මාතිකාකථා අට‍්ඨකථා
මාතිකාකථා
මාතෘකා කථා
මාතිකාකථාවණ‍්ණනා
ඉදානි මහාථෙරො විපස‍්සනාකථානන‍්තරං සකලෙ පටිසම‍්භිදාමග‍්ගෙ නිද‍්දිට‍්ඨෙ සමථවිපස‍්සනාමග‍්ගනිබ‍්බානධම‍්මෙ ආකාරනානත‍්තවසෙන නානාපරියායෙහි ථොමෙතුකාමො නිච‍්ඡාතොතිආදීනි එකූනවීසති මාතිකාපදානි උද‍්දිසිත්‍වා තෙසං නිද‍්දෙසවසෙන මාතිකාකථං නාම කථෙසි. තස‍්සා අයං අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. මාතිකාය තාව නිච‍්ඡාතොති අමිලාතො. සබ‍්බෙපි හි කිලෙසා පීළායොගතො මිලාතා, රාගොපි තාව නිරන‍්තරප‍්පවත‍්තො සරීරං දහති, කිං පනඤ‍්ඤෙ කිලෙසා . “තයොමෙ, භික‍්ඛවෙ, අග‍්ගී රාගග‍්ගි දොසග‍්ගි මොහග‍්ගී”ති (ඉතිවු· 93; දී· නි· 3.305) පන කිලෙසනායකා තයො එව කිලෙසා වුත‍්තා, තංසම‍්පයුත‍්තාපි පන දහන‍්තියෙව. එවං ඡාතකිලෙසාභාවතො නිච‍්ඡාතො. කො සො? විමොක‍්ඛසම‍්බන්‍ධෙන විමොක‍්ඛොති දට‍්ඨබ‍්බො. මුච‍්චතීති මොක‍්ඛො. විමුච‍්චතීති විමොක‍්ඛොති අත්‍ථො. ඉදමෙකං මාතිකාපදං. විජ‍්ජාවිමුත‍්තීති විජ‍්ජායෙව විමුත‍්ති. ඉදමෙකං මාතිකාපදං. ඣානවිමොක‍්ඛොති ඣානමෙව විමොක‍්ඛො. ඉදමෙකං මාතිකාපදං. සෙසානි එකෙකානෙවාති එවං එකූනවීසති මාතිකාපදානි.
දැන් මහතෙරහු, විදර්ශනා කථානන්තරව, සියලු ප්‍රතිසම්භිදා මාර්ගයෙහි නිර්දිෂ්ට, සමථ විදර්ශනා මාර්ග නිර්වාණ ධර්මයන් ආකර නානත්‍ව වශයෙන් නොයෙක් ක්‍රමයන්ගෙන් පසසනු කැමැතියාහු නිච්ඡාතො ආදී එකුන්විසි මාතෘකා පදයන් උදෙසා එහි නිර්දේශ වශයෙන් මාතෘකා කථාවක් නම් කීහ. එහි මේ පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව මාතෘකාවෙහි නිච්ඡාතො යනු නොමැලවුණේ, සියලු කෙලෙස්හු පීඩා යෝගයෙන් මැලවුණාහු වෙති. රාගයද නිරතුරු පැවැතියේ සිරුර දවයි. අනෙක් කෙලෙසුන් ගැන කියනුම කවරේද? මහණෙනි, රාගාග්නිය, ද්වේෂාග්නිය, මෝහාග්නිය යැයි මේ අග්නි තුනෙකි. කෙලෙසුන්ට ප්‍රධාන වූ කෙලෙස් ත්‍රයයක්ම යූ.සේයි. ඒ හා සම්ප්‍රයුක්ත පුද්ගලයෝද දවත්මය. මෙසේ හටගත් කෙලෙසුන්ගේ අභාවයෙන් නිච්ඡාතොයි. එය කවරෙක්ද, විමෝක්‍ෂ සම්බන්ධයෙන් විමෝක්‍ෂයැයි දතයුතුය. මිදේනුයි මොක්ඛොයි මනාව මිදේනුයි විමෝක්‍ෂයැයි අර්ථයි. මේ එක් මාතෘකා පදයකි. විජ්ජා විමුත්ති යනු විද්‍යාවම විමුක්තියි. මේ එක් මාතෘකා පදයකි. ඣාන විමොක්ඛො යනු ධ්‍යාන යම විමෝක්‍ෂයි. මේ එක් මාතෘකා පදයෙකි. සෙස්ස එකිනෙකවමය. මෙසේ එකුන්විසි මාතෘකා පදයෝය. නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දතො නිච්ඡාතො යනු නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය පහව ගිය හෙයින්, කාමච්ඡන්‍දයෙන් නිකෙලෙස් වූ යෝගියා ඉන් ලද, නෛෂ්ක්‍රම්‍යයද, නොමැලවුණු, නිකෙලෙස් විමෝක්‍ෂයයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දතො නිච‍්ඡාතොති නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දතො අපෙතත‍්තා කාමච‍්ඡන්‍දතො නික‍්කිලෙසො යොගී. තෙන පටිලද‍්ධං නෙක‍්ඛම‍්මම‍්පි නිච‍්ඡාතො නික‍්කිලෙසො විමොක‍්ඛො. එවං සෙසෙසුපි. නෙක‍්ඛම‍්මෙන කාමච්ඡන්දතො මුච‍්චතීති විමොක‍්ඛොති නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දතො යොගී මුච‍්චතීති තං නෙක‍්ඛම‍්මං විමොක‍්ඛොති අත්‍ථො. එවං සෙසෙසුපි. විජ‍්ජතීති විජ‍්ජාති සභාවතො විජ‍්ජති අත්‍ථි උපලබ‍්භතීති විජ‍්ජා නාමාති අත්‍ථො. අථ වා සභාවජානනත්‍ථං පටිපන‍්නෙහි යොගීහි සභාවං වෙදීයති ජානීයතීති විජ‍්ජා නාමාති අත්‍ථො. අථ වා විසෙසලාභත්‍ථං පටිපන‍්නෙහි යොගීහි වෙදීයති පටිලාභීයතීති විජ‍්ජා නාමාති අත්‍ථො. අථ වා අත‍්තනා වින්‍දිතබ‍්බං භූමිං වින්‍දති ලභතීති විජ‍්ජා නාමාති අත්‍ථො. අථ වා සභාවදස‍්සනහෙතුත‍්තා සභාවං විදිතං කරොතීති විජ‍්ජා නාමාති අත්‍ථො. විජ‍්ජන‍්තො මුච්චති, මුච‍්චන‍්තො විජ‍්ජතීති යථාවුත‍්තො ධම‍්මො යථාවුත‍්තෙනත්‍ථෙන විජ‍්ජමානො යථාවුත‍්තතො මුච‍්චති, යථාවුත‍්තතො මුච‍්චමානො යථාවුත‍්තෙනත්‍ථෙන විජ‍්ජතීති විජ‍්ජාවිමුත‍්ති නාමාති අත්‍ථො.
නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො මුච්චතීති විමොක්ඛො යනු නෛෂ්ක්‍රම්‍යය තුළින් යෝගියා කාමච්ඡන්‍දයෙන් මිදේනුයි එම නෛෂ්ක්‍රම්‍යය විමෝක්‍ෂයැයි අර්ථයි. සෙස්සෙහිද එසේමය. විජ්ජතීති විජ්ජා යනු ස්වභාවයෙන් විද්‍යමාන වේ. තිබේ. ලබයිනුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත් ස්වභාව තත්ත්වය දැනගැනීම සඳහා පිළිපන් යෝගීන් විසින් ස්වභාවය විඳිනු ලැබේ. දැනගනු ලැබේනුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත්, විශේෂ ස්වභාව ලැබීම සඳහා පිළිපන් යෝගීන් විසින් විඳිනු ලැබේ. ලබානුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත් තමා විසින් විඳිය යුතු භූමිය විඳියි. ලබයිනුයි විද්‍යා නමැයි අර්ථයි. තමා විසින් විඳිය යුතු ස්ථානය විඳියි ලබයි නුයි විද්‍යා නමැයි අර්ථයි. ස්වභාව දර්ශන හේතු හෙයින් යථා ස්වභාවය ප්‍රකට කෙරේනුයි විද්‍යා නමැ. විජ්ජන්තො මුච්චති මුච්චන්තො විජ්ජති යනු කියන ලද ආකාර ධර්මය කියන ලද අර්ථයෙන් විද්‍යමාන වූයේ කියන ලද අයුරින් මිදේ. කියන ලද අයුරින් මිදෙනුයේ කියන ලද අර්ථයෙන් විද්‍යමාන වේනුයි විද්‍යා විමුක්ති නමැයි අර්ථයි.
කාමච‍්ඡන්‍දං සංවරට‍්ඨෙනාති කාමච‍්ඡන්‍දනිවාරණට‍්ඨෙන තං නෙක‍්ඛම‍්මං සීලවිසුද‍්ධි නාමාති අත්‍ථො. තංයෙව අවික‍්ඛෙපහෙතුත‍්තා අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධි. දස‍්සනහෙතුත‍්තා දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධි. සෙසෙසුපි එසෙව නයො. පටිප‍්පස‍්සම‍්භෙතීති නෙක‍්ඛම‍්මාදිනා කාමච‍්ඡන්‍දාදිකං යොගාවචරො පටිප‍්පස‍්සම‍්භෙතීති නෙක‍්ඛම‍්මාදිකො ධම‍්මො පස‍්සද‍්ධි නාමාති අත්‍ථො. පහීනත‍්තාති තෙන තෙන පහානෙන පහීනත‍්තා. ඤාතට‍්ඨෙන ඤාණන‍්ති ඣානපච‍්චවෙක‍්ඛණාවසෙන විපස‍්සනාවසෙන මග‍්ගපච‍්චවෙක‍්ඛණාවසෙන ඤාතට‍්ඨෙන නෙක‍්ඛම‍්මාදිකං ඤාණං නාමාති අත්‍ථො. දිට‍්ඨත‍්තා දස‍්සනන‍්ති එත්‍ථාපි එසෙව නයො. විසුජ‍්ඣතීති යොගී, නෙක‍්ඛම‍්මාදිකා විසුද‍්ධි.
කාමච්ඡන්‍දං සංවරට්ඨෙන යනු කාමච්ඡන්‍දය වැළැකීම් අර්ථයෙන් එම නෛෂ්ක්‍රම්‍යය සීල, විශුද්ධි නමැ. එයම අවික්‍ෂෙප හේතු හෙයින් අවික්‍ෂෙපාර්ථයෙන් චිත්ත විශුද්ධියි. දර්ශන හේතු හෙයින් දර්ශනාර්ථයෙන් දෘෂ්ටි විශුද්ධියි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පටිප්පස්සම්භෙති යනු යෝගාවචර තෙමේ නෛෂ්ක්‍රම්‍යයාදියෙන් කාමච්ඡන්‍දාදිය සංසිඳවානුයි නෛෂ්ක්‍රම්‍යාදි ධර්මය පස්සද්ධි නමැ. පහීණත්තා යනු ඒ ඒ ප්‍රහාණයෙන් ප්‍රහීණ හෙයින් ඤාතට්ඨෙන ඤාණං යනු ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන්, විදර්ශනා වශයෙන් මාර්ග ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන්, ඤාතාර්ථයෙන් නෛෂ්ක්‍රම්‍යාදිය ඤාණය නමැයි අර්ථයි. දිට්ඨත්තා දස්සනං යන මෙහිද එම ක්‍රමයමැයි. විසුජ්ඣති යනු යෝගියා නෛෂ්ක්‍රම්‍යාදියෙන් පිරිසිදු වීමයි.
නෙක‍්ඛම‍්මනිද‍්දෙසෙ නෙක‍්ඛම‍්මං අලොභත‍්තා කාමරාගතො නිස‍්සටන‍්ති නිස‍්සරණං. තතො නික‍්ඛන‍්තන‍්ති නෙක‍්ඛම‍්මං. “රූපානමෙතං නිස්සරණං යදිදං නෙක‍්ඛම‍්ම”න‍්ති වුච‍්චමානෙ ආරුප‍්පවිසෙසස‍්ස අදිස‍්සනතො විසෙසස‍්ස දස‍්සනත්‍ථං අඤ‍්ඤත්‍ථ වුත‍්තපාඨක‍්කමෙනෙව යදිදං ආරුප‍්පන‍්ති වුත‍්තං. තඤ‍්ච ආරුප‍්පං රූපතො නික‍්ඛන‍්තත‍්තා නෙක‍්ඛම‍්මං නාමාති අධිකාරවසෙනෙව වුත‍්තං හොති. භූතන‍්ති උප‍්පාදසමායොගදීපනං. සඞ‍්ඛතන‍්ති පච‍්චයබලවිසෙසදස‍්සනං. පටිච‍්චසමුප‍්පන‍්නන‍්ති පච‍්චයසමායොගෙපි පච‍්චයානං අබ්‍යාපාරභාවදස‍්සනං. නිරොධො තස‍්ස නෙක‍්ඛම‍්මන‍්ති නිබ‍්බානං තතො සඞ‍්ඛතතො නික‍්ඛන‍්තත‍්තා තස‍්ස සඞ‍්ඛතස‍්ස නෙක‍්ඛම‍්මං නාම. ආරුප‍්පස‍්ස ච නිරොධස‍්ස ච ගහණං අඤ‍්ඤත්‍ථ පාඨෙ වුත‍්තක‍්කමෙනෙව කතං. “කාමච‍්ඡන්‍දස‍්ස නෙක‍්ඛම‍්මං නෙක‍්ඛම‍්ම”න‍්ති වුච‍්චමානෙ පුනරුත‍්තං හොති. නෙක‍්ඛම‍්මවචනෙනෙව ච තස‍්ස නෙක‍්ඛම‍්මසිද‍්ධීති තං අවත්‍වා සෙසනෙක‍්ඛම‍්මමෙව වුත‍්තං. තං උජුකමෙව. නිස‍්සරණනිද‍්දෙසෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. නිස‍්සරණීයා ධාතුයො පනෙත්‍ථ උජුකමෙව නෙක‍්ඛම‍්මන‍්ති වුත‍්තං. පවිවෙකොති පවිවිත‍්තභාවො නෙක‍්ඛම‍්මාදිකොයෙව. වොසජ‍්ජතීති යොගී, නෙක‍්ඛම‍්මාදයො වොසග‍්ගො. නෙක‍්ඛම‍්මං පවත‍්තෙන‍්තො යොගී නෙක‍්ඛම‍්මෙන චරතීති වුච‍්චති. තං පන නෙක‍්ඛම‍්මං චරියා. එස නයො සෙසෙසුපි. ඣානවිමොක‍්ඛනිද‍්දෙසෙ වත‍්තබ‍්බං විමොක‍්ඛකථායං වුත‍්තං. කෙවලං තත්‍ථ “ජානාතීති ඣානවිමොක‍්ඛො”ති (පටි· ම· 1.217) වුත‍්තං, ඉධ පන “ජානාතීති, ඣායතී”ති පුග‍්ගලාධිට‍්ඨානාව දෙසනා කතාති අයං විසෙසො.
නෛෂ්ක්‍රම්‍ය නිර්දේශයෙහි නෛෂ්ක්‍රම්‍යය අලෝභ හෙයින් කාම රාගයෙන් බැහැරවූයේනුයි නිස්සරණං ඉන් නික්මුණේ නුයි නෙක්ඛම්මංයි, රූපානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මංයි කියනු ලබන කල්හි, ආරුප්‍ය විශේෂයෙහි නොපෙනෙන හෙයින් විශේෂයෙහි දැක්වීම සඳහා අන්තන්හි කියන ලද පාඨ ක්‍රමයෙන්ම යම් මේ ‘ආරුප්පං’ යයි යූ.සේයි. එම ආරුප්‍යයද රූපයෙන් නික්මුණු හෙයින් නෙක්ඛම්ම නමැයි ප්‍රාර්ථනා වශයෙන්ම යූ.සේයි. භූතං යනු හටගැන්ම හා එක්ව යෙදීම දැක්වීමයි. සංඛතං යනු ප්‍රත්‍යය බල විශේෂ දැක්වීමයි. පටිච්ච සමුප්පන්නං යනු ප්‍රත්‍යය එක්වීමෙහිදී, ප්‍රත්‍යයන්ගේ උත්සාහවත් නොවීම දැක්වීමයි. නිරොධො තස්ස නෙක්ඛම්මං යනු නිර්වාණය එම සංඛතයෙන් නික්මුණු හෙයින් එම සංඛතයාගේ නික්මීම නමැ. ආරුප්‍යයාගේද නිරෝධයාගේද ග්‍රහණය අන් පාඨයන්හි කියන ලද ක්‍රමයෙන්ම කරන ලදි. කාමච්ඡන්‍දයාගේ නික්මීම නෛෂ්ක්‍රම්‍යයයි කියනු ලබන කල්හි පුනරුක්ති දෝෂය වේ. නෙක්ඛම්ම වචනයෙන්ම එයට නෛෂ්ක්‍රම්‍යය සිදුවේයයි එය නොකියා සෙසු නෛෂ්ක්‍රම්‍යම යූසේයි. එය සෘජුය. නිස්සරණ නිර්දේශයෙහිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මෙහි වනාහි නිස්සරණීය ධාතූහු සෘජුව නෛෂ්ක්‍රම්‍යයැයි යූසේයි. පවිවෙකො යනු අතිශයින් විවේක භාවයට පත්වීමයි. නෛෂ්ක්‍රම්‍යයාදියමය. වොස්සජ්ජති යනු නෛෂ්ක්‍රම්‍යාදීහු වොස්සග්ගයෙහි නෛෂ්ක්‍රම්‍ය පවත්වන්නා වූ යෝගියා නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරේයයි යූ.සේයි. එම නෛෂ්ක්‍රම්‍යය වනාහි චර්යාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. ධ්‍යාන විමෝක්‍ෂයෙහි කිවයුත්ත විමෝක්‍ෂ කථායහෙි යූසේයි. හුදෙක් එහි ‘ජානාතීති ඣානා විමොක්ඛො’ යැයි යූ.සේයි. මෙහි වනාහි ‘ඣායතී’ යැයි පුද්ගලාධිෂ්ඨාන දේශනාවම කරන ලද්දේය. මෙය විශේෂයයි.
භාවනාධිට‍්ඨානජීවිතනිද‍්දෙසෙ ච පුග‍්ගලාධිට‍්ඨානා දෙසනා කතා. ධම‍්මතො පන භාවනා නාම නෙක‍්ඛම‍්මාදයොව. අධිට‍්ඨානං නාම නෙක‍්ඛම‍්මාදිවසෙන පතිට‍්ඨාපිතචිත‍්තමෙව. ජීවිතං නාම නෙක‍්ඛම‍්මාදිවසෙන පතිට‍්ඨාපිතචිත‍්තස‍්ස සම‍්මාආජීවො නාම. කො සො සම‍්මාආජීවො නාම ? මිච‍්ඡාජීවා විරති, ධම‍්මෙන සමෙන පච‍්චයපරියෙසනවායාමො ච. තත්‍ථ සමං ජීවතීති සමං ජීවිතං ජීවති, භාවනපුංසකවචනං වා, සමෙන ජීවතීති වුත‍්තං හොති. නො විසමන‍්ති “සමං ජීවතී”ති වුත‍්තස‍්සෙව අත්‍ථස‍්ස පටිසෙධවසෙන අවධාරණං කතං. සම‍්මා ජීවතීති ආකාරනිදස‍්සනං. නො මිච‍්ඡාති තස‍්සෙව නියමනං. විසුද‍්ධං ජීවතීති සභාවවිසුද‍්ධියා විසුද‍්ධං ජීවිතං ජීවති. නො කිලිට‍්ඨන‍්ති තස‍්සෙව නියමනං. යඤ‍්ඤදෙවාතිආදීහි යථාවුත‍්තානං තිස‍්සන‍්නං සම‍්පදානං ආනිසංසං දස‍්සෙති. තත්‍ථ යඤ‍්ඤදෙවාති යං යං එව. ඛත‍්තියපරිසන‍්ති ඛත‍්තියානං සන‍්නිපාතං. සො හි සමන‍්තතො සීදන‍්ති එත්‍ථ අකතබුද‍්ධිනොති පරිසාති වුච‍්චති. එසෙව නයො ඉතරත‍්තයෙ. ඛත‍්තියාදීනංයෙව ආගමනසම‍්පත‍්තියා ඤාණසම‍්පත‍්තියා ච සමන‍්නාගතත‍්තා තාසංයෙව චතස‍්සන‍්නං ගහණං , න සුද‍්දපරිසාය. විසාරදොති තීහි සම‍්පදාහි සම‍්පන‍්නො විගතසාරජ‍්ජො, නිබ‍්භයොති අත්‍ථො. අමඞ‍්කුභූතොති අසඞ‍්කුචිතො න නිත‍්තෙජභූතො. තං කිස‍්ස හෙතූති තං විසාරදත‍්තං කෙන හෙතුනා කෙන කාරණෙන හොතීති චෙති අත්‍ථො. ඉදානි තථා හීති තස‍්ස කාරණවචනං. යස‍්මා එවං තිසම‍්පදාසම‍්පන‍්නො, තස‍්මා “විසාරදො හොතී”ති විසාරදභාවස‍්ස කාරණං දස‍්සෙත්‍වා නිට‍්ඨපෙසීති.
භාවනාධිෂ්ඨාන ජීවිත නිර්දේශයෙහිද, පුද්ගලාධිෂ්ඨාන දේශනාව කරන ලද්දේය. ධර්ම වශයෙන් වනාහි භාවනාව නම් නෛෂ්ක්‍රම්‍යාදීහුමය. අධිට්ඨානං නම් නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් පිහිටුවන ලද සිතමය. ජීවිතං නම් නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් පිහිටුවන ලද සිතෙහි සම්‍යග් ආජීවය නමැ. මිථ්‍යාජීවයෙන් වැළැක්ම දැහැමින් සෙමෙන් ප්‍රත්‍යය සෙවීමේ උත්සාහයයි. එහි සමං ජීවති යනු සම ජීවිතයෙන් ජීවත් වේ. භාව නපුංසක වචනය හෝ වේ. සම පැවැත්මෙන් ජීවත් වේයයි යූ.සේයි. නො විසමං යනු සම පැවැත්මෙන් ජීවත් වේයයි කියන කියන ලද්දා වූම අර්ථයෙහි වැළැක්ම වශයෙන් අවධාරණය කරන ලදි. සම්මා ජීවති යනු ස්වභාව විශුද්ධියෙන් විශුද්ධ වූ ජීවිතයෙන් ජීවත් වේ. නොකිලිට්ඨං එහිම නියම කිරීමයි. යඤ්ඤදෙවා යනාදීන්ගෙන් ඤාණ සම්පත්තියෙහි කියන ලද ආකාර ත්‍රිවිධ අනුසස් දක්වයි. එහි යඤ්ඤදෙවා යනු යම් යම් දැයක්ම ඛත්තිය පරිසං යනු ක්‍ෂත්‍රියයන්ගේ රැස්වීම. යම් අය හාත්පස ගිලාබසිත්ද, මෙහි නොකරන ලද බුද්ධිමත්හුයි පිරිසයැයි යූ.සේයි. අනෙක් ත්‍රයයෙහිද එම ක්‍රමයමැයි. ක්‍ෂත්‍රියයාදීන්ගේම පැමිණීමේ සම්පත්තියෙන්ද, ඤාණ සම්පත්තියෙන්ද යුක්ත වූ හෙයින් එම සතරෙහිම ග්‍රහණයයි. ශුද්ධ පිරිස වශයෙන් නොවේ. විසාරදො යනු ධෛර්ය සම්පන්න පහවූ ඇල්මෙන් යුත්, නිර්භය වූයේ යන අර්ථයි. අමංකු භූතො යනු නොහැකිලුණේ තෙද විරහිත නොවූයේ, තං කිස්ස හෙතු යනු එම විශාරදත්‍වය කවර හේතුවකින් කවර කරුණෙකින් වේදැයි යන අර්ථයි. දැන් තථාහි යනු එම හේතු වචනයයි. යම් හෙයකින් මෙසේ ත්‍රිසම්පදාවන්ගෙන් යුක්ත වූයේද, එහෙයින් විසාරද වේයැයි විසාරද බැව්හි හේතු පෙන්වා නිම කළේය.
සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ග-අට‍්ඨකථාය
සද්ධර්මප්‍රකාශනී නම් ප්‍රතිසම්භිදා මාර්ග අර්ථකථාවෙහි
මාතිකාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.
මාතෘකා කථා වර්ණනාව නිමි.
පඤ‍්ඤාවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
නිට‍්ඨිතා චූළවග‍්ගස‍්ස අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා.
චූලවර්ගයෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාව නිමි.
එත‍්තාවතා ච තිවග‍්ගසඞ‍්ගහිතස‍්ස සමතිංසකථාපටිමණ‍්ඩිතස‍්ස‍්පටිසම‍්භිදාමග‍්ගස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා හොතීති.
මෙතෙකින් ත්‍රිවර්ග සංගෘහිත සමතිස් කථා ප්‍රතිමණ්ඩිත ප්‍රතිසම්භිදා මාර්ගයෙහි අර්ථ වර්ණනාව නිමි.