සතිපට්ඨානකථා අට්ඨකථා
සතිපට්ඨානකථා
සතිපට්ඨාන කථා
සතිපට්ඨානකථාවණ්ණනා
ඉදානි සමසීසකථානන්තරං අත්තනා වුත්තස්ස ඉද්ධිපාටිහාරියස්ස සාධකෙ සත්ත අනුපස්සනාවිසෙසෙ දස්සෙන්තෙන කථිතාය සුත්තන්තපුබ්බඞ්ගමාය සතිපට්ඨානකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ සුත්තන්තෙ තාව චත්තාරොති ගණනපරිච්ඡෙදො, තෙන න තතො හෙට්ඨා, න උද්ධන්ති සතිපට්ඨානපරිච්ඡෙදං දීපෙති. ඉමෙති නිද්දිසිතබ්බනිදස්සනං. භික්ඛවෙති ධම්මපටිග්ගාහකපුග්ගලාලපනං. සතිපට්ඨානාති තයො සතිපට්ඨානා සතිගොචරොපි, තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිඝානුනයවීතිවත්තතාපි, සතිපි. “චතුන්නං, භික්ඛවෙ, සතිපට්ඨානානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙස්සාමී”තිආදීසු (සං· නි· 5.408) හි සතිගොචරො “සතිපට්ඨාන”න්ති වුත්තො. තස්සත්ථො – පතිට්ඨාති තස්මින්ති පට්ඨානං. කා පතිට්ඨාති? සති. සතියා පට්ඨානං සතිපට්ඨානන්ති.
සමසීසී කථානන්තරවැ, තමා විසින් කියන ලද, සෘද්ධි ප්රාතිහාර්ය සාධක සත් අනුපස්සනා විශේෂයෙන් දක්වන්නහු විසින් දේශිත සූත්‍රාන්ත පූර්වංගම සීවටන් කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි චත්තාරො යනු ගණන් පිරිසිඳීමයි. ඉන් අඩුවැඩි නොවන සීවටන් පිරිසිඳීම පෙන්වයි. ඉමෙ යනු නිර්දේශ කළයුත්ත දැක්වීමයි. භික්ඛවෙ යනු ධර්ම ප්‍රතිග්‍රාහක පුද්ගලයින් ඇමතීමයි. සතිපට්ඨානා යනු සීවටන් ත්රයයකි. සිහිය ගෝචර වූයේද වේ. ත්‍රිවිධාකාරයෙන් පිළිපන් ශ්රාවකයින් කෙරෙහි ශාස්තෲහුගේ ප්‍රතිඝානුනය ඉක්මවූ හෙයින්ද, සිහියද වේ. ‘මහණෙනි, සිව් සීවටන්හුගේ හටගැන්මද, අස්තංගමයද දෙසන්නෙමි’ ආදීන්හි සිහිය ගොදුරුකොට ඇතියේ සතිපට්ඨානයැයි යූ.සේයි. එහි අර්ථය, එහි පිහිටානුයි පට්ඨානයි. කවරක් පිහිටාද? සිහියයි. සිහියෙහි පිහිටීම සතිපට්ඨානයයි.
“තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතී”ති (ම· නි· 3.304, 311) එත්ථ තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිඝානුනයවීතිවත්තතා “සතිපට්ඨාන”න්ති වුත්තා. තස්සත්ථො – පට්ඨපෙතබ්බතො පට්ඨානං, පවත්තයිතබ්බතොති අත්ථො. කෙන පට්ඨපෙතබ්බතොති? සතියා. සතියා පට්ඨානං සතිපට්ඨානන්ති. “චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී”තිආදීසු (ම· නි· 3.147) පන සතියෙව “සතිපට්ඨාන”න්ති වුත්තා. තස්සත්ථො – පතිට්ඨාතීති පට්ඨානං, උපට්ඨාති ඔක්කන්දිත්වා පක්ඛන්‍දිත්‍වා වත්තතීති අත්ථො. සතියෙව පට්ඨානං සතිපට්ඨානං. අථ වා සරණට්ඨෙන සති, උපට්ඨානට්ඨෙන උපට්ඨානං. ඉති සති ච සා උපට්ඨානඤ්චාතිපි සතිපට්ඨානං. ඉදමිධ අධිප්පෙතං. යදි එවං කස්මා සතිපට්ඨානාති බහුවචනං කතන්ති? සතිබහුත්තා. ආරම්මණභෙදෙන හි බහුකා තා සතියොති.
ශාස්තෲන් වහන්සේගේ අනුශාසනා ලබන්ට යම් සමූහයක් සුදුසුකම් ලබාද? එබඳු සුදුසුකම් ලබන්ට හැකියාව ඇතියෝ සතර සතිපට්ඨාන වඩන ආර්ය පුද්ගලයෝය. මෙහි තෙඅයුරින් පිළිපන් ශ්රාවකයින් කෙරෙහි ශාස්තෲන් වහන්සේගේ ප්‍රතිඝානුනය ඉක්මවූ හෙයින් සතිපට්ඨානයැයි යූසේයි. එහි අර්ථය පිහිටවිය යුතු හෙයින් පට්ඨානංයි. පැවැත්විය යුතුයැයි අර්ථයි. කවරකින් පිහිටවිය යුතුද, සිහියෙන්. සිහියෙහි පිහිටුවීම සතිපට්ඨානයයි. සිව් සීවටන් වඩනා ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ, සප්ත බොධ්‍යංග සම්පූර්ණ කෙරේ යනාදීන්හි වනාහි සිහියම සතිපට්ඨානයැයි යූ.සේයි. එහි අර්ථය පිහිටානුයි පට්ඨානංයි. එළඹ සිටී. බැස පැන වැදී පවතී යයි අර්ථයි. සිහියම පිහිටීම සතිපට්ඨානංයි. නොහොත් සිහිකිරීම් අර්ථයෙන් සතියි. එළඹ සිටීම් අර්ථයෙන් උපට්ඨානංයි. මෙසේ සිහිය එය එළඹ සිටීමනුයි සතිපට්ඨානංයි. මෙහි මෙය අදහස් කරන ලදි. මෙසේ සතිපට්ඨානයෝයි කුමක් හෙයින් බහුවචන කරන ලදුයේද? සිහියෙහි බොහෝ භාවය හෙයිනි. අරමුණු භේදයෙන්ද ඒ සතීහු බොහෝ වෙති.
කතමෙ චත්තාරොති කථෙතුකම්යතාපුච්ඡා. ඉධාති ඉමස්මිං සාසනෙ. භික්ඛූති සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු. සෙසපදානං අත්ථවණ්ණනා පනෙත්ථ සුතමයඤාණකථාය මග්ගසච්චනිද්දෙසවණ්ණනායං වුත්තායෙවාති.
කතමෙ චත්තාරො යනු කියනු කැමැත්තෙන් විමසීමයි. ඉධ යනු මෙසස්නෙහි, භික්ඛු යනු සසර බිය බලානුයි භික්ෂුයි. මෙහි සෙසු පදයන්හි අර්ථ වර්ණනාව ශ්රැතමය ඤාණ කථායෙහි, මාර්ග සත්‍ය නිර්දේශ වර්ණනායෙහි යූ.සේයි.
කස්මා පන භගවතා චත්තාරොව සතිපට්ඨානා වුත්තා අනූනා අනධිකාති? වෙනෙය්යහිතත්තා. තණ්හාචරිතදිට්ඨිචරිතසමථයානිකවිපස්සනායානිකෙසු හි මන්දතික්ඛවසෙන ද්වෙධා ද්වෙධා පවත්තෙසු මන්දස්ස තණ්හාචරිතස්ස ඔළාරිකං කායානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස සුඛුමං වෙදනානුපස්සනාසතිපට්ඨානං. දිට්ඨිචරිතස්සාපි මන්දස්ස නාතිප්පභෙදගතං චිත්තානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස අතිප්පභෙදගතං ධම්මානුපස්සනාසතිපට්ඨානං. සමථයානිකස්ස ච මන්දස්ස අකිච්ඡෙන අධිගන්තබ්බනිමිත්තං පඨමං සතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස ඔළාරිකාරම්මණෙ අසණ්ඨහනතො දුතියං. විපස්සනායානිකස්සපි මන්දස්ස නාතිප්පභෙදගතාරම්මණං තතියං, තික්ඛස්ස අතිප්පභෙදගතාරම්මණං චතුත්ථං. ඉති චත්තාරොව වුත්තා අනූනා අනධිකාති.
කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නොවූ සතිපට්ඨාන සතරක්ම දේශනා කළසේක්ද යත්, හික්මවිය යුතු අයගේ හිතසුව සඳහායි. තෘෂ්ණා චරිත, දෘෂ්ටි චරිත, සමථයානික, විදර්ශනා යානිකයන් කෙරෙහි, මන්ද, තීක්ෂණ වශයෙන් දෙඅයුරෙකින් පැවැති කල්හි, මන්ද තෘෂ්ණා චරිතයාට දළ කායානුපස්සනා සතිපට්ඨාන විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ චරිතයාට සියුම් වේදනානුපස්සනා සතිපට්ඨානයයි. මන්දප්රාඥ දෘෂ්ටි චරිතයාටද, ඉතා ප්රභේදගත නුවූ, චිත්තානුපස්සනා සතිපට්ඨානය විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ චරිතයාට ඉතා ප්රභේදගත ධර්‍මානුපස්සනා සතිපට්ඨානයයි. සමථයානික මන්දප්රාඥයාට, අපහසුවකින් තොරව අවබෝධ කළ යුතු නිමිත්ත සහිත ප්‍රථම සතිපට්ඨානය විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ ප්‍රාඥයාට දළ අරමුණෙහි නොපිහිටන හෙයින් දෙවැන්නද, මන්ද ප්‍රාඥ විදර්ශනායානිකයා හටද, අතිප්රභේද ගත නුවූ අරමුණු සහිත තෙවැන්නද, තීක්ෂණ ප්‍රාඥයාට ඉතා ප්රභේදගත අරමුණු සහිත සිව්වැන්නද, විශුද්ධි මාර්ගයයි මෙසේ අඩුවැඩි නුවූ සතරෙක්ම දේශිතය.
සුභසුඛනිච්චඅත්තවිපල්ලාසප්පහානත්ථං වා. කායො හි අසුභො, තත්ථ ච සුභවිපල්ලාසවිපල්ලත්ථා සත්තා. තෙසං තත්ථ අසුභභාවදස්සනෙන තස්ස විපල්ලාසස්ස පහානත්ථං පඨමං සතිපට්ඨානං වුත්තං. සුඛං නිච්චං අත්තාති ගහිතෙසුපි ච වෙදනාදීසු වෙදනා දුක්ඛා, චිත්තං අනිච්චං, ධම්මා අනත්තා, තෙසු ච සුඛනිච්චඅත්තවිපල්ලාසවිපල්ලත්ථා සත්තා. තෙසං තත්ථ දුක්ඛාදිභාවදස්සනෙන තෙසං විපල්ලාසානං පහානත්ථං සෙසානි තීණි වුත්තානීති එවං සුභසුඛනිච්චඅත්තවිපල්ලාසප්පහානත්ථං වා චත්තාරොව වුත්තා. න කෙවලඤ්ච විපල්ලාසප්පහානත්ථමෙව, චතුරොඝයොගාසවගන්ථඋපාදානඅගතිප්පහානත්ථම්පි චතුබ්බිධාහාරපරිඤ්ඤත්ථම්පි චත්තාරොව වුත්තාති වෙදිතබ්බං.
සුභ, සුව, නිත්‍ය, ආත්ම විපර්යාස ප්රහාණය සඳහා හෝ වේ. කය වනාහි අශුභයි. සත්ත්වයෝ එහි ශුභයයි විපර්යාස ග්රහණයෙන් විපර්යාසයට පත්වූවාහු වෙති. ඔවුන්ට එහි අශුභභාවය දැකීමෙන් එම විපර්යාසයෙහි ප්රහාණය සඳහා ප්‍රථම සතිපට්ඨානය යූ.සේයි. සැපය, නිත්‍යය, ආත්මයැයි ගත් වේදනාවන්හි වේදනාව දුක්ය. සිත අනිත්‍යයි ධර්ම අනාත්මය. සත්ත්වයෝ ඒවාහිද සුව, නිත්‍ය, ආත්ම විපර්යාස ග්රහණයෙන් විපර්යාසයට පත්වූවාහු වෙති. ඔවුන්ට එහි දුක් ආදි භාවය දැකීමෙන් එම විපර්යාසයන්ගේ ප්රහාණය සඳහා සෙසු ත්‍රයය යූ.සේයි. මෙසේ ශුභ, සුව, නිත්‍ය, ආත්ම විපර්යාස ප්රහාණය සඳහා හෝ සතරෙක්ම යූ.සේයි. හුදෙක් විපර්යාස ප්රහාණය සඳහාම නොවේ. සිව් ඕඝ, යෝග, ආශ්‍රව, ග්රන්ථ, උපාදාන, අගති ප්රහාණය සඳහාද, සිව්ආකාර ආහාර පරිඥාව සඳහාද සතරෙක්ම යූ.සේයි.
(ක) සුත්තන්තනිද්දෙසෙ පථවීකායන්ති ඉමස්මිං රූපකායෙ පථවීධාතු. සකලසරීරෙ පන පථවීධාතූනං බහුකත්තා සබ්බපථවීධාතුසඞ්ගහත්ථං සමූහත්ථෙන කායග්ගහණං කතං. ආපොකායාදීසුපි එසෙව නයො. කෙසකායාදීනම්පි බහුකත්තා කෙසකායාදිගහණං කතං. වක්කාදීනි පන පරිච්ඡින්නත්තා කායග්ගහණං නාරහන්තීති තෙසං ගහණං න කතන්ති වෙදිතබ්බං.
සූත්‍රාන්ත නිර්දේශයෙහි, පඨවි කායං යනු මෙම රූප කයෙහි පෘථුවි ධාතුවයි. මුළු සිරුරෙහි පෘථුවි ධාතූන්ගේ බොහෝ බැවින් සියලු පෘථුවි ධාතුව සංග්‍රහය සඳහා සමූහාර්ථයෙන් කාය ග්‍රහණය කරන ලදි. ආපො කායාදීන්හිද එම ක්‍රමයමැයි. කෙසකායාදීනම්පි කේශ කායාදීන්ගේ බොහෝ බැවින් කේශකායාදී ග්‍රහණය කරන ලදි. වක්කාදීනි වකුගඩු ආදිය පිරිසිඳන ලද හෙයින් කාය ග්‍රහණයට නුසුදුසු වෙත්නුයි ඒවායි ග්‍රහණය නොකරන ලදැයි දතයුතුය.
(ඛ) සුඛං වෙදනන්තිආදීසු සුඛං වෙදනන්ති කායිකං වා චෙතසිකං වා සුඛං වෙදනං. තථා දුක්ඛං වෙදනං. අදුක්ඛමසුඛං වෙදනන්ති පන චෙතසිකමෙව උපෙක්ඛාවෙදනං. සාමිසං සුඛං වෙදනන්ති ඡ ගෙහසිතසොමනස්සවෙදනා. නිරාමිසං සුඛං වෙදනන්ති ඡ නෙක්ඛම්මසිතසොමනස්සවෙදනා . සාමිසං දුක්ඛං වෙදනන්ති ඡ ගෙහසිතදොමනස්සවෙදනා. නිරාමිසං දුක්ඛං වෙදනන්ති ඡ නෙක්ඛම්මසිතදොමනස්සවෙදනා. සාමිසං අදුක්ඛමසුඛං වෙදනන්ති ඡ ගෙහසිතඋපෙක්ඛාවෙදනා. නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනන්ති ඡ නෙක්ඛම්මසිතඋපෙක්ඛාවෙදනා.
සුඛං වෙදනං යනාදීන්හි සුඛ වෙදනං යනු කායික හෝ චෛතසික සුව වේදනාව, එසේම දුක්ඛ වෙදනං, අදුක්ඛමසුඛං වෙදනං යනු චෛතසික වූම උපෙක්ෂා වේදනාවයි. සාමිසං සුඛ වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ සොම්නස් වේදනාව, නිරාමිසං සුඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්‍රම්‍ය සම්බන්ධ සොම්නස් වේදනාව, සාමිසං දුක්ඛං වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ දොම්නස් වේදනාව, නිරාමිසං දුක්ඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්‍රම්‍ය සම්බන්ධ දොම්නස් වේදනාව, සාමිසං අදුක්ඛම සුඛං වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ උපේක්ෂා වේදනාව. නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්‍රම්‍ය සම්බන්ධ උපේක්ෂා වේදනාව,
(ග) සරාගං චිත්තන්තිආදීනි ඤාණකථායං වුත්තත්ථානි.
සරාගං චිත්තං යනාදිය ඤාණ කථායෙහි කියන ලද අර්ථමය.
(ඝ) තදවසෙසෙ ධම්මෙති තෙහි කායවෙදනාචිත්තෙහි අවසෙසෙ තෙභූමකධම්මෙ. සබ්බත්ථ තෙන ඤාණෙනාති තෙන සත්තවිධෙන අනුපස්සනාඤාණෙන. යානි පනෙත්ථ අන්තරන්තරා අවුත්තත්ථානි, තානි හෙට්ඨා තත්ථ තත්ථ වුත්තත්ථානෙවාති.
අවසෙසෙ ධම්මෙ යනු එම කාය වේදනා චිත්තයන්ගෙන් අවශේෂ ත්‍රෛභූමික ධර්මයන්හි, හැමතන්හිම තෙන ඤාණෙන යනු එම සත්වැදෑරුම් අනුපස්සනා ඤාණයෙන්, මෙහි වනාහි යම්ආකාර අතරින් පතර නොකියන ලද අර්ථ වෙත්ද, ඒවා යට ඒ ඒ තන්හි කියන ලද අර්ථමය.
සතිපට්ඨානකථාවණ්ණනා නිට්ඨිතා.
සතිපට්ඨාන කථා වර්ණනා නිමි.