යෙදුමෙන් කියවන්න

සමසීසි කථා

3. 7.

3. 7.

සමසීසි කථා

සමසීසි කථා

සබ‍්බධම‍්මානං සම‍්මාසමුච‍්ඡෙදෙ නිරොධෙ ච අනුපට‍්ඨානතා පඤ‍්ඤා සමසීසට‍්ඨෙ ඤාණං.

සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි යළි නො ඉපදීමෙහි ද ප්‍රඥාව ශමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නමි.

සබ‍්බධම‍්මානන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා ද‍්වාදසායතනානි අට‍්ඨාරසධාතුයො කුසල ධම‍්මා අකුසලාධම‍්මා අව්‍යාකතා ධම‍්මා කාමාවචරා ධම‍්මා රූපාවචරා ධම‍්මා අරූපාවචරා ධම‍්මා අපරියාපන‍්නා ධම‍්මා.

සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතන යැ අටළොස් ධාතු යැ කුශලධර්‍ම යැ අකුශලධර්‍ම යැ අව්‍යාකෘත ධර්‍ම යැ කාමාවචරධර්‍ම යැ රූපාවචරධර්‍ම යැ අරූපාවචරධර්‍ම යැ අපර්‍ය්‍යාපන්නධර්‍ම යි.

සම‍්මාසමුච‍්ඡෙදෙති නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං සම‍්මා සමුච‍්ඡින්‍දති, අබ්‍යාපාදෙන බ්‍යාපාදං සම‍්මා සමුච‍්ඡින්‍දති, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං සම‍්මා සමුච‍්ඡින්‍දති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං සම‍්මා සමුච‍්ඡින්‍දති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං සම‍්මා සමුච‍්ඡින්‍දති, ඤාණෙන අවිජ‍්ජං සම‍්මා සමුච‍්ඡින්‍දති, පාමොජ‍්ජෙන අරතිං සම‍්මා සමුච‍්ඡින්‍දති, පඨමෙන ඣානෙන නීවරණෙ සම‍්මා සමුච‍්ඡින්‍දති -පෙ- අරත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ සම‍්මා සමුච‍්ඡින්‍දති.

සම්මාසමුච්ඡේද යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය මොනොවට සමුච්ඡේද (මුලුසුන්) කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය මොනොවට සමුච්ඡේද කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් මොනොවට සමුච්ඡේද කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට සමුච්ඡේද කෙරෙයි.

නිරොධෙති නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං නිරොධෙති, අබ්‍යාපාදෙන බ්‍යාපාදං නිරොධෙති, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං නිරොධෙති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං නිරොධෙති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං නිරොධෙති, ඤාණෙන අවිජ‍්ජං නිරොධෙති, පාමොජ‍්ජෙන අරතිං නිරොධෙති, පඨමෙන ඣානෙන නීවරණෙ නිරොධෙති -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ නිරොධෙති.

නිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය නිරුද්ධ කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට නිරුද්ධ කෙරේ.

අනුපට‍්ඨානතාති නෙක‍්ඛම‍්මං පටිලද‍්ධස‍්ස කාමච‍්ඡන්‍දො න උපට‍්ඨාති, අබ්‍යාපාදං පටිලද‍්ධස‍්ස බ්‍යාපාදො න උපට‍්ඨාති, ආලොකසඤ‍්ඤං පටිලද‍්ධස‍්ස ථිනමිද‍්ධං න උපට‍්ඨාති, අවික‍්ඛෙපං පටිලද‍්ධස‍්ස උද‍්ධච‍්චං න උපට‍්ඨාති, ධම‍්මවවත්‍ථානං පටිලද‍්ධස‍්ස විචිකිච‍්ඡං න උපට‍්ඨාති, ඤාණං පටිලද‍්ධස‍්ස අවිජ‍්ජා න උපට‍්ඨාති, පාමොජං පටිලද‍්ධස‍්ස අරති න උපට‍්ඨාති, පඨමං ඣානං පටිලද‍්ධස‍්ස නීවරණෙ න උපට‍්ඨන‍්ති -පෙ- අරහත‍්තමග‍්ගං පටිලද‍්ධස‍්ස සබ‍්බකිලෙසා න උපට‍්ඨන‍්ති.

අනුපට්ඨානතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලදුවහුට කාමච්ඡන්‍දය නූපදී (නො එළඹෙයි), අව්‍යාපාදය ලදුවහුට ව්‍යාපාදය නූපදී, ආලෝකසංඥා ලදුවහුට ථිනමිද්ධය නූපදී, අවික්‍ෂේපය ලදුවහුට ඖද්ධත්‍යය නූපදී, ධර්‍මනිශ්චය ලදුවහුට විචිකිත්සාව නූපදී, ඥානය ලදුවහුට අවිද්‍යාව නූපදී, ප්‍රාමෝද්‍යය ලදුවහුට අරතිය නූපදී, ප්‍රථමධ්‍යානය ලදුවහුට නීවරණයන් නූපදී ... රහත්මග ලදුවහුට හැම කෙලෙස්හු නූපදිත්.

සමන‍්ති කාමච‍්ඡන්‍දස‍්ස පහීනත‍්තා නෙක‍්ඛමං සමං, බ්‍යාපාදස‍්ස පහීනත‍්තා අබ්‍යාපාදො සමං, ථිනමිද‍්ධස‍්ස පහීනත‍්තා ආලොකසඤ‍්ඤා සමං, උද‍්ධච‍්චස‍්ස පහීනත‍්තා අවික‍්ඛෙපො සමං, විචිකිච‍්ඡාය පහීනත‍්තා ධම‍්මවවත්‍ථානං සමං, අවිජ‍්ජාය පහීනත‍්තා ඤාණං සමං, අරතියා පහීනත‍්තා පාමොජ‍්ජං සමං, නීවරණානං පහීනත‍්තා පඨමං ඣානං සමං -පෙ- සබ‍්බකිලෙසානං පහීනත‍්තා අරහත‍්තමග‍්ගො සමං.

සමං යනු: කාමච්ඡන්‍දය පුහුන් (ප්‍රහීණ) බැවින් නෛෂ්ක්‍රම්‍යය ශම යැ, ව්‍යාපාදය පුහුන් බැවින් අව්‍යාපාදය ශම යැ, ථිනමිද්ධය පුහුන් බැවින් අලෝකසංඥාව ශම යැ, ඖද්ධත්‍යය පුහුන් බැවින් අවික්‍ෂේපය ශම යැ, විචිකිත්සාව පුහුන් බැවින් ධර්‍මනිශ්චය ශම යැ, අවිද්‍යාව පුහුන් බැවින් ඥානය ශම යැ, අරතිය පුහුන් බැවින් ප්‍රාමෝද්‍යය ශම යැ, නීවරණයන් පුහුන් බැවින් ප්‍රථමධ්‍යානය ශම යැ ... හැම කෙලෙසුන් පුහුන් බැවින් රහත්මග ශම යි.

සීසන‍්ති තෙරස සීසානි: පළිබොධසීසඤ‍්ච තණ‍්හා, විනිබන්‍ධසීසඤ‍්ච මානො, පරාමාසසීසඤ‍්ච දිට‍්ඨි, වික‍්ඛෙපසීසඤ‍්ච උද‍්ධච‍්චං, සඞ‍්කිලෙසසීසඤ‍්ච අවිජ‍්ජා, අධිමොක‍්ඛසීසඤ‍්ච සද‍්ධා, පග‍්ගහසීසඤ‍්ච විරියං, උපට‍්ඨානසීසඤ‍්ච සති, අවික‍්ඛෙපසීසඤ‍්ච සමාධි, දස‍්සනසීසඤ‍්ච පඤ‍්ඤා, පවත‍්තසීසඤ‍්ච ජීවිතින්‍ද්‍රියං, ගොචරසීසඤ‍්ච විමොක‍්ඛො, සඞ‍්ඛාරසීසඤ‍්ච නිරොධොති.

සීසං යනු: තෙළෙස් ශීර්‍ෂයෝ යැ: තෘෂ්ණාව පරිරෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඖද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව සංක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතේන්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ යයි.

සමසීසිකථා සමත‍්තා.

සමසීසි කථා නිමි.