්තෙන, තස්මා කායචි ගාථාය පුච්ඡාවසිතො, කායචි අත්තජ්ඣාසයතො උප්පත්ති. තත්ථ යා අයං අවිසෙසෙන පුච්ඡාවසිතො උප්පත්ති, සා ආදිතො පභුති එවං වෙදිතබ්බා –
එහි පබ්බෙසු භූතෙසු යනු කඟවේනා බඳු පසේ බුදුවරු අපදාන සූත්‍රයයි කවර උපතක්ද? සියළු සූත්‍රයන්ගේ චතුර්විධ උපතක් කියත්. තමන්ගේ අදහසට අනුකූල වීම, අනුන්ගේ අදහසට අනුකූල වීම. උන් කරුණක් නිසා ප්‍රශ්නයක් විමසා පිළිතුරු තෙමේම සැපයීම වශයෙනි. එහි ඛග්ගවිසාණ සූත්‍රයෙහි අවශේෂ වශයෙන් පුච්ඡාවසික ප්‍රශ්නයක් නගා පිළිතුරු දීම කරුණු විශේෂයෙන් යම්හෙයකින්, මෙහි කිසියම් කිසියම් ගාථා වෙත්ද, ඒ ඒ පසේබුදු විසින් විමසන ලදුව කියන ලදී. කිසිවක් නොවිචාරණ ලද්දේද තමන්ගේ චරිතයට හා අදහස්වලට අනුරූප වූ උදානයක්මය. උදානයක් බැවින් කිසියම් ගාථාවකින් ප්‍රශ්න විමසන ලදුව කිසිවකු තමන්ගේ අදහස් වශයෙන් පහළවීම එහිදී මේ අවිශේෂ වශයෙන් ප්‍රශ්න විමසීමේ උපතයි. එය මුල පටන් මෙසේ දතයුතුය.
එකං සමයං භගවා සාවත්ථියං විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි – “බුද්ධානං පත්ථනා ච අභිනීහාරො ච දිස්සති, තථා සාවකානං, පච්චෙකබුද්ධානං න දිස්සති, යංනූනාහං භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡෙය්ය”න්ති? සො පටිසල්ලානා වුට්ඨිතො භගවන්තං උපසඞ්කමිත්වා යථාක්කමෙන එතමත්ථං පුච්ඡි. අථස්ස භගවා පුබ්බයොගාවචරසුත්තං අභාසි –
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තනිව වාසය කරනවිට මෙසේ චේතනාවක් පරිවිතර්කයක් පහළවිය. බුදුවරුන්ගේ ප්‍රාර්ථනාද, බෝසත්දම් පිරීමද පෙනේ යනුවෙනි. එසේ ශ්රාවකයන්ටද, පසේබුදුවරුන්ටද නොපෙනෙන්නේය. යම්හෙයකින් මට බුදුරදුන් වෙත එළඹ විචාරන්නෙමි. උන්වහන්සේ සමවත් සුවයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ක්‍රමයෙන් මේ කරුණ විචාළහ. උන්වහන්සේට බුදුරදුන් පෙර යෝගාවචර සූත්‍රයක් දේශනා කළ සේක.
“පඤ්චිමෙ, ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්චෙව අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්චෙව අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති. අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති. අථ පච්ඡිමෙ කාලෙ පච්චෙකසම්බුද්ධො හොතී”ති.
“මෙලොව පල දෙන ධර්මයන් අවබෝධ කරගැනීමෙන් පූර්ව යෝගාවචරයෙකුට ලැබෙන ආනිශංස පහකි. අඤ්ඤං අන්‍යයන් සතුටු කරවයි. නොඑසේ නම් සන්දෘෂ්ටික ධර්ම අවබෝධයෙන් සිත අන්‍යයන් සතුටු කරවයි. ඉක්බිති මරණ කාලයේ අන්‍යයන් සතුටු කරයි. අනතුරුව දේවපුත්‍රයකු සමානව අන්‍යයන් සතුටු කරවයි. අනතුරුව බුදුවරයකුගේ හමුවීමේදි වහාම අභිඥාලාභී වෙයි. තවත් පශ්චිම ආත්ම භාවයේදි පසේ බුදුවරයෙකු වෙයි යනුවෙන් වදාරා,
එවං වත්වා පුන ආහ –
නැවත මෙසේ කීහ –
“පච්චෙකසම්බුද්ධා නාම, ආනන්ද, අභිනීහාරසම්පන්නා පුබ්බයොගාවචරා හොන්ති, තස්මා පච්චෙකබුද්ධබුද්ධසාවකානං සබ්බෙසං පත්ථනා ච අභිනීහාරො ච ඉච්ඡිතබ්බො”ති.
ආනන්දය, පසේ බුදුවරුනම් බෝසත් ප්‍රාර්ථනා ගුණවලින් යුක්තය. පූර්ව යෝගාවචරයෝ වෙති. එහෙයින් බුදු, පසේබුදු ශ්‍රාවක සියල්ලන්ගේ ප්‍රාර්ථනාව අභිනිහාර බුදුබව පැතීම බව කැමතිවිය යුතුය.
සො ආහ – “බුද්ධානං, භන්තෙ, පත්ථනා කීව චිරං වට්ටතී”ති. බුද්ධානං, ආනන්ද, හෙට්ඨිමපරිච්ඡෙදෙන චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච, මජ්ඣිමපරිච්ඡෙදෙන අට්ඨ අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච, උපරිමපරිච්ඡෙදෙන සොළස අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච. එතෙ ච භෙදා පඤ්ඤාධිකසද්ධාධිකවීරියාධිකානං වසෙන ඤාතබ්බා. පඤ්ඤාධිකානඤ්හි සද්ධා මන්දා හොති, පඤ්ඤා තික්ඛා. සද්ධාධිකානං පඤ්ඤා මජ්ඣිමා හොති, සද්ධා තික්ඛා. වීරියාධිකානං සද්ධා පඤ්ඤා මන්දා හොති, වීරියං තික්ඛන්ති. අප්පත්වා පන චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච දිවසෙ දිවසෙ වෙස්සන්තරදානසදිසං දානං දෙන්තොපි තදනුරූපෙ සීලාදිපාරමිධම්මෙ ආචිනන්තොපි අන්තරා බුද්ධො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. කස්මා? ඤාණං ගබ්භං න ගණ්හාති, වෙපුල්ලං නාපජ්ජති, පරිපාකං න ගච්ඡතීති. යථා නාම තිමාසචතුමාසපඤ්චමාසච්චයෙන නිප්ඵජ්ජනකං සස්සං තං තං කාලං අප්පත්වා දිවසෙ දිවසෙ සතක්ඛත්තුං සහස්සක්ඛත්තුං කෙළායන්තොපි උදකෙන සිඤ්චන්තොපි අන්තරා පක්ඛෙන වා මාසෙන වා නිප්ඵාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති. කස්මා? සස්සං ගබ්භං න ගණ්හාති, වෙපුල්ලං නාපජ්ජති, පරිපාකං න ගච්ඡතීති. එවමෙවං අප්පත්වා චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච අන්තරා බුද්ධො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. තස්මා යථාවුත්තමෙව කාලං පාරමිපූරණං කාතබ්බං ඤාණපරිපාකත්ථාය. එත්තකෙනාපි ච කාලෙන බුද්ධත්තං පත්ථයතො අභිනීහාරකරණෙ අට්ඨ සම්පත්තියො ඉච්ඡිතබ්බා. අයඤ්හි –
උන්වහන්සේ කීහ – ස්වාමීනි; බුදුවරුන්ගේ ප්‍රාර්ථනාවෝ කොපමණ වටීද? ආනන්දය; බුදුවරුන්ගේ පහළට අදහසක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද, මධ්‍යම ප්‍රමාණයේ අදහසක් අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද, උපරිම උසස්ම පරිච්ඡේදනයක් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද මේ භේදය වෙනස්විය. ප්‍රඥාවෙන් අධික, ශ්‍රද්ධාවෙන් අධික, වීර්යයෙන් අධික වූවන්ට වශයෙන් දතයුතුය. ප්‍රඥාව අධික අයගේ ශ්‍රද්ධාව හීන වේ. ප්‍රඥාව ඉක්මවා ශ්‍රද්ධාව අධික වූවන්ගේ ප්‍රඥාව මධ්‍යම ප්‍රමාණ වේ. ශ්‍රද්ධාව ඉක්මවා වීර්ය අධික වූවන්ගේ ප්‍රඥාව අඩුවෙයි. වීර්යය ඉක්මවා නොපැමිණ සාරාසංඛ කල්ප ලක්ෂයක්ද දවසක් පාසා වෙස්සන්තර දාන සමාන දන් දෙන්නේ නමුත් ඒ හා බැඳුණු රූපය, සීල ආදී සියළු පාරමී ධර්මයන් පුරුදු කරන්නේ අතර බුදුවන්නේය යනු මෙබඳු තැනක් විද්‍යමාන නොවේ. කවර හෙයින්ද? ඤාණය ගැබට නොයයි. විපුල බව නොපත්වේ. පැසවීමට නොයයි. යම්සේ තුන්මාසයක්, සාර මාසයක්, පස්මසක්ද ඇවෑමෙන් නිදවන ශස්‍ය භෝග, ඒ ඒ කාලයට නොපැමිණ දවස් පතා සියක් වරක්, දහස් වරක් ගිජුවන්නේද, ජලය ඉසින්නේද, අතුරු පක්ෂයෙන් (මාසපෝයකින්) මාසයකින් හෝ නිපදවන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. කවර හෙයින්ද? ශස්යභෝග ගැබ් (කිරි) නොගනියි. විපුල බවට පත් නොවේ. පැසවීමට නොයයි. මෙපරිදි නොපැමිණ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත බුදුවන්නේ යයි යන මේ කාරණය විද්‍යමාන නොවේ. එහෙයින් කියන ලද පරිදිම සුදුසු කල පාරමී පිරීම කළයුතුය. ඤාණය පිරිපුන් වීම වැඩීම පිණිස, මෙපමණ කලකින් බුදුබව ප්‍රාර්ථනා කරන්නේ බෝසත් දම් පිරීමට සමාපත්ති අටම කැමැතිවිය යුතුයි. මෙය වනාහි –
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣති”. (බු· වං· 2.59);
“මිනිසත් බවද, ලිංග සම්පත්තියද, ශාස්තෘවරයකු දැකීමේ වාසනාවද, පැවිදි වීමේ ගුණ මහිමයද බුදුවීමට කැමැත්තද යන අෂ්ට සමෝධාන (සමාදන් විය යුතු) අභිනිහාර ධර්ම සඵල වන්නේය.”
අභිනීහාරොති මූලපණිධානස්සෙතං අධිවචනං. තත්ථ මනුස්සත්තන්ති මනුස්සජාති. අඤ්ඤත්ර හි මනුස්සජාතියා අවසෙසජාතීසු දෙවජාතියම්පි ඨිතස්ස පණිධි න ඉජ්ඣති, තත්ථ ඨිතෙන පන බුද්ධත්තං පත්ථයන්තෙන දානාදීනි පුඤ්ඤකම්මානි කත්වා මනුස්සත්තංයෙව පත්ථෙතබ්බං, තත්ථ ඨත්වා පණිධි කාතබ්බො. එවඤ්හි සමිජ්ඣති. ලිඞ්ගසම්පත්තීති පුරිසභාවො. මාතුගාමනපුංසකඋභතොබ්යඤ්ජනකානඤ්හි මනුස්සජාතියං ඨිතානම්පි පණිධි න ඉජ්ඣති. තත්ථ ඨිතෙන පන බුද්ධත්තං පත්ථෙන්තෙන දානාදීනි පුඤ්ඤකම්මානි කත්වා පුරිසභාවොයෙව පත්ථෙතබ්බො, තත්ථ ඨත්වා පණිධි කාතබ්බො. එවඤ්හි සමිජ්ඣති. හෙතූති අරහත්තස්ස උපනිස්සයසම්පත්ති. යො හි තස්මිං අත්තභාවෙ වායමන්තො අරහත්තං පාපුණිතුං සමත්ථො, තස්ස පණිධි සමිජ්ඣති, නො ඉතරස්ස යථා සුමෙධපණ්ඩිතස්ස. සො හි දීපඞ්කරපාදමූලෙ පබ්බජිත්වා තෙනත්තභාවෙන අරහත්තං පාපුණිතුං සමත්ථො අහොසි. සත්ථාරදස්සනන්ති බුද්ධානං සම්මුඛාදස්සනං. එවඤ්හි ඉජ්ඣති, නො අඤ්ඤථා යථා සුමෙධපණ්ඩිතස්ස. සො හි දීපඞ්කරං සම්මුඛා දිස්වා පණිධිං අකාසි. පබ්බජ්ජාති අනගාරියභාවො. සො ච ඛො සාසනෙ වා කම්මවාදිකිරියවාදිතාපසපරිබ්බාජකනිකායෙ වා වට්ටති යථා සුමෙධපණ්ඩිතස්ස. සො හි සුමෙධො නාම තාපසො හුත්වා පණිධිං අකාසි. ගුණසම්පත්තීති ඣානාදිගුණපටිලාභො . පබ්බජිතස්සපි හි ගුණසම්පන්නස්සෙව ඉජ්ඣති, නො ඉතරස්ස යථා සුමෙධපණ්ඩිතස්ස. සො හි පඤ්චාභිඤ්ඤො ච අට්ඨසමාපත්තිලාභී ච හුත්වා පණිධෙසි. අධිකාරොති අධිකකාරො, පරිච්චාගොති අත්ථො. ජීවිතාදිපරිච්චාගඤ්හි කත්වා පණිදහතොයෙව ඉජ්ඣති, නො ඉතරස්ස යථා සුමෙධපණ්ඩිතස්ස. සො හි –
අභීනීහාරො යනු, මූලික ශ්‍රේෂ්ඨ කරුණු යන මෙයට විශේෂ වචනයකි. එහි මනුස්සත්තං යනු මනුෂ්‍ය ජාතියයි. මනුෂ්‍ය ජාතිය හැර අවශේෂ ජාතිවලද, දේව ආත්මයේ සිටියහු හටද අභිලාෂය සමෘද්ධ නොවේ. මෙහි සිටියහු විසින් බුදුබව ප්‍රාර්ථනා කරන්නාහු විසින් දාන ආදි පින්කම්කොට මිනිසත් බවම ප්‍රාර්ථනා කළ යුතුය. එහි සිට අභිලාෂය කළ යුතුය. මෙසේ සමෘද්ධ වේ. ලිංග සම්පත්ති යනු පුරුෂ බවයි. පිරිමි කමයි. ස්ත්‍රීන්ටද, නපුංසක උභතො ව්යඤ්ජනිකයන්ටද මනුෂ්‍ය ජාතියේ සිටින්නේ නමුත් ප්‍රාර්ථනාව සඵල නොවේ. එහි සිටින්නවුන් බුදුබව ප්‍රාර්ථනා කරන්නේ නම් දානාදි පින්කම් කොට පුරුෂ බවම ප්‍රාර්ථනා කළ යුතුය. එහි සිට අභිලාෂය කළ යුතුය. මෙසේ සමෘද්ධ වේ. හේතු යනු අරහත් උතුමකුගේ සම්පත් ඇසුරු කිරීම යමෙක් ඒ ආත්මභාවයේ උත්සාහ කරමින් රහත් බවට පත්වීමට හැකි වේද? ඔහුගේ පණිධිය අභිලාෂය සමෘද්ධ වේ. අනෙක් අයට නොවේ. සුමේධ පණ්ඩිතයාට මෙනි. ඔහු දීපංකර පාමුල පැවිදිව ඒ ආත්ම භාවයෙන් රහත් බවට පැමිණීමට සමර්ථ විය. සත්ථාර දස්සනං යනු බුදුවරුන්ගේ සම්මුඛ දර්ශනයයි. එසේ සඵල වේ. නැතිනම් අන්පරිදි නොවේ. සුමේධ පණ්ඩිතයාට මෙනි. හෙතම දීපංකර බුදුරදුන් ඉදිරියේ දැක ප්‍රාර්ථනාව කෙළේය. පබ්බජ්ජා යනු අනගාරික ස්වභාවයයි. හෙතමද ශාසනයේ හෝ කර්මවාදියකු, ක්රියාවාදියෙකු, තාපසයකු, පරිබ්‍රාජික නිකායක නිරතවීම වටීය. සුමේධ පණ්ඩිතයාට මෙනි. ඔහු තාපසයකු වී ප්‍රාර්ථනාව කළේය. ගුණ සම්පත්ති යනු ධ්‍යාන ආදි ගුණ ප්‍රතිලාභයයි. පැවිද්දාටද ගුණ සම්පත්තියෙහි පිහිටීම කැමැතිවිය යුතුය. එසේ නොවේ නම් යහපත් නොවේ. සුමේධ පණ්ඩිතයා මෙනි. හෙතම පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභියෙකු වී බුදුවීමේ අභිලාෂය පැතිය. අධිකාරො යනු ආත්ම පරිත්‍යාගයයි. ජීවිත පරිත්‍යාගය කොට හෝ තම අභිලාෂය කැමැති වෙයි. සෙසු අයට එසේ නොවේ. සුමේධ පණ්ඩිතයා මෙනි. ඔහු වනාහි –
“අක්කමිත්වාන මං බුද්ධො, සහ සිස්සෙහි ගච්ඡතු; මා නං කලලෙ අක්කමිත්ථ, හිතාය මෙ භවිස්සතී”ති. (බු· වං· 2.53);
“බුදුරද, සිසුන් සමග මා මැඩගෙන වඩීවා මඩ මත්තෙහි මා නොතැරවන්නේ නම් මට හිත පිණිස පවතින්නේය.”
එවං අත්තපරිච්චාගං කත්වා පණිධෙසි. ඡන්දතාති කත්තුකම්‍යතා. සා යස්ස බලවතී හොති, තස්ස ඉජ්ඣති පණිධි. සා ච සචෙ කොචි වදෙය්ය “කො චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච නිරයෙ පච්චිත්වා බුද්ධත්තං ඉච්ඡතී”ති. තං සුත්වා යො “අහ”න්ති වත්තුං උස්සහති, තස්ස බලවතීති වෙදිතබ්බා. තථා යදි කොචි වදෙය්ය “කො සකලචක්කවාළං වීතච්චිකානං අඞ්ගාරානං පූරං අක්කමිත්වා බුද්ධත්තං ඉච්ඡති, කො සකලචක්කවාළං සත්තිසූලෙහි ආකිණ්ණං අක්කමන්තො අතික්කමිත්වා බුද්ධත්තං ඉච්ඡති, කො සකලචක්කවාළං සමතිත්තිකං උදකපුණ්ණං උත්තරිත්වා බුද්ධත්තං ඉච්ඡති, කො සකලචක්කවාළං නිරන්තරං වෙළුගුම්බසඤ්ඡන්නං මද්දන්තො අතික්කමිත්වා බුද්ධත්තං ඉච්ඡතී”ති, තං සුත්වා යො “අහ”න්ති වත්තුං උස්සහති, තස්ස බලවතීති වෙදිතබ්බා. එවරූපෙන ච කත්තුකම්යතාඡන්දෙන සමන්නාගතො සුමෙධපණ්ඩිතො පණිධෙසීති.
මෙසේ ආත්ම පරිත්‍යාගය කොට ප්‍රාර්ථනා කළේය. ඡන්දතා යනු කරනු කැමැත්තයි. යමෙකුට කැමැත්ත බලවත් වේද, එය ඉෂ්ට වෙයි. කැමති වෙයි. එය ප්‍රණිධිය කොතෙක් වේද, කිසිවකු පවසන්නේද, කවරෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් නිරයේ පැස බුද්ධත්වය කැමැති වේද, ඒ අසා යමෙක් මද එසේ කීමට උත්සාහ කරයිද? එම අදහස බලවත් වේයයි දතයුතුය. එසේ ඉදින් යමෙක් කියන්නේද? සියළු සක්වල චිරි චිරි ගා පැසෙන අඟුරු පිරුණේ මැඩ බුදුබව කැමැති වෙයිද? කවරෙක් සියළු සක්වල සැතිත් උල්වලින් ගැවසී මැඩ බුදුබව කැමැති වෙයි. කවරෙක් මුළු සක්වල මට්ටමට ජලය පුරවා උතුරුවා බුදුබව කැමැති වේද? කවරෙක් මුළු චක්‍රාවාටය නිරන්තරයෙන් උණපඳුරුවලින් වසා දමමින් මඩිමින් ඉක්මවා බුදුබව කැමැති වේද? ඒ අසා යමෙක් ඒ ‘මම’ යයි කීමට උත්සාහ කරයිද? ඔහුගේ කැමැත්ත බලවත් යයි දතයුතුය. මෙබඳු ආකාරයෙන් කිරීමට කැමැත්තේ කැමැත්තෙන් සමන්විතව සුමේධ පණ්ඩිතයා බෝධි ප්‍රණිධිය කැමැත්ත පැතීය යනුවෙනි.
එවං සමිද්ධාභිනීහාරො ච බොධිසත්තො ඉමානි අට්ඨාරස අභබ්බට්ඨානානි න උපෙති. සො හි තතො පභුති න ජච්චන්ධො හොති න ජච්චපධිරො, න උම්මත්තකො, න එළමුගො, න පීඨසප්පි , න මිලක්ඛෙසු උප්පජ්ජති, න දාසියා කුච්ඡිම්හි නිබ්බත්තති, න නියතමිච්ඡාදිට්ඨිකො හොති, නාස්ස ලිඞ්ගං පරිවත්තති, න පඤ්චානන්තරියකම්මානි කරොති, න කුට්ඨී හොති, න තිරච්ඡානයොනියං වට්ටකතො පච්ඡිමත්තභාවො හත්ථිතො අධිකත්තභාවො හොති, න ඛුප්පිපාසිකනිජ්ඣාමතණ්හිකපෙතෙසු උප්පජ්ජති, න කාලකඤ්චිකාසුරෙසු, න අවීචිනිරයෙ, න ලොකන්තරිකෙසු උප්පජ්ජති. කාමාවචරෙසු පන න මාරො හොති, රූපාවචරෙසු න අසඤ්ඤීභවෙ, න සුද්ධාවාසෙසු උප්පජ්ජති, න අරූපභවෙසු, න අඤ්ඤං චක්කවාළං සඞ්කමති.
මෙසේ සමෘද්ධිමත් වූ අභිනීහාර වී ඇති බෝධිසත්ත්වයෝ මේ අටළොස් අභව්‍ය ස්ථානවල නූපදියි. ඔහු වනාහි එතැන් පටන් ජාති අන්ධයෙක් නොවෙයි. ජාති බධිරෙක් නොවේ. උම්මත්තකයෙක් නොවේ. ගොළුවෙක් නොවේ. ප්‍රේතයෙකු නොවේ. ම්ලේච්ඡයන් උපදින ප්‍රදේශයේ නූපදියි. දාසියකගේ කුසේ නූපදියි. නියත මිථ්‍යා දෘෂ්ටිකයෙක් නොවේ. ඔහුට ලිංග විපර්යාසයක් නොවේ. පංච ආනන්තරිය පාපකර්ම නොකරයි. කුෂ්ට ඇත්තකු නොවේ. පශ්චිම ආත්මභාවයේ තිරිසන්ගත යෝනියේ නූපදියි. එසේ වුවද ඇතකුට වඩා බලවත් වේ. සාපිපාසා වලින් පිරි නිජ්ඣාම තණ්හික ප්‍රේතලෝකයේ නූපදියි. කාලපේකා නම් අසුර නිකායේ නූපදියි. අවීචි නිරයේ නූපදියි. ලෝකන්තරික අපායේ නූපදියි. කාමාවචර ලෝකවලදී මාරයා නොවේ. රූපාවචර ලෝකවලදී අසඤ්ඤි භවයේ නූපදිති. සුද්ධාවාස බඹලොව නූපදියි. අරූප භවවල නූපදියි. අනෙක් චක්‍රාවාටයෙහි නොසැරිසරයි.
යා චිමා උස්සාහො ච උම්මඞ්ගො ච අවත්ථානඤ්ච හිතචරියා චාති චතස්සො බුද්ධභූමියො, තාහි සමන්නාගතො හොති. තත්ථ –
ඇවිදිය හැකි, වෑයම් කළහැකි, නොමගින් වැලකිය හැකි හිතචර්යාවේ යෙදිය හැකි සතර බුද්ධ භූමියෙහි සමන්විත වේ.
“උස්සාහො වීරියං වුත්තං, උම්මඞ්ගො පඤ්ඤා පවුච්චති; අවත්ථානං අධිට්ඨානං, හිතචරියා මෙත්තාභාවනා”ති. –
“උත්සාහය වීර්ය යයි කියනු ලැබේ. මාර්ගය ප්‍රඥාව යයි කියනු ලැබේ. මැඩගෙන යාම අධිෂ්ඨානයයි. හිත චරියාව මෛත්‍රිය වැඩීමයි”
වෙදිතබ්බා. යෙ ච ඉමෙ නෙක්ඛම්මජ්ඣාසයො, පවිවෙකජ්ඣාසයො, අලොභජ්ඣාසයො, අදොසජ්ඣාසයො, අමොහජ්ඣාසයො, නිස්සරණජ්ඣාසයොති ඡ අජ්ඣාසයා බොධිපරිපාකාය සංවත්තන්ති, යෙහි සමන්නාගතත්තා නෙක්ඛම්මජ්ඣාසයා ච බොධිසත්තා කාමෙසු දොසදස්සාවිනො, පවිවෙකජ්ඣාසයා ච බොධිසත්තා සඞ්ගණිකාය දොසදස්සාවිනො, අලොභජ්ඣාසයා ච බොධිසත්තා ලොභෙ දොසදස්සාවිනො, අදොසජ්ඣාසයා ච බොධිසත්තා දොසෙ දොසදස්සාවිනො, අමොහජ්ඣාසයා ච බොධිසත්තා මොහෙ දොසදස්සාවිනො, නිස්සරණජ්ඣාසයා ච බොධිසත්තා සබ්බභවෙසු දොසදස්සාවිනොති වුච්චන්ති, තෙහි ච සමන්නාගතො හොති.
යයි දතයුතුය. තවද මෙහි නෛෂ්ක්‍රම්‍යය අධ්‍යාශය තනිව සිටීමේ අධ්‍යාශය හෙවත් කැමැත්ත, අලෝභ අධ්‍යාශය අදෝෂ අධ්‍යාශය, අමෝහ අධ්‍යාශය, දුකින් මිදිමේ අධ්‍යාශය යයි අධ්‍යාශ හය බෝධිය මුහුකුරා යාම පිණිස ඉවහල් වෙති. යම්විටක නෙක්ඛම්ම අධ්‍යාශය සමන්විත වූ විට බෝධිසත්ත්වයෝ කාමයෙහි දොස් දක්නා සුළුය. පවිවේක හෙවත් හුදකලා වීමේ අධ්‍යාශය බෝධිසත්ත්වයන්ට රංචු ගැසීමේ හෝ සමූහ වශයෙන් ඒකරාශි වීමේ දොස් දක්නා සුළු වේ. අලෝභ අධ්යාශයේදී බෝධි සත්ත්වයෝ ලෝභයෙහි දොස් දක්නා සුළුය. අදෝස අධ්යාශයේදී බෝධිසත්ත්වයෝ ද්වේෂයේ දොස් දක්නා සුළුය. අමෝහ අධ්යාශයේදී බෝසත්හු මෝහයේ දොස් සොයයි. නිස්සරණාධ්යාශයේදී බෝධිසත්ත්වයෝ සියලු භවවල දොස් දක්නා සුළුය යයි කියනු ලැබෙත්. ඒවායෙන් සමන්විත වේ යනුයි.
පච්චෙකබුද්ධානං පන කීව චිරං පත්ථනා වට්ටතීති? පච්චෙකබුද්ධානං ද්වෙ අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච, තතො ඔරං න සක්කා, පුබ්බෙ වුත්තනයෙනෙවෙත්ථ කාරණං වෙදිතබ්බං. එත්තකෙනාපි ච කාලෙන පච්චෙකබුද්ධත්තං පත්ථයතො අභිනීහාරකරණෙ පඤ්ච සම්පත්තියො ඉච්ඡිතබ්බා. තෙසඤ්හි –
පසේ බුදුවරු නම් කොපමණ කලක් ප්‍රාර්ථනා කරනු වටීද? පසේ බුදුවරුන්ට දෙඅසංඛ්ය කල්ප ලක්ෂයක් තිස්සේ මෙතරට පැමිණීමට නොහැකිවන්නේ එයට කාරණාව කියන ලද අයුරින්ම දතයුතුය. මෙපමණ තරම්වත් කාලයක් පසේ බුදුබව සඳහා ප්‍රාර්ථනා කරන්නහුගේ බුදුබවට හේතුකාරණා සම්පත් පහක් බව කැමැති විය යුතුය.
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, විගතාසවදස්සනං; අධිකාරො ච ඡන්දතා, එතෙ අභිනීහාරකාරණා”.
“මනුෂ්‍යත්වය, ලිංග සම්පත්තිය, ආශ්‍රව පහකිරීමේ කැමැත්ත, අධිකාර පසේ බුදුවීමේ කැමැත්ත යන මේවා අභිනීහාර කාරණා වේ.”
තත්ථ විගතාසවදස්සනන්ති බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං යස්ස කස්සචි දස්සනන්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
එහි විගතාසවදස්සනං යනු බුදු පසේ බුදු ශ්‍රාවකයන්ගේ යම්කිසි දර්ශනයක් ඇත යන අර්ථයයි. සෙසු කරුණු ඉහත කියන ලද පරිදිම වේ.
අථ “සාවකානං පත්ථනා කිත්තකං වට්ටතී”ති? ද්වින්නං අග්ගසාවකානං එකං අසඞ්ඛ්යෙය්යං කප්පසතසහස්සඤ්ච, අසීතිමහාසාවකානං කප්පසතසහස්සමෙව. තථා බුද්ධස්ස මාතාපිතූනං උපට්ඨාකස්ස පුත්තස්ස චාති, තතො ඔරං න සක්කා, තත්ථ කාරණං වුත්තනයමෙව. ඉමෙසං පන සබ්බෙසම්පි අධිකාරො ච ඡන්දතාති ද්වඞ්ගසමන්නාගතොයෙව අභිනීහාරො හොති.
තවද ශ්‍රාවකයන්ගේ ප්‍රාර්ථනා කොතෙක් වටීද? අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාට එක් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකි. අසූමහා ශ්‍රාවකයන්ට කල්ප ලක්ෂයකි. එසේම බුදුරදුන්ගේ මව්පියන්ම, උපස්ථායකයාට පුත්‍රයාට අනතුරුව මෙතරවිය නොහැකිය. එහි කරුණු කියන ලද පරිදිම වේ. මේ සියළු දෙනාගේම අභිලාෂය කැමැත්ත යයි, අංග දෙකකින් සමන්විත වේමය. බුදුබව පැතීම වෙයි.
එවං ඉමාය පත්ථනාය ඉමිනා ච අභිනීහාරෙන යථාවුත්තප්පභෙදං කාලං පාරමියො පූරෙත්වා බුද්ධා ලොකෙ උප්පජ්ජන්තා ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා උප්පජ්ජන්ති, පච්චෙකබුද්ධා ඛත්තියබ්රාහ්මණගහපතිකුලානං අඤ්ඤතරස්මිං, අග්ගසාවකා පන බුද්ධා විය ඛත්තියබ්රාහ්මණකුලෙස්වෙව. සබ්බබුද්ධා සංවට්ටමානෙ කප්පෙ න උප්පජ්ජන්ති, විවට්ටමානෙ කප්පෙ උප්පජ්ජන්ති, තථා පච්චෙකබුද්ධා. තෙ පන බුද්ධානං උප්පජ්ජනකාලෙ න උප්පජ්ජන්ති. බුද්ධා සයඤ්ච බුජ්ඣන්ති, පරෙ ච බොධෙන්ති. පච්චෙකබුද්ධා සයමෙව බුජ්ඣන්ති, න පරෙ බොධෙන්ති. අත්ථරසමෙව පටිවිජ්ඣන්ති, න ධම්මරසං. න හි තෙ ලොකුත්තරධම්මං පඤ්ඤත්තිං ආරොපෙත්වා දෙසෙතුං සක්කොන්ති, මූගෙන දිට්ඨසුපිනො විය වනචරකෙන නගරෙ සායිතබ්යඤ්ජනරසො විය ච නෙසං ධම්මාභිසමයො හොති. සබ්බං ඉද්ධිසමාපත්තිපටිසම්භිදාපභෙදං පාපුණන්ති. ගුණවිසිට්ඨතාය බුද්ධානං හෙට්ඨා සාවකානං උපරි හොන්ති, න අඤ්ඤෙ පබ්බාජෙත්වා ආභිසමාචාරිකං සික්ඛාපෙන්ති, “චිත්තසල්ලෙඛො කාතබ්බො, වොසානං නාපජ්ජිතබ්බ”න්ති ඉමිනා උද්දෙසෙන උපොසථං කරොන්ති, අජ්ජ උපොසථොති වචනමත්තෙන වා, උපොසථං කරොන්තා ච ගන්ධමාදනෙ මඤ්ජූසකරුක්ඛමූලෙ රතනමාළෙ සන්නිපතිත්වා කරොන්තීති. එවං භගවා ආයස්මතො ආනන්දස්ස පච්චෙකබුද්ධානං සබ්බාකාරපරිපූරං පත්ථනඤ්ච අභිනීහාරඤ්ච කථෙත්වා ඉදානි ඉමාය පත්ථනාය ඉමිනා ච අභිනීහාරෙන සමුදාගතෙ තෙ තෙ පච්චෙකබුද්ධෙ කථෙතුං “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩ”න්තිආදිනා නයෙන ඉමං ඛග්ගවිසාණසුත්තං අභාසි. අයං තාව අවිසෙසෙන පුච්ඡාවසිතො ඛග්ගවිසාණසුත්තස්ස උප්පත්ති.
මෙසේ මේ ප්රාර්ථනාවද, මේ අභිනිහාරයෙන් යම්සේ කියන ලද කාල පරාසය තුළ පාරමීදම් පුරා ලොව බුදුවරු උපදින බැවින් ක්ෂත්රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ උපදිති. පසේ බුදුවරු ක්ෂත්රිය බ්‍රාහ්මණ ගෘහපති කුලයන්ගේ වෙනත් අග්‍ර ශ්‍රාවකයෝ වනාහි බුදුවරු මෙන් ක්ෂත්රිය බ්‍රාහ්මණ කුලවලම වේමය. සියලු බුදුවරු කල්ප විනාශය සිදුවන කල්පයෙහි නූපදිති. කල්ප විනාශය සිදුවන කල්පයෙහි උපදිති. එසේම පසේ බුදුවරු ඔවුහු බුදුවරු උපදින කාලයෙහි නූපදිති. බුදුවරු තෙමේද අවබෝධ කරගනියි. අනුන්ටද අවබෝධ කරවති. පසේ බුදුවරු, තෙමේ අවබෝධ කරගනිති. අනුන්ට අවබෝධ කරලීමට නොහැකි වෙති. අර්ථ රසයම පිරිසිඳ දැනගනිති. ධර්මරසය නොවේ. ඔවුහු ලෝකෝත්තර ධර්ම පැනවීමට නොහැකි වෙති. එසේ පනවා ආරෝපණය කොට දේශනා කිරීමට නොහැකි වෙති. මුගටියකු දුටු සර්පයා මෙන් වනයෙහි සැරිසරන්නකු විසින් නගරයේදී කන ලද ව්‍යඤ්ජන රසය මෙන් ඒ අයට ධර්මාභිසමය නොවේ. සියළු සෘද්ධි සමාපත්ති, පටිසම්භිදා පත්ති ආදී කොටස්වලට පැමිණෙති. ගුණයේ විශිෂ්ටත්වයෙන් බුදුවරුන්ට යටය. ශ්‍රාවකයන්ට ඉහළ වෙත්. අන්‍යයෝ පැවිදිකොට අභිසමාචාරික චාරිත්රාදි ශික්ෂා නොහික්මවති. අවසානයේ සිතට වද දෙන කළයුතු දේවල්වලට නොපැමිණෙත්. මෙසේ උදෙසීමෙන් උපෝෂථය කරත්. කරන්නේද, ගන්ධමාදන පර්වතයේ මදටිය ගසක් මුල රන්මළුවට රැස්ව “අද උපෝෂථ දිනයයි” වචන මාත්‍රයෙන් හෝ උපෝෂථය කරති. මෙසේ බුදුරදුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පසේ බුදුවරුන්ගේ සියළු ආකාරයෙන් පරිපූර්ණ වූ ප්‍රාර්ථනාද, අභිනීහාරද වදාරා, දැන් මේ ප්‍රාර්ථනාද, මේ අභිනිහාරයෙන්ද සමන්විත වූ ඒ ඒ පසේ බුදුවරුන් ගැන කීමට සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යන ආදි න්‍යායෙන් මේ ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කළ සේක.
ඉදානි විසෙසෙන වත්තබ්බා. තත්ථ ඉමිස්සා තාව ගාථාය එවං උප්පත්ති වෙදිතබ්බා – අයං කිර පච්චෙකබුද්ධො පච්චෙකබොධිසත්තභූමිං ඔගාහන්තො ද්වෙ අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා ආරඤ්ඤිකො හුත්වා ගතපච්චාගතවත්තං පූරෙන්තො සමණධම්මං අකාසි. එතං කිර වත්තං අපරිපූරෙත්වා පච්චෙකබොධිං පාපුණන්තො නාම නත්ථි. කිං පනෙතං ගතපච්චාගතවත්තං නාම? හරණපච්චාහරණන්ති. තං යථා විභූතං හොති, තථා කථෙස්සාම.
මෙහි තවදුරටත් අවිශේෂයෙන් ප්‍රශ්න විචාරණ ලදුව ඛග්ගවිසාණ සූත්‍රයේ උපතද, දැන් විශේෂයෙන් කිවයුතුය. තවද ඒ ගාථාවේ උපතද, මෙසේ දතයුතුය. ඒ පසේබුදුරදුන් පසේ බුදු බෝසත් අවධිය පසුකරන්නේ ද්වි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා, කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ පැවිදි වී, අරණ්යවැසියකු වී ගතපච්චාගතවත්තං (යාම-ඒමේ වත සක්මන) පුරමින් ශ්‍රමණ දහම් කළ සේක. මෙතෙම මේ වත් නොපුරා පසේ බුදු බෝධියට පැමිණි බවක් නම් නැත. මේ යාම-ඒමේ වත නම් කුමක්ද? එසේ කියන්නෙමු.
ඉධ එකච්චො භික්ඛු හරති න පච්චාහරති, එකච්චො පච්චාහරති න හරති, එකච්චො නෙව හරති න පච්චාහරති, එකච්චො හරති ච පච්චාහරති ච. තත්ථ යො භික්ඛු පගෙව වුට්ඨාය චෙතියඞ්ගණබොධියඞ්ගණවත්තං කත්වා බොධිරුක්ඛෙ උදකං ආසිඤ්චිත්වා පානීයඝටං පූරෙත්වා පානීයමාළෙ ඨපෙත්වා ආචරියවත්තං උපජ්ඣායවත්තං කත්වා ද්වෙඅසීති ඛන්ධකවත්තානි ච චුද්දස මහාවත්තානි සමාදාය වත්තති. සො සරීරපරිකම්මං කත්වා සෙනාසනං පවිසිත්වා යාව භික්ඛාචාරවෙලා, තාව විවිත්තාසනෙ වීතිනාමෙත්වා වෙලං ඤත්වා නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා උත්තරාසඞ්ගං කත්වා සඞ්ඝාටිං ඛන්ධෙ කරිත්වා පත්තං අංසෙ ආලග්ගෙත්වා කම්මට්ඨානං මනසි කරොන්තො චෙතියඞ්ගණං ගන්ත්වා චෙතියඤ්ච බොධිඤ්ච වන්දිත්වා ගාමසමීපෙ චීවරං පාරුපිත්වා පත්තං ආදාය ගාමං පිණ්ඩාය පවිසති. එවං පවිට්ඨො ච ලාභී භික්ඛු පුඤ්ඤවා උපාසකෙහි සක්කතො ගරුකතො උපට්ඨාකකුලෙ වා පටික්කමනසාලායං වා පටික්කමිත්වා උපාසකෙහි තං තං පඤ්හං පුච්ඡියමානො තෙසං පඤ්හවිස්සජ්ජනෙන ධම්මදෙසනාවික්ඛෙපෙන ච තං මනසිකාරං ඡඩ්ඩෙත්වා නික්ඛමති. විහාරං ආගතොපි භික්ඛූහි පඤ්හං පුට්ඨො කථෙති, ධම්මං භණති, තං තං බ්යාපාරඤ්ච ආපජ්ජති. පච්ඡාභත්තම්පි පුරිමයාමම්පි මජ්ඣිමයාමම්පි එවං භික්ඛූහි සද්ධිං පපඤ්චෙත්වා කායදුට්ඨුල්ලාභිභූතො පච්ඡිමයාමෙපි සයති, නෙව කම්මට්ඨානං මනසි කරොති. අයං වුච්චති “හරති න පච්චාහරතී”ති.
මෙහි එක භික්ෂුවක් යයි ආපසු නොඑයි. ඇතැමෙක් පසුපස එයි. ඉදිරියට නොයයි. එහිදී යම් භික්ෂුව එතැනම නැගිට චෛත්‍ය අංගන බෝධි අංගන වත්පිළිවෙත් කරා බෝරුකට පැන් (ඉස) වත්කොට පැන්කලය පුරවාගෙන, පැන්මලුවේ තබා ආචාර්ය වත් උපාධ්‍යාය වත් ඉෂ්ටකොට අසූ දෙදහසක් අනු ශික්ෂාපද සමාදන් වී පවතියි. හෙතම ශරීර ප්‍රතිකර්ම කොට සේනාසනයට පිවිස පිඬු පිණිස හැසිරෙන වේලාව එනතුරු ඒතාක් විසිතුරු ආසනයේ හිඳ කල්යවා වේලාව දැන හැඳ පොරවා කාය බන්ධනය පටිය බැඳ, තනිපට සිවුර ඒකාංශකොට පොරවා, දෙපට සිවුර උරහිසේ දමා, පාත්‍රය අංශයකින් එල්ලාගෙන, කමටහන් මෙනෙහි කරමින් චෛත්‍ය මළුවට පැමිණ, චෛත්‍යය ද බෝධිය ද වැඳ ගම සමීපයේදී පොරවාගෙන පාත්‍රය ගෙන ගමට පිඬු පිණිස පිවිසෙයි. මෙසේ, පිවිසුණු කල්හි පින්ලාභි භික්ෂුවක් උපාසකයන් විසින් සත්කාර කරන ලද්දේ ගරුකරන ලද්දේ උපස්ථායක කුලයේ හෝ වේවා නික්මෙන ශාලාවෙන් නික්මගොස් උපාසකයන් විසින් ඒ ඒ ප්‍රශ්න විචාරනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන්ද, ධර්මදේශනා පැවසීමෙන්ද ඒ මෙනෙහි කිරීම ඉවත දමා නික්මෙයි. විහාරයට ආවා වූ භික්ෂුවද ප්‍රශ්න විචාරා කියයි. ධර්මය පවසයි. ඒ ඒ ව්‍යාපාර කටයුතුවලට පැමිණෙයි. පසුබත් කාලයේද, පෙරවරු කාලයේද මධ්‍යම යාමයේදීද මෙසේ භික්ෂූන් සමග ගැටී කාය ශරීර ආබාධයෙන් පශ්චිම යාමයේදී නිදයි. කමටහන් මෙනෙහි නොකරයි. මෙයට ගෙනයයි ආපසු ගෙන නොඑයි.
යො පන බ්යාධිබහුලො හොති, භුත්තාහාරො පච්චූසසමයෙ න සම්මා පරිණමති. පගෙව වුට්ඨාය යථාවුත්තං වත්තං කාතුං න සක්කොති කම්මට්ඨානං වා මනසි කාතුං, අඤ්ඤදත්ථු යාගුං වා ඛජ්ජකං වා භෙසජ්ජං වා භත්තං වා පත්ථයමානො කාලස්සෙව පත්තචීවරමාදාය ගාමං පවිසති. තත්ථ යාගුං වා ඛජ්ජකං වා භෙසජ්ජං වා භත්තං වා ලද්ධා පත්තං නීහරිත්වා භත්තකිච්චං නිට්ඨාපෙත්වා පඤ්ඤත්තාසනෙ නිසින්නො කම්මට්ඨානං මනසි කරිත්වා විසෙසං පත්වා වා අපත්වා වා විහාරං ආගන්ත්වා තෙනෙව මනසිකාරෙන විහරති. අයං වුච්චති “පච්චාහරති න හරතී”ති. එදිසා හි භික්ඛූ යාගුං පිවිත්වා විපස්සනං වඩ්ඪෙත්වා බුද්ධසාසනෙ අරහත්තං පත්තා ගණනපථං වීතිවත්තා, සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං තං ආසනං නත්ථි, යත්ථ භික්ඛූ නිසින්නා යාගුං පිවිත්වා අරහත්තං අප්පත්තා.
යමෙක් රෝගාබාධ බහුල වේද, ආහාර බහුලකොට වෙයි. අළුයම් කාලයෙහි මනාකොට පූරණය නොකරයයි කලින්ම නැගිට කියන ලද ආකාර වත් හෝ කිරීමට නොහැකි වෙයි. කමටහන් හෝ මෙනෙහි කිරීමෙන් අනුන් විසින් දෙන ලද, කැඳ හෝ කෑ යුතු දෙයක් හෝ බෙහෙත් හෝ ප්‍රාර්ථනා කරන්නේ කල් ඇතිවම පාසිවුරු ගෙන ගමට පිවිසෙයි. එහි කැඳ හෝ කෑයුතු දේ හෝ බත් හෝ බෙහෙත් හෝ ලබන ලද්දේ පාත්‍රය බැහැරකොට බත් කිස නිමවා පනවන ලද ආසනයේ හුන්නේ කර්මස්ථාන මෙනෙහිකොට විශේෂයකට පැමිණ හෝ නොපැමිණ හෝ විහාරයට ගොස්, ඒ මෙනෙහි කිරීමෙන්ම වාසය කරයි. මෙයට පච්චාහරති න හරති යයි කියනු ලැබේ. මෙබඳු ආකාර භික්ෂුවක කැඳ බී විදර්ශනා වඩා බුද්ධාසනයේ රහත් බවට පැමිණ ගණන් සීමාව ඉක්මවා ගොසිනි. සිංහලද්වීපයේ ඒ ඒ ගම්වල ආපනශාලාවේ ආසන නැද්ද, එතැන භික්ෂු හිඳගෙනම කැඳ පානය කොට රහත් බවට නොපැමිණියාහ.
යො පන පමාදවිහාරී හොති නික්ඛිත්තධුරො, සබ්බවත්තානි භින්දිත්වා පඤ්චවිධචෙතොඛිලවිනිබන්ධනබද්ධචිත්තො විහරන්තො කම්මට්ඨානමනසිකාරමනනුයුත්තො ගාමං පිණ්ඩාය පවිසිත්වා ගිහීහි සද්ධිං කථාපපඤ්චෙන පපඤ්චිතො තුච්ඡකොව නික්ඛමති. අයං වුච්චති “නෙව හරති න පච්චාහරතී”ති.
යමෙකු ප්‍රමාද විහාරි වේද, බහා තැබූ ධුර ඇත්තේ සියළු වත් බිඳගෙන පස්වැදෑරුම් සියළු සිත් නිරවශේෂ ලෙස බැඳුණු සිත් ඇතිව වාසය කරමින් කර්මස්ථාන මෙනෙහි කිරීම නම් නුසුදුසු යයි ගමට පිඬු පිණිස පිවිස ගිහියන් සමග අල්ලාප සල්ලාපයෙන් යුක්ත වූයේ හිස් අයකු ලෙසට නික්මෙයි. මෙය නෙව හරති න පච්චා හරති යයි කියනු ලැබේ.
යො පන පගෙව වුට්ඨාය පුරිමනයෙනෙව සබ්බවත්තානි පරිපූරෙත්වා යාව භික්ඛාචාරවෙලා, තාව පල්ලඞ්කං ආභුජිත්වා කම්මට්ඨානං මනසි කරොති. කම්මට්ඨානං නාම දුවිධං – සබ්බත්ථකඤ්ච පාරිහාරියඤ්ච. තත්ථ සබ්බත්ථකං නාම මෙත්තා ච මරණානුස්සති ච. තඤ්හි සබ්බත්ථ අත්ථයිතබ්බං ඉච්ඡිතබ්බන්ති “සබ්බත්ථක”න්ති වුච්චති. මෙත්තා නාම ආවාසාදීසු සබ්බත්ථ ඉච්ඡිතබ්බා. ආවාසෙසු හි මෙත්තාවිහාරී භික්ඛු සබ්රහ්මචාරීනං පියො හොති මනාපො, තෙන ඵාසු අසඞ්ඝට්ඨො විහරති. දෙවතාසු මෙත්තාවිහාරී දෙවතාහි රක්ඛිතගොපිතො සුඛං විහරති. රාජරාජමහාමත්තාදීසු මෙත්තාවිහාරී තෙහි මමායිතො සුඛං විහරති. ගාමනිගමාදීසු මෙත්තාවිහාරී සබ්බත්ථ භික්ඛාචරියාදීසු මනුස්සෙහි සක්කතො ගරුකතො සුඛං විහරති. මරණානුස්සතිභාවනාය ජීවිතනිකන්තිං පහාය අප්පමත්තො විහරති.
යමෙක් කල් ඇතිව නැගිට පෙර කියන ලද අයුරින් සියළු වත් පුරවා පිඬු පිණිස හැසිරෙන වේලාව දක්වා පලඟට නැග කමටහන් මෙනෙහි කරයි. කර්මස්ථාන දෙවැදෑරුම් වේ. සබ්බත්ථක - සැමතැන ප්රයෝජනවත්පාටිහාරියා - පරිහරණය කළ යුතු පිළිවෙල. එහි සබ්බත්ථක යනු මෛත්‍රියද, මරණානුස්සතියද වේ. එය වනාහි සියලු තැන කැමැතිවිය යුතුය. සියලු තැන සබ්බත්ථක යයි කියනු ලැබේ. මෛත්‍රී නම් ආවාස ආදියෙහි මෛත්‍රී විහරණයෙන් යුතු භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි. මනාප වූයේ එතැන පහසුව නො ඇලී වාසය කරයි. දේවතාවන් අතර මෛත්‍රී විහරණයෙන් යුතු වූවා දේවතාවන් විසින් මනාව රකින ලදුව සැපසේ කල්ගත කරයි. රාජරාජ මහාමාත්‍යාදීන් අතර මෛත්‍රී විහරණයෙන් යුතුව ඔවුන් විසින් මගේ මගේ යන හැඟීම ඇතිව සැප විහරණය කරයි. ගම් නියම් ගම්වල මෛත්‍රී විහරණයෙන් යුතු වූවා සියළු තැන භික්ෂාචාර්යා ආදියෙහිදී මිනිසුන් විසින් සත්කාර සම්මාන කරන ලදුව සැපසේ විහරණය කරයි. මරණානුස්සති භාවනාව තුළින් ජීවිතය පිළිබඳ ඇල්ම අතහැර අප්‍රමාදීව වාසය කරයි.
යං පන සදා පරිහරිතබ්බං චරියානුකූලෙන ගහිතං. තං දසාසුභකසිණානුස්සතීසු අඤ්ඤතරං, චතුධාතුවවත්ථානමෙව වා, තං සදා පරිහරිතබ්බතො රක්ඛිතබ්බතො භාවෙතබ්බතො ච “පාරිහාරිය”න්ති වුච්චති, මූලකම්මට්ඨානන්තිපි තදෙව. අත්ථකාමා හි කුලපුත්තා සාසනෙ පබ්බජිත්වා දසපි වීසම්පි තිංසම්පි චත්තාලීසම්පි පඤ්ඤාසම්පි සතම්පි එකතො වසන්තා කතිකවත්තං කත්වා විහරන්ති – “ආවුසො, තුම්හෙ න ඉණට්ටා න භයට්ටා න ජීවිකාපකතා පබ්බජිතා, දුක්ඛා මුච්චිතුකාමා පනෙත්ථ පබ්බජිතා. තස්මා ගමනෙ උප්පන්නකිලෙසෙ ගමනෙයෙව නිග්ගණ්හථ, ඨානෙ, නිසජ්ජාය, සයනෙ උප්පන්නකිලෙසෙ සයනෙයෙව නිග්ගණ්හථා”ති.
යමෙකු වනාහි සැමකල්හි පරිහරණය කළයුතු චර්යානුකූලව ගතයුතු දස අසුභ කසින අතර වෙනත් චතුධාතු වවත්ථානයම සැමකල්හි පරිහරණය කළයුතුය. රැකිය යුතු වූද වැඩිය යුතු වූද දේ පාටිහාරිය යයි කියනු ලැබේ. මූලික කර්මස්ථානයම වැඩ කැමැති කුලපුත්‍රයන් විසින් ශාසනයේ පැවිදි වී දහය විස්ස තිහ හතළිහ පනහ සීය වශයෙන් එකට වාසය කරමින් සාකච්ඡාකොට වාසය කරත්. ඇවැත්නි; නුඹලා ණය නැතිව, බිය නැතිව ජීවන කරුණු නැතිව පැවිදි වූවෝ දුකින් මිදෙනු කැමැතිව පැවිදි වූ හෙයින් සංසාර ගමනේදී උපන් ක්ලේශ, ගමනේදීම ඉවත් කරවු. නිග්‍රහ කරවු. හුන් තැනේදී, යහනේදී උපන් කෙලෙස් යහනේදීම බැහැර කරවු.
තෙ එවං කතිකවත්තං කත්වා භික්ඛාචාරං ගච්ඡන්තා අඩ්ඪඋසභඋසභඅඩ්ඪගාවුතගාවුතන්තරෙසු පාසාණා හොන්ති, තාය සඤ්ඤාය කම්මට්ඨානං මනසිකරොන්තාව ගච්ඡන්ති. සචෙ කස්සචි ගමනෙ කිලෙසො උප්පජ්ජති, සො තත්ථෙව නං නිග්ගණ්හාති. තථා අසක්කොන්තො තිට්ඨති, අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි තිට්ඨති. සො “අයං භික්ඛු තුය්හං උප්පන්නං විතක්කං ජානාති, අනනුච්ඡවිකං තෙ එත”න්ති අත්තානං පටිචොදෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා තත්ථෙව අරියභූමිං ඔක්කමති. තථා අසක්කොන්තො නිසීදති. අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි නිසීදතීති. සොයෙව නයො අරියභූමිං ඔක්කමිතුං අසක්කොන්තොපි තං කිලෙසං වික්ඛම්භෙත්වා කම්මට්ඨානං මනසිකරොන්තොව ගච්ඡති, න කම්මට්ඨානවිප්පයුත්තෙන චිත්තෙන පාදං උද්ධරති. උද්ධරති චෙ, පටිනිවත්තිත්වා පුරිමපදෙසෙයෙව තිට්ඨති. ආලින්දකවාසී මහාඵුස්සදෙවත්ථෙරො විය.
ඔවුහු මෙසේ කතිකාකොට පිඬු පිණිස හැසිරෙන්නෝ සැතපුම් අටකදී අඩ ගව්වක් අතරදී ගල් පර්වත වෙත්ද? ඒ පිළිබඳ සංඥාවෙන් කර්මස්ථාන මෙනෙහි කරමින්ම යති. ඉදින් කිසිවකුට ගමනේදී කෙළෙස් උපදවයිද? ඔහු එතනදීම බැහැර කරවු. එසේ කිරීමට නොහැකි වන්නකු සිටියිද? ඉක්බිති ඔහු පසුපසින් ගමන් කරමින් සිටියි. ඒ මේ භික්ෂුව ඔබට උපන් විතර්ක දනියිද? ඔබට ඒවා නුසුදුසු යයි තමන්ට ප්රතිචෝදනා කොට විදර්ශනාව වඩා එහිදීම ආර්ය භූමියට බැසගනියි. එසේ නොහැකි වන්නෝ සිටිත්ද? අනතුරුව ඔහුට පසුව යන්නාහු හිඳියි. ඔහුට හෝ ආර්ය භූමියට බැස්සවීමට නොහැකි වන කල්හි ඒ කෙලෙස් ක්ෂයකොට කමටහන් මෙනෙහි කරමින්ම යයි. කමටහන් නැද්ද? ඉක්බිති ඔහු පසුපසින්ම ගම්න කරයි. ඔහු මේ භික්ෂුව ඔබට උපන් විතර්ක දනියි. කෙළවර ඒවා නුසුදුසු යයි වෙන්කොට හඳුනාගැනීමෙන් පා බිම තබා පෙරළා නැවතී පෙර මුල් ප්‍රදේශයටම යයි. ආලින්දවැසි මහාඵුස්සදේව තෙරුන් මෙනි.
සො කිර එකූනවීසතිවස්සානි ගතපච්චාගතවත්තං පූරෙන්තො එවං විහාසි. මනුස්සාපි සුදං අන්තරාමග්ගෙ කසන්තා ච වපන්තා ච මද්දන්තා ච කම්මානි කරොන්තා ච ථෙරං තථා ගච්ඡන්තං දිස්වා “අයං ථෙරො පුනප්පුනං නිවත්තිත්වා ගච්ඡති, කිං නු ඛො මග්ගමූළ්හො, උදාහු කිඤ්චි පමුට්ඨො”ති සමුල්ලපන්ති. සො තං අනාදියිත්වා කම්මට්ඨානයුත්තෙන චිත්තෙනෙව සමණධම්මං කරොන්තො වීසතිවස්සබ්භන්තරෙ අරහත්තං පාපුණි. අරහත්තපත්තදිවසෙයෙවස්ස චඞ්කමනකොටියං අධිවත්ථා දෙවතා අඞ්ගුලීහි දීපං උජ්ජාලෙත්වා අට්ඨාසි, චත්තාරොපි මහාරාජානො සක්කො ච දෙවානමින්දො බ්රහ්මා ච සහම්පති උපට්ඨානං ආගමිංසු. තඤ්ච ඔභාසං දිස්වා වනවාසී මහාතිස්සත්ථෙරො තං දුතියදිවසෙ පුච්ඡි – “රත්තිභාගෙ ආයස්මතො සන්තිකෙ ඔභාසො අහොසි, කිං සො”ති? ථෙරො වික්ඛෙපං කරොන්තො “ඔභාසො නාම දීපොභාසොපි හොති මණිඔභාසොපී”ති එවමාදිමාහ. සො “පටිච්ඡාදෙථ තුම්හෙ”ති නිබද්ධො “ආමා”ති පටිජානිත්වා ආරොචෙසි.
උන්වහන්සේ වර්ෂ දහනවයක් පුරා යාම-ඒම වත් පුරමින්ම වාසය කළ සේක. මිනිස්සුද අතරමග සී සාමින්ද, වපුරමින්ද, මඩිමින් ද ක්‍රියා කරමින් තෙරුන් එසේ ගමන් කරනු දැක මේ තෙරුන් නැවත නැවත නැවතී ගමන් කරති. කිමෙක්ද මංමුළා වූයේද, නැතහොත් කිසියම් අමතක වීමක්ද? විමසා බලන්නේ උන්වහන්සේ එය නොබලා කර්මස්ථානයෙන් යුතු වූ සිතින් ශ්‍රමණ දහම් කරමින් විසිවර්ෂයක් ඇතුළත රහත් බවට පැමිණි සේක. රහත්බවට පැමිණි දිනයේ උන්වහන්සේගේ සක්මන කෙළවර අධිගෘහිත දේවතාවෝ ඇඟිල්ලෙන් දී පහනක් දල්වා සිටියාහ. සතරවරම් මහරජවරුද, දෙවියන්ට අධිපති ශක්‍රයාද සහම්පති බ්‍රහ්මයාද, උපස්ථානයට ආවාහුය. ඒ ආලෝකය දැක වනවාසී තිස්ස තෙරුන් ඒ දෙවෙනි දිනයේ විචාළේය. රාත්‍රී කාලයේ ආයුෂ්මතුන් සමීපයේ ආලෝකයක් විය. ඒ ආලෝකය කිම? තෙරුන් විස්තර කරන්නේ ඔභාස යනු පහනයි. ආලෝකය වෙයි. මාණික්‍ය ආලෝකයද වෙයි. මේ ආදිය කීහ. ඔහු ඔබටද පිළිවදන් දෙවු. මෙහෙයවන ලදුව එසේ යයි පිළිගෙන දැනුම් දුන්නේය.
කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය ච. සොපි කිර ගතපච්චාගතවත්තං පූරෙන්තො “පඨමං තාව භගවතො මහාපධානං පූජෙස්සාමී”ති සත්ත වස්සානි ඨානචඞ්කමමෙව අධිට්ඨාසි, පුන සොළස වස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා අරහත්තං පාපුණි. එවං කම්මට්ඨානමනුයුත්තචිත්තෙනෙව පාදං උද්ධරන්තො විප්පයුත්තෙන චිත්තෙන උද්ධටෙ පටිනිවත්තන්තො ගාමසමීපං ගන්ත්වා “ගාවී නු ඛො පබ්බජිතො නු ඛො”ති ආසඞ්කනීයප්පදෙසෙ ඨත්වා සඞ්ඝාටිං පාරුපිත්වා පත්තං ගහෙත්වා ගාමද්වාරං පත්වා කච්ඡකන්තරතො උදකං ගහෙත්වා ගණ්ඩූසං කත්වා ගාමං පවිසති “භික්ඛං වා දාතුං වන්දිතුං වා උපගතෙ මනුස්සෙ ‘දීඝායුකා හොථා’ති වචනමත්තෙනාපි මා මෙ කම්මට්ඨානවික්ඛෙපො අහොසී”ති. සචෙ පන නං “අජ්ජ, භන්තෙ, කිං සත්තමී, උදාහු අට්ඨමී”ති දිවසං පුච්ඡන්ති, උදකං ගිලිත්වා ආරොචෙති. සචෙ දිවසපුච්ඡකා න හොන්ති, නික්ඛමනවෙලායං ගාමද්වාරෙ නිට්ඨුභිත්වාව යාති.
කලුවැල් මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙනි. උන්වහන්සේද යාම-ඒම වත පුරන්නේ පළමුව බුදුරදුන්ට මහා ප්‍රධාන පූජාව කරමියි වර්ෂ සතක්ම එකතැන ඇවිදිමින්ම සිටීමට අධිෂ්ඨාන කළ සේක. යළිත් සොළොස් වියේදී යාම-ඊම වත පුරා රහත් බවට පැමිණියේය. මෙසේ කර්මස්ථාන සුදුසු වූ සිතින්ම සිත් නොකැළඹෙන සිතින් යුතුව පෙරළා එමින් ගම සමීපයට ගොස් යම්ද? පැවිදි වෙම්දැයි සැක නොමැතිව සුදුසු තැන සිට සඟල සිවුර පොරවා පාත්‍රය ගෙන ගම්දොරට පිවිස කුණු වලකින් ජලය ගෙන කට පුරවාගෙන ගමට පිවිසෙයි. ආහාර දීමට වැඳීමට හෝ සමීප වූ කල්හි මිනිසුන්ට දීර්ඝායුෂ වේවා! වචන මාත්‍රයෙන් මගේ කර්මස්ථානය විපිළිසර නොවේවා’යි ඉදින් ස්වාමීනි, අද සත්වෙනිදාද නැතහොත් අටවෙනිදාදැයි විචාරන්නේ ජලය ගිලී දන්වයි ඉදින් දවස අසන්නකු නොමැති නම් නික්මෙන වේලාවේ ගම්දොර සිට යයි.
සීහළදීපෙ කලම්බතිත්ථවිහාරෙ වස්සූපගතා පඤ්ඤාස භික්ඛූ විය ච. තෙ කිර වස්සූපනායිකඋපොසථදිවසෙ කතිකවත්තං අකංසු – “අරහත්තං අප්පත්වා න අඤ්ඤමඤ්ඤං ආලපිස්සාමා”ති. ගාමඤ්ච පිණ්ඩාය පවිසන්තා ගාමද්වාරෙ උදකගණ්ඩූසං කත්වා පවිසිංසු, දිවසෙ පුච්ඡිතෙ උදකං ගිලිත්වා ආරොචෙසුං, අපුච්ඡිතෙ ගාමද්වාරෙ නිට්ඨුභිත්වා විහාරං ආගමංසු. තත්ථ මනුස්සා නිට්ඨුභනට්ඨානං දිස්වා ජානිංසු – “අජ්ජ එකො ආගතො, අජ්ජ ද්වෙ”ති . එවඤ්ච චින්තෙසුං – “කිං නු ඛො එතෙ අම්හෙහෙව සද්ධිං න සල්ලපන්ති , උදාහු අඤ්ඤමඤ්ඤම්පි, යදි අඤ්ඤමඤ්ඤම්පි න සල්ලපන්ති, අද්ධා විවාදජාතා භවිස්සන්ති, හන්ද නෙසං අඤ්ඤමඤ්ඤං ඛමාපෙස්සාමා”ති. සබ්බෙ විහාරං අගමංසු. තත්ථ පඤ්ඤාසාය භික්ඛූසු වස්සං උපගතෙසු ද්වෙ භික්ඛූ එකොකාසෙ නාද්දසංසු. තතො තෙසු යො චක්ඛුමා පුරිසො, සො එවමාහ – “න, භො, කලහකාරකානං වසනොකාසො ඊදිසො හොති, සුසම්මට්ඨං චෙතියඞ්ගණං බොධියඞ්ගණං, සුනික්ඛිත්තා සම්මජ්ජනියො, සූපට්ඨපිතං පානීයපරිභොජනීය”න්ති, තෙ තතො නිවත්තා. තෙපි භික්ඛූ අන්තොවස්සෙයෙව විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා මහාපවාරණාය විසුද්ධිපවාරණං පවාරෙසුං.
ලක්දිව ගලම්බ තොට විහාරයෙහි වස් සමාදන් වූ පනහක් පමණ භික්ෂූන් මෙනි. ඔවුහු වනාහි වස් එළඹෙන පෝය දවසෙහි රහත් බවට නොපැමිණ මිස ඔවුනොවුන් කථාබහ නොකරන්නෙමුයි සාකච්ඡා කළහ. ගමට පිඬු පිණිස පිවිසෙන්නෝ ගම් දොරටුවේදී ජලය ගෙන කට පුරවාගෙන පිවිසියහ. දින විචාරණ කල්හි ගිල දැන්වූහ. නොවිචාරණ කල්හි ගම්දොරටුව සිට විහාරයට ගියහ. එහි මිනිස්සු නැවතී සිටිනු දැක දැනගත්හ. අද එකකු ආවේය. අද දෙදෙනෙකු යයි මෙසේ සිතීහ. කුමක් නිසා මේ උතුමෝ අප සමග කථා නොකරත්ද? නැතහොත් ඔවුනොවුන් ඔවුනොවුන් සමග කථා නොකරත්ද? ඒකාන්තයෙන් කලහයක් උපන්නේ වන්නාහ. යළිදු ඉදින් ඔවුනොවුන් ක්ෂමා කරන්නෙමුයි, සියල්ලෝ විහාරයට ගියහ. එහි පනහක් පමණ භික්ෂූන් වස් සමාදන්ව සිටිනකල්හි, භික්ෂු දෙනමක් එකවිට ශබ්ද නොකළහ. අනතුරුව ඔවුන් අතර සිටි බලාසිටින මිනිසකු මෙසේ කීවේය. පින්වතුන් කලහ කරගනිමින් සිටින නිසා මෙබඳු වේද, මටසිලිටු චෛත්‍ය මළුවටද, බෝධිමළුවටද රැස් වූවෝ අතුපතු ගෑම් ආදිය සිදුකොට පැන් ආදී පූජා වස්තු ගෙන එති. ඔවුහු අනතුරුව නතරවී ඒ භික්ෂූහු වස්කාලය තුළදීම විදර්ශනාව වඩා රහත් බවට පැමිණ මහා පවාරණයෙන් පිරිසිදුව පවාරණය කළහ.
එවං කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය කලම්බතිත්ථවිහාරෙ වස්සූපගතා භික්ඛූ විය ච කම්මට්ඨානයුත්තෙනෙව චිත්තෙන පාදං උද්ධරන්තො ගාමසමීපං ගන්ත්වා උදකගණ්ඩූසං කත්වා වීථියො සල්ලක්ඛෙත්වා යත්ථ සුරාසොණ්ඩධුත්තාදයො කලහකාරකා චණ්ඩහත්ථිඅස්සාදයො වා නත්ථි, තං වීථිං පටිපජ්ජති. තත්ථ ච පිණ්ඩාය චරන්තො න තුරිතතුරිතො ජවෙන ගච්ඡති, ජවනපිණ්ඩපාතිකධුතඞ්ගං නාම නත්ථි, විසමභූමිභාගප්පත්තං පන උදකභරිතසකටමිව නිච්චලො හුත්වා ගච්ඡති. අනුඝරං පවිට්ඨො ච දාතුකාමං වා අදාතුකාමං වා සල්ලක්ඛෙතුං තදනුරූපං කාලං ආගමෙන්තො භික්ඛං ගහෙත්වා පතිරූපෙ ඔකාසෙ නිසීදිත්වා කම්මට්ඨානං මනසිකරොන්තො ආහාරෙ පටික්කූලසඤ්ඤං උපට්ඨපෙත්වා අක්ඛබ්භඤ්ජනවණාලෙපනපුත්තමංසූපමාවසෙන පච්චවෙක්ඛන්තො අට්ඨඞ්ගසමන්නාගතං ආහාරං ආහාරෙති නෙව දවාය න මදාය…පෙ… භුත්තාවී ච උදකකිච්චං කත්වා මුහුත්තං භත්තකිලමථං විනොදෙත්වා යථා පුරෙභත්තං, එවං පච්ඡාභත්තං, පුරිමයාමං පච්ඡිමයාමඤ්ච කම්මට්ඨානං මනසි කරොති. අයං වුච්චති “හරති ච පච්චාහරති චා”ති. එවමෙතං හරණපච්චාහරණං ගතපච්චාගතවත්තන්ති වුච්චති.
මෙසේ කාලවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙනි. කර්මස්ථානයෙන් යුතු සිතින් පා ඔසවමින් ගම සමීපයට පැමිණ ජලය උගුරක් ගෙන සුරාසොඬුන් ධූර්තයන් කලහකරුවන් මෘග ඇතුන් අශ්වයන් නැති වීදියක් සලකාගෙන ඒ වීදියට පිවිසෙයි. එහි පිඬු පිණිස හැසිරෙමින් ඉක්මන් ඉක්මන් නොවී ගමන් කරයි. ඉක්මන් පිණ්ඩපාත ධුතාංගයක් නම් නැත. විෂම භූමි ප්‍රදේශයකට පැමිණි ජල කරත්තයක් මෙන් නිශ්චලව සිට යයි. අනුපිළිවෙලින් ගෙදොරට පිවිසියේද, දියයුතු නොදිය යුතු දේ සැළකීමට ඒ හා සමා කාලයක් පැමිණෙන්නේ භික්ෂාව ගෙන සුදුසු පරිදි ටික වේලාවක් හිඳ, කමටහන් මෙනෙහි කරමින් ආහාරයෙහි පිළිකුල් සංඥාව උපදවා ඉන්ද්රියයන් බිඳන ආලේපන රස මස් මාංශ නොවන බව ප්රත්යවේක්ෂා කරමින් අංග අටකින් සමන්විත ආහාරයක් ගෙනාවේ යයි “දහනය පිණිස නොව, මදය පිණිස නොව, වළඳන්නෙමියි” ඊට සුදුසු යයි, ජලකෘත්ය කොට, මොහොතක් බත් ක්ලාන්තය දුරුකොට, පෙරබත් කාලය, සවස්වරුව, පළමුයාමය, මැදියම, මධ්‍යම යාමය ද වශයෙන් කමටහන් මෙනෙහි කරයි. මෙයට හරති, ගෙනඒමද පච්චාහරති පසුපස ඒමද යයි කියනු ලැබේ.
එතං පූරෙන්තො යදි උපනිස්සයසම්පන්නො හොති, පඨමවයෙ එව අරහත්තං පාපුණාති. නො චෙ පඨමවයෙ පාපුණාති, අථ මජ්ඣිමවයෙ පාපුණාති. නො චෙ මජ්ඣිමවයෙ පාපුණාති, අථ මරණසමයෙ පාපුණාති. නො චෙ මරණසමයෙ පාපුණාති, අථ දෙවපුත්තො හුත්වා පාපුණාති. නො චෙ දෙවපුත්තො හුත්වා පාපුණාති, අථ පච්චෙකසම්බුද්ධො හුත්වා පරිනිබ්බාති. නො චෙ පච්චෙකසම්බුද්ධො හුත්වා පරිනිබ්බාති, අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති සෙය්යථාපි ථෙරො බාහියො, මහාපඤ්ඤො වා හොති සෙය්යථාපි ථෙරො සාරිපුත්තොති.
මෙපරිදි ගෙනඒම වැළඳීම යාම-ඒම ආදියද කියනු ලැබේ. මෙය පුරනා විට ඉදින් වාසනාවේද, සම්පත් වේද, පළමු වයසේදීම රහත් බවට පැමිණෙයි. නොමැතිනම්, මධ්‍යම වයසේ පැමිණෙයි. මධ්‍යම වයසේ නොපැමුණේ නම් අනතුරුව මරණ සමයේ වේ. මරණ සමයේ නොපැමිණේ නම් අනතුරුව දේවපුත්‍රයකු වී, දේවපුත්‍රයෙකු නොවූයේ නම් පසේ බුදුවරයෙකු වී පිරිනිවන්පාති. අනතුරුව බුදුවරුන්ගේ ඉදිරියේ වහාම අභිඥාලාභී වෙයි. බාහිර තෙරුන් මේ සාරිපුත්ත තෙරුන් මෙන් මහා ප්‍රාඥ වෙයි.
අයං පන පච්චෙකබොධිසත්තො කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා ආරඤ්ඤිකො හුත්වා වීසති වස්සසහස්සානි එතං ගතපච්චාගතවත්තං පූරෙත්වා කාලං කත්වා කාමාවචරදෙවලොකෙ උප්පජ්ජි. තතො චවිත්වා බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං අග්ගහෙසි. කුසලා ඉත්ථියො තදහෙව ගබ්භසණ්ඨානං ජානන්ති. සා ච තාසං අඤ්ඤතරා , තස්මා එසාපි තං ගබ්භපතිට්ඨානං රඤ්ඤො නිවෙදෙසි. ධම්මතා එසා, යං පුඤ්ඤවන්තෙ සත්තෙ ගබ්භෙ උප්පන්නෙ මාතුගාමො ගබ්භපරිහාරං ලභති. තස්මා රාජා තස්සා ගබ්භපරිහාරං අදාසි. සා තතො පභුති නාච්චුණ්හං කිඤ්චි අජ්ඣොහරිතුං ලභති, නාතිසීතං නාච්චම්බිලං නාතිලොණං නාතිකටුකං නාතිතිත්තකං. අච්චුණ්හෙ හි මාතරා අජ්ඣොහටෙ ගබ්භස්ස ලොහකුම්භිවාසො විය හොති, අතිසීතෙ ලොකන්තරිකවාසො විය, අච්චම්බිලලොණකටුකතිත්තකෙසු භුත්තෙසු සත්ථෙන ඵාලෙත්වා අම්බිලාදීහි සිත්තානි විය දාරකස්ස අඞ්ගානි තිබ්බවෙදනානි හොන්ති. අතිචඞ්කමනට්ඨානනිසජ්ජසයනතොපි නං නිවාරෙන්ති “කුච්ඡිගතස්ස සඤ්චලනදුක්ඛං මා අහොසී”ති. මුදුකත්ථරණත්ථතාය භූමියා චඞ්කමනාදීනි මත්තාය කාතුං ලභති, වණ්ණගන්ධාදිසම්පන්නං සාදුං සප්පායං අන්නපානං භුඤ්ජිතුං ලභති. පරිග්ගහෙත්වාව නං චඞ්කමාපෙන්ති නිසීදාපෙන්ති වුට්ඨාපෙන්ති.
මේ පසේ බෝධිසත්ත්වයන් කස්සප බුදුරදුන්ගේ ශාසනයේ පැවිදි වී අරණ්යගතවී වර්ෂ විසිදහසක් යාම-ඒම වත පුරා කලුරියකොට කාමාවචර දෙව්ලොව උපත ලැබීය. එතැනින් චුතවී බරණැස රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. පින්වන්ත ස්ත්‍රීහු එකෙණෙහි ගැබ් ගැනීම දැනගනිත් ඈලා අන් අයට වඩා වෙනස්. එහෙයින් ඇයද ඒ ගැබ් ගැනීම රජුට දැනුම් දුන්නාය. මේ ස්වභාව ධර්මතාවයෙන් යම් පුණ්‍යවන්ත සත්ත්වයකු ගැබ් ගනියිද, මාගම ගැබ් පෙළහර ලබයි. එහෙයින් රජු ඇයට ගැබ් පෙළහර දුන්නේය. ඇය එතැන් පටන් ඉතා උණු කිසිවක් ලබා නොගනියි. අති ශීතල, ඉතා ඇඹුල්, ඉතා ලවණැති ඉතා කටුක, ඉතා තිත්ත, ඉතා උෂ්ණ කිසිවක් නොලබයි. ඉතා උෂ්ණ දෙයක් මව ගත් කල්හි ගර්භයට රත්කළ ලෝහ හැළියක් මෙන් වෙයි. ඉතා ශීතල දෙයක් ගත්විට, ලෝකාන්තරිකයේ වාසය කිරීම මෙනි. ඉතා ඇඹුල්, ලුණු කටුක තිත්ත දේවල් අනුභව කළ කල්හිද, ආයුධයකින් පලා ඇඹුල් දේවල් ඉසින්නාක් මෙනි. දරුවාගේ ශරීරය දැඩි වේදනා ඇතිවෙයි. ඉතා සක්මනද, හිදීම, සයනාදියද වලකති. කුස තුළ සිටින්නාට සෙළවීමේ දුකක් නොවේවායි’යි මෘදු ඇතිරිලි ආදිය ඇති බිමෙහි සක්මන්කිරීම් ආදියද ලබයි. ඒවා පිළිගෙන ඇය සක්මන් කරන්නී, හිඳින්නී, නැගිටින්නී.
සා එවං පරිහරියමානා ගබ්භපරිපාකකාලෙ සූතිඝරං පවිසිත්වා පච්චූසසමයෙ පුත්තං විජායි පක්කතෙලමද්දිතමනොසිලාපිණ්ඩිසදිසං ධඤ්ඤපුඤ්ඤලක්ඛණූපෙතං. තතො නං පඤ්චමදිවසෙ අලඞ්කතපටියත්තං රඤ්ඤො දස්සෙසුං, රාජා තුට්ඨො ඡසට්ඨියා ධාතීහි උපට්ඨාපෙසි. සො සබ්බසම්පත්තීහි වඩ්ඪමානො නචිරස්සෙව විඤ්ඤුතං පාපුණි. සොළසවස්සුද්දෙසිකං නං රාජා රජ්ජෙන අභිසිඤ්චි, විවිධනාටකාහි ච උපට්ඨාපෙසි. අභිසිත්තො රාජපුත්තො රජ්ජං කාරෙසි නාමෙන බ්රහ්මදත්තො, සකලජම්බුදීපෙ වීසතියා නගරසහස්සෙසු. ජම්බුදීපෙ කිර පුබ්බෙ චතුරාසීති නගරසතසහස්සානි අහෙසුං, තානි පරිහායන්තානි සට්ඨි අහෙසුං, තතො පරිහායන්තානි චත්තාලීසං, සබ්බපරිහායනකාලෙ පන වීසතිසහස්සානි හොන්ති. අයඤ්ච බ්රහ්මදත්තො සබ්බපරිහායනකාලෙ උප්පජ්ජි, තෙනස්ස වීසති නගරසහස්සානි අහෙසුං වීසති පාසාදසහස්සානි, වීසති හත්ථිසහස්සානි, වීසති අස්සසහස්සානි, වීසති රථසහස්සානි, වීසති පත්තිසහස්සානි, වීසති ඉත්ථිසහස්සානි ඔරොධා ච නාටකිත්ථියො ච, වීසති අමච්චසහස්සානි.
ඇය මෙසේ පරිහරණය කරනාවිට ගැබ මුහුකුරා ගියකල සූතිකාගාරයට පිවිස අළුයම් කාලයේ පුතකු වැදුවාය. සපුතෙල් පිරිමැදූ මනෝසිලා පිණ්ඩයක් මෙන් පුණ්‍යවන්ත වාසනා ගුණයෙන්ද යුක්ත විය. ඉක්බිති ඔහුට පසුදිනයේ අලංකාරයෙන් සරසා රජුට පෙන්වූහ. රජතුමා සතුටුව හැටහයක් කිරිමවුවරුන් එළඹවීය. ඔහු සියළු භූමි සම්පතින් වැඩෙන්නේ නොබෝ කලකින්ම බුද්ධිමතකු බවට පත්විය. අවුරුදු දාසයේදී ඒ රජු රාජ්‍යයෙන් අභිෂේක කරනු ලැබීය. විවිධ නාටකවලින්ද පමුණුවනු ලැබීය. අභිෂේක කරන ලද රාජපුත්‍රයා, රාජ්‍යය කරන්නේ මුළු ඉන්දියාවේ විසිදහසක් නගරවල බ්‍රහ්මදත්ත යයි නමින් ප්‍රකට විය. ජම්බුද්වීපයෙහි පෙර අසූහාර දහසක් නගර වූහ. ඒවා පිරිහීමෙන් හැටක් වූහ. අනතුරුව පිරිහෙමින් සතළිහක්ද, සියල්ල පිරිහෙන කල්හි විස්සක් වෙති. මේ බ්‍රහ්මදත්තද සියල්ල පිරිහෙන කාලයේ උපත ලැබීය. ඒ නිසා ඔහුට විසිදහසක් නගර, විසිදහසක් ප්‍රාසාද, විසිදහසක් ඇත්තු, විසිදහසක් අශ්වයෝ, විසිදහසක් රථද, විසිදහසක් භාජනද, විසිදහසක් අන්තඃපුර නාටක ස්ත්‍රීහුද, විසිදහසක් ඇමතියෝ ද වූහ.
සො මහාරජ්ජං කාරයමානොයෙව කසිණපරිකම්මං කත්වා පඤ්ච අභිඤ්ඤායො, අට්ඨ සමාපත්තියො ච නිබ්බත්තෙසි. යස්මා පන අභිසිත්තරඤ්ඤා නාම අවස්සං අට්ටකරණෙ නිසීදිතබ්බං, තස්මා එකදිවසං පගෙව පාතරාසං භුඤ්ජිත්වා විනිච්ඡයට්ඨානෙ නිසීදි. තත්ථ උච්චාසද්දමහාසද්දං අකංසු, සො “අයං සද්දො සමාපත්තියා උපක්කිලෙසො”ති පාසාදතලං අභිරුහිත්වා “සමාපත්තිං අප්පෙමී”ති නිසින්නො නාසක්ඛි අප්පෙතුං රජ්ජවික්ඛෙපෙන සමාපත්ති පරිහීනා. තතො චින්තෙසි – “කිං රජ්ජං වරං, උදාහු සමණධම්මො”ති? තතො “රජ්ජසුඛං පරිත්තං අනෙකාදීනවං, සමණධම්මසුඛං පන විපුලං අනෙකානිසංසං උත්තමපුරිසෙහි සෙවිතඤ්චා”ති ඤත්වා අඤ්ඤතරං අමච්චං ආණාපෙසි “ඉමං රජ්ජං ධම්මෙන සමෙන අනුසාස, මා ඛො අධම්මකාරං කාරෙසී”ති සබ්බං තස්ස නිය්යාතෙත්වා පාසාදං අභිරුහිත්වා සමාපත්තිසුඛෙන වීතිනාමෙසි, න කොචි උපසඞ්කමිතුං ලභති අඤ්ඤත්ර මුඛධොවනදන්තකට්ඨදායකභත්තනීහාරකාදීහි.
ඔහු මහා රාජ්‍යය කරනු ලබන්නේ කසිණ පිරිකම්කොට පංච අභිඥාද, අෂ්ට සමාපත්තිද ලදද යම්හෙයකින් අභිෂේක ලද රජු විසින් අවශ්‍යයෙන්ම අධිකරණ විනිශ්චයෙහි සිටිය යුතුය. එහෙයින් එක දවසක් උදෑසනම වළඳා විනිශ්චය ආසනයේ හුන්නේය. එහිදී උස්හඬද, මහා ශබ්ද ද කළහ. හෙතම මේ ශබ්දය සමාපත්ති කෙලෙස්වලින් අපිරිසිදු වූයේ යළි ප්‍රාසාද මතු මහලට නැගී සමාපත්ති පිහිටන්නේ නම් මැනවැයි හිටීමට නොහැකි විය. සිටීමට රාජ්‍ය කලබලයෙන් සමාපත්ති පරිහානියට පත්වූයේ යයි සිතුවේය. කිම රාජ්‍යය උතුම්ද? ශ්‍රමණ ධර්මය උතුම්ද? අනතුරුව රාජ්‍ය සැපයේ මහා නොයෙක් ආදීනවද, ශ්‍රමණ ධර්මය වනාහි විපුල වූ මහත් ආනිශංස යයිද උතුම් පුරුෂයන් විසින් සෙවුනා ලද බවද දැන අණ කළේය. මේ රාජ්‍යය දැහැමින් සෙමින් විචාරව. අධර්මයෙන් එසේ නොකරවව. සියල්ල ඔහුට පවරා දී ප්‍රාසාදයට නැග සමාපත්ති සුවයෙන් කල් යැවීය. කිසිවකු සමීපවීමට නොලබයි. වෙනත් මුවධෝවන දැහැටිකූරු බත් සැපයීමාදියද,
තතො අද්ධමාසමත්තෙ වීතික්කන්තෙ මහෙසී පුච්ඡි – “රාජා උය්යානගමනබලදස්සනනාටකාදීසු කත්ථචි න දිස්සති, කුහිං ගතො”ති? තස්සා තමත්ථං ආරොචෙසුං. සා අමච්චස්ස පාහෙසි – “රජ්ජෙ පටිච්ඡිතෙ අහම්පි පටිච්ඡිතා හොමි, එතු මයා සද්ධිං සංවාසං කප්පෙතූ”ති. සො උභො කණ්ණෙ ථකෙත්වා “අසවනීයමෙත”න්ති පටික්ඛිපි. සා පුනපි ද්වත්තික්ඛත්තුං පෙසෙත්වා අනිච්ඡමානං සන්තජ්ජාපෙසි “යදි න කරොසි, ඨානාපි තං චාවෙමි. ජීවිතාපි තං වොරොපෙමී”ති. සො භීතො “මාතුගාමො නාම දළ්හනිච්ඡයො, කදාචි එවම්පි කාරාපෙය්යා”ති. එකදිවසං රහො ගන්ත්වා තාය සද්ධිං සිරිසයනෙ සංවාසං කප්පෙසි. සා පුඤ්ඤවතී සුඛසම්ඵස්සා, සො තස්සා සම්ඵස්සරාගෙන රත්තො තත්ථ අභික්ඛණං සඞ්කිතසඞ්කිතොව අගමාසි. අනුක්කමෙන අත්තනො ඝරසාමිකො විය නිබ්බිසඞ්කො පවිසිතුමාරද්ධො.
අනතුරුව අඩමසක් ඉක්ම ගියතැන මෙහෙසිය විචාළේය. රජු උයන්ගමන දර්ශන නාටකාදියද කිසිවකු නොපෙනේ. කොහේ ගියේදැයි ඔහුගෙන් විචාළහ. ඇය ඇමතියාට කීවාය. රාජ්‍යය අත්හළ කල්හි, මම ද, ප්‍රතික්ෂේප කළේ වෙමි. පැමිණේවා. මා සමග සංවාසයේ නිරත වේවා! හෙතම කන් දෙක වසාගෙන නොඇසුණු විලාශයෙන් ප්‍රතික්ෂේප කළේය. ඇය යළිත් දෙතුන්වරක් යවා නොකැමැත්තේ තර්ජනය කළාය. ඉදින් නොකරහි නම් තනතුරෙන් ඔබව පහ කරමි. තොපේ ජීවිතයද තොර කරමි. ඔහු බියට පත්වූයේ මාගම නම් දැඩි නිශ්චය ඇත්තී, කිසි දිනක මෙසේද කරවනු ලබන්නී යයි, එක දවසක් රහසේ ගොස් ඇය සමග සිරියහනේ සංවාසය කළේය. ඇය පුණ්‍යවන්තය. සුව ස්පර්ශයෙන් යුක්තය. ඔහු ඇගේ ස්පර්ශ රාගයෙන් රත්වූයේ එහි නිතර සැක නොහැර ගියේය. ක්‍රමයෙන් තමන්ගේ ගෙදර සැමියා මෙනි. නිසැකවම පිවිසීමට පටන්ගත්තේ,
තතො රාජමනුස්සා තං පවත්තිං රඤ්ඤො ආරොචෙසුං. රාජා න සද්දහති. දුතියම්පි තතියම්පි ආරොචෙසුං, තතො රාජා නිලීනො සයමෙව දිස්වා සබ්බෙ අමච්චෙ සන්නිපාතාපෙත්වා ආරොචෙසි. තෙ “අයං රාජාපරාධිකො හත්ථච්ඡෙදං අරහති, පාදච්ඡෙදං අරහතී”ති යාව සූලෙ උත්තාසනං, තාව සබ්බකම්මකාරණානි නිද්දිසිංසු. රාජා “එතස්ස වධබන්ධනතාළනෙ මය්හං විහිංසා උප්පජ්ජෙය්ය, ජීවිතා වොරොපනෙ පාණාතිපාතො භවෙය්ය, ධනහරණෙ අදින්නාදානං භවෙය්ය, අලං එවරූපෙහි කතෙහි, ඉමං මම රජ්ජා නික්කඩ්ඪථා”ති ආහ. අමච්චා තං නිබ්බිසයං අකංසු. සො අත්තනො ධනසාරඤ්ච පුත්තදාරඤ්ච ගහෙත්වා පරවිසයං අගමාසි. තත්ථ රාජා සුත්වා “කිං ආගතොසී”ති පුච්ඡි. “දෙව, ඉච්ඡාමි තං උපට්ඨාතු”න්ති. සො තං සම්පටිච්ඡි. අමච්චො කතිපාහච්චයෙන ලද්ධවිස්සාසො තං රාජානං එතදවොච – “මහාරාජ , අමක්ඛිකං මධුං පස්සාමි, තං ඛාදන්තො නත්ථී”ති. රාජා “කිං එතං උප්පණ්ඩෙතුකාමො භණතී”ති න සුණාති. සො අන්තරං ලභිත්වා පුනපි සුට්ඨුතරං වණ්ණෙත්වා අවොච. රාජා “කිං එත”න්ති පුච්ඡි. “බාරාණසිරජ්ජං, දෙවා”ති. රාජා “කිං මං නෙත්වා මාරෙතුකාමොසී”ති ආහ. සො “මා, දෙව, එවං අවච, යදි න සද්දහසි, මනුස්සෙ පෙසෙහී”ති. සො මනුස්සෙ පෙසෙසි. තෙ ගන්ත්වා ගොපුරං ඛණිත්වා රඤ්ඤො සයනඝරෙ උට්ඨහිංසු.
ඉක්බිති, රජගෙදර මිනිස්සු ඒ පුවත රජුට දැනුම් දුන්හ. රජු විශ්වාස නොකරයි. දෙවනුවද, තෙවනුවද දැන්වූහ. ඉක්බිති සැඟවී සිට තමන්ම දැක, සියළු ඇමතියන් කැඳවා දැනුම් දුන්නේය. ඔවුහු මොහු රාජ අපරාධකරුවෙකි. අත කැපීම සුදුසුය. පා කැපීම සුදුසුය. උලේ තැබීම සුදුසු යයි, සියළු කටයුතු නිර්දේශ කළහ. රජු, මොහුට වධබන්ධනාදිය දීමෙන් මට හිංසා උපදවන්නේය. ජීවිත නැසීමේදී ප්‍රාණඝාතය සිදුවන්නේය. ධනය පැහැර ගැනීමේදී සොරකම වන්නේය. මෙබඳු ආකාර කරනවුන් විසින් මේ මගේ රාජ්‍යයෙන් ඉවත් කරවු යයි කීවේය. ඇමතියෝ එම කටයුතු කළහ. ඔහු තමන්ගේ ධනයද, අඹුදරුවෝද, රැගෙන වෙනත් ප්‍රදේශයකට ගියේය. එහිදී රජතුමා අසා කුමකට ආවේදැයි විචාළේය. ඇමතියා කිහිපවිටක් ඇවෑමෙන් ලද විශ්වාස ඇත්තේ ඒ රජුට මෙසේ කීවේය. මහරජ, මැස්සන් රහිත මී දකිමි. එය අනුභව කරන්නෙක් නැත. රජු එයට කවටකම් කරනු කැමැත්තේ කියවයි නොඅසයි. හෝ ඉඩක් ලැබ නැවතද මැනවින් වර්ණනාකොට දැන්වීය. බරණැස රාජ්‍යය දෙවයි විචාලේය. රජු, කිම, මා හැරදමා මරනු කැමැත්තේ රජු කිම මෙහි පැමිණියේදැයි කීවේය. දේවයන් වහන්ස, එසේ නොකියව. ඉදින් විශ්වාස නොකරහි නම්, මිනිසුන් යවවයි, ඔහු මිනිසුන් යැවීය. ඔවුහු ගොස් දොරකොටුව හාරා රජුගේ යහන් මැදුරේ නැගී සිටියහ.
රාජා දිස්වා “කිස්ස ආගතත්ථා”ති පුච්ඡි. “චොරා මයං, මහාරාජා”ති. රාජා තෙසං ධනං දාපෙත්වා “මා පුන එවං අකත්ථා”ති ඔවදිත්වා විස්සජ්ජෙසි. තෙ ආගන්ත්වා තස්ස රඤ්ඤො ආරොචෙසුං. සො පුනපි ද්වත්තික්ඛත්තුං තථෙව වීමංසිත්වා “සීලවා රාජා”ති චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා සීමන්තරෙ එකං නගරං උපගම්ම තත්ථ අමච්චස්ස පාහෙසි “නගරං වා මෙ දෙහි, යුද්ධං වා”ති. සො බ්රහ්මදත්තස්ස රඤ්ඤො තමත්ථං ආරොචාපෙසි – “ආණාපෙතු, දෙව, ‘කිං යුජ්ඣාමි, උදාහු නගරං දෙමී’”ති. රාජා “න යුජ්ඣිතබ්බං, නගරං දත්වා ඉධාගච්ඡා”ති පෙසෙසි. සො තථා අකාසි. පටිරාජාපි තං නගරං ගහෙත්වා අවසෙසනගරෙසුපි තථෙව දූතං පෙසෙසි. තෙපි අමච්චා තථෙව බ්රහ්මදත්තස්ස ආරොචෙත්වා තෙන “න යුජ්ඣිතබ්බං, ඉධාගන්තබ්බ”න්ති වුත්තා බාරාණසිං ආගමංසු.
රජු දැක කෙසේ ආවහුදැයි විචාළේය. මහරජතුමනි, අපි සොරු වෙමු. රජු ඔවුන්ට ධනය දී නැවත එසේ නොකරවු යයි, අවවාද දී පිටත් කළේය. ඔවුහු පැමිණ ඔහුගේ රජුට දැන්වූහ. ඔහු නැවතත් දෙතුන්වරක් එසේම විමසා සිල්වත් රජු තියුණු නොවේ යයි, චතුරංගනී සේනාව සන්නද්ධ කරවා, සීමාව ආසන්නයේ එක් නගරයකට පැමිණ, එහි ඇමතියාට කීවේය. නගරය මට දෙව. නැතිනම් යුද්ධ කරමි. ඔහු බ්‍රහ්මදත්ත රජුට ඒ කරුණ දැනුම් දුන්නේය. දේවයන් වහන්ස, අණ කෙරේවා! කිම යුද කරමිද? නගරය දෙමිද? රජු යුද නොකළ යුතුය. නගරය දී මෙහි පැමිණෙවු යයි පණිවිඩ යැවීය. ඔහු එසේ කළේය. යුවරජුද, ඒ නගරය අල්ලාගෙන අවශේෂ නගරවලටද එසේම දූතයකු යැවීය. ඒ ඇමතියෝද, එසේම බඹදත් රජුට යවා, යුද්ධ නොකළ යුතු යයි, මෙහි පැමිණිය යුතු යයිද, කියන ලදින් බරණැසට ආවාහුය.
තතො අමච්චා බ්රහ්මදත්තං ආහංසු – “මහාරාජ, තෙන සහ යුජ්ඣමා”ති. රාජා “මම පාණාතිපාතො භවිස්සතී”ති වාරෙසි. අමච්චා “මයං, මහාරාජ, තං ජීවග්ගාහං ගහෙත්වා ඉධෙව ආනෙස්සාමා”ති නානාඋපායෙහි රාජානං සඤ්ඤාපෙත්වා “එහි, මහාරාජා”ති ගන්තුමාරද්ධා. රාජා “සචෙ සත්තමාරණප්පහරණවිලුම්පනකම්මං න කරොථ, ගච්ඡාමී”ති භණති. අමච්චා “න, දෙව, කරොම, භයං දස්සෙත්වා පලාපෙමා”ති චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා ඝටෙසු දීපෙ පක්ඛිපිත්වා රත්තිං ගච්ඡිංසු. පටිරාජා තං දිවසං බාරාණසිසමීපෙ නගරං ගහෙත්වා ඉදානි කින්ති රත්තිං සන්නාහං මොචාපෙත්වා පමත්තො නිද්දං ඔක්කමි සද්ධිං බලකායෙන. තතො අමච්චා බ්රහ්මදත්තරාජානං ආදාය පටිරඤ්ඤො ඛන්ධාවාරං ගන්ත්වා සබ්බඝටෙහි දීපෙ නීහරාපෙත්වා එකපජ්ජොතං කත්වා උක්කුට්ඨිං අකංසු. පටිරඤ්ඤො අමච්චො මහාබලකායං දිස්වා භීතො අත්තනො රාජානං උපසඞ්කමිත්වා “උට්ඨෙහි අමක්ඛිකං මධුං ඛාදාහී”ති මහාසද්දං අකාසි. තථා දුතියොපි තතියොපි. පටිරාජා තෙන සද්දෙන පටිබුජ්ඣිත්වා භයං සන්තාසං ආපජ්ජි. උක්කුට්ඨිසතානි පවත්තිංසු. සො “පරවචනං සද්දහිත්වා අමිත්තහත්ථං පත්තොම්හී”ති සබ්බරත්තිං තං තං විප්පලපිත්වා දුතියදිවසෙ “ධම්මිකො රාජා, උපරොධං න කරෙය්ය ගන්ත්වා ඛමාපෙමී”ති චින්තෙත්වා රාජානං උපසඞ්කමිත්වා ජණ්ණුකෙහි පතිට්ඨහිත්වා “ඛම, මහාරාජ, මය්හං අපරාධ”න්ති ආහ. රාජා තං ඔවදිත්වා “උට්ඨෙහි, ඛමාමි තෙ”ති ආහ. සො රඤ්ඤා එවං වුත්තමත්තෙයෙව පරමස්සාසප්පත්තො අහොසි. බාරාණසිරඤ්ඤො සමීපෙයෙව ජනපදෙ රජ්ජං ලභි. තෙ අඤ්ඤමඤ්ඤං සහායකා අහෙසුං.
ඉක්බිති ඇමතියෝ බඹදත්ට කීවාහුය. මහරජ, ඔහු සමග යුද්ධ කරමුයි, රජු මා ප්රාණඝාතකයකු වන්නේ යයි, ඇමතියා වැළැක්වීය. මහරජ, අපි ජීවග්රහයෙන් නොගෙන මෙහිම ගෙන එන්නෙමුයි බොහෝ උපායවලින් රජුට හඟවා, මහරජ; එවයි, යාමට පටන් ගත්තෝ, රජු, ඉදින් සතුන් මැරීම, මංකොල්ලකෑම, මංපැහැරීම නොකරවු නම්, එමියි, ඇමතියෝ දේවයනි, බිය දක්වා පලායමුයි, චතුරංගනී සේනාව සන්නද්ධකොට කළවල පහන් දමා අඳුරට ගියහ. යුවරජු ඒ දවස බරණැස සමීපයේ නගරයක් ගෙන දැන් කිම රාත්‍රියේ සන්නාහ මුදවා ප්‍රමාද වී බලකාය සමග නින්දට වැටුණි. ඉක්බිති ඇමතියෝ බරණැස් රජු අල්ලාගෙන, යුවරජුගේ කඳවුරට ගෙනගොස් සියළු කළවලින් පහන් ඉවත්කොට එක හඬින් සේනාවට ශබ්ද කළහ. යුවරජුගේ ඇමතියා මහසෙනග දැක, බියට පත්වූයේ තමන්ගේ රජු වෙත එළඹ, නැගී සිටියේය. මැසි රහිත මීවද අනුභව කරන්නැයි මහහඬින් ශබ්ද කළේය. දෙවනුවද, තෙවනුවද එසේය. යුවරජු ඒ ශබ්දයෙන් අවදි වී බිය සන්ත්‍රාසයට පත්විය. මහහඬින් ඝෝෂාද කළහ. ඔහු අනුන්ගේ වචන අසා සතුරු අතට පත්වූයෙමියි, රාත්‍රිය මුලුල්ලේ, ඒ ඒ විලාප හඬ නගා දෙවැනි දිනයේ, ධාර්මික රජු වළකින්නේ යයි ගොස් ක්ෂමා කරමියි සිතා, රජු වෙත එළඹ, දණිස්වලින් පිහිටුවා, ක්ෂමා වන්න මහරජ, මා අපරාධයක් කළේ යයි කීවේය. රජු ඔහුට අවවාද දී, නැගිටින්න. ක්ෂමාව දෙමියි කීවේය. ඔහු රජු විසින් එසේ කී කල්හිම පරම විශ්වාසයට පැමිණියේ විය. බරණැස් රජුගේ සමීපයේම ජනපදයෙක රාජ්‍යය ලැබීය. ඔවුහු ඔවුනොවුන් සහායකව වූහ.
අථ බ්රහ්මදත්තො ද්වෙපි සෙනා සම්මොදමානා එකතො ඨිතා දිස්වා “මමෙවෙකස්ස චිත්තානුරක්ඛණාය අස්මිං මහාජනකායෙ ඛුද්දකමක්ඛිකාය පිවනමත්තම්පි ලොහිතබින්දු න උප්පන්නං, අහො සාධු, අහො සුට්ඨු, සබ්බෙ සත්තා සුඛිතා හොන්තු, අවෙරා හොන්තු, අබ්යාපජ්ජා හොන්තූ”ති මෙත්තාඣානං උප්පාදෙත්වා තදෙව පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසිත්වා පච්චෙකබොධිඤාණං සච්ඡිකත්වා සයම්භුතං පාපුණි. තං මග්ගඵලසුඛෙන සුඛිතං හත්ථික්ඛන්ධෙ නිසින්නං අමච්චා පණිපාතං කත්වා ආහංසු – “යානකාලො, මහාරාජ, විජිතබලකායස්ස සක්කාරො කාතබ්බො, පරාජිතබලකායස්ස භත්තපරිබ්බයො දාතබ්බො”ති. සො ආහ – “නාහං, භණෙ, රාජා, පච්චෙකබුද්ධො නාමාහ”න්ති. “කිං දෙවො භණති, න එදිසා පච්චෙකබුද්ධා හොන්තී”ති. “කීදිසා, භණෙ, පච්චෙකබුද්ධා”ති? “පච්චෙකබුද්ධා නාම ද්වඞ්ගුලකෙසමස්සූ අට්ඨපරික්ඛාරයුත්තා භවන්තී”ති. සො දක්ඛිණහත්ථෙන සීසං පරාමසි, තාවදෙව ගිහිලිඞ්ගං අන්තරධායි, පබ්බජිතවෙසො පාතුරහොසි. ද්වඞ්ගුලකෙසමස්සු අට්ඨපරික්ඛාරසමන්නාගතො වස්සසතිකත්ථෙරසදිසො අහොසි. සො චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා හත්ථික්ඛන්ධතො වෙහාසං අබ්භුග්ගන්ත්වා පදුමපුප්ඵෙ නිසීදි. අමච්චා වන්දිත්වා “කිං, භන්තෙ, කම්මට්ඨානං, කථං අධිගතොසී”ති පුච්ඡිංසු. සො යතො අස්ස මෙත්තාඣානකම්මට්ඨානං අහොසි, තඤ්ච විපස්සනං විපස්සිත්වා අධිගතො, තස්මා තමත්ථං දස්සෙන්තො උදානගාථඤ්ච බ්යාකරණගාථඤ්ච ඉමංයෙව ගාථං අභාසි “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩ”න්ති.
ඉක්බිති බඹදත් රජුද සේනා දෙක සතුටු කථාබහින් එකට සිටිනු දැක එකඟවීම මගේ සිත රැකීම පිණිසම වේ. මේ මහජනකායෙහි කුඩා මැසි මදුරු මාත්‍රයකුදු ලේ බිඳුවක් නොහටගනියි යයි අනේ යහපත්! අනේ හොඳයි යයි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා! අවිහිංසා වෙත්වා! යි මෛත්‍රී ධ්‍යානය උපදවා එයම පාදක කොට සංස්කාර මෙනෙහිකොට පසේබෝධි ඥානය සාක්ෂාත් කොට ස්වයම්භූ ඥානයට පත්විණි. හේ මාර්ග සුවයෙන්ද ඵල සුවයෙන්ද සැපසේ ඇතුපිට සිටින ඇමතියෝ නමස්කාරකොට කීවාහුය. සුදුසු කාලයයි මහරජ; දිනන ලද බලකායට සත්කාර කළ යුතුය. පරාජිත බලකායට බත් වැටුප දිය යුතුයයි ඔහු කීවේය. බොල රජතුමනි, මම පසේ බුදුවරයෙකු නොවෙමි. රජතුමා කුමක් නම් කියයිද? මෙබඳු ආකාර පසේබුදුවරු නොමැත. බොල, පසේ බුදුවරු කෙබඳු ආකාරයක්ද? පසේ බුදුවරු නම් අඟල් දෙකක් පමණ කෙස්රවුල් ඇති, අටපිරිකර වලින් සමන්විත වර්ෂ සියයක් පිරුණු තෙරුන් කෙනෙකු සමානය. හෙතම සතර ධ්‍යාන සමාදන් වී ඇතු පිටින් වේභාස පර්වතයෙන් අහසට පැන නැග, පියුමක් මත්තෙහි හැඩ හුන්නේය. ඇමතියෝ වැඳ, කිම ස්වාමීනි; කමටහන් කෙසේ අධිගම කළේදැයි විචාළහ. හෙතම මෙපමණ මෛත්‍රී ධ්‍යාන කමටහන් විය. එයද විදර්ශනා වඩා ලබාගත්තේ, එහෙයින් ඒ අදහස දක්වමින් උදාන ගාථාවද ව්‍යාකරණ ගාථාවද මේ ගාථාවද කී සේක.
තත්ථ සබ්බෙසූති අනවසෙසෙසු. භූතෙසූති සත්තෙසු. අයමෙත්ථ සඞ්ඛෙපො , විත්ථාරං පන රතනසුත්තවණ්ණනායං වක්ඛාම. නිධායාති නික්ඛිපිත්වා. දණ්ඩන්ති කායවචීමනොදණ්ඩං, කායදුච්චරිතාදීනමෙතං අධිවචනං. කායදුච්චරිතඤ්හි දණ්ඩයතීති දණ්ඩං, බාධෙති අනයබ්යසනං පාපෙතීති වුත්තං හොති. එවං වචීදුච්චරිතං මනොදුච්චරිතඤ්ච. පහරණදණ්ඩො එව වා දණ්ඩො, තං නිධායාතිපි වුත්තං හොති. අවිහෙඨයන්ති අවිහෙඨයන්තො. අඤ්ඤතරම්පීති යංකිඤ්චි එකම්පි. තෙසන්ති තෙසං සබ්බභූතානං. න පුත්තමිච්ඡෙය්යාති අත්රජො, ඛෙත්තජො, දින්නකො, අන්තෙවාසිකොති ඉමෙසු චතූසු පුත්තෙසු යංකිඤ්චි පුත්තං න ඉච්ඡෙය්ය. කුතො සහායන්ති සහායං පන ඉච්ඡෙය්යාති කුතො එව එතං.
[missing trans]
එකොති පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවිගතකිලෙසොති එකො, එකො පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො. සමණසහස්සස්සාපි හි මජ්ඣෙ වත්තමානො ගිහිසංයොජනස්ස ඡින්නත්තා එකො, එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො. එකො තිට්ඨති, එකො ගච්ඡති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ඉරියති වත්තතීති එවං අදුතියට්ඨෙන එකො.
[missing trans]
“තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධානසංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
[missing trans]
“එතමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවං; වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ”ති. (ඉතිවු· 15, 105; මහානි· 191; චූළනි·පාරායනානුගීතිගාථානිද්දෙස 107) –
[missing trans]
එවං තණ්හාපහානට්ඨෙන එකො. සබ්බකිලෙසාස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මාති එවං එකන්තවිගතකිලෙසොති එකො. අනාචරියකො හුත්වා සයම්භූ සාමංයෙව පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එවං එකො පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
[missing trans]
චරෙති යා ඉමා අට්ඨ චරියායො. සෙය්යථිදං – පණිධිසම්පන්නානං චතූසු ඉරියාපථෙසු ඉරියාපථචරියා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං ඡසු අජ්ඣත්තිකායතනෙසු ආයතනචරියා, අප්පමාදවිහාරීනං චතූසු සතිපට්ඨානෙසු සතිචරියා, අධිචිත්තමනුයුත්තානං චතූසු ඣානෙසු සමාධිචරියා, බුද්ධිසම්පන්නානං චතූසු අරියසච්චෙසු ඤාණචරියා, සම්මාපටිපන්නානං චතූසු අරියසච්චෙසු මග්ගචරියා, අධිගතප්ඵලානං චතූසු සාමඤ්ඤඵලෙසු පත්තිචරියා, තිණ්ණං බුද්ධානං සබ්බසත්තෙසු ලොකත්ථචරියා, තත්ථ පදෙසතො පච්චෙකබුද්ධබුද්ධසාවකානන්ති. යථාහ – “චරියාති අට්ඨ චරියායො ඉරියාපථචරියා”ති (පටි· ම· 1.197; 3.28) විත්ථාරො. තාහි චරියාහි සමන්නාගතො භවෙය්‍යාති අත්ථො. අථ වා යා ඉමා අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො වීරියෙන චරති, උපට්ඨහන්තො සතියා චරති, අවික්ඛිත්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණෙන චරති, එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයතන්තීති ආයතනචරියාය චරති, එවං පටිපන්නො විසෙසං අධිගච්ඡතීති විසෙසචරියාය චරතීති (පටි· ම· 1.197; 3.28) එවං අපරාපි අට්ඨ චරියායො වුත්තා, තාහිපි සමන්නාගතො භවෙය්‍යාති අත්ථො. ඛග්ගවිසාණකප්පොති එත්ථ ඛග්ගවිසාණං නාම ඛග්ගමිගසිඞ්ගං. කප්ප-සද්දස්ස අත්ථං විත්ථාරතො මඞ්ගලසුත්තවණ්ණනායං පකාසයිස්සාම, ඉධ පනායං “සත්ථුකප්පෙන වත, භො, කිර සාවකෙන සද්ධිං මන්තයමානා”ති එවමාදීසු (ම· නි· 1.260) විය පටිභාගො වෙදිතබ්බො. ඛග්ගවිසාණකප්පොති ඛග්ගවිසාණසදිසොති වුත්තං හොති. අයං තාවෙත්ථ පදතො අත්ථවණ්ණනා.
[missing trans]
අධිප්පායානුසන්ධිතො පන එවං වෙදිතබ්බො – ය්වායං වුත්තප්පකාරො දණ්ඩො භූතෙසු පවත්තියමානො අහිතො හොති, තං තෙසු අප්පවත්තනෙන තප්පටිපක්ඛභූතාය මෙත්තාය පරහිතූපසංහාරෙන ච සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, නිහිතදණ්ඩත්තා එව ච යථා අනිහිතදණ්ඩා සත්තා භූතානි දණ්ඩෙන වා සත්ථෙන වා පාණිනා වා ලෙඩ්ඩුනා වා විහෙඨයන්ති, තථා අවිහෙඨයං, අඤ්ඤතරම්පි තෙසං ඉමං මෙත්තාකම්මට්ඨානමාගම්ම යදෙව තත්ථ වෙදනාගතං සඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණගතං තඤ්ච තදනුසාරෙනෙව තදඤ්ඤඤ්ච සඞ්ඛාරගතං විපස්සිත්වා ඉමං පච්චෙකබොධිං අධිගතොම්හීති අයං තාව අධිප්පායො.
[missing trans]
අයං පන අනුසන්ධි – එවං වුත්තෙ තෙ අමච්චා ආහංසු – “ඉදානි, භන්තෙ, කුහිං ගච්ඡථා”ති? තතො තෙන “පුබ්බෙ පච්චෙකබුද්ධා කත්ථ වසන්තී”ති ආවජ්ජෙත්වා ඤත්වා “ගන්ධමාදනපබ්බතෙ”ති වුත්තෙ පුන ආහංසු – “අම්හෙ දානි, භන්තෙ, පජහථ න ඉච්ඡථා”ති. අථ පච්චෙකසම්බුද්ධො ආහ “න පුත්තමිච්ඡෙය්යා”ති සබ්බං. තත්රාධිප්පායො – අහං ඉදානි අත්රජාදීසු යංකිඤ්චි පුත්තම්පි න ඉච්ඡෙය්යං, කුතො පන තුම්හාදිසං සහායං. තස්මා තුම්හෙසුපි යො මයා සද්ධිං ගන්තුං මාදිසො වා හොතුං ඉච්ඡති, සො එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අථ වා තෙහි “අම්හෙ දානි, භන්තෙ, පජහථ න ඉච්ඡථා”ති වුත්තෙ සො පච්චෙකසම්බුද්ධො “න පුත්තමිච්ඡෙය්ය කුතො සහාය”න්ති වත්වා අත්තනො යථාවුත්තෙනත්ථෙන එකචරියාය ගුණං දිස්වා පමුදිතො පීතිසොමනස්සජාතො ඉමං උදානං උදානෙසි – “එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. එවං වත්වා පෙක්ඛමානස්සෙව මහාජනස්ස ආකාසෙ උප්පතිත්වා ගන්ධමාදනං අගමාසි.
[missing trans]
ගන්ධමාදනො නාම හිමවති චූළකාළපබ්බතං මහාකාළපබ්බතං නාගපලිවෙඨනං චන්දගබ්භං සූරියගබ්භං සුවණ්ණපස්සං හිමවන්තපබ්බතන්ති සත්ත පබ්බතෙ අතික්කම්ම හොති. තත්ථ නන්දමූලකං නාම පබ්භාරං පච්චෙකබුද්ධානං වසනොකාසො, තිස්සො ච ගුහායො – සුවණ්ණගුහා, මණිගුහා, රජතගුහාති. තත්ථ මණිගුහාද්වාරෙ මඤ්ජූසකො නාම රුක්ඛො යොජනං උබ්බෙධෙන, යොජනං විත්ථාරෙන. සො යත්තකානි උදකෙ වා ථලෙ වා පුප්ඵානි, සබ්බානි තානි පුප්ඵයති, විසෙසෙන පච්චෙකබුද්ධාගමනදිවසෙ. තස්සූපරිතො සබ්බරතනමාළො හොති. තත්ථ සම්මජ්ජනකවාතො කචවරං ඡඩ්ඩෙති, සමකරණවාතො සබ්බරතනමයවාලුකං සමං කරොති, සිඤ්චනකවාතො අනොතත්තදහතො ආනෙත්වා උදකං සිඤ්චති, සුගන්ධකරණවාතො හිමවන්තතො සබ්බෙසං සුගන්ධරුක්ඛානං ගන්ධෙ ආනෙති, ඔචිනකවාතො පුප්ඵානි ඔචිනිත්‍වා පාතෙති, සන්ථරකවාතො සබ්බත්ථ සන්ථරති. සදා සුපඤ්ඤත්තානෙව චෙත්ථ ආසනානි හොන්ති, යෙසු පච්චෙකබුද්ධුප්පාදදිවසෙ, උපොසථදිවසෙ ච සබ්බෙ පච්චෙකබුද්ධා සන්නිපතිත්වා නිසීදන්ති. අයං තත්ථ පකති. අයං පච්චෙකබුද්ධො තත්ථ ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදති. තතො සචෙ තස්මිං කාලෙ අඤ්ඤෙපි පච්චෙකබුද්ධා සංවිජ්ජන්ති, තෙපි තඞ්ඛණෙයෙව සන්නිපතිත්වා පඤ්ඤත්තාසනෙසු නිසීදන්ති. නිසීදිත්වා ච කිඤ්චිදෙව සමාපත්තිං සමාපජ්ජිත්වා වුට්ඨහන්ති. තතො සඞ්ඝත්ථෙරො අධුනාගතපච්චෙකබුද්ධං සබ්බෙසං අනුමොදනත්ථාය “කථමධිගත”න්ති එවං කම්මට්ඨානං පුච්ඡති, තදාපි සො තමෙව අත්තනො උදානබ්යාකරණගාථං භාසති. පුන භගවාපි ආයස්මතා ආනන්දෙන පුට්ඨො තමෙව ගාථං භාසති. ආනන්දොපි සඞ්ගීතියන්ති එවං එකෙකා ගාථා පච්චෙකසම්බොධිඅභිසම්බුද්ධට්ඨානෙ, මඤ්ජූසකමාළෙ, ආනන්දෙන පුච්ඡිතකාලෙ, සඞ්ගීතියන්ති චතුක්ඛත්තුං භාසිතා හොතීති.
[missing trans] මැණික් ගුහා රිදී ගුහා යනු එහි මැණික් ගුහා දොරටුවෙහි මංජුසක නම් ගසකි. යොදුනක් උසය. යොදුනක් පළලය. එය යම් පමණ ගොඩබිම හා ජලයෙහි පිපිය යුතු මල් පිපෙත්. ඒ සියල්ල පිපෙයි. විශේෂයෙන් පසේ බුදුවරුන්ගේ ගමන් දිනයේ ඒ ගස ඉදිරියේ සියල්ල රතුමල් වෙයි. එහි අතුගා දමන කුණුරොඩු විසිකරයිද, වාතය හමා යාමෙන් රුවන්මය වැල්ලට සමාන වෙයි. සුළං හමා යාමෙන් අනෝතප්ත විලෙන් ජලය ගෙනවිත් එහි ඉසියි. සුවඳවත් කිරීමේදී, හිමාලයෙන් සියලු සුවඳ ගස්වල සුවඳ ගෙනඑයි. පිපිවන සුළඟින් මල්කඩා බිම හෙළයි. අතුරණ වාතයෙන් සියලු තැන අතුරවයි. සැමකල්හි පනවන ලද්දා වූම ආසනයෝ වෙති. යම් පසේ බුදුවරයෙකු උපදින දිනයෙක පෙහෙවස් දිනයකද, සියලු පසේ බුදුවරු රැස්වී වැඩසිටිති. මේ එහි ස්වභාවයයි. මේ පසේ බුදුරජ එහි ගොස් පනවන ලද ආසනයේ වැඩසිටිති. ඉක්බිති, ඉදින් ඒ කාලයේ වෙනත් පසේ බුදුවරුද විද්‍යමාන වෙත්. උන්වහන්සේද එකෙණෙහිම රැස්වී පනවන ලද ආසනවල හිඳිති. වැඩහිඳ, කිසියම් සමවතක් සමාදන් වී නැගී සිටිති. අනතුරුව සංඝ ස්ථවිර, දැන් පැමිණි පසේ බුදුරදුන්ට සියල්ලට අනුමෝදනා පිණිස කෙසේ අධිගමවේදැයි, මෙසේ කමටහන් විචාරයි. එකල්හි ඔහු එයම තමන්ගේ උදාන ව්‍යාකරණ ගාථා කියයි. නැවත භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් විමසන කල්හි එම ගාථාවම වදාරයි. ආනන්ද තෙරුන්ද, සංගීතියට වදාළ සේක. මෙසේ එක එක ගාථා සේ බුදුන් අභිසම්බෝධියට පැමිණෙන තැනෙක්හි දිව්‍ය වෘක්ෂයක්හි මුල, සිට ආනන්ද තෙරුන් විසින් විචාල කල්හි, සතරවරක් සංගීති කළේ යයි කියන ලද්දේ වෙයි.
පඨමගාථාවණ්ණනා නිට්ඨිතා.
පළමු ගාථා වර්ණනාව සමාප්තයි.
91
91
සංසග්ගජාතස්සාති ගාථා කා උප්පත්ති? අයම්පි පච්චෙකබොධිසත්තො කස්සපස්ස භගවතො සාසනෙ වීසති වස්සසහස්සානි පුරිමනයෙනෙව සමණධම්මං කරොන්තො කසිණපරිකම්මං කත්වා පඨමං ඣානං නිබ්බත්තෙත්වා නාමරූපං වවත්ථපෙත්වා ලක්ඛණසම්මසනං කත්වා අරියමග්ගං අනධිගම්ම බ්රහ්මලොකෙ නිබ්බත්ති. සො තතො චුතො බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි උප්පජ්ජිත්වා පුරිමනයෙනෙව වඩ්ඪමානො යතො පභුති “අයං ඉත්ථී, අයං පුරිසො”ති විසෙසං අඤ්ඤාසි. තදුපාදාය ඉත්ථීනං හත්ථෙ න රමති , උච්ඡාදනන්හාපනමණ්ඩනාදිමත්තම්පි න සාදියති. තං පුරිසා එව පොසෙන්ති. ථඤ්ඤපායනකාලෙ ධාතියො කඤ්චුකං පටිමුඤ්චිත්වා පුරිසවෙසෙන ථඤ්ඤං පායෙන්ති. සො ඉත්ථීනං ගන්ධං ඝායිත්වා සද්දං වා සුත්වා රොදති, විඤ්ඤුතං පත්තොපි ඉත්ථියො පස්සිතුං න ඉච්ඡති. තෙන තං අනිත්ථිගන්ධොත්වෙව සඤ්ජානිංසු.
සංසග්ග ජාතස්ස යන ගාථාවේ ආරම්භය කුමක්ද? මේ පසේ බුදුවරයාද කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ විසිදහසකට පෙර කියන ලද අයුරින්ම මහණදම් කරමින්, කෙළවර කසිණ ආරම්මණය කොට ප්‍රථමධ්‍යාන උපදවා, නාම-රූප පරීක්ෂා කර බලා ලකුණු මෙනෙහිකොට අරියමාර්ගය නොලැබ බඹලොව උපන්නේය. ඔහු එයින් චුත වූයේ, බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද, පෙර පරිදිම වැඩෙන්නේ එතැන් පටන් මේ ස්ත්‍රියකි, මේ පුරුෂයෙකි. විශේෂ දැනගත්තේය. එසේ කොට කිරිමව්වරුන්ගේ අත්වල නොසතුටු වෙයි. සෝදන නාවන සරසන මොහොතවත් හික්මී නොසිටියි. ඔහුව පිරිමිම පෝෂණය කරති. කිරිදොවන කල්හි, කිරි මව්වරු සැට්ටයට පිවිසවා පුරුෂ වේශයෙන් කිරි පොවත්. ඔහු ස්ත්රීන්ගේ සුවඳ ආඝ්‍රාණය කොට ශබ්දයක් හෝ අසා හඬයි. නැණ පැමිණ ස්ත්‍රීහුද, දැකීමට නොකැමැති වේ. එයින්ද ඒ ස්ත්‍රී සුවඳ යයි දැනගත්හ.
තස්මිං සොළසවස්සුද්දෙසිකෙ ජාතෙ රාජා “කුලවංසං සණ්ඨපෙස්සාමී”ති නානාකුලෙහි තස්ස අනුරූපා කඤ්ඤායො ආනෙත්වා අඤ්ඤතරං අමච්චං ආණාපෙසි “කුමාරං රමාපෙහී”ති. අමච්චො උපායෙන තං රමාපෙතුකාමො තස්ස අවිදූරෙ සාණිපාකාරං පරික්ඛිපාපෙත්වා නාටකානි පයොජාපෙසි. කුමාරො ගීතවාදිතසද්දං සුත්වා “කස්සෙසො සද්දො”ති ආහ. අමච්චො “තවෙසො, දෙව , නාටකිත්ථීනං සද්දො, පුඤ්ඤවන්තානං ඊදිසානි නාටකානි හොන්ති. අභිරම, දෙව, මහාපුඤ්ඤොසි ත්ව”න්ති ආහ. කුමාරො අමච්චං දණ්ඩෙන තාළාපෙත්වා නික්කඩ්ඪාපෙසි. සො රඤ්ඤො ආරොචෙසි. රාජා කුමාරස්ස මාතරා සහ ගන්ත්වා කුමාරං ඛමාපෙත්වා පුන අමච්චං ආණාපෙසි. කුමාරො තෙහි අතිනිප්පීළියමානො සෙට්ඨසුවණ්ණං දත්වා සුවණ්ණකාරෙ ආණාපෙසි “සුන්දරං ඉත්ථිරූපං කරොථා”ති. තෙ විස්සකම්මුනා නිම්මිතසදිසං සබ්බාලඞ්කාරවිභූසිතං ඉත්ථිරූපං කරිත්වා දස්සෙසුං. කුමාරො දිස්වා විම්හයෙන සීසං චාලෙත්වා මාතාපිතූනං පෙසෙසි – “යදි ඊදිසිං ඉත්ථිං ලභිස්සාමි, ගණ්හිස්සාමී”ති. මාතාපිතරො “අම්හාකං පුත්තො මහාපුඤ්ඤො, අවස්සං තෙන සහ කතපුඤ්ඤා කාචි දාරිකා ලොකෙ උප්පන්නා භවිස්සතී”ති තං සුවණ්ණරූපං රථං ආරොපෙත්වා අමච්චානං අප්පෙසුං – “ගච්ඡථ, ඊදිසිං දාරිකං ගවෙසථා”ති. තෙ තං ගහෙත්වා සොළසමහාජනපදෙ විචරන්තා තං තං ගාමං ගන්ත්වා උදකතිත්ථාදීසු යත්ථ යත්ථ ජනසමූහං පස්සන්ති, තත්ථ තත්ථ දෙවතං විය සුවණ්ණරූපං ඨපෙත්වා නානාපුප්ඵවත්ථාලඞ්කාරෙහි පූජං කත්වා විතානං බන්ධිත්වා එකමන්තං තිට්ඨන්ති “යදි කෙනචි එවරූපා දිට්ඨපුබ්බා භවිස්සති, සො කථං සමුට්ඨාපෙස්සතී”ති? එතෙනුපායෙන අඤ්ඤත්ර මද්දරට්ඨා සබ්බජනපදෙ ආහිණ්ඩිත්වා තං “ඛුද්දකරට්ඨ”න්ති අවමඤ්ඤමානා තත්ථ පඨමං අගන්ත්වා නිවත්තිංසු.
ඔහු වර්ෂ දාසය උදාවූ කල්හි රජු කුලවංශය තබන්නෙමියි නොයෙක් කුලවලින් ඔහුට සුදුසු වූ කන්‍යාවන් ගෙනවිත් එක්තරා ඇමතියෙකුට අණ කළේය. කුමාරයා සතුටු කළ මැනවි යනුවෙනි. ඇමතියා උපායෙන් ඔහු සතුටු කරනු කැමැත්තේ ඔහුට නුදුරෙහි කානුවක් සහිත ප්රාකාරයකින් වටකොට නාටකාදිහු යෙදවීය. ඇමති කුමරා ගීත වාදන ශබ්දය අසා, මේ කවරකුගේ ශබ්දයක්දැයි කීවේය. දේවයන් වහන්ස, මේ නාටක ස්ත්රීන්ගේ ශබ්දයයි. පුණ්‍යවන්තයන්ට මෙබඳු වූ නාටිකාවෝ වෙති. දේවයන් වහන්ස, සතුටුවන්න. නුඹ මහ පින්වන්තයකැයි කීවේය. කුමාරයා ඇමතියාව දණ්ඩකින් තළා පෙළා ඉවතට ඇද දැමීය. ඔහු රජුට දැනුම් දුන්නේය. රජු කුමරුගේ මව සමග ගොස්, කුමරු ක්ෂමා කොට, නැවත ඇමතියා කැඳවීය. කුමරු ඔවුන් විසින් නොපෙළනු ලබන්නේ, රන්කරුවන් කැඳවා, වටිනා මැණික් දී, සුන්දර ස්ත්‍රී රූපයක් කරවු යයි ඔවුන්ට අණ කළේය. විශ්වකර්මයා විසින් නිර්මාණය කළ සමාන සියළු ආකාරයෙන් අලංකාර වූ ස්ත්‍රී රූපයක් කොට පෙන්වූහ. කුමරු දැක විස්මයෙන් හිස සොළවා, මව්පියන්ට යැවීය. ඉදින් මේ ආකාර ස්ත්‍රියක් ලබමි. ගන්නෙමියි මව්පියෝ අපේ පුතා මහා පින්වන්තයෙකි. අවශ්‍යයෙන්ම ඔහු සමග කළ පින් ඇති කිසියම් දැරිවියක ලොව උපන්නේ වන්නේ යයි ඒ රන් රූපය රථයක නංවාගෙන, ඇමතියන්ට පත්වූ නියෝග කළහ. යවු! මෙබඳු ආකාර දැරිවියක සොයවු! යයි ඔවුහු එය ගෙන සොළොස්දමා ජනපදයෙහි හැසිරෙන්නේ ඒ ඒ ගමට පැමිණ, දියතොටුපොළ ආදි යම් යම් ජන සමූහය රෑ දකිත්ද, ඒ ඒ තැන දේවතාවියක මෙන් එම රන් රූපය තබා, නොයෙක් මල්, වස්ත්‍රාදියෙන් පූජාකොට වියනක් බැඳ එකත්පසක සිටිත්. ඉදින් කිසිවකු විසින් මෙබඳු ආකාර කෙනෙකු දක්නා ලද්දේ නම්, ඔහු වහාම පැමිණිය යුතු වන්නේ යයි මේ උපායෙන් මදුරට සියලු ජනපදවල ඇවිද එය කුඩා රටක් යයි නොසිතමින් එහි පළමුව පැමිණ නැවතුනහ.
තතො නෙසං එතදහොසි – “මද්දරට්ඨම්පි තාව ගච්ඡාම, මා නො බාරාණසිං පවිට්ඨෙපි රාජා පුන පෙසෙසී”ති මද්දරට්ඨෙ සාගලනගරං අගමංසු. සාගලනගරෙ ච මද්දවො නාම රාජා. තස්ස ධීතා සොළසවස්සුද්දෙසිකා අභිරූපා අහොසි. තස්සා වණ්ණදාසියො න්හානොදකත්ථාය තිත්ථං ගච්ඡන්ති. තත්ථ අමච්චෙහි ඨපිතං තං සුවණ්ණරූපං දූරතොව දිස්වා “අම්හෙ උදකත්ථාය පෙසෙත්වා රාජපුත්තී සයමෙව ආගතා”ති භණන්තියො සමීපං ගන්ත්වා “නායං සාමිනී, අම්හාකං සාමිනී ඉතො අභිරූපතරා”ති ආහංසු. අමච්චා තං සුත්වා රාජානං උපසඞ්කමිත්වා අනුරූපෙන නයෙන දාරිකං යාචිංසු. සොපි අදාසි. තෙ බාරාණසිරඤ්ඤො පාහෙසුං – “ලද්ධා, දෙව, කුමාරිකා, සාමං ආගච්ඡථ, උදාහු අම්හෙව ආනෙමා”ති. සො “මයි ආගච්ඡන්තෙ ජනපදපීළා භවිස්සති, තුම්හෙව නං ආනෙථා”ති පෙසෙසි.
ඉක්බිති ඔවුන්ට මෙබඳු අදහසක් පහළවිය. මදුරටට යමුද, නැතහොත් බරණැසට නොපිවිසෙවු. රජු නැවත එවීය යයි මද්ද රට සාගල නුවරට ගියහ. සාගල නුවර මද්දව නම් රජුගේ දියණිය සොළොස්විය සපුරා මනා රූ ඇත්තී වූවාය. ඇගේ පරිවාර දාසියෝ ජලස්නානය පිණිස තොටුපොළට යන්නී, එහි ඇමතියන් විසින් තබන ලද, ඒ රන් රූපය දුරසිටම දැක අපව ජලයට යවා රාජ දියණිය තනිවම ආවා යයි කථා කරමින් සමීපයට ගොස්, මේ අපේ ස්වාමි දියණිය නොවේ. අපේ ස්වාමි දියණිය මීට වඩා ලස්සන යයි කීවාහුය. ඇමතියෝ එය අසා, රජු වෙත සපැමිණ සුදුසු ආකාර දැරියක ඉල්ලූහ. ඔහුද දුන්නේය. ඔවුහු බරණැස රජු වෙතට පැමිණවූහ. රජතුමනි, කුමාරිකාවක ලැබුවෙමු. ඇයම පැමිණෙයිද, නැතහොත් අප රැගෙන එමුද? ඔහු දමා යන කල්හි ජනපද පීඩාව වන්නේය. නුඹලාම ඇය රැගෙන එවු යයි යැවීය.
අමච්චාපි දාරිකං ගහෙත්වා නගරා නික්ඛමිත්වා කුමාරස්ස පාහෙසුං – “ලද්ධා සුවණ්ණරූපසදිසා කුමාරිකා”ති. කුමාරො සුත්වාව රාගෙන අභිභූතො පඨමජ්ඣානා පරිහායි. සො දූතපරම්පරාය පෙසෙසි – “සීඝං ආනෙථ, සීඝං ආනෙථා”ති. තෙ සබ්බත්ථ එකරත්තිවාසෙන බාරාණසිං පත්වා බහිනගරෙ ඨිතා රඤ්ඤො පෙසෙසුං – “අජ්ජෙව පවිසිතබ්බං, නො”ති. රාජා “සෙට්ඨකුලා ආනීතා දාරිකා, මඞ්ගලකිරියං කත්වා මහාසක්කාරෙන පවෙසෙස්සාම, උය්යානං තාව නං නෙථා”ති ආහ. තෙ තථා අකංසු. සා අච්චන්තසුඛුමාලා කුමාරිකා යානුග්ඝාටෙන උබ්බාළ්හා අද්ධානපරිස්සමෙන උප්පන්නවාතරොගා මිලාතමාලා විය හුත්වා රත්තිභාගෙ කාලමකාසි. අමච්චා “සක්කාරා පරිභට්ඨම්හා”ති පරිදෙවිංසු. රාජා ච නාගරා ච “කුලවංසො විනට්ඨො”ති පරිදෙවිංසු. සකලනගරං කොලාහලං අහොසි. කුමාරස්ස සුතමත්තෙයෙව මහාසොකො උදපාදි.
ඇමතියෝ දැරිය ගෙන නුවරින් නික්ම, කුමාරයාට පෙන්වූහ. ලද්දේ රන්වන් කුමාරිකාවකැයි, කුමරා අසාම, රාගයෙන් මැඩුණේ, ප්‍රථම ධ්‍යානය පිරිහුණි. ඔහු දූත පරම්පරාව යැවීය. වහා රැගෙන එවු. වහා රැගෙන එවු. ඔවුහු සියළු දෙන එකරාත්රියකින්ම බරණැසට පැමිණ, නගරයෙන් පිටත සිට, රජුට පෙන්වූහ. අදම අප වෙත පිවිසිය යුතුයි යනුවෙනි. රජු සිටු කුලයෙන් රැගෙන ආ දැරිය මංගල ක්‍රියාව සිදුකොට මහා සත්කාරයෙන් පිවිසවන්නෙමුයි ඇයව උයනට රැගෙන යන්නයි කීවේය. ඔවුහු එසේ කළහ. ඇය අතිශයින් සියුමැලි කුමරියකි. යානයක ගැටීමෙන් කරදර වූවා මාර්ග ප්රවේශයේදී උන් වාත රෝගයකින් මැලවුණු මලක් මෙන් වී රාත්‍රි කාලයේ කලුරිය කළාය. ඇමතියෝ සත්කාර කළෝ, කරකැවී හඬා වැලපුනහ. මුලු නගරයම මහත් කෝලාහලයක් මෙන් විය. කුමාරයාට ඇසූ මණින්ම මහත් ශෝකයක් හටගත්තේය.
තතො කුමාරො සොකස්ස මූලං ඛනිතුං ආරද්ධො. සො එවං චින්තෙසි – “අයං සොකො නාම න අජාතස්ස හොති, ජාතස්ස පන හොති. තස්මා ජාතිං පටිච්ච සොකො. ජාති පන කිං පටිච්චාති? භවං පටිච්ච ජාතී”ති. එවං පුබ්බභාවනානුභාවෙන යොනිසො මනසිකරොන්තො අනුලොමපටිලොමං පටිච්චසමුප්පාදං දිස්වා පුන අනුලොමඤ්ච සඞ්ඛාරෙ සම්මසන්තො තත්ථෙව නිසින්නො පච්චෙකසම්බොධිං සච්ඡාකාසි. අමච්චා තං මග්ගඵලසුඛෙන සුඛිතං සන්තින්ද්රියං සන්තමානසං නිසින්නං දිස්වා පණිපාතං කත්වා ආහංසු – “මා සොචි, දෙව, මහන්තො ජම්බුදීපො, අඤ්ඤං තතො සුන්දරතරං කඤ්ඤං ආනෙස්සාමා”ති. සො ආහ – “න සොචාමි, නිස්සොකො පච්චෙකබුද්ධො අහ”න්ති. ඉතො පරං සබ්බං වුත්තපුරිමගාථාසදිසමෙව ඨපෙත්වා ගාථාවණ්ණනං.
අනතුරුව කුමරු, ශෝකයට මුල් සෙවීමට පටන් ගත්තේ ඔහු මෙසේ සිතුවේය. මේ ශෝකය නම් නූපන්නහුට නොවේ. එහෙයින් ඉපදීම නිසා ශෝකය හටගනියි. ඉපදීම නම් කුමක් නිසා සිදුවේද? ඉක්බිති භවය නිසා හටගනියි. මෙසේ අගසිට මුලට හේතුඵල දහම දැක යළිත් සංස්කාරයන් ඇසුරු කිරීමෙන් එහිම හිඳිමින් පසේබුදු බව සාක්ෂාත් කළේය. ඇමතියෝ ඔහු මාර්ගඵල සුවයෙන් සුවපත් වී ශාන්ත ඉන්ද්‍රියන් ඇතිව ශාන්ත මනසින් සිටින අයුරු දැක නමස්කාර කොට කීවාහුය. දේවයනි; ශෝක නොකරව. මහත් වූ දඹදිව තවත් මීට වඩා සුන්දර කන්‍යාවක් රැගෙන එන්නෙමු. ඔහු කීවේය. ශෝක නොකරමි. මම ශෝක රහිත පසේ බුදුවරයකු වෙමි. ඉන් අනතුරු සියල්ල පෙර කියන ලද ගාථාව හා සමානය. ගාථා වර්ණනාව හැර මේ ගාථා වර්ණනාව මෙසේ දතයුතුය.
ගාථාවණ්ණනා පන එවං වෙදිතබ්බා – සංසග්ගජාතස්සාති ජාතසංසග්ගස්ස. තත්ථ දස්සනසවනකායසමුල්ලපනසම්භොගසංසග්ගවසෙන පඤ්චවිධො සංසග්ගො. තත්ථ අඤ්ඤමඤ්ඤං දිස්වා චක්ඛුවිඤ්ඤාණවීථිවසෙන උප්පන්නරාගො දස්සනසංසග්ගො නාම. තත්ථ සීහළදීපෙ කාළදීඝවාපී ගාමෙ පිණ්ඩාය චරන්තං කල්යාණවිහාරවාසිදීඝභාණකදහරභික්ඛුං දිස්වා පටිබද්ධචිත්තා කෙනචි උපායෙන තං අලභිත්වා කාලඞ්කතා කුටුම්බියධීතා ච තස්සා නිවාසනචොළඛණ්ඩං දිස්වා “එවරූපං වත්ථං ධාරිනියා නාම සද්ධිං සංවාසං නාලභි”න්ති ඵලිතහදයො කාලඞ්කතො. සො එව දහරො ච නිදස්සනං.
සංසග්ග ජාතස්සා යනු ජාති සංසර්ගය දර්ශන, ශ්‍රවණ කාය, සතුටු කථාව, සම්භෝග වශයෙන් පස්වැදෑරුම් වේ. එහි සංසර්ගය අන්‍යොන්‍ය වශයෙන් දැක චක්ඛු විඤ්ඤාණ වීථි වශයෙන් උපන් රාගය, දර්ශන සංසර්ගය නම් වේ. එහි ලක්දිව කාල දීඝවාපිගම පිඬු පිණිස හැසිරෙන කැලණි විහාරවාසී, දීඝභාණක නම් ළදරු භික්ෂුව දැක පිළිබඳ සිත් ඇති, කිසියම් උපායකින් එය නොලැබ කලුරිය කළේ වූ කෙළඹි දියණියක වූවා, ඇගේ හැඳගෙන සිටි රෙදි කැබැල්ල දැක මෙබඳු ආකාර වස්ත්‍ර දරන්නියක සමග සංවාසය නොලබන්නේ, හදවත පැලී කලුරිය කළේ, එයම ළදරු වූ ඔහුටම නිදසුනකි.
පරෙහි පන කථියමානං රූපාදිසම්පත්තිං අත්තනා වා හසිතලපිතගීතසද්දං සුත්වා සොතවිඤ්ඤාණවීථිවසෙන උප්පන්නරාගො සවනසංසග්ගො නාම. තත්රාපි ගිරිගාමවාසිකම්මාරධීතාය පඤ්චහි කුමාරිකාහි සද්ධිං පදුමස්සරං ගන්ත්වා න්හත්වා මාලං ආරොපෙත්වා උච්චාසද්දෙන ගායන්තියා සද්දං සුත්වා ආකාසෙන ගච්ඡන්තො කාමරාගෙන විසෙසා පරිහායිත්වා බ්යසනං පත්තො පඤ්චග්ගළලෙණවාසී තිස්සදහරො නිදස්සනං.
අනුන් විසින් කියනු ලබන, රූපාදී සම්පත්ද, තමන් විසින් සිනහ කවට බස් අසා, සෝත විඤ්ඤාණ වශයෙන් උපන් රාගය සවණ්ණ සංසර්ගය නම් වේ. තවද ගිරිගමවාසී කම්කරු දියණිය (ලෝකුරු) කුමාරිකාවන් විසින් පස්දෙනෙකු සමග නෙළුම් විලට ගොස් නා, මල්මාලා ගසාගෙන උස්හඬින් ගායනා කරන ශබ්ද අසා, අහසින් යන්නේ කාමරාගය විෂ වීමෙන් ඇය පිරිහී ව්‍යසනයට පැමිණියේ පංච ගල්ලෙන් වාසී තිස්ස ළදරු භික්ෂුව නිදසුනකි.
අඤ්ඤමඤ්ඤං අඞ්ගපරාමසනෙන උප්පන්නරාගො කායසංසග්ගො නාම. ධම්මභාසනදහරභික්ඛු ච රාජධීතා චෙත්ථ නිදස්සනං. මහාවිහාරෙ කිර දහරභික්ඛු ධම්මං භාසති. තත්ථ මහාජනො ආගතො, රාජාපි අග්ගමහෙසියා රාජධීතාය ච සද්ධිං අගමාසි. තතො රාජධීතාය තස්ස රූපඤ්ච සරඤ්ච ආගම්ම බලවරාගො උප්පන්නො, තස්ස දහරස්සාපි. තං දිස්වා රාජා සල්ලක්ඛෙත්වා සාණිපාකාරෙන පරික්ඛිපාපෙසි. තෙ අඤ්ඤමඤ්ඤං පරාමසිත්වා ආලිඞ්ගිංසු. පුන සාණිපාකාරං අපනෙත්වා පස්සන්තා ද්වෙපි කාලඞ්කතෙයෙව අද්දසංසූති.
ඔවුනොවුන් අඟපසඟ පිරිමැදීමෙන් උපන් රාගය ඇතිවීම කාය සංසර්ග නම් වේ. දම්දෙසන තරුණ භික්ෂුවද රාජ දියණියද, මෙහි නිදසුනකි. මහා විහාරයේ තරුණ භික්ෂුවක් ධර්ම දේශනා කරයි. එහි මහජනයා ආවේද? රජුද අග මෙහෙසියද, රජ දියණියද සමග පැමිණියේය. ඉක්බිති රාජ දියණිය විසින් උන්වහන්සේගේ රූපයටද, හඬටද පැමිණ බලවත් රාගයක් උපන්නේ, ඒ ළදරු භික්ෂුවටද, ඇය දැක රජු ගැන සලකා, තිර රෙද්දාකාරයෙන් වටකරන ලද්දේය. ඔවුහු ඔවුනොවුන් පරාමර්ශනය කොට වැළඳ ගත්හ. යළිත් තිරරෙද්ද ඉවත්කොට බලන්නේ, දෙදෙනාම කලුරියකොට සිටිනු දුටුවාහුය.
අඤ්ඤමඤ්ඤං ආලපනසමුල්ලපනවසෙන උප්පන්නරාගො පන සමුල්ලපනසංසග්ගො නාම. භික්ඛු භික්ඛුනීහි සද්ධිං පරිභොගකරණෙ උප්පන්නරාගො සම්භොගසංසග්ගො නාම. ද්වීසුපි එතෙසු පාරාජිකප්පත්තො භික්ඛු ච භික්ඛුනී ච නිදස්සනං. මරිචවට්ටිනාමමහාවිහාරමහෙ කිර දුට්ඨගාමණිඅභයරාජා මහාදානං පටියාදෙත්වා උභතොසඞ්ඝං පරිවිසති. තත්ථ උණ්හයාගුයා දින්නාය සඞ්ඝනවකසාමණෙරී අනාධාරකස්ස සඞ්ඝනවකස්ස සාමණෙරස්ස දන්තවලයං දත්වා සමුල්ලපනමකාසි. තෙ උභොපි උපසම්පජ්ජිත්වා සට්ඨිවස්සා හුත්වා පරතීරං ගතා අඤ්ඤමඤ්ඤං සමුල්ලපනෙන පුබ්බසඤ්ඤං පටිලභිත්වා තාවදෙව සඤ්ජාතසිනෙහා සික්ඛාපදං වීතික්කමිත්වා පාරාජිකා අහෙසුන්ති. එවං පඤ්චවිධෙ සංසග්ගෙ යෙන කෙනචි සංසග්ගෙන ජාතසංසග්ගස්ස භවති ස්නෙහො, පුරිමරාගපච්චයො බලවරාගො උප්පජ්ජති. තතො ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති තමෙව ස්නෙහං අනුගච්ඡන්තං සන්දිට්ඨිකසම්පරායිකං සොකපරිදෙවාදිනානප්පකාරකං ඉදං දුක්ඛං පහොති පභවති ජායති.
ඔවුනොවුන් ප්‍රිය කථාබහ කිරීම් වශයෙන් උපන් රාගය සමුල්ලපන සංසර්ගය නම් වේ. භික්සු භික්ෂුණීන් සමග පරිහරණය කිරීමේ උපන් රාගය සම්භෝග සංසර්ග නම් වේ. පාරාජිකාවට පත් භික්ෂු භික්ෂුණීන් දෙදෙනා අතර නිදසුනකි මේ. මිරිසවැටි මහා විහාරයේ දුටුගැමුණු මහරජ, මහදන් පිළියෙල කොට දී උභතො සංඝයාම (භික්ෂු භික්ෂුණී) වාසය කරති. එහි උණුකැඳ දෙන ලද සංඝ නවක සාමණේරියක ආරාධනා නැති සංඝ නවක සාමණේරයෙකුට දැහැටි දඬු දී කථාබහ කළාය. ඒ දෙදෙනාම සමග වාසයකොට සැටවස් පුර පරතෙර ගියේ ඔවුනොවුන් සුහද කථාබහ කිරීමේ පූර්ව සංඥාව ලැබ, එකෙණෙහි හටගත් ස්නේහය නිසා, ශික්ෂාපද, ඉක්මවා පාරාජිකා වූහ. මෙසේ පස්වැදෑරුම් සංසර්ගයක් යම්කිසිවකු සංසර්ගයෙන් හටගත් සංසර්ගයට වෙයි. සෙනෙහස, පළමුව රාගයට හේතු වේ. බලවත් රාගය උපදවයි. එහෙයින් සෙනෙහසට පත්වීම මේ දුකට බහුල වශයෙන් පැමිණෙයි. එයම සෙනෙහස අනුව යන මෙලොව වශයෙන් හටගන්නා ශෝක වැලපීම් වශයෙන් නොයෙක් ආකාර වූ මේ දුක පත්වෙයි. හටගනියි. පසුව අරමුණේ සිත අත්හැරීම සංසර්ගයයි කියති.
අපරෙ “ආරම්මණෙ චිත්තස්ස වොස්සග්ගො සංසග්ගො”ති භණන්ති. තතො ස්නෙහො, ස්නෙහදුක්ඛමිදන්ති. එවමත්ථප්පභෙදං ඉමං අඩ්ඪගාථං වත්වා සො පච්චෙකබුද්ධො ආහ – “ස්වායං යමිදං ස්නෙහන්වයං සොකාදිදුක්ඛං පහොති, තමෙව ස්නෙහං අනුගතස්ස දුක්ඛස්ස මූලං ඛනන්තො පච්චෙකබොධිං අධිගතො”ති.
අනතුරුව සෙනෙහස ස්නේහ දුක යයි මේ අර්ථ ප්‍රභේදය, මේ ගාථාර්ථය පවසා ඒ පසේබුදු රද කී සේක. ඉදින් මම මේ ස්නේහත්වය සෙනෙහස හා බැඳුණු ශෝකාදී දුක් පහොති අනුභව කරති. ඒ සෙනෙහසට අනුගත වූ දුකට මුල සොයන්නා වූ පසේබෝධිය අධිගම කළේය.
එවං වුත්තෙ තෙ අමච්චා ආහංසු – “අම්හෙහි දානි, භන්තෙ, කිං කත්තබ්බ”න්ති? තතො සො ආහ – “තුම්හෙ වා අඤ්ඤතරො වා ඉමම්හා දුක්ඛා මුච්චිතුකාමො, සො සබ්බොපි ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. එත්ථ ච යං තං “ස්නෙහන්වයං දුක්ඛමිදං පහොතී”ති වුත්තං, තදෙව සන්ධාය “ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං. අථ වා යථාවුත්තෙන සංසග්ගෙන ‘සංසග්ගජාතස්ස භවති ස්නෙහො, ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති’, එවං යථාභූතං ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො අහමධිගතොති එවං සම්බන්ධිත්වා චතුත්ථපාදො පුබ්බෙ වුත්තනයෙනෙව ස්නෙහවසෙන වුත්තොති වෙදිතබ්බො. තතො පරං සබ්බං පුරිමගාථාය වුත්තසදිසමෙවාති.
මෙසේ කී කල්හි ඇමතියෝ කීවාහුය. ස්වාමීනි, අප දැන් කුමක් කළයුතුද? ඉක්බිති උන්වහන්සේ මෙසේ කීහ. නුඹලා හෝ අනෙකකු හෝ යමෙකු මේ දුකින් මිදෙනු කැමැත්තේ නම් ඒ සියල්ලෝම ස්නේහය උදින ආදීනව බලමින් හුදකලාව හැසිරෙන කඟවේනකු මෙන් වෙයි. මෙහිදී යම්බඳු ස්නෙහත්‍වයං දුක්ඛං මිදං පහොති යයි කියන ලදි. ඒ සඳහාම ආදිනවං සිනෙජං පෙක්ඛමානො යනුවෙන් කියන ලදි. නැතහොත් ඉහත කියන ලද අයුරින් සංසර්ගයෙන් සංසර්ගය හටගැනීම වෙති. ස්නේහය, ස්නේහය නිසා මේ දුකට පත්වෙයි. මෙසේ ඇති තතු පරිදි, ආදීනවද සෙනෙහස ඉපදීමද බැලීමෙන්, සාක්ෂාත් කළේයයි මේ සම්බන්ධයෙන්, පියවර සතර පෙර කියන ලද අයුරින් උදාන වශයෙන් කීවේයයි දතයුතුය. ඉන් අනතුරුව සියල්ල පෙර ගාථාවේ කියන ලද ආකාරයෙනි.
සංසග්ගගාථාවණ්ණනා නිට්ඨිතා.
සංසර්ග ගාථා වර්ණනාවයි.
92
92
මිත්තෙ සුහජ්ජෙති කා උප්පත්ති? අයං පච්චෙකබොධිසත්තො පුරිමගාථාය වුත්තනයෙනෙව උප්පජ්ජිත්වා බාරාණසියං රජ්ජං කාරෙන්තො පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා “කිං සමණධම්මො වරො, රජ්ජං වර”න්ති වීමංසිත්වා අමච්චානං රජ්ජං නිය්යාතෙත්වා සමණධම්මං අකාසි. අමච්චා “ධම්මෙන සමෙන කරොථා”ති වුත්තාපි ලඤ්ජං ගහෙත්වා අධම්මෙන කරොන්ති. තෙ ලඤ්ජං ගහෙත්වා සාමිකෙ පරාජයන්තා එකදා අඤ්ඤතරං රාජවල්ලභං පරාජෙසුං. සො රඤ්ඤො භත්තකාරකෙහි සද්ධිං පවිසිත්වා සබ්බං ආරොචෙසි. රාජා දුතියදිවසෙ සයං විනිච්ඡයට්ඨානං අගමාසි. තතො මහාජනා – “අමච්චා, දෙව, සාමිකෙ අසාමිකෙ කරොන්තී”ති උච්චාසද්දං කරොන්තා මහායුද්ධං විය අකංසු. අථ රාජා විනිච්ඡයට්ඨානා වුට්ඨාය පාසාදං අභිරුහිත්වා සමාපත්තිං අප්පෙතුං නිසින්නො. තෙන සද්දෙන වික්ඛිත්තචිත්තො න සක්කොති අප්පෙතුං. සො “කිං මෙ රජ්ජෙන, සමණධම්මො වර”න්ති රජ්ජසුඛං පහාය පුන සමාපත්තිං නිබ්බත්තෙත්වා පුබ්බෙ වුත්තනයෙනෙව විපස්සිත්වා පච්චෙකසම්බොධිං සච්ඡාකාසි. කම්මට්ඨානඤ්ච පුච්ඡිතො ඉමං ගාථං අභාසි.
මිත්තෙ සුභජ්ජෙ යනු කවර උපතක්ද? මේ පසේබෝධි සත්ත්වයා පෙර ගාථාවේ කියන ලද අයුරින් ඉපිද බරණැස රාජ්‍යය කරන්නේ ප්‍රථමධ්‍යානය උපදවා, කුමන ශ්‍රමණ ධර්මයක් උතුම් වේද? රාජ්‍ය උතුම් වේදැයි විමසා ඇමතියන්ට රාජ්‍යය පවරා දී ශ්‍රමණ දහම් කළේය. “ඇමතියෝ දැහැමින් සෙමින් රාජ්‍යය කරවු” යයි කියන ලද්දේද, අල්ලස් ගෙන අධර්මයෙන් කරති. ඔවුහු අල්ලස් ගෙන ස්වාමියා පරාජය කරන්නේ එක් දිනක් එක්තරා රාජ පුරුෂයකු පරාජය කළහ. හෙතම රජුගේ බත් බැලයන් සමග පිවිස සියල්ල දැනුම් දුන්නේය. රජු දෙවෙනි දිනයේ තෙමේම විනිශ්චය ආසනයට ගියේය. ඉක්බිති මහජනතාව, “ඇමතියෝ දිව්‍ය ස්වාමියාව අස්වාමියෙකු බව පත්කරති. උස්හඬින් ශබ්ද කරන්නේ මහා යුද්ධයක් මෙන් වූහ. ඉක්බිති රජු විනිශ්චය ආසනයෙන් නැගිට, මාළිගාවට නැග සමාපත්ති භික්ෂා කිරීමට හුන්නේ, ඒ ශබ්දයෙන් වික්ෂිප්ත වූ සිත් ඇත්තේ මෙනෙහි කිරීමට නොහැකි වෙයි. ඔහු කිම මේ රාජ්‍යයෙන් ශ්‍රමණ ධර්මයේ උතුම් යයි, රාජ්‍යය සැපය හැරදමා නැවත සමාපත්ති උපදවා පෙර කියන ලද අයුරින් විදර්ශනා වඩා පසේ බුද්ධත්වය ප්රත්යක්ෂ කළ සේක. කමටහන්ද වඩා විමසන ලදුව මේ ගාථාව කී සේක.
තත්ථ මෙත්තායනවසෙන මිත්තා. සුහදයභාවෙන සුහජ්ජා. කෙචි එකන්තහිතකාමතාය මිත්තාව හොන්ති න සුහජ්ජා. කෙචි ගමනාගමනට්ඨානනිසජ්ජාසමුල්ලාපාදීසු, හදයසුඛජනනෙන සුහජ්ජාව හොන්ති, න මිත්තා. කෙචි තදුභයවසෙන සුහජ්ජා චෙව මිත්තා ච හොන්ති. තෙ දුවිධා අගාරියා ච අනගාරියා ච. තත්ථ අගාරියා තිවිධා හොන්ති උපකාරො සමානසුඛදුක්ඛො අනුකම්පකොති. අනගාරියා විසෙසෙන අත්ථක්ඛායිනො එව. තෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතා හොන්ති. යථාහ –
එහි මෛත්‍රිය පැතිරීම් වශයෙන් මෙත්තා නම් වේ. සුහද බවෙන් සුහජ්ජා. කිසිවකු ඒකාන්ත හිත කැමැති බැවින් මිත්‍රයෝම වෙති. සුහද බව නොවේ. කිසිවකු යාම් ඒමම් වශයෙන් වැඩහිඳ සුහද කථාබහ කිරීම් වශයෙන් හදවතට සැප ගෙනදීම් වශයෙන්ද, සැප ජනනය කරන බැවින් සුහද බවම වෙති. මිත්‍රයෝ නොවෙයි. කිසිවකු එ දෙපරිදි වශයෙන් සුහද බවද මිතුරු බවද, වශයෙන් එය දෙපරිදි වෙති. අගාරික, අනගාරික වශයෙන්ද වේ. එහි අගාරික ප්‍රතිපදාව තෙවැදෑරුම් යන්න වේ. එහි උපකාර, සමාන දුක්ඛ, අනුකම්පක වශයෙනි. අනගාරිකයෝ විශේෂයෙන් අර්ථය දක්වන ලදි. එය වනාහි, අංග සතරකින් යුක්ත වේ. ඒ කෙසේද?
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො. පමත්තං රක්ඛති, පමත්තස්ස සාපතෙය්යං රක්ඛති, භීතස්ස සරණං හොති, උප්පන්නෙසු කිච්චකරණීයෙසු තද්දිගුණං භොගං අනුප්පදෙති” (දී· නි· 3.261).
ගෘහපති පුත්‍රය සුදුසු පරිදි උපකාර කරන මිත්‍රයා සුහද යයි දතයුතුය. ප්‍රමාද වූවෝ රකියි. ප්‍රමාද වූවහුගේ බඩු බාහිරාදිය රකියි. බියට පිහිට වෙයි. උපන්නා වූ කටයුතුවලදී එහිදී ද්විගුණ භෝග උපදවයි.
තථා –
එසේම –
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො. ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතංපිස්ස අත්ථාය පරිච්චත්තං හොති” (දී· නි· 3.262).
ගෘහපති පුත්‍රය සතර ආකාරයකින් සමාන සුඛ දුක්ඛ මිත්‍රයා සුහද බව දතයුතුය. ඔහුගේ රැකිය යුතු තැන් රකියි. රැකිය යුතු තැන් වඩාත් රකියි. ආපදාවලදී අත්හැර නොයයි. ජීවිතය පිණිස හෝ අර්ථ සිද්ධිය පිණිස පරිත්‍යාග කළේ වෙයි.
තථා –
එසේම -
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො. අභවෙනස්ස න නන්දති, භවෙනස්ස නන්දති, අවණ්ණං භණමානං නිවාරෙති, වණ්ණං භණමානං පසංසති” (දී· නි· 3.264).
[missing trans]
තථා –
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අත්ථක්ඛායී මිත්තා සුහදො වෙදිතබ්බො. පාපා නිවාරෙති, කල්‍යාණෙ නිවෙසෙති, අස්සුතං සාවෙති, සග්ගස්ස මග්ගං ආචික්ඛතී”ති (දී· නි· 3.263).
ගෘහපති පුත්‍රය, සතර ආකාරයකින් අත්ථක්ඛායි මිත්‍රයා සුහද බව දතයුතුය. පාපයෙන් වලකියි. යහපතෙහි යොදවයි. නොඇසූ දේ ශ්‍රවණය කරවයි. ස්වර්ගයට මාර්ගය හෙළිපෙහෙළි කරයි.
තෙස්විධ අගාරියා අධිප්පෙතා, අත්ථතො පන සබ්බෙපි යුජ්ජන්ති. තෙ මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානොති අනුදයමානො, තෙසං සුඛං උපසංහරිතුකාමො දුක්ඛං අපහරිතුකාමො ච.
මෙසේ ඒ අගාරික ප්‍රතිපදාව ලද බැවින් අර්ථ වශයෙන් ඒ සියල්ල යොදනු ලැබෙත්. ඔවුහු සුහද මිතුරෝය. අනුකම්පමානො යනු දයාවෙන් යුතු බවය. ඔවුන්ගේ සැප සමානකොට සලකනු ලබන්නේ වේ.
හාපෙති අත්‍ථන්ති දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථවසෙන තිවිධං, තථා අත්තත්ථපරත්ථඋභයත්ථවසෙනාපි තිවිධං අත්ථං ලද්ධවිනාසනෙන අලද්ධානුප්පාදනෙනාති ද්විධාපි හාපෙති විනාසෙති. පටිබද්ධචිත්තොති “අහං ඉමං විනා න ජීවාමි, එස මෙ ගති, එස මෙ පරායණ”න්ති එවං අත්තානං නීචෙ ඨානෙ ඨපෙන්තොපි පටිබද්ධචිත්තො හොති. “ඉමෙ මං විනා න ජීවන්ති, අහං තෙසං ගති, අහං තෙසං පරායණ”න්ති එවං අත්තානං උච්චෙ ඨානෙ ඨපෙන්තොපි පටිබද්ධචිත්තො හොති. ඉධ පන එවං පටිබද්ධචිත්තො අධිප්පෙතො. එතං භයන්ති එතං අත්ථහාපනභයං, අත්තනො සමාපත්තිහානිං සන්ධායාහ. සන්ථවෙති තිවිධො සන්ථවො තණ්හාදිට්ඨිමිත්තසන්ථවවසෙන. තත්ථ අට්ඨසතපභෙදාපි තණ්හා තණ්හාසන්ථවො, ද්වාසට්ඨිභෙදාපි දිට්ඨි දිට්ඨිසන්ථවො, පටිබද්ධචිත්තතාය මිත්තානුකම්පනා මිත්තසන්ථවො. තෙසු සො ඉධ අධිප්පෙතො. තෙන හිස්ස සමාපත්ති පරිහීනා. තෙනාහ – “එතං භයං සන්ථවෙ පෙක්ඛමානො අහං අධිගතො”ති. සෙසං වුත්තසදිසමෙවාති.
හාපෙති අත්ථං යනු දිට්ඨධම්ම සම්පරාධික, පරමාර්ථ වශයෙන් තෙවැදෑරුම් වේ. එසේම ආත්මාර්ථ පරාර්ථ උභයාර්ථ වශයෙන්ද තෙවැදෑරුම් වේ. ලබන ලද අර්ථය, විනාශයෙන් නොලබන ලද්ද, ඉපදවීමෙන් දෙපරිදි විනාශ වේ. පිරිහේ. පටිබද්ධ චිත්තො යනු “මම මොහු නැතිව ජීවත් නොවෙමි. මේ මගේ ස්වභාවයයි. මෙය මා සරණකොට ඇත. මෙසේ තමන්ව පහත් තැන තබන්නේද, පිළිබඳ සිත් ඇත්තේ වේ. මොහු මා නැතිව ජීවත් නොවෙත්. මම ඔවුන්ගේ ස්වභාවයයි. මම ඔවුන්ට පිහිටකොට සිටිමි. මෙසේ තමන්ව උසස් තැන තබමින් පිළිබඳ සිත් ඇත්තේ වේ. මෙසේ මේ පිළිබඳ සිත් ඇති බව දතයුතුය. එතං භයං යනු මෙහි ආත්ම පටිභාණි බියයි. තමන්ගේ සමාපත්ති හානිය බව දතයුතුය. සන්ථවෙ යනු ත්‍රිවිධාකාර සංවාසයයි. තණ්හා, දිට්ඨි, මිත්‍ර සංසර්ග වශයෙනි. එහි තෘෂ්ණාව එකසියඅට වැදෑරුම් වේ. දිට්ඨි සන්ථවය දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිවලින්ද, මිත්‍ර සංසර්ගය පිළිබඳ සිත් ඇති, මිත්‍ර අනුකම්පාවෙන් යුතුය. ඒවා අතර මිත්‍ර සංසර්ගයට මෙහි උසස් වේ. එසේ හෙයින් මොහුගේ සමාත්ති පිරිහීම වේ. එබැවින් කියන දේ සංසර්ගයෙහි මේ බිය බලමින් මම අධිගමයට පත් වුණෙමි. ඉතිරිය කියන ලද අයුරිනි.
මිත්තසුහජ්ජගාථාවණ්ණනා නිට්ඨිතා.
සුභදමිත්ර වර්ණනා ගාථාවෙන්
93
93
වංසො විසාලොති කා උප්පත්ති? පුබ්බෙ කිර කස්සපස්ස භගවතො සාසනෙ තයො පච්චෙකබොධිසත්තා පබ්බජිත්වා වීසති වස්සසහස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා දෙවලොකෙ උප්පන්නා. තතො චවිත්වා තෙසං ජෙට්ඨකො බාරාණසිරාජකුලෙ නිබ්බත්තො, ඉතරෙ ද්වෙ පච්චන්තරාජකුලෙසු. තෙ උභොපි කම්මට්ඨානං උග්ගහෙත්වා රජ්ජං පහාය පබ්බජිත්වා අනුක්කමෙන පච්චෙකබුද්ධා හුත්වා නන්දමූලකපබ්භාරෙ වසන්තා එකදිවසං සමාපත්තිතො වුට්ඨාය “මයං කිං කම්මං කත්වා ඉමං ලොකුත්තරසුඛං අනුප්පත්තා”ති ආවජ්ජෙත්වා පච්චවෙක්ඛමානා කස්සපබුද්ධකාලෙ අත්තනො අත්තනො චරියං අද්දසංසු. තතො “තතියො කුහි”න්ති ආවජ්ජෙන්තා බාරාණසිරජ්ජං කාරෙන්තං දිස්වා තස්ස ගුණෙ සරිත්වා “සො පකතියාව අප්පිච්ඡතාදිගුණසමන්නාගතො හොති, අම්හාකංයෙව ඔවාදකො වත්තා වචනක්ඛමො පාපගරහී, හන්ද, නං ආරම්මණං දස්සෙත්වා ආරොචෙමා”ති ඔකාසං ගවෙසන්තා තං එකදිවසං සබ්බාලඞ්කාරවිභූසිතං උය්යානං ගච්ඡන්තං දිස්වා ආකාසෙනාගන්ත්වා උය්යානද්වාරෙ වෙළුගුම්බමූලෙ අට්ඨංසු. මහාජනො අතිත්තො රාජදස්සනෙන රාජානං උල්ලොකෙති. තතො රාජා “අත්ථි නු ඛො කොචි මම දස්සනෙ බ්යාපාරං න කරොතී”ති ඔලොකෙන්තො පච්චෙකබුද්ධෙ අද්දක්ඛි. සහ දස්සනෙනෙව චස්ස තෙසු සිනෙහො උප්පජ්ජි. සො හත්ථික්ඛන්ධා ඔරුය්හ සන්තෙන ආචාරෙන උපසඞ්කමිත්වා “භන්තෙ, කිං නාම තුම්හෙ”ති පුච්ඡි. තෙ “මයං, මහාරාජ, අසජ්ජමානා නාමා”ති ආහංසු . “භන්තෙ, අසජ්ජමානාති එතස්ස කො අත්ථො”ති? “අලග්ගනත්ථො, මහාරාජා”ති. තතො වෙළුගුම්බං දස්සෙත්වා ආහංසු – “සෙය්යථාපි, මහාරාජ, ඉමං වෙළුගුම්බං සබ්බසො මූලඛන්ධසාඛානුසාඛාහි සංසිබ්බිත්වා ඨිතං අසිහත්ථො පුරිසො මූලෙ ඡෙත්වා ආවිඤ්ඡන්තො න සක්කුණෙය්ය උද්ධරිතුං, එවමෙව ත්වං අන්තො ච බහි ච ජටාය ජටිතො ආසත්තවිසත්තො තත්ථ විලග්ගො. සෙය්යථාපි වා පනස්ස වෙමජ්ඣගතොපි අයං වංසකළීරො අසඤ්ජාතසාඛත්තා කෙනචි අලග්ගොව ඨිතො, සක්කා ච පන අග්ගෙ වා මූලෙ වා ඡෙත්වා උද්ධරිතුං, එවමෙව මයං කත්ථචි අසජ්ජමානා සබ්බා දිසා ගච්ඡාමා”ති තාවදෙව චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා පස්සතො එව රඤ්ඤො ආකාසෙන නන්දමූලකපබ්භාරං අගමංසු. තතො රාජා චින්තෙසි – “කදා නු ඛො අහම්පි එවං අසජ්ජමානො භවෙය්ය”න්ති තත්ථෙව ඨිතො විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡාකාසි. පුරිමනයෙනෙව කම්මට්ඨානං පුච්ඡිතො ඉමං ගාථං අභාසි.
වංසොවිසාලො යන කවර උපතක්ද? පෙර කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ පසේ බෝසත්වරු තිදෙනෙකු පැවිදිවී වර්ෂ විසිදහසක් යාම - ආපසු ඒමේ වත සපුරා දෙව්ලොව උපන්නෝ, අනෙක් දෙදෙනා ප්‍රත්‍යන්ත රාජකුලවලද ඉපදුණාහ. ඒ දෙදෙනාම කමටහන් උගෙන රාජ්‍යය හැරදමා පැවිදිව පිළිවෙලින් පසේබුදුවරු වී නන්දමූල පර්වතයේ වසන්නාහු එක්දිනක් සමාපත්තියෙන් නැගිට “අපි කුමන කර්මයක් කොට මේ ලෝකෝත්තර සැපයට පැමිණියේදැයි. ආවර්ජනා කොට ප්රත්යවේක්ෂා කරන්නේ කාශ්‍යප බුද්ධකාලයේ තම තමන්ගේ ක්‍රියාකලාප දුටුවාහුය. ඉක්බිති තෙවැන්නා කොහේදැයි ආවර්ජනා කරන්නාහු. බරණැස් රාජ්‍යය කරවනු දැක උන්වහන්සේගේ ගුණ සිහිකොට ඔහු ස්වභාවයෙන්ම අල්පේච්ඡතාදි ගුණයෙන් සමන්විත බව විය. අපගේම අවවාදකව, වත්පිළිවෙත් පුරමින් වචනයෙන් සංවරව පාපයට ගරහන්නෙකු වී, ඉතින් ඔහුට අරමුණු පෙන්වා සිහිපත් කරමු යයි ඉඩකඩක් සොයන්නේ හේ එක දවසක් සර්ව අලංකාරයෙන් සැරසී උයනට යනවා දැක, අහසින් ගොස් උද්‍යානය දොරකඩ උණපඳුරක් මුල සිටියහ. මහජනයා අතෘප්තියෙන් රජදැක්මෙන් රජු බැලීය. ඉක්බිති රජු මා දකින මොහොතේ කිසියම් කටයුත්තක් නොකරයි දැයි බලන්නේ පසේ බුදුවරුන් දුටුවේය. දැකීමත් සමග උන්වහන්සේලා කෙරෙහි මහත් සෙනෙහසක් හටගත්තේය. ඔහු ඇතුපිටින් බැස, ශාන්තව ආචාරකොට එළඹ ස්වාමීනි; නුඹලා කවරනම් වේදැයි විචාළේය. ඔවුහු “මහරජ, අපි අසවල් නම් ඇත්තෝ වූහ. ස්වාමීනි, අසජ්ජමානා යනු මෙයට කවර අර්ථයක්දැ”යි. මහරජ, නොලැගෙන යන අර්ථයයි. ඉක්බිති උණපඳුර පෙන්වා කීවාහුය. යම්සේ මහරජ, මේ උණපඳුර සියළු මුල්කඳ ශාඛා අනුශාඛා එකට හකුළුවා සිටියේ කඩුගත් අත් ඇති පුරුෂයකු, මුලින් කපා වටේට කරකවනු ලබන්නේද, ඉදිරීමට නොහැකි වන්නේය. එපරිදි නුඹ ඇතුළත සහ පිටත අවුල්වලින් වෙලී ඇලී-ගැලී සිටියේ එහි විලග්ග (ලැගීමයි.) යම්සේ මැදින් ඇල්ලුවේද, මේ උණගස, හටනොගත් අතු ඇති බැවින් කිසිවක නොලැග සිටියේ අග හෝ මුල සිඳ ඉදිරීමට හැකිය. එපරිදි අපි කිසිතැනක නොඇලීමෙන් සියලු දිශාවල යමු. එකෙණෙහි සතරවෙනි ධ්‍යානයට සමවැදී ඒ රජු දෙස බලද්දීම අහසින් නන්දමූල පර්වතය පාමුලට ගියහ. ඉක්බිති රජු සිතීය. කවරදා නම් මම මෙසේ නොඇලෙන්නේ වන්නෙම්දැයි. එහිම සිටියේ, විශේෂයෙන් බලන්නේ පසේබුදුභාවය සාක්ෂාත් කළ සේක. පෙරකී ආකාරයෙන්ම කමටහන් විමසනලදුව මේ ගාථාව කී සේක.
තත්ථ වංසොති වෙළු. විසාලොති විත්ථිණ්ණො. ව-කාරො අවධාරණත්ථො, එව-කාරො වා අයං, සන්ධිවසෙන එත්ථ එ-කාරො නට්ඨා. තස්ස පරපදෙන සම්බන්ධො. තං පච්ඡා යොජෙස්සාම. යථාති පටිභාගෙ. විසත්තොති ලග්ගො ජටිතො සංසිබ්බිතො. පුත්තෙසු දාරෙසු චාති පුත්තධීතුභරියාසු. යා අපෙක්ඛාති යා තණ්හා යො සිනෙහො. වංසක්කළීරොව අසජ්ජමානොති වංසකළීරො විය අලග්ගමානො. කිං වුත්තං හොති? යථා වංසො විසාලො විසත්තො එව හොති, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා, සාපි එවං තානි වත්ථූනි, සංසිබ්බිත්වා ඨිතත්තා විසත්තා එව. ස්වාහං තාය අපෙක්ඛාය අපෙක්ඛවා විසාලො වංසො විය විසත්තොති එවං අපෙක්ඛාය ආදීනවං දිස්වා තං අපෙක්ඛං මග්ගඤාණෙන ඡින්දන්තො අයං වංසකළීරොව රූපාදීසු වා ලාභාදීසු වා කාමභවාදීසු වා දිට්ඨාදීසු වා තණ්හාමානදිට්ඨිවසෙන අසජ්ජමානො පච්චෙකබොධිං අධිගතොති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
එහි වංසො යනු උණපුරුක්. විසාලො පැතිරුණු, ‘ව’ කාරය අවධාරණ අර්ථයේ මෙහි ‘ම’ කාරය වේ. සන්ධි වශයෙන් මෙහි ‘එ’ කාරය තටුයේ. ඒ පරපදය හා සම්බන්ධ වේ. එය පසුව යොදන්නෙමු. යථා යනු කොටසයි. විසත්තො යනු ලැග්ගේ, කෙලෙස් ඇත්තේ මිශ්‍ර වූයේ. පුත්තෙසු දාරෙසු ද්වා යනු අඹුදරු දූපුතුන් විෂයෙහි යා අපෙක්ඛා යනු යම් තෘෂ්ණාවක්, යම් සෙනෙහසක් වංස කළීරොව අසජ්ජමානො යනු උණපුරුක් මෙන් නොලැගෙන, කුමක් කියන ලද්දේ වේද? යම්සේ උණ, විශාලව පැතිරුණේ වෙයි. අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් වේද, එයද මෙසේ ඒ වස්තු ස්පර්ශකොට සිටි බැවින් ඇලෙන නම් වේ. මෙසේ, මම ඒ අපේක්ෂාවෙන් අපේක්ෂාකොට විශාල උණපුරුක් මෙන්, ඇලුණු පැටලුණු බැවින් මෙසේ බලාපොරොත්තුවේ ආදීනව දැක, ඒ අපේක්ෂාව මාර්ග ඥානයෙන් සිඳිමින් මේ උණපුරුක මෙන් රූපාදියෙහිද, දැකීම් කෙරෙහිද, කාමභවවලද, තණ්හා දෘෂ්ටි මාන වශයෙන් නොඇලෙමින් පසේබෝධිය අධිගම කළේය. සෙස්ස පෙර පරිදි දතයුතුය.
වංසක්කළීරගාථාවණ්ණනා නිට්ඨිතා.
උණගොබ (වංසකළීර) ගාථා වර්ණනාවයි.
94
94
මිගො අරඤ්ඤම්හීති කා උප්පත්ති? එකො කිර භික්ඛු කස්සපස්ස භගවතො සාසනෙ යොගාවචරො කාලං කත්වා බාරාණසියං සෙට්ඨිකුලෙ උප්පන්නො අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ. සො සුභගො අහොසි, තතො පරදාරිකො හුත්වා කාලඞ්කතො නිරයෙ නිබ්බත්තො තත්ථ පච්චිත්වා පක්කාවසෙසෙන සෙට්ඨිභරියාය කුච්ඡිම්හි ඉත්ථී හුත්වා පටිසන්ධිං ගණ්හි. නිරයතො ආගතානං සත්තානං ගත්තානි උණ්හානි හොන්ති. තෙන සෙට්ඨිභරියා ඩය්හමානෙන උදරෙන කිච්ඡෙන කසිරෙන තං ගබ්භං ධාරෙත්වා කාලෙන දාරිකං විජායි. සා ජාතදිවසතො පභුති මාතාපිතූනං සෙසබන්ධුපරිජනානඤ්ච දෙස්සා අහොසි. වයප්පත්තා ච යම්හි කුලෙ දින්නා, තත්ථාපි සාමිකසස්සුසසුරානං දෙස්සාව අහොසි අප්පියා අමනාපා. අථ නක්ඛත්තෙ ඝොසිතෙ සෙට්ඨිපුත්තො තාය සද්ධිං කීළිතුං අනිච්ඡන්තො වෙසිං ආනෙත්වා කීළති. සා තං දාසීනං සන්තිකා සුත්වා සෙට්ඨිපුත්තං උපසඞ්කමිත්වා නානප්පකාරෙහි අනුනයිත්වා ච ආහ – “අය්යපුත්ත, ඉත්ථී නාම සචෙපි දසන්නං රාජූනං කනිට්ඨා හොති, චක්කවත්තිනො වා ධීතා, තථාපි සාමිකස්ස පෙසනකරා හොති. සාමිකෙ අනාලපන්තෙ සූලෙ ආරොපිතා විය දුක්ඛං පටිසංවෙදෙති. සචෙ අහං අනුග්ගහාරහා අනුග්ගහෙතබ්බා, නො චෙ, විස්සජ්ජෙතබ්බා. අත්තනො ඤාතිකුලං ගමිස්සාමී”ති. සෙට්ඨිපුත්තො – “හොතු, භද්දෙ, මා සොචි කීළනසජ්ජා හොහි, නක්ඛත්තං කීළිස්සාමා”ති ආහ. සෙට්ඨිධීතා තාවත්තකෙන සල්ලාපමත්තෙන උස්සාහජාතා “ස්වෙ නක්ඛත්තං කීළිස්සාමී”ති බහුං ඛජ්ජභොජ්ජං පටියාදෙති. සෙට්ඨිපුත්තො දුතියදිවසෙ අනාරොචෙත්වාව කීළනට්ඨානං ගතො. සා “ඉදානි පෙසෙස්සති, ඉදානි පෙසෙස්සතී”ති මග්ගං ඔලොකෙන්තී නිසින්නා උස්සූරං දිස්වා මනුස්සෙ පෙසෙසි. තෙ පච්චාගන්ත්වා “සෙට්ඨිපුත්තො ගතො”ති ආරොචෙසුං. සා තං සබ්බං පටියාදිතං ආදාය යානං අභිරුහිත්වා උය්යානං ගන්තුං ආරද්ධා.
මිගො අරඤ්ඤම්හි යනු කවර උපතක්ද? එක් භික්ෂුවක් කස්සප බුදුරදුන්ගේ ශාසනයේ යෝගාවචරව කලුරියකොට, බරණැස සිටුකුලයක උපන්නේ, ආඪ්‍යව මහත් ධන ඇති මහාභෝගී විය. ඔහු පරදාරික සිට කලුරිය කොට අපායේ උපන්නේය. එහි පැසී පැසුණු කෙළවර සිටුබිරිඳගේ කුසෙහි, ස්ත්‍රියක වී පිළිසිඳ ගත්තේය. නරකයේ ආවා වූ සත්ත්වයන්ගේ ශරීර උණුවෙත්. එයින් සිටු බිරිඳ දැවෙනු ලබන උදරයෙන් හටගත්තා වූ කරදරයෙන් යුතුව ඒ ගැබ දරා, සුදුසු කාලයේ දැරියක වැදුවාය. ඇය උපන් දවසේ පටන්, මව්පියන්ටද, සෙසු නෑදෑ පිරිවර ජනයාටද, විපතක් විය. වැඩිවිය පැමිණියේ, යම් කුලයක දෙන ලද, එහිදී සැමියාගේ නෑදෑ මිතුරන්ගේ අප්‍රිය බවට ලක්වූවා අප්‍රිය අමනාප විය. ඉක්බිති නැකැත් කෙළියෙහි ඝෝෂා කරන ලද සිටුපුත්‍රයා ඇය සමග සෙල්ලම් කිරීමට නොකැමැත්තේ ගණිකාවක ගෙන්වා සෙල්ලම කරයි. ඇය ඒ දාසින්ගේ සමීපයේ අසා සිටුපුත්‍රයා වෙත එළඹ නොයෙක් ආකාරයෙන් නැලවීම් කීවාය. ආර්ය පුත්‍රය, ස්ත්රියනම් රජවරු දහදෙනෙකුට වඩා බාලය. සක්විති රජකුගේ දුවක වුවද, එසේම ස්වාමියාට මෙහෙකාරියක වෙයි. ස්වාමියා කෙරෙහි ආදරයක් නැතිකල්හි උලක් ආරෝපණය කළාක් මෙන් දුක අනුභව කරයි. ඉදින් මට අනුග්රහයේ කැමැත්තේද, අනුග්‍රහ කළ යුතුය. නොඑසේනම් වෙන්වී සිටිය යුතුය කියා තමන්ගේ ඤාති කුලයට යන්නෙමි යනුවෙනි. සිටුපුත්‍රයා ‘වේවා සොඳුර; ශෝක නොකරව. ක්‍රීඩාවේ ඇලුණ මැනවි. නැකැත්කෙළිය, ක්‍රීඩා කරන්නෙමුයි කීවේය. සිටුදියණිය එපමණකින් කථාබහ කිරීමට උත්සාහ වන්නේ හෙට නැකැත් ක්‍රීඩා පවත්වන්නෙමුයි, බොහෝ කනබොන දෑ පවරා දුන්නේය. සිටුපුත්‍රයා දෙවෙනි දිනයේ නොවිචාරා, ක්‍රීඩා ස්ථානයට ගියේය. ඇය, දැන් එන්නේය, දැන් ඒනනේ යයි මගබලා සිටින්නී, ප්‍රමාදය දැක පුරුෂයකු යැවීය. ඔවුහු පෙරළා ගොස්, සිටුපුත්‍රයා ගියේ යයි දැනුම් දුන්හ. ඇය සියලු ඒ පිළියෙල කළ දේවල් රැගෙන මහා රථයක නැග, උයනට යන්නට පටන් ගත්තාය.
අථ නන්දමූලකපබ්භාරෙ පච්චෙකසම්බුද්ධො සත්තමෙ දිවසෙ නිරොධා වුට්ඨාය නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තදහෙ මුඛං ධොවිත්වා “කත්ථ අජ්ජ භික්ඛං චරිස්සාමා”ති ආවජ්ජෙන්තො තං සෙට්ඨිධීතරං දිස්වා “මයි ඉමිස්සා සද්ධාකාරං කාරෙත්වා තං කම්මං පරික්ඛයං ගමිස්සතී”ති ඤත්වා පබ්භාරසමීපෙ සට්ඨියොජනමනොසිලාතලෙ ඨත්වා පත්තචීවරමාදාය අභිඤ්ඤාපාදකං ඣානං සමාපජ්ජිත්වා ආකාසෙනාගන්ත්වා තස්සා පටිපථෙ ඔරුය්හ බාරාණසිං අභිමුඛො අගමාසි. තං දිස්වාව දාසියො සෙට්ඨිධීතාය ආරොචෙසුං. සා යානා ඔරුය්හ සක්කච්චං වන්දිත්වා පත්තං සබ්බරසසම්පන්නෙන ඛාදනීයෙන භොජනීයෙන පූරෙත්වා පදුමපුප්ඵෙන පටිච්ඡාදෙත්වා හෙට්ඨාපි පදුමපුප්ඵං කත්වා පුප්ඵකලාපං හත්ථෙන ගහෙත්වා පච්චෙකබුද්ධස්ස හත්ථෙ පත්තං දත්වා වන්දිත්වා පුප්ඵකලාපහත්ථා පත්ථනං අකාසි – “භන්තෙ, යථා ඉදං පුප්ඵං, එවාහං යත්ථ යත්ථ උපපජ්ජාමි, තත්ථ තත්ථ මහාජනස්ස පියා භවෙය්යං මනාපා”ති. එවං පත්ථෙත්වා දුතියම්පි පත්ථෙසි – “භන්තෙ, දුක්ඛො ගබ්භවාසො , තං අනුපගම්ම පදුමපුප්ඵෙ එව පටිසන්ධි භවෙය්යා”ති. තතියම්පි පත්ථෙසි – “භන්තෙ, ජෙගුච්ඡො මාතුගාමො, චක්කවත්තිධීතාපි පරවසං ගච්ඡති. තස්මා අහං ඉත්ථිභාවං අනුපගම්ම පුරිසො භවෙය්ය”න්ති. චතුත්ථම්පි පත්ථෙසි – “භන්තෙ, ඉමං සංසාරදුක්ඛං අතික්කම්ම පරියොසානෙ තුම්හෙහි පත්තං අමතං පාපුණෙය්ය”න්ති. එවං චතුරො පණිධී කත්වා තං පදුමපුප්ඵකලාපං පූජෙත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා “පුප්ඵසදිසො එව මෙ ගන්ධො චෙව වණ්ණො ච හොතූ”ති ඉමං පඤ්චමං පණිධිං අකාසි.
ඉක්බිති නන්ද පර්වත පාමුල පසේ බුදුරද සත්වෙනි දිනයේ නිරෝධ සමවතින් නැගිට නාග බුලත් දැහැටිකූරු ආදිය අනුභවකොට අනෝතප්ත විලෙන් මුව සෝදා, අද කොහේ පිඬු පිණිස හැසිරෙන්නේදැයි ආවර්ජනා කරන්නේ, ඒ සිටු දියණිය දැක, මැය මා කෙරෙහි ශ්‍රද්ධා ආකාරයක් කොට, ඒ වැඩ කෙළවරට යන්නේ යයි, දැන පර්වත පාමුල යොදුන් සැටක් මණ හිරියල් තලාවේ සිට පාසිවුරු ගෙන අභිඥා ආදිය සමාදන් වී අහසින් ගොස් ඈ සිටි මහාමාර්ගයේ බැස, බරණැසට මුහුණලා ගියේය. ඇය දැකම දාසීහු සිටු දියණියට දැන්වූහ. ඇය යානාවෙන් බැස සකසා වැඳ, පාත්‍රය සියලු රසමුසු දේවලින් කෑයුතු බීයුතු දේවලින් පුරවා පියුම්මලින් වසා, යටද නෙළුම්මල් තබා, මල් කලඹක් අතින් ගෙන, පසේ බුදුරදුන්ගේ අතෙහි පාත්‍රය දී වැඳ, මල්කලඹ ගත් අත් ඇතිව ප්‍රාර්ථනාවක් කළේය. “ස්වාමීනි, ගැබෙහි වාසය කිරීම දුකකි. එයට නොපැමිණ නෙළුම්මල මතම පිළිසිඳගැනීම වන්නේයයි, තෙවෙනි වරද පැතුවේය. ස්වාමීනි, මාගම පිළිකුල්ය. සක්විතිරාජ දුව වුවද අනුන්ගේ වසඟයට යයි. එහෙයින් මම ස්ත්‍රීභාවයට නොපැමිණ, පුරුෂයකු වන්නේය. සතරවෙනි ප්රාර්ථනාවද කළේය. “ස්වාමීනි, මේ සසර දුක ඉක්මවා අවසානයේ නුඹලා විසින් ප්‍රාර්ථනා කරන ලද, අමෘතයට පැමිණෙන්නේය. මෙසේ අපේක්ෂා හතර ඉෂ්ටකොට ඒ පියුම් කලඹ පූජාකොට පසඟ පිහිටුවා වැඳ, මල් සමානවම මගේ සුවඳද, වර්ණයද වේවා’යි මේ පස්වෙනි අපේක්ෂාවද ප්‍රාර්ථනා කළේය.
තතො පච්චෙකබුද්ධො පත්තඤ්ච පුප්ඵකලාපඤ්ච ගහෙත්වා ආකාසෙ ඨත්වා –
ඉක්බිති පසේබුදු පාත්‍රයද මල්කලඹද ගෙන අහසේ සිට,
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, ඛිප්පමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, චන්දො පන්නරසො යථා”ති. –
“සිතන පතන ඔබේ පැතුම් වහාම සමෘද්ධ වේවා! පසළොස්වකදා පූර්ණ චන්ද්‍රයා සේ සියලු චිත්ත සංකල්පනාවෝ පිරෙත්වා.”
ඉමාය ගාථාය සෙට්ඨිධීතාය අනුමොදනං කත්වා “සෙට්ඨිධීතා මං ගච්ඡන්තං පස්සතූ”ති අධිට්ඨහිත්වා ආකාසෙන නන්දමූලකපබ්භාරං අගමාසි. සෙට්ඨිධීතාය තං පස්සන්තියා මහතී පීති උප්පජ්ජි. භවන්තරෙ කතං අකුසලං කම්මං අනොකාසතාය පරික්ඛීණං චිඤ්චම්බිලධොතතම්බලොහභාජනමිව සුද්ධා ජාතා. තාවදෙවස්සා පතිකුලෙ ඤාතිකුලෙ ච සබ්බො ජනො තුට්ඨො. “කිං කරොමා”ති පියවචනානි ච පණ්ණාකාරානි ච පෙසෙසි. සාමිකොපි මනුස්සෙ පෙසෙසි – “සෙට්ඨිධීතරං සීඝං ආනෙථ, අහං විස්සරිත්වා උය්යානං ආගතො”ති. තතො පභුති ච නං උරෙ විලිත්තචන්දනං විය ආමුත්තමුත්තාහාරං විය පුප්ඵමාලා විය ච පියායන්තො පරිහරි. සා තත්ථ යාවතායුකං ඉස්සරියභොගයුත්තසුඛං අනුභවිත්වා කාලං කත්වා පුරිසභාවෙන දෙවලොකෙ පදුමපුප්ඵෙ උප්පජ්ජි. සො දෙවපුත්තො ගච්ඡන්තොපි පදුමපුප්ඵගබ්භෙ එව ගච්ඡති, තිට්ඨන්තොපි නිසීදන්තොපි සයන්තොපි පදුමපුප්ඵගබ්භෙයෙව සයති. “මහාපදුමදෙවපුත්තො”ති ච නං වොහරිංසු. එවං සො තෙන ඉද්ධානුභාවෙන අනුලොමපටිලොමං ඡ දෙවලොකෙ එව සංසරති.
මේ ගාථාවෙන් සිටු දියණිට පින් අනුමෝදන් කොට සිටු දියණිය, මා යන අයුරු බලත්වා’යි අධිෂ්ඨානකොට අහසින් නන්දමූල පර්වතයට ගියේය. සිටු දියණියට එය බැලීමෙන් මහත් සතුටක් ඉපදුණාය. සසර පුරා කරන ලද අකුශල කර්ම ඉඩක් නොලැබීම නිසා, ගෙවී ගියේය. ලුණු ඇඹුල්වලින් සෝදන ලද තඹ භාජනයක් මෙන් පිරිසිදු විය. එකෙණෙහි ඇගේ පතිකුලයේ සියලු ජනතාව සතුටුව “කුමක් කරමු” දැයි ප්‍රිය වචනද, පඬුරුද යැවීය. හිමියාද මිනිසුන් යැවීය. සිටු දියණිය වහාම රැගෙන එවු යනුවෙනි. මම ඉක්මණින් උයනට ආවෙමි. එතැන් පටන් හේ උරහිසෙහි ආලේප කරන ලද සඳුන් මෙන්ද, පළඳවන ලද මුතුහර මෙන්ද, මල් මාලාවක් මෙන්ද, ප්‍රිය ගිල්වෙමින් වැඩුණේය. ඇය එහි ආයුෂ ඇති තාක් ඉසුරු සැපසම්පත් අනුභවකොට කලුරියකොට, පුරුෂයකු ලෙසින් දෙව්ලොව නෙළුම්මලක් මත ඉපදුණේය. ඒ දිව්‍යපුත්‍රයා යන්නේද, පියුම්මල් ගැබෙහිම යයි. සිටින්නේද, හිඳින්නේද, සයනය කරන්නේද, පියුම් කුසුම් ගැබෙහිම නිදයි. මහා පදුම දිව්‍ය පුත්‍රයා යයි ඔහු ව්‍යවහාර කළහ. මෙසේ ඔහු ඒ සෘද්ධි ආනුභාවයෙන් මුලසිට අගට අග සිට මුලට සදිව්යලෝකයේම සැරිසරයි.
තෙන ච සමයෙන බාරාණසිරඤ්ඤො වීසති ඉත්ථිසහස්සානි හොන්ති. තාසු එකාපි පුත්තං න ලභති. අමච්චා රාජානං විඤ්ඤාපෙසුං – “දෙව, කුලවංසානුපාලකො පුත්තො ඉච්ඡිතබ්බො, අත්රජෙ අවිජ්ජමානෙ ඛෙත්තජොපි කුලවංසධරො හොතී”ති. අථ රාජා “ඨපෙත්වා මහෙසිං අවසෙසා ඉත්ථියො සත්තාහං ධම්මනාටකං කරොථා”ති යථාකාමං බහි චරාපෙසි, තථාපි පුත්තං නාලත්ථ. පුන අමච්චා ආහංසු – “මහාරාජ, මහෙසී නාම පුඤ්ඤෙන ච පඤ්ඤාය ච සබ්බඉත්ථීනං අග්ගා, අප්පෙව නාම දෙවො මහෙසියා කුච්ඡිම්හි පුත්තං ලභෙය්‍යා”ති. රාජා මහෙසියා එතමත්ථං ආරොචෙසි. සා ආහ – “මහාරාජ, යා ඉත්ථී සීලවතී සච්චවාදිනී, සා පුත්තං ලභෙය්ය, හිරොත්තප්පරහිතාය කුතො පුත්තො”ති පාසාදං අභිරුහිත්වා පඤ්ච සීලානි සමාදියිත්වා පුනප්පුනං ආවජ්ජෙසි, සීලවතියා රාජධීතාය පඤ්ච සීලානි ආවජ්ජෙන්තියා පුත්තපත්ථනාචිත්තෙ උප්පන්නමත්තෙ සක්කස්ස ආසනං සංකම්පි.
එසමයෙහි බරණැස් රජුට විසිදහසක් සත්‍රීහු වෙති. ඈලා අතර එකියක්වත් පුත්‍රයකු නොලබයි. ඇමතියෝ රජු වෙත දැනුම් දුන්හ. රජතුමනි, කුලවංශය අනුව පාලනය කරන පුතකු කැමැතිවිය යුතුය. වැඩිමහල් පුතකු තමන්ගේ නොමැති වූවිට ක්ෂත්රිය පරපුරෙන් උපන් අයකු කුලවංශය දරන්නේ වේ, යයි කැමැතිවිය යුතුය. ඉක්බිති රජු මෙහෙසිය හැර ඉතිරි නාටක ස්ත්‍රීහු සත්දිනක් ධර්මනාටකය කරවු යයි කැමැති පරිදි පිටත හැසිරවීය. එසේ වුවද පුතකු නොලැබුවෝ නැවත ඇමතියෝ කීවාහුය. මහරජතුමනි, මෙහෙසිය නම් පිනෙන් ද ප්‍රඥාවෙන්ද සියලු ස්ත්රීන්ට වඩා අග්‍රය. රජතුමා කැමැති නම්, මෙහෙසියගේ කුසෙහි පුතකු ලබන්නේ නම් යෙහෙකි. රජු මෙහෙසියට ඒ කරුණ දැන්වීය. ඇය කීවාය. මහරජ, ස්ත්‍රිය නම් සිල්වත් සත්‍යවාදී පුතකු ලබන්නේය. ලජ්ජා බිය දෙකෙන් කෙසේ පුතකු ලබාද? ඇය මතු මහලට නැග පංචශීලය සමාදන් වී නැවත නැවත මෙනෙහි කරයි. සිල්වත් රජ දියණිය පංචශීලය ආවර්ජනය කරමින් පුතකු පතන සිතින් උපන් මාත්‍රයෙහි ශක්‍රයාගේ ආසනය රත්විය.
අථ සක්කො ආවජ්ජෙන්තො එතමත්ථං විදිත්වා – “සීලවතියා රාජධීතාය පුත්තවරං දෙමී”ති ආකාසෙනාගන්ත්වා දෙවියා සම්මුඛෙ ඨිතො “කිං වරෙසි, දෙවී”ති? “පුත්තං, මහාරාජා”ති. “දම්මි තෙ, දෙවි, පුත්තං, මා චින්තයී”ති වත්වා දෙවලොකං ගන්ත්වා “අත්ථි නු ඛො එත්ථ ඛීණායුකො”ති ආවජ්ජෙන්තො “අයං මහාපදුමො උපරිදෙවලොකං ගන්තුකාමො ච භවිස්සතී”ති ඤත්වා තස්ස විමානං ගන්ත්වා “තාත මහාපදුම, මනුස්සලොකං ගච්ඡාහී”ති යාචි. සො “මා එවං, මහාරාජ, භණ, ජෙගුච්ඡිතො මනුස්සලොකො”ති . “තාත, ත්වං මනුස්සලොකෙ පුඤ්ඤං කත්වා ඉධූපපන්නො, තත්ථෙව ඨත්වා පාරමියො පූරෙතබ්බා, ගච්ඡ, තාතා”ති. “දුක්ඛො, මහාරාජ, ගබ්භවාසො, න සක්කොමි තත්ථ වසිතු”න්ති. “තාත, තෙ ගබ්භවාසො නත්ථි, තථා හි ත්වං කම්මමකාසි, යථා පදුමගබ්භෙයෙව නිබ්බත්තිස්සසි, ගච්ඡ, තාතා”ති පුනප්පුනං වුච්චමානො අධිවාසෙසි.
ශක්‍රයා ආවර්ජනා කරන්නේ, මේ කාරණය දැන සිල්වත් රජ දියණියට උතුම් පුත්‍රයෙකු දෙමි’යි අහසින් ගොස් දේවිය ඉදිරියේ සිට “නොසිතනු මැනවි” යයි කියා දෙව්ලොවට ගොස්, මෙහි ආයුෂ කෙටි වූවකු වෙත්දැයි ආවර්ජනා කරන්නේ, මේ මහා පදුම මතු දෙව්ලොව යනු කැමැත්තේ චුතවන්නේ යයි දැන ඔහුගේ විමානයට ගොස් “දරුව, මහා පදුම; මිනිස්ලොවට යන්නැයි ඉල්ලීය. ඔහු මහරජ; එසේ නොකියව. මිනිස්ලොව පිළිකුල්ය. දරුව, නුඹ මනුෂ්‍ය ලෝකයේ පින්කම්කොට මෙහි උපන්නෙකි. එහිම සිට පාරමීදම් පිරිය යුතුය. දරුව, යන්න. මහරජ; ගැබක වාසය කිරීම මහා දුකකි. එහි වාසය කිරීමට නොහැකිය. දරුව, එහි ගැබක වාසය කිරීමක් නැත. එසේ වුවත් ඔබ කර්ම කළෙහිය. යම්සේ පියුම් ගැබ උපදින්නේය. යව දරුව, යි නැවත නැවත කියනු ලබන්නේ ඉවසීය.
සො දෙවලොකා චවිත්වා බාරාණසිරඤ්ඤො උය්යානෙ සිලාපට්ටපොක්ඛරණියං පදුමගබ්භෙ නිබ්බත්තො. තඤ්ච රත්තිං පච්චූසසමයෙ මහෙසී සුපිනන්තෙන වීසතිඉත්ථිසහස්සපරිවුතා උය්යානං ගන්ත්වා සිලාපට්ටපොක්ඛරණියං පදුමගබ්භෙ පුත්තං ලද්ධා විය අහොසි. සා පභාතාය රත්තියා සීලානි රක්ඛමානා තත්ථ ගන්ත්වා එකං පදුමපුප්ඵං අද්දස, තං නෙව තීරෙ හොති න ගම්භීරෙ. සහ දස්සනෙනෙව චස්සා තත්ථ පුත්තසිනෙහො උප්පජ්ජි. සා සයං එව ඔතරිත්වා තං පුප්ඵං අග්ගහෙසි, පුප්ඵෙ ගහිතමත්තෙයෙව පත්තානි විකසිංසු. තත්ථ සුවණ්ණපටිමං විය දාරකං අද්දස, දිස්වාව “පුත්තො මෙ ලද්ධො”ති සද්දං නිච්ඡාරෙසි. මහාජනො සාධුකාරසහස්සානි පවත්තෙසි. රඤ්ඤො ච පෙසෙසි. රාජා සුත්වා “කත්ථ ලද්ධො”ති පුච්ඡිත්වා ලද්ධොකාසං සුත්වා “උය්යානඤ්ච පොක්ඛරණියං පදුමඤ්ච අම්හාකංයෙව, තස්මා අම්හාකං ඛෙත්තෙ ජාතත්තා ඛෙත්තජො නාමායං පුත්තො”ති වත්වා නගරං පවෙසෙත්වා වීසතිසහස්සඉත්ථියො ධාතිකිච්චං කාරෙසි. යා යා කුමාරස්ස රුචිං ඤත්වා පත්ථිතං පත්ථිතං ඛාදනීයං ඛාදාපෙති, සා සා සහස්සං ලභති. සකලබාරාණසී චලිතා, සබ්බො ජනො කුමාරස්ස පණ්ණාකාරසහස්සානි පෙසෙසි. කුමාරො තං තං අතිනෙත්වා “ඉමං ඛාද, ඉමං භුඤ්ජා”ති වුච්චමානො භොජනෙන උබ්බාළ්හො උක්කණ්ඨිතො හුත්වා ගොපුරද්වාරං ගන්ත්වා ලාඛාගුළකෙන කීළති.
ඔහු දෙව්ලොවින් චුතව බරණැස් රජුගේ උයන් ගල්තලාවේ, පොකුණේ පියුම් ගැබහි උපන්නේ. ඒ රාත්රියද අළුයම් කාලයේ, මෙහෙසිය, සිහිනයකින් විසිදහසක් ස්ත්‍රීන් පිරිවරා උයනට ගොස් පොකුණේ පියුම් ගැබක පුතකු ලද මෙන් විය. ඇය අළුයම රාත්‍රියේ සිල්රකිමින් සිට එහි ගොස් එහි පුෂ්පයක් දුටුවාය. එය විල්තෙර නොවෙයි. ගැඹුරුද නොවේ. එය දැකීමෙන්ම ඇය එහිදී පුත්‍ර ස්නේහය හටගත්තේය. ඇය තෙමේම බැස, ඒ මල ගත්තීය. මල ගන්නා මොහෙතේම පත්‍ර විකසිත වූහ. එහි රන්පිළිමයක් මෙන් දැරිය දුටුවාය. දැක “මට පුතකු ලැබුණේ යයි” ශබ්ද කළාය. මහජනයා දසදහසක් සාධුකාර දුන්හ. රජුට යැවීය. රජු අසා, කෙසේ ලැබුවේදැයි විචාරා ලබන ලද අවකාශය අසා, උයනද පියුමද පොකුණද අපගේමය. එහෙයින් අපගේ කෙතෙහි උපන් බැවින් මේ පුත්‍රයා ඛෙත්තජ යයි පවසා, නගරයට පිවිසවා, විසිදහසක් සමග කිරිමව්වරුන් ලෙස පත් කළේය. ඒ ඒ කුමාරයාට බව දන්වා ප්‍රණීත, කෑ යුතු දේ කවවයි ඇය දහසක් ලබයි. සියළු බරණැස සලිත විය. සියළු ජනතාව කුමාරයාට පඬුරු දහසක් එවීය. කුමරු ඒ ඒ අය අතින් අල්ලාගෙන මෙය කන්න. මෙය වළඳන්නැයි කියමින් භෝජනයෙන් අතිශයින් කලකිරුණේ නගර දොරටුව සමීපයට ගොස්, ලාකඩ ගුලියකින් සෙල්ලම් කරයි.
තදා අඤ්ඤතරො පච්චෙකබුද්ධො බාරාණසිං නිස්සාය ඉසිපතනෙ වසති. සො කාලස්සෙව වුට්ඨාය සෙනාසනවත්තසරීරපරිකම්මමනසිකාරාදීනි සබ්බකිච්චානි කත්වා පටිසල්ලානා වුට්ඨිතො “අජ්ජ කත්ථ භික්ඛං ගහෙස්සාමී”ති ආවජ්ජෙන්තො කුමාරස්ස සම්පත්තිං දිස්වා “එස පුබ්බෙ කිං කම්මං කරී”ති වීමංසන්තො “මාදිසස්ස පිණ්ඩපාතං දත්වා චතස්සො පත්ථනා පත්ථෙසි, තත්ථ තිස්සො සිද්ධා, එකා තාව න සිජ්ඣති, තස්ස උපායෙන ආරම්මණං දස්සෙමී”ති භික්ඛාචාරවසෙන කුමාරස්ස සන්තිකං අගමාසි. කුමාරො තං දිස්වා “සමණ, මා ඉධ ආගච්ඡි, ඉමෙ හි තම්පි ‘ඉමං ඛාද, ඉමං භුඤ්ජා’ති වදෙය්යු”න්ති ආහ. සො එකවචනෙනෙව තතො නිවත්තිත්වා අත්තනො සෙනාසනං අගමාසි. කුමාරො පරිජනං ආහ – “අයං සමණො මයා වුත්තමත්තොව නිවත්තො, කුද්ධො නු ඛො මමා”ති. සො තෙහි “පබ්බජිතා නාම න කොධපරායණා හොන්ති, පරෙන පසන්නමනෙන යං දින්නං, තෙන යාපෙන්තී”ති වුච්චමානෙපි “දුට්ඨො එවරූපො නාම සමණො, ඛමාපෙස්සාමි න”න්ති මාතාපිතූනං ආරොචෙත්වා හත්ථිං අභිරුහිත්වා මහතා රාජානුභාවෙන ඉසිපතනං ගන්ත්වා මිගයූථං දිස්වා පුච්ඡි – “කින්නාමෙතෙ”ති? “එතෙ, සාමි, මිගා නාමා”ති. “එතෙසං ‘ඉමං ඛාදථ, ඉමං භුඤ්ජථ, ඉමං සායථා’ති වත්වා පටිජග්ගන්තා අත්ථී”ති? “නත්ථි, සාමි, යත්ථ තිණොදකං සුලභං තත්ථ වසන්තී”ති.
එකල එක්තරා පසේ බුදුවරයෙකු බරණැස ඇසුරුකොට ඉසිපතනයේ වැඩවාසය කරයි. උන්වහන්සේ කලින්ම නැගිට සේනාසන වත, ශරීර පිළිකම්, මෙනෙහි කිරීම් ආදි සියලු කෘත්‍යය නිමකොට සමවතට සමවැදුණේ අද කොහේ භික්ෂාව සඳහා පිඬුසිඟා යන්නෙම්දැයි ආවර්ජන කරන්නේ කුමාරයාගේ සම්පත් දැක “මෙතම පෙර කුමන කර්මයක් කළේදැ”යි විමසන්නේ මා වැන්නකුට පිණ්ඩපාත දී ප්‍රාර්ථනා හතරක් කළේය. ඉන් තුනක් සිද්ධවීය. එකක් ඉටු නොවීය. ඔහුට උපායෙන් අරමුණු දක්වන්නෙමියි, පිඬු පිණිස හැසිරෙන විලාශයෙන් කුමරු ළඟට ගියේය. කුමරු උන්වහන්සේ දැක ශ්‍රමණය! ශ්‍රමණය! මෙහි නොඑව. මෙහි මෙහිදී අනුභව කරන්න. මෙය කරන්න යයි කීවාහුය කීවේය. උන්වහන්සේ එක වචනයෙන්ම එහි නැවතී තමන්ගේ සෙනසුනට වැඩි සේක. කුමරු පිරිවර ජනයාට කීවේය. “මේ ශ්‍රමණයා මා විසින් කියන ලද මොහොතේම නතර විය. මට කිපුණේද? ඔහු ඔවුන් විසින්, පැවිද්දෝ නම් ක්‍රෝධය ඇසුරු නොකරන්නේ අනුන් විසින් ප්‍රසන්න මනසින් යමක් දෙන ලද්දේද, එයින් යැපෙති යයි කියනු ලබන්නේ, දුෂ්ට වූ මට මේ ශ්‍රමණයා ක්ෂමා කරන්නෙමියි, මව්පියන්ට දන්වා ඇතු පිට නැගී මහත් රාජානුභාවයෙන් ඉසිපතනයට ගොස්, මුව සමූහයා දැක විචාළේය. මේ කවුරුන්ද? ස්වාමීනි, මේ මුවෝ වෙති. මේ අය අනුභව කරවුද? මේ අය නිදා ගනිහුද කියා පෝෂණය කරන්නෝ ඇත්ද? නැත්ද? ස්වාමීනි, නැත. යම්තැනක තණ සහ ජලය ඇත්ද? එහි වාසය කරති.
කුමාරො “යථා ඉමෙ අරක්ඛියමානාව යත්ථ ඉච්ඡන්ති, තත්ථ වසන්ති, කදා නු ඛො අහම්පි එවං වසෙය්ය”න්ති එතං ආරම්මණං අග්ගහෙසි. පච්චෙකබුද්ධොපි තස්ස ආගමනං ඤත්වා සෙනාසනමග්ගඤ්ච චඞ්කමනඤ්ච සම්මජ්ජිත්වා මට්ඨං කත්වා එකද්වත්තික්ඛත්තුං චඞ්කමිත්වා පදනික්ඛෙපං දස්සෙත්වා දිවාවිහාරොකාසඤ්ච පණ්ණසාලඤ්ච සම්මජ්ජිත්වා මට්ඨං කත්වා පවිසනපදනික්ඛෙපං දස්සෙත්වා නික්ඛමනපදනික්ඛෙපං අදස්සෙත්වා අඤ්ඤත්ර අගමාසි. කුමාරො තත්ථ ගන්ත්වා තං පදෙසං සම්මජ්ජිත්වා මට්ඨකතං දිස්වා “වසති මඤ්ඤෙ එත්ථ සො පච්චෙකබුද්ධො”ති පරිජනෙන භාසිතං සුත්වා ආහ – “පාතොපි සො සමණො දුස්සති, ඉදානි හත්ථිඅස්සාදීහි අත්තනො ඔකාසං අක්කන්තං දිස්වා සුට්ඨුතරං දුස්සෙය්ය, ඉධෙව තුම්හෙ තිට්ඨථා”ති හත්ථික්ඛන්ධා ඔරුය්හ එකකොව සෙනාසනං පවිට්ඨො වත්තසීසෙන සුසම්මට්ඨොකාසෙ පදනික්ඛෙපං දිස්වා “සො දානායං සමණො එත්ථ චඞ්කමන්තො න වණිජ්ජාදිකම්මං චින්තෙසි, අද්ධායං අත්තනො හිතමෙව චින්තෙසි මඤ්ඤෙ”ති පසන්නමානසො චඞ්කමං අභිරුහිත්වා දූරීකතපුථුවිතක්කො ගන්ත්වා පාසාණඵලකෙ නිසීදිත්වා සඤ්ජාතඑකග්ගො හුත්වා පණ්ණසාලං පවිසිත්වා විපස්සන්තො පච්චෙකබොධිඤාණං අධිගන්ත්වා පුරිමනයෙනෙව පුරොහිතෙන කම්මට්ඨානං පුච්ඡිතො ගගනතලෙ නිසින්නො ඉමං ගාථමභාසි.
කවරදා නමුත් මමත් මෙසේ වසන්නෙමි. මේ අරමුණ සිතට ගත්තේය. පසේබුදුරදද ඔහුගේ පැමිණීම දැන සේනාසන මාර්ගයද සක්මන්මළුවද හැමද, සමකොට දෙතුන් වතාවක් සක්මන්කොට පියවර කිහිපයක් පෙන්වා, නික්මෙන පියවර කිහිපය නොපෙන්වා වෙනත් තැනකට ගිය සේක. කුමරු එහි ගොස් ඒ ප්‍රදේශය අතුගා සමකර තිබෙනු දැක, වාසය කරයි යයි හඟිනුයේ, මෙහි ඒ පසේබුදු රද පිරිවර ජනයා විසින් කියන ලද්ද අසා කීවේය. උදෑසනම ඒ ශ්‍රමණයා වස්ත්‍ර පොරවා, දැන් ඇත් අශ්ව ආදීන් තමන්ගේ ඉඩකඩ මඩිනු දැක සෑහෙනතරම් ඉවසන්නේය. මෙහිම නුඹලා සිටිවු යයි, ඇතුපිටින් බැස හුදකලාව සෙනසුනට පිවිසියේ මනාසේ මට්ටම් කරන ලද ඉඩකඩ තුළ පියවර කීපයක් දැක මේ ශ්‍රමණයෙක් නොවේ. මෙහි සක්මන් කරන්නේ වෛද්‍යකර්ම කරන්නෙක් යයි සිතුවේය. ඒකාන්තයෙන් මේ තමන්ගේ දියුණුවම සිතුවේ යයි හඟියි. ප්‍රසන්න මනසින් සක්මනට නැග දුරුකරන ලද විතර්කය ඇත්තේ ගොස්, ගල්තලාවේ හිඳ, හටගත් සතුටින් හුදකලාව සිට පන්සලට පිවිස, විදර්ශනා වඩන්නේ පසේබෝධි ඥානය අධිගමකොට පෙර කියන ලද අයුරින් පුරෝහිතයා විසින් කමටහන් විචාරණ ලදුව ආකාශතලයේ හුන්නේ මේ ගාථාව කීවේය.
තත්ථ මිගොති ද්වෙ මිගා – එණීමිගො ච පසදමිගො ච. අපිච සබ්බෙසං ආරඤ්ඤිකානං චතුප්පදානං එතං අධිවචනං. ඉධ පන පසදමිගො අධිප්පෙතොති වදන්ති. අරඤ්ඤම්හීති ගාමඤ්ච ගාමූපචාරඤ්ච ඨපෙත්වා අවසෙසං අරඤ්ඤං, ඉධ පන උය්යානං අධිප්පෙතං, තස්මා “උය්යානම්හී”ති වුත්තං හොති. යථාති පටිභාගෙ. අබද්ධොති රජ්ජුබන්ධනාදීහි අබද්ධො, එතෙන විස්සත්ථචරියං දීපෙති. යෙනිච්ඡකං ගච්ඡති වොචරායාති යෙන යෙන දිසාභාගෙන ගන්තුමිච්ඡති, තෙන තෙන දිසාභාගෙන ගොචරාය ගච්ඡති. වුත්තම්පි චෙතං භගවතා –
එහි මිගො යනු මුවෝ දෙන්නා තිණ මුව, පසද මුවා යනුවෙනි. සියල්ලෝ ආරණ්‍යගතව සිවුපා ඇති මොවුන්ට විශේෂ වචනයක් ලෙස පසද මුවා යයි ව්‍යවහාර කරනු ලබත්. අරඤ්ඤම්හි යනු ගමද, ගම ආශ්රිත ප්‍රදේශයද හැර, ඉතිරි කැලෑ, මෙහි වනාහි උයන්ද කියනු ලැබේ. එහෙයින් උද්‍යාන ආදියද කියන ලදි. අබද්ධො යනු ලණු රැහැන් ආදි බැමිවලින් නොබඳිනා ලද. මෙහි විශේෂ අර්ථයක් දක්වයි. යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය යනු යම් යම් දිශාවලට යනු කැමැත්තේද, ඒ ඒ දිශාභාගවලට ගොදුරු පිණිස යති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙසේ වදාරන ලදි –
“සෙය්යථාපි, භික්ඛවෙ, ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ චරමානො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො, භික්ඛවෙ, ලුද්දස්ස, එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්තමකාසි මාරං අපදං, වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො”ති (ම· නි· 1.287; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 125) විත්ථාරො.
“යම්සේ මහණෙනි, වනගතමුවා අරණ්‍යයේ සුළඟේ හැසිරෙමින් විසිරී යයිද, විසිරි විශ්වාසයෙන් සිටියිද, හිඳියිද, විශ්වාසයෙන් නින්දට වැටේද? එයට හේතුව කිම? මහණෙනි, වැද්දාගේ මාර්ගයක් නොමැති බැවිනි. එපරිදි මහණෙනි, භික්ෂුව කාමයන්ගෙන් තොර වූවේ ප්‍රථමධ්‍යානයට සපැමිණ වාසය කරයි. මෙයට මහණෙනි, භික්ෂුව මාරයා අන්ධ කළේය යයි කියනු ලැබේ. පියවරකට නොපැමිණ, මාර ඇස දැකීම පාපී මාරයා මළේයයි විස්තර කරන ලදි.
සෙරිතන්ති සච්ඡන්දවුත්තිතං අපරායත්තතං වා, ඉදං වුත්තං හොති – යථා මිගො අරඤ්ඤම්හි අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය, තථා කදා නු ඛො අහම්පි තණ්හාබන්ධනං ඡින්දිත්වා එවං ගච්ඡෙය්යන්ති. විඤ්ඤූ පණ්ඩිතො නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙති.
සෙරිතං යනු සිය කැමැත්තෙන් කියන ලද, වෙකකු විසින් කරන ලද්දක් යයි මෙය කියන ලද්දේ වෙයි. යථා යම්සේ මුවා අරණ්‍යයේ නොබැඳ යම් කැමැති තැනකට ගොදුරු පිණිස යයිද, කවරදා නමුත් මමද, තෘෂ්ණා බන්ධනය සිඳ, එසේ යන්නේය. විඤ්ඤූ පණ්ඩිතයා. නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙති මිනිසා ස්වෛරීව බලමින් හුදකලාව හැසිරෙයි.
මිගොඅරඤ්ඤගාථාවණ්ණනා නිට්ඨිතා.
මිග අරණ්‍යයක ගාථා වර්ණනාවයි.
95
95
ආමන්තනා හොතීති කා උප්පත්ති? බාරාණසිරඤ්ඤො කිර මහාඋපට්ඨානසමයෙ අමච්චා උපසඞ්කමිංසු. තෙසු එකො අමච්චො “දෙව, සොතබ්බං අත්ථී”ති එකමන්තං ගමනං යාචි. සො උට්ඨායාසනා අගමාසි. පුන එකො මහාඋපට්ඨානෙ නිසින්නං යාචි, එකො හත්ථික්ඛන්ධෙ නිසින්නං, එකො අස්සපිට්ඨියං නිසින්නං, එකො සුවණ්ණරථෙ නිසින්නං, එකො සිවිකාය නිසීදිත්වා උය්යානං ගච්ඡන්තං යාචි. රාජා තතො ඔරොහිත්වා අගමාසි. අපරො ජනපදචාරිකං ගච්ඡන්තං යාචි, තස්සපි වචනං සුත්වා හත්ථික්ඛන්ධතො ඔරුය්හ එකමන්තං අගමාසි. එවං සො තෙහි නිබ්බින්නො හුත්වා පබ්බජි. අමච්චා ඉස්සරියෙන වඩ්ඪන්ති. තෙසු එකො ගන්ත්වා රාජානං ආහ – “අසුකං නාම, මහාරාජ, ජනපදං මය්හං දෙහී”ති. රාජා තං “ඉත්ථන්නාමො භුඤ්ජතී”ති භණති. සො රඤ්ඤො වචනං අනාදියිත්වා “ගච්ඡාමහං තං ජනපදං ගහෙත්වා භුඤ්ජාමී”ති තත්ථ ගන්ත්වා කලහං කත්වා පුන උභොපි රඤ්ඤො සන්තිකං ආගන්ත්වා අඤ්ඤමඤ්ඤස්ස දොසං ආරොචෙන්ති. රාජා “න සක්කා ඉමෙ තොසෙතු”න්ති තෙසං ලොභෙ ආදීනවං දිස්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡාකාසි. සො පුරිමනයෙන ඉමං උදානං අභාසි.
ආමන්තණා හොතී යනු කවර උපතක්ද? බරණැස් රජුගේ මහා උපස්ථාන සමයේ, ඇමතියෝ සමීපයට පැමිණියහ. ඔවුන් අතර එක ඇමතියකු, “දේවයන් වහන්ස; ඇසිය යුත්තක් ඇත” එක් වරක් ඉල්ලීය. ඔහු අසුනින් නැගිට ගියේය. යලිත් එකකු මහා උපස්ථානයේ හිඳීමට ඉල්ලීය. එකකු ඇතුපිට හුන්නේ, එකකු අසුපිට හුන්නේ, එකකු ස්වර්ණ රථයක හුන්නේ, එකකු ප්‍රධාන ශාලාවේ හුන්නේ උයනට යාමට ඉල්ලීය. ඉක්බිති රජු බැස ගියේය. අනෙකකු ජනපද චාරිකාවේ හැසිරීමට ඉල්ලීය. ඔහුගේ වචනයද අසා ඇතුපිටින් බැස, එකත්පසකට ගියේය. මෙසේ ඔහු ඔවුන් කෙරෙන් කළකිරුණේ වී, පැවිදිවිය. ඇමතියෝ ඉසුරින් වැඩෙති. ඔවුන් අතර එකකු ගොස්, රජුට මෙසේ කීවේය. මහරජ; අසවල් නම් ඇති ජනපදය මට දෙන්න. රජු අසවල් දේ අනුභව කරයි යනුවෙන් පවසයි. ඔහු රජුගේ වචන නොපිළිගෙන “මම ඒ ජනපදය ගෙන අනුභව කරමි. යමි’යි එහි ගොස් කෝලාහල කොට, නැවත දෙදෙනාම රජුගේ සමීපයට අවුත් ඔවුනොවුන්ට දොස් නගන්නී, රජු මොවුන් පෝෂණය කිරීමට නොහැකි යයි, ඔවුන්ට ලෝභකමේ ආදීනව දැක විශේෂයෙන් බලන්නේ, (විදර්ශනාව වඩා) පසේබෝධිඥානය සාක්ෂාත් කළ සේක. හෙතම පෙර පරිදිම මේ උදාන ගාථාව කී සේක.
තස්සත්ථො – සහායමජ්ඣෙ ඨිතස්ස දිවාසෙය්යසඞ්ඛාතෙ වාසෙ ච, මහාඋපට්ඨානසඞ්ඛාතෙ ඨානෙ ච, උය්යානගමනසඞ්ඛාතෙ ගමනෙ ච, ජනපදචාරිකසඞ්ඛාතාය චාරිකාය ච, “ඉදං මෙ සුණ, ඉදං මෙ දෙහී”තිආදිනා නයෙන තථා තථා ආමන්තනා හොති, තස්මා අහං තත්ථ නිබ්බිජ්ජිත්වා යායං අරියජනසෙවිතා අනෙකානිසංසා එකන්තසුඛා, එවං සන්තෙපි ලොභාභිභූතෙහි සබ්බකාපුරිසෙහි අනභිපත්ථිතා පබ්බජ්ජා, තං අනභිජ්ඣිතං පරෙසං අවසවත්තනෙන භබ්බපුග්ගලවසෙන සෙරිතඤ්ච පෙක්ඛමානො විපස්සනං ආරභිත්වා අනුක්කමෙන පච්චෙකබොධිං අධිගතොස්මි. සෙසං වුත්තනයමෙවාති.
එහි අර්ථය : සහාය මජ්ඣෙ දිවාරාත්‍රී කැමැති පරිදි වාසය කරන, වා සෙ මහා උපස්ථානය හා සම්බන්ධ, ඨානෙ උයන් ගමන හා සම්බන්ධ. ගමනෙ ජනපදචාරිකා හා සම්බන්ධ. චාරිකායං මේ අසව. මෙය මට දෙන්න ආදි න්‍යායෙන් ඒ ඒ පරිදි. ආමන්තණාහොති එහෙයින් මම එහි කලකිරී, යමක් මේ ආර්ය ජනතාව සේවනය කරන ලදද, නොයෙක් ආනිශංස ඇති ඒකාන්ත සැප ඇති, මෙසේ ඇතිකල්හි, ලෝභයෙන් මඩනා ලද, සියළු ආකාර මිනිසුන් විසින් ප්‍රාර්ථනා නොකරන ලද. පැවිද්ද. එය අනභිජ්ඣිතං අනුන් සතුව නොවතින ධර්ම පුද්ගල වශයෙන්. සෙරිතංච පෙක්ඛමානො විදර්ශනා වඩා අනුක්රමයෙන් පසේබුදුභාවය අවබෝධ කළෙමි. ඉතිරිය කියන ලද අයුරිනි.
ආමන්තනාගාථාවණ්ණනා නිට්ඨිතා.
ආමන්ත්රණ ගාථා වර්ණනාව නිමි.
96
96
ඛිඩ්ඩාරතීති කා උප්පත්ති? බාරාණසියං කිර එකපුත්තකබ්රහ්මදත්තො නාම රාජා අහොසි. සො තස්ස එකපුත්තකො පියො අහොසි මනාපො පාණසමො, රාජා සබ්බඉරියාපථෙසු පුත්තකං ගහෙත්වාව වත්තති. සො එකදිවසං උය්යානං ගච්ඡන්තො තං ඨපෙත්වා ගතො. කුමාරොපි තං දිවසංයෙව උප්පන්නෙන බ්යාධිනා මතො. අමච්චා “පුත්තසිනෙහෙන රඤ්ඤො හදයම්පි ඵලෙය්යා”ති අනාරොචෙත්වාව නං ඣාපෙසුං. රාජා උය්යානෙ සුරාමදෙන මත්තො පුත්තං නෙව සරති, තථා දුතියදිවසෙපි න්හානභොජනවෙලාසු. අථ භුත්තාවී නිසින්නො සරිත්වා “පුත්තං මෙ ආනෙථා”ති ආහ. තස්ස අනුරූපෙන විධානෙන තං පවත්තිං ආරොචෙසුං. තතො සොකාභිභූතො නිසින්නො එවං යොනිසො මනසාකාසි – “ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජතී”ති. එවං අනුක්කමෙන අනුලොමපටිලොමං පටිච්චසමුප්පාදං සම්මසන්තො පච්චෙකසම්බොධිං සච්ඡාකාසි. සෙසං සංසග්ගගාථාවණ්ණනායං වුත්තසදිසමෙව ඨපෙත්වා ගාථායත්ථවණ්ණනං.
ඛිඩ්ඩාරති යනු කවර උපතක්ද? බරණැස ඒකපුත්‍ර බ්‍රහ්මදත්ත නම් රජකු විය. ඔහුට ප්‍රියමනාප ප්‍රාණය හා සමාන එකම පුතකු විය. රජු සියළු ඉරියව්වලදී, පුතාව ගෙන සිටී. එක දවසක් උයනට යන්නේ ඔහු හැර දමා ගියේ, කුමරු ඒ දවස උපන්නා වූ රෝගයකින් මළේය. ඇමතියෝ පුත්‍ර සෙනෙහසින් රජුගේ හදවත පැලේවි යන බියෙන් නොදන්වා ඔහු ආදාහනය කළහ. රජු උයනේ සුරා මදයෙන් මත්වී පුතුව සිහි නොකළේය. එසේ දෙවෙනි දිනයේද, ස්නානය කරන, ආහාර ගන්නා වේලාවලද, සිහි නොවීය. ඉක්බිති අනුභව කිරීමට සූදානම් වී, පුතු සිහිවී මගේ පුතා ගෙනෙව් යයි කීවේය. ඔහුගේ විධානයෙන් සුදුසු අයුරු ඒ පුවත දැන්වූහ. ඉක්බිති ශෝකයෙන් මඩනා ලදුව හුන්නා සේ මෙසේ සිහිබුද්ධියෙන් මෙනෙහි කළේය. “මෙසේ ඇතිකල්හි මෙය වේ. මෙය ඉපදුණුවිට මෙය උපදියි” යනුවෙනි. මෙසේ පිළිවෙලින් හේතු-ඵල දහම මෙනෙහි කරන්නේ පසේබුදුබව සාක්ෂාත් කළ සේක. ඉතිරිය සංසර්ග ගාථා වර්ණනාවේ කියන ලද අයුරින්ම දතයුතු අයුරු අතහැර ගාථාපද වර්ණනාව දැක්වේ.
අත්ථවණ්ණනා පන – ඛිඩ්ඩාති කීළනා. සා දුවිධා හොති කායිකා ච වාචසිකා ච. තත්ථ කායිකා නාම හත්ථීහිපි කීළන්ති, අස්සෙහිපි රථෙහිපි ධනූහිපි ථරූහිපීති එවමාදි. වාචසිකා නාම ගීතං සිලොකභණනං මුඛභෙරිආලම්බරභෙරීති එවමාදි. රතීති පඤ්චකාමගුණරති. විපුලන්ති යාව අට්ඨිමිඤ්ජං අහච්ච ඨානෙන සකලත්තභාවබ්යාපකං. සෙසං පාකටමෙව . අනුසන්ධියොජනාපි චෙත්ථ සංසග්ගගාථාය වුත්තනයෙනෙව වෙදිතබ්බා, තතො පරඤ්ච සබ්බං.
එහි වර්ණනාව වනාහි; ඛිඩ්ඩා යනු සෙල්ලම් කිරීමය. එය දෙවැදෑරුම් වේ. කායික-වාචසික යනුවෙනි. කායික නම්, ඇතුන් කෙරෙන් සෙල්ලම් කරති. අසුන් කෙරෙන්, දුනුහීවලින්, තරු ආදියෙන් මේ ආදී වශයෙනි. වාචසිකනම් ගීත, ශ්ලෝක, කථාකිරීම, මුවෙන් බෙරහඬ නැංවීම මේ ආදියයි. රති යනු පංචකාම ගුණයේ ඇල්මය. විපුලං යනු ඇටමිදුලුවල සිට සියලු ආත්මභාවය පුරා පැතිරුණු ඉතිරිය ප්‍රකට වේමය. අනුසන්ධි ගැලපීමද මෙහි සංසර්ග ගාථාවෙන් කියන ලද අයුරින් දතයුතුය. ඉන් අනතුරුව සියල්ලය.
ඛිඩ්ඩාරතිගාථාවණ්ණනා නිට්ඨිතා.
ක්‍රීඩා ඇල්ම ගාථා වර්ණනාවයි.
97
97
චාතුද්දිසොති කා උප්පත්ති? පුබ්බෙ කිර කස්සපස්ස භගවතො සාසනෙ පඤ්ච පච්චෙකබොධිසත්තා පබ්බජිත්වා වීසති වස්සසහස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා දෙවලොකෙ නිබ්බත්තා. තතො චවිත්වා තෙසං ජෙට්ඨකො බාරාණසිරාජා අහොසි, සෙසා පාකතිකරාජානො. තෙ චත්තාරොපි කම්මට්ඨානං උග්ගණ්හිත්වා රජ්ජං පහාය පබ්බජිත්වා අනුක්කමෙන පච්චෙකබුද්ධා හුත්වා නන්දමූලකපබ්භාරෙ වසන්තා එකදිවසං සමාපත්තිතො වුට්ඨාය වංසක්කළීරගාථායං වුත්තනයෙනෙව අත්තනො කම්මඤ්ච සහායඤ්ච ආවජ්ජෙත්වා ඤත්වා බාරාණසිරඤ්ඤො උපායෙන ආරම්මණං දස්සෙතුං ඔකාසං ගවෙසන්ති. සො ච රාජා තික්ඛත්තුං රත්තියා උබ්බිජ්ජති, භීතො විස්සරං කරොති, මහාතලෙ ධාවති. පුරොහිතෙන කාලස්සෙව වුට්ඨාය සුඛසෙය්යං පුච්ඡිතොපි “කුතො මෙ, ආචරිය, සුඛ”න්ති සබ්බං තං පවත්තිං ආරොචෙසි. පුරොහිතොපි “අයං රොගො න සක්කා යෙන කෙනචි උද්ධං විරෙචනාදිනා භෙසජ්ජකම්මෙන විනෙතුං, මය්හං පන ඛාදනූපායො උප්පන්නො”ති චින්තෙත්වා “රජ්ජහානිජීවිතන්තරායාදීනං පුබ්බනිමිත්තං එතං, මහාරාජා”ති රාජානං සුට්ඨුතරං උබ්බෙජෙත්වා “තස්ස වූපසමනත්ථං එත්තකෙ ච එත්තකෙ ච හත්ථිඅස්සරථාදයො හිරඤ්ඤසුවණ්ණඤ්ච දක්ඛිණං දත්වා යඤ්ඤො යජිතබ්බො”ති යඤ්ඤයජනෙ සමාදපෙසි.
චාතුද්දිසො යනු කවර උපතක්ද? පෙර කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ පසේබෝධි සත්ත්වයෝ පස්දෙනෙකු පැවිදිව වර්ෂ විසිදහසක් යාම-ඒම-වත සපුරා දෙව්ලොව උපන්නාහ. අනතුරුව චුතවී ඔවුන්ගෙන් ජ්‍යෙෂ්ඨයා බරණැස රජ විය. ඉතිරි අය ස්වාභාවික රජවරු වෙති. ඔවුන් හතරදෙනාම කමටහන් උගෙන රාජ්‍යය හැර පැවිදිවී අනුපිළිවෙලින් පසේබුදු වී නන්දමූල පර්වතයේ වාසය කරන්නේ එක්දිනක්, සමවතින් නැගිට, උණගොබ සම්බන්ධ ගාථාව කියන ලද අයුරින්ම, තමන්ගේ කර්මයද, මිතුරාද ආවර්ජනාකොට, දැන බරණැස් රජුගේ උායෙන් අරමුණු දැක්වීමට ඉඩක් සොයති. ඒ රජුද, රාත්‍රී සිට තුන්වරක් භීතියට පත්වෙයි. බියට පත්ව තැතිගනියි. පොළොවේ දුවයි. පුරෝහිතයා විසින් කල්වේලා ඇතිව නැගිට, සුවසේ නිදා ගත්තේදැයි, විචාරණ ලදුව “ගුරුතුමනි, කවර සැපතක්ද?”යි ඒ සියලු ප්රවෘත්ති දැනුම් දුන්නේය. පුරෝහිතයාද මෙය රෝගයකි. යම් කිසිවූ විශ්වතාදි ක්‍රමයෙන් බෙහෙත් ආදිය ගෙන සුවකිරීමට නොහැකිය. මට එය ක්ෂය කරන උපායක් උපන්නේ යයි සිතා මහරජතුමනි, රාජ්‍ය හානියක්, ජීවිත අන්තරායක් ආදියේ මෙය පෙරනිමිත්තක් යයි රජුව හැකිතරම් බියකොට එය සනීපකිරීමට මෙපමණ මෙපමණ ඇතුන්, අශ්වයන්, රන්, අමුරන්, මැණික් දක්ෂිණාහී (දන්) දී යාගයක් පුදකළයුතු යයි යාග සමාදානය සමාදන් කරවීය.
තතො පච්චෙකබුද්ධා අනෙකානි පාණසහස්සානි යඤ්ඤත්ථාය සම්පිණ්ඩියමානානි දිස්වා “එතස්මිං කම්මෙ කතෙ දුබ්බොධනෙය්යො භවිස්සති, හන්ද නං පටිකච්චෙව ගන්ත්වා පෙක්ඛාමා”ති වංසක්කළීරගාථායං වුත්තනයෙන ආගන්ත්වා පිණ්ඩාය චරමානා රාජඞ්ගණෙ පටිපාටියා අගමංසු. රාජා සීහපඤ්ජරෙ ඨිතො රාජඞ්ගණං ඔලොකයමානො තෙ අද්දක්ඛි, සහ දස්සනෙනෙව චස්ස සිනෙහො උප්පජ්ජි. තතො තෙ පක්කොසාපෙත්වා ආකාසතලෙ පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා සක්කච්චං භොජෙත්වා කතභත්තකිච්චෙ “කෙ තුම්හෙ”ති පුච්ඡි. “මයං, මහාරාජ, චාතුද්දිසා නාමා”ති. “භන්තෙ, චාතුද්දිසාති ඉමස්ස කො අත්ථො”ති? “චතූසු දිසාසු කත්ථචි කුතොචි භයං වා චිත්තුත්රාසො වා අම්හාකං නත්ථි, මහාරාජා”ති. “භන්තෙ, තුම්හාකං තං භයං කිං කාරණා න හොතී”ති? “මයං, මහාරාජ, මෙත්තං භාවෙම, කරුණං භාවෙම, මුදිතං භාවෙම, උපෙක්ඛං භාවෙම. තෙන නො තං භයං න හොතී”ති වත්වා උට්ඨායාසනා අත්තනො වසනට්ඨානං අගමංසු.
ඉක්බිති පසේ බුදුවරු නොයෙක් දහස් ගණන් ප්‍රාණීන් යාගය සඳහා රැස්කරනු දැක, මෙබඳු ක්‍රියාවක් කිරීමෙන් නරක විපාක ඇතිවන්නේ යයි, “බොලව් ඔවුන් ඉදිරියට ගොස් බලමු. උණගොබයේ ගාථාවෙන් කියන ලද පරිද්දෙන්ම අවුත් පිඬු පිණිස හැසිරෙමින් රජමිදුලේ පිළිවෙලින් ගියහ. රජු සිංහකවුළුවේ සිට රජමිදුල බලන්නේ, ඔවුන් දුටුවේය. එය දැකීමත් සමග ඔහුට සෙනෙහස උපන්නේය. ඉක්බිති උන්වහන්සේ; කැඳවා, අහස්තලයෙහි පනවන ලද ආසනයේ වඩාහිඳුවා, සකසා වළඳවා, කළ බත්කිස ඇත්තේ නුඹලා කවුරුන්දැයි විචාළේය. මහරජ, අපි, සිවු දිශාවෝ වෙමු. මේ කවර අර්ථයක්ද? සිවු දිශාවල අපට කිසිතැනක කිසි බියක් හෝ තැති ගැනීමක් නැත. මහරජ; අපි මෛත්‍රී වඩමු. කරුණාව වඩමු. මුදිතාව වඩමු. උපේක්ෂාව වඩමු. එම නිසා අපට ඒ බියක් නොවේදැයි පවසා, අසුනින් නැගිට තමන් වසන තැනට ගියහ.
තතො රාජා චින්තෙසි – “ඉමෙ සමණා ‘මෙත්තාදිභාවනාය භයං න හොතී’ති භණන්ති, බ්රාහ්මණා පන අනෙකසහස්සපාණවධං වණ්ණයන්ති, කෙසං නු ඛො වචනං සච්ච”න්ති? අථස්ස එතදහොසි – “සමණා සුද්ධෙන අසුද්ධං ධොවන්ති, බ්රාහ්මණා පන අසුද්ධෙන අසුද්ධං. න සක්කා ඛො පන අසුද්ධෙන අසුද්ධං ධොවිතුං, පබ්බජිතානං එව වචනං සච්ච”න්ති. සො “සබ්බෙ සත්තා සුඛිතා හොන්තූ”තිආදිනා නයෙන මෙත්තාදයො චත්තාරොපි බ්රහ්මවිහාරෙ භාවෙත්වා හිතඵරණෙන චිත්තෙන අමච්චෙ ආණාපෙසි – “සබ්බෙ පාණෙ මුඤ්චථ, සීතානි පානීයානි පිවන්තු, හරිතානි තිණානි ඛාදන්තු, සීතො ච වාතො තෙසං උපවායතූ”ති . තෙ තථා අකංසු.
ඉක්බිති රජතුමා සිතුවේය. මේ ශ්‍රමණයෝ මෛත්‍රී ආදිය වැඩීම නිසා, බියක් නොවෙයි යයි පවසති. බ්‍රාහ්මණයෝ නම් නොයෙක් දහස් ගණන් ප්‍රාණීන් නැසීම වර්ණනා කරති. කවරකුගේ වචනයක් සත්‍ය වෙත්ද? ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් පහළවිය. ශ්‍රමණයෝ පිරිසිදුකමින් අපිරිසිදුකම සෝදති. බ්‍රාහ්මණයෝ අපිරිසිදුකමින් අපිරිසිදුකම සෝදති. අපිරිසිදුකමින් අපිරිසිදුකම සේදීමට නොහැකිය. පැවිද්දෙන්ම වචනය සත්‍ය වෙති. “ඔහු සියලු සත්ත්වයෝ සුඛිත වෙත්වායි, ආදි ක්‍රමයෙන් මෛත්‍රී ආදි සතර බ්‍රහ්ම විහරණ වඩා, හිතවත්කම පැතිරීමෙන්ද ඒ ඇමතියන්ට අණ කළේය. සියළු ප්‍රාණීන් මුදවවු! ශීතල ජලය පොවත්වා. හරිත තෘණ කවත්වා! සිසිල් සුළඟ ඔවුන්ට සලස්වාවා! ඔවුහු එසේ කළහ.
තතො රාජා “කල්යාණමිත්තානං වචනෙන පාපකම්මතො මුත්තොම්හී”ති තත්ථෙව නිසින්නො විපස්සිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි. අමච්චෙහි ච භොජනවෙලායං “භුඤ්ජ, මහාරාජ, කාලො”ති වුත්තෙ “නාහං රාජා”ති පුරිමනයෙනෙව සබ්බං වත්වා ඉමං උදානබ්යාකරණගාථං අභාසි.
ඉක්බිති රජු කල්‍යාණ මිත්‍රයන්ගේ වචනයෙන් පාපකර්මයෙන් මිදුණෝ වෙමුයි, එහිම සිට විදර්ශනා වඩා පසේබෝධිය සාක්ෂාත් කළේය. ඇමතියන් විසින් ආහාර වේලාවේ මහරජ; අනුභව කිරීමට සුදුසු කාලයයි කී කල්හි, මම රජ නොවෙමි යයි පෙර වූ පරිදි සියලු තතු පවසා මේ උදාන වාක්‍ය ගාථා වදාළ සේක.
තත්ථ චාතුද්දිසොති චතූසු දිසාසු යථාසුඛවිහාරී, “එකං දිසං ඵරිත්වා විහරතී”තිආදිනා වා නයෙන බ්රහ්මවිහාරභාවනාය ඵරිතා චතස්සො දිසා අස්ස සන්තීති චාතුද්දිසො. තාසු චතූසු දිසාසු කත්ථචි සත්තෙ වා සඞ්ඛාරෙ වා භයෙන න පටිහනතීති අප්පටිඝො. සන්තුස්සමානොති ද්වාදසවිධස්ස සන්තොසස්ස වසෙන සන්තුස්සකො ච. ඉතරීතරෙනාති උච්චාවචෙන පච්චයෙන. පරිස්සයානං සහිතා අඡම්භීති එත්ථ පරිස්සයන්ති කායචිත්තානි, පරිහාපෙන්ති වා තෙසං සම්පත්තිං, තානි වා පටිච්ච සයන්තීති පරිස්සයා, බාහිරානං සීහබ්යග්ඝාදීනං අබ්භන්තරානඤ්ච කාමච්ඡන්දාදීනං කායචිත්තුපද්දවානං එතං අධිවචනං. තෙ පරිස්සයෙ අධිවාසනඛන්තියා ච වීරියාදීහි ධම්මෙහි ච සහතීති පරිස්සයානං සහිතා. ථද්ධභාවකරභයාභාවෙන අඡම්භී. කිං වුත්තං හොති? යථා තෙ චත්තාරො සමණා, එවං ඉතරීතරෙන පච්චයෙන සන්තුස්සමානො එත්ථ පටිපත්තිපදට්ඨානෙ සන්තොසෙ ඨිතො චතූසු දිසාසු මෙත්තාදිභාවනාය චාතුද්දිසො, සත්තසඞ්ඛාරෙසු පටිහනනභයාභාවෙන අප්පටිඝො ච හොති. සො චාතුද්දිසත්තා වුත්තප්පකාරානං පරිස්සයානං සහිතා, අප්පටිඝත්තා අඡම්භී ච හොතීති එවං පටිපත්තිගුණං දිස්වා යොනිසො පටිපජ්ජිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති. අථ වා තෙ සමණා විය සන්තුස්සමානො ඉතරීතරෙන වුත්තනයෙන චාතුද්දිසො හොතීති ඤත්වා එවං චාතුද්දිසභාවං පත්ථයන්තො යොනිසො පටිපජ්ජිත්වා අධිගතොම්හි. තස්මා අඤ්ඤොපි ඊදිසං ඨානං පත්ථයන්තො චාතුද්දිසතාය පරිස්සයානං සහිතා අප්පටිඝතාය ච අඡම්භී හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පොති. සෙසං වුත්තනයමෙවාති.
එහි චාතුද්දිසො යනු සතර දිශාවල සැප කැමැති පරිදි වේ. එක දිශාවක් පතුරුවා, වාසය කරයි යනුවෙන් බ්‍රහ්ම වියරණ භාවනාවෙන් පතුරුවා සතරදිශාව ඔහුට සමීප වේනුයි - චතුද්දිසා නම් වේ. ඒ සතර දිශාවල කිසිතැනක් සත්ත්වයන් හෝ සංස්කාරයන් හෝ බියෙන් නොපෙළෙයි යනුවෙනි. අප්පටිඝො සන්තුස්ස මානො යනු දොළොස් වැදෑරුම් සන්තෝෂ වශයෙනුයි. ඉතරීතරෙනා යනු උස්පහත් වශයෙනි. පරිස්සයානං සහිතා අච්ඡම්හි යනු මෙහි ඉවසති. කාය සිත් පිරිහෙත්. හේ ඔවුන්ගේ සම්පත් හෝ ඒවා වෙන්කොට නිදත්නුයි පරිස්සයා නම් බාහිර වූ සිංහ ව්යාඝ්රාදින්ගේද, අභ්‍යන්තර කාමච්ඡන්‍දාදීන්ගේ කාය චිත්ත උපද්‍රවයන්ගේ මෙය විශේෂ වචනයකි. ඒ ඇසුරෙහි මැනවින් ඉවසීමද වීර්ය ආදි ධර්මයන් ඉවසයි යනු පරිස්සයානං සහිතා නම් වේ. තද වූ බියක් තැති ගැනීමක් නැති නිසා අච්ඡම්හි නම් වේ. කුමක් කියන ලද්දේ වේද? යම්සේ ඒ ශ්‍රමණයෝ සතරදෙනා මෙසේ අවශේෂ වශයෙන් සතුටුවනු ලබන්නේ, මෙහි පිළිවෙත් සරු ආකාරයෙන් පිහිටි සතුටින් සිටියේ. සතර දිශාවල මෛත්‍රිය ආදිය වඩන නිසා චාතුද්දිසො නම් වේ. සත්ත්ව සංඛාරාදිය විෂයෙහි, විනාශ කරන ලද බිය ඇති බැවින්, අප්පටිඝ නම් වෙයි. හෙතම සිවු දිශාවලට කියන ලද අයුරින් අනතුරු සහිත බැවින් ක්‍රෝධ නැත්තේමය. බියක් තැතිගැනීමක් නැත්තේද වෙයි. මේ පිළිවෙත් සරු ගුණය දැක, නුවණින් පිළිපැද, පසේබෝධිය අධිගම කළේනුයි. නැතහොත් ඒ ශ්‍රමණයෝ මෙන් සතුටු සිතැත්තේ, කලින් කියන ලද අයුරින් සතර දිශාව වෙයි යයි දැන මෙසේ සතරදිශා භාවය ප්‍රාර්ථනා කරන්නේ සිහිනුවණින් පිළිපැද, අධිගම කළේය. එහෙයින් වෙනත් මෙබඳු තැනක් ප්‍රාර්ථනා කරනු ලබන්නේ සතර දිශාවේම ප්‍රවේශම් සහිත බැවින් ප්‍රතිඝයෙන් වැලකී බිය සන්ත්‍රාස රහිතව, එකො චරෙ ඛග්ග විසාණ කප්පො යනුයි. ඉතිරිය කියන ලද අයුරින්මය.
චාතුද්දිසගාථාවණ්ණනා නිට්ඨිතා.
සිවුදිශා ගාථා වර්ණනාවයි.
98
98
දුස්සඞ්ගහාති කා උප්පත්ති? බාරාණසිරඤ්ඤො කිර අග්ගමහෙසී කාලමකාසි. තතො වීතිවත්තෙසු සොකදිවසෙසු එකදිවසං අමච්චා “රාජූනං නාම තෙසු තෙසු කිච්චෙසු අග්ගමහෙසී අවස්සං ඉච්ඡිතබ්බා, සාධු දෙවො අඤ්ඤම්පි දෙවිං ආනෙතූ”ති යාචිංසු. රාජා “තෙන හි, භණෙ, ජානාථා”ති ආහ. තෙ පරියෙසන්තා සාමන්තරජ්ජෙ රාජා මතො , තස්ස දෙවී රජ්ජං අනුසාසති, සා ච ගබ්භිනී අහොසි, අමච්චා “අයං රඤ්ඤො අනුරූපා”ති ඤත්වා තං යාචිංසු. සා “ගබ්භිනී නාම මනුස්සානං අමනාපා හොති. සචෙ ආගමෙථ, යාව විජායාමි, එවං සාධු. නො චෙ, අඤ්ඤං පරියෙසථා”ති ආහ. තෙ රඤ්ඤොපි එතමත්ථං ආරොචෙසුං. රාජා “ගබ්භිනීපි හොතු, ආනෙථා”ති ආහ. තෙ ආනෙසුං. රාජා තං අභිසිඤ්චිත්වා සබ්බං මහෙසියා භොගං අදාසි, තස්සා පරිජනානඤ්ච නානාවිධෙහි පණ්ණාකාරෙහි සඞ්ගණ්හාති. සා කාලෙන පුත්තං විජායි. රාජා තං අත්තනො පුත්තං විය සබ්බිරියාපථෙසු අඞ්කෙ ච උරෙ ච කත්වා විහරති. තදා දෙවියා පරිජනා චින්තෙසුං – “රාජා අතිවිය සඞ්ගණ්හාති, කුමාරෙ අතිවිස්සාසං කරොති, හන්ද, නං පරිභින්දිස්සාමා”ති.
දුස්සංගහා යනු කවර උපතක්ද? බරණැස් රජුගේ අගමෙහෙසිය කලුරිය කළාය. ඉක්බිති ශෝකයෙන් යුතුව කල්ගත කරන කල්හි, එක දවසක් ඇමතියෝ, රජවරුන්ගේ නම්, ඒ ඒ ක්‍රියාවලදී අගමෙහෙසියක් අවශ්‍යයෙන්ම කැමැතිවිය යුතුය. යහපති දේවයන් වහන්ස, වෙනත් දේවියක රැගෙන ඒවා’යයි ආයාචනා කළහ. රජ්ර! එසේ වීනම් බොලවු, අනුදැන ගනිවු! යයි කීවේය. ඔවුහු සොයනු ලබන්නේ, හාත්පස රාජ්‍යයෙහි රජු මියගියේය. ඔහුගේ දේවිය රාජ්‍යය අනුශාසනා කරයි. ඇයද ගැබිණියක් වූවාය. ඇමතියෝ මැය රජුට සුදුසු යයි, දැන ඇයට ආයාචනා කළහ. ඇය, ගැබිනියක නම් මිනිසුන්ට අමනාප වෙයි. යම්තාක් ප්‍රසූත කරම්ද, ඉදින් අනතුරුව එවු! යහපති මෙසේ. ඉදින් වෙනකකු නොසොයවු යයි කීවාය. ඔවුහු මේ කරුණ රජුට දැන්වූහ. රජු, ගැබිනියක වේවා, රැගෙන එවු යයි කීවේය. ඔවුහු රැගෙන ආහ. රජු ඇය අභිෂේක කොට සියලු මෙහෙසියකගේ සම්පත් පිරිනැමීය. ඇගේ පිරිවර ජනයාද නොයෙක් පුදපඬුරුවලින් සංග්‍රහ කරයි. ඇය කලකින් පුතකු වැදුවාය. ඔහුද රජු තමන්ගේ පුතකු මෙන් සියලු ඉරියව්වල ඇකයෙහිද උරහිසෙහිද කොට වාසය කරයි. එකල දේවියගේ පිරිවර ජනයා සිතූහ. රජු කුමරුට අතිශයින් සංග්‍රහ කරයි. රජුගේ හදවතට අවිශ්වාසනීය වේ. ඉදින් එය බිඳවන්නෙමුයි,
තතො කුමාරං ආහංසු – “ත්වං, තාත, අම්හාකං රඤ්ඤො පුත්තො, න ඉමස්ස රඤ්ඤො පුත්තො. මා එත්ථ විස්සාසං ආපජ්ජී”ති. අථ කුමාරො “එහි පුත්තා”ති රඤ්ඤා වුච්චමානොපි හත්ථෙන ආකඩ්ඪියමානොපි පුබ්බෙ විය රාජානං න අල්ලීයති. රාජා “කිං කාරණ”න්ති වීමංසන්තො තං පවත්තිං ඤත්වා “එතෙ මයා සඞ්ගහිතාපි පටික්කූලවුත්තිනො එවා”ති නිබ්බිජ්ජිත්වා රජ්ජං පහාය පබ්බජිතො. “රාජා පබ්බජිතො”ති අමච්චපරිජනාපි බහූ පබ්බජිංසු. සපරිජනො රාජා පබ්බජිතොපි මනුස්සා පණීතෙ පච්චයෙ උපනෙන්ති, රාජා පණීතෙ පච්චයෙ යථාවුඩ්ඪං දාපෙසි. තත්ථ යෙ සුන්දරං ලභන්ති, තෙ තුස්සන්ති. ඉතරෙ උජ්ඣායන්ති “මයං පරිවෙණාදීනි සම්මජ්ජන්තා සබ්බකිච්චානි කරොන්ති, ලූඛභත්තං ජිණ්ණවත්ථඤ්ච ලභාමා”ති. සො තම්පි ඤත්වා “ඉමෙ යථාවුඩ්ඪං දීයමානාපි උජ්ඣායන්ති, අහො දුස්සඞ්ගහා පරිසා”ති පත්තචීවරමාදාය එකොව අරඤ්ඤං පවිසිත්වා විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි. තත්ථ ආගතෙහි ච කම්මට්ඨානං පුච්ඡිතො ඉමං ගාථමභාසි. සා අත්ථතො පාකටා එව. අයං පන යොජනා – දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, යෙ අසන්තොසාභිභූතා, තථාවිධා එව ච අථො ගහට්ඨා ඝරමාවසන්තා. එතාහං දුස්සඞ්ගහභාවං ජිගුච්ඡන්තො විපස්සනං ආරභිත්වා අධිගතොති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බන්ති.
ඉක්බිති කුමරුට කීහ. දරුව නුඹ, අපගේ රජතුමාගේ පුතෙකි. මේ රජුගේ පුතකු නොවේ. මෙහිලා විශ්වාස නොකරවු. ඉක්බිති කුමරු පුත, මෙහි එන්න යයි කියනු ලබන්නේද, අතින් අදිනු ලබන්නේ ද, පෙර මෙන්, රජුට ඇලුම් නොකරයි. රජු කුමන කරුණක් නිසාදැයි විමසන්නේ ඒ පුවත දැන, මොහු මා විසින් සංග්‍රහ කරන ලද්දේ නමුත් පිළිකුල් වතින් යුතුවම සිටි කලකිරී රාජ්‍යය හැරදමා පැවිදි විය. රජු පැවිදි වූයේ යයි ඇමති පිරිවර ජනයෝද බොහෝසෙයින් පැවිදි වූහ. පිරිවර ජනයා සහිත රජුද රජු පැවිදි වූයේ යයි මිනිස්සු ප්‍රණීත ආහාරපාන සපයති. රජු ප්‍රණීත ආහාර අභිවෘද්ධියට යොදවති. එහිදී යම් සුන්දරත්වයක් ලබති. ඔවුහු සතුටු වෙති. සෙස්සෝ කෑගසති. අපි පිරිවෙන් ආදිය අතුපතුගාමින් සියළු කටයුතු කරන්නේ රළු බත් ද, දිරාගිය වස්ත්‍ර ද ලබමු. ඔහු එය දැන මේ අනුපිළිවෙලින් වැඩිමහළු පිළිවෙලින් දෙනු ලබන්නේ ද, කෑකෝ ගසති. අනේ නොහික්මුණු පිරිසකි. පාසිවුරු රැගෙන හුදකලාවම වනයට පිවිස, විදර්ශනාව වඩා, පසේබෝධිය සාක්ෂාත් කළේය. එහි පැමිණියවුන් විසින් කමටහන් විචාරණ ලදුව මේ ගාථාව කී සේක. එහි අර්ථය ප්‍රකට වේමය. මේ යොදුන වනාහි, දුස්සංගො පබ්බ ජිතාපි එකෙ යමෙක් නොඇලුණේ මඩනා ලද්දේ වී. එපරිදිම. අථො ගහට්ඨාපරමාව සත්තා මෙසේ මම ඉවසීමට නොහැකි බව පිළිකුල් කරන්නේ විදර්ශනාව වඩා අධිගම කළේය. ඉතිරිය පෙර පරිද්දෙනි.
දුස්සඞ්ගහගාථාවණ්ණනා නිට්ඨිතා.
දුස්සංග ගාථා වර්ණනාවයි.
99
99
ඔරොපයිත්වාති කා උප්පත්ති? බාරාණසියං කිර චාතුමාසිකබ්රහ්මදත්තො නාම රාජා ගිම්හානං පඨමෙ මාසෙ උය්යානං ගතො. තත්ථ රමණීයෙ භූමිභාගෙ නීලඝනපත්තසඤ්ඡන්නං කොවිළාරරුක්ඛං දිස්වා “කොවිළාරමූලෙ මම සයනං පඤ්ඤාපෙථා”ති වත්වා උය්යානෙ කීළිත්වා සායන්හසමයං තත්ථ සෙය්යං කප්පෙසි. පුන ගිම්හානං මජ්ඣිමෙ මාසෙ උය්යානං ගතො, තදා කොවිළාරො පුප්ඵිතො හොති, තදාපි තථෙව අකාසි. පුනපි ගිම්හානං පච්ඡිමෙ මාසෙ ගතො, තදා කොවිළාරො සඤ්ඡින්නපත්තො සුක්ඛරුක්ඛො විය හොති, තදාපි රාජා අදිස්වාව තං රුක්ඛං පුබ්බපරිචයෙන තත්ථෙව සෙය්යං ආණාපෙසි. අමච්චා ජානන්තාපි රඤ්ඤො ආණත්තියා තත්ථ සයනං පඤ්ඤාපෙසුං. සො උය්යානෙ කීළිත්වා සායන්හසමයෙ තත්ථ සෙය්යං කප්පෙන්තො තං රුක්ඛං දිස්වා “අරෙ, අයං පුබ්බෙ සඤ්ඡන්නපත්තො මණිමයො විය අභිරූපදස්සනො අහොසි, තතො මණිවණ්ණසාඛන්තරෙ ඨපිතපවාළඞ්කුරසදිසෙහි පුප්ඵෙහි සස්සිරිකදස්සනො අහොසි, මුත්තජාලසදිසවාලිකාකිණ්ණො චස්ස හෙට්ඨාභූමිභාගො බන්ධනා පවුත්තපුප්ඵසඤ්ඡන්නො රත්තකම්බලසන්ථතො විය අහොසි. සො නාමජ්ජ සුක්ඛරුක්ඛො විය සාඛාමත්තාවසෙසො ඨිතො, අහො ජරාය උපහතො කොවිළාරො”ති චින්තෙත්වා “අනුපාදිණ්ණම්පි තාය ජරාය හඤ්ඤති, කිමඞ්ගං පන උපාදිණ්ණ”න්ති අනිච්චසඤ්ඤං පටිලභි. තදනුසාරෙනෙව සබ්බසඞ්ඛාරෙ දුක්ඛතො අනත්තතො ච විපස්සන්තොව “අහො වතාහම්පි සඤ්ඡින්නපත්තො කොවිළාරො විය අපගතගිහිබ්යඤ්ජනො භවෙය්ය”න්ති පත්ථයමානො අනුපුබ්බෙන තස්මිං සයනතලෙ දක්ඛිණෙන පස්සෙන නිපන්නොයෙව විපස්සිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි. තතො ගමනකාලෙ අමච්චෙහි “කාලො, දෙව, ගන්තු”න්ති වුත්තෙ “නාහං රාජා”තිආදීනි වත්වා පුරිමනයෙනෙව ඉමං ගාථමභාසි.
ඔරොපයිත්වා යනු කවර උපතක්ද? බරණැස සිවුමාස් බ්‍රහ්මදත්ත නම් රජු ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසයේ උයනට ගියේය. එහි රමණීය භූමිභාගයක නිල්වන්පාටින් යුතු (හරිත) කොළවලින් ගැවසුණු මදාරා ගසක් දැක මදාරා ගස මුල, මගේ යහන පනවවු යයි පවසා උද්‍යානයේ ක්‍රීඩාකොට සවස් කාලයේ එහි නිදා ගත්තේය. නැවත ගිම්හානයේ මධ්‍යම මාසයේ උයනට ගියේය. එදින පරසතු ගස මලින් බරවී තිබේ. එදිනද එසේම කළේය. යළිත් ග්රීෂ්මයේ පශ්චිම මාසයේ ද ගියේය. එකල පරසතු ගස මැලවුණු පත්‍ර ඇත්තේ ගස වියලී මෙන් තිබුණි. එදිනද රජ නොදැකම ඒ ගස පෙර පරිදිම එහිම සයනය කිරීමට අණ කළේය. ඇමතියෝ දන්නේ නමුත් රජුගේ අණ බැවින් එහි සයනය කිරීමට සංඥා කළහ. ඔහු උයනේ සෙල්ලම්කොට සවස් කාලයේ එහි යහනට කැපවන්නේ ඒ ගස දැක, මේ පෙර අතුවලින් ගැවසුණු මැණික් මෙන් විය. මනාරූ සටහනින් යුක්ත විය. තවද මැණික් වර්ණ අතු අතරද, තබන ලද මුතු අංකුර හා සමාන මල්වලින් මනා සෝභාවෙන් දර්ශනීය මත්විය. මුතු දැල් හා සමාන විසුරුවන ලද, වැලි ඇත්තේ ඔහුගේ යට භූමිභාගය බැමිවලින් මිදුණු මල්වලින් ගැවසුණු රතු බුමුතුරුණුවක් සේ විය. ඔහු නම් අද, වියලුණු ගසක් මෙන් අතු පමණක් ඉතිරිවී තිබුණේ අහෝ ජරාවෙන් මඩනා ලද්දේ බිඳුණේ යයි සිතා අනුපිළිවෙලින් ජරාවට පත්වුණේ යයි හඟයි. හටගත් නිසාවෙන් අනිත්‍ය සංඥාව උපදවා ගත්තේය. ඒ අනුසාරයෙන් සියළු සංස්කාර ධර්මයෝ දුකයි, අනාත්මයි යනුවෙන් විදර්ශනා වඩන්නේ අහෝ ඒකාන්තයෙන්ම මමද වියලුණු පරසතු පත්‍රයක් මෙන් පහවුණා වූ ගිහි ස්වරූපය ඇත්තේ යයි ප්‍රාර්ථනා කරන්නේ පිළිවෙලින් ඒ යහන්තලාවේ දකුණු පැත්තෙන් හොත්තේම, විශේෂයෙන් බලා පසේබුදු බව සාක්ෂාත් කළේය. ඉක්බිති ගමන්යන කල්හි ඇමතියන් විසින්, දේවයන් වහන්ස, යාමට කාලය යයි කී කල්හි මම රජකු නොවේ ආදිය පවසා පෙර පරිදිම මේ ගාථාව කී සේක.
තත්ථ ඔරොපයිත්වාති අපනෙත්වා. ගිහිබ්යඤ්ජනානීති කෙසමස්සුඔදාතවත්ථාලඞ්කාරමාලාගන්ධවිලෙපනපුත්තදාරදාසිදාසාදීනි. එතානි ගිහිභාවං බ්යඤ්ජයන්ති, තස්මා “ගිහිබ්යඤ්ජනානී”ති වුච්චන්ති. සඤ්ඡින්නපත්තොති පතිතපත්තො. ඡෙත්වානාති මග්ගඤාණෙන ඡින්දිත්වා. වීරොති මග්ගවීරියෙන සමන්නාගතො. ගිහිබන්ධනානීති කාමබන්ධනානි. කාමා හි ගිහීනං බන්ධනානි. අයං තාව පදත්ථො. අයං පන අධිප්පායො – “අහො වතාහම්පි ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො භවෙය්ය”න්ති එවං චින්තයමානො විපස්සනං ආරභිත්වා අධිගතොති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි ඔරොපයිත්වා යනු පහකොට ඉවත්වී ගිහිබ්යඤ්ජනාති යනු කෙස් රවුල් සුදු වස්ත්‍ර අලංකාරාදිය මල් සුවඳ දුම් විලේපන අඹු දරු දැසි දාසියන් මේ ආදි ගිහි ජීවිතයට අදාල දේවල්. ගිහිබ්යඤ්ජනානි යයි කියනු ලැබෙති. සංසිතපත්තො යනු වැටුණු කොල. ඡෙත්වානා යනු මාර්ග ඤාණයෙන් සිඳ, වීරො යනු මාර්ග වීර්යයෙන් සමන්විතව, ගිහිබන්ධනානී යනු කාම බන්ධනාදිය කාමයෝ වනාහි ගිහියන්ගේ බන්ධන වේ. මෙහි පදාර්ථයයි. මේ අදහස වනාහි ඒකාන්තයෙන් මම දුරුකොට ගිහි ස්වරූපය, වියලි පත්‍රයක් මෙන් පරසතු රුකක ස්වරූපය වන්නේ මෙසේ සිතනු ලබන්නේ විදර්ශනාව වඩා අධිගම කළේය. සෙස්ස පෙර පරිද්දෙන් දත යුතුය.
කොවිළාරගාථාවණ්ණනා නිට්ඨිතා.
කෝවිළාර ගාථා (පරසතු) වර්ණනාවයි.
පඨමවග්ගො නිට්ඨිතො.
100
100
සචෙ ලභෙථාති කා උප්පත්ති? පුබ්බෙ කිර කස්සපස්ස භගවතො සාසනෙ ද්වෙ පච්චෙකබොධිසත්තා පබ්බජිත්වා වීසති වස්සසහස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා දෙවලොකෙ උප්පන්නා. තතො චවිත්වා තෙසං ජෙට්ඨකො බාරාණසිරඤ්ඤො පුත්තො, කනිට්ඨො පුරොහිතස්ස පුත්තො අහොසි. තෙ එකදිවසංයෙව පටිසන්ධිං ගහෙත්වා එකදිවසමෙව මාතු කුච්ඡිතො නික්ඛමිත්වා සහපංසුකීළකා සහායකා අහෙසුං. පුරොහිතපුත්තො පඤ්ඤවා අහොසි. සො රාජපුත්තං ආහ – “සම්ම, ත්වං තව පිතුනො අච්චයෙන රජ්ජං ලභිස්සසි, අහං පුරොහිතට්ඨානං, සුසික්ඛිතෙන ච රජ්ජං අනුසාසිතුං සක්කා, එහි සිප්පං උග්ගණ්හිස්සාමා”ති. තතො උභොපි යඤ්ඤොපචිතා හුත්වා ගාමනිගමාදීසු භික්ඛං චරමානා පච්චන්තජනපදගාමං ගතා. තඤ්ච ගාමං පඤ්ච පච්චෙකබුද්ධා භික්ඛාචාරවෙලාය පවිසිංසු. තත්ථ මනුස්සා පච්චෙකබුද්ධෙ දිස්වා උස්සාහජාතා ආසනානි පඤ්ඤාපෙත්වා පණීතං ඛාදනීයං වා භොජනීයං වා උපනාමෙත්වා පූජෙන්ති. තෙසං එතදහොසි – “අම්හෙහි සදිසා උච්චාකුලිකා නාම නත්ථි, අපි ච පනිමෙ මනුස්සා යදි ඉච්ඡන්ති, අම්හාකං භික්ඛං දෙන්ති, යදි නිච්ඡන්ති, න දෙන්ති, ඉමෙසං පන පබ්බජිතානං එවරූපං සක්කාරං කරොන්ති, අද්ධා එතෙ කිඤ්චි සිප්පං ජානන්ති, හන්ද, නෙසං සන්තිකෙ සිප්පං උග්ගණ්හාමා”ති. තෙ මනුස්සෙසු පටික්කන්තෙසු ඔකාසං ලභිත්වා “යං, භන්තෙ, තුම්හෙ සිප්පං ජානාථ, තං අම්හෙහි සික්ඛාපෙථා”ති යාචිංසු. පච්චෙකබුද්ධා “න සක්කා අපබ්බජිතෙන සික්ඛිතු”න්ති ආහංසු. තෙ පබ්බජ්ජං යාචිත්වා පබ්බජිංසු. තතො නෙසං පච්චෙකබුද්ධා “එවං වො නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බ”න්තිආදිනා නයෙන ආභිසමාචාරිකං ආචික්ඛිත්වා “ඉමස්ස සිප්පස්ස එකීභාවාභිරති නිප්ඵත්ති, තස්මා එකෙනෙව නිසීදිතබ්බං, එකෙන චඞ්කමිතබ්බං, එකෙන ඨාතබ්බං, එකෙන සයිතබ්බ”න්ති පාටියෙක්කං පණ්ණසාලං අදංසු, තතො තෙ අත්තනො අත්තනො පණ්ණසාලං පවිසිත්වා නිසීදිංසු. පුරොහිතපුත්තො නිසින්නකාලතො පභුති චිත්තසමාධානං ලද්ධා ඣානං පටිලභි. රාජපුත්තො මුහුත්තෙනෙව උක්කණ්ඨිතො තස්ස සන්තිකං ආගතො. සො තං දිස්වා “කිං, සම්මා”ති පුච්ඡි. “උක්කණ්ඨිතොම්හී”ති ආහ. “තෙන හි ඉධ නිසීදා”ති. සො තත්ථ මුහුත්තං නිසීදිත්වා ආහ – “ඉමස්ස කිර, සම්ම, සිප්පස්ස එකීභාවාභිරති නිප්ඵත්තී”ති? පුරොහිතපුත්තො “එවං, සම්ම, තෙන හි ත්වං අත්තනො නිසින්නොකාසං එව ගච්ඡ, උග්ගණ්හිස්සාමි ඉමස්ස සිප්පස්ස නිප්ඵත්ති”න්ති ආහ. සො ගන්ත්වා පුනපි මුහුත්තකෙනෙව උක්කණ්ඨිතො පුරිමනයෙනෙව තික්ඛත්තුං ආගතො.
සචෙ ලභෙථ යනු කවර උපතක්ද? පෙර කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ පසේබුදුවරු දෙනමක් පැවිදිව වර්ෂ විසිදහසක් යාම-ඒම වත සපුරා දෙව්ලොව උපන්නාහ. අනතුරුව චුතවී බරණැස් රජුගේ පුතකු බවට ජ්‍යෙෂ්ඨයා පත්විය. කනිෂ්ඨයා පුරෝහිතගේ පුත්‍රයා විය. ඔවුහු එකදිනම පිළිසිඳගෙන එක දිනයේම මව්කුසින් නික්ම වැලිකෙළියේ පටන් මිත්‍රව වාසය කළහ. පුරෝහිත පුත්‍රයා ප්‍රඥාවන්ත විය. ඔහු රාජ පුත්‍රයාට මෙසේ කීවේය. මිත්‍රය, ඔබ පියාගේ ඇවෑමෙන් රාජ්‍යය ලබන්නෙහිය. මම පුරෝහිත තනතුරේ වෙමි. මනා හික්මීමෙන් රාජ්‍යය අනුශාසනා කිරීමට හැකිය. එන්න ශිල්ප උගෙන ගන්නෙමු. ඉක්බිති දෙදෙනාම යාගයට සැරසුණු මොටුව ඇතිව සිට ගම් නියම්ගම්වල පිඬු පිණිස හැසිරෙමින් ප්‍රත්‍යන්ත ජනපද ගමකට ගියේය. ඒ ගම පසේ බුදුවරු පස්දෙනෙකු පිඬු පිණිස හැසිරෙන වේලාවේ පිවිසෙත්. එහි මිනිස්සු පසේ බුදුවරුන් දැක ඉතා උත්සාහවත්ව ආසන පනවා, ප්‍රණීත කෑයුතු බීයුතු ආහාර එළවත්. ගරු කරත්. පුද සත්කාර කරත්. ඔවුන්ට මෙසේද අදහසක් පහළවිය. අප හා සමාන උසස් කුලවතුන් නම් නැත. තවද මේ මිනිස්සු ඉදින් යමක් කැමැතිවත්ද? අපට භික්ෂාව දෙති. ඉදින් නොකැමැති වෙත්ද? එවිට නොදෙත්. මෙබඳු ආකාර පැවිද්දන්ට මේ ආකාර සත්කාර කරත්. ඒකාන්තයෙන් මේ අය කිසියම් ශිල්පයක් දනිති. ඔවුන්ගේ සමීපයේ ශිල්ප ඉගෙන ගනිමු නම් මැනවි. ඔවුහු මිනිස්සු ඉවත්ව ගියකල්හි, ඉඩකඩක් ලැබ, ස්වාමීනි නුඹලා ශිල්ප දනිවුද? එය අපටද උගන්වවු යයි ඉල්ලූහ. පසේ බුදුවරු, පැවිදි නොවූවන් විසින් ශික්ෂා දානය කළ නොහැකි යයි කීහ. ඔවුහු පැවිද්ද ඉල්ලා පැවිදි වූද, ඉක්බිති ඔවුන්ගෙන් පසේ බුදුවරු මෙසේ තොප වාසය කළ යුතුය. සිවුරු පෙරවිය යුතුය ආදි වශයෙන් මූලික චාරිත්‍ර විධි උගන්වා මේ ශිල්පය එකම අභිරහස් ඇලි නිෂ්පාදනය කළ යුතුය. එහෙයින් හුදලකාවම හිඳිය යුතුය. හුදකලාවම සක්මන් කළයුතුය. එකට සිටිය යුතුය. එකට නිදාගත යුතුය. පිළියෙල පන්සල දුන්හ. ඉක්බිති ඔවුහු තම තමන්ගේ පන්සලට පිවිස හුන්හ. පුරෝහිත පුත්‍රයා හුන්නා වූ කාලයේ පටන් චිත්ත සමාදානය ලැබ, ධ්‍යාන ලබා ගත්තේය. රාජපුත්‍රයා මොහොතකින් කලකිරුණේ ඔහුගේ සමීපයට ආවේය. ඔහු හේ දැක, මිත්‍රය කිමෙක්දැයි විචාලේය. මම කලකිරුණේ වෙමියි කීවේය. එසේ වීනම් මෙහි හිඳ ගනිවු යයි ඔහු එහි මොහොතක් හිඳ මෙසේ කීවේය. මිත්‍රය මේ ශිල්පයේ හුදකලාව ඇලීමේ අවස්ථාවයි. පුරෝහිත පුත්‍රය; එසේ වීනම් මිත්‍රය නුඹ තමන් හුන්නා වූ ස්ථානයටම යන්න. මේ ශිල්පයේ නිමාව උගන්වන්නෙමි. ඔහු ගොස් නැවත මොහොතකින් කලකිරුණේ පෙර පරිද්දෙන්ම තුන්වරක් ආවේය.
තතො නං පුරොහිතපුත්තො තථෙව උය්යොජෙත්වා තස්මිං ගතෙ චින්තෙසි – “අයං අත්තනො ච කම්මං හාපෙති මම ච, ඉධාභික්ඛණං ආගච්ඡතී”ති. සො පණ්ණසාලතො නික්ඛම්ම අරඤ්ඤං පවිට්ඨො. ඉතරො අත්තනො පණ්ණසාලායෙව නිසින්නො පුනපි මුහුත්තකෙනෙව උක්කණ්ඨිතො තස්ස සන්තිකං ආගන්ත්වා ඉතො චිතො ච මග්ගන්තොපි තං අදිස්වා චින්තෙසි – “යො ගහට්ඨකාලෙ පණ්ණාකාරං ආදාය ආගතොපි මං දට්ඨුං න ලභති, සො දානි මයි ආගතෙ දස්සනම්පි අදාතුකාමො අපක්කමි. අහො අරෙ, චිත්ත, න ලජ්ජසි, යං මං චතුක්ඛත්තුං ඉධානෙසි, න සො දානි තෙ වසෙ වත්තිස්සාමි, අඤ්ඤදත්ථු තංයෙව මම වසෙ වත්තාපෙස්සාමී”ති අත්තනො සෙනාසනං පවිසිත්වා විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡිකත්වා ආකාසෙන නන්දමූලකපබ්භාරං අගමාසි. ඉතරොපි අරඤ්ඤං පවිසිත්වා විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡිකත්වා තත්ථෙව අගමාසි. තෙ උභොපි මනොසිලාතලෙ නිසීදිත්වා පාටියෙක්කං පාටියෙක්කං ඉමා උදානගාථායො අභාසිංසු.
ඉක්බිති ඔහුව පුරෝහිත පුත්‍රයා එසේම පිටත්කොට එහි ගියකල්හි මෙසේ සිතුවේය. මෙතෙම තමාගේ වැඩද අතපසු කරයි. මාද මෙහි භික්ෂාවලට එන්නේ යයි ඔහු පන්සලෙන් නික්ම වනයට පිවිසියේ අනෙකා, තමන්ගේ පන්සලේම හුන්නේ යළිත් මොහොතකින් කලකිරුණේ ඔහුගේ සමීපයට ගොස් ඔබිමොබ ගමන් කරන්නේ හේ නොදැක සිතුවේය. යමෙක් ගෘහස්ත කාලයේ පඬුරු රැගෙන ආවේද? මා දැකීමට නොලැබුණේය. ඔහු දැන් මා පැමිණිකල්හි දැකීමටද නොදැනු කැමැතිව පහව ගියේය. බොල මිත්‍රය, ලජ්ජා නැතිද? මා සිවු වතාවක් මෙහි පැමිණවීය. ඒ දැන් ඔබගේ වසඟයෙහි පවත්වන්නෙමියි, ඔබ අන් දෙයක් පෙන්වමින් මා වසඟයෙහි පවත්වන්නෙමියි, තමන්ගේ සෙනසුනට පිවිස, විදර්ශනා වඩා පසේබෝධිය සාක්ෂාත්කොට අහසින් නන්දමූලක පර්වතයට ගියේය. අනෙකාද විදර්ශනා අරඹා පසේබෝධිය සාක්ෂාත් කොට එහිම ගියේය. ඒ දෙදෙනාට හිරියල්තලාවේ හිඳ පිළිවෙලින් මේ ගාථා කීවාහුය.
තත්ථ නිපකන්ති පකතිනිපකං පණ්ඩිතං කසිණපරිකම්මාදිකුසලං. සාධුවිහාරින්ති අප්පනාවිහාරෙන වා උපචාරෙන වා සමන්නාගතං. ධීරන්ති ධිතිසම්පන්නං. තත්ථ නිපකත්තෙන ධිතිසම්පදා වුත්තා. ඉධ පන ධිතිසම්පන්නමෙවාති අත්ථො. ධිති නාම අසිථිලපරක්කමතා, “කාමං තචො ච න්හාරු චා”ති (ම· නි· 2.184; අ· නි· 2.5; මහානි· 196) එවං පවත්තවීරියස්සෙතං අධිවචනං. අපිච ධික්කතපාපොතිපි ධීරො. රාජාව රට්ඨං විජිතං පහායාති යථා පකතිරාජා “විජිතං රට්ඨං අනත්ථාවහ”න්ති ඤත්වා රජ්ජං පහාය එකො චරති, එවං බාලසහායං පහාය එකො චරෙ. අථ වා රාජාව රට්ඨන්ති යථා සුතසොමො රාජා රට්ඨං විජිතං පහාය එකො චරි, යථා ච මහාජනකො රාජා, එවං එකො චරීති අයම්පි තස්ස අත්ථො. සෙසං වුත්තානුසාරෙන සක්කා ජානිතුන්ති න විත්ථාරිතන්ති.
එහි නිපකං යනු ස්වභාවයෙන්ම දක්ෂ පණ්ඩිත වූ කසිණ පරිකර්මවල දක්ෂ. සාධු විහාරිං යනු අර්පණා උපචාර විධිවලින් සමන්විත. ධීරං යනු ප්‍රඥාසම්පන්න එහි නිපුණතාවයෙන් ප්‍රඥා සම්පත්තිය කියන ලදි. මෙහි වනාහි ප්‍රඥා සම්පන්න යන අර්ථයයි. ධීති යනු ලිහිල්නොවූ දැඩි උත්සාහයයි. “කාමය මස් නහර සම ආදියෙහි” මෙසේ පවත්වන ලද වීර්යයට වඩා මෙය විශේෂ වචනයකි. නින්දා කරන ලද පාපය ඇත්තේ ධීරො නම් වේ. රාජාච රට්ඨං විජිතා පහායා යනු, යම්සේ යුවරජු දිනන ලද රට අර්ථ විරහිත බව දැන රාජ්‍යය හැරදමා හුදකලාව හැසිරෙයි. මෙසේ බලසේනාව හැර හුදකලාව හැසිරෙන්නේය. නැතහොත් රාජාව රට්ඨං යනු යම්සේ සුතසෝම රජු රාජ්‍යය ද විජිතය හැර හුදකලාව හැසිරුණේය. යම්සේ මහජනක රජු මෙනි. මෙසේ හුදකලාව හැසිරෙයි. මෙයද එහි අර්ථයයි. සෙස්ස කියන ලද අයුරින්ම දැනගැනීමට හැකිය. විස්තර නොමැත.
සහායගාථාවණ්ණනා නිට්ඨිතා.
සහාය ගාථා වර්ණනාවයි.
102
102
අද්ධා පසංසාමාති ඉමිස්සා ගාථාය යාව ආකාසතලෙ පඤ්ඤත්තාසනෙ පච්චෙකබුද්ධානං නිසජ්ජා, තාව චාතුද්දිසගාථාය උප්පත්තිසදිසා එව උප්පත්ති. අයං පන විසෙසො – යථා සො රාජා රත්තියා තික්ඛත්තුං උබ්බිජ්ජි, න තථා අයං, නෙවස්ස යඤ්ඤො පච්චුපට්ඨිතො අහොසි. සො ආකාසතලෙ පඤ්ඤත්තෙසු ආසනෙසු පච්චෙකබුද්ධෙ නිසීදාපෙත්වා “කෙ තුම්හෙ”ති පුච්ඡි. “මයං, මහාරාජ, අනවජ්ජභොජිනො නාමා”ති. “භන්තෙ , අනවජ්ජභොජිනොති ඉමස්ස කො අත්ථො”ති? “සුන්දරං වා අසුන්දරං වා ලද්ධා නිබ්බිකාරා භුඤ්ජාම, මහාරාජා”ති. තං සුත්වා රඤ්ඤො එතදහොසි – “යංනූනාහං ඉමෙ උපපරික්ඛෙය්යං ‘එදිසා වා නො වා’”ති? තං දිවසං කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසි. තං පච්චෙකබුද්ධා අමතං විය නිබ්බිකාරා භුඤ්ජිංසු. රාජා “ඉමෙ පටිඤ්ඤාතත්තා එකදිවසං නිබ්බිකාරා හොන්ති, පුන ස්වෙ ජානිස්සාමී”ති ස්වාතනාය නිමන්තෙසි. දුතියදිවසෙපි තථෙවාකාසි. තෙපි තථෙව පරිභුඤ්ජිංසු. අථ රාජා “සුන්දරං දත්වා වීමංසිස්සාමී”ති පුනපි නිමන්තෙත්වා ද්වෙ දිවසෙ මහාසක්කාරං කත්වා පණීතෙන අතිවිචිත්රෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. තෙපි තථෙව නිබ්බිකාරා පරිභුඤ්ජිත්වා රඤ්ඤො මඞ්ගලං වත්වා පක්කමිංසු. රාජා අචිරපක්කන්තෙසු තෙසු “අනවජ්ජභොජිනො එතෙ, අහො වතාහම්පි අනවජ්ජභොජී භවෙය්ය”න්ති චින්තෙත්වා මහාරජ්ජං පහාය පබ්බජ්ජං සමාදාය විපස්සනං ආරභිත්වා පච්චෙකබුද්ධො හුත්වා මඤ්ජූසකරුක්ඛමූලෙ පච්චෙකබුද්ධානං මජ්ඣෙ අත්තනො ආරම්මණං විභාවෙන්තො ඉමං ගාථමභාසි. සා පදත්ථතො උත්තානමෙව. කෙවලං පන සහායසම්පදන්ති එත්ථ අසෙඛෙහි සීලාදික්ඛන්ධෙහි සම්පන්නා සහායා එව සහායසම්පදාති වෙදිතබ්බා.
අද්ධා පසංසමා යනු මේ ගාථාවද යම්තාක් අහස්තලයේ පනවන ලද ආසනයේ, පසේ බුදුවරුන් හිඳ, සිව්දිශා ගාථාවන්ගේ උපත සමානවම උපතකි. මේ වනාහි විශේෂයකි. යම්සේ ඒ රජු රාත්‍රියෙහි තුන්වතාවක් තැති ගත්තේය. එය එසේ මෙසේ නොවේ. ඔහු යාගයක් සූදානම් කළේද, නොවීය. ඔහු අහස් තලයේ පනවන ලද ආසනවල පසේ බුදුවරුන් වඩා හිඳුවා නුඹලා කවුරුන්දැයි විචාළේය. අපි මහරජ, නිරවද්‍ය භෝජන ඇත්තෝ නම් ස්වාමීනි, අනවජ්ජ භොජිනො යනු මේ කවර අර්ථයක්ද? සුන්දර හෝ අසුන්දර කවර ලද්දක් නොවෙනස්ව වළඳමු මහරජතුමනි, ඒ අසා රජුට මෙබඳු අදහසක් පහළවිය. ඉදින් මම මේ පිරිස පරීක්ෂා කරන්නේ නම් යෙහෙකි මේ ආකාරද නැද්ද යන වග. එදවස සුන්සහල් සමග කාඩි හොද්දක් එළඹීය. එය පසේ බුදුවරු අමෘතය මෙන් නොවෙනස්ව වැළඳූහ. එජ, ප්‍රතිඥා දෙන ලද අයුරින් එකදිනක පවා නොවෙනස් වෙති. නැවත හෙට දැනගන්නෙමියි, හෙට දවස සඳහාද ආරාධනා කළේය. දෙවෙනි දිනයේද එසේම අනුභව කළහ. ඉක්බිති රජු, සොඳුරු දේ දී විමසන්නෙමියි, නැවතද ඇරයුම්කොට දෙදිනක් මහත් සත්කාර කොට ප්‍රණීත අතිවිචිත්‍ර කෑයුතු බීයුතු භෝජනයෙන් සංග්‍රහ කළේය. ඒවාද එසේම නොවෙනස්ව වළඳා රජුට යහපත පවසා පිටත්ව ගියහ. රජු චිරාත්කල් ඉක්ම නොගිය උන්වහන්සේ කෙරෙහි නිරවද්යභෝජිත බව දැන “අහෝ ඒකාන්තයෙන් මමත් නිරවද්යභෝජි වන්නෙමි සිතා මහාරාජ්‍යය හැරදමා, ප්‍රවෘජ්‍යාව සමාදන් වී විදර්ශනාව වඩා පසේබුදු වී දිව්යරුකක් මුල පසේ බුදුවරුන්ගේ මධ්‍යයෙහි තමන්ගේ අරමුණු වඩමින් මේ ගාථාව වදාළ සේක.
අයං පනෙත්ථ යොජනා – යා අයං වුත්තා සහායසම්පදා, තං සහායසම්පදං අද්ධා පසංසාම, එකංසෙනෙව ථොමෙමාති වුත්තං හොති. කථං? සෙට්ඨා සමා සෙවිතබ්බා සහායාති. කස්මා? අත්තනො සීලාදීහි සෙට්ඨෙ සෙවමානස්ස සීලාදයො ධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති, උප්පන්නා ච වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණන්ති. සමෙ සෙවමානස්ස අඤ්ඤමඤ්ඤං සාධාරණෙන කුක්කුච්චස්ස විනොදනෙන ච ලද්ධා න පරිහායන්ති. එතෙ පන සහායකෙ සෙට්ඨෙ ච සමෙ ච අලද්ධා කුහනාදිමිච්ඡාජීවං පහාය ධම්මෙන සමෙන උප්පන්නං භොජනං භුඤ්ජන්තො තත්ථ ච පටිඝානුනයං අනුප්පාදෙන්තො අනවජ්ජභොජී හුත්වා අත්ථකාමො කුලපුත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අහම්පි එවං චරන්තො ඉමං සම්පත්තිං අධිගතොම්හීති.
ඒ පදාර්ථ මතු කියන ලදමය. හුදෙක් වනාහි සහාය සම්පදං යනු මෙහි අශෛක්‍ෂයන් විසින් සීලාදී ගුණ සමුදායෙන් සමන්විත වූ මිත්‍රයෝම සහාය සම්පදා යයි දතයුතුය. මේ එහි අර්ථයෝජනයයි. මේ යමක් සහාය සම්පදා යයි කියන ලද්දේද, එය සහාය පිළිවෙතයි. අද්ධා පසංසාම එකහෙලාම ස්තුති කරමුයයි කියන ලද්දේ වෙයි. කෙසේද? සෙට්ඨා සමා සෙවිතබ්බා සහාය යනු කවර හෙයින්ද? තමන් විසින්, ශීලාදී ශ්‍රේෂ්ඨයන් සේවනය කරනු ලබන්නේ, සීලාදි ධර්මය ඒ අනුව උපදිත්. උපන්නේද, වෘද්ධියට වැඩි බවට විශාලත්වයට පැමිණෙත්. එසේ සේවනය කරනු ලබන්නාගේ අන්‍යොන්‍ය සාධාරණ බවද, කකුසඳ, විනෝදනයට ලද්දේ නොපිරිහෙත්. මේ සහායකයෝ වනාහි ශ්‍රේෂ්ඨද සමද වේ. අලද්ධා කුහනාදි මිථ්‍යා ආජීවය හැරදමා දැහැමින් සෙමින් උපන්නා වූ භෝජනය අනුභව කරන්නේ එහි දැඩි තරහව නූපදවන්නේය. අනවජ්ජභෝජි වී වැඩකැමැති කුලපුත්‍රයා. එකො චරෙ ඛග්ගවිසාණකප්පො මමද මෙසේ හැසිරෙන්නේ මේ සම්පත්තිය අධිගම කළේය.
අද්ධාපසංසාගාථාවණ්ණනා නිට්ඨිතා.
අද්ධා පසංසා (ඒකාන්තයෙන් ප්රශංසන ලද) ගාථා වර්ණනාවයි
103
103
දිස්වා සුවණ්ණස්සාති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසියං රාජා ගිම්හසමයෙ දිවාසෙය්‍යං උපගතො අහොසි, සන්තිකෙ චස්ස වණ්ණදාසී ගොසීතචන්දනං පිසති. තස්සා එකබාහාය එකං සුවණ්ණවලයං, එකබාහාය ද්වෙ. තානි සඞ්ඝට්ටෙන්ති, ඉතරං න සඞ්ඝට්ටති. රාජා තං දිස්වා “එවමෙව ගණවාසෙ සඞ්ඝට්ටනා, එකවාසෙ අසඞ්ඝට්ටනා”ති චින්තෙත්වා පුනප්පුනං දාසිං ඔලොකෙසි. තෙන ච සමයෙන සබ්බාලඞ්කාරවිභූසිතා දෙවී තං බීජයන්තී ඨිතා හොති. සා “වණ්ණදාසියා පටිබද්ධචිත්තො මඤ්ඤෙ රාජා”ති චින්තෙත්වා තං දාසිං උට්ඨාපෙත්වා සයමෙව පිසිතුමාරද්ධා. අථස්සා ච උභොසු බාහාසු අනෙකෙ සුවණ්ණවලයා, තෙ සඞ්ඝට්ටයන්තා මහාසද්දං ජනයිංසු. රාජා අතිසුට්ඨුතරං නිබ්බින්දො දක්ඛිණපස්සෙන නිපන්නොයෙව විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි. තං අනුත්තරසුඛෙන සුඛිතං නිපන්නං චන්දනහත්ථා දෙවී උපසඞ්කමිත්වා “ආලිම්පාමි , මහාරාජා”ති ආහ. සො “අපෙහි, මා ආලිම්පාහී”ති ආහ. සා “කිස්ස, මහාරාජා”ති? සො “නාහං, රාජා”ති. එවමෙතෙසං කථාසල්ලාපං සුත්වා අමච්චා උපසඞ්කමිංසු, තෙහිපි මහාරාජවාදෙන ආලපිතො “නාහං, භණෙ, රාජා”ති ආහ. සෙසං පඨමගාථාය වුත්තසදිසමෙව.
දිස්වා සුවණ්ණස්ස යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු ග්‍රීෂ්ම කාලයේ දිවා යහනට පිවිසියේ විය. ඔහුගේ මෙහෙකාර දාසිය සුදුහඳුන් ඉසියි. ඇගේ එක් බාහුවක එක් රන් වළල්ලක්ද, එක් බාහුවක දෙකක්ද ඒවා ගැටෙත්. අනෙක් ඒවා නොගැටෙත්. රජු එය දැක එසේම සමූහ වාසය ගැටීමටද, හුදකලා වාසය නොගැටීමටද සිත නැවත නැවත ඒ දාසිය දෙස බැලුවේය. එසමයෙහි සියළු අලංකාරවලින් අලංකාර වූ දේවිය එය පරීක්ෂා කරමින් සිටියේ වෙයි. ඇය වර්ණ දාසිය කෙරෙහි රජු පිළිබඳ සිත් ඇත්තේ යයි සිතා ඒ දාසිය වෙත එළඹ තෙමේම ඉසීමට පටන් ගත්තාය. ඇගේද අත් දෙකේම නොයෙක් ආකාර රන්වළලු වෙති. ඒවා එකට ගැටෙන්නේ මහා ශබ්දයක් හටගත්හ. ඒවා ගැටීමෙන් මහා ශබ්දයක් හටගත්හ. රජු අතිශය සියුම් ලෙස කළකිරුණේ දකුණු පැත්තෙන් සිටිමින්ම විදර්ශනා වඩා පසේබුදුබව සාක්ෂාත් කළේය. ඒ නිරුත්තර සුවයෙන් සැපයට පත්වූයේ සඳුන් ගෑ අත් ඇතිව වෙත එළඹ ‘මහරජ, ආලේප කරමි’යි කීවේය. ඔහු ඉවත්වෙව. මා ආලේපනය නොකරව’යි කීවේය. ඇය කිම මහරජ? මම මහරජ නොවෙමි. මෙසේ ඔවුනොවුන්ගේ කථාබස් අසා ඇමැතියෝ පැමිණියහ. ඔවුන් විසින්ද මහාරාජවාදයෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ බොලවු, මම රජු නොවේයයි කීවේය. සේසස පළමු ගාථාවේ කියන ලද පරිද්දෙනි.
අයං පන ගාථාවණ්ණනා – තත්ථ දිස්වාති ඔලොකෙත්වා. සුවණ්ණස්සාති කඤ්චනස්ස. “වලයානී”ති පාඨසෙසො. සාවසෙසපදත්ථො හි අයං අත්ථො. පභස්සරානීති පභාසනසීලානි, ජුතිමන්තානීති වුත්තං හොති. සෙසං උත්තානපදත්ථමෙව. අයං පන යොජනා – දිස්වා භුජස්මිං සුවණ්ණස්ස වලයානි “ගණවාසෙ සති සඞ්ඝට්ටනා, එකවාසෙ අසඞ්ඝට්ටනා”ති එවං චින්තෙත්වා විපස්සනං ආරභිත්වා අධිගතොම්හීති. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
මේ ගාථා වර්ණනාවයි. එහි දිස්වා යනු බලා. සුවණ්ණස්සා යනු රත්රන් වළලුයි. සෙසු පාඨයයි. අවශේෂ පාඨ මෙහි අර්ථයයි. පභස්සරානී යනු ප්‍රභාස්වර බබළන්නා වූ යනාදිය කියන ලද්දේ වෙයි. සෙස්සද ඉහත කී අර්ථයමය. මේ යෝජනාව දැක, භුජස්මිං රන්වළලු ආදිය සමූහවාසයයි. එය ඇතිකල්හි ගැටීම් ඇතිවේ. හුදකලා වාසය නොගැටීම් වේ යයි මෙසේ සිතා විදර්ශනා වඩා අධිගමයට පත්වූයේ යන අර්ථයයි. සෙස්ස අර්ථය පැහැදිලි බව දතයුතුමය.
සුවණ්ණවලයගාථාවණ්ණනා නිට්ඨිතා.
රන් වළලු ගාථා වර්ණනාවයි.
104
104
එවං දුතියෙනාති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසිරාජා දහරොව පබ්බජිතුකාමො අමච්චෙ ආණාපෙසි – “දෙවිං ගහෙත්වා රජ්ජං පරිහරථ, අහං පබ්බජිස්සාමී”ති. අමච්චා – “මහාරාජ, අරාජකං රජ්ජං අම්හෙහි න සක්කා රක්ඛිතුං සාමන්තරාජානො ආගම්ම විලුම්පිස්සන්ති, යාව එකොපි පුත්තො උප්පජ්ජති, තාව ආගමෙහී”ති සඤ්ඤාපෙසුං. මුදුචිත්තො රාජා අධිවාසෙසි. අථ දෙවී ගබ්භං ගණ්හි. රාජා පුන තෙ ආණාපෙසි – “දෙවී ගබ්භිනී, පුත්තං ජාතං රජ්ජෙ අභිසිඤ්චිත්වා රජ්ජං පරිහරථ, අහං පබ්බජිස්සාමී”ති. අමච්චා “දුජ්ජානං, මහාරාජ, එතං, යං දෙවී පුත්තං වා විජායිස්සති, ධීතරං වාති, තාව විජායනකාලං ආගමෙහී”ති පුනපි රාජානං සඤ්ඤාපෙසුං. අථ සා පුත්තං විජායි. තදාපි රාජා තථෙව අමච්චෙ ආණාපෙසි. අමච්චා පුනපි රාජානං – “ආගමෙහි, මහාරාජ, යාව පටිබලො හොතී”ති බහූහි කාරණෙහි සඤ්ඤාපෙසුං. තතො කුමාරෙ පටිබලෙ ජාතෙ අමච්චෙ සන්නිපාතාපෙත්වා “පටිබලො දානි අයං, තං රජ්ජෙ අභිසිඤ්චිත්වා පටිපජ්ජථා”ති අමච්චානං ඔකාසං අදත්වා අන්තරාපණතො කාසායවත්ථාදයො සබ්බපරික්ඛාරෙ ආහරාපෙත්වා අන්තෙපුරෙ එව පබ්බජිත්වා මහාජනකො විය නික්ඛමිත්වා ගතො. සබ්බපරිජනො නානප්පකාරං පරිදෙවමානො රාජානං අනුබන්ධි. සො රාජා යාව අත්තනො රජ්ජසීමා, තාව ගන්ත්වා කත්තරදණ්ඩෙන ලෙඛං ආකඩ්ඪිත්වා – “අයං ලෙඛා නාතික්කමිතබ්බා”ති ආහ . මහාජනො ලෙඛාය සීසං කත්වා භූමියං නිපන්නො පරිදෙවමානො “තුය්හං දානි, තාත, රඤ්ඤො ආණා, කිං කරිස්සතී”ති කුමාරං ලෙඛං අතික්කමාපෙසි. කුමාරො “තාත, තාතා”ති ධාවිත්වා රාජානං සම්පාපුණි. රාජා කුමාරං දිස්වා “එතං මහාජනං පරිහරන්තො රජ්ජං කාරෙසිං, කිං දානි එකං දාරකං පරිහරිතුං න සක්ඛිස්ස”න්ති කුමාරං ගහෙත්වා අරඤ්ඤං පවිට්ඨො, තත්ථ පුබ්බපච්චෙකබුද්ධෙහි වසිතපණ්ණසාලං දිස්වා වාසං කප්පෙසි සද්ධිං පුත්තෙන.
එවං දුතියෙන යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු ළදරු කාලයේම පැවිදිවනු කැමැත්තේ ඇමතියන්ට අණ කළේය. දේවිය ගෙන රාජ්‍යය පරිහරණය කරවු. මම පැවිදි වන්නෙමි. ඇමතියෝ මහරජ, අරාජිකය. රාජ්‍යය අප විසින් රැකීමට නොහැකිය. හාත්පස රජවරු පැමිණ කොල්ල කන්නාහ. එකම පුතකුවත් උපදවන්න. ඒතාක් සිටින්නැයි සංඥා කළහ. මෘදු සිත් ඇති රජු ඉවසීය. ඉක්බිති දේවිය ගැබ් ගත්තීය. රජු නැවත ඔවුන්ට අණ කළේය. දේවිය ගර්භනීය. පුත්‍රයකු උපදී. රාජ්‍යය අභිෂේකකොට රාජ්‍යය පරිහරණය කරවු. මම පැවිදි වන්නෙමි. ඇමතියෝ, මහරජ ඉදින් දේවිය පුතකු හෝ දුවකු ප්‍රසූත කරන්නී යයි නොදනියි. ප්‍රසව කරන කාලය පැමිණියේ යයි යළිත් රජුට සංඥා කළහ. ඉක්බිති ඇය පුතකු වැදුවාය. ඉක්බිති රජු එසේම ඇමතියන්ට අණ කළේය. මහරජ, මොහු ශක්ති සම්පන්න වනතුරු නොයව යයි බොහෝ කාරණාවලින් හැඟවූහ. ඉක්බති කුමරු ප්‍රතිබල වූ කල්හි ඇමතියන් කැඳවා, දැන් මොහු ප්රතිබලය මොහු රාජ්‍යයේ අභිෂේක කොට පිළිපදීවා යයි ඇමතියන්ට අවසර දී එක උරයක් කෂාය වස්ත්‍ර ආදියෙන් පොරවා පැවිදි පිරිකර ගෙන්වාගෙන ඇතුල් පුරයේදීම පැවිදිවී මහා බ්‍රහ්මයා මෙන් නික්ම ගියේය. සියලු පිරිවර ජනතාව නොයෙක් ආකාරයෙන් වැලපෙන්නේ, රජු ලුහුබැඳ ගියේය. රජු තමන්ගේ රාජ්‍යය සීමාව දක්වා ගොස්, සැරයටියකින් ඉරක් ඇඳ, ‘මේ රේඛාව නොඉක්මවිය යුතුයයි කීවේය. කුමරු පියාණනි, පියාණනි යයි දුවගොස් රජු වෙත පැමිණියේය. රජු කුමරු දැක මොහු මහජනයා පිරිවරා රාජ්‍යය කළෙමි. කිම දැන් එක දරුවකු පරිහරණය කිරීමට නොහැකි වෙත්දැයි කුමරු ගෙන වනයට පිවිසියේය. එහි පෙර පසේ බුදුවරුන් විසින් වාසය කළ පන්සලක් දැක පුත්‍රයා සමග වාසය කළේය.
තතො කුමාරො වරසයනාදීසු කතපරිචයො තිණසන්ථාරකෙ වා රජ්ජුමඤ්චකෙ වා සයමානො රොදති. සීතවාතාදීහි ඵුට්ඨො සමානො – “සීතං තාත උණ්හං තාත මකසා තාත ඩංසන්ති. ඡාතොම්හි තාත, පිපාසිතොම්හි තාතා”ති වදති. රාජා තං සඤ්ඤාපෙන්තොයෙව රත්තිං වීතිනාමෙසි. දිවාපිස්ස පිණ්ඩාය චරිත්වා භත්තං උපනාමෙසි, කුමාරො මිස්සකභත්තං කඞ්ගුවරකමුග්ගාදිබහුලං අච්ඡාදෙන්තම්පි තං ජිඝච්ඡාවසෙන භුඤ්ජමානො කතිපාහච්චයෙන උණ්හෙ ඨපිතපදුමං විය මිලායි. රාජා පන පටිසඞ්ඛානබලෙන නිබ්බිකාරො භුඤ්ජති. තතො සො කුමාරං සඤ්ඤාපෙන්තො ආහ – “නගරෙ, තාත, පණීතාහාරො ලබ්භති, තත්ථ ගච්ඡාමා”ති. කුමාරො “ආම, තාතා”ති. තතො නං පුරක්ඛත්වා ආගතමග්ගෙනෙව නිවත්ති. කුමාරමාතාපි දෙවී “න දානි රාජා කුමාරං ගණ්හිත්වා අරඤ්ඤෙ චිරං වසිස්සති, කතිපාහෙනෙව නිවත්තිස්සතී”ති චින්තෙත්වා රඤ්ඤා කත්තරදණ්ඩෙන ලිඛිතට්ඨානෙයෙව වතිං කාරාපෙත්වා වාසං කප්පෙසි. රාජා තස්සා වතියා අවිදූරෙ ඨත්වා “එත්ථ තෙ, තාත, මාතා නිසින්නා, ගච්ඡාහී”ති පෙසෙසි. යාව සො තං ඨානං පාපුණාති, තාව උදික්ඛන්තො අට්ඨාසි – “මා හෙව නං කොචි විහෙඨෙය්යා”ති. කුමාරො මාතු සන්තිකං ධාවන්තො අගමාසි.
ඉක්බිති කුමරු උතුම් යහනාවල කරන ලද පරිචය ඇත්තේ, තෘණ ආදියේ හෝ ලණු ඇඳේ හෝ නිදමින් හඬයි. ශීතල වාතාදිය ස්පර්ශ වූයේ සමාන පියාණනි, ශීතලය. පියාණනි, උණුසුම්ය පියාණනි. මැස්සෙකු කෑවේය. පියාණනි, බඩගිනි. පියාණනි, පිපාසිතය යයි කියයි. රජු ඔහුට සංඥා කරමින්ම රාත්‍රිය කල්ගත කරයි. ඔහු දිවා කාලයේද පිඬු පිණිස හැසිර බත් පිරිනමයි. කුමරු “මිශ්‍රවූ බත තණහාල් මුං කඩල ආදිය බහුල වූයේ අනුභව කරන්නේද, පිළිකුල් වශයෙන් අනුභව කරන්නේ දින කිහිපයකින් උණුසුම් වේ. (අව්වේ) තබන ලද පියුමක් මෙන් මිලාන විය. රජ සමවතට සමවැදීමෙන් නොවෙනස්වම අනුභව කරයි. ඉක්බිති ඔහු කුමරුට සංඥා කරමින් කීවේය. දරුව, නගරයේ ප්‍රණීත ආහාරපාන ලැබෙයි. එහි යමු. පියාණනි, එසේය. ඉක්බිති ඔහු පෙරටුකොට ආවා වූ මාර්ගයෙන්ම පැමිණුනේය. කුමාර මව වූ දේවියද “දැන් රජකුමරු ගෙන වනයෙහි බොහෝකලක් වාසය නොකරන්නේ යයි දැන කීපදිනකින් පෙරළා පැමිණෙන්නේ යයි සිතා රජු විසින් සැරයටියෙන් ලියන ලද ස්ථානයම ආරක්ෂා කොට කල්ගත කළාය. ඉක්බිති රජු ඇය වාසය කළ ස්ථානයට නුදුරේ සිට, ඔබගේ මව මෙහි හුන්නීය. යව යයි පිටත් කළේය. ඔහු එතැනට පැමිණේද? ඒතාක් බලමින් සිටියේය. කිසියම් වෙහෙසක් නොවේවා. කුමරු මව සමීපයට දුවගෙන ගියේය.
ආරක්ඛපුරිසා කුමාරං ආගච්ඡන්තං දිස්වා දෙවියා ආරොචෙසි. දෙවී වීසතිනාටකිත්ථිසහස්සපරිවුතා පච්චුග්ගන්ත්වා පටිග්ගහෙසි. රඤ්ඤො ච පවත්තිං පුච්ඡි. “පච්ඡතො ආගච්ඡතී”ති සුත්වා මනුස්සෙ පෙසෙසි. රාජාපි තාවදෙව සකවසනට්ඨානං අගමාසි. මනුස්සා රාජානං අදිස්වා නිවත්තිංසු. තතො දෙවී නිරාසාව හුත්වා පුත්තං ගහෙත්වා නගරං ගන්ත්වා රජ්ජෙ අභිසිඤ්චි. රාජාපි අත්තනො වසනට්ඨානෙ නිසින්නො විපස්සිත්වා පච්චෙකබොධිං පත්වා මඤ්ජූසකරුක්ඛමූලෙ පච්චෙකබුද්ධානං මජ්ඣෙ ඉමං උදානගාථං අභාසි. සා අත්ථතො උත්තානා එව.
ආරක්ෂක පුරුෂයෝ කුමරු එන්නේ දැක දේවියට කීහ. දේවිය විසිදහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා ගොස් පිළිගත්තාය. රජුගේ පුවතද විචාළාය. ඉක්බිති පසුපස එයි. යයි අසා මිනිසුන් යැවීය. රජුද එකෙණෙහි සිය වාසස්ථානයට ගියේය. මිනිස්සු රජු නොදැක නැවතුණහ. ඉක්බිති දේවිය ආශා රහිත වී පුතු ගෙන නගරයට ගොස් රාජ්‍යයේ අභිෂේක කළේය. රජුද තමන් වසන තැන හිඳ විදර්ශනා වඩා, පසේබෝධියට පැමිණ දිව්‍ය වෘක්ෂයක් මුල පසේ බුදුවරුන්ගේ මැද මේ උදාන ගාථාව කී සේක. ඒ පදාර්ථ ඉහත කියන ලද අයුරිනි.
අයං පනෙත්ථාධිප්පායො – ය්වායං එකෙන දුතියෙන කුමාරෙන සීතුණ්හාදීහි නිවෙදෙන්තෙන සහවාසෙන තං සඤ්ඤාපෙන්තස්ස මම වාචාභිලාපො තස්මිං සිනෙහවසෙන අභිසජ්ජනා වා ජාතා. සචාහං ඉමං න පරිච්චජාමි, තතො ආයතිම්පි තථෙව හෙස්සති, යථා ඉදානි, එවං දුතියෙන සහ මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා. “උභයම්පෙතං අන්තරායකරං විසෙසාධිගමස්සා”ති එතං භයං ආයතිං පෙක්ඛමානො තං ඡඩ්ඩෙත්වා යොනිසො පටිපජ්ජිත්වා පච්චෙකබොධිමධිගතොම්හීති. සෙසං වුත්තනයමෙවාති.
මේ එහි විශේෂ අදහසකි. මේ දෙවෙනි කුමරු විසින් ශීතල උණුසුම නිවේදනය කරමින්, සමග වාසය කිරීම හඟවමින්, මගේ වාචාභිලාපො ඔහු කෙරෙහි සෙනෙහස වශයෙන් අභිසජ්ජනා හටගත්තා වූ ඉදින් මම මොහු අත්නොහරිමි නම් මත්තෙහිද එසේ වෙයි. දැන් යම්සේද එසේය. එවං දුතියෙන සහ මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා මේ දෙදෙනාම අන්තරායකර විශේෂ අධිගමයක් වන්නේය. එතං භයං ආයතිං පෙක්ඛමානො ඔහු අතහැර නුවණින් පිළිපැද පසේබුදු බව අධිගම කළෙමි. සෙස්ස කියනලද අයුරින්මය.
ආයතිභයගාථාවණ්ණනා නිට්ඨිතා.
ආයතිභය ගාථා වර්ණනාවයි.
105
105
කාමා හි චිත්රාති කා උප්පත්ති? බාරාණසියං කිර සෙට්ඨිපුත්තො දහරොව සෙට්ඨිට්ඨානං ලභි. තස්ස තිණ්ණං උතූනං අනුච්ඡවිකා තයො පාසාදා අහෙසුං. සො සබ්බසම්පත්තීහි දෙවකුමාරො විය පරිචාරෙති. අථ සො දහරොව සමානො “පබ්බජිස්සාමී”ති මාතාපිතරො ආපුච්ඡි, තෙ නං නිවාරෙන්ති. සො තථෙව නිබන්ධති. පුනපි නං මාතාපිතරො “ත්වං, තාත, සුඛුමාලො, දුක්කරා පබ්බජ්ජා, ඛුරධාරාය උපරි චඞ්කමනසදිසා”ති නානප්පකාරෙහි නිවාරෙන්ති. සො තථෙව නිබන්ධති. තෙ චින්තෙසුං – “සචායං පබ්බජති, අම්හාකං දොමනස්සං හොති. සචෙ නං නිවාරෙම, එතස්ස දොමනස්සං හොති. අපිච අම්හාකං දොමනස්සං හොතු, මා ච එතස්සා”ති අනුජානිංසු. තතො සො සබ්බං පරිජනං පරිදෙවමානං අනාදියිත්වා ඉසිපතනං ගන්ත්වා පච්චෙකබුද්ධානං සන්තිකෙ පබ්බජි. තස්ස උළාරසෙනාසනං න පාපුණාති, මඤ්චකෙ තට්ටිකං අත්ථරිත්වා සයි. සො වරසයනෙ කතපරිචයො සබ්බරත්තිං අතිදුක්ඛිතො අහොසි. පභාතෙ සරීරපරිකම්මං කත්වා පත්තචීවරමාදාය පච්චෙකබුද්ධෙහි සද්ධිං පිණ්ඩාය පාවිසි. තත්ථ වුඩ්ඪා අග්ගාසනඤ්ච අග්ගපිණ්ඩඤ්ච ලභන්ති, නවකා යංකිඤ්චිදෙව ආසනලූඛං භොජනඤ්ච. සො තෙන ලූඛභොජනෙනාපි අතිදුක්ඛිතො අහොසි. සො කතිපාහංයෙව කිසො දුබ්බණ්ණො හුත්වා නිබ්බිජ්ජි, යථා තං අපරිපක්කගතෙ සමණධම්මෙ. තතො මාතාපිතූනං දූතං පෙසෙත්වා උප්පබ්බජි. සො කතිපාහංයෙව බලං ගහෙත්වා පුනපි පබ්බජිතුකාමො අහොසි, තතො දුතියම්පි පබ්බජිත්වා පුනපි උප්පබ්බජි. තතියවාරෙ පන පබ්බජිත්වා සම්මා පටිපන්නො විපස්සිත්වා පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං වත්වා පුන පච්චෙකබුද්ධානං මජ්ඣෙ ඉමමෙව බ්යාකරණගාථම්පි අභාසි.
කාමාහි චිත්‍රා යනු කවර උපතක්ද? බරණැස සිටුපුත්‍රයා ළදරු කාලයේම සිටු තනතුර ලැබීය. ඔහුට සෘතු තුනට ගැලපෙන සේ ප්‍රාසාද තුනක් වූහ. ඔහු සියලු සම්පත්වලින් දිව්‍ය කුමාරයකු මෙන් හැසිරෙයි. ඉක්බිති ඔහු ළදරු කාලයේම පැවිදි වන්නෙමියි මව්පියන්ගෙන් විචාළේය. ඔවුහු වළක්වති. ඔහු එයම ඉල්ලයි. යළිදු ඔහුට මව්පියෝ ‘දරුව, නුඹ සියුමැලිය. පැවිද්ද දුෂ්කරය. දැලිපිහි මුවහත උඩ ගමන් කිරීම සමාන යයි නොයෙක් ආකාරයෙන් වළක්වති. ඔහු එහිම ඇලෙයි. ඔවුහු මෙසේ සිතූහ. ‘ඉදින් මෙතම පැවිදි වෙයි නම්, අපට දොම්නස් වෙයි. අපිට දොම්නස් වේවා. මොහුට අනුදැනීම් නොවෙව. ඉක්බිති ඔහු සියලු පිරිවර ජනයා අඬා වැලපෙන්නේ නොකැමැත්තේ ඉසිපතනයට ගොස් පසේ බුදුවරුන්ගේ සමීපයේ පැවිදි විය. ඔහුට උදාර සේනාසනයක් නොපැමිණෙයි. ඇඳෙහි කුඩා පැදුරක් අතුරා නිදාගත්තේය. ඔහු උතුම් යහනේ කරන ලද නිදාගැනීම ඇත්තේ මුලු රාත්‍රියම දුකෙන් කල්ගත කළේය. අළුයම ශරීර කෘත්‍යය කොට පාසිවුරු රගෛන පසේ බුදුවරුන් සමග පිඬු පිණිස හැසිරුණේය. එහි වැඩිමහල්ලෝ මුල් ආසනද, අග්‍ර ආහාරද ලබත්. නවකයෝ යම්කිසි ආසනයක්ද, රූක්ෂ ආහාරයක්ද ලබත්. ඔහු ඒ රූක්ෂ ආහාරයෙන් ඉතා දුකට පත්විය. ඔහු කිහිප දිනකින්ම කෘශ වූයේ දුර්වර්ණ වී හොත්තේය. යම්සේ හේ ශ්‍රමණ ධර්මයෙහි නොපැසුණේ විය. ඉක්බිති මව්පියන්ට දූතයකු යවා උපැවිදි විය. ඔහු කීපදිනකින්ම ශක්තිය ලබාගෙන යළිත් පැවිදිවනු කැමැත්තේ විය. ඔහු දෙවෙනිවරද පැවිදි වී යළිත් උපැවිදිව තෙවෙනිවර පැවිදිවී මැනවින් පිළිපන්නේ විදර්ශනා වඩා පසේ බෝධිය සාක්ෂාත් කොට මේ උදාන ගාථාව පවසා පසේ බුදුවරුන්ගේ මැද මේ ව්‍යාකරණ ගාථාව කීවේය.
තත්ථ කාමාති ද්වෙ කාමා වත්ථුකාමො ච කිලෙසකාමො ච. තත්ථ වත්ථුකාමො නාම පියරූපාදිආරම්මණධම්මො, කිලෙසකාමො නාම සබ්බො රාගප්පභෙදො. ඉධ පන වත්ථුකාමො අධිප්පෙතො. රූපාදිඅනෙකප්පකාරවසෙන චිත්‍රා. ලොකස්සාදවසෙන මධුරා . බාලපුථුජ්ජනානං මනං රමාපෙන්තීති මනොරමා. විරූපරූපෙනාති විවිධෙන රූපෙන, අනෙකවිධෙන සභාවෙනාති වුත්තං හොති. තෙ හි රූපාදිවසෙන චිත්‍රා, රූපාදීසුපි නීලාදිවසෙන විවිධරූපා. එවං තෙන තෙන විරූපරූපෙන තථා තථා අස්සාදං දස්සෙත්වා මථෙන්ති චිත්තං, පබ්බජ්ජාය අභිරමිතුං න දෙන්තීති. සෙසමෙත්ථ පාකටමෙව. නිගමනම්පි ද්වීහි තීහි වා පදෙහි යොජෙත්වා පුරිමගාථාසු වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි කාමා යනු වස්තුකාම, ක්ලේශ කාම යන දෙකයි. එහි වස්තු කාමය යනු ප්‍රියමනාප ආදි අරමුණු ධර්ම ක්ලේශකාම නම් ඡන්ද ආදි සියලු රාග ප්‍රභේද මෙහි වස්තුකාමයම ප්‍රධාන වේ. රූපාදී නොයෙක් ආකාර වශයෙන් චිත්‍රා නම් වේ. ලෝකාශ්වාද වශයෙන් මධුරා නමි. බාල පෘථග්ජනයන්ගේ මනස සතුටුකරන නිසා මනොරමා නම් වේ. විරූප රූපෙන යනු විවිධ අයුරින් නොයෙක් ස්වභාවයෙන් යුක්ත බව කියන ලද්දේ වෙයි. එම රූපාදි වශයෙන් විසිතුරු වූ රූප ආදියෙහි නිල්පාට ආදි වශයෙන් විවිධ රූ ඇත්තේය. මෙසේ ඒ ඒ විරූපී රූපයෙන් එසේ එසේ ආශ්වාද පෙන්වා, මථෙන්ති චිත්තං පැවිද්ද පිණිස සතුටුවීමට නොදෙත්. සෙසු අර්ථ ප්‍රකට වේමය. නිගමනය පද දෙක තුනක් යොදා මුල් ගාථාවල කියන ලද අයුරින්ම දතයුතුය.
කාමගාථාවණ්ණනා නිට්ඨිතා.
කාම ගාථා වර්ණනාවයි.
106
106
ඊතී චාති කා උප්පත්ති? බාරාණසියං කිර රඤ්ඤො ගණ්ඩො උදපාදි, බාළ්හා වෙදනා වඩ්ඪන්ති. වෙජ්ජා “සත්ථකම්මෙන විනා ඵාසු න හොතී”ති භණන්ති . රාජා තෙසං අභයං දත්වා සත්ථකම්මං කාරාපෙසි. තෙ තං ඵාලෙත්වා පුබ්බලොහිතං නීහරිත්වා නිවෙදනං කත්වා වණං පිලොතිකෙන බන්ධිංසු. ලූඛමංසාහාරෙසු ච නං සම්මා ඔවදිංසු. රාජා ලූඛභොජනෙන කිසසරීරො අහොසි, ගණ්ඩො චස්ස මිලායි. සො ඵාසුකසඤ්ඤී හුත්වා සිනිද්ධාහාරං භුඤ්ජි, තෙන සඤ්ජාතබලො විසයෙයෙව පටිසෙවි, තස්ස ගණ්ඩො පුරිමසභාවමෙව සම්පාපුණි. එවං යාව තික්ඛත්තුං සත්ථකම්මං කාරාපෙත්වා වෙජ්ජෙහි පරිවජ්ජිතො නිබ්බින්දිත්වා මහාරජ්ජං පහාය පබ්බජිත්වා අරඤ්ඤං පවිසිත්වා විපස්සනං ආරභිත්වා සත්තහි වස්සෙහි පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං භාසිත්වා නන්දමූලකපබ්භාරං අගමාසි.
ඊතිචා යනු කවර උපතක්ද? බරණැස් රජුට ගඩුවක් (තුවාලයක්) හටගත්තේය. බලවත් වේදනා පවතිත්. වෛද්‍යවරු සැත්කමින් තොරව සුවපත් නොවෙයි යයි පවසති. රජු ඔවුන්ට අභය දී සැත්කමක් කරවීය. ඔවුහු එය පලා පැසවූ ලේ ඉවත්කොට නිර්වේදනාකොට, තුවාලයෙහි රෙදිකඩක් බැන්දාහ. ආහාර ගන්නා වේලාවෙහි ඔහුට මැනවින් අවවාද කළහ. රජු රූක්ෂ ආහාරයෙන් ශරීරය කෘෂ විය. ඔහුගේ ගණ්ඩ මිලාන විය. ඔහු පහසු ඉරියව් ඇතිවී, සිනිඳු ආහාර අනුභව කළේය. එයින් හටගත් ශක්තිය ඇත්තේ ක්රියාවේද නිරත විය. ඔහුගේ ගඩුව නැවත පෙර පරිදිම සම්පූර්ණ විය. මෙසේ තුන්වරක් සැත්කමක් කොට වෛද්‍යවරුන් විසින් වර්ජනය කරන ලද්දේ, කලකිරී, මහාරාජ්‍යය හැරදමා පැවිදිව අරණ්‍යයට පිවිස විදර්ශනා අරඹා, වර්ෂ හතකින් පසේ බුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව පවසා නන්දමූලක පර්වතයට වැඩි සේක.
තත්ථ එතීති ඊති, ආගන්තුකානං අකුසලභාගීනං බ්යසනහෙතූනං එතං අධිවචනං. තස්මා කාමගුණාපි එතෙ අනෙකබ්යසනාවහට්ඨෙන අනත්ථානං සන්නිපාතට්ඨෙන ච ඊති. ගණ්ඩොපි අසුචිං පග්ඝරති, උද්ධුමාතපරිපක්කපරිභින්නො හොති. තස්මා එතෙ කිලෙසාසුචිපග්ඝරණතො උප්පාදජරාභඞ්ගෙහි උද්ධුමාතපරිපක්කපරිභින්නභාවතො ච ගණ්ඩො. උපද්දවතීති උපද්දවො, අනත්ථං ජනෙන්තො අභිභවති අජ්ඣොත්ථරතීති අත්ථො, රාගගණ්ඩාදීනමෙතමධිවචනං. තස්මා කාමගුණාපෙතෙ අවිදිතනිබ්බානත්ථාවහහෙතුතාය සබ්බුපද්දවකම්මපරිවත්ථුතාය ච උපද්දවො. යස්මා පනෙතෙ කිලෙසාතුරභාවං ජනෙන්තා සීලසඞ්ඛාතං ආරොග්යං ලොලුප්පං වා උප්පාදෙන්තා පාකතිකමෙව ආරොග්යං විලුම්පන්ති, තස්මා ඉමිනා ආරොග්යවිලුම්පනට්ඨෙන රොගො. අබ්භන්තරමනුපවිට්ඨට්ඨෙන පන අන්තොතුදනට්ඨෙන ච දුන්නීහරණීයට්ඨෙන ච සල්ලං. දිට්ඨධම්මිකසම්පරායිකභයාවහනතො භයං. මෙ එතන්ති මෙතං. සෙසමෙත්ථ පාකටමෙව. නිගමනම්පි වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි පැමිණේනුයි - ඊති ආගන්තුක වශයෙන් ඇතිවන අකුසල නිසා සිදුවන විපත් සඳහා විශේෂ වචනයකි. එහෙයින් කාමගුණයෝද, නොයෙක් ව්‍යසන ඉසිලීම් වශයෙන් අනර්ථයක් හටගන්නේ යන අර්ථයෙන් ඊති නම් වේ. ගණ්ඩද (තුවාල) අශුචි අපිරිසිදු දේ වැගිරෙයි. කුණුවූ පැසව ගිය පරිහාණියට පත්වූයේ වෙයි. එහෙයින් මේ කෙලෙස් නැමැති අසූචි වැගිරීමෙන් හටගත් ජරාවෙන් බිඳීගිය කුණුවූ පැසව සැරව ගලන ස්වභාවයෙන් යුතුවූයේ ගණ්ඩ නම් වේ. උපද්‍රව ඇතිකරන නිසා උපද්දව නම් වේ. අනර්ථයක් උපදවමින් අභිබවා යයි. එතර කරවයි යන අර්ථයයි. රාජ දණ්ඩන දීම් ආදි විශේෂ වචනයකි. එහෙයින් කාමගුණයෙන් නිර්වාණාවබෝධය වලකනු පිණිස හේතුවන සියලු උපද්‍රවයන්ට මුල්වන නිසා උපද්දව නම් වේ. යම් හෙයකින් මේ කෙලෙස් ආතුරභාවය උපදවන්නේ සීලය සංඛ්‍යාත නිරෝගිකමට අනර්ථයක් උපදවන්නේ ස්වාභාවික වූ නිරෝගිකම උදුරාගන්නේ එහෙයින් මේ නිරෝගිකම උදුරා ගන්නේනුයි රොගො නමි. අභ්‍යන්තර වශයෙන් මනුෂ්‍යයන්ගේ ඇතුළත වේදනා ඇති කරන ස්වභාවය සල්ලං යනු වේ. මෙලොව වශයෙන් ඇතිවන බියජනනය කරන නිසා භය නම් යනු මේ අර්ථ යයි. මෙතං සමාන අර්ථ ඇත්තේ නිගමනය කියන ලද අයුරින්ම දතයුතුය.
ඊතිගාථාවණ්ණනා නිට්ඨිතා.
ඊති ගාථා වර්ණනාව
107
107
සීතඤ්චාති කා උප්පත්ති? බාරාණසියං කිර සීතාලුකබ්රහ්මදත්තො නාම රාජා අහොසි. සො පබ්බජිත්වා අරඤ්ඤෙ තිණකුටිකාය විහරති. තස්මිඤ්ච පදෙසෙ සීතෙ සීතං, උණ්හෙ දණ්හමෙව හොති අබ්භොකාසත්තා පදෙසස්ස. ගොචරගාමෙ භික්ඛා යාවදත්ථං න ලබ්භති, පානීයම්පි දුල්ලභං, වාතාතපඩංසසරීසපාපි බාධෙන්ති. තස්ස එතදහොසි – “ඉතො අඩ්ඪයොජනමත්තෙ සම්පන්නො පදෙසො, තත්ථ සබ්බෙපි එතෙ පරිස්සයා නත්ථි, යංනූනාහං තත්ථ ගච්ඡෙය්යං, ඵාසුකං විහරන්තෙන සක්කා සුඛමධිගන්තු”න්ති? තස්ස පුන අහොසි – “පබ්බජිතා නාම න පච්චයගිද්ධා හොන්ති, එවරූපඤ්ච චිත්තං අත්තනො වසෙ වත්තාපෙන්ති, න චිත්තස්ස වසෙ වත්තන්ති, නාහං ගමිස්සාමී”ති එවං පච්චවෙක්ඛිත්වා න අගමාසි. එවං යාවතතියකං උප්පන්නචිත්තං පච්චවෙක්ඛිත්වා නිවත්තෙසි. තතො තත්ථෙව සත්ත වස්සානි වසිත්වා සම්මා පටිපජ්ජමානො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං භාසිත්වා නන්දමූලකපබ්භාරං අගමාසි.
සීතඤ්ච යනු කවර උපතක්ද? බරණැස සීතාලුක බ්‍රහ්මදත්ත නම් රජකු විය. ඔහු පැවිදිවී වනයෙහි තෘණ ලැහැබක වාසය කරයි. ඒ ප්‍රදේශයේ සීතල වේලාවට සීතලද, උෂ්ණයට උෂ්ණයද වෙයි. එම ඉඩකඩ ඇති ප්‍රදේශයේ සත්ත්වයෝ ඒ ගොදුරු ගම ප්‍රදේශයේ ඇති තරම් ආහාරපාන නොලබයි. පැන් ජලයද දුර්ලභය. වාත, අව්ව, සුළඟ, මැසි මදුරු උවදුරුවලින්ද බාධා කරති. ඔහුට මෙබඳු අදහසක් පහළ විය. මෙයින් අඩ යොදුනක පමණ මත්තෙහි සාරවත් ප්රදේශයකි. එහි සියළු ප්‍රමාණවත් පිරිස නැත. ඉදින් මම එහි යන්නේ නම් යෙහෙකි. පහසුවෙන් සැපසේ වාසය කිරීමට හැකිය. ඔහුට යළිත් මෙබඳු අදහසක් විය. පැවිදි වූවෝ නම් ප්‍රත්‍යයේ ගිජුවීමක් නොවෙත්. මෙබඳු ආකාර වූවෝ සිත තමන්ගේ වසඟයෙහි පවත්වා ගනිත්. සිත වසඟයේ නොපවතිත්. මම නොයන්නෙමියි, මෙසේ ප්රත්යවේක්ෂා කොට නොගියේය. යම්පමණ මෙසේ උපන් සිතිවිලි පිළිබඳ ප්රත්යවේක්ෂා කොට නතරවිය. ඉක්බිති එහිම සත්වසක් වාසයකොට මැනවින් පිළිපදින්නේ පසේබුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව පවසා නන්දමූල පර්වතයට ගියේය.
තත්ථ සීතඤ්චාති සීතං දුවිධං අබ්භන්තරධාතුක්ඛොභපච්චයඤ්ච බාහිරධාතුක්ඛොභපච්චයඤ්ච, තථා උණ්හම්පි. ඩංසාති පිඞ්ගලමක්ඛිකා. සරීසපාති යෙ කෙචි දීඝජාතිකා සරන්තා ගච්ඡන්ති. සෙසං පාකටමෙව. නිගමනම්පි වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි සීතංච යනු සීතල දෙපරිදිය. අභ්‍යන්තර ධාතු කැලඹෙන යන අරුතින්ද, බාහිර ධාතු කැළඹෙන යන අර්ථයෙන් ද වේ. එසේ උණ්හම්පි වේ. ඩංසා යනු පියාඹන මැස්සෝ. සිරිංසපා යනු යම්කිසි දීර්ඝජාතික සත්ත්වයෝ සිහිකොට යත් සෙස්ස ප්‍රකට වේමය නිගමනයද කියන ලද අයුරින්ම දතයුතුය.
සීතාලුකගාථාවණ්ණනා නිට්ඨිතා.
සීතාලුක (සීත උෂ්ණ) ගාථා වර්ණනාවයි.
108
108
නාගොවාති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤතරො රාජා වීසති වස්සානි රජ්ජං කාරෙත්වා කාලඞ්කතො නිරයෙ වීසති වස්සානි එව පච්චිත්වා, හිමවන්තප්පදෙසෙ හත්ථියොනියං උප්පජ්ජිත්වා සඤ්ජාතක්ඛන්ධො පදුමවණ්ණසකලසරීරො උළාරො යූථපති මහානාගො අහොසි. තස්ස ඔභග්ගොභග්ගසාඛාභඞ්ගානි හත්ථිඡාපාව ඛාදන්ති, ඔගාහෙපි නං හත්ථිනියො කද්දමෙන විලිම්පිංසු, සබ්බං පාලිලෙය්යකනාගස්සෙව අහොසි. සො යූථා නිබ්බිජ්ජිත්වා පක්කාමි. තතො නං පදානුසාරෙන යූථා අනුබන්‍ධන‍්ති, එවං යාවතතියං පක්කන්තම්පි අනුබන්ධිංසුයෙව. තතො චින්තෙසි “ඉදානි මය්හං නත්තකො බාරාණසියං රජ්ජං කාරෙති, යංනූනාහං අත්තනො පුරිමජාතියා උය්යානං ගච්ඡෙය්යං. තත්ර සො මං රක්ඛිස්සතී”ති. තතො රත්තියං නිද්දුපගතෙ යූථෙ යූථං පහාය තමෙව උය්යානං පාවිසි. උය්යානපාලො දිස්වා රඤ්ඤො ආරොචෙසි. රාජා “හත්ථිං ගහෙස්සාමී”ති සෙනාය පරිවාරෙසි. හත්ථී රාජානමෙව අභිමුඛො ගච්ඡති. රාජා “මං අභිමුඛො එතී”ති ඛුරප්පං සන්නය්හිත්වා අට්ඨාසි. තතො හත්ථී “විජ්ඣෙය්යාපි මං එසො”ති මානුසිකාය වාචාය “බ්‍රහ්මදත්ත, මා මං විජ්ඣ, අහං තෙ අය්යකො”ති ආහ. රාජා “කිං භණසී”ති සබ්බං පුච්ඡි. හත්ථීපි රජ්ජෙ ච නරකෙ ච හත්ථියොනියඤ්ච පවත්තිං සබ්බං ආරොචෙසි. රාජා “සුන්දරං මා භායි, මා කඤ්චි භිංසාපෙහී”ති හත්ථිනො වට්ටඤ්ච ආරක්ඛකෙ ච හත්ථිභණ්ඩෙ ච උපට්ඨාපෙසි.
නාගොවා යනු කවර අර්ථයක්ද? බරණැස එක්තරා රජකෙනෙකු වර්ෂ විස්සක් රාජ්‍යය කරවා කලුරිය කළේ අපායේ වසර විස්සක් පමණ පැසී හිමාලයේ ඇත්කුලයක උපත ලබා මනාරූ ඇති ශරීරයක් ඇත්තේ, පියුම් වරණැති මුළු සිරුරට උදාර වූයේ සමූහ නායක ඇති රජකු විය. අතුපතර බිඳ දමා පොඩිකර ඇත් පැටව් මෙන් අනුභව කරති. දියෙහි බැස ඇතින්නියන්ට මඩවතුරෙන් ආලේපනය කරති. සියල්ල පාරිලෙය්‍යක ඇත්රජුගේ මෙන් විය. ඔහු සමූහයෙන් කලකිරී පිටත්ව ගියේය. ඉක්බිති ඔහුව පියවර අනුසාරයෙන් රැළ ලුහුබැඳ ගියේය. මෙසේ දින තුනක් පුරා ලුහුබැඳ ගියේය. අනතුරුව මෙසේ සිතීය. දැන් මගේ මුනුබුරා බරණැස රාජ්‍යය කරවයි. මම තමන්ගේ පෙර ජාතියේ වූ උයනට යන්නේ නම් යෙහෙකි. එවිට ඔහු මාව එහිදී රකින්නේය. ඉක්බිති ඇත්රැළ රාත්‍රියෙහි නිදාගත් පසු රංචුව හැරදමා තෙමේ උයනට පිවිසියේය. උයන්පල්ලා දැක රජුට දැන්වීය. රජු ඇතු අල්ලා ගන්නෙමියි සේනාව යෙදවීය. ඇතා රජුගේම ඉදිරියට යයි. රජු, මා අභිමුඛව එයි යයි කඩු මුවහත අමෝරා සිටියේය. ඉක්බිති ඇතුට විදින්නේද, මෙතෙම මානුෂික වූ වචනයෙන් “බ්‍රහ්මදත්ත මට නොවිදින්න. මම ඔබගේ සීයා” යයි කීවේය. රජු; කුමක් කියහිදැයි සියල්ල විචාළේය. ඇතුද, රාජ්‍යයෙහිද නරකයෙහිද, ඇත්යෝනියේ සියලු ප්රවෘත්ති දැනුම් දුන්නේය. රජු; සුන්දරය, බිය නොවව. කිසි හිංසාවක් නොවේවා’යි ඇතුට කෝටුවක්ද, ආරක්ෂකයෙක්ද, ඇත් භාණ්ඩද එළඹවීය.
අථෙකදිවසං රාජා හත්ථික්ඛන්ධවරගතො “අයං වීසති වස්සානි රජ්ජං කාරෙත්වා නිරයෙ පච්චිත්වා පක්කාවසෙසෙන තිරච්ඡානයොනියං උප්පන්නො, තත්ථාපි ගණසංවාසසඞ්ඝට්ටනං අසහන්තො ඉධාගතොසි, අහො දුක්ඛොව ගණසංවාසො, එකීභාවො එව පන සුඛො”ති චින්තෙත්වා තත්ථෙව විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි. තං ලොකුත්තරසුඛෙන සුඛිතං අමච්චා උපසඞ්කමිත්වා පණිපාතං කත්වා “යානකාලො, මහාරාජා”ති ආහංසු. තතො “නාහං, රාජා”ති වත්වා පුරිමනයෙනෙව ඉමං ගාථමභාසි. සා පදත්ථතො පාකටා එව.
ඉක්බිති එක දවසක් රජු ඇත්පිට නැගී මෙතම විසිවර්ෂයක් රාජ්‍යයකොට, නරකයේ පැසී පැසී අවසානයේ තිරිසන් යෝනියේද උපන්නේ, එහිද සමූහ වාසයේ ගැටුම් නොඉවසන්නේ මෙහි පැමිණියේ අහෝ දුකකි. ගණ සංවාසය හුදකලා වාසයට සැපයක් යයි සිතා එහිම විදර්ශනා වඩා පසේ බුදුභාවය සාක්ෂාත් කළේය. ඒ ලෝකෝත්තර සැපයෙන් සුඛිතව ඇමතිවරු වෙත එළඹ නමස්කාර කොට යන කල්හි මහරජ යයි කීවාහුය. ඉක්බිති මම ‘රජු නොවෙමි’ යයි පවසා පෙර පරිදිම මේ ගාථාව කීවේය. ඒ පදාර්ථය ප්‍රකටමය.
අයං පනෙත්ථ අධිප්පායයොජනා – සා ච ඛො යුත්තිවසෙනෙව, න අනුස්සවවසෙන. යථා අයං හත්ථී අරියකන්තෙසු සීලෙසු දන්තත්තා අදන්තභූමිං නාගච්ඡතීති වා, සරීරමහන්තතාය වා නාගො, එවං කුදාස්සු නාමාහම්පි අරියකන්තෙසු සීලෙසු දන්තත්තා අදන්තභූමිං නාගමනෙන, ආගුමකරණෙන, පුන ඉත්ථත්තං අනාගමනෙන ච ගුණසරීරමහන්තතාය වා නාගො භවෙය්යං. යථා චෙස යූථානි විවජ්ජයිත්වා එකචරියසුඛෙන යථාභිරන්තං විහරං අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො, කුදාස්සු නාමාහම්පි එවං ගණං විවජ්ජෙත්වා එකවිහාරසුඛෙන යථාභිරන්තං විහරං අරඤ්ඤෙ අත්තනො යථා යථා සුඛං, තථා තථා යත්තකං වා ඉච්ඡාමි, තත්තකං අරඤ්ඤෙ නිවාසං එකො චරෙ ඛග්ගවිසාණකප්පො එකො චරෙය්යන්ති අත්ථො. යථා චෙස සුසණ්ඨිතක්ඛන්ධමහන්තතාය සඤ්ජාතක්ඛන්ධො, කුදාස්සු නාමාහම්පි එවං අසෙඛසීලක්ඛන්ධමහන්තතාය සඤ්ජාතක්ඛන්ධො භවෙය්යං. යථා චෙස පදුමසදිසගත්තතාය වා, පදුමකුලෙ උප්පන්නතාය වා පදුමී, කුදාස්සු නාමාහම්පි එවං පදුමසදිසඋජුකතාය වා, අරියජාතිපදුමෙ උප්පන්නතාය වා පදුමී භවෙය්යං. යථා චෙස ථාමබලාදීහි උළාරො, කුදාස්සු නාමාහම්පි එවං පරිසුද්ධකායසමාචාරතාදීහි සීලසමාධිනිබ්බෙධිකපඤ්ඤාදීහි වා උළාරො භවෙය්යන්ති. එවං චින්තෙන්තො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති.
ඒ මෙහි විශේෂ අර්ථ යෝජනයයි. යුක්ති වශයෙන්ද, ඇසූ මාත්‍රයෙන් නොවේ. යම්සේ මේ ඇතා මිනිසුන් අතර දැකිය හැකි ශීලයන් කෙරෙහි දැමුණු බැවින් නොදැමුණු භූමියට නොයයි යයි හෝ ශරීරය මහත් බැවින් නාගො නම් වේ. මෙසේ ආර්ය කාන්ත ශීලයන් අතර දැමුණු බැවින් ‘නොදැමුණු භූමියට නොපැමිණෙන බැවින් නරක දේ නොකරන්නේ මෙසේ නොපැමිණෙන බැවින්ද, ගුණ ශරීරය මහත් බැවින්ද, නාග වන්නෙමි. යම්සේ මෙය යුථා යනු වෙන්වී හුදකලා වාසය කිරීමේ සැපයෙන්. යථාභිරන්තං විහරං අරඤ්ඤෙ එකොචරෙ ඛග්ග විසාණ කප්පො මම මෙසේ සමූහය අතහැර ඒකාන්ත විහරණ සුවයෙන්, ධ්‍යාන සුවයෙන් කැමැති පරිදි අරණ්‍යයේ විහරණය කරන්නේ තමන්ට යම් යම් සැපයක් වේද, ඒ ඒ පරිදි යම්පමණ කැමැති වෙම්ද? එපමණ අරණ්‍ය විහරණයයි. එකො චරෙ ඛග්ගවිසාණ කප්පො හුදකලාව හැසිරෙන්නේ යන අර්ථයයි. යම්සේ මෙසේ මනාව පිහිටි කඳක් ඇති බැවින්, සඤ්ජාතක්ඛන්ධ නම් වේ. මෙසේ අශෛක්ෂ සීලස්කන්ධයෙන් මහත් බැවින් හටගත් කඳක් (සඤ්ජාතක්ඛන්ධ) නම් වන්නේය. යම් සේ එය පියුම් හා සමාන බෝධි අංගය මහත් බැවින් ආර්ය ජාති නම් පියුමෙහි උපන් බැවින් ‘පදුම’ නම් වන්නෙම් යම්සේ මෙතෙම බලශක්තියෙන් යුතු බැවින් උළාර නම් පිරිසිදු කයින් යුතුව සමාචාර ශීල සමාධි ප්‍රඥා ආදියෙන් උදාර වූ බව වන්නේය. මෙසේ සිතමින් විදර්ශනා වඩා පසේබුදු බව අධිගම කළෙමි.
නාගගාථාවණ්ණනා නිට්ඨිතා.
නාගගාථා වර්ණනාවයි.
109
109
අට්ඨානතන්ති කා උප්පත්ති? බාරාණසිරඤ්ඤො කිර පුත්තො දහරො එව සමානො පබ්බජිතුකාමො මාතාපිතරො යාචි. මාතාපිතරො නං නිවාරෙන්ති. සො නිවාරියමානොපි නිබන්ධතියෙව “පබ්බජිස්සාමී”ති. තතො පුබ්බෙ වුත්තසෙට්ඨිපුත්තං විය සබ්බං වත්වා අනුජානිංසු. “පබ්බජිත්වා ච උය්යානෙයෙව වසිතබ්බ”න්ති පටිජානාපෙසුං, සො තථා අකාසි. තස්ස මාතා පාතොව වීසතිසහස්සනාටකිත්ථිපරිවුතා උය්යානං ගන්ත්වා පුත්තං යාගුං පායෙත්‍වා අන්තරා ඛජ්ජකාදීනි ච ඛාදාපෙත්වා යාව මජ්ඣන්හිකසමයා තෙන සද්ධිං සමුල්ලපිත්වා නගරං පවිසති. පිතාපි මජ්ඣන්හිකෙ ආගන්ත්වා තං භොජෙත්වා අත්තනාපි භුඤ්ජිත්වා දිවසං තෙන සද්ධිං සමුල්ලපිත්වා සායන්හසමයං පටිජග්ගනකපුරිසෙ ඨපෙත්වා නගරං පවිසති. සො එවං රත්තින්දිවං අවිවිත්තො විහරති.
අට්ඨාතතං යනු කවර උපතක්ද? බරණැස් රජුගේ පුතා ළදරු කාලයේම පැහැදී පැවිදිවනු කැමැතිව මව්පියන්ට ආමන්ත්‍රණය කළේය. මව්පියෝ ඔහු වළක්වති. ඔහු වළක්වනු ලබන්නේද, වළක්වන්නේමය. ඉන් අනතුරුව ඔහු පැවිදි වන්නෙමියි පෙර සිටුපුත්‍රයා මෙන් සියල්ල පවසා අනුදැනහ. පැවිදි වී උයනේම වාසය කළයුතු යයි අනුදැන වදාළහ. ඔහු එසේ කළේය. ඔහුගේ මව උදේම විසිදහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා උයනට ගොස් පුතුට කැඳ පොවවා, අනතුරුව කැවිලි-පෙවිලි ආදිය දී මධ්‍යාහ්න වේලාව දක්වා ඔහු සමග කථාබස්කොට නගරයට පිවිසෙයි. පියාද මධ්‍යම වේලාවේ අවුත් ඔහුට භෝජනය දී තෙමේද අනුභවකොට දවස පුරා ඔහු සමග කථාබහකර සවස් කාලයේ කැපකාර පුරුෂයන් තබා නගරයට පිවිසෙයි. ඔහු මෙසේ දිවාරාත්‍රී නොවෙනස්ව වාසය කරයි.
තෙන ඛො පන සමයෙන ආදිච්චබන්ධු නාම පච්චෙකබුද්ධො නන්දමූලකපබ්භාරෙ විහරති. සො ආවජ්ජෙන්තො තං අද්දස – “අයං කුමාරො පබ්බජිතුං අසක්ඛි, ජටං ඡින්දිතුං න සක්කොතී”ති. තතො පරං ආවජ්ජි – “අත්තනො ධම්මතාය නිබ්බිජ්ජිස්සති නු ඛො, නො”ති. අථ “ධම්මතාය නිබ්බින්දන්තො අතිචිරං භවිස්සතී”ති ඤත්වා “තස්ස ආරම්මණං දස්සෙස්සාමී”ති පුරිමනයෙනෙව මනොසිලාතලතො ආගන්ත්වා උය්යානෙ අට්ඨාසි. රාජපරිසා දිස්වා “පච්චෙකබුද්ධො ආගතො, මහාරාජා”ති ආරොචෙසි. රාජා “ඉදානි මෙ පුත්තො පච්චෙකබුද්ධෙන සද්ධිං අනුක්කණ්ඨිතො වසිස්සතී”ති පමුදිතමනො හුත්වා පච්චෙකබුද්ධං සක්කච්චං උපට්ඨහිත්වා තත්ථෙව වාසං යාචිත්වා පණ්ණසාලාදිවාවිහාරචඞ්කමාදිසබ්බං කාරෙත්වා වාසෙසි. සො තත්ථ වසන්තො එකදිවසං ඔකාසං ලභිත්වා කුමාරං පුච්ඡි – “කොසි ත්ව”න්ති? “අහං පබ්බජිතො”ති. “පබ්බජිතා නාම න ඊදිසා හොන්තී”ති. අථ “භන්තෙ, කීදිසා හොන්ති, කිං මය්හං අනනුච්ඡවික”න්ති වුත්තෙ “ත්වං අත්තනො අනනුච්ඡවිකං න පෙක්ඛසි, නනු තෙ මාතා වීසතිසහස්සිත්ථීති සද්ධිං පුබ්බණ්හසමයෙ ආගච්ඡන්තී උය්යානං අවිවිත්තං කරොති, පිතා චස්ස මහතා බලකායෙන සායන්හසමයෙ ජග්ගනකපරිසා සකලං රත්තිං, පබ්බජිතා නාම තව සදිසා න හොන්ති, ඊදිසා පන හොන්තී”ති තත්ථ ඨිතස්සෙව ඉද්ධියා හිමවන්තෙ අඤ්ඤතරං විහාරං දස්සෙසි. සො තත්ථ පච්චෙකබුද්ධෙ ආලම්බනඵලකං නිස්සාය ඨිතෙ ච චඞ්කමන්තෙ ච රජනකකම්මසූචිකම්මාදීනි කරොන්තෙ ච දිස්වා ආහ – “තුම්හෙ ඉධ නාගච්ඡථ, පබ්බජ්ජා ච තුම්හෙහි අනුඤ්ඤාතා”ති ? “ආම, පබ්බජ්ජා අනුඤ්ඤාතා, පබ්බජිතකාලතො පට්ඨාය සමණා නාම අත්තනො නිස්සරණං කාතුං, පදෙසඤ්ච ඉච්ඡිතං පත්ථිතං ගන්තුං ලභන්ති, එත්තකංව වට්ටතී”ති වත්වා ආකාසෙ ඨත්වා අට්ඨාන තං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ සාමයිකං විමුත්තින්ති ඉමං උපඩ්ඪුගාථං වත්වා දිස්සමානොයෙව ආකාසෙන නන්දමූලකපබ්භාරං අගමාසි. එවං ගතෙ පච්චෙකබුද්ධෙ සො අත්තනො පණ්ණසාලං පවිසිත්වා නිපජ්ජි. ආරක්ඛපුරිසොපි “සයිතො කුමාරො, ඉදානි කුහිං ගමිස්සතී”ති පමත්තො නිද්දං ඔක්කමි. සො තස්ස පමත්තභාවං ඤත්වා පත්තචීවරමාදාය අරඤ්ඤං පාවිසි. තත්ර ච ඨිතො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡිකත්වා පච්චෙකබුද්ධට්ඨානං ගතො. තත්ර ච “කථමධිගත”න්ති පුච්ඡිතො ආදිච්චබන්ධුනා වුත්තං උපඩ්ඪගාථං පරිපුණ්ණං කත්වා අභාසි.
එසමයෙහි ආදිච්ච බන්ධු නම් පසේ බුදුරජ නන්දමූලක පර්වතයේ වාසය කරති. උන්වහන්සේ ආවර්ජනා කරන්නේ ඔහු දුටුවේය. මේ කුමරු පැවිදිවීමට නොහැකිය. කෙළෙස් සිඳීමට නොහැකිවෙයි. අනතුරුව, ආවර්ජනා කළ සේක. තමන්ගේ ධර්මතාවයන් කලකිරෙන්නේද නැද්ද? ඉක්බිති ධර්මතාවයෙන් කලකිරෙන්නේ අති වීරයෙකු වන්නේ යයි දැන ඔහුගේ අරමුණු පෙන්වන්නෙමියි පෙර පරිද්දෙන්ම හිරියල් පර්වතයට පැමිණ උයනේ සිටි සේක. රාජ පිරිස දැක මහරජ; පසේ බුදුවරයෙකු වැඩම කළේ යයි දැන්වීය. රජු, දැන් මගේ පුතා සේ බුදුවරයෙකු සමග එකට බැඳී නොකළකිරුණේ වාසය කරන්නේ යයි සතුටු සිත් ඇති මනසින් යුතුව, පසේ බුදුරදුන්ට සකසා උපස්ථානකොට එහිම වාසය කිරීමට අයැද, පන්සලේ දිවා විහරණ. සක්මන්සල් සියල්ල කරවා, වාසය කළේය. උන්වහන්සේ එහි වාසය කරන්නේ, එක් දවසක් ඉඩක් ලැබ කුමරුගෙන් විචාළේය. නුඹ කවෙරක්ද? මම පැවිද්දෙක් වෙමි. පැවිද්දෝ නම් මේ ආකාර නොවෙත්. ඉක්බිති, ස්වාමීනි; කෙබඳු ආකාර වෙත්ද? කිම, මා නුසුදුසුදැයි කී කල්හි, නුඹ තමන්ට නුසුදුසු බව නොපෙනෙහි. නුඹගේ මව විසිදහසක් ස්ත්‍රීන් සමග පෙරවරු කාලයේ එති. උයන අපිරිසිදු කරයි. පියාද මහත් බල සේනාව සමග සවස් කාලයේ පැමිණෙයි. ආරක්ෂක පුරුෂයෝ මුළු රාත්‍රියේම වෙති. පැවිද්දෝ නම් ඔබ හා සමාන නොවෙත්. මෙබඳු ආකාර වෙත් යයි එහි සිටියේම සෘද්ධියෙන් හිමාලය අතරින් එක්තරා විහාරයක් පෙන්වීය. උන්වහන්සේ එහි පසේ බුදුවරුන් අරමුණු බහා තබා සිටියේ සක්මන් කරන්නේද, කෙලෙස් දුරුකොට පිරිසිදු කර්ම කරන්නේද දැක කීවේය. නුඹලා මෙහි නොයවුද? පැවිද්දෝ නම් නුඹලා විසින් අනුදැන වදාරා ඇත්ද? එසේය. පැවිද්දෝ අනුදැන වදාරා ඇත. පැවිදි වූ කාලයේ පටන් ශ්‍රමණයෝ නම්, තමන්ගේ නිශ්ශබ්දව විසීමට අනුන්නේ සිතන පතන ප්‍රදේශවලට යාමට ලැබෙත්. මෙපමණම වටී යයි පවසා අහසේ සිට, “යමක් ස්පර්ශ කිරීමෙන් විමුක්තිය සෑදේද, සමූහය ඇලුණු අයෝග්‍ය තැන් දුරු කරත්.” මේ උපගාථාව පවසා පෙනෙන්නා වූ අහසින් නන්දමූල පර්වතයට ගියේය. මෙසේ පසේ බුදුරදුන් ගියකල්හි හෙතම තමන්ගේ පන්සලට පිවිස හොත්තේය. ආරක්ෂක පුරුෂයාද නිදාගත්තේය. කුමරු දැන්, කොහේ යන්නේදැයි, ප්‍රමාදවී, නිද්‍රාවට බැස්සේය. හෙතම ඔහුගේ ප්‍රමාද බව දැන පාසිවුරු රැගෙන අරණ්‍යයට පිවිසෙයි. එහි සිට විදර්ශනා වඩා පසේබුදු බව සාක්ෂාත් කොට පසේ බුදුපදවියට ගියේය. එහිදී ක්‍රියාව අධිගම කළේයයි විචාරණ ලදුව, ආදිච්චබන්ධු පසේ බුදුරද විසින් වදාරණ ලද ගාථා අර්ථය සම්පූර්ණකොට කීවේය.
තස්සත්ථො – අට්ඨාන තන්ති අට්ඨානං තං, අකාරණං තන්ති වුත්තං හොති. අනුනාසිකලොපො කතො “අරියසච්චාන දස්සන”න්තිආදීසු (ඛු· පා· 5.11; සු· නි· 270) විය. සඞ්ගණිකාරතස්සාති ගණාභිරතස්ස. යන්ති කාරණවචනමෙතං “යං හිරීයති හිරීයිතබ්බෙනා”තිආදීසු (ධ· ස· 30) විය. ඵස්සයෙති අධිගච්ඡෙ. සාමයිකං විමුත්තින්ති ලොකියසමාපත්තිං. සා හි අප්පිතප්පිතසමයෙ එව පච්චත්ථිකෙහි විමුච්චනතො “සාමයිකා විමුත්තී”ති වුච්චති. තං සාමයිකං විමුත්තිං. අට්ඨානං තං, න තං කාරණං විජ්ජති සඞ්ගණිකාරතස්ස, යෙන කාරණෙන විමුත්තිං ඵස්සයෙ ඉති එතං ආදිච්චබන්ධුස්ස පච්චෙකබුද්ධස්ස වචො නිසම්ම සඞ්ගණිකාරතිං පහාය යොනිසො පටිපජ්ජන්තො අධිගතොම්හීති ආහ. සෙසං වුත්තනයමෙවාති.
එහි අර්ථය :- අට්ඨානතං යනු ඒ නුසුදුසු තැනය. එය කරුණු නොවූ බව කියන ලද්දේ වෙයි. නුසුදුසු කලාපයයි ‘අරිය සච්චාන දස්සනං’ ආදියෙහි මෙනි. ආර්ය සත්‍යය දැකීමට සුදුසු තැනක් නොවේ. සංගණිකාර කස්සා යනු සමූහයෙහි ඇලුනේ යං යනු ඒ කාරණයමය. “යමක් ලජ්ජාව ඇතිකරයිද, ලජ්ජා විය යුතුය යන අදහස” ඵස්සයෙ යනු ලබන්නේය. සාමයිකං විමුත්තිං යනු ලෞකික සමාපත්තියයි. එය අයෝග්‍ය කාලයේම ප්රත්යක්ෂ වශයෙන් මිදීම් වශයෙන් සාමයික බව විමුක්තිය ඇති කරයි යන අර්ථය කියනු ලැබේ. ඒ සාමයික විමුක්තිය අයෝග්‍ය නැත. ඒ කාරණය විද්‍යමාන නොවේ. සමූහයේ ඇලුණු අයට යම් කරුණකින් විමුක්තිය ස්පර්ශ වේද, මේ ආදිච්ච බන්ධුස්ස පච්චෙක බුද්ධස්ස වචො නිසම්ම ආදිච්ච බන්ධු පසේ බුදුරදුන්ගේ නියමයෙන් සමූහයේ ඇලීම දුරුකොට සිහිනුවණින් පිළිපදින්නේ අධිගම කළේ යයි කීහ. සෙස්ස කියන ලද පරිද්දෙනි.
අට්ඨානගාථාවණ්ණනා නිට්ඨිතා.
අට්ඨාන ගාථා වර්ණනාවය.
දුතියවග්ගො නිට්ඨිතො.
දෙවෙනි වර්ගයයි.
110
110
දිට්ඨීවිසූකානීති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසිරාජා රහොගතො චින්තෙසි – “යථා සීතාදීනං පටිඝාතකානි උණ්හාදීනි අත්ථි, අත්ථි නු ඛො එවං වට්ටපටිඝාතකං විවට්ටං, නො”ති? සො අමච්චෙ පුච්ඡි – “විවට්ටං ජානාථා”ති? තෙ “ජානාම, මහාරාජා”ති ආහංසු. රාජා “කිං ත”න්ති? තතො “අන්තවා ලොකො”තිආදිනා නයෙන සස්සතුච්ඡෙදං කථෙසුං. රාජා “ඉමෙ න ජානන්ති, සබ්බෙපිමෙ දිට්ඨිගතිකා”ති සයමෙව තෙසං විලොමතඤ්ච අයුත්තතඤ්ච දිස්වා “වට්ටපටිඝාතකං විවට්ටං අත්ථි, තං ගවෙසිතබ්බ”න්ති චින්තෙත්වා රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡාකාසි. ඉමඤ්ච උදානගාථං අභාසි පච්චෙකබුද්ධානං මජ්ඣෙ බ්යාකරණගාථඤ්ච.
දිට්ඨි විසුකානී යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු, රහසිගව මෙසේ සිතුවේය. යම්සේ ශීතල ආදිය නැසීම නිසාවෙන් උෂ්ණය ආදිය ඇත. එසේ වෘත්තය වටය විනාශ කිරීමට විවර්ටයක් නැද්ද? ඔහු ඇමතියන් විචාළේය. විවර්තයක් දනිවුද? ඔවුහු ‘මහරජ දනිමු’යි කීවාහුය. රජ එය කුමක්ද? අනතුරුව ‘ලෝකය අන්තය’ ආදී වශයෙන් ශාස්වත-උච්ඡේද ආදිය කීහ. රජු, මොවුන් නොදනිත්. සියළුම දෘෂ්ටි ගතිකයෝ තෙමේම ඔවුන්ගේ නොගැලපෙන බවද අයුක්තියද දැන සසර විනාශ කරන, වෙන්වීමක් ඇතැයි එය සෙවිය යුතුයයි සිතා රාජ්‍යය හැරදමා පැවිදිවී විදර්ශනා වඩන්නේ පසේ බුදුබව සාක්ෂාත් කළේය. මේ උදාන ගාථාවද ප්‍රකාශ කළහ. පසේබුදුවරුන්ගේ මැද වියරණ ගාථාවද කී සේක.
තස්සත්ථො – දිට්ඨීවිසූකානීති ද්වාසට්ඨිදිට්ඨිගතානි. තානි හි මග්ගසම්මාදිට්ඨියා විසූකට්ඨෙන විජ්ඣනට්ඨෙන විලොමට්ඨෙන ච විසූකානි, එවං දිට්ඨියා විසූකානි, දිට්ඨි එව වා විසූකානි දිට්ඨිවිසූකානි. උපාතිවත්තොති දස්සනමග්ගෙන අතික්කන්තො. පත්තො නියාමන්ති අවිනිපාතධම්මතාය සම්බොධිපරායණතාය ච නියතභාවං අධිගතො, සම්මත්තනියාමසඞ්ඛාතං වා පඨමමග්ගන්ති. එත්තාවතා පඨමමග්ගකිච්චනිප්ඵත්ති ච තස්ස පටිලාභො ච වුත්තො. ඉදානි පටිලද්ධමග්ගොති ඉමිනා සෙසමග්ගපටිලාභං දස්සෙති. උප්පන්නඤාණොම්හීති උප්පන්නපච්චෙකබොධිඤාණො අම්හි. එතෙන ඵලං දස්සෙති. අනඤ්ඤනෙය්යොති අඤ්ඤෙහි ඉදං සච්චන්ති න නෙතබ්බො. එතෙන සයම්භුතං දස්සෙති, පත්තෙ වා පච්චෙකබොධිඤාණෙ අඤ්ඤනෙය්යතාය අභාවා සයංවසිතං. සමථවිපස්සනාය වා දිට්ඨිවිසූකානි උපාතිවත්තො, ආදිමග්ගෙන නියාමං පත්තො, සෙසෙහි පටිලද්ධමග්ගො, ඵලඤාණෙන උප්පන්නඤාණො, තං සබ්බං අත්තනාව අධිගතොති අනඤ්ඤනෙය්යොති. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එහි අර්ථය :- දිට්ඨි විසුකානී යනු දෙසැටක් දෘෂ්ටිගතව ඒවා මාර්ග සම්මා දිෂ්ටියෙන් බැහැර විරුද්ධාර්ථවත් වූද කලඹන්නා වූද විරුද්ධ වූ දෘෂ්ටිගතව පවතින හෙයින් දිට්ඨි විසුකානි නම් වේ. උපාතිවත්තො යනු දර්ශන මාර්ගයෙන් ඉක්මවා ගොස්. පත්තො නියාමං යනු පුරුදු කළ ධර්මතා ඇති බැවින් සම්බෝධිය පරායණකොට ඇති නියත බව අධිගම කළ, සම්මත වූ නිශ්චිත මාර්ග සංඛ්‍යාත පළමු මාර්ගයයි. මෙපමණ, පළමු මාර්ගය කෘත්‍යය, නිෂ්පත්තිය සහ එහි ප්‍රතිලාභය කියන ලදි. දැන් පටිලද්ධ මග්ගො යනු මේ අයුරින් සෙසුමාර්ග ප්‍රතිලාභයද පෙන්වයි. උප්පන්න ඤාණොම්හි යනු උපන්නා වූ පසේබෝධි ඥානය වෙමි. මෙයින් ප්‍රතිඵලය දක්වයි. අනඤ්ඤනෙය්යො යනු අන් අය විසින් මෙය සත්‍යයක් යයි දැනගෙන මෙයින් තෙමේ අවබෝධ කරන බව පෙන්වයි. පසේ බෝධිඥානයට පැමිණියේද, වෙනත් ඤාණ මාර්ගයක් නොපෙනෙන නිසා, තෙමේම අවබෝධ කරගත් විදර්ශනාවෙන්, දෘෂ්ටි වෙනම දැනගැනීමට පැමිණීමයි. මුල් මාර්ගයෙන් නියමයට පැමිණ, සෙසු ඥාන මගින් ලබන ලද මාර්ග ඵල ඥානයෙන් උපන් ඥානය ඇති ඒ සියල්ල තමන් විසින්ම අධිගම කරන ලද්දේයි අන්‍යයන්ට නොපෙනෙන යනුයි. සෙස්ස කියන ලද අයුරින්ම දතයුතුය.
දිට්ඨීවිසූකගාථාවණ්ණනා නිට්ඨිතා.
දිට්ඨි විසුක (දෘෂ්ටිය හඳුනා ගැනීම) ගාථා වර්ණනාවයි.
111
111
නිල්ලොලුපොති කා උප්පත්ති? බාරාණසිරඤ්ඤො කිර සූදො අන්තරභත්තං පචිත්වා උපනාමෙසි මනුඤ්ඤදස්සනං සාදුරසං “අප්පෙව නාම මෙ රාජා ධනමනුප්පාදෙය්යා”ති. තං රඤ්ඤො ගන්ධෙනෙව භොත්තුකම්යතං ජනෙසි, මුඛෙ ඛෙළං උප්පාදෙති. පඨමකබළෙ පන මුඛෙ පක්ඛිත්තමත්තෙ සත්තරසහරණිසහස්සානි අමතෙනෙව ඵුසිතානි අහෙසුං. සූදො “ඉදානි මෙ දස්සති, ඉදානි මෙ දස්සතී”ති චින්තෙසි. රාජාපි “සක්කාරාරහො සූදො”ති චින්තෙසි, “රසං සායිත්වා පන සක්කරොන්තං මං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡෙය්ය ‘ලොලො අයං රාජා රසගරුකො’”ති න කිඤ්චි අභණි. එවං යාව භොජනපරියොසානං, තාව සූදො “ඉදානි දස්සති, ඉදානි දස්සතී”ති චින්තෙසි. රාජාපි අවණ්ණභයෙන න කිඤ්චි අභණි. තතො සූදො “නත්ථි මඤ්ඤෙ ඉමස්ස රඤ්ඤො ජිව්හාවිඤ්ඤාණ”න්ති. දුතියදිවසෙ අසාදුරසං උපනාමෙසි. රාජා භුඤ්ජන්තො “නිග්ගහාරහො වත, භො, අජ්ජ සූදො”ති ජානන්තොපි පුබ්බෙ විය පච්චවෙක්ඛිත්වා අවණ්ණභයෙන න කිඤ්චි අභණි. තතො සූදො “රාජා නෙව සුන්දරං නාසුන්දරං ජානාතී”ති චින්තෙත්වා සබ්බං පරිබ්බයං අත්තනාව ගහෙත්වා කිඤ්චිදෙව පචිත්වා රඤ්ඤො දෙති. රාජා “අහො වත ලොභො, අහං නාම වීසති නගරසහස්සානි භුඤ්ජන්තො ඉමස්ස ලොභෙන භත්තමත්තම්පි න ලභාමී”ති නිබ්බිජ්ජිත්වා රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡාකාසි. පුරිමනයෙනෙව ඉමං ගාථං අභාසි.
නිල්ලොලූපො යනු කවර උපතක්ද? බරණැස් රජුගේ අරක්කැමියා, වෙනත් බතක් පිස පිළිගැන්වීය. මනෝඥ වූ දැකුම්කළු වූ මැනවින් රසැති මෙය රජු මට ධනය ලබාදෙන්නේ නම් යෙහෙකි. එය රජු සුවඳන්ම අනුභව කෙරේවා’යි කැමැත්ත ඉපදවීය. මුවට කෙළ උනන්නේද විය. පළමුවෙන්ම මුවෙහි ඔබාගත් කල්හි, රස නහර පිනවමින් අමෘතය ස්පර්ශ කළේ මෙන් වූහ. ‘අරක්කැමියා’ දැන් මට පෙන්වයි යයි සිතුවේය. රජුද “අරක්කැමියාට සත්කාර කළ යුතුයයි” රජුද ‘අරක්කැමියා සත්කාර කළ යුතුයයි සිතුවේය. රසය පානයකොට සත්කාර කරන්නේ, මට ලෝවැඩිය අවලාද නගන්නේය. මේ රජු රසයට ගිජු කරන්නෙකි යනුවෙනි. එසේ වුවත් පව්කාරයා කීර්තිශබ්දය අහස සිසාරා පැතිරවී යයි කිසිවක් කථා නොකළාය. මෙසේ ආහාර වළඳා අවසානයේ අරක්කැමියා ‘දැන් පෙන්වයි’ ‘දැන් පෙන්වයි’ රජුද නොගැලපෙන බැවින් කිසිවක් නොබිඳියි. දෙවෙනි දිනයේ අමිහිරි රසයක්වැ පැමිණවීය. රජු අනුභව කරන්නේ තර්ජනය බැහැර කරන්නේ ‘ඒකාන්තයෙන් අද අරක්කැමියා යයි දැනගන්නේ පෙර මෙන් ප්රත්යවේක්ෂා කොට අවර්ණ බියෙන් කිසිවක් කථා නොකළේය. ඉක්බිති අරක්කැමියා රජු සුන්දර හෝ වේවා අවසුන්දර යයි දැනීදැයි සිතා සියළු පිරිවැය තමන්ම ගෙන කිසියම් දෙයක් පිස, රජුට දෙයි. ‘රජු අහෝ! ධනලෝභයා වූ මට විසිදහසක් නගර අනුභව කරන්නේ මේ ලෝභකමින් බත්පිඩක්වත් නොලබයි කලකිරී, රාජ්‍යය පැවිදි වී විදර්ශනා වඩා පසේ බුදුබව සාක්ෂාත් කළේය. පෙර පරිදිම මේ ගාථාව කිවයුතුය.
තත්ථ නිල්ලොලුපොති අලොලුපො. යො හි රසතණ්හාභිභූතො හොති, සො භුසං ලුප්පති පුනප්පුනං ලුප්පති, තෙන “ලොලුපො”ති වුච්චති. තස්මා එස තං පටික්ඛිපන්තො “නිල්ලොලුපො”ති ආහ. නික්කුහොති එත්ථ කිඤ්චාපි යස්ස තිවිධං කුහනවත්ථු නත්ථි, සො “නික්කුහො”ති වුච්චති. ඉමිස්සා පන ගාථාය මනුඤ්ඤභොජනාදීසු විම්හයමනාපජ්ජනතො නික්කුහොති අයමධිප්පායො. නිප්පිපාසොති එත්ථ පාතුමිච්ඡා පිපාසා, තස්සා අභාවෙන නිප්පිපාසො, සාදුරසලොභෙන භොත්තුකම්යතාවිරහිතොති අත්ථො. නිම්මක්ඛොති එත්ථ පරගුණවිනාසනලක්ඛණො මක්ඛො, තස්ස අභාවෙන නිම්මක්ඛො. අත්තනො ගිහිකාලෙ සූදස්ස ගුණමක්ඛනාභාවං සන්ධායාහ. නිද්ධන්තකසාවමොහොති එත්ථ රාගාදයො තයො කායදුච්චරිතාදීනි ච තීණීති ඡ ධම්මා යථාසම්භවං අප්පසන්නට්ඨෙන සකභාවං විජහාපෙත්වා පරභාවං ගණ්හාපනට්ඨෙන කසටට්ඨෙන ච “කසාවා”ති වෙදිතබ්බා. යථාහ –
එහි නිල්ලොලුපො යනු ලොල් නොවූයේ යනුයි. යමෙක් රස තෘෂ්ණාවෙන් මඩනා ල්දදේ වෙයිද ඔහු බොහෝසෙයින් ලොල්වෙයි. නැවත නැවත ලොල් වෙයි. එයට ලොල්වීම යයි කියනු ලැබේ. එහෙයින් මෙතම එය ප්‍රතික්ෂේප කරන්නේ නුයි, ලොල් නොවූ බව කීහ. නික්කුහො යනු මෙහි කිසියම් විධියකින් යමෙකුට ත්‍රිවිධාකාර කුහක වස්තු නැත්ද? හෙතම කුහක නොවූ බවට විශේෂ වචනයකි. මේ ගාථාවේ සුදුසු වූ ආහාරපානාදියෙහි ඇලෙමින් සිටින්නේ එයින් වෙන්වීම කුහක නොවේ යනු අර්ථයයි. නිප්පිපාසො යනු මෙහි පානය කිරීමට කැමැත්තේ පිපාසාවයි එය නොමැති වූ විට පිපාස රහිත බව නිප්පිපාස නම් වේ. යහපත් රසයේ ලෝභකමින් අනුභව කිරීමට කැමැති බව වැලකීමයි යන අර්ථයයි. නිම්මක්ඛො යනු මෙහි අනුන්ගෙ ගුණ විනාශකිරීමේ ලක්ෂණ ගුණමකු බවයි. එහි අභාවය නැතිකම ගුණමකු රහිත බවයි. තමන් ගෘහස්ථ ජීවනසමයේ අරක්කැමියාගේ ගුණමකු බව සඳහා කියන ලදි. නිද්ධන්ත කසාවමොහො යනු මෙහි රාගාදි ත්‍රිවිධ කාය දුශ්චරිතාදියද, යම්සේ හටගන්නේ අප්‍රසන්න අර්ථයෙන් තමන්ගෙන් දුරුකොට අනුන් තුළ ආරෝපණය කිරීම, කසට ඇති අර්ථයෙන් කාෂාව බව දතයුතුයි. එබැවින් කීහ –
“තත්ථ කතමෙ තයො කසාවා? රාගකසාවො, දොසකසාවො, මොහකසාවො. ඉමෙ තයො කසාවා. තත්ථ කතමෙ අපරෙපි තයො කසාවා? කායකසාවො, වචීකසාවො, මනොකසාවො”ති (විභ· 924).
‘එහි ත්‍රිවිධාකාර කහටබව කෙසේද? රාග කාෂාවය ද්වෙෂ කාෂාවය, මෝහ කාෂාවය මේ තුන කහට නම් වේ. මෙහිදී තවත් කාෂාවයක් ඇත්ද? කාය කාෂාවය, වචී කාෂාවය, මනෝ කාෂාවය යනුවෙනි.
තෙසු මොහං ඨපෙත්වා පඤ්චන්නං කසාවානං තෙසඤ්ච සබ්බෙසං මූලභූතස්ස මොහස්ස නිද්ධන්තත්තා නිද්ධන්තකසාවමොහො. තිණ්ණං එව වා කායවචීමනොකසාවානං මොහස්ස ච නිද්ධන්තත්තා නිද්ධන්තකසාවමොහො. ඉතරෙසු නිල්ලොලුපතාදීහි රාගකසාවස්ස, නිම්මක්ඛතාය දොසකසාවස්ස නිද්ධන්තභාවො සිද්ධො එව. නිරාසයොති නිත්තණ්හො. සබ්බලොකෙ භවිත්වාති සකලලොකෙ, තීසු භවෙසු ද්වාදසසු වා ආයතනෙසු භවවිභවතණ්හාවිරහිතො හුත්වාති අත්ථො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. අථ වා තයොපි පාදෙ වත්වා එකො චරෙති එකො චරිතුං සක්කුණෙය්යාති එවම්පෙත්ථ සම්බන්ධො කාතබ්බො.
ඒවා අතර මෝහය හැර ඒ සියලු පස්වැදෑරුම් කාෂාවයන් මූලකාරණා වූ මෝහය දුරුකරන බැවින් දුරුකරන ලද මෝහ කාෂාවය ගතයුතුය. සෙසු ලොල් රහිත බවද රාග කහට දුරු කිරීමටද, අනුන්ගේ ගුණ නැසීමෙන් වැලකීම දෝෂ කාෂාවයටද අදාළව සිද්ධ වේ. නිරාසයො යනු තෘෂ්ණා රහිත බවයි. සබ්බලොකෙ භවිත්වා යනු මුළු ලෝකයෙහි, භව තුනෙහිද, දොළොස් වැදෑරුම් ආයතනවලද, භව විභව තෘෂ්ණාවෙන් වෙන්වීම සිට, යන අර්ථයයි. සෙස්ස කියන ලද අර්ථයෙන් දතයුතුය. අනතුරුව පද තුන ගැන පවසා ‘හුදකලාව හැසිරීම’ යනුවෙන් මෙසේ හෝ හුදකලාව හැසිරීමට හැකිවන්නේ යයි, මෙසේ අර්ථය සම්බන්ධය කළයුතුයි.
නිල්ලොලුපගාථාවණ්ණනා නිට්ඨිතා.
රස තෘෂ්ණා රහිත (නිල්ලොලුපගාථා) වර්ණනාවයි.
112
112
පාපං සහායන්ති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤතරො රාජා මහච්චරාජානුභාවෙන නගරං පදක්ඛිණං කරොන්තො මනුස්සෙ කොට්ඨාගාරතො පුරාණධඤ්ඤාදීනි බහිද්ධා නීහරන්තෙ දිස්වා “කිං, භණෙ, ඉද”න්ති අමච්චෙ පුච්ඡි. අමච්චා “ඉදානි, මහාරාජ, නවධඤ්ඤාදීනි උප්පජ්ජිස්සන්ති, තෙසං ඔකාසං කාතුං ඉමෙ මනුස්සා පුරාණධඤ්ඤාදීනි ඡඩ්ඩෙන්තී”ති ආහංසු. රාජා “කිං, භණෙ, ඉත්ථාගාරබලකායාදීනං වත්තං පරිපුණ්ණ”න්ති ආහ. “ආම, මහාරාජ, පරිපුණ්ණ”න්ති. “තෙන හි, භණෙ, දානසාලං කාරෙථ, දානං දස්සාමි, මා ඉමානි ධඤ්ඤානි අනුපකාරානි විනස්සන්තූ”ති. තතො නං අඤ්ඤතරො දිට්ඨිගතිකො අමච්චො “මහාරාජ, නත්ථි දින්න”න්ති ආරබ්භ යාව “බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී”ති වත්වා නිවාරෙසි. රාජා දුතියම්පි තතියම්පි කොට්ඨාගාරෙ විලුම්පන්තෙ දිස්වා තථෙව ආණාපෙසි. සොපි තතියම්පි නං “මහාරාජ, දත්තුපඤ්ඤත්තං යදිදං දාන”න්තිආදීනි වත්වා නිවාරෙසි. සො “අරෙ, අහං අත්තනො සන්තකම්පි න ලභාමි දාතුං, කිං මෙ ඉමෙහි පාපසහායෙහී”ති නිබ්බින්නො රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡාකාසි. තඤ්ච පාපසහායං ගරහන්තො ඉමං උදානගාථමාහ.
පාපං සහායං යනු කවර උපතක්ද? බරණැස එක්තරා රජකු මහත් රාජානුභාවයෙන් නගරය ප්රදක්ෂිණා කරන්නේ මිනිසුන් කෝෂ්ටාගාරයෙන් පුරාණ ධාන්‍ය ආදිය පිටතට ගෙනයනවා දැක ‘බොල, මේ කුමක්දැයි’ ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ - මහරජ, දැන අළුත් ධාන්‍ය නිපදවන්නාහ. ඔවුන්ට ඉඩකඩ ලබාදීමට මේ මිනිස්සු, පුරාණ ධ්‍යානාදිය ඉවත් කරති යයි කීවාහුය. රජු; බොලව්, කිම ස්ත්‍රීන් වසන අන්තඃපුර සෙනඟ ආදිය පිරිපුන්දැයි කීවේය. මහරජ, එසේය. පරිපූර්ණ වේ. එසේ වීනම් බොලව්, දානශාලා කරවවු. දන් දෙන්නෙමු. මේ ධ්‍යානාදිය උපකාර රහිතව විනාශ නොකරව. ඉක්බිති ඒ වෙනත් දෘෂ්ටිගති ඇති ඇමතියකු ‘දුන් දියෙහි ඵලක් නැත’ ආදියෙහි පටන් ‘බාලයන්ද, පණ්ඩිතයන්ද දක්වා සැරිසරා දුක් කෙළවර කරන්නේ යයි, පවසා එය වැළැක්වීය. රජු, දෙවනුවද, තෙවනුවද, කෝෂ්ටාගාරය මංකොල්ලකනවා දැක එසේම අණ කළේය. තෙවනුවද, කෝෂ්ටාගාරය මංකොල්ලකනවා දැක එසේම අණ කළේය. තෙවනුවද, ඔහුට මහරජ, පනවන ලද්දා වූ දානය දෙනු ලැබේවා’යි එය වැළැක්වීය. ඔහු ‘බොල, මම මා සතු දේ දීමටද නොලබමි. මේ කිමෙක්ද? පාප සහායකයන් කෙරෙන් කලකිරුණා වූ රජු රාජ්‍යය හැරදමා පැවිදිව විදර්ශනා වඩා පසේ බුදුබව සාක්ෂාත් කළ සේක. ඒ පාපසහාය බවට ගර්හා කරන්නේ මේ උදාන ගාථාව වදාළ සේක.
තස්සායං සඞ්ඛෙපත්ථො – ය්වායං දසවත්ථුකාය පාපදිට්ඨියා සමන්නාගතත්තා පාපො, පරෙසම්පි අනත්ථං පස්සතීති අනත්ථදස්සී, කායදුච්චරිතාදිම්හි ච විසමෙ නිවිට්ඨො, තං අත්ථකාමො කුලපුත්තො පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං. සයං න සෙවෙති අත්තනො වසෙන තං න සෙවෙය්ය. යදි පන පරස්ස වසො හොති, කිං සක්කා කාතුන්ති වුත්තං හොති. පසුතන්ති පසටං, දිට්ඨිවසෙන තත්ථ තත්ථ ලග්ගන්ති අත්ථො. පමත්තන්ති කාමගුණෙසු වොස්සට්ඨචිත්තං, කුසලභාවනාරහිතං වා. තං එවරූපං සහායං න සෙවෙ න භජෙ න පයිරුපාසෙ, අඤ්ඤදත්ථු එකො චරෙ ඛග්ගවිසාණකප්පොති.
එහි සංක්ෂිප්ත අර්ථයයි. මේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් සමන්විත වූයේ, පාපකරුය. අනර්ථය පෙන්වන නිසා අනර්ථදස්සි නම් වේ. විෂම වූ කාය දුශ්චරිතාදියෙන් පහවූයේ, ඒ අර්ථකාමී වූ කුලපුත්‍රයා පාපං සහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං සෙවෙ යනු තමන්ගේ වශයෙන් එය සේවනය නොකරන්නේය. ඉදින් අනුන්ගේ වසඟයෙහි පැවැතියේ වෙයිද? කිම කිරීමට හැකිවන්නේමය. පසුතං යනු ප්රශස්තව දෘෂ්ටි වශයෙන් ඒ ඒ තැන ළඟින් යන අර්ථයයි. පමත්තං කාම ගුණයෙහි පැතිරුණු සිත් ඇති කුසල වැඩීමෙන් තොර වූ, මෙබඳු ආකාර මිතුරන් සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ඇසුරු නොකළ යුතුය යනු, ඒකො චරෙ ඛග්ග විසාණ කප්පො යයි දතයුතුය.
පාපසහායගාථාවණ්ණනා නිට්ඨිතා.
පාපසහාය ගාථා වර්ණනාවයි.
113
113
බහුස්සුතන්ති කා උප්පත්ති? පුබ්බෙ කිර කස්සපස්ස භගවතො සාසනෙ අට්ඨ පච්චෙකබොධිසත්තා පබ්බජිත්වා ගතපච්චාගතවත්තං පූරෙත්වා දෙවලොකෙ උප්පන්නාතිආදි සබ්බං අනවජ්ජභොජීගාථාය වුත්තසදිසමෙව. අයං පන විසෙසො – පච්චෙකබුද්ධෙ නිසීදාපෙත්වා රාජා ආහ – “කෙ තුම්හෙ”ති? තෙ ආහංසු – “මයං, මහාරාජ, බහුස්සුතා නාමා”ති. රාජා “අහං සුතබ්රහ්මදත්තො නාම, සුතෙන තිත්තිං න ගච්ඡාමි, හන්ද, නෙසං සන්තිකෙ විචිත්රනයධම්මදෙසනං සොස්සාමී”ති අත්තමනො දක්ඛිණොදකං දත්වා පරිවිසිත්වා භත්තකිච්චපරියොසානෙ සඞ්ඝත්ථෙරස්ස සන්තිකෙ නිසීදිත්වා “ධම්මකථං, භන්තෙ, කථෙථා”ති ආහ. සො “සුඛිතො හොතු, මහාරාජ, රාගක්ඛයො හොතූ”ති වත්වා උට්ඨිතො. රාජා “අයං න බහුස්සුතො, දුතියො බහුස්සුතො භවිස්සති, ස්වෙ තස්ස විචිත්රධම්මදෙසනං සොස්සාමී”ති ස්වාතනාය නිමන්තෙසි. එවං යාව සබ්බෙසං පටිපාටි ගච්ඡති, තාව නිමන්තෙසි, තෙ සබ්බෙපි “දොසක්ඛයො හොතු, මොහක්ඛයො, ගතික්ඛයො, භවක්ඛයො, වට්ටක්ඛයො, උපධික්ඛයො, තණ්හක්ඛයො හොතූ”ති එවං එකෙකපදං විසෙසෙත්වා සෙසං පඨමසදිසමෙව වත්වා උට්ඨහිංසු.
බහුස්සුතං යනු කවර උපතක්ද? පෙර කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයේ පසේ බුදුවරුන් අටදෙනෙකු, පැවිදිව ඒම යාම පිළිබඳ වත් පුරා දෙව්ලොව උපන්නේ යයි ආදි සියළු නිරවද්‍ය දේ අනුභව කළේ ගාථාව සමාන වේමය. මේ මෙහි විශේෂත්වයයි. පසේබුදුවරුන් වඩා හිඳුවා රජු මෙසේ කීවේය. නුඹලා කවුරුන්ද, ඔවුහු කීහ. මහරජ, අපි බහුශ්‍රැතයෝ නම් වෙමු. රජු; මම සුත බ්‍රහ්මදත්ත නම් වේ. ඇසීමෙන් තෘප්තියට නොයමි. ඉදින් ඔවුන්ගේ සමීපයේ විචිත්‍රවත් ලෙස ධර්මදේශනය අසන්නෙමියි සතුටු සිතැත්තේ පැන් දී පිරිසිදු කොට, බත්කිස අවසානයේ සංඝ තෙරුන්ගේ සමීපයේ හිඳ, ස්වාමීනි; දැහැමිකථා කරවු යයි කීවේය. ඔහු මහරජ; සුවපත් වේවා! රාගය ක්ෂය වේවායි පවසා නැගී සිටියේය. රජු: මෙතම බහුශ්‍රැත නොවේ. දෙවැන්නා බහුශ්‍රැතයෙකු වන්නේය. හෙට දැන් ඔහුගෙන් විසිතුරු ධර්ම දේශනාවක් අසන්නෙමියි හෙට සඳහා ඇරයුම් කළේය. මෙසේ සියල්ලෙන් අනුපිළිවෙලින් යයි ඒ තාක් ඇරයුම් කළේය. ඒ සියල්ලෝම ද්වේෂය ක්ෂය කෙරේවා. මෝහය ක්ෂය කෙරේවා. උපත ක්ෂය කෙරේවා. භවය ක්ෂය කෙරේවා. සසර ගමන කෙළවර කෙරේවා. කෙලෙස් ක්ෂය කෙරේවා. තෘෂ්ණාව ක්ෂය කෙරේවායි මෙසේ එක එක පදයට විශේෂණකොට, සෙස්ස පළමු අයුරින් විමසා නැගී සිටියහ.
තතො රාජා – “ඉමෙ ‘බහුස්සුතා මය’න්ති භණන්ති, න ච තෙසං විචිත්රකථා, කිමෙතෙහි වුත්ත”න්ති තෙසං වචනත්ථං උපපරික්ඛිතුමාරද්ධො. අථ “රාගක්ඛයො හොතූ”ති උපපරික්ඛන්තො “රාගෙ ඛීණෙ දොසොපි මොහොපි අඤ්ඤතරඤ්ඤතරෙපි කිලෙසා ඛීණා හොන්තී”ති ඤත්වා අත්තමනො අහොසි “නිප්පරියායබහුස්සුතා ඉමෙ සමණා. යථාපි හි පුරිසෙන මහාපථවිං වා ආකාසං වා අඞ්ගුලියා නිද්දිසන්තෙන න අඞ්ගුලිමත්තොව පදෙසො නිද්දිට්ඨො හොති. අපි ච ඛො පන සකලපථවී ආකාසා එව නිද්දිට්ඨා හොන්ති. එවං ඉමෙහි එකෙකං අත්ථං නිද්දිසන්තෙහි අපරිමාණා අත්ථා නිද්දිට්ඨා හොන්තී”ති. තතො සො “කුදාස්සු නාමාහම්පි එවං බහුස්සුතො භවිස්සාමී”ති තථාරූපං බහුස්සුතභාවං පත්ථෙන්තො රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථමභාසි.
ඉක්බිති රජතුමා, මේ අය බහුශ්‍රැත වෙත්නුයි පවසති. ඔවුන්ගේ විසිතුරු කථා නොමැත. ඔවුන් විසින් කුමක් කියන ලද්දේ දැයි, ඔවුන්ගේ වචන අර්ථය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. ඉක්බිති රාගය ක්ෂය වේවා! පරීක්ෂා කරන්නේ, රාගය ක්ෂය වූ කල්හි, ද්වේෂයද, මෝහයද, අනෙක් ඉතිරිවූ ක්ලේශද, ක්ෂය වෙත්වායි දැන සතුටු සිතැත්තේ විය. මේ ශ්‍රමණයෝ පර්යාය වශයෙන් නොවූ බහුශ්‍රැතයෝය. යම්සේ පුරුෂයකු විසින් මහපොළොව හෝ ආකාශය හෝ ඇඟිල්ලෙන් නිර්දේශ කරන්නේ, ඇඟිල්ලෙන් ප්‍රදේශයක් නිර්දිෂ්ට කිරීම නොකළ හැකි වෙයි. එපරිදි මුළු පෘථිවිය ආකාශයේම නිර්දිෂ්ට වෙති. මේ අයුරින් එක එක අර්ථය නිර්දේශ කිරීමෙන් අප්‍රමාණ අර්ථයෝ නිර්දිෂ්ට වෙති. ඉක්බිති ඔහු කවරනම් වේද, මමද, මෙසේ බහුශ්‍රැත වන්නෙමියි, එබඳු ආකාර බහුශ්‍රැතභාවය ප්‍රාර්ථනා කරන්නේ, රාජ්‍යය හැර පැවිදි වී විදර්ශනා වඩා පසේබුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව වදාළ සේක.
තත්ථායං සඞ්ඛෙපත්ථො – බහුස්සුතන්ති දුවිධො බහුස්සුතො තීසු පිටකෙසු අත්ථතො නිඛිලො පරියත්තිබහුස්සුතො ච, මග්ගඵලවිජ්ජාභිඤ්ඤාපටිවෙධකො පටිවෙධබහුස්සුතො ච. ආගතාගමො ධම්මධරො. උළාරෙහි පන කායවචීමනොකම්මෙහි සමන්නාගතො උළාරො. යුත්තපටිභානො ච මුත්තපටිභානො ච යුත්තමුත්තපටිභානො ච පටිභානවා. පරියත්තිපරිපුච්ඡාධිගමවසෙන වා තිවිධො පටිභානවා වෙදිතබ්බො. යස්ස හි පරියත්ති පටිභාති, සො පරියත්තිපටිභානවා. යස්ස අත්ථඤ්ච ඤාණඤ්ච ලක්ඛණඤ්ච ඨානාට්ඨානඤ්ච පරිපුච්ඡන්තස්ස පරිපුච්ඡා පටිභාති, සො පරිපුච්ඡාපටිභානවා. යස්ස මග්ගාදයො පටිවිද්ධා හොන්ති, සො අධිගමපටිභානවා. තං එවරූපං බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං. තතො තස්සානුභාවෙන අත්තත්ථපරත්ථඋභයත්ථභෙදතො වා දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථභෙදතො වා අනෙකප්පකාරානි අඤ්ඤාය අත්ථානි, තතො “අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්තිආදීසු (ම· නි· 1.18; සං· නි· 2.20) කඞ්ඛාට්ඨානියෙසු විනෙය්ය කඞ්ඛං විචිකිච්ඡං විනෙත්වා විනාසෙත්වා එවං කතසබ්බකිච්චො එකො චරෙ ඛග්ගවිසාණකප්පොති.
එහි මේ සංක්ෂිප්ත අර්ථයයි. බහුස්සුතං යනු බහුශ්‍රැත භාවය දෙපරිදි වේ. තුන්පිටකයෙහි අර්ථ වශයෙන් නිශ්චල වූ පර්යාප්ති ධර්මයෙන් බහුශ්‍රැත වූ, මාර්ගඵල ප්‍රතිලාභය සහිත ප්‍රඥාවෙන්, යුක්ත වූ බැවින් අවබෝධ කළ බහුශ්‍රැත බවට පැමිණියේ යන අර්ථයෙන් ධම්මධර නම් වේ. උදාර වූ කාය වාග් මනෝ කර්මයන්ගෙන් සමන්විත වූයේ උළාර නම් වේ. ප්‍රතිභානයෙන් යුක්ත වූද, ප්‍රතිභානයෙන් මිදුණා වූද, ප්‍රතිභානයෙන් යුක්ත මුක්ත වූ බැවින් පටිභාණවා පර්යාප්ති පරිපුච්ඡ, අධිගම වශයෙන් තෙවැදෑරුම් වේ. පටිභාන බව දත යුතුය. යමෙකුට ත්‍රිපිටක ධර්මයෙහි ප්‍රතිභානයක් වේද? හෙතම පරියාප්ත පටිභාණ විශාරද නම් වේ. යමෙකුට අර්ථයද, ඤාණයද, ලක්ෂණද, තැන-නොතැන ද විමසන්නෙකුට නැවත විමසා පිළිතුරු දීමට හැකි බව ප්රතිභානයයි. හෙතම විමසා යළිත් විමසා පිළිතුරු දෙන්නේ, යමෙකුට මාර්ග ආදිය ප්‍රතිවේද වෙයි. හෙතම අධිගම පටිභාණ නම් වේ. එබඳු ආකාර වූ බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභාණවන්තං. බහුශ්‍රැත ධර්මධර වූ ප්‍රතිභා ඥානයෙන් පිරිපුන් උදාර මිතුරකු ඇසුරු කරවු. ඉක්බිති ඒ ආනුභාවයෙන් තමන්ටද, අනුන්ටද, දෙපක්ෂයටම මෙලොව ඵලදීම් වශයෙන් පිහිටවන පරමාර්ථ භේදයෙන් යුතු නොයෙක් ආකාර වූ අඤ්ඤාය අත්ථා යනු අනතුරුව, මම අතීතය ඉක්මවා ගියේ යන ආදි අර්ථවල සැක සහිත ස්ථානවල විනෙය්යකංඛං විචිකිච්ඡාව (සැකය) දුරුකොට, විනාශකොට මෙසේ කරන ලද සියලු කෘත්‍ය ඇති එකොචරෙ ඛග්ගවිසාණ කප්පො හුදකලාව හැසිරෙන කඟවේනකු මෙන් යන අර්ථය දතයුතුය.
බහුස්සුතගාථාවණ්ණනා නිට්ඨිතා.
බහුශ්‍රැත ගාථා වර්ණනාවයි.
114
114
ඛිඩ්ඩං රතින්ති කා උප්පත්ති? බාරාණසියං කිර විභූසකබ්රහ්මදත්තො නාම රාජා පාතොව යාගුං වා භත්තං වා භුඤ්ජිත්වා නානාවිධවිභූසනෙහි අත්තානං විභූසාපෙත්වා මහාආදාසෙ සකලං සරීරං දිස්වා යං න ඉච්ඡති, තං අපනෙත්වා අඤ්ඤෙන විභූසනෙන විභූසාපෙති. තස්ස එකදිවසං එවං කරොන්තස්ස භත්තවෙලා මජ්ඣන්හිකා සම්පත්තා. විප්පකතවිභූසිතොව දුස්සපට්ටෙන සීසං වෙඨෙත්වා භුඤ්ජිත්වා දිවාසෙය්‍යං උපගඤ්ඡි. පුනපි උට්ඨහිත්වා තථෙව කරොතො සූරියො ඔග්ගතො. එවං දුතියදිවසෙපි තතියදිවසෙපි. අථස්ස එවං මණ්ඩනප්පසුතස්ස පිට්ඨිරොගො උදපාදි. තස්ස එතදහොසි – “අහො රෙ, අහං සබ්බථාමෙන විභූසන්තොපි ඉමස්මිං කප්පකෙ විභූසනෙ අසන්තුට්ඨො ලොභං උප්පාදෙසිං, ලොභො ච නාමෙස අපායගමනීයො ධම්මො, හන්දාහං ලොභං නිග්ගණ්හාමී”ති රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථමභාසි.
ඛිඩ්ඩං රතිං යනු කවර උපතක්ද? බරණැස විභූෂක බ්‍රහ්මදත්ත නම් රජු උදෑසනම කැඳ හෝ බත් වළඳා නොයෙක් ආකාර අලංකාරවලින් තමන් අලංකාර කොටගෙන මහා කැඩපතකින් මුලු සිරුර දැක මෙය යමෙක් නොකැමැති වේද එය ඉවත්කොට වෙනත් වෙනත් අලංකාර දෑවලින් අලංකාර කරවයි. ඔහුට එක් දවසක්, මෙසේ කරන්නේ බත් වේලාවට අදාළ මධ්‍යාහ්න සමය උදාවිය. විපිළිසර වූ අලංකාරයෙන් දුහුල්, වස්ත්‍රයකින් හිස වෙලා ආහාර අනුභවකොට දවල් සයනයට සූදානම් විය. යළිත් නැගීසිට එසේම කරනවිට සූර්යා බැස ගියේය. එසේම දෙවෙනි දිනයද, තෙවෙනි දිනයද එසේම විය. ඉක්බිති ඔහුට බොහෝසෙයින් අලංකාර කිරීම නිසා පිටේ රෝගයක් හටගත්තේය. ඔහුට මෙබඳු අදහසක් පහළ විය. බොලවු; මම සියළු ආකාරයෙන් අලංකාර කරන්නේ, මේ කල්පයෙහි නොසතුටට පත්වී ලෝභය උපදවා ගත්තේය. ලෝභයද මෙය අපාය ගමනීය වූ ධර්මතාවයකි. ලෝභයට නිග්‍රහ කරමියි රාජ්‍යය හැරදමා පැවිදිවී විදර්ශනා වඩන්නේ පසේබුදුබව ප්රත්යක්ෂ කොට මේ උදානය ප්‍රකාශ කළ සේක.
තත්ථ ඛිඩ්ඩා ච රති ච පුබ්බෙ වුත්තාව. කාමසුඛන්ති වත්ථුකාමසුඛං. වත්ථුකාමාපි හි සුඛස්ස විසයාදිභාවෙන “සුඛ”න්ති වුච්චන්ති. යථාහ – “අත්ථි රූපං සුඛං සුඛානුපතිත”න්ති (සං· නි· 3.60). එවමෙතං ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ඉමස්මිං ඔකාසලොකෙ අනලඞ්කරිත්වා අලන්ති අකත්වා, එතං තප්පකන්ති වා සාරභූතන්ති වා එවං අග්ගහෙත්වා. අනපෙක්ඛමානොති තෙන අනලඞ්කරණෙන අනපෙක්ඛණසීලො අපිහාලුකො නිත්තණ්හො. විභූසට්ඨානා විරතො සච්චවාදීති තත්ථ විභූතා දුවිධා – අගාරිකවිභූසා ච අනගාරිකවිභූසා ච. සාටකවෙඨනමාලාගන්ධාදිවිභූසා අගාරිකවිභූසා නාම. පත්තමණ්ඩනාදිවිභූසා අනගාරිකවිභූසා. විභූසා එව විභූසට්ඨානං, තස්මා විභූසට්ඨානා තිවිධාය විරතියා විරතො. අවිතථවචනතො සච්චවාදීති එවමත්ථො දට්ඨබ්බො.
මෙහි ඛිඩ්ඩා ද රතියද පෙර කියන ලදි. කාමසුඛං යනු වස්තුකාම සැපයයි. වස්තුකාමයද, සැපයට විෂය වන බැවින් සැප යයි කියනු ලැබෙත්. යම්සේ රූපයේ සැපයක් ඇත්ද? එය සැපයට වැටෙත් මෙසේ, ඛිඩ්ඩං රතිං කාම සුඛංච නම්. මේ අවස්ථාවේ ලොකෙ අනලංකරිත්වා සුදුසු යයි නොකොට, සෑහීමකට පත්වී හෝ සාර වශයෙන් හෝ නොගෙන. අනපෙක්ඛමානො යනු ඒ අලංකාර නොකිරීමෙන් අපේක්ෂා රහිත ඇල්මෙන්, ගැතිනොවී, තෘෂ්ණාව රහිතව. විභුසණට්ඨානා විරතො සච්චවාදි එකොචරෙ යනු එහි අලංකාරය දෙවැදෑරුම් වේ. අගාරික අලංකාරය අනගාරික අලංකාරය යනුවෙනි. සළු එතීම මල් සුවඳ ආදි අලංකරණය අගාරික විභුසා නම් වේ. පාත්‍රය සැරසීම් ආදිය අනගාරිය විභුසා නම් වේ. අලංකාරයම අලංකාර අර්ථයෙන් යෙදේ. එහෙයින් විභූෂණ අර්ථයෙන් තෙවැදෑරුම් විරතියක් කියන ලදි. සත්‍යවාදී බව එහි සම්පූර්ණ අර්ථය වශයෙන් දතයුතුය.
විභූසට්ඨානගාථාවණ්ණනා නිට්ඨිතා.
විභූෂණ අර්ථ ගාථා වර්ණනාවයි.
115
115
පුත්තඤ්ච දාරන්ති කා උප්පත්ති? බාරාණසියං කිර රඤ්ඤො පුත්තො දහරකාලෙයෙව අභිසිත්තො රජ්ජං කාරෙසි. සො පඨමගාථාය වුත්තපච්චෙකබොධිසත්තො විය රජ්ජසිරිං අනුභවන්තො එකදිවසං චින්තෙසි – “අහං රජ්ජං කාරෙන්තො බහූනං දුක්ඛං කරොමි, කිං මෙ එකභත්තත්ථාය ඉමිනා පාපෙන, හන්ද, සුඛමුප්පාදෙමී”ති රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
පුත්තංච දාරං යනු කවර උපතක්ද? බරණැස් රජුගේ පුතා ළදරු කාලයේම අභිෂේක ලැබූ රාජ්‍යය කරවීය. හෙතම පළමු ගාථාවේ කියන ලද අයුරින් පසේ බෝධිසත්ත්වයෙකු මෙන් රාජ්‍යශ්‍රීය අනුභව කරමින් එක්දිනක් මෙසේ සිතුවේය. මම රාජ්‍යය කරවමින් බොහෝ දෙනෙකුට දුක් ඇතිකරමි. කිමෙක්ද මගේ මේ එකකුගේ බත පිණිස මේ පාපකර්මයෙන් ඇති ඵලය? සැපය උපදවමියි, රාජ්‍යය හැර පැවිදිවී විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව කී සේක.
තත්ථ ධනානීති මුත්තාමණිවෙළුරියසඞ්ඛසිලාපවාළරජතජාතරූපාදීනි රතනානි. ධඤ්ඤානීති සාලිවීහියවගොධුමකඞ්ගුවරකකුද්රූසකප්පභෙදානි සත්ත සෙසාපරණ්ණානි ච. බන්ධවානීති ඤාතිබන්ධුගොත්තබන්ධුමිත්තබන්ධුසිප්පබන්ධුවසෙන චතුබ්බිධබන්ධවෙ. යථොධිකානීති සකසකඔධිවසෙන ඨිතානියෙව. සෙසං වුත්තනයමෙවාති.
එහි ධනානී යනු මුතු මැණික රතු මැණික සක් පබළු රිදී ආදි සියළු රත්න වර්ග. ධඤ්ඤානී යනු සැල් වී, යව, පරිප්පු, කඩල, මුං ආදි සෙසු සත්වැදෑරුම් කොළ ගෙඩි වර්ග. බන්ධවානී ඤාති බන්ධු, ගෝත්‍ර බන්ධු, මිත්‍ර බන්ධු, ශිල්ප වශයෙන් සිවු වැදෑරුම් වූ නෑදෑයෝ වෙති. යථොධිකානී යනු ස්වකීය ස්වකීය සීමා වශයෙන් සිටියේම සෙස්ස කියන ලද අයුරිනි.
පුත්තදාරගාථාවණ්ණනා නිට්ඨිතා.
අඹුදරු (පුත්තදාරා) ගාථා වර්ණනාවයි.
116
116
සඞ්ගො එසොති කා උප්පත්ති? බාරාණසියං කිර පාදලොලබ්රහ්මදත්තො නාම රාජා අහොසි. සො පාතොව යාගුං වා භත්තං වා භුඤ්ජිත්වා තීසු පාසාදෙසු තිවිධානි නාටකානි පස්සති. තිවිධා නාම නාටකා පුබ්බරාජතො ආගතං, අනන්තරරාජතො ආගතං, අත්තනො කාලෙ උට්ඨිතන්ති. සො එකදිවසං පාතොව දහරනාටකපාසාදං ගතො. තා නාටකිත්ථියො “රාජානං රමාපෙස්සාමා”ති සක්කස්ස දෙවානමින්දස්ස අච්ඡරායො විය අතිමනොහරං නච්චගීතවාදිතං පයොජෙසුං. රාජා “අනච්ඡරියමෙතං දහරාන”න්ති අසන්තුට්ඨො හුත්වා මජ්ඣිමනාටකපාසාදං ගතො, තාපි නාටකිත්ථියො තථෙව අකංසු. සො තත්ථපි තථෙව අසන්තුට්ඨො හුත්වා මහල්ලකනාටකපාසාදං ගතො , තාපි තථෙව අකංසු. රාජා ද්වෙ තයො රාජපරිවට්ටෙ අතීතානං තාසං මහල්ලකභාවෙන අට්ඨිකීළනසදිසං නච්චං දිස්වා ගීතඤ්ච අමධුරං සුත්වා පුනදෙව දහරනාටකපාසාදං, පුන මජ්ඣිමනාටකපාසාදන්ති එවම්පි විචරිත්වා කත්ථචි අසන්තුට්ඨො චින්තෙසි – “ඉමා නාටකිත්ථියො සක්කං දෙවානමින්දං අච්ඡරායො විය මං රමාපෙතුකාමා සබ්බථාමෙන නච්චගීතවාදිතං පයොජෙසුං. ස්වාහං කත්ථචි අසන්තුට්ඨො ලොභං වඩ්ඪෙමි. ලොභො ච නාමෙස අපායගමනීයො ධම්මො, හන්දාහං ලොභං නිග්ගණ්හාමී”ති රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
සංගො එසො යනු කවර උපතක්ද? බරණැස පාදලෝල නම් බ්‍රහ්මදත්ත රජ කෙනෙකු විය. ඔහු උදෑසනම කැඳ බත් වළඳා ප්‍රාසාද තුනෙහි ත්‍රිවිධ නාටක බලයි. ත්‍රිවිධ නාටක නම්, රජු පැමිණීමට පෙර, රජු පැමිණෙන අතර, තමන් සිටිනා කාලයේ යනුවෙනි. ඔහු එක දවසක් උදෑසනම ළදරු නාටක ප්‍රාසාදයට ගියේය. නාටක ස්ත්‍රීහු රජු සතුටු කරන්නෙමුයි ශක්‍ර දේවේන්ද්රයාගේ අප්සරාවන් මෙන් ඉතා මනෝහර නාට්‍ය ගීත වාදන යොදා ගත්හ. රජු මේ ළදරු නාටක අසිරිමත් නොවේ යයි නොසතුටු වී, මධ්‍යම නාට්‍ය ප්‍රාසාදයට ගියේය. එහි නාටක ස්ත්‍රීහුද එසේම කළහ. එහි එහිදීද එසේම නොසතුටට පත්වී මහලු නාටක ප්‍රාසාදයට ගියේය. ඈලාද එසේම කළහ. රජු දෙතුන් රජ මාළිගාවකදී අතීතයේ ඈලාගේ මහලු බව නිසා අස්ථි ක්‍රීඩා සමාන නාට්‍ය දැක, ගීතයද අමධුර බව අසා යළිත් දහර නාටක ප්රාසාදයද, මධ්‍යම නාටක ප්‍රාසාදයේ ද මෙසේ හැසිර කිසිවකුනුත් නොසතුටුව සිතුවේය. මේ නාටක ස්ත්‍රීහු ශක්‍ර දේවේන්ද්රයාගේ අප්සරාවෝ මෙන් මා සතුටු කරනු කැමැත්තේ සියලු ආකාරයේ නෘත්‍ය ගීත වාදන යෙදවූහ. ඉදින් මම කිසිවකුටත් නොසතුටුව ලෝභය වර්ධනය කරමි. ලෝභය නම් අපායගාමනී වූ ධර්මතාවයකි. ඉදින් මම ලෝකයට නිග්‍රහ කරමියි, රාජ්‍යය හැර පැවිදිවී විදර්ශනා වඩන්නේ පසේබුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථා වදාළ සේක.
තස්සත්ථො – සඞ්ගො එසොති අත්තනො උපභොගං නිද්දිසති. සො හි සජ්ජන්ති තත්ථ පාණිනො කද්දමෙ පවිට්ඨො හත්ථී වියාති සඞ්ගො. පරිත්තමෙත්ථ සොඛ්යන්ති එත්ථ පඤ්චකාමගුණූපභොගකාලෙ විපරීතසඤ්ඤාය උප්පාදෙතබ්බතො කාමාවචරධම්මපරියාපන්නතො වා ලාමකට්ඨෙන සොඛ්යං පරිත්තං, විජ්ජුප්පභාය ඔභාසිතනච්චදස්සනසුඛං ඉව ඉත්තරං, තාවකාලිකන්ති වුත්තං හොති. අප්පස්සාදො දුක්ඛමෙවෙත්ථ භිය්යොති එත්ථ ච ය්වායං “යං ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො”ති (ම· නි· 1.166) වුත්තො, සො යමිදං “කො ච, භික්ඛවෙ, කාමානං ආදීනවො, ඉධ, භික්ඛවෙ, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති, යදි මුද්දාය යදි ගණනායා”ති එවමාදිනා (ම· නි· 1.167) නයෙනෙත්ථ දුක්ඛං වුත්තං, තං උපනිධාය අප්පො උදකබින්දුමත්තො හොති, අථ ඛො දුක්ඛමෙව භිය්යො බහු, චතූසු සමුද්දෙසු උදකසදිසං හොති. තෙන වුත්තං “අප්පස්සාදො දුක්ඛමෙවෙත්ථ භිය්යො”ති. ගළො එසොති අස්සාදං දස්සෙත්වා ආකඩ්ඪනවසෙන බළිසො විය එසො, යදිදං පඤ්චකාමගුණා. ඉති ඤත්වා මතිමාති එවං ජානිත්වා බුද්ධිමා පණ්ඩිතො පුරිසො සබ්බමෙතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පොති.
එහි අර්ථය : සංගො එසො යනු තමන්ගේ පරිහරණය කරන භෝග නිර්දේශ කරයි. ඔහු එහි ප්‍රාණීන්ට මඩෙහි ලැග්ගා වූ ඇත්රංචුව මෙන් සතුටු කරති. රිත්තමෙත්ථ සෙඛ්යං යනු මෙහි පංචකාම ගුණයන් පරිහරණය කරන කාලයේ, වෙනස් වූ සංඥාවෙන්, උපදවා ගතයුත්ත, කාමාවචර ධර්මයට බැසගත්තාක් මෙන් ලාමක වූ සෞඛ්‍යය ස්වල්පයක් මෙනි. විදුලිඑළියේ බබළවන ලද, නෘත්‍ය දර්ශන සැපය මෙන් ඉතිරිය තාවකාලික යයි කියන ලද්දේ වෙයි. අප්පස්ස දො දුක්ඛමෙත්ථ භිය්යො යනු මෙහි, ‘මහණෙනි, යම්බඳු වූ, මේ පංචකාම ගුණය නිසා සැපය සොම්නස උපදියිද? මෙය කාමයන්ගේ ආශ්වාදයයි කියන ලද්දේය. හෙතම යම්බඳු වූ ‘මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේද? මහණෙනි, මෙලොව කුලපුත්‍රයා යම් ශිල්පාර්ථයකින් ජීවිතය ගෙවයි ද? යම් මුද්‍රාවකින් හෝ ගණන් ගැනීමකින් හෝ මේ ආදී වූ අර්ථයෙන් මෙහි දුක කියන ලදි. ඒ නිසා අල්ප වූ ජල බිංදු මාත්‍රයක් මෙන් විය. ඉක්බිති මහණෙනි දුක, බොහෝසෙයින් සතර සමුද්‍රයෙහි මහා ජලය මෙන් විය. එහෙයින් කියන ලදි. අප්පස්සාදො දුක්ඛමෙත්ථ හියො යනුවෙනි. ගළො එසො යනු ආශ්වාදය පෙන්වා, ඇදගැනීම් වශයෙන් මේ බහුල වශයෙන් මේ පංචකාම ගුණයන් යෙදේ. ඉති ඤත්වා මුනිමා යනු මෙසේ දැන බුද්ධිමත් පණ්ඩිතයා පුරුෂයා සියල්ල හැර දමා එකො චරෙ ඛග්ගවිසාණ කප්පො යනු ලෙසය.
සඞ්ගගාථාවණ්ණනා නිට්ඨිතා.
සංගගාථා (සමූහ) වර්ණනාවයි.
117
117
සන්දාලයිත්වානාති කා උප්පත්ති? බාරාණසියං කිර අනිවත්තබ්රහ්මදත්තො නාම රාජා අහොසි. සො සඞ්ගාමං ඔතිණ්ණො අජිනිත්වා අඤ්ඤං වා කිච්චං ආරද්ධො අනිට්ඨපෙත්වා න නිවත්තති, තස්මා නං එවං සඤ්ජානිංසු. සො එකදිවසං උය්යානං ගච්ඡති. තෙන ච සමයෙන දවඩාහො උට්ඨාසි. සො අග්ගි සුක්ඛානි චෙව හරිතානි ච තිණාදීනි දහන්තො අනිවත්තමානො එව ගච්ඡති. රාජා තං දිස්වා තප්පටිභාගනිමිත්තං උප්පාදෙසි. “යථායං දවඩාහො, එවමෙව එකාදසවිධො අග්ගි සබ්බෙ සත්තෙ දහන්තො අනිවත්තමානො ගච්ඡති මහාදුක්ඛං උප්පාදෙන්තො, කුදාස්සු නාමාහම්පි ඉමස්ස දුක්ඛස්ස නිවත්තනත්ථං අයං අග්ගි විය අරියමග්ගඤාණග්ගිනා කිලෙසෙ දහන්තො අනිවත්තමානො ගච්ඡෙය්ය”න්ති? තතො මුහුත්තං ගන්ත්වා කෙවට්ටෙ අද්දස නදියං මච්ඡෙ ගණ්හන්තෙ. තෙසං ජාලන්තරෙ පවිට්ඨො එකො මහාමච්ඡො ජාලං භෙත්වා පලායි. තෙ “මච්ඡො ජාලං භෙත්වා ගතො”ති සද්දමකංසු. රාජා තම්පි වචනං සුත්වා තප්පටිභාගනිමිත්තං උප්පාදෙසි – “කුදාස්සු නාමාහම්පි අරියමග්ගඤාණෙන තණ්හාදිට්ඨිජාලං භෙත්වා අසජ්ජමානො ගච්ඡෙය්ය”න්ති? සො රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡාකාසි, ඉමඤ්ච උදානගාථමභාසි.
සත්දාලයිත්වා යනු කවර උපතක්ද? බරණැස අනිවත්ත බ්‍රහ්මදත්ත නම් රජකු විය. ඔහු යුද්ධයට බැස්සේ නොදිනම වෙනත් කෘත්‍යයක් ආරම්භ කළේ, නිමනොකර නොනවතියි. එහෙයින් හේ මෙසේ හඳුනා ගත්හ. ඔහු එක් දවසක් උයනට යයි. එසමයෙහි කැලෑ ගින්නක් හට ගත්තේය. ඒ ගින්න වියලි වූද, හරිතවර්ණ තෘණාදිය දවමින් නොනවතිත්ම යයි. රජු එය දැක ඒ නිමිත්තක්කොට අදහසක් පහළ කරගත්තේය. ඉදින් මේ කැලෑ ගින්න එපරිදි එකොළොස් වැදෑරුම් ගිනි සියලු සත්ත්වයන් දවමින් නොනවති ගමන් කරයි. මහා දුකක් උපදවන්නේ වේද? මමද මේ දුක නවතිනු ලබන්නේ, මේ ගින්න මෙන් ආර්ය මාර්ග ඤාණ නමැති ගින්නෙන් කෙලෙස් දවමින් නොනවතිමින් යන්නේ නම් ඉක්බිති මොහොතක් ගොස්, නදිය අසබඩ කෙවුලන් මසුන් ගනිමින් ඔවුන් දැල අතරට පිවිසියේ එක් මහා මත්ස්‍යයකු දැක පලා ගියේය. ඒ ඔවුහු මත්ස්‍යයා දැල කපාගෙන ගියේ යයි ශබ්ද කළහ. රජු ඒ වචනය අසා ඒ පිළිබඳ නිමිත්තක් ඉපදවීය. ඉදින් මමත් ආර්ය මාර්ග ඤාණයෙන් තෘෂ්ණා නැමැති දෘෂ්ටි ජාලය කපා, නොඇලීමට යන්නේ යයි ඔහු රාජ්‍යය හැරදමා පැවිදිවී විදර්ශනා වඩා පසේ බුදුබව සාක්ෂාත් කළේය. මේ උදානයද ප්‍රකාශ කළේය.
තස්සා දුතියපාදෙ ජාලන්ති සුත්තමයං වුච්චති. අම්බූති උදකං, තත්ථ චරතීති අම්බුචාරී, මච්ඡස්සෙතං අධිවචනං. සලිලෙ අම්බුචාරී සලිලම්බුචාරී. තස්මිං නදීසලිලෙ ජාලං භෙත්වා ගතඅම්බුචාරීවාති වුත්තං හොති. තතියපාදෙ දඩ්ඪන්ති දඩ්ඪට්ඨානං වුච්චති. යථා අග්ගි දඩ්ඪට්ඨානං පුන න නිවත්තති, න තත්ථ භිය්යො ආගච්ඡති, එවං මග්ගඤාණග්ගිනා දඩ්ඪකාමගුණට්ඨානං අනිවත්තමානො තත්ථ භිය්යො අනාගච්ඡන්තොති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති.
එහි දෙවෙනි පදයෙහි යනු නූල්වලින් උපන් යන අර්ථය කියනු ලැබේ. අම්බු යනු ජලයයි. එහි හැසිරෙයි යන අර්ථයෙන් අබ්රහ්මාරී නම් වේ. මත්ස්‍යයන්ට මෙය විශේෂ වචනයකි. ජලයෙහි හැසිරෙන්නී ඒ නදී ජලයෙහි දැල හෙලා ගියාවූ, ජලයේ හැසිරෙන්න. (මාළු මෙන්) කියන ලද්දේ වෙයි. තෙවෙනි පදයෙහි දඩ්ඪං යනු පහරදුන් තැන කියනු ලැබේ. අග්ගි යම්සේ ගින්න දැවෙන ස්ථානය යළිත් නොනවතියිද? එහි බොහෝ සෙයින් නොපැමිණෙයි. මෙසේ මාර්ග ඤාණ නැමැති ගින්නෙන් දවන ලද කාමගුණ අර්ථයයි. අනිවත්තමානො එහි බොහෝ සෙයින් නොපැමිණෙන්නේය යයි කියන ලද්දේ වෙයි. සෙස්ස කියන ලද පරිදිමය.
සන්දාලගාථාවණ්ණනා නිට්ඨිතා.
(සන්දාල) කඩාබිඳ දැමීමේ ගාථා වර්ණනාවයි.
118
118
ඔක්ඛිත්තචක්ඛූති කා උප්පත්ති? බාරාණසියං කිර චක්ඛුලොලබ්රහ්මදත්තො නාම රාජා පාදලොලබ්රහ්මදත්තො විය නාටකදස්සනං අනුයුත්තො හොති. අයං පන විසෙසො – සො අසන්තුට්ඨො තත්ථ තත්ථ ගච්ඡති. අයං තං තං නාටකං දිස්වා අතීව අභිනන්දිත්වා නාටකදස්සනපරිවත්තනෙන තණ්හං වඩ්ඪෙන්තො විචරති. සො කිර නාටකදස්සනත්ථං ආගතං අඤ්ඤතරං කුටුම්බියභරියං දිස්වා රාගං උප්පාදෙසි. තතො සංවෙගං ආපජ්ජිත්වා පුන “අරෙ, අහං ඉමං තණ්හං වඩ්ඪෙන්තො අපායපරිපූරකො භවිස්සාමි, හන්ද, නං නිග්ගණ්හාමී”ති පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා අත්තනො පුරිමපටිපත්තිං ගරහන්තො තප්පටිපක්ඛගුණදීපිකං ඉමං උදානගාථං අභාසි.
ඔක්ඛිත්ත චක්ඛූ යනු කවර උපතක්ද? බරණැස චක්ඛුලෝල බ්‍රහ්මදත්ත නම් රජ, පදලෝල බ්‍රහ්මදත්ත මෙන් නාට්‍යය දැකීමේ යෙදුණේ වෙයි. මේ එහි විශේෂත්වයයි. ඔහු නොසතුටුව ඒ ඒ තැන යයි. මෙතෙම ඒ ඒ නාටක දැක බොහෝසෙයින් සතුටු වී, නාට්‍ය දැකීමේ පෙරළියෙන්, දර්ශන තෘෂ්ණාව වඩවමින් හැසිරෙයි. ඔහු නාට්‍ය දැකීමේ ආශාවෙන් පැමිණි එක්තරා කෙළෙඹි බිරිඳක දැක රාග සිතක් ඉපදවීය. ඉක්බිති සංවේග උපදවා බොල, මම මේ තෘෂ්ණාව වඩන්නේ අපායගාමී වන්නෙමි. ඉදින් එය නිග්‍රහ කරමියි පැවිදිවී විදර්ශනා වඩන්නේ පසේබෝධිය සාක්ෂාත් කොට තමන්ගේ ළමු ප්‍රතිපත්තිවලට ගරහමින් ඒ ප්‍රතිවිරුද්ධ ගුණ බබුළුවනු පිණිස මේ උදාන ගාථාව කී සේක.
තත්ථ ඔක්ඛිත්තචක්ඛූති හෙට්ඨාඛිත්තචක්ඛු, සත්තගීවට්ඨිකානි පටිපාටියා ඨපෙත්වා පරිවජ්ජනගහෙතබ්බදස්සනත්ථං යුගමත්තං පෙක්ඛමානොති වුත්තං හොති. න තු හනුකට්ඨිනා හදයට්ඨිං සඞ්ඝට්ටෙන්තො. එවඤ්හි ඔක්ඛිත්තචක්ඛුතා න සමණසාරුප්පා හොති. න ච පාදලොලොති එකස්ස දුතියො, ද්වින්නං තතියොති එවං ගණමජ්ඣං පවිසිතුකාමතාය කණ්ඩූයමානපාදො විය අභවන්තො, දීඝචාරිකඅනිවත්තචාරිකවිරතො. ගුත්තින්ද්රියොති ඡසු ඉන්ද්රියෙසු ඉධ මනින්ද්රියස්ස විසුං වුත්තත්තා වුත්තාවසෙසවසෙන ච ගොපිතින්ද්රියො. රක්ඛිතමානසානොති මානසං එව මානසානං, තං රක්ඛිතමස්සාති රක්ඛිතමානසානො. යථා කිලෙසෙහි න විලුප්පති, එවං රක්ඛිතචිත්තොති වුත්තං හොති. අනවස්සුතොති ඉමාය පටිපත්තියා තෙසු තෙසු ආරම්මණෙසු කිලෙසඅන්වස්සවවිරහිතො. අපරිඩය්හමානොති කිලෙසග්ගීහි අපරිඩය්හමානො. බහිද්ධා වා අනවස්සුතො, අජ්ඣත්තං අපරිඩය්හමානො. සෙසං වුත්තනයමෙවාති.
එහි ඔක්ඛිත්ත චක්ඛු යනු යටට හෙළන ලද ඇස් ඇත්තේ, සත්වැදෑරුම් ග්‍රීවා ඇට පිළිවෙලින් තබා, සිහිකරන්නේ, ප්රහාණය කළයුතු දර්ශන අර්ථය මොහොතක් බලනු ලබන්නේ යයි කියන ලද්දේ වෙයි. කොපුල් ඇටයෙන් නොව හදවත සමග ගැටෙන්නේ, මෙසේ බැසගත් ඇස් ඇත්තා විසින් මෙය ශ්‍රමණ සාරුප්‍යයට නොගැලපෙයි. නච පාදලොලො යනු එකකුට දෙකක්, දෙකකට තුනක් මෙසේ පිරිස මැද පිවිසෙනු කැමැති බැවින් කියනු ලබන පාද මෙන් නොවන්නේ දීර්ඝ චාරිකාවක් නොවන්නේ චාරිකාවෙන් වැලකුණේය. ගුත්තින්ද්රියො යනු ඉන්ද්රියයන් හයෙහි මෙහි මනෝ ඉන්ද්රියෙහි වෙන්කොට කියන ලද බැවින් කියන ලද ආකාරයෙන් රක්නා ලද ඉන්ද්රිය ඇත්තේය. රක්ඛිත මානසානො යනු මනසමය. සිතේ ඒ දැකගනු ලබන්නෙමු. රකින ලද මනසක් ඇති බැවින් යම්සේ කෙළෙස්වලින් පීඩාවක් නොවෙයි. මෙසේ රක්නා ලද සිත් ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. අනවස්සුතො යනු මේ ප්‍රතිපත්තියෙන් ඒ ඒ අරමුණුවල කෙලෙස් අනුව යන බව වළක්වන ලද්දේ වේ. අපරිඩය්හමානො යනු කෙලෙස් ගින්න විසින් නොදවනු ලබන්නේ, පිටතින්ද ඉක්මවන ලද්දේ අධ්‍යාත්ම වශයෙන් නොදවනු ලබන්නේය. සෙස්ස කියන ලද පරිද්දෙනි.
ඔක්ඛිත්තචක්ඛුගාථාවණ්ණනා නිට්ඨිතා.
පහතට හැරවූ නෙත් (ඔක්ඛිත්ත චක්ඛු) ගාථා වර්ණනාවයි.
119
119
ඔහාරයිත්වාති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤොපි චාතුමාසිකබ්රහ්මදත්තො නාම රාජා චතුමාසෙ චතුමාසෙ උය්යානකීළං ගච්ඡති. සො එකදිවසං ගිම්හානං මජ්ඣිමමාසෙ උය්යානං පවිසන්තො උය්යානද්වාරෙ පත්තසඤ්ඡන්නං පුප්ඵාලඞ්කතසාඛාවිටපං පාරිච්ඡත්තකකොවිළාරං දිස්වා එකං පුප්ඵං ගහෙත්වා උය්යානං පාවිසි. තතො “රඤ්ඤා අග්ගපුප්ඵං ගහිත”න්ති අඤ්ඤතරොපි අමච්චො හත්ථික්ඛන්ධෙ ඨිතො එකමෙව පුප්ඵං අග්ගහෙසි. එතෙනෙවුපායෙන සබ්බො බලකායො අග්ගහෙසි. පුප්ඵෙහි අනස්සාදෙන්තා පත්තම්පි ගණ්හිංසු. සො රුක්ඛො නිප්පත්තපුප්ඵො ඛන්ධමත්තොව අහොසි. රාජා සායන්හසමයෙ උය්යානා නික්ඛමන්තො තං දිස්වා “කිං කතො අයං රුක්ඛො, මමාගමනවෙලාය මණිවණ්ණසාඛන්තරෙසු පවාළසදිසපුප්ඵාලඞ්කතො අහොසි, ඉදානි නිප්පත්තපුප්ඵො ජාතො”ති චින්තෙන්තො තස්සෙව අවිදූරෙ අපුප්ඵිතරුක්ඛං සඤ්ඡන්නපලාසං අද්දස. දිස්වා චස්ස එතදහොසි – “අයං රුක්ඛො පුප්ඵභරිතසාඛත්තා බහුජනස්ස ලොභනීයො අහොසි, තෙන මුහුත්තෙනෙව බ්යසනං පත්තො. අයං පනඤ්ඤො අලොභනීයත්තා තථෙව ඨිතො. ඉදඤ්චාපි රජ්ජං පුප්ඵිතරුක්ඛො විය ලොභනීයං, භික්ඛුභාවො පන අපුප්ඵිතරුක්ඛො විය අලොභනීයො. තස්මා යාව ඉදම්පි අයං රුක්ඛො විය න විලුප්පති, තාව අයමඤ්ඤො සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකො, එවං කාසාවෙන සඤ්ඡන්නො හුත්වා පබ්බජෙය්ය”න්ති. සො රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
ඔහාරයිත්වා යනු කවර උපතක්ද? බරණැස වෙනත් චාතුමාසික බ්‍රහ්මදත්ත නම් රජු සිවුමසක් සිවුමසක් පාසා උද්‍යාන ක්‍රීඩාවට යයි. ඔහු එක් දවසක් ග්‍රීෂ්ම සෘතුවේ මධ්‍යම මාසයේ උයනට පිවිසෙන්නේ උයන් දොරටුවේ කොළවලින් ගැවසුණු, මල්වලින් අලංකාර වූ අතු වෙළප් ඇත්තේ පරසතු මදාරා මල් දැක එක මලක් ගෙන, උයනට පිවිසියේය. ඉක්බිති රජු විසින් අග, මල ගන්නා ලදැයි, එක්තරා ඇමතියකු ඇතු පිට සිටිමින්, එකම මලක් කඩාගත්තේය. මේ ආකාරයෙන් සියළු බලසේනාව මල් නෙලීය. මල් නොමැති බැවින් පත්‍ර ද ගත්හ. ඒ ගස හටගත් මල් කොළ නැති, කඳ පමණක් විය. රජු සවස් කාලයේ උයනින් නික්මෙන්නේ ඒ දැක මේ ගසට කුමක් කළේදැයි. මා එන වේලාවේ මැණික් වර්ණ අතු පතර මුතු මෙන් දිළිසෙන මල්වලින් අලංකාර විය. දැන් මල්, කොල නැතිව සිටී යයි සිතන්නේ ඒ නුදුරෙහි මල් නොපිපුණු ගසක් ගැවසී ගත් අතු අතර දුටුවේය. දැක, ඔහුට මෙබඳු අදහසක් පහළ විය. මේ ගස මල්බරින් අතු පතරින් සරුසාරය. බොහෝ ජනතාවට ලෝභ සිත් උපදනේය. එයින් මොහොතකිනුදු විපතකට පැමිණියේය. මෙය වනාහි රජුගේ අලෝභය නිසා එහිම සිටියේය. මෙයද රාජ්‍යය මෙන් මල්වලින් පිරි ලෝභය ඉපදවන රුකකි. භික්ෂුභාවය නම් මල් නැති ගසක් මෙන්, ලෝභකම නැත්තේය. එම නිසා මේ ගස මෙන් නොසැලෙයි. මෙය අන්‍ය වූ කොලවලින් පිරිපුන් පරසතු රුක මෙන් මෙසේ කසාවතින් ගැවසුනේ වී, පැවිදිකම ද එසේ වන්නේ යයි, ඔහු රාජ්‍යය හැරදමා පැවිදි වී විදර්ශනා වඩන්නේ පසේ බුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව කී සේක.
තත්ථ කාසායවත්ථො අභිනික්ඛමිත්වාති ඉමස්ස පාදස්ස ගෙහා නික්ඛමිත්වා කාසායවත්ථනිවත්ථො හුත්වාති එවමත්ථො වෙදිතබ්බො. සෙසං වුත්තනයෙනෙව සක්කා විඤ්ඤාතුන්ති න විත්ථාරිතන්ති.
එහි කාසායවත්ථො අභිනික්ඛමිත්වා යනු මේ ගෘහස්ථයන් ගෙදරින් නික්ම, කසාවත් හැඳපොරවන්නේ වී, මෙබඳු අර්ථය දතයුතුය. සෙස්ස කියන ලද අයුරින් දැනගැනීමට හැකිවේ. විස්තර අවශ්‍ය නොවේ.
පාරිච්ඡත්තකගාථාවණ්ණනා නිට්ඨිතා.
පරසතු ගාථා වර්ණනාවයි.
තතියවග්ගො නිට්ඨිතො.
තෙවෙනි වර්ගය
120
120
රසෙසූති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසිරාජා උය්යානෙ අමච්චපුත්තෙහි පරිවුතො සිලාපට්ටපොක්ඛරණියං කීළති. තස්ස සූදො සබ්බමංසානං රසං ගහෙත්වා අතීව සුසඞ්ඛතං අමතකප්පං අන්තරභත්තං පචිත්වා උපනාමෙසි. සො තත්ථ ගෙධමාපන්නො කස්සචි කිඤ්චි අදත්වා අත්තනාව භුඤ්ජි. උදකං කීළන්තො අතිවිකාලෙ නික්ඛන්තො සීඝං සීඝං භුඤ්ජි. යෙහි සද්ධිං පුබ්බෙ භුඤ්ජති, න තෙසං කඤ්චි සරි. අථ පච්ඡා පටිසඞ්ඛානං උප්පාදෙත්වා “අහො! මයා පාපං කතං, ය්වායං රසතණ්හාභිභූතො සබ්බජනං විස්සරිත්වා එකකොව භුඤ්ජිං, හන්ද, නං රසතණ්හං නිග්ගණ්හාමී”ති රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා අත්තනො පුරිමපටිපත්තිං ගරහන්තො තප්පටිපක්ඛගුණදීපිකං ඉමං උදානගාථං අභාසි.
රසෙසූ යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු උද්‍යානයේ ඇමති පුත්‍රයන් විසින් පිරිවරන ලදුව, ගල්තලා පොකුණේ සෙල්ලම් කරයි. ඔහුගේ අරක්කැමියා සියලු මස් රසය ගෙන ඉතාම රසවත් ලෙස අමෘතය මෙන් වූ විශේෂ බතක් පිළියෙල කොට පිරිනැමීය. ඔහු එහි ගිජුබවට පැමිණියේ කිසිවෙකුට කිසිවක් නොදී තෙමේම අනුභව කළේය. ජලක්‍රීඩාවේ බොහෝ වේලාවක් නිරත වීම නිසා ඉක්මණින් ඉක්මණින් අනුභව කළේය. යමකු සමග පෙර අනුභව කරයිද, ඒ කිසිවෙකුත් සිහිපත් නොකළේය. ඉක්බිති පසු සැක සංකාව උපදවා “අහෝ! මා විසින් පාප කර්මයක් කරන ලදි.” ඒ මම රස තෘෂ්ණාවෙන් මඩනා ලද්දේ ‘සියලු ජනතාව අතහැර හුදකලාවට අනුභව කළෙමි. ඉදින් ඒ රස තෘෂ්ණාවට නිග්‍රහ කරමියි රාජ්‍යය හැර පැවිදි වී විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත් කොට තමන්ගේ පෙර ප්‍රතිපත්තිවලට ගරහමින් ඒ ප්රතිපක්ෂ වූ ගුණ සිහිපත් කරමින් මේ උදාන ගාථාව කී සේක.
තත්ථ රසෙසූති අම්බිලමධුරතිත්තකකටුකලොණඛාරිකකසාවාදිභෙදෙසු සායනීයෙසු. ගෙධං අකරන්ති ගිද්ධිං අකරොන්තො, තණ්හං අනුප්පාදෙන්තොති වුත්තං හොති. අලොලොති “ඉදං සායිස්සාමි, ඉදං සායිස්සාමී”ති එවං රසවිසෙසෙසු අනාකුලො. අනඤ්ඤපොසීති පොසෙතබ්බකසද්ධිවිහාරිකාදිවිරහිතො. කායසන්ධාරණමත්තෙන සන්තුට්ඨොති වුත්තං හොති. යථා වා පුබ්බෙ උය්යානෙ රසෙසු ගෙධකරණසීලො අඤ්ඤපොසී ආසිං, එවං අහුත්වා යාය තණ්හාය ලොලො හුත්වා රසෙසු ගෙධං කරොති, තං තණ්හං හිත්වා ආයතිං තණ්හාමූලකස්ස අඤ්ඤස්ස අත්තභාවස්සානිබ්බත්තාපනෙන අනඤ්ඤපොසීති වුත්තං හොති. අථ වා අත්ථභඤ්ජනකට්ඨෙන කිලෙසා “අඤ්ඤෙ”ති වුච්චන්ති, තෙසං අපොසනෙන අනඤ්ඤපොසීති අයමෙත්ථ අත්ථො. සපදානචාරීති අවොක්කම්මචාරී අනුපුබ්බචාරී, ඝරපටිපාටිං අඡඩ්ඩෙත්වා අඩ්ඪකුලඤ්ච දලිද්දකුලඤ්ච නිරන්තරං පිණ්ඩාය පවිසමානොති අත්ථො. කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තොති ඛත්තියකුලාදීසු යත්ථ කත්ථචි කිලෙසවසෙන අලග්ගචිත්තො, චන්දොපමො නිච්චනවකො හුත්වාති අත්ථො. සෙසං වුත්තනයමෙවාති.
එහි රසෙසූ යනු ඇඹුල් මිහිරි තිත්ත කටුක ලුණු කාරම් කෂාය ආදී ප්‍රභේදවලට අයත් විවිධ රසවලය ගෙධං අකරං යනු ගිජු බව නොකරන්නේ, තෘෂ්ණාව නූපදවන්නේ යයි කියන ලද්දේ වෙයි. ආලොලො යනු මෙය අනුභව කරන්නෙමි. මෙය බඩසායින් පෙළෙන්නෙමි. මෙසේ රස විෂයෙහි ව්‍යාකූල නොවී අනඤ්ඤපොසී යනු පෝෂණය කළයුතු සමග විහරණය කරන්නන්ගෙන් තොරව, කය සන්තර්පණය කිරීමට පමණක් සතුටුවූයේ යයි කියන ලදි. යම්සේ පෙර උයනේදී රසයන්හි ගිජුබවට පත්වූයේ අනෙකකු විසින් පෝෂණය කරනසුළු වූයේ මෙසේ නොවී යම් බඳු වූ තෘෂ්ණාවේ ලොල් වී, රසයන්හි ගිජු බව කරයිද? යම් තෘෂ්ණාවක් හේතුකොට, මතු තෘෂ්ණාවට මූලික වූ වෙනත් ආත්මභාවයක නූපදින විලාශයක්, අනඤ්ඤපොසි යයි කියන ලද්දේ වෙයි. නැතහොත්, අර්ථය බිඳීමේ අදහසින් කෙලෙස් නැති කළේ යයි කියනු ලැබෙත්. ඔවුන්ගේ පෝෂණය නැතිවීමත් අනඤ්ඤපොසි යන මේ අර්ථය වේ. සපදානචාරී යනු නොඉක්මවනසුළු; අනුව හැසිරෙන, ගෘහ පටිපාටියට අනුව අත්නොහැර; කුලවත් නිවසද, දිළිඳු කුලයද නිරන්තරයෙන් පිඬු පිණිස ප්‍රවේශවන්නේ යන අර්ථයයි. කුලෙ කුලෙ අප්පටිබද්ධ චිත්තො යනු ක්ෂත්රිය ආදි කුලවල යම්තැනක කිසියම් කෙලෙස් වශයෙන් නො ලගින සිත් ඇත්තේ, චන්ද්‍රයා උපමා කොට ඇති වක් නොවී යන අර්ථයයි. සෙසු දේ කියන ලද පරිද්දෙනි.
රසගෙධගාථාවණ්ණනා නිට්ඨිතා.
රසයට ගිජුවීමේ ගාථා වර්ණනාවයි.
121
121
පහාය පඤ්චාවරණානීති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤතරො රාජා පඨමජ්ඣානලාභී අහොසි. සො ඣානානුරක්ඛණත්ථං රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං පත්වා අත්තනො පටිපත්තිසම්පදං දීපෙන්තො ඉමං උදානගාථං අභාසි.
පහාය පඤ්චාවරණා යනු කවර උපතක්ද? බරණැස එක්තරා රජකෙනෙකු ප්‍රථමධ්‍යානලාභී විය. ඔහු ධ්‍යාන අනුව රකිමින් රාජ්‍යය හැර පැවිදිවී විදර්ශනා වඩා පසේ බුදුබවට පැමිණ තමන්ගේ ප්‍රතිපත්ති සමුදාය බබළවමින් මේ උදාන ගාථාව කී සේක.
තත්ථ පඤ්චාවරණානීති පඤ්ච නීවරණානි එව, තානි උරගසුත්තෙ (සු· නි· 1 ආදයො) අත්ථතො වුත්තානි. තානි පන යස්මා අබ්භාදයො විය චන්දසූරියෙ චෙතො ආවරන්ති, තස්මා “ආවරණානි චෙතසො”ති වුත්තානි. තානි උපචාරෙන වා අප්පනාය වා පහාය විජහිත්වාති අත්ථො . උපක්කිලෙසෙති උපගම්ම චිත්තං විබාධෙන්තෙ අකුසලධම්මෙ, වත්ථොපමාදීසු (ම· නි· 1.70 ආදයො) වුත්තෙ අභිජ්ඣාදයො වා. බ්යපනුජ්ජාති පනුදිත්වා, විපස්සනාමග්ගෙන පජහිත්වාති අත්ථො. සබ්බෙති අනවසෙසෙ. එවං සමථවිපස්සනාසම්පන්නො පඨමමග්ගෙන දිට්ඨිනිස්සයස්ස පහීනත්තා අනිස්සිතො, සෙසමග්ගෙහි ඡෙත්වා තෙධාතුකං සිනෙහදොසං, තණ්හාරාගන්ති වුත්තං හොති. සිනෙහො එව හි ගුණපටිපක්ඛතො සිනෙහදොසොති වුත්තො. සෙසං වුත්තනයමෙවාති.
එහි පඤ්චාවරණානි යනු නීවරණයෝමය. ඒවා උරග සූත්‍රයේ අර්ථ වශයෙන් කියන ලද්දේ වේ. ඒවා වනාහි වලාකුළු මෙන් සඳ-හිරු එළිය වලකාලති. එහෙයින් ආවරණා නි චෙතසො යයි කියන ලද්දේය. ඒවා උපචාර-අර්පණා වහයෙන් ද, පහාය දුරුකොට යන අර්ථයයි. උපක්කිලෙසෙ යනු පැමිණි සිතට අකුසල ධර්ම වශයෙන් බාධා කරන්නේ වස්තු උපමාදියෙහි කියන ලද අභිධ්‍යා ආදිය වේ. බ්යපනුජ්ජා යනු, ඉස්මතු වී විදර්ශනා මාර්ගයෙන් දුරුකොට යන අර්ථයයි. සබ්බෙ යනු නිරවශේෂ වශයෙන්. මෙසේ සමථ-විදර්ශනා සම්පන්න වූ පළමු මාර්ගයෙන්, දෘෂ්ටිය ඇසුරුකොට ඇති තැන් ප්‍රහීණ කළ බැවින්. අනිස්සිතො සෙසු මාර්ගවලින් සිඳ දමා, ත්‍රෛධාතුක වූ ස්නේහ දෝෂයද, තෘෂ්ණා රාගය ද කියන ලද්දේ වෙයි. ස්නේහයම ගුණයට ප්‍රතිවිරුද්ධ වූ විට ස්නේහ දෝෂය යයි කියන ලද්දේය. සෙස්ස කියන ලද අයුරිනි.
ආවරණගාථාවණ්ණනා නිට්ඨිතා.
ආවරණ ගාථා වර්ණනාවයි.
122
122
විපිට්ඨිකත්වානාති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤතරො රාජා චතුත්ථජ්ඣානලාභී අහොසි. සොපි ඣානානුරක්ඛණත්ථං රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා අත්තනො පටිපත්තිසම්පදං දීපෙන්තො ඉමං උදානගාථං අභාසි.
විපිට්ඨි කත්වානා යනු කවර උපතක්ද? බරණැස එක්තරා රජකෙනෙකු, චතුර්ථ ධ්යානලාභියෙකු විය. ඔහුද, ධ්‍යානය අනුව රකිමින් රාජ්‍යය හැරදමා පැවිදිවී, විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත් කොට, තමන්ගේ පිළිවෙත් සමුදාය බබළවමින් මේ උදානගාථාව කී සේක.
තත්ථ විපිට්ඨිකත්වානාති පිට්ඨිතො කත්වා, ඡඩ්ඩෙත්වා විජහිත්වාති අත්ථො . සුඛඤ්ච දුක්ඛන්ති කායිකං සාතාසාතං. සොමනස්සදොමනස්සන්ති චෙතසිකං සාතාසාතං. උපෙක්ඛන්ති චතුත්ථජ්ඣානුපෙක්ඛං. සමථන්ති චතුත්ථජ්ඣානසමාධිං එව. විසුද්ධන්ති පඤ්චනීවරණවිතක්කවිචාරපීතිසුඛසඞ්ඛාතෙහි නවහි පච්චනීකධම්මෙහි විමුත්තත්තා අතිසුද්ධං, නිද්ධන්තසුවණ්ණමිව විගතූපක්කිලෙසන්ති අත්ථො.
එහි විපිට්ඨිකත්වානා යනු පිටපෙරළා, හැරදමා, දුරුකොට යන අර්ථයි. සුඛංච දුක්ඛං යනු කායික සැප දුක්ය. සොමනස්ස-දොමනස්සං යනු චෛතසික සැප දුක්ය. උපෙක්ඛං යනු චතුර්ථධ්යානය අපේක්ෂා කරන. සමථං යනු චතුර්ථ ධ්‍යාන නිසා හටගත් සමාධියටය. විසුද්ධං යනු පංච නීවරණ අසුවන, විචාර පීති සුඛං සංඛ්‍යාත නවවැදෑරුම් පංචනීය ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ බැවින් ඉතා පිරිසිදු වූ. පිරිසිදු කළ රත්රන් මෙන් පහකරන ලද උපක්ලේශ යන අර්ථයයි.
අයං පන යොජනා – විපිට්ඨිකත්වාන සුඛඤ්ච දුක්ඛඤ්ච පුබ්බෙව, පඨමජ්ඣානූපචාරෙයෙව දුක්ඛං තතියජ්ඣානූපචාරෙයෙව සුඛන්ති අධිප්පායො. පුන ආදිතො වුත්තං ච-කාරං පරතො නෙත්වා “සොමනස්සං දොමනස්සඤ්ච විපිට්ඨිකත්වාන පුබ්බෙවා”ති අධිකාරො. තෙන සොමනස්සං චතුත්ථජ්ඣානූපචාරෙ, දොමනස්සඤ්ච දුතියජ්ඣානූපචාරෙයෙවාති දීපෙති. එතානි හි එතෙසං පරියායතො පහානට්ඨානානි. නිප්පරියායතො පන දුක්ඛස්ස පඨමජ්ඣානං, දොමනස්සස්ස දුතියජ්ඣානං, සුඛස්ස තතියජ්ඣානං, සොමනස්සස්ස චතුත්ථජ්ඣානං පහානට්ඨානං. යථාහ – “පඨමං ඣානං උපසම්පජ්ජ විහරති එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”තිආදිකං (සං· නි· 5.510) සබ්බං අට්ඨසාලිනියා ධම්මසඞ්ගහට්ඨකථායං (ධ· ස· අට්ඨ· 165) වුත්තං. යථා පුබ්බෙවාති තීසු පඨමජ්ඣානාදීසු දුක්ඛදොමනස්සසුඛානි විපිට්ඨිකත්වා එවමෙත්ථ චතුත්ථජ්ඣානෙ සොමනස්සං විපිට්ඨිකත්වා ඉමාය පටිපදාය ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙති. සෙසං වුත්තනයමෙවාති.
මේ යෝජනා වනාහි සැපද - දුකද දුරුකොට පුබ්බෙව ප්‍රථම ධ්‍යාන උපචාරයම දුකකි. තෘතියධ්‍යාන උපචාරය සැපයක් යයි අදහස් කෙරේ. නැවත මුලපටන් කියන ලද, ‘ච’ කාරයෙන් පරව ගොස්, සොම්නසද, දොම්නසද, දුරුකොට පෙර කියන ලද පරිද්දෙනි. එයින් සොම්නස චතුර්ථ ධ්‍යානයට අනුව යෙදී ඇත. දොම්නසද ද්විතීය ධ්‍යානයම බබළවයි. මේවා, මේවා පර්යාය වශයෙන් ප්රහාණය කිරීම් අර්ථයෙනි. පරියාය අර්ථ වශයෙන් නොවන තැන්වල දුකට ප්‍රථම ධ්‍යානයද, දොම්නසට ද්විතීය ධ්‍යානයද සැපයට තෘතීය ධ්‍යානයද සොම්නසට චතුර්ථ ධ්‍යානයද ප්රහාණය කිරීම් අර්ථයෙන් කියන ලද්දේ වෙයි. ප්‍රථම ධ්‍යානයට සපැමිණ වාසය කරයි. මෙහි උපන් දුක්ඛ ඉන්ද්රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වේ. සියල්ල අර්ථසාලිනි නම් ධම්මසංගිනි අට්ඨකථාවේ කියන ලද්දේ වේ. යම් හෙයකින්, පුබ්බේව ප්‍රථම ධ්‍යානාදි තුනෙහි, දුක් දොම්නස්, සැප දුරුකොට මෙහිම චතුර්ථ ධ්‍යානයෙහි සොම්නස දුරුකොට මේ ප්‍රතිපදාවෙන් ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං හුදකලාව හැසිරෙයි. සෙස්ස කියන ලද පරිද්දෙනි.
විපිට්ඨිගාථාවණ්ණනා නිට්ඨිතා.
විපිට්ඨි ගාථා (දුරුකිරීම) වර්ණනාවයි.
123
123
ආරද්ධවීරියොති කා උප්පත්ති? අඤ්ඤතරො කිර පච්චන්තරාජා සහස්සයොධබලකායො රජ්ජෙන ඛුද්දකො, පඤ්ඤාය මහන්තො අහොසි. සො එකදිවසං “කිඤ්චාපි අහං ඛුද්දකො රජ්ජෙන, පඤ්ඤවතා පන සක්කා සකලජම්බුදීපං ගහෙතු”න්ති චින්තෙත්වා සාමන්තරඤ්ඤො දූතං පාහෙසි – “සත්තාහබ්භන්තරෙ මෙ රජ්ජං වා දෙතු යුද්ධං වා”ති. තතො සො අත්තනො අමච්චෙ සන්නිපාතාපෙත්වා ආහ – “මයා තුම්හෙ අනාපුච්ඡායෙව සාහසං කම්මං කතං, අමුකස්ස රඤ්ඤො එවං පෙසිතං, කිං කාතබ්බ”න්ති? තෙ ආහංසු – “සක්කා, මහාරාජ, සො දූතො නිවත්තෙතු”න්ති. “න සක්කා, ගතො භවිස්සතී”ති. “යදි එවං විනාසිතම්හා තයා, තෙන හි දුක්ඛං අඤ්ඤස්ස සත්ථෙන මරිතුං, හන්ද, මයං අඤ්ඤමඤ්ඤං පහරිත්වා මරාම, අත්තානං පහරිත්වා මරාම, උබ්බන්ධාම, විසං ඛාදාමා”ති. එවං එතෙසු එකමෙකො මරණමෙව සංවණ්ණෙති. තතො රාජා “කිං මෙ ඉමෙහි, අත්ථි, භණෙ, මය්හං යොධා”ති ආහ. අථ “අහං මහාරාජ යොධො, අහං මහාරාජ යොධො”ති යොධසහස්සං උට්ඨහි.
ආරද්ධවිරියො යනු කවර උපතක්ද? එක්තරා ප්‍රත්‍යන්ත රජකෙනෙකු දහසක යෝධ බලකායක් සමග රාජ්‍යයෙන් කුඩා, ප්‍රඥාවෙන් මහත්ව සිටියේය. ඔහු එක දවසක් ඉදින් මම රාජ්‍යයෙන් කුඩා වුවත් ප්‍රඥාවෙන් මහත් බැවින් මුළු දඹදිවම අල්ලා ගැනීමට හැකි වේයයි, සිතා හාත්පස රජවරුන්ට දූතයකු යැවීය. දින හතක් ඇතුළත මට රාජ්‍යය දේවා නැතිනම් යුද්ධ කරමියි යනුවෙනි. ඉක්බිති ඔහු තමන්ගේ ඇමතියන් රැස්කරවා, කීවේය. ‘මා විසින් නුඹලාගෙන් නොවිචාරාම සැහැසිකමක් කරන ලදි. අසවල් රජතුමාට මෙසේ යවන ලදි. කුමක් කළ යුතුද? යනුවෙනි. ඔවුහු මෙසේ කීහ. මහරජ, ඒ දූතයා නැවැත්වීමට හැකිය. නො එසේ නම් ගියේ වන්නේය. ඉදින් ඔබ විසින් විනාශයක් කරන ලදි. එසේ වීනම්, අන්‍යයකු ආයුධයකින් මැරීමට දුකය. ඉදින් තවද අපි ඔවුනොවුන් පහරදී මරමු. තමන් පහරදී මරමු. උල තියමු. විෂ පොවමු. මෙසේ ඔවුනතර එක එකා මරණයම වර්ණනා කරයි. ඉක්බිති රජු, මොවුන් විසින් මට කුමක් කියහු? පින්වත මට මහත් යෝධයෝ ඇතැයි කීවේය. ඉක්බිති; මහරජ, මම යෝධයෙකි. මහරජ මම යෝධයකැයි යෝධයෝ දහසක් නැගී සිටියේය.
රාජා “එතෙ උපපරික්ඛිස්සාමී”ති මහන්තං චිතකං සජ්ජාපෙත්වා ආහ – “මයා, භණෙ, ඉදං සාහසං කතං, තං මෙ අමච්චා පටික්කොසන්ති, ස්වාහං චිතකං පවිසිස්සාමි. කො මයා සද්ධිං පවිසිස්සති, කෙන මය්හං ජීවිතං පරිච්චත්ත”න්ති? එවං වුත්තෙ පඤ්චසතා යොධා උට්ඨහිංසු “මයං, මහාරාජ, පවිසිස්සාමා”ති. තතො රාජා ඉතරෙ පඤ්චසතෙ ආහ – “තුම්හෙ දානි, තාතා, කිං කරිස්සථා”ති? තෙ ආහංසු – “නායං, මහාරාජ, පුරිසකාරො, ඉත්ථිචරියා එසා, අපිච මහාරාජෙන පටිරඤ්ඤො දූතො පෙසිතො, තෙ මයං තෙන රඤ්ඤා සද්ධිං යුජ්ඣිත්‍වා මරිස්සාමා”ති. තතො රාජා “පරිච්චත්තං තුම්හෙහි මම ජීවිත”න්ති චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා තෙන යොධසහස්සෙන පරිවුතො ගන්ත්වා රජ්ජසීමාය නිසීදි.
රජු මොවුන් පරීක්ෂා කරන්නෙමියි, මහත් චිතකයක් සාදා කීවේය. “බොලවු, මා විසින් මෙනම් වූ සැහැසිකමක් කරන ලදි. එයට මට ඇමැතියෝ අක්‍රෝෂ කරති. ඉදින් මම චිතකයට පිවිසෙන්නෙමි. කවරෙක්, මා සමග පිවිසෙන්නේද? කවරකු විසින් මගේ ජීවිතය පරිත්‍යාග කරන්නේදැයි, මෙසේ කී කල්හි පන්සියයක් යෝධයෝ නැගී සිටියහ. ‘මහරජ, අපි විමසන්නෙමි’ ඉක්බිති, මහරජු ඉතිරි පන්සියදෙනාට කීවේය. ‘දරුවනි, නුඹලා දැන් කුමක් කරන්නෙහුද? ඔවුහු කීහ. මහරජ, මේ පුරුෂාකාර වූ ස්ත්‍රී චර්යා රටාවෝය. තවද මහරජු විසින් විරුද්ධ රජතුමා දූතයකු යවන ලදි. ඒ අපි, ඒ රජු සමග යුද්ධකොට මරන්නෙමු. ඉක්බිති, පරිත්‍යාග කරන ලද, නුඹලා විසින් මගේ ජීවිතයට චතුරංගනී සේනාව සන්නද්ධකොට ඒ යෝධයන් දහසකුත් පිරිවරාගෙන ගොස්, රාජ්‍ය සීමාවේ හුන්නේය.
සොපි පටිරාජා තං පවත්තිං සුත්වා “අරෙ, සො ඛුද්දකරාජා මම දාසස්සාපි නප්පහොතී”ති දුස්සිත්වා සබ්බං බලකායං ආදාය යුජ්ඣිතුං නික්ඛමි. ඛුද්දකරාජා තං අබ්භුය්යාතං දිස්වා බලකායං ආහ – “තාතා, තුම්හෙ න බහුකා, සබ්බෙ සම්පිණ්ඩිත්වා අසිචම්මං ගහෙත්වා සීඝං ඉමස්ස රඤ්ඤො පුරතො උජුකං එව ගච්ඡථා”ති. තෙ තථා අකංසු. අථස්ස සා සෙනා ද්විධා භින්දිත්වා අන්තරමදාසි. තෙ තං රාජානං ජීවග්ගාහං ගහෙත්වා අත්තනො රඤ්ඤො “තං මාරෙස්සාමී”ති ආගච්ඡන්තස්ස අදංසු. පටිරාජා තං අභයං යාචි. රාජා තස්ස අභයං දත්වා සපථං කාරාපෙත්වා අත්තනො වසෙ කත්වා තෙන සහ අඤ්ඤං රාජානං අබ්භුග්ගන්ත්වා තස්ස රජ්ජසීමාය ඨත්වා පෙසෙසි – “රජ්ජං වා මෙ දෙතු යුද්ධං වා”ති. සො “අහං එකයුද්ධම්පි න සහාමී”ති රජ්ජං නිය්යාදෙසි. එතෙනුපායෙන සබ්බෙ රාජානො ගහෙත්වා අන්තෙ බාරාණසිරාජානම්පි අග්ගහෙසි.
ඒ යුවරජුද ඒ පුවත අසා බොල, ඒ කුඩා රජු, මගේ දාසයකුදු තරම නොවටී යයි පවසා සියලු බලසේනාව ගෙන යුද්ධ කිරීමට නික්ම ගියේය. කුඩා රජු ඒ පුදුමාකාර පුවත අසා කීවේය. දරුවනි, නුඹලා බහුල නොවේ. සියල්ලම ඒකරාශී වී කඩුසමක් ගෙන වහාම මේ රජුගේ ඉදිරියේ සෘජුවම ගමන් කරවු. ඔවුහු එසේ කළහ. ඉක්බිති ඒ සේනාව ජීවග්රහයෙන් අල්ලාගෙන තමන්ගේ රජුගේ ඔහු මරන්නෙමියයි, පැමිණියහු හට දුන්හ. යුවරජු, ඔහුගෙන් අභයදානය ඉල්ලීය. රජු ඔහුට අභයදානය දී, සපථ කරවාගෙන තම වසඟයෙහි තබාගෙන ඔහු සමග වෙනත් රජවරුන් ගෙන්වාගෙන තම රාජ්‍ය සීමාවේ සිට යැවීය. ‘මට රාජ්‍යය දෙවු. නැතිනම් යුද්ධ කරවු. ඒ මම එකම යුද්ධයක් හෝ නොඉවසමි. රාජ්‍යය පවරා ගනුව. ඒ උපායෙන් සියලු රජවරු අල්ලාගෙන කෙළවර බරණැස රජවරුන්ට මුල පිරිනැමීය.
සො එකසතරාජපරිවුතො සකලජම්බුදීපරජ්ජං අනුසාසන්තො චින්තෙසි – “අහං පුබ්බෙ ඛුද්දකො අහොසිං, සොම්හි ඉදානි අත්තනො ඤාණසම්පත්තියා සකලජම්බුදීපමණ්ඩලස්ස ඉස්සරො රාජා ජාතො. තං ඛො පන මෙ ඤාණං ලොකියවීරියසම්පයුත්තං, නෙව නිබ්බිදාය න විරාගාය සංවත්තති, යංනූනාහං ඉමිනා ඤාණෙන ලොකුත්තරධම්මං ගවෙසෙය්ය”න්ති. තතො බාරාණසිරඤ්ඤො රජ්ජං දත්වා පුත්තදාරඤ්ච සකජනපදෙයෙව ඨපෙත්වා සබ්බං පහාය පබ්බජිත්වා විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං සච්ඡිකත්වා අත්තනො වීරියසම්පත්තිං දීපෙන්තො ඉමං උදානගාථං අභාසි.
ඔහු එකසියයක් රජවරු පිරිවරාගෙන මුළු දඹදිව ඉසුරුමත් රාජ්‍යය උපදනේය. ඉදින් මගෙ මේ ඤාණය ලෞකික වීර්ය සම්පන්නභාවය නිසාම වුවකි. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. ඉදින් ඒ නිසා මම මේ ඤාණයෙන් ලෝකෝත්තර ධර්මය සොයන්නේ නම් යෙහෙකි. ඉක්බිති බරණැස් රජුට රාජ්‍යය දී, අඹුදරුවෝද සිය ජනපදයට යවා, සියල්ල හැර පැවිදිවී විදර්ශනා වඩා පසේ බුදුබව සාක්ෂාත්කොට තමන්ගේ විරිය සම්පත්තිය බබළවමින් මේ උදාන ගාථාව වදාළ සේක.
තත්ථ ආරද්ධං වීරියං අස්සාති ආරද්ධවීරියො. එතෙන අත්තනො මහාවීරියතං දස්සෙති. පරමත්ථො වුච්චති නිබ්බානං, පරමත්ථස්ස පත්ති පරමත්ථපත්ති, තස්සා පරමත්ථපත්තියා. එතෙන වීරියාරම්භෙන පත්තබ්බං ඵලං දස්සෙති. අලීනචිත්තොති එතෙන වීරියූපත්ථම්භානං චිත්තචෙතසිකානං අලීනතං දස්සෙති. අකුසීතවුත්තීති එතෙන ඨානචඞ්කමාදීසු කායස්ස අනවසීදනං දස්සෙති. දළ්හනික්කමොති එතෙන “කාමං තචො ච න්හාරු චා”ති (ම· නි· 2.184; අ· නි· 2.5; මහානි· 196) එවං පවත්තං පදහනවීරියං දස්සෙති, යං තං අනුපුබ්බසික්ඛාදීසු පදහන්තො “කායෙන චෙව පරමත්ථසච්චං සච්ඡිකරොතී”ති වුච්චති. අථ වා එතෙන මග්ගසම්පයුත්තං වීරියං දස්සෙති. තම්පි දළ්හඤ්ච භාවනාපාරිපූරිගතත්තා, නික්කමො ච සබ්බසො පටිපක්ඛා නික්ඛන්තත්තා, තස්මා තංසමඞ්ගීපුග්ගලොපි දළ්හො නික්කමො අස්සාති “දළ්හනික්කමො”ති වුච්චති. ථාමබලූපපන්නොති මග්ගක්ඛණෙ කායථාමෙන ච ඤාණබලෙන ච උපපන්නො. අථ වා ථාමභූතෙන බලෙන උපපන්නො, ථිරඤාණබලූපපන්නොති වුත්තං හොති. එතෙන තස්ස වීරියස්ස විපස්සනාඤාණසම්පයොගං දීපෙන්තො යොගපධානභාවං සාධෙති. පුබ්බභාගමජ්ඣිමඋක්කට්ඨවීරියවසෙන වා තයොපි පාදා යොජෙතබ්බා. සෙසං වුත්තනයමෙවාති.
එහි ඔහුට පටන්ගත් වීර්ය ඇත්තේනුයි, ආරද්ධ විරියො නම් වේ. මෙයින් තමන්ගේ මහා වීර්ය බව දක්වයි. පරමාර්ථය යයි නිවනට කියනු ලැබේ. පරමාර්ථයට පැමිණීමයි. පරමත්ථපත්ති, ඒ පරමාර්ථයට පැමිණීමයි. එපරිදි වීර්ය ආරම්භ කිරීමෙන් පැමිණිය යුතු ඵලය පෙන්වයි. අලීනචිත්තො යනු වීර්ය ආරම්භ කිරීමෙන් චිත්ත-චෛතසිකයන්ගේ නොඇලුණු බව පෙන්වයි. අකුසිතවුත්ති යනු මේ ස්ථාන සක්මන් කිරීම්වල ශරීරයේ අකුටිල බව පෙන්වයි. දළ්හ නික්කමො යනු ‘කාමය සමද නහරද යනු මෙසේ පවත්නා වූ ආරම්භක වීර්ය පෙන්වයි. යම්බඳු අනුපූර්ව ශික්ෂාපදවල යෙදෙමින් කායිකවද පරමාර්ථ සත්‍යය සාක්ෂාත් කරයි යයි කියනු ලැබේ. නැතහොත්, මෙයින් මාර්ග සම්ප්‍රයුක්තවූ වීර්ය පෙන්වයි. එයද, දැඩිසේ භාවනාවෙන් පරිපූර්ණත්වයට ගිය බැවින්, නික්මීමද, සියළු දේට විරුද්ධව නික්මෙන බැවින් එහෙයින් තාම වීර්යයෙන් යුතු පුද්ගලයා, දළ්හ නික්කම නම් වේ. දැඩිව නික්මයාම ඔහුට ඇති බැවින් දළ්හනික්කම යයි කියනු ලැබේ. ථාමබලුප පන්නො යනු මාර්ගඥානය නිසාවෙන් කායික වීර්යයද, ඤාණ බලයෙන් උපන්, නැතහොත් සත්ත්වථාම වීර්ය බලයෙන් උපන් දැඩි ස්ථිර වූ. ථාම බලයෙන් උපන් යන අර්ථයයි. මෙසේ ඒ වීර්යයට විදර්ශනා ඥානය උපයෝගී වීමෙන් බබළන්නා වූ සිහිබුද්ධි ඇති යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත භාවාර්ථය සාධනය කරයි. එය තෙවැදෑරුම් වේ. පූර්වභාග මධ්‍යම සහ උත්කෘෂ්ට වීර්යයෙන් යුතු වශයෙනි. ඒ පද තුනද යෙදිය යුතුය. සෙස්ස කියන ලද අයුරින්මය.
ආරද්ධවීරියගාථාවණ්ණනා නිට්ඨිතා.
ආරද්ධ විරිය ගාථා වර්ණනාවයි.
124
124
පටිසල්ලානන්ති කා උප්පත්ති? ඉමිස්සා ගාථාය ආවරණගාථාය විය උප්පත්ති, නත්ථි කොචි විසෙසො. අත්ථවණ්ණනාය පනස්සා පටිසල්ලානන්ති තෙහි තෙහි සත්තසඞ්ඛාරෙහි පටිනිවත්තිත්වා සල්ලානං, එකමන්තසෙවිතා එකීභාවො කායවිවෙකොති අත්ථො. ඣානන්ති පච්චනීකඣාපනතො ආරම්මණලක්ඛණූපනිජ්ඣානතො ච චිත්තවිවෙකො වුච්චති. තත්ථ අට්ඨ සමාපත්තියො නීවරණාදිපච්චනීකඣාපනතො කසිණාදිආරම්මණූපනිජ්ඣානතො ච “ඣාන”න්ති වුච්චති. විපස්සනාමග්ගඵලානි සත්තසඤ්ඤාදිපච්චනීකඣාපනතො ලක්ඛණූපනිජ්ඣානතො ච “ඣාන”නි වුච්චති. ඉධ පන ආරම්මණූපනිජ්ඣානමෙව අධිප්පෙතං. එවමෙතං පටිසල්ලානඤ්ච ඣානඤ්ච අරිඤ්චමානො අජහමානො අනිස්සජ්ජමානො. ධම්මෙසූති විපස්සනූපගෙසු පඤ්චක්ඛන්ධාදිධම්මෙසු. නිච්චන්ති සතතං සමිතං අබ්බොකිණ්ණං. අනුධම්මචාරීති තෙ ධම්මෙ ආරබ්භ පවත්තනෙන අනුගතං විපස්සනාධම්මං චරමානො. අථ වා ධම්මෙසූති එත්ථ ධම්මාති නවලොකුත්තරධම්මා, තෙසං ධම්මානං අනුලොමො ධම්මොති අනුධම්මො, විපස්සනායෙතං අධිවචනං. තත්ථ “ධම්මානං නිච්චං අනුධම්මචාරී”ති වත්තබ්බෙ ගාථාබන්ධසුඛත්ථං විභත්තිබ්යත්තයෙන “ධම්මෙසූ”ති වුත්තං සියා. ආදීනවං සම්මසිතා භවෙසූති තාය අනුධම්මචාරිතාසඞ්ඛාතාය විපස්සනාය අනිච්චාකාරාදිදොසං තීසු භවෙසු සමනුපස්සන්තො එවං ඉමාය කායචිත්තවිවෙකසිඛාපත්තවිපස්සනාසඞ්ඛාතාය පටිපදාය අධිගතොති වත්තබ්බො එකො චරෙති එවං යොජනා වෙදිතබ්බා.
පටිසල්ලාණ යනු කවර උපතක්ද? මේ ගාථාවේ ආවරණ ගාථාව මේ උත්පත්තියයි. කිසි විශේෂයක් නැත. මෙහි අර්ථ වර්ණනාව වනාහි, පටිසල්ලාණං යනු ඒ ඒ සත්වැදෑරුම් සංස්කාරවලින් නවතා, සමවත් එකත්පසෙක සේවනය කරන ලද්දේ ඒකියභාවය කාය විවේකය යන අර්ථයයි. ඣානං යනු ප්‍රත්‍යයන් අනුව විමසීමෙන්ද අරමුණු ලකුණු ගැනීමෙන්ද ලැබෙන චිත්ත විවේකය යයි කියනු ලැබේ. එහි අෂ්ට සමාපත්ති පංච නීවරණ ආදී ප්‍රත්‍යය ක්ෂය කිරීමෙන්, කසිණාදී අරමුණුවලින් යුක්ත වූවේ ඣාන යයි කියනු ලැබේ. විදර්ශනා ඇති මාර්ගඵල ආදියෙන්ද, සප්ත සඥාදි වශයෙන් ඇතිවන ලක්ෂණ සංසිඳවීම ධ්‍යාන යයි කියනු ලැබේ. මෙය අරමුණු වශයෙන් ගැනීම නිසා සමවත් සුවයට සමවැදීමද, ධ්‍යාන නම් වේ. අරිඤ්චමානො දුරු නොකරන්නේ, ධම්මෙසු යනු විදර්ශනා ආදි පංචස්කන්‍ධාදි ධර්මයන්. නිච්චං යනු නිරතුරුව ශාන්ත ලෙස බැසගත්තා වූ. අනුධම්මචාරි ඒ ධර්මයන් අරබයා පවත්නා වූ අනුපාත විදර්ශනා ධර්මයන්හි හැසිරෙන්නේ, නැතහොත්, ධර්මයන්හි මෙහි ධම්මා යනු නවලෝකෝත්තර ධර්මයන්ය. ඒ ධර්මයන් මුලසිට බැලීම ධම්ම නම් වේ. අනුධර්ම යනු විදර්ශනාවට විශේෂ වචනයකි. එහි ධර්මයන්ගේ නිතර අනුව හැසිරීම අනුධම්මචාරී යයි කිවයුතුය. ගාථා බන්ධනයන්ගේ විභක්ත්ය වශයෙන් බෙදීම් වශයෙන් කියන ලද්දේ වෙයි. ආදීනවං සම්මසිතා භවෙසු යනු ඒ අනුධර්ම හැසිරෙන විදර්ශනා වශයෙන් තුන්භවයෙහි අනිත්‍යාදි දොස් මැනවින් බලා මේ කාය චිත්ත විවේකයටද පැමිණි, විදර්ශනා සංඛ්‍යාත ප්‍රතිපදාව අධිගම කළේ යයි දතයුතුය. එකො චරෙ යනු මෙසේ යෝජනා දතයුතුය.
පටිසල්ලානගාථාවණ්ණනා නිට්ඨිතා.
පටිසල්ලාණ (සමවත්) ගාථා වර්ණනාවයි.
125
125
තණ්හක්ඛයන්ති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසිරාජා මහච්චරාජානුභාවෙන නගරං පදක්ඛිණං කරොති. තස්ස සරීරසොභාය ආවජ්ජිතහදයා සත්තා පුරතො ගච්ඡන්තාපි නිවත්තිත්වා තමෙව උල්ලොකෙන්ති, පච්ඡතො ගච්ඡන්තාපි, උභොහි පස්සෙහි ගච්ඡන්තාපි. පකතියා එව හි බුද්ධදස්සනෙ පුණ්ණචන්දසමුද්දරාජදස්සනෙ ච අතිත්තො ලොකො. අථ අඤ්ඤතරා කුටුම්බියභරියාපි උපරිපාසාදගතා සීහපඤ්ජරං විවරිත්වා ඔලොකයමානා අට්ඨාසි. රාජා තං දිස්වා පටිබද්ධචිත්තො හුත්වා අමච්චං ආණාපෙසි – “ජානාහි තාව, භණෙ, ‘අයං ඉත්ථී සසාමිකා වා අසාමිකා වා’”ති? සො ඤත්වා “සසාමිකා, දෙවා”ති ආරොචෙසි. අථ රාජා චින්තෙසි – “ඉමා වීසතිසහස්සනාටකිත්ථියො දෙවච්ඡරායො විය මං එව එකං අභිරමාපෙන්ති, සො දානාහං එතාපි අතුස්සිත්වා පරස්ස ඉත්ථියා තණ්හං උප්පාදෙසිං. සා උප්පන්නා අපායමෙව ආකඩ්ඪතී”ති තණ්හාය ආදීනවං දිස්වා “හන්ද, නං නිග්ගණ්හාමී”ති රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
තණ්හක්ඛයං යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු, මහත් රාජ්‍ය ආනුභාවයෙන් නගරය ප්රදක්ෂිණා කරයි. ඔහුගේ ශරීර ශෝභාවෙන් නොබැඳුණු හදවත් ඇති සත්ත්වයෝ ඉදිරියෙන් යන්නේ නමුත්, නැවතී ඔහු දෙසම බලති. පසුපසින් යන්නෝ ද දෙපැත්තෙන් යන්නෝද, එසේමය. ප්‍රකෘතියෙන්ම බුදුන් දැකීමද, පූර්ණචන්ද්රයා, සමුද්‍රය, රජු දැකීමද ලෝකයාට තෘප්තියක් නැත. ඉක්බිති එක්තරා කෙළඹි බිරිඳක්ද ප්‍රාසාද මතු මහලට ගියේ, සිංහ කවුළුව විවරකොට බලමින් සිටියාය. රජු ඇය දැක පිළිබඳ සිතැත්තේ වී ඇමතියාට අණ කළේය. බොල; දැනගෙන එව. මේ ස්ත්‍රිය ස්වාමියෙක් සහිත ද අස්වාමික ද යන බව. ඔහු දැනගෙන සස්වාමික යයි රජුට දැන්වීය. ඉක්බිති රජු සිතුවේය. මැය විසිදහසක් නාටක ස්ත්‍රීහු දේව අප්සරාවෝ මෙන්, මා සමග එකවරක් රමණය කරත්. ඒ දැන් මම මැය ඉක්මවා අනුන්ගේ ස්ත්‍රියකට තෘෂ්ණාව උපදවා ගතිමි. ඒ උපන්නා වූ සිතිවිල්ල නිසා අපායට ඇදගෙන යයි යනුවෙන් තෘෂ්ණාවේ ආදිනව දැක ඉදින් එයට නිග්‍රහ කරමියි, රාජ්‍යය හැරදමා පැවිදිව විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත් කොට, මේ උදාන ගාථාව දේශනා කළ සේක.
තත්ථ තණ්හක්ඛයන්ති නිබ්බානං, එවං දිට්ඨාදීනවාය වා තණ්හාය අප්පවත්තිං. අප්පමත්තොති සාතච්චකාරී, සක්කච්චකාරී. අනෙළමූගොති අලාලාමුඛො. අථ වා අනෙළො ච අමූගො ච, පණ්ඩිතො බ්යත්තොති වුත්තං හොති. හිතසුඛසම්පාපකං සුතමස්ස අත්ථීති සුතවා, ආගමසම්පන්නොති වුත්තං හොති. සතීමාති චිරකතාදීනං අනුස්සරිතා. සඞ්ඛාතධම්මොති ධම්මූපපරික්ඛාය පරිඤ්ඤාතධම්මො. නියතොති අරියමග්ගෙන නියතභාවප්පත්තො. පධානවාති සම්මප්පධානවීරියසම්පන්නො. උප්පටිපාටියා එස පාඨො යොජෙතබ්බො. එවමෙව තෙහි අප්පමාදාදීහි සමන්නාගතො නියාමසම්පාපකෙන පධානෙන පධානවා, තෙන පධානෙන සම්පත්තනියාමතො නියතො, තතො අරහත්තප්පත්තියා සඞ්ඛාතධම්මො. අරහා හි පුන සඞ්ඛාතබ්බාභාවතො “සඞ්ඛාතධම්මො”ති වුච්චති. යථාහ – “යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධා”ති (සු· නි· 1044; චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 7). සෙසං වුත්තනයමෙවාති.
එහි තණ්හක්ඛයං යනු නිර්වාණයයි. මෙසේ තෘෂ්ණාවේ ආදිනව දැක නොපවත්නේ යනුයි. අප්පමත්තො යනු අර්ථ සහිතව කරන්නේ සකසා වැඩ කරන්නේ යනුයි. අනෙලමූගො නොඇලුණු මුව ඇති නැතහොත් මෝඩ නොවූ, පණ්ඩිත ව්යක්තයයි කියනු ලැබේ. හිතසුව සලසන පාපය දුරුකළ ඔහුට ශ්‍රැතවත් බව ඇතැයි සුතවා නම් වේ. ආගම සම්පන්න යයි කියන ලද්දේ වෙයි. සතිමා යනු චිරාත් කලක් කරන ලද, සිහිකරන ලද සංඛාත ධම්මො යනු ධර්මය පරීක්ෂා කරමින් මැනවින් අවබෝධ කළ ධර්ම ඇති. නියතො යනු ආර්ය මාර්ගයට නියත වශයෙන් පැමිණි. පධානවා යනු සම්‍යග් ප්‍රධන් වීර්ය සම්පන්න. අනුපිළිවෙලින් මේ පාඨය යෙදිය යුතුය. මේ ආදී වූ අප්‍රමාද ආදියෙන් සමන්විත වූ නියමාකාරයෙන් යුක්ත ප්‍රධන් වීර්යෙන් විශේෂණ වූ ඒ ප්‍රධන් වීර්යයෙන් නියත වශයෙන් අර්හත් මාර්ගයට පැමිණි අනතුරුව අර්හත් පන්තියට අදාළ ධර්මතාවයන් ය. අරහං යනු සංඛත ධර්මයන් අභාවයට පත්කිරීම යයි කියනු ලැබේ. මෙසේද කීහ. යමෙක් සංඛත ධර්මයන් ක්ෂය කළේද මෙලොව ශෛක්ෂයා යයි කියනු ලැබේ. සෙස්ස කියන ලද පරිද්දෙනි.
තණ්හක්ඛයගාථාවණ්ණනා නිට්ඨිතා.
තණ්හක්ඛය ගාථා වර්ණනාවයි.
126
126
සීහොවාති කා උප්පත්ති? අඤ්ඤතරස්ස කිර බාරාණසිරඤ්ඤො දූරෙ උය්යානං හොති, සො පගෙව උට්ඨාය උය්යානං ගච්ඡන්තො අන්තරාමග්ගෙ යානා ඔරුය්හ උදකට්ඨානං උපගතො “මුඛං ධොවිස්සාමී”ති. තස්මිඤ්ච පදෙසෙ සීහී සීහපොතකං ජනෙත්වා ගොචරාය ගතා. රාජපුරිසො තං දිස්වා “සීහපොතකො, දෙවා”ති ආරොචෙසි. රාජා “සීහො කිර කස්සචි න භායතී”ති තං උපපරික්ඛිතුං භෙරිආදීනි ආකොටාපෙසි, සීහපොතකො තං සද්දං සුත්වාපි තථෙව සයි. අථ යාවතතියං ආකොටාපෙසි. සො තතියවාරෙ සීසං උක්ඛිපිත්වා සබ්බං පරිසං ඔලොකෙත්වා තථෙව සයි. අථ රාජා “යාවස්ස මාතා නාගච්ඡති, තාව ගච්ඡාමා”ති වත්වා ගච්ඡන්තො චින්තෙසි – “තදහුජාතොපි සීහපොතකො න සන්තසති න භායති, කුදාස්සු නාමාහම්පි තණ්හාදිට්ඨිපරිතාසං ඡඩ්ඩෙත්වා න සන්තසෙය්යං න භායෙය්ය”න්ති? සො තං ආරම්මණං ගහෙත්වා ගච්ඡන්තො පුන කෙවට්ටෙහි මච්ඡෙ ගහෙත්වා සාඛාසු බන්ධිත්වා පසාරිතෙ ජාලෙ වාතං අසඞ්ගංයෙව ගච්ඡමානං දිස්වා තස්මිං නිමිත්තං අග්ගහෙසි – “කුදාස්සු නාමාහම්පි තණ්හාදිට්ඨිමොහජාලං ඵාලෙත්වා එවං අසජ්ජමානො ගච්ඡෙය්ය”න්ති?
සීහොවා යනු කවර උපතක් ද? එක්තරා බරණැස් රජකු දුර උයනකට යයි. ඔහු උදෑසනම නැගිට උයනට යන්නේ අතරමග යානාවෙන් බැස ජලය ඇති තැනකට ගොස් මුහුණ සෝදන්නෙමියි ඒ පෙදෙසෙහි සිංහ පැටවකු අතහැර ගොදුරු පිණිස ගියහ. රාජපුරුෂයා එය දැක සිංහපැටවා දෙව් යයි දැනුම් දුන්නේය. රජු සිංහයා වනාහි කිසිවෙකුට බිය නොවේයයි, ඔහු පරීක්ෂා කිරීමට බෙරහඬ නංවාලීය. සිංහපැටවා ඒ ශබ්දය අසා එතැනම නිදාගත්තේය. තෙවෙනි වරද, දැනුම් දුන්නේය. ඔහු තෙවෙනි වර සිරස ඔසවා සියළු පිරිස බලා එතැනම නිදා ගත්තේය. ඉක්බිති රජු යම්සේ උගේ මව නොඑයිද? හොඳයි යමු යයි පවසා යමින් මෙසේ සිතුවේය. සිංහපැටවකු උපන්නේ නමුත් තැති නොගනියි. බිය නොවෙයි. තෘෂ්ණාව නම් තෘෂ්ණා දෘෂ්ටි පසුතැවුල් සංතාප දුරුකොට තැති නොගන්නෙමි. බිය නොවන්නෙමියි ඔහු ඒ අරමුණු නිසා යන්නේ නැවත කෙවුලන් විසින් මසුන් අල්ලා අතුවල බැඳ දිගුකරන ලද දැලෙහි වාතය නොරැඳීම යන්නා සේ දැක ඒ නිමිත්ත අරමුණුකොට ගත්තේය. ඒ මග තෘෂ්ණා මිථ්‍යාදෘෂ්ටි ආදි මෝහ දැල පලා මෙසේ නොරැඳෙමි. යන්නාහ.
අථ උය්යානං ගන්ත්වා සිලාපට්ටපොක්ඛරණියා තීරෙ නිසින්නො වාතබ්භාහතානි පදුමානි ඔනමිත්වා උදකං ඵුසිත්වා වාතවිගමෙ පුන යථාඨානෙ ඨිතානි උදකෙන අනුපලිත්තානි දිස්වා තස්මිං නිමිත්තං අග්ගහෙසි – “කුදාස්සු නාමාහම්පි යථා එතානි උදකෙ ජාතානි උදකෙන අනුපලිත්තානි තිට්ඨන්ති. එවං ලොකෙ ජාතො ලොකෙන අනුපලිත්තො තිට්ඨෙය්ය”න්ති. සො පුනප්පුනං “යථා සීහො වාතො පදුමානි, එවං අසන්තසන්තෙන අසජ්ජමානෙන අනුපලිත්තෙන භවිතබ්බ”න්ති චින්තෙත්වා රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
ඉක්බිති උයනට ගොස් ගල්තලා පොකුණු තෙරේ හුන්නේ සුළං වැදීමෙන් පියුම් මැලවී නැමී ජලය ඉස වාතය පහව ගියකල්හි යළිත් ඒ ස්ථානයේ සිටියා වූ ජලයෙන් නොතෙමෙන්නේ දැක එයද නිමිත්තක් ලෙස පිළිපැද්දේය. ඉදින් එපරිදිම ජලයේ උපන්නෙමියි නමුත් ජලයේ නොගැටී සිටින්නෙමි. ඔහු නැවත නැවත සිංහයා මෙන් වාතය, පියුම් මෙසේ දැකීමෙන් අසන්තෝෂයට පත්වීමෙන් ඇලීමට නොවන බව සිතිය යුතු යයි සිතා රාජ්‍යය හැර පැවිදි වී පසේබුදුබව සාක්ෂාත් කොට මේ උදාන පාඨය කීවේය.
තත්ථ සීහොති චත්තාරො සීහා – තිණසීහො, පණ්ඩුසීහො, කාළසීහො, කෙසරසීහොති. තෙසං කෙසරසීහො අග්ගමක්ඛායති. සො ඉධ අධිප්පෙතො. වාතො පුරත්ථිමාදිවසෙන අනෙකවිධො. පදුමං රත්තසෙතාදිවසෙන. තෙසු යො කොචි වාතො යං කිඤ්චි පදුමඤ්ච වට්ටතියෙව. තත්ථ යස්මා සන්තාසො නාම අත්තසිනෙහෙන හොති, අත්තසිනෙහො ච නාම තණ්හාලෙපො, සොපි දිට්ඨිසම්පයුත්තෙන වා දිට්ඨිවිප්පයුත්තෙන වා ලොභෙන හොති, සොපි ච තණ්හායෙව. සජ්ජනං පන තත්ථ උපපරික්ඛාදිවිරහිතස්ස මොහෙන හොති, මොහො ච අවිජ්ජා. තත්ථ සමථෙන තණ්හාය පහානං, විපස්සනාය අවිජ්ජාය. තස්මා සමථෙන අත්තසිනෙහං පහාය සීහොව සද්දෙසු අනිච්චදුක්ඛාදීසු අසන්තසන්තො, විපස්සනාය මොහං පහාය වාතොව ජාලම්හි ඛන්ධායතනාදීසු අසජ්ජමානො, සමථෙනෙව ලොභං ලොභසම්පයුත්තදිට්ඨිඤ්ච පහාය, පදුමංව තොයෙන සබ්බභවභොගලොභෙන අලිප්පමානො. එත්ථ ච සමථස්ස සීලං පදට්ඨානං, සමථො සමාධිස්ස, සමාධි විපස්සනායාති එවං ද්වීසු ධම්මෙසු සිද්ධෙසු තයො ඛන්ධා සිද්ධාව හොන්ති. තත්ථ සීලක්ඛන්ධෙන සූරො හොති. සො සීහොව සද්දෙසු ආඝාතවත්ථූසු කුජ්ඣිතුකාමතාය න සන්තසති, පඤ්ඤාක්ඛන්ධෙන පටිවිද්ධසභාවො වාතොව ජාලම්හි ඛන්ධාදිධම්මභෙදෙ න සජ්ජති, සමාධික්ඛන්ධෙන වීතරාගො පදුමංව තොයෙන රාගෙන න ලිප්පති. එවං සමථවිපස්සනාහි සීලසමාධිපඤ්ඤාක්ඛන්ධෙහි ච යථාසම්භවං තණ්හාවිජ්ජානං තිණ්ණඤ්ච අකුසලමූලානං පහානවසෙන අසන්තසන්තො අසජ්ජමානො අලිප්පමානො ච වෙදිතබ්බො. සෙසං වුත්තනයමෙවාති.
එහි සීහො යනු සිවුවැදෑරුම් සිංහයෝය. තෘණසිංහයා, පඬුවන් සිංහයා, කළු සිංහයා සහ කේශර සිංහයා වශයෙනි. ඔවුන් අතර කේශර සිංහයෝම ශ්‍රේෂ්ඨ වේ. මේ එහි විශේෂත්වයයි. වාතො පෙරදිග වශයෙන් නොයෙක් ආකාරය. පදුමං රතු සුදු වශයෙන් ඒවා අතර යම්කිසි සුළඟක්, යම්කිසි පියුමක් වමියි යනුවෙනි. එහි යම්හෙයකින් සන්ත්රාසය නම් ආත්ම ස්නේහය වශයෙන් වෙයි. ආත්ම ස්නේහය නම් තෘෂ්ණාවට ආලේපයකි. එයද දෘෂ්ටි සම්ප්‍රයුක්ත වශයෙන් දෘෂ්ටි විප්‍රයුක්ත වශයෙන්ද ලෝභය වෙයි. එයද තෘෂ්ණාවම වේ. සත්පුරුෂයෝ වනාහි, එහි යළිත් පරීක්ෂා කිරීමෙන් විරහිත වූ විට මෝහය නම් වෙයි. මෝහය ද අවිද්‍යාව ද, එහි යම්හෙයකින් සන්ත්රාසය ආත්ම සෙනෙහසින් වෙයි. ආත්ම ස්නේහය නම් අවිද්‍යාවයි. සමථ භාවනාවෙන් තෘෂ්ණාව ප්රහාණය වෙයි. විදර්ශනාවෙන් අවිද්‍යාව ද එහෙයින් සමථයෙන් ආත්ම ස්නේහය දුරුකොට සීහොව සද්දෙසු අනිත්‍ය දුක්ඛ ආදියෙන් අසන්තසන්තො විදර්ශනාවෙන් මෝහය දුරුකොට වාතොව ජාලම්හි ස්කන්ධ ආයතනවල අසජ්ජමානො සමථයෙන්ම ලෝභයද, ලෝභ සම්ප්‍රයුක්ත බැවින් මෙසේ දෘෂ්ටියද දුරුකොට පදුමංව තොයෙන සියලු භවභෝග පිළිබඳ ආශාවෙන් අලිප්පමානො මෙහි සමථයේ මුල් පියවර සමථයයි. සමාධියේ සමාධිය විදර්ශනාවයි. මෙසේ ධර්මතා තුනෙකි. ස්කන්ධ තුනෙක්ම සිද්ධ වෙත්. එහි ශීලස්කන්ධයෙන් දක්ෂ වූයේ වෙයි. ඔහු සිංහයා මෙන් ශබ්ද කෙරෙහි, විනාශ කරන ලද වස්තුවල කිපේවා. කැමැත්තෙහි නොඇලෙයි. ප්‍රඥා ස්කන්ධයෙන් බැඳුණු ස්වභාව ඇත්තේ, වාතය දැලකින් බැඳීම ආදිය ධර්මතාවයක් සිදු නොවේය. සමාධි ඛන්ධයෙන් රාගය දුරුකළේ පියුම ජලයෙන් නොගැටෙන්නා සේ රාගයෙන් නොඇලෙයි. මෙසේ සමථ විදර්ශනාදි, සීල සමාධි ප්‍රඥා ස්කන්ධයන්ගෙන් මැනවින් හටගැනීමෙන්, තෘෂ්ණාවන්ගේද, ත්‍රිවිධාකාර අකුසල මූලයන්ගේ ප්රහාණය වශයෙන් නොඇලෙන්නේ නොලැගීමෙන් යයි දතයුතුය. සෙසු දේවල් කියනලද පරිද්දෙනි.
සීහාදිගාථාවණ්ණනා නිට්ඨිතා.
සීහාදි ගාථා වර්ණනාවයි.
127
127
සීහො යථාති කා උප්පත්ති? අඤ්ඤතරො කිර බාරාණසිරාජා පච්චන්තං කුපිතං වූපසමෙතුං ගාමානුගාමිමග්ගං ඡඩ්ඩෙත්වා උජුං අටවිමග්ගං ගහෙත්වා මහතියා සෙනාය ගච්ඡති. තෙන ච සමයෙන අඤ්ඤතරස්මිං පබ්බතපාදෙ සීහො බාලසූරියාතපං තප්පමානො නිපන්නො හොති. තං දිස්වා රාජපුරිසා රඤ්ඤො ආරොචෙසුං. රාජා “සීහො කිර න සන්තසතී”ති භෙරිපණවාදිසද්දං කාරාපෙසි, සීහො තථෙව නිපජ්ජි. දුතියම්පි කාරාපෙසි, සීහො තථෙව නිපජ්ජි. තතියම්පි කාරාපෙසි, තදා “සීහො මම පටිසත්තු අත්ථී”ති චතූහි පාදෙහි සුප්පතිට්ඨිතං පතිට්ඨහිත්වා සීහනාදං නදි. තං සුත්වා හත්ථාරොහාදයො හත්ථිආදීහි ඔරොහිත්වා තිණගහනානි පවිට්ඨා, හත්ථිඅස්සගණා දිසාවිදිසා පලාතා. රඤ්ඤො හත්ථීපි රාජානං ගහෙත්වා වනගහනානි පොථයමානො පලායි . රාජා තං සන්ධාරෙතුං අසක්කොන්තො රුක්ඛසාඛාය ඔලම්බිත්වා පථවිං පතිත්වා එකපදිකමග්ගෙන ගච්ඡන්තො පච්චෙකබුද්ධානං වසනට්ඨානං පාපුණි. තත්ථ පච්චෙකබුද්ධෙ පුච්ඡි – “අපි, භන්තෙ, සද්දමස්සුත්ථා”ති? “ආම, මහාරාජා”ති. “කස්ස සද්දං, භන්තෙ”ති? “පඨමං භෙරිසඞ්ඛාදීනං, පච්ඡා සීහස්සා”ති . “න භායිත්ථ, භන්තෙ”ති. “න මයං, මහාරාජ, කස්සචි සද්දස්ස භායාමා”ති. “සක්කා පන, භන්තෙ, මය්හම්පි එදිසං කාතු”න්ති? “සක්කා, මහාරාජ, සචෙ පබ්බජිස්සසී”ති. “පබ්බජාමි, භන්තෙ”ති. තතො නං පබ්බාජෙත්වා පුබ්බෙ වුත්තනයෙනෙව ආභිසමාචාරිකං සික්ඛාපෙසුං. සොපි පුබ්බෙ වුත්තනයෙනෙව විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
සීහො යථා යනු කවර උපතක්ද? එක්තරා බරණැස් රජකු ප්‍රත්‍යන්ත ජනපදයේ කුපිතවූවන් සංසිඳවීම ගම්නියම්ගම් මාර්ග අතහැර සෘජුවම කැලෑබද මාර්ගයකින් මහත් සේනාව සමග ගමන් කරයි. එසමයෙහි එක්තරා පර්වතයක් මුල සිංහයා ළහිරු රැස් තපිමින් හුන්නේ වෙයි. ඒ දැක රාජ පුරුෂයෝ රජුට දැනුම් දුන්හ. රජු සිංහයා තැති නොගනී යයි භේරිනාද ශබ්ද කරවීය. සිංහයා එහිම හොත්තේය. දෙවනුවද කරවීය. සිංහයා එසේම හොත්තේය. තෙවනුවද බෙර නාදය කරවීය. එකල සිංහයා මටද සතුරෝ ඇතැයි සිවුපාදයෙන් මැනවින් පිහිටා සිට සිංහනාද කළේය. ඒ අසා ඇත්ගොව්වෝද ඇතුන් ආදින් පිටනැගී, තෘණභූමිවලට පිවිසියහ. ඇත් අශ්ව සේනාවෝ දිශා විදිශාවලටට පලා ගියහ. රජුගේ ඇතුද, රජු ගෙන වනලැහැබ් පොඩිකරමින් පලා ගියේය. රජු එය වැළැක්වීමට නොහැකිවන්නේ, ගස් අතුවල එල්බ පෘථිවියට පැමිණ එක පදික මාර්ගයකින් යන්නේ පසේබුදුවරුන් වසන තැනට පැමිණියේය. එහිදී පසේබුදුවරුන්ගෙන් විචාළේය. ස්වාමීනි; ශබ්දයක් ඇසුවෝද, මහරජ; එසේය. ස්වාමීනි, කවර ශබ්දයක්ද? පළමුව බෙරසක් ආදින්ගෙන්ද, පසුව සිංහයාගේ හඬයි ස්වාමීනි, බිය නොවවු. මහරජ, අපි කිසිම ශබ්දයකට බිය නොවෙමු. ස්වාමීනි, අපටද එසේ කිරීමට හැකිවෙමුද? මහරජ, හැකිය, ඉදින් පැවිදි වෙහිද? ස්වාමීනි, පැවිදි වෙමි. ඉක්බිති හේ පැවිදි වී පෙර කියන ලද පරිද්දෙන්ම ආභිසමාචාරික ශික්ෂාපද ප්‍රගුණ කළහ. ඔහුද පෙර කියන ලද අයුරින් විදර්ශනා වඩන්නේ පසේබුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව කී සේක.
තත්ථ සහනා ච හනනා ච සීඝජවත්තා ච සීහො. කෙසරසීහොව ඉධ අධිප්පෙතො. දාඨා බලමස්ස අත්ථීති දාඨබලී. පසය්හ අභිභුය්යාති උභයං චාරී-සද්දෙන සහ යොජෙතබ්බං පසය්හචාරී අභිභුය්යචාරීති. තත්ථ පසය්හ නිග්ගහෙත්වා චරණෙන පසය්හචාරී, අභිභවිත්වා සන්තාසෙත්වා වසීකත්වා චරණෙන අභිභුය්යචාරී. ස්වායං කායබලෙන පසය්හචාරී, තෙජසා අභිභුය්යචාරී, තත්ථ සචෙ කොචි වදෙය්ය – “කිං පසය්හ අභිභුය්ය චාරී”ති, තතො මිගානන්ති සාමිවචනං උපයොගත්ථෙ කත්වා “මිගෙ පසය්හ අභිභුය්ය චාරී”ති පටිවත්තබ්බං. පන්තානීති දූරානි. සෙනාසනානීති වසනට්ඨානානි. සෙසං වුත්තනයෙනෙව සක්කා ජානිතුන්ති න විත්ථාරිතන්ති.
එහි ඉවසීමද නැසීමද සීඝ්‍ර ගමන් ඇති බැවින් සීහො නම් වේ. කේශර සිංහයා යනුද මෙහි විශේෂ හැඳින්වීමකි. දාඨා බලයක් දළ දෙකක් ඇති බැවින් දාඨාබලී නම් වේ. සතුරන් මැඩ පවත්වනුයි ‘බලහත්කාරයෙන් මැඩපවත්නා නිසා පසය්හචාරී අභිභුය්ය චාරී නම් වේ. එහි බලහත්කාරය නිග්‍රහකොට ඇතුන් දුරුකොට පසය්හචාරි ඇතුන් මැඩගෙන සන්ත්‍රාසයට පත්කොට වශී කරන නිසා අභිභුය්යචාරී වේ. ඉදින් මේ කාය බලයෙන් සතුරන් මැඩ පවත්වා, තේජසින් මැඩපවත්වා එහි ඉදින් කිසිවක් කියන්නේ නම් කුමක් මැඩ පවත්වා හැසිරෙයිද? අනතුරුව මිගානං යනු ස්වාමි වචනයේ උපයෝගි අර්ථය කොට මුවන් බලහත්කාරයෙන් මැඩගෙන හැසිරේ යනුයි, පිළිගත යුතුය. සන්තානී යනු දුර. සෙනාසනානි යනු වසන තැනය. සෙස්ස කියන ලද අයුරින්ම දැනගැනීමට හැකිවන්නේය. විස්තර නැත.
දාඨබලීගාථාවණ්ණනා නිට්ඨිතා.
දාඨාබලි ගාථා වර්ණනාවයි.
128
128
මෙත්තං උපෙක්ඛන්ති කා උප්පත්ති? අඤ්ඤතරො කිර රාජා මෙත්තාදිඣානලාභී අහොසි. සො “ඣානසුඛන්තරායො රජ්ජ”න්ති ඣානානුරක්ඛණත්ථං රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
මෙත්තං උපෙක්ඛං යනු කවර උපතක්ද? එක්තරා රජ කෙනෙකු මෛත්‍රී ආදි ධ්යානලාභියෙකු විය. ඔහු ධ්‍යාන සුවය විඳිමින් එයට අන්තරාවක් වන්නේ යයි, ධ්‍යානය රැකීම පිණිස රාජ්‍යය හැර පැවිදි වී විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත්කොට මේ උදාන ගාථාව කී සේක.
තත්ථ “සබ්බෙ සත්තා සුඛිතා භවන්තූ”තිආදිනා නයෙන හිතසුඛූපනයනකාමතා මෙත්තා. “අහො වත ඉමම්හා දුක්ඛා මුච්චෙය්යු”න්තිආදිනා නයෙන අහිතදුක්ඛාපනයනකාමතා කරුණා. “මොදන්ති වත භොන්තො සත්තා, මොදන්ති සාධු සුට්ඨූ”තිආදිනා නයෙන හිතසුඛාවිප්පයොගකාමතා මුදිතා. “පඤ්ඤායිස්සන්ති සකෙන කම්මෙනා”ති සුඛදුක්ඛඅජ්ඣුපෙක්ඛනතා උපෙක්ඛා. ගාථාබන්ධසුඛත්ථං පන උප්පටිපාටියා මෙත්තං වත්වා උපෙක්ඛා වුත්තා, මුදිතා ච පච්ඡා. විමුත්තින්ති චතස්සොපි එතා අත්තනො පච්චනීකධම්මෙහි විමුත්තත්තා විමුත්තියො. තෙන වුත්තං – “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ”ති.
එහි ‘සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ ආදි ක්‍රමයෙන් හිතසුව එලවනු කැමැත්තේ, මෙත්තා නම් වේ. ‘අහෝ ඒකාන්තයෙන් මේ දුකෙන් මිදෙන්නෙමි’යි ආදි ක්‍රමයෙන් අහිත වූ දුක් දුරුකරනු කැමැත්ත කරුණා නම් වේ. පින්වතුන් සතුටු වෙත්වා. සත්ත්වයෝ තුටුපහටු වෙත්වා. යහපත සලසා ගනීවා’යි ආදි ක්‍රමයෙන් හිතසුව එකතු කරනු කැමැතිවීම මුදිතා නම් වේ. ස්වකීය කර්මයෙන් ප්‍රකට කරන්නේය. සුව දුක් උපේක්ෂා මැදහත් ලෙස බැලීම උපෙක්ඛා නමි. ගාථා බන්ධනයේ සුවය පිණිස, අනුපිළිවෙලින් මෛත්‍රිය පවසා, උපේක්ෂාව කියන ලද්දේ මුදිතාට පසුවට යොදා ඇත. විමුත්තිං යනු තමන් තුළ පිහිටි මේ සතර ප්‍රත්‍ය ධර්මයන් විමුක්තිය උදාකරන බැවින් විමුක්ති නම් වේ. එබැවින් කියන ලදි – “මෛත්‍රිය ද, උපේක්ෂාව ද, කරුණාව ද, විමුක්තිය ද, මුදිතාව ද සුදුසු කාලයේ සේවනය කළයුතුය.
තත්ථ ආසෙවමානොති තිස්සො තිකචතුක්කජ්ඣානවසෙන, උපෙක්ඛං චතුත්ථජ්ඣානවසෙන භාවයමානො . කාලෙති මෙත්තං ආසෙවිත්වා තතො වුට්ඨාය කරුණං, තතො වුට්ඨාය මුදිතං, තතො ඉතරතො වා නිප්පීතිකජ්ඣානතො වුට්ඨාය උපෙක්ඛං ආසෙවමානො එව “කාලෙ ආසෙවමානො”ති වුච්චති, ආසෙවිතුං වා ඵාසුකකාලෙ. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානොති දසසු දිසාසු සබ්බෙන සත්තලොකෙන අවිරුජ්ඣමානො. මෙත්තාදීනඤ්හි භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති, සත්තෙසු ච විරොධිභූතො පටිඝො වූපසම්මති. තෙන වුත්තං – “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො”ති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන මෙත්තාදිකථා අට්ඨසාලිනියා ධම්මසඞ්ගහට්ඨකථායං (ධ· ස· අට්ඨ· 251) වුත්තා. සෙසං වුත්තසදිසමෙවාති.
එහි ආසෙවමානො යනු තෙවෙනි සිවුවෙනි ධ්‍යාන වශයෙන් වඩනු ලබන්නා වූ, උපේක්ෂාව චතුර්ථ ධ්‍යාන වශයෙන් වඩනු ලැබීමයි. කාලෙ යනු මෛත්‍රිය සේවනයකොට අනතුරුව නැගීසිට, කරුණාවද, අනතුරුව නැගී සිට මුදිතාවද, අනතුරුව ඉතිරියද, අනතුරුව ප්‍රීතියෙන් තොර ධ්‍යානයෙන්ද, නැගීසිට උපේක්ෂාව සේවනය කරනු ලබන්නේ, කාලය සේවනය කරනු ලැබේ යයි කියනු ලැබේ. සේවනය කිරීමට පහසු කාලයයි. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො යනු දස දිශාවල සියළු සත්ත්වලෝක විසින් විරුද්ධ නොවනු ලබන්නේ, මෛත්‍රී ආදිය පුරුදු කළ බැවින්, සත්ත්වයෝ පිළිකුල් නොකරත්. සත්ත්වයන් කෙරෙහි පවත්නා විරුද්ධ බවද පටිඝය (ක්‍රෝධයද) සංසිඳුවයි. එබැවින් කියන ලදි. ‘සබ්බෙන ලෝකෙන අවිරුජ්ඣමානො’ යනුවෙනි. මෙය මෙහි සංක්ෂේප අර්ථයයි. විස්තර වනාහි මෛත්‍රී ආදි කථාවයි. අත්ථසාලිනි නම් ධම්මසංගිණි අටුවාවේ කියන ලදි. සෙස්ස කියන ලද පරිද්දෙනි.
අප්පමඤ්ඤාගාථාවණ්ණනා නිට්ඨිතා.
අප්‍රමාණ්‍ය ගාථා වර්ණනාවයි.
129
129
රාගඤ්ච දොසඤ්චාති කා උප්පත්ති? රාජගහං කිර නිස්සාය මාතඞ්ගො නාම පච්චෙකබුද්ධො විහරති සබ්බපච්ඡිමො පච්චෙකබුද්ධානං. අථ අම්හාකං බොධිසත්තෙ උප්පන්නෙ දෙවතායො බොධිසත්තස්ස පූජනත්ථාය ආගච්ඡන්තියො තං දිස්වා “මාරිසා, මාරිසා, බුද්ධො ලොකෙ උප්පන්නො”ති භණිංසු. සො නිරොධා වුට්ඨහන්තො තං සුත්වා අත්තනො ජීවිතක්ඛයං දිස්වා හිමවන්තෙ මහාපපාතො නාම පබ්බතො පච්චෙකබුද්ධානං පරිනිබ්බානට්ඨානං. තත්ථ ආකාසෙන ගන්ත්වා පුබ්බෙ පරිනිබ්බුතපච්චෙකබුද්ධස්ස අට්ඨිසඞ්ඝාතං පපාතෙ පක්ඛිපිත්වා සිලාතලෙ නිසීදිත්වා ඉමං උදානගාථං අභාසි.
රාගඤ්ච දොසඤ්ච යනු කවර උපතක්ද? රජගහනුවර ඇසුරුකොට මාතංග නම් පසේබුදුරද, සියළු පශ්චිම පසේ බුදුවරුන්ට පසුව වැඩවාසය කරයි. ඉක්බිති අපගේ බෝධිසත්ත්වයන් උපන්කල්හි, දේවතාවෝ, බෝසතුන්ට පුද පිණිස එන්නා වූ උන්වහන්සේ දැක ‘නිදුකාණනි, නිදුකාණනි, ලෝකයෙහි බුදුන් උපන්නාහ යයි කෝලාහල කළහ. උන්වහන්සේ නිරෝධ සුවයෙන් නැගී සිටින්නේ ඒ අසා තමන්ගේ ජීවිතය ක්ෂය වන බව දැක, හිමාලයේ මහා ප්‍රපාත නම් පර්වතයේ පසේ බුදුරදුන්ගේ පරිනිර්වාණය සිදුවන ස්ථානයයි. එතැනට අහසින් ගොස්, පිරිනිවන්පාන ලද පසේබුදුරදුන්ගේ ඇටසැකිලි ආදිය ප්‍රපාතයට හෙළා, ගල්තලාවේ හිඳ, මේ උදාන ගාථාව වදාළ සේක.
තත්ථ රාගදොසමොහා උරගසුත්තෙ වුත්තාව. සංයොජනානීති දස සංයොජනානි, තානි ච තෙන තෙන මග්ගෙන සන්දාලයිත්වා. අසන්තසං ජීවිතසඞ්ඛයම්හීති ජීවිතසඞ්ඛයො වුච්චති චුතිචිත්තස්ස පරිභෙදො. තස්මිඤ්ච ජීවිතසඞ්ඛයෙ ජීවිතනිකන්තියා පහීනත්තා අසන්තසන්ති. එත්තාවතා සොපාදිසෙසං නිබ්බානධාතුං අත්තනො දස්සෙත්වා ගාථාපරියොසානෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායීති.
එහි රාගදොස මොහ උරග සූත්‍රයේ කියන ලද්දේය. සංයොජනානී යනු දස සංයෝජන ධර්ම වේ. ඒ ඒ මාර්ගයෙන්, සන්දාලයිත්වා අසන්තසං ජීවිතසංඛයම්හි යනු ජීවිත සංකාව කියනු ලැබේ. චුති සිතෙහි බිඳීමද, ඒ ජීවිත සංශයෙහි. ජීවිතය කෙළවර බැවින් ප්‍රහීණ වන බැවින් නොඇලෙත්. මෙපමණ සෝපාදිසේස නිර්වාණ ධාතුවද තමන්ට පෙන්වා, ගාථාව අවසානයේ අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක.
ජීවිතසඞ්ඛයගාථාවණ්ණනා නිට්ඨිතා.
ජීවිත සංඛය ගාථා වර්ණනාවයි.
130
130
භජන්තීති කා උප්පත්ති? බාරාණසියං කිර අඤ්ඤතරො රාජා ආදිගාථාය වුත්තප්පකාරමෙව ඵීතං රජ්ජං සමනුසාසති. තස්ස ඛරො ආබාධො උප්පජ්ජි, දුක්ඛා වෙදනා පවත්තන්ති. වීසතිසහස්සිත්ථියො තං පරිවාරෙත්වා හත්ථපාදසම්බාහනාදීනි කරොන්ති. අමච්චා “න දානායං රාජා ජීවිස්සති, හන්ද, මයං අත්තනො සරණං ගවෙසාමා”ති චින්තෙත්වා අඤ්ඤතරස්ස රඤ්ඤො සන්තිකං ගන්ත්වා උපට්ඨානං යාචිංසු. තෙ තත්ථ උපට්ඨහන්තියෙව, න කිඤ්චි ලභන්ති. රාජා ආබාධා වුට්ඨහිත්වා පුච්ඡි – “ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච කුහි”න්ති? තතො තං පවත්තිං සුත්වාව සීසං චාලෙත්වා තුණ්හී අහොසි. තෙපි අමච්චා “රාජා වුට්ඨිතො”ති සුත්වා තත්ථ කිඤ්චි අලභමානා පරමෙන පාරිජුඤ්ඤෙන පීළිතා පුනදෙව ආගන්ත්වා රාජානං වන්දිත්වා එකමන්තං අට්ඨංසු. තෙන ච රඤ්ඤා “කුහිං, තාතා, තුම්හෙ ගතා”ති වුත්තා ආහංසු – “දෙවං දුබ්බලං දිස්වා ආජීවිකභයෙනම්හා අසුකං නාම ජනපදං ගතා”ති. රාජා සීසං චාලෙත්වා චින්තෙසි – “යංනූනාහං තමෙව ආබාධං දස්සෙස්සං, කිං පුනපි එවං කරෙය්යුං, නො”ති? සො පුබ්බෙ රොගෙන ඵුට්ඨො විය බාළ්හං වෙදනං දස්සෙන්තො ගිලානාලයං අකාසි. ඉත්ථියො සම්පරිවාරෙත්වා පුබ්බසදිසමෙව සබ්බං අකංසු. තෙපි අමච්චා තථෙව පුන බහුතරං ජනං ගහෙත්වා පක්කමිංසු. එවං රාජා යාවතතියං සබ්බං පුබ්බසදිසං අකාසි, තෙපි තථෙව පක්කමිංසු. තතො චතුත්ථම්පි තෙ ආගතෙ දිස්වා රාජා – “අහො! ඉමෙ දුක්කරං අකංසු, යෙ මං බ්යාධිතං පහාය අනපෙක්ඛා පක්කමිංසූ”ති නිබ්බින්නො රජ්ජං පහාය පබ්බජිත්වා විපස්සන්තො පච්චෙකබොධිං සච්ඡිකත්වා ඉමං උදානගාථං අභාසි.
භජන්ති යනු කවර උපතක්ද, බරණැස එක්තරා රජ කෙනෙකු මුල් ගාථාවේ කියන ලද අයුරින්ම ප්‍රීතියෙන් රාජ්‍යය අනුශාසනා කරයි. ඔහුට කෲර වේදනාවක් ආබාධයක් හටගත්තේය. දුක් වේදනා පවතිත්. විසිදහසක් ස්ත්‍රීහු ඔහුව පිරිවරාගෙන අත්පා සම්බාහනය කරති. ඇමැතියෝ “දැන් මේ රජු ජීවත් නොවන්නේය. බොලවු, අපි අපේ පිහිට සොයාගනිමු.” යයි සිතා වෙනත් රජ කෙනෙකුගේ සමීපයට ගොස් උපස්ථානය ඉල්ලූහ. ඔවුහු එහිදී උපස්ථාන කරන නමුත් කිසිවකුත් නොලබති. රජු ආබාධයෙන් නැගිට විචාළේය. අසවල් නම් ඇත්තා අසවල් නම් ඇත්තා කොහිද? ඉක්බිති ඒ පුවත අසා හිස සොලවා නිශ්ශබ්ද විය. ඒ ඇමතියෝද, රජු නැගී සිටියේ යයි අසා, එහි කිසිවක් නොලබන්නා වූ උතුම් වූ ධන පරිහානියෙන් බැහැරවී පීඩිතව නැවත අවුත් රජුට වැඳ, එකත්පසක සිටියහ. ඒ රජු විසින්ද, දරුවනි, නුමලා කොහේදැයි කීවාහුය. දේවයන් වහන්ස, දුර්වල වූවකු දැක, ජීවත්වීමේ බියෙන් අපි අසවල් නම් ජනපදයට ගියෙමු. රජු හිස සොලවා මෙසේ සිතුවේය. මම මොහුට ආබාධ පෙන්වන්නේ නම් මැනවි. කුමක් නිසා නැවතත් නුඹලා අපට කුමක් කරහුද? ඔහු පෙර ස්වාභාවික රෝගයකින් ගැටී බලවත් වේදනාවක් දක්වමින්, රෝගී බවක් කළේය. ස්ත්‍රීහු පිරිවරාගෙන පෙර මෙන් සියල්ල කළහ. ඒ ඇමතියෝද එසේම නැවත බොහෝ ජනතාව ගෙන පිටත්ව ගියහ. එසේ රජු තෙවෙනිවර දක්වා සියල්ල පෙර මෙන් කළේය. ඔවුහුද එසේම පිටත්ව ගියහ. ඉක්බිති සතරවෙනිවරද ඔවුන් පැමිණියේ දැක රජු; ‘අහෝ මොවුහු දුෂ්කර දෙයක් කළහ. යමෙක් මා රෝගීබව හැර අපේක්ෂා රහිතව පිටත්ව ගියහ.’ කලකිරුණේ රාජ්‍යය හැර පැවිදිව විදර්ශනා වඩමින් පසේ බුදුබව සාක්ෂාත් කොට මේ උදාන ගාථාව කී සේක.
තත්ථ භජන්තීති සරීරෙන අල්ලීයන්තා පයිරුපාසන්ති. සෙවන්තීති අඤ්ජලිකම්මාදීහි කිංකාරපටිස්සාවිතාය ච පරිචරන්ති. කාරණං අත්ථො එතෙසන්ති කාරණත්ථා, භජනාය ච සෙවනාය ච නාඤ්ඤං කාරණමත්ථි, අත්ථො එව නෙසං කාරණං, අත්ථහෙතු සෙවන්තීති වුත්තං හොති. නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තාති “ඉතො කිඤ්චි ලච්ඡාමා”ති එවං අත්තපටිලාභකාරණෙන නික්කාරණා, කෙවලං –
එහි භජන්ති යනු ශරීරයෙන් ඇලෙත්. සමීපව ඇසුරු කරති. සෙවන්ති යනු ඇඳිලි බැඳීම් ආදියද කීකරු බව හඟවමින් පිරිවරා හැසිරෙත්. මේ කරුණු අර්ථවත් බවින් යුක්ත නිසා කාරණත්ථා නම් වේ. භජනය පිණිස සේවනය කරනු පිණිස, වෙනත් කරුණක් නැත. මේ කරුණු අර්ථයක් නැත්නම්, අර්ථය පිණිසම සේවනය කරයි යනුවෙන් කියන ලදි. නිස්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා යනු මෙයින් කිසිවක් ගනිමු යනුවෙන් මෙසේ ලාභයක් ලැබීමේ කාරණයෙන් හුදෙක් නිකරුණේ යනුවෙනි.
“උපකාරො ච යො මිත්තො, යො මිත්තො සුඛදුක්ඛකො; අත්ථක්ඛායී ච යො මිත්තො, යො මිත්තො අනුකම්පකො”ති. (දී· නි· 3.265) –
“උපකාරක යම් මිත්‍රයෙක්ද, සැප දුක් දෙකේ සිටින මිතුරා ද, අර්ථ හිතසුව එළවන යම් මිතුරා ද අනුකම්පක මිතුරා ද” වශයෙනි.
එවං වුත්තෙන අරියෙන මිත්තභාවෙන සමන්නාගතා දුල්ලභා අජ්ජ මිත්තා. අත්තට්ඨපඤ්ඤාති අත්තනි ඨිතා එතෙසං පඤ්ඤා. අත්තානමෙව ඔලොකෙති, න අඤ්ඤන්ති අත්ථො. “අත්තත්ථපඤ්ඤා”තිපි පාඨො, තස්ස අත්තනො අත්ථමෙව ඔලොකෙති, න පරත්ථන්ති අත්ථො. “දිට්ඨත්ථපඤ්ඤා”ති අයම්පි කිර පොරාණපාඨො, තස්ස සම්පති දිට්ඨෙයෙව අත්ථෙ එතෙසං පඤ්ඤා , න ආයතින්ති අත්ථො. දිට්ඨධම්මිකත්ථංයෙව ඔලොකෙති, න සම්පරායිකත්ථන්ති වුත්තං හොති. අසුචීති අසුචිනා අනරියෙන කායවචීමනොකම්මෙන සමන්නාගතා.
මෙසේ කියන ලද්දා වූ ආර්ය මිත්‍රභාවයෙන් සමන්විත වූ දුර්ලභ වූ අද පටන් මිතුරු වූ. අත්ථට්ඨපඤ්ඤා යනු තමා කෙරෙහි පිහිටියා වූ ඔවුන්ගේ ප්‍රඥාවෙන් තමන්වම බලයි. වෙන අර්ථයක් නොවේ. අත්තත්ථ පඤ්ඤා යන පෙළ පාඨයයි. තමන් තමන් ගැනම බලයි. අනුන් ගැන නොබලයි යන අර්ථයයි. දිට්ඨට්ඨ පඤ්ඤා යනු මෙයද පෞරාණික පාඨයකි. එහි දැන් දක්නා ලද අර්ථය ඇත්තේම ඔවුන්ගේ ප්‍රඥාව මතු නොපවතියි යන අර්ථයයි. මිතුරුදම් කතාවම බලත්. දැන් සිදුවන දේ නොකියන ලද්දේ වෙයි. අසූචි යනු අපිරිසිදු අනාර්ය වූ කාය වාග් මනස් කර්මයෙන් සමන්විත වූ.
ඛග්ගවිසාණකප්පොති ඛග්ගෙන රුක්ඛාදයො ඡින්දන්තො විය සකසිඞ්ගෙන පබ්බතාදයො චුණ්ණවිචුණ්ණං කුරුමානො විචරතීති ඛග්ගවිසාණො. විසසදිසා ආණාති විසාණා. ඛග්ගං වියාති ඛග්ගං. ඛග්ගං විසාණං යස්ස මිගස්ස සොයං මිගො ඛග්ගවිසාණො, තස්ස ඛග්ගවිසාණස්ස කප්පො ඛග්ගවිසාණකප්පො. ඛග්ගවිසාණසදිසො පච්චෙකබුද්ධො එකො අදුතියො අසහායො චරෙය්ය විහරෙය්ය වත්තෙය්ය යපෙය්ය යාපෙය්යාති අත්ථො.
ඛග්ගවිසාණ කප්පො යනු කඩුවෙන් ගස් ආදිය සිඳින්නාක් මෙන් සිය අඟෙන් පර්වත ආදිය සුණු විසුණු කරමින් හැසිරෙයි යනු ඛග්ගවිසාණ නම් වේ. විස සමාන අඟක් ඇති බැවින් විසාණා නම් වේ. කඩුවක් මෙන් ඛග්ග නම් වේ. කඟවේනකුගේ අඟක් මෙන් යම් මෘගයෙකුට වේද ඒ ඛග්ග විසාණ (කඟවේනා) නම් වේ. ඒ කඟවේනාට කැපවූයේ ඛග්ගවිසාණ කප්ප නම් වේ. කඟවේනකු හා සමාන පසේබුදුරදුන් හුදකලා වූයේ දෙවැන්නකු නොවන්නේ, අසහාය ලෙස හැසිරෙන්නේය. වාසය කරන්නේය. පවතින්නේය. යැපෙන්නේය යන අර්ථයයි.
විසුද්ධසීලාති විසෙසෙන සුද්ධසීලා, චතුපාරිසුද්ධියා සුද්ධසීලා. සුවිසුද්ධපඤ්ඤාති සුට්ඨු විසුද්ධපඤ්ඤා, රාගාදිවිරහිතත්තා පරිසුද්ධමග්ගඵලපටිසම්භිදාදිපඤ්ඤා. සමාහිතාති සං සුට්ඨු ආහිතා, සන්තිකෙ ඨපිතචිත්තා. ජාගරියානුයුත්තාති ජාගරණං ජාගරො, නිද්දාතික්කමොති අත්ථො. ජාගරස්ස භාවො ජාගරියං, ජාගරියෙ අනුයුත්තා ජාගරියානුයුත්තා. විපස්සකාති “අනිච්චං දුක්ඛං අනත්තා”ති විසෙසෙන පස්සනසීලා, විපස්සනං පට්ඨපෙත්වා විහරන්තීති අත්ථො. ධම්මවිසෙසදස්සීති දසකුසලධම්මානං චතුසච්චධම්මස්ස නවලොකුත්තරධම්මස්ස වා විසෙසෙන පස්සනසීලා. මග්ගඞ්ගබොජ්ඣඞ්ගගතෙති සම්මාදිට්ඨාදීහි මග්ගඞ්ගෙහි සතිසම්බොජ්ඣඞ්ගාදීහි බොජ්ඣඞ්ගෙහි ගතෙ සම්පයුත්තෙ අරියධම්මෙ. විජඤ්ඤාති විසෙසෙන ජඤ්ඤා, ජානන්තාති අත්ථො.
විසුද්ධ සීලා යනු විශේෂයෙන් පිරිසිදු වූ සිල් ඇත්තේ, චතුපාරිශුද්ධ ශීලයෙන් පිරිසිදු වූ ශීලයයි. සුවිසුද්ධ පඤ්ඤා යනු පිරිසිදු අපිරිසිදු දෑ දැනෙන ප්රඥාවයි. රාගාදි කෙලෙස් නොමැති බැවින්, පිරිසිදු මාර්ගඵල පරිසම්භිදාදි ප්රඥාවයි. සමාහිතා යනු මැනවින් රැගෙන ආවා වූ සමීපයේ තබන ලද සිත් ඇති ජාගරියානු යුත්තා යනු නිදිවර්ජිතව සිටීමයි. ජාගර නිද්‍රාව ඉක්මවූයේ යන අර්ථයයි. නිදිවර්ජිත බව ජාගරිය නම් වේ. නිදිවර්ජිතව සිටීමේ අනුකූල වීම ජාගරියානුයුත්ත නම් වේ. විපස්සකා යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විශේෂයෙන් දකින සීලයයි. විදර්ශනාවේ ආරම්භකොට, වාස කරන යන අර්ථයයි. ධම්ම විසෙසදස්ස යනු දසකුසල ධර්මයන්ගේද චතුරාර්ය සත්‍ය ධර්මයේද නව ලෝකෝත්තර ධර්මයේද විශේෂයෙන් බලන සීලයයි. මග්ගංග බොජ්ඣංග ගතෙ යනු සම්මා දිට්ඨි ආදී මාර්ග අංගවලින්ද, සති සම්බොජ්ඣංග ආදි බොජ්ඣංග ධර්මවලින්ද, යුක්ත වූ ආර්ය ධර්මයයි. විජඤ්ඤා යනු විශේෂයෙන් දැනගැනීම දැනගත්තේ යන අර්ථයයි.
සුඤ්ඤතාප්පණිහිතඤ්චානිමිත්තන්ති අනත්තානුපස්සනාවසෙන සුඤ්ඤතවිමොක්ඛඤ්ච දුක්ඛානුපස්සනාවසෙන අප්පණිහිතවිමොක්ඛඤ්ච, අනිච්චානුපස්සනාවසෙන අනිමිත්තවිමොක්ඛඤ්ච. ආසෙවයිත්වාති වඩ්ඪෙත්වා. යෙ කතසම්භාරා ධීරා ජනා ජිනසාසනම්හි සාවකත්තං සාවකභාවං න වජන්ති න පාපුණන්ති, තෙ ධීරා කතසම්භාරා සයම්භූ සයමෙව භූතා පච්චෙකජිනා පච්චෙකබුද්ධා භවන්ති.
සුඤ්ඤතාප්පණිහිතඤ්චානිමිත්තං යනු අනාත්ම අනුපස්සනා වශයෙන් අවබෝධ කළ මිදීමද, දුක් අනුව බැලීමෙන් අප්‍රණීත වූ විමොක්ෂයද අනිත්‍යානුපස්සනා වශයෙන් නිමිතිවලින් මිදීමද වේ. ආසෙවයිත්වා යනු වඩා. යෙ කරන ලද සම්භාර ධර්මයෝ. ධීර ප්‍රඥාවන්ත ජනතාව බුද්ධ ශාසනයෙහි සාවකත්තං ශ්‍රාවක බවට. න වජන්ති නොපැමිණෙති. ඒ ධීරා ප්‍රඥාවන්තයෝ කරන ලද පුණ්‍ය සම්භාරයෝ සයම්භු සිය නුවණින් දැන පච්චෙක ජිනා පසේ බුදුබවටම වෙත්.
කිං භූතා? මහන්තධම්මා පූරිතමහාසම්භාරා බහුධම්මකායා අනෙකධම්මසභාවසරීරා. පුනපි කිං භූතා? චිත්තිස්සරා චිත්තගතිකා ඣානසම්පන්නාති අත්ථො. සබ්බදුක්ඛොඝතිණ්ණා සකලසංසාරඔඝං තිණ්ණා අතික්කන්තා උදග්ගචිත්තා කොධමානාදිකිලෙසවිරහිතත්තා සොමනස්සචිත්තා සන්තමනාති අත්ථො. පරමත්ථදස්සී පඤ්චක්ඛන්ධද්වාදසායතනද්වත්තිංසාකාරසච්චපටිච්චසමුප්පාදාදිවසෙන පරමත්ථං උත්තමත්ථං දස්සනසීලා. අචලාභීතට්ඨෙන සීහොපමා සීහසදිසාති අත්ථො. ඛග්ගවිසාණකප්පා ඛග්ගවිසාණමිගසිඞ්ගසදිසා ගණසඞ්ගණිකාභාවෙනාති අත්ථො.
කුමක් වූවේද? මහන්ත ධම්මා පුරණ ලද බෝධිසම්භාර ධර්ම. බහුධම්මකායා නොයෙක් ධර්මතාවලින් පිරි ශරීරය, නැවත කුමක් කීවේද, චිත්තිස්සරා සිතේ එකඟකමද භාවනා (වැඩීම) සම්පන්න අර්ථයෙන් යුතු සබ්බදුක්ඛෙ ඝතිණ්ණ සියළු සංසාර ඕඝය තරණය කළ, ඉක්මවා ගිය. උදග්ගචිත්තා ක්‍රෝධය උපන්නාහ ආදි කෙලෙස් විරහිත බැවින් සොම්නසට පැමිණි සිත් ඇති සතුටු සිත් ඇති යන අර්ථයයි. පරමත්ථ දස්සි පංචස්කන්ධ දොළොස් (චක්ඛු) ආදි ආයතනය දොළොස් වැදෑරුම් වූ පටිච්ච සමුප්පාද ධර්මය ආදි වහයෙන් පරමාර්ථය දකින සීලයෝය. නොසැලෙන අහිත වූ අර්ථයෙන් සිංහාපමා සිංහයා හා සමාන යන අර්ථයයි. ඛග්ගවිසාණ කප්පා කඟවේනකුගේ අඟ හා සමාන සමූහයේ නො ඇලෙන යන අර්ථයයි.
සන්තින්ද්රියාති චක්ඛුන්ද්රියාදීනං සකසකාරම්මණෙ අප්පවත්තනතො සන්තසභාවඉන්ද්රියා . සන්තමනාති සන්තචිත්තා, නික්කිලෙසභාවෙන සන්තසභාවචිත්තසඞ්කප්පාති අත්ථො. සමාධීති සුට්ඨු එකග්ගචිත්තා. පච්චන්තසත්තෙසු පතිප්පචාරාති පච්චන්තජනපදෙසු සත්තෙසු දයාකරුණාදීහි පතිචරණසීලා. දීපා පරත්ථ ඉධ විජ්ජලන්තාති සකලලොකානුග්ගහකරණෙන පරලොකෙ ච ඉධලොකෙ ච විජ්ජලන්තා දීපා පදීපසදිසාති අත්ථො. පච්චෙකබුද්ධා සතතං හිතාමෙති ඉමෙ පච්චෙකබුද්ධා සතතං සබ්බකාලං සකලලොකහිතාය පටිපන්නාති අත්ථො.
සන්තින්ද්රියානි චක්ඛු (ඇස) ආදි ඉන්ද්රියයන්ගේ සියළු අරමුණු පැවැත්වීම වශයෙන් තමන් සතුව පවතින ඉන්ද්රියයන් සන්තමනා යනු ශාන්ත සංසිඳුණු සිත් ඇති. කෙලෙස් රහිත බැවින් ශාන්ත වූ ස්වභාවයෙන් සිත පිරී හුදකලා වූ යන අර්ථයයි. සමාධි යනු සරල යහපත් එකඟ වූ සිත්. පච්චන්ත සත්තෙසු පතිප්ප චාරා යනු ප්‍රත්‍යන්ත ජනපදවල සත්ත්වයන් කෙරෙහි දයා කරුණාව දක්වමින් සීලාදි ගුණ ධර්මයන් බබළවයි. දීපා පරත්ථ ඉධ විජ්ජලන්තා සියලු ලෝකානුග්ගහ කිරීමෙන්ද පරලොවද මෙලොවද දල්වන්නා වූ පහනික. පහනක් හා සමාන යන අර්ථයයි. පච්චෙක බුද්ධා සත්තං හිතාමෙ යනු මේ පසේබුදුවරු නිරතුරුව සියළු කාලය මුළු ලොවට හිත පිණිස පිළිපන්නේ යන අර්ථයයි.
පහීනසබ්බාවරණා ජනින්දාති තෙ පච්චෙකබුද්ධා ජනානං ඉන්දා උත්තමා කාමච්ඡන්දනීවරණාදීනං සබ්බෙසං පඤ්චාවරණානං පහීනත්තා පහීනසබ්බාවරණා. ඝනකඤ්චනාභාති රත්තසුවණ්ණජම්බොනදසුවණ්ණපභා සදිසආභාවන්තාති අත්ථො. නිස්සංසයං ලොකසුදක්ඛිණෙය්යාති එකන්තෙන ලොකස්ස සුදක්ඛිණාය අග්ගදානස්ස පටිග්ගහෙතුං අරහා යුත්තා, නික්කිලෙසත්තා සුන්දරදානපටිග්ගහණාරහාති අත්ථො. පච්චෙකබුද්ධා සතතප්පිතාමෙති ඉමෙ පච්චෙකඤාණාධිගමා බුද්ධා සතතං නිච්චකාලං අප්පිතා සුහිතා පරිපුණ්ණා, සත්තාහං නිරාහාරාපි නිරොධසමාපත්තිඵලසමාපත්තිවසෙන පරිපුණ්ණාති අත්ථො.
පහීණ සබ්බාචරණ ජනින්දා යනු ඒ පසේබුදුවරු ජනතාවට ශ්‍රේෂ්ඨ වූ අධික වූ උතුමෝ වෙති. සියලු පංච නීවරණ ධර්මයන්ගේ ප්රහීණත්වයට පැමිණි බැවින් පහීන සබ්බාචරණා නම් වේ. ඝනකඤ්චනාභා යනු රතු ස්වර්ණවර්ණ රතුකැට අධික රතු ස්වර්ණ පැහැයෙන් සමාන වඩන්නේ යන අර්ථයයි. නිස්සංසයං ලොක සුදක්ඛිණෙය්යා යනු ඒකාන්ත වශයෙන් ලෝකයාට යහපත දැකීම පිණිස දානයේ අග්‍ර කොටස පිළිගැනීමට සුදුසුකමින් යුක්තය. නික්ලේශ බැවින් සත්ත්වයන්ගේ දානය පිළිගැනීමට සුදුසුය යන අර්ථයයි. පච්චෙකබුද්ධා සන්තප්පිතා මෙ යනු ප්රත්යක්ෂ ඥාන ඵලයට පැමිණි බුදුවරු නිරතුරුව, නිසිකලක් ගොස් ගියපසු සුසිල්වත් බවින් පිරිපුන්. සත්දිනක් නිරාහාර වූද, නිරෝධ සමාපත්ති ඵල සමාපත්ති වශයෙන් පිරිපුන් බවින් යුතු යන අර්ථයයි.
පතිඑකා විසුං සම්මාසම්බුද්ධතො විසදිසා අඤ්ඤෙ අසාධාරණබුද්ධා පච්චෙකබුද්ධා. අථ වා –
අනුව පිළියෙල කිරීමේදී සම්මා සම්බුදුවරුන් යයි දෙපැත්තේ නොවෙනස්බවින් යුතු ලක්ෂණ ඇති බුදුවරු පසේබුදු යනුයි. නැතහොත්
“උපසග්ගා නිපාතා ච, පච්චයා ච ඉමෙ තයො; නෙකෙනෙකත්ථවිසයා, ඉති නෙරුත්තිකාබ්රවු”න්ති. –
“උපසර්ග නිපාත ප්‍රත්‍යය යන මේ තුනද, නොයෙක් නොයෙක් ආකාර පනවා අර්ථ විවරණ ඉදිරිපත් කිරීම නේරුත්තික යයි කියන ලදි.”
වුත්තත්තා පතිසද්දස්ස එකඋපසග්ගතා පති පධානො හුත්වා සාමිභූතො අනෙකෙසං දායකානං අප්පමත්තකම්පි ආහාරං පටිග්ගහෙත්වා සග්ගමොක්ඛස්ස පාපුණනතො. තථා හි අන්නභාරස්ස භත්තභාගං පටිග්ගහෙත්වාපස්සන්තස්සෙව භුඤ්ජිත්වා දෙවතාහි සාධුකාරං දාපෙත්වා තදහෙව තං දුග්ගතං සෙට්ඨිට්ඨානං පාපෙත්වා කොටිසඞ්ඛධනුප්පාදනෙන ච, ඛදිරඞ්ගාරජාතකෙ (ජා· අට්ඨ· 1.1.ඛදිරඞ්ගාරජාතකවණ්ණනා) මාරෙන නිම්මිතඛදිරඞ්ගාරකූපොපරිඋට්ඨිතපදුමකණ්ණිකං මද්දිත්වා බොධිසත්තෙන දින්නං පිණ්ඩපාතං පටිග්ගහෙත්වා තස්ස පස්සන්තස්සෙව ආකාසගමනෙන සොමනස්සුප්පාදනෙන ච, පදුමවතීඅග්ගමහෙසීපුත්තානං මහාජනකරඤ්ඤො දෙවියා ආරාධනෙන ගන්ධමාදනතො ආකාසෙන ආගම්ම දානපටිග්ගහණෙන මහාජනකබොධිසත්තස්ස ච දෙවියා ච සොමනස්සුප්පාදනෙන ච, තථා අබුද්ධුප්පාදෙ ඡාතකභයෙ සකලජම්බුදීපෙ උප්පන්නෙ බාරාණසිසෙට්ඨිනො ඡාතකභයං පටිච්ච පූරෙත්වා රක්ඛිතෙ සට්ඨිසහස්සකොට්ඨාගාරෙ වීහයො ඛෙපෙත්වා භූමියං නිඛාතධඤ්ඤානි ච චාටිසහස්සෙසු පූරිතධඤ්ඤානි ච ඛෙපෙත්වා සකලපාසාදභිත්තීසු මත්තිකාහි මද්දිත්වා ලිම්පිතධඤ්ඤානි ච ඛෙපෙත්වා තදා නාළිමත්තමෙවාවසිට්ඨං “ඉදං භුඤ්ජිත්වා අජ්ජ මරිස්සාමා”ති චිත්තං උප්පාදෙත්වා සයන්තස්ස ගන්ධමාදනතො එකො පච්චෙකබුද්ධො ආගන්ත්වා ගෙහද්වාරෙ අට්ඨාසි. සෙට්ඨි තං දිස්වා පසාදං උප්පාදෙත්වා ජීවිතං පරිච්චජමානො පච්චෙකබුද්ධස්ස පත්තෙ ඔකිරි. පච්චෙකබුද්ධො වසනට්ඨානං ගන්ත්වා අත්තනො ආනුභාවෙන පස්සන්තස්සෙව සෙට්ඨිස්ස පඤ්චපච්චෙකබුද්ධසතෙහි සහ පරිභුඤ්ජි. තදා භත්තපචිතඋක්ඛලිං, පිදහිත්වා ඨපෙසුං.
කියන ලද බැවින් ‘පති’ යන උපසර්ග පදය ප්‍රධාන වී ස්වාමියා වී නොයෙක් දායකයන්ට අප්‍රමාණ වූ ආහාර පිළියෙල කරවා, ස්වර්ග මෝක්ෂයට පැමිණියේ වී. එසේම ආහාර වශයෙන් බත් කොටසක් පිළිගන්වා බලාසිටින්නීම අනුභවකොට දේවතාවන් විසින් සාධුකාර දෙවා. එකෙණෙහිම ඒ දුප්පතා සිටු තනතුරට පමුණුවා කෝටිසංඛ්‍යාත ධනය උපදවීමෙන්ද, ඛදිරංගාර ජාතකයේ, මාරයා විසින් මවන ලද කිහිරිඅඟුරු ළිඳ වටකොට නෙළුම් දණ්ඩක් වළඳා බෝසතුන් විසින් දෙන ලද පිණ්ඩපාතය පිළිගෙන ඔහු බලා සිටිද්දීම අහසින් ගොස් දානය පිළිගැනීමෙන් මහාජනක බෝසතුන්ගේද, දේවියගේද සොම්නස් උපදවාලනු පිණිස, එසේ අබුද්ධෝත්පාද කාලයක සියලු දඹදිව සාගත බියක් උපන්කල්හි බරණැස් සිටුතුමාට සාගත බිය නිසා, පුරවන ලද ඔහුගේ කෝෂ්ටාගාරයේ වී ගොඩවල් ක්ෂය කොට බිම සාරන ලද ධනයද, දහසක් සැළිවල පුරවන ලද ධනයද, ක්ෂයකොට සියළු ප්‍රාසාද බිත්තිවල මැටි ආදිය මැද, ආලේ කරවන ලද ධාන්‍යයද ක්ෂයකොට එකල නැලියක් පමණ ඉතිරිවූ මේ කොටස අනුභවකොට අද මිය යන්නෙමුයි, සිත උපදවා තමන් සිටියා වූ ගන්ධමාදන පර්වතයෙන් එක් පසේබුදුවරයෙකු අවුත් ගෙදොර සිටි සේක. සිටුතුමා ඒ දැක ප්‍රාසාදයට නැග ජීවිතය පරිත්‍යාග කරනු කැමැත්තේ පසේබුදුරදුන්ගේ පාත්‍රයට විසුරුවේය. පසේ බුදුරදුන් වසන තැනට ගොස් තමන්ගේ ආනුභාවයෙන් බලා සිටින්නේම සිටුතුමාගේ පන්සියයක් පසේබුදුවරුන් සමග අනුභවකළ සේක. එකල බත් පිසිනලද සැළිය වසා තැබූහ.
නිද්දමොක්කන්තස්ස සෙට්ඨිනො ඡාතත්තෙ උප්පන්නෙ සො වුට්ඨහිත්වා භරියං ආහ – “භත්තෙ ආචාමකභත්තමත්තං ඔලොකෙහී”ති. සුසික්ඛිතා සා “සබ්බං දින්නං නනූ”ති අවත්වා උක්ඛලියා පිධානං විවරි. සා උක්ඛලි තඞ්ඛණෙව සුමනපුප්ඵමකුළසදිසස්ස සුගන්ධසාලිභත්තස්ස පූරිතා අහොසි. සා ච සෙට්ඨි ච සන්තුට්ඨා සයඤ්ච සකලගෙහවාසිනො ච සකලනගරවාසිනො ච භුඤ්ජිංසු. දබ්බියා ගහිතගහිතට්ඨානං පුන පූරිතං. සකලසට්ඨිසහස්සකොට්ඨාගාරෙසු සුගන්ධසාලියො පූරෙසුං. සකලජම්බුදීපවාසිනො සෙට්ඨිස්ස ගෙහතොයෙව ධඤ්ඤබීජානි ගහෙත්වා සුඛිතා ජාතා. එවමාදීසු අනෙකසත්තනිකායෙසු සුඛොතරණපරිපාලනසග්ගමොක්ඛපාපනෙසු පති සාමිභූතො බුද්ධොති පච්චෙකබුද්ධො. පච්චෙකබුද්ධානං සුභාසිතානීති පච්චෙකබුද්ධෙහි ඔවාදානුසාසනීවසෙන සුට්ඨු භාසිතානි කථිතානි වචනානි. චරන්ති ලොකම්හි සදෙවකම්හීති දෙවලොකසහිතෙ සත්තලොකෙ චරන්ති පවත්තන්තීති අත්ථො. සුත්වා තථා යෙ න කරොන්ති බාලාති තථාරූපං පච්චෙකබුද්ධානං සුභාසිතවචනං යෙ බාලා ජනා න කරොන්ති න මනසි කරොන්ති, තෙ බාලා දුක්ඛෙසු සංසාරදුක්ඛෙසු පුනප්පුනං උප්පත්තිවසෙන චරන්ති පවත්තන්ති, ධාවන්තීති අත්ථො.
නිද්‍රාවට බැසගත්තා වූ සිටුතුමාට බඩසාය උපන්කල්හි ඔහු නැගී සිට, බිරිඳට කීවේය. “සොඳුර, සැළියේ බත් ස්වල්පයක් ඇත්දැයි බලනු මැනවි” මැනවින් හික්මුණා වූ ඇය “සියල්ල දුන්නේ නොවේද?” නොකියා සැළියේ පියන විවර කළහ. සැළිය එකෙණෙහි දෑසමන් මල් ගැවසුණා වූ සමාන සුවඳ සැල්බතින් පිරුණේ විය. ඇයද සිටුතුමාද සතුටුවූවෝ තෙමේද සියලු ගෘහවාසීහුද, සියළු නගරවාසීහුද අනුභව කළහ. හැන්දෙන් ගන්නා ගන්නා ලද තැන් පිරුණේ විය. සියලු සිටුවරුන් දහසකගේ කෝෂ්ටාගාරවල සුවඳ සැල්වලින් පිරුණේ වූහ. සියළු දඹදිවවාසීහු සිටුතුමාගේ ගෙදරින් ධාන්‍ය බීජ ගෙන සුඛිත මුදිත වූහ. මේ ආදී වූ නොයේක සත්ත්ව කොට්ඨාශවල සැපසේ තරණය කළ ස්වර්ගමෝක්ෂ සම්පත්වලට පැමිණි කල්හි අධිපති බවට පත්වූවෝ බුද්ධනම් වූයේ පසේ බුදු වූයේ විය. පච්චෙකබුද්ධානං සුභාසිතානි යනු පසේ බුදුවරුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් මැනවින් දේශනා කරන ලද කියන ලද වචනයෝය. චරන්තිලොකම්හි සදෙවකම්හි යනු දිව්‍යලෝක සහිත සත්ත්‍වලෝකයෙහි හැසිරෙත්. පවත්වන්නේ යන අර්ථයයි. සුත්වා තථා යෙන කරොන්ති බාලා යනු එබඳු ආකාර වූ පසේබුදුවරුන්ගේ සුභාෂිත වචන යම් බාල ජනයෙක් අනුගමනය නොකරත්ද, ඔවුහු බාලයෝය. දුක්ඛෙසු සංසාර දුක් ගොඩවල්වල පුනප්පුනං ඉපදීම් වශයෙන් ගමන් කරති. චරන්ති පවත්වති. ධාවනය කරත් යන අර්ථයයි.
පච්චෙකබුද්ධානං සුභාසිතානීති සුට්ඨු භාසිතානි චතුරාපායතො මුච්චනත්ථාය භාසිතානි වචනානි. කිං භූතානි? අවස්සවන්තං පග්ඝන්තං ඛුද්දං මධුං යථා මධුරවචනානීති අත්ථො. යෙ පටිපත්තියුත්තා පණ්ඩිතජනාපි පටිපත්තීසු වුත්තානුසාරෙන පවත්තන්තා තථාරූපං මධුරවචනං සුත්වා වචනකරා භවන්ති, තෙ පණ්ඩිතජනා සච්චදසා චතුසච්චදස්සිනො සපඤ්ඤා පඤ්ඤාසහිතා භවන්තීති අත්ථො.
පච්චෙක බුද්ධානං සුභාසිතා යනු යහපත් වචන සතර අපායෙන් මුදවනු පිණිස කියන ලද වචන කමක් වූයේද? සවන්තං අල්ප වශයෙන් වැගිරෙන්නා වූ මධුං මීපැණි මෙන් මිහිරි වචන යන අර්ථයයි. යමෙක් පටිපත්ති යුත්තා උගත් ජනතාවද, ප්රතිපත්තිවල කියන ලද අනුසාරයෙන් පවත්වන්නා වූ එබඳු ආකාර වූ මිහිරි වචන අසාම වචනාර්ථ කරත්. ඒ පණ්ඩිත ජනයෝ සච්චදසා චතුරාර්ය සත්‍යය දකින්නා වූ සපඤ්ඤා ප්‍රඥා සහිත භවන්ති යනු අර්ථයයි. ඔවුහු එබඳු ආකාර මිහිරි වචන අසාම පණ්ඩිතයෝ ජනතාව සමථ-විදර්ශනා සංඛ්‍යාත ප්රතිපත්තිවල යෙදුණාහු, පිළිපන්නා වූ ඒ පණ්ඩිත ජනතාව ප්‍රඥා සහිතව සොඳුරු ප්‍රඥාවෙන් යුතුව සත්‍ය දැකීමේ නිරත වෙත් යනු සම්බන්ධයි.
පච්චෙකබුද්ධෙහි ජිනෙහි භාසිතාති කිලෙසෙ ජිනන්ති ජිනිංසූති ජිනා, තෙහි ජිනෙහි පච්චෙකබුද්ධෙහි වුත්තා භාසිතා කථිතා. කථා උළාරා ඔජවන්තා පාකටා සන්ති පවත්තන්ති. තා, කථා සක්යසීහෙන සක්යරාජවංසසීහෙන ගොතමෙන තථාගතෙන අභිනික්ඛමිත්වා බුද්ධභූතෙන නරුත්තමෙන නරානං උත්තමෙන සෙට්ඨෙන පකාසිතා පාකටීකතා දෙසිතාති සම්බන්ධො. කිමත්ථන්ති ආහ “ධම්මවිජානනත්ථ”න්ති. නවලොකුත්තරධම්මං විසෙසෙන ජානාපනත්ථන්ති අත්ථො.
පච්චෙක බුද්ධෙහි ජිනෙහි වුත්තා යනු කෙළෙස් ජයගනිති. දිනන ලද්දේනුයි ජින නම් වේ. ඒ ජින වූ පසේ බුදුවරුන් විසින් කියන ලද්දා වූ ප්‍රකාශ ගාථා උළාරා ධජවන්ත වූ ප්‍රකට වූ අර්ථ පවතිත්. තා කථාවෝ. සක්ය සීහෙන ශාක්‍යරාජවංශ සිංහයා වූ ගෞතම තථාගතයන් විසින්. අභිනික්ඛමිත්වා බුදුරදුන්ගේ ස්වභාවයෙන් නරුත්තමෙන මිනිසුන්ගෙන් උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ. පකාසිතා ප්‍රකට කරන ලද දේශනා කරන ලද සම්බන්ධයයි. කුමන අර්ථයක්දැයි කියන ලදි. ධම්මවිජානත්ථං යනු නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය විශේෂයෙන් දනවන ලද්දේ යන අර්ථයයි.
ලොකානුකම්පාය ඉමානි තෙසන්ති ලොකානුකම්පතාය ලොකස්ස අනුකම්පං පටිච්ච ඉමානි වචනානි ඉමා ගාථායො. තෙසං පච්චෙකබුද්ධානං විකුබ්බිතානි විසෙසෙන කුබ්බිතානි භාසිතානීති අත්ථො. සංවෙගසඞ්ගමතිවඩ්ඪනත්ථන්ති පණ්ඩිතානං සංවෙගවඩ්ඪනත්ථඤ්ච අසඞ්ගවඩ්ඪනත්ථං එකීභාවවඩ්ඪනත්ථඤ්ච මතිවඩ්ඪනත්ථං පඤ්ඤාවඩ්ඪනත්ථඤ්ච සයම්භුසීහෙන අනාචරියකෙන හුත්වා සයමෙව භූතෙන ජාතෙන පටිවිද්ධෙන සීහෙන අභීතෙන ගොතමෙන සම්මාසම්බුද්ධෙන ඉමානි වචනානි පකාසිතානි, ඉමා ගාථායො පකාසිතා විවරිතා උත්තානීකතාති අත්ථො. ඉතීති පරිසමාපනත්ථෙ නිපාතො.
ලොකානුකම්පාය ඉමානි තෙසං යනු ලොවට අනුකම්පා පිණිස, ලෝකයට අනුකම්පා නිසා මේ වචනයද මේ ගාථාවෝද ඔවුන්ට පච්චෙක බුද්ධානං විකුබ්බිතානි විශේෂයෙන් ධ්‍යානයෙන් ප්‍රකටවන ලෙස දේශනා කරන ලද යන අර්ථයයි. සංවෙගා සංගම තිවඩ්ඪ නත්ථං යනු පණ්ඩිතයන්ගේ සංවේගය වර්ධනය පිණිස කෙලෙස් නොවැඩුණු පිණිස ඒකීයභාවය වර්ධනය පිණිස ප්‍රඥාව වඩනු පිණිස, ප්‍රඥාව අවදිවනු පිණිසද වේ. සයම්භුසීහෙන ආචාර්ය නොවී සිට, තමන්ව අවබෝධ කිරීම් වශයෙන් හටගත්. විඳිනා ලද අභීත වූ සිංහයෙකු බඳු ගෞතම සම්මා සම්බුදුරදුන් විසින් මේ වචන ප්‍රකාශ කරන ලද්දේ විවරණය කරන ලදි. අර්ථ ප්‍රකට කරන ලදි යන අර්ථයයි. ඉති යනු පරිසමාප්ත අර්ථයෙහි නිපාතයකි.
ඉති විසුද්ධජනවිලාසිනියා අපදාන-අට්ඨකථාය
මෙසේ විසුද්ධජන විලාසිනි නම් අපදාන අර්ථ කතාවේ
පච්චෙකබුද්ධාපදානසංවණ්ණනා සමත්තා.
පසේ බුදුවරුන්ගේ සංවර්ණනාව නිමියේය.