මාතිකා කථා
3. 10.
3. 10.
මාතිකා කථා
මාතෘකා කථා
නිච්ඡාතො, මොක්ඛො විමොක්ඛො, විජ්ජාවිමුත්ති, අධිසීලං, අධිචිත්තං, අධිපඤ්ඤා, පස්සද්ධි, ඤාණං, දස්සනං, විසුද්ධි, නෙක්ඛම්මං, නිස්සරණං, පවිවෙකො, වොස්සග්ගො, චරියා, ඣානවිමොක්ඛො, භාවනා, අධිට්ඨානං, ජීවිතං.
නිච්ඡාත යැ මොක්ඛවිමෝක්ඛ යැ විජ්ජාවිමුත්ති යැ අධිසීල යැ අධිචිත්ත යැ අධිපඤ්ඤා යැ පස්සද්ධි යැ ඤාණ යැ දස්සන යැ විසුද්ධි යැ නෙක්ඛම්ම යැ නිස්සරණ යැ පවිවේක යැ වොස්සග්ග යැ චරියා යැ ඣානවිමොක්ඛ යැ භාවනා යැ අධිට්ඨානයැ ජීවිත යි.
නිච්ඡාතොති නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො නිච්ඡාතො, අබ්යාපාදෙන බ්යාපාදතො නිච්ඡාතො -පෙ- පඨමෙන ඣානෙන නීවරණෙහි නිච්ඡාතො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙහි නිච්ඡාතො.
නිච්ඡාතො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්දයෙන් නො මලා වූයේ, අව්‍යාපාද විසින් ව්‍යාපාදයෙන් නො මලා වූයේ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන්ගෙන් නො මලා වූයේ ... රහත්මඟ විසින් සර්වක්ලේශයන්ගෙන් නො මලා වූයේ වේ.
මොක්ඛො විමොක්ඛොති නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො මුච්චතීති මොක්ඛො විමොක්ඛො -පෙ- පඨමෙන ඣානෙන නීවරණෙහි මුච්චතීති මොක්ඛො විමොක්ඛො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙහි මුච්චතීති මොක්ඛො විමොක්ඛො.
මොක්ඛො විමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්දය කෙරෙන් මිදේ නුයි මෝක්ෂ විමෝක්ෂ යැ, අව්‍යාපාද විසින් ව්‍යාපාදය කෙරෙන් මිදේ නුයි මෝක්ෂ විමෝක්ෂ යැ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන් කෙරෙන් මිදේ නුයි මෝක්ෂ විමෝක්ෂ යැ ... අර්හත්ත්වමාර්ග විසින් සර්වක්ලේශයන් කෙරෙන් මිදේ නුයි මෝක්ෂ විමෝක්ෂ යි.
විජ්ජාවිමුත්තීති නෙක්ඛම්මං විජ්ජතීති විජ්ජා, කාමච්ඡන්දතො මුච්චතීති විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චතො විජ්ජතීති විජ්ජාවිමුත්ති. අබ්යාපාදො විජ්ජතීති විජ්ජා, බ්යාපාදතො මුච්චතීති විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චන්තො විජ්ජතීති විජ්ජාවිමුත්ති -පෙ- අරහත්තමග්ගො විජ්ජතීති විජ්ජා, සබ්බකිලෙසෙහි මුච්චතීති විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චන්තො විජ්ජාතීති විජ්ජාවිමුත්ති.
විජ්ජාවිමුත්ති යනු: නෛෂ්ක්‍රම්‍ය විද්‍යාමාන වේ නුයි (නොහොත් දන්නා ලැබේ නුයි, ලබානුයි හෝ) විජ්ජා යැ, කාමච්ඡන්දය කෙරෙන් මිදේනුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මිදෙයි, මිදෙනුයි විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ. අව්‍යාපාදය ඇත් නුයි විජ්ජා යැ, ව්‍යාපාදය කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය විද්‍යාමාන වේ නුයි විජ්ජා යැ, සර්වක්ලේශයන් කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ (රහත්මඟ) විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති නම් වන්නීය.
අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤාති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි. යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛං. යො තත්ථ දසස්නට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා. අබ්යාපාදෙන බ්යාපාදං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි. යො තත්ථ සංවරට්ඨො අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛා. යො තත්ථ දස්සනට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා.
අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤා යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්දය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ නෛෂ්ක්‍රම්‍යය) ශීලවිශුද්ධි යැ, (එ මැ) අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ. එහි යම් සංවරාර්ත්ථයෙක් වේ ද, මේ තෙම අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්ෂේපාර්ත්ථයෙක් වේ ද, මේ තෙම අධිචිත්තශික්ෂා යැ, එහි යම් දර්ශනාර්ත්ථයෙක් වේ ද, මේ තෙම අධිප්රඥාශික්ෂා යි. අව්‍යාපාද විසින් ව්‍යාපාදය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ අව්‍යාපාදය ) ශීලවිශුද්ධි යැ ... අර්හත්ත්වමාර්ග විසින් සර්වක්ලේශයන් නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ රහත් මඟ) ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරාර්ත්ථයෙක් වේ ද, මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්ෂේපාර්ත්ථයෙක් වේ ද, මේ අධිචිත්තශික්ෂා යැ. එහි යම් දර්ශනාර්ත්ථයෙක් වේ ද, මේ අධිප්රඥාශික්ෂා යි.
පස්සද්ධීති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පටිප්පස්සම්භෙති, අබ්යාපාදෙන බ්යාපාදං පටිප්පස්සම්භෙති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ පටිප්පස්සම්භෙති.
පස්සද්ධි යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් (යෝගාවචර තෙම) කාමච්ඡන්දය වළහයි, අව්‍යාපාද විසින් ව්‍යාපාදය වළහයි .... රහත්මඟින් සර්වක්ලේශයන් වළහයි.
ඤාණන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං ඤාතට්ඨෙන ඤාණං. බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො ඤාතට්ඨෙන ඤාණං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො ඤාතට්ඨෙන ඤාණං.
ඤාණං යනු: කාමච්ඡන්දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ... සර්වක්ලේශයන් ප්‍රහීණ බැවින් අර්‍හත්ත්‍වමාර්‍ගය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යි.
දස්සනන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං දිට්ඨත්තා දස්සනං බ්යාපාදස්ස පහීනත්තා අඛයාපාදො දිට්ඨත්තා දස්සනං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො දිට්ඨත්තා දස්සනං.
දස්සනං යනු: කාමච්ඡන්දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍ය තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්ශන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාද තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්ශන යැ .. සර්වක්ලේශයන් ප්‍රහීණ බැවින් රහත්මඟ දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්ශන යි.
විසුද්ධිති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මෙන විසුජ්ඣති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදෙන විසුජ්ඣති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගෙන විසුජ්ඣති.
විසුද්ධි යනු: කාමච්ඡන්දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් විශුද්ධ වෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් විශුද්ධ වෙයි ... සර්වක්ලේශයන් දුරලනුයේ රහත්මඟින් විශුද්ධ වේ.
නෙක්ඛම්මන්ති කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නෙක්ඛම්මං. බ්යාපාදස්ස අබ්යාපාදො නෙක්ඛම්මං. ථිනමිද්ධස්ස ආලොකසඤ්ඤා නෙක්ඛම්මං -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො නෙක්ඛම්මං.
නෙක්ඛම්මං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිස්සරණ යැ, යම් ආරූප්යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සංස්කෘත වූ ප්රතීත්යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞඛතයා ගේ නෛෂ්ක්‍රම්‍ය වේ. අව්යාපාදයා ව්‍යාපාදයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි, ආලෝකසංඥාව ථිනමිද්ධයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්වක්ලේශයන් ගේ නෛෂ්ක්‍රම්‍ය වේ.
නිස්සරණන්ති කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං. යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නිස්සරණං. කාමච්ඡන්දස්ස නෙක්ඛම්මං නිස්සරණං. බ්යාපාදස්ස අබ්යාපාදො නිස්සරණං -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො නිස්සරණං.
නිස්සරණං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන් ගේ නිස්සරණ යැ, යම් ආරූප්යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සඞ්ඛත වූ ප්රතීත්යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය වෙයි, නෛෂ්ක්‍රම්‍යය කාමච්ඡන්දයා ගේ නිස්සරණය යැ, අව්‍යාපාදය ව්‍යාපාදයා ගේ නිස්සරණ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්වක්ලේශයන් ගේ නිස්සරණ යි.
පවිවෙකොති කාමච්ඡන්දස්ස නෙක්ඛම්මං පවිවෙකො -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො පවිවෙකො.
පවිවේකො යනු: නෛෂ්ක්‍රම්‍ය කාමච්ඡන්දයා ගේ පවිවේක යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්වක්ලේශයන් ගේ පවිවේක යයි.
වොස්සග්ගොති නෙක්ඛමෙන කාමච්ඡන්දං වොස්සජජ්ජතීති වොස්සග්ගො, අබ්යාපාදෙන බ්යාපාදං වොස්සජ්ජතීති වොස්සග්ගො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ වොස්සජ්ජතීති වොස්සග්ගො.
වොස්සග්ගෝ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය හැරපියා නුයි වොස්සග්ග යැ, අවය්යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නුයි වොස්සග්ග නම ... රහත්මගින් හැම කෙලෙසුන් හැරපියා නුයි වොස්සග්ග නමි.
චරියාති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මෙන චරති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදෙන චරති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගෙන චරති.
චරියා යනු: කාමච්ඡන්දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් හැසිරෙයි. රහත්මගින් හැම කෙලෙසුන් දුරලමින් හැසිරෙයි.
ඣානවිමොක්ඛොති නෙක්ඛම්මං ඣායතීති ඣානං, කාමච්ඡන්දං ඣාපෙතීති ඣානං, ඣායන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣායන්තීති ධම්මා, ඣාපෙන්තීති කිලෙසෙ, ඣාතෙ ච ඣාපෙ ච ජානාතීති ඣානඣායී. අබ්යාපාදො ඣායතීති ඣානං, බ්යාපාදං ඣාපෙතීති ඣානං -පෙ- ආලොකසඤ්ඤා ඣායතීති ඣානං, ථිනමිද්ධං ඣාපෙතීති ඣානං -පෙ- අරහත්තමග්ගො ඣායතීති ඣානං, සබ්බකිලෙසෙ ඣාපෙතීති ඣානං, ඣායන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො, ඣායන්තීති ධම්මා, ඣාපෙන්තීති කිලෙසෙ, ඣාතෙ ච ඣාපෙ ච ජානාතීති ඣානඣායී.
ඣානවිමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍යය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, කාමච්ඡන්දය දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නම, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නමි, ‘ඣායන්ති’ යනු දහම්හු යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනී නුයි ඣානඣායී නම. අව්‍යාපාදය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ව්‍යාපාදය දවා නුයි ධ්‍යාන යැ ... ආලෝකසංඥාව ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ථිනමිද්ධය දවා නුයි ධ්‍යාන යැ ... රහත්මග ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, හැම කෙලෙසුන් දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, ‘ඣායන්ති’ යනු ධර්මයෝ යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනි නුයි ‘ඣානඣායී’ නම් වේ.
භාවනා අධිට්ඨානං ජීවිතන්ති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මං භාවෙතීති භාවනාසම්පන්නො, නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානසම්පන්නො, ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො සමං ජීවති, නො විසමං, සම්මා ජීවති, නො මිච්ඡා, විසුද්ධං ජීවති, නො කිලිට්ඨන්ති ආජීවසම්පන්නො. ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො යඤ්ඤදෙවපරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, තං කිස්ස හෙතු; තථා හි සො භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො.
භාවනා අධිට්ඨානං ජීවිතං යනු: කාමච්ඡන්දය දුරලමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ, නෛෂ්ක්‍රම්‍යය විසින් සිත පිහිටුවා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ සම වැ ජීවත් වෙයි, විෂම වැ නොවෙයි, මැනැවින් ජීවත් වෙයි. මිථ්‍යාවෙන් නො වෙයි. විශුද්ධ වැ ජීවත් වෙයි. ක්ලිෂ්ට වැ නො වේ නුයි ආජීවසම්පන්න වේ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් යම් පිරිස් කරා එළැඹෙ ද, කැත්පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණ පිරිසකට හෝ විසාරද වූයේ තෙද ඇති වැ එළැඹෙයි. ඊට හේතු කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනි.
බ්යාපාදං පජහන්තො අබ්යාපාදං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- ථීනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- උද්ධච්චං පජහන්තො අවික්ඛෙපං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- අවිජ්ජං පජහන්තො විජ්ජං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- අරතිං පජහන්තො පාමොජ්ජං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- නීවරණෙ පජහන්තො පඨමං ඣානං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගං භාවෙතීති භාවනාසම්පන්නො. අරහත්තමග්ගවසෙන චිත්තං අධිට්ඨානසම්පන්නො, ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො සමං ජීවති, නො විසමං, සම්මා ජීවති, නො මිච්ඡා, විසුද්ධං ජීවති, නො කිලිට්ඨන්ති ආජීවසම්පන්නො. ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, තං කිස්ස හෙතු: තථා හි සො භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නොති.
ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදය වඩා නුයි භාවනාසම්පන්න යැ ... ථිනනමිද්ධය දුරලනුයේ අලෝකසංඥාව වඩානුයි භාවනාසම්පන්න යැ … උද්ධච්චය දුරලනුයේ අවික්ඛේපය වඩා නුයි භාවනාසම්පන්න යැ ... විචිකිච්ඡාව දුරලනුයේ ධම්මවවත්ථානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... අවිද්‍යාව දුරලනුයේ විද්‍යාව වඩා නුයි භාවනාසම්පන්න යැ ... අරතිය දුරලනුයේ ප්‍රාමෝද්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ ... නීවරණයන් දුරලනුයේ ප්‍රථමධ්‍යානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... හැම කෙලෙසුන් දුරලනුයේ රහත්මඟ වඩා නුයි භාවනාසම්පන්න යැ. රහත්මඟ විසින් සිත පිහිටුවා වඩා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර තෙමේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ සම ව ජීවත් වෙයි, විෂම ව ජීවත් නො වේ. සම්මාජීවයෙන් ජීවත් වෙයි, මිථ්‍යාජීවයෙන් ජීවත් නො වේ. විශුද්ධ ව ජීවත් වෙයි, ක්ලිෂ්ට ජීවත් නො වේ නුයි ආජීවසම්පන්න යැ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් මැ පිරිස් කරා එළැඹෙ ද, කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ විසාරද වූයේ නොහැකුළුණේ (තෙද ඇති වැ) එළැඹෙ යි. ඊට කාරණ කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනැ’යි.
මාතිකාකථා සමත්තා.
මාතෘකාකථා සමාප්ත යි.
පඤ්ඤාවග්ගො තතියො.
තුන්වැනි ප්රඥාවර්ගය යි.
තත්රුද්දානං භවති:
එහි උද්දානය වෙයි:
පඤ්ඤා ඉද්ධි අභිසමයො - විවෙකො චරිය පඤ්චමො පාටිහාරිය සමසීසි - සතිපට්ඨානං විපස්සනා පඤ්ඤාවග්ගම්හි තතියෙ - මාතිකාය ච තෙ දසාති.
ප්‍රඥා කථා යැ, ඍද්ධි කථා යැ, අභිසමය කථා යැ, විවේක කථා යැ, පස්වැනි වූ, චර්ය්යා කථා යැ, ප්‍රාතිහාර්‍ය්‍ය කථා යැ, සමසීසි කථා යැ, සතිපට්ඨාන කථා යැ, විදර්ශනා කථා යැ යන මොහු ද මාතෘකා කථාව ද සමග තුන්වැනි ප්රඥාවර්ගයෙහි දශ කථාවෝ වෙත්.
පටිසම්භිදාමග්ගප්පකරණං සමත්තං.
ප්රතිසන්වින්මාර්ගප්රකරණ සමාප්ත යි.