යෙදුමෙන් කියවන්න

විපස‍්සනාකථා අට‍්ඨකථා

විපස‍්සනාකථා

විදර්‍ශනා කථා

විපස‍්සනාකථාවණ‍්ණනා

ඉදානි විපස‍්සනාපටිසංයුත‍්තාය සතිපට‍්ඨානකථාය අනන‍්තරං විපස‍්සනාපභෙදං දස‍්සෙන‍්තෙන කථිතාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය විපස‍්සනාකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ සුත‍්තන‍්තෙ තාව සොඉති සබ‍්බනාමත‍්තා යො වා සො වා සබ‍්බොපි සඞ‍්ගහිතො හොති. වතාති එකංසත්‍ථෙ නිපාතො. කඤ‍්චි සඞ‍්ඛාරන‍්ති අප‍්පමත‍්තකම‍්පි සඞ‍්ඛාරං. අනුලොමිකාය ඛන‍්තියාති එත්‍ථ විපස‍්සනාඤාණමෙව ලොකුත‍්තරමග‍්ගං අනුලොමෙතීති අනුලොමිකං, තදෙව ඛන‍්තිමපෙක‍්ඛිත්‍වා අනුලොමිකා. සබ‍්බසඞ‍්ඛාරා තස‍්ස අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො ඛමන‍්ති රුච‍්චන‍්තීති ඛන‍්ති. සා මුදුකා මජ‍්ඣිමා තික‍්ඛාති තිවිධා. කලාපසම‍්මසනාදිකා උදයබ‍්බයඤාණපරියොසානා මුදුකානුලොමිකා ඛන‍්ති. භඞ‍්ගානුපස‍්සනාදිකා සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණපරියොසානා මජ‍්ඣිමානුලොමිකා ඛන‍්ති. අනුලොමඤාණං තික‍්ඛානුලොමිකා ඛන‍්ති. සමන‍්නාගතොති උපෙතො. නෙතං ඨානං විජ‍්ජතීති යථාවුත‍්තං එතං ඨානං එතං කාරණං න විජ‍්ජති. සම‍්මත‍්තනියාමන‍්ති එත්‍ථ “හිතසුඛාවහො මෙ භවිස‍්සතී”ති එවං ආසීසතො තථෙව සම‍්භවතො අසුභාදීසු ච අසුභන‍්තිආදිඅවිපරීතප‍්පවත‍්තිසබ‍්භාවතො ච සම‍්මා සභාවොති සම‍්මත‍්තො, අනන‍්තරඵලදානාය අරහත‍්තුප‍්පත‍්තියා ච නියාමභූතත‍්තා නියාමො, නිච‍්ඡයොති අත්‍ථො. සම‍්මත‍්තො ච සො නියාමො චාති සම‍්මත‍්තනියාමො. කො සො? ලොකුත‍්තරමග‍්ගො, විසෙසතො පන සොතාපත‍්තිමග‍්ගො. තෙන හි මග‍්ගනියාමෙන නියතත‍්තා “නියතො සම‍්බොධිපරායණො”ති (පාරා· 21; දී· නි· 1.373) වුත‍්තං. තං සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සති පවිසිස‍්සතීති එතං අට‍්ඨානන‍්ති අත්‍ථො. ගොත්‍රභුනො පන මග‍්ගස‍්ස ආවජ‍්ජනට‍්ඨානියත‍්තා තං අනාදියිත්‍වා අනුලොමිකඛන‍්තියා අනන‍්තරං සම‍්මත‍්තනියාමොක‍්කමනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අථ වා අට‍්ඨාරසසු මහාවිපස‍්සනාසු ගොත්‍රභු විවට‍්ටනානුපස‍්සනා හොතීති අනුලොමිකඛන‍්තියා එව සඞ‍්ගහිතා හොති. චතූසුපි සුත‍්තන‍්තෙසු ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. එතෙහි අනුලොමිකඛන‍්තිසම‍්මත‍්තනියාමචතුඅරියඵලවසෙන ච ඡ ධම‍්මාති ඡක‍්කනිපාතෙ (අ· නි· 6.98, 101) චත‍්තාරො සුත‍්තන‍්තා වුත‍්තා. කණ‍්හපක‍්ඛසුක‍්කපක‍්ඛද‍්වයවසෙන හි චත‍්තාරො සුත‍්තන‍්තාව හොන‍්තීති.

විදර්ශනා ප්‍රතිසංයුක්ත, සතිපට්ඨාන කථාවට, අනතුරුව විදර්ශනා ප්‍රභේද, දක්වන්නාහු විසින් දේශිත සූත්‍රාන්ත පූර්වංගම විදර්ශනා කථායෙහි පෙර නුවූ අර්ථ වර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි සො යනු සර්වනාම හෙයින් යමෙක හෝ ඔහු හෝ සියල්ලෝම හෝ සංගෘහිත වෙත්. වත යනු ඒකාංශාර්ථයෙහි නිපාතයි. කඤ්චි සංඛාරං යනු ස්වල්ප මාත්‍රවූද සංස්කාරයක් අනුලොමිකාය ඛන්තියා යනු මෙහි විදර්ශනා ඤාණයම ලෝකෝත්තර මාර්ගයට අනුලොම් වේනුයි අනුලෝමිකංයි. එයම කැමැත්ත අපේක්‍ෂාකොට, අනුලෝමික සියලු සංස්කාර එයට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කැමැති වෙති. රුචිවෙතියිනුයි ඛන්තියි. එය මෘදු මධ්‍යම, තීක්‍ෂණ වශයෙන් තෙවදෑරුම්ය. කලාප සම්මර්ශනය මුල්කොට උදයව්‍යය ඤාණ කෙළවරකොට ඇතියේ මෘදුකානුලෝමික ක්‍ෂාන්තියි. භංගානුපස්සනාව මුල්කොට ඇති සංස්කාරෝපේක්‍ෂා ඤාණය කෙළවරකොට ඇතියේ මධ්‍යමානුලෝමික ක්‍ෂාන්තියි. අනුලෝම ඤාණය තීක්‍ෂණ අනුලෝමික ක්‍ෂාන්තියි. සමන්නාගතො යනු යුක්ත වූයේ, නෙතං ඨානං විජ්ජති යනු එම හේතුව, එම කරුණ විද්‍යමාන නොවේ. සම්මත්තනියාමං යනු මෙහි මා හට හිතසුව එළවන්නේ වන්නේ යයි මෙසේ ආශිර්වාද කරනුයේ එසේම හටගන්නා හෙයින්, අශුභාදීන්හි අශුභයැයි ආදී අවිපරීත පැවැත්ම යෙදෙන හෙයින්ද යහපත් ස්වභාවයනුයි සම්මත්තොයි. අනන්තර ඵලදානය සඳහා, අර්හත්වෝත්පත්තියට නියමිත පිළිවෙල වූ හෙයින් නියාමයි. නිශ්චයයි අර්ථයි. නිවැරදි ස්වභාවයද, නියමිත පිළිවෙලද එයමනුයි සම්මත්ත නියාමයි. ඒ කවරක්ද, ලෝකෝත්තර මාර්ගයයි. විශේෂයෙන් වනාහි සෝවාන් මාර්ගයයි. එහෙයින් මාර්ග නියමයෙන් නියම හෙයින් නියතයි. [missing trans]

කතිහාකාරෙහීතිආදිකෙ පුච‍්ඡාපුබ‍්බඞ‍්ගමෙ සුත‍්තන‍්තනිද‍්දෙසෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිච‍්චතොතිආදීසු නාමරූපඤ‍්ච නාමරූපස‍්ස පච‍්චයෙ ච පරිග‍්ගහෙත්‍වා කලාපසම‍්මසනවසෙන ආරද‍්ධවිපස‍්සකො යොගාවචරො පඤ‍්චසු ඛන්‍ධෙසු එකෙකං ඛන්‍ධං අනිච‍්චන‍්තිකතාය ආදිඅන‍්තවතාය ච අනිච‍්චතො පස‍්සති . උප‍්පාදවයපටිපීළනතාය දුක‍්ඛවත්‍ථුතාය ච දුක‍්ඛතො. පච‍්චයයාපනීයතාය රොගමූලතාය ච රොගතො. දුක‍්ඛතාසූලයොගිතාය කිලෙසාසුචිපග‍්ඝරණතාය උප‍්පාදජරාභඞ‍්ගෙහි උද‍්ධුමාතපරිපක‍්කපභින‍්නතාය ච ගණ‍්ඩතො. පීළාජනකතාය අන‍්තොතුදනතාය දුන‍්නීහරණීයතාය ච සල‍්ලතො. විගරහණීයතාය අවඩ‍්ඪිආවහනතාය අඝවත්‍ථුතාය ච අඝතො. අසෙරිභාවජනකතාය ආබාධපදට‍්ඨානතාය ච ආබාධතො. අවසතාය අවිධෙය්‍යතාය ච පරතො. බ්‍යාධිජරාමරණෙහි ලුජ‍්ජනපලුජ‍්ජනතාය පලොකතො. අනෙකබ්‍යසනාවහනතාය ඊතිතො. අවිදිතානංයෙව විපුලානං අනත්‍ථානං ආවහනතො සබ‍්බූපද‍්දවවත්‍ථුතාය ච උපද‍්දවතො. සබ‍්බභයානං ආකරතාය ච දුක‍්ඛවූපසමසඞ‍්ඛාතස‍්ස පරමස‍්සාසස‍්ස පටිපක‍්ඛභූතතාය ච භයතො. අනෙකෙහි අනත්‍ථෙහි අනුබද‍්ධතාය දොසූපසට‍්ඨතාය උපසග‍්ගො විය අනධිවාසනාරහතාය ච උපසග‍්ගතො. බ්‍යාධිජරාමරණෙහි චෙව ලොභාදීහි ච ලොකධම‍්මෙහි පචලිතතාය චලතො. උපක‍්කමෙන චෙව සරසෙන ච පභඞ‍්ගුපගමනසීලතාය පභඞ‍්ගුතො. සබ‍්බාවත්‍ථනිපාතිතාය ථිරභාවස‍්ස ච අභාවතාය අද‍්ධුවතො. අතායනතාය චෙව අලබ‍්භනෙය්‍යඛෙමතාය ච අතාණතො. අල‍්ලීයිතුං අනරහතාය අල‍්ලීනානම‍්පි ච ලෙණකිච‍්චාකාරිතාය අලෙණතො . නිස‍්සිතානං භයසාරකත‍්තාභාවෙන අසරණතො. යථාපරිකප‍්පිතෙහි ධුවසුභසුඛත‍්තභාවෙහි රිත‍්තතාය රිත‍්තතො. රිත‍්තතායෙව තුච‍්ඡතො, අප‍්පකත‍්තා වා. අප‍්පකම‍්පි හි ලොකෙ තුච‍්ඡන‍්ති වුච‍්චති. සාමිනිවාසිවෙදකකාරකාධිට‍්ඨායකවිරහිතතාය සුඤ‍්ඤතො. සයඤ‍්ච අසාමිකභාවාදිතාය අනත‍්තතො. පවත‍්තිදුක‍්ඛතාය දුක‍්ඛස‍්ස ච ආදීනවතාය ආදීනවතො. අථ වා ආදීනං වාති ගච‍්ඡති පවත‍්තතීති ආදීනවො. කපණමනුස‍්සස‍්සෙතං අධිවචනං, ඛන්‍ධාපි ච කපණායෙවාති ආදීනවසදිසතාය ආදීනවතො. ජරාය චෙව මරණෙන චාති ද‍්වෙධා පරිණාමපකතිතාය විපරිණාමධම‍්මතො. දුබ‍්බලතාය ඵෙග‍්ගු විය සුඛභඤ‍්ජනීයතාය ච අසාරකතො. අඝහෙතුතාය අඝමූලතො. මිත‍්තමුඛසපත‍්තො විය විස‍්සාසඝාතිතාය වධකතො. විගතභවතාය විභවසම‍්භූතතාය ච විභවතො. ආසවපදට‍්ඨානතාය සාසවතො. හෙතුපච‍්චයෙහි අභිසඞ‍්ඛතතාය සඞ‍්ඛතතො. මච‍්චුමාරකිලෙසමාරානං ආමිසභූතතාය මාරාමිසතො. ජාතිජරාබ්‍යාධිමරණපකතිතාය ජාතිජරාබ්‍යාධිමරණධම‍්මතො. සොකපරිදෙවඋපායාසහෙතුතාය සොකපරිදෙවඋපායාසධම‍්මතො. තණ‍්හාදිට‍්ඨිදුච‍්චරිතසංකිලෙසානං විසයධම‍්මතාය සංකිලෙසිකධම‍්මතො පස‍්සති. සබ‍්බෙසු ච ඉමෙසු “පස‍්සතී”ති පාඨසෙසො දට‍්ඨබ‍්බො.

කතීහාකාරෙහි යන ආදී වූ විමසීම් පූර්වංගම සූත්‍රාන්ත නිර්දේශයෙහි පඤ්චක්ඛන්‍ධෙ අනිච්චතො ආදීන්හි නාමරූපද නාමරූපයෙහි ප්‍රත්‍යයන්ද, පරිග්‍රහණය කොට, කලාප සම්මර්ශන වශයෙන්, ආරබ්ධ විදර්ශක යෝගාවචරයා පඤ්ච ස්කන්ධයන්හි එක් එක් ස්කන්ධය, අනිත්‍යය අවසන්කොට ඇති ස්වභාවයෙන්ද, ආදි අන්තවත් භාවයෙන්ද, අනිත්‍යය වශයෙන් බලයි. උත්පාද ව්‍යය ප්‍රතිපීළනතායෙන්ද දුකට වස්තු හෙයින්ද දුක්ඛතො ප්‍රත්‍යයන්ගෙන් යැපිය යුතු හෙයින්ද, රෝග මූලතායෙන්ද රොගතො දුක්ඛතාව නමැති හුල වැදීමට යෝග්‍ය හෙයින්ද, කෙලෙස් නමැති අපවිත්‍ර දෑ වැගිරෙන හෙයින්ද, උත්පාද ජරා භංගයන්ගෙන්ද ඉදිමුණු, මේරුණු, බිඳුණු ස්වභාව හෙයින්ද, ගෙඩි පීඩා හටගන්නා හෙයින්ද, ඇතුළත විදින හෙයින්ද, ඉවත් කරලීම දුෂ්කර හෙයින්ද සල්ලතො; ගර්හා කරන ස්වභාවයෙන්ද, අවැඩ එළවන ස්වභාවයෙන් දුකට වස්තු ස්වභාවයෙන්ද අඝතොයි. අස්වෛරීභාව ජනනය කරන හෙයින්ද, රෝගාබාධයන්ට ආසන්න කාරණය හෙයින්ද ආබාධතොයි; ස්වවශයෙහි නොපවත්නා හෙයින්ද, යටහත්ව නොපවත්නා හෙයින්ද පරතොයි; ව්‍යාධි ජරා මරණයන්ගෙන් බිඳවැටෙන හෙයින් පලොකතොයි; නොයෙක් ව්‍යසනයන් ගෙන එන හෙයින් ඊතිතොයි; නොදත් මහත් අනර්ථයන් එළවන හෙයින්ද සියලු උපද්‍රවයන්ට හේතුවන හෙයින්ද උපද්දවතොයි; සියලු බියට ආකර හෙයින්ද, දුක් සංසිඳීම් සංඛ්‍යාත උතුම් ආශ්වාසයට ප්‍රතිපක්‍ෂ වූ හෙයින්ද භයතොයි; නොයෙක් අනර්ථයන්ගෙන් අනුබද්ධ හෙයින්ද, දෝසයන් එළඹ සිටින හෙයින්ද, විපතක් මෙන්, නොඉවසීමට සුදුසු හෙයින් උපසග්ගතො; ව්‍යාධි ජරා මරණයන්ගෙන්ද, ලාභාදී ලෝක ධර්මයන්ගෙන්ද, බොහෝසෙයින් සැලෙන හෙයින් චලතො; උපක්‍රමයෙන්ද, ස්වභාවයෙන්ද ලෙහෙසියෙන් බිඳීයන සුලු හෙයින් පභංගුතොයි; සියලු අර්ථයන්ගේ වැටීම වන හෙයින්ද, ස්ථිරභාවයාගේ අභාව හෙයින්ද අද්ධුවතොයි; ආරක්‍ෂාවක් නොමැති හෙයින්ද, ක්‍ෂෙමතාවයක් නොලැබිය හැකි හෙයින්ද, අතාණතො ඇලීමට නුසුදුසු හෙයින්ද, ඇලුණවුන්ටද, ආරක්‍ෂක කෘත්‍යයක් නොකැරේනුයි අලෙණතො; නිශ්‍රිතයින්ට බිය හා සාරකත්ව අභාව හෙයින්ද අසරණතොයි; කල්පිතය පරිදි, ස්ථිර ශුභ, සුව, ආත්ම ස්වභාවයන්ගෙන් හිස් හෙයින් රිත්තතො; හිස් හෙයින්ම තුච්ඡතො; ස්වල්ප හෙයින් හෝ, ස්වල්පයද ලෙව්හි හිස්යයි යූ.සේයි. ස්වාමි, නිවාසී, වේදක, කාරක පාලක විරහිත හෙයින් සුඤ්ඤතො; තෙමේද අස්වාමික භාවාදියෙන් යුක්ත හෙයින් අනත්තතො; ප්‍රවෘත්ති දුක්ඛතායෙන්ද, දුක්ඛයාගේ ආදීනවතායෙන්ද ආදීනවතො; නොහොත් දරිද්‍රතාවන්ට හමයි. යේ පවත්වයිනුයි ආදීනවො; දිළිඳු මිනිසාට එය විශේෂ නාමයකි. ස්කන්ධයෝද දිළින්දෝමයැයිද, දිළින්දන් හා සමාන හෙයින්ද ආදීනව වශයෙන්, ජරාවෙන්ද මරණයෙන්ද යන දෙඅයුරෙකින් වෙනස්වන හෙයින් විපරිණාමධම්මතො; දුර්වලතායෙන් පෙණපිඩක් මෙන්ද, සුව බිඳ දමන හෙයින්ද අසාරකතො; දුකට හේතු බැවින් අඝමූලතො; මිතුරු වෙසින් එන සතුරෙකු මෙන් විශ්වාසය නසන හෙයින් වධකතො; පහවූ භවතායෙන්ද විභවය හටගන්වන හෙයින්ද විභවතො; ආශ්‍රවයන්ට ආසන්න කාරණ බැවින් සාසවතො; හේතුප්‍රත්‍යයන්ගෙන් මනාව සංස්කාරණය කරන හෙයින් සංඛතතො; මෘත්‍යුමාර, ක්ලේශමාරයින්ට ආහාරවන හෙයින් මාරාමිසතො; ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාව හෙයින් ජාති ජරා ව්‍යාධි මරණ ධම්මතො; සොක, පරිදෙව උපායාසයන්ට හේතුවන හෙයින් සොක පරිදෙව උපායාස ධම්මතො; තෘෂ්ණා, දෘෂ්ටි, දුශ්චරිත සංකිලේසයන්ට විෂය ස්වභාව හෙයින් සංකිලෙසික ධම්මතො; වශයෙන් බලයි. මේ හැමතන්හිම බලයි යන වචනය අන්තයට ගතයුතුය.

පඤ‍්චක‍්ඛන්‍ධෙති සමූහතො වුත‍්තෙපි එකෙකඛන්‍ධවසෙන අත්‍ථවණ‍්ණනා කලාපසම‍්මසනඤාණනිද‍්දෙසෙ විසුං විසුං ආගතත‍්තා පරියොසානෙ ච විසුං විසුං ඛන්‍ධානං වසෙන අනුපස‍්සනානං ගණිතත‍්තා සමූහෙ පවත‍්තවචනානං අවයවෙපි පවත‍්තිසම‍්භවතො ච කතාති වෙදිතබ‍්බා, විසුං විසුං පවත‍්තසම‍්මසනානං එකතො සඞ‍්ඛිපිත්‍වා වචනවසෙන වා “පඤ‍්චක‍්ඛන්‍ධෙ”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. “එකප‍්පහාරෙන පඤ‍්චහි ඛන්‍ධෙහි වුට‍්ඨාතී”ති (විසුද‍්ධි· 2.783) අට‍්ඨකථාවචනසබ‍්භාවතො වා පඤ‍්චන‍්නං ඛන්‍ධානං එකතො සම‍්මසනං වා යුජ‍්ජතියෙවාති. පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිච‍්චං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තොතිආදීනවඤාණනිද‍්දෙසෙ වුත‍්තනයෙන විපස‍්සනාකාලෙ සන‍්තිපදඤාණවසෙන නිච‍්චං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො. සම‍්මත‍්තනියාමං ඔක‍්කමතීති මග‍්ගක‍්ඛණෙ ඔක‍්කමති, ඵලක‍්ඛණෙ පන ඔක‍්කන‍්තො නාම හොති. එසෙව නයො සබ‍්බෙසුපි නියාමොක‍්කමනපරියායෙසු. ආරොග්‍යන‍්ති ආරොග්‍යභූතං. විසල‍්ලන‍්ති සල‍්ලවිරහිතං. එසෙව නයො ඊදිසෙසු. අනාබාධන‍්ති ආබාධවිරහිතං, ආබාධපටිපක‍්ඛභූතං වා. එස නයො ඊදිසෙසු. අපරප‍්පච‍්චයන‍්ති අඤ‍්ඤපච‍්චයවිරහිතං. උපස‍්සග‍්ගතොති ච අනුපස‍්සග‍්ගන‍්ති ච කෙචි සංයොගං කත්‍වා පඨන‍්ති. පරමසුඤ‍්ඤන‍්ති සබ‍්බසඞ‍්ඛාරසුඤ‍්ඤත‍්තා උත‍්තමත‍්තා ච පරමසුඤ‍්ඤං. පරමත්‍ථන‍්ති සඞ‍්ඛතාසඞ‍්ඛතානං අග‍්ගභූතත‍්තා උත‍්තමත්‍ථං . ලිඞ‍්ගවිපල‍්ලාසවසෙන නපුංසකවචනං. නිබ‍්බානස‍්ස ච සුඤ‍්ඤත‍්තා අනත‍්තත‍්තා ච ඉමස‍්මිං ද‍්වයෙ පටිලොමපරියායො න වුත‍්තො. අනාසවන‍්ති ආසවවිරහිතං. නිරාමිසන‍්ති ආමිසවිරහිතං. අජාතන‍්ති ජාතිවිරහිතත‍්තා අනුප‍්පන‍්නං. අමතන‍්ති භඞ‍්ගාභාවතො මරණවිරහිතං. මරණම‍්පි හි නපුංසකභාවවචනවසෙන “මත”න‍්ති වුච‍්චති.

පංචක්ඛන්‍ධෙ යයි සමූහ වශයෙන් කියන ලදුයේද, එක් එක් ස්කන්ධ වශයෙන් අර්ථ වර්ණනාව කලාප සම්මර්ශන ඤාණ නිර්දේශයෙහි වෙන් වෙන් දක්වන ලද හෙයින් අවසානයෙහිද වෙන් වෙන්ව ස්කන්ධයන්ගේ වශයෙන් අනුපස්සනාවන්ගේ ගණන් ගත් හෙයින් සමූහයෙහි පැවති වචනයන්ගේද කොටස්හිද පැවැත්ම ලැබීම් වශයෙන් කරන ලදැයි දතයුතුය. වෙන් වෙන්ව පැවැති සම්මිශ්‍රණයන් එකට හකුළුවා වචන වශයෙන් හෝ පංචස්කන්ධ යැයි යූ.සේයි. එක පහරින් පංචස්කන්ධයන් එකක් වශයෙන් සම්මර්ශනය ගැළපේමය. පඤ්චන්නං ඛන්‍ධානං නිරොධො නිච්චං නිබ්බාණන්ති පස්සන්තො යන ආදීනව ඤාණ නිර්දේශයෙහි කියන ලද ක්‍රමයෙන් විදර්ශනා කාලයෙහි සන්තිපද ඤාණ වශයෙන් නිර්වාණය නිත්‍යයැයි දක්නේ. සම්මත්ත නියාමං ඔක්කමති යනු මාර්ග ක්‍ෂණයට බසියි. ඵල ක්‍ෂණයෙහි වනාහි බැසගත්තේ නම් වේ. සියලු නියාමයන්ට බස්නා ක්‍රමයන්හි එම ක්‍රමයමැයි. අරොග්‍යං යනු නිරෝග වූයේ, විසල්ලං යනු හුල් රහිත වූයේ, ඒ හා සමානයන්හි එම ක්‍රමයමැයි. අනාබාධං යනු ආබාධ විරහිත ආබාධයන්ට ප්‍රතිපක්‍ෂ වූයේ හෝ ඒ හා සමානයන්හි එම ක්‍රමයමැයි. අපරපච්චං යනු අන්‍ය ප්‍රත්‍යය විරහිත, උපස්සග්ගතො යන්නද, අනුපස්සග්ගං යන්නද සමහරු සංයෝග කොට කියවති. පරමසුඤ්ඤං නයු සියලු සංස්කාරයන්ගෙන් ශූන්‍ය හෙයින්ද, උතුම් හෙයින්ද පරම ශූන්‍යයි. පරමත්‍ථං යනු සංඛත අසංඛතයන්ගේ අග්‍ර වූ හෙයින් උතුම් අර්ථයයි. ලිංග විපර්යාස වශයෙන් නපුංසක වචනයයි. නිර්වාණයාගේ ශූන්‍යතාව හෙයින්ද අනාත්මතාව හෙයින්ද, මෙම ද්වයයෙහි ප්‍රතිලෝම ක්‍රමය නොයූසේයි. අනාසවං යනු ආශ්‍රව විරහිත, නිරාමිසං යනු ආමිස විරහිත, අජාතං යනු උපත් විරහිත හෙයින් නූපන්, අමතං යනු භංග අභාවයෙන් මරණ විරහිත, මරණයද නපුංසක භාව වචන වශයෙන් මතං යයි යූසේයි.

එවමිමාය පටිපාටියා වුත‍්තාසු ආකාරභෙදභින‍්නාසු චත‍්තාලීසාය අනුපස‍්සනාසු සභාවසඞ‍්ගහවසෙන තීසුයෙව අනුපස‍්සනාසු එකසඞ‍්ගහං කරොන‍්තො අනිච‍්චතොති අනිච‍්චානුපස‍්සනාතිආදිමාහ. තාසු යථානුරූපං අනිච‍්චදුක‍්ඛානත‍්තත‍්තෙ යොජනා කාතබ‍්බා. අවසානෙ පනෙතා විසුං විසුං ගණනවසෙන දස‍්සිතා. ගණනාසු ච ගණනපටිපාටිවසෙන පඨමං අනත‍්තානුපස‍්සනා ගණිතා. තත්‍ථ පඤ‍්චවීසතීති “පරතො රිත‍්තතො තුච‍්ඡතො සුඤ‍්ඤතො අනත‍්තතො”ති එකෙකස‍්මිං ඛන්‍ධෙ පඤ‍්ච පඤ‍්ච කත්‍වා පඤ‍්චසු ඛන්‍ධෙසු පඤ‍්චවීසති අනත‍්තානුපස‍්සනා. පඤ‍්ඤාසාති “අනිච‍්චතො පලොකතො චලතො පභඞ‍්ගුතො අද‍්ධුවතො විපරිණාමධම‍්මතො අසාරකතො විභවතො සඞ‍්ඛතතො මරණධම‍්මතො”ති එකෙකස‍්මිං ඛන්‍ධෙ දස දස කත්‍වා පඤ‍්චසු ඛන්‍ධෙසු පඤ‍්ඤාසං අනිච‍්චානුපස‍්සනා. සතං පඤ‍්චවීසති චෙවාති සෙසා “දුක‍්ඛතො රොගතො”තිආදයො එකෙකස‍්මිං ඛන්‍ධෙ පඤ‍්චවීසති පඤ‍්චවීසති කත්‍වා පඤ‍්චසු ඛන්‍ධෙසු පඤ‍්චවීසතිසතං දුක‍්ඛානුපස‍්සනා. යානි දුක‍්ඛෙ පවුච‍්චරෙති යා අනුපස‍්සනා දුක‍්ඛෙ ඛන්‍ධපඤ‍්චකෙ ගණනවසෙන පවුච‍්චන‍්ති, තා සතං පඤ‍්චවීසති චෙවාති සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. “යානී”ති චෙත්‍ථ ලිඞ‍්ගවිපල‍්ලාසො දට‍්ඨබ‍්බොති.

මෙසේ මේ පිළිවෙලින් කියන ලද ආකාර භේදභින්න වූ සමසතළිස් අනුපස්සනාවන්හි ස්වභාව සංග්‍රහ වශයෙන් ත්‍රිවිධ අනුපස්සනාවන්හි එකට සංග්‍රහ කරනුයේ අනිච්චතොති අනිච්චානුපස්සනා යන ආදිය වදාළහ. ඒවාහි සුදුසු අයුරින් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයන්හි යෙදීම් කළයුත්තාහ. අවසන්හි වනාහි ඒවා වෙන් වෙන්ව ගණන් වශයෙන් දක්වන ලදි. ගණනයන්හිද ගණන් පිළිවෙල වශයෙන් ප්‍රථමයෙන් අනාත්මානුපස්සනාව ගණිතය. එහි පඤ්ච වීසති යනු මත්තෙහි හිස් ලෙසින් නිශ්ඵල ලෙසින් ශූන්‍යතා වශයෙන් අනාත්ම වශයෙන්දැයි එක් එක් ස්කන්ධයෙහි ස්කන්ධ පහ බැගින් කොට පඤ්ච ස්කන්ධයන්හි පස්විසි අනාත්මානුපස්සනායි. පඤ්ඤාසා යනු අනිත්‍ය වශයෙන්, විනාශවන ස්වභාව වශයෙන් කම්පාවීම් වශයෙන්, බිඳෙනසුලු වශයෙන් සැමදා නොපවත්නා ලෙසින්, වෙනස්වීම් ස්වභාවයෙන්, අසාර වශයෙන්, විනාශ වීම් වශයෙන්, ප්‍රත්‍යයෙන් හටගත් ලෙසින්, මරණ ස්වභාව වශයෙන් එක් එක් ස්කන්ධයෙහි දහය බැගින් කොට පංචස්කන්ධයන්හි අනිත්‍යානුපස්සනා පනහකි. සතං පඤ්ච වීසති චෙව යනු සෙස් දුක් වශයෙන් රෝග වශයෙන් ආදී එක් එක් ස්කන්ධයෙහි විසිපහ බැගින් කොට, පංච ස්කන්ධයන්හි එකසිය විසිපහක් අනුපස්සනාවෝ වෙති. යානි දුක්ඛෙ පවුච්චරෙ යනු ය්ම අනුපස්සනාවෝ වෙත්ද, ඒවා දුක්ඛමය පංචස්කන්ධයෙහි ගණන් වශයෙන් කියති. ඒවා එක්සිය විසිපහක්මයැයි සම්බන්ධය දතයුතුය. යානි යන මෙහි ලිංග විපර්යාසය දතයුතුය.

විපස‍්සනාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විදර්ශනා කථා වර්ණනාව නිමි.