පාටිහාරිය කථා
3. 6.
3. 6.
පාටිහාරිය කථා
ප්‍රාතිහාර්‍ය්‍ය කථා
“තීණිමානි භික‍්ඛවෙ, පාටිහාරියානි; කතමානි තීණි: ඉද‍්ධිපාටිහාරියං ආදෙසනාපාටිහාරියං අනුසාසනීපාටිහාරියං.
මහණෙනි, මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙක් වෙති: කවර තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙකැ යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යැ යි.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාටිහාරියං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති, බහුධාපි හුත්‍වා එකො හොති, ආවීභාවං තිරොභාවං -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාටිහාරියං.
මහණෙනි, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරැ යත් : මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් අනේකප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාස වළඳ කෙරෙයි: (තෙමේ) එකලා වැ බහුප්‍රකාරයෙනුදු වෙයි, බහුප්‍රකාර වැ එකලා ද වෙයි. ආවිර්භාවයට තිරොභාවයට ... බඹලොව තෙක් මැ කයින් (තමන්) වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ආදෙසනාපාටිහාරියං: ඉධ භික‍්ඛවෙ එකච‍්චො නිමිත‍්තෙන ආදිසති: “එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්ත’න‍්ති. සො බහුං චෙව ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො න හෙව ඛො නිමිත‍්තෙන ආදිසති, අපි ච ඛො මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති: ‘එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්ත’න‍්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො න හෙව ඛො නිමිත‍්තෙන ආදිසති, නපි මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති, අපි ච ඛො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති: ‘එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්ත’න‍්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො න හෙව ඛො නිමිත‍්තෙන ආදිසති, නපි මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති: නපි විතක‍්කයතො, විචාරයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති, අපි ච ඛො අවිතක‍්කං අවිචාරං සමාධිං සමාපන‍්නස‍්ස චෙතසා චෙතො පරිච‍්ච පජානාති: ‘යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුකං නාම විතක‍්කං විතක‍්කයිසස‍්ති’ති සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ආදෙසනාපාටිහාරියං.
මහණෙනි, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නිමිතින් කියයි: ‘තා සිත (සොම්නස් දොම්නස් විසින්) මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් (මේ මේ දැය සිතමින් පවත්වන්නේත්) වේ’ යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, එතෙකුදුවත් මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා කියයි: “තාසිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරෙකින් නොවෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා නො ද කියයි, එතෙකුදුවත් විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා කියයි: “තා සිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි. අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හඬ අසා නො ද කියයි, විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා නො ද කියයි, එතෙකුදුවත් අවිතර්‍කඅවිචාරසමාධියට සමවන්හුගේ සිත (තම) සිතින් පිරිසිඳ දැනගනී, ‘මේ භවත්හුගේ චිත්තසංස්කාරයෝ යම්සෙයින් පිහිටියාහුද මෙසිතට අනතුරු වැ අසෝ නම් විතර්‍කය කරන්නේ යැ’ යි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ‘ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, අනුසාසනීපාටිහාරියං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො එවමනුසාසති: ‘එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ, එවං මනසිකරොථ, මා එවං මනසාකත්‍ථ. ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථා’ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අනුසාසනීපාටිහාරියං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි පාටිහාරියානි”a.
මහණෙනි, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැමෙක් මෙසේ අනුශාසනා කෙරෙයි: “මෙසේ තකවු, නහමක් මෙසේ තකවු, මෙසේ මෙනෙහි කරවු, නහමක් මෙසේ මෙනෙහි කරවු, මෙය දුරු කරවු, මෙයට පැමිණ වාස කරවු” යයි. මහණෙනි, මේ ‘අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මහණෙනි, මොහු තුන් ප්‍රාතිහාර්‍ය්‍යයෝ යි.
නෙක‍්ඛම‍්මං ඉජ‍්ඣතීති ඉද‍්ධි, කාමච‍්ඡන්‍දං පටිහරතීති පාටිහාරියං. යෙ තෙන නෙක‍්ඛම‍්මෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන නෙක‍්ඛම‍්මං ‘එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
නෛෂ්ක්‍රම්‍යය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ නෛෂ්ක්‍රම්‍යය වනාහි මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ නෛෂ්ක්‍රම්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’ යි අනුශාසනීයප්‍රාතිහාර්‍ය්‍ය යි.
අබ්‍යාපාදො ඉජ‍්ඣතීති ඉද‍්ධි, බ්‍යාපාදං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන අබ්‍යාපාදෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අබ්‍යාපාදො එවං ආසෙවිතබ‍්බො, එවං භාවෙතබ‍්බො, එවං බහුලීකාතබ‍්බො, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
අව්‍යාපාදය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ. ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ අව්‍යාපාදයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ අව්‍යාපාදය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවන කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අව්‍යපාදයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ආලොකසඤ‍්ඤා ඉජ‍්ඣතීති ඉද‍්ධි, ථිනමිද‍්ධං පටිහරතීති පාටිහාරියං, යෙ තාය ආලොකසඤ‍්ඤාය සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. සා ඛො පන ආලොකසඤ‍්ඤා එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ ථීනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ ආලෝකසංඥායෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැළඹුනු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ ආලෝකසංඥාව වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ. මෙසේ ඒ ආලෝකසංඥාවට අනුකකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
අවික‍්ඛෙපො ඉජ‍්ඣතීති ඉද‍්ධි, උද‍්ධච‍්චං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන අවික‍්ඛෙපෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අවික‍්ඛෙපො ‘එවං ආසෙවිතබ‍්බො, එවං භාවෙතබ‍්බො, එවං බහුලීකාතබ‍්බො, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
අවික්‍ෂේපය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ඖද්ධත්‍යය පිළිමල් වැ දුරැලා නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අවික්‍ෂෙපයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අවික්‍ෂේපය වැළිත් මෙසේ ආසේවන කළයුතුයැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අවික්‍ෂේපයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍ය යි.
ධම‍්මවවත්‍ථානං ඉජ‍්ඣතීති ඉද‍්ධි, විචිකිච‍්ඡං පටිහරතීති පාටිහාරියං. ‘යෙ තෙන ධම‍්මවවත්‍ථානෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පා’ති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන ධම‍්මවවත්‍ථානං ‘එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
ධර්‍මනිශ්චය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, විචිකිත්සාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ධර්‍මනිශ්චයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ධර්‍මනිශ්චය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ධර්‍මනිශ්චයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු නු’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ඤාණං ඉජ‍්ඣතීති ඉද‍්ධි, අවිජ‍්ජං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන ඤාණෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන ඤාණං එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
ඥානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. අවිද්‍යාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ඥානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ඥානය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ඥානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
පාමොජ‍්ජං ඉජ‍්ඣතීති ඉද‍්ධි, අරතිං පටිහරතීති පාටිහාරියං, ‘යෙ තෙන පාමොජ‍්ජෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පා’ති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන පාමොජ‍්ජං ‘එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
ප්‍රාමෝද්‍යය තෙමේ සිද්ධ වේනු’ යි ඍද්ධි යැ. අරතිය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රාමෝද්‍යය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළ යුතු යැ, මෙසේ ඒ ප්‍රාමෝද්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
පඨමං ඣානං ඉජ‍්ඣතීති ඉද‍්ධි, නීවරණෙ පටිහරතීති පාටිහාරියං, යෙ තෙන පඨමෙන ඣානෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන පඨමං ඣානං ‘එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බං, එවං බහුලීකාතබ‍්බං, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං -පෙ-
ප්‍රථමධ්‍යානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. නීවරණයන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රථමධ්‍යානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රථමධ්‍යානය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනාකලයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ප්‍රථමධ්‍යානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි …
අරහත‍්තමග‍්ගො ඉජ‍්ඣතීති ඉද‍්ධි, සබ‍්බකිලෙසෙ පටිහරතීති පාටිහාරියං ‘යෙ තෙන අරහත‍්තමග‍්ගෙන සමන‍්නාගතා, සබ‍්බෙ තෙ විසුද‍්ධචිත‍්තා අනාවිලසඞ‍්කප‍්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අරහත‍්තමග‍්ගො ‘එවං ආසෙවිතබ‍්බං, එවං භාවෙතබ‍්බො, එවං බහුලීකාතබ‍්බො, එවං තදනුධම‍්මතා සති උපට‍්ඨාපෙතබ‍්බා’ති අනුසාසනීපාටිහාරියං.
අර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අර්‍හන්මාර්‍ගයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අර්‍හන්මාර්‍ගය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනාකළයුතු යැ, මෙසේ ඒ අර්‍හන්මාර්‍ගයට අනුකූල වැ සිහි එළවා තැබිය යුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
නෙක‍්ඛම‍්මං ඉජ‍්ඣතී’ති ඉද‍්ධි, කාමච‍්ඡන්‍දං පටිහරතීති පාටිහාරියං, යා ච ඉද‍්ධි යඤ‍්ච පාටිහාරියං, ඉදං වුච‍්චති ඉද‍්ධිපාටිහාරියං. අබ්‍යාපාදො ඉජ‍්ඣතීති ඉද‍්ධි, බ්‍යාපාදං පටිහරතීති පාටිහාරියං, යා ච ඉද‍්ධි යඤ‍්ච පාටිහාරියං, ඉදං වුච‍්චති ඉද‍්ධිපාටිහාරියං. අලොකසඤ‍්ඤා ඉජ‍්ඣතීති ඉද‍්ධි, ථිනමිද‍්ධං පටිහරතීති පාටිහාරියං -පෙ- අරහත‍්තමග‍්ගො ඉජ‍්ඣතීති ඉද‍්ධි, සබ‍්බකිලෙසෙ පටිහරතීති පාටිහාරියං, යා ච ඉද‍්ධි යඤ‍්ච පාටිහාරියං, ඉදං වුච‍්චති ඉද‍්ධිපාටිහාරියන‍්ති.
නෛෂ්ක්‍රම්‍ය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ය යි කියනු ලැබේ. අව්‍යාපාද තෙමේ සිද්ධවේ නු’යි ඍද්ධි යැ, ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ථිනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ ... අර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යයි කියනු ලැබේ.
පාටිහාරිය කථා සමත‍්තා.
ප්‍රාතිහාර්‍ය්‍ය කථා නිමි.