යෙදුමෙන් කියවන්න

සතිපට‍්ඨාන කථා

3. 8.

3. 8.

සතිපට‍්ඨාන කථා

සතිපට්ඨාන කථා

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

‘චත‍්තාරොමෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා, කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපි සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපි සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානාති”.

“මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ” යි.

කථං කායෙ කංයානුපස‍්සී විහරති: ඉධෙකච‍්චො පඨවීකායං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො, දුක‍්ඛතො අනුපස‍්සති නො සුඛතො, අනත‍්තතො අනුපස‍්සති නො අත‍්තතො, නිබ‍්බින්‍දති නො නන්‍දති, විරජ‍්ජති නො රජ‍්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස‍්සජ‍්ජති නො ආදියති. අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං පජහති, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං පජහති, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං පජහති, විරජ‍්ජන‍්තො රාගං පජහති, නිරොධෙන‍්තො සමුදයං පජහති, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි කායං අනුපස‍්සති. කායො උපට‍්ඨානං නො සති. සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති: කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානා.

කිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමූහය) අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිත්‍ය හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ යැ, ආත්ම හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනියි, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛ සංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කෙරනුයේ සමුදය දුරු කෙරෙයි, හැරපියනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය පුනපුනා දක්නේ යි. කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය පුනපුනා දක්නේ යි. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, ආසෙවනනට‍්ඨෙන භාවනා.

භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනා විශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදනුකූලවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.

ඉධෙකච‍්චො -පෙ- තෙජොකායං -පෙ- වායොකායං -පෙ- කෙසකායං -පෙ- ලොමකායං -පෙ- ඡවිකායං -පෙ- චම‍්මකායං -පෙ- මංසකායං -පෙ- රුධිරකායං -පෙ- නාහාරුකායං -පෙ- අට‍්ඨිකායං -පෙ- අට‍්ඨිමිඤ‍්ජකායං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො, දුක‍්ඛතො අනුපස‍්සති නො සුඛතො, අනත‍්තතො අනුපස‍්සති නො අත‍්තතො, නිබ‍්බින්‍දති නො නන්‍දති, විරජ‍්ජති නො රජ‍්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස‍්සජ‍්ජති නො ආදියති. අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං පජහති, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං පජහති, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං පජහති, විරජ‍්ජන‍්තො රාගං පජහති, නිරොධෙන‍්තො සමුදයං පජහති, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි කායං අනුපස‍්සති. කායො උපට‍්ඨානං නො සති. උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති: කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානා.

මෙසස්නෙහි ඇතැමෙක් ආපෝකාය ... තේජෝකාය ... වායෝකාය ... කේසකාය ... ලෝමකාය ... ඡවිකාය ... චම්මකාය ... මංසකාය ... රුධිරකාය ... නහාරුකාය ... අට්ඨිකාය ... අට්ඨිමිඤ්ජකාය ... අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි, කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය අනුදර්‍ශනා කෙරේ. කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, අසෙවනට‍්ඨෙන භාවනා එවං කායෙ කායානුපස‍්සී විහරති.

භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා වැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් කයෙහි කායානුදර්ශී වැ වාසය කෙරේ.

කථං වෙදනාසු වෙදනානුපස‍්සී විහරති? ඉධෙකච‍්චො සුඛං වෙදනං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො -පෙ- පටිනිස‍්සජ‍්ජති නො ආදියති, අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති -පෙ- පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි වෙදනං අනුපස‍්සති. වෙදනා උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස‍්සති. තෙන වුච‍්චති: වෙදනාසු වෙදනානුපස‍්සනා සතිපට‍්ඨානා.

කිසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි ඇතැමෙක් සුඛවේදනාව අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ නිත්‍ය හෙයින් නො දක්නේ යැ ... හැරපියයි නොගනී, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා -පෙ- ආසෙවට‍්ඨෙන භාවනා -පෙ- ඉධෙකච‍්චො දුක‍්ඛං වෙදනං -පෙ- අදුක‍්ඛමසුඛං වෙදනං -පෙ- සාමිසං සුඛං වෙදනං -පෙ- නිරාමිසං සුඛං වෙදනං -පෙ- නිරාමිසං සුඛං වෙදනං -පෙ- සාමිසං දුක‍්ඛං වෙදනං -පෙ- නිරාමිසං දුක‍්ඛං වෙදනං -පෙ- සාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං -පෙ- නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- සොතසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- ඝානසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- කායසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- මනොසම‍්ඵස‍්සජං වෙදනං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො -පෙ- පටිනිස‍්සජ‍්ජති නො ආදියති. අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති -පෙ- පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි වෙදනං අනුපස‍්සති, වෙදනා උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන, තං වෙදනං අනුපස‍්සති. තෙන වුච‍්චති: වෙදනාසු වෙදනානුපස‍්සනා සතිපට‍්ඨානා.

භාවනා යනු: භාවනා සතරෙක: ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි ... මෙසස්නෙහි ඇතැමෙක් දුක් වේදනාව ... නො දුක් නොසුව වේදනාව ... සාමිෂ වූ සුඛවේදනාව ... නිරාමිෂ වූ සුඛවේදනාව ... සාමිෂ වූ දුඃඛ වේදනාව ... නිරාමිෂ වූ දුඃඛ වේදනාව ... සාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... නිරාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ජීව්හාසම්පස්සයෙන් උපන් වේදනාව .... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව .... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... හැරපියයි නො ගනී. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා -පෙ- එවං වෙදනාසු වෙදනානුපස‍්සී විහරති.

භාවනා යනු: භාවනා සතරෙක ... මෙසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ.

කථං චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති: ඉධෙකච‍්චො සරාගං චිත‍්තං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො -පෙ- පටිනිස‍්සජ‍්ජති නො ආදියති. අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති -පෙ- පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි චිත‍්තං අනුපස‍්සති. චිත‍්තං උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං චිත‍්තං අනුපස‍්සති. තෙන වුච‍්චති: චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා සතිපට‍්ඨානා.

කිසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි අතැමෙක් සරාග සිත අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... පටිනිස්සජනය කෙරෙයි ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් චිත්තය අනුදර්‍ශනා කෙරේ. චිත්තය උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා: -පෙ- අසෙවනට‍්ඨෙන භාවනා

භාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.

ඉධෙකච‍්චො වීතරාගං චිත‍්තං -පෙ- සදොසං චිත‍්තං -පෙ- වීතදොසං චිත‍්තං -පෙ- සමොහං චිත‍්තං -පෙ- වීතමොහං චිත‍්තං -පෙ- සඞ‍්ඛිත‍්තං චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං චිත‍්තං -පෙ- මහග‍්ගතං චිත‍්තං -පෙ- අමහග‍්ගතං චිත‍්තං -පෙ- සඋත‍්තරං චිත‍්තං -පෙ- අනුත‍්තරං චිත‍්තං -පෙ- සමාහිතං චිත‍්තං -පෙ- අසමාහිතං චිත‍්තං -පෙ- විමුත‍්තං චිත‍්තං -පෙ- අවිමුත‍්තං චිත‍්තං -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො -පෙ- පටිනිස‍්සජ‍්ජති නො ආදියති. අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති -පෙ- පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි චිත‍්තං අනුපස‍්සති. චිත‍්තං උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං චිත‍්තං අනුපස‍්සති. තෙන වුච‍්චති: චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා සතිපට‍්ඨානා.

මෙසස්නෙහි ඇතැමෙක් වීතරාග සිත ... සදෝස සිත ... වීතදෝස සිත ... සමෝහ සිත ... වීතමෝහ සිත ... සංක්‍ෂිප්ත සිත ... වික්‍ෂිප්ත සිත ... මහද්ගත සිත ... මහද්ගත නොවූ සිත ... සඋත්තර සිත ... අනුත්තර සිත ... සමාහිත සිත ... අසමහාහිත සිත ... විමුක්ත සිත ... අවිමුක්ත සිත ... චක්‍ෂුර්විඥානය ... ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජීව්හාවිඥානය ... කායවිඥානය ... මනෝවිඥානය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි ... පටිනිස්සජනය කෙරෙයි, ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් සිත අනුදර්‍ශනා කෙරේ. සිත උපස්ථාන වෙයි. ස්මාති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා -පෙ- අසෙවනට‍්ඨෙන භාවනා. එවං චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති.

භාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ.

කථං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති: ඉධෙකච‍්චො ඨපෙත්‍වා කායං ඨපෙත්‍වා වෙදනං, ඨපෙත්‍වා චිත‍්තං තදවසෙසෙ ධම‍්මෙ අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො, දුක‍්ඛතො අනුපස‍්සති, නො සුඛතො, අනත‍්තතො අනුපස‍්සති, නො අත‍්තතො, නිබ‍්බින්‍දති නො නන්‍දති, විරජ‍්ජති නො රජ‍්ජති, නිරොධෙති සමුදෙති, පටිනිස‍්සජ‍්ජති නො ආදියති, අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං පජහති. අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං පජහති, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං පජහති, විරජ‍්ජන‍්තො රාගං පජහති, නිරොධෙන‍්තො සමුදයං පජහති, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති. ඉමෙහි සත‍්තහි ආකාරෙහි තෙ ධම‍්මෙ අනුපස‍්සති, ධම‍්මා උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං ධම‍්මෙ අනුපස‍්සති. තෙන වුච‍්චති: ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා සතිපට‍්ඨානා.

කිසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරෙ යි යත්: මෙ සස්නෙහි ඇතැමෙක් කය තබා වේදනාව සිත තබා තදවශිෂ්ට (ත්‍රෛභූමක) ධර්‍මයන් අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි. කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි, මේ සත් අයුරින් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. ධර්‍ම උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුප්සසනා සතිපට්ඨානා’යි.

භාවනාති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, අසෙවනට‍්ඨෙන භාවනා. එවං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරතීති.

භාවනා යනු: භාවනා සතරෙක: ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරේ.

සතිපට‍්ඨානකථා සමත‍්තා.

සතිපට්ඨාන කථා නිමි.